ලොවක් මවිත කළ අජන්තා සිතුවම් ….

පලමු ලෙන.

මෙහි ඇති බොහෝ සිතුවම් බුද්ධ චරිතය සම්බන්ද සිතුවම් සහ ජාවා මූර්ති හා සම නිර්මාණ දක්නට ලැබේ.

තිවංක මුද්‍රාවෙන් සිටින තරුණයකුගේ රුව සුවිශේෂීය.ඔහුගේ හිස මැණික් ගල් ඔබ්බවන ලද ඔටුන්නකින්ද දකුණු ත සුදු නෙළුම් මලකින්ද යුක්තය.සිවුමැලි ඉරියව්වෛන් කාරුණික දෑසකින් යුක්ත මොහු තරමක ශෝකි ස්වරූපයකින් දක්වා ඇත.මොහු අවලෝකේතිශ්‍වර පද්මපාණී බෝසතුන් ලෙස හඳුන්වන අතර ඔහු වටා දිව්‍යාංගනාවන් සහ ගාන්ධර්වයෝ සිතුවම් කර ඇත.මින් විශ්වය ලෝකවාසින්ගේ දුක් සහ ආශාවන් පිලිබඳ අනුකම්ප කරන ආකාරයක් පෙන්වන බව ඇගවේ.

රජ සහ බිසව

මාලිගාවක රජ අභරණින් සැරසුනු රජු මැනික් කිරුළක් පැලඳ මාලයක් සහ වළලු වලින් සැරසී උඩුකය නිරුවත්ව සිටී.හිසේ මල් ගැවසූ බිසව රජුගේ පසකින් දක්නට ලැබෙන්නෙ සේවක සේවිකාවන්ද දක්වමිනි.වල් විදුනා සලමින් අඩවන් දෙනෙතින් යුක්තව උඩුකය විනිවිද පෙනෙන සේ ඇඳුම් සිතුවම් කර ඇත.

බන්දේසියක් රැගත් සේවිකාව.

හිස මලින් සරසා , ,ගෙල කෙටි සහ දිගු මාලවලින් සැරසි , කැරලි ගැසුණු කෙසින් යුක්තව, වමතේ බන්දේසියකින් යුතු ඇය මද සිනාවකින් යුතු යෞවනියකි.

තූර්‍ය වාදකයින් සහ නළඟනන්.

වස් දඬු පිබින වාදකයින් දෙදෙනෙකු මැද ඔටුන්නක් හිස රැඳි කතක් සහ හිස මල් ගැවසූ නාටිකාංගනාවන් දක්නට ඇත.

2 ලෙන.

නූතන සිතුවම් මෙහි අන්තර්ගත අතර ක්‍රම දෙකක සිතුවම් ඇත.ගුරුවරයාගෙත් ගෝලයාගෙත් සිතුවම් දක්නට ලැබේ.

9ලෙන.

ක්‍රි.ව 1 සියවසේ පැරණිතම සිතුවමින් යුක්ත වන අතර අමරාවතී ,භාරුත් සහ සාංචි ශෛලිය දැක්වෙන සිතුවමින් යුතු චෛත්‍ය ගුහාවකි.

10 ලෙන.

විසල් රැස්වීම් ශාලාවකින්‍ යුක්ත මුල් යුගයේ චෛත්‍ය ගුහාවකි.ශාලාවේ වහල ආරක්කු හැඩයකින් යුක්තය.ගල්කුළුණු 39කින් යුතු අර්ධ ගෝලාකර හැඩයක් ගත් වහලකින් සමන්විතය.

ස්වර්ණමය යුගය සේ හැඳින්වෙන ගුප්ත යුගයේදී සිදු කල නිර්මාණයක් වන අතර එම ශාලාව අඩි 95ක් අඟල් 6 දිග අඩි 41 ක පළලකින් සහ උස අසි 36කින් යුක්ත බව පුරා විද්‍යයාඥ ලූඩර් ගේ මතයයි.

16 ලෙන.

ක්‍රි.පූ 5 ස් වන සියවසේ ඇඳි සිතුවම් ලෙස පැවසෙන අතර ලෙනේ පිට පැත්තෙ ලෙන කරවා ඇත්තෙ වාකාටක රජුන්‍ගෙන් කෙනෙකු (හරිහේන රජු) ගේ ඇමතිවරයකුයැයි සඳහන් වේ.

17 වන ලෙන

බුදුන්ට දන් පිලිගන්වන යශෝදරාවන් සහ රාහුලයන්.

මෙහි ඇති දන් පිලිගන්වන මව සහ දරුවාගේ සිතුවමින් ආගමික හැඟීමක් දැනවෙන අතර බුදු රුව අවධානය ලැබෙන ලෙස විසල්ව ගොඩ නගා ඇත.දෙවියෙක් බුදුන්ට ඉහලින් මුතු කුඩයක් ඉහාඅ ඇත.සිරිපා තණකොළ වලින් ආවරණය වී ඇත.

මාලිග දර්ශනය.

පලතුරු ගස් සහ මල් පිරි උද්‍යානයක මැද ඇති මාලිගයෙ ජනේලයකින් කාන්තාවන් දෙදෙනෙකු පිටත බලා සිටී.පිටත සේසතක් රැගත් සේවිකාවක් සහ බිසවක් හා පිරිවර සේනාවකින් යුක්ත සිතුවමකි.

භික්ෂු පිරිස.

දෑත් එක් කොට වැඳ සිටින හිසකේ වැවී භික්ෂූන් ද භික්ෂුණියන්ද යන්න හඳුනා ගත නොහැකි හිමිවරුන් රැසකි.පිරිසක් කමිසයක් මෙන් වූ ඇඳුමක් ඇද ඇති අතර , ඒ උඩ ඒකාංශ පොරෝනයක් ඇඳ ඇත.නෙත් එකම ඉල්ලකයක් වෙත යොමුව ඇති අතර කළු වර්ණයෙන් කළ රේඛා නිසා සිතුවම් කැපී පෙනේ.පසු තලයේ අශ්වාරෝහකයකු දක්නට ලැබේ.

රජ සහ බිසව.

මණ්ඩපයක පෙම් සුව විඳින රජ හා බිසව සහ මණ්ඩපයට ඉහලින් කාන්තා රූ දක්නට ඇත.මණ්ඩපයේ කැණි මඩල ගොක් ගෙඩියක ස්වරූපය ගත් පුන් කලසකි.

දිව්‍යාංගනා රූ.

මලින් හිස ගැවසූ නළල් පටකින් යුතු දිව්‍යාංගනාවකි.ගෙල මැණික් මුතුහරකින්ද නිල් ගලින් යුතු පෙති සහ එල්ලෙන මුතු දැ සහිත කර මාලයකින් යුතුය. කන විශාල වෘත්තාකාර කරාබු පැලඳි ඇයගෙ අඩවන් නෙතු සොඳුරුය.

ඉන්ද්‍ර දේව රුව.

උස් හිස්වැස්මක් පැලඳ ,මාලයක් රැඳි ගෙල වලලු දැමූ අත් සහ බාහු ද , උරහිසක් මත ඒකාංශගතව පැලඳි මුතුහරක් ද ඇතිව කඩුවක් ඉනේ පැලඳි ප්‍රතාල රුවකි.දෙවඟනන් අඳුරු පැහැයෙන් යුක්ත වන අතර පිටුපස දෙවඟනන් රැසකි.

අජන්තා ලෙන් සිතුවම් බෙහෙවින්ම පිලිරූ ( portrait ) වන අතර ගුප්ත යුගයේ වාකාටක රජ සමයේදී නිර්මාණකරනය අරඹා ඇත.

නමුදු ගුප්ත යුගයේ පිරිහීමත් සමග මෙන සුවිශේෂී කලාවේද පිරිහීම ඇරඹුණි.

ඒ අතරම බෞද්ධ දර්ශනයේද විසල් වෙනස්කම් රැසක් සිදුවීම ඇරඹුණු අතර හීනයානය අභාවයට ගොස් මහායානය ව්‍යාප්ත වීම ඇරඹිණි.

ෆර්ගියුසන්ට සහ බර්ගස් යන ඉතිහාසඥයින්ට අනුව මෙම ලෙන් සිතුවම් වර්ග දෙකක් වේ.

1.විහාර ( සංඝ වාසය)

2. චෛත්‍ය ( මහා චෛත්‍ය )

සංඝ වාස ලෙන් ගල් කාමර සහ ගල් ඇඳන් වලින් යුක්ත වන අතර කොරිඩෝ සහිත විහාරද කුළුණු 20කින් ආවරණය වන සීලිමකින්ද , බුදු පිලිමයක් , මැද සාලයකින් ද යුක්තය. මෙම ශාලාව කුඩා ලෙන් කුටි 14 කින් යුක්ත වේ.

චෛත්‍ය ශාලා ලී භාවිත ගෘහ ක්‍රමය සේම නිර්මිත අතර පොටිකෝ සහ දේව රූ කැටයම් කළ විමානයන් දක්නට ලැබේ.එමෙන්ම විසල් කුළුණු 39 කින් රැඳවූ ගෝලාකාර වහලයකින් ද යුතු ශාලාවක් ඇත.

ලෙන් වල ඇති සිතුවම් අතර ඇති ජාතක කතා ආලය, කරුණාව ,මෛත්‍රීය, ප්‍රිතිය, ශෝකය, මරණය ආගම් සහ අනිත්‍ය නිරූපණය කරන අතර භාවිත වර්ණ අතර රතු, යෙලෝ ඕකර්, ටෙරා වර්ඩ්ස් ,ලාම්පු දැලි සහ සුදු ගුරු පාට දක්නට ඇත.

නිලක්ෂි බණ්ඩාර
10/12/2022