WordPress WooCommerce Themes

විරුද හා අන්වර්ථ නාම-ඉන්දියා ඉතිහාසය

අධිරාජ්‍යවාදයේ තොරණ= හින්දුස්ථානි තැනිතලාව

අන්තක(යම)-දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.

අප්‍රතිහත ඡත්‍ර –  පළමු ශාතකර්ණී රජු( ක්‍රි.පූ 1සියවස)

අවනි සිංහ –  පොළවට අධිපති සිංහයා යන අරුත දෙයි පල්ලව වංශයේ සිංහ විෂ්ණු රජු(ක්‍රි.ව 575 – 600) මෙය භාවිතකළේ ඔහු චෝළ පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශ අල්ලාගත් නිසා ය.

අවනිජනාශ්‍රය – දෙවන වික්‍රමාදිත්‍ය රජු පළමු වික්‍රමාදිත්‍ය රජුගේ සොයුරාගේ පුත්‍රයාවූ පුලකේශී කුමරාට දුන් විරුදනාමය. ඒ අරාබි ආක්‍රමණ මර්දනය කිරීම නිසාවෙනි. මෙහි අරුත ලොවට පිහිටවන්නා යන්නයි.

අශෝක රජු – දෙවන පිය පියදස්නීන්

ඉන්දියාවේ දොරටුව= කයිබර් දුර්ගය

ඉන්ද්‍ර-දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.

උත්තරාපථස්වාමී – ධර්මපාල රජු(ක්‍රි.ව 770 – 810)(පාල රාජවංශය)

ඒක බම්මණා – බමුණන්ගේ එකම ආරක්ෂකයා හෝ උත්තම බ්‍රාහ්මණයා යන අරුතින් ගෞතමීපුත්‍ර ශාකතර්ණී රජුට නාසික් ප්‍රශස්තියේ මේ විරුදය දී ඇත.

ඒක්රාට්=පශ්චාත් වෛදික යුගයේ මතුවෙමින් ආ නායකයින් භාවිත කළ විරුදයකි.

ඒ්ක්රාත් –  මහා පද්මනන්ද(ක්‍රි.පූ.362 – 334)(නන්ද වංශය)

කඩාරම් කොණ්ඩ –  පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව 1014 – 1044)

කණිෂ්ක – දේවපුත්‍ර (ක්‍රි.ව.78 – 101)

කයිබර් දුර්ගය=ඉන්දියාවේ දොරටුව

කවිරාජ – සමුද්‍රගුප්ත (ගුප්ත රාජවංශය)

කුඤ්ඤරමල්ල –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව 907 – 953)

කුලෝත්තුංග I –  සුංගම් තවිර්ත(තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්)

කේරලාන්තක –  පළමු රාජ රාජ චෝළ රජු(ක්‍රි.ව 985 – 1014)

ක්‍රීටාන්තක – සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376)(ගුප්ත රාජවංශය)

ගංගෙයි කොණ්ඩ –  පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව 1014 – 1044)

ගරුඩද්වජ – වෛශ්ණව අභිදානයකි

ගුණහර – පළමුවන මහේන්ද්‍රවර්මන් පල්ලව රජු.

ගුප්ත කාසි වල ඇති විරුද නාම –  රාජාධිරාජ, පරම රාජාධිරාජ, රාජාධිරජංගී, රාජරාජාධිරාජ

ගෞතමීපුත්‍ර ශාතකර්ණී –  ඒක බම්මණා. බමුණන්ගේ එකම ආරක්ෂකයා හෝ උත්තම බ්‍රාහ්මණයා යන අරුතින් ගෞතමීපුත්‍ර ශාකතර්ණී රජුට නාසික් ප්‍රශස්තියේ මේ විරුදය දී ඇත. ඊට අමතරව වරවාරණ වික්‍රම චාරු වික්‍රම, රාජ රාජ මහාරාජ.

චක්‍රවර්තී පණ්ඩිත වත්සල –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව .907 – 953)

චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව.376 – 415) –  දේවගුප්ත, දේවරාජ, දේවශ්‍රී, පරම භට්ටාරක, වික්‍රමාදිත්‍ය, සිංහවික්‍රම

තෙළිඟුකුලකාල- පළමු රාජ රාජ චෝළ රජු (ක්‍රි. ව.985 – 1014)

දක්ෂිණාපථපති/දක්ෂිණාපථනාථ –  පළමු ශාතකර්ණී රජු

දන්තිදුර්ග රජු(ක්‍රි.ව. 733 – 758)(රාශ්ට්‍රකූට වංශයේ ) –  මහාරාජාධිරාජ, පරමේශ්වර, පරමභට්ටාරක

දශරථ රජු(අශෝක රජුගේ මුණුපුරු) – දෙවන පිය පියදස්නීන්

දෙවන පරශුරාම – මහා පද්මනන්ද(ක්‍රි.පූ 362 – 334)(නන්ද වංශය)

දෙවනපිය පියදස්නීන් – අශෝක රජු, දශරථ රජු(අශෝක රජුගේ මුුණුපුරු)

දේවගුප්ත – චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව 376 – 415)(ගුප්ත රාජවංශය)

දේවපුත්‍ර ශාහී ෂගානුෂාහී –  කුෂාණ පරපුරේ රජවරු(අලහබාද් ප්‍රශස්තිය)

දේවපුත්‍ර – කණිෂ්ක(ක්‍රි.ව.78 – 101)+

දේවරාජ – චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව.376 – 415) (ගුප්ත රාජවංශය)

දේවශ්‍රී – චන්ද්‍රගුප්ත ii((ක්‍රි.ව.376 – 415)ගුප්ත රාජවංශය)

දේවේන්ද්‍ර –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව 907 – 953)

ධනද(කුවේර) – දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.

ධර්මපාල රජු (ක්‍රි.ව 770 – 810)- (පාල රාජවංශය) උත්තරාපථස්වාමී

නන්දිවර්මන් ii- පල්ලවමල්ල

නරසිංහ වර්මන් I පල්ලව රජු(ක්‍රි.ව.630 – 668) –  මහාමල්ල, මාමල්ල, වාතාපි කොණ්ඩ(වාතාපිය ජයගත්)

පණ්ඩිත චෝළ –  පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව1014 – 1044)

පරකේෂරී වර්මන් –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව907 – 953)

පරම දෛවත පරම භට්ටාරක මහාරාජාධිරාජ –  උතුරු බෙංගාලයේ ශිලා ලිපි වල එන විරුදයකි.ගුප්ක යුගයට සම කාලයේ ය.

පරම රාජාධිරාජ –  ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.

පරමභගවත – වෛශ්ණව අභිදානයකි

පරමභට්ටාරක – චන්ද්‍රගුප්ත ii(376?)(ගුප්ත රාජවංශය), දන්තිදුර්ග රජු(රාශ්ට්‍රකූට වංශයේ )

පරමවෛශ්ණ – වෛශ්ණව අභිදානයකි

පරමේශ්වර –  දන්තිදුර්ග රජු(ක්‍රි.ව733 – 758) (රාශ්ට්‍රකූට වංශයේ ), දෙවන පුලකේශීන්(චාලුක්‍ය වංශයේ)

පල්ලවමල්ල-දෙවන නන්දිවර්මන්

පරාන්තක I චෝළ රජු(ක්‍රි.ව.907 – 953) –  මදුරෙයි කොණ්ඩ(මදුරාව ජයගත්), මදුරෙයියුම් ඊළමුම් කොණ්ඩෙයි(මදුරාව සහ ලංකාව ජයගත්)පරකේෂරී වර්මන්,  වීරනාරායන, දේවේන්ද්‍ර, චක්‍රවර්තී පණ්ඩිත වත්සල,  කුඤ්ඤරමල්ල, ශුරශුලාමනී.

පාණ්ඩ්‍ය කුලාශනී –  පළමු රාජ රාජ චෝළ රජු (ක්‍රි.ව.985 – 1014)

පුලකේශීන් ii(ක්‍රි.ව.610 – 642) – පරමේශ්වර, සත්‍යග්‍රහ, මහාරාජාධිරාජ(සත්‍යග්‍රහ, මහාරාජාධිරාජ යන විරුද මුල්වරට භාවිත කළ පාලකයා ද මොහු ය.)

බිම්බිසාර රජු – සේනිය/ශ්‍රේණිය (ප්‍රබල සේනාවක හිමිකරුවෙකු වූ නිසා)

මගධරාජ – හර්ෂවර්ධන(ක්‍රි.ව.606 – 647) (මගධය අල්ලාගත් නිසා)

මත්තවිලාශ –  පළමුවන මහේන්ද්‍රවර්මන් පල්ලව රජු. (ක්‍රි.ව.600 – 630)

මදුරෙයි කොණ්ඩ – මදුරාව ජයගත් යන අරුතින් පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953)

මදුරෙයියුම් ඊළමුම් කොණ්ඩෙයි – (මදුරාව සහ ලංකාව ජයගත්) පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953)

මහා මල්ල – පළමු නරසිංහ වර්මන් පල්ලව රජු(ක්‍රි.ව.642 – 668)

මහාපද්මනන්ද(ක්‍රි.පූ.362 – 334) – දෙවන පරශුරාම,සර්වක්ෂත්‍රාන්තික, ඒ්ක්රාත්

මහාරාජපුත්‍ර දේවභට්ටාරක – ගුප්ත යුගයේ රජුගේ ඥාති පුත්‍රයෙකු හිඳින්වීමේ දී යොදා ගත් විරුදයකි.

මහාරාජ – හර්ෂවර්ධන රජු( පුෂ්‍යභූති වංශය) (ක්‍රි.ව.606 – 647)

මහාරාජාධිරාජ –  දෙවන පුලකේශීන්(ක්‍රි.ව.610 – 642) (බටහිර චාලුක්‍ය වංශය) ,දන්තිදුර්ග රජු(ක්‍රි.ව.733 – 758) (රාශ්ට්‍රකූට වංශයේ ), ප්‍රභාකරවර්ධන(පුෂ්‍යභූති වංශය),

මහේන්ද්‍රවර්මන් I පල්ලව රජු(ක්‍රි.ව.600 – 630) – – මත්තවිලාහ, විචිත්‍චිත්ත, ගුණහර

මහේන්ද්‍රාදිත්‍ය – කුමාරගුප්ත රජු(ක්‍රි.ව.415 – 454)

මහේෂ්වර – වීමා කැඩ්ෆයිසස්(යු – එ – චී ගෝත්‍රය පසුව කුෂාණ)

මාමල්ල –  පළමු නරසිංහවර්මන් පල්ලව රජු(ක්‍රි.ව.642 – 668)

මුම්මුඩි කොණ්ඩ – පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව.1014 – 1044)

මුම්මුඩි චෝළ – පළමු රාජ රාජ චෝළ රජු(ක්‍රි.ව.985 – 1014)

රාජ රාජ I(ක්‍රි.ව.985 – 1014) – (චෝළ) මුම්මුඩි චෝළ, පාණ්ඩ්‍ය කුලාශනී, කේරලාන්තක, තෙළිඟුකුලකාල

රාජ රාජ මහා රාජ – ගෞතමී පුත්‍ර ශාතකර්ණී(සාතවාහන)

රාජපුත්‍ර –  හර්ෂවර්ධන රජු)(606 – ?) ( පුෂ්‍යභූති වංශය

රාජරාජාධිරාජ –  ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.

රාජාධිරජංගී –  ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.

රාජාධිරාජ – ඊෂාණවර්මන් රජු (මෞඛරී වංශය), ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.

රාජේන්ද්‍ර I(ක්‍රි.ව.1014 – 1044) – (චෝළ රජු) මුම්මුඩි කොණ්ඩ, ගංගගෙයි කොණ්ඩ, කඩාරම් කොණ්ඩ, පණ්ඩිත චෝළ

රාය සිමුඛ සාතවාහන – නාගනිකා දේවියගේ නානාඝාත් අභිලේඛනයේ සිමුඛ හඳුන්වා ඇත්තේ මේ නමිනි.

වරවාරණ වික්‍රම චාරු වික්‍රම –  ගෞතමී පුත්‍ර ශාතකර්ණී(සාතවාහන)

වරුණ-දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.

වාතාපිකොණ්ඩ – පළමු නරසිංහවර්මන් (ක්‍රි.ව.642 – 668)පල්ලව රජු(වාතාපිය ජයගත් යන අරුතින්)

වානවන් – ශෙන්දන් පාණ්ඩ්‍ය රජු

වික්‍රමාංක – සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376)(ගුප්ත රාජවංශය)

වික්‍රමාදිත්‍ය – චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව.376 – 415)(ගුප්ත රාජවංශය)

විචිත්ත චිත්ත –  පළමුවන මහේන්ද්‍රවර්මන්(ක්‍රි.ව.600 – 630) පල්ලව රජු.

විශ්වස්‍ය භුවනස්‍ය රාජා –  වෛදික රවවරුන්ගේ විරුදයකි.

වීමා කැඩ්ෆයිසස් – සර්වලෝක ඊෂ්වර,මහේෂ්වර (යු – එ – චී ගෝත්‍රය පසුව කුෂාණ)

වීරනාරායන –  පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953)

වීර – පළමු ශාතකර්ණී රජු

වෛදික රජවරුන්ගේ විරුද – විශ්වස්‍ය භුවනස්‍ය රාජා

ශාතකර්ණී I රජු – වීර, ශූර, අප්‍රතිහත ඡත්‍ර, දක්ෂිණාපථපති.(දක්ෂිණාපථනාථ)

ශිලාධිත්‍ය – හර්ෂවර්ධන රජු(ක්‍රි.ව. 606 – 647)(පුෂ්‍යභූති වංශය)

ශුරශුලාමනී –  පළමු පරාන්තක චෝළ(ක්‍රි.ව.907 – 953)

ශූර –  පළමු ශාතකර්ණී රජු

ශෙන්දන් – වානවන්

ශ්‍රේණිය- බිම්බිසාර රජු

සකල උත්තරාපථනාථ –  හර්ෂවර්ධන රජු(606 – 647) ( පුෂ්‍යභූති වංශය)

සකලෝත්තරාපථනාථ –  හර්ෂවර්ධන රජු(606 – 647) ( පුෂ්‍යභූති වංශය)

සත්‍යග්‍රහ –  දෙවන පුලකේශීන්(ක්‍රි.ව.610 – 642)(බටහිර චාලුක්‍ය වංශය)

සමුද්‍රගුප්ත – කවිරාජ(උසස් ම කවියා)/ වික්‍රමාංක/ක්‍රීටාන්තක(කිරීටධරයින්ගේ මාරයා)

සර්වක්ෂත්‍රාන්තික –  මහා පද්මනන්ද(නන්ද වංශය)ක්ෂත්‍රියයන් විනාශ කළ යන අදහසින්

සර්වභෞම= පශ්චාත් වෛදික යුගයේ මතුවෙමින් ආ නායකයින් භාවිත කළ විරුදයකි.

සර්වලෝක ඊෂ්වර – වීමා කැඩ්ෆයිසස් (යු – එ – චී ගෝත්‍රය පසුව කුෂාණ)

සිංහ විෂ්ණු රජු – අවනිසිංහ. පොළවට අධිපති සිංහයා යන අරුත දෙන මේ විරුදය පල්ලව වංශයේ සිංහ විෂ්ණු රජු භාවිතකළේ ඔහු චෝළ පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශ අල්ලාගත් නිසා ය.

සිංහවික්‍රම – චන්ද්‍රගුප්ත ii(ක්‍රි.ව.376 – 415)(ගුප්ත රාජවංශය)

සුංගම් තවිර්ත – පළමු කුලොත්තුංග රජු (තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්)

සේනිය – බිම්බිසාර රජු(ක්‍රි.පූ.542 – 490) (ප්‍රබල සේනාවක හිමිකරුවෙකු වූ නිසා)(හර්යංක වංශය)

හර්ෂවර්ධන රජු(ක්‍රි.ව.606 –  647) – ශිලාධිත්‍ය, මහාරාජ, රාජපුත්‍ර, සක‌ලෝත්තරාපථනාථ, මගධරාජ

හින්දුස්ථානි තැනිතලාව=අධිරාජ්‍යවාදයේ තොරණ

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...