මොනොසැකරයිඩ Monosaccharides

මොනොසැකරයිඩ යනුවෙන් හඳුන්වන්නේ කාබොහයිඩ්රේටවල තැනුම් ඒකකයයි. ඒවා බොහෝ විට සරල සීනි ලෙස ද හඳුන්වනු ලැබේ. එමෙන් ම මේවා ස්ඵටික ස්වරූපයක් ගනී. ජලයේ දිය වේ. සාමාන්‍යයෙන් මේවා පැණි රස ය. ග්ලුකෝස්, පෘක්ටෝස් හා ගැලැක්ටෝස් මොනොසැකරයිඩ සඳහා උදාහරණ වේ.

මොනොසැකරයිඩ වර්ගයපවතින ස්ථානයවෙනත් කරුණු
ග්ලුකෝස් ඉදුණු පලතුරු
මී පැර්‍ණ
• සියලූම පිෂ්ටමය ආහාර ජීරණයේ අන්ත ඵලය ග්ලුකෝස් ය. එම ග්ලුකෝස් රුධිරයට අවශෝෂණය වේ.
• ශාක ප්‍රභාසංශ්ලේෂණයේ දී නිපදවන්නේ ග්ලුකෝස් ය.
• සෛලීය ශ්වසනයේ දී ග්ලුකෝස් බිඳ හෙළීමෙන් ශක්තිය නිදහස් වේ.
පෘක්ටෝස්ඉදුණු පලතුරු
මී පැර්‍ණ
වට්ටක්කා, කැරට්
• පලතුරු සීනි ලෙස හඳුන්වයි.
• අමු පලතුරු ඉදෙන විට ඒවා තුළ පෘක්ටෝස් සෑදෙයි.
• පැර්‍ණ රසින් වැඩි ම සීනි වර්ගය මෙයයි.
ගැලැක්ටෝස් කිරි ආහාරවල • ලැක්ටෝස් ජීරණයේ ඵල වේ.
• පැණි රසක් නැත.