සිතුල්පව්ව

සිතුල්පව්ව හෙවත් චිත්තලපබ්බතය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇත. රුහුණු රාජ්‍ය සීමාවේ වනවාසී භික්ෂු මධ්‍යස්ථානය වූයේ සිතුල්පව්වයි. (ග්‍රාමවාසී භික්ෂු මධ්‍යස්ථානය තිස්සමහාරාමය විය.) මෙහි උස් ම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 400ක් පමණ වේ. ඉතා රමණීය ස්ථානයකි. සිතුල්පව්වෙන් ලෙන් ලිපි 67ක් සොයාගෙන තිබේ. ඉන් 65ක් පූර්ව බ්‍රාහ්මී ලිපි වන අතර, 2ක් පශ්චාත් බ්‍රාහ්මී ලිපි වේ. ලිපිවල මේ ස්ථානය හඳුන්වා ඇත්තේ චිතලපවත නමිනි. චිත්තලපබ්බතයේ විහාරය කරවා ඇත්තේ කාවන්තිස්ස රජු බව වංසකතා අනුව පෙනී යයි. වළගම්බා රාජ්‍ය සමය වනවිට මෙහි දොළොස්දහසක් භික්ෂූන්වහන්සේලා වැඩසිටිය හ. නමුත් ඒ සියලු දෙනා බැමිණිතියා සාගත අවස්ථාවේ දන් නොලැබ අපවත් වූ බව ද මහාවංසය අනුව පෙනී යයි. වසභ රජු මෙහි ස්ථූප දහයක් කරවා තිබේ.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න