(රුදුරු ආත්මයක තිබූ සොඳුරු රැකවරණය )
ගොම්මන් කළුව රජයන මූකලානක
මළ හිරු රැස් වැටී නලියන දිහාවක
වවුලන් නගන හඬ පැතිරුන වෙලාවක
වනපෙත පුරා නැගුනා හඬ විලාපෙක
සිත්පිත් නොමැති රත්පැහැ නෙත් යොමාගෙන
පිරිසක් සිටියි දැරියක් වටකර හඬන
වන පෙත සරණ හඬ ඇය පිහිටක් යදින
ඇසුමට කෙනෙක් නැත ඒ පෙදෙසට යනෙන
දෙවියන් පිහිට යැද්දත් එය කන වැකෙන
සීමාවක නොවෙයි කිසි දෙවියෙක් එතැන
වනපති මහා රුක් අතරින් පැන නගින
ගෝශාවක් පමණි එහි ඇත්තේ ඇසෙන
අත පය පවා හොලවන්නට බැරි ලෙසට
සීතල සුලං රැල්ලක් පැතිරෙයි අවට
සර සර හඬ නගන තුරු පඳුරින් එපිට
බියකරු හඬක් රැවු දෙන්නට විය එවිට
කලුවර වළාවක් පුර හඳ වසාගෙන
අඳුරක් පැතිරුණා දස අත වෙලාගෙන
පණ ඇති මිනිහෙකුට කිසි විට සම නොවෙන
උස් රූපයක් ඇදුනා ඇස් බමාගෙන
වටපිට එකිනෙකා නැගු මර හඬ ඇසුනා
ටික ටික අවට හඬවල් නොඇසී මැකුනා
ගොරහැඩි රුදුරු හඬකින් ඇමතුම් කෙරුනා
ලදැරිය බියපත්ව වටපිට නෙත් හැරුනා
උඹ කෙලසන්න හැදු උන් ආපහු එන්න
බැරි ලෙස එවුන් යැව්වා පරලොව ඔන්න
ආපහු උබෙ ගමට මෙතුවක් උබ උන්න
පලයන් රැකී මවු පියො ගාවම ඉන්න
දෙවිදේවතාවුන් නැතුවට සැරි සරණ
රුක් දෙවිවරුන් අඳුරට නිති අත වනන
මේ වන පෙත මගෙයි මගෙ අනසක පේන
නාඬන් දුවේ මම රිටිගල ජයසේන
-සවි-
සවිඳු ආලෝක
කළුකර ඥානෝදය මහා විද්‍යාලය