ලංකාවේ යටත්විජිත යුග වාග්මාලාව

අතුකෝරාළකෝරලේ හෙවත් කෝරලේ විදානේ ගේ සහායක නිළධාරියා.
අද්මිනිස්ත්‍රාත්රාද් ෆන් ජස්ටිටියේ නඩු ඇසූ ප්‍රධාන විනිසුරු
අන්තාවෝ වාස් පෙරෙයිරේලංකාවේ සේවය කළ පෘතුගීසි විදෝර්ද පසෙන්දාර් වරයෙකි.
අම්බුලුගල කුමාරයාසපුමල් කුමාරයාගේ සොහොයුරා ය. කෝට්ටේ හයවන පැරකුම්බාවන්ගේ පුත්‍රස්ථානයේ වැඩුණෙකි. ජෝතිය සිටාණෝ මහනුවර ස්වාධීන කරගැනීමට ගත් උත්සාහය පැරකුම්බාවන්ගේ අණින් ව්‍යර්ථ කර එහි සාමන්තයා වශයෙන් කටයුතු කළේ ය. සපුමල් කුමරුට පසු බලයට පත් වූ 7වැනි වීර පරාකුමබාහු රජු මරා 8 වැනි වීර පරාකුමබාහු නමින් කෝට්ටේ රජ විය.
අඹන්වෙල රාළදෙවන රාජසිංහ රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කළ උඩරට ප්‍රධානියෙකි.
අරන්දර බලකොටුවලන්දේසි බලකොටුවකි.
අලකේශ්වර යුද්ධයකෝට්ටේ ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් දේශීය සාහිත්‍ය මූගාශ්‍රයකි. රාජාවලියට ද මූලාශ්‍රය වී ඇත.
අල්බ්‍යුකර්ක්පෙරදිගට පත් වූ දෙවන පෘතුගීසි ප්‍රතිරාජයා(1507 දී පත්විය)/පෘතුගීසි බල වර්ධනයට වැඩිම මෙහෙයක් කළ ප්‍රතිරාජයා/1509 දී ඕම්ස්, 1510 දී සොකොත්‍රා, 1511 දී මලක්කාව අල්ලා ගන්නා ලදී/1515 දී මියගියේ ය.
අසවේදුදොන් ජෙරනිමෝ ද අසවේදු
ආරච්චිකෝට්ටේ යුගයේ දී හමුදා සේනාංකයක් භාරව කටයුතු කළ නිළධාරියා
ඇකොමදේසන්ලන්දේසි නිළධාරීන්ට නිලකාලය තුළ පමණක් භුක්තිවිඳින්නට ලැබෙනා ඉඩම්.
ඇඩ්සිස්ටන්ට්ලන්දේසි පහළපෙළ නිළධාරියෙකි.
ඉග්නේෂස් ලොයොලාප්‍රති රෙපරමාදු ව්‍යාපාරයේ නිර්මාතෘ
එදිරිල්ලේ රාළපෘතුගීසීන්ට විරුද්ධව කැරළි ගැසූ සිංහල නායකයෙකි. සිංහලයින් විසින් ම පාවා දීම නිසා පෘතුගීසි අත්අඩංගුවට පත්ව දරුණු වධහිංසා විඳ මියගියේ ය.
ඔන්ඩර් හූෆ්ට්මන්ඔන්ද හුෆ්ට්මන්/ හෆ්ට්මන්ට පහළ නිළධාරියෙකි. ආදායම් භාර නිළධාරියෙකි.
ඔවිදෝර්පෘතුගීසීන් යටතේ සිටි අධිකරණ කටයුතු භාර නිළධාරියා/සුළු නඩු ඇසීම, කසපහර දීම වැනි වැනි කටයුතු ඔහුට පැවරුණි.
ඔෆර් හුෆ්ට්ලන්දේසි ජ්‍යේෂ්ඨ වෙළෙන්දා/කොළඹ සිටියේ ය.
ඕම්ස්/ඕර්ම්ස්පර්සියන් වරායේ මුරපොළ නමින් හැඳින්වෙන මුහුදු සන්ධිය. පර්සියන් බොක්කට සමීපව පිහිටා ඇත.1509 දී මෙය අල්බ්‍යුකර්ක් විසින් අල්ලා ගන්නා ලදී.
කංකානම්වරුකෝට්ටේ යුගයේ දී ආරච්චි වරුන් යටතේ හමුදා සේනාංකයේ භටයන් රැස්කිරීම භාරව සිටි නිළධාරියෙකි.
කණකපුල්ලේකෝරලේ හෙවත් කෝරලේ විදානේගේ සහයක නිළධාරියෙකි. මිල මුදල් හා ගණන් තැබීම් සිදුකළේ ය.
කතිසේරුවන්ක්‍රිස්තියානි දේශකයන් ය. මොවුන් පුහුණු කිරීමට ලන්දේසිහු කොළඹ සෙමිනරි නමි උසස් අධ්‍යාපන ආයතයයක්ද පිහිටුවන ලදී.
කදිරාන සන්නස6 වන විජයබාහු රජුට අයත් වේ. 1517 ජුනි 18 පැවති සූර්යග්‍රහණ අවස්ථාවේ සිංහාසනාරූඪව හිඳ බමුණෙකුට කළ පරිත්‍යාගයක් ගැන සඳහන් වේ.
කදිරාසරායන්කෝට්ටේ සමයේ දී හලාවතට පැමිණ බලහත්කාරයෙන් මුතු කිමිදීම කළ මුස්ලිම් ආක්‍රමණිකයා. පසුව තනියවල්ලභ සකලකලාවල්ලභ කුමාරවරු එක්ව මෙම ආක්‍රමණික යොන් හෙවත් මුස්ලිම් ජාතිකයා පරාජය කරන ලදී.
කනකපුල්ලේකෝරලේගේ සහයක නිළධාරියෙකි./මිලමුදල් හා ගණන් තැබීම් භාරව සිටියේ ය.
කඳුරේ ඒකනායක පවුලකෝට්ටේ සමයේ ප්‍රභූ පවුලකි.
කපිතාන්පෘතුගීසීන්ගේ කපිතාන් ජෙනරාල් යටතේ කුඩා සේනාංක භාරව සිටි නිළධාරීන්
කපිතාන් ජෙනරාල්ලංකාවේ හෝ වෙනත් පෘතුගීසි යටත්විජිතයක පෘතුගීසි පාලන සංස්ථාවේ ප්‍රධානියා/ යටත් විජිතය තුළ හමුදා කටයුතු හා සිවිල් පාලන කටයුතු වල ප්‍රධානියා./ විසුරේ වරයා යටතේ කටයුතු කළේ ය./තම යටත් විජිතය තුළ වැරදිකළවුන්ට මරණ දණ්ඩනය දීම ඇතුළු අධිකරණ බලතල ඔහු සතු විය./කපිතාන් ජෙනරාල්ට විරුද්ධ චෝදනා ගෝවේ හෝ අදාළ ප්‍රදේශයේ ප්‍රතිරාජයා හෙවත් විසුරේ යටතේ වූ උපදේශක මණ්ඩලයක් ඉදිරියේ විභාග කෙරුණි.
කපිතාන් මේජර්ලංකාවේ පෘතුගීසි පාලන සංස්ථාවේ දෙවැනියා.
කප්පාගොඩ ලිපිය6 වන විජයබාහු රජුට අයත් ය. ඔහු වෙනුවෙන් ඒකනායක පෙරුමාල් නම් අමත්‍යයා මෙය නිකුත් කර ඇත. කප්පාගොඩ විහාරයට කළ දීමනාවක් ගැන සඳහන් වේ.
කායලපට්ටනයේ කදිරාකදිරාසරායන් නම් මුස්ලිම් ආක්‍රමණිකයා.
කැමරාවකොළඹ නගරය පාලනය කිරීම සඳහා පෘතුගීසීන් පත් කළ මණ්ඩලය
කැරන්ක් බෙසෝකරන්පිලිප් බැල්දියස් දේවගැතිවරයා තම ආගමික ප්‍රචාරක කටයුත්තට දායක කරගත් නිළධාරීන්
කැලිකට්1498 වර්ෂයේ මැයි මස 20 වැනි දා වස්කෝද ගාමා සිය පළමු ඉන්දීය සංචාරයේ දී පළමුව ගොඩබසින ලද ස්ථානය
කැළණි විහාර සෙල්ලිපියඅටවන වීර පරාකුමබාහු රජුට අයත් ය. නව වන පරාකුමබාහු හෙවත් ධර්ම පරාක්‍රමබාහුට අයත් යැයි වැරදි මතයක් ද ඇත.
කෑරගල සෙල්ලිපිය6 වන විජයබාහු රජුට අයත් වේ. 1519 වර්ෂයේ දී කෑරගල රාජගුරු වනරතන හිමි පරපුරෙන් පැවත ආ දේපළ වල ආරක්ෂාව තහවුරු කර ලියා ඇත
කින්නර බද්දකලාල පැදුරු වියමන්කරන්නන්ගේ කාර්යාංශය
කීරවැල්ලේ පවුලලංකවේ පැරණි ප්‍රභූ පවුලකි.මැණික්කඩවර රාජසිංහ කුමාරයා විවාහ කරගෙන සිටියේ එම පරපුරේ කුමරියකි.
කීරවැල්ලේ මහ රාළහාමිසීතාවක රාජසිංහ රජුට පක්ෂපාතීව සිටි කීරවැල්ලේ පරපුරේ ප්‍රධානියෙකි.
කුඩා දුරයාවිදානේ යටතේ බද්දේ කාර්යාංශයේ සිටි දෙවන පෙළ නිළධාරියෙකි.
කුඩාගම සෙල්ලිපිය6 වන විජයබාහුට අයත් වේ. කිණිගොඩ මොට්ටප්පුල්ලි කෝවිලට කළ කුඹුරු පූජාවත තොරතුරු ඇත.
කුරුඳු බහාර/බහාර්කුරුඳු ප්‍රමාණය දැක්වීමට භාවිත කළ දෙයකි. බහාර් එකක් සාමාන්‍යයෙන් වත්මන් කිලෝ ගෑම් 227 කට ආසන්නය .
කොචින්ඉන්දීය වරායකි.පෘතුගීසීහු කලක් තම පෙරදිග මධ්‍යස්ථානය කරගෙත්තේ මෙතැන යි.
කොටිකා බද්දපුවක් එකතුකිරීමේ කාර්යංශය
කොට්ටල් බද්දකැටයම්කරුවන්, සිත්තරුන්, දුනු හී තනන්නන්, ආයුධ තනන්නන්, ආභරණ තනන්නන් අයත් වූ කාර්යාංශය
කොන්ස්තන්තීනු බරෙත්තුපෘතුගීසීන් විසින් 1621 දී මාතර දිසාවනියට පත් කළ පෘතුගීසි ජාතික දිසාවේ වරයා. ඔහුගෙන් පසු කිසිදු සිංහල දිවාවේ වරයෙකු මාතරට පත් නොකරන ලදී.
කොමදෝරුලන්දේසි යටතේ මෙරට ක්‍රියාත්මක වූ කොමාන්ඩරි වල කටයුතු භාර නිළධාරීන්/නමුත් කොළඹ කොමාන්ඩරිය ලන්දේසි ආණ්ඩුකරු යටතේ ම පැවතුණි.
කොමාන්ඩරිලන්දේසීන් යටතේ ලංකාවේ තිබූ පාලන ඒකක /ගාල්ල, කොළඹ හා යාපනය ලෙස කොමාන්ඩරි 3ක් ඔවුන් යටතේ ක්‍රියාත්මක විය.ඒවා පාලනය කළේ කොමදෝරුවරු විසිනි. නමුත් කොළඹ කොමාන්ඩරිය ලන්දේසි ආණ්ඩුකරු යටතේ ම පැවතුණි.
කෝරලේ/කෝරලේ විදානේකෝරලේ විදානේ හෙවත් කෝරලයක ප්‍රධානියා
කෝරළයදිසාවනියක් තුළ වූ උප පාලන ඒකකයකි.කෝරලේ හෙවත් කෝරලේ විදානේ විසින් පාලනය කරන ලදි. ඔහුගේ සහයට අතුකෝරාළ, මොහොට්ටාල, කනකපුල්ලේ ආදී නිළධාරීන් ද වූහ.
ක්වේරෝස් පියනමපර්නා ඕ ද ක්වේරෝස් පූජකවරයා
ගෝවපෘතුගීසීන්ගේ පෙරදිග දේශපාලන, වෙළඳ හා ආගමික මධ්‍යස්ථානය
චක්‍රවර්තීකෝට්ටේ රජවරුන් භාවිත කළ විරුදයකි.
චක්‍රායුධ කුමාරයා8 වන වීර පරාක්‍රමබාහු රජු යටතේ රයිගම හා දෙවුන්දර පාලනය කළ කුමාරයා. මොහු විජයබාහු කුමාරයා ලෙස ද හැඳින්වේ.
ජු ආඕ රිබෙයිරෝපෘතුගීසි ලේඛකයෙකි.Fatalida de Historica de alba de Ceilao (සිංහලයන්ගේ රටේ ඉතිහාසයේ ඛේදවාචකය) කෘතියේ කතුවරයා ය. සිංහලයනක්ට විරුද්ධව, පෘතුගීසීන්ට පක්ෂපාතීව මෙම කෘතිය ලියා ඇත.ලංකාවේ සේවය කළ හා සිංහලයින් සමග සටන් වලට සහභාගී වූ සොල්දාදුවෙකි.
ජුවාන් ද බාරෝස්පෘතුගීසි ලේඛකයෙකි. දෙකාදාස් හෙවත් දශක නම් කෘතියේ කතුවරයා ය. ලංකාවේ පෘතුගීසි පාලන සමය ගැන ලියා ඇත්තේ පෘතුගීසි ලේඛනාගාර වාර්තා වලින් හා මෙරට සිටි පෘතුගීසි සොල්දාදුවන් ආදීන්ගෙන් තොරතුරු ලබාගනිමිනි/කිසි දින ලංකාවට පැමිණ නැත/ලංකාවේ පෘතුගීසි සටන් පිළිබඳ අතිශයෝක්ති වර්ණනා සඳහන් කර ඇත.
ජේකබ් හුස්ටාර්ට්ලන්දේසි ආණුඩුකරුවෙකි. උඩරට රජු හා සාමකාමීව කටයුතු කළ ලන්දේසි ආණ්ඩුකරුවෙකි.
ජේසුයිට් නිකායඋග්‍ර කතෝලිකවාදී කිතුණු නිකායකි./ප්‍රති රෙපරමාදු ව්‍යාපාරයේ කොටස් දෙකෙන් එකකි./ ආසියාතික ප්‍රදේශ වල කිතුණු ආගම් ප්‍රදාරයට ආයේ මේ නිකායේ පූජකවරුන් ය.
ජෝර්ජ් ඇල්බ්‍යුකර්ක්ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාට පසු ඉන්දියාවේ නව ප්‍රතිරාජයා වූ පෘතුගීසි ජාතිකයා. සෙයිලාන් හි කෙසේ හෝ බලකොටුවක් තනන ලෙස මොහුට පෘතුගාල රජු උපදෙස් දී තිබුණි.ධර්ම පරාක්‍රමබාහු රජු 6 වන විජයබාහු රජුට විරුද්ධව ආධාර ඉල්ලා සිටියේ මොහුගෙනි.
තනියවල්ලභ කුමාරයා8 වන වීර පරාක්‍රමබාහු රජු යටතේ මාදම්පේ මධ්‍යස්ථානයේ සිට ලංකාවේ බටහිර වෙරළබඩ පාලනය කළ කුමාරයා
තම්මිට අදහසින්තම්මිට බණ්ඩාර. වීදියේ බණ්ඩාරගේ සොහායුරා.එය බලන්න.
තුප්පහිපෘතුගීසි සමයේ දී පෘතුගීසි හා සිංහල භාෂාවන් ද, ලන්දේසි සමයේ දී ලන්දේසි හා සිංහල භාෂාවන් ද දැන සිටි පිරිසකි. ලාභ ප්‍රයෝජන තකා මේ විදෙස් ජාතීන්ට ගැතිව කටයුතු කළ සිංහලයින් ද මේ නමින් ම හඳුන්වා ඇත.
තේසවලාමෙයි නීතියලන්දේසි සමයේ සංග්‍රහ කළ දේශීය නීති පද්ධතිය.කොර්නේලිස් ෆන් සිමොන්ස් ආණ්ඩුකරුගේ කාලයේ දී ක්ලාස් අයිසැක් නම් නිළධාරියා විසින් සම්පාදනය කරන ලද්දකි.
තෝම්බුපෘතුගීසීන් සකස් කළ තොරතුරු වාර්තා විශේෂයකි.(ලේකම් මිටි)
ත්‍රිසිංහලාධීශ්වරකෝට්ටේ රජවරුන් භාවිත කළ විරුදයකි.
දශකදෙකාදාස් නම් පෘතුගීසි කෘතිය. ජුවාන් ද බැරෝස් ගේ කෘතියකි.
දියෝගු මුදලිදෝන් ප්‍රනාන්දු සමරකෝන් නමැති පෘතුගීසි ගැත්තාගේ සොහොයුරා ය. පාතුගීසීන් විසින් ගෝවේට පිටුවහල් කරන ලදී.
දියෝගෝ ද අල්මේදාපෘතුගීසීන්ගේ ලංකා ගමන පිළිබඳ පෘතුගීසීන්ට වාර්තා කිරීමට කොචින්හි සිට ලිස්බන් වෙත ගිය පෘතුගීසි ජාතිකයෙකි./ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා ගේ බෑණා ය.
දියෝගෝ දෝ කූතෝපෘතුගීසි ලේඛකයෙකි. Principaes Causes da Decadencia dos Portuguezes na Asia (ආසියාවේ පෘතුගීසි බලය පිරිහීමට හේතු වූ මූලික කරුණු ) නම් කෘතියේ කතුවරයා ය. ගෝවේ පෘතුගීසි ලේඛනාගාරයේ භාරකරුව සිටි අතර එහි ඇති වාර්තා පදම් කරගෙන හා මෙරට සේවය කළ පෘතුගීසි සොල්දාදුවන්ගේ තොරතුරු අනුව මෙම කෘතිය ලියා තිබේ. නමුත් පෘතුගීසි සටන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු දක්වා තිබේ.
දිසාවනිදිසාවන්නි, පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට කෝට්ටේ තිබූ පාලන ඒකක 4 දිසාවන්නි ලෙස දේශීය මූලාශ්‍රය වලත්, දිසාවනි නමින් පෘතුගීසි මූලාශ්‍රය වලත් හඳුන්වා තිබේ.ඒවා නම් මාතර දිසාවනිය, සබරගමු දිසාවනිය, සතර කෝරලේ දිසාවනිය, සත් කෝරලේ දිසාවනිය යන දිසාවනි 4යි. මේමා පරිපාලන පහසුව පිණිස කෝරළවලටත්, කෝරල පත්තු වලටත්, පත්තු ගම් වලටත් බෙදා තිබුණි.
දිසාවේකෝට්ටේ යුගයේ දී දිසාවනියක් භාර නිළධාරියා. දිසාවනියේ හමුදා සංවිධාන කටයුතු වල ප්‍රධානියා. නමුත් දිසාවේ වෙනුවෙන් මේ කටයුතු සඳහා මුදලි වරයෙක් පත්කර තිබුණි. දිසාවේ කොඩිය ඉදිරියේ හමුදා මෙහෙයවීම භාරව සිටියේ ය.පෘතුගීසී සමයේ දිසාවේ තනතුරු වලට පෘතුගීසි ජාතිකයින් පත්කරන ලදී.දිසාවේ වරයෙකුට අධිකරණ බලතල ද සැලකිය යුතු ප්‍රමාණයක් හිමි විය. ./පෘතුගීසි සමයේ දී ඔවුන් පත් කළ දිසාවේ වරු මරණීය දණ්ඩනය ද ක්‍රියාත්මක කළහ. ඔවුන් නඩු විභාග නොමැතිව ම සැකකරුවන් පොරවකින් කපා හෝ උල තබා මැරූ බව රිබෙයිරු සඳහන් කර ඇත.
දිසාවේ උසාවියලන්දේසි බලකොටුවෙන් පිටත ප්‍රදේශ වල සුළු නඩු විසඳූ උසාවිය.
දුරයාබද්ද සංවිධානයක ප්‍රධානියෙකි.
දෙකාදාස්ජුවාන් ද බැරෝස් ලියූ කෘතියකි. ලංකාව ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.
දෙවුන්දර සන්නස6 වන විජයබාහු ට අයත් වේ.දෙවිනුවර නගරිශ නීල කෝවිලට කළ ඉඩම් පූජාවත් ගැන සඳහන් වේ.
දේවරාජ කුමාරයා6 වන විජයබා රජුගේ දෙවන බිසවගේ පුත්‍රයා ය. මුල් විවාහයේ පුතුන්ට රාජ්‍යත්වය අහිමි කර තමාගෙන් පසු දේවරාජ කුමාරයා රජ කරවීමට 6 විජයබා රජු කළ සැලසුමක් නිසා විජයබා කොල්ලය සිදුවිය.
දොන් ජුවන් පෙරියබණ්ඩාර7 වන බුවනෙකබාහු රජුට පසු කෝට්ටේ පාලකයා ය. රජුගේ මුණුපුරා ය. ඔහුගේ දියණිය වූ සමුද්‍රදේවියගේ හා වීදියේ බණ්ඩාරයන්ගේ පුත්‍රයා ය. ධර්මපාල රජු ලෙසින් ද ප්‍රකට ය. කතෝලිකයෙකු වශයෙන් බෞතීස්ම ලැබී ය. තමාගෙන් පසු රාජ්‍යය තෑගි ඔප්පුවකින් පෘතුගීසීන්ට පැවරී ය.
දොන් ප්‍රනාන්දු සමකෝන්පෘතුගීසීන්ට ගැතිව සිටි දේශීය ප්‍රධානියෙකි. එදිරිල්ලේරාළ පෘතුගීසීන්ට අල්ලා දීමට දායක විය./පෘතුගීසීන් විසින් මොහු පසුකාලයේ ගෝවට පිටුවහල් කර ලංකාවට පැමිණීම ද තහනම් කරන ලදී.එහෙත් නම්බුනාමයක් හා විශ්‍රාම වැටුපක් දෙන ලදී.
දෝළියබිසව
ධර්ම පරාක්‍රමබාහුඅටවන වීර පරාක්‍රමබාහු රජුගේ අග බිසවගේ තවත් පුත්‍රයෙකි. පියාට පසු තමන්ට බලයට පත්වන්නට උපකාර කරන්නැයි ඉල්ලා 6 වන විජයබාහු රජුට විරුද්ධව කොචින් හි පෘතුගීසි පාලකයාගෙන් ආධාර ඉල්ලා සිටියේ මොහු ය.ඒ වෙනුවට බලකොටුවක් තනාගැනීම සඳහා පෘතුගීසීන්ට ඉඩමක් ලබා දීමට ඔහු පොරොන්දු විය./නව වන පරාකුමබාහු ලෙස ද ඇතැම් මූලාශ්‍රය වල හඳුන්වා ඇත. /පෘතුගීසි වාර්තා වල මොහු කෝට්ටේ රජ වූ බව දක්වා ඇතත් රජ වූ වගට සාධක නැත. මහාවංසයේ හෝ රාජරත්නාකරයේ රාජ නාමාවලියේ මේ රජුගේ නම නැත. ඔහු අටවන වීර පරාකුමබාහු හෙවත් අම්බුලුගල කුමරු යටතේ කොෂඹ හා ඒ අවට ප්‍රදේශ පාලනය කළේ ය.
නව වන පරාක්‍රමබාහුධර්ම පරාක්‍රමබාහු රජු හැඳින්වීමට යෙදූ නමකි.
නිකපිටිය බණ්ඩාරසීතාවක රාජසිංහ රජුගේ මුණුපුරෙකි.පෘතුගීසීන් විසින් ගෝවට පිටුවහල් කරන ලදී.
නිලපංගුරැඳී සිටීම, ස්ථාවර වීම යන අර්ථය තිබේ. ඉඩම් හිමියාගේ පෞද්ගලික ඉඩම වගාකරදීම වැනි පොරොන්දු මත යම් ඉඩමක රැඳී සිටින්නෙක් නිලකාරයෙකු සේ සලකනු ලැබේ. ඔහු විසින් සිදු කරන/ඉටුකරන එකී සේවාව නිල පංගුව යි.
නිලපාළු ඉඩම්කෝට්ටේ යුගයේ දී රජයට ඉටුකළ යුතු සේවා පැහැරහැරීම නිසා හෝ සේවයෙන් පහකිරීම නිසා ආපසු රජයට පැවරුණු ඉඩම්
නෝමල්ලන්දේසීන් කොළඹ පිහිටවූ ගුරු පුහුණු පාසල
පයෝ ද සූසා1505 දී ගාල්ලේ වරායට මුල්වරට ආ ලොරැන්සෝ ද අල්මේදා ගේ නියෝජිතයෙකු වශයෙන් මුල්වරට කෝට්ටේ රජු හමුවීමට ගියේ මොහු සහ පිරිසකි. ඒ පිරිසට පෘතුගීසි බස දත් මුස්ලිම් වෙළෙන්දන් පිරිසක් ද එක්ව සිටිය හ.නමුත් මේ පිරිස මේ ගමන පිටත්වූයේ ගාල්ලේ සිට නොව කොළඹ වරායේ සිට ය. පරංගියා කෝට්ටේ ගියා යන යෙදුම මෙතැන දී ඉපැදිණි. නමුත් සිංහලයින් මොවුන්ට රජු යැයි කියා මුණගැස්වූයේ සැබෑ රජු නොව ව්‍යජ රජෙකි.
පර්නා ඕ ද ක්වේරෝස්පෘතුගීසි ලේඛකයෙකි. කිතුනු පූජකයෙකි. Conquista Temporal e Espiritual de Ceilao(සිංහලයන්ගේ රට බාහිර හා අධ්‍යාත්මික වශයෙන් ජයගැනීම.) නම් කෘතියේ කතුවරයා ය. මේ කතුවරයා ලංකාවට පැමිණ නැත. ඔහු සිය කෘතිය ලියනවිට පෘතුගීසීන්ට ලංකාවේ මුහුදුබඩ අහිමිව තිබුණි. ගෝවේ සිට ඔහු ලියූ කෘතියට තොරතුරු සොයාගත්තේ මෙරට සේවය කළ සොල්දාදුවන්, රාජ්‍ය නිළධාරීන්ගෙන් හා පෘතුගීසි රාජ්‍ය ලේඛන වලින් ය. පොත කාණ්ඩ 6කින් යුක්ත ය. මුල් කොටස් 5ම ඓතිහාසිකව වැදගත් නොවේ. 6 වන කාණ්ඩයෙන් ඔහු දෙවියන් ඉදිරියේ පාපෝච්චාරණයක් කරයි. ඒ ලංකාවේ දී තම පිරිස් අනුගමනය කළ මිලේච්ඡත්වය පිළිබඳ ව ය. හේ ඒ පිළිබඳ දෙවියන්ගෙන් සමාව ඉල්ලා ලංකාවේ බලය යළි ලබාගැනීමට උපකාර කරන්නැයි ඉල්ලයි.
පර්සියන් වරායේ මුරපොළඕම්ස් සමුද්‍ර සන්ධිය
පැක්ටර්පෘතුගීසීන්ගේ වෙරළබඩ බලකොටු වල තිබූ විවිධ ඒකක පලනය කළ නිළධාරින් විශේෂයකි./ ගබඩා භාරකරුවන් විශේෂයකි.
පිඩැල්ගෝවරුපෘතුගීසි වංශවතා
පිලැස්සේ වීදියබණ්ඩාර පවුලකෝට්ටේ සමයේ ප්‍රභූ පවුලකි.
පිලිප් ද ඔලිවේරායාපනය අල්ලාගත් පෘතුගීසි කපිතාන් මේජර් වරයා
පිලිප් බැල්දියස්ලංකාවේ ප්‍රොතෙස්තන්ත ආගම ප්‍රචාරයට මූලික වශයෙන් කටයුතු කළ ලන්දේසි දේවගැතිවරයා
පිස්කල් උසාවියරෝම ලන්දේසි නීති පද්ධතිය යටතේ ස්ථාපනය වූ මෙරට පහළ ම උසාවිය යි.රික්ස් ඩොලර් සියයට වැඩි නොවූ අලාභ සහාත නඩු පමණක් එහි දී අසන ලදී.
පෙරදිග මුහුදේ නාවුක කටයුතු පිළිබඳ ස්වාමියාපෘතුගාල රජු හැඳින්වීමට යෙදූ ගරු යෙදුමකි./අන්වර්තයකි
ප්‍රතිරාජයාරජු යටතේ සිටින ප්‍රාදේශීය රජු/රජුගේ නියෝජිත
ප්‍රතිරෙපරමාදු ව්‍යාපාරයආගමික ප්‍රතිසංස්කරණ සමයේ පැවැත්ම අවිනිශ්චිත තත්ත්වයට පත් වූ යුරෝපයේ කිතුණු පල්ලි ආධිපත්‍යය රැකගැනීමට නාර්මාණය වූ ව්‍යාපාරයකි./කිතුණු නිකායකි./රෙපරමාදු ව්‍යාපාරයට ප්‍රතිවිරුද්ධ වූ ව්‍යාපාරයකි./ජේසුයිට් නිකාය හා පල්ලි සංවිධානය යන කොටස් දෙකෙන් යුතු විය. /මුල් කාලීනව පෘතුගාලයේ හා ස්පාඤ්ඤයේ පුබල ලෙස ක්‍රියාත්මක විය.(ඒ දෙරෙටේ රෙපරමාදු ව්‍යාපාරය එතරම් පැතිර නොතිබූ නිසා.)
ප්‍රෙඩ්කන්ට්වරුලන්දේසි සමගේ ආගමික උපදේශකයින්
ප්‍රොතෙස්තන්තලන්දේසීන්ගේ ආගම වූ කිතුණු නිකාය
බඩහැල බද්දකුඹල් කරුවන්ගේ කාර්යාංශය
බතාවියානු රජයලන්දේසීන් යටතේ පෙරදිග වූ පාලන මධ්‍යස්ථානය
බද්ද/බද්දෙ සංවිධානයරජයේ කාර්යාංශ විශේෂයකි. වත්මන් දෙපාර්තමේන්තු වැනි ය. කින්නර බද්ද, කුරුවේ බද්ද, මඩිගෙ බද්ධ, මහ බද්ද, හා ප්‍රධාන වශයෙන් කොට්ටල් බද්ද වැනි ආයතන වලින් සමන් විත සංවිධාන බද්ද සේ හැදින් විය හැකිය. සමාජයේ යම් විශේෂ කුසලතාවයක් ඇති පුද්ගලයන් හදූනාගෙන එම පුද්ගලයන් ගේ හෝ පුද්ගල කණ්ඩායමේ ශ්‍රමය රාජ්‍යයේ සුභ සාධනය සදහා යොමු කිරීමට බද්ද නමැති ආයතනය සංවිධානය වී තිබුණි . මෙහි ප්‍රධානියා විදානේ විය. විදානේ යන ශිල්පියා සම්බන්ධිකරණ්‍ය කළේ දූරයාය.
බහාර්කුරුඳු ප්‍රමාණය දැක්වීමට භාවිත කළ දෙයකි. බහාර් එකක් සාමාන්‍යයෙන් වත්මන් කිලෝ ගෑම් 227 කට ආසන්නය .
බිබිලේගම බලකොටුවලන්දේසි බලකොටුවකි.
බොසෙක්ගේඩර්ලන්දේසි පහළපෙළ නිළධාරියෙකි.
මඩිගෙ බද්දතවලම් කාර්යාංශය/ ප්‍රවාහන කාර්යාංශය
මයෝරාළකෝට්ටේ හා උඩරට සමයේ උසස් මුලාදෑනියෙකි. පොලිස් නිළධාරියෙකු වැනි ය. දිසාවේගේ සිවිල් යුධකටයුතු භාර නිළධරීන් මේ නමින් හඳුන්වා ඇත. ඔවුන් රජුගේ හා උසස් නිළධාරීන්ගේ දේපොළ ආරක්ෂාකිරීම, කෘෂි කටයුතු වලට උපකාරී වන ජල මූලාශ්‍ර ආරක්ෂාකිරීම හා ඒවා ප්‍රතිසංස්කරණය, ගම සතුරන්ගෙන් රැකගැනීම, නීති කඩකරන්නන් උසස් නිළධාරීන් වෙත යොමුකිරීම, රජු හෝ උසස් නිළධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීම වැනි රාජකාරීන් වල නිරතව සිට ඇත.
මලක්කාවසමුද්‍රසන්ධියකි. අග්නිදිග ආසියාවේ මලය අර්ධද්වීපය හා සුමාත්‍රා දූපත අතරින් වැටී ඇත./ 1511 දී ඇල්බ්‍යුකර්ක් විසින් අල්ලා ගන්නා ලදී.
මල්වානේ රජුදොන් ජෙරනිමෝ ද අසවේදු / ධර්මපාල රජු(දොන් ජුවන් පෙරියබණ්ඩාර රජු) තැගි ඔප්පුවකින් ලංකාවේ කෝට්ටේ රාජ්‍යය පෘතුගීසීන්ට පවරා මිය ගිය පසු කෝට්ටේ පාලකයා වූයේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් වරයා ය. ඔහු පදිංචි වූයේ කලින් කෝට්ටේ රජු සිටි මල්වානේ මාළිගාවේ ය. රටවැසියන් ඔහු හැඳින්වූයේ මල්වානේ රජු නමිනි.
මහ දුරයාවිදානේ යටතේ බද්දේ කාර්යාංශයේ සිටි දෙවන පෙළ නිළධාරියෙකි.
මහ බද්දකුරුඳු පිළිබඳ කාර්යාංශය/ 16 වන සියවස වන විට ඔවුන් වසරකට නොමිලයේ රජුට කුරුදු රාත්තල් ලක්ෂයක් සැපයූහ. නැතහොත් කුරුදු බහාර 400ක් සැපයූහ. පෘතුගීසීහු උපක්‍රමශීලීව එය වසරකට ලක්ෂ 8ක් පමණ දක්වා වැඩිකරගත්හ.
මහ බද්දේ කපිතාන්කුරුඳු කාර්යාංශය භාර කපිතාන්වරයා
මළපාළු ඉඩම්කෝට්ටේ යුගයේ දී රාජකාරි සේවා කළ අයෙකු උරුමකරුවෙකු නොමැතිව මිය ගිය විට ආපසු රජයට පැවරෙන ඉඩම්
මළබාර් වෙරළඉන්දියාවේ බටහිර වෙරළ
මාතර දිසාවනියපෘතුගීසීන් පැමිණෙන විට කෝට්ටේ රාජධානිය බෙදා තිබූ දිසාවනි 4න් එකකි.
මායාදුන්නේ.6 වන විජයබාහු රජුගේ බාල පුත්‍රයා ය. විජයබාකොල්ලයෙන් පසු සීතාවක පාලකයා විය.
මැණික් ආකර බද්දමැණික් පතල් කාර්යංශය
මිෂනාරිවරුකිතුණු ආගමික ප්‍රචාරක කටයුතුවල නිරතවූවෝ
මුදලි/මුදලිවරුදිසාවේ වෙනුවෙන් හමුදා කටයුතු සංවිධානය කළ නිළධාරියා
මුහන්දිරම් වරුපෘතුගීසීන් යටතේ ලස්කිරිඤ්ඤ හොවාපන්නයට නායතක්වය දුන්හ.
මොහොට්ටාලකෝරළේගේ සහයක කිළධාරියෙකි./ලිපිලේඛන භාරව සිටියේ ය
රයිගමමුල දී කෝට්ටේ යටතේ වූ පාලන ඒකකයකි. විජයබාකොල්ලයට පසු වෙන ම රාජධානියක් වශයෙන් වර්ධනය විය.
රයිගම්බණ්ඩාරරයිගම මුල් පාලකයාය. 6 වන විජයබා රජුගේ පුත්‍රෙයකි. පරරාජජශේඛරන් නම් වූ හේ රයිගම පාලකයා වූ පසු මේ නමින් හඳුන්වා ඇත.
රාජසිංහ කුමාරයා8 වන වීර පරාක්‍රමබාහු රජු යටතේ කන්දඋඩ පස් රට, සතර කෝරළය,සබරගමුව හා මැණික්කඩවර පාලනය කළ කුමාරයා
රාජාවලියලංකාවේ සාහිත්‍ය මූලාශ්‍රයකි. බහුකර්තෘක කෘතියකැයි පිළීගැනේ. කෝට්ටේ ඉතිහාසය හැදෑරීමේ දී අතිශය වැදගත් කෘතියකි.
රාද් ෆන් ජස්ටිටිලන්දේසි ඉහළ උසාවියකි. රික්ස් ඩොලර් 120 වැඩි අලාභ පිළිබඳ නඩු ඇසීම පිණිස මේවා කොළඹ, ගාල්ල හා යාපනයේ පිහිටුවන ලදී.
රුවන්වැල්ලලන්දේසි බලකොටුවකි
රෙපරමාදු ව්‍යාපාරයයුරෝපයේ ආගමික ප්‍රතිසංස්කරණ අවදියේ දී පල්ලියේ දූෂණ වලට විරුද්ධව බිහි වූ එක් ප්‍රධාන කිතුණු නිකායකි.
රොබට් නොක්ස්ඈන් නමැති නෞකාවෙන් 1659 දී පමණ ලංකාවේ කොට්ටියාරම වරායට ආ ඉංග්‍රීසි ජාතික කපිතාන් වරයා. ඔහුගේ පුත්‍රයා ද මේ නමින් ම හඳුන්වනු ලැබුණි. මෙවක ලංකාවේ සිටියේ ලන්දේසීන් ය.එදා හෙළදිම කෘතිය මේ පුත්‍රයාගේ ය.
රෝම ලන්දේසි නීතිය.1652 දී සයිමන් ෆන් ලියූවන් නම් ඕලන්ද නීතිවේදියා විසින් මුල්වරට සංග්‍රහ කළ නීති පද්ධතියකි.මේ සඳහා පාදක වූයේ රෝමානු නීති පද්ධතියක් හා ඕලන්දයේ භාවිත වූ ජර්මානු ප්‍රභවයක් ඇති නීති පද්ධතියකි.
ර්ක්ස් ඩොලර්ලන්දේසි මුදල් ඒකකය
ලංසිලන්දේසි හා සිංහල මිශ්‍ර ජනයාතබර්ගර් ජනයා
ලස්කිරිඤ්ඤමෙහෙයුම් වල දී පෘතුගීසීන්ගේ බලකොටු රැකිම, ආහාර හා යුද්ධායුධ වැනි බර උසුලා යෑම,පණිවිඩ හුවමාරුව වැනි කටයුතු වලට කුලී පදනමට එක් වී සිටි දේශීය වැසියන්.
ලාදුරුලන්දේසි සමයේ ලංකාවේ පැතිර ගිය රෝගයකි.
ලෝපෝ සෝර්ස් ද අල්බර්ගේරියාබලකොටුවක් තැනීමේ අරමුණෙන් 1517 දී ලංකාවට ආ පෘතුගීසි ජාතිකයා. කොළඹ වඑරායේ දී ධර්ම පරාක්‍රමබාහු රජු මුණගැසීම පිණිස ඔවුන් පැමිණ ඇත. මේ බව ක්වේරෝස් පියතුමා ද සඳහන් කර ඇත. නමුත් 6 වල විජයබාහු රජු දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් පළවාහැර ඇත.
ලෝරන්ස් පිල්ලංකාවේ ලන්දේසි ආණ්ඩුකරු/උඩරට රජු සමග සාමකාමීව කටයුතු කළේ ය./ කපටියෙකි
වස්කෝ ද ගාමාපෙරදිගට ආ පළමු පෘතුගීසි ජාතිකයා ලෙස හැඳින්වේ.
විජයබාකොල්ලය1521 වැන්නේ දී 6 වන විජයබා රජුගේ පුතුන් තිදෙනා සොලමන් නමැත්තෙකු ලවා සිය පියා ඝාතනය කර රාජ්‍යය පැහැර ගැනීමේ සිදුවීම. මේ සහා උඩරට ජයවීර බණ්ඩාර රජු හමුදා අධාර ලබා දුන් අතර, විජයබාහු රජුගේ පුතුන් තිදෙනා පියාට විරුද්ධව එම හමුදාව රැගෙන විත් කැළණියේ වාඩිලා ගත්හ. රජු ඔවුන් සමග සමාදාන වනු කැමතිව දූතයන් යැවූ නමුත් කුමාරවරු කදුරේ බණ්ඩාර හා ඒකනායක මුදලි යන දෙදෙනා තමන්ට භාරදෙන්නැයි ඉල්ලා සිටියහ. රජු ඒ දෙදෙනා කුමාරවරුන් වෙත යැවූ නමුත් ඒකනායක මුදලි කැළණි විහාරයට ගොස් දිවි බේරාගත්තේ ය.කඳුරේ බණ්ඩාර කුමාරවරුන් අතින් මියගියේ ය. පසුව කුමාරවරු කෝට්ටේ වටලා නගරය ද කොල්ලකා, සොලමන් නමැත්තා ලවා රජු මැරවීය. මේ සඳහා දේවරාජ කුමාරයා ද නොදැනුවත්කමට හෝ තොරතුරු දීමෙන් දායක වී ඇත.
විජයබාකෝඩෙවිජයබාකොල්ලය
විජයබාහු කුමාරයා8 වන වීර පරාක්‍රමබාහු රජු යටතේ රයිගම හා දෙවුන්දර පාලනය කළ කුමාරයා. මොහු චක්‍රායුධ කුමාරයා ලෙස ද හැඳින්වේ.
විජයබාහු රජු VIඅටවන වීර පරාකුමබාහු රජුට පසු කෝට්ටේ රජ වූ කුමරා. 1521 දී විජයබාකොල්ලය අවස්ථාවේ සොලමන් නමැත්තා අතින් මියගියේ ය.
විදානේබද්දේ කාර්යාංශයක ප්‍රධානියා/පෘතුගීසීන් යටතේ මුහුදුබඩ සිටි උසස් ම සිංහල නිළධාරීන් ය. ඔවුන්ට ඉහළ සියල්ලෝ පෘතුගීසි ජාතිකයෝ වූහ.
විදෝර් ද පසෙන්දාර්පෘතුගීසීන් යටතේ මෙහි සිටි රාජ්‍ය ආදායම් පාලක.(නිල නාමයකි)
විසුරේපෘතුගාලයේ රජු යටතේ සිටි ප්‍රතිරාජයා හෙවත් යටත් විජිත කටයුතු භාර ප්‍රධානියාගේ නිල නාමය.(පුද්ගල නාමයක් නොවේ) පෙරදිග ප්‍රතිරාජයා හෙවත් විසුරේ වරයා යටතේ ලංකාව වැනි රටවල් පැවතුනි./මුල දී පෘතුගාල රජු විසින් කළ ඒ ඒ යටත්විජිත වල කපිතාන් ජෙනරාල්වරු පත්කිරීමේ බලය ද පසුකාලයේ විසුරේට හිමි විය. නමුත් පෘතුගාලයේ රජුට විසුරේගේ තීරණ වෙනස් කිරීමට ද හැකි විය.
වීදියේ බණ්ඩාරවීදියේ අදහසින් නම් කුමරා. මාදම්පේ තනියවල්ලභ රජුගේ දියණිය සොලී රජෙකු හා විවාහයෙන් උපන් දරුවෙකි. කම්මිට අදහසින් හෙවත් තම්මිට බණ්ඩාරගේ සොහොයුරා ය. පසුකාලයේ කෝට්ටේ 7 වන බුවනෙකබාහු රජුගේ දියණිය වූ සමුද්‍ර දේවිය හා විවාහ වී ධර්මපාල(දොන් ජුවන් පෙරියබණ්ඩාර) නම් පුත්‍රයාට පියා විය.
වීර පරාක්‍රමබාහු VIII රජුපෘතුගීසීන් පැමිණෙන විට කෝට්ටේ පාලකයාය/අම්බුලුගල කුමාරයා ය./1509 ජුනි 7 මියගියේ ය.
වෙල්ලාලයාපනයේ දෙමල කුලයකි
වේරගම සන්නස6 වන විජයබාහු රජුට අයත් වේ.පැපිලියාන පිරිවෙනේ පොත් ලියූවන්ට දුන් දීමනා සඳහන් වේ.
ශාන්ත පෝල් විද්‍යාලයෆ්‍රැන්සිස් සේවියර් පියනම විසින් කිතුණු ආගම ප්‍රචාරය කිරීමේ අරමුණෙන් ඉන්දියාවේ ගෝවේ දී ඇරඹූ විදුහලකි.
සකලකලා කුමරු8 වන වීර පරාක්‍රමබාහු රජු යටතේ සියනෑ, හේවාගම්, අලුත්කුරු, කෝරළ පාලනය කළ කුමාරයා
සත්කෝරලේ දිසාවනියපෘතුගීසීන් පැමිණෙන විට කෝට්ටේ රාජධානිය බෙදා තිබූ දිසාවනි 4න් එකකි.
සපුමල් කුමාරයාසෙම්බග්ග පෙරුමාල් නම් දමිළ කුමාරයා. 6 වන පැරකුම්බාවන් ගේ පුත්‍රස්ථානයේ වැඩුණු කුමරයෙකි.අම්බුලුගල කුමාරයාගේ සොහොයුරා ය. පසුව හය වන බුවනෙකබාහු නමින් රජ විය.
සබරගමු දිසාවනියපෘතුගීසීන් පැමිණෙන විට කෝට්ටේ රාජධානිය බෙදා තිබූ දිසාවනි 4න් එකකි.
සබරගමු බලකොටුවලන්දේසීන්ගේ බලකොටුවකි.
සයිමන් ෆන් ලියුවන්1652 දී රෝම ලන්දේසි නීති ක්‍රමය මුල්වරට සම්පාදනය කළ ඕලන්ද ජාතික නීතිවේදියා.
සාජන්ට්පෘතුගීසීන්ගේ කපිතාන් ජෙනරාල් යටතේ කුඩා සේනාංක භාරව සිටි නිළධාරීන්
සැමොරින්පෘතුගීසීන් පෙරදිගට පැමිණෙන සමය වන විට ඉන්දියාවේ කැලිකට් වරාය ආශ්‍රිතව මධ්‍යස්ථානය පිහිටුවාගෙන සිටි මුස්ලිම් වෙළඳ ප්‍රධානියෙකි.
සිංහලයන්ගේ රටසෙයිලාන් හෙවත් ලංකාව. ලංකාව ගැන පෘතුගීසීන් දැන සිටියේ මේ අරුත ඇති සෙයිලාන් නමිනි.
සිවිල්රාද්සිවිල් නඩු විභාග කිරීම සඳහා ලන්දේසි සමයේ කොළඹ,ගාල්ල හා යාලනයේ පැවති උසාවි.
සීතාවකරාජධානියකි. විජයබාකොල්ලයට පෙර කෝට්ටේ යටතේ වූ පාලන ඒකකයකි. සතරකෝරළය මුල්කරගනිමින් පැවතුණි. මායාදුන්නේ කුමාරයා මෙහි ආරම්භකයා විය. හේ විජයබාකොල්ලය සැලසුම් කළ තැනත්තා ය. පියා ඝාතනයට සැලසුම් කර සොලමන් නමැත්තා ලවා එක ක්‍රියාවේ යෙද වූ මායාදුන්නේ රජු සිය ජීවිතයේ අවසන් කාලයේ සිය පුත්‍රයා අතින් මියගියේ දෛවෝපගත අයුරිනි.
සීමන් කොරයාසත් කෝරලේ දිසාවේ තනතුරට පත් වු පෘතුග්‍රිසි ජාතිකයාය. මොහු කොට්ටල් බද්දේ අනිවාර්ය සේවා රාජකාරීය යටතේ අවි ආයුධ තනවා පිටරට පැටවු බවට චෝදනා ලැබුවෙකි. / දූමිංගු කොරයාගේ සොයුරාය. මොහු පෘතුගිසින්ට විරුද්ධව සිය සොයුරාට සහාය දූන්නේ ය.
සෙමනේරියඋසස් අධ්‍යාපනය සදහා කොළඹ පිහිට වු අධ්‍යාපන ආයතනයකි. අධ්‍යාපන මාධය ලන්දේසින් විය. ග්‍රික් හී බ්‍රද වැනි භෘෂා ද උගන්වන ලදී. මෙහි ක්‍රිස්තියානි දේශකයන් ( කතිසේරුවන් ) හා නවක දේව ගැතියන් පුහුණු කරවන ලදී. උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 40 නො ඉක්මවීය.
සෙයිලාන්ලංකාව පෘතුගීසීන් හැඳින්වූයේ මේ නමිනි.
සෙරපින්පෘතුගීසීන්ගේ මුදල් ඒකකයකි.
සේනාරත්නමහනුවර රජ කළ සෙනරත් රජු
සොකොත්‍රාරතුමුහුදෙන් ඉන්දීය සාගරයට පිවිසෙන ස්ථානය/ඇල්බ්‍යුකර්ක් විසින් 1510 දී අල්ලා ගන්නා ලදී
ස්කරීලන්දේසි ලිපිකරුවෝ
ස්කොලාර්ක්ලන්දේසීන් යටතේ සේවය කළ පාසල් පරීක්ෂක නිළධාරීන්
ෆන් හූන්ස්ලංකාවේ ලන්දේසි ආණ්ඩුකරුවෙකි.
ෆන්ඩර්මෙයිඩන්ලංකාවේ ලන්දේසි ආණ්ඩුකරුවෙකි.
ෆ්‍රැන්සිස් සේවියර් පියතුමාජේසුයිට් නිකායික කිතුණු පියනමකි./ පෘතුගීසීන් යටතේ පෙරදිග මිෂනාරි ව්‍යාපාරයේ ප්‍රධානියා විය.සමාජ සේවාව ආගම ප්‍රචාරය කිරීමේ මාධ්‍යයක් කරගත්තේ ය.
ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාපෙරදිගට පත් වූ පළමු පෘතුගීසි ප්‍රතිරාජයා/ලංකාවට පළමුවෙන් ම ආ පෘතුගීසි ජාතිකයා සේ සැලකෙන ලොරැන්සෝද අල්මේදා ගේ පියා
හමුදා කපිතාන්ලන්දේසි හමුදාවේ මෙරට ප්‍රධානියා
හුෆ්ට්මන්ලන්දේසි පාලන සමයේ ඉඩම් බදු භාරගන්නා නිළධාරියා/ඔෆර් හුෆ්ට පහළ නිළධාරියෙකි