හෝර්ටන් තැන්න

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. නුවරඑළිය හා හපුතලේ ප්‍රදේශ ආවරණය කරයි. 19 වන ශතවර්ෂයේ මුල් කාලයේ දී තෝමස් ෆර් විසින් සොයගත් අතර එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි සර් රොබට් විල්බට් හෝටන් ගේ නමින් මෙය හෝර්ටන් තැන්න ලෙස නම් කර තිබේ. මුහුදු මට්ටමේ සිට මීටර් 2100 පමණ ඉහළින් පිහිටා ඇති මෙහි ලංකාවේ අත්විඳියහැකි අධික ශීත සුළං රැළි හමා යයි. විශාලත්වය හෙක්ටයාර් 3169ක්පුරා ව්‍යාප්තව ඇත 2010 ජූලි මස 30 වැනිදා යුනෙස්කෝ ලෝක උරුම අඩවිය ප්‍රකාශයට පත් කරන ලදී.  සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි.5000ට වඩා වැඩි වන අතර කදුකර සදාහරිත වනාන්තර, තෘණ බිම්, වගුරුබිම් හා ජලජ පරිසර පද්ධතියක් ලෙස පවතී. හෝර්ටන්තැන්නට අයත් කිරිගල්පොත්ත කන්ද (මීටර් 2389) හා තොටුපළ කන්ද(මීටර් 2357)යන කඳු අතර උසින් දෙවන හා තුන්වන ස්ථානවලට අයත් වේ. ගැඹුර මීටර් 900ක් පමණ වන ලෝකාන්තය ද හෝර්ටන්තැන්නේ පිහිටා ඇත. දර්ශනීය ස්ථාන වන බේකර්ස් ඇල්ල හා චිමිනි පොකුණ ද මෙහි දක්නට ලැබේ.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න