අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
පුරාණ දීඝ මණ්ඩලය හෙවත් දීඝවාපිරට්ඨය යි. වත්මන් අම්පාර දිස්ත්‍රික්කයට අයත් වේ. දීගාමඬුල්ල නමින් අදත් හැඳින්වේ. ගල්ඔය දෙගොඩ ම දිගාමඩුල්ලට අයත් වේ. කාවන්තිස්ස රජු සිය දෙවැනි පුත්‍රයා මෙහි පාලන කටයුතු පිණිස පත් කළ අතර, ඔහු යටතේ හමුදා සේනාංකයක් ද එහි නතර කරවී ය. මෙය ඉන්දීය සංක්‍රමණිකයින් පිහිටවූ දීඝායු ජනපදය වශයෙන් හඳුන්වතත්, වර්තමානයේ මේ ජනපදය දේශීය මූලයක් සහිත ජනපදයක් බවට වැඩි පිළිගැනීමක් ලැබී තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.