කෝට්ටේ පාලක 6 වන විජයබාහු රජු හා ඔහුගේ සොයුරු ශ්‍රී රාජසිංහ කුමරු සමග එකගෙයි කෑම නමැති විවාහ ක්‍රමයට අනුව කීරවැල්ලේ මහබිසෝ බණ්ඩාර අදහසින් හා එක්ව විසීය. මේ සහවාසයේ ඵලයක් ලෙස පුතුන් සිවු දෙනෙකු ලද නමුත් එක් අයෙක් ළදරු වියේදී ම මෙලොව හැර ගියේ ය. ඒ අතර කීරවැල්ලේ මහබිසෝ බණ්ඩාර අදහසින් මිය ගිය නිසා විජයබාහු රජු දෙවැනි විවාහයක් ද සිදුකරගත්තේ ය. නමුත් සිය පළමු විවාහයේ දරුවන්ගේ රාජ්‍ය උරුමය නොතකාහැර දෙවැනි බිසවගේ දරුවා වූ දේවරාජ කුමාරයාට රාජ්‍යත්වයේ උරුමය පවරාදීමට රජු ගත් තීරණය සමග කෝට්ටේ දේශපාලන වියවුල් සහගත තත්ත්වයක් ඇති ව තිබුණි. එම වියවුල උච්ඡතත්ත්වයට පත් වී නිමා වූයේ 1521වැන්නේ දී සිදුවූ විජයබා කොල්ලය නමින් හැඳින්වෙන සිදුවීම සමගිනි. එහි දී විජයබාහු රජුගේ මුල් විවාහයේ කුමාරවරුන් තිදෙනා විසින් කෝට්ටේ මාළිගයේ සේවකයෙකු වූ සොලමන් නමැත්තෙකුට කුලී ගෙවා පිය රජු ඝාතනය කළ අතර පසුව රාජ්‍යත්වය වැඩිමහලු පුත් බුවනෙකබාහු කුමරාට පැවරීය. ඔහු යටතේ ප්‍රාදේශීය පාලකයන් වශයෙන් සීතාවක කොටස මායාදුන්නේ නම් බාල කුමරාටත්, රයිගම් ප්‍රදේශය මද්දුමයා වූ පරරාජශේකරන් (පසුව රයිගම් බණ්ඩාර)ටත් හිමි විය. සිතියමේ දැක්වෙන්නේ ඔවුන්ගේ පරිපාලන සීමාවන් ය. ඊට අමතරව මේ වන විට ක්‍රියාත්මක වූ මහනුවර හා යාපන රාජධානි සීමා ද දක්වා තිබේ.
සැ.යු මේ යුගයේ භාවිත වූ ‘අදහසින්’ යන වදනින් කුමරිය යන අර්ථය ගම්‍ය වේ. කුමරා යන්න වෙනුවට යෙදුනේ අස්ථාන යන වදනයි.