දාස්තොට

සහස්සතිත්ථය. අඹන් ගඟ මහවැලි ගඟට එක්වන ස්ථානයේ ඇති තොටුපළකි. දාස්තොට ආගමික වැදගත්කමක් ද විය. දෙවැනි පැරකුම්බාවන් මෙහි උපසම්පදා උත්සවයක් කළ බව ද දැක්වේ. මෙය මුල දී අස්මඬලා තොට නම් වූ අතර ගැමුණු කුමරු කුසදරා සිටිය දී විහාරමහාදේවියගේ සිත ඇති වූ දොළක් සංසිඳුවනු පිණිස අනුරපුරයේ එළාර වෙත ගොස් සිටි වේළුසුමනයන් එළාරගේ ප්‍රධාන පෙළේ සෙන්පතියෙකුගේ හිසක් ද රැගෙන මේ ස්ථානයෙන් රුහුණට එතෙර වූයේ යැයි ජනප්‍රවාදයේ පවතී. එසේ එතෙරවීමේ දී ඇති වූ සටනේ දී එළාර සෙබළුන් දහසක් පමණ මිය ගියෙන් මෙතැන දාස්තොට වී යැයි සඳහන් වේ.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න