මිහින්තලේ

මිස්සකපව්ව හෙවත් මිහින්තලේ අනුරාධපුරයට සමීපස්ථානයක ඇති ආගමික අතින් වැදගත් පර්වතයකි. මිස්සක පබ්බත නමින් මහාවංසයේත්, මිස්සකගිරි නමින් දීපවංසයේත් දැක්වෙන්නේ මේ ස්ථානය යි. තව ද චේතියගිරි, චේතිය පබ්බත, සෑ ගිරි ආදී නම්වලින් හඳුන්වන්නේ ද මේ ස්ථානය ම ය. මහින්ද මහරහතන් වහන්සේගේ හා තිස්ස රජුගේ පළමු හමුව සඳහා සූදානම් කළ ස්ථානය මෙයයි. රාජසභාවේ කාර්යබහුල වාතාවරණයෙන් මිදී ආගමික සාකච්ඡාවකට සුදුසු පරිසරයක අවශ්‍යතාව ඇති වූයෙන් මෙතැන තෝරාගන්නට ඇත. ඒ සදහා මේ ස්ථානයට මාවතක් පවා ඉදිකර තිබූ බව මහාවංසය පරීක්ෂා කිරීමෙන් පෙනී යයි.  ඉංග්‍රීසීන් විසින් මේ පූජාභූමියේ වපසරිය අක්කර 6කට සීමා කළ නිසා වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා මුල් වී අධිකරණමය ක්‍රියාමාර්ගයක් මගින් යළි මේ භූමියේ ආගමික අයිතිය තහවුරු කරන ලදී. මේ ස්ථානයට ආසන්න ව ලෙන් ලිපි පනහකට වඩා සොයාගෙන ඇත.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න