සීගිරිය

මාතලේ දිස්ත්‍රික්කයේ, දඹුල්ලට නුදුරු ඓතිහාසික ස්ථානයකි. ධාතුසේන රාජ්‍ය සමයේ ඉදිකිරීම් අරඹා කාශ්‍යප රාජ්‍ය සමයේ නිමවූයේ යැයි පිළිගැනෙන ප්‍රභූ විනෝදෝද්‍යානයක් මෙහි ඇත්තේ ය. දෙස් විදෙස් ප්‍රභූන් සඳහා කළ එකක් නිසා පූර්ණ ආරක්ෂාව සහිතව කරවා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 1150 පමණ උස් වූ පර්වත ශිඛරයේ මාළිගාවක නටඹුන් දක්නට ලැබේ. සොබාදහමට අව ම හානියක් වන ආකාරයට සංස්කරණය කරමින් නිමවා ඇති මේ අලංකාර උද්‍යානය පූර්ව කාලීන බෞද්ධ මධ්‍යස්ථානයක් බවත්, සීගිරිය බිඳවැටීමෙන් පසු යළි ආගමික මධ්‍යස්ථානයක් වූ බවත් සිතන්නට හැකියාව තිබේ.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න