WordPress WooCommerce Themes

කන්දරෝඩය/කන්දරෝඩෙයි/ කදුරුගොඩ/චුන්නාකම්

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි මෙහි පුරාණ නාමය කදුරුගොඩ නම් වේ. සම්බිලිතුරෙයි හෙවත් පුරාණ දඹකොළපටුනට සැතපුම් 5ක් මොබ්බේ පිහිටා ඇත. කුදිරමලේ යනු ද මේ ම යැයි රාසනායම් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ මෙය ක්‍රි. ව. 3වන සියවස මධ්‍යය තෙක් මේ ආශ්‍රිතව පැවති නාග රාජධානියේ අගනුවර මෙය හෝ මාතොට වියහැකි බවයි. ඇතැමුන් කියන්නේ බුදුරදුන් දෙවන වරට නාග දමනය උදෙසා ලංකාවට වැඩම කළේ කන්දරෝඩයට බවයි. මේ ප්‍රදේශය වත්මන් ලෝකයට හඳුන්වා දුන්නේ පෝල් ඊ. පීරිස් මහතා විසිනි. මේ ප්‍රදේශයේ දී දුටු කාසියක් අනුව පර්යේෂණ හා කැණීම් කළ ඒ මහතා මේ මහාර්ඝ ඓතිහාසික ස්ථානය ලොවට හඳුන්වා දුන්නනේය. මේ පර්යේෂණ වල දී ඉන්දියානු හා රෝම කාසි ද, පබළු ද රැසක් සොයා ගන්නා ලදී. ඊට අමතරව කැඩී බිඳී ගිය දාගැබ් කොටස් ද, උළු ද බුද්ධ ප්‍රතිමා අවශේෂ ද සොයාගෙන ඇත. මෙහි තිබී හමු වූ බුද්ධ ප්‍රතිමා අඩි 12ක් 15ක් පමණ උස් ඒවා යැයි සොයාගෙන ඇත. මෙය ආගමික වශයෙන් මෙන් ම දේශපාලනික වශයෙන් ද වැදගත් ස්ථානයක් වූ බව රාසනායගම් මහතා කියයි. ඊට අනුව මෙහි බටහිර කොටසේ රාජකීය වාසස්ථාන ද, නැගෙනහිර කොටසේ ආගමික පූජ්‍යස්ථාන ද තිබූ ඇති බව ඒ මහතා කියයි. මෙහි තිබී හමු වූ පබළු මිසරයේ ටොලමි යුගයට අයත් බව සොයාගත්තෙන් ඒ යුගයේ දෙ රට අතර පැවති විදේශ සබඳතා පිළිබඳව ද මේ ස්ථානය සාක්ෂි සපයා ඇත. සෙනරත් පරණවිතාන මහතා කියන්නේ මේ ස්ථානයේ තිබෙන දාගැබ් වල නටඹුන් අනුව මෙහි අත්තේ ලාංකිකයන් විසින් ගොඩනැංවූ විහාරයක නටඹුන් නොවන බවයි. 9වැනි අග්‍රබෝධි රජ දවස ලංකාව ආක්‍රමණය කළ ජාවකයන් විසින් මෙහි විහාරය කරවන්නට ඇතැ’යි පවසන ඒ මහතා ඊට සාධක වශයෙන් ජාවා රටේ බෝරෝබුදූර් සංකීර්ණයේ චෛත්‍ය වල හැඩහුරුවමෙහි ද දක්නට ලැබේ යැයි කියයි. එහි ඇති ආකාරයට එකිනෙකට ආසන්නයේ ඉදි කළ කුඩා චෛත්‍ය ගණනාවක නටඹුන් අදත් මේ ස්ථානයේ දී දැකගත හැක.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න

 

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...