ජාතිය සහ ජනවාර්ගිකත්වය සමඟ රාජ්‍යය සතු සම්බන්ධතාව විස්තර කරන්න.
අභිමතාර්ථ :
මෙම ප්‍රශ්නය මඟින් අපේක්‍ෂා කරන්නේ විභාග අපේක්‍ෂකයින් සතු (අ) රාජ්‍යය, ජාතිය සහ ජන වාර්ගිකත්වය අතර පවතින අන්තර් සබඳතාව පිළිබඳ දැනුම සහ (ආ) දේශපාලන විද්‍යා සංකල්ප එම අන්තර් සබඳතාවය විස්තර කිරීමට ඇති හැකියාව ඇගයීම යි.
පිළිතුරේ අන්තර්ගත විය යුතු විෂය කරුණු
හැඳින්වීම :
හැඳින්වීමේ දී, ජාතිය සහ ජනවර්ගිකත්වය රාජ්‍යය සමඟ පවතින සබඳතාව පිළිබඳව සහ එය නූතන ජාතික රාජ්‍යය පිළිබඳව අධ්‍යනයේ දී ප්‍රධාන කලාපයක් නියෝජනය කරන බව දැක්විය හැකිය. මෙයට හේතුව නම්, ජාතීන් සහ වාර්ගික කණ්ඩායම් යනු මානව සමාජයන් හි වඩාත් මෑතකාලීන සංවර්ධනයන් වීමය.
තොරතුරු, විෂය කරුණු සහ සාකච්ඡාව :
නිගමන :
ඉහත විෂය කරුණු සහ තර්කවල කෙටි සාරාංශයක් ඉදිරිපත් කරමින් පහතසඳහන් නිරීක්‍ෂණය වැනි නිරීක්‍ෂණයන් ගොඩ නැගිය හැකිය: නූතන බහුවාර්ගික සමාජ වල විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර ජාතික ඒකත්වය ගොඩ නැගීම රාජ්‍යය සතු විශේෂ කාර්යභාරයකි. සන්ධීය ක්‍රමය, බලය විමධ්‍යගත කිරීම සහ පරිපාලනය විමධ්‍යගතකරණය ඒ සඳහා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විකල්ප වේ.
සටහන:
ශ්‍රී ලංකාව හෝ වෙනත් සමාජයන් තුළ රාජ්‍යය, ජාතිය, ජනවාර්ගිකත්වය සහ ජතිකත්වය සම්බන්ධයෙන් ඇති වී ඇති වර්තමාන සංවර්ධනයන් පිළිබඳව යම් අවබෝධයක් මෙම පිළිතුරෙන් අපේක්‍ෂා කෙරේ. උදාහරණ සහිතව එවැනි අවබෝධයක් ප්‍රදර්ශනය කරන අපේක්‍ෂකයන්ට අතිරේක ලකුණු ප්‍රදානය කළ හැකිය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.