ලංකාවේ උතුරුදිග තැනිතලාව ආශ්‍රිතව ගලා යන මල්වතු ඔය අසබඩ පිහිටි පුරාණ නගරයකි. ක්‍රි. පූ. 4වන සියවසේ පමණ සිට 11 වන සියවස පමණ දක්වා ලංකාවේ අගනගරය ද වූ මෙය මුල් කරගනිමින් බුදුසස්න පිහිටුවනු ලැබූ නිසා ලංකාවේ ප්‍රධාන පූජනීය නගරය වශයෙන් ද සැලකෙයි. විජය රජුගේ අමාත්‍යව රඅනුරාධ නමැත්තා විසින් පළමු කොට ම පිහිටුවනු ලැබූ නිසාත්, භද්දකච්ඡානා දේවියගේ සොයුරු අනුරාධ නම් කුමාරයා මෙම ස්ථානයේ වැවක් බඳවා, ඊට දකුණෙන් මාළිගාවක් නංවා එහි වාසය කළ නිසාත්, පණ්ඩුකාභය කුමරු විසින් අනුරාධ නම් නැකතින් ඇරඹූ නිසාත් මෙය අනුරාධපුරය නම් වූ බව වංසකතා අනුව නිගමනය කළ හැක. පණ්ඩුකාභය කුමරු සිය මාමාවරුන් අතරින් තමාට උපකාර කළ අභය කුමරුන් හා සිය බිසව වූ ස්වර්ණපාළි කුමරියගේ පියා වූ සිව (ගිරිකණ්ඨසිව) යන දෙදෙනා හැර මාමාවරුන් අටදෙනෙකු නසා අනුරාධපුරයට පැමිණි කල එහි සිටි අනුරාධ නම් කුමාරයා (ඉහතින් සඳහන් කළ පරිදි භද්දකච්ඡානා දේවියගේ සොයුරා) සිය මාළිගයෙන් ඉවත්ව පණුඩුකාභය කුමරුන්ට එම ස්ථානය ලබා දුන්නේය. ඉන් පසුව විධිමත් සැලසුමක් සහිතව අනුරාධපුර නගරය සංවර්ධනය කළ පණ්ඩුකාභය රජු පළමු වරට අනුරාධපුරය ලංකාවේ අගනුවර කර ගනිමින් එහි සිට රාජ්‍ය විචාලේය. අනුරාධ කුමරු බැඳවූ වැව නගරයේ ජල අවශ්‍යතාව සපුරාලනු සඳහා ප්‍රමාණවත් නොවූ නිසා පණ්ඩුකාභය රජු අක්කර 205ක් පමණ විශාල වූ ද, දිගින් සැතපුමකට වැඩි හා උසින් අඩි 28ක් වූ වේල්ලක් සහිත වූ ද අභය නමින් වැවක් කරවූ අතර පසු කාලයේ එහි නම බයවෑ නමින් වෙනස් විය (වත්මන් බසවක්කුලම) අනුරාධපුරය නගරයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමේ දී, පණ්ඩුකාභය රජු නගරයේ ආරක්ෂාව, සනීපාරක්ෂාව, සුවපහසුව, ආගමික අවශ්‍යතා ආදී සෑම අංශයක් කෙරෙහි ම අවධානය යොමු කළේය. දොරටු සතර අසල ද්වාර ගම්මාන (දොරමඬලා) හතරක් ඇතිකර, ආරක්ෂාව හා සේවා සපයා ගැනීමේ පහසුව සෑදීය. පුර ශෝධක චණ්ඩාලයන් පන්සියයක්, වර්චස් ශෝධකයන් දෙසීයක්, මළමිනී බැහැර ගෙන යන්නන් එකසිය පනහක්, ද ඊට ම ප්‍රමාණවත් තරම් සොහොන් ගොව්වන් ද පත් කළේය. සිය මාමා වූ අභය කුමරු නගරගුත්තික තනතුරට පත් කළේය. චිත්‍රරාජ යක්ෂයා අදහන්නන්ට අභය වැවේ බැම්මට පහළින් ද, කාළවේල යක්ෂයා අදහන්නන්ට නගරයේ පෙරදිගින් ද, පහසුකම් සැලසීය. වළවාමුඛී නම් යක්ෂණියට සිය මාළිගාවේ ම වාසස්ථාන සැපයීය. වෙසමුණියාට නුග ගසද, ව්‍යාධ දේවයාට තල් ගස ද වෙන් කළේය. මහේජඝර නම් ගොඩනැගිල්ල ද ආගමික අවශ්‍යතාවක් මත ඉදි කළ එකකි. නිඝණ්ඨ, ආජීවක ආදීන්ට ද වාසස්ථාන සැපයීය. සිවිකාශාලා හා සොත්ථීශාලා නමින් ද ආගමික ශාලා දෙකක් ඉදි කරවීය. පණ්ඩුකාභය රජුට පසු කාලයේ අනුරාධපුරය තව තවත් සංවර්ධනය විය. ප්‍රධාන බෞදධාගමික මධ්‍යස්ථාන ද ඉදි විය. ථූපාරාමය, රුවන්මැලිසෑය හා එය මුල් කරගත් මහාවිහාර සංකීර්ණය, අභයගිරිය හා එය මුල් කරගත් විහාර සංකීර්ණය, ජේතවන සෑය හා එය මුල් කරගත් ජේතවන විහාර සංකීර්ණය, මිරිසවැටිය, ලංකාරාමය, ඉසුරුමුණිය, වෙස්සගිරිය පමණක් නොව ලෝ පුරා බෞද්ධයන් අති වන්දනීයත්වයෙන් සලකනු ලබන ජයශ්‍රීමහා බෝධියේ ශාඛාවක් ද අනුරාධපුරයේ ප්‍රතිශ්ඨාපනය කරන ලදී. ක්‍රි.ව. 1017 දී පස්වැනි මිහිඳු නම් දුබල රජු සොළී සිරකරුවෙකු ලෙස එරටට රැගෙන යාම දක්වා ම අනුරාධපුරය මෙ රට අගනුවර සේ පැවති අතර මෙම සොළී ආක්‍රමණ වලට පසු අනුරාධපුරය අගනුවරක් වශයෙන් යළි ගොඩනැගීමට අපහසු විය.
Share with a student