සීතාවක වඩාත් ප්‍රකට වූවේ රාජධානියක් වශයෙන් වර්ධනය වූ පසු වුව ද, ඊටපෙර එය කෝට්ටේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් විය. 1521 සිදු වූ විජයබා කොල්ලයේ මහමොළකරු වූ මායාදුන්නේ කුමරාට ලැබුනේ සීතාවක ප්‍රදේශය යි. එය රාජධානියක් වශයෙන් ස්වාධීන වන්නේ ඉන් කලකට පසුව මායාදුන්නේ කුමරා කෝට්ටේ හත්වන බුවනෙකබාහු රජුගේ සැකයට ලක්වීමත් සමගිනි. ඉන් පසු කෝට්ටේ රජු පෘතුගීසි සහය පැතීමත්, සීතාවක රජු කැලිකට් හි මුස්ලිම් නායක සැමොරින්ගේ සහය පැතීමත් නිසා කෝට්ටේ යටතේ තිබූ සීතාවක ඉන් වෙන් වී ස්වාධීන වන ලකුණු පහළ විය. මෙය පෘතුගීසි කුමන්ත්‍රණයක ද ඵලයක් සේ සැලකේ.
පෙතන්ගොඩ උයන- සීතාවක ප්‍රදේශයේ පිහිටා තිබේ. කොනප්පුබණ්ඩාර හෙවත් විමලධර්මසූරිය රජුට එදිරිව මෙහෙයවූ හමුදා පරාජය වූ පසු සේනා සමග පසුබැසි රාජසිංහ රජු මෙම උයනේදී විස උණකටුවක් ඇනී ඉන් හටගත් තුවාලය නිසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.