ශ්‍රී ලංකාව 1800 වන විට

1796 විට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල ලන්දේසි පාලනය නිම වී ඉංග්‍රීසීන්ගේ පාලන සමය ආරම්භ වී තිබුණි. බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් ලංකාවේ මුහුදුබඩ කොටස් පාලන කළේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම හා බ්‍රිතාන්‍ය ආණ්ඩුකරුවෙකු විසිනි. මේ නිසා ඒ යුගය ද්විත්ව පාලන සමය වශයෙන් හඳුන්වයි. 1798 වැන්නේ දී රාජාධි රාජසිංහ රජු මිය ගියෙන් යම් යම් අර්බුධ මධ්‍යයේ වුව පිළිමතලව්වේගේ ආධාර උපකාර ඇතිව කන්නසාමි කුමරා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් මහනුවර රාජ්‍යත්වයට පත්ව සිටියේ ය. මේ වන විට උඩරට සිංහල රදල පරපුර හා නායක්කර් වංශික පාලක පරපුර අතර මතභේද ද උග්‍රව පැවතියෙන් ඉන් ප්‍රයෝජන ගැනීමට සිතූ ඉංග්‍රීසීන්, 1800 වර්ෂයේ උඩරට රජු බියවද්දා තමන්ට වාසිසහගත ගිවිසුමකට එකඟකරවා ගැනීමට උත්සාහ ගත් නමුතු එය ව්‍යර්ථ විය.

 

Share with a student



මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න