WordPress WooCommerce Themes

දේශපාලන විද්‍යාව සමාජිය විද්‍යාවක්‌ වන්නේ මන්ද?

දේශපාලන විද්‍යාව සමාජිය විද්‍යාවක්‌ වන්නේ මන්දැයි පැහැදිලි කරන්න.

අභිමතාර්ථ- මෙම ප්‍රශ්නයේ අරමුණ වන්නේ අපේක්‍ෂකයා සතු දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳ දැනුම සහ දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක්‌ වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට ඇති හැකියාව ඇගයීම ය. පිළිතුරේ අන්තර්ගත වියයුතු විෂය කරුණු

  • දේශපාලනය සමාජ ක්‍රියාවලියක්‌ ලෙසට අර්ථ දක්වීම.
  • දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක්‌ ලෙසට පැහැදිලි කිරීම.

හැඳින්වීම-

  1. හැඳින්වීමේ දී, දේශපාලන විද්‍යාව යනු නූතන සමාජ විද්‍යාවන්‌ අතුරින්‌ එකක්‌ බවත්‌, එය සමාජ විද්‍යාවන්‌ අතුරින්‌ වඩාත්‌ පැරණිතම අධ්‍යයන විෂය වන බවත්‌, සහ එහි ඉතිහාසය සම්භාව්‍ය ග්‍රීක යුගය තෙක්‌ විහිදෙන බවත්‌ දක්විය හැකිය. කෙසේ නමුත්‌, දේශපාලන විද්‍යාව නූතන සමාජ විද්‍යාවක්‌ වශයෙන්‌ මතුවන්නේ දහනව වන (19) සියවසේ දෙවන භාගයේ දී ය.
  2. දේශපාලන විද්‍යාච අධ්‍යයනය කරන්නේ දේශපාලන බලයයි. දේශපාලන බලයේ ස්වභාවය නම්‌ එය සමාජය වෙතින්‌ පැන නගින දෙයක්‌ වීමයි. එයට හේතුව රාජ්‍යය නිර්මාණය කරනු ලබන්නේ සමාජය විසින්‌ වීමයි. එමෙන්ම පාලකයින්ට පාලනය කිරීමට අවශ්‍ය අධිකාර බලය ලබා දෙන්නේ සමාජය යි. පාලකයින්‌ බලයෙන්‌ ඉවත්‌ කරන්නේ ද සමාජය යි. මේ අනුව දේශපාලන විද්‍යාව යනු බලය සහ දේශපාලනය සමාජයට සම්බන්ධ කර අධ්‍යයනය කරන ශික්‍ෂණය යි.
  3. දේශපාලනය සමාජයේ කොටසක්‌ සේම සමාජය තුළ සිදුවන දෙයක්‌ ද වෙයි. එම නිසා සමස්තයක්‌ වශයෙන්‌ සමාජය පිළිබඳ අධ්‍යනයක්‌ ද වේ.
  4. එබැවින්‌ දේශපාලන විද්‍යාව අනෙකුත්‌ සියලූම සමාජිය විද්‍යාවන්‌ සමඟ ද ඉතාම සමීපව බැඳී තිබේ, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, භූගෝල විද්‍යාව, නීතිය, ප්‍රජා විද්‍යාව ආදී විෂයයන්‌ නිදසුන්‌ ය.
  5. සමාජීය විද්‍යාවන් අධ්‍යයන විෂයන් සමඟ පවතින ඉතා සමීප සබඳතාවය හේතුවෙන්, අනෙකුත් අධ්‍යයන විෂයයන්ට අයත් ප්‍රවේශයන්, න්‍යායන් සහ ක‍්‍රමවේද දේශපාලන විද්‍යාවට ද අවශ්‍ය වෙයි (මෙම කරුණ වඩාත් පැහැදිලීව දැක්වීමට උදාහරණ ගෙනහැර පෑම අවශ්‍ය වෙයි)
  6. එම නිසා, දේශපාලන විද්‍යාව බහු-විෂයීක ප්‍රවේශය භාවිතා කිරීම තුළින් පෝෂණය වී ඇත. (මෙම කරුණ උදාහරණ එකක් හෝ දෙකක් මඟින් විස්තර කළ යුතුය)
  7. දේශපාලන ආණ්ඩුවේ තීරණ ගැනීම සහ තීරණ ක්‍රියාත්මක කිරීමට පමණක් සීමා නොවේ. විවිධ සමාජ බලවේග, සමාජ ව්‍යාපාර, සහ සමාජ කණ්ඩායම් සමාජයේ දේශපාලන කටයුතුවලට සහභාගි වෙති. ඒ මගින් ආණ්ඩුවේ තීරණ සහ ක්‍රියාවන්ට බලපෑම් කරති. නිදසුන් නම් වෘත්තීය සමිති සිවිල් සමාජ සහ පුරවැසි කණ්ඩායම් සහ පරිසර ව්‍යාපාරයි.

නිගමනය :

සාකච්ඡාවේ ප්‍රධාන කරුණු පිළිබඳව සිදුකරන හොඳ සාරාංශයක් සහිතව අවසන් කරුණු වන සමකාලීන දේශපාලන විද්‍යාව යනු, පළල් සමාජීය විද්‍යා අධ්‍යයන විෂයන් අතුරින් එකක් ය යන කරුණ දක්වා තිබිය යුතුය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...