මා ප්‍රථමයෙන් කවි ලොවට වරම් ලත් අතීතාවර්ජනයේ නොමියෙනා මතකයක්
නූතනම කිවිඳියකට …..
වියරුවෙන් සිනාසෙන
දනන් දෙස බලා නෙක
සානුකම්පිත හුස්ම
පොදක් ඉහළට ගන්න
ඔවුන් මුහුණට එබී
දෑස් පතුළට ගිලී
හදවතේ මුදු සුවය
හැකි වුණොත් සිපගන්න
එවන් කවියක පුසුඹ
දැනේ මා හදවතට
වස් ගණන් පුරන් වූ
සිත් කෙමෙන් අස්වදින
තනි ගෙවිලියක මතක
මල් මුවනත ඇදෙන
මේ ප්‍රයාණය හොඳයි
හැකිය අත් ඔසවන්න
තව යන්න තව යන්න
අර….ඉරත් අල්ලන්න
( ප්‍රයාණය – දීර්ඝ චාරිකාව )
( තිසූ)