තිසූ ගේ කවිය (2022.07.09)

පෝලිම

පසු පසම පේළි වල 
පිස්සු නටනා මා සබඳ
ඉදිරිපස පෝලිම් වල 
ඉගෙනගන්නා අප
සෑම දිනකම අත්පොළසන් 
තුටු වෙන අප හදවත්
නමුදු පිටුපස කොන් වී ඔහු ඇයිද මේ
ගුරුවරුන්ගෙන් බැනුම් අසනා අපූරුව 
කාලකණ්ණි යැයි නම් ගොතනා ලෝකය 
රස්තියාදු චරිතයක් ලෙස හංවඩු ගැසෙන
සෑම දිනකම අසමත් ඔහු 
නින්දා අපහාස මැද
මා පැසසුම් බොහෝ මැද 
වෙනස කුමක්ද ? 
නොතේරෙයි මට 
වියරුවෙන් සිනා සී ඔහු 
මට අතට අත දී
සුබ පැතුම් පිරිනමා 
ගිය දා තවමත් මතකය
සෑම දිනකම පැසසුම් ලැබුවේ ඉදිරිපස පේළි පමණක් ද ? 
ගැරහුම් ලැබුවේ පිටුපස පේළි පමණක් ද? 
අදට ත් වලංගු මතයකි මෙය , වෙනස් කළ යුතු නොවෙද මෙය , පෝලිම 
තිසූ )