මිහිමත දැවැන්තයින්ගේ ඉරණම-පළමු කොටස

 

 

ඩයිනෝසෝරයන්ට සිදුවූයේ කුමක් ද?

ඩයිනෝසෝරයන් මිහිපිටින් වඳවී ගියේ අදින් වර්ෂ මිලියට 66කට පමණ පෙරාතුව ය. මෙම දැවැන්තයින්ගේ සමුගැන්ම හා දැවැන්ත ස්වභාවික ව්‍යසනයක් අතර සබඳතාවක් ඇති බවට මෑත කාලීනව විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී. ටී.ඒන්.ටී ටොන් ට්‍රිලියන 100කට සමාන පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඒකවර ම පුපුරා ගියා හා සමාන බලයක් නිතුත් කරමින් යුකැටන් අර්ධද්වීපය අසලදී විශාල ග්‍රහකයක් පෘතුවියේ ගැටීමෙන් මේ ව්‍යසනය සිදුවිය. ග්‍රහකයක් වැදීමත් සමග වසර මිලියන 165ක් පුරා පෘතුවිය මත ක්‍රියාත්මව පැවතියා වූ දැවැන්ත ඩයිනෝසරයන්ගේ පාලන සමය අවසන් විය.

ඩයිනෝසෝරයන්ගේ අවසානය පිළිබඳ ග්‍රහක න්‍යාය ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද්දේ 1980 දී ය. ඉන් දශකයකට වැඩි කාලයකට පසුව, මෙක්සිකෝ බොක්කෙහි Chicxulub ආවාටය හඳුනා ගැනීමත් සමග ඒකී ව්‍යසනය සිදුවූයේ කොතැනද සහ කවදාද යන්න තහවුරු විය.

පර්ඩියු විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි භූ භෞතික විද්‍යාඥයින් විසි මේ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදුකරන ලදී. ඔවුම් මේ සඳහා වැඩි දියුණු කරන ලද impact calculator භාවිතා කරමින් ගවේෂණ කටයුතු සිදුකළහ. පර්යේෂකයන් K-Pg (Cretaceous-Paleogene) වඳවී යාමේ සිදුවීම ලෙස හැඳින්වෙන ව්‍යසනය සිදු වූ මොහොතේ සහ ඉන් පසුව සිදු වූ දේ පිළිබඳ මේ මගින් වඩාත් නිවැරදි හොඳ අදහසක් ඇතිකර ගත්හ. ග්‍රහකය පැයට සැතපුම් 40,000 (කිලෝමීටර් 64,000) වේගයෙන් පෘථිවිය හා ගැටුණු අතර ඒ් මගින් සැතපුම් 115 කට වඩා වැඩි ආවාටයක් නිර්මාණය විය. ඝණ සැතපුම් දහස් ගණනක් පාෂාණ ක්ෂණිකව වාෂ්ප විය. එම ගැටුම පෙනෙන මානය සමීපව සිටි සියලු ම ආකාරයේ ජීවින්, සියලු වර්ගයේ විශාල ගස් හා සහ කුඩා පඳුරු ආදිය ක්ෂණිකව පිලිස්සී ගියේ ය. මෙහි බලපෑමෙන් අඩි 1,000 (මීටර් 305) තරම් ඉහළ සුනාමිය තත්ත්වයක් ඇති වූ අතර එවන් සුනාමි තත්ත්වයක් අද වනතුරුත් මානවයා අත් දැක නැති තරම් ය. එමෙන්ම නූතන මිනිසුන් අත්විඳින උපරිම දරුණු භූ කම්පනකකටත් වඩා වඩා දරුණු භූමිකම්පාවක් ඇතිවිය.

නමුත් එය විනාශයේ ආරම්භය පමණි. ආරම්භක බලපෑමෙන් මිනිත්තු කිහිපයකට පසු, රතු-උණුසුම් සුන්බුන් වර්ෂාව ආරම්භ වූ අතර, මාරාන්තික අළු සහ අපද්‍රව්‍ය වලින් මේ බිම වැසී ගියේය. බලපෑමට ලක් වූ කලාපය වටා, බිම අඩි සිය ගණනක් පාෂාණමය සුන්බුන් වලින් වැසී තිබුණි. බලපෑමෙන් පැයකටත් අඩු කාලයකට පසු, භයංකර සුළඟක් කලාපය හරහා හමා ගිය අතර, ඒ් මගින් ඒ වන විටත් නොවැටී නැගී සිටි සියලු දේ බිමට ඇද දමනු ලැබුණි.

අනතුරුව වායුගෝලයේ ඇති අළු, දුම සහ සුන්බුන් පථිවිය වටා පැතිරී, දිවා ආලෝකය නැති ස්ථිර සන්ධ්‍යා තත්ත්වයක් ඇති පත් විය. එනම් අද අප අත් විඳින සන්ධ්‍යා මන්දාලෝකයක තත්ත්වයක් පෘථිවිය පුරා ඇති විය. එම තත්ත්වය මාස කිහිපයක් හෝ ඇතැම් විට වසර ගණනාවක් පවතින්නට ඇත. පෘථිවිය මතුපිට උෂ්ණත්වය පහත වැටුණු අතර ආහාරයට ගත හැකි දේ ක්‍රමක්‍රමයෙන්  හිඟ විය. මේ නිසා සමස්ත පරිසර පද්ධතිම බිඳ වැටුණි. මේ සියල්ල අවසන් වන විට පෘථිවියේ ජීවින් අතරින් සියයට 75ත් 80ත් අතර ප්‍රමාණයක් විනාශ වී ගොස් තිබුණි.

 

දෙවැනි කොටස බලාපොරොත්තු වන්න.

 

 

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


ඔබට වැදගත් පසුගිය පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න

 

මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය