දේශපාලන විද්‍යාවේ ස්වභාවය භා විෂය ක්ෂේත්‍රය පිළිබඳ විග්‍රහ කරන්න.
ප්‍රශ්නයේ මූලික අපේක්ෂාව වන්නේ “විස්තර කරන්න” යනුය. එයින් හැඟවෙන්නේ අපේක්ෂකයාගේ දේශපාලන ප්‍රපංචය ගැන විස්තර දැක්වීමට ඇති හැකියාව මෑන බැලීමට හා දේශපාලන විද්‍යාව යටතේ හදාරන විෂය ගැන ඇති අවබෝධය මැන බැලීමයි. අපේක්ෂකයා ප්‍රශ්නයට උත්තර සැපයීමේ දී හැඳින්වීමක් ඉදිරිපත් කිරීමක් කළ හැකිය.
කෙසේ වුවත් පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයා ස්වකීයමය වූ විෂය මූලික තින්දුවක් හැදින්වීම සම්බන්ධයෙන් ගත යුතු අතර මේ ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වන්නේ විෂය සම්බන්ධයෙන් ඇති දැනුම මැන බැලීම බව දැනුවත් කරනු ලැබේ.
හැඳින්වීම- දේශපාලනය පිළිබඳ පොදුවේ එකඟ චූ නිර්චචනයක් නොමැත. එය රාජ්‍යයේ කටයුතු, ආණ්ඩු කිරීමේ කලාව, ගැටුම් නිරාකරණය, බල අරගලය යනාදියට සමාන්තරව අර්ථ දක්වා ඇත. කෙසේ වෙතත්, එම නිර්චචන තුළ මූලික වශයෙන් අවධාරණය කර ඇති කාරණා සහ ක්‍රියාවලි දක්නට ලැබේ. නිදසුනක් වශයෙන්, දේශපාලනය රාජ්‍යයේ කටයුතු ලෙස හෝ බල අරගල ලෙස අර්ථ දැක්වීම දේශපාලන ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීමක් චන අතර ඈතැම් නිර්චචන දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලිය අවධාරණය කරයි.
විද්‍යාත්මක අධ්‍යයනයක් යනු දේශපාලනය ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීමයි. මෙම සන්දර්භය තුළ විෂය ක්ෂේත්‍රය මගින්, එලෙස දේශපාලන විද්‍යාව විසින් විද්‍යාත්මකව අධ්‍යයනය කරන දේ සඳහන් කරයි. සමාජ ක්‍රියාකාරකම්වල සෑම ක්ෂේත්‍රයකම දේශපාලනය දක්නට ලැබෙන බැවින්, දේශපාලනය හදාරන්නෙකුට අධායනය කළ හැකි පුළුල් පරාසයක මාතෘකා තිබේ. දේශපාලන විද්‍යාව යනු මිනිසාගේ සමාජ ජීවිතය සමඟ නොවැළැක්විය හැකි ලෙස බැඳී ඇති දේශපාලන සංසිද්ධි අධ්‍යයනය කිරීම බව සාර්ථක පිළිතුරක් විසින් ඉස්මතු කරනු ලැබිය යුතුය. දේශපාලනය යන අදහස ගවේෂණය කරන විට එහි මූලික, අන්තර් සම්බන්ධිත අර්ථ දෙකක් ඇති බව අපට පෙනේ.
රාජ්‍යයට, ආණ්ඩුවේ පරිපාලනයට සහ ආණ්ඩුකරණයට අදාළ ක්‍රියාකාරකම් සඳහන් කරන සංකල්පයක් ලෙස, සහ සෘජුවම රාජ්‍ය පරිමන්ඩලයෙන් පිටත පුරවැසියන් අතර ක්‍රියාත්මක සමාජ භාවිතයක් ලෙස, යනු වශයෙනි.
අන්නර්ගතය- දේශපාලන විද්‍යාවේ ස්වභාවය. – සරල අර්ථයකින් දේශපාලන චිද්‍යාව යනු අපගේ සමාජ ජීවිතයේ ප්‍රධාන මානයක් වන දේශපාලනය අධ්‍යයනය කරන ශාස්ත්‍රීය ශික්ෂණය ලෙස අර්ථ දැක්වේ.
දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයට දිගු ඉතිහාසයක් ඇත. දේශපාලනය ක්‍රමානුකූලව හැදෑරීමේ පැරණිතම ශාස්ත්‍රීය සම්ප්‍රදාය කීර්තිමත් ග්‍රීක දාර්ශනිකයන් චන ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් විසින් ආරම්භ කර වර්ධනය කරන ලඳී. වර්තමානයේ පාසල්වල සහ විශ්වවිද්‍යාලවල දෙශපාලන විද්‍යාව විෂයයක් ලෙස ඉගැන්වීම මෙම සම්භාව්‍ය සම්ප්‍රදායේ අඛණ්ඩ පෑචැත්මයි.
දේශපාලන විද්‍යාවේ දේශපාලනය හැදෑරීම යන්න තුළ අර්ථ කිහිපයක් ඇත. දේශපාලනය සහ එහි විවිධ පැතිකඩ අධ්‍යයනය කිරීම, විශ්ලේෂණය කිරීම සහ පර්යේෂණ පැවැත්වීම, පවතින දේශපාලන න්‍යායන් විවේචනය කිරීම, නව න්‍යායන් සහ සංකල්ප ගොඩනැගීම, පවතින රාජ්‍ය ප්‍රතිපත්ති විචේචනය තිරීම සහ විකල්ප යෝජනා කිරීම සහ පුරවැසියන් මෙන්ම දේශපාලනයේ නියැලෙන්නන් පුහුණු කිරීම සඳහා කුසලතා ඉගෙනීම ඇතුළත් වේ. අදටත් පාසල්වල සහ විශ්වවිද්‍යාලවල දේශපාලන විද්‍යාව ඉගැන්වීමේ න්‍යාය පත්‍රය තුළ ඇත්තේ මෙම අරමුණුය.
දේශපාලන විද්‍යාවේ ස්වභාවය අවබෝධ කර ගැනීමේදී අපට මතක තබා ගත යුතු ප්‍රයෝජනවත් මූලික කරුණු කිහිපයක් තිබේ.
දේශපාලන විද්‍යාව පැරණිතම ශාස්ත්‍රීය විෂයයන්ගෙන් එකකි. ක්‍රි.පූ. 2 – 4 වැනි සියවස්වල පමණ සම්භාව්‍ය ග්‍රීසියේ දර්ශනවාදය, ගණිතය, තර්කය, ආචාර විද්‍යාව සහ සෞන්දර්යවේදය සමඟ දේශපාලන විද්‍යාව පරිණාමය විය.
දේශපාලන විද්‍යාවේ ස්වභාවය, විෂය පථය, අන්තර්ගතය, ක්‍රම, න්‍යායන්, සංකල්ප සහ ප්‍රවේශයන් සියවස් ගණනාවක් තිස්සේ චර්ධනය සහ පරිනාමය වී ඇත. දේශපාලන විද්‍යාවේ ප්‍රවේශයන්, න්‍යායන් සහ සංකල්ප චිචිධ මෙන්ම බහුවිධ වේ. ඒවා විවිධ සම්ප්‍රදායයන් මෙන්ම ගුරුකුල ලෙස ද හඳුනාගෙන ඇත. මෙම විවිධත්වය සහ බහුවිධ බව දේශපාලනය පිළිබඳ අධ්‍යයනය සිත්ගන්නාසුළු හා උද්වේගකර වුවක් බවට පත් කරයි.
විෂය ක්ෂේත්‍රය තුළ අවධානයට ලක් කෙරෙන මාතෘකා
විවිධ පාඨග්‍රන්ත විෂය ක්‍ෂේත්‍රය විවිධාකාරයට විග්‍රහ කර තිබීම ගැන පරීක්ෂකවරුන්ගේ අවධානයට යොමු කරනු ලැබේ. අපේෂකයා අධ්‍යයනයේ විෂය ක්ෂේත්‍රය ගැන ප්‍රමාණවත් අවබෝධයක් විදහා පාන්නේ නම් සම්පූර්ණ ලකුණු ප්‍රදානය කළ යුතුය.
නිගමනය
අපේක්ෂකයා තාර්කිකව දේශපාලන විද්‍යාව ගතික ස්වභාවය ගැන අවබෝධය විෂද කරමින් හා දේශපාලන විද්‍යාව යටතේ හදාරන විවිධ කේෂ්ත්‍ර ගැන අවබෝධය පළ කරනනේ නම් ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලබා දෙන ලෙස යොජනා කරනු ලැබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.