ලෝකයේ බොහෝ කලක් පැවති ශිෂ්ටාචාර පැවතිය ද සදාකාලිකව පැවති ශිෂ්ටාචාර හමු නොවේ. යම් කළෙක දී සියල්ල අවනතියට ද, විනාශ භාවයට ද පත් වේ. මෙසපොතේමියාව පැවතියේ වර්ෂ 2900කි. හොවැංහෝ සහ නයිල් නිම්න ශිෂ්ටාචාර පැවතියේ වර්ෂ 2400 බැගිනි. ඉන්දු නිමින ශිෂ්ටාචාරය වර්ෂ 1000ක් පමණ පැවතුණි. ලංකාවේ රජරට ශිෂ්ටාචාරය පැවති කාලය වර්ෂ 1750ක් පමණ වේ.
රජරට ශිෂ්ටාචාරයේ ප්‍රධාන යුග දෙකක් තිබේ. අනුරාධපුරය පාලන මධ්‍යස්ථානය වූ යුගය අනුරාධපුර යුගය වශයෙන් ද පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය වූ යුගය පොළොන්නරු යුගය වශයෙන් ද හඳුන්වයි. මේ අතරින් අනුරාධපුර යුගය වර්ෂ 1500ක් පමණ කලක් පැවතුණි.රජවරුන් සියයකට ආසන්න පිරිසක් මේ යුගයේ ලංකාව පාලනය කර ඇත.
නමුත් විවිධ හේතු සාධක රැසක් එක්වීමෙන් අනුරාධපුර යුගයේ පරිහානිය සිදුවිය. ඕනැම රටක, ශිෂ්ටාචාරයක පරිහානියට අදාළ වන්නා වූ සාධක වර්ග දෙකක් හඳුනාගත හැක. අනුරාධපුර පරිහානියට ද එකී සාධක වර්ග දෙක අදාළ වේ.
01.අභ්‍යන්තර සාධක-
02.බාහිර සාධක-
මෝරිය හා ලම්බකර්ණ වංශ අතර බල අරගල ඇතිවන්නේ අනුරාධපුර යුගයේ මුල දී වුව ද, මුල් කාලයේ ඒවා වඩාත් ප්‍රබල ලෙස බාහිරට විවෘත වූ වග නොපෙනෙයි. නමුත් පසුකාලයේ මේ වංශ අතර පැවති අරගල නිසා සාමාන්‍ය සමාජය හා භික්ෂු සමාජය ද භේදභින්න විය. රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ නිළධාරීන් පවා මේ ආකාරයට භේදභින්න විය. මේ තත්ත්වය වර්තමානයේ මෙන් අතීතයේ ද සිදු නොවිනැයි සිතිය නොහැක. මන්ද වර්තමානය ගොඩනැගී ඇත්තේ අතීතය මත වීම නිසා ය. ඇතැම් රජවරුන් බලයට පත්වූ විගස තමාට හිතෛශීවන්ත නිළධාරීන් රාජ්‍ය තන්ත්‍රයට පත්කරගැනීම එකල ද සිදු වී ඇත. ධාතුසේන රජු බලයට ආ විගස කළේ සයද්‍රවිඩ පාලන සමයේ සිටි සිංහල නිළධාරීන් නෙරපා දැමීම හා මරාදැමීම යි. රාජවංශ අතර බල අරගලයේ ද මේ තත්ත්වය ම නොපැවතිනැයි සිතිය නොහැක. මේ බල අරගල නිසා ලංකාව බාහිර උවදුරු වලට මුහුණ දීමට සූදානම් නොවී අභ්‍යන්තර අරගල වලට මුහුණ දීමට පමණක් සූදානම් වේ. අනෙක් කරුණ නම් අරගල අතරතුරු රාජ්‍යාරක්ෂාව, ආර්ථික සංවර්ධනය වැනි අත්‍යවශ්‍ය කරුණු මගහැරීමයි. ලංකාවට විදේශාක්‍රමණ එල්ල වූයේ එවන් අභ්‍යන්තර අරගල පැවති, දුර්වල කළමනාකරණයක් පැවති කාලවකවානු වලදීය. මෙකී වංශ දෙකට ම ලංකාවේ රජවීමටත් පාලනය කිරීමටත් හැකියාව ලැබුණි නම් ඔවුන් සතුව සැලකිය යුතු පිරිස් බලයක් තිබිය යුතු වේ. වංශ වශයෙන් හුදෙකලාව පාලනය කිරීමට තරම් ශක්තියක් තිබූයේ නම් ඔවුන් එක්වූවා නම්, එකිනෙකාට උපකර කළා නම් ලංකාවට එල්ල වූ විදෙස් ආක්‍රමණ කිහිපයක් ම වළක්වාගන්නට ඉඩ තිබුණි. මන්ද යත් ඒ දෙපිරිසට ම අවනත වූ රටවැසියන් පිරිසක් සිටි නිසාය. අනුරාධපුර පරිහානියට සෘජුවම බලපෑයේ අනුරාධපුර අග භාගයේ පැවති මෙම තත්ත්වය යි. සිවුවන උදය රජදවස ලංකාවට ආ පාණ්ඩ්‍ය රජුට උපකාර කිරීම පිළිබඳ රජු ප්‍රසාදයෙන් පසු වුව ද පාලක ක්ෂත්‍රිය පිරිස් ඊට තදින් ම විරුද්ධ වූ බව පෙනෙයි.
පස්වන සේන රජ දවස කාලිංග හා සිංහල ගැටුමක් ද ඇති වේ. සිවුවන උදය රජු සරණපාවාගත් කාලිංග බිසවගේ පරපුරේ පස්වන සේන රජු හා සිංහලයින් නියෝජනය කළ සේන ඇමතිවරයා අතර මේ ගැටුන නිර්මාණය විය. රජුට විරුද්ධව සේන සෙනවියා දඹදිවින් සේනා රැගෙන ආ බව සඳහන් වීමෙන් පෙනී යන්නේ ඉන්දියාව ලංකාවේ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ තොරතුරු දැනගත් බවයි. ලංකාවේ මධ්‍ය පාලන දුර්වල වග සොලීන් ද දැනගන්නට ඇත. මෙවැනි වංශ හා පරපුරු අතර ගැටුම් රටක් දුර්වල කිරීමට සමත් ය.
මධ්‍ය පාලනය යනු රජු යටතේ සෘජුව සිදුවන පාලනය යි. මෙය දුර්වල වීම වනාහි ව්‍යසන රැසකට මුලකි. අනුරාධපුර යුගයේ අවසන් භාගයේ දී මෙම තත්ත්වය උදා විය. සිව්වන උදය රජ දවස ලංකාවට පරන්තර රජු ආක්‍රමණයක් එල්ල කරන විටත් උදය රජුගේ සේනා සිටියේ ලංකාවේ අභ්‍යන්තර අරගලයක් විසඳමිනි. රජු සුරාපැනයට ඇබ්බැහි වී සිටි බව ද වංසකතා වල සඳහන් වේ. නමුත් ඊට ඉතා ආසන්න කාලයක බලයට එක සිව්වන මහින්ද රජු උවදුරු දුරු කර රට එක්සත් කර, මාණ්ඩලිකයන් මධ්‍යම රජයේ අවනත පිරිසක් බවට පත්කරගත් බව මහාවංසයේ සඳහන් ය. මෙය මණ්ඩල සිද්ධාන්තය නම් වේ. මහාවංසයේ මෙතුමා හඳුන්වන්නේ මහපින් ඇති, ‘‘මහසෙන් ඇති, මහ යසස් ඇති, මහ තෙද ඇති‘‘ රජෙකු ලෙසිනි. මෙතුමා කාලිංග කුමරියක විවාහ කරගත්තේ ය. මහාවංසයේ එය දක්වා ඇත්තේ ‘‘ මෙරට ක්ෂත්‍රි කුමරියන් සිටිය දී කාලිංග කුමරියක් ගෙන ආ බවයි. ඉන් අදහස් කරන්නේ ලංකාවේ ගැළපෙන කතුනි සිටිය ද රජු කාලිංගයෙන් මෙහෙසියක ගෙන ආ බවයි. රජු චෝළයින්ගෙන් එල්ල විය හැකි අභියෝගයකට දූරදර්ශීය සූදානම් වූ බව මෙයින් පෙනෙයි.මධ්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම එයින් ම පෙනී යයි. රජු රටේ විනය හා නීතිය පවත්වාගැනීම කෙරේ විශේෂ අවධානයක් යොමු කළ වග මිහින්තලේ හා වේවැල්කැටිය ශිලා ලේඛන වලින් ම පෙනෙයි. මේ කාලයේ චෝළයෝ ප්‍රබලව සිටිය ද, ලංකාවේ තිබූ පාණ්ඩ්‍ය රාජකකුධ භාණ්ඩ ලබාගැනීමේ අවශ්‍යතාව චෝළයින්ට තිබුණ ද ඔවුන් ලංකාව ආක්‍රමණය කළේ නැත. වල්ලභ ගේ ආක්‍රමණය මෙකල එල්ල වුව ද එ් ආක්‍රමණය නාගදීපයෙන් මොබට එන්නේ නැත. ඒ මධ්‍ය පාලනය ශක්තිමත් වූ නිසා ය. නමුත් ඉන්පසු රජවරු මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ වගක් නොපෙනෙයි. පස්වැනි සේන රජ දවස රජුගේ සෙනවියාගේ සොයුරා රජුගේ බිසව සමල අනුචිත සබඳතාවක් ඇතිකරගැනීම තුළ ම රජුගේ දුබලතාව පැහැදිලි වේ. එපමණක් නොව මේ සිදුවීමෙන් පසු රජුගේ සෙන්පතියා රජුට එරෙහිව දැවැන්ත හමුදාවක් රැගෙන ආයේ ය. සේන රජු තම සෙන්පතියාට බියේ රුහුණට පළාගියේ ය. ගැටළුව නිරාකරණය වන්නේ රජු සෙනවියා සමග සාමගිවිසුමකට එළඹීමෙන් පසු ය. මධ්‍යම රජය කෙතරම් දුර්වල ද යන්න එයින් තවදුරටත් තහවුරු වේ. පස්වන සේන රජුට පසු බලයට ආ පස්වන මිහිඳු රජු ද එසේ ම ය. සොහොයුරා සේ ම සුරා සොඬෙකු වූ මොහු සිය අංගාරක්ෂක කුලී හමුදාවට හෝ වැටුප් ගෙවාගනු නොහැකිව රුහුණේ ඉතා දීර්ඝ කාලයක් සැඟවී සිටියේ ය. ඒ කුලී හමුදා විසින් රජමැදුර වටලා රජු මරාදැමීමට උත්සාහ කළ නිසා ය. මේ තරමට ම මධ්‍ය පාලනය දුර්වල වීම යුගයක පරිහානියට අතවැනීමකි.
සිය සෙනවියාට බියෙන් පළා ගිය සුරා සොඬෙකු වූ සේන රජුගෙන් හෝ රුහුණේ සැඟව සිටි මිහිඳු රජුගෙන් හෝ රටේ ආර්ථික සංවර්ධනයක් වූයේ යැයි සිතීම උගහට ය. විටින් විට එල්ල වූ විදෙස් ආක්‍රමණ අවස්ථාවල ආක්‍රමණිකයින් රටේ සම්පත් කොල්ලකෑ නිසා ද රට ආර්ථික අතින් පිරිහී තිබූ අවදියක ආර්ථික සංවර්ධනය තබා තම අංගාරක්ෂකයින්ට හෝ වැටුප් ගෙවාගැනීමට නොහැකි වූ රජෙකුගෙන් රටට සේවයක් විනැයි සිතිය නොහැක. මේ නිසා මෙකළ නිසි කළමනාකරණයක් සහිතව වැව් අමුණු අලුත්වැඩියාව හෝ විදෙස් වෙළඳාම සංවර්ධනයකිරීමක් සිදුවී යැයි සිතීමට අපහසු ය.අනුරාධපුර අග භාගය වන විට නව වාරි ව්‍යාපෘති දියත්කිරීමේ තදබල අවශ්‍යතාවක් නොතිබෙන්නට ඇති නමුත් විදෙස් වෙළඳාම් ආදියෙන් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම අඛ+ණ්ඩව කළයුත්තකි. නමුත් මධ්‍ය පාලනය බිඳවැටුණු විට විදෙස් වෙළඳාම ද නිතැතින් ම බිඳවැටේ. පර්සියන්වරු ක්‍රිස්තුවර්ෂයෙන සත්වැනි සියවසේ දී ත් ලංකාව සමග මහා පරිමානයෙන් ගනුදෙනු කළ වග එම සියවසේ ලංකාවට වැඩමකළ වජ්‍රබුද්ධි නම් මහායානික භික්ෂූන් වහන්සේට අනුව පෙනී යයි. උන්වහන්සේ ලංකාවේ තොටුපලක දී පර්සියානු නෞකා 35ක් දුටු බවත්, ඔවුන් මැණික් රැගෙන යෑමට මෙරටට පැමිණ සිටි වගත් උන්වහන්සේ සඳහන් කර තිබේ. සත්‍ය වශයෙන් ම ඒ වන විටත් ලංකාව භාණ්ඩ නැව්ගතකරන හා ප්‍රතිනැව්ගත කරන මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රකටව තිබුණි.පර්සියානුන් නෞකා 35ක් රැගෙන පැමිණ තිබීම තුළ ඇත්තේ වෙළඳාමේ දියුණුවකටත් වඩා පර්සියානු ප්‍රෙද්ශ ආශ්‍රිතව සිටි මුස්ලිම්වරු මහාපරිමානයෙන් ලංකාවේ වෙළඳද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි බව හා ඔවුන් වෙළඳ ඒකාධිකරයක් ගොඩනගාගැනීමට උත්සාහ ගෙන ඇති බවකි. මෙලෙස එක් ජාතියක් මුල්කරගනිමින් විදෙස් වෙළඳාම පවත්වාගෙන යෑම අනතුරුදායක තත්ත්වයක් බවට අවබෝධ කරගැනීමට මෙරට පාලකයින්ට නොහැකි වූ නිසා එකී විදෙස් ජාතිය වැඩි ලාභය වෙනුවෙන් ලංකාව මගහැර යෑම ලංකාවේ රාජධානියක් පිරීහීමට පවා හේතුවක් විය.
රටක භාණ්ඩාගාරය පෝෂණය වන්නේ රටේ ආර්ථිකය සංවර්ධනය වූ තරමට ය. එසේ නොවුණු විට සිදුවන්නේ සමස්ත රාජ්‍යයම පරිහානියට පත්වීම යි. දිගින් දිගට සිදුවූ විදෙස් ආක්‍රමණ වලදී මෙරට වස්තුව කොල්ලකෑමට ආක්‍රමණිකයින් පෙළඹුණු නිසාත්, දෙවන සේන, සිව්වන මහින්ද වැනි රජවරුන් හැරුණු විට අනුරාධපුර අවසාන යුගයේ රටේ පාලකයින් බහුතරය දුර්වල පාලකයින් වූ නිසාත් රටේ සංවර්ධන කාර්යයන් ඇණහිට තිබූ වග පෙනෙයි. වංසකතා වල ද පසුකාලීන රජවරුන්ගේ ප්‍රමාණාත්මක ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ සඳහන් නොකරයි. පස්වන සේන හා පස්වන මහින්ද රජුවරුන්ට ආර්ථික සංවර්ධනය පසෙක ලා තම ආරක්ෂාව හෝ සලසාගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවී තිබූ නිසා එකල රාජ්‍ය ආදායම් පිළිබවය අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. මෙකී පරිහානිකර ආර්ථික තත්ත්වය යුගයක ඛේදජනක නිමාව සනිටුහන් කරනා වග සුපැහැදිලිය.
ආදායම් නැති රටක ආරක්ෂාව තහවුරු කරගැනීම ඉතා අපහසු කාර්යයකි. දේශීය හමුදාව දුර්වලව පැවති බව සිවුවන උදය රජදවස සිදුවීමෙන් ම පෙනී යයි. පාණඩ්‍ය රජුට උපකාර කිරීම පිළිබඳව ක්ෂත්‍රියයන් රජුට විරුද්ධ වූයේ මෙරට රාජ්‍ය ආරක්ෂක හමුදාව දුර්වල වූ නිසා විය යුතු ය.(වෙනත් හේතුවක් වුව ද විය හැක.) සේන සෙනවියා ගෙන ආ හමුදාවන්ට මුහුණ දීමට පස්වැනි සේන රජුට නොහැකි වීම තුළ ද ඇත්තේ රාජ්‍ය හමුදා දුර්වල බවයි.පස්වැනි මිහිඳු රජුට රාජ්‍ය හමුදාවක් තබා සිය අංගාරක්ෂක හමුදාව පවා නඩත්තු කර ගැවනීමට නොහැකි විය. මේ ආදී කරුණු අනුව බලන කල පෙනී යන්නේ අනුරාධපුර යුගයේ අග භාගය වන විට ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඉතා දුර්වල තත්ත්වයක තිබූ බවයි.
ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අන්තගාමී තත්ත්වයක පැවතුණි.ඔවුන් දිගින් දිගට ම චෝළයින් ප්‍රතික්ෂේප කරමින් හෝ ඔවුන් හා සබඳතා නොපවත්වමින් ඔවුන්ගේ සතුරු පාණ්ඩ්‍යයින් හා වැඩි දුර සබඳතා පවත්වන ලදී. මේ සබඳතා නිසා චෝළයින් ලංකාව පිළිබඳව යම් අමනාපයකින් පසු වූ වග පැහැදිලි ය. කේරල රාජ්‍යය සමග ද ලංකාවේ සබඳතා පැවතුනක් කේරළයෝ කිකලෙක වත් වඩාත් ප්‍රබල ලෙස නැගී සිටි රාජ්‍යක් නොවේ. නමුත් දකුණු ඉන්දීය ඉතිහාසය පිළිබඳ හොඳින් අවධානය යොමු කළහොත් පෙනී යන්නේ ඉතිහාසයේ වැඩිම කාලයක් ප්‍රබල තත්ත්වයේ සිටියේ පාණ්ඩ්‍යයින් හෝ කේරළයින් නොව චෝළයින් බවයි. ප්‍රබල හෝ දුබල තත්ත්ව නොබලා දකුණු ඉන්දීය රාජ්‍යයන් සමග සබඳතා වර්ධනය කරගන්නට ලාංකික රජවරුන් උත්සාහ කළේ වී නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. බුරුමය වැනි ඈත පෙරදිග රටවල් ද ග්‍රීසිය රෝමය වැනි අපරදිග රටවල් ද සමග ලංකාව පැවත්වූයේ වාණිජ සබඳතා ය. එකී රටවල් ලංකාවට යුධමය ආක්‍රමණ එල්ල කළේ ද නැත. ආක්‍රමණ එල්ල වූ තරමක් එල්ල වූයේ දකුණු ඉන්දියාවෙනි. අප හා යහපත් සබඳතා පැවත්වීම දකුණු ඉන්දීය රාජ්‍යයන්ට ද වැදගත් වන්නට ඉඩ තිබුණි. අනෙක් කරුණ නම් අප චෝළයින් සමග යහපත් සබඳතාවක් ගොඩනගාගත්තේ නම් පාණ්ඩ්‍යාදී අන්‍ය දකුණු ඉන්දීය රාජ්‍ය වල තර්ජන අපට එල්ල වන්නේ ද නැත. පාණ්ඩ්‍යයන් සමග ලාංකිකයින් පැවත්වූ සබඳතා වලින් වැඩි වාසි පාණ්ඩ්‍යයින් අත් කරගත් අතර ලංකාවට වැඩි වශයෙන් පාඩු සිදුවිය. මන්ද යත් ලාංකිකයින් පාණ්ඩ්‍ය ආධාර ඇතිව ලංකාවේ අභ්‍යන්තර ගැටළු විසඳා ගත්ත ද ඔවුන්ට මෙහිදී වඩාත් ප්‍රබල අභියෝග වලට මෙහිදී මුහුණ දුන්නේ නැත. නමුත් ලංකාවේ රජවරු පාණ්ඩ්‍යයින් වෙනුවෙන් යුධට වන් කල ඔවුන් මුහුණ දුන්නේ චෝළයින් වැනි ප්‍රබල හමුදාවන්ට ය. මේ නිසා ලංකා සෙබළුන්ට විශාල ජීවිත හානි ප්‍රමාණයත් සිදු විය. එපමණක් නොව චෝළයෝ ලංකාව සමග වෛරී රාජ්‍යයක් බවට ද පත්වූහ. අනුරාධපුර යුගය නිමවන ආකාරයේ දැවැන්ත ආක්‍රමණයකට ලංකාවට මුහුණ දෙන්නට සිදු වන්නේ මේ නිසා ය. මේ අනුව බලන කල ලංකාව තමන්ට වඩාත් වාසිදායක විදෙස් ප්‍රතිපත්තියකට අනුගත නොවීම නිසා
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.