අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
යාපන අර්ධද්වීපයට අයත් වැදගත් නගරයකි. යාපනය සිය රාජධානිය කොට ගත් ආර්යචක්‍රවර්තීන්ගේ මුල් ම අග නගරය වූයේ ද නල්ලුර්ය. සංකිලි රජු යාපනය පාලනය කළ කාලයේ පෘතුගීසීන්ගෙන් යාපන රාජ්‍යයට තර්ජන එල්ල විය. එම අභියෝග ජය ගනු වස් සිය අගනුවර වූ නල්ලුර් හි බලකොටුව යුධ අවශ්‍යතා සපිරෙන ලෙස ශක්තිමත්ව ගොඩනැංවීමට සංකිලි රජු කටයුතු කළේය. නල්ලුර්හි කෝවිල ද ඉදි කළේය. සත් කෝරළයේ මහජන විරෝධය හා සීතාවක තර්ජන මැද, වීදියේ බණ්ඩාර ද ආරක්ෂාව පතා ගියේ ද සංකිලි රජු වෙත ය. ඊට අනුව වීදියේ බණ්ඩාර ද නල්ලුර් හි වාසය කොට ඇති අතර එහි දී ඇති වූ ගැටුමකින් පසු වීදියේ බණ්ඩාර මියගියේ ද නල්ලුර්හි දී ම ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.