ආර්ථික විද්‍යාවේ තෙරේසා මවුතුමිය යන විරුදාවලිය ලත් මහාචාර්ය අමර්ත්‍ය සෙන්.

Image from – Encyclopedia Britanica

මහා ගුරු දෙව් තාගෝර්තුමාගේ නිවහන වූ ශාන්ති නිකේතනය 1933 නොවැම්බර් 3න් වෙනි දින ඉතා කාර්යබහුල දිනයක් වුයේ එතුමන්ගේ ලගම මිතුරකු සේම රසායන විද්‍යා මහාචාර්යවරයකු ද දිල්ලියේ සංවර්ධන කොමසාරිස් වරයා සේම එවකට බටහිර බෙංගාල රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සබාපති ලෙසද ක්‍රියා කල අශුටෝශ් සිංග් සහ අමිතා සෙන් මහත්මිය තම කුළුඳුල් දරුවාට නමක් තැබීම පිණිස තාගෝර් මන්දිරයට පැමිණීම හේතුවෙනි.

දරුවාට අමරණිය බව සංකේතවත් වන අමර්ත්‍ය සෙන් යන නාමය දී චාරිත්‍රානුකුලව තුන් වරක් ළදරුවාව ඒ නමින් ආමන්ත්‍රණය කරන ලදී.
1945 දී අශුටෝෂ් සිංග් මහතා තම පවුලේ සාමාජිකයින් සමග බටහිර බෙංගාලයට පැමිණි අතර අමිතා සෙන් මහත්මිය රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ හිතවතෙක් වූ පුරාණ සංස්කෘතිකවාදියකුදසහ විශාරදවරයකු වූ ක්ෂිති මෝහන් සෙන්ගේ දියණියයි.

අමර්ත්‍ය සෙන් ඩකා හි ශාන්ත ග්‍රෙගරි විදුහලෙන් ප්‍රථමික අධ්‍යාපනය ලද අතර දෙවෙනි ලෝක යුද්ධ සංග්‍රාමය ඇරඹීමත් සමග 1941 දී ශාන්ති නිකේතනයෙ පතා භවන් පාසලෙන් තම අධ්‍යාපනය සම්පුර්ණ කල සෙන් ත්‍රිත්ව විද්‍යාලයෙන් 1955 දී BA ලැබූ අතර එහි සුවිශේෂිත්වය වුයේ ට්‍රිනිටි විද්‍යාලයට අධි ශිෂ්‍යත්වයක් සඳහා ඔහුට අවස්තාව ලැබුණු අතර ඔහුට කැමති විෂයක් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි.ඔහු එහිදී දර්ශනය හැදෑරීමට තීරණය කර අතර ඒ ගැන පැවසුවේ

” මගේ අධ්‍යයන කටයුතු දර්ශනය ඔස්සේ වැඩිදියුණු කරමින් ගෙන යන්නේ මගේ මුලික විෂය පාඨය වන ආර්ථික විද්‍යාව දර්ශනය සමග බැඳී ඇති නිසාම නොව දර්ශනවාදී ඉගෙනුම් වලට ඒවාට ආවේණික පලදයිතාවක් ඇති බැවිනි ” ලෙසයි.

වසරේ ට්‍රිනිටි විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා වූ මොරිස් ඩොබිගේ අවදානයට සෙන් විසින් රචිත Choice of Techniques නිබන්ධනය යොමු වූ අතරා ඔවුන් එක්ව සමාජ වරණ න්‍යාය පිළිබඳව නොයෙක් පර්යේෂණ සිදු කරමින් අධ්‍යයනයක යෙදුණි.එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රමිකයා ට ස්ව ජිවන මට්ටම ඉහළ නැංවීමට ආයෝජකයාගෙන් උපදෙස් ගැනීමට ප්‍රථමව නිෂ්පාදන ක්‍රියාවලිය අරඹා එහි ප්‍රතිපලයක් ලැබී තිබිය යුතුය යන්නයි.උසස් මට්ටමේ නිෂ්පාදන පිලිබඳ අධ්‍යනය කිරීමෙන් පසු ආයෝජකයා විසින් ශ්‍රමිකයන්ගේ ඉල්ලීම් ඉටු කල යුතුයි.

1959 දී MA දී,1959 දී PHD එක 1956-1958 දක්වා ජවද්පුර් විශ්ව විද්‍යාලයේ ද ,1963-1971 දී ලන්ඩන් ආර්ථික පාසලේදී (London School of Economic) , ලන්ඩන් විශ්ව විද්‍යාලය ඇතුළු ඉන්දියාවේ සහ එංගලන්තයේ විශ්ව විද්‍යාල කිහිපයම තම දැනුම බෙදා හරිමින් උගන්වන ලදී.1928 දී කේම්බ්‍රිජ් හි ත්‍රිත්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ දර්ශනය පිළිබඳව මහාචාර්ය පදවියට හිමිකම් කියන ලදී.1978-1988 කාලයේදී හොවාර්ඩ් විශ්ව විද්‍යාලයට යාමට පෙර ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා දර්ශනය පිලිබඳ මහාචාර්යවරයා විය.අනතුරුව 1908 දී ක්‍රේම්බිජ් ත්‍රිත්ව විද්‍යාලයේ මාස්ටර් තනතුරට පත් විය.ඉන්පසුව හාවඩ් විශ්ව විද්‍යාලය ට පැමිණෙනතෙක්ම 2004 දක්වාම ලැමෝන්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුර දැරිය.

සෙන්ට වයස 9 දී එනම් 1943 දී බෙංගාල සංහාරයට මුහුණ පෑ අයෙකි.එහිදී මිලියන තුනක පිරිසක් මිය ගිය අතර ඒ සමගම ඔහුට සාගතය පිළිබඳව සෙවීමේ කුතුහලයක් ඇතිවිය.ඉන්දියාවේ ප්‍රධාන අහාර සැපයුමක් තිබු නමුත් ග්‍රාමීය කම්කරුවන්, වැනි විශේෂිත කණ්ඩයම් වලට බෙදා හරිම අපහසු වුයේ ඔවුන්ගේ රැකියා අහ්මිරිවිමත් සමග අහාර මිලදදී ගැනීමේ අපහසුතාවක් ඇතිවූ හෙයින් බව මොහුගේ නිරීක්ෂණයට ලක් වුන කරුණකි.සෙන් විසින්1981 දී රචිත දිළිඳුබව සහ දුර්භික්ෂය (Poverty and Famine) කෘතියෙහි බොහෝ සාගත අවස්ථාවන් හිදී ආහාර සැපයුම සැලකිය යුතු ප්‍රමාණයක් අඩුව නොමැති බවත් ඒ වෙනුවට අඩුවන වැටුප් ප්‍රතිශත, රැකියා උද්ධමනය , අහාර මිල ඉහළ යාම අහාර බෙදා හැරීමේ ඇති දුර්වලතාවයන් වැනි සමාජ සහ ආර්ථික පද්ධතීන් ගණනාවක්ම සමාජයේ බොහෝ කණ්ඩායම් වල සාගින්නට හේතුවක් වූ බව පෙන්වා දෙයි.

මෙම ආහාර ගැටලුවට සම්බන්ධ ව්‍යාපාරයන් , ආයතනයන් සේම විදේශ ජාත්‍යන්තර මට්ටමේ සමාගම් වලින්ද සෙන් හට බාධාවන් පැමිණි අතර ඔහුගේ අදහස් සහ ප්‍රතිපත්ති සාමාන්‍ය ජනයා වෙනුවෙන් ඔවුන්ගේ පොදු වැඩ බිම් ව්‍යාපෘති ඔස්සේ පාලන මිල වැඩි වූ අහාර සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට ක්‍රමෝපායන් සෙවීමට අවධානය යොමු කරන ලදී.සෙන් විසින් දරිද්‍රතාවය මැනීමේ ක්‍රම සකසන ලද අතර ඒ මගින් දුප්පතුන්ගේ දරිද්‍රතාවය දුරුකොට ඔවුන්ගේ ආර්ථික ක්‍රමෝපායන් වැඩි දියුණු කිරීමට උපදෙස් ලබාදෙන ලදී.එහිදී

නිදසුනක් ලෙස:

අසමානතාවය පිලිබඳ පැහැදිලි කිරීමේදී පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ඉපදීම සාපේක්ෂව වැඩිවන නමුත් පිරිමින් අතර ;ළදරු මරණ වැඩි වුවද සමහර දුප්පත් රටවල පිරිමින්ට වඩා කාන්තාවන් අඩු සංඛ්‍යාවක් සිටින්නේ ඇයිද යන්න පහදා දුන්නේය.එනම් එම රටවල පිරිමි දරුවන්ගේ යහපත් සෞඛ්‍ය තත්වය සහ යහපත් සෞඛ්‍ය ප්‍රතිකාර සහ ඔවුන්ගේ ළමා කාලයේ ලැබුණු අවස්තාවන් නිසා එම තත්වය නිර්මාණය වී ඇති බවයි.

සංවර්ධන ආර්ථික විද්‍යාව විෂය අධ්‍යයනය තුළදී චිකාගෝ විශ්ව විද්‍යාලයේ නීති හා දර්ශනය පිලිබඳ මහාචාර්ය මාර්තා නුස්බඋම් හා එක්ව සමර්ථා ප්‍රවේශ සංකල්පය 1980 දී පෙරළියක් ඇති කලේ එහිදී සෙන් මහතා විසින් ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්ෂික පුස්තකාලයට ඇතුලත් කර ඇත.

එලෙසම අමර්ත්‍ය සෙන් යනු 2005-2007 කාලයී බ්‍රිටැනිකා එන්සයික්ලොපිඩියා විශ්වකෝෂයේ කතෘ මණ්ඩලයේ උපදේශකවරයකු ද විය. 2008 දී ඉන්දියාව විසින් හාවඩ් විශ්ව විද්‍යාලයට ඩොලර් මිලියන 4.5ක් පරිත්‍යාග කලේ අමර්ත්‍ය සෙන් සහයෝගිතා අරමුදල පිහිටුවීම සඳහා සුදුසුකම් ඇති ඉන්දියානු සිසුන්ට කලා හා විද්‍යා උපාධි මෙම විශ්ව විද්‍යාලය ඔස්සේ පිරිනැමිමට අවස්ථාව සැලසිමටයි.

මෙතුමා උසස් ගණයේ පර්යේෂණ කෘතීන් සහ ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් රචනා කල අතර ඔහු පිලිබඳ චරිතාපදාන ද 20 කට අධික සංඛ්‍යාවක් ලියවී ඇත.ඔහු ලැබූ ආචාර්ය උපාධි සම්මාන 94ක් වන අතර අනිකුත් සම්මාන 30 කට අධික සංඛ්‍යාවක් දිනා ඇත.මේ අතරින් වටිනාම සම්මානය වන්නේ 1998 දී ඔහු දිනු නෝබල් අනුස්මරණ ආර්ථික විද්‍යා සම්මානයයි.ඇල්ෆ්‍රඩ් නෝබල් අනුස්මනරණය වෙනුවෙන් ස්වීඩන් බැංකුව විසින් පිරිනමනු ලැබිය.

ඔහු රචිත කෘතීන්.

Development As Freedom(1999)

Rationally and Freedom (2000)

The Argumentative Indian :Writing on Indian History, Culture and Identity(2005)

Aids Sutra (Untold Stories of India ) (1998)

More than 100 Million Women are Missing (The New York Review of The Book)

ඔහු සභාපතිත්වය දැරූ ආයතන.

Econometric Society (1984)

International Economic Association (1986-1989)

Indian Economic Association (1989)

American Economic Association (1994)

සාගතය ,මානව දර්ශනය ,මානව සංවර්ධන න්‍යාය , සුබ සාධන ආර්ථික විද්යාව , දරිද්‍රතාවය , ස්ත්‍රී පුර්ෂ සමජභාවයේ අසමානතාවය සහ දේශපාලන ලිබරල්වාදය පිලිබඳ ඔහුගේ යාන්ත්‍රණයෙදී ඔහුව වෘත්තීයෙ හර්ද සාක්ෂිය ලෙසද , අකාලික ආර්ථිකඥයා ලෙස විරුදාවලි ලත් ඔහු ගේ නාමය ලොව තවත් බැබලේවා !!!

මුලාශ්‍ර :

https://www.mapsofindia.com/my-india/india/who-is-amartya-sen

https://en.wikipedia.org/wiki/Amartya_Sen

https://www.nobelprize.org/prizes/economic-sciences/1998/sen/biographical/

https://www.britannica.com/biography/Amartya-Sen

පරිවර්තනය

නිලක්ෂි බණ්ඩාර.

16/01/2023.