ලංකාවේ අභිලේඛන නාමාවලිය

අනුරාධපුර ගල් ඔරුව අසල පුවරු ලිපියහතරවන මිහිඳු රජු-(විහාර හා ග්‍රාම පාලන නීති ගැන සඳහන් වේ.)
අනුරාධපුර පුවරු ලිපියපස්වන කස්සප රජු-විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ
අඹගමුව සෙල්ලිපියපළමුවන විජයබාහු රජු -පොළෙනේනරු යුගය(ශ්‍රී පාද වන්දනාකරුවන්ට සත්කාරක ග්‍රාමයක් ලෙස ගිලීමලේ ගම පිදීම)
කළුදියපොකුණ ලිපියතෙවන සේන රජු- විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ
කොණ්ඩවට්ටවාන් ලිපියසිව්වන දප්පුල රජු-ග්‍රාම පාලන නීති ගැන
ගඩලාදෙණි ගිරි ලිපියධර්මකීර්ති ස්ථවිර(ගඩලාදෙණි විහාරය ඉදිකිරීම ගැන)
ගඩලාදෙණි පුවරු ලිපියජයවීර පරාක්‍රමබාහු රජු(දොඩම්වල පරාක්‍රමබාහු ඇපාට, මේණවර තුණෙයාට හා පස්යොදුන්රට ජනයාට අභය දානය දීම ගැන)
ගඩලාදෙණි ලිපියසේනාසම්මත වික්‍රමබාහු රජු-මහනුවර යුගය (මහනුවරට අයත් ප්‍රදේශවල ජනයාට ජීවිත හානි නොකරන බව හා මරාළ බද්ද විහාර ප්‍රතිසංස්කරණයට යොදවන බව)
ගලපාත සෙල්ලිපියදෙවන පරාක්‍රමබාහු රජු(?)-දඹදෙණිය යුගය(පූජ්‍යස්ථාන ඉදිකිරීමත් හා ඊට කළ පූජාවන්)
ගල්පොත ලිපියනිශ්ශංකමල්ල රජතුමා-‌පොළොන්නරු යුගය(නිශ්ශංකමල්ල රජු‌ පිළිබඳ වර්ණනා, ඔහුගේ ලෝ සසුන් වැඩ හා විදේශාක්‍රමණ ගැන සඳහන් වේ.)
ගොඩවාය ලිපියපළමුවන ගජබා රජු-වරාය බදු ආදායම් විහාරයකට පිදූ බව
ජේතවනාරාම සංස්කාත ලිපියවිහාර ඉඩම් වල වෙසෙන ගිහි පැවිදි දෙපාර්ශ්වයට අදාළ වත් පිළිවෙත් පිළිබඳ කථිකාවතකි.
තිඹිරිවැව ලිපියගෝඨාභය රජු (ඇළ මගක බදු ආදායම් ආරාමයකට පිරීම ගැන)
තිරියායේ ගිරි ලිපියමහායානික අදහස් හා ත්‍රපුස්සක-වල්ලික වෙළඳ දෙබෑයන් ගිරිහඬුසෑය කරවීම පිළිබඳ
තෝණිගල සෙල්ලිපියසිරිමේඝවණ්ණ රජතුමා-අනුරාධපුර යුගය(බැංතුවක තැන්පත් කළ ධාන්‍ය වල පොලිය විහාරයක භික්ෂු සංඝයාගේ සිව්පසය පිණිස පිදූ බව)
ත්‍රිකුණාමලයේ කෙටි සංස්කෘත ලිපියචෝඩගංග නම් ආක්‍රමණිකයෙකුගේ විස්තර
දඹුලු පර්වත ලිපියනිශ්ශංකමල්ල රජු-පොළොන්නරු යුගය(දඹුළු විහාරය පිළිසකර කරවීම, එයට රන්ගිරි දඹුළු නාමය හෙවත් සුවණ්ණගිරි ගුහා නාමය දීමත්, රජුගේ වෙනත් ආගමික සේවාවන් ආදියත් ලියා ඇත.)
දෙවනගල පර්වත සෙල්ලිපියමහා පරාක්‍රමබාහු රජතුමා- පොළොන්නරු යුගය(බුරුම ආක්‍රමණයට සම්බන්ධ වූ කිත් නුවරගල් හෙවත් නනගරගිරි කිත්ති සෙනවියාට ලබාදුන් ගම්වර ආදිය ගැන සඳහන් වේ.)
දෙවිනුවර සෙල්ලිපියදෙවන පරාක්‍රමබාහු රජු(නැව්තොටක පාලනය ගැන සඳහන් වේ.)
පනාකඩුව තඹ සන්නසපළමුවන විජයබාහු රජතුමා-පොළොන්නරු යුගය(විජයබාහු රජුට කුඩා කළ ආරක්ෂාව සැපයූ සිත්නරුබිම් බුද්ධනායකයන්ට කළ දීමනා ගැන සඳහන් වේ.)
පුලියන්කුලම් ලිපියපස්වන දප්පුල රජු- විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ
පෙරිමියන්කුලම් ගිරි ලිපියවසභ රජු (ඇළමගක බදු අසල විහාරයක් පිළිසකර කිරීම සඳහා පිදීම ගැන සඳහන් වේ.)
මිහින්තලේ පුවරු ලිපි දෙකහතරවන මිහිඳු රජු-අනුරාධපුර යුගය(ආරාමයක භික්ෂුන් වහන්සේලාගේ විනය නීති ගැන සඳහන් වේ.)
වල්ලිපුරම් රන් සන්නසවසභ රජතුමා-අනුරාධපුර යුගය(වසභ රජ දවස යාපන අර්ධද්වීපය පාලනය කළ ඉසිගිරිය නමැත්තා යටතේ ඉදිකළ විහාරයක් ගැන කියවේ)
වෙස්සගිරි ගිරි ලිපියදෙවන සිරිනාග රජු-(ආරාමයකට කළ පූජාවත් ගැන සඳහන් වේ. පළමු සිරිනාග කුච්ඡනාග හා දෙවන සිරිනාග අතර ඥාති සබඳතාව ද මෙයින් හෙළි වේ.)
වෙස්සගිරි පුවරු ලිපියසිව්වන මිහිඳු රජු- රජුට අයත් වැවකින් ජලය බෙිදා දීමේ නීති
වේවැල්කැටිය පුවරු ලිපියහතරවන මිහිඳු රජු (අපරාධ නීතිය පිළිබඳ සඳහන් වේ.)
සංගමු විහාර ලිපියපොළොන්නරු යුගය-(පළමු පැරකුම්බා හා දෙවන ගජබාහු රජවරුන් අතර සාම ගිවිසුමකි.)
සිතුල්පව්ව ලිපියඅධිකරණයක ආදායම් සංඝයාට පිදූ බව
හබැස්ස ගිරි ලිපියවසභ රජුගේ පුත් උතර නමැත්තා සහ ඔහුගේ පුත් උප රජ නාග නමැත්තා පැරණි ආරාමයකට වාරිමාර්ග ඇළක් පිදීම හා කුඹුරු තුනක් පූජා කිරීම ගැන සඳහන් වේ(ඌව පළාත)
මහරත්මලේ ගිරි ලිපියවිහරයකට කළ පූජාවක් ගැන සඳහන් වේ.වංකනාසික තිස්ස, පළමු ගජබා සහ මහල්ලක නාග රජවරුන් ගැන සඳහන් වේ.
හෝපිටිගමු ලිපියහතරවන උදය රජතුමා-අනුරාධපුර යුගය(වෙළඳ ගමක පරිපාලන නීති ගැන සඳහන්වේ)
ලංකාවේ වෙළඳ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයේ දී අතිශය වැදගත් වේ.
පෙර සිරිත් දඩ මිස අනියම් දඩ නොගත යුතුයි
යමෙකුඩ දඩුවමක් කරනවා නම් එය වෙනත් ස්ථානයක සිදුනොකර එම ස්ථානයේම කළ යුතුයි.
නොගෙවූ දඩ සඳහා වැලැක්මේ නොගත යුතුයි. දඩය අදාළ පුද්ගලයාගෙන්ම අයකරගන්නවා මිස අඹුදරුවන් වැලැක්මේ නොගත යුතුයි
ගමට පැමිණි රාජකීය නිළධාරින් රහමස් දිහිතෙල් නොගත යුතුයි
වතුවලට පැමිණ රහ නොගත යුතුයි
සොර වෙළෙඳාම් නොකළ යුතුයි
පොහොය දිනයක වෙළෙඳ ශාලා විවෘත කරන්නේ නම් වෙහෙරට තෙල් දිය යුතුයි. එම තෙල්වලින් මහියන්ගණ වෙහෙර පිදිය යුතුයි. එසේ නොදුන්නහොත් පෙර සම්මත ගණන පමණක් දඩ ගත යුතුයි.
බඩුගෙන එන අයගේ ගොනුන් නොගත යුතුයි
පදි වදිනා (වෙළෙඳ නගරයට ගෙනඑන) බඩු පෙරමඟට ගොස් නොගත යුතුයි
සම්මත මිනුමෙන් මිස වෙනත් මිනුම්වලින් බඩු නොමැනිය යුතුයි
ගමට ගෙනවිත් විකුණන බඩු සඳහා බඳු ගන්නවා මිස නොවිකිණි බඩු සඳහා බඳු නොගත යුතුයි
බුලත්පුවක් මණ්ඩපයක් මත තබා මිස නුසුදුසු තැන තබා නො විකිණිය යුතුයි
මෙහෙකරුවන්ට කරදර නොකළ යුතුයි
විවිධ තරාතිරම්වල රාජ්ය නිළධාරින් පැමින විට පෙර සම්මත ගාස්තු පමණක් ගෙවිය යුතුයි
මේ ව්යවස්ථා උල්ලංඝණය කරන අවස්ථාවලදි නිළධාරින්ට දන්වා ඒවා නිවැරදි කළ යුතුයි
කෙත්ගල්කන්ද සෙල්ලිපිය(දඹුල්ලට නුදුරු කණ්ඩලම පිහිටි)භික්ෂූන්‌ වහන්සේලා වෙත ගල්‌ ගුභාවක්‌ පූජා කරන ලද පරුමකවරයෙකු පිළිබදව සදහන්‌ වේ.මෙහි පරුමකයා හදුන්වා දී ඇත්තේ “තොට බොජක / තීර්ථය අනුභව කරන්නා” යනුවෙනි. එනම්‌ ඔහු තොටුපළකින්‌ බදු අය කර ගැනීමට බලය තිබූ පුද්ගලයෙකි.