විස්තරය |
---|
ඉලක්කම් දර්ශකය සංඛ්‍යාවක ඇති ඉලක්කම් සියල්ල 1 සිට 9 තෙක් අගයක් ලැබෙන තෙක් එකතු කර ලබා ගන්නා ප්‍රතිඵලය ඉලක්කම් දර්ශකය ලෙස හදුන්වයි. උදා ÷ 2113 ඉලක්කම් දර්ශකය සොයමු. 2+1+1+3 = 7 2113 හි ඉලක්කම් දර්ශකය 7 වේ. |
අඥාතය නොදන්නා පදයකට කියන නමකි. |
ආදේශය යම් ස්ථානයක ඇති දෙයක් වෙනුවට එම ස්ථානයට වෙනත් දෙයක් යෙදීම. |
6 ශ්‍රේණියේ දි ඉගෙන ගත් භාජ්‍යතා රීති • සංඛ්‍යාවක එකස්ථානයේ ඉලක්කමඉරට්ටේ සංඛ්‍යාවක් වේ නම්,එම සංඛ්‍යාව 2 න් බෙදේ. • සංඛ්‍යාවක එකස්ථානයේ ඉලක්කම 0 හෝ 5 හෝ වේ නම්,එම සංඛ්‍යාව 5න් බෙදේ. • සංඛ්‍යාවක එකස්ථානයේ ඉලක්කම 0 වේ නම්,එම සංඛ්‍යාව 10න් බෙදේ. |
සංඛ්‍යාවක් 9 න් බෙදේ දැයි පරීක්ෂා කිරීම පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේ නම්,එම සංඛ්‍යාව 9න් බෙදේ.එනම්, 9 යනු එම සංඛ්‍යාවේ සාධකයකි. |
සංඛ්‍යාවක් 3 න් බෙදේ දැයි පරීක්ෂා කිරීම පූර්ණ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 3 න් බෙදේ නම්,එම සංඛ්‍යාව 3න් බෙදේ.එනම්, 3 යනු එම සංඛ්‍යවේ සාධකයකි. |
සංඛ්‍යාවක් 6 න් බෙදේ දැයි පරීක්ෂා කිරීම සංඛ්‍යාවක් 2න් සහ 3න් බෙදේ,නම් එම සංඛ්‍යාව 6 න් බෙදේ.එනම්, 6 එම සංඛ්‍යාවේ සාධකයක් වේ. |
සංඛ්‍යාවක් 4 න් බෙදේ දැයි පරීක්ෂා කිරීම ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩියෙන් ඇති පූර්ණ සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් සැදුනු සංඛ්‍යාව 4න් බෙදේ,නම් එම සංඛ්‍යාවක 4 න් බෙදේ.එනම්, එම සංඛ්‍යාවේ සාධකයක් වේ. |
සාධක කිසියම් පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට ඒවා එක එකක් මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හැදින්වේ. |
ප්‍රථමක සාධක සංඛ්‍යාවක සාධක අතුරින් ප්‍රථමක සංඛ්‍යා වන සාධක ඒ සංඛ්‍යාවේ ප්‍රථමක සාධක වේ. |
මහා පොදු සාධකය සංඛ්‍යා දෙකක හෝ ඊට වැඩි සංඛ්‍යා කිහිපයක සියලු පොදු සාධක අතුරින් විශාලතම පොදු සාධකය ඒ සංඛ්‍යාවන්ගේ මහා පොදු සාධකය (ම.පො.සා) ලෙස හදුන්වයි. සංඛ්‍යා කිහිපයක පොදු සාධකය ලෙස ඇත්තේ 1 පමණක් නම් එම සංඛ්‍යා කිහිපයෙහි ම.පො.සා 1 වේ. ප්‍රථමක සංඛ්‍යා කිහිපයක ම.පො.සා 1වේ. |
කුඩාම පොදු ගුණාකාරය සංඛ්‍යා කිහිපයකට පොදු වූ ගුණාකාර අතුරින් කුඩාම ගුණාකාරය එම සංඛ්‍යා වල කුඩාම පොදු ගුණාකාරය වේ.එනම් සංඛ්‍යා කිහිපයක කුඩාම පොදු ගුණාකාරය (කු.පො.ගු.) යනු එම එක් එක් සංඛ්‍යාවෙන් ඉතිරි නැතිව බෙදෙන කුඩාම ධන සංඛ්‍යාව යි. |
පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම + , - ,× , ÷ සහ වරහන් ඇතුලත් පූර්ණ සංඛ්‍යා සහිත ප්‍රකාශන සුළු කිරීමේ සම්මත ක්‍රමය පහත පරිදි වේ. පළමු ව වරහන් තුල කොටස සුළු කිරීමද දෙවනු ව බෙදීම් සහ ගුණ කිරීම් වමත් පස සිට දකුණත් පසට සුළු කිරීම ද ඉන් පසු එකතු කිරීම් හා අඩු කිරීම් වමත් පස සිට දකුණත් පසට සුළු කිරීම ද කළ යුතුය. මීට අමතරව වන්බෙගුධරි (BODMAS) ක්‍රමය ද භාවිත කළ හැකිය. වරහන් (Brackets) න් (Order) බෙදීම (Division) ගුණ කිරීම (Multiplication) ධන (Addition) ඍණ (Subtraction) ඉහත අනුපිළිවළට අනුව ගණිත කර්ම සුළු කිරීමෙන් නිවැරදි පිලිතුරු ලබා ගත හැකිය. |
කුලක කුලකය - නිශ්චිතවම හදුනාගත හැකිදෑ වලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හදුන්වනු ලැබේ. උදා ÷ • ශ්‍රීලංකාවේ ඇති පලාත් ගණන • 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා • ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර කුලකයක අවයව - කුලකයකට අයත්දෑ මෙලෙස හදුන්වයි. කුලකයක් ලියා දක්වන ආකාරය A = { 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා } A = { 2, 4, 6, 8 } කුලකයක අවයව සගල වරහන් තුල ලියා දැක්වීමෙන් කුලකයක් ලිවීමේදී එක් අවයවයක් එක් වරක් පමනක් ලියනු ලැබේ. උදා ÷ H = {“මහරගම” යන වචනයේ අකුරු} H = {ම, හ, ර, ග} වෙන් රූප සටහන් වෙන් රූප සටහන - කුලකයක අවයව සංවෘත රූපයක් තුල ලිය දැක්වූ විට එවැනි රූපයක් වෙන් රූප සටහනක් ලෙස හදුන්වනු ලබයි. P = {“KATHARAGAMA” යන වචනයේ අකුරු} P = {K,A,T,H,R,G,M} |
සමමිතිය ද්විපාර්ශ්වික සමමිතික තලරූප - තලරූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සමපාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම්,එම තලරූපය ද්විපාර්ශ්වික තලරූපයක් ලෙස හදුන්වයි. එම නැවුම් රේඛාව සමමිතික අක්‍ෂය ලෙස හදුන්වයි. ද්විපාර්ශ්වික සමමිතික තලරූපයක සමමිති අක්ෂයට දෙපස පිහිටි කොටස් හැඩයෙන් හා වර්ගඵලයෙන් එක සමාන වේ. |
ඒකකය-දර්ශක අඥාතය - නොදන්නා පදයකට කියන නමකි. ආදේශය - යම් ස්ථානයක ඇති දෙයක් වෙනුවට එම ස්ථානයට වෙනත් දෙයක් යෙදීම. බල දෙකක ගුණිත ලකුණකින් සම්බන්ධ වී ඇති අවස්ථා වල එම බල දෙකෙහි ම පාද සංඛ්‍යාත්මක අගයන් නොවේ නම්,ගුණිත ලකුණ අත්‍යවශ්‍ය නොවේ. |