WordPress WooCommerce Themes

නිල් කට්රොල් 

ඉෂාරා තරංගනී අමරසිංහ,
කැලණිය විශ්වවිද්‍යාලය.

යථාර්ථවාදී කලාව අපිට පැහැදිලිව හඳුනා ගන්න ලැබෙන්නේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ. කෙටියෙන් ම කියනවානම්, පවතින තත්ත්වය එලෙසින් ම විස්තර කිරීමයි එයින් කියවෙන්නේ. පසුකාලීනව මෙම යථාර්ථවාදය මූලික කරගෙන උපශානර දෙකක් නිර්මාණය වෙනවා. ඉන් එකක් තමයි මායා යාථාර්ථවාදය ( magical realism). අනික අධි යථාර්ථවාදය ( surrealism ). මං මුලින් කිව්ව මායා යාථාර්ථවාදය කෙනෙක් ෆැන්ටසියක්, මැජික් දෙයක් විදියට වටහා ගන්නවා. ඇත්තටම මායා යථාර්ථවාදය හරහා වෙන්නේ ෆැන්ටසියත්, යථාවත් අතර වන රේඛාව බෙදා හැරීමක්.. ඒ කියන්නේ මායාව තුළින් යථාර්ථවාදය ඉස්මතු කිරීම. ලෝකයාගේ ම ඇස් මායා යාථාර්ථවාදය වෙනුවෙන් විවර වෙන්නේ මාකෙසිගේ ” සියක් වසක හුදෙකලාව ” කෘතිය හරහා. මං මේ කාරණාවේ දී මුලින් ම මායා යාථාර්ථවාදය ගැන කිව්වේ, මඩවලයන්ගේ මේ ” නිල්කට්රොල් ” කෘතියත් අන්න එහෙම නිසා. මං හිතන්නේ අපි හැමෝම දන්න කාරණාවක් තමයි, මාතර – මහනුවර යුග කියන්නේ පිරිහෙලුණු ලක්ෂණ දක්නට ලැබුණු යුගයක්. ඊට හේතුව වුනේ අපේ සාහිත්‍යය ගිහියන් අතට පත්වීම. එසේ බිඳවැටීමට, පිරිහීමට බලපෑ මූලිකම හේතුව බවට පත් වූයේ ” ඕලාරික රතිය ” මං මේ කෘතිය පුරාම දැක්කේ ඒක. ඔව්.., ඒ ඕලාරික රතිය දැක්කේ මං. සංතෘප්ත කරගන්න බැරි ලිංගික ආශාවන් ඔහේ වක්කඩ කැඩුවා වගේ මුළු කෘතිය පුරාම දකින්න පුළුවන්. හපෝ, චී කියලා ඒවා අයින් කරන්න ඕනේ කියලා මං කියන් නෑ. හැබැයි, ඕනේ ම දෙයක් ඕනෙවට වඩා ඕනේ නෑ. පොත පුරාම තියෙන්නේ කාමුකත්වය. සමහර තැන්වල මායාව කියන මැජික් බලය නිරවද්‍ය ලෙස භාවිත වුනාද කියලා කුහුල මතු වුනා. සමහර තැන්වල ක්ලාන්ත වෙලා බිම ඇදන් වැටෙන අවස්ථා, අධික ශබ්දයට කන් අඩි පැළෙන ඒවා, යෝධ ශරීර ඇති මිනිස්සු කායිකව එකතු වෙන අවස්ථා.. විස්තර කරන අවස්ථා.. ඒවා මායාව නෙවෙයි. මට අනුව අතිශයෝක්තිය. තවත් පැත්තකින් ගත්තොත් අවස්ථා හා සිද්ධි නිරූපණය.. නිල්පැහැති පිටුවලින් දැක්වීම වෙනස් අත්දැකීමක් වුවත් පරිච්ඡේදවලට කැඩීම මත නිරවුල් බවක් තිබෙනවා ද? යන්න පිළිබඳව කෙනෙක්ට ගැටලු මතුවෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ඉතිහාස කාරණා ආයේ අයේ ම සිහිපත් කරන්න, එදා අද සමාජ ස්ථර මත ඝට්ටනයේ ස්වරූපය දැක්වීමට මඩවලයන් ගත් වෑයම අගය කළ යුතුම යි. නිල් “කට්රොල්” යන නාමය ම ලිංගිකත්වයේ සංකේතයක්. පණ්ඩිත් අමරදේවයන්ගේ ” වක්කඩ ළඟ දිය වැටෙන තාලයට ” ගීතය ශ්‍රවණය කිරීමේදී ද මෙය මැනවින් වටහා ගන්න පුළුවන්. කෙසේ නමුත් මගේ අදහස ප්‍රේමය යැයි පවසා නිශ්චිත විවරණයක් අපිට ලබාදෙන්න බැරි බවයි. ඔව්ව්, ප්‍රේමය යනු ; එකිනෙකට සාපේක්ෂ හැඟීමක්. මා දකින ප්‍රේමය ඔබ එසේ නොදැකීමට ද පිළිවන..

 

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...