අමාවතුර | ගුරුළුගෝමීන්-පොළොන්නරු යුගය |
අඹදෙණි අස්න | කුරුණෑගල යුගය. |
එදා හෙළදිව | රොබට් නොක්ස්-17 වන සියවස |
එළු අත්තනගලුවංසය | කෝට්ටේ යුගය |
කඳවුරු සිරිත | දඹදෙණියේ රජවරුන්ගේ එදිනෙදා දිවිපෙවෙත විස්තර කරන කෘතියකි. |
කව්සිළුමිණ | දෙවන පැරකුම්බා රජු - දඹදෙණි යුගය |
කාව්‍යශේඛරය | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි - කෝට්ටේ යුගය |
කෑගල්ල වාර්තාව | එච්.පී.පී. බෙල්-ඉංග්‍රීසි පාලන සමය |
කොන්ස්තන්තීනු හටන | අලගියවන්න මුකවැටි-සීතාවක යුගය |
ගුත්තිල කාව්‍ය | වෑත්තෑවේ හිමි - කෝට්ටේ යුගය |
ජානකීහරණය | කුමාරදාස රජතුමා-අනුරාධපුර යුගය |
ථූපවංසය(පාලි) | වාචිස්සර හිමි -දඹදෙණි යුගය |
ථූපවංසය(සිංහල) | පරාක්‍රම පණ්ඩිත-කුරුණෑගල යුගය |
දම්පියා අටුවා ගැටපදය | පස්වැනි කාශ්‍යප රජු-අනුරාධපුර යුගය |
දඹදෙණි කථිකාවත | දිඹුලාගල මේධාලංකාර හිමි හා සංඝරක්ෂිත හිමි-දඹදෙණි යුගය |
දළදා පූජාවලිය | විල්ගම්මුල හිමි-කුරුණෑගල යුගය |
දළදා වංසය | කිත්සිරිමෙවන් රජදවස |
දළදා සිරිත | දෙව්රද දම්පසඟිනාවන්-කුරුණෑගල යුගය(දළදා වහන්සේට වැදුම් පිදුම් කළයුතු අයුර් විස්තර වේ.) |
දාඨාවංසය | ධම්මකිත්ති හිමි (13 සියවස) |
දීපවංසය | හත්ථාල්හක මෙහෙණවර වැසි භික්ෂුණීන්වන්සේලා(?)ක්‍රි.ව. 3-4 සියවස් අනුරාධපුර යුගය |
දෙමළ-කෛලාසමාලෛ | නල්ලූර් කේවිල ගැන ලියූ කාව්‍යයකි. |
දෙමළ-යාල්පාණවෛපවමාලෛ | මයිල්වාගනම්-1736 දී(මැක්කරා නම් ලන්දේසි ආණ්ඩුකරුගේ ඇරයුමෙනි)පණඩු මහාරාජ (පණ්ඩුවාසදේව?) නම් රජෙකුගේ කාලය දක්වා ලංකා ඉතිහාසයේ ඈත යුගයක තොරතුරු හා මාඝ ආක්‍රමණයට පසු තොරතුරු සැකෙවින් දක්වා ඇත |
දෙමළ-සරජෝතිමාලෛයි | තේනුවරෙයි පෙරුමාල් |
ධර්මප්රදීපිකාව | ගුරුළුගෝමීන්-පොළොන්නරු යුගය |
නිකාය සංග්‍රහය | දේවරක්ඛිත ජයබාහු හිමි-ගම්පොළ යුගය |
නිකාය සංග්‍රහය (ශාසනාවතාරය) | ද්විතීය ධර්මකීර්ති හිමි-ගම්පොළ යුගය |
පාරමී මහා ශතකය | සීලවංහ ධම්මකිත්ති හිමි |
පැරකුම්බා සිරිත | කෝට්ටේ යුගය |
පැරකුම්බාසිරිත | 6 වන පරාක්‍රමබාහු රජු පිළිබඳ ප්‍රශස්තියකි. |
පූජාවලිය | මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමි-දඹදෙණි යුගය(පරිනිර්වාණයට පෙරත්, පසුත් බුදුරදුන්ට කළ විවිධ පූජාවන් ගැන සඳහන් වේ.) |
බුත්සරණ | විද්‍යා චක්‍රවර්තී- පොළොන්නරු යුගය |
බුදුගුණාලංකාරය | වීදාගම මෛත්‍රීය හිමි- කෝට්ටේ යුගය |
මන්දාරම්පුර පුවත | මහනුවර යුගය |
මහාවංසය | මහානාම හිමි -ක්‍රි.ව. 4-5 සියවස්-අනුරාධපුර යුගය මහාවිහාර පාර්ශ්වය |
රසවාහිනිය | වේදේහ හිමි-දඹදෙණි යුගය |
රාජරත්නාකරය | වල්ගම්පායේ මහ තෙරුන්වහන්සේ-15-16 සියවස් |
ලෝවැඩ සඟරාව | වීදාගම මෛත්‍රීය හිමි- කෝට්ටේ යුගය |
වංසත්ථප්පකාසිනී | මහාවංස ටීකාව(මෙය ද මහානාම නම් හිමිනමකගේ කෘතියකි.) |
ඉරටොස්තිනීස්ගේ වාර්තා | ක්‍රි.පූ. 3 ශතවර්ෂය(ලංකාවේ නගර නොතිබූ බවත්, ගම් හත්සියයත් තිබූ බවත් දත්වයි. ලංකාවේ විදේස වෙළඳාම පිළිබඳව ද කියයි.) |
ඔනෙසික්‍රීටස් වාර්තා | ග්‍රීක (කතුවරයා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ නාවික නියමුවෙකි.)වයඹදිග ඉන්දියාව හා ලංකාව අතර පැවති වෙළඳාම ගැන සඳහන් වේ. |
ඉන්ඩිකා | මෙගස්තිනීස්(කතුවරයා ලකාවට පැමිණ නැත.) |
ජිනකාලමාලිනිය | රත්නපඤ්ඤ හිමි. තායිලන්තය. |
ටොපොග්‍රැෆියා ක්‍රිස්ටියානා(ක්‍රිස්තියානි දේශ විස්තරය) | කොස්මස් ඉන්ඩිකොප්ලෙවුස්ටස්(ලංකාව හා පෙර අපර දෙදිග රටවල් අතර පැවති වෙළඳාම ගැන සඳහන් කරයි.ලංකාවේ දිග හා පළල ගෞඩියා තුන්සියය බැගින් බව, ලංකාවේ එකිනෙකාට විරුද්ධ රජවරුන් දෙදෙනෙකු රජ කළ බව,ලංකාවට ඉන්දියා, පර්සියා හා ඉතියෝපියන් නැව් ආ බව, පටරෙදි හා සඳුන් දැව චීනයෙන් ගෙන්වා ඒවා මාලේ, තලියාන(?), සින්ධු හා පර්සියා රටවලට යැවූ බව, පර්සියානු නිකායට අයත් ක්‍රිස්තු ලබ්ධිකයන් ලංකාවේ විසුූ බව දක්වා තිබේ.) |
ඩිමුණ්ඩෝ | ඇරිස්ටෝටල්-ග්‍රීක(ලංකාව පිළිබඳ පළමුව සඳහන් වන කෘතිය යි.) |
දිව්‍යාවදානය | ඉන්දීය මූලාශ්‍රයකි. |
දේවවාද පුරාණය | ජාකෝමේ ගොන්සාල්වේස්-පෘතුගීසි පාලන සමය |
දේශාටන වාර්තාව | ෆාහියන්(ලංකාවට පැමිණ අභයගිරියේ දෙවසරක් වැඩ විසූ අතර එහි භික්ෂූන් පන්දහසක්, මහාවිහාරයේ තුන්දහසක් හා මිහින්තලයේ දෙදහසක් විසූ බව ලියා තිබේ. දළදා උත්සවය ගැනත් අනුරාධපුරයේ සිටි චීන වෙළඳුන් ගැනත් ලගියා තිබේ.) |
දේශාටන වාර්තාව | ඉබන් බතූතා |
නැචුරාලිස් හිස්ටොරියා | ප්ලීනි(ලංකාව හා රෝමය අතර පැවති සබඳතා ගැන ලියා ඇත. ලංකාවේ දූතයන් රෝමයට හා චීනයට ගිය බව දක්වා තිබේ) |
පට්ටිනප්පාලයි | දකුණු ඉන්දීය මූලාශ්‍රයකි |
පදිර්රුපත්තු | දකුණු ඉන්දීය මූලාශ්‍රයකි |
පර්සියානු යුද්ධ | ප්‍රකෝපියස්-ක්‍රි.ව. 6වන සියවස (ඉතියෝපියන්වරුන්ට ලංකාවේ වරාය වලින් පටපිලී ලබාගැනීමට ඔවුන්ගේ විරුද්ධවාදීන් වූ පර්සියානුවන් ඉඩ නොදුන් බව සඳහන් කරයි.) |
පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී | කර්තෘ අඥාතයි(ලංකාවේ මුතු මැණික් ගැන හා කපු පිලී නිපදවීම ගැන ලියා ඇතත් කතුවරයා ලංකාවට පැමිණ නැත.) |
භූගෝල ශාස්ත්‍රය | ටොලමි-ග්‍රීක රෝමානුවෙකි |
භ්‍රමණ වෘත්තාන්තය | හ්යුන්-සියෑං(ලංකාව ජනාවාස වීම, නිකාය බෙදීම, දළදා මාළිගාව, මහාපාළි දන්සැළ, ලංකාවේ මුතු මැණික් ආදිය ගැන ලියා ඇතත් ලංකාවට පැමිණ නැත.) |
මණිමේඛලායි | දකුණු ඉන්දීය මූලාශ්‍රයකි |
මහා භාරතය | ඉන්දීය මූගාශ්‍රයකි. |
රාජතරංගණී | කල්හණ(කාශ්මීර වංශකතාවකි.) |
රාමායනය | ඉන්දීය මූලාශ්‍රයකි.වාල්මිකී |
ලංකා විස්තරය | පිලිප්පුස් බැල්දියස්-ඕලන්ද යුගය |
ලංකාධිපත්‍යය(ලංකාවේ දේශපාලන හා ආධ්‍යාත්මික ආධිපත්‍යය) | ෆර්නාඕ ද ක්වේරෝස්-පෘතුගීසි පාලන සමය |
ලංකාව පිළිබඳ විස්තරයක් | ජේම්ස් කෝඩිනර් |
ලංකාව(දිවයින පිළිබඳ විස්තරයක්) | එමර්සන් ටෙනන්ට්-ඉංග්‍රීසි පාලන සමය |
ලංකාවතාර සූත්‍රය | මහායා ග්‍රන්ථයකි |
ලංකාවේ එකොළොස් වසරක් | ෆෝර්බ්ස් |
ලංකාවේ පනස් වසරක් | තෝමස් ස්කිනර්-ඉංග්‍රීසි පාලන සමය |
ලක්දිව පැරණි වාරිමාර්ග | ආර්. ඒල්. බ්‍රෝහියර් -ඉංග්‍රීසි පාලන සමය |
සිංහලේ ආණ්ඩුක්රමය | ජෝන් ඩොයිලි-ඉංග්‍රීසි පාලන සමය |
සිල් සිලත් අල් තවාරිඛ් | අබු සයිද් (ක්‍රි.ව. 950) |
සීලප්පදිකාරම් | දකුණු ඉන්දීය මූලාශ්‍රයකි |
විශුද්ධිමග්ග මහා සන්නය | දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු-දඹදෙණී යුගය |
විශුද්ධිමග්ගය | බුද්ධඝෝෂ හිමි-අනුරාධපුර යුගය |
කෝකිල සංදේශය | දෙවිනුවර තිලක පිරුවෙන්පති හිමි-කෝට්ටේ යුගය |
ගිරා සංදේශය | කෝට්ටේ යුගය |
තිසර සංදේශය | 5වන පරාකුමබාහු රජ දවස |
පරවි සංදේශය | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි-කෝට්ටේ යුගය |
මයුර සංදේශය | කවීශ්වර-ගම්පොළ යුගය-5වන බුවනෙකබාහු රජ දවස |
සැළලිහිණි සංදේශය | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි - කෝට්ටේ යුගය |
හංස සංදේශය | වීදාගම මෛත්‍රීය හිමි- කෝට්ටේ යුගය |
සද්ධම්මප්පකාසිනී | පටිසම්භිදාමග්ග අට්ඨකතාව-පළමු මුගලන් රජ දවස දීඝාසනවිහාරයේ වැඩ විසූ මහානාම නම් හිමි. |
සද්ධර්මරත්නාකර | ගඩලාදෙණියේ ධම්මදින්න විමලකිත්ති හිමි-කෝට්ටේ යුගය |
සද්ධර්මරත්නාවලිය | ධර්මසේන හිමි-දඹදෙණිය යුගය |
සද්ධර්මාලංකාරය | ජයබාහු ධම්මකිත්ති හිමි-ගම්පොළ යුගය |
සමන්තපාසාදිකා | බුද්ධඝෝෂ හිමි. සිරිනිවාස හෙවත් මහානාම රජ දවස-අනුරපුර යුගය (විනය පිටකයේ අටුවාව යි) |
සම්මෝහවිනෝදනී | බුද්ධඝෝෂ හිමි-අනුරාධපුර යුගය |
සසදාවත | පොළොන්නරු යුගය |
සාරාර්ථ සංග්‍රහය | බුද්ධදාස රජු-අනුරාධපුර යුගය |
සාරාර්ථදීපනී | වැලිවිට සරණංකර සංඝරාජ හිමි.-මහනුවර යුගය |
සිංහල බෝධිවංසය | විල්ගම්මුල හිමි-කුරුණෑගල යුගය |
සිදත්සඟරාව | පතිරාජ පිරුවන්පති වේදේහ හිමි-දඹදෙණි යුගය |
සියබස්ලකර | සලමෙවන් රජු-අනුරාධපුර යුගය |
සුභාෂිතය | අලගියවන්න මුකවැටි-සීතාවක යුගය |
සුමංගලවිලාසිනී | බුද්ධඝෝෂ හිමි-අනුරාධපුර යුගය |
හත්ථවනගල්ල විහාරවංසය | දෙවන පරාක්‍රමබාහු රජදවස-දඹදෙණි යුගය |