WordPress WooCommerce Themes

ඉන්දීය රාජධානි හා පාලකයෝ

අංග රාජ්‍යය – ධනරට්ඨ රජු(මහා ගෝවින්ද සූත්‍රය අනුව)

අර්ජුනායන –

අවන්ති රාජ්‍යය – වෙස්සභූ(මහාගෝවින්ද සූත්‍රය අනුව), චණ්ඩපජ්ජජෝත, විශාකයුප, අජක, නන්දිවර්ධන

අස්සක රාජ්‍යය – බ්‍රහ්මදත්ත(මහාගෝවින්ද සූත්‍රය අනුව)

ආභිර(වයඹ ඩෙකෑනය) –  මාථරීපුත්‍ර ඊෂ්වරවර්මන්

ඇසෑම් –  භාස්කරවර්මන්

ඉක්ෂුවාක වංශය(සාතවාහන සාමන්ත පෙළපත) –

ඉන්දු ග්‍රීක/යවන – ඇන්ටියෝකස්, මෙනැන්ඩර්(මිලින්ද), ස්ට්‍රේටෝ, හර්මයියෝස්

ඖලික(මාලව උප ගෝත්‍රය) – ය‌ශෝවර්මන්

කාදම්භ – කාකුස්ථිවර්මන්

කාන්ව – වාසුදේව, සුසර්මන් (අවසන් කාන්වයා)

කාම්බෝජ රාජ්‍යය –  චන්ද්‍රවර්මන්, සුදක්ෂිණ

කාලිංග – අනන්තවර්මන් චෝඩගංග

කාසි රාජ්‍යය – බ්‍රහ්මත්තවරු,මනෝජ(සෝණ නන්ද ජාතකය අනුව)

කුරු රාජ්‍යය –  ධනංජය, කෞරව්‍ය, සුතසෝම, ඉක්ෂුකාර(ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය අනුව)

කුෂාණ(මුලින් යු – එ – චී) – කුජුල කැඩ්ෆයිසස්(තියෝ ෂියෝ තියෝ), වීමා කැඩ්ෆයිසස්, / කණිෂ්ක, හුවිෂ්ක, ජුෂ්ක(රාජතරංගනිය අනුව මේ තිදෙනා තුරුෂ්ක හෙවත් තුරික් ගෝත්‍රිකයින් ය ) /වශිෂ්ක, වාසුදේව(අවසන් කුෂාණ පාලකයා)

කේරළ – භාස්කර රාජවර්මන්

කෝසල රාජ්‍යය – මන්දාති, පුරුකුත්ස, ත්‍රාසදස්යු, ප්‍රසේනජිත්,විඩූබභ

ගාන්ධාර රාජ්‍යය – නග්නජිත්, පුක්කුසාති

ගුප්ත සාමන්තයෝ(කාතියවාරය) – පණිදත්ත, චක්‍රපාලිත

ගුප්ත(පශ්චාත්) – මහාසේන ගුප්ත

ගුප්ත – මහාරාජ ශ්‍රි ගුප්ත(අරම්භකයා), මහාරාජ ශ්‍රී ඝටෝත්කච ගුප්ත, මහාරාජාධිරාජ ශ්‍රී චන්ද්‍රගුප්ත(ක්‍රි.ව.320 –

335), කාජ(?), සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376), රාමගුප්ත(?), දෙවන චන්ද්‍රගුප්ත(ක්‍රි.ව.376 – 415), කුමාරගුප්ත(ක්‍රි.ව.415 –

454), ස්කන්ධගුප්ත(ක්‍රි.ව.455 – 467)(අවසන් ප්‍රබලයා), පුරුගුප්ත, බුද ගුප්ත, වෛන්‍යගුප්ත, නරසිංහ ගුප්ත, භානු ගුප්ත,බාලාධිත්‍ය නරසිංහ ගුප්ත,දෙවන කුමාර ගුප්ත, තෙවන කුමාර ගුප්ත,විෂ්ණු ගුප්ත,

ගුර්ජර ප්‍රතිහාර –  හරිචන්ද්‍ර බ්‍රාහ්මණ(ආදිතමයා), දෙවන දද්ද, පළමු නාගභට(ක්‍රි.ව.730 – 756)(අරාබි ආක්‍රමණ පරාජය කළ රජු), වත්සරාජ, දෙවන නාගභට, රාමභද්‍ර, මිහිරභෝජ, මහේන්ද්‍රපාල (මහේන්ද්‍රායුධ), මහීපාල(විනයකපාල),දෙවන මහේන්ද්‍රපාල, දේවපාල(ක්‍රි.ව.948 – 949), දෙවන විනයකපාල(ක්‍රි.ව.953 – 959), මහීපාල(ක්‍රි.ව.959), විජයපාල(ක්‍රි.ව.960), ත්‍රිලෝවනපාල(අවසන් පාලකයා/ඝෂ්ණි මුහම්මද් අතින් මියයයි. )

ගෞඩ – සාසංක

චාලුක්‍ය – දෙවන පුලකේෂී(ක්‍රි.ව.609 – 642), පළමු වික්‍රමාදිත්‍ය(ක්‍රි.ව655 – 680)(,විනයාදිත්‍ය(ක්‍රි.ව.680 – 696),විජයාදිත්‍ය(ක්‍රි.ව.696 – 733), දෙවන වික්‍රමාදිත්‍ය(ක්‍රි.ව.733 – 746), දෙවන කීර්තිවර්මන්(ක්‍රි.ව746 – 757)(අවසන් බටහිර චාලුක්‍යයා) තෛල(ක්‍රි.ව.973 – 997)(කල්‍යානි වංශයේ ආරම්භකයා)නරේන්ද්‍ර මෘගරාජ(ක්‍රි.ව.799 – 843)(නැගෙනහිර චාලුක්‍ය වංශයේ වඩාත් ප්‍රබලයා)රාජරාජ නරේන්ද්‍ර(ක්‍රි.ව.1019 – 1061)(රාජේන්ද්‍ර චෝළ රජුගේ දියණිය වූ අම්මංගයම්මා විවාහ කරගත් රජු), සත්‍යශ්‍රය(ක්‍රි.ව.997 – 1008)(බටහිර චාලුක්‍ය), ශක්තිවර්මන්(චෝළ උපකාරයෙන් බලයට පත් නැගෙනහිර චාලුක්‍යයා)විමලාදිත්‍ය(නාගෙනහිර චාලුක්‍ය, රාජරාජ චෝළ රජුගේ දියණිය වූ කුන්දවා කුමරිය විවාහ කරගත් රජු)

චේදි රාජ්‍යය – ධාමඝෝෂ, ශිෂුපාල, සුනීත, දෘෂ්ඨකේතු, ශරබ,

චෝළ –  විජයාලය චෝළ(ක්‍රි.ව846 – 871 )(අරම්භකයා), පළමු ආදිත්‍ය(ක්‍රි.ව871 – 907), පළමු පරාන්තක(ක්‍රි.ව.907 – 953), රාජාදිත්‍ය(ක්‍රි.ව.947 – 949), භණ්ඩාරාදිත්‍ය, දෙවන ආදිත්‍ය(ක්‍රි.ව.959 – 969), දෙවන පරාන්තක(ක්‍රි.ව.956 – 973), සුන්දර චෝළ, පළමු රාජ රාජ(ක්‍රි.ව.985 – 1016), පළමු රාජේන්ද්‍ර(ක්‍රි.ව.1016 – 1044), පළමුරාජාධිරාජ(ක්‍රි.ව.1044 – 1052), දෙවන රාජේන්ද්‍ර(ක්‍රි.ව.1052 – 1064), පළමු වීර රාජේන්ද්‍ර(ක්‍රි.ව.1064 – 1070), අධිරාජේන්ද්‍ර(ක්‍රි.ව1067 – 1070)(ශෛව_වෛශ්ණව ආගමික ගැටුමෙන් මිය ගිය රජු), පළමු කුලෝත්තුංග(ක්‍රි.ව.1070 – 1120),

නන්ද රාජවංශය – මහා පද්මනන්ද(ක්‍රි.ව.362 – 334), ධනනන්ද

නාග ගෝත්‍රික – ගණපති නාග, නාගෙසේන, අච්‍යුතනාග

පංචාල රාජ්‍යය – චූලනී බ්‍රහ්මදත්ත(උම්මග්ග ජාතකය, රාමායනය, ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය,ස්වප්නවාසවදත්තා අනුව),දුර්මුඛ(කුම්භකාර ජාතකය අනුව)

පද්‍යෝත රාජවංශය(මගධ රාජ්‍යය) – පද්‍යෝතවරු

පල්ලව –  බප්පදේව(ආරම්භකයා),භාරද්වාජ ගෝත්‍රයේ ශිව ස්කන්ධවර්මන්(වඩාත් වැදගත් පළමුවැනියා) අලහබාද් ප්‍රශස්තියේ එන කාංචියේ විෂ්ණුගෝප(?), සිංහ විෂ්ණු, පළමු මහේන්ද්‍රවර්මන්, පළමු නරසිංහවර්මන්(ක්‍රි.ව.642 – 668), දෙවන මහේන්ද්‍රවර්මන්, පළමු පරමේෂ්වරවර්මන්(ක්‍රි.ව.674),  දෙවන නරසිංහවර්මන්, දෙවන පරමේෂ්වරවර්මන්, දෙවන නන්දිවර්මන්(ක්‍රි.ව.717 – 782), දන්තිවර්මන්(ක්‍රි.ව.776 – 828), තුන්වන නන්දිවර්මන්, නෘපතුංගවර්මන්,

පාණ්ඩ්‍ය – කඳුන්ගොත්(කඩුන්ගොත්)(ක්‍රි.ව.590 – 620), අවනි ශුලාමනී(ක්‍රි.ව.620 – 645), ශෙන්දන්(ක්‍රි.ව.654 – 670), අරිකේෂරී මාරවර්මන්(ක්‍රි.ව.670 – 700), කෝච්චඩයියන්(රණධීර)(ක්‍රි.ව.700 – 730), පළමු රාජසිංහ මාරවර්මන්(ක්‍රි.ව.730 – 765), ජටිල පරාන්තක(ක්‍රි.ව.765 – 815)(පළමු වරගුණ මහාරාජ) ශ්‍රී මාර ශ්‍රී වලල්භ(ක්‍රි.ව.815 – 863), දෙවන වරගුණවර්මන්(ක්‍රි.ව.862 – 880), පරාන්තක වීරනාරායන(ක්‍රි.ව.880 – 900), දෙවන රාජසිංහ මාරවර්මන්(ක්‍රි.ව.900 – 920), ජටාවර්මන් කුලශේඛර(ක්‍රි.ව.1190 – 1216)(දෙවන පාණ්ඩ්‍ය වංශයේ ආරම්භකයා), මාරවර්මන් සුන්දර පාණ්ඩ්‍ය(ක්‍ර.ව.1216 – 1238), ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය(කාලංගමාඝ පලවා හැරිමට ලංකාවේ දෙවන පරාක්‍රමබාහු රජුට උපකාර කළ රජු),මාරවර්මන් කුලශේඛර(ලංකාව ආක්‍රමණය කර දළදා වහන්සේ රැගෙන ගිය පාලකයා) අමරභුජංග

පාර්තියන්(පහ්ලව) – මිත්‍රඩේටස්(පළමු ස්වාධීන පාර්තියන් පාලක), ගොණ්ඩෝපර්නිස් (පළමු ඉන්දීය පාර්තියන් පාලක)

පාල – ගෝපාල(ක්‍රි.ව750 – 770)(අරම්භකයා)ධර්මපාල(ක්‍රි.ව.770 – 810)(රත්නාදේවී ගේ ස්වාමියා), දේවපාල(ක්‍රි.ව810 – 850),ව්‍යාඝ්‍රපාල(බලයට පැමිණ තෙවසරකට පමණ පසු මහණ විය.), නාරායනපාල, රාජ්‍යපාල(තෙවන ක්‍රිෂ්ණගේ පුත් ජයතුංගයන්ගේ දියණිය විවාහ කරගත්තේ ය.), කේඩාරමිත්‍ර, රාජ්‍ය පාල, දෙවන ගෝලපාල, දෙවන ව්‍යාඝ්‍රපාල, ජයපාල, ආනන්ද පාල, ත්‍රිලෝචනපාල

පුෂ්‍යභූති – ප්‍රභාකරවර්ධන, රාජ්‍යවර්ධන, හර්ෂවර්ධන(ක්‍රි.ව.606 – 647),

බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය) – ජරාසන්ධ,සහදේව, සෝමාධි, රිපුන්ජය

බෝධි පාලකයෝ –  ශිව බෝධි, චන්ද්‍ර ‌බෝධි, වීර බෝධි

මත්ස්‍ය රාජ්‍යය – දෛවතවන රජු(බ්‍රාහ්මණ ග්‍රන්ථ අනුව), විරාට රජු(මහාභාරතය අනුව)

මල්ල රාජ්‍යය – ඔක්කාක(කුස ජාතකය අනුව), මහාසුදස්සන(මහාසුදස්සන ජාතකය අනුව)

මාලව(මාලව නගර් අගනුවර කරගත්) – දේවගුප්ත

මුස්ලිම්(නායකයෝ හා භාරකරුවෝ) –  මොහොමඩ් ඉබන් කාසීම්, සබුක්තිජින්, ශියාබ් උද් දීන් මුහම්මද්(ඝූර්හි මුහම්මද්) ඝෂ්නි මුහම්මද්, කුටුබ් උද්දීන් අයිබෙක්(භාරකරුවෙකි),
චන්දෙල්ල –  පෘථිවිරාජ්

මෛත්‍රක – ධරසේන, භටාර්ක, ද්‍රෝණසිංහ, ධර්මාදිත්‍ය, ධාරාසේන

මෞඛරී – ඊෂාණවර්මන්(රාජාධිරාජ), අවන්තිවර්මන්, ග්‍රහවර්මන් (රාජ්‍ය ශ්‍රී කුරියගේ ස්වාමියා)

මෞර්ය – චන්ද්‍රගුප්ත මෞර්ය(ක්‍රි.පූ.322 – 298)(අරම්භකයා), බින්දුසාර( ක්‍රි.පූ. 298 – 273), අ‌සෝක(ක්‍රි.පූ. 269 – 232), / දශරථ, සම්පති, ශතධන්වා, බහද්රථ(මත්ස්‍ය පුරාණය අනුව), / කුණාල, බන්ධුපාලිත, ඉන්ද්‍රපාලිත, දේවවර්ම, ශතධනු, බෘහද්රථ(වායු පුරාණය අනුව) / ජලෞක, වීරසේන
හර්යංක – භට්ටිය, බිම්බිසාර, අජාසත්ත,

රාෂ්ට්‍රකූට – දන්තිදුර්ග(ක්‍රි.ව.754), පළමු ගෝවින්ද, පළමු ක්‍රිෂ්ණ(ක්‍රි.ව.768 – 772), දෙවන ගෝවින්ද, ධ්‍රැව(ක්‍රි.ව.772 – 779), තුන්වන ගෝවින්ද(ක්‍රි.ව.793 – 814)(ජගත්තුංග),අමෝඝවර්ෂ(ක්‍රි.ව.814 – 877)(සර්ව),ලෝකාධිපත්‍ය, දෙවන ක්‍රිෂ්ණ(ක්‍රි.ව.877 – 913), තෙවන ඉන්ද්‍ර(ක්‍රි.ව.915 – 917), දෙවන අමෝඝවර්ෂ(ක්‍රි.ව.917 – 918), සිව්වන ගෝවින්ද(ක්‍රි.ව.918 – 934), තෙවන අමෝඝවර්ෂ(ක්‍රි.ව.934 – 939), තෙවන ක්‍රිෂ්ණ(ක්‍රි.ව.939 – 968), චක්‍රායුධ, තුංග, ඛොට්ටික(ක්‍රි.ව.968 – 972), දෙවන කර්ක,

වකාටක(සාතවාහන සාමන්ත පෙළපත) – වින්ධ්‍යා ශක්ති, පළමු ප්‍රවරසේන, රුද්‍රසේන ii,

වජ්ජි රාජ්‍යය – විදේහ කුලය, ලිච්ඡවි කුලය, ඤාත්‍රික කුලය, වජ්ජි කුලය, උග්‍ර කුලය, භෝග කුලය, ‌ඓශ්වාක කුලය, කෞරව කුලය

වත්ස්‍ය රාජ්‍යය – උදයන(ධම්මපදට්ඨකතාවේ උදේන නමින් ඇත.)

වලභි –  දෙවන ධ්‍රැවසේන(හර්ෂවර්ධන දියණියගේ ස්වාමියා)

වාහ්ලික –

වෙංගි පාලකයෝ – විෂ්ණුවර්ධන

ශක – මාවුස්(මෝඝ)(ආරම්භකයා), නහපාන,චස්ටන(කදර්මක පෙළපත), රුද්‍රදාමන්(කදර්මක පෙළපත)රුද්‍රසිංහ iii

ශුංග –  පුෂ්‍ය මිත්‍ර(ක්‍රි.පූ.187 – 151)ආරම්භකයා), අග්නිමිත්‍ර, වසුමිත්‍ර, සුජ්‍යේෂ්ඨ, භාගභද්‍ර කාසිපුත්‍ර ,

ශෛලේන්ද්‍ර –  බාලපුත්‍රදේව, මාරවිජයෝත්තුංගවර්මන්

සාතවාහන(සාතකර්ණී) –  සිමුඛ(ආරම්භකයා), කෘෂ්ණ(කණ්හා), ගෞතමී පුත්‍ර ශාතකර්ණී(දෙවන යුගයේ ආරම්භකයා), වශිෂ්ඨපුත්‍ර පුළුමායි, වශිෂ්ඨපුත්‍ර ශිව ශාතකර්ණී, යඥ ශ්‍රී ශාතකර්ණී(අවසන් ප්‍රබලයා), ගෞතමීපුත්‍ර බාලශ්‍රී,

සිසුනාග රාජවංශය – සිසුනාග, ක්ෂෙමධර්මන්, ක්ෂත්‍රවුජ, කාලාශෝක(කාකවර්ණ)

සූරසේන රාජ්‍යය – අවන්තිත්පුත්ත රජු

හරියංක වංශය – භට්ටිය, බිමිබිසාර(ක්‍රි.පූ.542 – 490), අජාසත්(අජාතශත්‍රැ) (ක්‍රි.පූ.490 – 458), දර්ෂක, උදායින්(උදයබද්ධ),අනුරුද්ධ, මුණ්ඩ, මුණ්ඩ, නාගදශක,

හූන –  තෝරමාන, මිහිරකුල

හොයිසල – දෙවන නරසිංහ(චෝළ රාජ්‍ය ප්‍රතිෂ්ඨාපනාචාර්ය)

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...