අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ස්ථානයකි. ලංකාවේ දෙවැනි නාගරීකරණ අවදියට අයත් අගනගරයකි. පළමුවන බුවනෙකබාහු රජු විසින් අරඹන ලදී. නමුත් පැවතියේ ඉතා කෙටි කළක් පමණි. මෙය දඹදෙණියේ තෙවන විජයබාහු රජුගේ කාලයට සමකාලීනව උප මධ්‍යස්ථානයක් වශයෙන් පැවති අතර සුභ නමැති සෙන්පතියා යටතේ පාලනය විය. සුභ පබ්බත, අයෝ පබ්බත, සුන්දරගිරි, සුභකූට, යහපව්ව,යාපවුගල, යාපව්ව, යාපව්, යාපහු, යාපහුනුවර, සුභගිරිපුර, යාපාපුර ආදී නම් රැසකින් හැඳින්වේ. දෙවැනි පැරකුම්බාවන්ගේ පුත්‍ර බුවනෙකබාහු කුමාරයා පිය රජ දවස, මේ ස්ථානයේ දී චන්ද්‍රභානු නම් ජාවක ආක්රමණිකයා පරාජයට පත් කළේ ය. පසු කාලයේ රජ මැදුරේ කුමන්ත්රණයකින් ගැලවී ඔහු ආරක්ෂාව පතා ආයේ ද මේ ස්ථානයට ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.