විවිධ වර්ෂ ක්‍රම

අභිෂේක වර්ෂ

යම් පාලකකයෙකු බලයට පත්වූ තැන් සිට ගණනය කෙරේ

කලචුරි වර්ෂ

ඉන්දියාවේ ත්‍රෛකූටක නම් කුඩා රාජ වංශය විසින් ක්‍රි.ව. 248 දී  ඇරඹීය.

ක්‍රිස්තු වර්ෂ/පූර්ව

කිතු උපත කේන්ද්‍රකරගනිමින් ගණනය කෙරේ

ගුප්ත සංවත්

ඉන්දියාවේ ගුප්තයින්‌ගේ වර්ෂ ක්‍රමයකි.

බුද්ධවර්ෂ

බුදුරදුන්ගේ පිරිනිවීමේ සිට මේ වර්ෂ ක්‍රමය ඇරඹේ

වික්‍රමසංවත්

ක්‍රි.පූ.58 දී පමණ ඉන්දියාවට පැමිණි ආක්‍රමණික ශකයින් පැරදවූ වික්‍රමාදිත්‍ නම්ය රජු මේ වර්ෂ ක්‍රමය අරඹන්නට ඇතැය් සැලකේ.

ශක වර්ෂ

ක්‍රි .ව. 78 න් ඇරඹේ. බෂාම් කියන්නේ මෙය ශක රජෙක් විසින් අරඹූ බව යි.(අසිරිමත් ඉන්දියාව උප ග්‍රන්ථය 616 පිට)නමුත් මෙය ශකවරුන් පරාජය කිරීම සමරා ගෞතමීපුත්‍ර සාතවාහන රජු විසින් අරඹීය යන්න සාමාන්‍ය පිළිගැනීම යි.

හර්ෂ වර්ෂ

උතුරු ඉන්දීය පාලක හර්ෂවර්ධන රජු විසින් ක්‍රි.ව. 606 දී ඇරඹීය

හිජ්රි වර්ෂ

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ භාවිතා වන මෙම හිජ්රි වසර මුස්ලිම්වරුන්ගේ වක්තෘකරයාණන් වන මුහම්මද් නබි (සල්) තුමා සහ ඔහුගේ අනුගාමිකයන් මක්කා නගරයේ සිට මදීනා (එවකට “යත්රිබ්” ලෙස හැඳින්විය) නගරයට සංක්‍රමණය කරන ලද ක්‍රිස්තු වර්ෂ 622 සිට ගණනය කිරීමට ආරම්භ කරන ලදි. මෙම සංක්‍රමණය “හිජ්රත් ” ලෙස හඳුන්වනු ලබයි.
මෙම හිජ්රි වර්ෂ ක්‍රමය ජූලියන් හෝ ග්‍රෙගරියානු සූර්ය දින දර්ශනය අනුව නොව ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනය අනුව ගණනය කරනු ලැබේ . මේ අනුව මෙම වර්ෂය ක්‍රිස්ත්‍ර වර්ෂ 1 හි ජනවාරි මාසයෙන් නොව, ක්‍රිස්ත්‍ර වර්ෂ 622 දී මුහර්රම් මාසයේ පළමු වන දා සිට ආරම්භ විය.