WordPress WooCommerce Themes

ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමලය රුහුණු රටේ උතුරු මායිම යි. ලෝ ප්‍රකකට ස්වභාවික වරායක් මෙහි වේ. ඉන්දීය සංක්‍රමණික කණ්ඩායමක් වූ භද්දකච්ඡායනා ප්‍රමුඛ පිරිස ගොඩබසිනු ලැබූයේ මෙතැනට යැයි මතයක් තිබේ. මහසෙන් රජු මෙහි ගෝකණ්ණ විහාරය කරවූ බව ද දැක්වේ. 16 වන සියවසේ සිට මේ ස්ථානය හැඳින්වීමට තිරිකුණාමලය යන නම ව්‍යවහාර වූ බව සේනාසම්මත වික්‍රමබාහු රජුගේ ගඩලාදෙණිය සෙල්ලිපිය අනුව පෙනී යයි. ලන්දේසීන්ගෙන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පැහැරගැනීම සඳහා පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම විසින් කටයුතු කළ අවස්ථාවේ ද පළමුකොට ම අල්ලා ගත්තේ ත්‍රිකුණාමලය යි. පූර්ව පොළොන්නරු යුගයේ චෝළයෝ ත්‍රිකුණාමළය සිය යුධ හා වාණිජ මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගත් බවත්, යටතිවිජිත සමයේ නාවික තොටුපළක් වූ බවත්, බෙංගාල බොක්ක අවට මුහුද පාලනය කිරීමට එය කදිම මධ්‍යස්ථානයක් වූ බවත් පැහැදිලි ය. මේ අසන්නයේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සාධක ද හමු වේ.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න

 

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...