මුහුදු මට්ටමේ සිට අඩි 3000ට වඩා උස් භූමි අතර පිහිටා තිබේ. කොන්ථුමල යන පාලි නාමයෙන් හැඳින්වෙන කොත්මලේ, පූජාවලියේ පළමු කොටම හමු වේ. ගැමුණු කුමරු පියා සමග ඇතිකරගත් ආරවුලෙන් පසු පැමිණ සැඟවසිටියේ ද කොත්මලයේ කොටගේපිටිය ගමේ ය. පොළොන්නරුවේ සිටි කාලිංග මාඝගෙන් රකිනු වස් කොත්මලේ සඟවා තිබූ දළදා වහන්සේ, දඹදෙණියේ තුන්වන විජයබාහු රජු දවස වන විට බෙලිගලට වැඩම වූ බව සඳහන් වේ.
Share with a student