WordPress WooCommerce Themes

තෙවැනි බුවනෙකබාහු රජු

 

සටහන-අමිල උඩවත්ත

තෙවැනි බුවනෙකබාහු රජු සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන බොහොමයක් මූලාශ්‍රයවල ඔහුට වන්නි බුවනෙකබාහු යන නම ද දී ඇත්තේ ය. මීට පෙර සිටි රාජ වංශ හා මේ රජු අතර සබඳතාවක් පැහැදිලි කරන්නට හැකි මූලාශ්‍ර කිසිවක් හෝ හමු නොවීමත් මේ රජු වන්නි බුවනෙකබාහු නමින් හැඳින්වීමත් අනුව අපට සිතිය හැකි වන්නේ මේ තෙවැනි බුවනෙකබාහු වනාහී වන්නි රජවරුන් අතරින් අයෙකු මිස මෙතෙක් පැවති රජ පරපුරකට අයත් නොවේ ය යන්නයි. ඇතැමුන් සඳහන් කරන්නේ මේ වනාහි බෝදා මහපාණන් යනුවෙන් කැරලි ගැසූ පුද්ගලයා බව යි. හේ වන්නි රජෙකු වියහැකිය යන මතය ද ඒ සමග ම ඉදිරිපත් වී තිබේ. කුරුණෑගල හා වන්නි හත්පත්තුවේ පාරම්පරික කතා කිහිපයක වන්නි විජයබාහු නම සඳහන් වේ යැයි ලංකා විශ්විද්‍යාල ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් වෙයි. කුරුණෑගල වැව මේ රජු විසින් කරවන ලදැයි විශ්වාසයක් පවතී.

තෙවැනි බුවනෙකබාහු රජුට පසු බලයට පත්වූයේ පස්වන විජයබාහු හෙවත් සවුළු විජයබාහු ය. සවුළු යන්නෙන් එම පවුලේ නින්දගමක නම දැක්වේ යැයි ඩී. බී. ජයතිලක මහතා සඳහන් කරයි. ඔහු ඇතැම්විට පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජ පරපුරට ඥාති වේ යැයි සිතියහැකි නමුදු එය එතරම් විශ්වාස කටයුතු මූලාශ්‍රයකින් තහවුරු වී නැත. මෙතුමා වර්ෂ 11ක් පමණ පාලන බලයේ සිටින්නට ඇත. ඒ කුරුණෑගල මුල්කරගෙනය.

 

 

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...