ශ්‍රී ලංකාව – 1620 වනවිට

ශ්‍රී ලංකාවේ භූමිය මේ වන විට පෘතුගීසීන් හා උඩරට රජවරුන් අතර බෙදී පැවතුණි. 1619 දී පෘතුගීසීන් යාපනය ද යටත් කරගත් අතර, වත්මන් බස්නාහිර පළාතට සමාන ප්‍රදේශයනකුත් වයඹ පළාතේ කොටසකුත්, දකුණු පළාතේ කොටසකුත් ඔවුන් සතුව පැවතුණි. නමුත් මේ ගෙවී යමින් පැවතියේ ලංකාවේ පෘතුගීසීන්ගේ පාලන සමයේ අපර කොටස යි. 1638 වැන්නේ දී ලන්දේසීන් සමග ගිවිසුමක් මගින් සන්ධාන ගත වූ උඩරට දෙවන රාජසිංහ රජු 1658 වැන්නේ දී ලංකාවේ මුහුදුබට පෘතුගීසි බලය නිමා කිරීමට සමත් විය. නමුත්  මෙසේ පෘතුගීසීන්ගෙන් මුදාගත් භූමිය අවාසනාවකට මෙන් උඩරටට ඈඳා ගැනීමට රාජසිංහ රජුට නොහැකි වූයේ එම කොටස් ලන්දේසීන්ගේ ග්‍රහණයට නතු වූ නිසාවෙනි.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න