ලංකාවේ වැව් නාමාවලිය

අක්කරගම් කුලම්-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. යාපනය දිස්ත්‍රික්කයේ පිහිට් මේ වැවෙන් කුඹුරු අක්කර 3000කට දියවර සැපයේ.
අක්වඩුන්න වැව-අනුරාධපුර යුගයේ දී වසභ රජු විසින් කරවූ මේ වැව හබරණ ආසන්නයේ පිහිටා ඇත.
අකඩ විය-සෙල්ලිපියක එන නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න-
අකතිමුරුප්පු වැව-අනුරාධපුර යුගයේ දී ධාතුසේන රජු විසින් කරවූයේ යැයි සැලකෙන වැවකි. ආකට්ටිමුරුප්පු වැව සේ ද හැඳින්වෙන මෙය මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කුඹුරු අක්කර 4543කට දියවර සපයයි.
අච අවි-(සෙල්ලිපියක එන) වැවක නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න-
අටීර වැව-(සෙල්ලිපියක එන) වැවක නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න-
අඩප්පන් කුලම්-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. වව්නියා දිස්ත්‍රික්කයේ වැවකි.
අත්තරගල්ල වැව-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මේ වැවෙන් කුඹුරු අක්කර 993ක් අස්වද්දනු ලැබේ.
අතට වවිය-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. සෙල්ලිපියක එන නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න-
අති වවිය-(සෙල්ලිපියක එන) වැවක නමකි. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න.
අන්දම් කුලම්-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වැවකි.
අන්දෙ වැව-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වැවකි.
අනඔලන්ද කුලම්-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වැවකි.
අනාඋළුන්දාව-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.මේ වැව පිළිබඳ වැඩි විස්තරයක් සපයා ගැනීමට අපහසු විය.
අනෙයිසුඩ්ඩකඩ්ඩුක්කුලම්-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වැවකි.
අප්පගම වැව-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය.ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වැවකි.
අබගමක වවි-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. සෙල්ලිපියක එන නමකි. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න.
අබදලක වවි-ඉදි කළේ කවරෙකු විසින් කවර කලක ද යන්න අපහැදිලිය. සෙල්ලිපියක එන නමකි සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න.
අබය අවික-සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැකග සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න-
අබය අවික විය-සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැක. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න.
අබය වවි-සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැක. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න.#
අබය විකි විය-සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැක. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න#
අබ විය-සෙල්ලිපියක එන නමකි. අභය වැව වියහැක. සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න#
අභය වැව-ක්‍රි.පූ.4 වන සියවසේ දී පණ්ඩුකාභය රජු විසින් කරවූ වැවකි. අනුරාධපුර නගරාශ්‍රිතව අති මෙය බය වෑල බසවක්කුලම ඈ නම් වලින් ද හඳුන්වයි. විශාලත්වය අක්කර 205ක් පමණ වේ. ලංකාවේ මුල්ම යුගයට අයත් වැවකි. මහින්දාගමනයට පෙර තැනූවක් බව පෙනෙන්නේ, ථූපාරාමය මුල්වරට ඉදිකළේ අභය වැවේ මැටි වලින් බව වංසකතා වල සඳහන් වන නිසා ය. එ සමයෙහි අබා වැව සිඳී ගියේ ය. වැව මුළුල්ලෙහි වළල් පැලී ගියේ ය. රජ්ජුරුවෝ බොහෝ දෙනා ලවා වළල් කැට ගෙන්වාගෙන ඇත් කුඹ විචරට ගොඩ කොට... ථූපවංසය. කරුණාතිලක සංස්කරණය-104-105 පිටු.
අම්බලන්කොයිල් කුලම්-ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වැවකි.
අම්බුවිල්ලු කුලම්-ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වැවකි.
අම්පල් කුලම්-වව්නියා දිස්ත්‍රික්කයේ වැවකි.
අම්මාල්කුලම්-අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි වැවකි.
අමරගලක වවි-සෙල්ලිපියක එන නමකි (සෙල්ලිපි වදන් අකාරාදිය බලන්න)#
අමරිවායල් කුලම්-ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වැවකි.