![]() |
---|
කැළණිය පිළිබඳ මතවාද රැසක් තිබේ. ඇතැමුන් කියන්නේ කැළණිය වශයෙන් අප අද හඳුන්වන්නේ ඓතිහාසික කැළණිය නොවන බව යි. කෙසේ නමුත් කැළණියට සැලකියයුතු ඉතිහාසයක් ඇති බව පිළිගන්නට සිදු වේ. විහාරමහා දේවියගේ පියා වූ කැළණිතිස්ස රජු මෙහි පාලකයා වශයෙන් සිටි බවට මතයක් ඇතත් එය දැන් දැන් බිඳ වැටෙන ලකුණු මතුව තිබේ. මණිඅක්ඛිත නමින් නාගගෝත්‍රික පාලකයෙකු මෙහි සිටි බවට මතයක් වංසකතාගතව තිබේ. යඨාලතිස්ස රජු කැළණි විහාරය කරවී යැයි පූජාවලියේ සඳහන්ව තිබේ. නමුත් එහි ම මෙය කාවන්තිස්ස රජු කරවී යැයි ද දැක්වේ. කැළණිය කෝට්ටේ යුගයට බොහෝ කලකට පෙර ඉතිහාස මූලාශ්‍රය රැසක ම හමු වේ. කැළණි හෑල්ල නම් කෘතියේ කැළණිය පිළිබඳ විස්තර වර්ණණාවක් තිබේ. ලංකාවේ ප්‍රාග් ඉතිහාසය දක්වා ම කැළණිය ඉතිහාසය ගලා යයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.