ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය හා බිඳ වැටීම පිළිබඳ ව ඇති විවිධ මත

ලොව පැරණිතම ශිෂ්ටාචාරයක් ලෙසින් හඳුන්වා දිය හැකි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වනාහි වර්ග සැතපුම් විසි ලකAෂයක පමණ භූමියක් පුරා විහි දී පැවතුණු එකක් යැයි දැනට සොයාගෙන තිබේ. නමුත් මූලික වශයෙන් ම මෙම ශිෂ්ටාචාරය පිළිබඳ ශිෂ්ටාචාරය පිළිබඳ ව අධ්‍යනයට සාහිත්‍ය මූලාශ්‍රයන් හමු නොවන නිසා ගවේෂණ සඳහා පාදක කරගතහැකි වනුයේ මෙතෙක් කල් කළ කැනීම තුළින් හමුවන නටබුන් ම පමණි.එය ගැටළුවක් වුව ද පුරාවිද්‍යාඥයෝ මෙකී අභියෝගය ජයගනිමින් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ බොහෝ කරුණු මේ වන විටත් සොයාගෙන තිබේ.

මෙම ශිෂ්ටාචාරය ඇරඹුණු ආකාරය පිළිබඳ මේ වන විට විවිධ සොයාගැනීම් සිදුකර ඇත. දැනට බැලී ඇති සාධක මත පදනම් ව විද්වතුන් ඒ සම්බන්ධයෙන් මත කිහිපයක් ඵල කර තිබේ. බහුතර විද්වතුන්ගේ මතය වනුයේ ක්‍රි.පූ. 7000 දී පමණ ග්‍රාමීය ලක්ෂණවලින් ඇරඹී ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 3000 – 1200 පමණ වන විට උපරිම දියුණුවක් ලබා නාගරික ශිෂ්ටාචාරයක් බවට පත් ව ඇති බව යි. එසේ වුව ද ක්‍රි.පූ. 1650 දී පමණ පරිහානියට පත්වීම ඇරඹූ ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 1500 වන විට ඉන්දුනිම්න ප්‍රදේශයෙන් අතුරුදන් වී ගොස් ඇත.

ඉහතින් සඳහන් කළ ආකාරයට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය හා පරිහානිය පිළිබඳ අධ්‍යයනයට නටබුන් ම පමණක් පාදක කරගැනීමට සිදුවීම ගැටළුවකි. ඒ නිසා දැනට හමු වී ඇති සාධක වලින් එළඹීමට හැකි වන්නේ අනුමාන නිගමන කිහිපයකට මිස ස්ථීර නිගමනයකට නොවේ.තව ද මෙම නදීනිම්න ශිෂ්ටාචාරයට අයත් භූමියේ නටබුන් ඉන්දු නදියට ඉතා සමීපය පිහිටා තිබීම නිසා කැනීම්වලට ගංගා ජලයෙන් මහත් බාධා ඇති වීම වැළක්වීමට අසීරු ය. මේ  නිසා පුරා විද්‍යාඥයින්ට ශිෂ්ටාචාරයේ මුල් පැරණිතම යුග දක්වා අධ්‍යයනය කිරීමට අපහසු වී තිබේ. තව ද වත්මනයේ දී ද විවිධ දේශපාලනික අභියෝගද උද්ගත වී ඇත. ඒ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් භූමිය විවිධ රටවලට අයිති වී තිබීම යි. විශේෂයෙන් ම ඉන්දු පාකිස්ථාන දෙරට අතර දැනට පවත්නා දේශපාලනික අර්බුද ද මෙහි ලා තීරණාත්මක සාධක වශයෙන් ගැනීමට සිදු වේ. නමුත් එවන් තත්ත්වයක් පැවතිය ද විද්වතුන් දැනට ලැබී ඇති සාධක වලින් ශිෂ්ටචාරයේ ආරම්භය පිළිබඳ ප්‍රධාන වශයෙන් අදහස්, මතවාද තෙවදෑරුම් වේ. ඒවා,

  • ඉන්දියාවේ බිහි වූ ශිෂ්ටාචාරයක් හෙවත් ස්වදේශික ශිෂ්ටාචාරයකි.
  • ඉන්දියාවෙන් පිටත බිහි වූ හෙවත් විදේශ සම්භවයක් සහිත ශිෂ්ටාචාරයකි.
  • ස්වදේශීය හෝ විදේශීය කියා හඳුනා ගැනීමට අපහසු ශිෂ්ටාචාරයකි

ප්‍රභවය-

දේශීය ප්‍රභවය-

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දේශීය වශයෙන් ප්‍රභවය වූවක් බවට මත පළ කර බහුතරය ඉන්දීය උගතුන් වීම මෙහි ලා විශේෂ අවධානය යොමුකළ යුතු කරුණකි. එහි දී බහුතරයකට හේතු වී ඇත්තේ පුරාවිද්‍යාත්මක  සාධක වලටත් වඩා ජාතිකාභිමානය යි. නමුත් මෙය ඉතිහාසය විෂයය තුළ දී විද්‍යාත්මක නිගමනයකට එළඹීමේ ක්‍රමයක් නොවේ. ඒ නිසා පළමුකොට ම මෙහි ලා විදෙස් විද්වතෙකුගේ මතයක් සලකා බැලීම වටී. ග්ලීන් ඩැනියෙල් මහතා පවසනුයේ බටහිර ඉන්දියාවේ පැවැති ග්‍රාමීය ශිෂ්ටාචාරය තුළින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය උපත ලබා ඇති බවයි. ඊට ඔහු බලූකිස්ථානයේ ක්වේටා හා ෂොබ් වැනි නදී නිම්නවලින් ලැඛෙන ප්‍රාග් හරප්පා සංස්කෘතියට අදාළ නටබුන් සාධක වශයෙන් ඉදිරිපත් කරයි. තව ද ෆෙයාර් ස්ර්විස් හා ඒ.ඒ. ඝෝෂ් යන පුරාවිද්‍යාඥයෝ දබාර්කොට්, කොට්ඩ්ජ්, ලොහුම්ජොදාරෝ, චන්හුදාරෝ, අම්රි ආදී ස්ථානවලින් ලද නටබුන් පාදක කොටගෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දේශීය වශයෙන් ම ප්‍රභවය වූ බව පවසති. මීට ඔවුහු තවදුරටත් මුද්‍රා තුළින් හමුවන මොල්ලිය සහිත ගව රූප ඉන්දියාවට ආවේණික යැයි පවසමින් තම මතය තවදුරටත් සනාථ කිරීමට උත්සාහයක් ගනිති.මෙකී අදහස තවදුරටත් සනාථ කිරීමට 2016 දී වසන්ත් සින්දේ නමැති නූතන පුරාවිද්‍යාඥයා විසින් සොයා ගන්නා ලද රඛිගාර් නගරය ප්‍රබල ලෙස බලපෑවේ ය. එයට අනුව මෙම ශිෂ්ටාචාරය විදෙස් සම්භවයක් නොමැති ව ස්වාධීන වූ ශිෂ්ටාචාරයකැයි පැවසීමට තරම් ප්‍රබල සාධක රැසක් එහි තිබී හමුවීම යි.විශේෂයෙන් ම හරප්පා සභ්‍යත්වය ලෙස අප හඳුන්වන ඉන්දුනිම්න ශිෂ්ටාචාරය කලින් කලට එක ම ප්‍රදේශයක් මුල්කරගනිමින් ක්‍රමයෙන් ගොඩනැගුණු ආකාරය පිළිබඳ සාධක මෙහි දී සොයාගෙන තිබේ.

විදේශීය ප්‍රභවය-

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විදේශීය වශයෙන් ප්‍රභවය වූ බවට මත පළ කරන මෝටිමර් වීලර් පුරාවිද්‍යාඥයා පවසනුයේ මේ හා සමාන ශිෂ්ටාචාරයක් මධ්‍ය ආසියාවේද වර්ධනය වී තිබී ඇති බව යි.තව ද  එය ඉරාන සානුව හරහා ඉන්දු නිම්නය දක්වා ම පැතිර ගොස් ඇති බව ද ඔහු පවසා තිබේ. ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයින් විසින් බලූකිස්ථාන් දේශසීමා බද ව කළ කැනීම් වල දී සොයාගත් කරුණු අනුව ක්‍රි.පූ. 6 වන සහස්‍රකයේ පමණ ජීවත් වූ ජන කොට්ඨාසයක් පසු කලෙ කදී  ඉන්දු නදී මිටියාවතට පැමිණ නව ශිෂ්ටාචාරයක් බිහි කළ බවට මතයක් ගොඩ නගා ඇත. මේ පිළිබඳ තව දුරටත් පර්යේෂණ පවත්වා ඇති එලියට්, ස්මිත්, පර්සි ආදී විද්වතුන්ගේ මතය අනුව මෙම ශිෂ්ටාචාරය මිසර ශිෂ්ටාචාරයේ ආභාසය ගොඩනැඟුණා වූ ශාඛාවකි. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සාධක අතර මිසරයෙහි කරන ලද කැනීම් තුළින් හමු වූ නටබුන් දක්වා තිබේ. ඉන්දුනිම්නයේ හමුවූ ආකාරයේ මැටිබඳුන් අවශේෂ ආදිය මේ අතර වේ. මීට අමතරව මේ පිළිබඳ තවත් මතයක් ඉදිරිපත්කරන රොග්ලන්ඩ් සාමිට අනුව මෙය සුමේරියානු  ශිෂ්ටාචාරයේ ශාඛාවකි. ඔහු ඊට පාදක කරගන්නේ සුමේරියානු මැටිපුවරු ලිපි ය. සුමේරියානු අභිලේඛනයක දැක්වෙන දිල්මුල් නගරය ඉන්දු නදියේ මුවදොර ආශ්‍රිත ව පිහිටි තොටුපළක් යැයි පිළිගැනෙන මතය මෙහි දී ඔහු ප්‍රධාන වශයෙන් පාදක කරගනී. මේ සියල්ලන්ට පරිබාහිරව තවත් මත දරන්නන් පිරිසක් පවසන්නේ මෙය මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන් පැවත එන බවත් සඳහන් කරති. ඒ සඳහා මෙසපොතේමියානු මුද්‍රා සහ ඉන්දුනිම්න මුද්‍රා අතර ඇති සමානතා පෙන්වීමට ඔවුන් කටයුතු කර තිබේ.

දේශීය හෝ විදේශීය ලෙස දැක්වීම අපහසු බව.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි නටබුන් පරිණත අවස්ථාවක පසුවන නිසාත්, කැණීම් වලට ඇති විවිධ භූගෝලීය හා දේශපාලනික ආදී බාධාවන් නිසාත් ඇතැමුන් ප්‍රකාශ කරනුයේ දේශීය හෝ විදේශීය කියා හෝ හඳුනා ගැනීමට අපහසු ශිෂ්ටාචාරයක් බවයි. ජෝන් මාෂල් මහතා පවසන්නේ ශිෂ්ටාචාර අතර සබඳතා පැවතීමෙන් සමාන ලක්ෂණ ඇතිවිය හැකි බවත්, මේ නිසා සමාන අසමානතා කිහිපයක් තුළින් පමණක් අවසන් නිගමනයකට ආ නොහැකි බවත් ය.  එ මෙන් ම පවතින සාධක අනුව ස්ථිර නිගමනයකට එළැඹීම අපහසු බවත් ඒ සඳහා හදිසි නොවිය යුතු බවත් ඔවුහූ ප්‍රකාශ කරති. එහි දී තවදුරටත් කරුණු ගවේෂණ කර නිගමනයකට එළඹීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

කෙසේ වුව ද ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට ම ආවේනික ලක්ෂණ ගණනාවක් ද මේ වන විට හඳුනාගෙන තිබේ.

  • ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ නාගරික මාර්ග පද්ධතිය-මෙසෙපොතේමියාවේ ‘ඌර්’ වැනි නගරවල පවා මෙවැනි මාර්ග පද්ධති දුර්ලභ වනක අතර ඒවායේ බහුලව ඇත්තේ ද වංගු සහිත මාවත් ය. ඒවා දෙපස ඇති කාණු පද්ධති ද ඒ තරම් ම උසස් නිර්මාණ වේ.
  • ඊජිත්තු වැසියන් ඉදිකිරීම් සඳහා බහුලව භාවිත කළේ අවුවේ වියලා ගත් ගඩොල් හෙවත් අමු ගඩොල් ය. නමුත් ඉන්දුනිම්න වැසියන් ස්ථානීය ස්වභාවය මත අමු ගඩොල් මෙන් ම පිලිස්සූ ගඩොල් ද භාවිත කර තිබේ..
  • ඉන්දුනිම්නයෙන් හමුවන මැටි මුද්‍රාවල දක්නට ලැඛෙන රයිනෝසිරස් හා බෝ ගසෙහි කැටයම් වැනි දේ ඉන්දියාවට ආවේණික වීම.
  • ස්ටීටයිට්, ටෙරාකොටා ආදී පාෂාණ වලින් කළ මව් දෙවඟනගේ මූර්ති හමුවන්නේ ද ඉන්දුනිම්නයෙන් පමණි.
  • ඉන්දුනිම්න කැණීම් වල දී සොයාගෙන ඇති මැටි බඳුන් බොහොමයක් සකපෝරුව භාවිතයෙන් නිර්මාණය කර තිබේ. මේවා උසස් තත්ත්වයේ නිර්මාණ වන අතර ලොව සෙසු ශිෂ්ටාචාරවලින් මෙවන් උසස් මැටි බඳුන් මෙතරම් බහුලව හමු නොවේ.

පරිහානිය-

ක්‍රි.පූ. 1750 – 1500 අතර කාලයේ දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රමයෙන් පිරිහී සපුරාම බිඳ වැටී තිබේ. නමුත් මෙහි දී සිහිපත් කළ යුතු විශේෂ කරුණ නම් පරිහානිය යන්නෙන් අදහස් වන්නේ ශිෂ්ටාචාර වැසියන් සියලු දෙනා මියගිය බව නොවේ. ශිෂ්ටාචාරයේ අනන්‍යතාව ඔවුන් අතින් ගිලිහී යෑමෙන් ද, අන්‍ය ශිෂ්ටාචාර හා මිශ්‍ර වීමෙන් ද ශිෂ්ටාචාරය පරිහානියට ලක්වේ. ක්‍රි.පූ. 1750 දී පමණ ලෝතාල්හි පිරිහීම සිදු වී ඇති අතර ක්‍රි.පූ. 1650 දී පමණ රඛිගාර්හි පිරිහීම සිදුවී තිබේ. පසුව ක්‍රමයෙන් අනෙක් නගරද බිඳ වැටී ඇත. මේ සඳහා බලපෑ හේතු පිළිබඳව විද්වතුන් අතර පවතින මතවාද විවිධය. ඒ අතරින් ප්‍රධාන මතවාද කිහිපයක් මෙපරිද්දෙනි.

² විටින් විට සිදු වූ ජල ගැලීම නිසා

² කාලාන්තරයක් තිස්සේ ක්‍රමිකව සිදු වූ දේශගුර්‍ණක විපර්යාස නිසා

² වසංගත රෝග නිසා

² ගිනි උවදුරක් හෝ නිරන්තයෙන් ම සිදු වූ ගිනි උවදුරු නිසා

² ඉන්දු නදියේ බැස්ම වෙනස් වීම නිසා

² විදෙස් ආක්‍රමණ නිසා

ශිෂ්ටාචාරයේ පරිහානියට හා බිඳ වැටීමට ජල ගැලීම් හේතු වූ බවට මෝටිමර් වීලර්, ජෝන් මාර්ෂල් වැනි විද්වත්හු ප්‍රකාශ කර තිබේ.. ජලගැලීමක දී සිදු වූ විනාශයට පසු එකී භූමියේ ම විටින් විට කළ ඉදිකිරීම් පිලිබඳ කළ ගවේෂණ මේ මතය සඳහා පාදක වී තිබේ. මේ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉන්දුනිම්නයේ පාංශු ස්ථර රැසක් නිර්මාණය වී ඇත්තේ විශාල ගංවතුර උපද්‍රවයකින් පසු විනාශ වී ගිය ශිෂ්ටාචාරය මත ම නැවත ජනාවාස ඉදිකිරීම මඟිනි. මෙහි දී පහළ ම ස්ථර වලින් ලැඛෙනුයේ සෞභාග්‍යමත් ශිෂ්ටාචාරයක නටබුන් වුව ද ක්‍රම ක්‍රමයෙන් ඉහළ ස්ථර වලට යන විට සෞභාග්‍යමත් බව හීන වී ගොස්තිබේ. ඒ අනුව පෙනෙනුයේ නිරන්තර ජල ගැලීම් නිසා වැසියාගේ ජීවන තත්ත්වය ක්‍රමයෙන් හීන වී ගොස් දරිද්‍රතාවයට පත් වූ බවයි. තව ද ශිෂ්ටාචාරයෙන් හමු වී ඇති මිනිස් අස්ථී පද්ධති ආදිය නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම අනුව පරීක්ෂා කළ කල්හි දියේ ගිලීමෙන් මියගිය මිනිසුන් ගේ ලක්ෂණ ද හමු වී තිබේ. මේ නිසා ජල ගැලීම සිදු ව අති බව පෙනේ.

නමුත් මේ සා සුවිසල් ප්‍රදේශයක පැතිර පැවති දියුණු ශිෂ්ටාචාරයක් ජල ගැලීම් නිසා ම බිඳ වැටීමට ලක් වුවා විය නොහැකිය. මෙහි දී සිදු වන්නට ඇත්තේ ජලගැලීම් නිසා ශිෂ්ටාචාරයේ පරිහානිය වේගවත් වීම ය.

දේශගුණික විපර්යාස හේතුකොටගෙන මෙහි පරිහානිය සිදු වූ බවට ද මතයක් ඉදිරිපත් වී ඇත. මේ මතය ඉදිරිපත් කර ඇති පිරිස අතර ස්ටුවට් ෆිගොට් නම් පුරාවිද්‍යාඥයා ප්‍රධාන වේ. ඉන්දු නිම්න වැසියා බොහෝමයක් නිර්මාණයන් සිදු කළේ පිලිස්සූ ගඩොල්වලින් වන අතර ඒ  සඳහා විශාල වශයෙන් වනසංහාරයේ යෙදෙන්නට ඇත. එකල ඉන්දුනිම්නය අදට වඩා ඝන වනාන්තර වලින් වැසී පැවැති බවට ඇතුන්, රයිනෝසිරස් වැනි රූප සහිත මුද්‍රා සාක්ෂි සපයයි. දීර්ඝ කාලීනව කැළෑ කැපීම නිසා සිදු වූ කාන්තාරීකරණය හා ජල චක්‍රය අක්‍රමවත් වීමෙන් වැසියාට අවශ්‍ය ජලය නොලැබී යාම නිසා ජන ජීවිතය අක්‍රමවත් වන්නට ඇත. මේ හේතුවෙන් ජන ජීවිතය දෙදරා ගිය බවට ඇතැම්මු පවසති. නමුත් මෙකී මතය සිවිල් සේවක ලැම්බ්‍රික් මහතා ප්‍රතික්ෂේප කරයි. එසේ ම භුගෝල විද්‍යාඥයින්ට අනුව ප්‍රස්තුත කාලය මෝසම් සුළං රටාවේ පුළුල් වෙනසක් සිදු වී නැත.

තව ද ගඩොල් නිෂ්පාදනය උදෙසා වැසියා සීමාවකින් තොරව භූමිය භාවිතයට ගත්තේය. මේ නිසා විශාල ආවාට නිර්මාණය වු අතර ඇති වූ වර්ෂණයේ දී මතුපිට සාරවත් පස සේදී ගොස් එකී වළවල් වල තැන්පත් වීම නිසා පස නිසරු භාවයට පතිවිය. මෙය ශිෂ්ටාචාරයේ පරිහානියට ඉතා අහිතකර ලෙස බලපෑයේ ඉන්දුනිම්න වැසියාගේ ප්‍රධාන ජීවනෝපාය  කෘෂිකර්මය වූ නිසාවෙනි. මේ හේතුවෙන් යැපුම් කෘෂිකර්මාන්තය ද ව්‍යාපාරික කෘෂිකර්මාන්තය ද බිඳවැටුණි. මේ නිසා ජනයා මෙම නිසරු භූමිය අත්හැර වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වූ අතර  ඔවුන්  ඉවත් වී යාම ශිෂ්ටාචාරයේ පරිහානියට හේතු පාදක වී ඇත.

යම් පාරිසරික හේතුවක් නිසා සිදු වූ නාය යෑමක් හේතුවෙන් ඉන්දු නදියේ සුපුරුදු ගමන් මග වෙනස් වීම ද ශිෂ්ටාචාරයේ පරිහානියට හේතු වූ බවට මතයකි. එහි  දී වැසියෝ ගංගාවෙහි පැරණි මගෙහි ඉතිරි වූ විල් හා තටාක ආශ්‍රිතව බිහි කළ නව ජනාවාස පැරණි ජනාවාස මෙන් ක්‍රමවත් නොවුණු අතර ඊට වඩා වෙනස් වුණි¡ මීට හේතුව ඉන්දු නිම්න වාසියා සිය අනන්‍යතාවලින් බැහැර වී වෙනම ම කොටසක් සේ ජීවත් වීම ය¡ පෙර තිබූ සභ්‍යත්වය නොමැති වීම නිසා ශිෂ්ටාචාරය පරිහානියට පත් වූ බව විද්වතුන් මත පළ කරයි¡ මේ මතය ඉදිරිපත්කරන්නන් අතර ජෝන් මාර්ෂල් , ලැම්බ්‍රික් ආදීහු ප්‍රධාන වෙති.

අවසාන කාලයේ දී ශිෂ්ටාචාරයට ආක්‍රමණ කඩා වැදුණු බවට සාධක ඇත. මේ කාලයේ දී ඉන්දු නදියේ ගමන් මග වෙනස් වීමත් සමග ඉතිරි වූ විල් පොකුණු ආදිය ආශ්‍රිතව ජීවත් වූ පිරිස් නිසා හුදෙකලා කලාප ගණනාවක් ම නිර්මාණය විය.මෙලෙස නිර්මාණය වූ නව කලාපවල සිටි වැසියන් අනාරක්ෂිත තත්ත්වයක පසුවිය. විදෙස් ආක්‍රමර්‍ණකයන්ට මුහුණ දීමට තරම් ශක්තියක් ඔවුන් තුළ නොවුර්‍ණ. මේ නිසා වැසියා පහසුවෙන් ආක්‍රමර්‍ණකයන්ගේ ගොදුරු බවට පත් වන්නට ඇත. මේ පිළිබඳ ව පර්යේෂණ කල විද්වතුන් ආක්‍රමණ සමඟ ශිෂ්ටචාරයේ සිදු වූ වෙනස්කම් දෙකක් පෙන්වා දෙයි.

  • වැසියන් ආක්‍රමණිකයාට ගොදුරු ව මිය යාම.
  • පිරිසක් ආක්‍රමර්‍ණකයන්ගේ සංස්කෘතියට හුරු වීම.

ශිෂ්ටාචාරයට ආක්‍රමණ එල්ල වූ බවට සාධක ලැඛෙනුයේ ජීවිතයේ විවිධ අවස්ථාවල පසුවන්නන් නිවෙස්වල, මංමාවත් වල සමූහ වශයෙන් ඝාතනයට ලක් ව තිඛෙන අයුරෙනි. ඉන්දුනිම්න වැසියන් ක්‍රමවත් අභිචාර පද්ධතියක් අනුගමනය කළ දියුණු වැසියන් පිරිසකි. නමුත් ඉන්දු නිම්න වැසියාගේ මළ සිරුරු වළ දැමීමේ සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් අයුරින් මිහිදන් වූ මළ සිරුරු රැසක් කැණීම් වල දී හමු වී තිබේ.එසේ වී ඇත්තේ ක්ෂණික සතුරු ප්‍රහාරයක දී වැසියන් පලා යෑමත්, එසේ යන විට ඥාතීන්ගේ මළසිරුරු රැගෙන යෑමට නොහැකි වීමත්, පළාගිය වැසියන් යළි එම ප්‍රදේශයට නොපැමිණීමත් නිසා ය. මෙහි දී එක්තරා කතක් මියගොස් තිබුණේ ළිඳක් අසල දී ය. ඇය ජලය ගෙන ඒමට  ගෙනා කළයේ සුන්බුන් ඒ මේ අත විසිර තිබේ. ඇගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බවට සාක්ෂි  ඇත. මොහෙන්ජොදාරෝවෙහි මංමාවත් ආශ්‍රිතව ද සමූහ වශයෙන් ඝාතනයට ලක්වූ  පුද්ගල ඇටසැකිලි දහයක් හමු වී තිබේ. නිවසක කාමරයක තිබී ස්ත්‍රීන් දෙදෙනෙකුගේ හා පිරිමියෙකුගේ හා කුඩා දරුවෙකුගේ ඇටසැකිලි හමුවී ඇත. ආක්‍රමර්‍ණකයාගෙන් මිදීමට කාමරයේ ආරක්ෂාව පතද්දී ඔවුන් මෙම මිලේච්ඡ ආක්‍රමර්‍ණකයාගේ ගොදුරක් බවට පත්ව ඇති ආකාරය ඉන් පෙනී යයි. එකී ඇටසැකිලිවල හිස්කබල්වල පොරෝපහර වලින් සිදුවූ පැලීම් දක්නට ලැබීමෙන් ඒ බව තව දුරටත් සනාථ වේ. හරප්පාවේ එක්  පුරාවිද්‍යා කැණීම් ඒකකයකින් විකෘති ස්වභාවයෙන් වළ දැමූ ඇටසැකිලි 14 ද තවත් පුරා විද්‍යා කැණීම් බිමකින්  ඇටසැකිලි 9 ද හමු වී ඇත. මෙයින් ඉහතින් කී කරුණ දුරටත් සනාථ වේ. තවත් ස්ථානයක තිබූ මළසිරුර වඳුරෙකුගේ ය. ඒ ආසන්නයේම ඇතුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇත්තේ ය. මේ සතුන් ප්‍රහාරයකින් මියගිය බවට සාක්ෂ්‍ය ඇත. සතුන් පවා විනාශ කරමින් ආක්‍රමර්‍ණකයන් සැහැසි ලෙස ශිෂ්ටාචාරය බිඳ දැමූ බව පෙනේ.

මෝටිමර් වීලර් මහතා පවසනුයේ මෙකී ආක්‍රමර්‍ණකයෝ වනාහි ආර්යයෝ ය යන්න යි. ඊට හේතුව වශයෙන් ඒ මහතා පෙන්වා දෙන්නේ ආර්යයන්ගේ ජුතින්දර නම් දෙවියා එකල ඉන්දියාවේ සිටි ආනාර්යයන්ට පහර දී ඔවුන් සතු බල කොටු විනාශ කළ බව ඍග්වේදයේ සඳහන් වීම යි.  ඒ අනුව එකී මූලාශ්‍රයේ අනාර්යයන් ලෙසට හඳුන්වන්නට ඇත්තේ ඉන්දු නිම්න වාසියාව විය යුතු යැයි ඒ මහතා සඳහන් කරයි.මේ ආකාරයට විවිධ හේතූන් ගණනාවක් නිසා ඉන්දු නිම්න ශිෂ්ටචාරය ක්‍රි.පූ. 1500 පමණ වනවිට බිඳවැටීමට ලක් වූ බව පුරාවිද්‍යාඥයින් මත පලකරයි.