WordPress WooCommerce Themes

ප්‍රජාතන්ත්‍රවාදී සමාජය සමාජයක නිදහස සහ සමානාත්මතාව වැදගත් වන අයුරු

ප්‍රජාතන්ත්‍රවාදී සමාජය සමාජයක නිදහස සහ සමානාත්මතාව වැදගත් වන්නේ මන්දැයි පැහැදිලි කරන්න.

අභිමතාර්ථ :

මෙම ප්‍රශ්නයෙන් අපේක්‍ෂා කරන්නේ අපේක්‍ෂකයා සතු (අ) නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ පවතින නිදහස හා සමානාත්මතාව පිළිබඳව දැනුම සහ (ආ) ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒවායේ පවතින වැදගත්කම පිළිබඳව අදහස් පළ කිරීම සඳහා අවශ්‍ය වන විශ්ලේෂණීය හා ඇගයීම් පිළිබඳ වන කුසලතාවයන් තක්සේරු කිරීමයි.

පිළිතුරේ අන්තර්ගතවිය යුතු විෂය කරුණු

  • නිදහස් සහ සමානත්වය අර්ථ දැක්වීම.
  • නිදහස සහ සමානත්වය මනුෂ්‍යයින්ට වැදගත් වන්නේ ඇයිදැයි පෙන්වා දීම.
  • සමානත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පුරවැසියන්ට නිදහස් සහ සමානත්වය සහතික කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පෙන්වා දීම සහ සාකච්ඡා කිරීම.

හැඳින්වීම :

නිදහස සහ සමානාත්මතාව ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණයේ පදනම් මූලධර්ම වන්නේ කෙසේ ද සහ එහි පුරවැසියන් අත්විඳින නිදහසේ සහ සමානාත්මතාවයේ මට්ටම අනුව සමාජයක පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකභාවය මැන බැලීමට ද හැකිය යන අදහස පිළිබඳව ඉතා කෙටි විස්තරයක් හැඳින්වීම තුළ සඳහන් කළ හැකිය.

තොරතුරු, විෂයකරුණු සහ සාකච්ඡාව :

  1. පුද්ගලයන්ට ඔවුන්ගේ පුද්ගලික නිදහස සහ සිතීමේ සහ ක්‍රියාකිරීමේ නිදහස ආරක්ෂා කරගන්නා අතර සාමකාමී ජීවිතයක් ගෙනයාමට නිදහස අත්‍යවශය වෙයි. නිදහස යනු බියෙන් තොරව සහ බාහිර බලපෑම් රහිතව, අන්‍යයින්ට හානි සිදු නොකර ජීවත්වීමට කෙනෙකුට ඇති අයිතියයි.
  2. ප්‍රජාතන්ත්‍රවාදී සාමාජයක පුද්ගල නිදහස යනු අසීමාන්තික වූවක් නොවෙයි. ඒ තුළ, නෛතික, සදාචාරමය සහ සමාජීය සීමාවන් ‌පවතී. අනෙකාට හිංසා කිරීමට නිදහස භාවිතා කළ  ‌නොහැකි සේම, අනෙක් අයගේ නිදහස අහිමිකරන අවනීතික ක්‍රියාකාරකම්වල හෝ ක්‍රියාමාර්ගවල යෙදීමට පුද්ගලයන්ට එමඟින් ඉඩ ලබා නොදෙයි.
  • ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවේ කාර්ය විය යුත්තේ එහි පුරවැසියන්ගේ නිදහස තහවුරු කිරීම හා ආරක්‍ෂා කිරීමයි. තම පුරවැසියන්ගේ නිදහස සහතික කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආණ්ඩු සතු ක්‍රියාමර්ග කිහිපයක් තිබේ.
  • අයිතිවාසිකම් පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.
  • ස්වාධීන අධිකරණය
  • නීතියේ පාලනය
  • ආර්ථික සාධාරණත්වය
  • මාධ්‍ය නිදහස
  1. සාමාජයේ සිටින සෑම පුද්ගලයකුම සමාන වන බවත්, එහෙයින් ඔවුන් සමාන අයිතීන්ට හිමිකම් කියන බවත් පිළිබඳ මූලධර්ම සමානාත්මතාව නම් වෙයි. අසමානතා නිසා මනුෂ්‍යයෝ වෙනස්කම්වලට පාත්‍ර වෙති. ඔවුන්ට අසාධාරණතා ඇති වෙයි. ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙළෙසෙයි.

 

  1. V සමාජයේ සමානාත්මතාවය සහතික කිරීම සඳහා පහත දැක්වෙන කොන්දේසි සැපිරිය යුතුව තිබේ.

 

  • අන්‍යයින්ට අවාසි ඇති කරමින්, පුද්ගලයින්ට විශේෂ සැළකිලි නොලැබිය යුතුය.
  • සියලු දෙනාටම සමාන අවස්ථාවන් හිමිවිය යුතුය.
  • සැමට සමාන අයිතිවාසිකම් තිබිය යුතුය.

 

  1. නිදහස සහ සමානාත්මතාව අතර පවතින සම්බන්ධය

 

  • ඒවා එකිනෙක ඌණ පූරණය කරයි. නිදහස යනු මූලික අයිතිවාසිකම් භුක්ති විඳිමින්, සෑම පුද්ගලයෙකුට බියෙන් තොරව ජීවත්වීමට ඇති අයිතියයි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති නිදහස සෑම පුරවැසියෙකුටම, ස්ත‍්‍රී පුරුෂ භාවය, සමාජ පන්තිය, කුලය, වත්කම හෝ තරාතිරම නොබලා, එක සමානව හිමිවිය යුතුය.
  • එහෙත් ආර්ථික සමානාත්මතාවය ඇති කිරීම මගින් ධනය හිමි පිරිසකගේ නිදහසට බලපෑමක් ඇතිකළ හැක. ධනවත් පුද්ගලයන් වැඩි ආදායම් බද්දකට ‌යටත් කොට දුප්පතුන්ගේ සුබසාධන වැඩසටහන් යොදා ගැනීම, නිදසුනකි. එහි අරමුණ, අසමානතා අවම කිරීමෙන් සමානත්වය තහවුරු කිරීමයි.
  • ප්‍රජාතන්ත්‍රවාදයට සමානාත්මතාව සහ නිදහස යන දෙකම අවශ්‍ය වෙයි. එකක් නොමැතිව අනෙක අර්ථ විරහිතය.

නිගමනය :

නිදහස සහ සමානාත්මතාව යන දෙකෙන්ම උත්සාහ ගැනෙන්නේ මනුෂ්‍යයින්ගේ සතුට සහ තෘප්තිය වළක්වා ඇති මූලික සාධක දෙකක් වන නොනිදහස සහ අසමානත්වය පිළිබඳ ගැලුවට ආමන්ත්‍රණය කිරීමයි. වහල්භාවය, පීඩනය, සූරාකෑම සහ දුගීබව නිසා, නොනිදහස සහ අසමානතා නිර්මාණය වේ. ප්‍රජාතන්ත්‍රවාදය අපේක්‍ෂා කරන්නේ එම ගැටලුව විසඳීමටය, එහෙත් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය තිබිය දී පවා, අසාධාරණ සමාජ සහ ආර්ථික තත්ත්වයන් තිබෙන විට, නිදහස සහ සමානත්වය සීමාවිය හැකිය. පරිපූර්ණ මානව නිදහසක් ඇතිවීම සඳහා ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් වැදගත් වන්නේ ඒ නිසාය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...