Term-History (ඉතිහාසය වාග්මාලාව)

ඉතිහාසය වාග්මාලාව

විස්තරය
අංග
උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය යි. මගධයේ රජකළ භට්ටිය(බිම්බිසාර රජු ගේ පියා) පරාජය කොට මගධයෙන් කොටසක් අල්ලා ගත් අංග රාජ්‍යයේ බ්‍රහ්මදත්ත රජු රජගහනුවර(රාජගෘහය) අගනුවර කරගත්තේය. එහෙත් බිම්බිසාර රජු බ්‍රහ්මදත්ත රජු මරා අංග රාජ්‍යයේ මුල් අගනුවර වූ චම්පාව ද අල්ලා ගත්තේය. අජාසත් කුමරු එහි ආණ්ඩුකරු වශයෙන් පත් කළේය. එතැන් පටන් අංග රාජ්‍යයේ ස්වාධීනත්වය ඊට අහිමි විය. මෙම රාජධානිය අංග නමින් හැඳින්වීමට හේතුව කාමදේවයා හෙවත් අනංගයා මෙම ප්‍රදේශයේ දී සිය ශරීරය අත්හල නිසා යැයි රාමායනය කියයි. මහාභාරතය කියන්නේ අංග රට රජු මිලේච්ඡයෙකු වූ බවයි. කෙසේ වෙතත් අංගවරු සම්මිශ්‍රිත ජන කොටසක් වූ බවට සාධක ඇත්තේය. (එච්.ටී. බස්නායක මහතා ලියූ පුරාතන ඉන්දීය ශිෂ්ටාචාරය කෘතියට අනුවයි.) ධනරට්ඨ නම් රජෙකු මෙහි රජකම් කළ බව මහා ගෝවින්ද සූත්‍රයේ සඳහන් වේ. කෙසේ වුව ද ක්‍රි. පූ. 6වන සියවසේ දී කාසි රාජ්‍යය පාලනය කළ බ්‍රහ්මදත්ත රජු අංග රාජ්‍යය සිය රාජ්‍යයට ඈඳා ගත්තේය.
>අංගද
අංගද යනු ඉන්දීය සාහිත්‍ය ඉතිහාසයේ හමුවන කල්පිත චරිතයකි. සුප්‍රසිද්ධ භාරතීය කල්පිත වීර කාව්‍යයක් වන රාමායනයේ මේ නම හමු වේ. ඊට අනුව අංගද යනු රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි.
අංගරාග
දකුණු ඉන්දියාවෙන් විදෙස්ගතකළ භාණ්ඩයකි.
අංගාර චේතිය
දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන් කොට ඉදි කළ නිසා මේ නමින් ප්‍රකට විය. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට මෝරිය රජ දරුවෝ ධාතු බෙදීමේ අවස්ථාවට ආයේ ප්‍රමාද සහිතවය. මේ නිසා ඔවුන්ට බුදුරදුන්ගේ ශරීර ධාතු හිමි නොවුණි. (බෞද්ධ ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ දීඝ නිකායට අයත් මහා පරිනිර්වාණ සූත්‍රයේ අග කොටස බලන්න)එම නිසා ඔවුන් ආදාහන සෑයෙහි අඟුරු රැගෙන ගොස් න්‍යග්‍රෝධ වනයෙහි සෑයක් ඉදි කරවූහ. ෆාහියන් හා හ්‍යුං සියෑං යන දේශාටක හිමිවරුන් දෙ නම ද මෙම චෛත්‍යය පිළිබඳව කරුණු දක්වා තිබීමෙන් ඔවුන් ඉන්දියාවෙ පැමිණි යුගය වන විටත් මෙම චෛත්‍යය නොනැසී පැවති බව සනාථ වෙයි. න්‍යග්‍රෝධ වනය පිහිටියේ අනෝමා නදියට කි. මී. 50ක් (ලී 180-190ක්) පමණ දුරින් යැයි හ්‍යුං සියෑං හිමි කියයි. උන්වහන්සේ දුටු අංගාර චේතිය අඩි 30ක් පමණ උස්ව තිබී ඇත. අංගාර චේතිය තිබූ විහාර භූමිය ආශ‍්‍රිතව තවත් බොහෝ බෞද්ධ විහාරාරාම ද චෛත්‍යයන් ද තිබී ඇත. එ් අතර අශෝක අධිරාජයා විසින් කරවූ විශාල චෛත්‍යයක් ද තිබී ඇත. 1876 වසරේ දී මේ ප්‍රදේශය ආශ‍්‍රිතව කැණීම් කටයුතු ආරම්භ කළ එ්. සී. කාලයිල් මහතා වෙනත් ගොඩනැගිල්ලක් අංගාර චේතිය යැයි වරදවා නම් කළ ද දැනට එය අනුමාන වශයෙන් හඳුනාගෙන තිබේ.
අංගිය
කුල නාමයකි. අම්බිය නමින් ද හැඳින්වේ. ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත් ලිපිවල සඳහන් වේ.
අංගීරස
(බෞද්ධ) අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.
අංගුරි බාග්
මූගල් පාලන සමයේ දී සා ජහාන් අධිරාජයා විසින් අග්‍රා හි ඉදිකළ ගොඩනැගිල්ලකි. මෙය ජහන්ගීර් මහල් නම් මන්දිරයට උතුරින් පිහිටා ඇත.
අං සහිත දෙවියා
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ මූලාවස්ථාව වශයෙන් ද පිළි ගැනේ. අං සහිත ඔටුන්නක් පැළඳ සිටින මෙම දෙවියා ඉන්දුනිම්න වැසියන්ගේ වන්දනයට පාත්‍ර වූ පශුපති ම යැයි පොදුවේ පිළිගැනේ. අං සහිත හිස්වැස්මක් පැළඳි මෙම දෙවියා යෝගී විලාසයකින් හිඳියි. ඔහුගේ ලිංගය සෘජුව හා පැහැදිලිව දක්වා තිබීමෙන් ලිංග වන්දනාව පිළිබඳව ද ඉඟියක් සපයා ඇත. ඔහු වටා ඇතා, කොටියා, රයිනෝසිරස් හා මී ගවයා (මහීෂ)යන සතුන්ගේ රූප කැටයම් කර ඇති නිසා පශුපති යනුවෙන් හඳුනාගෙන ඇත. මෙම දෙවියන්ගේම තවත් ආකෘති හමු වී ඇති අතර එයින් දෙකක දෙවියන් මිටි පුටුවක හෝ මිටි වේදිකාවක ඉඳගෙන සිටියි. තවෙකක බිම වාඩි වී සිටින ආකාරය දක්වා ඇත. සියල්ලේම යෝගී ඉරියව්වෙන් ම හිඳියි. දෙපා විලූඹ දෙක එකට ගැටෙන සේ දෙපා නවා දෙනෙත් නාස්පුඩු දෙසට යොමුකරගෙන සිටිනා මෙම ඉරියව්ව භාරතීය මුනිවරුන් අතර ප්‍රචලිත පද්මයෝගී ඉරියව්ව යැයි ද පිළිගැනේ. මිටි ආසනයක හිඳිනා දෙව්රුව සහිත මුද්‍රාවේ එම ආසනයට පහළ මුවෙකුගේ රුවක් ද ඇත. එයින් වෙනත් අදහසක් ගම්‍ය වන්නේදැයි නිශ්චිත නැත. අං සහිත පළඳනාවත් වළලූ රැසත් ග්‍රීවාභරණයත් හැරෙන්නට දෙවියන්ගේ සිරුර නිරුවත්ය. ශීර්ෂ පළඳනාවේ අං යුගලය අතර පැළෑටියක් (?) දක්වා ඇත. දෙවියන්ගේ මුහුණ රෞද්‍ර ලෙස දක්වා ඇත. ඊට හේතුව වන්දනා කරන්නන් තුළ දෙවියන් පිළිබඳ බියමුසු ගෞරවයක් ජනනය කිරීම විය හැක. හින්දු ආගමේ මූලාවස්ථාවක් ද මේ තුළ යම් තරමකින් දැක්වේ යැයි සැලකේ.
අංගුලිමාල චෛත්‍යය
පුරාවිද්‍යාත්මකව නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැතත් මේ නමින් හැඳින්වෙන්නේ බුද්ධ කාලීන ඉන්දියාවේ සිටි අංගුලිමාල නම් දාමරික බමුණු පුත්‍රයා බුදුරදුන් වෙත පැහැද මහණව රහත් බවට පත් වූ තැන හෝ පිරිණිවන් පා වදාළ තැන ඉදි කළ ස්ථූපය යි. ඉහත ස්ථාන දෙකෙහි ම චෛත්‍ය තිබූ බැව් ෆාහියන් හිමි සඳහන් කර ඇත. අංගුලිමාල මිථ්‍යාමතය අත්හළ තැන චෛත්‍යයක් ඉදි කොට තිබුණේ යැයි හ්‍යුං සියෑං හිමි පවසයි. කෙසේ නමුදු මේ කිසිවක් නිවැරදිව හඳුනාගෙන නොමැත. ඉන්දියාවේ පුරාවිදු පර්යේෂණ කළ ඇලෙක්සැන්දර් කනිංහැම් මහතාත් ආචාර්ය හෝයි මහතාත් මේ පිළිබඳව මත දෙකක සිටිය හ.
අංග්‍රියා
දහඅටවන සියවසේ දී මධ්‍යම ඉන්දියාවේ වාසය කළ ප්‍රබල මරාඨ ජාතික පවුලකි. දේශපාලනමය වශයෙන් වැදගත්කමක් හිමි කරගෙන සිටි පවුලකි. මේ පවුලේ සාමාජිකයෙකු වූ තුරාජි අංග‍්‍රියා මරාඨ නාවික හමුදාවේ ප්‍රධානියා විය. එහෙත් ඔහුට විරුද්ධව ක‍්‍රියාත්මක වූ තවත් මරාඨයෙකු වූ පේෂ්වා නම් නායකයා ඉංග්‍රීසි ආධාර ඇතිව අංග‍්‍රියා අත්අඩංගුවට ගෙන ඔහුගේ නාවික හමුදා වනසා දමන ලදී. පේෂ්වා ජය ගත් නමුත් මෙය මරාඨයන්ට සිදු වූ බලවත් හානියක් සේ සැලකේ.
අකර්මන්
වෛදික ඇදහිලි නොපිළිපදින (ඉන්දියා/ආගම්) ‘දාස’ බලන්න
අකිරිය වාදය
කර්මයක් නැතැයි පවසන වාදය. යම් ක්‍රියාවක විපාක ගෙනදෙන කර්මයක් කියා දෙයක් නැතැයි විශ්වාස කිරීම. බුද්ධකාලීන භාරතයේ සිටි පූර්ණ කස්සප අකිරියවාදියෙකි
අකීල් ඛාන් රාසි
ඉන්දියාවේ මූගල් පාලන සමය පිළිබඳ ලියූ ලේඛකයෙකි. මොහු ලියූ ‘සාෆර්නාම’ නමැති කෘතියෙන් මුගල් සිහසුන සඳහා පැවති අභ්‍යන්තර අරගල පිළිබඳ තොරතුරු හෙළිකරගත හැකිය.
අකුධාතු
ථූපාරාම හා මහියංගන දාගැබ්වල ඉතිහාසය හදාරන විට මේ පිළිබඳ දැනුම වැදගත් වේ. අකුව නම් මිනිස් උරයෙහි ඉදිරිපස හරස්ව පිහිටි අස්ථිය යි. බුද්ධාදී උතුමන්ගේ මේ අස්ථිය අකුධාතුව ලෙස හැඳින්වේ. නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් (කුසල් ද අකුසල් ද ශුන්‍ය තත්ත්වයට පත්ව සිදුවන පරිනිර්වාණය) පිරිනිවන් පා වදාළ බුදු සිරුර ආදාහනය කළ පසු එහි අස්ථි කොටස් විසිර ගිය බවත් සතර දළදා, ලලාට ධතු හා අකු ධාතු නොවිසිරී (කැබලි නොවී) ඉතිරි වූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.(ආයු බොහෝ වන සර්වඥයන්ගේ ආදාහනයේ දී ශරීර ධාතු නොවිසිර එක් රන් පිළිමයක් සේ තිබෙයි. ආයු මද සර්වඥයන්ගේ සතර දන්තධාතුය, අකු ධාතු දෙකය, ලලාට ධාතුය යන මේ ධාතු සත තිබිය දී අවශේෂ ධාතු මුංපියලි සාය(මුංඇට පියළි තරම්) කඩසාලැට සාය (සුණුසහල් තරම්) අබ ඇට සාය යන තුන් තරමෙක විසිර යන මුතු දෙණන් සේ විය.-පූජාවලිය.පූජ්‍ය කිරිඇල්ලේ ඤණවිමල හිමි සංස්.,(2002)පි 724 උණ්හීසං අකඛකා දෙවච-චතසෙසා දන්‍ත ධාතුයො ඉචෙචතා ධාතුයො-සත්‍ත විපපකිණ්නා න සත්‍ථුනො -දාඨාවංස 110 ගාථාව....මීට අමතරව බලන්න දීඝ නිකායට අයත් මහා පරිනිර්වාණ සූත්‍රයේ අග කොටස) මේ අයුරින් ගෞතම බුදුරදුන්ගේ සිරුරෙහි ඉතිරි වූ අකු ධාතුද්වය ම ලංකාවේ චෛත්‍යද්වයක තැම්පත් කොට ඇතැ’යි සැළකේ. දෙවනපෑතිස් රජ දවස මහින්ද මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ විසින් දකුණු අකු ධාතුව මෙරටට වැඩමවාගෙන ආ අතර රජතුමා ඒ උදෙසා ථූපාරාම දාගැබ කරවා එහි තැන්පත් කළේය. සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය මහා සෘද්ධි ඇති සරභූ නම් ස්ථවිරයන් වහන්සේ වම් අකුධාතුව මෙරටට වැඩමවාගෙන’වුත් මහියංගන ථූපයේ තැන්පත් කළ සේක. මහාවංසයේ ‘ගීවට්ඨිධාතු’ යන වදන යොදාගෙන ඇත්තේ අකුධාතුවටම බව පිළිගැනේ.(ම.ව 16 පරි.බලන්න.)
අකෙල
බෙරාර් ප්‍රදේශයේ දිස්ත්‍රික්කයකි. මෙහි තිබී ශාතකර්ණී, පුලුමාවි,ශිව ශ්‍රී පුළුමාවි,කන්ද ශාතකර්ණි,යඥ සාතකර්ණී,පුලහාමවී ආදී නම් භාවිත කළ ශාතකර්ණිවරුන්ට අයත් කාසි හමුවී තිබේ. ඊට අමතරව කුම්භ ශාතකර්ණී ක්‍රිෂ්ණ සාතකර්ණී ශක ශාතකර්ණී ආදී නම් සහිත කාසි ද හමුවී තිබේ.
අක්කන්න
ඖරංසෙබ් නම් මූගල් පාලකයාගේ කාලයේ ඉන්දියාවේ ගොල්කොණ්ඩ නම් රාජ්‍යයේ සිටි බමුණු පුරෝහිතයෙකි. හෙතෙම සට කපට පුද්ගලයෙකු වූ අතර මුස්ලිම් වරුන්ට හොඳ හිත පෙන්වමින් රහසේ ම මරාඨයන්ට සහය දුන්නේය.
අක්කාදේවී
දෙවන ජයසිංහ(1015-1042) නම් චාලූක්‍ය රජුගේ සොයුරියයි. මෙම යුගයේ ඉන්දීය වනිතාවෝ දේශපාලන කාර්යයට දායක වූ බවට හොඳ ම සාධකය වන්නේ මැයයි. මැය ප්‍රාදේශීය ආණ්ඩුකාර ධුරයක් ද දැරුවාය.
අක්බරත් ඉ දර්බාර් ඉ මුල්ලා
මූගල් පාලක ඖරංසෙබ් සමය පිළිබඳ තොරතුරු ඇතුළත් වන කෘතියකි. රජුගේ කඳවුරු මධ්‍යස්ථානවල සිට දිනපතා යවන ලද ලිපි රැසක් එක්රැස් කර මෙම කෘතිය සංග්‍රහ කර ඇත.
අක්බර් 1
හුමායන් නම් මූගල් නායකයාගේ පුත්‍රයාය. ක්‍රි. 1541 දී උපන් මොහු වයස අවුරුදු දහතුනේ දී එනම් 1556 දී, පංජාබයේ කලානවුර්හි දී සිංහාසනාරූඪ විය. 1605 (1506?) දක්වා රජය හෙබවීය. පළමුවන එලිසබෙත් රැජිණට සමකාලීන පාලකයෙකි. අධිරාජ්‍යයේ පැවැත්ම හා උන්නතිය සම්පූර්ණයෙන් ම ආගමික නිදහස මත රඳා පවතින්නේ යැයි විශ්වාස කළ මෙතුමා අන්‍යාගමිකයන් වෙත පනවා තිබූ ඇඟ බද්ද(චදකක ඒං) සහ සියලූ ආගමික පරීක්ෂා ද, විෂමතා ද ඉවත් කළේය. ඉස්ලාම් ආගම වැළඳගත් හා නොගත් යනුවෙන් භේදයක් නැතිව ම රාජ්පුත් හා හින්දුවරුන්ට රජයේ උසස් තනතුරු ලබා දුන්නේය. අන්තර් ආගමික විවාහයන්ට අනුබල දෙමින් තමාගෙන් ම එය ඇරඹීය. ඒ. එල්. බෂාම මහත්මා කියන්නේ මේ අක්බර් ශ්‍රේෂ්ඨ මුස්ලිම් පාලකයාගේ අනුප්‍රාප්තිකයන් ද මොහු අනුගමනය කළේ වී නම් ඉන්දීය ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට තිබූ බවය .
අක්බර් 2
1806-1837 කාලයේ මුගල් අධිරාජ්‍යයේ පාලකයා වශයෙන් පත් වූ දුර්වල නායකයෙකි. ඉංග්‍රීසීන්ගේ රූකඩයක් වූ හෙතෙම දිල්ලියේ රතු බලකොටුවට වී පාලන කටයුතු කළේය.
අක්බර් නාම/ අක්බර් නාමා
මූගල්වරුන්ගේ යටගියාව පිළිබඳ තොරතුරු සඳහන් වන මූලාශ‍්‍රයකි. අක්බර් අධිරාජයාගේ නියමය පරිදි අබුල් ෆස්ල්(1551 -1602) විසින් රචනා කරන ලද්දකි. සිය පාලන සමයේ උත්කර්ෂවත් සිද්ධි, ජයග්‍රහණ හා අධිරාජයාගේ ආධිපත්‍යය පිළිබඳව තොරතුරු ඇතුළත් කොට කෘතියක් කරන ලෙස අබුල් ෆස්ල් ලැබූ නියෝගය ඔහු ඉතා විශිෂ්ට ලෙස ඉටු කළේය. දේශපාලනඥයෙක්, තානාපතියෙක් හා සෙන්පතියෙක් ද වූ අබුල් ෆස්ල් අක්බර්ගේ මිත්‍ර රාජ්‍ය සේවකයෙක් ද විය. ඔහුගේ දිනවකවානු සටහන් කිරීම් පිළිබඳව ඉතිහාසඥයෝ සෑහීමකට පත්වෙති. ඒවා නිවැරදි යැයි පිළිගනිති. පැරණි ලියවිලි රැසක් කියවා, රාජ්‍ය සේවකයන්ගේ හා රජු ඇසුරු කළවුන්ගෙන් තොරතුරු ලබාගෙන, අක්බර් රජු විසින් ම පිහිටවූ රාජ්‍ය ලේඛනාගාරයේ සහය ලබාගනිමින් ඔහු විසින් කළ මේ උසස් කෘතිය මූගල් ඉතිහාසයේ ගරුකටයුතු කෘතියකි.
අක්බර්(ඖරංසෙබ් පුත්‍ර)
මූගල් අධිරාජ්‍යයේ අවසන් ශ්‍රේෂ්ඨ පාලකයා වූ ඖරංසෙබ්ගේ පුත්‍රයාය. අධිරාජයා යටතේ චිතෝර් ප්‍රදේශය භාරව සිටිය ද පියා සමග ආරවුලක් ඇතිකරගෙන පියාට විරුද්ධව රාජ්පුත් වරුන්ට එක්වී කැරලි ගැසීය. මියගියේ පර්සියාවේ දීය.
අක්මල් ඛාන්මූ
ගල් පාලන සමයේ වයඹදිග දේශසීමාවේ සිටි කැරලිකාර ගෝත්‍රික කණ්ඩායමක නායකයෙකි. ඖරජසෙබ් ගේ කාලයේ මොහු අෆ‍්‍රිදිවරුන්ට නායකත්වය දෙමින් දේශසීමාවේ අවුල්සහගත තත්ත්වයක් ඇතිකළේය.
අක්ෂ ක්‍රීඩා
දාදු ක්‍රීඩා. වේදයේ ද මේ ක්‍රිඩා පිළිබඳ සඳහන් වේ.
අක්ෂපාද ගෞතම
ගුප්ත පාලන සමයේ පැතිරගිය ආගමික මතවාදයක (න්‍යායවාදය) ආදි තකුවරයාය. (බස්නායක එච්. ටී., පුරාතන ඉන්දීය ශිෂ්ටාචාරය, 1998 මුද්‍රණය 298 පිට) පැහැදිලිව සිතීම හා තර්කානුකූල විචාර ශක්තිය මෝක්ෂය ලැබීම සඳහා අනුගමනය කළයුතු මාර්ගය වශයෙන් පෙන්වා දුන්නේ මෙතුමාය. මෙය ෂඩ් දර්ශන වලින් ද එකකි. එහෙත් බෂාම් මහත්මා කියන්නේ මෙය ධර්මවාදයකට වඩා තර්ක හා ඥාන විභාගවාදයක් සේ සැලකීම වඩාත් උචිත බවයි.
අක්ෂවාප
වෛදික යුගයේ ඉන්දියාවේ රාජ්‍ය නිළධාරියෙකි. රජුගේ බලය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමග, රාජ්‍ය පාලන කටයුතු තරමක් සංකීර්ණ වීමත් සමග බිහිවූ තනතුරක් ලෙස හඳුන්වාදිය හැක. මොහුගේවගකීම වූයේ දාදු ක‍්‍රීඩාව මෙහෙයවීමයි. ඇතැම්විට එයින් රජයට හිමිවියයුතු බදු අයකර ගැනීම ආදී වගකීම් ඔහු වෙත තිබෙන්නට ඇත.
අගමෙහෙසි
අග්‍රමහේෂිකා. ප්‍රධාන බිසව. ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද(අග්‍රමහීෂි) භාවිත වූ නාමයකි. පශ්දාත් වෛදික යුගයේ දී රජුට බිසෝවරුන් තිදෙනෙකු සිටි අතර ඉන් අග්‍ර බිසව මහීෂි නමින් ද සෙසු බිසෝවරුන් පිළිවෙළින්, වාවාතා, පරිවෘක්තී හා පලාගලී නමින් හඳුන්වා තිබේ.
අගරීසා
ඉන්දියාවේ මූගල් පාලක ජහාන්ජීර් රජු වෙත සේවය කළ චිත්‍ර ශිල්පියෙකි.
අගසිලවුස්
වයඹ දිග ඉන්දියාවේ කුෂාණ පාලන සමයේ සිටි ග්‍රීක කලාකරුවෙකි. ඉංජිනේරුවෙකි. කණිෂ්ක රජු වෙත සේවා සැපයූ ඔහු පෙෂාවෝරයේ ධාතුමන්දිරය තැනීමට සැලසුම සකස්කර දුන් බව සඳහන් වේ.
අගස්ති/අගස්ත්‍ය ඍෂිවරයා
මහසමුද්‍රයේ ජලය එකවර දෝතට ගෙන පානය කළේ යැයි සැලකෙන සෘෂිවරයෙකි. පොළොන්නරුවේ පොත්ගුල් විහාර ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ ද අගස්ති සෘෂිවරයා යැයි සී.එෆ්. වින්ස් මහතා ප්‍රකාශ කර ඇත. ඇන්ඩෲස් නෙල් මහතා ද ඔහුට එකඟව අදහස් දක්වා ඇත. අග්නිදිග ආසියානු ජාවා දූපතෙන් හමු වූ ; දැනට බතාවියා කෞතුකාගාරයේ තැම්පත්කොට ඇති අගස්ති සෘෂි රුවට පොත්ගුල් වෙහෙර ප්‍රතිමාව සමාන බවක් දක්වන නිසාත් එසේ පවසා ඇත. මොහු මහා බලසම්පන්න සෘෂිවරයෙකු යැයි බොහොමයක් මූලාශ‍්‍රයෝ කියති. මිත්‍ර හා වරුණ යන දෙදෙනාට දාව උර්වශී අප්සරාවට උපන් පුත්‍රයා යැයි කියයි. ඔහු කළයකින් උපන් නිසා හෝ කළයක් තුළ උපත සිදුවී යැයි විශ්වාස කරන්නේ ඔහුට ‘කුම්භයෝනි’ නම දුන්හ. කුම්භයෝනි යන්න සිංහලයට ආයේ කුඹුයොන් හා කළමුනිඳු යනාකාරයෙනි. වරක් නහුෂ නම් සක්විති රජු එම ශක්‍ර පදවියෙන් පහකළ අගස්ති සෘෂිවරයා තවත් වරෙක අහංකාර වින්ධ්‍යා පර්වතය තමාට නමස්කාර කරන තරමට පහත් කළේය. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව හා දෙමළ වියරණ ග්‍රන්ථයක් ද රචනා කළේ යැයි කියැවේ. තෝල්කාප්පියම් නමැති ද්‍රවිඩ වියරණ ග්‍රන්ථය, එනමින් ම හැඳින්වුණු ශිෂ්‍යයෙකු විසින් කළේ යැයි විශ්වාසයකි.අගස්ති නමින් තරකාවක් ද වෙයි. ශරත් සමයෙහි එම තාරකාව උදාවූ විට කැළඹුණු ජලය ප්‍රසන්න වන්නේ යැයි විශ්වාස කෙරේ.
දුල යස පැරකුම් රජ දඹදෙණි වැසි
කුල වන්නින් මැඩැ තෙද බලයෙන් නිසි
නිල ලා සිරිලක තැන්පත් කළ ලෙසි
කැලඹුණු දිය පෑදූ වැනි අගතිසි(පැරකුම්බා සිරිත 46 කව)
අගස්ති මුනි
දකුණු ඉන්දියාවට ආර්ය සංස්කෘතිය හඳුන්වාදුන් මුනිවරයා
අග්ගඤ්ඤ සූත්‍රය
බෞද්ධ සූත්‍රයකි. දීඝනිකායට අයත්ය. මනුෂ්‍ය ජාතිය අතර තමන් උසස් යැයි බ්‍රාහ්මණයන් අතර තිබූ මතයේ සත්‍යාසත්‍යතාව, පැහැදිලි කිරීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මෙය දේශනා කරන සමය වන විට බුදුරදුන් වැඩසිටියේ සැවැත්නුවර මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයේය. මෙම සූත්‍ර දේශනාව අතිශය වැදගත් වන්නේ පෘතිවියේ ඇතිවීම, නැතිවීම, මනුෂ්‍ය සංහතියේ ඇතිවීම, විකාශය, විනාශය ආදිය පිළිබඳ බෞද්ධ මතය මෙහි ඇතුළත්ව තිබීම නිසාය.
අග්ගි බ්‍රහ්මා
අශෝක අධිරාජයාගේ සොයුරියගේ ප්‍රත්‍රයා ය.සංඝමිත්තා තෙරණියගේ ගිහිකල ස්වාමිපුරුෂයා ය. සුමන සාමණේරයන් වහන්සේගේ පියා ය. මහින්ද කුමරුන් සමග ම මහණ වී රහත් භිවයට පත්වී යැයි සමන්තපාසාදිකාවේ හා මහාවංසයේ සඳහන් වේ.
අග්ගි ශාලා
අග්නි ශාලාව හෙවත් ගිනිහල් ගෙය. ගිනි පිදීම පිණිස නිතර ම ගින්න දල්වා තබන ස්ථානය හෝ කෝවිල.
අග්නි
වෛදික යුගයේ ගින්න දේවත්වයට පත්වූයේ මේ නමිනි. ඍග් වෛදික යුගයේ දී ඉන්ද්‍රට පමණක් දෙවැනි වූ දෙවියා අග්නි ය. ඉන්ද්‍ර, අග්නි හා සූර්ය මේ යුගයේ ප්‍රධාන දෙවිවරු තිදෙනා වශයෙන් පිළිගැනුනි. ගිතෙල් මුහුණක්, ගිතෙල් කෙස්වැටියක් හා ගිතෙල් පිටක් සහිත වූ අග්නිට අත් පා නොවී යැයි පිළිගැනුනි.
අග්නි යන්නෙහි වාච්‍යාර්ථය ‘ගින්න’ යන්නයි. ගින්නෙහි ඇති නොයෙකුත් ගුණ නිසා පුරාණ ඉන්දියාවේ හා ඉරානයේ වැසියෝ ගින්න දේවත්වයෙන් යුතුව පිදූහ. ගින්න ප්‍රබලය. විනාශකාරීය. (තද රොසාව ගිනිවිස කරවලූත් යනුවෙන් සඳකිඳුරුදා කවෙහි (307) දැක්වේ. ගින්න සේ විස කරවලා නම් සර්පයා ගැන ඉන් කියැවේ.) එහෙත් එ් ගින්නම මිනිසාට වගා බිම් සකසා ගැනීමට ද ආහාර පිසගැනීමට ද උපකාරී වෙයි. ආලෝකය සපයා දෙයි. අලිඇතුන් ඈ සතුන්ගෙන් ආරක්‍ෂාව සලසා දෙයි. සීතල දුරැර උණුසුම සපයා දෙයි. එබැවින් ගින්න සුවිශේෂය. ගින්න දේවත්වයට පත්වූයේ ද එබැවිනි. අග්නි දෙවි භූ ලෝකවාසි දෙවියෙකි. බෘහස්පති ද අග්නිගේ අවතාරයකි. ඒ.එල්.බෂාම් මහතාට අනුව අග්නි යන්න ලතින් බසෙහි සටබසි යන්න හා සාම්‍ය වේ. ගිනිදලූවෙහි ඇති ඇසට නොපෙනෙන බලය දේවත්වයෙන් පිදූ ඉන්දු හා ඉරාන වැසියෝ පසුව එයට මානුෂ හැඩයක් ලබාදුන් වග මේ යුගය හා ඊට පසු යුගවලට අයත් සාහිත්‍යයික කෘති පරිශීලනයෙන් පෙනී යයි. වේද සාහිත්‍යයේ අග්නි දෙවියන් පිළිබඳ විවිධ කතාන්දර මෙන්ම ඔහුගේ පරපුර පිළිබඳව ද සඳහන් කොට ඇත. ස්වභාවික බලවේගයක් දේවත්වයට පත්ව වන්දනීය පුද්ගලයෙකු ලෙස මිනිස් සිත් තුළ තැන්පත් වූ අයුරු එයින් අවබෝධයට ගත හැකිය.
අග්නි අෂ්ට මංගල වස්තූන්ගෙන් ද එකකි. අග්නි දෙවි පිළිබඳව ද සඳහන් වන සාහිත්‍ය කෘති මාර්ගයෙන් අග්නි දෙවියන්ගේ පෙළපත් තොරතුරු ද ගතහැක. ඊට අනුව හේ අහසේ හා පොළොවේ පුත්‍රයා වන්නේය. (ද්‍යුඃ හා පෘථිවි) තවත් මතයකට අනුව ඔහු විශ්වකර්ම හා ජලය නිසා ජනිත විය. (ත්වශ්ටෘ හා ජලය) ලී පතුරු දෙකක් එකට ගැටීමෙන් අග්නි උපන්නේ යැයි ද ජනප්‍රවාදයක් වෙයි. එය ඓතිහාසික සත්‍යයකි.ඒ පිළිබඳව වැඩිදුර ඇති විස්තර අනුව උඩ ලී පතුර පුරුෂයෙකි. යටි ලී පතුර ස්ත්‍රියකි. අග්නි අහසෙහි උපන්නේ යැයි ද විදුලිය විසින් එය පොළොවට රැගෙන ආයේ යැයි ද තවත් මතයක් ඇත. වරුණ දෙවි ඔහුගේ එක් සොහොයුරෙක් වන අතර ඉන්ද්‍ර ඔහුගේ නිවුන් සොයුරා ය. පවක, පවමාන, සුඛී යන දරු තිදෙනාගෙන් පැවත එන දරුවන් හතලිස් පස් දෙනෙක් ද අග්නි ට වෙයි. (පවක, පවමාන, සුඛී සහ ඔවුන්ගේ දරුවන් සමග අග්නි ද එක්වූ කල ඔවුන් සතලිස් නවාකාර ගිනි වශයෙන් වායුපුරාණයේ දක්වා ඇත.) ගින්න දෛනිකව දල්වන නිසා එය සියල්ලන්ට ම බාල යැයි ද කාලාන්තරයක් තිස්සේ ජනතාව හා වසන බැවින් සියල්ලන්ට ම වැඩිමහලූ යැයි ද සෑම පරපුරක් සමගම වාසය කරන බැවින් සෑම පරපුරක් පිළිබඳවම දන්නා අයෙක් යැයි ද සැලකේ.
අග්නි දේව වන්දනය ඉන්දියාවේ හා ඉරානයේ ප්‍රබල ලෙස ම සිදු වූ නමුදු ගින්නට ගරු කිරීම ලොව බොහෝ ශිෂ්ටාචාර වල පැවතී ඇත . බුදුදහමේ බලපෑම නිසා බහුලව සිදු නොවූව ද ලංකාවේ පවා අග්නි දේව වන්දනය යම් තරමකට සිදු වී ඇත . මීට අමතරව ග්‍රීක රෝම ජාතීන් ද අග්නි දෙවියා පුදා ඇත. සොරාවස්ත්‍ර(ශරතුෂ්ත‍්‍ර)ආගමේ ගිනි දෙවියා හැඳින්වෙන්නේ ආතර් යන නමිනි.හින්දූහු අතීතයේ පටන් ම ගිනි දෙවියා හැඳින්වූයේ අග්නි යන නාමයෙන් ම ය. යුදෙව්වරු ශුද්ධ වහ්නිය(වහ්නියුගින්න) දෙවියන්ගෙන් ලත් දායාදයක් ලෙස සිතා උතුම් කොට සැලකූහ. හෙෆයිස්ටොස් යන නාමයෙන් ගිනි දෙවියා හැඳින්වූයේ ග්‍රීකයෝ ය. ඔවුන් සැලකූයේ වහ්නි දෙවියා සියුස් දෙවියන් නිසා හේරා ට ලැබුණු පුත්‍රයෙකු ලෙසිනි. රෝමවරු මේ දේවයා වුල්කානුස් යන නාමයෙන් හැඳින්වූහ. අහුරමස්දා නම් දේවයාගේ පුත්‍රයෙකු සේ සලකා පර්සියානුවෝ(ඉරාන වැසියෝ) අග්නි දෙවියා ආතර් යන නමින් හැඳින්වූහ. ලංකාවේ පස්වන කාශ්‍යප හා දෙවන සේන යන රජවරුන්ගේ යුග සම්බන්ධ වාර්තාවල අග්නි දේව වන්දනය පිළිබඳ තොරතුරු ඇතිමුත් ලංකවේ අග්නිදේව වන්දනය එතරම් ප්‍රචලිත වූ බවක් නොපෙනේ. බෞද්ධ සාහිත්‍යය හෝ වත් පිළිවෙත් තුළ පවා අග්නි දෙවියන්ට එතරම් වැදගත් ස්ථානයක් හිමි නොවේ. අග්නි පූජාව නොවැදගත් හා ලාමක පහත් ක්‍රියාවකැයි බුදු දහමේ ඉගැන්වේ.(නොයෙක් දෙය රැස්කොට-කළ පුද ගිනි දෙවියනට- සෙත වෙයි යනු ලොවට-පැවති බොරු මායමකි පෙර සිට....-බුදුගුණඅලංකාරය 145 කව)මීට අමතරව සුන්දරික භාරද්වාජ හා අග්ගික භාරද්වාජ වැනි පුද්ගලයින් පිළිබඳ කථා වලින් ද ඒ වග පැහැදිලි වේ.
අග්නි පරිනිර්වාණ චෛත්‍යය
හියුංසියෑං සිය භ‍්‍රමණ වෘත්තාන්තයේ මේ නම දක්වා ඇත. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානය දක්වමින් කුසිනාරාවේ ඉදිකොට තිබූ චෛත්‍යයකි.
අග්නි පුරාණය
භාරතිය ඉතිහාසය සංස්කෘතිය ආදිය හැදෑරීමේදී වැදගත්වන ග්‍රන්ථයකි. පුරාණ ග්‍රන්ථ 18න් එකකි. (බ‍්‍රහ්ම පුරාණය, පද්ම පුරාණය , විෂ්ණු පුරාණය, ශිව පුරාණාය, භගවත් පුරාණය, නාරද පුරාණය, මාර්කණ්ඩය පුරාණය, අග්නි පුරාණය, භවිෂ්‍යත් පුරාතණය, බ‍්‍රහ්ම වෛවතී පුරාණය, ලංග පුරාණය, වරපන පුරාණය ස්කන්ධ පුරාණය, විමන පුරාණය, කර්ම පුරාණය, මුත්ස්‍ය පුරාණය, ගරුඩ පුරාණය, බ්‍රාහ්මණඩ පුරාණය) එහෙත්, මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා කියන්නේ මේ අතරින් විෂ්ණු පුරාණය හා භාගවත පුරාණය තරම් අනෙක් කිසිදු පුරාණ ග්‍රන්ථයක් ඓතිහාසික වශයෙන් වැදගත් නොවන බවයි. (ඉන්දියා ඉති. 2000. පිටු 31)
අග්නි හා පර්ජන්‍ය
විදුලිය හා වැසිවලාව යන අරුත දෙයි. විදුලියටත් වැස්සටත් අධිපති දෙවිවරු ද මෙම නම්වලින් ම හැඳින්වෙයි. මිනිසා වර්ෂාව ලබාගනු පිණිස මෙම දේව රූප අභියස අයදිති. පරණවිතාන මහතාට අනුව ඉසුරුමුණි විහාරයේ ‘මිනිසා හා අශ්ව හිස’ කැටයමෙන් අග්නි හා පර්ජන්‍ය නිරූපණය වෙයි.
අග්නිකුල
ඉන්දියාවේ රාජ්පුත්වරුන් බෙදී ගිය වර්ග(වරිග) හතරකි. ක්‍රි. ව. 9වන සියවසේ දී පමණ මේ බෙදීම සිදු වී ඇතැ‘යි විශ්වාස කෙරේ. ප්‍රතිහාරයෝ හෙවත් පරිහාරයෝ, චෞහනයෝහෙවත් චහමානයෝ, සෝලන්කිහූ හා පරමාරයෝ හෙවත් පවර්හු මේ වර්ග හතරට අයත් වෙති. මොවුන් රාජස්ථානයේ අබු කන්ද අසල හෝමාග්නිය දැල්වූ විශාල ආවාටයකින් උපන් මිත්‍යා පුද්ගලයෙකුගෙන් පැවත එන්නේ යැයි ඔවුන් විසින් ම හඳුන්වා දුන් නිසා පසුකාලයේ මේ වරිග හතර අග්නිකුල නමින් හඳුන්වන ලදී.
අග්නිදිග ආසියාව
ගිනිකොනදිග ආසියාවයි. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, බෲනායි, පිලිපීනය යන රටවල් වලින් සැදුණු ප්‍රදේශය යි.
අග්නිපූජාව
ගිනි දෙවියා පිදීම යි.
අග්නිමිත්‍ර
සුංග රාජ වංසයේ ආරම්භක පාලකයා වූ පුෂ්‍යමිත්‍ර සුංගගේ පුත්‍රයා ය. වසුමිත්‍රගේ පියා ය. කාලිදාසයන් මාලවිකාග්නිමිත්‍ර කෘතිය කළේ මොහුගේ චරිතය සම්බන්ධ කරගනිමිනි. මෞර්ය පාලනය පැවති කාලයේ දී අග්නිමිත්‍ර විදිසාවේ පාලකයා ලෙස කටයුතු කර ඇත. අග්නිමිත්‍ර නමින් තවත් රජෙකු සිටිය ද (කුෂාණයන්ට පසු උතුරු ඉන්දියාවේ අභිච්ඡත්‍ර ප්‍රදේශය පාලනය කළ මිත්‍ර වංශයේ අග්නිමිත්‍ර) වඩාත් ප්‍රසිද්ධ වූයේ සුංග වංශික අග්නිමිත්‍රයි. මොහු පිළිබඳ ලියැවුණු මාලවිකාග්නිමිත්‍ර කෘතිය ද ඊට හේතු වන්නට ඇත. අග්නිමිත්‍ර යන නම කෞෂම්බි ප්‍රදේශයෙන් සොයාගෙන ඇති කාසිවල ද ඇතත් ඒ සුංග වංශික අග්නිමිත්‍ර නොවේ. ඒවා අභිච්ඡත්‍ර පාලකයාගේ විය යුතු ය. රායි චෞද්රී මහතා කියන්නේ අග්නිමිත්‍රගේ මෙහෙසිය ගුප්ත පෙළපතකින් පැවත එන්නියක් නිසා අග්නිමිත්‍ර මාර්ගයෙන් ගුප්ත හා සුංග පෙළපත් ඥාතීන් වූ බවයි.
අග්නිහෝත්‍රය
වෛදික යුගයේ දී චාම් අන්දමින් සිදු වූ අග්නි පූජාව.
අග්නිස්තම්භනය
ගින්නේ ඇති දවන තවන ගතිය මැඩලීමේ ක්‍රමය යි. මෙය සූසැට කලාවන්ගෙන් ද එකක් වේ.
අග්‍රවාල්,ඩී. පී.
ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ ඉන්දීය පුරාවිද්‍යාඥයෙකි. ලද තොරතුරු පදනම් කර ගනිමින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 2300-1750ත් අතර පැවතිනැ’යි විශ්වාස කළේය.
අග්‍රහාර
දීමනාවකි. බ්‍රාහ්මණයින් සඳහා පැරණි ඉන්දීය පාලකයන් විසින් (විශේෂයෙන් ම ක්‍රි.ව. 300-700 අතර කාලයේ) සිදුකළ ඉඩම් දීමනාවන් මේ නමින් හඳුන්වන ලදී.
අග්‍රා
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිහිටි පළාතකි. වර්ග සැතපුම් 1861ක් පමණ වන මේ ප්‍රදේශය මැදින් යමුනා නදිය ගලා යයි. මෙහි ප්‍රධාන නගරය ද අග්‍රා නම් වේ. එය යමුනා නදියෙහි දකුණු ඉවුරෙහි පිහිටා ඇත. අග්‍රාව ගොඩනැංවූයේ මුස්ලිම්වරුන් විසිනි. ක්‍රි. ව. 1500 දී සිකන්දාර් ලෝදි මෙහි සිය රජමාළිගය ඉදි කළ අතර 1526 දී බාබර් රජු අග්‍රාව සිය පාලනයට නතු කර ගත්තේය. එහෙත් අග්‍රාව බලකොටුවක් කර ගනිමින් උතුරු හා මධ්‍යම ඉන්දියාව පාලනය කළේ මහා නරපති අක්බාර් අධිරාජයා විසිනි. ඒ කෙසේ වෙතත් අග්‍රාවේ ස්වර්ණමය යුගය වන්නේ ෂා ජහාන් මෝගල් අධිරාජයාගේ පාලන කාලයයි. අග්‍රාව ගෘහනිර්මාණ ශිල්පයට ම කැප කළ නගරයකැයි සිතෙන තරමට ම එහි මනෝ නන්දනීය නිමැවුම් ඇත්තේය. ඒ අතරින් ලෝ පුරා සංචාරක සිත් අමන්දානන්දයට පත් කළ නිමැවුම වන්නේ ටාජ්මහල් නම් ධවල වර්ණ මන්දිරය යි. මෙය ලෝකයේ මහා පුදුම අතරින් ද එකකි. ප්‍රේමයේ සදාතනික සිහිවටනය සේ සැලකෙන මෙය ෂා ජහාන් රජු විසින් සිය මුම්ටාස් දේවී නම් බිසව වෙනුවෙන් ඉදි කළ සොහොන් ගෙයකි. (මේ පිළිබඳ වැඩි විස්තර ටාජ්මහල පිළිබඳ විස්තරයේ ඇතුළත් කරමු.) මීට අමතරව ෂා ජහාන් රජු විසින් ම කරවූ මෝතිමස්ජිද්(මුතු පල්ලිය) -ජමාමස්ජිද් -දිවානි ආම් නම් මගුල්මඩුව -දිවානිඛාස් -ඛාස්මහල් -මුසාමන් බර්ජ් -යමුනාවෙන් එතෙර ඇති (නූර්ජහාන් බිසවගේ පියාගේ) සිහිවටන ගොඩනැගිල්ල -නගරයෙන් තරමක් ඈතට වන්නට සිකන්දරාහි පිහිටා ඇති මහා අක්බාර් සිහිවටනය ද අතිශය වැදගත් නිර්මාණ වේ. මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ හදාරන්නෙකුට මේ පිළිබඳ දැනුම අතිශය වැදගත් වනු ඇත .
අචිරවතී
හින්දු විශ්වාස අනුව ඉන්දියාවේ පංච ගංගාවන්ගෙන් එකකි.ගංගා,යමුනා, සරභූ, මහී යනු සෙසු ගංගාවන් වේ. අචිරවතී නදිය අනවතප්ත විලෙන් ඇරඹී නැගෙනහිර දෙසට ගලාබසින්නේ යැයි හින්දු විශ්වාසයේ වේ.
අචේලක
නග්නව හැසිරෙන පරිබ්‍රාජක විශේෂයකි. උග්‍ර තවුස්දම් රකින්නන් විශේෂයකැයි පිළිගැනේ. සේලයක් හෙවත් සිව්රක් නොදරන නිසා මේ නමින් හඳුන්වා ඇත.
අච්‍යුත
සමුද්‍රගුප්ත රජුගේ උතුරු ඉන්දීය යුධ ව්‍යාපාරයේ දී ඔහු අතින් පරාජය වූ රජෙකි. නාග වංශිකයෙකි. ක්‍රි.ව. 1529-1542 අතර කාලයේ විජයනගර රාජ්‍යයේ පාලකයා වූ අච්‍යුතරාය ද මේ නමින් ම හැඳින්වේ. එහෙත් ඔහු එතරම් දක්ෂ හෝ ජනප්‍රිය පාලකයෙක් නොවූ වගක් පෙනෙයි. අච්‍යුතරාය යටතේ බලන්න.
අච්‍යුතරාය
විජයනගර රාජ්‍යයේ සිටි පාලකයෙකි. (ක්‍රි.ව. 1529-1542) ඔහුට පෙර සිටි කෘෂ්ණදේවරාය නම් අසහාය රජු ගේ වෛමාතෘක බෑයා ය. බලයට පත් වූ පසු, තමාගේ එදිරිවාදියෙකු වූ මදුර ප්‍රතිරාජයාට සහය දුන් ට‍්‍රැවන්කෝරයේ රජු මර්දනය කිරීමට ක‍්‍රියා කළේය. මොහුගේ පාලන කාලයේ දී රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධවීමට සිය සොහොයුරන් දෙදෙනෙකුට ද අවස්ථාව දීම නිසා සෙස්සෝ ඊට විපක්ෂ වූහ. මේ නිසා රාජවංශයේ අභ්‍යන්තර ආරවුල් ඇතිවිය. මේ අවුල්සහගත තත්ත්වය අධිරාජ්‍යය සපුරා ම බිඳවැටෙන තුරුත් පැවතිනි.
අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා වූ ද පර්වතයක බිත්තියෙහි පිහිටි මෙම ලෙන් ක්‍රි.පූ. 2 සියවස- ක්‍රි.ව. 7 සියවස අතර කාලයේ වරින් වර ඉදිකර ඇත. කාලයාගේ ඇවෑමෙන් වනයෙන් වැසී ගිය මෙම ලෙන් සංකීර්ණය 1818 දී ආචාර්ය ජේම්ස් පර්ගසන් නම් ඉංග්‍රීසි යුධ නිලධාරියා විසින් සොයා ගන්නා ලදී. ආචාර්ය රොබට් නීල් මහතා 1879 දී පමණ මෙහි සිතුවම් පිටපත් කර ප්‍රදර්ශනය කරන ලදී. මෙහි ඇති ලෙන් දෙ ආකාරය. චෛත්‍ය ශාලා (මේවායේ කෙළවර චෛත්‍යයකි. හැඩයෙන් ඇප්සාකාරය.) විහාර ශාලා / ආවාස ශාලා (සිතුවමි ඇඳ ඇත්තේ මේවා අතරින් ලෙන් 5ක ය.) විහාර ශාලා හෙවත් ආවාස ශාලාවල ප්‍රධාන ශාලාව වටා කුඩා ශාලා ද පිහිටා ඇත. ප්‍රධාන ශාලාවේ බිත්ති සිතුවමින් සරසා ඇත. සිතුවම් ඇඳීමේ දී ලෝහ කැටපත් මගින් ආලෝකය සපයා ගන්නට ඇත. ලෙන් අංක 16 හා 17හි ඇත්තේ ක්‍රි.ව. 5 සියවස හෙවත් ගුප්ත යුගයේ ස්වර්ණමය අවදියේ ඇඳි සිතුවම් ය. චිත්‍ර සඳහා ජාතක කථා, බුද්ධ චරිතයේ සිද්ධීන් හා බෞද්ධ ඓතිහාසික සිද්ධීන් ටෙම්පරා ක්‍රමයට ඇඳ තිබේ. ලංකා ඉතිහාසයට සම්බන්ධ සිදුවීමක් වූ විජයාවතරණය හෙවත් සිංහලාවධානය නම් සිතුවම ද එම සිතුවමි අතර වේ. මෙම සිතුවම්වල විශේෂතා කිහිපයකි. චරිත නිරූපණය - මෙහි ඇති මානව රූපවල ඇත්තේ ඉතා සන්සුන් ඉරියව් ය. වේගවත් භාවයක් දක්නට අසීරු ය. එහෙත් කතාව ඉදිරිපත් කිරීමේ දී මෙම සන්සුන් භාවය බාධාවක් නොවේ. එසේ ම විහාර චිත්‍ර සම්ප්‍රදායට එම සන්සුන්භාවය ඉතා උචිතය. ඊට අමතරව ශිල්පියා එම සන්සුන් චරිත අතරෙහි ද තාත්වික ලක්ෂණ ගැබ්කර ඇත. විශේෂ චරිත විශාලව හා පැහැපත් වර්ණවලින් ඇඳ තිබීම ද විශේෂ ලක්ෂණයකි. සෙසු චරිත (අවශේෂ චරිත) කුඩාවට හා අඳුරු පැහැයෙන් යුතුව ඇඳ ඇත.
අජවර්මන්
අවුද්(අයෝධ්‍යා) ප්‍රදේශයේ සිටි පාලකයෙකි. ගුප්තවරුන් විසින් මොහුගේ රාජධානිය ද ඔවුන්ගේ රාජ්‍යයට ඇඳා ගන්නා ලදී.
අජාතශතෘ
(ක්‍රි. පූ. 490-458පමණ ) බුදුන් වහන්සේට සමකාලීනව ඉන්දියාව පාලනය කළ බිම්බිසාර රජු ගේ හා කොසොල් රජු ගේ සොයුරිය වූ කෝසල දේවිය ගේ පුත්‍රයා ය. මොහුට කුණීක යනුවෙන් අප්‍රකට නමක් ද විය. පුරාණ ග්‍රන්ථ අනුව මොහු ශිශුනාග පරපුරට අයත්ය. එහෙත් බෞද්ධ ග්‍රන්ථ අනුව මොහු හර්යංක වංශිකයෙකි. අශ්වඝෝෂයන්ගේ බුද්ධචරිතයේ ද මහාවංසයේ ද සඳහන් වන්නේ මොහු හර්යංක වංශිකයෙකු බවයි. පීතෘඝාතකයෙකු ලෙස බෞද්ධ සාහිත්‍යයේ මොහු පිළිබඳව සඳහන් කොට ඇත. පසු කාලීනව බුදු සමයේ අනුග්‍රහකයෙකු බවට පත් වූ මෙතුමා පළමුවන ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා සියලූ පහසුකම් සම්පාදනය කළේය. මේ පිළිබඳව සමන්තපාසාදිකාවේ රසවත් විස්තරයක් සඳහන් වේ. සමන්තපාසාදිකාවට අනුව, සප්තපර්ණී ගුහාද්වාර මණ්ඩප වර්ණනාව.අජාසත් රජු විසින් විශ්වකර්ම දිව්‍යපුත්‍රයාගේ නිර්මාණයක් හා සමානව, මැනවින් බෙදන ලද භික්ති ඇති, ස්ථම්භ ඇති , පියගැටපෙළ ඇති, නා නා විධ මල්කම් ලියකම්වලින් ව්සිතුරු කළ රජභවනෙහි අසිරිය අභිභවනය කරනා ආකාරයේ පමණක් නොව දිව්‍යවිමාන ශෝභාවට අපහාස කරන්නාක් වැනි වූ ද සිරිකතගේ වාසස්ථානයක් වැනි වූ ද දෙව් මිනිසුන්ගේ ඇස් නමැති පක්‍ෂීන්ට බැසීමට සුදුසු එකම තොටක් වැනි වූ ද ලෝකයේම ඇති මනහර බව කැටිකළාක් වැනි වූ ද සියල්ලෝ දැකිය යුතු වූ ඉතා හරවත් මණ්ඩපයක් කරවා නොයෙකුත් මල්දම් එල්ලීම නිසා වෑහෙන්නා වැනි වූ මනහර වියනක් ඇත්තාවූ ද රුවනින් විසිතුරු වූ මැණික් ඔබ්බවන ලද තලයක් වැනි වූ ද නොයෙක් පුෂ්පෝපහාරයෙන් විචිත්‍ර ලෙස මැනවින් නිමවන ලද භූමි කර්මාන්ත ඇත්තා වූ ද එම මණ්ඩපය බ‍්‍රහ්ම විමානයක් සේ සමානව සැරසීය.(විපස්සි හිමි, රඹුක්වැල්ලේ, 2005 පිටු 144-145) කොසොල් රජු සිය සොයුරිය බිම්බිසාර රජුට විවාහ කොට දුන්නේ දායාදය වශයෙන් කාසි ජනපදය ද ලබා දෙමිනි. එහෙත් අජාතශතෘ බිම්බිසාර රජු මරා සිය නැගණිය වැන්ඳඹුවක බවට පත් කළ නිසාත් ඒ ශෝකයෙන් ඇය ද නොබෝ කලකින් ම කළුරිය කළ නිසාත් කොසොල් රජු කාසි ජනපදය යළි තමාට පවරා ගත්තේය. සිය මවට දායාදය වශයෙන් ලැබුණු කෘෂි ග්‍රාමය(කාසි ජනපදය) මෙලෙස යළි පවරා ගැනීම කෙරේ උරණ වූ අජාසත් රජු සිය මාමණ්ඩිය වු බිම්බිසාර රජු සමග යුද්ධයකට සැරසුණේය. එහෙත් මේ ආරවුල සමගි සම්මුතියකින් කෙළවර වූයෙන් කාසි ජනපය යළි අජාසත් රජුට ම ලැබුණි. කොසොල් රජු ගේ දියණිය වූ වජිරා කුමරිය අජාසත් රජුගේ මෙහෙසිය බවට පත් වූවාය. මුල් කාලීනව තිබු දැඩි ස්වභාවයෙන් තරමක් මිදුණු අජාසත් රජු බුදු දහමට අනුග්‍රහ දක්වන්නෙක් බවට පත් විය. ඊට අනුව අසූමහ සව්වන් වෙනුවෙන් දාගැබ් කරවා දහඅටක් මහ විහාර ද ප්‍රතිසංස්කරණය කරවූ බව සඳහන් වේ. දහසය වසක බිහිසුණු යුද්ධයකින් පසු ලිච්ඡවි හෙවත් වජ්ජි රාජ්‍යයත්, ඊට පසු චණ්ඩපජ්‍යොත රජු විසින් පාලනය කළ අවන්ති රාජ්‍යයත් අජාතශතෘ විසින් සිය රාජ්‍යයට ඈඳා ගන්නා ලදී. මගධය උතුරු ඉන්දියාවේ ප්‍රබලතම රාජ්‍යය බවට පත් කළ අජාතශතෘ පාඨලීපුත්‍ර අගනුවර සියල් රැකවල් සහිතව ආරක්ෂා කළේය. පීතෘ ඝාතනය පිළිබඳව පසුකාලීනව ඔහු තුළ උපන් ශෝකය තුනී කර ගැනීම සඳහා ජීවක වෛද්‍යවරයාගේ උපදෙස් පිට බුදුරදුන් සොයා ගිය අජාසත් ඉන් පසු සිය ජීවිතය වෙනස් කර ගත්තේය. දෙවන ධර්මසංඝායනාවට පූර්ණ අනුග්‍රහ දක්වා බුදු සසුනේ ප්‍රබල දායකයෙකු බවට පත් විය.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මෙතුමා යළිත් යුද්ධයකට සැරසුණේය. ඒ සර්වඥ ධාතු හිමි කර ගැනීම සඳහා මල්ල රජදරුවන් සමග ය. එහෙත් එම යුද්ධය ද්‍රෝණ බමුණාගේ මැදහත්වීමෙන් මගහැරුණි. එහි දී සමාදානයෙන් ලබා ගන් සර්වඥ ධාතු නිධන් කොට රජගහනුවර මහා දාගැබක් බැන්දවීය.(පසු කාලයේ අශෝක රජු අසූ හාරදහසක් වෙහෙර විහාර සඳහා සර්වඥ ධාතු ලබා ගත්තේ මේ දාගැබෙනි) ජෛන මූලාශ‍්‍ර අනුව මෙතුමා මහාවීර තුමාගේ අනුගාමිකයෙකි.ජෛනයන්ට ද මිත්‍රව සර්වාගමික පක්ෂපාත බවින් යුක්තව කටයුතු කළ බව ඊට අනුව සිතාගත හැක. පීතෘ ඝාතක අජාසත් රජු අවසානයේ සිය පුත් උදායින් අතින් මරණයට පත් වූ අතර ඔහුගේ පරපුරේ බොහොමයක් රජවරු ද මෙලෙස සිය දරුවන් අතින් මරුමුවට පත් විය.
අජිත
විශාලා මහනුවර වාලුකාරාමයේ පැවත්වූ දෙවන ධර්ම සංඝායනාවේ දී භික්ෂූන්වහන්සේලාට අසුන් පැනවීම භාරව සිටි භික්ෂූන් වහන්සේ ය.
අජිත කේශකම්බල
ලෝකායතවාදය හෙවත් උච්ඡේකවාදය ඉගැන්වූ බුද්ධකාලීන ශ‍්‍රමණයෙකි. මිනිස් හිසකෙස්වලින් කළ කම්බිලියක් දැරූ නිසා කේශකම්බල යන නම ලැබීය. ඔහුගේ ඉගැන්විම්වලට අනුව පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් ලෝකය සැදී තිබේ. පුද්ගලයා බිහිවන්නේ ද මේවායේ එකතුවෙනි. මරණයත් සමග යළි ඒවා ලෝකයේ පවතින භූත කොටස් හා එක් වේ. නැවත ඉපදීමක් හෝ සසර සරණ ආත්මයක් නැත. දානයේ ඵල විපාක නැත. එසේ තිබෙන්නේ යැයි කීම මෝඩයන්ගේ මුසාවකි. ආදී වශයෙන් ඉගැන්වූ ඔහු මිනිසුන්ට ඉඳුරන් පිනවිමට අවසර දුන්නේ ය. කාමසුඛල්ලිකානුයෝගය ජීවන දර්ශනය සේ ඉදිරිපත් කළේ ය.
අජින උත්තරීයය
අඳුන් දිවිසමින් කළ උඩුකය වැස්ම. (බෞද්ධායන ධර්මශාස්ත්‍රය අනුව)
අජ්මර්
ප්‍රදේශ නාමයකි. දකුණු ජායිපූර් ආසන්නයේ තිබෙන්නට ඇත. උත්තමභද්‍ර වංශයේ පාලකයෝ මේ ප්‍රදේශය පාලනය කළහ.
අඤ්ජන වනය
බුදුරජාණන් වහන්සේ සාකේත නුවරට වැඩම කළ කාලයේ විටින් විට වැඩ සිටි ආරණ්‍යයකි.
අඤ්ජනා
හනුමන්තාගේ මව හා කේසරී වානර රජුගේ බිරිඳ වශයෙන් රාමායනයේ සඳහන් වේ.
අඤ්ඤාකොණ්ඩඤ්ඤ
පස්වග තවුසන් අතරින් ප්‍රධානියා ය. බුද්ධ දේශනය පළමුව අවබෝධකරගත් භික්ෂුව යි.සිද්ධාර්ථ ගෞතමයන්ට නම් තැබීමේ උත්සවයට සහභාගී වූ ලාබාල ම බ්‍රාහ්මණයා ය. එහි දී කුමරුන් බුද්ධත්වයට පත්වන්නේ යැයි ස්ථිර වශයෙන් ම කී බමුණා ද වේ.
අඥෙය වාදය
පරම සත්‍යය අවබෝධ කිරීමට තරම් මිනිස් සිත දියුණු නැතැයි පිළිගත් දර්ශනය.
අටුවාව
ත්‍රිපිටකාදී ග්‍රන්ථයන්ගේ ඇතුළත් අරුත් අපැහැදිලි වදන් පැහැදිලි කිරීම පිණිස ලියූ අර්ථ විවරණ ග්‍රන්ථ විශේෂය.
අට්ටාල
නගර, රාජධානි, මාළිගා හා බලකොටු ආදියේ ආරක්ෂාව පිණිස ප්‍රාකාර මත ආදී උස් ස්ථානවල ඉදිකරන චතුරස්‍රාකාර මුරකොටු විශේෂයකි. පාඨලීපුත්‍ර නගරයේ ප්‍රාකාරය මත අට්ටාල 570ක් වී යැයි මිගැස්තිනීස් සඳහන් කර තිබේ. පුරාවිද්‍යාත්මක කැණීම්වලදී ද මේ වැනි අට්ටාල නටබුන් හමු වී තිබේ.
අතපැන් වත්කිරීම
යම් ප්‍රදානයක් කිරීමේ දී ප්‍රදානය කරන්නා විසින් ලබන්නාගේ අතට කෙණ්ඩියකින් පැන් වත්කර පිරිනැමීම. මෙය පුරාණ භාරතයේ තිබූ චාරිත්‍රයකැයි පිළිගැනේ. විනය පිටකයට අයත් මහාවග්ග පාළියේ සඳහන් වන්නේ බිම්බිසාර රජු බුදුරදුන් වෙත වේළුවනාරාමය පිදුවේ මේ ආතාරයට බව යි. භාරුත් ස්ථූප කැටයන් ඵලක අතර තිබූ හමු වූ ජේතවන පූජාව දැක්වෙන කැටයමේ සුදත්ත හෙවත් අනාථපිණ්ඩික සිටුවරයා බෝධි වෘක්ෂයකට ජලය වත්කරන දසුනින් අර්ථ දැක්වෙන්නේ ජේතවන පූජාව යැයි පිළිගැනේ. මෙහි බෝධි වෘක්ෂයෙන් සංකේතවත්වන්නේ බුදුන් වහන්සේ යැයි විශ්වාස කරයි. මන්ද යත් ඒ වන විට බුද්ධ ප්‍රතිමාව සාමාන්‍ය මානව රූපකායෙන් නිමවා නොතිබූ නිසා ය.
අතිගුප්ත
ක්‍රි.ව. 652 වැන්නේ දී පමණ බුද්ධධර්මය ප්‍රචාරය කරනු පිණිස චීනයට ගිය ඉන්දීය භික්ෂුවකි.
අත්තකිලමතානුයෝගය
ශරීරයට දැඩි ලෙස දුක් දීමෙන් විමුක්තිය ලැබිය හැකිය යන විශ්වාසය මත පිහිටා කටයුතු කිරීම. සිද්ධාර්ථ ගෞතමයෝ ද මේ මතයේ සිටිමින් සය වසක් දැඩි දුෂ්කර ජීවිතයක් ගත කළ අතර පසුව එය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කළහ.
අථර්ව වේදය
අථර්වන් වේදය. වේද ග්‍රන්ථයකි. වාසනාව උදා කරන ඉන්ද්‍රජාලය යන අරුත අථර්ව යන්නෙන් ගම්‍ය වේ. ගීතිකා 731කි. මණ්ඩල 20කි. පද්‍ය 6000කි. මෙම කෘතියේ සමස්ත අරමුණ නම් යක්ෂ, ප්‍රේත, පිසාච ආදී අමනුෂ්‍යයන් සතුටුකොට, මිතුරන්ට ආශිර්වාද කොට, සතුරන්ට ශාප කිරීම යි. මෙම ග්‍රන්ථයෙන් ආර්ය සමාජය ක්‍රමයෙන් සංකීර්ණ වූ ආකාරය අධ්‍යයනය කළ හැක. මේ නිසා ආර්යයන් ඉන්දියාවට සංක්‍රමණය වී දීර්ඝ කාලයක පසු හා ඔවුන් ස්වදේශීය ඉන්දියානුවන් හා සම්මිශ‍්‍රණය වූ පසු මෙය සංගෘහිත වන්නට ඇතැ'යි උගත්හු විශ්වාස කරති. ඥන, කර්ම, උපාසන යන කොටස් තුනට බෙදා ඇත. එවක පොදු ජනයා අතර පැවති යන්ත‍්‍රමන්ත‍්‍ර රාශියක් ද මායාකාරී වශීකරණ ආදිය ද, ලෙඩ සුව කිරීම, ගොවීන්ට ආශිංසන කිරිම, විවාහ ආදිය පිළිබඳ ස්තෝත්‍ර ගීතිකා ද මෙහි ඇතුළත් නිසා පොදු ජන විශ්වාසයන් පිළිබඳව ද මේ ඇසරෙන් තොරතුරු ගවේෂණය කළ හැක. මේවා සියල්ල ඍෂි භාෂිතයන් නොවේ . වෛදික රජවරුන් පත් කිරීම පිළිබඳ තොරතුරු ද, සංග්‍රාම වල දී රජවරුන්ට ජය ගෙන දෙන ආකාරයේ හා සේනා දිරිගන්වන ආකාරයේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදිය ඇතුළත් වන නිසා මෙහි ඓතිහාසික අගයක් ද ඇත්තේය. මීට අමතරව මෙහි විවිධ බ්‍රාහ්මණ පවුල් ගැන ද තොරතුරු ඇතුළත් වේ. ආර්යන් උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට විහිදී ගිය ආකාරයත්, ඍග්වේද සමාජයේ පැවති බහුදේවවාදය සර්වේශ්වරවාදය දක්වා වෙනස් වූ ආකාරයත් මෙහි සඳහන් වේ. මගධය පිළිබඳව පළමුව සඳහන් වන්නේ ද අථර්වන් වේදයේ ය. ඍග් වේදයේ නොදැක්වෙන අංග නම් කොටසක් පිළිබඳව ද අථර්වන් වේදයේ සඳහන් වේ. මොවුන් සෝන් හා ගංගා නදී තීර වල පදිංචිව සිටියහ.
අදිති දෙව් දුව
ආලෝකයට අධිපති ආදිත්‍ය දෙවියන්ගේ මව යි. ඍග්වේදයේ ස්ථාන ගණනාවක ඇගේ නම සඳහන් වේ.
අදේවසු
දෙවියන් නොඅදහන (ඉන්දියා/ආගම්)‘දාස’ බලන්න.
අද්‍රස්තයි
වයඹ දිග ඉන්දියාවේ රාවි නදී නිම්නයේ නැගෙනහිරින් පිහිටා තිබූ ගෝත්‍රික රාජ්‍යයකි.
අද්වෛතවාදය
භාරතයේ ක්‍රියාත්මක වූ දාර්ශනික නිකායක දාර්ශනික සංල්පය මේ නමින් හඳුන්වා ඇත. මෙය හඳුන්වා දුන්නේ ගෞඩපාද හා ශංකර යන ආචාර්යවරුන් දෙදෙනා විසිනි.
අධිර
විරුදයකි. ආර්ය යන අරුත තිබේ. ඛාරවේල රජු මේ වංශයට අයත් යැයි මතයක් තිබේ.
අධිරාජ
රාජ්‍ය ගණනක ප්‍රධාන රජු හෝ බලවත් රාජ්‍යයක පාලකයා.
අධිරාජේන්ද්‍ර, පරකේෂරී
දකුණු ඉන්දීය විජයාලය චෝළ පරපුරේ අවසන් රජු ය. 1070 දී බලයට පත් වූ මොහුගේ රාජ්‍ය සමය දිනකිහිපයකින් නිම වී ඇත. ලංකාවේ මහා විජයබාහු රජු චෝළ ආධිපත්‍යයෙන් ලංකාව මුදවා ගත්තේ මේ රජුග් සමයේ යැයි පිළිගැනේ.
අධිරාජ්
රජවරුන් භාවිත කළ විරුධ නාමයකි
අධිරාජ්‍යවාදයේ තොරණ
හින්දුස්ථානි තැනිතලාව හැඳින්වීමට යෙදූ අන්වර්ථ නාමයකි.
අධිවාස
උතුරු සළුව
අධිස්ඨාන
පාදම, අධිෂ්ඨානය, කුලුණක පාදම, අත්තිවාරම
අධ්‍යක්ෂවරු
අධීක්ෂණ මට්ටමේ නිළධාරියා. මිගැස්තිනීස් සඳහන් කරන පරිදි මේ පිරිස පහළ ම නිළධාරී පන්තියේ කටයුතු අධීක්ෂණය කරන පිරිසකි.(අසිරිමත් ඉන්දියාව130 පිට. 2000 මුද්‍රණය)
අනංග
භාරතීය කාමදේවයා ය. කිසිදු ශරීරාංගයක් නැති නිසා අනංග නම් විය. හරිවංශයට අනුව අනංගයා විෂ්ණුගේ හා ලක්‍ෂ්මියගේ පුත්‍රයාය. එහෙත් ඇතැම් තැනෙක ‘අනංගයා’ යනු බ‍්‍රහ්මයාගේ පුත්‍රයෙකැ’යි ද සඳහන් වේ. ජලයෙන් උපන් ‘ඉරාජ’ නම් මොහු යැයි ද කියැවේ. කාමය දෙවියෙකු ලෙස සැලකීමට මුල් පියවර තැබුයේ අථර්වන් වේදයයි. සෘග් වේදයේ ද කාමය පිළිබඳ සඳහන් වෙතත් කාම දෙවියෙකු ගැන නොකියයි. කාමසේත ද ග්‍රෙ සමවර්තතාධි -මනසො රෙතඃ ප්‍රථමං යදාසිත් - සතො බන්දුවසති නිරවීන්දන් -හෘදී ප්‍රතිෂ්‍යා කවයෝ මනීෂා (සෘග් වේදය) අරුත- කාමය ලොව පළමුවෙන් ම ඇතිවිය. මනසෙහි උපන් පළමු බීජය ද එයම ය. නැණවත් කවීහු සිය හදවතෙහි කිමිද බලා නැති දෙය තුළ ඇති දෙයක් සොයාගත්හ. අනංගයාට ශරීරාංග අහිමි වූයේ මෙහෙසුරුගේ තෙවැනි ඇසෙහි බැල්ම නිසා ය. සුරාසුර යුද්ධයේදී සුරයින් පරාජය වීම වළක්වාලීමට මහේශ්වර හා පාර්වතියගේ පුත්‍රයෙකු අවශ්‍ය බව අවබෝධ කොටගත් ශක්‍රයා ඒ සඳහා මල්සරාගේ පිහිට පැතීය. තපස් රකිමින් සිටි මෙහෙසුරු වෙත ගොස් මල් දුන්නෙන් විද මෙහෙසුරුගේ සිත තුළ රාගය උපද්දා පාර්වතිය සමඟ කායිකව එක්වීමේ සිතක් පහළ කිරීම මල්සරාට භාර විය. එහෙත් මල්සරාගේ (මල’විගේ) මල් හී සරින් කෝප වූ මෙහෙසුරු සිය නළලතෙහි වූ තෙවන ඇස හැර මල්සරා දෙස රෞද්‍ර බැල්මක් හෙළීය. එම නෙතු සරයෙන් මල්සරාගේ සිරුර දැවී අළුවී ගිය අතර පසුව ශරීරාංග කිසිවක් නැති නිසා අනංග යන නමින් ප්‍රකට විය. යළි ඊශ්වරගෙන් ම වරම් ලබා විෂ්ණු අවතාර වන කෘෂ්ණ හා ඔහුගේ භාර්යාව වන රුක්මණියගේ පුත්‍රයෙකු සේ මිනිස් ලොව ඉපිද ප්‍රද්‍යුම්න නමින් ප්‍රකට විය. (කොඩිකාර රත්න.208. පිටුව 213) රාමායනය කියන්නේ අනංග නම් කාමදේවයා ශරීරය අත්හලේ අංග රාජ්‍යයේ දී බවයි.
අනංගයාට පර්යාය නාම-උනඟ, ඌනංග, කම්පස, කාමදේව, කුසුම්සරා, පංචබාණු, පුෂ්පබාණ, බුන්නංග, මද, මදරද, මනයොන, මනෝභව, මන්මථ, මින්දද, මලවි, මල්සරා, මල්හීසරා, රතිස්වාමි. වියොවග, ෂමර අනංගයා අත උක්දඬු දුන්නකි. එහි දුනුදියට ඇත්තේ බඹර කැළකි. නෙළුම්, අසෝක, මීඅඹ, දෑසමන් හා නිල් මහනෙල් මල් හී තුඩ සේ යොදා සැකසූ ඊතල වර්ග පහක් අනංගයා සතුය. අරවින්දමශෝකඤ්ච-චුතඤ්ච නව මල්ලිකා- නීලෝත්පලඤ්ච පඤ්චෛත -පඤ්ච බාණස්‍යසායකාඃ’ මොහුගේ වාහනය ගිරවෙකි. ගාල්ල දිස්ත්‍රික්කයේ තොටගමු විහාරයේ අනංගයාගේ රුව ප්‍රතිමාවක් සේ නිර්මාණය කර ඇත.
අනගා
අනංගයා(ඒ යටතේ බලන්න.)
අනන්තගුම්ඵ
ඔරිස්සාවේ ඛණ්ඩගිරි කඳුවැටියේ පිහිටි ලෙන් විහාරයකි. ක්‍රි.පූ. පළමුවැනි සියවසට පෙර කරවන ලද්දකැයි පිළිගැනේ.
අනන්තවර්මන් චෝඩගංග
ක්‍රි.ව. 1078-1150 අතර කාලයේ කාලිංගයේ පාලකයා ය. කාලිංගය බලවත් තත්ත්වයට පත්වූයේ මෙතුමා යටතේ ය. ගංග වංශිකයෙකි. රාජරාජ දේවේන්ද්‍රවර්මන් රජුගේ පුත්‍රයා ය. පොළොන්නරු යුගයේ දී ලංකාවේ රජ කළ චෝඩගංග රජු ද මෙතුමාගේ ඥාතියෙකැයි පිළිගැනේ.
අනන්තවාසුදේව කෝවිල
නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සාවේ භුවනේශ්වර්හි ඇති විෂ්ණු දේව මන්දිරයකි. අනන්ත(බාලරාම) හා වාසුදේව(කෘෂ්ණ) දෙවිවරුන්ට කැප කළ දෙවොලකි.
අනන්තසායිද
දකුණු ඉන්දියාවේ වන්දනාවට පාත්‍ර වූ හින්දු දෙවිවරයෙකි.
අනර්ත
ප්‍රදේශ නාමයකි. කුෂාණවරුන්ට පසු උතුරු ඉන්දියාවේ කොටසක බලයට පත් වූ කාර්දමකවරුන් අතර එක් නායකයෙකු වූ චෂ්ටන මෙම ප්‍රදේශය ද පාලනය කර ඇත.
අනවතප්ත විල
හිමාලයේ ඇති සප්ත මහා තටාකයන්ගෙන් එකකි. හිරු එළියෙන් නොතැවෙන ජලය ඇති නිසා මේ නමින් හඳුන්වා ඇත.
අනාථපිණ්ඩික
(ඉන්දියා/බෞද්ධ) සුදත්ත නම් සිටුවරයා ය. බුද්ධ කාලීන භාරතයේ සිටි දානපතියෙකි. සැවැත්නුවර සුමන නම් සිටුවරයාගේ පුත්‍රයාය. පුණ්ණලක්ඛණාවගේ ස්වාමිපුරුෂයාය. මෙතුමාට මහා සුභද්‍රා හා චූලසුභද්‍රා නමින් දියණියන් දෙදෙනෙක් ද, එක් පුත්‍රයෙක් ද විය. බුද්ධ කාලීනව බුදුසසුනේ අග්‍ර දායකයා වූයේ මෙතුමාය. අනාථ පුද්ගලයන්ට පිහිට වූ නිසා අනාථපිණ්ඩික නම ලැබීය. බුදුරදුන් වැඩි ම වාර ගණනක් වස් විසූ ජේතවනාරාමය(දෙව්රම්වෙහෙර) අතිවිශාල ධනස්කන්ධයක් වැය කොට ඉදිකර පූජා කළේ මෙතුමා ය.
අනි ඕර් බුදුපිළිමය.
කුෂාණ යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවකි. මථුරා කලාවේ ලක්ෂණ ගවේෂණයේදී ඉතා වැදගත් බුද්ධ ප්‍රතිමාවකි.
අනිමිසලෝචන චෛත්‍යය
බුදුරදුන් අනිමිසලෝචන පූජාව කළ ස්ථානයේ ඇති ස්ථූපය යි. පාහියන් හා හ්‍යුං සියෑං හිමිවරුන්ගේ දේශාටන වාර්තාවල මේ ස්ථූපය ගැන සඳහන් වේ.
අනුපදේශය
නර්මදා නදී නිම්නය
අනුපිය
කපිලවස්තු පුරයට නැගෙනහිර දෙසින් පිහිටි ග්‍රාමයකි. මෙහි වූ අඹ වනයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
අනුරාධ
දඹදිව පණ්ඩුශාක්‍ය රජුගේ පුත්‍රයෙකි. භද්දකච්චායනා කුමරියගේ සහෝදරයෙකි. ඇයගේ ලංකාගමනට පසු ඈ සොයා ආ මොහු හා සෙසු සහෝදරයෝ පසුව ලංකාවේ ම පදිංචි වූහ. පණ්ඩුකාභය කුමරුන්ගේ මුත්තනුවන් ද වන මොහු පණ්ඩුකාභය කුමරු සිය මාමා වරුන් මරා අනුරාධපුරයට පැමිණෙන විට එහි මාළිගාවක විසූ බවත් පසුව පණ්ඩුකාභය කුමරුන්ට එම මාළිගාව ලබා දී ඉවත්ව ගිය බවත් සඳහන් වේ.
අනුරුද්ධ
මගධයේ අජාතශතෘ රජුගේ පුත් උදායින් හෙවත් උදයභද්ද රජුට පසු රජවන්නේ මොහුය. මොහු උදයභද්ද රජුගේ පුත්‍රයා යැයි ද පීතෘ ඝාතක රජෙකු යැයි ද මහාවංසය කියයි. (බලන්න.මහාවංසය සිව්වැනි පරිච්ෙඡ්දය 1-3 ගාථා) එහෙත් උදයභද්ද රජු මිය ගියේ දේශනයකට සවන්දෙමින් සිටිය දී ශ‍්‍රමණධාරියෙකු විසින් කිණිස්සකින් ඇනීම නිසා යැයි ද මතයක් පවතී.
අනුලෝම විවාහය
උසස් කුලයක පුරුෂයෙකු පහත් කුලයක ස්ත්‍රියක විවාහ කරගැනීම. නමුත් මේ සඳහා සුදුසුකම් ලැබෙන්නේ දෙවන වර විවාහයකදී ය. ඒ පමණක් නොව පළමු විවාහයේ කාන්තාව පුරුෂයාගේම කුලයේ කාන්තාවක් වූ විට ය.
අනුෂ්ටුහ්
සංගීතයට සම්බන්ධ පද්‍ය විශේෂයකි.
අනුසාර ශාස්ත්‍ර
නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ විෂයකි.
අනූප
ප්‍රදේශ නාමයකි. නර්මදා නදී නිම්නය යි.
අනෝමා
ගංගාවකි. කෝලිය දේශය මේ ආශ‍්‍රිතව පැවති බව කණිංහැම් මහත්මා විශ්වාස කරයි. වත්මන් ඉන්දියාවේ අවුද් හෙවත් පැරණි අයෝධ්‍යා ප්‍රදේශයේ ඇති කුඩා ගංගාවක් යැයි සිංහල විශ්වකෝෂයේ දක්වා තිබේ. ඒ්.සී. කාලයිල් මහතා විශ්වාස කරන්නේ ‘කුද්වා’ නමින් වර්තමානයේ හඳුන්වන්නේ මේ ගංගාව බව යි.
අන්තඃපුරය
ඇතුළුපුරය හා එහි රජුගේ අප්‍රධාන බිසෝවරුන් වාසය කරන කොටස. මහිෂී හෙවත් අගබිසව අන්තඃපුරයේ ප්‍රබල චරිතයක් වූ නිසා මෙම අප්‍රධාන බිසෝවරු හා රජු පවා තරමක් බියෙන් පසුවී යැයි බෂාම් සඳහන්කර තිබේ. අර්ථශාස්ත්‍රයේ සඳහන් වන්නේ අන්තඃපුර කාන්තාවන් සිටි පරිශ්‍රය මනා කොට රැකවල්ලා තිබූ බවත් හිතුමානාපයේ ඔවුන්ට ඉන් පිටතට යෑමට නොහැකි වූ බවත් ය.
අන්තක(යම)
දෙවියෙකි. රජු මොහුට සමාන වන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.
අන්තපාල
රාජ්‍ය දේශසීමා ආරක්‍ෂකයා
අන්තර් විවාහය
සමාජ කණ්ඩායම් අතර විවාහ සබඳතා.(උදා-ගොවි කුලිකයෙක් හා ගොපලු කුලිකයෙක් අතර විවාහයක්.) නමුත් මෙහි දී අනුලෝම විවාහය පමණක් අනුමත වූ බව පෙනී යයි. එනම් පුරුෂයා මින් ඉහළ කුලයට අයත් විය යුතුවිය.
අන්තර්වංශික/අන්තර්වසික
අන්තඃපුර පාලක, අන්තඃපුර කටයුතු සොයා බලන්නා.
අන්තලිඛිත
අන්තියල්සිඩාස් නම් ඉන්දු ග්‍රීක රජු. ඔහුගේ මධ්‍යස්ථානය තක්ෂිලාවයි.
අන්තර්වාස
යටිකය වැස්ම(බෞද්ධායන ධර්මශාස්ත්‍රය අනුව)
අන්ති ඕකස්/ඇන්ටියෝකස්/ඇන්ටි ඕකස්
සෙලියුකස් නිකේටාර්ගේ අනුප්‍රාප්තිකයා ය.
අන්තර්වේදී
ගුප්ත යුගයේ ඔවුන්ගේ රාජධානිය බෙදා තිබූ දේශ නම් පරිපාලන ඒකකවලින් එකකි. (අන්තර්වේදී දේශ)
අන්තියල්ඩාස්
අන්තියල්සිඩාස් නමින් ද හැඳින්වෙන මොහු ඉන්දියාව සමග සබඳතා පැවැත්වූ ග්‍රීක රජෙකි.
අන්දමන් දූපත්
ඉන්දියාවට අයත් නමුත් බුරුමයට ඉතා ආසන්නයේ පිහිටි ප්‍රධාන දූපතක් හා කුඩා දූපත් කිහිපයකි.
අන්තියල්සිඩාස්
ග්‍රීක රජෙකි. පස්වන ශුංග රජු යැයි අනුමාන කරන බෘගභද්‍රකාසිපුත්‍ර රජුගේ රාජසභාවේ මේ රජුගේ තානාපතිවරයෙකු වශයෙන් හෙලියොඩෝරස් නමැත්තා සිටිබව සඳහන් වේ.
අන්දමාන් හා නිකොබාර්
ඉන්දියාවට අයත් දූපත් දෙකකි. නමුත් මදුරාසි වෙරළේ සිට සැතපුම් 740ක් නැගෙනහිරින් බුරුමය ආසන්නයේ පිහිටා තිබේ.
අන්ත්‍යොෂ්ටි
අවමංගල්‍ය කටයුතු, අවසාන කටයුතු.
අන්දම්
ස්ථාන නාමයකි. කච්ච නම් ප්‍රදේශයට අයත් වේ.
අන්දුවන්
උදියන්ජෝල් වංශයේ පාලකයෙකි.
අන්ධ වනය
වත්මන් සහේත් මහේත් හෙවත් පුරාණ සැවැත් නුවරට සමීපයේ පිහිටි වනයකි.
අන්ධපුරය
මේ නම සඳහන් වන්නේ සේරිවාණිජ ජාතකයේ ය. තෙලෙවාහ නම් නදියක් අසබඩ මේ නගරය පිහිටියේ යැයි ඒ ජාතක කතාව අනුව පෙනී යයි. මෙය ආන්ද්‍රවරු හෙවත් සාතවාහනයින්ට අයත් නගරයක් යැයි විශ්වාසයක් පවතී.
අන්ධේර් ස්තූප
සාංචි ස්තූපවලට සමානව මධ්‍ය ඉන්දියාවේ භෝපාල් හි පිහිටි ස්තූප තුනකි.
අන්නපූර්ණදේවී
ශිව දෙවියන්ගේ භාර්යාව වූ උමාවට ම තවත් නමකි.
අන්‍යවෘත
වෛදික ව්‍රත නොපිළිපදින ජනයාට ඍග්වේදයේ දී ඇති නමකි. බෙහෝවිට මේ නමින් හඳුන්වා ඇත්තේ ස්වදේශික ඉන්දියානුවන් වියයුතු ය.
අන්‍යව්‍රත
අන්‍යවෘත යන්න ම ය. විස්තර සඳහා ‘දාස’ යන්න ද බලන්න.
අන්සුවර්මන්
නේපාලයේ පාලකයෙකි. හර්ෂවර්ධන රජුට සමකාලීනයෙකි. (අංශුවර්මන්)
අපභ‍්‍රංස
සම්මත වියරණ ක්‍රමවලට පරිබාහිරව අසම්මත වියරණ අනුව සකස් වුණු සංස්කෘත භාෂා විශේෂයකි. පතංජලීගේ මහාභාෂ්‍යයේ මේ පිළිබඳව පළමුකොට ම සඳහන් වේ.
අපරගෝයාන
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කල්පිත දිවයිනකි. මහාමේරුව වටා පිහිටි සතර මහා දිවයින්(පුබ්බවිදේහ, ජම්බුද්වීප, අපරගෝයාන, උත්තරකුරු) අතරින් එකකි. මෙය මහාමේරුවට බටහිරින් පිහිටියේ ලු.
අපරාන්ත/අපරන්තක
ප්‍රදේශ නාමයකි. ඉන්දියාවේ බටහිර අන්තයේ පිහිටියේ ය. අශෝක ධර්ම ප්‍රචාරක කටයුතු සම්බන්ධ විස්තරයේත් සාතවාහනයින් පිළිබඳ තොරතුරු ඇතුළත් මූලාශ්‍රයවලත් මේ නම එයි. එහි ප්‍රධාන නගරය වූයේ සොපාරාව හෙවත් පැරණි සුප්පාරක නගරය යි. එය වරායක් ද වේ. බෞද්ධ සාහිත්‍යයට අනුව මෙහි දාමරික වැසියන් සිට ඇත. අශෝක රාජ්‍ය සමයේ දී යෝනක ධම්මරක්ඛිත හිමියන් මේ ප්‍රදේශයට බුදුසමය හඳුන්වා දී තිබේ.
අපසාර
ජෛනයන්ගේ ආරාම හෝ නවාතැන්පොළවල් මේ නමින් හැඳින්විණි. කෙටි කලක් එහි නතර වී හිඳ මෝක්ෂය පිණිස සිල් රකිමින් භාවනා කරමින් කල් ගතකරන ඔවුහු යළි කිසිදිනක එතැනට නොපැමිණෙන අදහසින් ඉන් පිටත්ව යති. එසේ යළි නොඑන තැනක් නිසා අපසාර නම් විය.
අපාච්‍ය
ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ සිටි ගෝත්‍රික කණ්ඩායමකි. ආර්ය, අනාර්ය සම්මිශ‍්‍රණයකින් සැදුණු ගෝත්‍රයක් විය යුතුය.
අපාලා
ඍග් වෛදික යුගයේ ප්‍රබල කතකි
අප්පාර් ස්වාමි
සත්වන සියවසේ දකුණු ඉන්දියාවේ ජීවත් වූ ශෛව ආචාර්යවරයෙකි. පසුකාලයේ ශිව ශාන්තුවරයෙකු වශයෙන් ප්‍රකට විය. එතුමා ශිව දෙවියන් වෙනුවෙන් ගීතිකා හතලිස් නව දහසක් කරවූ බව පැවසෙතත් දැනට ඉතිරිව ඇත්තේ ගීතිකා 313ක් පමණි. තේවාරම් නම් ප්‍රකට ශෛව ග්‍රන්ථ හතෙන් තුනක් අප්පාර් ස්වාමි විසින් කරවා තිබේ.
අප්ගනිස්ථානය
ඇෆ්ගනිස්ථානය
අප්‍රතිහත ඡත්‍ර
පළමු ශාතකර්ණී රජු( ක්‍රි.පූ 1සියවස) භාවිත කළ විරුද නාමයකි.
අප්පටිම
ථෙරවාද බෞද්ධ දර්ශනයට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා යොදන ලද අපර නාමයකි.
අප්ෂාද් ටැම් ලිපිය
පශ්චාත් ගුප්ත වංශයට අයත් ලිපි අතරින් දැනට සොයාගෙන ඇති පැරණිම ලිපියයි. මෙය ආධිත්‍යසේන රජ දවසට අයත් වේ. ඔවුන්ගේ වංශයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු මේ ලිපියේ සඳහන් වේ.
අප්පටිසම
ථෙරවාද බෞද්ධ දර්ශනයට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා යොදන ලද අපර නාමයකි.
අප්සරාවෝ
ආගමික සංකල්පයන් අනුව බලන කල මේ වනාහි ඉන්ද්‍රලෝකවාසී දිව්‍යාංගනාවෝ ය. ගාන්ධර්වයන්ගේ භාර්යාවෝ ය. අන්තරීක්ෂයේ වසත්. ඍග්වේදයේ මොවුන් ගැන සඳහන් වෙතත් වැඩි තොරතුරක් නැත. දිවසර හා අසර ආදී නම්වලින් සිංහල සාහිත්‍යයේ ද මොවුන් හඳුන්වා තිබේ.
අබු සෙයිද්/ අබුසයිද් අල් හසන්
ලංකාව ඇතුළු රටවල් ගණනක සංචාරය කළ දේශාටකයෙකි. ලංකාව විශාල දිවයිනක් වූ බවත්, එහි රජවරුන් දෙදෙනෙකු සිටි බවත් ඔහු සඳහන් කර තිබේ. ලංකාවේ ක්‍රීඩා ගැන, ජන සිරිත් ගැන, භූගෝලය හා දේශගුණය මෙන්ම රත්න ආදී වස්තූන් ගැන ද, අගමික මධ්‍යස්ථාන හා ආගමික ප්‍රතිමා ගැන ද ඔහු ලියා තිබේ.
අබුකන්ද
අරවල්ලි කඳුවැටියේ කොටසකි. නමුත් එයින් සපුරා ම වෙන් වී පවතී.
අබුල් හසාන්
ඉන්දියාවේ ජහන්ජීර් රජදවස සිටි මුස්ලිම් ජාතික චිත්‍ර ශිල්පියෙකි.
අබුසයිද්/ අබුසයිද් අල් හසන්
ලංකාව ඇතුළු රටවල් ගණනක සංචාරය කළ දේශාටකයෙකි. ලංකාව විශාල දිවයිනක් වූ බවත්, එහි රජවරුන් දෙදෙනෙකු සිටි බවත් ඔහු සඳහන් කර තිබේ. ලංකාවේ ක්‍රීඩා ගැන, ජන සිරිත් ගැන, භූගෝලය හා දේශගුණය මෙන්ම රත්න ආදී වස්තූන් ගැන ද, අගමික මධ්‍යස්ථාන හා ආගමික ප්‍රතිමා ගැන ද ඔහු ලියා තිබේ.
අබුහාරිස්
අල්බිරුනි නම් ලේඛකයා ය. ඒ යටතේ බලන්න.
අබ්‍රහ්මන්
බ්‍රාහ්මණයන්ට විරුද්ධ යන අරුතින් ආර්යයන් විසින් පැරණි ඉන්දීය ජනයා මේ නමින් හඳුන්වා ඇත.
අභය මුද්‍රාව
බුද්ධාදී ප්‍රතිමාවල දක්නට ලැබෙන මුද්‍රාවකි. අභය දීම හෙවත් ජීවිත දානය දීම මෙයින් සංකේතවත් කෙරෙයි.
අභයරාජකුමාර
බිම්බිසාර රජුගේ පුත්‍රයෙකි. ඔහුගේ මව උජ්ජයිනියේ නගරශෝභිනියක වූ පදුමවතී නම් කාන්තාව යි.
අභයාකරගුප්ත
වික්‍රමශිලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි. සිද්ධමහාපණ්ඩිත ආචාර්ය උපාධිය මෙතුමාට විය.
අභිච්ඡත්‍ර
උතුරු පංචාල දේශයේ අගනගරයයි. ඡත්‍රවතී යන නාමය ද මීට යෙදේ. උත්තර ප්‍රදේශ්හි බැරෙයිලි දිස්ත්‍රික්කයේ නූතන රාම් නගර් වශයෙන් හඳුනාගෙන ඇත. දැනට සොයාගෙන ඇති කාසිවලින් මේ නගරයේ පාලක ප්‍රාදේශීය රාජවංශයට අයත් රජවරු කිහිප දෙනෙකුගේම නම් හෙළිකරගෙන ඇත. සූර්ය මිත්‍ර, අග්නි මිත්‍ර, ජයමිත්‍ර, ඉන්ද්‍රමිත්‍ර, ආදීන් ඊට උදාහරණ වේ.
අභිරියා
අභීර නම් ප්‍රදේශය.
අභිෂේක උත්සවය
ඔටුන්න හිමි පුද්ගලයා රාජ්‍යත්වයට පත්කිරීමේ නිල හා චාරිත්‍රානුකූල උත්සවය යි. මෙය දර්බාර් උත්සවය නමින් ද ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල හඳුන්වා ඇත. ‘අභිෂේකය’ ද බලන්න.
අභිෂේක වර්ෂ ක්‍රමය
අභිෂේකයේ සිට වසර ගණනය කිරීමෙන් සකසා ගත් කාල ක්‍රමය. මේ ක්‍රමය ඉතිහාසය හැදෑරීමේ දී එතරම් නිරවුල් ක්‍රමයක් නොවේ. කාල නිර්ණයට ලබා දෙන සහය අල්පය.
අභිෂේකය
රාජ්‍යත්වයට පත්කිරීමේ නිල චාරිත්‍රය යි. පැන් ඉසීම යන අරුත ඇති ‘අභිෂේක’ නාමය ඊට දුන්නේ හිසපැන් වත්කිරීම මේ උත්සවයේ ප්‍රධාන අංගයක් නිසා වියයුතුය.
අභ්‍යවර්තීන් ඡායමාන
ඍග් වේදයේ එන පුද්ගල නාමයකි.ආර්ය නායකයෙකු විය හැකිය.
අමර
ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
අමරකෝෂය
සංස්කෘත කෝෂ ග්‍රන්ථයකි. අමරසිංහ නම් කතුවරයාගේ කෘතියකි. නාමලිංගානුශාසන නමින් කතුවරයා මේ කෘතිය හඳුන්වා ඇත. මෙය ඉතා උසස් සම්භාව්‍ය ග්‍රන්ථයකැයි පිළිගැනේ.
අමරනාත්
හිමාලයානු කඳුපන්තිය ආශ්‍රිතව ඇති හින්දු පුදබිමකි.
අමරසිංහ
කෝෂ ග්‍රන්ථ රචකයෙකි. අමරකෝෂය නම් සංස්කෘත කෝෂ ග්‍රන්ථය මේ කතුවරයාගේ ය. නාමලිංගානුශාසන නමින් කතුවරයා මේ කෘතිය හඳුන්වා ඇත. මෙය ඉතා උසස් සම්භාව්‍ය ග්‍රන්ථයකැයි පිළිගැනේ. ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි.
අමරාදේවී
උම්මග්ග ජාතකයේ එන පරිදි මැය මහෞෂධ පඬිතුමන්ගේ භාර්යාව යි. රූමත්, නැණවත් කතකි.
අමරාවතී
මහාමේරු පර්වත මස්තකයේ පිහිටා ඇතැයි පිළිගැනෙන ඉන්ද්‍ර දෙවියන්ගේ රාජධානිය ද, මදුරාසියේ ගන්තූර් දිස්ත්‍රික්කයේ ක්‍රිෂ්ණ නදී ඉවුරේ පිහිටි බෞද්ධ පූජ්‍යස්ථානයක් ද මේ නමින් හැඳින්වේ.
අමරාවතී කලා සම්ප්‍රදාය
(අමරාවතී දැගැබ් විස්තරය ද බලන්න) ආන්ධ්‍ර හෙවත් අමරාවතී කලා සම්ප්‍රදාය වර්ධිත ඉන්දීය කලාවේ ලක්ෂණ නිරූපණය කරයි. අමරාවතී ස්තූපය ආශ්‍රිතව හමු වී ඇති කැටයම් පුවරුවලින් ම ඒ බව පෙනී යයි. දේශීය ක්‍රමයේ ඇඳුම්පැළඳුම් ආදියෙන් සැරසුණු පුද්ගල රූප හා ඉන්දීය ස්වදේශීය සිරිත්විරිත්, හැසිරීම්රටා ආදිය ඒවායේ පැහැදිලිව දැකියහැකි වේ. මායාදේවීය දුටු සිහිනය පිළිබඳ කැටයම් දෙක පළමු උදාහරණයක් වශයෙන් විමසා බැලිය හැකි වේ. ඉන් පළමුවැන්න් දැක්වෙන්නේ මායාදේවිය අනවතප්ත විල් දියෙන් ස්නානය කරන ආකාරය යි. පරිවාර දේවතාවියන් ද සහිතව දක්වා තිබේ. සාම්ප්‍රදායික ඉන්දීය සංස්කෘතිය තුළ ස්ත්‍රියක සතු කායික ගුණ වශයෙන් කලාකරුවන් දුටු ගුණ මෙහි නිරීපණය කිරීමට කලාකරුවා උත්සාහ කර තිබේ. බෂාම් සඳහන් කරන ආකාරයේ(අසිරිමත් ඉන්දියාව.227, 1995 මුද්‍රණය) ඝණව වැඩුණු කලවා, පුළුලුකුල, මිටින් ගතහැකි ඉඟසුඟ, මහත් වූ පියයුරු යුවල ආදිය මෙහි මනාකොට ම නිරූපණය කර තිබේ. තව ද නූතන ඉන්දීය කත මෙන් නොව පුරාතන කැටයම් අර අපට හමුවන ඉන්දීය ස්ත්‍රිය සිය ජනනේන්ද්‍රිය පමණක් ඉතා කෙටි ඇඳුමකින් වසා සිටින අතර ආභරණ කිහිපයක් හැරුණුකොට සෙසු සිරුර නිරුවත් ය. පුරාතන භාරතීය සංකල්ප අනුව මෙකී ලක්ෂණ හුදු කාම සම්භෝගය පිණිස ම හේතුවන්නක් සේ දක්වා ඇතත්, මෙහි නිරූපිත ස්ත්‍රී රූපවලින් කාමී බවක් ඉස්මතු නොවේ. කලාකරුවා බුදුරදුන්ගේ මව යන සංකල්පයේ රැඳී ඉතා භක්තියෙන් කළ නිර්මාණයක් සේ පෙනී යයි. සිරුරේ තිවංක භාවය හා එකිනෙකට සමීපකරගත් කළවාවලින් මතුව ඇත්තේ ලාලිත්‍යයක් ම මිස කාමුක බවක් නොවේ. දෙවැනි කැටයමේ එන්නේ සුවසේ යහනේ සැතපී සිටින මායාදේවියගේ රුව යි. ඇය අසල පරිවාරකයින් හා දේව රූප දක්වා තිබේ. නිදහස් ඉරියව්වකින් සැතපී සිටින ඇයගේ සිරුර ශයනය හා ස්පර්ශ වන ආකාරය ඉතා තාත්විකව දක්වා තිබේ. කලාකරුවා මානව දේහය මනාකොට හදාරා ඇති බවක් මෙහි පෙනී යයි. පරිවාරකයින්ගේ හා දේව රූපවල ද ඉරියව් ඉතා තාත්වික ය. මේ නිසා අමරාවතී ශිල්පියා යනු මුල දී බුද්ධ රූපය මානව දේහ විලාසයෙන් මූර්තිමත් කිරීමට ආධුනික හෝ බිය අයෙකු සේ දැක්විය හැකි නමුදු, කැටයම් කලාවට ආධුනිකයෙකැ’යි කිව නොහේ. අමරාවතී සම්ප්‍රදායේ අප දක්නා තවත් ගුණයක් නම් මානව රූපයන්ගේ සජීවී භාවය යි. සිහින විග්‍රහය කැටයම මීට කදිම උදාහරණයකි. මහාරාජ ලීලාසනයෙන් අසුන්ගෙන සිටිනා සුදොවුන් රජතුමාගේ රූපය තරමක් විශාලව දක්වා තිබීමෙන් රජුට මේ කලා කෘතිය තුළ විශේෂස්ථානය හිමිකර දී තිබේ.කම්මුල්, බාහු හා ඉණට හැඳී වස්ත්‍රයෙන් මිරිකී තෙරපී ගිය උදර මාංශය පිටතට නෙරා විත් ඇති ආකාරයෙන් අලස කම්මැලි භාවයන් නිසා මහත්ව වැඩුණු පුරුෂ රුවක් නොව සුඛ විහරන මැද රාජකීය ලීලාවෙන් වැඩුණු රාජකීය සිරුරක් දක්වා ඇති ඇයුරු විශිෂ්ටය. රජුට හා දේවියට ද පාද පීඨිකා පනවා තිබේ. දේවිය ද ඉතා සුවපහසු අසුනක නිදහස් ඉරියව්වෙන් අසුන්ගෙන සිටින්නී ය. ඇයගේ පාද හා අත් නිරූපණය කර ඇත්තේ සාමාන්‍යයෙන් මූර්තිවල දක්නට නොලැබෙන ආකාරයකට ය. එසේ වුවත් අසාමාන්‍ය ඉරියව්වකට නොවේ. නමුත් රාජකීය යුවලක් ඉදිරියේ හැසිරියයුතු ගරුකටයුතු අංග වින්‍යාස සහිතව බමුණන් දෙදෙනා දක්වා තිබේ. බමුණන් දෙදෙනොගෙන් තරමක් වයෝවෘද්ධ බමුණාගේ හැසිරීම තුළ තරමක් නිර්භය බවක් මෙන් ම සිය ප්‍රකාශය පිළිබඳ පූර්ණ විශ්වාසයක් ඇති බවක් ද දක්වා තිබේ. අනෙක් බමුණා සාවධානව අසා සිටී. මේ සජීවී භාවය අමරාවතී සම්ප්‍රදායේ විශේෂත්වයකි. කැටයම නමුත් මේ කැටයම් අමරාවතී කලාවේ මුල් අවස්ථාවන්ට අදාළ කැටයම් ‌සේ ගැනිය හැකි වේ. අංගුලිමාල හා නාලාගිරි දමන කැටයම් ද වඩාත් පරිණත ලක්ෂණ පෙන්වන්නේ නොවේ. අසිත තවුසාගේ පැමිණීම දක්වන කැටයම, බෝසතුන් නේරංජනාවේ ස්නානය කරන අවස්ථාව දැක්වෙන කැටයම හා රාහුල කුමරුන් දායාදය ඉල්ලාසිටින අවස්ථාව දැක්වෙන කැටයම තරමක් පරිණත ලක්ෂණ පෙන්වයි. බුදුරදුන් බැහැදැකීමට පැමිණෙන අජාසත් රජු දැක්වෙන කැටයම තවදුරටත් පරිනත ලක්ෂණ පෙන්වයි. එහි ඉතා සංකීර්ණ මානව හා සත්ත්ව රූප සම්පිණ්ඩනයක් ද වාස්තුවිද්‍යාත්මක පසුතලයක් ද දක්වා තිබේ. එමෙන් ම එකී කැටයම අල්පෝන්නත ශිල්පීය ක්‍රමයට නොව, අර්ධෝන්නත බව ද ඉක්මවා අධි උන්නත තත්ත්වයේ ඇරඹුම් සීමාවට ම ගොස් ඇති බව ද පෙනී යයි. සමස්තයක් වශයෙන් ගත්කල අමරාවතී කලාව යනු, සජීවී මානව හා සත්ත්ව රූපකරණයක්, ලාලිත්‍යවත්බවක්, පෘගත්ජන කාමී සිතුවිලි අභිභවාගිය අධ්‍යාත්මික බවක්, ස්වභාවිකත්වයේ හා ශෛලීගත නිරූපනයේ මනා සම්මිශ්‍රණයක් දැකිය හැකි උසස් කලාවකි. එහි වර්ධනීය අවස්ථාවන්හි සංකීර්ණත්වය හා විසිතුරු බවක් ද ඊට සම්මිශ්‍රණය වී තිබේ.
අමරාවතී දාගැබ
භාරතීය සංස්කෘතික ඉතිහාසය මෙන් ම ලෝක බෞද්ධ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මේ දාගැබ පිළිබඳව නිතැතින්ම අවධානය යොමුකෙරේ. එසේ වීමට ද හේතු ගණනාවක් තිබේ.
මෙය පිහිටා ඇත්තේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි ය. ආන්ද්‍රා ප්‍රදේශයට අයත් නාගර්ජුන කොණ්ඩ භට්ටිද්‍රෝල, ඝණ්ඨශාල, පෙඩ්ඩාමඩ්ඩූර්, ගරිකපාඩ්, ගුමදිදිරු ආදී ස්ථානවල ද බෞද්ධ ස්තූප ඇතත් ඒ එකක් හෝ අමරාවතී ථූපය තරම් උසස් නොවන්නේ යැයි සිංහල විශ්වකෝෂ කියයි. කෙසේ වෙතත් දැනට නටබුන්ව විනාශ වී ගොස් ඇති මේ ථූපය පුරාණයේ කෙසේ පැවතුණේ ද යන්න පිළිබඳ සාධක ඉතිරිව තිබේ. අවට ස්තූපවල ස්වරූපය ද මේ පිළිබඳව ලියැවී ඇති වාර්තා ද චෛත්‍යය ආශ්‍රිතව කළ කැණීම්වලදී සොයාගත් කරුණු ද අනුසාරයෙන් ස්තූපයේ පුරාණකාලීන ආකෘතිය මේ යැයි නිශ්චිත නිගමනයකට එළඹෙන්නට දැනට හැකිව තිබේ. මෙහිදී විශේෂයෙන් ම ඉවහල් වූයේ චෛත්‍ය ආශ්‍රිත කැණීම්වලදී හමුවුණු කැටයම් පුවරුවල ඇති ථූප රූප සටහන්ය.
අමරාවතී දාගැබ ඉදිකර ඇත්තේ ක්‍රි.පූ.200 තරම් කාලයේ ය. එහෙත් ආරම්භයේ දී කුඩා ස්තූපයක් වූ මෙය ක්‍රි.ව. දෙවැනි සියවසේ දී පමණ විශාල කොට බඳවා (කංචුකයක් කරවා) ඇති බව පුරාවිද්‍යාත්මකව සනාථ වී ඇත. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ථූපය වඩාත් විශාල කොට බැඳවූයේ ද විසිතුරු කැටයමින් සැරසූයේ ද එය මහායානිකයන් අතට පත්වීමෙන් පසු බවයි. විශේෂයෙන්ම මහායාන බෞද්ධාගමික දාර්ශනිකයෙකු වූ නාගර්ජුන හිමියන් මේ ප්‍රදේශයේ වැඩවාසය කරන සමයෙහි මෙහි බොහොමයක් සංවර්ධන කටයුතු සිදුකෙරෙන්නට ඇති බව විශ්වාස කෙරේ. කෙසේ වුව ද දක්ෂිණ භාරතීය හින්දු රාජ්‍යයන් අමරාවතිය ද වසා පැතිර ගිය පසු අමරාවතියේ පරිහානිය ඇරඹුණි. විශේෂයෙන් ම ක්‍රි.ව. 8,9 සියවස්වලට පසු ක්‍රමයෙන් හිස ඔසවන චෝළ අධිරාජ්‍යයට මෙය ගොදුරු වන්නට ඇතැයි සැක කෙරේ. එහෙත් චෛත්‍යය තිබූ ස්ථානයෙන් ඉවත් කර හින්දු දේවාල තැනීමට තරම් චෝළයන් හෝ දකුණු ඉන්දීය හින්දු පාලකයන් සාහසික වී නැති බැව් ද සඳහන් කළ යුතුය. චෛත්‍යය හා ඒ ආශ්‍රිත වෙහෙරවිහාර ආදියට අනුග්‍රහ නොකර සිටීම මෙහි පරිහානිය ඛෙහෙෙවින්ම බලපාන්නට ඇතැයි සිතිය හැක. 19 (1816) වන ශතවර්ෂයේ දී මේ චෛත්‍යයේ නටබුන් බ්‍රිතාන්‍ය නිළධාරියෙකු වූ කර්නල් මැකන්සි මහතා විසින් ගවේෂණය කිරීමෙන් පසු යළි මේ දෙසට දෙස්විදෙස් අවධානය යොමුවිය. එහෙත් ඒ වනවිටත් චෛත්‍යය අතිශය පරිහානියට පත්ව තිබුණි. මැකන්සි මහතා පළමුව දුටුවේ ගඩොළු ගොඩක් හා කැඩීබි`දී ගිය ගල් වැටකුත් ඒ මත විසිර තිබූ ශෛලමය කුලූණු කිහිපයකුත් පමණි. එහෙත් මෙය ගරාවැටුණු චෛත්‍යයක් බැව් සනාථ වූ පසු යාබද ප්‍රදේශවල චෛත්‍යයන් සමග සසඳා බලා අනුමාන නිගමනවලට එළඹෙන ලදි. ඊට අනුව පුරාවිද්‍යාඥයන් ගණනය කළේ චෛත්‍යය අඩි 160ක පමණ විෂ්කම්භයක් හා අඩි 90-100 ත් අතර උසකින් යුක්ත වන්නට ඇත කියාය. සාංචියේ ස්තූප සැලැස්මට ආසන්න හැඩයකින් යුතු යැයි මුලදී අනුමාන කළ ද පර්යේෂණවලින් පසුව හෙලි වූයේ මෙහි සාංචි භාර්හුට් චෛත්‍යයවලට වඩා වෙනස් ලක්ෂණ ද ගැබ්ව පවතින බවයි. මුල්කාලීනව චෛත්‍යය හීනයානික බෞද්ධයන් සතුව පැවතියදී එක්වුණු ලක්ෂණ මෙන්ම පසුකාලීන මහායානික ලක්ෂණ ද මේ චෛත්‍යය ආශ්‍රිතව දැකිය හැකිය. එහෙත් ඒ ආශ්‍රිතව ඇති කැටයම් ඵලක බොහෝ ඒවා අයත් වන්නේ මහායානික යුගයටම ය. කෙසේ වෙතත් හීනයානික ලක්ෂණ මෙන්ම මහායානික ලක්ෂණ ද යන දෙවර්ගයම එකම කැටයම් පුවරුවක දක්නට ලැඛෙන අවස්ථාත් ඇති නිසා පුරාවිද්‍යඥයෝ මේ පිළිබඳ තවදුරටත් විමසුම් කරති. එකම කැටයම් පුවරුවෙහි බුදුරදුන් වෙනුවට විවිධ සංකේත යෙදූ අවස්ථා ද බුදුරුව මනුෂ්‍යරූපකායෙන් යෙදූ අවස්ථා ද ඇත. (ගුරුගේ, ආනන්ද.පී. 1962 දඹදිව බෞද්ධ කලාව පිටුව 39)
චෛත්‍යය ලක්ෂණ-අර්ධ ගෝලාකාර හෙවත් බුබ්බුලාකාර හැඩයට තැනූ චෛත්‍යයේ හර්මිකාවෙන් වටවුණු කොටසේ චක්‍ර කුලූනු දෙකක් ද තවත් සැරසිලි ආකාර නිමැවුමක් ද වෙයි. චෛත්‍යයේ ගර්භය විසිතුරු කැටයමින් සරහා තිබුණේ වී නමුදු යම් තේමාවකට අනුව තෝරාගත් සිද්ධි ඒවායේ නිරූපණය කෙරුණි. මල්වැල් නෙළුම් මල් ආදියෙන් අලංකාර වුණ මේ ගරාදි වැටේ තැන තැන තිබුණු වෘත්තාකාර කැටයම් ඵලකවලින් බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය වේ. ගරාදි වැට හරහා ස්තූප ප්‍රදක්ෂිණා මළුවට දොරටු සතරක් සිව් දිගින් ඇත්තේ ය. එහෙත් මේ දොරටු ඇසුරෙහි සාංචියේ මෙන් තොරණ දක්නට නොලැබේ. ලංකාවේ ස්තූපවලට පසුකාලීනව එක් වූ වාහල්කඩත් සාංචියේ තොරණත් අතර අවස්ථාවක් දැක්වෙන නිර්මාණයක් චෛත්‍ය ගර්භය වටා සිවු දිගින් දැකිය හැකි වෙයි. කුලූණු 5කින් පමණ සමන්විත වන එය වාහල්කඩ තරම් දියුණු භාවයට පත්ව නැතත් සාංචි තොරණට වඩා පරිණතව හා චෛත්‍යයට වඩාත් සමීපව පිහිටා ඇත. අමරාවතී චෛත්‍යයේ හැඩය නිර්ණය කිරීමට උපස්තම්භක වූ ගල්පුවරු කැටයමේ ද මේ කුලූණු පහේ සැරසිල්ල දක්නා ලැබේ.එහි දොරටුව දක්වා ඇත්තේ සිංහ රූපයක් සහිත හිසක් සහිත කුලූණු හතරකිනි. (මෙම ගල්පුවරු කැටයම ඉන්දීය මදුරායි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. අමරාවතී චෛත්‍යපුවරුව නමින් හැ`දින්වෙන්නේ මේ පුවරුවයි. එහි නිරූපණය වන්නේ චෛත්‍යයකට පුදපූජා පවත්වන දේවතා සමූහයකි.)
අමරාවතියේ විශේෂ ලක්ෂණයක් වූයේ ගරාදි වැට සේ ම චෛත්‍ය බඳ ද විසිතුරු කැටයමින් සැරසීමයි. මේ සැරසීම් සඳහා යොදාගත්තේ හුණුගල්පුවරු කැටයම් ය. එහෙත් මේ කැටයම් පුවරුවලින් බහුතරයක් පසුකාලීන ජනයා විසින් හුණු පිළිස්සිමට යොදාගත් නිසා කැටයම් පුවරුවලින් කිහිපයක් හැර සෙසු ඒවා විනාශ වී ගොසිනි. ඉතිරිව ඇති කැටයම් පුවරු ස්වල්පය දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැම්පත් කර ඇත.
අමරාවතී ස්තූප කැටයම්
අමරාවතී ස්තූපය සපුරාම වාගේ හුණුගල් කැටයම් පුවරු වලින් ආවරණය කොට තිබුණි. මේ නිසා චෛත්‍යය ආශ්‍රිතව ඉතා සංකීර්ණ හා විසිතුරු පරිසරයක් ගොඩනැගී තිඛෙන්නට ඇත. විශේෂයෙන්ම මහායානික ආභාසය ලැබූ කැටයම් පුවරු ඉතා සංකීර්ණ හා විසිතුරු බවින් යුතුවීම නිසා ඒ තත්ත්වය තව තවත් උද්දීපනය වන්නට ඇත. චෛත්‍ය බඳෙහි මතු නොව චෛත්‍යය ප්‍රදක්ෂිණාපථය ආශ්‍රිත ගල්ගරාදි වැටේ ද කැටයම් නිමවා තිබුණි. ගරාදි වැටේ සිරස් කණුවල ඇති කැටයම්වලින් ද නිරූපණය වූයේ බුද්ධ චරිතයේ අවස්ථාවන් ය. ආනන්ද පී ගුරුගේ මහතා කියන්නේ එබඳු එක් ගල්කණුවක බුද්ධ චරිතයට අදාළව මහාභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, මංගල ධර්මදේශනාව හා පරිනිර්වාණය දැක්වෙන බවයි. එය පැරණි බෞද්ධ සම්ප්‍රදායක් වුවත් මෙහිදී ශිල්පියා බුද්ධෝත්පත්තිය මගහැර ඇතැයි ද ඒ මහතා කියයි.
ඒ කෙසේ වෙතත් අමරාවතියේ බෞද්ධ කැටයම් පුවරු ප්‍රධාන කොටස් දෙකකට ඛෙදිය හැකිවෙයි. ඒ මහායානික ආභාසය ඇති කැටයම් හා හීනයානික ආභාසය ඇති කැටයම් වශයෙනි. හීනයානික ආභාසය ඇති කැටයම් ඵලක මුල් යුගයේ කැටයම් ඵලක සේ හැඳින්වීමේ වරදක් නැත. භාරුත් සාංචි ආදී සම්ප්‍රදායන් අනුව යමින් මේවායේ බුදුරුව වෙනුවට බුද්ධ සංකේත දක්වා තිබේ. බෝධි වෘඬ, ධර්මචක්‍ර, ස්තූප, ශ්‍රීපාද ලකුණු ආදිය එසේ යොදා ඇත. එබඳු කැටයම් බහුතරය ක්‍රි.ව. දෙවන සියවස තුළ දී නිර්මාණය කරන ලද්දේ වී නමුදු බුද්ධරූපය මනුෂ්‍යරූපකායෙන් දැක්වීම ඇරඹූ යුගයේ ද එසේ සංකේතානුසාරයෙන් ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ වෙනත් කරුණකි. එනම් මුල් කාලීනව සැබැවින්ම බුදුරුව මනුෂ්‍ය රූපකායෙන් දැක්විම බුදුන් වහන්සේට කරන නිග්‍රහයක් සේ සැලකූ බවත් එහෙත් පසුකාලයේ බුදුරුව විවිධ සංකේතානුසාරයෙන් දැක්වීම රටාවක් වූ බවත් ය. කෙසේ වුව ද මේ මුල් යුගයට අයත් කැටයම් ඵලක චෛත්‍ය ගර්භයේ මෙන්ම ගරාදි වැටේ ද දක්නට ලැඛෙයි. ගරාදි වැටෙහි වර්ග අඩි 1700ක ප්‍රමාණයක් කැටයමින් ආවරණය කර තිබි ඇත. ඒ අතරේ ද බුද්ධ සංකේත තිඛෙන්නට ඇත. ආසියාවේ බෞද්ධ කලා ශිල්ප පිළිබඳ අගනා කෘතියක් කළ පූජ්‍ය තිරාණගම රතනසාර හිමි සඳහන් කරන්නේ මේ බෞද්ධ සංකේත අවස්ථාවට උචිත ලෙස අමරාවතී කලාකරුවන් විසින් යොදා ඇති බවයි. (බලන්න, උන්වහන්සේ ලියූ බෞද්ධ ස්තූප කෘතිය 25 පිට) එපමණක් නොව උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ චෛත්‍ය ආයකයක් බඳු ස්තම්භ පහෙන් සිද්ධාර්ථ උත්තෝත්පත්තිය, මහාභිනිෂ්ක්‍රමණය, මහාසම්බෝධිය හෙවත් බුද්ධත්වය, මංගල ධර්මදේශනය හා මහාපරිනිර්වාණය නිරූපිත බවය. ස්තම්භ පහෙන් මැද ස්තම්භය තරමක් උස් නිසාත් ඉන් සම්බෝධිය සංකේතවත් කරන නිසාත් මේ මතය පිළිගැනීමට දුෂ්කර නැත.
අමරාවතී කැටයම් ඵලක වලින් බුද්ධ චරිතයේ අවස්ථා රැසක් නිරූපණය වේ. මහාභිනිෂ්ක්‍රමණය හා නේරංජනා ගංගාවෙන් එතෙරවීම, සුජාතාවගේ කිරිපිඬු දානය, බුද්ධත්වය, නන්ද කුමරු හා ජනපදකල්‍යාණිය, දම්සක්පැවතුම් සුතුර දෙසීම මහාපරිනිර්වාණය ආදිය ඒ අතර වෙයි. නාලාගිරි දමනය දැක්වෙන වෘත්තාකාර පනේල කැටයම ද ප්‍රසිද්ධය. ඊට හේතුව එහි දක්නට ලැඛෙන අඛණ්ඩකථන ශෛලියේ නිර්මාණය මනා සම්පිණ්ඩනයක් සහිතව දක්වා තිබීමයි. ඊට අමතරව මේ කැටයම් ඵලකවල ජාතක කතාවන්හි අවස්ථා යැයි අනුමාන කළහැකි නිර්මාණ ද පැරණි භාරතීය ගැමි දසුන් ද දැකිය හැකි වෙයි.
මෙවා අතරින් මහායාන යුගයට අයත් නිර්මාණවල ක්‍රියාශීලී මානව ඉරියව් ලාලිත්‍යාවන් ආදි ලක්ෂණ දක්නට ලැබේ. කැටයම් ඵලකවලට අමතරව අමරාවතී නටඹුන් අතර තිබී බුද්ධප්‍රතිමා කිහිපයක් ද හමුවී තිබේ. ක්‍රි.ව දෙවන හෝ තෙවන ශතකයන්ට අයත් මේවා කිරිගරුඬ හෝ ගල් මාධ්‍යයෙන් නිමවා තිබේ. මේ බුද්ධ ප්‍රතිමාවල ගන්ධාර හා මඵුරා කලා සම්ප්‍රදායන් දෙකේ ලක්ෂණ දක්නට ලැඛෙන නමුදු ඊට ආවේණික මාර්ගයක ගමන්කොට ඇත. උෂ්ණීෂය දැක්වීමේ දී උත්තර භාරතීය සම්ප්‍රදායෙන් මිදී ඇත. සාමාණයයෙන් කෙස් රොදක් ඉහළට එසැවී ඇති ආකාරයට සමානව එය දක්වා ඇතත් ගන්ධාර කලා සම්ප්‍රදායට වඩා වෙනස් ය. කෙස් කුණ්ඩලාකාරව දක්වා ඇත. සිවුර පොරවා ඇත්තේ ද ඒකාංශ කොට ය. රැළි සහිත මුත් ගන්ධාර රැලි තරම් රළු , ගැඹුරු නැත. ලාලිත්‍යයක් ද සියුම් බවක් ද දක්නට ලැබේ.
අමරාවතී ස්තූපය සංරක්ෂණය
ස්තූප සංරක්ෂණය ක්‍රි.ව. 1959දී පමණ ඉන්දීය පුරාවිද්‍යා දෙපාරතමේන්තුව මැදිහත් වීමෙන් අරඹන ලදී. ඊට පෙර මේ බිමෙහි කණිංහැම්, එලියට්, සැවෝයි, ලෝංහර්ස්ට්, රාමචන්ද්‍රන්, සුබ්‍රාමනියම් වැනි පුරාවිද්‍යාඥයෝ පර්යේෂණය කොට තිබුණි. 1958 සැප්තැම්බර් මස 23වන දා ආචාර්ය ආර්. සුබ්‍රමනියම් මහත්මා විසින් මතුකොටගත් ගල්පුවරුව (5×2 ප්‍රමාණයේ) ඇතැම්විට පර්යේෂණ කටයුතු සඳහා උත්තේජනයක් සපයන්නට ඇත. මන්දයත් ඒ ගල්පුවරුව ධාතු තැම්පත් කළ යන්ත්‍රගලකට සම එකක් වීම නිසා ස්තූපයේ මුඛ්‍ය පූජා වස්තුව සොයා ගැනීමට සමසේ ඔවුන් සිතන්නට ඇත. ස්තූපය ප්‍රතිසංස්කරණ සැලසුම සකස්කළේ ද ස්තූප බිමේ තිබී හමු වූ ගල්පුවරුවක තිබූ චෛත්‍යය අනුරුව අනුවය.
චෛත්‍යය ක්‍රි.පූ. 200දී ගොඩනැංවූ බිම දක්වා යෑමට පස් ස්ථර 3ක් ඉවත්කළයුතු වූ අතර ඉන්පසු ප්‍රකෘතිමත් කිරිම අරඹන ලදී. පුලුමායි රජුට අයත් ලිපියක් ද මෙහි තිබී හමු වී ඇත.
අමරාවතී බුදුපිළිම
අමරාවතී කලා සම්ප්‍රදාය අනුව කළ බුද්ධ ප්‍රතිමාවන් ය. මේ සම්ප්‍රදායේ පිළිම අතර බොහෝ සෙයින් දක්නට ලැඛෙන්නේ හිටි පිළිමයි. එක් උරයක් පමණක් වැසූ බුදුපිළිම බොහෝ සේ දක්නට ලැබුණත් දෙවුරම වැසූ බුදුපිළිම දක්නට ලැඛෙන්නේ සුළු වශයෙනි. ලාලිත්‍යවත් ශරීර ස්වභාවය තිවංක ලක්ෂණ ආදිය බහුල ය.
අමරු කවියා
ශුංගාරාත්මක කවි රචනා කළ ඉන්දීය කවියෙකි. සත්වන සියවස මැද දී ජීවත් වූ අයෙකි.
අමාත්‍ය
පරිපාලනයේ දී රජුට සහය වන්නා. විවිධ විෂයයන් සඳහා වෙන් වෙන් වශයෙන් අමාත්‍යවරුන් පත් කොට සිට ඇත. අශෝක සමයේ සිටි ධර්ම මහාමාත්‍යවරු උදාහරණයකි. මෙය සිවිල්(අභ්‍යන්තර) ආණ්ඩුකරුවන්ගේ නිල නාමයක් වශයෙන් ගුප්ත යුග‌යේ නිතර භාවිත වී ඇත.
අමිතාභ
මහායාන බුදුසමයෙහි ඉගැන්වෙන පස් බුදුවරුන් අතරින් කෙනෙකි. පස් බුදුවරුන් අතර ශ්‍රේෂ්ඨතමයා ද මුන් වහන්සේ යැයි පිළිගැනෙයි. අමිද යන නමින්ද තැනෙක දැක්වේ. අමිත අමිතයුෂ් ආදි නම්වලින් ද හැඳින්වෙන්නේ මුන් වහන්සේට යැයි seeker’s Glossery of buddhism කෘතිය කියයි. ධ-ම්-ට ඕ-ෆෝ යනුවෙන් චීන බසින් ද ජපානයේ අමිද යන නාමයෙන්ද වියට්නාමයේදී අදි දේ නමින් ද අමිතාභ බුදු රදුන් වන්දනාවට ලක්වේ. අමිතාභ යන්නේහි සංස්කෘති අරුත වෙන්නේ අපරිමිත වු ආලෝකය යන්නයි. අමිතයුෂ් යන්නෙන් අනන්ත වු ජීවනය අර්ථවත් කෙරේ. (ඉහත මුලාශ‍්‍රය ම) ක්‍රි.ව. 7 වන සියවසේදී පමණ චීනයේදී ශාක්‍යමුනි බුද්ධ හා මෛත‍්‍රීය බුද්ධ යන සංකල්ප දෙක වෙනුවට අමිතාභ සංකල්පය ආදේශ විය. අමිතාභ බුද්ධ සංකල්පය හා බැඳි බෝධිසත්ත්ව සංකල්ප දෙකක් ද පවතී. ඒ මහාස්තාමප්‍රාජත හා අවලෝකිකේශ්වර හා බෝධිසත්වය සංකල්ප දෙකයි. මහායානික සූත්‍ර ගණනාවකට අමිතාභ බුදුන් වහන්සේ විශේෂ වශයෙන් වර්ණනා කොට මතුකර දක්වා ඇත. ඉන්දියාවේ නාගර්ජුන (2-3 සියවස) හා වසුබන්දු (5-6 සියවස්) යන ප්‍රමුඛ බුද්ධිමතුන් දෙදෙනා ද අම්තාභ බුදුරදුන්ගේ දර්ශනය විශ්වාස කළහ. චීනය සහ ජපානයේ පවතින විශ්වාසයට අනුව අමිතාභ බුදුරදුන් වනාහි පරමවූ සත්‍යයත් මානව වර්ගයාත් අතර අතරමැදියා වන්නේය. (ඉහත මූලාශ‍්‍රයම) ඊට අමතරව මහායානික විශ්වාසයක් වන්නේ අමිතාභ බුදුන් ඇදහීම්, උන්වහන්සේගේ දර්ශනය විශ්වාස කිරිම වනාහි උන්වහන්සේගේ රාජධානිය (වාසභුමිය) වශයෙන් සැලකෙන සුඛාවතී නම් පාරාදීසයේ උත්පත්තිය ලැබීමට තරම් වන බවයි. අමිතාභ බුදුන්ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී අවලෝකිතේශ්වර සහ මහා ස්තාභප්‍රාජන බෝධිසත්ව රූප දෙකට මැදිකොට නිර්මාණය කෙරේ. සුභාවතී ව්‍යුහ අම්තායුර්ධ්‍යාන, අපරිමිතා යුෂ ආදි සූත්‍රවල ද සද්ධර්ම පුණධරික ග්‍රන්ථයේ ද අම්තාභ බුදුන් පිළිබඳ දැක්වේ. ඊට අනුව අම්තාභ නමින් බුද්ධත්වයට පත්වුයේ ධර්මාකර නම් භික්ෂූන් වහන්සේ නමකි. සුභවති දේවලොව නිර්මාණය කළේ ද එසේ බුදුවූ අමිතාභ බුදුන් වහන්සේය. උන්වහන්සේගේ මානුෂීය බුද්ධ ස්වරූපය ගෞතම බුද්ධ ලෙස පිළිගැනෙයි. මුද්‍රාව ධ්‍යාන මුද්‍රාවයි. පාත්‍රය සංකේතයයි. වාහනය ලෙස මයුරන් දෙදෙනෙක් වෙයි. පැහැයෙන් රතු ය. මූලධාතුව ජලයයි. ස්ත‍්‍රී ශක්තිය වන්නේ පාණ්ඩරා නොහොත් සිතාය. උන්වහන්සේ හා ආශ‍්‍රති ක්‍රෝධ රාක්ෂයෝ වන්නේ භය ග්‍රීව, කෝද, අවලෝකිත පීත භ‍්‍රැකුටි සහ කුරුකුල්ලාය. අමිතාභ බුදුරුව ස්ත‍්‍රී ශක්තිය ද සමඟ දැක්වෙන අවස්ථාවල උන්වහන්සේ හිසෙහි ඔටුන්නක් පැළඳ සිටින අයුරින් දක්වා ඇත. චීනයේ ඇතැම් පළාත්වල උන්වහ්නේසේගේ රූප අසාමාන්‍ය ලෙස දික්වූ අත් සහිත දක්වා ඇත. ඒවා චියෙන් යින් -පෝ නමින් හඳුන්වති. එහි අරුථ දෙව්ලොවට මඟ පෙන්වන බුදුන් යන්නයි. ජපානයේ ඇතැම් තැනෙක ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුතුව ද අමිතාභ රුව දැක්වේ. අමිතා යුෂ් ස්වරූපයේ ප්‍රතිමාවල ආභරණ දහතුනක් වෙයි. ධ්‍යාන මුද්‍රණය යුතු අත් මත ඇටමාල හතරකි. සැරසු අමෘත කලයකි. ඉන් නැගෙන අශෝක පැළයකි. හිස කෙස් උරහිසට තරම් දිගය. හෙලමාල, පූජාධජ හා මාර්ගගතහ ස්ථානවල ද මේ ස්වරූපයේ අමිතා යුෂ් රූප ඇති අතර එය බොහෝ විට මඤ්ජු ශ‍්‍රී හා වජ‍්‍රපාණි බෝධිසත්වයෝ පිරිවරා සිටින අයුරින් දැක්වේ.
අමිතෝදන
සුද්ධෝදන රජුගේ සොයුරා ය.
අමිත්‍රඝාත
බින්දුසාර රජුට යෙදුණු අන්වර්ත නාමයකි.
අමිලානෝ
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් ගම්මානයකි.
අමෘතය
දෙවියන්ගේ පානය යැයි සාහිත්‍ය කෘතිවල සඳහන් වන සංකප්ලීය ද්‍රවයකි. එය පානය කිරීමෙන් මළවුන්ට පවා පණ ලැබෙතැ’යි සුමංගල ශබ්ද කෝෂයේ සඳහන් වේ. සුනන්ද මහේන්ද්‍ර මහත් දක්වන්නේ ඒය පානය කිරීමෙන් අමරණීය වන බව යි. ක්ෂීර සාගරය කැළඹීමේ දී හමුවූ වස්තුවක් වශයෙන් මෙය හැඳින්වේ. බටහිර සාහිත්‍යයේ Ambrosia නමින් දක්වා ඇත්තේ ද අමෘතය ම යැයි විශ්වාස කරයි.
අමෝඝවජ්‍ර
අටවන සියවස මුල දී ධර්මප්‍රචාරය පිණිස චීනයට ගිය ඉන්දීය භික්ෂුන්වහන්සේ නමකි. මන්ත්‍රයාන නම් මහායාන ධර්මය චීනයේ පතුරුවාහැරියේ මේ හිමියන් සහ උන්වහන්සේගේ ආචාර්යවරයා වූ වජ්‍රබෝධි හිමියන් විසිනි.
අමෝඝවර්ෂ I
මාන්‍යඛේතයේ රාෂ්ට්‍රකූට පරපුරේ තුන්වන ගෝවින්ද රජුගේ පුත්‍රයා ය. 13වැනි වියේ දී රාජ්‍යත්වයට පත් වූ හේ දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ සිටියේ ය.
අමෝඝවර්ෂ II
මාන්‍යඛේතයේ රාෂ්ට්‍රකූට පරපුරේ පාලකයෙකි. දක්ෂ පාලකයෙකු නොවීය. බලයට පත්වූයේ වයෝවෘද්ධ අවදියේ දී ය. තෙවසරක් බලයේ සිටි අතර ඒ කලයේ දී රාජ්‍ය පාලන කටයුතු ඔහුගේ පුතුන් විසින් සිදුකරන ලදී.
අමෝඝවුත්ති
රාෂ්ට‍්‍රකූට පාලන සමයේ සිටි සකස්යායන නම් සාහිත්‍යධරයාගේ කෘතියකි.
අමෝහිනී ආයගපට්ට
මථුරා කලාවෙන් නිර්මිත ජෛන මූර්තියකි.
අම්බපාලී
වේසාලි හෙවත් විසාලා මහනුවර ලිච්ඡවීන්ගේ අඹ උයන ද ඒ උද්‍යානයේ දී උපන් දැරියක ද මේ නමින් හඳුන්වා ඇත. ඇයගේ මාපියන් ගැන නොදන්නා නිසා ඇය ඕපපාතිකව උපන්නේ යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. රූප ශෝභාවෙන් අගතැන්පත් ඇය හිමි කරගැනීමට බොහෝ රජදරුවන් අතර අරගල ඇතිවූයෙන් අවසානයේ ඔවුන්ගේ ආශාවන් සතපවනු පිණිස නගරශෝභිනියක වීමට ඇයට සිදුවිය. නමුත් ඇය අවසානයේ බුදුදහමෙහි ඇති සැනසීම දැක භික්ෂුණියක බවට පත්වූවා ය.
අම්බලට්ටිකා
රජගහනුවරත් නාලන්දාවත් අතර පිහිටි රාජ්‍යෝද්‍යානයකි. මේ නමින් බමුණු ගමක් ද වී ඇත. අනුරාධපුරයේ ලෝවාමහපායට නැගෙනහිරින් වූ ස්ථානයක් ද මේ නමින් හඳුන්වා ඇත.
අම්බලා
නැගෙනහිර පංජාබයේ දිස්ත්‍රික්කයක් හා එහි ප්‍රධාන නගරය මේ නමින් හැඳින්වේ.
අම්බසණ්ඩා
මගධයේ රජගහනුවරට නැගෙනහිරින් පිහිටි බමුණු ගමකි.
අම්බෙඩ්කාර්, බී.ආර්.
(භීම්රාවෝ රාමජි අම්බෙඩ්කාර්) ඉන්දියාවේ හරි ජනයාගේ අසහාය නායකයා වශයෙන් පිළිගත් අතිශය බුද්ධිමතෙකි. හේ හරිජනයෙකු වශයෙන් ඉපිද අනන්ත බාධක දුක් කම්කටොළු මධ්‍යයේ ඉතා උසස් අධ්‍යාපනයක් ලබා, ඇමරිකා එක්සත් ජනපදයේ ද, මහා බ්‍රිතාන්‍යයේ ද උසස් අධ්‍යාපනය නිම කර යළි ඉන්දියාවට පැමිණ දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ විය. 1950 වර්ෂයේ දී කොළඹ දී පැවතී බෞද්ධ මහා සම්මේලනයේ කැපී පෙනුණු චරිතයක් වූ මෙතුමා 1956 බුද්ධ ජයන්ති අවස්ථාවේ දෙලක්ෂයක් හරිජනයා සමග බුදුදහම වැළඳ ගත්තේ ය.
අයක
ප්‍රදේශ නාමයකි.(උතුරු මහාරාශ්ට්‍රයට අයත්විය හැක)
අයජ්වන්
බිලිපූජා නොපවත්වන යන අරුත ඇති වෛදික වදනකි. වෛදික ආර්යයන් මේ නමින් හඳුන්වන්නට ඇත්තේ ඉන්දුනිම්න වැසියන් වියයුතු ය.
අයස්
ලෝහ වර්ගයකි(ඍග් වෛදික)
අයිඕසි
ටොලමිගේ කෘතියේ සඳහන් වන පුද්ගල නාමයකි. දකුණු ඉන්දීය පාලකයෙකි.
අයින්ගුරුනුරු
ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි.
අයිල
චන්ද්‍රවංශිකයන්ගේ ආදීතමයා සේ පිළිගැනෙන ඉලා
අයිහෝල් සෙල්ලිපිය
චාලූක්‍ය වංශයේ පළමු පුලකේශීන්ගේ (ක්‍රි. ව.543 - 566) ජයග්‍රහණ පිළිබඳව කියැවෙන ප්‍රධාන මූලාශ්‍රය යි. දෙවන පුලකේශීන් විසින් පිහිටුවා ඇත. හර්ෂවර්ධන රජුට විරුද්ධව ලාට, මාල්වා, ගුර්ජර යන ප්‍රදේශ පාලකයෝ චාලුක්‍යයන් හා සන්ධානගත වු බව ද එහි සඳහන් වේ.
අයිහෝල්/අයිහෝළේ
හින්දු ආගමට හා ජෛන ආගමට අයත් පැරණි ගොඩනැගිලි රාශියක් දක්නට ඇති ගම්මානයකි. ඉන්දියාවේ බිජාපූර් දිස්ත්‍රික්කයට අයත් ධාර්වාර් ප්‍රදේශයෙහි පිහිටා ඇත. ක්‍රි.ව.550 - 750 කාලයේ බටහිර චාලූක්‍යයන්ගේ ප්‍රධාන නගරයකි. ප්‍රධාන ගමනාගමන මාර්ගයන්ගෙන් ඈත් ව පිහිටි අයිහෝළේ ඇති, සැත්තෑවක් පමණ වන පෞරාණික හා ආගමික ගොඩනැගිලි අතරින් තිහක් පමණ ඇත්තේ විශාල ප්‍රාකාරයකින් වටවූ පෙදෙසක ය. මෙම සියලූ ගොඩනැගිලි පසුකාලීන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ජරාවාස වී ඇති අතර ඒ්වායේ පැරණි නම් ද වෙනස් කර ඇත. සත්වැනි සියවසේ මැද කාලයේ කරවන ලද්දා වූ ලෙන් ආරාම දෙකක් ද මෙම ප්‍රදේශයේ වෙයි. ඒ්වා බ්‍රාහ්මණ හා ජෛන ආගමට අයත් ය. සුප්‍රසිද්ධ ලාඩ්කාන්, මෙගුටි, කොන්ත්ගුඩ්, දුර්ගා වැනි මන්දිර පිහිටා ඇත්තේ ද අයිහෝළේ ය. චාලූක්‍ය සම්ප්‍රදායට අයත් මෙම ගොඩනැගිලිවල වැදගත්කම වන්නේ භාරතීය ගෘහනිර්මාණ ශිල්පයේ ක්‍රමික විකාසය පිළිබඳ තොරතුරු මේ මගින් ගවේෂණය කළහැකි වීමයි. අයිහෝළේ දෙව්මැදුරු සියල්ලක් ම වාගේ වෛෂ්ණව(විෂ්ණු) ශෛව(ශිව) හා ජෛන(ජින) ප්‍රතිමාවන්ගෙන් හා නොයෙකුත් දේව කතා නිරූපණය කෙරෙන ගල් කැටයම්වලින් යුක්ත ය. මේවා ගල් කැටයම්, ලියවැල් මෝස්තර, ඝණ රූප ආදී ලෙස දැකිය හැකිය. ගුප්ත යුගයේ විශිෂ්ටතම නිර්මාණ සේ සැලකෙන සාරානාථ මූර්ති ලක්ෂණ සහ ආන්ද්‍ර හා පල්ලව කලා ලක්ෂණ ද අයිහෝළේ මූර්ති හා කැටයම්වලින් පිළිබිඹු වෙයි. (සිංහල විශ්වකෝෂය 2වන කාණ්ඩය 7,8 පිටු)
අයුක්ත
ආයුක්තක වශයෙන් ද දැක්වේ. නිල නාමයකි. වැඩි වශයෙන් ම භාවිත වී ඇත්තේ මෞර්ය යුගයේ දී ය. එම යුගයේ දී පාලනයට සහය වූ රජුක, රටික, ප්‍රාදේශික, යුක්ත, පුලිස, ප්‍රතිවේදක, වචභූමික, ලිපිකාර, දූත, ආයුක්තක ආදී නිළධාරීන් පිරිසක් ද වූහ.
අයුක්තක
හර්ෂවර්ධන රාජ්‍ය සමයේ රාජ්‍ය නිළධාරී නාමයකි.
අයුතියා
අයුධ්‍යාවයි. තායිලන්තයේ (පුරාණ සියම් දේශය) පැරණි අගනුවරයි. අයුධ්‍යා යටතේ බලන්න
අයුධ්‍යා/අයුතියා
තායිලන්තයේ (පුරාණ සියම් දේශය) පැරණි අගනුවරයි. සිජොන් තේජන් නමින් සියම් වැසියෝ හඳුවන්නේ ද මෙම ප්‍රදේශයම ය. විශාලත්වය ව. සැ. 976ක් පමණ වේ. 1350දී පමණ අයුධ්‍යාව සියම් දේශයේ අග නගරය වූ පසු රාජානුග්‍රහය ඇතිව එහි බෞද්ධාගමික කලා ශිල්ප වර්ධනය විය. 1767 දී බුරුම ආක්‍රමණයෙන් කලාකෘති හා ගොඩනැගිලි රාශියක් විනාශ වුව ද ඒවායේ නටබුන් අද ද දැකගත හැකිය. ක්‍රි.ව. 1350-1369 කාලයේ මේ නගරය ගොඩනැංවූ රාමාධිපති හෙවත් රාමතිබොදි රජු නගරය මැටි පවුරකින් වට කළ අතර ඒ තුළ හා අවට දාරුමය (දැව) ගොඩනැගිලි කරවන ලදී. 1549දී රජ වූ චක්‍රපත් රජු නගරය වටා ගඩොල් පවුරක් ඉදිකළේ ය. අයුධ්‍යා නටබුන් අතර ශ්‍රී සරපෙත් විහාරයේ නටබුන් විශේෂ වේ. සිංහල හා බුරුම ගෘහනිර්මාණ ලක්‍ෂණ වල සම්මිශ‍්‍රණයක් දැකියහැකි වීම එම විශේෂත්වයට හේතුවයි. මෙම විහාරයේ ස්ථුප වල පේසා වළලූ සහ ගර්භය ලංකාවේ දාගැබ් අනුකරණය කර තනා ඇති වග පෙනේ. විහාරයේ සුවිසල් ම දාගැබ දෙවන රාමාතිබොදි රජු විසින් සිය පියාණන්ගේ හා වැඩිමල් සොයුරාගේ භෂ්මාවශේෂ තැම්පත්කොට 1491 දී නිමකර ඇති වග පිළිගැනීම යි. සිංහල ථූප ක්‍රමයට දාගැබ් ගොඩනැගීම දෙවන රාමාතිබොදි රජ සමයේ දී වඩාත් ප්‍රචලිත වුව ද ලංකාවේ හා තායිලන්තයේ මෙම දාගැබ් අතර හඳුනාගතහැකි වෙනස්කම් ද පවතී. ඉතා උස් කොත් කැරුල්ලත් , භර්මිකා (කොත් කැරුල්ලේ වළලු) හා ඡත්‍ර පාදය හමුවන ස්ථානය වටා කෙටි කුළුණු පෙළක් පිහිටීම ත් මෙසේ හඳුනාගත හැකි ආකාරයේ වෙනස්කම් ය. 15වන සියවසේ පමණ පටන් ඉදි වූ අයුධ්‍යා ගොඩනැගිලි බොහොමයක් ශෛලියෙන් වඩාත් සමීප වන්නේ ක්මේර් (කාම්බෝජ) ගෘහනිර්මාණ ශිල්පයට ය. අයුධ්‍යාවට අයත් ලොජබූරි හි නටබුන්වලින් ඒ වග සනාථ වෙයි. සියම් මූර්ති කලාව උසස් දියුණුවක් ලැබුයේ ද අයුධ්‍යා රාජධානි සමයේදී ය. මුලදී ථේරවාදී බුදු සමය ප්‍රචලිතව පැවතිය ද පසුකාලීනව මහායාන බුදු සමය වඩාත් ප්‍රචලිත වූයෙන් මහජන වන්දනාමානය පිණිස බුද්ධ ප්‍රතිමා හා දේව ප්‍රතිමා ඉදිකරන ලදී. ශ්‍රී සරපෙත් විහාරය අසල ඇති වැඩ සිටින බුදුරුව ප්‍රා මංගල පබිත්‍ර නමින් හැඳින්වෙයි. ලෝකඩ මාධ්‍යයෙන් අඩි 50ක් උසින් යුතුව නිමවා ඇත. 1767දී බුරුම ආක්‍රමණ හේතුවෙන් විනාශ වී ගිය නිසා කැබලි වශයෙන් බැංකොක්හි වට්ජෙතුපොන් චෛත්‍යයේ තැම්පත් කළේ දෙවැනි රාමාතිබෝධි රජු විසින් කරවා රන්තහඩු වලින් ආවරණය කරන ලද බුද්ධ ප්‍රතිමාවකි. බෞද්ධාගමික විහාරාරාම නටබුන් හා කලාකෘතිවලට අමතරව තායිලන්තයෙන් හින්දු සමයට අයත් ශිව හා විෂ්ණු දේව ප්‍රතිමා ද හමු වී ඇත. ඒවා දැනට බැංකොක්හි ජාතික කෞතුකාගාරයේ සහ ලන්ඩන් නුවර වික්ටෝරියා ඇල්බට් කෞතුකාගාරයේ තැම්පත්කර ඇත. අයුධ්‍යා ගොඩනැගිලි සැරසිලි අතර ශෛලමය කැටයම් සුලභ වේ. කාම්භෝජ මූර්ති ශෛලීන් අනුගමනය කර ඇති මෙම මූර්ති අතර ප්‍රාජෙදි විහාරයේ පිට බිත්තියක නිමවා ඇති බුද්ධශ‍්‍රාවකයන් සත්දෙනෙකු නිරූපණය කෙරෙන කැටයම අග්‍රගණ්‍ය වෙයි.
අයෝධ්‍යා
ඉන්දියාවේ පැරණි නගරයකි. උත්තර කෝසල ජනපදයේ පැරණිම අගනුවරයි. එක්සත් ප්‍රාන්තයේ ගෝග්‍රා හෙවත් සරයු ගඟබඩ පිහිටා ඇත. හින්දුවරුන්ගේ ප්‍රධාන ශුද්ධස්ථාන 7න් එකක් යුධකොට යටත්කොටගත නොහැකි පුරය යන අරුතින් අයෝධ්‍යා යන නාමය ලබාදී ඇත. විනීතා යනුවෙන් හින්දුන් හැඳින්වූයේ ද ෂචේ (sha-che)යනුවෙන් ෆාහියන් හිමි හැඳින්වූයේ ද (සිං. වි. කෝෂයේ II වන කාණ්ඩයේ අයෝධ්‍යා යටතේ බලන්න. ටොලමි විසින් සොගෙඩා(sogeda) යනුවෙන් හැඳින්වූයේ ද (ඉහත මූලාශ‍්‍රය ම බලන්න) මේ නගරයමැ’යි විශ්වාස කෙරෙයි. එහෙත් මහාචාර්ය විමල්.ජී. බලගල්ල මහතාට අනුව ෆාහියන් හිමි ෂචේ යනුවෙන් හැඳින්වූයේ සාකේත නුවරයි. (බලගල්ල විමල් .ජී. 1999. 61 පිටුව සහ 122 පිටුව) පූජාවලියේ ද අයෝධ්‍යාව පිළිබඳව සඳහන් වෙයි. (පූජාවලිය ඤාණවිමල සංස්කරණය 2002. 108 පිටුව) ඉක්ෂ්වාකු භූමි, රාමපූරි, කෝසල ආදී නම්වලින් ද මෙම නගරය හැඳින් වුණු වග සිංහල විශ්වකෝෂය කියයි. රාමායනයට අනුව එකල ෆයිසාබාද් නගරයේ උප නුවරක් වූ අයෝධ්‍යාව කොසොල් රටේ (වත්මන් අවුද් ප්‍රදේශය) අගනුවර වී ඇත. අයෝධ්‍යාවේ බෞද්ධ මෙන්ම දේවාගමික මධ්‍යස්ථාන ද පැවතී ඇත. නටබුන් බවට පත් වූ ගොඩනැගිලිවලට අයත් ප්‍රතිමා සහ කැටයම් කළ කුළුණු ආදිය මේ ප්‍රදේශයේ පුරාණ ශ‍්‍රී විභූතිය පිළිබඳව නිහඬ සාධක සපයයි. මුස්ලිම් පල්ලි හා ජෛන විහාර අද පවා විද්‍යමාන ය.
අයෝධ්‍යා සෙල්ලිපිය
ධනදේවගේ ය. පුෂ්‍යමිත්‍ර රජු අශ්වමේධ යාග දෙකක් කළබව එහි සඳහන් වේ.
අරකන්/අරාකාන්
බුරුමයේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇත. (බෙංගාල බොක්කෙහි වෙරළබඩ) ගෘහ කර්මාන්ත ලෙස රෙදි විවීම හා වේවැල් භාණ්ඩ සෑදීම සිදුකෙරේ. රක්ඛංග, රඛයිංජයි (රාක්‍ෂයින්ගේ රට) යන නම්වලින් ඔවුන්ගේ ම වංශ කතාවල හඳුන්වා ඇත. ක්‍රි.ව. 1531-1553 කාලයේ අරකනයේ රජ පත් ‘මින් බින්’ රජු ෂත්තවුන්, දුක්කථෙයින්, ලෙම්යෙථන, ෂ්මේඩවුං සහ අණ්ඩවු යන නම්වලින් යුතුව චෛත්‍ය 5ක් ඉදි කළේ ය. අණ්ඩවු චෛත්‍යයේ නිදන් කළේ ලංකාවෙන් ලත් දළදාවක් බව ද කියැවේ. ලක්දිව රජවරු ද අරකන් හෙවත් රක්ඛංග දේශය සමග සෘජු හා සමීප සබඳතා පවත්වා ඇති වග පෙනෙයි. පළමුවැනි විමලධර්මසූරිය රජු ලංකාවේ උපසම්පදාව යළි පිහිටුවීමට උපකාර ඉල්ලා සිටියේ රක්ඛංග දේශයෙනි. (ම.ව.94 පරි. 15 ගාථාව) දෙවන විමලධර්මසූරිය රජු රක්ඛංග දේශය සමඟ සෘජු සබඳතා පවත්වා ඇත. (ම.ව.97 පරි. 9 ගාථාව) ක්‍රි.ව.1785 දී බුරුමයේ බොදෙව්පායා රජු අරකනය ආක්‍රමණය කර එහි රජු වු පමද රජු සිංහාසනයෙන් නෙරපා මහාමුනි ප්‍රතිමාව ද රැගෙන ගිය වග ද කියැවේ.
අරකන්යොමා කඳු
බටහිර බුරුමයට අයත්ව, ඉන්දියාවේ නැගෙනහිර දෙසින් ඇති කඳු පන්තියකි.
අරගු
සංගම් යුගයේ දකුණු ඉන්දියාවේ සිවිල් පාලනය භාරව සිටි වෙළ්ළාලර්වරුන්ට චෝළ දේශයේ ලබාදුන් නම.
අරවල්ලි කඳු
සබර්මතී නදියට ආසන්නව රාජස්ථානයේ පිහිටා ඇති කඳුවැටියකි. ශේෂ කඳුපන්තියකි. තිරුවානා හා පතුරු පාෂාණවලින් යුතු බහිශ් පාෂාණ මෙහි පාෂාණ සංයුතියේ ප්‍රධාන කොටසයි. ගෞතමීපුත්‍ර රජු මේ ප්‍රදේශය ද සිය රාජධානියට ඈඳා ගත්තේය. මෙය ආරක්ෂක මධ්‍යස්ථානයක් සේ විවිධ අවස්ථාවල දී භාවිත වී ඇත. මූගල් සමයේ ඉන්දියාවේ දිල්ලි සුල්තාන්වැරයා වූ අලා-උද්-දීන් චිතෝර් බලකොටුව වටලා සිටි අවස්ථාවේ ඉන් පළා ගිය රාජ්පුත්වරු අරවල්ලි කඳුඅතර සැඟවී ෂතුරුට එරෙහිව ගරිල්ලා සටන් ඇරඹූ බව ඉතිහාස කෘතිවල සඳහන් වේ. අක්බාර් රජුගේ බල ව්‍යාප්තියේ දී ඔහුගේ හමුදා චිතෝර් බලකොටුවට පහර දුන් අතර චිතෝර් බලකොටුවේ සිටි උදයසිං පළාගොස් සැඟවුණේ අරවල්ලි කඳුප්‍රදේශයේය.මූගල් පාලක ඖරංසෙබ් අධිරාජයා විසින් පැනවූ ජිශ්‍යා නම් බද්දට විරුද්ධව ඉන්දියානුවන් මෙහෙය වූ කැරැල්ලට නායකත්වය දුන් මේවාර්හි රාජ්සිං මූගල්වරුන්ට පහර දුන්නේ ද අරවල්ලි කඳුඅතර හි`දිමිනි.
අරිකමේඩු
අග්නිදිග ඉන්දියාවේ පොන්ඩිචෙරි නගරයට සැතපුම් දෙකක් පමණ දකුණෙන් කොරමැණ්ඩල් වෙරළාශ්‍රිතව ඇති ‌ඓතිහාසික නගරයකි.
අරිට්ට
කුවේරගේ යක්‍ෂ සේනාව මෙහෙයවන යක්‍ෂ සෙන්පතියෙකි. /යක්‍ෂරාෂ්ටි‍කයෙකි./ යක්රැටියෙකි.
අරියපර්යේෂණ
බෞද්ධ සූත්‍රයකි.
අරිසිංහ
ගුජරාටි ලේඛකයෙකි. ’සුක්රිත සංකීර්තන’ ඔහුගේ කෘතියකි
අරිහන්ත
විමුක්තියට බාධාවන සියලු බැඳීම්වලින් මිදුණු සංසාර සාගරය තරණය කළ අය යි. සිද්ධ නමින් ද හැඳින්වේ.
අරුණාෂ්ව
හර්ෂවර්ධන අධිරාජයාගෙන් පසු කනෞජයේ බලවත් වූ අමාත්‍යයෙකු යැයි සිතිය හැක. යොන්-හ්‍යුන්-ත්සේගේ වාර්තාවල මේ නම ඔ-ල-න-ෂුන් (අ-ග-න-සුෂන්) වශයෙන් දක්වා තිබේ. එහි ඉන්දීය ස්වරූපය අරුණාෂ්ව හෝ අර්ජුන යන්නට සමාන විය හැක.
අර්ජුන
මහා භාරතයේ සඳහන් වන පංච පාණ්ඩවයන්ගෙන් තෙවැන්නා වේ. යුධ වීරයෙකු මෙන් ම දක්ෂ ධනුද්ධරයෙකු ද විය. හර්ෂ රජු‍ගේ මරණයත් සමග බලවත් වූ අමාත්‍යවරයෙක් ද මේ නමින් හැඳින්‌වේ. චීන වාර්තා අනුව මේ අමාත්‍යයා හර්ෂ රජු අපේක්ෂාවෙන් ඉන්දියාවට ආ චීන තානාපතිවරුන්ට බාධා ඇතිකළෙන් ටිබෙට් හා නේපාල ආධාර ඇතිව ඔහුව අල්ලාගෙන චීනයට රැගෙන ගොස් ඇත.
අර්ජුනාගනානාම්ජයා
අර්ජුනාගවරු නිකුත් කළ කාසිවල සඳහන් නාමයකි.
අර්ජුනායන
අර්ජුන නමැති පාණ්ඩ්‍ය කුමාරයාගෙන් හෝ අර්ජුන නමැති හයිහය රජුගෙන් පැවත එන පිරිසක් යැයි අනුමාන කෙරේ. ඔවුන් අග්‍රා හා මථුරාවට බටහිරින් පිහිටි ප්‍රදේශයත් රාජපුතානාවේ අල්වාර් හා භරත්පුත් ප්‍රදේශයේත් පාලන කටයුතු සිදුකළ ගෝත්‍රික පිරිසකි. ‘අර්ජුනායනානාම්ජයා’ යනුවෙන් සඳහන් කාසි මේ රජවරුන් විසින් නිකුත්කරන ලදුව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. වරාහමිහිර සඳහන් කරන්නේ ක්‍රි.ව.6වන සියවස වනවිට උතුරු ඉන්දියාවේ පසු ජන කණ්ඩායම් අතර අර්ජුනායනවරු ඉතා වැදගත් ජන කොටසක් බවයි. ක්‍රි.පූ.1වන සියවස මැදදී ඉන්දු ග්‍රීකයන් දුර්වලවීමත් සමග නැගී සිටි අර්ජුනායනවරු ඒ සියවස අග සක බලයට නතු වූහ. කුෂාණ පරිහානිය සමග යළි බලවත් වූ අර්ජුනායනවරු ක්‍රි.ව.4වන සියවස මැද දී ගුප්ත බලයට නතුවූහ.
අර්ථ ශාස්ත්‍රය
කෞටිල්‍ය හෙවත් චානක්‍ය නම් බ්‍රාහ්මණයාගේ කෘතියකි. චන්ද්‍රගුප්ත මෞර්ය රාජසභාවේ පුරෝහිත තනතුර හෙබවූ හෙතෙම විෂ්ණුගුප්ත ලෙස ද හැඳින්වේ. මොහුගේ මෙම කෘතිය මෞර්ය අධිරාජ්‍යයේ මුල් යුගය පිළිබඳ කරුණු සෙවීමට ඇති මුඛ්‍ය මූලාශ‍්‍රයක් සේ පිළිගැනේ. මෙය දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍ර ක්‍රමවත් කිරීම අරමුණු කරගනිමින් ලියැවී ඇත.
අර්ථ
හින්දූන්ගේ ජීවිතයේ අරමුණු හතරකි. ඉන් එකක් වන්නේ මේ අර්ථ හෙවත් සෞභාග්‍යය යි. (අනෙක් අරමුණු නම් ධර්ම, කාම සහ මෝක්ෂ වේ.)
අර්ථතම
මිටෑනියන් පාලකයෙකි. මේ නම ඉන්දීය ආර්ය නාමයන්ට සමීප එකකි.
අර්ධද්වීපික ඉන්දියාව
මහා සානුවයි. ඒ යටතේ බලන්න.
අර්ධද්වීපික ඉන්දියාව
ඉන්දියාවේ දකුණු කොටසයි. වින්ද්‍යා කඳුවලින් දකුණේ කොටස මේ නමින් හඳුන්වයි.
අර්ධනාරිශ්වර
ශිව දෙවියන්ගේ මූර්තියකි. දකුණු ඉන්දියාවේ වන්දනාවට පාත්‍ර වූ හින්දු දෙවිවරයෙකි. එමෙන් ම ශිවගේ නිරූපණ විධියකි. ගුප්ත යුගයේ ප්‍රකට වූවකි. ශරීරයේ අඩක් ස්ත්‍රියකගේ ආකාරයෙන් හා අඩක් පුරුෂයෙකුගේ ආකාරයෙන් නිරූපණය කිරීම මෙහි සම්ප්‍රදායයි.
අර්ධමාගධී
මධ්‍යතන යුගයේ ඉන්දු ආර්ය භාෂා අතරින් පැරණි ම භාෂාව යි. ජෛන ග්‍රන්ථයන් සඳහා බහුලව යොදාගෙන ඇත්තේ මේ භාෂාව යි.
අර්නස්ට් මැකේ
ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
අලකා
කුවේරයාගේ නිවාසස්ථානය යි. සියලු සම්පත්තීන් උපදින්නේ මෙහි යැයි විශ්වාසයේ පවතී. මන්දාකිණි නදිය මේ නගරය මධ්‍යයෙන් ගලා යන අතර, ඍතු හය ම එකවර සක්‍රිය ව පවතී. යක්ෂාධිපතියෝ ද, කින්නරයෝ ද, යක්ෂාධිපතීහු ද මෙහි වාසය කරන අතර, කල්ප වෘක්ෂයන්ගෙන් ලබාගන්නා මධුව පානය කරමින් ඔවුහූ සුඛෝපභෝගී ජීවිත ගතකරති.
අලම්පූර්
හයිදරාබාද් ප්‍රදේශයේ තුංගභද්‍ර නදී ආසන්නයේ ගම්මානයක් හා දෙවොලක් මේ නමින් හැඳින්වේ.
අලසන්දා
ඇලෙක්සැන්ඩ්‍රියාව. (කාබුල් ප්‍රදේශයේ පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියාව)
අලහබාද්
නගරයකි. ගංගා යමුනා නදීන් එක්වන්නේ මෙම නගරයේ දී ය. හින්දූන්ගේ පූජනීය නගරයකි.
අලහබාද් ප්‍රශස්තිය
සමුද්‍රගුප්ත රජු පිළිබඳව කළ ප්‍රශස්තියකි. මෙය අශෝකරජු විසින් කරවූ ලිපියක් සහිත ටැඹක අනෙක්පස මෙම ලිපිය කොටවා ඇත. අඩි 35ක් උස කුලූනකි. ප්‍රශස්තිය පේළි 33කින් යුක්තය. ක්‍රි. ව. 330-375 අතර කාලයට අයත්ය. උත්තර බ්‍රාහ්මී හෝ ගුප්තාක්ෂරවලින් පැරණි සංස්කෘත බසින් ලියා ඇත. මෙහි පිටපත රචනාකොට ඇත්තේ මහා කවි හරිෂේනයන් විසිනි. (ලිපියේ 32වන පෙළෙහි ඇති වැකිය ඊට සාධක වෙයි. ‘ඛාද්ද්‍යතපිකිකස්‍ය මහාදණ්ඩනායක ධ‍්‍රැවභූතිපුත්‍රස්‍ය සාන්ධිවිග්‍රහහිකකුමාරාමාත්‍යම හා දණ්ඩනායක හරිෂේනස්‍ය සර්ව්වභූතහිතසුඛායස්තු...’) මහා දණ්ඩනායක තිලභට්ටයන් විසින් ශිලා ලිපිය කරවා ඇත. මෙම ලිපියේ වැදගත්කම් කිහිපයකි. ගුප්ත අධිරාජ්‍යය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ඇති ප්‍රධාන පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය වන්නේ ද මෙය යි. සමුද්‍රගුප්තයන් විසින් විශාල අධිරාජ්‍යයක් ගොඩනැගීමට ගත් උත්සාහය මෙම ලිපිය අනුව වටහා ගත හැක. රුද්‍රදේව, මතිල, නාගදත්ත වැනි රජවරුන් නව දෙනෙකු පරාජය කරමින් දැක්වූ යුධ කාර්ය කුශලතාව මෙයින් වර්ණිතය. නැගෙනහිර බෙංගාලයේ ‘සමතට’, ඇසෑමයේ ‘ඩවාක’ ‘කාමරූප’ නේපාලයේ ‘කාර්තිපුර’ යන රාජ්‍යයෝ ද මොහුගේ ආඥාව පිළිගත්හ. කුෂාණ වංශයේ දේවපුත්‍ර පරපුරේ නායකයෝ ද, බොහෝ ශක නායකයෝ ද, සිංහල දේශයේ රජු ද පඬුරු දීමෙන් මොහුගේ බලය පිළි ගත්තෝය. මෙවැනි තොරතුරු රැසක් මෙම ප්‍රශස්ති ලිපියෙන් හෙළි කරගත හැක.
අලහබාද් ලිපිය
අශෝක රජු මෙහි මුල් හිමිකරු වේ. පසුව සමුද්‍රගුප්ත රජු හා ජහන්ජිර් රජු ද එම ටැඹෙහි ම ලිපි කරවා තිබේ.
අලහබාද් ස්තම්භය
අශෝක රජු විසින් කොසඹෑ නුවර ආසන්නයේ පිහිටවූයේ යැයි සිතියහැකි ස්තම්භයකි. අලහබාද් ප්‍රශස්තිය කොටා ඇත්තේ මෙහිය. මෙය පසුකාලීනව අලහබාද් දක්වා රැගෙනවිත් ඇතැයි සිතිය හැක. අශෝක රජු, සමුද්‍රගුප්ත රජු හා ජහන්ජීර් රජු මෙම ස්තම්භයේ විවිධ අරමුණුවලින් යුතුව ශිලාලේඛන කරවා ඇත.
අලිමුරාද්
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නගරයකි. මෙහි ප්‍රාකාරය අඩි 3-5 අතර ඝනකම් වන නිසා ඇතැමුන් මෙය බලකොටු නගරයක් යැයි හඳුන්වා තිබේ.
අලෝර්
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වූ ස්ථානයකි
අල් රුහුන්
අරාබිවරුන් ලංකාවේ ශ‍්‍රී පාද කන්ද හැඳින්වූයේ මෙ නමිනි.
අල්තෙකාර්
ඉතිහාස පර්යේෂකයෙකි.
අල්පනා
සිතුවම් විශේෂයකි. වංග දේශයේ ස්ත්‍රීන් උත්සව අවස්ථාවල නිර්මාණය කළ තාවකාලික සැරසිලි සිතුවම් විශේෂයකින් ඇරඹුනි. වර්ණ කළ සහල් පිටි ආදියෙන් බිම අඳිනු ලැබේ.
අල්බිරුනි
අරාබි ලේඛකයෙකි. වර්ෂ 40ක් පමණ භාරතයේ විසී ය. ඝස්නියේ තුරුකීන් විසින් ඉන්දියාවට එල්ල කළ ආක්‍රමණය හා ජයග්‍රහණ පිළිබඳව මොහු ‘වංශකථාව’(තරීක් අල් හින්ද්) නමින් කෘතියක් කළේය. සංස්කෘත බස ඉගෙන ගනිමින් ඉන්දීය සංස්කෘතිය පිළිබඳව ඉගෙනීමට ඔහු ගත් උත්සාහය ඔහුගේ කෘතියෙන් පිළිබිඹු වේ. එහෙත් ඉන්දියාවේ දේශපාලන තත්ත්වය පිළිබඳ උනන්දු නොවී ඉන්දීය සාහිත්‍යය හැදෑරීම පමණක් තුළින් සිය කෘතිය නිමවීම නිසා සමබරතාව ගිලිහී ගොස් ඇත.
අල්මසුදි, හුසේන් ඉබන් අලි
අරාබි ඉතිහාසඥයෙකි. සිරියාව, පලස්තීනය, අරාබිය, සැන්සිබාරය, පර්සියාව, මධ්‍ය ආසියාව, ඉන්දියාව, ලංකාව ආදි රටවල සංචාරය කර වැදගත් තොරතුරු රැස්කර ක්‍රි.ව. 943 දී කාණ්ඩ තිහකින් යුතු කෝෂ ග්‍රන්ථයක් සම්පාදනය කළේ ය. පසුව මේ සියලු කරුණු රැස්කර ක්‍රි.ව. 947 වැන්නේ දී මුරුජ්-උධ්-ධහබ් වා මාදින් අල්-ජවාහිර් (රන් දෙණී හා මිණි ආර) නමින් එක් කෘතියක් සම්පාදනය කළේ ය.
අල්ලකප්ප
බුද්ධකාලීන මගධය ආසන්නයේ වූ ප්‍රදේශයකි. බූලි වංශික රජවරුන් යටතේ පාලනය විය. මහාපරිනිබ්බා සූත්‍රයේ ඔවුන් පිළිබඳ සුළු විස්තරයක් තිබේ.
අල්වාර්
රාජ්පුත් පාලක ප්‍රතාප් සිං විසින් වයඹදිග ඉන්දියාවේ පිහිටවූ නගරයකි. මුල් කාලයේ මේ නමින් ම ජනපදයක් ද තිබී ඇත.
අවකන්
ඇෆ්ගනිස්ථානය.
අවදාන ශතකය
බෞද්ධ ග්‍රන්ථයකි. බෞද්ධ ත්‍රිපිටකයේ ඛුද්ධක නිකායට අයත් අපදානපාළියේ ස්වරූපයෙන් ලියා තිබේ.
අවදාන සාහිත්‍යය
සාහිත්‍ය ග්‍රන්ථ විශේෂයකි. බෞද්ධ ත්‍රිපිටකයට සබැඳී වේ. අවදාන ශතකය මෙහි පැරණි ම කෘතිය වේ. දිව්‍යාවදානය හා අවදානකල්පලතාව ද මේ ගණයට අයත් කෘතීන් වේ.
අවදානකල්පලතා/අවදානකල්පලතාපල්ලව
මහායානික ග්‍රන්ථයකි. බෝධිසත්ත්ව චරිතකතා ඇතුළත් කොට රචනා කර ඇත. මෙහි එන ඇතැම් කතා ජාකත අටුවාවේ ද දැක්වේ.
අවදානමාලා
ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන කෘතියකි. මෞර්ය යුගයේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.
අවනිසිංහ
පොළොවට අධිපති සිංහයා යන අරුත දෙයි. පල්ලව වංශයේ සිංහ විෂ්ණු රජු(ක්‍රි.ව 575 - 600) මෙය භාවිතකළේ ඔහු චෝළ පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශ අල්ලාගත් නිසා ය.
අවනිජනාශ්‍රය
දෙවන වික්‍රමාදිත්‍ය රජු පළමු වික්‍රමාදිත්‍ය රජුගේ සොයුරාගේ පුත්‍රයාවූ පුලකේශී කුමරාට දුන් විරුදනාමය. ඒ අරාබි ආක්‍රමණ මර්දනය කිරීම නිසාවෙනි. මෙහි අරුත ලොවට පිහිටවන්නා යන්නයි
අවන්ති
බටහිර ඉන්දියාවට යාබදව තිබූ පැරණි රාජධානියකි. අංගුත්තර නිකාය අනුව පෙනී යන්නේ මෙය සොළොස්මහා ජනපදවලින් ද එකක් බව යි. ජෛන භගවතී සූත්‍රයේ මාලව නමින් දක්වා ඇත්තේ ද අවන්තිය යැයි හේමචන්ද්‍ර රායි චෞදරී මහතා විශ්වාස කරයි. බෙත්වා, චම්බාල් ආදී නදීන් මේ ආශ්‍රිතව ගලා ගොස් තිබේ. බෙත්වා නදියෙන් දකුණේ කොටස දක්ෂිණ අවන්ති නමින් හඳුන්වා ඇත. අවන්තියේ අගනගරය වූයේ උජ්ජේනිය හෙවත් උදේනි නුවරයි. ගුත්තිල කාව්‍යයේ ද මේ නම සඳහන් වේ. මෙය උතුරු වයඹ හා දකුණු ඉන්දීය ප්‍රදේශ යා කළ ප්‍රධාන වෙළඳ මාර්ගයක සන්ධිස්ථානයක් වූ බව ද ‌ඓතිහාසික සාධක අනුව පෙනී යයි. දක්ෂිණ අවන්තියේ ප්‍රධාන නගරය වූයේ මාහිෂ්මතිය යි. මාහිෂ්මතියේ සිටි වෙස්සභූ නම් රජෙකු පිළිබඳව දීඝනිකායේ මහාගෝවින්ද සූත්‍රයේ සඳහන් වේ. බුද්ධකාලීනව මෙහි සිටි චණ්ඩපජ්ජෝත නම් පාලකයෙකු පිළිබඳව ද සඳහන් වේ. මේ රාජ්‍යය සොළොස්මහ ජනපද වර්ධනීය අවස්ථාවේ මත්ස්‍ය න්‍යාය අනුව සෙසු කුඩා ජනපද යටත්කරගෙන ප්‍රබලත්වයට පත් වූ රාජ්‍ය 4න් එකක් බවට ද පත්විය. නමුත් අවසානයේ මෙය මගධයේ යටත් රාජ්‍යයක් වූ අතර මගධයේ දෙවන වර්ධන අවස්ථාව වන විට බින්දුසාර රජු යටතේ මෙහි අශෝක කුමරා යුව රජු වශයෙන් කටයුතු කර ඇත. නමුත් ඒ් වන විට එහි වඩාත් කැපී පෙනෙන නගරය බවට පත්වූයේ විදිසාව හෙවත් වේදිසගිරිය යි. අටවන සියවසට පසු අවන්දි ප්‍රදේශය හැඳින්වීමට යොදාගෙන ඇත්තේ මාල්වා හෝ මාලව යන නාමයන් ය.
අවන්තිපුත්ත
මථුරාවේ පාලකයෙකි.
අවන්තිවර්ධන
මගධයේ සිසුනාග සමයේ අවන්තියේ පාලකයා. ඔහු සිසුනාගවරු අතින් පරාජය විය.
අවන්තිසුන්දරී
දණ්ඩීන්ගේ කෘතියකි. මහා කවි රාජශේඛරයන්ගේ බිරිඳ ද මේ නමින් හඳුන්වා ඇත.
අවමුක්තය
ප්‍රදේශ නාමයකි. සමුද්‍රුගුප්තයන් මේ ප්‍රදේශය ආක්‍රමණය කළ කාලයේ එහි සිටිනේ නීලරාජ නමැත්තෙකි.
අවිදුරෙ නිධාන කතා
බුද්ධත්වය ලැබීම දක්වා සිද්ධාර්ථ චරිත කතාව මින් අදහස් වේ.
අවුද්
හින්දූන්‌ගේ ශුද්ධ භූමියක් වූ අයෝධ්‍යාව නිසා එම ප්‍රදේශයට ලැබණු නම යි.
අවුරංගබාද්
ඉන්දියාවේ හයිදරාබාදයේ කොට්ඨාසයක් ද, දිස්ත්‍රික්කයක් ද, ඒහි උප දිස්ත්‍රික්කයක් ද, ප්‍රධාන නගරය ද මේ නමින් හැඳින්වේ.
අවෙස්ථා
පර්සියානු ආගමික කෘතියකි
අවෘත
වෘත නොපවත්වන යන අරුතින් ආර්යයන් පැරණි ඉන්දීය ජනයා මේ නමින් හඳුන්වා ඇත.
අශාදසේන
අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
අශෝක රජු
ක්‍රි.පූ. 24-232 කාලයේ භාරතයේ විශාල ම අධිරාජ්‍යය පාලනය කළ අසහාය නායකයා ය. ලොව ශ්‍රේෂ්තඨම පාලකයන් දස දෙනාගෙන් කෙනෙකු ද වේ. චණ්ඩාශෝක නමින් ද පසුව ධර්මාශෝක නමින් ද හඳුන්වා තිබේ. ඔහුගේ ම ශිලාලේඛන වල දෙවන පිය පියදස්නීන් නමින් හඳුන්වා දී තිබේ. බින්දුසාර හා ධර්මා බිසව‌ගේ පුත්‍රයෙකි. රජවීමට පෙර උජ්ජේනියේ යුවරජු වශයෙන් කටයුතු කර ඇත. නමුත් පියාගේ ඇවෑමෙන් ඔහු හා වැඩිමහලු සුසීම කුමරු අතර ඇති වූ සිංහාසන අරගලයේ දී සුසිීම කුමරා මියගිය අතර අශෝක කුමරා බලයට පත්විය. කාලංග යුද්ධය, බුදුදහම වැළඳගැනීම, අශෝක ධර්මය හඳුන්වාදීම, තෙවන ධර්ම සංඝායනාව හා නවරට සසුන් සේවා එතුමාගේ පාලන කාලය හා බැඳී සුවිශේෂී සිදුවීම් වශයෙන් හැඳින්විය හැඳින්විය හැකි වේ.
අශෝක ශිලා ලේඛන
අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම් ලිපිය, ලෞරියා නන්දන්ගර් ටැම් ලිපිය, සංකස්ස ටැම් ලිපිය, සාංචි ටැම් ලිපිය, දිල්ලිමිරට් ටැම් ලිපිය.
ඉන්දීය ඉතිහාසය හැදෑරීමට වැදගත් වන ශිලා ලේඛන හමු වේ නම් ඒ මෙතුමාගේ කාලයේ සිට යැයි කිවහැකි තරමට ම අශෝක ශිලා ලේඛන වැදගත් ය. එහෙත් පිප්‍රාවා ධාතු කරඬු ලිපිය ඉන්දියාවෙන් හමු වූ පැරණිත ම අභිලේඛනය සේ සාමාන්‍යයෙන් පිළි ගැනේ. අශෝක ශිලා ලේඛන ගිරිලිපි හා ටැම්ලිපි ලෙස ප්‍රධාන දෙවර්ගයක් හඳුනාගත හැක. එහෙත් අධ්‍යයනයේ පහසුව පිණිස මෙම ලිපි සියල්ල ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වනු ලැබේ. එනම් ගිරිලිපි. සුළුගිරි ලිපි. ලෙන් ලිපි. ටැම්ලිපි. මේවා ප්‍රාකෘත භාෂා ස්වරූපයකින් ලියා ඇත. මෙම ලිපි කියැවීමට දාහතර වන ශතවර්ෂයේ දී ෆිරූෂ් ෂා තුඝ්ලූක්(1351-1388) නම් දිල්ලි සුල්තාන් වරයා ද උත්සාය කර ඇතත් සාර්ථක වී නැත. 1843 දී ජේම්ස් ප්‍රින්සෙෆ් නම් පඬිවරයා මිනැන්ඩර් රජු නිකුත් තළ කාසියක දෙ පැත්තේ වූ අක්ෂර කියැවීම මගින් ඛරෝෂ්ඨි අක්ෂර මාලාව අවබෝධ කර ගත් අතර පසුව එහි උපකාරයෙන් බ්‍රාහ්මී අක්ෂර මාලාව ද හඳුනා ගත්තේය. අශෝක ලිපි කියැවීමට මග පෑදුණේ මේ සිදුවීමත් සමගය. තුඝ්ලූක් අධිරාජයා විසින් කියැවීමට උත්සාහ කොට අත්හැර දැමූ දිල්ලි ලිපිය මේ අනුව ප්‍රින්සෙෆ් පඬිවරයා විසින් සම්පූර්ණයෙන් ම කියවා 1837 දී බෙංගාලයේ රාජකීය ආසියාතික සංගම් සමිති වාරයකට ඉදිරිපත් කරන ලදී. (මේ ජයග්‍රහණය ලංකාවේ අපට ද වැදගත් වන්නේ ලංකාවේ ශිලා ලේඛන කියවීම ද මේ අක්ෂර මාලාව ඇසුරින් සිදු කළ නිසාය.) මේ ලිපිවල පොදු විශේෂත්වය නම් ඉන්දියාවේ වෙනත් රජවරුන් විසින් පිහිටවනු ලැබූ ශිලා ලේඛන මෙන් මේවායේ රජුගේ වංශය, තේජෝමහිමය, බලපරාක්‍රමය ආදිය විස්තර නොකිරීමයි. මෙතුමාගේ ලිපිවලට තේමා වී ඇත්තේ, ධර්මෝපදේශ - රාජ ආඥා- සමාජසේවා හා පරිපාලන සේවා විධිමත්ව පවත්වාගෙන යෑම යන විෂයයන් තුන යි. මේවායේ රජුගේ ම අදහස් ගැබ් වී ඇතැ‘යි පුරා විද්‍යාඥයෝ ද ඉතිහාසඥයෝ ද මත පළ කරති. 1946 වසර වන විට මේ රජතුමාට අයත් ලිපි 154ක් සොයාගෙන තිබුණි. මෙම ලිපි භාෂා ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්වේ ෂාබස්ගර්, මාන්සේරා වර්ගය.ගිර්නාර්, සොපාරා වර්ගය.මධ්‍ය ඉන්දීය වර්ගය. දකුණු ඉන්දීය වර්ගය. මෙතුමාගේ ලිපිවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ මහජන සුබසෙත සැලසීමයි. මේ නිසා එක ම ලිපිය වුව ද ඒ ඒ ප්‍රදේශවලට උචිත පරිදි භාෂා වෙනස්කම් කරමින් ඒ ඒ ප්‍රදේශවල පිටපත් පිහිටුවා ඇත. ඊට හොඳ ම නිදසුන නම් ගිර්නාර්, කාල්සි, ධෞලී, ජෞගඩ, ෂාබෙස්ගාර්හි, මන්සේරා යන ස්ථානවල දක්නට ලැබෙන එක ම ලිපියේ පිටපත් හය යි. පොදුවේ ගත් කළ මේ ලිපි
වල බ්‍රාහ්මී අක්ෂර. ඛරෝෂ්ඨි අක්ෂර. ග්‍රීක හා ඇරමයික් අක්ෂර(කන්දහාර් ලිපිය.)(දකුණේ සිට වමට ලියන අක්ෂර වෙසෙසකි.) ආදී අක්ෂර වර්ග කිහිපයක් ම යොදා ගනිමින් මෙම ලිපි ලියා තිබේ. රජු සිය රටවැසියන්ට ආදරය කළ බව, සියල්ලන් සිය දරුවන් සේ සැලකූ බව, සතුන්ට පවා අනුකම්පා කරමින් කටයුතු කළ බව මේ ලිපි වලින් හෙළි කර ගත හැකි ප්‍රධාන කරුණු වේ. මීට අමතරව මෙම ලිපි වලින් තත්කාලීන ඉන්දීයාවේ දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික ආදී අංශ ගණනාවක තොරතුරු හෙළි කරගතහැක. අශෝක ශිලා ලිපි වලින් හෙළි වන දේශපාලන තොරතුරු රාජ්‍ය පරිපාලන නිළධාරීන් පිළිබඳව තොරතුරු හෙළි වේ.( යුක්ත, රජ්ජුක, ප්‍රාදේශික යන නිළධාරීන් පිළිබඳව 3වන ගිරි ලිපියේ ද ධර්ම මහාමාත්‍රයන් පිළිබඳව 5වන ගිරි ලිපියේ ද, ස්ත‍්‍රීන් පිළිබඳ කටයුතු භාර නිළධාරීන් හා ගවගාල් භාර නිළධාරීන් පිළිබඳව 12වන ගිරි ලිපියේ ද, මහාමාත්‍ය හා අධිකරණ නිළධාරීන් පිළිබඳව කාලිංග ලිපියේ ද, දෙවන පෙළ නිළධාරීන් පිළිබඳව 4වන ටැම් ලිපියේ ද... ආදී වශයෙන් සඳහන් වේ.) රාජ්‍ය පරිපාලනයේ දී සම්ප්‍රදායට සීමා නොවී අවශ්‍යතා අනුව නව තනතුරු පත් කළ බව 5වන ගිරි ලිපියේ සඳහන් වන ‘සෙ අතිකංතං අංතලං නො හුතපුලූව ධංමමහාමාතා නාම. තෙ දසවසාභිසිතෙනා මමයා ධම්මමහාමාතා කටා’ යන පාඨයෙන් හෙළි වේ. ධර්මමහාමාත්‍රයන්ගේ වගකීම් හා කාර්යභාරය 5වන ගිරි ලිපියේ පැහැදිළි කර තිබේ. අශෝක අධිරාජ්‍යයේ දේශ සීමා පිළිබඳව 2වන ගිරි ලිපියේ සඳහන් කර තිබේ.(දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජු ගේ රාජ්‍යයෙහි සෑම තැනම ද දේශ සීමා ප්‍රදේශ වන චෝළ, පාණ්ඩ්‍ය, සත්‍යපුත්‍ර කේරළ, තාම‍්‍රපර්ණී, අන්තියෝක නම් යවන රජුගේ රාජ්‍යය... ) මීට අමතරව ප්‍රත්‍යන්ත රාජධානි පිළිබඳව 13වන ගිරි ලිපියේ සඳහන් කර තිබේ.(දෙවියන්ට ප්‍රිය වූ රජු විසින් ඒ ධර්මවිජය මේ රාජ්‍යයෙහි ද සියලූ දේශසිමා ප්‍රදේශයන්හි ද, යොදුන් අටසියයක් ඈත අන්තියෝක නම් යවන රජු සිටින රාජ්‍යයෙහි ද, අන්තියෝක රාජ්‍යයෙන් මත්තෙහි ‘තුළමය’ ‘අන්තෙකින’ ‘මකා’ ‘අලිකසුන්දර’ යන රජදරුවන් සතර දෙනාගේ රජ්‍යවල ද, පාණඩ්‍ය, තාම‍්‍රපර්ණී, නාභක, නාභපංක්ති, භෝජ පිතිනිත්‍ය,ආන්ධ, පුලින්ද... ) අන්තඃපුරය පිළිබඳව 6වන ගිරි ලිපියේ සඳහන්ව තිබේ. . කාලිංග ආක්‍රමණය පිළිබඳව 13වන ගිරි ලිපියේ සඳහන් කර තිබේ. . වයඹදිග ඉන්දියාවේ තක්ෂිලා ප්‍රදේශය ද අශෝක රජු යටතේ පාලනය වූ බව කාලිංග ලිපියේ ද, සිරගෙවල් තිබූ බව 5වන ටැම් ලිපියේ ද සඳහන් කර තිබේ. අශෝක ශිලා ලිපි වලින් හෙළි වන සාමාජික තොරතුරු බමුණන්, ගෘහපතියන්, අනාථයන් පිළිබඳව 5වන ගිරි ලිපියේ ද, විවිධ උත්සව පැවති බව 1වන ගිරි ලිපියේ ද,(මෙහි සතුන් නසා යාග නොකළ යුතුය. උත්සව නොපැවැත්විය යුතුය. දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජ උත්සවයන් හි බොහෝ දෝෂ දකී. දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජ මැනවැයි සලකන ඇතැම් උත්සව ද ඇත...) උත්සව හා ශාන්තිකර්මාදිය පැවති බව 9වන ගිරි ලිපියේ ද(ජනයා රෝග ඇති කල්හි ද, ආවාහයෙහි ද, විවාහයෙහි ද, දරුවන් ඉපදීමෙහි ද, පිට රට යාමෙහි ද, විවිධ මංගල කරත්...)පරිසරයෙන් ලබා ගත් ඖෂධ භාවිත කළ බව. 2වන ගිරි ලිපියේ ද,(මිනිසුන්ට අවශ්‍ය වූ ද සිව්පාවුන්ට අවශ්‍ය වූ ද ඖෂධ යම් තැනක නැති නම් ඒ ඒ තැන ගෙන්වා තබන ලදී හා වවන ලදී. එ පරිද්දෙන් ම මුල් ද ගෙඩි ද යම් තැනක නැතිනම් ඒ සැම තැන ගෙන්වි තබන ලදී හා වවන ලදී...)ශරීරකෘත්‍යය පිණිස වැසිකිළි භාවිත කළ බව 6වන ගිරි ලිපියේ ද.. රත්‍රන් භාවිතය පිළිබඳව 8වන ගිරි ලිපියේ ද,. ඇතරුවන්, ශිල්පීන්, රථාචාර්යයන් පිළිබඳව යෙරර්ගුඩ් ලිපියේ ද,. ගොනුන් හා අශ්වයන් හන ගැසූ බව හා ගොනුන් කර ඇඹූ බව 5වන ටැම් ලිපියේ ද සඳහන් ව තිබේ.අශෝක ශිලා ලිපි වලින් හෙළි වන ආගමික තොරතුරු. මහණ බමුණන් ගැන 4වන ගිරි ලිපියේ ද, බමුණන් ගැන 5වන ගිරි ලිපියේ ද, මහණ බමුණන් බැහැදැකීම පිළිබඳව 8වන ගිරි ලිපියේ ද, බමුණන්ට දන් දීම පිළිබඳව 11වන ගිරි ලිපියේ ද, බෞ්දධයන් හා වෙනත් සියලූ පැවිද්දන්ට දන් දුන් බව 12 වන ගිරි ලිපියේ ද, සියලූ ආගමික පූජකයන් පිදූ බව 6වන ටැම් ලිපියේ ද, ආජීවක බ්‍රාහ්මණ ආදීන් පිළිබඳව 7වන ටැම් ලිපියේ ද, භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව සාරානාත්, කෞෂම්බි, සාංචි ලිපි වල ද,. ආගමික කටයුතු සොයා බැලීම පිණිස ධර්ම මහාමාත්‍යවරු පත් කළ බව හා මේ සමයේ සිටි වෙනත් ආගමික කණ්ඩායම් පිළිබඳව 5වන ගිිරිලිපියේ ද, . සතුන් බිලි දෙමින් යාග කළ පිරිස් සිටි බව 1වන ගිරි ලිපියේ ද, (මෙහි කිසි සතෙකු නසා යාග නොකළ යුතුය..යැයි දක්වමින් අශෝක) රජු විසින් එය තහනම් කිරීමෙන් ඒ බව පෙනී යයි. ) අන්‍යආගමිකයන් පිළිබඳව 7වන ගිරි ලිපියේ ද (දෙවියන්ට පිය වූ පියදස්සී රජතෙම සෑම තැන්හිදී ම සියලූ අන්‍යආගමිකයෝ ම වෙසෙත්වායි කැමති වෙති...) 13වන ගිරි ලිපියේ ද, . ස්ථූප පිළිබඳව නිර්ග‍්‍රීව ටැම් ලිපියේ ද, ආජීවකයන්ට ලෙන් පිදීම පිළිබඳව න්‍යග්‍රෝධ හා බලතික ලෙන් ලිපි වල ද සඳහන් වේ.අශෝක ශිලා ලිපි වලින් හෙළි වන ආර්ථික තොරතුරු. දැහැමි කර්මාන්ත පිළිබඳව 13 වන ගිරි ලිපියේ ද, ඇතරුවන්, ශිල්පීන්, රථාචාර්යයන් පිළිබඳව යෙරර්ගුඩ් ලිපියේ ද,. මසුන් මැරීම හා අළෙවි කිරීම පිළිබඳව 5 වන ටැම් ලිපියේ ද,.ගවයන්, බැටලූවන්, ඌරන් ඇති කළ බව 5වන ටැම් ලිපියේ ද,. අයබදු පිළිබඳව හා අයබදු අනුපාතය පිළිබඳව ලූම්බිණි ටැම් ලිපියේ ද සඳහන් වේ.
අශෝකස්ථම්භ
අශෝක ශිලා ලේඛන ඇතුළත් කුලුනු විශේෂයකි. කුලුනු යටතේ වැඩි විස්තර ඇතුළත් වේ. ඒ යටතේ බලන්න.
අශ්දමායි
ගලින් කළ ගොඩනැගිල්ලට ඍග් වේදයේ දී ඇති නම.
අශෝකාරාමය
ධර්මාශෝක රජු පාඨලීපුත්‍ර නගරයේ කරවූ විහාරයකි. ලංකාවට වැඩම කිරීමට ප්‍රථම මිහිඳු හිමියන් ද මේ විහාරයේ වැඩසිටි බව සඳහන් වේ. මොග්ගලීපුත්තතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පැවත්වූයේ ද මේ විහාරයේ දී ය. (ලංකාවේ අනුරාධපුර පන්කුලියේ ද මේ නමින් ම විහාරයත් තිබේ.)
අශ්නිස්ථම්භය
යාග කුලුන යි. සත්ත්ව බිලි පූජා ආදියේ දී සතුන් ගැටගැසීමට ගත් කුලුන යි. පසුව මෙය පූජනීයත්වයේ සංකේතයක් වූ අතර තවත් පසුකාලයක දී බුදුරදුන් වෙනුවෙන් යෙදූ සංකේතයක් බවට ද පත්විය. අමරාවතී කැටයම් පුවරු අතර ඇති එවැනි කැටයමක් ආනන්ද පී. ගුරුගේ මහතාගේ දඹදිව බෞද්ධ කලාව කෘතියේ දක්වා තිබේ.
අශ්මක/අශ්වක
වයඹදිග ඉන්දියාවේ පිහිටා තිබූ රාජ්‍යයකි.
අශ්වඝෝෂ
කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
අශ්වඝෝෂ හිමි
මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත. කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංගායනාවේ ප්‍රධාන දායකත්වයක් දැක්වූ හිමි නමකි. බුද්ධ චරිතය, ශාරිපුත්‍රප්‍රකරණය, සෞන්දරානන්ද කාව්‍යය උන්වහන්සේගේ කෘතීන් වේ. මහායාන සූත්‍රාලංකාරය රචනා කළේ අශ්වඝෝෂ නමින් ම ක්‍රි.පූ.370-300 කාලයේ වැඩවාසය කළ භික්ෂූන්වහන්සේ නමක් විසින් යැයි පිළිගැනෙයි. ශුද්ධෝත්පාද සූත්‍රය රචනා කළේ ක්‍රි.ව. දෙවැනි හෝ තෙවැනි සියවසේ විසූ බෝධිසත්ත්ව අශ්වඝෝෂ නම් හිමියන් විසින් යැයි ද පිළිගැනේ.(සිංහල විශ්වකෝෂය අනුව ය.)
අශ්වමේධ යාග කළ රජවරු
පුෂ්‍යමිත්‍ර සුංග, සමුද්‍රගුප්ත, ආදී ප්‍රබල පාලකයන් මෙන් ම තවත් රජවරුන් ගණනාවක් ම මේ යාගය සිදුකර තිබේ. පශ්චාත් ගුප්ත වංශයේ ආදිත්‍යසේන රජු අශ්වමේධ යාග තුනක් කළ බව සඳහන් වේ
අශ්වමේධ යාගය
වෛදික යාගකර්ම අතරින් ඉතාම උසස් යැයි පිළිගැනෙන යාගයකි. අශ්වයා මරා බිලි පූජාව කර දෙවියන්ට උපහාර කිරීම මූලික කරගත් යාගයකි. අශ්වමේධ යාග සියයක් කළහොත් එම රජුට ඉන්ද්‍ර දේවයා ද පරදා සක්වලම සිය අණසකට ගතහැකි වේ යැයි මතයක් ද විය. මීට අනුව බැමි මුදා වසරක් පුරා නිදැල්ලේ සැරිසරන්නට හරින අශ්වයෙක් ඒ කාලය තුළ ගමන් කරනා සකල ප්‍රදේශයම සිය රාජ්‍යයට අයත් යැයි ප්‍රකාශ කිරීමෙන් අධිරාජ්‍යයත්වයට පත්වීමට හැකි ය. අශ්වයා සිය දේශයට පැමිණීම කෙරේ යම් රජකු, පාලකයෙකු විරුද්ධ වන්නේ ද හෙතෙම අශ්වයා මුදාහළ රජු හා යුධ කොට ජයගත යුතුය. අතරමගදී අශ්වයා මිගියහොත් සුළු පූජාවිධි කිහිපයක් පවත්වා වෙනත් අශ්වයෙකු ආදේශ කොටගනී. අශ්වයාගේ ආරක්ෂාව පිණිස ආයුධ සන්නද්ධ තරුණයෝ හාරසියයක් ද ගමන් කරති. අශ්වයාගේ ගමන නොවළකා සිය දේශයට ඇතුළු වන්නට අවසර දෙන සෑම පාලකයෙක් ම යාගය කරන රජුට පක්ෂපාත, යටත් රජවරුන් සේ පිළිගනී. වසරකට පසු අශ්වයා යළි මුල් ස්ථානයට රැගෙන එනු ලැබේ. ඉහතින් කී වසරක කාලය තුළ සංවාසයෙහි යෙදීම ද නැහැම ද අශ්වයාට තහනම් ය. යාගයේ අවශ්‍යතා පිණිස එසේ කරනු ලැබේ. මුල් භූමියට රැගෙන ආ පසු දොළොස් දිනක් තිස්සේ විවිධ පූජාවන් යාගයන් පවත්වා බිලිපූජා අරඹනු ලැබේ. හීලෑ සතුන් 327ක් හා කැලැ සතුන් 282ක් වශයෙන් සතුන් 609 දෙනෙකු රැගෙනවිත් යාගභූමියේ ගැටගසනු ලබන අතර අශ්වයාගේ වල්ගයේ කේසරයන්හි මුතුඇට 101ක් පළඳවයි. පසුව යාගභූමියේ ගැටගැසූ හීලෑ සතුන් 327දෙනා ඝාතනය කර කැලෑ සතුන් 282දෙනා මුදාහරිනු ලැබේ. රෙදිකඩකින් වසා හුස්ම හිරකොට අශ්වයා මරාදමන්නේ ඉන් පසුව ය. පසුව රජමෙහෙසියෝ අශ්වයා ප්‍රදක්ෂිණා කරන අතර අගමෙහෙසිය අශ්ව සිරුර පසෙකින් සැතපෙන්නීය. එහි දී ඇය හා අශ්වයාගේ මළසිරුර රෙදිකඩකින් වසා දෙදෙනා සංවාසයේ යෙදෙන බැව් සංකේතවත් කරයි. මේ අතරවාරයේ සෙසු ස්ත්‍රීහු අසභ්‍ය වදන් හුවමාරු කරගනිති. මින්පසු මියගිය අශ්වයාගේත් සෙසු සතුන්ගේ ත් සිරුරු කැබලි කර රුධිරය දෙවියන්ට පුදනු ලැබේ. වඳ එළදෙනුන් 21දෙනෙකු ද ඝාතනය කරමින් යාගය නිමා කරයි. යාගාවසානයේ දී යාගය කළ පූජකයන්ට යාගය කළ තැනැත්තාගේ භාර්යාවන් තිළින කෙරේ. අධ්වර්යු නම් පූජකයාට යජමානයාගේ දියණිය හා සිව්වන බිසව පාවා දෙනු ලබයි. අශ්වමේධ යාගය නම් මෙයයි.
අශ්වමේධපරාක්‍රම
සමුද්‍රගුප්ත කාසිවල එන පාඨයකි. අශ්වමේධ යාග කළ බවට සාධකයකි.
අශ්වලායන
ක්‍රි.පූ. 400දී පමණ විසූ ඍෂිවරයෙකි.
අශ්වශාස්ත්‍රය
සතුන් පිළිබඳ විද්‍යාව අළලා ගුප්ත යුගයේ ලියැවුණු මේ කෘතියේ කතුවරයා ශාලිහෝත්‍ර නමැති වෛද්‍යවර ලේඛකයාය.
අශ්වීන්
සූර්ය නැමැති දෙවඟනගේ ස්වාමිපුරුෂයන් දෙදෙනාය. අසරු යුගලයකි. මොවුන් මුහුදුබත් වූ නෞකාවල නැවියන් බේරා ගැනීම, අංග විකල වූවන්ට කෘත්‍රිම අත්පා ලබා දීම, අවිවාහක මහලූ ස්ත‍්‍රීන්ට ස්වාමිපුරුෂයන් ලබා දීම වැනි සද්ක‍්‍රියාවල නිරතවෙයි.
අෂ්ට සාහශ්‍රික ප්‍රඥාපාරමිතාව
පළමු ප්‍රඥාපාරමිතා ග්‍රන්ථය වශයෙන් සැලකේ. ක්‍රි.ව.1 සියවසට පමණ අයත් වේ.
අෂ්ටාංග සංග්‍රහය
ගුප්ත යුගයේ ලියවුණු වෛද්‍ය ග්‍රන්ථයකි. වාග්භට විසින් රචනාකරන ලදී.
අෂ්ටාද්‍යායී
පාණිනී නම් මුණිවරයාගේ කෘතියකි. ව්‍යෘකරණ ග්‍රන්ථයකි. ඉන්දු ආර්ය භාෂා පවුලේ ප්‍රථම හා අග්‍රතම ව්‍යාකරණ ග්‍රන්ථය ඒය සේ පිළිගැනේ.
අසංග
යෝගාවචරවාදීයෙකි. කීර්තිමත් මහායාන බෞද්ධාචාර්යවරයෙකි. ගන්ධාර රට පුරුෂපුරයේ උපන්නෙකි. වසුබන්ධු ආචාර්යවරයා මේ හිමියන්ගේ ගිහි කල බාල සොයුරා ය. සප්තදශභූමිකාසූත්‍ර, මහායාන සම්පරිග්‍රහශාස්ත්‍ර, අභිධර්මසංගීතිශාසන, මහායාන සූත්‍රාලංකාර ටීකා යන කෘතීන් අසංග හිමියන්ගේ ය.
අසාදසේන
ශුංගවංශික බෘහස්පතිමිත්‍ර රජුගේ මාමා කෙනෙකු වූ මොහු අලහබාද් ආසන්නයේ පබෝෂා නම් ස්ථානයේ ලෙනක් සෑදවීම ගැන ශිලාලේඛනයක සඳහන් වේ.
අසික
ප්‍රදේශ නාමයකි.(උතුරු මහාරාශ්ට්‍රයට අයත්විය හැක)
අසිත
කාළදේවල නමින් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන බමුණා. සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයා ය.
අසිත තවුසා
අසිත හෙවත් කාළදේවල තවුසා
අසිති අනුව්‍යඤ්ඤන
අසුවක් වු අනු ලක්ෂණ. බුදුරදුන්ගේ සිරුරෙහි පිහිටියා වු අනු ලක්ෂණ අසූවක් පිළිබදව සාහිත්‍ය කෘති වල සඳහන් වෙයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලට අමතරව මෙම ලක්ෂණ විස්තර කොට ඇත.
අසිලිස්
මාවුස් පෙළපතේ දෙවැනියා වූ අසෙස් රජුගේ සමකාලීනයෙකු වූ මොහු අසෙස් රජු සමග එක්ව කාසි නිකුත්කර ඇති අතර ඒ කාසිවල අසෙස් රජුගේ නම ඛරෝෂ්ඨි අක්ෂරයෙන් ද දක්වා තිබේ. මේ දෙදෙනාම මහාරාජාධිරාජ විරුදය භාවිත කර තිබේ.
අසුර
(ඉන්දියා/ආගම්) ‘දාස’ බලන්න.
අසූමහසව්වෝ
දෑගසව්වන් වහස්සේලා ඇතුළුව බුදුරජුන්ගේ මහා ශ්‍රාවකයන් අසූ දෙනා. (1)අඤ්ඤාකොණ්ඩඤ්ඤ, (2)සාරිපුත්ත, (3)මොග්ගල්ලාන, (4)මහා කස්සප, (5)අනුරුද්ධ, (6)පළමු භද්දිය, (7)ලකුණ්ටක භද්දිය, (8)පිණ්ඩොල භාරද්වාජ, (9)මන්තාණිපුත්ත පුණ්ණ, (10)මහාකච්ඡාන, (11)චුල්ලපන්තක, (12)මහාපන්තක, (13)සුභූති, (14)ඛදිරවණිය රේවත, (15)කංඛාරේවත. (16)කොලිවීස සොණ, (17)කුටිකණ්ණ සොණ, (18)සීවලී, (19)වක්කලී, (20)රාහුල, (21)රට්ඨපාල, (22)කුණ්ඩදාන, (23)වංගීස, (24)උපසේන, (25)දබ්බ, (26)පිළින්දවච්ඡ, (27)බාහියදාරුචිරිය, (28)කුමාරකස්සප, (29)මහාකොට්ඨිත, (30)ආනන්ද, (31)උරුවේල කස්සප, (32)කාළුදායී, (33)බක්කුල, (34)සොභිත, (35)උපාලි, (36)නන්දක, (37)පළමු නන්ද, (38)මහාකප්පින, (39)සාගත, (40)රාධ, (41)මෝඝරාජ, (42)භද්දිය, (43)වප්ප, (44)මහානාම, (45)අස්සජි, (46)කිම්බිල, (47)භගු, (48)චුන්ද, (49)නාලක, (50)සෙලුදායි, (51)භද්දාලි, (52)තෝදෙයිය, (53)කප්ප, (54)ඡතුකණ්ණ, (55)පොසාල, (56)පුණ්ණක, (57)ධෝතක, (58)දෙවන නන්ද, (59)අජිත, (60)තිස්ස මෙත්තෙය්‍ය, (61)මෙත්තෙය්‍ය,(62) උපසීවක, (63)හේමක, (64)භද්‍රාවුද, (65)උදය, (66)පිංගිය, (67)මේඝිය, (68)ඡන්න, (69)උපවාන, (70)භද්දජි, (71)යස, (72)ලක්ඛණ, (73)ගවම්පති, (74)පුණ්ණජි, (75)නදීකස්සප, (76)අංගුලිමාල, (77)ගයාකස්සප, (78)අචෙල කස්සප, (79)සභිය, (80)සකුළුදායි.)
අසෙස් II
මාවුස් පරපුරේ රජෙකි.
අස්මක
රාජාණ්ඩුවකි.අගනුවර පෝතාලි නම් විය.
අස්මක/අස්සක/අශ්මක
බුද්ධකාලීන භාරතයේ දක්ෂිණාපථයේ ගෝදාවරී නදීබඩ පැවති රාජ්‍යයකි. සොළොස්මහා ජනපද අතරින් එකකි. ආන්ධ්‍ර රජවරුන් විසින් පාලනය කර ඇත. පෝතන හෙවත් පෝතාලි අගනුවර වී ඇත.
අස්සක
අස්මක යටතේ බලන්න.
අස්සගුත්ත
ධර්මාශෝක රජ සමයේ වැඩවිසූ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි.
අස්සජි
පස්වග තවුසන් අතරින් පස්වැන්නා වේ.
අස්සපුර
අංග රාජ්‍යයට අයත්ව තිබූ නගරයකි.
අහමද්නගර්
රඨිකවරු පාලනය කළ ප්‍රදේශයකි.
අහිඡත්‍ර
උත්තර පංචාල දේශයේ අගනුවර. ඇතැම් තැනෙක අධිඡත්‍ර අභිඡත්‍ර ආදී නම්වලින් ද හඳුන්වා ඇත.
අළව් නුවර
බුදුරදුන් ‌සොළොස්වන වස් කාලය ගතකළ නගරය. ආළවක යක්ෂයා දමනය කළ නගරය.සැවැත්නුවරට යොදුන් 30ක් දුරින් පිහිටා තිබී ඇත.
ආකර දේශය
නැගෙනහිර මාල්වා දේශය.
ආකර
නැගෙනහිර මාල්වා ප්‍රදේශය.
ආකාශ ගංගාව
අනෝතත්ත විලේ දකුණු දිගින් පටන් ගන්නා ගංගාවකැයි විශ්වාස කෙරේ. සැට යොඳුනක් දුර අහසින් ගමන් ගන්නා දියකඳකැයි ද විශ්වාසයක් පවතී.
ආචාර්ය
විමුක්තියට බාධා වන සියලු බැඳීම්වලින් මිදුණු සංසාර සාගරය තරණය කළ අය.
ආජීවක
බුද්ධ කාලීන භාරතයේ සිටි ශ‍්‍රමණ වර්ගයකි. එහි ආරම්භකයා මක්ඛලී ඝෝසාල හෙවත් ඝෝසාල මක්ඛලීපුත්ත ය.
ආට්ටන්අත්ති
චේර කුමාරයෙකි. ඔහු ආදිමන්දි නම් චෝළ කුමරිය සමගිනි. ඇය කරිකාලන් නම් චෝළ රජුගේ දියණියයි. ශිලප්දිකාරම් කෘතියේ මේ චේර කුමරා ගැනත් ආදිමන්දි කුමරිය ගැනත් සඳහන් වේ.
ආණ්ඩිරන්
උරයියුර් නම් බ්‍රාහ්මණ කවියාගේ අනුග්‍රාහකයා.
ආඬිවරු
දකුණු ඉන්දීය ජන කොටසකි. ක්ෂුද්‍ර හෝ ක්ෂුද්‍ර උපකුලයකට අයත් වේ.
ආත්ම නිවේදන
රජුගේ සේවය පිණිස රට වැසියන් සැපයීම. සමුද්‍රගුප්ත රජු විසින් යටත් කරගත් දකුණු හා බටහිර ඉන්දීය රාජ්‍යයන්හි යටහත් බව ප්‍රකාශ කළ එක් ක්‍රමයකි.
ආදම්ගේ කූටය
ශ්‍රී පාද කන්දයි. අරාබිවරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන්නේ ආදම්ගේ කන්ද වැඳීම පිණිස පැමිණෙන වග කියමිනි. ඔවුහු අල්-රුහුන් ලෙස ද මෙම කන්ද හඳුන්වා ඇත.
ආදිත්‍ය I
(871-907)ප්‍රබල සොලී රාජෙකි. විජයාලය රජුගේ පුත්‍රයා වූ මොහු චෝළ රාජ්‍යය බලගතු රාජ්‍යයක් බවට පත් කළේ ය. මොහු බලයට පත් වූ පසු උදා වූ කාලයේ පල්ලවයෝ පාණ්ඩ්‍යයන් හා යුද්ධයක පැටලී සිටි අතර එම සටන ශ‍්‍රී පුරම්බියම් සටන ලෙස හැඳින්වේ. මේ සටනේ දී පළමුවන ආදිත්‍ය රජු පල්ලවයන්ට සහය දැක්වූ අතර මේ සහයෝගය ද හේතු කොටගෙන යුද්ධය ජය ගන්නට පල්ලවයෝ සමත් වූහ. මේ සහයෝගයට කෘතගුණ සැලකීමක් ලෙස පල්ලව රජු වී අපරාජිතවර්මන් රජු ආදිත්‍ය රජුට තංජෝරයට සමීප පල්ලව ප්‍රදේශයක් ද පවරා දුන්නේ ය. එහෙත් වැඩි කල් යන්නට මත්තෙන් ආදිත්‍ය රජු පල්ලව රාජ්‍යයට ද පහර දී ඔවුන්ට අයත්ව තිබූ කොණ්ඩෙයි මණ්ඩලය ද, කොංගු දේශය ද අල්ලා ගත්තේ ය. ඉන් නොනැවතුණු ඔහු බටහිර ගංගයන්ගේ අගනුවර වූ තලකාඩි නගරය ද අල්ලා ගත්තේ ය.
ආදිත්‍ය II
දුර්වල චෝළ කුමාරයෙකි. සුන්දර චෝළ රජුගේපුත්‍රයා ය.
ආදිත්‍යවර්ධන
පුෂ්‍යභූති පරපුරේ පාලකයෙකි. මහාරාජ විරුදය දැරූ ඔහු ප්‍රභාකරවර්ධන රජුගේ පියා විය.
ආදිමන්දි
කරිකාලන් චෝළ රජුගේ දියණිය. ඇය විවාහ වී සිටියේ ආට්ටන් අත්ති නමැති චේර වංශික කුමරෙකු සමගය. සීලප්දිකාරම් කෘතියේ මේ කුමරිය ගැන ද සඳහන් වේ.
ආධිත්‍යසේන
පශ්චාත් ගුප්ත වංශික පාලකයෙකි. මාධවගුප්ත රජුගේ පුත්‍රයා ය. මහාරාජාධිරාජ පදවිය දැරීය. අශ්වමේධ යාග 3ක් කළේ යැයි සඳහන් ය. අප්ෂාද් ටැම් ලිපිය මේ රජුගේ කාලයට අයත් යැයි පිළිගැනෙයි.
ආනන්ද(වාසිස්ටපුත්‍ර)
ශාතකර්ණීන්ගේ කලා ශිල්පීන්ගේ ප්‍රධානියා.
ආනම්ද
ශාතකර්ණී රජෙකුගේ කලා ශිල්පීන්ගේ පරීක්ෂකයෙකි. මොහුට අයත් ශිලාලේඛනයක් සාංචි මහා ස්ථූපයේ වාහල් දොරටුවේ පිහිටුවා ඇත.
ආන්ද්‍ර
දකුණු ඉන්දියාවේ ගෝදාවරී හා ක්‍රිෂ්ණ නදී අතර තිබූ රාජධානියකි. මහාභාරත විස්තරයට අනුව මෙය වරක් සහදේව නම් වීරයා විසින් යුධ කර යටත් කරගෙන ඇත. මෙය ඩෙකෑන් සානුවේ නැගෙනහිර කොටසට භාවිත කළ නාමය කි. මෙහි වෙසෙන ජනයා ද මේ නමින් ම හඳුන්වනු ලැබේ. මෙහි ප්‍රධාන නගරය අන්ධපුරය හෙවත් ආන්ධ්‍රපුරය නම් වී ඇත. ටොලමි සඳහන් කරන ආකාරයට එය ප්‍රතිෂ්ඨාන් නගරය යි. මේ නමින් ගෝත්‍රයක් ද වී ඇත.
ආන්ද්‍ර පර්ය
දක්ෂිණ මෝය අවට ප්‍රදේශය
ආන්ද්‍රජාති
සාතවාහනයෝ
ආන්ද්‍රබ්රිත්‍ය
සාතවාහනයෝ, මෙය ම පුරාණ ග්‍රන්ථවල සීමුඛරජු හැඳින්වීමට යෙදූ නමක් ද වෙයි.
ආන්ද්‍රභෘත්‍ය
සාතවාහනයෝ
ආන්ද්‍රවරු
කාන්වවරුන්ගෙන් පසු බලයට පත්වූ රාජවංශයක්. නමුත් ඔවුන් මගධයේ පාලකයින් වශයෙන් කටයුතු කළ බවක් නොපෙනේ.
ආපස්තම්භ සූත්‍ර
සුත ග්‍රන්ථ අතරින් එකකි. (බලන්න.‘සුත’)
ආපස්තම්භ සූත්‍ර
සුත ග්‍රන්ථ අතරින් එකකි.
ආපුලක
ශතකර්ණී හෙවත් සාතවාහන රජෙකි යැයි අනුමාන කෙරේ.
ආභිර
මිලේච්ඡ ආක්‍රමණික රාජවංශයකි.
ආභීර
ක්‍රි.පූ. පළමු සියවසේ දී ඉන්දියාවට සංක්‍රමණය වූ ශකවරුන් සමග හෝ ඊට මද කලකට පෙර ඉන්දියාවට සංක්‍රමණය වූ ජනවර්ගයකි.
ආමරි
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත්ව තිබී කැණීම්වල දී මතු කර ගත් නගරයකි.
ආම්භි
මහා ඇලෙක්සැන්දර් ආක්‍රමණ සමයේ වයඹදිග ඉන්දියාවේ පැවති ගෝත්‍රික රාජ්‍යයකි.
ආම්රි
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පූර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
ආයසිපූර්
ප්‍රාකාරයකින් වටකළ බලකොටුව(ඍග් වෛදික)
ආයි
සංගම් සාහිත්‍යයේ වර්ණනාවට බඳුන් වී ඇති දකුණු ඉන්දීය ප්‍රාදේශීය අධිපතියෙකි.
ආයුමිත්‍ර
අයෝධ්‍යාවේ පාලකයෙකි.
ආරණ්‍යක
වෛදික සාහිත්‍යය් ප්‍රධාන කොටස් තුනෙන් එකකි.(සංහිතා, බ්‍රාහ්මණ, ආරණයක) මෙම කෘතිවලින් අවධානය යොමු කර ඇත්තේ දෙවියන්, ආත්මය, ලෝකය හා මිනිසා අවබෝධ කර ගැනීම කෙරෙහිය. මේ නිසා මෙම කෘති ගුප්ත දේ හා දර්ශනය පිළිබඳ කරුණුවලින් යුක්තය. ආරණ්‍යවල දී උගතයුතු රහස් ධර්මය, සත්‍ය ගවේෂණය පිණිස අනුගමනය කළයුතු චින්තන විධීන් මේවායේ අන්තර්ගතය. සමාජ චාරිත්‍ර ආදියෙන් බැහැරව ආත්මය පිරිසිදු කරගනිමින් එම චින්තන විධි අනුගමනය කළ යුතුය. මෙය ගිහිගෙය හැර තාපස ව‍්‍රතයට පිළිපන් අයට අදාළ කෘතියකි. යාගහෝම නොව ආධ්‍යාත්මික පාරිශුද්ධිය අගය කළ මේ කෘති ගූඪ දාර්ශනික අගයකින් යුතුය. මේවා බ්‍රාහ්මණ ග්‍රන්ථවල අවසාන කොටස් සේ ද පිළිගැනේ. යාග කළ නොහැකි මහල්ලන් උදෙසා මේවායේ ධර්ම කරුණුු ඇතුළත් කර ඇත.
ආරණ්‍යක ග්‍රන්ථ
බ්‍රාහ්මණ ග්‍රන්ථවල විස්තර වන යුගයට වඩා දියුණු යුගයක විස්තර ඇතුළත් වේ.යාගහෝම පුදපූජා ආදිය වෙනුවට පරම විඥානාර්ථය ගැන විස්තර කරයි.දර්ශනය විග්‍රහ කිරීමට වැඩි ඉඩක් දෙයි.
ආර්. ඩී. බැනර්ජි
ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
ආර්කොට්
මදුරාසි ප්‍රදේශයේ දිස්ත්‍රික් දෙකක් හා නගරයක් මේ නමින් හැඳින්වේ.
ආර්පාක්කම් ලිපිය.
දකුණු ඉන්දීය ශිලාලේඛනයකි. මහාපරාක්‍රමබාහු රජුගේ දකුණු ඉන්දීය යුධ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ගවේෂණයේ දී වැදගත් වේ.
ආර්ය ස්ථවිර නිකාය- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ සක්‍රීයව පැවති
ආර්යයන්ගේ මුල් බිම - මේ පිළිබඳව විවිධ මත භේද පවතී . එහෙත් පොදු මතය හෙවත් බහුතරය පිළිගත් මතය වන්නේ ඌරල් කඳු වැටියට දකුණින් පිහිටි කිර්ගීස් තෘණ බිම් හෙවත් ස්ටෙප්ස් තෘණ භූමි වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති ප්‍රදේශ ආශ්‍රිත භූමිය ආර්යයන්ගේ මුල් බිම් යන්නයි.
ආර්යයන්ගේ මුල් බිම පිළිබඳව විවිධ මත වාද
• ආර්යයන්ගේ මුල් බිම ඉන්දියාවයි. ඩී . ඇස් . ත්‍රිවේද නම් ඉන්දීය පඬිතුමා
• මධ්‍යයම ආසියාව ආර්ය මුල්බිමයි. - ඉන්දියානු හා යුරෝපීය ඉතිහාසඥයෝ පිරිසක්
• ආර්යයන්ගේ මුල් බිම යුරෝපාකරයේ ස්ථානයකි. - යුරෝපීය ඉතිහාසඥයෝ
• ආර්යයන්ගේ මුල් බිම වුයේ දකුණු රුසියාවේ කළු මුහුදේ උතුරු වෙරළබඩ තීරය යි. ෂ්‍රාඩර් පඬිතුමා
• හංගේරියාව ආර්යයන්ගේ මුල් බිම යි. ජයිල්ස් පඬිතුමා
• ආර්ය මුල් බිම ජර්මනියයි.-කොස්සින නම් ජර්මන් පඬිතුමා
• කිර්ගීස් තෘණ භූමි වල උතුරු කොටසයි.- ආර්. ඇන්. දණ්ඩෙකාර් නම් ඉන්දීය පඬිතුමා
කිර්ගිස් තෘණ භූමිය ආර්ය නිජ බිමයි. - ග්‍රීස් වෝල්ඩ් පඬිතුමා
ආර්ය සංක්‍රමණ - හේතු ගණනාවක් නිසා ආර්යයෝ සිය මුල් බිම් හැරගිය බවට සාධක ඇත. ක්‍රි.පු 3500 දී පමණ කිර්ගීස් තෘණ බිම් ආශ්‍රිත ප්‍රදේශවල වාසය කළ ආර්ය ජනයා ගෝත්‍ර කණ්ඩායම් වශයෙන් වරින් වර බිදී ගොස් වරින් වර විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වූහ. ඊට බලපෑ සාධක අතර
• ජනගහනය අධික වීම නිසා අසමගිකම් වර්ධනය වීම.
• ආහාර හිඟ වීම.
• දරුණු නියං ඇති වීම.
• ගොවිතැන් පාළු වීම.
• යුද්ධ පරාජයන්
ක්‍රි.පු 2800-2600 අතර කාලයේ දී මුල්ම කණ්ඩායම් ආර්ය මුල් බිම් හැරගිය බවට සාධක ඇත. එසේ වෙන්ව ගිය කණ්ඩායම් අතර ප්‍රධාන කණ්ඩායම් 2 කි.
01. හිටයිට්වරු
02. ලූවියන්වරු
මොවුන් මුල් බිමෙන් වෙන්ව ගොස් නිරිත දෙසට සංක්‍රමණය වී සුළු ආසියාවේ පදිංචියට ආහ. ඔවුන්ගේ ගමන් මඟ වැටී තිබුනේ කැස්පියන් මුහුදේ උතුරු වෙරළ ඔස්සේ හා කොකේසස් කඳුවැටිය හරහාය. මෙසේ සංක්‍රමණය වු පිරිස් වැඩි කල් යාමට මත්තෙන් ස්වදේශීය ජනයා හා මිත්‍ර වු බව පිළිගැනේ.
ක්‍රි. පු 2600 න් පසු මුල් ආර්යයන්ගේ භූමියෙන් වෙන් වී ගිය කොටස් ගමන් කළේ පෙර කන්ඩායම් ගමන් කළ අයුරින් නිරිත දෙසට නොවේ. ගිනිකොන දෙසටයි. එසේ ආ ඔවුන් බාල්ක් හෙවත් බැක්ට්‍රි යන ප්‍රදේශයේ ( හින්දු කුෂ් කඳු පාමුල සිට කැස්පියන් මුහුද දක්වා පෙදෙස ) තරමක් දීර්ඝ කාලයක් නතර වී සිටියහ . පසුව මේ ජනයාගෙන් ද කුඩා කොටස් වෙන් වී විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වුහ. ඔවුන් අතරින් ප්‍රධාන කණ්ඩායම් 2 කි.
01. කැසයිට්වරු - නිරිත දිග ආසියාවට සංක්‍රමණය වූහ.
02. මිතන්තීවරු - උතුරු මැද මෙසපොතේමියානු භූමියට සංක්‍රමනය වූහ.
මීට අමතරව ක්‍රි. පු 2300-2000 අතර කාලයේ දී බැක්ට්‍රියානු ප්‍රදේශයේ සිටි ආර්ය කණ්ඩායමෙන් කුඩා කොටස් වෙන්වී සුළු ආසියාව සිරියාව පලස්තීනය උතුරු මෙසපොතේමියාව වැනි ප්‍රදේශවලට සංක්‍රමණය වුහ. එහෙත් මේ සියල්ලෝ පසුව ක්‍රමයෙන් ස්වදේශිකයන් හා මිශ්‍ර වී ගිය බවට ද සාධක ඇත්තේය.
ආර්යදේව - කණිෂ්ක රජු දවස මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි.
ආර්යභට- ගුප්ත යුගයේ සිටි ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයෙක් මෙන් ම ගණිතඥයෙකි. ගණිතයට අදාළ ආර්යභට්ටිය නම් කෘතිය ද, තාරකා විද්‍යාවට අදාළ සූර්යසිද්ධාන්තය නම් කෘතිය ද රචනා කළේය.
ආර්යභට්ටිය- ආර්යභට විසින් ගණිත විෂයයට අදාළව ගුප්ත යුගයේ දී රචනා කරන ලද කෘතියකි.
ආර්යමහා සංඝික නිකාය- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ සක්‍රීයව පැවති හීනයාන බෞද්ධ නිකායකි.
ආර්යමූල නිකාය-හර්ෂවර්ධන රාජ්‍ය සමයේ සක්‍රීයව පැවති හීනයාන බෞද්ධ නිකායකි.
ආර්යශූර- ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
ආර්යාවර්ත - පැරණි භාරතීය ග්‍රන්ථවල ඉන්දියාව භූගෝලීය වශයෙන් කොටස් පහකට බෙදා දක්වා ඇත. මධ්‍යදේශ, උත්තරාපථ(උදීච්‍ය), පූර්වදේශ(ප්‍රාච්‍ය), දක්ෂිණාපථ, අපරාන්ත(ප්‍රතීච්‍ය) වශයෙනි. පතංජලී සඳහන් කරන්නේ ආර්යවර්තය යනු මධ්‍ය දේශය බව යි. නමුත් බ්‍රාහ්මණ ග්‍රන්ථවලත්, තවත් ග්‍රන්ථ ගණනාවකත් මේ සීමා වෙනස් ආකාරයෙන් දක්වා තිබේ. කෙසේ වෙතත් ඒ සියල්ලේ කියැවෙන පොදු භූමියක් ද තිබේ. නමුත් එහි දකුණු සීමාව වින්ධ්‍යා කඳුවැටිය බව අවධාරණය විය යුතු වේ.
ආර්‍ය්‍යාවළේ - හින්දු ආගමට හා ජෛන ආගමට අයත් පැරණි ගොඩනැගිලි රාශියක් දක්නට ඇති ගම්මානයකි. ඉන්දියාවේ බිජාපූර් දිස්ත්‍රික්කයට අයත් ධාර්වාර් ප්‍රදේශයෙහි පිහිටා ඇත. අයිහෝළේ (බලන්න)
ආර්සෙසෙස්-බැක්ට්‍රියාවේ දෙවන අන්තියෝකස් රජුට එරෙහිව කැරළී ගසා පාර්තියාව ස්වාධීන කරගත් පාලකයා.
ආලංගානම්-දකුණු ඉන්දියානු ප්‍රදේශයකි. මෙහි වූ සංග්‍රාමයක් ගැන සංගම් සාහිත්‍යයේ ද සඳහන් වේ.
ආලකමන්දාව - කුවේරයාගේ වාසභවනය යි. අලකා පුරය යි.(‘අලකාව’ බලන්න)
ආලම්ගිර්පූර්- ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත්ව තිබී කැණීම්වල දී මතු කර ගත් නගරයකි.
ආලම්ගිර්පූර්-යමුනා නදීබඩ ස්ථානයකි.
ආලාරකාලාම-සිද්ධාර්ථ ගෞතමයෝ ගිහිගෙය පිළිබඳ සත්‍යය අවබෝධකොටගත් පසු ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳ මතය ප්‍රගුණ කරනු පිණිස මෙම ගුරුවරයා වෙත ගිය බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
ආවශ්‍යක නිර්යුක්තිය-ජෛන මූලාශ්‍රයකි.
ආවශ්‍යක සූත්‍රය-ජෛන සූත්‍රයකි.
ආවුර් මුලම් කිලාර්-සංගම් යුගයේ කවියෙකි.
ආශ්‍රම - බ්‍රාහ්මණ දර්ශනය අනුව ජීවිතයේ සිව් වැදෑරුම් අවස්ථා. මේ ආගමික චින්තනය අනුව ඇසිය යුතු හා යළියළිත් ස්මරණය කළ යුතු ධර්මය කොටස් හයකට බෙදා තිබේ. (වර්ණ ධර්ම, ආශ්‍රම ධර්ම, වර්ණාශ්‍රමධර්ම, ගුණධර්ම, නෛමිත්තික ධර්ම, සාධාරණ ධර්ම ආදී වශයෙනි.) ආශ්‍රම ධර්ම යන්න යළි කොටස් 4කට බෙදා තිබේ. බ්‍රහ්ම චර්යා(ආචාර්ය වරයෙක් ඇසුරේ ගත කරන කාලය හෙවත් අන්තේවාසික කාලය,), ගෘහස්ථ(ගෘහස්ථව විවාහ වී දරුවන් ඇති දැඩි කරමින් ගතකරන කාලය), වානප්‍රස්ථ(වනවාසීව ගත කරන කාලය) හා සන්‍යාසි(මුණිවරයෙකු වශයෙන් ගතකරන කාලය) වශයෙනි.
ආසන්දිවන් - හස්තිනාපුරය.
ආහනානුරු- ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි.
ආළවක - අළව් රට අළව් නුවර විසුවේ යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන යක්ෂ සෙනෙවියෙකි. වෙසමුණි රජුගෙන් වරම් ලබා නුගවෘක්ෂයක විසූයේ යැයි සඳහන් වේ. ආළවක දමනය බුද්ධචරිතයේ සුවිශේෂී සංධිස්ථානයකි.
ආළාර කාලාම -මහාභිනිෂ්ක්‍රමණයන් පසු සිද්ධාර්ථ ගෞතමයෝ උපදෙස් සොයා ගිය පළමු හෝ දෙවන ආචාර්වරයා ය. ථෙරිගාථා අටුවාවේ භාර්ගව නම් ආචාර්යවරයෙකු ගැන ද සඳහන් වන නිසා මේ දෙවන ආචාර්යවරයා යැයි දැක්වීම නිවැරදි ය.
ආළ්වාර්
වෛශ්ණව භක්ති ගීත රචනා කිරීමේ කීර්තිමත් සාධුවරු දොළොස්දෙනා මේ නමින් හැඳින්වේ. (සරෝ යෝගී, භූත යෝගී, මහා යෝගී, භක්තිසාර, ශටකෝප, ශ්‍රී මධුරකවි, කුළශේකරාල්වාර්, පෙරියාළ්වාර්, ගෝදා, භක්තාංග්‍රිරේණු, යෝගිවාහන, පරකාල්)
ඇකිමේනියානු අධිරාජ්‍යය/ ආකිමේනියානු අධිරාජ්‍යය
වත්මන් ඉරාන ප්‍රදේශය මුල්කරගනිමින් ආසියානු කලාපය ද අල්ලාගනිමින් වර්ධනය වූ දැවැන්ක අධිරාජ්‍යයකි. මේ පිළිබඳ තොරතුරු වැඩි ප්‍රමාණය හමුවන්නේ ග්‍රීක මූලාශ්‍රයවල ය. මෙහි දී හෙරඩෝටස්ගේ වාර්ථා වඩාත් ප්‍රබල වේ.මේ අධිරාජ්‍යයට අයත් ශිලා ලේඛන හා රැස්වීම්ශාලා ආදියේ නටබුන් රැසක් ද හමු වී තිබේ. ක්‍රි.පූ. 559-529 කාලයේ මේ අධිරාජ්‍යය පාලනය කළ මහාසයිරස් රජු මේ අධිරාජ්‍යයේ පළමු ශ්‍රේෂ්ඨ පාලකයා සේ පිළිගැනෙයි.පසාර්ගදී නගරය අගනුවර කරගනිමින් මේ රජු යටතේ ප්‍රදේශ ගණනාවක අධිරාජ්‍යය ව්‍යාප්ත විය. ඔහු සිය අධිරාජ්‍යය කැස්පියන් මුහුදේ සිට ඉන්දීය සාගරය දක්වා ව්‍යාප්ත කළේ යැයි හෙරඩෝටස් සඳහන් කර තිබේ. මහා සයිරස් රජුට පසු බලයට පත් වූ කැම්බයිසීස් රාජ්‍ය සමයේ දී මිසරය ද මේ අධිරාජ්‍යයට අයත්වූ නමුත් ඒ් කාලයේ ම අභ්‍යන්තර ගැටළු කිහිපයක් මතුවිය. මේ නිසා අධිරාජ්‍ය වර්ධනය තාවකලිකව ඇණහිටිය ද, ඔහුට පසු බලයට පත් මහා ඩේරියස් රජු යළිත් වතාවක් අධිරාජ්‍යය තුළ සාමකාමී තත්ත්වයක් උදාකරගනිමින් වර්ධනීය තත්ත්වයකට ගෙනඒමට සමත්විය. ඒසේ වුව ද ඔහුගේ කාලයේ දී ග්‍රීකයෝ ප්‍රබලව ඇකිමේනියානු හෙවත් පර්සියන් අධිරාජ්‍යයට පහරදුන් අතර ඔවුන් ඇකිමේනියානු නිවික බලය විනාශකිරීමට ද සමත් වූහ. මින් පසු අධිරාජ්‍යය යළිත් අනතුරුදායක තත්ත්වයකට පත්වුව ද, තුන්වන ඩේරියස් රාජ්‍ය සමයේ දී යළි සාර්ථක වීමට ඔවුහූ සමත්වූහ. එහෙත් ඒ් සාර්ථකත්වය වැඩිකලක් දරා සිටීමට ඇකිමේනියානුවෝ අසමත් වූහ. ඊට හේතුව ග්‍රීකයන් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා යටතේ යළි සංවිධිනය වීම යි. රණශූර ඇලෙක්සැන්ඩර් ග්‍රීක හමුදා මෙහෙයවමින් ඇකිමේනියානු අධිරාජ්‍යයේ කොටස් ක්‍රමයෙන් අත්පත්කරගනිමින් පැමිණ ඔවුන්ගේ පාලන මර්මස්ථානය වූ පර්සිපොලිස් නගරය ගිනිබත්කිරීමත් සමග ඇකිමේනියානු අධිරාජ්‍යය සපුරා ම බිඳවැටුණි. ඉන්පසු ඇකිමේනියානු අධිරාජ්‍යයක් ගැන ඉතිහාසයේ අසන්නට නොලැබේ. නමුත් ඇකිමේනියානු අධිරාජ්‍යය ඉන්දීය ඉතිහාසයට ද අතිශයින් බලපා ඇතිවග සඳහන්කළ යුතුම ය. ඇකිමේනියානු අධිරාජ්‍යයට ඉන්දියාවේ වයඹදිග කොටස ද අයත්වූ නිසා ඉන්දියාවත් යුරෝපයත් අතර සබඳතා මේ යුගයේ දී වර්ධනය විය.පර්සියානු සංස්කෘතික ආභාසය ද මේ යුගයේ ඉන්දීය සංස්කෘතියට හිමි වී තිබේ. ඇකිමේනියාන්(පර්සියානු) ‘අපදාන’ ශාලා සම්ප්‍රදායට අනුව ඉදිකළ ගොඩනැගිලි නටබුන් පාඨලීපුත්‍රයේ තිබී හමුවීම මීට හොඳ ම උදාහරණය වේ.
ඇසෑම්
ඉන්දියානු සමූහාණ්ඩුවේ ඊසානදිග කොටස යි. මෙය වත්මන් භූතානය, බුරුමය, චීනය, ටිබෙට් හා බංගලිදේශය යන රටවලින් වට වී තිබේ.
ඇසතු
බුද්ධ සංකේතයකි. බුද්ධගයා කැටයම් අතර එයි. ගෞතම බුදුන් සංකේතවත් වේ.
ඇල්පයින් මානව වර්ගය
මෙම වර්ගයට අයත් මානවයින්ගේ හිස් කබල් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පැතිර පැවති ප්‍රදේශවලින් ද හමු වී ඇත. මොවුන්ගේ හිස්කබල ප්‍රමාණයෙන් විශාලය.
ඇලෙක්සැන්ඩර් කනිංහැම්
කනිංහැම් යටතේ බලන්න.
ඇලෙක්සැන්ඩර්
මහා ඇලෙක්සැන්ඩර් හෙවත් තෙවන ඇලෙක්සැන්ඩර් නමින් ප්‍රකට වූ මහා රණ ශූරයෙකි. ප්‍රතාපවත් මැසිඩෝනියානු අධිරාජයෙකි. පෙලා නගරයේ උපන් හෙතෙම දෙවැනි පිලිප් රජුගේ පුත්‍රයා ද සුප්‍රකට දාර්ශනික ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යයා ද විය. ක්‍රි.පූ. 356-323 අතර කාලයේ කෙටි ජීවිත කාලයක් ගතකළෙකි. කුඩා කාලයේ ඔහුගේ මව හා පියා වෙන්වූයෙන් ඔහුට සිය මව වූ ඔලිම්පියාස් සමග එපිරස් වෙත යෑමට සිදුවිය. ඒ් අතර කාලයේ ඔහුගේ පියා ඝාතනයට ලක්වූයෙන් යළි පැමිණ මැසිඩෝනියානු සහසුන භාරගැනීමට සිදුවිය. වයස අවුරුදු 19 දී ඔහු මැසිඩෝනියානු අධිරාජ තනතුරට පත්වන්නේ ද ගැටුම් රැසක් මධ්‍යායේ ය. කෙසේ වෙතත් අධිරාජ තනතුරට පත්වූ හෙ‌තම දිග්විජය ව්‍යාපාරයක් අරඹමින් ඇකිමේනියානු අධිරාජ්‍යය ද අල්ලා ගත්තේ ය. අනතුරුව වයඹදිග ඉන්දියාව දක්වා ආක්‍රමණ මෙහෙයවූ හෙතෙම සින්ධු නදියේ අතුගංගාවක් වූ බියස් නදිය අසලින් ආපසු හැරී ක්‍රි.පූ. 323 වැන්නේ දී බැබිලන් වෙත ළඟා විය. ඉන්දීය භූමියේ දී සිදු වූ සටන් අතරතුර ඉන්දියානුවන්ගේ මහදුන්නේ ප්‍රහාරයකින් තුවාල ලබා සිටි ඇලෙක්සැන්ඩර් බැබිලන්හි පැවති විජයග්‍රහණයේ සමරු භෝජන සංග්‍රහයෙන් අනතුරුව අසනීප වී ඒම වර්ෂයේ ම ජුනි 13 වැනි දා මිය ගියේ වයස අවුරුදු 33ක් පමණක් සපුරා සිටියදී ය.
ඇරමෛයික්
භාෂා ගණයකි. එය සෙමිටික් භාෂා පවුලේ වයඹ දිග කොටසට අයත් වේ.
ඇරකෝෂියාව
වත්මන් ඉන්දියාවේ කන්දහාර් ප්‍රදේශයට යෙදුණු පැරණි නම යි. මෙය ඇකිමේනියානු අධිරාජ්‍යයේ ක්ෂත්‍රප මණ්ඩලයකි. ඇතිමේනියානු අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු මේ ප්‍රදේශය මහා ඇලෙක්සැන්ඩර් යටතට පත්වුණු අතර ඔහුගේ මරණයට පසු සෙලියුකස් නිකේටර් යටතටත් ගිවිසුමක් අනුව ක්‍රි.පූ. 305 දී චන්ද්‍රගුප්ත මෞර්ය යටතට පත්විය
ඇරකන්යෝමා
උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති කඳුපන්තියකි. එහෙත් එය වත්මන් ඉන්දියාවට අයත් නොවේ.
ඇප්ගනිස්ථානය
ඉන්දියාවට වයඹදෙසින් පිහිටි රාජ්‍යයකි. පැරණි ඉන්දියාවට මේ රාජ්‍යයේ කොටස් ද වරින්වර අයත්ව තිබී ඇත. මේ රාජ්‍ය සීමාව තුළ පිහිටි බාමියාන් නිම්නයේ කුෂාණ යුගයේ කලා නිර්මාණ නටබුන් තවමත් සුළු වශයෙන් හෝ ඉතිරිව ඇත. මෑතකාලයේ තලේබාන් අන්තවාදී මුස්ලිම් සංවිධානය විසින් මේ නිම්නයේ තිබූ ගන්ධාර සම්ප්‍රදායට නෑ කම් කියූ බුද්ධප්‍රතිමා රොකට් වෙඩි ගසා විනාශකරන ලදී.
ඇපලෝ දෙවි
බුද්ධරූපය මානවරූපීව ප්‍රතිනිර්මාණය කිරීමේදී ඊට බෙහෙවින්ම මූලාදර්ශ වූයේ මේ දෙවියන්ගේ රුව යැයි පිළිගැනෙයි.
ඇපලඩෝටස්
බැක්ට්‍රියාවේ එවුතිඩිමෙස් පරපුරේ රජෙකි.
ඇතා
එනම් සත්ත්වයා/බුදුරදුන් පිළිබඳ සංකේතයකි.(ගජතම)/අතීතයේ සිට බර ඇදීම, යුද්ධ කිරීම ආදී කටයුතුවලටත් පෙරහැර ආදී සංස්කෘතිකාංගවලටත් යොදා ගත් සත්ත්වයා/ඉන්ද්‍ර දෙවියන්ගේ රථය
ඇග්‍රමේස්වරු
ඇලෙක්සැන්දර් ආක්‍රමණ අවස්ථාවේ ගංගා නිම්නයට පිවිසීමට පහසුුමමග වූ හිමාලයේ වයඹ දිග කොටසත්, ථාර් කාන්තාරයත් අතරින් ඇති තැනිතලාව ආරක්ෂා කළේ මොවුහුය.
ඉක්ටා
ඉඩමක හෝ ගමක ආදායමක් පිරිනැමීම මේ නමින් හඳුන්වා තිබේ.
ඉක්ෂ්වාකු
රාජවංශයකි. පැරණි කෝසල රාජ්‍යය පාලනය කළ රාජවංශයකටත් ඩෙකානයේ ක්‍රිෂ්ණ හා ගංතූර් ප්‍රදේශ පාලනය කළ රාජවංශයකටත් මේ නම යෙදී ඇත.
ඉත්-සිං/ඉජිං
ක්‍රි. ව. හත්වන සියවසේ ඉන්දියාවේ හා ශ්‍රී විජය රාජ්‍යයේ සංචාරය කරමින් උතුරු ඉන්දියාව පිළිබඳ සටහන් තබා ඇති හිමි නමකි. චීන ජාතිකයෙකි. ග්‍රන්ථ කිහිපයක් ම චීන බසට පෙරළූ හිමිනමකි.
ඉන්ඩිගෝ
රෙදි සායම් කිරීම පිණිසත්, සිතුවම් ආදිය පිණිසත්,නිල් වර්ණය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ බහුල වශයෙන් වගා කළ ශාකයකි.
ඉන්ඩියා
පර්සියානු ග්‍රීක හැඳින්වීම් මුල් කර ගනිමින් ඉංග්‍රීසින් ඉන්දියාව හැඳින්වූයේ මෙම නමිනි. ඉන්දු නදිය හෙවත් සින්ධු නදිය නිසා ඇති වූ ව්‍යවහාරයකි
ඉන්දගුත්ත හිමි
ධර්මාශෝක රජතුමාගේ විහාර කර්මාන්ත අධීක්ෂණය කළ හිමිනමකි.
ඉන්දිකා/ඉන්ඩිකා
චන්ද්‍රගුප්ත මෞර්ය රාජසභාවේ සිටි ග්‍රීක තානාපති මිගැස්තිනීස් විසින් රචනා කරන ලද කෘතියකි. මේ යුගයේ ඉතිහාසය හැදෑරීමේ දී අතිශය වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයකි.
ඉන්දියා
විදේශිකයන් භාරතය හැඳින්වීමට යොදා ගත් නම යි. දැනටත් ඉන්දියානුවන් තම රට භාරත් යන නමින් ම හැඳින්වීමට වඩාත් ප්‍රිය කරන අතර ජාත්‍යන්තරයේ දී පමණක් ඉන්දියා යන නම භාවිත කරති. මෙම නාමය බිහි වන්නට ඇත්තේ ඉන්දු නදිය හෙවත් සින්දු නදිය මුල් කරගෙන විය යුතුය.
ඉන්දියාවේ දොරටුව= කයිබර් දුර්ගය
ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය
ගන්ධාර කලා සම්ප්‍රදාය යි. ඒ යටතේ බලන්න.
ඉන්දු ග්‍රීකයෝ
මෞර්ය අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු උතුරු ඉන්දියාවේ ඇති වූයේ අස්ථාවර දේශපාලන තත්ත්වයකි. මේ තත්ත්වය මත උතුරු ඉන්දියාව අනාරක්ෂිත වූ බවත්, ක්‍රමයෙන් විදේශීය හා දේශීය ආක්‍රමණික සංක්‍රමණිකයින්ට උතුරු ඉන්දියාව ගොදුරු වූ අයුරුත් පැහැදිලි ය. ඉන්දු ග්‍රීකයෝ මේ සමයේ බලවත් වූ තවත් ආක්‍රමණික ජාතියකි. මධ්‍යාසියානු ඉතිහාසය හදාරන්නෙකුට ඉන්දු ග්‍රීකයන් පිළිබඳ මුල් තොරතුරු හමු වේ. ඔවුන් මහා ඇලෙක්සැන්ඩර් ආක්‍රමණ සමයේ පටන් ම ඉන්දීය ඉතිහාසයට විවිධාකරයෙන් සම්බන්ධ වී තිබේ. කලින් කලට යටපත් වෙමින් හා මතු වෙමින් ඉන්දීය ඉතිහාසයේ හැඩය තීරණය කිරීමට යම් බලපෑමක් කළ ඉන්දු ග්‍රීකයෝ පශ්චාත් මෞර්ය යුගයේ දී වඩාත් බලවත්ව නැගී ආහ.
යවන යන නාමය ද මොවුන් හැඳින්වීමට යොදා ඇත්තේ ය. ඩේරියස් රජුගේ ශිලාලේඛනවල මෙන් ම මහාභාරතයේ ද මනුස්මෘතියේ ද මේ නම භාවිත වී අති නිසා මොවුන් හැඳින්වූ සැබෑ නැමය එය විය යුතු යැයි සිතේ. ඉන්දු ග්‍රීක නාමය පසුකාලීනව පටබැඳුනක් වියයුතු ය. (නමුත් පසුකාලීනව යවන යන නාමය ඉන්දු ග්‍රීකයන් පමණක් නොව ඉන්දියාවට පැමිණි ඕනෑම ආක්‍රමණිකයෙකු හැඳින්වීමට යොදා ගත් බවක් ද දක්නට ලැබෙයි.) අශෝක ශිලාලේඛනවල යෝන නමින් හඳුන්වා ඇත්තේ ද මේ යවන හෙවත් ඉන්දු ග්‍රීකයන් ය. රුද්‍රදාමන්ගේ ජුනගාද් ලිපියෙන් පෙනී යන්නේ සෞරාශ්ට්‍රයේ තුෂාස්ට්‍ර නමින් යවනයෙකු සිටි බවයි. මේ කාලයේ ම කාබුල් ප්‍රදේශයේ ද යවනයන් පාලන කටයුතුවල නිරතවී සිට ඇත. යුග පුරාණ, මාහාභාෂ්‍යය, මාලවිකාග්නිමිත්‍ර වැනි කෘතිවලින් පෙනී යන පරිදි පශ්චාත් මෞර්ය යුගයේ දී යවනයන් ලෙසින් ද හැඳීන්වූ ග්‍රීකයන් උතුරු ඉන්දියාවට ආක්‍රමණයක් එල්ල කර තිබේ. නමුත් ඉතිහාසය ඔවුන් හඳුන්වන්නේ බැට්‍රියන් ග්‍රීක නමිනි. ඇන්ටියෝකස් නම් බැක්ට්‍රියන් ග්‍රීක රජු හින්දුකුෂ් කඳු තරණය කර පැමිණ කාබුල් නිම්නයේ සුභාගසේන නම් රජුගේ රාජ්‍යය අල්ලාගත් බවත්, සුභාගසේන රජු කප්පම් ගෙවා යටත් බව ප්‍රකාශ කළ බවත් මහාභාෂ්‍යයේ හා යුග පුරාණයේ සඳහන් වේ. මේ රජු පසුව කාබුල්වලට අමතරව බටහිර ඉන්දියානු ප්‍රදේශ කිහිපයක් ද අල්ලාගෙන ඇත. තවත් කලක් යනවිට මෙම යවනයන් සාකේත හා කුසුමද්වාර නගර ද අල්ලා ගත් බව ඉහත මූලාශ්‍රයවල ම සඳහන් වේ. මෙයින් පෙනී යන්නේ වයඹ දිග ඉන්දියානු ප්‍රදේශ අල්ලාගැනීමෙන් නතර නොවී ඔවුන් ගංගා නිම්නයට ද ආක්‍රමණ එල්ල කර ඇති බව යි. ඔවුන් පාඨලීපුත්‍රය ආක්‍රමණය කර ජනතාවගෙන් අසාධාරණ ලෙස බදු අයකරගත් බව යුගපුරාණයේ සඳහන් වේ. මාලවිකාග්නිමිත්‍රයේ ද මේ පිළිබඳ සඳහන් වේ. පුෂ්‍යමිත්‍රගේ මුණුපුරු වසුමිත්‍ර විසින් සින්ධු නදියේ දකුණු ඉවුරේ දී යවනයන් පරාජය කළේ යැයි එහි සඳහන් වේ. පුෂ්‍යමිත්‍ර ශුංගයන්ට සමකාලීනව සිදු වූ සේ පිළිගැනෙන මෙම ආක්‍රමණයේ දී බැක්ට්‍රියන් ග්‍රීකයන් හෙවත් යවනයන් මෙහෙයවා ඇත්තේ ඩිමෙට්‍රියස් යටතේ සටන් කළ මිනැන්ඩර් හෙවත් මිලින්ද යැයි විශ්වාසයක් පවතී. නමුත් මෙය කිසිදු මූලාශ්‍රයක් මගින් සනාථ වී නැත්තේ ය. තවත් කලකට පසු බැක්ට්‍රියානු ග්‍රීක ප්‍රදේශ යුක්‍රටයිඩීස් නම් වෙනත් ග්‍රීක වශයක බලයට නතු වූ අතර මේ කාලයෙන් පසු මෙම ග්‍රීකයන් ඉන්දු ග්‍රීක නාමයෙන් හඳුන්වා ඇත. ස්ට්‍රාබෝ සිය වාර්තාවල මෙම ඉන්දු ග්‍රීකයන් පිළිබඳව හඳුන්වා තිබේ. ඔහුගේ වාර්තාවල දැක්වෙන පරිදි වැදගත් ම ඉන්දු ග්‍රීක පාලකයන් දෙදෙනෙකු හඳුනාගත හැකි ය.
1. 2වන ඩිමෙට්‍රියස්
2. මිනැන්ඩර්(මිලින්ද)
මේ දෙදෙනා අතරින් ද වඩාත් වැදගත් රජු මිනැන්ඩර් යැයි පිළිගැනෙයි. ටිබෙට් ලේඛනවල මෙන් ම ක්ෂේමේන්ද්‍රෙග් අවදාන කල්පලතාවේ මේ රජු හඳුන්වා ඇත්තේ මිලින්ද නමිනි. මූලාශ්‍රය වල සඳහන් වන්නේ මේ රජු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාටත් වඩා ඉන්දියානු ප්‍රදේශ ආක්‍රමණය කළ බව යි. බැක්ට්‍රියාවේ ඔක්සස් නදී නිම්නයේ සිට ගංගා නිම්නය දක්වාත්, හිමාලයේ සිට නර්මදා නදිය දක්වාත් ඔහු පාලනය කළ වගක් මූලාශ්‍රයවල සඳහන් වේ. පාඨලීපුත්‍ර හා උජ්ජේනි වැනි නගර ද ඔහු යටතේ පැවති බවට ග්‍රීක වාර්තා සාධක සපයා ඇත. ඔහුගේ අගනුවර වී ඇත්තේ සියල්කොට් හෙවත් සාකලය යි. මේ රජුට අයත් කාසි කාබුල් නදී මිටියාවතෙන් මෙන් ම උත්තර ප්‍රදේශයෙන් ද හමු වී ඇත. තක්ෂිලා, පෙෂවෝර්, රාවල්පිණ්ඩි, උජ්ජේනි, අභිසාර, වැනි ප්‍රදේශවලින් ද ඔහුට අයත් කාසි සොයාගෙන තිබේ. වයඹදිග ඉන්දියාවෙන් පමණක් හමු වී ඇති කාසි ප්‍රමාණය 200ක් පමණ වේ. කාසි හෙවත් නාණක විද්‍යා මූලාශ්‍රය යනු මේ රජු පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රය වර්ගය යි. එක් පැත්තක ග්‍රීක අක්ෂරයෙන් ද, අනෙක් පැත්තේ ඛරෝෂ්ඨි අක්ෂරයෙන් ලියූ පාඨ ද ඇතුළත් මෙම කාසිවල ප්‍රතිමුඛයේ ග්‍රීක දෙව් රුවක් ද ආමුඛයේ රජ රුවක් ද දක්නට ලැබෙයි. පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී කෘතියට අනුව පෙනී යන්නේ මේ රජුගේ කාසි බ්‍රෝච් වරායේ ද භාවිත වී ඇති බව යි. මේ රජු බෞද්ධයෙකු වූ බව ද බෞද්ධ මූලාශ්‍රය අනුව පෙනී යයි. සුප්‍රසිද්ධ බෞද්ධ මූලාශ්‍රයක් වන මිලින්ද පඤ්හ(මිලින්ද ප්‍රශ්නය) කෘතිය ලියැවී ඇත්තේ මේ රජු හා නාගසේන නම් බෞද්ධ භික්ෂූන්වහන්සේ අතර ඇති වූ බෞද්ධ සංවාද පදනම් කරගෙන යැයි පිළිගැනෙයි. මෙම සංවාදයෙන් පසු මිනැන්ඩර් රජු සිය රාජ්‍යය සිය පුත්‍රයාට භාර දී සසුන්ගත වී බව ද රහත් භාවයට පත් වූ බව ද බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ග්‍රීක මූලාශ්‍රයවල සඳහන් වන්නේ මිනැන්ඩර්ගේ මරණින් පසු ඔහුගේ භෂ්මාවශේෂ බෙදාගන්නට රජවරුන් අරගල කළ බවයි.
මෙනැන්ඩර්ගේ අභාවයට පසු ඉන්දියාවේ ග්‍රීක බලය ක්‍රමයෙන් පරිහානියට පත්විය. තක්ෂිලාව මුල්කරගනිමින් තවත් ග්‍රීක රාජවංශයක් ද බලයට පත්විය. පහ්ලව හා යු-එ-චී වරුන්ගේ බලපෑම්වලින් මිදීමට උත්සාහ කරමින් තවත් සුළු කාලයක් බලයේ සිටි ග්‍රීකයන්ගේ ඉන්දීය භූමියේ අවසන් පාලකයා සේ සැලකෙන්නේ හර්මයියෝස් ය.
ඉන්දු නදිය
සින්දු නදිය යන නමින් ද හැඳින්වෙන මෙය වයඹ දිග ඉන්දියානු ප්‍රදේශය හරහා ගලා බසිනා ගංගාවකි. හිමාලයේ ටිඛෙට් සානුව ආශ්‍රිත කෛලාස ශිඛරයත් මානස විලත් ආශ්‍රිතව ඇරඹී වත්මන් පාකිස්ථානය හරහා ගලා යයි. පළමුව බටහිරටත් පසුව වයඹ දෙසටත් කාර්කෝරම් සහ හිමාලයානු කඳු අතරින් සැතපුම් අටසියයක් පමණ ගලා බසින මෙම නදියට ගිල්හිට් නදිය එක්වේ. දිග කිලෝමීටර 2900කි. පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමිටර 1,165,500 කි. ඉන්පසුව ඉන්දු තැනිතලාවට එක්වන මෙම නදිය හිමාලය කඳු ආශ්‍රිතව ඇරඹෙන ගංගා පහක් හා එක්වේ. ඒවා නම් ජේලම්, චෙනාබ්, රාවි, බියෙස් හා සත්ලෙජ් ය. මේ නදීන් සින්ධු නදිය හා එක්වන ප්‍රදේශය ජලමාර්ග පහ යන අරුතින් පංච්ආබ් හෙවත් පන්ජාබ් යන නම ලබා ඇත. (අතීතයේ මේ ප්‍රදේශයේ දී සින්ධු නදියට ගංගා හතක් එක් වූ නිසා සප්ත සින්ධු යන නමින් ද හඳුන්වා ඇත.) පසුව බලූකිස්ථානය හා ථාර් කාන්තාරය හරහා ගල්පර බහුල ප්‍රදේශය ඔස්සේ පැමිණ පාකිස්ථානයේ සින්ධ් ප්‍රදේශය මැදින් අරාබි මුහුද දක්වා ගලා යයි. ලොව ඉපැරණි හා දියුණු නාගරික ලක්ෂණ සහිත වූ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය බිහි වූයේ මේ ආශ්‍රිතව ය. මෙහි අතු ගංගාවක් වන රාවි නදිය අසබඩ හරප්පා සහ සින්ධු නදියේ පහළ කොටස ආසන්නයේ මොහෙන්ජො-දා- රෝව පිහිටා තිබී ඇත. ඉන්දියාවට එල්ල වූ බොහෝ විදේශ ආක්‍රමණිකයන්ගේ ගමන්මග මේ නදිය විසින් වෙනස් කළේ හෝ නතරකළේ වෙයි. නැතිනම් ආක්‍රමණිකයා තව තවත් මේ රටට ආකර්ෂණය කරන්නට මේ නදිය සමත් විය. මහා ඇලෙක්සැන්දර් අධිරාජයා ද මේ නදියේ බියස් නම් අතු ගඟ තරණය කරන්නට ගියේ නැත. මූගල් වරු මේ හරහා විත් ඉන්දියාව ආක්‍රමණය කළහ. ක්‍රි. පූ. 2500 තරම් කාලයේ සිට මේ නදියේ දෑල මුල් කරගනිිමින් බිහි වූ අද්විතීය ශිෂ්ටාචාරය පසු කාලීන ඉන්දියානු සභ්‍යත්වයට පමණක් නොව මුළු මහත් ලෝක ශිෂ්ටාචාරයට ම නාගරීකරණයේ මුල් පිටුව ඉගැන්වීය. ආර්යයෝ ද ඉන්දියාවට පිවිස මුලින් ම පදිංචි වූයේ මේ බිමේ ය.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය
ලොව පැරණි ම ශිෂ්ටාචාර අතරින් එකකි. වයඹ දිග ඉන්දියාවේ ඉන්දු ගංගා නිම්නය කේන්ද්‍ර කරගනිමින් වර්ග සැතපුම් ලක්ෂ 5ක පමණ ප්‍රදේශයක පැතිර ගොස් තිබූ ශිෂ්ටාචාරයකි.
ආරම්භය- බටහිර ආසියාතික ප්‍රදේශවල ක්‍රි. පූ. 9-7 සහස‍්‍රකවල ජනපද පිහිටුවාගෙන සිටි මානවයෝ පසු කාලීනව ක්‍රමයෙන් ඉන්දු නදී ප්‍රදේශයට සංක්‍රමණය වීමෙන් මෙහි ප්‍රභවය සිදු වී ඇත.මේ මුල් ජනයා සිය මූලික ආර්ථික කාර්යය වශයෙන් කළේ සත්ත්ව පාලනය යි.(එළුවා, බැටලූවා, ගවයා...) එහෙත් බාර්ලි හා තිරිඟු වගා කළ බවට ද සාධක තිබේ. බට ලී, පන් හා මැටි යොදාගෙන ඉදිකළ ප්‍රාථමික නිවාසවල ජීවත් වූ මොවුන් කුඹල් සක යොදාගෙන මැටි වළං නිපදවූහ. පසු කාලීනව වැඞී ගිය සබඳතා සහිතව ක්‍රමයෙන් පැතිරී ගිය මේ ජනාවාසයන් හි වැසියෝ ආරක්ෂිත පවුරු වලින් යුතු නගර නිර්මාණයට ද උනන්දු වූහ. ප්‍රකාර හෝ වෙනත් ගොඩනැගිලි සඳහා ඔවුන් යොදා ගත්තේ අවුවේ වියළා ගත් හෝ ගින්නේ පුළුස්සා ගත් ගඩොළු ය. මේ යුගය වන විට ඔවුන් අතර වාණිජ සබඳතා ද ගොඩනැගී තිබුණි.
ඉන්දු නිම්නයට සංක්‍රමණය වීම- ඉහතින් විස්තර කළ ජන කණ්ඩායමෙන් කොටසක් කලක් ගත වන විට ඉරාන සානුව හරහා ඉන්දු ගංගා මිටියාවතට සංක්‍රමණය වූද එසේ සංක්‍රමණය වූ කාල වකවානුව නිශ්චිත වශයෙන් ම කිව නොහැක. ඉරාන සානුව මෙතෙක් පුරා විද්‍යා කැණීම්වලට ලක් කර නොතිබීම ඊට හේතුවයි. එහෙත් සියල්ක් හා පේටුන් හි කළ කැණිම්වල දී මේ ප්‍රදේශාශ‍්‍රිතව ක්‍රි. පූ. 6 වන සහස‍්‍රකයේ ද දියුණු සංස්කෘතික තත්ත්වයක් තිබූ බව හෙළි වී ඇත. එහෙත් එම ජනාවාස පැතිර ගොස් තිබුණේ අඩි 4000-5000 ත් අතර උස් බිම්වලය.එනම් සින්දු නදී නිම්න ප්‍රදේශයට හාත්පසින් ම වෙනස් ප්‍රදේශයකය. එසේ වුව ද කෘෂි කටයුතුවලට වඩා යෝග්‍ය භූ ගෝලීය හා දේශගුණික තත්ත්ව නිසා සින්ධු නදී මිටියාවත තමන්ට වඩාත් උචිත වාස භූමිය වශයෙන් මේ ජනයා තීරණය කරන්නට ඇත. හිමාලය ආශ‍්‍රිත ප්‍රදේශ වල සින්ධු නදියේඅතු ගංගා වල බැස්ම වේගවත් වුව ද සින්ධ් ප්‍රදේශයේ දී ඉතා මන්දගාමීය. එය කි. මී. 1ට සෙ. මී. 4.8ක් යැයි ගණනය කර ඇත. මේ මන්දතාමී බව ප්‍රදේශයේ සරුසාර බවට බෙහෙවින් ම ඉවහල් වේ. ජලය වැඩි වීමක දී පිටාර තත්ත්ව ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. එය ද පොළව සාරවත් වීමට හේතුවකි. මාර්තු අප්‍රියෙල් මාසවල හිමාලයානු හිමශිඛර දිය වීමෙන් ද, ජුනි සැප්තැම්බර් මාසවල වර්ෂාවෙන් ද සින්ධ් නදියට එක්වන අතිරේක මහා ජල කඳ මෙහි පිටාර තත්ත්ව ඇති කිරීමට ඉවහල් වේ.මේ නිසා සරු වන පොළවේ කෘෂි කටයුතු සාර්ථක වන නිසාත්, ඉරිඟු බාර්ලි වැනි බෝග වසන්තයේ දී කපා අස්වැන්න ලබා ගත හැකි නිසාත්, සරු පොළවේ අස්වැන්න වැඩි නිසාත්, කෘෂිකටයුතු අපහසු කාලවල දී විවේකීව සිටීමට ජනතාවට හැකි වේ.අතිරේක අස්වැන්න ගබඩා කොට තබා පරිභෝජනය කිරීමට හැකි වීම ඊට හේතුවයි.මෙවැනි හේතු නිසා ජනයා ඉන්දු නදී නිම්නය සිය ස්ථිර වාසභූමිය කර ගත් බව සිතිය හැක. මින් අනතුරුව එහි ගොඩනැගුණු ශිෂ්ටාචාරය දියුණු නාගරික ලක්ෂණවලින් යුක්තව උසස් ජීවන රටාවකින් පරිපූර්ණ විය. ආර්. ඩී. බැනර්ජි, දයාරාම් ශානි, ඇලෙක්සැන්දර් කනිංහැම්, ජෝන් මාෂල්, එම්. එස්. වත්ස්, අර්නස්ට් මැකේ වැනි පුරාවිද්‍යාඥයන් මේ මහා ශිෂ්ටාචාරය ආශ‍්‍රිතව කැණීම් කළහ. එම කැණීම්වල ඵලයක් ලෙස එතුවක් ඉන්දියානු ශිෂ්ටාචාරයේ ඇරඹුම පිළිබඳව ආර්යයන්ට තිබූ ස්ථානය අහිමි වූ අතර ඉපැරණි කාලයේ සිට අභිමානවත් විශිෂ්ට ශිෂ්ටාචාරයක උරුමය ඉන්දියානුවන් සතු වී යැයි තහවුරු විය.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා
ඉන්දු නිම්නයෙන් මෙතුවක් හමු වූ මුද්‍රා ප්‍රමාණය දෙදහසකට අධිකය. මෙම මුද්‍රාවල ඇති අක්ෂර මෙතෙක් කියවා නොමැති නිසා මෙම මුද්‍රා කුමන කාර්යයක් උදෙසා යොදා ගත්තේද යන්නද අපහැදිලිය. ඇතැම් පර්යේෂකයන් කියන්නේ මුදල් විශේෂයක් බවය. අපනයන භාණ්ඩවල දවටා යැවූ මුද්‍රාවක් බව ද, හස් යෙදීමට භාවිත කළ මුද්‍රාවක් බව ද (සීල් එකක්.) අපල උපද්‍රවවලින් ගැලවීමට පැළඳි ‘යන්ත්‍රයක්’ බව ද ආදී වශයෙන් මේ පිළිබඳව විවිධ මත පළවී තිබේ. මෙම මුද්‍රාවල වැඩි වශයෙන් ම දක්නට ලැබෙන්නේ මිනිස් නොවන සත්ත්ව රූපයන් ය. ඇතැමක මිනිිස්රූප ද දක්නට ලැබෙන නමුදු ඒවා දේව රූප සේ යොදා ගෙන ඇති නිසා යම් යම් සංස්කරණයන්ට ලක්කර ඇත. සත්ත්ව රූප අතර කල්පිත සත්ත්ව රූප මෙන්ම ස්වභාවික ලෝකයේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සත්ත්ව රූප ද වෙයි. මේ මුද්‍රා අතරින් බහුතරය ඍජුකෝණාස්‍රාකාර වන නමුත් කවාකාර මුද්‍රා කිහිපයක් ද හමු වී ඇත.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කාල නිර්ණය
මේ පිළිබඳ විවිධ මත පළ වී ඇත.
• ජෝන් මාෂල් මතය ක්‍රි. පූ. 3250-2750 අතර කාලයේ,
• මෝර්ටිමර් විලර් මතය ක්‍රි. පූ. 2500-1500 අතර කාලයේ,
• පෙයාර් සර්විස් මතය ක්‍රි. පූ. 2000-1500 අතර කාලයේ,
• සී. පී. අග්‍රාවාල් මතය ක්‍රි. පූ. 2300-1750 අතර කාලයේ,
• ඉතිහාසඥ වේල්ස් මතය ක්‍රි. පූ. 21540-1864 අතර කාලයේ,
• පොදු මතය ක්‍රි. පූ. 2150-1750 අතර කාලයේ,
• විද්‍යාත්මක මතය(රේඩියෝ කාබන් දින වකවානු ක්‍රමය අනුව) ක්‍රි. පූ. 2500-1500 අතර කාලයේ,
ආදි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 3000-2250ත් අතර කාලයේ.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පරිපාලන ගොඩනැගිල්ල
කැණීම්වල දී හමු වූ මේ ගොඩනැගිල්ල පරිපාලන මධ්‍යස්ථානයක් සේ ද, ආගමික මධ්‍යස්ථානයක් සේ ද පිළි ගැනේ. විශේෂයෙන් ම මේ මතයේ සිටියේ මොර්ටිමර් විලර් මහතා ය. මෙම ගොඩනැගිල්ලේ දිග හා පළල සමය. (මීටර 24x25) ඍජුකෝණාස‍්‍රාකාර කුුනු මත වහලය රඳවා තිබී ඇත.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මානව වර්ග
පූර්ව ඔස්ට්‍රොලොයිඩ් වර්ගය (පළලින් හා දිගින් අඩු හිස්කබල් අනුවය.), . මධ්‍යධරණී වර්ගය (පළලින් අඩු හා මොළය කොටස කුඩා හිස්කබල් අනුවය.), මොංගොලොයිඩ් වර්ගය ( උසට වැඩුණු හිස්කබල් අනුවය.), ඇල්පයින් වර්ගය (ප්‍රමාණයෙන් විශාල හිස්කබල් අනුවය.)
ඉන්දුනිම්න පබලු
ඉන්දුනිම්න ශිෂ්ටාචාර භූමියෙන් පබළු රැසක් හමු වී ඇති අතර කාමුක රූප කෙටූ පබලු ද හමු වී ඇත.
ඉන්දුසිතියා
සිතියන්වරු පදිංචි වූ සින්දු ප්‍රදේශයේ කොටසකි.
ඉන්දෝස්
ග්‍රීක ලේඛකයන් ඉන්දියාව හැඳින්වූයේ මෙම නමිනි. ඉන්දු නදිය හෙවත් සින්ධු නදිය නිසා ඇති වූ ව්‍යවහාරයකි.
ඉන්ද්‍ර
කුණාටුවට, මේඝ ගර්ජනාවට හා යුද්ධයට අධිපති දෙවියාය. ඍග් වෛදික යුගයේ ජනයාගේ ඇදහීමට පාත්‍ර විය. හෙතෙම අසනියක් හෙවත් වජ‍්‍රයක් ද දුනු හී ද අතින් ගෙන ආර්ය හෙවත් උතුම් ජනකායේ පෙරටුව ගමන් කරයි. තම වජ‍්‍රයෙන් හෙවත් අසනියෙන් අකුණු ගැසීමෙන් දස්‍යුන් හෙවත් කෘෂ්ණ(කළු) වර්ණ ජනයාගේ බලකොටු විනාශ කරයි. කුණාටු හෙවත් මරුත් දේව සමූහයා ද මේ දෙවියන් සමග ගමන් කරයි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.
ඉන්ද්‍රජිත්
මේඝනාද නම් ශ්‍රී ලාංකික කුමාරයා ය. මන්දෝදරී දේවිය ශ්‍රී රාවණ ලංකේශ්වර මහා රජුට දාව බිහිකළ පුත්‍රයාය ය. ඉන්ද්‍ර පරදා ජයගත් නිසා මේ නම ලැබුණි.
ඉන්ද්‍රප්‍රස්ත
උතුරු ඉන්දියාවේ වත්මන් නවදිල්ලි නගරයට ඉතා සමීපව පිහිටි ඉන්දර්පති නමින් දැන් හැඳින්වෙන කුඩා නගරය. මෙය නවදිල්ලියම යැයි කිවහැකි තරමට ම ඊට සමීප ය. ඒ් අසලින් ම ගලා ගියේ යමුනා නදිය යි. අද මේ නගරය ඒ තරම් ප්‍රධාන නොවූව ද පුරාණ ඉන්දියාවේ ප්‍රධාන නගර තුනෙන් එකක් වූයේ මෙය යි. (උත්තර පංචාල, කේතක, ඉන්ද්‍රප්‍රස්ථ) ප්‍රධාන මාර්ගයකින් මෙය බරණැස් නුවර හා සම්බන්ධ කර තිබූ අතර, නගරය පාලනය කළේ යුධිශ්ධීර ප්‍රධාන පංච පාණ්ඩව කුමාරවරුන් විසිනි. පාළි බසින් මේ නගරය හැඳින්වූයේ ඉන්දපත්ත, ඉන්දපත්තන, ඉන්දපට්ඨ ආදී නම් වලිනි. සිංහල බසින් එය ඉඳිපත්නුවර නමින් හඳුන්වා ඇත. භගවත පුරාණයේ සඳහන් වන ආකාරයට මෙහි පළමු රජතුමා යුධිෂ්ධීර රජතුමා ය. විදුර, කුරුධම්ම ආදී ජාකතකතා ගණනාවක ද මේ නගරයේ නාමය හමු වේ.
ඉන්ද්‍රමිත්‍ර
අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
ඉන්ද්‍රාග්නිමිත්‍ර
ශුංග වංශික පාලකයෙකි. මේ රජුගේ බිසව වූ කුරංගි දේවිය බුද්ධගයාවේ රූකම් සඳහා අනුග්‍රහ කර ඇත.
ඉන්ද්‍රාණී
වෛදික දෙවියෙකු වූ ඉන්ද්‍ර දෙවියන්ගේ බිරිඳ යි. පුලෝම නම් අසුරයාගේ දියණිය යි. ශවි, පුලෝමජා, පෞලෝමි, මහේන්ද්‍රි, ජයවාහිනී, ඓන්ද්‍රි ආදී විවිධ නම්වලින් හැඳින්වෙන ඇය ජයන්ති හා ජයන්ත නම් දියණියගේ හා පුත්‍රයාගේ මව යි. (ඉන්ද්‍රාණිය හිමිකරගැනීමේ කාර්යයේ දී පුලෝම අසුර රාජයා ඉන්ද්‍ර අතින් මිය ගියේ ය.)
ඉන්ද්‍රායුධ
රාෂ්ට්‍රකූට වංශයේ කර්ක හැඳින්වීමට ම යෙදුණු නමකි. ඔහු කනෞජයේ පාලකයෙකි. වත්සරාජ නම් ප්‍රතිරාජ රජුගේ යටත් පාලකයෙකි.
ඉබන් ඛුර්දාද් බෙහ්
ක්‍රි.ව. 9 වන සියවසේ විසූ පර්සියානු භූගෝල ශාස්ත්‍රඥයෙකි. ගොඩබිම් හා මුහුදු මාර්ග ඔස්සේ යුදෙව් වෙළඳුන් ලෝකයේ විවිධ ඉසව්වල කළ සංචාර පිළිබඳ ඔහු සටහන් කර තිබේ. ඒ සටහන් අතර ලංකාව හා ඉන්දියාව පිළිබඳ සටහන් ද එයි. ලංකාවේ ශ්‍රී පාදස්ථානය, මුතුමැණික් හා පොල් ගැන ඔහු සඳහන්කර තිබේ.
ඉබන් ජුබයිර්
නැගෙනහිර ස්පාඤ්ඤයේ උපන් අරාබි භූගෝල ශාස්ත්‍රඥයෙකි. 12-13 සියවස් අතර කාලයේ ඔහු ලෝකයේ බොහෝ ප්‍රදේශවල සංචාරය කර ඇති අතර පෙරදිග රටවල් බැලීමට ද දෙවරක් පැමිණ තිබේ.
ඉබන් බතූතා, අබු අබ්දෙල්ලා මහමත්
1304-1378 අතර කාලයේ මොරොක්කෝවේ ජීවත් වූ මොහු වඩාත් ප්‍රකට වූයේ ඉබන් බතූතා නාමයෙනි. ප්‍රකට දේශයාත්‍රිකයෙකු වූ මොහු ඉස්ලාම් දේව ධර්මය ද ගැඹුරින් හදාළ අයෙකි.ගැටවර වියේ දී ම දේශ සංචාර ඇරඹූ ඔහු උතුරු අප්‍රිකානු වෙරළාශ්‍රිත ප්‍රදේශවලත්, අරාබිකරයේ රටවල් ගණනාවකත්, ආසියාවේත් සංචාරය කර ඇත. මුල් සංචාරක සමය තුළ දෙවරක් ම විවාහ වූයේ ය. දිල්ලියේ මුහම්මද් බින් තුඝ්ලුක් අධිරාජයාගේ ඇරයුමෙන් ඔහුගේ මාළිගාවට ද ගිය ඔහු එහි දී මාලික් කාදි නම් පදවියෙන් පිදුම් ලැබ සත්වසත් එහි ම සේවය කළේ ය. නමුත් එහි දී අති සුඛෝපභෝගී දිවිපෙවෙතකට ඇබ්බැහි වී ණය බර නිසා ද, රාජ උදහසට ලක්වීම නිසා ද අතිශය පීඩාවට පත්වූයේ ය. ඉන් මිදීම පිණිස පූජක දිවියක් ඇරඹූ ඔහු යළිත් දේශාටනය ඇරඹීය. ඔහුගේ දෙවන සංචාරක සමය තුළ ඉන්දියාවේ සෙසු ප්‍රදේශවල හා මාලදිවයිනේ සංචාරය කළේ ය. මාලදිවයිනේ දී කාදි පදවියෙන් පිදුම් ලැබූ ඔහු එහි දී යළික් සිව් වතාවක් ම විවාහ විය. නමුත් එහි එහිදී ඔහුට දේවගැති විරෝධයක් මතුවූයෙන් තෙවැනි සංචාරක සමය අරඹමින් එතැනින් ලංකාවටත් චීනයටත් සංක්‍රමණය විය. ඒ අතරතුර මාලදිවයිනේ එක් බිරිඳකට දරුසම්පත් හිමිවූයෙන් යළි වතාවක් මාලදිවයිනට පැමිණ ඉතා සුළු කලක් දරුසුරතල් බැලූ හෙතෙම යළිත් පිටත්වී මව්රටට ගියේ ය. මව්රටට ඔහු ගියේ ඉන් පිටත් වී වර්ෂ විසි හතරකට පසුව ය. නමුත් ැඩි කල් නොගොස් සිව්වන සංචාරක සමය අරඹමින් යුරෝපා රටවල් කිහිපයක සංචාරය කළේ ය. තවත් වර්ෂ හතරක් ම සංචාරය කළ ඔහු යළි මොරොක්කෝවට පැමිණෙන්නේ ලෝක ඉතිහාසයේ අන් කිසිදු දේශාටකයෙක් නොගිය තරම් දුරක් ගොස් විශාල අත්දැකීම් සම්භාරයක් ද රැගෙන ය. එකී අත්දැකීම් පාදක කරගනිමින් ඔහු සිය මව්බිමේ දී රෙහෙලා නමින් දේශාටන වාර්තාවක් රචනා කළේ ය. 1355 වැන්නේ දී මොරොක්කෝ සුල්තාන් වරයාගේ නියමයෙන් මේ සටහන් රැස්කර එය එක් කෘතියක් වශයෙන් සංග්‍රහ කළේ ය.රට රටවල භූගෝලීය සීමා, නගරාන්තර දුර ප්‍රමාණ, ඒ ඒ රටවල සංස්කෘතීන්, දේශපාලන තත්ත්ව ආදිය පිළිබඳ ගවේෂණයේ දී ඉබන්බතූතාගේ වාර්තාව අතිශයින් වැදගත්වේ. සෙසු දේශාටන වාර්තාවලින් ඔහුගේ දේශාටන සටහන් බො‌හෝ දුරට සනාථ වන නිසා මේ සටහන් තවදුරටත් වැදගත් වේ. ලංකාවේ යාපන රාජ්‍යය පිළිබඳවත් අල්කොනාර් හෙවත් අලගක්කෝණාර පිළිබඳවත් ශ්‍රීපාදස්ථානය,ථ කොළඹ, ගාල්ල, දෙවිනුවර ආදී තැන් ගැනත් කොළඹ සිටි ජාලස්ථි නම් යුධ ප්‍රධානියා හා ඔහු යටතේ සිටි පන්සියයක පමණ ඇබිසීනියන් හේවාපන්නය ගැනත් ඔහු සඳහන්කර තිබේ. ඉබන් බතූතා ලංකාවට පැමිණෙන්නේ 1344 වැන්නේ දී ය.
ඉමයාවරම්බන්
හිමාලය දේශසීමාව කරගත් තැනැත්තා යන අරුත ඇති විරුදයකි. නෙචුන්ජෙරල් නම් චේර රජු භාවිත කළ විරුදයකි.
ඉමාම්
මුස්ලිම් පල්ලියේ යාඥාව මෙහෙයවන තැනත්තා මේ නමින් හඳුන්වා තිබේ.
ඉම්පාල්
මනිපූර් ප්‍රදේශයේ අගනුවර යි.
ඉය-බනි
සුමේරියන් මිථ්‍යා සත්ත්ව රූපයකි. අර්ධයක් මනුෂ්‍ය හා අර්ධයක් ගව රුවකින් සමන්විතය.
ඉරයියනාර් අගප්පොරුල්
දමිළ සාහිත්‍ය කෘතියක් වන මෙය ක්‍රි.ව.8වන ශතවර්ෂයට පමණ අයත් වේ.
ඉරාන් සෙල්ලිපිය
මධ්‍ය ප්‍රදේශයේ සවුගෝර් ප්‍රදේශයෙන් සොයාගත් ලිපියකි. සමුද්‍රගුප්ත රජුට අයත් යැයි සැලකෙයි.
ඉරුන්ගෝවේල් වංශය-දකුණු ඉන්දීය රජවංශයකි. මෙය කරිකාලන් චෝල විසින් වනසා දමන ලදී.
ඉරෝස්- ග්‍රීක දෙවිවරයෙකි. වයඹදිග ඉන්දියාවේ ගන්ධාර කලා සම්ප්‍රදායේ මූර්ති අතර මේ දේවරූපය ද හමුවේ.
ඉලඤ්ජම්චෙන්නි-කරිකාල නම් චෝල රජුගේ පියා. රණකාමියෙකි.
ඉලා-චන්ද්‍රවංශිකයන්ගේ ප්‍රථමයා අයිල නමින් ද හැඳින්වේ.
ඉල්තුත්මිෂ්- ඉන්දියාවේ ඉස්ලාම් සමය අරඹීමත් සමග ඉන්දියාවට ආ සුල්තාන් වරයෙකි. 1211-1236 දක්වා ඉන්දීය භූමියේ ඉස්ලාමීය බල ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තිබේ.
ඉසිගිලි- රජගහනුවර ආසන්නයේ පිහිටි පර්වත පහෙන් එකකි. පසේ බුදුවරයන් වහන්සේලා මේ පර්වතයට එන අයුරු ප්‍රදේශවාසී මිනිසුන් දැක ඇතත් පැමිණි පසු දැකගන්නට නොලැබුණු නිසා මෙකී පර්වතය ඉසින් ගිලගන්නා එකකැ’යි මතයක් ඇතිවිය. මේ නිසා මේ නම ලැබී ඇතැයි මතයකි.බුද්ධ චරිතය සම්බන්ධ සිදුවීම් කිහිපයක් ම මේ පර්වතය ආශ්‍රිතව සිදු වී තිබේ. මුගලන් හිමි සොර සතුරු ප්‍රහාරයකට ලක්ව පිරිණිවන්පෑවේ ද මේ පර්වත ප්‍රාන්තයේ දී ය.වර්තමානයේ රත්නගිරි නමින් හැඳීන්වෙන්නේ ද මේ පර්වතය යැ’යි කණිංහැම් පඬිවරයා විශ්වාස කරයි.
ඉසිදාසි- උදේනි නුවර සිල්වත් ගුණවත් සිටු පවුලක ඒක ම දියණිය වශයෙන් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. පෙර කළ අකුසල කර්මයක් නිසා ස්වාමි පුරුෂයන් අතින් ප්‍රතික්ෂේප වූ ඇය පසුකාලයේ බුදුසමයෙහි පැහැදී පැවිදිව රහත් භාවයට පත්වූවා ය.
ඉසිපතන - වත්මන් සාරානාත් ප්‍රදේශයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයකි. හිමාලයේ සිට අහසින් පැමිණි ඉසිවරු බිමට පැමිණි හා යළි අහසට නැගුණු තැන මේ නිසා මේ නම ලැබුණේ ලු. බුදුරජාණන් වහන්සේ මංගල ධර්මදේශනය සිදු කළේ ද, මංගල වස්සාන සමය ගතකලේ ද මෙහි ය.
ඉසිපූර්-මථුරාවේ ස්ථානයකි.
ඊශානවර්මන් -මෞඛරී රාජවංශයේ පළමු ශ්‍රේෂ්ඨ පාලකයා ය.මොහුට පෙර රජ කළ ඒම වංශයේ රවජරුන් තිදෙනා මහාරාජ විරුදය භාවිත කළ අතර මොහු මහා රාජාධිරාජ විරුදය භාවිත කළ පළමුවැන්නා වේ. ඊෂාණවර්මන් හා පශ්චාත් ගුප්තවංශික උපගුප්තා කුමරිය මේ රජුගේ පියා හා මව ය.
ඊශ්වරක‍්‍රිෂ්ණ -ගුප්ත යුගයේ ලේඛකයෙකි. සාංඛ්‍යකාරිකා(සංඛ්‍යා සප්තති)නම් විවරණ කෘතියේ කතුවරයාය.
ඊශ්වරඝෝෂ-පාලවරු යටතේ 11 සියවසේ සිටි සාමන්ත පාලකයෙකි.
උග්ග- දඹදිව වැදෑරට හත්ථිගාමයේ ද, වේසාලි පුරයේ ද සිටි ගහපතීන් දෙදෙනෙතු මේ නමින් හඳුන්වා තිබේ.පළමුවැන්නා භික්ෂු සංඝයාට උපස්ථාන කිරීමෙහි අග්‍ර වූ අතර, දෙවැන්නා ඉතා ප්‍රියමනාප දේ දන් දෙන්නන් අතර අග්‍ර බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
උග්‍රසිංහ- උක්කිර චිංකම් නමින් යාල්පාන වෛපවමාලෙයි කෘතියේ සඳහන් වන රජු. හේ ක්‍රි.ව. 795 වැන්නේ දී උතුරු ඉන්දියාවෙන් විශාල සේනාවක් රැගෙන ලංකාවට විත් ලංකාවෙන් අඩක් අල්ලාගත් බව ඉහත කෘතියේ සඳහන් වේ. මේ කෘතියේ සඳහන් වන ආකාරයට හෙතෙමේ විජය රජුගේ සෙහොයුරෙකුගෙන් පැවත එන්නෙකි.
උග්‍රසේන රජ-මහාවංස ටීකාව හා මහා බෝධි වංසයට අනුව පළමු නන්ද රජු මේ නමින් හැඳින්වී ඇත. මේ හැර පාලක්කයේ උග්‍රසේන නමින් සිටි පාලකයෙක් ගුප්ත වංශයේ සමුද්‍රගුප්තයන් අතින් පරාජය වූයේ යැයි ද සඳහන් වේ.
උච්චෛඃශ්‍රවස්-ඉන්ද්‍ර දෙවියන්ගේ අශ්වයා යැයි පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. අමෘතය පානය කර ජීවත්වන්නේ ලු.
උච්ඡකල්ප-රාජවංශයකි. ජයනාථ හා ව්‍යාඝ්‍ර නමින් පුත්‍රයෙකු හා පියෙකු මේ රාජවංශයට අයත්ව සිට ඇත. මින් පියා වූ ව්‍යාඝ්‍ර සමුද්‍රගුප්ත අතින් පරාජය වූ ව්‍යාඝරාජ නමැත්තා යැයි භණ්ඩාකර් මහතා අදහස් කරයි.
උච්ඡේදවාදය-පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක් නැතැයි පිළිගත් භාරතීය දර්ශනවාදය. මේ දර්ශනවාදය ඇතිවීමට භාරතීය යාඥවල්ක්‍ය නමැති දාර්ශනිකයාගේ චින්තනය මුල් වූ අතර ඊට අනුග්‍රහ දැක්වූ පළමුවැන්නා බුද්ධකාලීන භාරතයේ ජීවත් වූ අජිත කේශකම්බිල නම් බුද්ධකාලීන භාරතීය ශාස්තෘවරයා යැයි පිළිගැනෙයි.
උජජේනි- උදේනී නම් නගරය යි.දඹදිව අවන්තී නම් රාජධානියේ ප්‍රධාන නගරය යි. පුරාණ ඉන්දියාවේ ඉන්ද්‍රප්‍රස්ථ නගරයේ සිට උදේනී, කිෂ්කින්ද හා මාහිෂ්මතී නගර හරහා දකුණු ඉන්දියාවටත්, ඒතැනින් මාතොට හරහා ලංකාවටත් මාර්ගයක තිබී ඇත. බරණැස හා උදේනිය යා කළ වෙළඳමාර්ගයක් ද තිබූ බව ගුත්තිල ජාතකය අනුව පෙනී යයි.බොහෝ විට ගංගා නම් නදී මුවදොර පිහිටි තාම්‍රලිප්ති වරායේ සිට ගංගා නදිය ඔස්සේ ඉන්දියාව තුළට යාත්‍රා කළ කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා බරණැසට පැමිණි පසු එතැන් සිට භාණ්ඩ බෙදාහැරීම ගොඩබිම ඔස්සේ සිදුවන්නට ඇත. උදේනියේ සිට වයඹදිග ඉන්දියාවට ද මාර්ගයක් තිබෙන්නට ඇතැයි සිතිය හැකි වේ. බින්දුසාර රජ සමයේ අශෝක කුමරා විදිසා දේවිය හා විවාහ වී උජ්ජේනියේ විසූ සමයේ මහින්ද හා සංඝමිත්‍රා දූ පුතුන් ලැබූ බව පිළිගැනීමක් ඇති අතර, ඔහු ඒහි සිට උපරාජයා වශයෙන් මධ්‍ය ඉන්දීය හා වයඹ ඉන්දීය ප්‍රදේශ පාලනය කළ බවට ද සාධක තිබේ. ‘ඔසිනි’ නමින් ටොලමි සිය සිතියමේ දක්වන්නේ මේ නගරය යැයි හඳුනාගෙන තිබේ. ග්‍රීක හා මූගල් ආක්‍රමණ වලට ද ලක්වූ මේ නගරය, ක්‍රි.ව. 12-13 සියවස් වනවිටත් භාරතයේ ප්‍රධාන නගරයක්ව පැවතියේ ය. ඉන්දියානු භූමි ශාස්ත්‍රයට අනුව ඉන්දියාවේ මධ්‍යහ්න රේඛාව වැටී ඇත්තේ උජ්ජේනිය ඔස්සේ වන නිසා මෙය පෘථිවියේ මධ්‍යය යැයි ද මතයත් ඇති විය.
උතුරු කොන්කන්-ප්‍රදේශ නාමයකි. කාතියවාරයට පහළ බටහිර වෙරළාශ්‍රිත ප්‍රදේශය.
උතුරුකුරු දිවයින - බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කල්පිත දිවයිනකි. මහාමේරුව යටා පිහිටි සතර මහා දිවයින්(පුබ්බවිදේහ, ජම්බුද්වීප, අපරගෝයාන, උත්තරකුරු) අතරින් එකකි. මෙය මහාමේරුවට උතුරින් පිහිටියේ ලු.
උත්කල - රාමායනයේ සඳහන් වන පරිදි මෙය වින්ධ්‍යා කඳුවැටියට ආසන්නව පිහිටා තිබූ පැරණි රාජධානියකි. වත්මන් ඔරිස්සාව බව විද්වත් පිළිගැනීම යි. එනම් පැරණි කාලිංගය යි. කාලිංගය ප්‍රධාන කොටස් තුනකින්(ත්‍රිකාලිංග) යුතුවී ඇත. උත්කල නමින් හැඳින්වෙන ඒක් කොටසක් ද වේ. ඒ වනාහි මේ උත්කල දේශය වියයුතු ය. තපස්සු භල්ලුක(තපුස්සක-වල්ලික) වෙළඳ දෙබෑයන් ලංකාවට ආයේ ද මේ ප්‍රදේශයේ සිට බව පෙනී යයි. කෙසේ වුව ද ඇතැම් මූලාශ්‍රය වල කාලිංගය හැඳින්වීමට ද උත්කල යන වන යොදා ඇති වග සඳහන්කළ යුතු ය.
උත්කලා-කාලිංග දේශය
උත්කලාදේශය-හර්ෂවර්ධන රජු විසින් ජයගත්තේ යැයි හ්‍යුංසියැං හිමි සඳහන් කරන පංච ඉන්දියාවෙන් එකකි.
උත්තම දත්ත- කුෂාණයන් යටතේ පාලකයෙකු වශයෙන් සිටින්නට ඇතැයි සැලකේ. මථුරාවෙන් ලැබී ඇති කාසිවල හමුවන නමකි.
උත්තමභද්‍ර-අජ්මර් ප්‍රදේශයේ පාලක පිරිසකි.
උත්තමභද්‍රා-ගෝත්‍ර නාමයකි. නාසික් ලිපියක හමුවන නමකි.
උත්තර රාම චරිතය - භවභූකි නම් සංස්කෘත නාට්‍ය රචකයාගේ කතෘතියකි. රාමායන මහාකාව්‍යයේ එන සිදුවීම් මුල්කගෙන ලියවී තිබේ. මහාවීරචරිතය හා මාලතීමාධවය ද ඔහුගේ කෘතීන් වේ.
උත්තරකුරු -උතුරුකුරු දිවයින(ඒ යටතේ බලන්න)
උත්තරමල්ලූර් - උත්තරමේරුර් බලන්න.
උත්තරමේරුර්-උත්තරමේලුර්, උත්තරමල්ලූර්, උත්තිර මෙල්ලූර්, උත්තිර මේලුර් ආදී නම් වලින් හැඳින්වෙන ප්‍රදේශය යි. මදුරාසියට සැතපුම් පනහක් පමණ වයඹදෙසින් පිහිටා තිබේ. එහි පැරණි නාමය උත්තරමේරු චතුර්වේදි මංගලම් යන්නයි. චෝළ පාලන සමය වන විට මෙය විශාල බමුණුගමක් වූ අතර ශිලාලේඛන රැසක් පිහිටුවනුලැබූ ප්‍රදේශයක් ද විය. චෝළ රාජ්‍ය සමයේ දී මෙය ‘රාජේන්ද්‍රචෝළ චතුර්වේදි මංගලම්’ යනුවෙන් ද හඳුන්වා ඇත. තෙළිඟු චෝඩ නියකයෙකු මෙය අල්ලාගත් පසු ‘ගණ්ඩගෝපාළ චතුර්වේදි මංගලම්’ නමින් ද හඳුන්වා ඇත.
උත්තරමේරුර් ලිපිය - චෝළ යුගයට අයත්ය. චෝළ පාලනය පිළිබඳව තොරතුරු සපයන මූලාශ‍්‍රයකි. ඌර් හා මහසභා යන පාලන ආයතන දෙක පිළිබඳව මෙහි සඳහන් වේ.
උත්තරමේලුර් - උත්තරමේරුර් බලන්න.
උත්තරානන්ද මාතා - බුදුරදුන්ට උපස්ථාන කළ උපස්ථායිකාවකි.
උත්තරාපථය - පුරාණ ඉන්දියාව බෙදාතිබූ පාලන ඒකක පහෙන්(මධ්‍යදේශ, පූර්වදේශ, දක්ෂිණාපථය, අපරාන්තය, උත්තරාපථය) එකකි. දේශසීමා පැහැදිලිව සඳහන් කළ නොහැකි නමුත් උතුරුඉන්දීය ප්‍රදේශයක් බව පැහැදිලි ය. මේ නමින් මෞර්ය පාලනයේ ප්‍රධාන ඒකකයක් ද විය. ඒහි ප්‍රධාන නගරය වූයේ කත්ෂිලාව යි.
උත්තරාපථස්වාමී - ධර්මපාල රජු(ක්‍රි.ව 770 - 810)(පාල රාජවංශය)
උත්තරීයය - උඩුකය වැස්ම(බෞද්ධායන ධර්මශාස්ත්‍රය අනුව)
උත්තිරමල්ලුර් - උත්තරමේරුර් බලන්න.
උත්තිරමේලුර් - උත්තරමේරුර් බලන්න.
උත්පලාරණයය- වාලිමිකී ඍෂිවරයා වාසය කළ ආරණ්‍යය යි.
උදන්කුට්ටම්- චෝළ පාලනය තුළ රජුට සමීපතම උසස් නිළධාරීන් මේ නමින් හඳුන්වා ඇත.
උදභාණ්ඩපුර- ඉන්දියාවේ වයඹදිල නගරයකි. ජනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මෙහි කැණීම් කරන විට කුෂාණ යුගයෙට අයත් කාසි හමුවිය.
උදයගිරි- ඉන්දියාවේ පූරි දිස්ත්‍රික්කයේ පිහිටි කඳුපන්තියකි. කාරවේලයන්ගේ හතිගුම්ඵා ශිලාලේඛනයේ මෙය කුමාරිපර්වත නමින් හඳුන්වා‌ තිබේ. මෙහි තිබී ලෙන් විහාර හා තවත් පුරාවිද්‍යාත්මක නටමුන් රැසක් හමුවී තිබේ. සාංචි ප්‍රදේශයට ආසන්නව ද මේ නමින් ස්ථානයක් තිබේ. ඛාරවේල රජු විසින් උදයගිරියේ ජෛන ආගමික සම්මේලනයක් කරපු බව සඳහන් වේ.
උදයගිරි ප්‍රශස්තිය - දෙවන චන්ද්‍රගුප්ත රජුට අයත් වේ.
උදයන - විදේහයේ විසූ සුප්‍රසිද්ධ න්‍යායාචාර්යවරයෙකි. ලේඛකයෙකි. දසවන හෝ දොළොස්වන සියවසේ ජීවත් වී ඇත.න්‍යායකුසුමාංජලී, ලක්ෂණාවලී ආදී කෘති ඔහුගේ ය.
උදයන රජු -වත්ස රාජ්‍යයේ පාලකයෙනි. ශ්‍රී හර්ෂයන්ගේ රත්නාවලී හා ප්‍රියදර්ශිකා වැනි කෘති වලට පාදක වී ඇත්තේ මේ රජ චරිතය යි.
උදයන සුන්දරී කතා-කාව්‍ය ග්‍රන්ථයකි. ගුජරාටි කවියෙකුගේ කෘතියකි.
උදයභද්දක- අජාසත් රජුගේ පුත්‍රයා ය(මහාවංසයේ දී ඇති නාමය යි.) උදයභද්‍ර යනු ද ඔහු ය.
උදයභද්‍ර- අජාසත් රජුගේ පුත්‍රයා ය.
උදයසුන්දරී-සොඩ්ඩිල නම් ලේඛකයාගේ කෘතියකි.
උදයාශ්ව- අජාසත් රජුගේ පුත්‍රයා ය(වායුපුරාණයේ දී ඇති නාමය යි.)
උදයිපූර් -මේවාර් නමින් ද හැඳින්වෙන නගරයකි. එය අයත් දිස්ත්‍රික්කය ද මේ නමින් ම හැඳීන්වේ.රාජස්ථානයට අයත් වේ.
උදායි- අජාසත් රජුගේ පුත්‍රයා ය(දීපවංසයේ හා ගර්ගසංහිතාවේ දී ඇති නම යි.)
උදායින් රජ - අජාසත් රජුගේ පුත්‍රයා.
උදායිභද්ද- අජාසත් රජුගේ පුත්‍රයා ය(සාමඤ්ඤඵල සූත්‍රයේ ඇති නම යි.)
උදායිභද්‍ර-අජාසත් රජුගේ පුත්‍රයා ය. උදායිභද්ද, උදායි, උදයභද්දක, උදයාශ්ව ආදී විවිධ නම් වලින් විවිධ මූලාශ්‍රය වල හඳුන්වා තිබේ. මේ කුමරා මගධයේ රජ වී ඒහි අගනගරය පාඨලීපුත්‍රයට ගෙනගියේ යැයි පුරාණ ග්‍රන්ථ සාධක වශයෙන් ගෙන පාගිටර් හා බී.ඇම්.බරුවා ආදීන් සඳහන් කරති.නමුත් පාඨලීපුත්‍රයට අගනගරය ගෙනගියේ අජාසත් රජු විසින් ය යන්න වැඩිදෙනෙක් පිළිගත් මතය යි.
උදියන්ජේරල්-චේර රජෙකි. කුරු ක්ෂේත්‍ර යුද්ධයේදී දෙපාර්ශ්වයටම ආහාර පාන ආදිය සැපයූ නිසා විරුදාවලියක් ලැබුවේ යැයි කියවේ.
උදුම්බර රාජවංශය-ක්‍රි.පූ. 2වන සියවසත් ක්‍රි.ව.පළමු සියවසත් අතර කාලයේ රාවි-සත්ලෙජ් දෙගංමැදියේ බලවත්ව සිටි ගෝත්‍රික වංශයකි. ඖදුම්බර නමින් ද හැඳින්වේ. ශිවදාස, රුද්‍රදාස, මහාදේව, ධාරාඝෝෂ, අජමිත්‍ර හෙවත් ආර්‍ය්‍යමිත්‍ර, මහීමිත්‍ර, මහාභූතිමිත්‍ර ආදී රජවරුන් මේ රාජවංශයට අයත් වේ.
උදුම්බරා- බුද්ධ සංකේතයකි. බුද්ධගයා කැටයම් අතර එයි. කෝණාගම බුදුන් පිළිබඳ සංකේතයකි.
උදෙයිපූර්- මාලවයන්ට සම්බන්ධ අභිලේඛන හමු වූ ප්‍රදේශයකි.
උදේනි - උජ්ජේනි
උද්දකාරාමපුත්ත-සිද්ධාර්ථ ගෞතමයෝ ගිහිගෙය පිළිබඳ සත්‍යය අවබෝධකොටගත් පසු ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳ මතය ප්‍රගුණ කරනු පිණිස මෙම ගුරුවරයා වෙත ගිය බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
උද්දන්තපුරය-නූතන පැට්නා දිස්ත්‍රික්කයේ ස්ථානයකි.
උද්දේහික-කුෂාණවරුන්ගේ බිඳවැටීමත් සමග ප්‍රබල වූ උතුරු ඉන්දීය ගෝත්‍රයකි.
උද්‍යෝතකර-ලේඛකයෙකි. ගෞතම මුනිවරයා ලියූ න්‍යායසූත්‍රයට න්‍යායවාර්ත්තික නමින් ටීකාවක් කළේ ය.(කවර කලෙක කුමන පෙදෙසක විසූයේ දැයි සොයාගැනීමය නොහැකි විය.)
උද්‍ර - දකුණු ඉන්දියාවේ තිබූ රාජධානියකි. මහාභාරතයට අනුව වරක් මෙය සහදේව නම් යුධ වීරයා විසින් යටත්කරගෙන ඇත.
උපක- බුද්ධාකාලීන උතුරු ඉන්දියාවේ විසූ ආජීවකයෙකි. බුදුන්සරණ ගිය අයෙකි.
උපගුප්ත-අශෝක රාජ්‍ය සමයේ වැඩසිටි මහතෙරනමකි.
උපචාල-උපචාලාවගේ පුත්‍රයාය.බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන්වහන්සේගේ සොයුරියගේ පුත්‍රයා ය.
උපචාලා- බුදුරදුන්ගේ අග්‍රශාවක සාරිපුත්‍ර මහ රහතන්වහන්සේගේ ගිහිකල සොයුරිය යි.සුකලෙක ඇය සිය පුත්‍ර උපචාල ද සමග පැවිදිව රහත් වූ බව සඳහන් වේ.
උපනන්ද- බුද්ධකාලීන භාරතයේ විසූ හිමිනමකි. බුදුරදුන් දෙසූ විනයනීති රැසකට පාදක වූයේ මේ හිමියන්ගේ හැසිරීම් රටාවන් ය.
උපනයනය- හින්දු ආගමික චාරිත්‍රයකි. ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ගයාත්‍රිය ඉගැන්වීමත්, යඥෝපවීතය පැළඳවීමත් ඒහි මූලික ක්‍රියාවකි.ඉන්පසු ගුරු උපදෙස් ගරුකරමින් දොළොස් වසරක් ගුරු ඇසුරේ උගතයුතු වේ.
උපනිශද් - වේද සාහිත්‍යයේ ප්‍රධාන කොටස් තුන වන සංහිතා, බ්‍රාහ්මණ හා ආරණ්‍යක යන ඒවායින් බ්‍රාහ්මණ කෘතීන්හි පරිවාර ග්‍රන්ථ විශේෂයක් මේ නමින් හැඳින්වේ. ආරණ්‍යක ග්‍රන්ථ වලට ලියූ නිගමන කාණ්ඩ ලෙස යැයි ද ගුරුවරයා උපනිශ‍්‍රයෙහි හෙවත් ඇසුරෙහි, සමීපයෙහි හි`දිමින් උගතයුතු රහස් ධර්ම කරුණු ඇතුළත් මේ කෘති වෛදික සාහිත්‍යයේ අවසන් කොටස නිසා වේදාන්ත ලෙස ද හඳුන්වයි. ඓතරේය උපනිෂදය හාකෞෂිතිකී බෘහදාරණ්‍යක, ඡුාන්දොගස, කෝණ යනු පැරණිතම උපනිෂද් ග්‍රන්ථයන් ය. මෙම කෘති වල ප්‍රකෘති හෙවත් භෞතික තත්ත්වය, ආත්මය හා බ‍්‍රහ්මන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡුා කෙරේ. ප්‍රථම වරට පුනරුත්පත්තිය හා කර්මවාදය පිළිබඳව කරුණු සඳහන් වන්නේ ද උපනිශද් ග්‍රන්ථවල ය. වෛදික යාඥා විධි විෙවිචනයට ලක් කරන උපනිශද් ග්‍රන්ථ විසින් බ‍්‍රහ්මන් හා සමවායගත වීම උදෙසා වන කර්ම සහ ඥාන මාර්ග දෙක කෙරේ අවධානය යොමු කරවයි. ආර්යයන් ආගමික හා දාර්ශනික වශයෙන් මුහුකුරා යත්ම මූලික රාජ්‍ය බිහි කරමින් ගංගා යමුනා තැනිතලාවේ පැතිර යාම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථ විශේෂය වැදගත් ය. වික්ටර් නිට්ස් පඬිතුමා කියන්නේ උපනිශද් 200ක් ඇත කියාය. එහෙත් දාස් ගුප්තට අනුව 112කි. රාධක‍්‍රිෂ්ණට අනුව 108කි.
උපරාජ-රජුගේ සහයක රජු, දෙවැනි රජු, රජුට පමණක් දෙවැනි වන්නා, රජුට පසු රජවන්නා.
උපරික- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ ප්‍රාදේශීය පාලක නිළධෘරී නාමයකි.
උපවත්තන- කුසිනාරාවේ පිහිටි සල් වනයකි. සම්බුද්ධ පරිනිර්වානය සිදු වූ ස්ථානය යි.
උපවර්ෂ- ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
උපවේද- ලෞකික විෂයයන් පිළිබඳ අවධානය යොමු කරමින් ලියූ ග්‍රන්ථ විශේෂයකි. ඊට අයත් ආයුර්වේදයෙන් වෛද්‍ය විද්‍යාවත්, ධනුර්වේදයෙන් ධනු ශිල්පයත්, ගාන්ධර්ව වේදයෙන් සංගීතයත්, ශිල්පවේදයෙන් ගෘහනිර්මාණ ශිල්පයත් ඉගැන්වේ.
උපානහ් - පාවහන් (බෞද්ධායන ධර්මශාස්ත්‍රය අනුව)
උපාසන- අථර්ව වේදයේ කොටස් තුනෙන් එකකි. දේවාශිර්වාදය පතා කෙරෙන අයදීම් මෙහි අන්තර්ගත වේ.
උමා- හින්දු දේව කතා වල සඳහන් වන ආකාරයට උමාව යනු ඊෂ්වර(ශිව, මහේෂ්වර, මෙහෙසුරු) දෙවියන්ගේ භාර්යාව යි. හිමාලයට අධිපති හිමවත් දෙවිඳුන්ගේ දියණිය යි. දුර්ගා හා පාර්වතී නමින් ද හැඳින්වේ.
උමා-ඉන්දියාවේ දී දේවත්වයෙන් පූජාවට පාත්‍ර වූ සංකල්පීය කාන්තාවකි. ඇතැම් විට මේ චරිත සඳහා පදනම් වී ඇත්තේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ මාතෘදෙවඟන වන්දනාවව විය හැකි ය.
උරගපුර- ඉන්දියාවේ නාග ගෝත්‍රිකයින් වාසය කළ ප්‍රදේශයක් යැයි අනුමාන කෙරේ.
උරයියුර්-බ්‍රාහ්මණ කවියෙකි. දකුණු ඉන්දියාවේ සංගම් සාහිත්‍ය යුගයට ආසන්න යුගයක විසූවෙකි.
උරුවෙල්-උතුරු ඉන්දියාවට අයත් ප්‍රදේශයකි.උරුවෙල් දනව්ව.
උරුවේල-දඹදිව පණ්ඩුශාක්‍ය රජුගේ පුත්‍රයෙකි. භද්දකච්චායනා කුමරියගේ සහෝදරයෙකි. ඇයගේ ලංකාගමනට පසු ඈ සොයා ආ මොහු හා සෙසු සහෝදරයෝ පසුව ලංකාවේ ම පදිංචි වූහ.
උර්ධර් - මිනුම් ඒකයකි(ඍග් වෛදික)
උශිනර (ඉන්දියා)පශ්චාත් වෛදික සමයේ කුරු ගෝත්‍රිකයන් සමග මධ්‍ය දේශයේ වාසය කළ ගෝත්‍රයකි.
උෂා - උදෑසනට අධිපති දෙවඟන.සූර්ය දේවතාවාගේ දියණිය.(ඍග් වෛදික යුගය.)
උෂ්ණීෂ-බුදු සිරසේ ඇති විශේෂ ලක්ෂණයක් ප්‍රාකාරයක ඉහළ කොටස, කණුවක ශීර්ෂ කොටස
උෂ්ණීෂය - හිස් වැස්ම (බෞද්ධායන ධර්මශාස්ත්‍රය අනුව) ඊට අමතරව මෙය බුද්ධප්‍රතිමාවල හිසෙහි දක්වන ලක්ෂණයකි. මෙය මාංශමය උන්දමක් වශයෙන් සැලකේ. නමුත් පසුකාලයේ එක් වූ සිරස්පත උෂ්ණීෂය නොවන බව ද සඳහන් ය.
ඌර්ණරෝම ධාතුව-බුද්ධ ප්‍රතිමාවක නළලේ ඇති දක්ෂිණාවෘත රෝම ලක්ෂණය. මෙය දෙතිස්මහා පුරුෂ ලක්ෂණවලින් එකකි.
ඌර්-මෙසපොතේමියාන් ශිෂ්ටාචාරයට අයත් නගරයකි.
ඌෂා- වෛදික දේවතාවියකි. සූර්යෝදය/අරුණෝදය මේ නාමයෙන් හැඳින්වේ. සදාකාලික යෞවනියක වන්නීය. සූර්යයා මැයට පෙම් බඳිමින් මෑ පසුපස යන බැව් විශ්වාස කෙරේ.
ඍගර්ථප්‍රදීපිකාව- චෝළ පාලන සමයේ දී වෙන්කත මාධව නම් ආචාර්ය වරයා විසින් රචනා කළ කෘතියකි. වේදය පහදා දීම කෘතියේ මුඛ්‍ය අරමුණ වී ඇත. මෙය පළමුවන පරාන්තක රජ සමයේ ලියැවිණැ‘යි මතයක් ඇත.
ඍග් වේදය - ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා මූලාශ‍්‍රයකි. ගීතිකා සංග්‍රහයකි. වෛදික සාහිත්‍යයට අයත් පැරණිත ම සංහිතාවයි. මණ්ඩල දහයකින්(10) හා ගීතිකා එක් දහස් විසි අටකින්(1028) කින් සමන්විතය. අෂ්ටක වශයෙන් අටකි. සංචාරක එඬේර දිවියක් ගත කළ ආර්යයන් ස්ථාවර තැම්පත් දිවියකට හැඩගැසුණු ආකාරය අවබෝධ කර ගැනීමට මෙම සාහිත්‍ය කෘතිය වැදගත් වේ. නා නා දේවතාවන් ස්තුති වශයෙන් රචිත ගීතිකා හෙවත් මන්ත‍්‍ර මෙහි දක්නට ලැබේ. මෙහි එන සමාජය පන්ජාබය මුල් කරගනිමින් වාසය කළ ජන පිරිසකගෙන් සැදුනකි. එහෙත් පංජාබය යන්න වෙනුවට මෙහි සඳහන් වන්නේ ‘සප්ත සින්ධවඃ’ යන වදනයි. අනාර්ය ගෝත්‍රිකයන් සමග ගැටෙමින් ක්‍රමයෙන් ගංගා නදී නිම්න ප්‍රදේශයට ගමන් කළ මොවුන් සමුදුර පිළිබඳව එතරම් දුරට දැන නොසිටි බව හෙළි වේ. සප්ත සින්ධු ප්‍රදේශයේ ජීවිතය පිළිබඳ යම් තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකි මුත් පසු කාලීන තොරතුරු අල්පය. ඊට අනුව මොවුන් සප්ත මනාව සෙවිලි කළ ආරක්ෂිත ගෘහයන්හි වාසය කළ අතර පශු පාලනය ප්‍රධාන ජීවිකාව කර ගත්හ. ගවයන්, අසුන්, එළුවන් හා බැටළුවන් රැකදෙන ලෙස ඉන්ද්‍රාදී දෙවි වරුන්ගෙන් ඉල්ලා සිටීමෙන් ම මේ බව සනාථ වේ. යුධ කටයුතු හෝ පරිවහන කටයුතු සඳහා අශ්වයන් යොදා ගත් බව ද ඉන් හෙළි වේ. සුරා පානය, සෝම පානය පිළිබඳව ද නිතර සඳහන් වේ. වඩු වැඩ, සම් වැඩ, යකඩ වැඩ, කුඹල් වැඩ, රෙදි වියමන, පැදුරු විවීම වැනි දෛනික කාර්යයන්හි ද නිරත වී සිට ඇත. වෙළඳ කටයුතු සිදු කෙරුණේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට ය. බොහෝ විට මෙම කෘතිය ඍෂි වරුන් විසින් මුඛ පරම්පරා ක්‍රමයට පවත්වාගෙන එන ලදුව ක්‍රි.ව. 1-4 සියවස් අතර කාලයේ ග්‍රන්ථාරූඪ ගත කරන්නට ඇතැ’යි සැලකේ. ඍග් වේදයේ 2-7 මණ්ඩල වලින් ස්තෝත්‍ර ගීතිකා ආදියත් ඍග් පවුල් වල පුරාවෘත්ත ආදියත් දක්වෙන අතර, 8 වැන් මණ්ඩලයේ කාන්ව හා අංගීරස පවුල් පිළිබඳ විස්තර වලට වෙන් කර ඇත. 9 වැනි මණ්ඩලයේ සෝම පූජාව පිළිබඳ සඳහන් වන අතර, 10 වැනි හෙවත් නූතන ම මණ්ඩලයේ ලෝකෝත්පත්ති දර්ශනය, ගෘහස්ථ චාරිත්‍ර ආදිය සඳහන් කර තිබේ. ඍග් වේදයේ මණ්ඩල බෙදීමේ දී (1)පුදනු ලබන දෙවියා, (2)වෘත්තය, ඡන්දස හෝ මාත්‍රාව, (3) ගී සංඛ්‍යාව යන සාධක සලකා බලා ඇත.
ඍග් සංහිතා- ඍග්, යජුර්, සාම හා අතර්වන් යන ග්‍රන්ථ සතර
ඍතුසංහාර-කාලිදාස නම් මහා කවියාගේ අසහාය නිර්මාණය යි. ඍතුවෙනස්වීම් අළලා ලියූ අතිශය රසවත් කෘතියකි. ඉන්දීය ඉතිහාසය ගොඩනැගීමේ දී මූලාශ‍්‍රයක් වශයෙන් යොදා ගන්නා මෙම කෘතිය ගුප්ත යුගයට අයත්ය.
ඍෂිපූර්-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් යැයි සැක කළ හැකි භාණ්ඩ මේ ස්ථනයේ තිබී ලැබී තිබේ.
එච් කලාපය- ඉන්දුනිම්නයට අයත් සුසානයක් හැඳීන්වීමට පුරාවිද්‍යාඥයන් දුන් කලාප නාමයකි.
එච්.ආර්. කලාපය- ඉන්දුනිම්නයේ කැණීම් කලාපයකි. කඩුපහරකින් පුපුරා ගිය හිස් කබලක් ඇතුළුව මළසිරුර දාහතරක් මේ ප්‍රදේශයෙන් හමු වී තිබේ.
එයිකඩු- සුමේරියන් මිථ්‍යා සත්ත්ව රූපයකි. අර්ධයක් මනුෂ්‍ය හා අර්ධයක් ගව රුවකින් සමන්විතය.
එරගුඩ් - අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතක් මෙහි දක්නට ලැබේ.
එල්ලෝරා - බෞද්ධ ලෙන් විහාර පිහිටි ස්ථානයකි. අජන්තාවට තරමක් සමීප ය. මේවා විශ්වකර්ම ලෙන් නමින් ද හැඳින්වේ.
එල්ලෝරා කෛලාසනාථ දෙවොල - රාශ්ට්‍රකූට නිර්මාණයකි. පළමු ක්‍රිෂ්ණ රජ දවස.
එවුතිඩිමෙස්-බැක්ට්‍රියාවේ පාලකයෙකු වූ මැග්නීසියානු ජාතිකයෙකි.
එව්වි-දකුණු ඉන්දීය ප්‍රදේශීය අධිපති වශයෙන් විය හැක. තලයිලම්ගානම් සංග්‍රාමයේදී නෙඩුඤ්ජේලියන් පාණ්ඩ්‍ය රජු අතින් පරාජය වූ පාලකයන් අතර මේ නම ද හමු වේ.
ඒක ප්‍රස්ථාරය-කාලිංගයේ නගරයකි. ජයස්වාල් පඬිවරයා විශ්වාස කරන්නේ මහා කෝසලය අත්හැර කාලිංගයට ආ අයිලවරු ඒකප්‍රස්ථාරය අගනුවර කරගෙන එහි විසූ බවයි. ප්ලීනි කාලිංගයේ අගනුවර පර්තලිස් ලෙස දක්වන අතර එය ප්‍රස්ථාර යන්නම උච්ඡාරණය කළ ආකාරය වියහැක. මේ නගරය කුමක් ද යන්න අපහැදිලි නමුත් අශෝක ලිපිවල එන තෝසලී හෙවත් ධෞලී වියහැකි යැයි අනුමාන කෙරේ.
ඒක බම්මණා - බමුණන්ගේ එකම ආරක්ෂකයා හෝ උත්තම බ්‍රාහ්මණයා යන අරුතින් ගෞතමීපුත්‍ර ශාකතර්ණී රජුට නාසික් ප්‍රශස්තියේ මේ විරුදය දී ඇත.
ඒකබ්‍රාහ්මණ-ගෞතමීපුත්‍ර සාතකර්ණීගේ නාසික් ප්‍රශස්තියේ ඔහු හඳුන්වා ඇති එක් අපර නාමයකි.
ඒක්රාට් - නන්ද රාජවංශයේ ආරම්භකයා වූ මහාපද්මනන්ද හැඳින්විමට පුරාණ ග්‍රන්ථ වල දක්වා ඇති විරුදයකි. මෙය පශ්චාත් වෛදික යුගයේ මතුවෙමින් ආ නායකයින් භාවිත කළ විරුදයකි.
ඒරියානා-ප්‍රදේශ නාමයකි. බැක්ට්‍රියානු ග්‍රීකයන් විසින් යටත් කරගත් ප්‍රදේශයකි. මෙය පර්ශියාව හා ඉන්දියාවේ කොටසකට ව්‍යවහාර කළ නාමයක් යැයි අනුමාන කරයි.
ඒනාදි-දකුණු ඉන්දීය යුධ සේනාපතීන්ට ගෞරව පිණිස දුන් නාමයකි.
ඒ්ක්රාත් - මහා පද්මනන්ද(ක්‍රි.පූ.362 - 334)(නන්ද වංශය)
ඓතරේය- බ්‍රාහ්මණ ග්‍රන්ථයකි. මිනිසුන් බිලිදීම ගැන ද මෙහි සඳහන් වේ.
ඓතිහාසික නාට්‍ය ග්‍රන්ථ-කාලිදාසගේ මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝවර්ෂී, සාකුන්තල, විශාකදත්තගේ දේවී චන්ද්‍රගුප්තා, මුද්‍රාරාක්ෂස, ශුද්‍රකගේ මෘච්ඡකටීකා...
ඔක්සටයිට්වරු-දකුණු ඉන්දියාව හා ගනුදෙනු කළ නැගෙනහිර අප්‍රිකානු ජන කොටසකි.
ඔක්සස් - ගංගාවකි. මධ්‍ය අසියාවේ බටහිර කෙළවර සේ සැලකෙන්නේ මේ නදිය යි. මෙහි නදී නිම්නය කයිබර් දුර්ගයට විවර වේ.
ඔක්ස්ෆර්ඩ් චතුරශ‍්‍රය - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නැගෙනහිර හා දකුණු වීදි දෙක එක් වන ස්ථානයට පූර්ව ගවේශකයන් යෙදූ නමකි.
ඔට්ටන්කුට්ටන් - චෝළ පාලන සමයේ සිටි ප්‍රශස්ති රචකයෙකි. රජවරුන් තිදෙනෙකු සම්බන්ධයෙන් ප්‍රස්ති රචනාකො ඇත. මොහු හා කම්බන් ද, පුගලෙන්දි ද දෙමළ සාහිත්‍යයේ වැජඹි මාණික්‍ය තුනක් සේ පිළි ගැනේ.
ඔදන්තපුරි සංඝාරාමය-පාල රාජ වංශයේ ධර්මපාල රජු විසින් බිහාරයේ ඉදිිකරවූ සංඝාරාමයකි. විද්‍යාස්ථානයකි.
ඔදු- ප්‍රදේශ නාමයකි.
ඔපාෂ - නැමි පනාවකි. (ඍග් වේදය)
ඔරිස්සා කපොල්ල - වින්ධ්‍යා කඳුපෙළේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති කපොලූ මාර්ගයකි. මෙය තරණය කර ඉන් ඔබ්බට යෑමේ මෞර්ය අපේක්ෂාවන් බිඳ දමන ලද්දේ මෙම කපොල්ල රැකගත් කාලිංගයන් විසිනි. එහෙත් පසුව අති බිහිසුණු යුද්ධයකින් පසු කාලිංගය අත්පත් තර ගැනීමට අශෝක අධිරාජයා සමත් විය. මේ සඳහා කෙතරම් දරුණු යුද්ධයක් කළේ ද යන්න කාලිංග ලිපියෙන් ම පෙනේ. සමුද්‍රගුප්ත අධිරාජයා දකුණු ඉන්දියාවේ ප්‍රදේශ ද, පළමුවන රාජේන්ද්‍ර චෝළ අධිරාජයා උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ ද ජය ගැනීම පිණිස සිය සෙන්පතියන් පිටත් කළේ මෙම මාර්ගයෙන් විය යුතුය.
ඔරිස්සාව - කාලිංගයයි. ලිංගරාජ දේවාල ඔරිස්සොවේ ‌ඓතිහාසික සංකේතයකි.
ඔසීන්-උදේනි නම් නුවරට ටොලමි දී ඇති නම.
ඔස්ට්‍රොලොයිඩ් ජන වර්ගය - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ද මෙම වර්ගයට අයත් මානව හිස්කබල් හමු වී ඇත. ඔවුන්ගේ හිස්කබල් පළලින් හා දිගින් අඩුය.
ඕදන්තපුර -පැරණි භාරතීය විශ්ව විද්‍යාලයකි.
ඕ-ල-න-ෂුන්-ච-චීන වාර්තාවල සඳහන්වන නමකි. මෙයින් හර්ෂ රජුට පසු බලවත් වූ අර්ජුන නම් අමාත්‍යයෙක් හැඳින්වෙන්නේ යැයි අනුමාන කෙරේ. වොන්-හ්‍යුං-සෙ නම් චීන දූතයාට අවහිර කළ මේ අර්ජුන නමැත්තා පසුව අල්ලාගෙන චීනයට රැගෙනගිය බවත් ඒ සඳහා ටිබෙට් හා නේපාල පාලකයන් උපකාර කළ බවත් චීන වාර්තාවල සඳහන් වේ.
ඖජිනී - පුරාණ ඉන්දියවේ උජ්ජායිනි (උදේනි) නගරයයි. භුගෝල විද්‍යාඥ ජේම්ස් රෙනල් උජ්ජයිනිය සඳහා මෙම නම භාවිත කර අත.
ඖදුම්බර- උදුම්බර රාජවංශය යටතේ බලන්න.
කංකාලිකීල ආයගපට්ට- මථුරා කලාවෙන් නිර්මිත ජෛන මූර්තියකි.
කංසු-චීනයට අයත් ප්‍රදේශයේ ප්‍රදේශයකි.
කච් හි රාන් - කාතියවාරයෙන් බටහිරට වන්නට ඇති වියළි, ශුෂ්ක ප්‍රදේශය.
කච්ච-ප්‍රදේශ නාමයකි.
කජංගල- නැගෙනහිර බිහාරයේ රාජ්මහල් කඳුවැටිය අසල ප්‍රදේශයකි. චීන කෘතිවල කු-චු-වෙන්-කි-ලො නමින් හැඳින්වේ. හර්ෂ රජු සිය දික්විජය ව්‍යාපාරයේ අවස්ථාවක මේ ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටියේ යැයි සඳහන් වේ. සසංක-ගෞඪ පාලකයෙකි.
කඩම්බන්-දකුණු ඉන්දියාවේ පැවති කුලයකි.
කඩයිශියර්-හීන කුල ස්ත්‍රීන්(දකුණු ඉන්දියාව)
කඩාරම් කොණ්ඩ - පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව 1014 - 1044)
කණිෂ්ක මූර්තිය-මථුරා කලාවෙන් නිරූපිත මූර්තියකි.
කණිෂ්ක රාජසභාවේ සිටි භික්ෂූන්වහන්සේලා- පාර්ශ්ව, වසුමිත්‍ර, අශ්වඝෝෂ, සංඝරක්ෂක හිමිවරු.
කණිෂ්කපුර- කුෂාණ වංශිකයන් යැයි අනුමාන කළ හැකි පාලකයෙකු විසින් වයඹදික ඉන්දියාවේ පිහිටවූ නගරයකි. රාජතරංගනිය අනුව ය.
කණිෂ්ක-වීමා කැඩ්ෆයිසස්ට පසු වයඹදිග ඉන්දියාවේ බලයට පත්වූ කුෂාණ වංශික රජු . කුෂාණ වංශයේ ශ්‍රේෂ්ඨතමයා. ඔහු හා වීම කැඩ්ෆයිසස් අතර සබඳතාව පැහැදිලි නොවේ.
කණ්ණඩ - දකුණු ඉන්දියාවේ ප්‍රධාන භාෂාවකි. (දකුණු ඉන්දියාවේ ප්‍රධාන භාෂා හතරකි. ඒවා නම් දෙමළ, තෙළි`ගු, කණ්ණඩ හා මළයාලම් ය.)
කත්‍රා පිළිමය-මථුරා කලාවේ අග්‍ර මූර්තියකි. මහාපුරුෂ ලක්ෂණ දක්වන්නට කතුවරයා උත්සාහ කර ඇති අතර උෂ්ණීෂය හා ඌර්ණරෝම ධාතුව ද මනාව නිරූපණය කර ඇත.
කථාවත්ථූපකරණය - ථෙරවාද ධර්ම ග්‍රන්ථයකි.
කථාසරිත්සාගරය- රාජ්පුත් යුගයේ දී සෝමදේව විසින් රචනා කරන ලදී.
කදම්බවරු-ඩෙකෑනයේ රාජවංශයකි
කධික්කිලයි-ඒක පාර්ශ්වික ප්‍රේම බන්ධනය (දකුණු ඉන්දියාව)
කනවුන් සෙල්ලිපිය-ස්කන්ධ ගුප්ත ගැන තොරතුරු සඳහන් ශිලා ලේඛනයකි.
කනිංහැම්, ඇලෙක්සැන්ඩ(ද?)ර් - බ්‍රිතාන්‍ය රජය විසින් 1862 වසරේ දී ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේශක තනතුරට පත් කළ බ්‍රිතාන්‍ය ජාතික නිළධරයාය. ඉන්දු නදී ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
කනෞජය- හර්ෂවර්ධන රජු විසින් ජයගත්තේ යැයි හ්‍යුංසියැං හිමි සඳහන් කරන පංච ඉන්දියාවේන් එකකි ‘කනෞජ්’ බලන්න.
කනෞජ්/කන්‍යකුබ්ජ/කාන්‍යකුබ්ජ/කිනවුජ්/කනෝයි/කනෝජ/මහෝදය/ගායිපුර/ගායිනගර/කුශස්තල/කුශික/කුසුමපුර/කුශිනාවා/ හ්‍යුන්සාන් හිමි විසින් කා - නො - කු - ෂෙ - කන්‍යකුබ්ජ නමින් ද/පර්සියානුවන් මහාදේශ් නමින් ද... - ගංගා නදියේ දකුණු ඉවුරේ පිහිටි මෙය උතුරු ඉන්දියවේ පැරණි පාලන මධ්‍යස්ථානයකි. ගුප්ත අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු මූගල් ආක්‍රමණ දකිවා කාලයේ උතුරු ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන මධ්‍යස්ථානයක් වූ මෙය මෞර්ය අධිරාජ්‍ය සමයේ ද යම් ප්‍රමාණයකට වැදගත්කමක් ඉසිලු නගරයකි. ඉතා පුරාණ කාලයේ කුශනාභ නම් රජෙකු විසින් මහෝදය නමින් මේ නගරය ඇරඹූ බවට විශ්වාසයක් පවතී. ජන විශ්වාසය අනුව මේ නගරයේ නම වෙනස් වීමට දේව ශාපයක් හේතු වී ඇත. කුශනාභ රජුට අති රූමත් දියණියන් සියයක් සිටි අතර වායු දෙවියා ඔවුන් සියලූ දෙනා විවාහ කරගන්නට අවසර පැතීය. එහෙත් රජු ඔහුගේ යෝජනාය පිළිකෙව් කළෙන් දෙවියා විසින් කළ ශාපය නිසා එපුර කන්‍යාවන් කුදු භාවයට පත් විය. කුදු කන්‍යාවන්ගේ පුරය යන අරුත ඇතිව මේ නගරය පසු කාලයේ කන්‍යකුබ්ජ නම් විය. මේ කතාපුවත රාමායනය ප්‍රමුඛ භාරතීය සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයක ම ඇත. මේ නගරය පිළිබඳව පළමුවරට ප්‍රමාණවත් විස්තරයක් සපයන්නේ ෆාහියන් හිමියන් විසිනි. අශොක අධිරාජයාට පසු කාලයක මෞර්ය අධිරාජ්‍යයේ බලයට පත් වූ ජලෞක කන්‍යකුබ්ජය දක්වා ආක්‍රමණ මෙහෙයවූ බව රාජතරංගනියේ දැක්වේ. මේ වන විටත් කන්‍යකුබ්ජය ස්වාධීන වී තිබූ බව ද මින් පෙනේ. ආක්‍රමණික හූනයන්ට මුහුණදුන් මෞකරීවංශයේ ඊශානවර්මන් රජු සිය මධ්‍යස්ථානය බවට පත්කරගත්තේ ද මේ නගරය යි. ක්‍රි. ව. 7 වන සියවසේ දී වංග හා මාලව රජවරුන් විසින් කනෞජයට පහර දී එහි බලය බිඳ දමන තෙක් උතුරු ඉන්දියාවේ වැදගත් දේශපාලන මධ්‍යස්ථානයක් ලෙස පැවතීයේ මේ නගරය යි. ක්‍රි. ව. 606 - 647 කාලයේ බලයේ සිටි හර්ෂවර්ධන රජු මෞකරී වංශයේ බි`දීගිය බලය ප්‍රතිශ්ඨාපනය කරවා කනෞජය මුළු උතුරු ඉන්දියාවේ ම වැදගත් පාලන මධ්‍යස්ථානය බවට පත් කළේය. බුද්ධ කාලයේ පටන් පාඨලීපුත්‍රයට හිමිව තිබූ ස්ථානය මෙතැන් පටන් කනෞජයට හිමි විය. මර්ෂවර්ධන අධිරාජයාගෙන් පසු කනෞජයේ බිඳ වැටීමක් දක්නට ලැඛෙනමුත් ඉන්ද්‍රායුධ රජු දවස තාවකාලික නැගීමත් පෙන්නුම් කරයි. එහෙත් ඔහුගෙන් පසු කනෞජයේ බලය උදෙසා රාශ්ට්‍රකූට, ගුර්ජරප්‍රතිහාර හා පාලයන් අතර අරගලයක් ඇතිවිය.(ත්‍රිකෝණ අරගලය) ඛෙංගාලයේ ධර්මපාල රජු ද වරක් කනෞජය ආක්‍රමණය කර ඒ වන විට එහි බලයේ සිටි ඉන්ද්‍රායුධ නෙරපා චක්‍රායුධ බලයට පත් කළේය. එහෙත් ඒ ආසන්න කාලයක මේ නගරය ආක්‍රමණය කළ ප්‍රතිහිර රජ 2වන නාගභට විසින් චක්‍රායුධ රජු පළවා හැර කනෞජය සිය රාජ්‍යයේ අගනුවර කර ගත්තේය. මෙතැන් පටන් මූගල් ආක්‍රමණ සමයේ දිල්ලිය පාලන මධ්‍යස්ථානය බවට පත්වන තුරු කනෞජයට උතුරු ඉන්දියාවේ ප්‍රමුඛ පැලන මධ්‍යස්ථානයක් ලෙස වැදගත් තැනක් හිමිවිය.
කන්ද- ඛෂ්ටනගේ කාසිවල ඇති සලකුණකි. ගෞතමී පුත්‍ර ශාතකර්ණී හා යඥශ්‍රී ශාතකර්ණීගේ කාසිවල ද ඇත.
කන්ද ශාතකර්ණී-ශාතකර්ණී පරපුරේ පාලකයෙකි. ඔහුට අයත් කාසි බෙරාර්හි අකෙල දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ.
කන්දගිරි-ඛාරවේල රාජ්‍ය සමයේ කලාකෘති ඇති ස්ථානයකි. කාලිංගයට අයත් වේ.
කන්දේශ්-රඨිකවරු පාලනය කළ ප්‍රදේශයකි.
කන්‍යකුබ්ජ - ‘කනෞජ්’ බලන්න.
කන්‍යාකුමාරි තුඩුව - කොමරින් තුඩුව
කන්සු-චීන තුර්කිස්ථාන් ප්‍රදේශයකි. යු-එචී-ගෝත්‍රයේ මුල්බිම විය හැක.
කපිල-පාරි නමැති ප්‍රාදේශීය අධිපතියාගේ අනුග්‍රහය ලැබූ බමුණෙකි. කපිලර් නමින් ද තැනක දක්වා ඇත.
කපිලර්-කපිල නමින් ද හැඳින්වෙන බ්‍රාහ්මණයෙකි. පාරි නම් ප්‍රාදේශීය අධිපතියාගේ අනුග්‍රහ ලැබූවෙකි.
කපීස-වයඹදිග ඉන්දියාවේ ප්‍රදේශයකි. කණිෂ්ක නම් කුෂාණ රජු මෙහි ස්තූපයක් කරවූයේ යැයි හ්‍යුංසෑන් සඳහන් කරයි.
කපුටන්ට ආහාර දීම-දකුණු ඉන්දීය සමාජ විශ්වාසයක් හා බැඳුණු සිරිතක් විය.
කපුටු නාදය-ආගන්තුකයින් පැමිණීමේ පෙරනිමිත්තක් යැයි විශ්වාසකරන ලදී. (දකුණු ඉන්දියාව)
කපොතේශ්වර කෝවිල-ගුප්ත යුගයේ ඉදිවූ කෝවිලකි. චෙශාර්ල ප්‍රදේශයේ පිහිටා ඇත.
කමර(කාවේරි පටුන)- දකුණු ඉන්දීය වරායකි.
කම්බන් - චෝළ පාලන සමයේ සිටි කවියෙකි. රාමායනම් නමැති කෘතියේ මුල් කොටස ඔහුගේ බවත් පසු කොටස ඔහුගේ ප්‍රතිවිරුද්ධ කවියෙකු වූ ඔට්ටන්කුට්ටන්ගේ බවත් කියවේ. මොහු ද ඔට්ටන්කුට්ටන් ද පුගලෙන්දි ද දෙමළ සාහිත්‍යයේ වැජඹි මාණික්‍ය තුනක් සේ පිළි ගැනේ.
කයිබර් - වයඹ දිග ඉන්දියාවේ පිහිටි දුර්ග මාර්ගයකි. වයඹ දිගින් ඉන්දියාවට පිවිසීමට ඇති ප්‍රධානම දුර්ග මාර්ගය යි. සංක්‍රමණිකයන් අතර වඩාත් ජනප්‍රිය වූ හා සෙසු දුර්ග මාර්ග වලට සාපේක්ෂව වඩාත් පහසු දුර්ග මාර්ගය ද මෙය යි. ඊට හේතුව මේ ඔස්සේ සරු සාර පංජාබයට පිවිසීමට හැකි වීමයි. මෙය කාබුල් නදී නිම්න ඉහත්තාවෙන් ඇරඹී වත්මන් පාකිස්ථානයේ පෙෂවෝර හෙවත් පැරණි ඉන්දියාවේ පුරුෂපුරය දක්වා වැටී ඇත. සිස්තානයේ සිට පැමිණි ශක වරුන් ද, ද්‍රවිඩයන් ද, ආර්යයන් ද, පර්සියන් වරුන් ද, මැසිඩෝනියන්, බැක්ට්‍රියන්වරුන් ද, ග්‍රීක මූගල් වැනි සංක්‍රමණික හා ආක්‍රමණික පිරිස් භාවිත කළේ මේ මගයි. මේ මග ඔස්සේ පැමිණි සංක්‍රමණික හෝ ආක්‍රමණික පිරිස් ඉන්දීය උප මහද්වීපයේ ඉතිහාසය වෙනස් කරන්නට පොහොසත් වූ වග අමතක කළ නොහැකිය. මේ ඔස්සේ ආ ආර්යයෝ කලක් ඉන්දු නදී නිම්න ප්‍රදේශයේ පදිංචිව සිට පසුව ගංගා නදී ප්‍රදේශයට සංක්‍රමණය වී පසු කාලීනව ඉන්දියාවේ මහා අධිරාජ්‍යයන් බිහි කරන්නට අඩිතාලම දැමූහ. ඉන්දියාවේ කුෂාණයෝ ගන්ධාර කලා සම්ප්‍රදාය ද, මූගල් වරු මුස්ලිම් සංස්කෘතිය ද මේ දේශයට දායාද කළහ. ඔවුන් ආයේ ද මේ දුර්ග මාර්ගය ඔස්සේය. දුර්ගයට ආසන්න ම නගරය පෙෂවෝරය යි. දුර්ග මග සැතපුම් 33ක් වේ. ඇතැම් තැනෙක දී අඩි 450ක් පමණ පුළුල් ව මාර්ගය තිබුණ ද ඇතැම් තැනෙක දී මාර්ගයේ පළල අඩි 10ක් පමණ වේ. කයිබර් දුර්ගය ඔස්සේ ඉන්දියාවට පැමිණි ආක්‍රමණිකයන්ගේ බලපෑම් පිළිබඳ අවධානය යොමු කළ නායකයෝ මේ මාර්ගය ආරක්ෂා කිරීමට ඒ ආසන්න ස්ථානයක බලකොටුවක් ද ඉදි කළහ. පසු කාලයේ මේ බලකොටුව අවට නාගරීකරණය වූ අතර පෙෂවෝර් යනු ඒ නගරයයි.
කයිබර් දුර්ගය=ඉන්දියාවේ දොරටුව
කයිබාර්-කයිබර් දුර්ගය
කරායි-සිතියන් ගෝත්‍රයක් වියහැකි. ටොලමි මේ නමින් දක්වන ගෝත්‍රය ෂහරාටවරුන් යැයි ද අනුමානයක් පවතී.
කරිකාල-චෝල පාලකයෙකි. මේ නමේ අරුත, “පිළිස්සුණු පාදයක් ඇති පුද්ගලයා” යන්නයි. මේ නමේ අර්ථය පසු කාලයේ වෙනස් කර “කාලි මරන්නා ” හෝ “ඇතුන් මරන්නා” යන අරුත දුන් බව පැවසේ.
කරිකාල චෝළ රජුට ආදිමන්දි නමින් දියණියක් විය. ඇය විවාහ වී සිටියේ ආට්ටන් අත්ති නමැති චේර වංශික කුමරෙකු සමගය. මේ රජු තම රාජ්‍යයේ වනගත ප්‍රදේශ අස්වද්දවා විශාල වැව් ගණනක් බඳවා රටේ සමෘද්ධිය ඇති කළ අතර කාවේරි නදියේ ගංවතුර පාලනයට වේළි බැන්දවූ බව ද සඳහන් වේ. තව ද යාගහෝම ආදිය පවත්වමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකළ බව ද සඳහන් වේ. මේ රජු වටා ජනප්‍රවාද රැසක් ඇති අතර එකොළොස්ව දොළොස්වන සියවස්වලදීත් ඒවා ජනයා අතර තිබී ඇත. මේ රජු කාවේරි නදිය ආශ්‍රිතව කළ වාරි ව්‍යාපෘති ආදිය ලංකාවේ ඉතිහාසය හා බැඳී පවතින ආකාරය ද විමසා බලනු වටී.
කර්කොට් නගර්- මාලවයින්ගේ අගනගර වූ මාලව නගරය පිහිටියේ නූතන කර්කොට් නගර් හි යැයි අනුමානයක් පවතී.
කර්ටියස් - ඉන්දියාව පිළිබඳ ලියූ ග්‍රීක ලේඛකයෙකි. මෞර්ය යුගය පිළිබඳව ද නන්දවරු පිළිබඳව ද තොරතුරු සඳහන් කර ඇත. මේ සඳහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉතිහාසකරුවන්ගේ වාර්තා ඇසුරු කර ඇත.
කර්ණ සෝභන - කර්ණාභරණයකි(ඍග් වේදය)
කර්ණ-කලචුරි වංශයේ පාලකයෙකි. ක්‍රි.ව.11වන සියවස.
කර්ණවර්ණ-නගරයකි. ශාසංක නම් ගෞඪ දේශ පාලකයාගේ අගනුවරයි. නමුත් මෙය කුමන ඉසව්වක තිබූවක් දැ’යි නිශ්චිත නොවේ. නූතන මුර්ෂිදාබාද් දිස්ත්‍රික්කයට අයත් රාන්ගාමාති නගරය යැයි අනුමානයක් පවතී.
කර්ණස්වර්ණ-නැගෙනහිර ඉන්දියාවේ ගංගා නදී ඩෙල්ටාවන් ආශ්‍රිත ප්‍රදේශයකි. හර්ෂවර්ධන රජු විසින් අල්ලාගත් ප්‍රදේශයක් යැයි සඳහන් වේ.
කර්ණාට ක්ෂත්‍රීය- බෙංගාලයේ සේනවරු තමන්වම හඳුන්වා ගත්තේ මේ නමිනි.
කර්නල් යුද්ධය - 1739 දී හිමාලයානු කඳුපන්තියේ වයඹ දිග කොටස හා ථාර් කාන්තාරය අතර සරුසාර බිම්තීරයේ සිදු වූ යුද්ධයකි.
කර්ම - අථර්ව වේදයේ කොටස් තුනෙන් එකකි. කරන දේ යන්න අර්ථවත් වේ.
කලචුරි පෙළපත-ත්‍රිපුර මුල්කරගෙන බිහිවූ රජ පෙළපතකි.
කලසී ග්‍රාමය- කාබුල් ප්‍රදේශයේ වූ ඇලෙක්සැන්ඩ්‍රියාවට අයත් ග්‍රාමයකි.
කලිත්තෝගයි- ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි.
කලිබන්ගන්-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් සුළු නගරයකි.
කලිබන්ග් - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි.
කල්සි ගිරි ලිපිය- අශෝක රජු
කල්‍යාණි -(ඉන්දියා ඉතිහාසය)ඉන්දියාවේ බටහිර වෙරළේ වරායකි.
කල්හණ - (ඉන්දියා ඉතිහාසය)කාශ්මීර ඉතිහාසය සඳහන් වන රාජතරංගණී නම් කෘතියේ කතුවරයාය. ඔහු මෙම කෘතිය රචනා කලේ ක්‍රි. ව. 1149-1150 අතර කාලයේය. කාශ්මීරයේ ඉතිහාසය සටහන් කර තැබීම ඔහුගේ පරමාර්ථය විය. ඉතිහාසය සටහන් කිරීමේ දී ජාතික, ආගමික හෝ වෙනත් ආකාරයක රාගද්වේෂ ආදී වූ දුර්ගුණයන්ගෙන් හැකි තරම් විනිර්මුක්ත විය යුතු යැයි හෙතෙම කියා සිටියේ ය.එම හැ`ගීමෙන් ඉතිහාසය රචනා කරන්නා ප්‍රශංසාගර්භ බවත් ඔහු ම ප්‍රජාපතී වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.(ග්ලාස්‍ය ස ඒව ගුණවාන් රාගද්වේශ බහිෂ්කෘතා-භූතාර්ථ කථනෙ යස්‍ය සහිරව ප්‍රජාපතී.)
කවන්ධ මිනිස් රූ - (ඉන්දියා ඉතිහාසය)ඉන්දු නිම්නයෙන් හමු වී ඇති කවන්ධ මිනිස් රූ දෙකක වඩාත් ප්‍රකටය. අත් පා ඇතුළු අවයව කාවද්දා තිබූ බවට සාධක සහිත මේ මිනිස් රූ නග්න ආකාරයට නිර්මාණය කර ඇත. මස්පිඩු ආදිය මනාව, යථාර්ථවාදීව දක්වා ඇත. ඉතා හො`දින් ඔප මට්ටම් කර ඇත. ඉන්දු නිම්න වැසියාගේ මිනව රූපකරණ හැකියාවට කදිම සාක්ෂියකි.
කවිරාජ - (ඉන්දියා ඉතිහාසය)සමුද්‍රගුප්ත (ගුප්ත රාජවංශය)
කවිරාජමාර්ගය - (ඉන්දියා ඉතිහාසය)රාෂ්ට‍්‍රකූට වංශයේ අමෝඝවර්ෂ රජු විසින් රචනා කළ කෘතියකි.මෙය කාව්‍ය ශාස්ත්‍රය හා විචාරය පිළිබඳ කෘතියකි.
කසස- (ඉන්දියා ඉතිහාසය)කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි.
කළ්වළිය-(ඉන්දියා ඉතිහාසය)සංගම් යුගයේ කාව්‍ය ග්‍රන්ථයකි.
කාංචි-(ඉන්දියා ඉතිහාසය)කාංචිපුරය. නූතන කොංජිවරම්. පල්ලවයන්ගේ අගනුවරයි.
කාඕ-ෂු-(ඉන්දියා ඉතිහාසය)කාබුල් ප්‍රදේශය.
කාකටිය වරු - (ඉන්දියා ඉතිහාසය)වරංගල් ප්‍රදේශය මුල්කරගෙන වාසය කරඇත.
කාක-(ඉන්දියා ඉතිහාසය)සාංචි අසල කාකගාද් ප්‍රදේශය.
කාග්නාරදේව- (ඉන්දියා ඉතිහාසය)මතනදේව නම් පාල සාමන්තයාගේ පුත්‍රයින් දෙදෙනාගෙන් අයෙකි. ඔහු මිථිලාවේ කර්ණාටකවරුන්ට විරුද්ධ යුද්ධයට රාමපාල රජුට උපකාර කර ඇත.
කාතියවාර් - (ඉන්දියා ඉතිහාසය)සෞරාශ්ටයයි. (කියටාර්)ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ වඩාත් මුහුදට නෙරා ආ කොටසයි. ඇති ගුජරාටයට අයත්ය. වර්ග සැතපුම් 23500ක් පමණ වන මෙය ඉන්දියාවේ ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථානයකි. වයඹින් කච් වරාය ද, ගිනිකොනින් කැම්බේ වරායද මෙහි සීමාවන් වේ. මෙහි පැරණි නාමය සෞරාෂ්ඨ නම් වේ. කති නමැති ගෝත්‍රිකයන්ගේ භූමිය වූ නිසා පසුව කතියවාර්, කාතියවාර් ඈ නම් වලින් හැඳින්වුණි. කාතියවාරයට අයත් ගිර්නාර් ප්‍රදේශයේ තිබී අශෝක අධිරාජයාට හා ශක ක්ෂත්‍රප රුද්‍රදාමන් ට අයත් ලිපි හමු වී ඇත. මෞර්ය හා ශක පාලනය යටතේ පැවති මෙය පසුව ගුප්තයන්ගේ පාලනයට ද නතු විය. මූගල් ආක්‍රමණ සමයේ ඝස්නි මුහම්මද් ගේ දරුණු ප්‍රහාරයකට ලක් වූ මෙය ඉන් පසු මූගල් අධිරාජ්‍යයේ කොටසක් බවට ද, අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් බවට ද පත් විය.
කාත්‍යායන/කත්‍යායන -(ඉන්දියා ඉතිහාසය) සුත ග්‍රන්ථ අතරින් එකකි.(බලන්න‘සුත’) මේ නමින් වැඩ සිටි රහතන්වහන්සේ නමක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වේ. (බලන්න පේතවත්තු කතා අතර උත්තර මාතෘ පේත වත්තුව) මේ නමින් සිටි ව්‍යාකරණ ග්‍රන්ථ රජකයෙකු ගැන ද සඳහන් වේ.
කාත්සායනීපුත්‍ර හිමි - (ඉන්දියා ඉතිහාසය)කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංඝායනාවේ ප්‍රධාන දායකත්වයක් දැකුවූ හිමි නමකි. වසුබන්ධු හිමියන්ගේ චරිත කතාව ලියූ පරමාර්ෂ පඬිවරයා මේ හිමියන්ට ධර්මසංඝායනාව පැවත්වීමේ ගෞරවය පුද කර තිබේ.
කාදමෝම් කඳු - (ඉන්දියා ඉතිහාසය)දකුණු ඉන්දියාවේ නිල්ගිරි කඳුවලට ආසන්නව ඇති තවත් කඳුවැටියකි. නිල්ගිරි හා මේ කඳුඅතර ඇත්තේ කි.මී. 32ක තරම් දුරකි.
කාදම්බරී - (ඉන්දියා ඉතිහාසය)භාණ හෙවත් බාණභට්ට නම් ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයාගේ කෘතියකි. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606 - 647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු වූ හෙතෙම සිය අනුග්‍රාහක හර්ෂවර්ධන රජුගේ චරිතය අලලා හර්ෂ චරිතය නම් කෘතිය ද කළේය.
කාදර්මක-(ඉන්දියා ඉතිහාසය)සත්‍රප නම් පෙළපත් උපකොටසකි. නැතහොත් ප්‍රධාන දෙකොටසනේ එකකි. ඔවුන් සිතියන් හෙවත් ශකවරුන්ට යැයි මතයක් ඉදිරිපත් වී ඇත්තේය.
කාන්තිදේව-(ඉන්දියා ඉතිහාසය)හරිකේල ප්‍රදේශයේ බෞද්ධ පාලකයෙකි. ක්‍රි.ව. 9 සියවස කාලයේ බලයේ ඉන්නට ඇත. හරිකේල යනු නැගෙනහිර බෙංගාලයයි. වර්ධමානපුරය අගනුවර කරගෙන සිට ඇත.
කාන්ව - (ඉන්දියා ඉතිහාසය)ප්‍රතිෂ්ඨාන් ප්‍රදේශයේ පාලක පන්තිය
කාන්වා-(ඉන්දියා ඉතිහාසය)කාන්වායන නමින් ද හැඳින්වෙන රාජවංශයකි. අවසන් ශුංග රජු වූ දේවභූමි රජු ඝාතනය කර බලය අල්වාගත් බ්‍රාහ්මණ වංශික වසුදේව විසින් අරඹන ලදී. වසුදේව, භූමිමිත්‍ර, නාරායණ හා සුශර්මන් නම් රජවරු හතරදෙනා මේ වංශයේ රජවරු වෙති. ආන්ද්‍රයන් විසින් කාන්වා පෙළපත විනාශ කළේ යැයි පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ.
කාන්වාගන-(ඉන්දියා ඉතිහාසය)කාන්වා නම් රාජවංශයයි.
කාන්සෝපායන-(ඉන්දියා ඉතිහාසය)රජුට කන්‍යාවන් සැපයීම. සමුද්‍රගුප්ත රජු විසින් යටත් කරගත් දකුණු හා බටහිර ඉන්දීය රාජ්‍යයන්හි යටහත් බව ප්‍රකාශ කළ එක් ක්‍රමයකි.
කාන්හේරි- (ඉන්දියා ඉතිහාසය)යඥ ශ්‍රී ශාතකර්ණී රජුට අයත් ශිලාලේඛනයක් මෙහි තිබී හමුවී ඇත.
කාපූර්-(ඉන්දියා ඉතිහාසය)බැරෝඩා ආශ්‍රිත කපුරු දේශය
කාබුල් -(ඉන්දියා ඉතිහාසය)සින්ධු නදියේ අතුගංගාවකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් සින්ධු නදියට එකතුවේ.
කාම-(ඉන්දියා ඉතිහාසය) හින්දූන්ගේ ජීවිතයේ අරමුණු හතරකි. ඉන් එකක් වන්නේ මේ කාම යන්න යි. (අනෙක් අරමුණු නම් ධර්ම, අර්ථ සහ මෝක්ෂ වේ.)
කාමන්දකී(කාමණ්ඩකී)-(ඉන්දියා ඉතිහාසය)නීතිසාරය කෘතියේ කතුවරයා ය.
කාමන්ඩකී නීතිසාරය-(ඉන්දියා ඉතිහාසය) කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය ඇසුරෙන් කාමන්දකී විසින් රචනා කළ කෘතියකි.
කාමරූප-ඇසෑමය
කාම්බෝජ - (ඉන්දියා ඉතිහාසය)වයඹ දිග ඉන්දියාවේ දේශසීමා රාජ්‍යයකි. පැරණි ඉන්දියාවේ සොළොස් මහා ජනපද වලින් එකකි. සමූහාණ්ඩුවක් බව කෞටිල්‍ය සඳහන් කර තිබේ. එය අපැහැදිලිය. අගනුවර ද්වාරකා විය යුතු නමුත් පැහැදිලි තොරතුරක් නැත.
කාර්කොට-(ඉන්දියා ඉතිහාසය)කල්හණගේ රාජතරංගණියේ සඳහන් වන රාජවංශ නාමයකි. කාශ්මීරයේ රජකළේ මේ රාජවංශය යැයි සඳහන් වන අතර හි ආරම්භකයා දුර්ලබවර්ධන නම් රජු යැයි ද දක්වා තිබේ. මේ රාජවංශයටම නාගරාජවංශය යන නම ද මේ කෘතියේ දී තිබේ.
කාර්කෝරම් කඳු - (ඉන්දියා ඉතිහාසය)වයඹ දිග ඉන්දියාවේ ඇති කඳුවැටියකි.
කාර්ඩමන් කඳු - (ඉන්දියා ඉතිහාසය)දකුණු ඉන්දියාවේ පහළ කෙළවර ඇති කඳු පන්තියකි.
කාර්ලේ - (ඉන්දියා ඉතිහාසය)ලෙන් ආරාමයකි. කාර්ලි නමින් ද හැඳින්වේ. ඉන්දියාවේ විශාලතම චෛත්‍ය ගුහාව සේ පිළිගැනේ. මහාරාෂට්‍ර ප්‍රාන්තයේ පුනා දිස්ත්‍රික්කයේ කාර්ලේ නම් ස්ථානයේ ඇති ලෙන් කිහිපයකින් යුතු විහාරයකි. ක්‍රි. ව. 2වන සියවස ආරම්භයේ දී පමණ පර්වතය කැණ නිමවූ ලෙන් විහාර කිහිපයක් හා චෛත්‍ය ශාලාවක් ද මෙහි වෙයි. වඩාත් හො`දින් ම ආරක්ෂා වී ඇත්තේ චෛත්‍යශාලාවයි. මෙම චෛත්‍ය ශාලාව ඉන්දියාවෙන් හමු වූ විශාලතම චෛත්‍ය ශාලාව වන්නේය.ගල තුළට අඩි 124ක් හාරා සකස් කළ මේ චෛත්‍ය ශාලාවේ පළල අඩි 46.5කි. බොකු වහලේ උස් ම ස්ථානය තෙක් උස අඩි 45කි. ශාලාවේ ඉදිරිපස විශාල ස්තම්භ දෙකක් තිබී ඇතත් අද දක්නට ලැබෙන්නේ එකක් (වම් පස) පමණි. මේ ස්තම්භ මුදුණේ ලෝහමය ධර්මචක්‍ර උසුලාගෙන සිටි සිංහ රූප දෙකක් තිබී ඇත. මේ කුලූනු මෞර්ය කුලූනු වල ම විකාශයකැ‘යි විශ්වාස කෙරේ. ඇතැම් විට මේ ආකාරයට අභියස කුලූනු ගොඩනැගීම මෙසපොතේමියාව වැනි බටහිර දිග ප්‍රදේශ වල සිට පැමිණි ලක්ෂණයක් වියයුතු යැයි ද පිළිගැනේ. දායකකාරකාදීන් පිළිබඳව වූ අතිශය අලංකාර කැටයම් ආදියෙන් අලංකාර කළ ප්‍රසාදද්වාරය අමරාවතී කලා සම්ප්‍රදාය පිළිබඳ මතකය අවදි කරවයි. ගුප්ත යුගයේ දී මහායාන ආභාසය ඇතිව කළ බුද්ධ හා බෝධිසත්ත්ව රූ කිහිපයකින් ද මෙම ද්වාරය සරසා ඇත. කැටයම් සහිත බිත්තිය ඇතුන් විසින් උසුලා සිටින අයුරින් නිමවා ඇත. මෙම හස්ති රූප මුල් කාලීනව ආභරණ ආදියෙන් සරසා තිබී ඇත.
චෛත්‍ය ශාලාවේ පියස්සට ඇතුළු වීමට ද්වාර තුනකි. ඒ මත අශ්ව ලාඩමක හැඩය ගත් කවුළු තුනක් ද, සියල්ලට ඉහළින් විශාල තනි කවුළුවක් ද ඇත්තේය. ඒ කවුළුව ආලෝකය ලබා ගැනීම පිණිස විය යුතුය. ශාලාව ඇතුළත ප්‍රධාන සාලය දෙපස ‘පාර්ශ්වපථ’ දක්නට ලැබෙන අතර පසෙකට පසළොස බැගින් වන කුලූනු දෙපෙළකින් මේ පාර්ශ්වපථ ප්‍රධාන සාලයෙන් වෙන් කර ඇත. මේ කුලූනු අෂ්ටාස‍්‍රාකාරය. පූර්ණඝටයකින් පැන න`ගී. බඳ කොටස කැටයමින් අලංකාර කර ඇත. එහි හිස කොටස ඝන්ටාකාරව හා ඒ මත සෝපානාකාර යටිකුරු පිරමීඩයක හැඩයෙන් යුක්තව දක්වා ඇත. ඒ මත ද කැටයම් දෙකක් වෙයි. එකක් ඇත්තේ පාර්ශ්වපථයට මුහුණලා ය. (අශ්වාරෝහකයෙක්) අනෙක ඇත්තේ ශාලාවට මුහුණලා ය. (දණගසා ගත් ඇතුන දෙදෙනෙකු අරා සිටින ස්ත‍්‍රී පුරුෂ යුවලක්) ශාලාව ඇප්සාකාර නිසා එහි අඩවෘත්තාකාර කොටසේ ද පාර්ශ්වපථය දිව යයි. ශෛලමය චෛත්‍යය ඇත්තේ ද එම කොටසේ ය. කුලූන් සප්තයකින් චෛත්‍යය හා පාර්ශ්වපථය වෙන් කෙරේ. මුලින් කී ස්තම්භ 30 මනා සේ හැඩ වැඩ දමා සරසන ලද්දේ වී නමුත් මෙම කුලූනු සත අෂ්ටාස‍්‍රාකාරව ද, කැටයම් රහිතව ද, පාද හෝ ශීර්ෂ රහිතව ද දක්වා ඇත. චෛත්‍ය පාදම එකිනෙක මත පිහිටි සිලින්ඩර දෙකක හැඩ ගනී. ගර්භය මත දාරුමය ඡුත්‍රයක් දරා සිටින භර්මිකාවකි. ඡුත්‍රය මත යටිකුරු කළ සෝපානාකාර පිරමීඩයකි. ශාලාවේ බොකු වහලයට දාරුමය වක් බල්ක සවි කොට ඇත. පුලුමායි රජුට අයත් ලිපියක් මෙහි තිබී හමු වී ඇත.
කාර්වාර්-(ඉන්දියා ඉතිහාසය)දකුණු ඉන්දීය ප්‍රදේශ නාමයකි.
කාලිංග -(ඉන්දියා ඉතිහාසය)ඔරිස්සාව යි. ඉන්දියාවේ පැරණි රාජධානියකි. වඩාත් ප්‍රකට වූයේ අශෝක අධිරාජයා විසින් ආක්‍රමණය කිරීමත්, එහි දී සිදු වූ යුද්ධය අශෝක අධිරාජයාගේ ජීවිතය වෙනස් කළ නිසාත් ය. රාමායනයේ ද මේ ප්‍රදේශය පිළිබඳව සඳහන් වේ.මෞර්ය සමයේ ප්‍රධාන පරිපාලන ඒකක 4න් එකක් වූ අතර ‌තෝසලී හෙවත් ධෞලී ප්‍රධාන නගරය විය.
කාලිංග ආක්‍රමණය(අශෝක රජු) - (ඉන්දියා ඉතිහාසය)මේ පිළිබඳව අශෝක රජු ගේ 13වන ගිරි ලිපියේ මේ පිළිබඳ සඳහන් කර තිබේ. අශෝක අධිරාජයා විසින් සිදුකළ මේ ආක්‍රමණයේ දී ලක්ෂගණනක් පුද්ගලයන් මියයාම, ආබාධිතවීම හා සිරභාරයට ගැනීම සිදුවිය.
කාලිංගචක්‍රවර්තීන්- (ඉන්දියා ඉතිහාසය)කාරවේල රජු භාවිත කළ විරුද නාමයකි.
කාලිංගත්තුප්පරණ - (ඉන්දියා ඉතිහාසය)පළමුවන කුලෝත්තුංග රජුගේ කාලිංග සටන අළලා චෝළ පාලන සමයේ දී ජයන්ගොණ්ඩර් නමැති දමිළ ලේඛකයා විසින් රචනා කරන ලද කෘතියකි.
කාලිංගාධිපති-(ඉන්දියා ඉතිහාසය)කාරවේල රජු භාවිත කළ විරුද නාමයකි.
කාලි-(ඉන්දියා ඉතිහාසය)ඉන්දියාවේ දී දේවත්වයෙන් පූජාවට පාත්‍ර වූ සංකල්පීය කාන්තාවකි. ඇතැම් විට මේ චරිත සඳහා පදනම් වී ඇත්තේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ මාතෘදෙවඟන වන්දනාවව විය හැකි ය.
කාලිදාස-(ඉන්දියා ඉතිහාසය)ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි.ශාකුන්තලය, මේඝදූත, ඍතුසංහාර, රඝුවංස මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝවර්ශිය, කුමාරසම්භවය, වැනි කෘතීන් රචනා කළ මහා කවියා ය. මුලදී අනුවණයෙකු වූ මොහු කාලි දෙවඟනට පූජා පැවත්වීමෙන් ලැබූ වරයකින් බුද්ධිමතෙකු වු බව ජනප්‍රවාදයේ පවතී. ඉන්දීය සාහිත්‍ය වංසයේ සුවිශේෂ චරිතයකි. ගුප්ත යුගයේ ජීවත් වූවෙකි. මොහු මියගියේ කුමාරදාස රජු දවස ලංකාවේ දී අභිසරුලියක අතිනැ’යි ද ජනප්‍රවාදයක් ඇත.
කාලිසින්දධ් - (ඉන්දියා ඉතිහාසය)යමුනා නදියේ අතු ගංගාවකි.
කාල්සි - (ඉන්දියා ඉතිහාසය)අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතක් මෙහි දක්නට ලැබේ.
කාල්සි ගිරි ලිපිය - (ඉන්දියා ඉතිහාසය) අශෝක රජු කරවා ඇත.
කාවිදි- (ඉන්දියා ඉතිහාසය)සංගම් යුගයේ දකුණු ඉන්දියාවේ සිවිල් පාලනය භාරව සිටි වෙළ්ළාලර්වරුන්ට පාණ්ඩ්‍ය දේශයේ ලබාදුන් නම.
කාවේරි නදිය - (ඉන්දියා ඉතිහාසය)මයිසෝර් සානුවෙන් ඇරඹෙන ගංගාවකි. අර්ධද්වීපික ඉන්දියාවට අයත්ය. මෙය දක්ෂිණාපථයේ විශාල ප්‍රදේශයකට ජලය සපයන ගංගාවකි. නිල්ගිරි කඳු පන්තියෙන් ඇරඹී බටහිර සිට නැගෙනහිරට ගලා ගොස් කොරමැණ්ඩල් වෙරළ ප්‍රදේශයෙන් මුහුදට වැටේ.
කාවේරි පටුන - (ඉන්දියා ඉතිහාසය)කාවේරි නදිය මුහුදට පිවිසෙන ස්ථානයේ ඇති වරායකි.පුහාර් නමින් ද හඳුන්වා ඇත.
කාව්‍ය ග්‍රන්ථ- (ඉන්දියා ඉතිහාසය)(කාලිදාසගේ සෘතු සංහාරය,මේඝදූතය, රඝුවංසය, කුමාර සම්භවය, භාරවීගේ ශිශුපාලවධ, කිරාතාර්ජුනීය, දණ්ඩීන්ගේ දශකුමාරචරිතය)මීට අමතතරව ගුප්ත යුගයේ සිටි කාලිදාස, භට්ට ඇතුළු නවරත්න කවීන් පිළිබඳව ද සඳහන් වේ.
කාව්‍යගොස්ටි- (ඉන්දියා ඉතිහාසය)හර්ෂවර්ධන රාජ්‍ය සමයේ ක්‍රියාත්මක වූ අධ්‍යාපන මණ්ඩලයකි. කාව්‍යකරණය ඉගැන්වීම මේ ඔස්සේ සිදුකෙරුණි.
කාව්‍යමීමංසාව-(ඉන්දියා ඉතිහාසය)රාජශේඛර නම් ලේඛකයාගේය.
කාශ්‍යප මාතංග හිමි-(ඉන්දියා ඉතිහාසය)චීනයට හා මධ්‍යාසියාවට බුදුදහම හඳුන්වාදුන් හිමි.
කාසි - (ඉන්දියා ඉතිහාසය)රාජාණ්ඩුවකි. බරණැස අගනුවර විය. මුල දී ස්වාධීනව සිටි ඔවුන් පසුව කෝසලයට යටත් රාජ්‍යයක් බවට පත් විය. අනතුරුව මගධයට අයත් විය.
කාසි කඳු - (ඉන්දියා ඉතිහාසය)ඉන්දියාවේ නැගෙනහිර දෙසින් ඇති කඳු පන්තියකි.
කැඩ්ෆයිසස් ප්‍රතිමාව-(ඉන්දියා ඉතිහාසය)මථුරා කලාවෙන් නිරූපිත මූර්තියකි.
කැම්බේ බොක්ක-(ඉන්දියා ඉතිහාසය)කාතියවාරය අසල මුහුදු බොක්ක.
කැම්බේ සමුද්‍රවංකය-(ඉන්දියා ඉතිහාසය)සෞරාශ්ට්‍රයට ආසන්න කැම්බේ මුහුදු පිහිටීම.
කැලිකට් - (ඉන්දියා ඉතිහාසය)වරායකි. දකුණු ඉන්දි‌යාවේ බටහිර වෙරළේ පිහිටා තිබේ. 1498 වර්ෂයේ මැයි මස 20 වැනිදා වස්කෝද ගාමා නම් පෘතුගීසි ජාතිකයා මෙතැනට ගොඩබැස්සේ ය.ඒ වන විට මෙය මුස්ලිම්වරුන් අතින් පාලනය වූ ස්ථානයක් විය. ලංකාවේ සීතාවක මායාදුන්නේ රජු කැලිකට් හි සිටි සැමොරින් නම් මුසල්මානු ව්‍යාපාරික අධිපතියාගෙන් යුධාධාර ගත් බව මූලාශ්‍රය වල සඳහන් වේ.
කැලිකට් හි සැමාරින්-සැමොරින් යටතේ බලන්න.(ඉන්දියා ඉතිහාසය)
කැලියන-(ඉන්දියා ඉතිහාසය)කල්‍යාණි ප්‍රදේශය හෝ එනම් තොටුපළ. පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථයේ සඳහන් වන නමකි.
කැසයිට්-(ඉන්දියා ඉතිහාසය)ජනවර්ගයකි. බැබිලෝනියාවේ ස්වදේශිකයන් ය.
කිඑන්-(ඉන්දියා ඉතිහාසය)චි-ඔක්සස් නදියට සමීප නගරයකි. යු-එචීවරුන්ගේ එක් අගනුවරකි.
කික්ගුලි - (ඉන්දියා ඉතිහාසය)හිටයිට් ලේඛකයෙකි. රථ ධාවන තරග වලට අදාළව මොහු ලියූ අත්පොතක් බෝඝස්කොඋයි ප්‍රදේශයෙන් ලැබී ඇත. මෙහි භාෂා විලාසය වෛදික සංස්කෘත බසට තරමක් සමානය. උදා. ඔහු සංඛ්‍යා දක්වා ඇත්තේ අයික(එක), තෙර(දෙක), පන්ශ(පහ), සත්ත(සත) ආදී වශයෙනි.
කියටාර් - ‘කාතියවාර් අර්ධද්වීපය’ යටතේ බලන්න.
කියෝෂියෝ-කිඕ- කුජුල කැඩ්ෆයිසස්ට ම නාමයකි.
කිරාට- කිරාත
කිරාත - දඩයමින් ජීවත් වූ ජන කොටසකි. පශ්චාත් වෛදික යුගයේ සිටි නිශාදවරුන්ගෙන් පැවත එතැ‘යි ‘පුරාණ’ ග්‍රන්ථ වල සඳහන් වේ.
කිරාතාර්ජුනීය - ගුප්තයුගයේ දී භාරවී නම් කතුවරයා විසින් රචනා කළ කෘතියකි.
කිර්තාර් කඳු - සින්ධු නදියෙන් එතෙර කරච්චියට සමීපව පිහිටා ඇති කඳුවැටියකි.
කීර-ප්‍රදේශ නාමයකි. උතුරු ඉන්දියාව
කීර්තිකෞමුදි - ගුජරාටි ලේඛක සෝමේශ්වර ගේ කෘතියකි.
කුර දේශය-බටහිර රාජ්පුතානාව හෙවත් ගුජරාට කාතියවාර් ප්‍රදේශය.
කුක්කුටාරාමය-ඉන්දියාවේ බෞද්ධාරාමයකි.
කු-චු-වෙන්-කි-ලො-කජංගල නම් ප්‍රදේශය නැගෙනහිර ඉන්දියාවේ පිහිටි ප්‍රදේශයකි.
කුච්-සාගරදීප ප්‍රදේශය.
කුජුල- කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි.
කුජුල-කසස- කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි.
කුජුල-කසස-කුෂාණ-යවුගස-දාම-ටිදස-අචල විශ්වාසයක් ඇති කුජුල කසස යන අර්ථය දෙමින් කුජුල කැඩ්ෆයිසස්ගේ කාසිවල සඳහන් වූ නාමය.
කුඤ්ඤරමල්ල - පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව 907 - 953) භාවිත කළ විරුදයකි.
කුට්ටුවන්-(ඇතුන් හිමි කුට්ටුවන්) චේර රජෙකි. ආදන් නමැත්තාගේ සොහොයුරාය.
කුණ්ඩලවන විහාරය-කාශ්මීරයේ පිහිටි බෞද්ධ විහාරයකි. කණිෂ්ක රජු සිව්වන ධර්මසංගායනාව පැවැත්වූයේ මේ විහාරයේදී ය.
කුණ්ඩලි මරික්කාර්-කැලිකට් හි සැමොරින්ගේ හමුදා නායකයෙකි. මායාදුන්නේ රජුගේ සහයට පැමිණි හෙතෙම මායාදුන්නේ රජුගේ පරාජයට පසු මායාදුන්නේ රජු විසින් ම බුවනෙකබාහු රජු වෙත භාර දෙන ලදී. එසේ කළේ සමගි සන්ධානයක් ඇති කර ගැනීම සඳහාය. පසුව බුවනෙකබාහු රජු අණින් මොහු මරා දමන ලදී.
කුදල්සංගමම් සටන - බටහිර චාලූක්‍යයන් හා චෝළයන් අතර ක්‍රි. ව. 1062-1063 අතර කාලයේ දී තුංගභද්‍රා ගඟබඩ සිදු වූ සටනකි.
කුන්තල දේශය-බාර්බාර්, බෙල්ගවුම්,මයිසෝර්, උතුරු කැනරා යන ප්‍රදේශවල එකතුව
කුන්තල ශතකර්ණී- ශතකර්ණී හෙවත් සාතවාහන රජෙකි යැයි අනුමාන කෙරේ.පුරාණ ග්‍රන්ථවල හා වාත්ස්‍යායනගේ කාමසූත්‍රයේ ද මේ නම සඳහන් වේ. නමුත් මේ වනාහී ප්‍රකට සාතවාහන රාජවංශයට අයත් රජෙකු නොව සාතවාහන නමින්ම යුතු උපවංශයකට අයත් පාලකයෙකු වියහැක. හාල හෙවත් සාත යනුවෙන් ඇතැම් මූලාශ්‍රයවල සඳහන් වන්නේ ද මේ රජු ම වියහැක.
කුන්තාප-අථර්ව වේදයේ එන ස්තෝත්‍ර විශේෂයකි. ඒ්වායේ ඇත්තේ මායාකාරී වශිකරණ ආදියට ය.
කුන්ථල-ප්‍රදේශ නාමයකි.
කුපුරු-කාපුර් ප්‍රදේශය
කුමාරමාත්‍ය- ගුප්ත රාජසභාවේ තනතුරු නාමයකි. හරිශේන නම් අමාත්‍යයා සමුද්‍රගුප්ත සමයේ මේ තනතුර දරා ඇත.
කුමාරලාත - කල්පනාමණ්ඩිතා හෙවත් සූත‍්‍රාලංකාර නම් කෘතියේ කතුවරයාය.
කුමාරවරු-තුර්කිවරු
කුමාරසම්භව - මහා කවි කාලිදාසයන් ගුප්ත යුගයේ දී රචනා කළ උසස් කෘතියකි.
කුමාරිපර්වත- උදයගිරි කඳුපන්තියට කාරවේලගේ හතිගුම්ඵා ශිලාලේඛනයේ දී තිබෙන නම යි.
කුමාරිල-ගුප්ත යුගයේ විසූ පඬිවරයෙකි. න්‍යාය සූත්‍රය පිළිබඳ තර්ක වාදවිවාද කළ අයෙකි.
කුමුදුසේන-අයෝධ්‍යාවේ පාලකයෙකි.
කුම්බකෝණම්-චෝළයින්ගේ භාණ්ඩාගාරයක් තිබූ ස්ථානයකි.
කුම්භ ශාතකර්ණී- ශාතකර්ණී පරපුරේ පාලකයෙකි. ඔහුට අයත් කාසි බෙරාර්හි අකෙල දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ.
කුරංගි- ඉන්ද්‍රාග්නිමිත්‍ර නම් ශුංග වංශික රජුගේ බිසව වන ඇය බුද්ධගයාවේ රූකම් සඳහා අනුග්‍රහ කර ඇත.
කුරල්-සංගම් සාහිත්‍යයට අයත් කාව්‍ය ග්‍රන්ථයකි.
කුරිර - ස්ත්‍රී හිස් පළඳනාවකි.
කුරු- සොළොස් මහා ජනපද වලට අයත් රාජාණ්ඩුවකි. ඉන්ද්‍රප්‍රස්ථ හෙවත් ඉඳිපත්නුවර අගනුවර විය. බුද්ධකාලීනව කෞරව්‍ය හෙවත් කෞරව රජු පාලනය කළේ ය.
කුරු ගෝත්‍රය - පශ්චාත් වෛදික යුගයේ දී නැගී ආ ප්‍රබල ගෝත්‍රයකි. පසු කාලයේ දී මෙයට පුරු හා භරත ගෝත්‍ර ද එක් විය. මධ්‍ය දේශයේ පදිංචිව සිටි මෙම ගෝත්‍රය සමග පංචාල, වශ හා උශිනර යන ගෝත්‍ර ද වාසය කළ බව සඳහන් වේ. පරීක්ෂිත් නම් රජුගේ කාලයේ ප්‍රබලව නැගී සිටි පුරු ගෝත්‍රය පිළිබඳව අතර්ව වේදයේ ද සඳහන් වේ. පරික්ෂිත් රජුගේ අනුප්‍රාප්තිකයෙකු වූ ජනමේජය රජු ආසන්දිවන් හෙවත් හස්තිනාපුර දී අශ්වමේද යාගයක් පැවත්වීය. මේ ගෝත්‍රය වත්මන් ථානේසර්, දිල්ලි හා ඉහළ ගංගානිම්න ප්‍රදේශයේ පැතිර පැවතුනි.
කුරු පාණ්ඩව යුද්ධය - කුරුක්ෂේත්‍රය මුල්කරගෙන සිදු වූ දැවැන්ත යුද්ධයකි. හිමාලයානු කඳුපන්තියේ වයඹ දිග කොටස හා ථාර් කාන්තාරය අතර සරුසාර බිම්තීරයේ සිදු වූ යුද්ධයකි. මහාභාරත වීර කාව්‍යයට පාදක වූයේ මේ යුද්ධය යි. කුරු හා පාණ්ඩවයින් යනු භරත නමින් සිටි ගෝත්‍රයේ ම පාර්ශ්ව දෙකකි.
කුරුක්ෂේත්‍ර යුද්ධය - කුරු-පාණ්ඩව යුද්ධය.
කුරුන්තොගයි- ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි.
කුර්රාම් - සින්ධු නදියේ අතු ගංගාවකි.බටහිර සිට නැලෙනහිරට ගලා යයි.
කුලපා - පවුලේ ප්‍රධානියා(ගෘහපති) (ඍග් වෛදික)
කුලසංඝ-එකම වංශයක රජවරු කිහිපදෙනෙක් එකම කාලයක එක්ව පාලන කටයුතු සිදුකිරීමයි. කෞටිල්‍ය ද මේ ක්‍රමය ඉතා කාර්යක්ෂම ක්‍රමයක් යැයි සඳහන් කර ඇත.
කුලුනු(ඉන්දියානු) - ඉන්දියානු කුලූණු- ප්‍රධාන කොටස් 2ක් යටතේ උගතහැකිය. උතුරු ඉන්දියානු සම්ප්‍රදාය- (කාර්ලේ, භාජා, බෙඞ්සා, නාසික් යන ස්ථාන වල) දකුණු ඉන්දියානු සම්ප්‍රදාය- (අජන්තා, එල්ලෝරා, බාම්නාර්, ඛෝල්ව්, නාසික්, කන්හේරි, භාග්, ඖරංගබාද්, බදාමි, අයිහෝලේ යන ස්ථාන වල)
උතුරු ඉන්දීය සම්ප්‍රදාය- ග්‍රීක, රෝම, ඇසිරියන්, පර්සියන් ආභාසය සහිත කුලූණු නිර්මාණය වී ඇත . ඉන්දියාව භූගෝලීය වශයෙන් ආසියා මහද්වීපයේ සෙසු රටවල් සමඟ සම්බන්ධ වී තිබීම නිසා මෙසේ විදේශ සම්ප්‍රදායන් මෙරටට බලපා ඇත යන්න ඉතිහාසඥයින්ගේ මතය වී ඇත . අශෝක සමයේ කුලූණු වල ඇසිරියානු පර්සියානු ආභාසය දක්නට ලැබේ . ග්‍රීක-රෝම ආභාසය සහිත කුලූණු ගන්ධාර හා කාශ්මීර ප්‍රදේශ වල දැකිය හැක.
උත්තර ඉන්දියානු සම්ප්‍රදායේ කුලූණු වල පාදමේ සිට කුලූණු කඳේ මධ්‍යය දක්වා කොටස සම සතරැස්ය . එම කොටසෙහි කැටයම් ද නොමැත . කණුවේ උඩු කොටස අල්පෝන්නත කැටයමින් අලංකාර කර ඇති අතර බුබ්බුලාකාර හෝ කලසාකාර කුලූණු ශීර්ෂයෙන් එම කොටස නිමා වෙයි . බුබ්බුලාකාර ශීර්ෂය ඇති අවස්ථාවල ඊට ආසන්න බඳ වටා පීත්ත පටියක් බඳු සැරසිල්ලක් හා වටේට බේරුණු දාර ද යොදා ඇත. කලසාකාර ශීර්ෂය යොදත් දී එම කලසින් නික්මී එන පත්‍ර, කලසේ මුවවිටට නැමී පහත්වන අයුරින් දක්වා ඇත. අශෝක සමයේ බෞද්ධ හා ජෛනාගමික කුලූණු වල බඳ සිවුරැස් හා අටැස් කොටස් ලෙස මාරුවෙන් මාරුවට යොදා ඇත . (ලංකාවේ මහනුවර යුගයේ ද එබඳු කුලූණු හමු වේ.) මේවායේ සිවුරැස් කොටස නෙළුම්මල් ආකෘති වලින් සරසා ඇත . එබඳු කුලූණු බුද්ධගයා, භාරුත් හා උදයගිරි ලෙනෙහි ෙදාරටුවේ ද දැකිය හැක.
උත්තර භාරතීය කුලූණු සම්ප්‍රදායන් යටතේ අශෝක කුලූණු වලට විශේෂ ස්ථානයක් හිමිවෙයි . අශෝක කුලූණු හේතු ගණනාවක් නිසා ප්‍රකට භාවයට පත්ව ඇත .
අශෝක කුලූණු- අශෝක රාජ සමයේ කුලූණු වලට ඇසිරියානු හා පර්සියානු ආභාසය බෙහෙවින් ම ලැබී ඇති වග මීට ඉහත ද දැක්වීමු . පාහියන් හා හියුං සියෑං යන දේශාටකයින් ද අශෝකස්තම්භ පිළිබඳව සඳහන් කර ඇත . (කියවන්න:- පාහියන්ගේ දේශාටන වාර්තාව- මහාචාර්ය විමල් ජී බලගල්ල, හියුංසියෑංගේ භ‍්‍රමණ වෘත්තාන්තය) බසාර්-බඛිර(වෛශාලිය) රාම්පූර්වා(ස්තම්භ 2යි) ලෞරියා-අරරාජ්, ලෞරියා-නන්දනගර්, සාංකාශ්‍ය, සාඤ්චි, සාරානාත්, දිල්ලි, ටෝප්‍රා, මීරට්, අලහබාද්, රුම්මින්දෙයි(ලූම්බිණි), නිග්ලීවා(නිගාලිසාගර්) යනාදී ස්ථාන වලින් ඓතිහාසික වශයෙන් හා කලාත්මක වශයෙන් වැදගත් වන ස්තම්භ හමු වී ඇත . එම ස්තම්භ අතරින් දහයක ම ශිලාලේඛන ද ඇතුළත් ය . ධර්මය මෙන්ම අමාත්‍යවරුන් උදෙසා කළ නිවේදන ද මෙසේ ශිලාලේඛනගත කොට ඇත. රජුගේ ධර්මයාත‍්‍රාවන්හි සිහිවටන ස්තම්භ ද මේ අතර වෙයි . ගෞතම බෝසතුන්ගේ උප්පත්ති ස්ථානය වන රුමින්දෙයි (ලූම්බිණිය) හි පිහිටුවා ඇති ස්තම්භයේ ශිලාලේඛනයෙන් කියැවෙන්නේ අශෝක රජු එම ස්ථානයට පැමිණි වගත් අවට ගම්මාන වාසීන්ට බදු සහනයත් ලබාදුන් වගත්ය.
(දෙවානපියෙන පියදසින ලාජින වීසතිවාසාභිසිතෙන අතන ආගාව මහීයිතෙ හිද බුධෙ ජාතෙ සක්‍යමුනී ති . සිලාවිගඩහී වා කාලාජිත සිලාථහෙ ච උපපාජිතෙ හිද භගවං ජාතෙ ති . ලූංමිනිගාමෙ උබලිකෙ කටෙ අඨභාගියෙ ච
සිංහල අනුවාදය -අභිශේක කළ විසිවස් ඇත්තා වූ, දෙවියන්ට ප්‍රිය වූ පියදර්ශී රජු විසින්, මෙහි ශාක්‍යමුනි වූ භාග්‍යවතුන් වහන්සේ උපන්සේකැ’යි ගලින් කළ බිත්තියක් කරවන ලදී . ගල් කණුවක් ද සිටුවන ලදී . ලූම්බිණි ග්‍රාමය අයබද්දෙන් නිදහස් කරන ලදී . රජුට හිමි අටෙන් කොටස ද භුක්ති විඳින්නක් කරන ලදී . එනම් රජුට ගෙවිය යුතු අයබදු කොටස ද භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව සලසා දෙනලදී .) නිග්ලීවා හෙවත් නිර්ග‍්‍රීව (නිගාලි සාගර්) ලිපියෙන් කෝනාගම බුදුන්වහන්සේගේ (කනකමුනි) පිරිණිවන් ස්තූපය පිහිටි ස්ථානය දක්වා ඇත . ( දෙවානපියෙන පියදසින ලාජින වො දසවසාභිසිතෙන බුධස කොනාකමනස ථුකෙ දුතියං වඩිතෙ සාහිසිතෙන ච අත ආගාඛ මහීයිතෙ(සිලාතහෙ ච උස) පාපිතෙ . සිංහල අනුවාදය -අභිෂේක කළ තුදුස් වස් ඇති දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු විසින් කෝණාගම බුදුන්ගේ ස්තූපය දෙවන වර විශාල කරන ලදී. අභිෂේක කළ විසිවස් ඇත්තා වූ මා විසින් තමාම පැමිණ පූජා කරන ලදී . ගල් ටැඹක් ද පිහිටුවන ලදී .) කපිලවස්තුපුරය අසල පිහිටි ස්තම්භයකැ’යි හියුං සියෑං විසින් හඳුන්වාදෙන්නේ මෙම ස්තම්භය විය යුතු යැයි සිංහල විශ්වකෝෂය සඳහන් කරයි.
අශෝක ශිලාස්තම්භ බොහොමයක් පිහිටුවා ඇත්තේ බෞද්ධ ඓතිහාසික සිද්ධීන්ට සම්බන්ධ ස්ථානවලය. අලහබාද්හි පිහිටුවා ඇති ස්තම්භය ද අතිශය වැදගත් එකකි. එහි අශෝක රජුගේ ලිපියක් ද සමුද්‍රගුප්ත රජුගේ (ක්‍රි. ව. 380-400) ලිපියක් ද ජහාන්ජීර් නම් මෝගල් රජුගේ (ක්‍රි. ව. 1569-1627) ලිපියක් ද ඈ වශයෙන් ශිලාලේඛන 3ක් සඳහන් වේ. සංඝභේදය වැලැක්වීම අශෝක රජුගේ ලිපියේ අරමුණයි. සමුද්‍රගුප්ත රජු සිය දිග්විජය විස්තර කරයි. ජහාන්ජීර් රජු සිය රාජ්‍යාභිෂේකය සිහිපත් කිරීමට ලිපිය කොටවා ඇත. අශෝක රජු විසින් කෙටවූ ලිපිය කෙටිය. (දෙවියන්ට ප්‍රියතෙමේ අණකරයි. කෝසම්බි නුවර මහ ඇමතියෝ... සමගි කරන ලදී. සංඝයා අතරට භාර නොගතයුතු යි... භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් සංඝයා බිඳී නම් හෙද සුදු වස්ත්‍ර හඳවා ආවාසයෙන් පිටත වැසවිය යුතුය.) මෙබඳු අක්‍ෂර සහිත ටැම් කිහිපයක් ම වෙයි. මේවා කලාත්මක හා ඓතිහාසික අගයකින් යුතුය. අක්‍ෂර පරිණාමය පිළිබඳ විමසීමේ දී ද අතිශය වැදගත් ය.
අශෝක කුලූණු ශීර්ෂ- අශෝක ස්තම්භ බොහොමයක ශීර්ෂ, කඳෙන් වෙන්වගොස් ඇතත් එ්වායේ ප්‍රකෘති තත්ත්වය අවබෝධකොට ගැනුම අපහසු නැත. රාම්පූර්වා, සංකාශ්‍ය(සංකස්ස) සාරානාත්, සාඤ්චි ආදී කුලූණු ශීර්ෂ මෙලෙස වෙන්ව ගොස් ඇත. බසාර්බඛිර හෙවත් වෛශාලියේත්, ලෞරියා-නන්දන්ගර් හිත් ස්තම්භ විනාශයෙන් තාවකාලිකව ගැලවී අදටත් සෘජුකායෙන් හිඳී. උක්කුටව හිඳිනා සිංහරාජයෙකු දරාගෙන රාම්පූර්වා හි එක් ස්තම්භයක් ද බසාර්බඛිර, ලෞරියා-නන්දන්ගර් ස්තම්භයන් ද ප්‍රතාපවත් ව නැගී සිටී. සංකාශ්‍ය ස්තම්භය මත්තේ ශෛලමය හස්ති රුවකි. වෘෂභ රුව දරා සිටින්නේ රාම්පූර්වා හි අනෙක් ස්තම්භයයි. සිංහයන් සතරදෙනෙකු විසින් ඔසවාගෙන සිටින ධම–චක්‍රයක් සහිතව නිර්මාණය කළේ යැයි කියැවෙන සාංචි හා සාරානාත් ස්තම්භ ශීර්ෂයන්හි අද ශේෂව ඇත්තේ චතුර්දිශාභිමුඛව සිටිනා සිංහ රූප හතර පමණකි. රුමින්දෙහි හෙවත් ලූම්බිණියේ කුලූණු හිසෙහි අශ්ව රුවක් තිබිණැයි කියතත් අදට ඉතිරිව නැත.
දැනට දිල්ලි නගරයේ තෙමහල් මන්දිරයක් මත්තෙහි ස්ථාපනය කොට ඇති දිල්ලි ට්‍රෝපා ස්තම්භය ෆීරූස් ෂා ටුග්ලක් සුල්තාන්වරයා විසින් 1356 දී කම්කරුවන් දහස් ගණනක් යොදවා එතනට ගෙනඑන්නට පෙර තිබුයේ අම්බාල දිස්ත්‍රික්කයේ ට්‍රෝපා නගරයේය. ටොන් පනහක් තරම් බරකින් හා අඩි 30කට වැඩි උසකින් යුතු මෙම ටැඹ මෙලෙස නව ස්ථානයකට රැගෙන ආ අපූරුව තාරීඛ්-ඉ-ෆිරුස්-ෂාහී, සිරත්-ඉ-ෆිරූස්- ෂාහී යන ග්‍රන්ථයන්හි විස්තර වන්නේ යැයි සිංහල විශ්වකෝෂය කියා සිටියි. විශ්වකෝෂයට ම අනුව ෆිරූස් ෂා මෙසේ ශෛලස්තම්භ විවිධ ස්ථානවලට රැගෙන යාමෙහි ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි. යුක්ත ප්‍රාන්තයේ මීරට්හි තිබූ අශෝක ස්තම්භය ෂා විසින් නවදිල්ලියට වයඹින් පිහිටි කඳුගැටයක් මත්තෙහි පිහිටුවනු ලැබීය. කොටා ඇති ශිලාලේඛනයට අනුව මුලදී කොසඹෑ නගරයේ තිබිණැ’යි සැලකිය හැකි අලහබාද් ස්තම්භය ද අලහබාද් නගරයට රැගෙනවිත් ඇත්තේ ෂා විසින් වියයුතුය.
අශෝකස්තම්භ නිර්මාණ ලක්‍ෂණ හා තාක්‍ෂණය - බෞද්ධාගමික වශයෙන් වැදගත් ස්ථාන රාශියක් හඳුනාගැනීමෙහි ලා පුරාවිද්‍යාඥයින්ට සහාය දුන් අශෝකස්තම්භ, හින්දු ඉන්දියාවේ ආගමික සීමා පවුරු බිඳලා රාජ්‍ය ලාංඡුනයට, ජාතික ධජයට පවා ඇතුළත්ව ඇත. මෙම ස්තම්භ නිර්මාණය කිරීමෙහි ලා එකල සිය ගණන් කම්කරු හා කලාශිල්පීන්ගේ සහය ලබා ගන්නට ඇතැයි සැලකිය හැක. අශෝකස්තම්භ අතරෙහි ද නොදියුණු මුල් යුගයේ එ්වා හා මෞර්ය කලාවේ කූටප්‍රාප්ති අවස්ථාව සනිටුහන් කරන එ්වා ද වශයෙන් දෙයාකාරයකට හඳුනාගත හැකිය.
මෙම ස්තම්භ නිර්මාණයට මූලික වශයෙන් යොදාගෙන ඇත්තේ දුඹුරුවන් වැලිගල් ය. ස්තම්භ බඳ සහ ස්තම්භ හිස යනුවෙන් සෑම කුලූණක ම ප්‍රධාන කොටස් දෙකක් වන අතර සෑම කුලූණක ම මෙම දෙකොටස වෙන වෙන ම සකස් කර පසුව සම්බන්ධ කර ඇත. එසේම කුලූණු වල පාදමක් නැත. කුලූණු බඳ පහළ සිට ඉහළට යනවිට ක්‍රමයෙන් සිහින්වන ආකාරයට නිමවා ඇති අතර එය ඉතා පැහැපත් ලෙස ඔපනගා තිබේ. කුලූණු හිස සත්ත්වරූප වලින් සමන්විතය. එහි ද කොටස් තුනක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැක්කේ එම කොටස් තුන වෙන් වෙන් ව පැහැදිලිව පෙනෙන ලෙස බොරදම් මෝස්තර යොදා ඇති හෙයිනි. ඝණ්ඨාකාර කොටස, ශීර්ෂතලය හා සත්ත්වරූප සහිත කොටස යනුවෙන් එම කොටස් නම්කළ හැක.
ඝණ්ඨාකාර කොටස- ඝණ්ඨාවක හැඩයට එහෙත් දීර්ඝ පලාපෙත්තක හැඩයේ රටාවකින් සරහා සකස් කළ කොටසයි. කුලූණ හා කුලූණු හිස අතර සන්ධිය පැහැදිලිවම දැක්වීමට සමත් මෙම කොටස කුලූණ මත කුලූණු හිස තැබීමේ දී එහි සමබර භාවය රැක දීමට ද උපකාරී වන්නට ඇත.
ශීර්ෂතලය -ඇතැමෙක චතුරස‍්‍රාකාරය. ඇතැමෙක වෘත්තාකාරය. අශෝක රජුගේ සමයට සුවිශේෂ වූ ධර්මචක්‍ර සතරකින් ඇත්, අස්, ගව, සිංහ යන සත්ත්ව රූ සතරකින් යුතුව සකසා ඇත. සත්ත්වයෝ සතරදෙන දක්‍ෂිණාවෘතව යුහුසුලූව ගමන්කරති. ලංකාවේ සඳකඩ පහණේ මෙනි. සත්ත්වරූප සහිත කොටසට පාදම වශයෙන් යොදාගෙන ඇත්තේ ද මෙම කොටසයි.
සත්ත්වරූප- සිංහ, වෘෂභ, ඇත්, අශ්ව යන සත්ත්වරූප යොදාගෙන ඇත. තනි සිංහ රුවක් සිංහ රූ සතරක් හෝ තනි වශයෙන් යෙදූ ඇත් අශ්ව හෝ වෘෂභ රූප වශයෙන් මේවා සකසා ඇත.
මුල්යුගයේ කුලූණු- බසාර්බඛිර ටැඹ එබන්දකි. කුලූණු බඳ හා ශීර්ෂය ප්‍රමාණ අනුව ගළපා නොමැත. කැටයමින් තොර චතුරස‍්‍රාකාර ශීර්ෂතලය මත්තෙහි ඇත්තේ අවලක්‍ෂණ සිංහ රූපයකි.
මැදි යුගයේ කුලූණු -සාංකශ්‍ය හා රාම්පූර්වා ආදී කුලූණු මේ යුගයට අයත් ය. සාංකශ්‍ය කුලූණෙහි මත්තේ හස්ති රුවකි. නිර්මාණ හැඩතල අතින් මුල් යුගයට වඩා උසස්ය. රාම්පූර්වා කුලූණ මත්තේ සිංහ රුවකි. එය බසාර්බඛිර සිංහ රුවට වඩා ශෝභනය.
කූටප්‍රාප්ති යුගය -ලෞරියා නන්දන්ගර් හා සාරානාත් ස්තම්භ ශීර්ෂය අතිශය උසස් නිර්මාණයෝ ය. මේවායේ ඇති සිංහ රූප අතිශය කලාත්මක ය. ස්වභාවිකත්වයෙන් තරමක් මිදී ශෝභන ඉරියව්වකින් සිටිනා මේ සිංහයා මෝරිය කලාවේ උච්චස්ථානය ස්පර්ෂ කරයි.
කලාත්මක ලක්‍ෂණ -අශෝකස්තම්භයන්හි කලා ලක්‍ෂණ විමසිය හැකි වන්නේ කුලූණු ශීර්ෂ සම්බන්ධයෙනි. ඉහත දැක්වූ ලෙසින් ප්‍රධාන කොටස් තුනකින් යුතු මේවා නිර්මාණයේ දී ශිල්පියා කලාව පිළිබඳවත් තාක්‍ෂණය පිළිබඳවත් සිත් යොමා ඇතිසැටියකි. සත්ත්ව රූප තුළින් පිළිබිඹු වන්නේ තිරශ්චීන භාවයක් නොවේ. කෲර හෝ රුදුරු බවක් ද නොව්. ගම්භීරත්වය මුහු ශෛලීගත කලාත්මක ස්වභාවයකි. රාම්පූර්වා කුලූණේ වෘෂභ මූර්තිය ස්වභාවික නිරූපණයකි. ධෞලී හස්ත රුවත් ලෞරියා-නන්දන්ගර් හා සාරානාත් සිංහ රූප ත් විශේෂයෙන් ම අධ්‍යයනය කළ යුතුය. උත්කුටික ඉරියව්ව, පරිමාණ නිරූපණය, හැඩතල ආදිය වෙන වෙන ම විමසූ කල උසස් කලාත්මක නිර්මාණ සේ සැලකිය හැක. අශෝක ශිලාස්තම්භ බොහොමයක් පිහිටුවා ඇත්තේ බෞද්ධ ඓතිහාසික සිද්ධීන්ට සම්බන්ධ ස්ථානවලය. අලහබාද්හි පිහිටුවා ඇති ස්තම්භය ද අතිශය වැදගත් එකකි. එහි අශෝක රජුගේ ලිපියක් ද සමුද්‍රගුප්ත රජුගේ (ක්‍රි.ව. 380-400) ලිපියක් ද ජහාන්ජීර් නම් මෝගල් රජුගේ (ක්‍රි.ව.1569-1627) ලිපියක් ද ඈ වශයෙන් ශිලාලේඛන 3ක් සඳහන් වේ. සංඝභේදය වැලැක්වීම අශෝක රජුගේ ලිපියේ අරමුණයි. සමුද්‍රගුප්ත රජු සිය දිග්විජය විස්තර කරයි. ජහාන්ජීර් රජු සිය රාජ්‍යාභිෂේකය සිහිපත් කිරීමට ලිපිය කොටවා ඇත. අශෝක රජු විසින් කෙටවූ ලිපිය කෙටිය. (දෙවියන්ට ප්‍රියතෙමේ අණකරයි. කෝසම්බි නුවර මහ ඇමතියෝ... සමගි කරන ලදී. සංඝයා අතරට භාර නොගතයුතු යි... භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් සංඝයා බිඳී නම් හෙද සුදු වස්ත්‍ර හඳවා ආවාසයෙන් පිටත වැසවිය යුතුය.) මෙබඳු අක්‍ෂර සහිත ටැම් කිහිපයක් ම වෙයි. මේවා කලාත්මක හා ඓතිහාසික අගයකින් යුතුය. අක්‍ෂර පරිණාමය පිළිබඳ විමසීමේ දී ද අතිශය වැදගත් ය.
අශෝක කුලූණු හිසෙහි ඇති දහම්සක සුවිශේෂය. එය වත්මන් ඉන්දීය ජාතික ධජය ද සරසයි. පනේල අටකට සීමා නොවී පනේල 24ක් යොදා ඇත. අරුත කුමක් වුව ද සැරසිල්ලක් වශයෙන් සැලකුව ද උසස් නිර්මාණයකි.
බොරදම් භාවිතය අතින් ද බොරදම් යොදා අලංකාර කළ සමස්ත කෘතියේ (ශීර්ෂයේ) නිර්මාණ හැඩතලය අතින් ද උසස් ගණයේ ලා සැලකිය හැකිය.
පොදු කරුණු- අශෝකස්තම්භ නිර්මාණය වී ඇත්තේ ගොඩනැගිල්ලක කොටසක් වශයෙන් නොවේ. ස්මාරක වශයෙනි. පර්සියානු ක්‍රමයෙන් (ආකිමේනියානු ක්‍රමයෙන්) මේවා වෙනස්වන ප්‍රධාන තැන එතනය. ඊට අමතරව අශෝක ටැම් කිසිවක අඩිතාලම, බඳෙහි දාර බේරුම, බඳෙහි කැටයම් ආදියෙන් තොරය. පර්සියානු කුලූණු වල එම අංග ඇතුළත් ය. එහෙත් අශෝක කුලූණු වල කුලූණු හිසටත්, මල්රටා බොරදම් ආදියට ත් සමස්ත නිර්මාණයේ ඔපයටත් පර්සියානු ආභාසය ලැබී ඇති වගක් පෙනෙයි.
දකුණු ඉන්දීය කුලූණු ක්‍රි.ව. 600-850 කාලයේ පල්ලවයින් යටතේත් ක්‍රි.ව. 850-1100 කාලයේ චෝලයින් යටතේත්, ක්‍රි.ව. 1100-1350 කාලයේ පාණ්ඩ්‍යයින් යටතේත්, ක්‍රි.ව. 1350-1600 කාලයේ විජයනගරය යටතේත්, ක්‍රි.ව. 1600 කාලයේ මදුරාව යටතේත් විකාසයට පත් වූ කුලූණු මෙ නමින් හැඳින්වෙ යි . මෙම කුලූණු සම්ප්‍රදාය කලා හා ඉතිහාස විචාරකයෝ හඳුනාගන්නේ ද්‍රවිඩ සම්ප්‍රදාය නමිනි. ද්‍රවිඩ සම්ප්‍රදායේ ද කොටස් දෙකක් ජුවෝ ද්‍යු බ්‍රෝයි විසින් දක්වා ඇත. එ්, එ්වායේ හැඩතල අනුව ය.
01 .කුම්භාකාර හිස ඇති කුලූණු
02 .ඝනාකාර හිස ඇති කුලූණු
කුම්භාකාර හිස ඇති කුලූණු ද්‍රවිඩ සම්ප්‍රදායට ආවේණික ය. කුලූණු කඳ සිවුරැස් ය. ඇතැම් විට අටැස්ය. පද්මබන්ධ බොරදම, කලසම් තඩ් බොරදම(මෙය පේකඩක් බඳු අංගයකි.) කුම්භය හෙවත් කලස, යටිකුරු පියුම(ඉදජ්), ඵලකය හා ඝනාකාර චුම්භටකය යනාදී අංගයන්ගෙන් සමන්විතය. මේ වර්ගයේ කුලූණු බොහෝ විට බිත්ති බැම්මට වද්දවා සකස්කෙරෙයි. ප්‍රමාණයෙන් අන් කුලූණු වලට වඩා කුඩාය. වටකුරු හැඩයෙන් යුතු එ්වා ඇතත් සිවුරැස් හෝ අටැස් එ්වා තරම් බහුල නැත. කුලූණු පාදය හා බඳ සම්බන්ධ වන තැන නාගපදම් නම් කැටයමකින් සරසා ඇත. කුම්භාකාර කුලූණු සඳහා පදනම වැටෙන්නට ඇත්තේ කණිෂ්ක යුගයේ කුලූණු වල සිදු වූ වෙනසක් වියයුතු යැයි පුරා විද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ විශ්වාස කරති.
ඝනාකාර හිස සහිත කුලූණු වල බොහෝමයක් අංග සිවුරැස් හෝ ත්‍රිපාර්ශවීය ය. මේ කුලූණු වලට අමතරව ඉන්දියාවේ දී දැකිය හැකි තවත් කුලූණු වර්ග කිහිපයකි.
ව්‍යාල රූප හෙවත් සිංහාදී හිංසක සත්ත්ව රූප සහිත කුලූණු. (මාමල්ලපුරම් දේවාලයන්හි ඇත)
කලප් වශයෙන් (පොකුරක්/ රැසක්/ මිටියක් වශයෙන්) නිර්මාණය කළ කුලූණු.
කුලූණු දෙකක් හෝ තුනක් එකිනෙකට බද්ධව සිටින සේ තනි ගලෙන් නෙලූ අතිවෘත්තිකාල් කුලූණු.
විචිත්‍ර කැටයම් හා මූර්ති වලින් අලංකාර කළ කුලූණු .(තිරුචීර පල්ලිය ආසන්න ශ‍්‍රී රංගම් විෂ්ණු දේවාලයේ)
ඉන්දීය කුලූණු නිර්මාණය කෙරේ පූර්වාදර්ශක සැපයූයේ ද දාරුමය කුලූණු ය. මේ නිසා ශිලා ස්තම්භ වල ද වූයේ දාරුමය කුලූණු වල හැඩතලම ය. මානසාර නම් කෘතිය ඉනිදියාවේ පැරණි කුලූණු පිළිබඳ විස්තර ඇතුළත් වෙයි.
කුලෝත්තුංග I - සුංගම් තවිර්ත(තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්)
කුල්ලි- දකුණු බලුකිස්ථානයට අයත් මේ ස්ථානයෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වී තිබේ.
කුවේරනාගා/කුබේර නාගා-දෙවන චන්ද්‍රගුප්ත රජුගේ බිසව. නාග වංශික කුමරියකි.
කුෂාණ කලා සම්ප්‍රදාය - මහායානික කලා සම්ප්‍රදායකි. නමුත් මේ නමින් හැඳින්වෙන්නේ කුෂාණයින් හඳුන්වාදුන් ගන්ධාර කලා සම්ප්‍රදාය නොවේ මථුරා කලා සම්ප්‍රදාය නමින් ද හැඳින්වෙන කලා සම්ප්‍රදාය යි. මෙය ස්වදේශීය ඌරුවට අනුව සකස්වුණු කලා සම්ප්‍රදායකි. ගන්ධාර කලා සම්ප්‍රදායේ අඩුපාඩු පිරිමසමින් නිර්මාණය වූ ඉන්දීය ස්වදේශීක කලා ආරකි. මේ පිළිබඳ විග්‍රහ කිරීමට උදාහරණ කිහිපයක් පාදක කරගතයුතු වේ. කත්‍රා හා අභිඡත්‍ර බුද්ධ ප්‍රතිමා පිළිබඳ විමසීම මේ සඳහා හොඳ ම ඇරඹුමක් වනු ඇත.මේ බුද්ධ ප්‍රතාමි දෙක පිළිබඳ විගුහ කිරීමේ දී පෙනී යන මූලික ම ලක්ෂණය නම් ශිල්පියා සමකාලීන ගන්ධාර කලාවේ යම් ආභාසයක් ලබා ඇති බව යි. බුද්ධ ප්‍රතිමා නිඑර්මාණය පිළිබඳ ඉන්දීය කලාශිල්පීන් තුළ තිබූ බිය හෝ පසුගාමී ගතිය බිඳ දමන්ගේ ග්‍රීක කලාකරුවන් විසිනි. ග්‍රීක කලාකරුවන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්නේ ඔවුන්‌ගේ පෞර රාජ්‍යධිගෘහිත සියුස්, ඇපලෝ, ආදී දේව රූප නිර්මාණය පිළිබඳ අත්දැකීම් තුළිනි. මේ නිසා ඒ්වායේ ගැබ්ව පැවතියේ පෙරදිග සම්ප්‍රදායේ එන අධ්‍යාත්ම මූලික ලක්ෂණ නොවේ කාය මූලික ලක්ෂණයනි ය. පුළුල් හනු, පුළුල් උරහිස්, පිරුණු ළය, නිදහස් ඉරියව් ආදිය ඒ්වායේ දැක්යි හැකි වේ.බුද්ධ ප්‍රතිමාවේ හිසකෙස් නිරූපණය කර ඇති ආකාරය ද බුද්ධ ප්‍රතිමා පිළිබඳ මූලික සංකල්පයන්ට ප්‍රතිවිරුද්ධ ය. බුද්ධ දේහලක්ෂණ පිළිබඳ මූලික ඉගැන්වීම් අතර උෂ්නීෂ ලක්ෂණය හඳුන්වන්නේ එය හිසෙයි පිහිටි මාංශමය උන්දමක් වශයෙනි. එනම් මසින් සැකසුණු අංගයක් ලෙසිනි. නමුත් ගන්ධාර ශිල්පියා එය නිරූපණය කරන්නේ හිසකෙසින් සකස්වූවක් වශයෙනි. මථුරා ශිල්පියා ද මේ සංකල්පය හරිහැටි නිරූපණය කිරීමට අසමත් වී ඇත්තේ ඔහුගේ ආධුනික බව නිසා හෝ ගන්ධාර කලාවේ බලපෑන නිසා වියයුතු ය. ඉහතින් දැක්වූ කත්‍රා හා අභිච්ඡත්‍ර ප්‍රතිමා වල මේ ලක්ෂණය අපට හමු වේ. දෙවැනිය මේ ප්‍රතිමා වල ඇති අධ්‍යාත්මික ගුණ නිරූපණය ඉතා ප්‍රාථමිකය. කත්‍රා පිළිමයේ මුහුණේ ඉරියනව් තුළින් පෙනී යන්නේ විස්මිත දේව වාක්‍ය හෝ අනාවැකි පලකරන්නෙකුගේ ස්වභාවයකි. ඒහි පරිවාර දිව්‍ය රූප බුද්ධ රූපයට වඩා අධ්‍යාත්මික ගුණ නිරූපණය කරන බව පෙනී යයි. තව ද බුද්ධ රූපයේ අධ්‍යාත්මික ගුණ හා සමබර කළ යුතු බෝධි වෘක්ෂය වෙනුවට මෙහි දක්වා ඇත්තේ දඟඕාර පත්‍ර සහිත බොධි වෘක්ෂයකි. ආසනයට පහළින් ඇති සිංහ රූප ඇසිරියානු සිංහ රූප සිහිපත්කරවයි. විශේෂයෙන් ම ඒවායේ කේෂර නිරූපණය ඇසිරියානු සම්ප්‍රදායට අතිශය සමීප ය. අභිචත්‍ර ප්‍රතිමාව ඊටත් වඩා ප්‍රාතමික ලක්ෂණ දක්වයි. එහි මුව රැඳි සිනහව දූත් හි ඉරියව් ආදිය තුළ බුද්ධ දේශනාවේ අන්තර්ගතවිය යුතු විශ්වසනීය බවත්, අත්දැකීම් තුළින් දේශනා කරනා බවත් යන ලක්ෂණ ගිළිහී ගොස් තිබේ. බුදුරදුන් හස්තය ළය සමීපයට ගෙන දේශනාකරන ඉරියව්ව තුළ ඇති වාශ්වසනීය බව හා අනන්ත සසරේ සැරිසරා රැස්කළ අත්දැකීම් තුළින් අවබෝධ කරගත් විශ්වසනීය කරුණු ඉදිරිපත්කරනා බව මේ ප්‍රතිමාවල දක්නට නොහැකි ය.පරිවාර දේව රූප සපුරා ම වාගේ ලෞකික අවශ්‍යතා පිණිස හික්මවා ගත් කයක් හා මනසක් සහිත යුරෝපීය සෙබල ඉරියව්වන්ට සමීප ය. අසුන යට සිංහ රූප කත්‍රා රූප වලටත් වඩා ඇසිරියානු ලක්ෂණ වලින් යුතු වේ. නමුත් මේ ලක්ෂණ ක්‍රමයෙන් අතුරුදන් වී මථුරා ප්‍රතිමා අධ්‍යාත්මික නිරූපණයක් සහිත දියුණු ප්‍රතිමා ගණයට සමීප වී ඇති බව පසුකාලීන ප්‍රතිමා තුළින් පෙනී යයි. ඉහතින් කී ප්‍රතිමා අයත්වන්නේ ක්‍රි.ව.දෙවන ශතකයට පමණ ය.(බෙල්ලන්විල විමලරතන හිමියන්ට අනුව ය.) එම ශතකයේ ම නිර්මිත අභයමුද්‍රාව සහිත හිටි පිළිමය මේ ලක්ෂණ වලින් මිදීමේ මූලික ලක්ෂණ පෙන්වයි. නමුත් ග්‍රීක දේව රූප වල ඇති ටෝගා ස්වරූපයේ සිවුර, ලඹ නොවූ සවන් ආදිය මෙහි දක්නා ලැබෙන ප්‍රාථමික ලක්ෂණ වේ. නමුත් මථුරා කලාව තවදුරටත් වර්ධනය වූ බවක් දැකීම දුෂ්කරය. ඒ් වෙනුවට ඇත්තේ මථුරා ශිල්පියාගේ ගුණ දොස් හොඳින් හැදෑරූ ගුප්ත ශිල්පියාගේ නිර්මාණයන් ය.
කුෂාණ- කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි.
කුෂාණ වංශය- ක්‍රි. ව. 1වන සියවසේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශය පාලනය කළ රාජ වංශයකි. චීන තුර්කිස්ථානයේ. තුන්-හු ආන් ප්‍රදේශයටත්, තිඑන්-ෂාන් කඳුකරයත් අතර ප්‍රදේශයේ දිවි ගෙවූ යු-චී නම් ගෝත්‍රයකින් පැවත එන ජන කොට්ඨාසයකි. (බස්නායක. එච්. ටී. 1998. පරි. 200) උතුරු ඉන්දියාවේ ඔවුන් පිහිට වූ රාජධානියේ පුරෝගාමියා වූයේ කියෝ-ෂියො-කි ඕ හෙවත් කුජුල කැඞ්පයිසස් ය. හු ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ බලය පිහිටුවා ගත්තේ ක්‍රි. ව. 25දී පමණ යැයි ද එතැන් පටන් ක්‍රි. ව. 65 පමණ දක්වා රාජ්‍ය කරන්නට ඇතැ’යි ද අනුමාන කෙරේ. එතැන් පටන් තෙවන කණිෂ්ක රජු දක්වා මෙම වංශයෙහි දේශපාලන කටයුතු මූලාශ‍්‍ර මගින් තරමක් දුරට නිරවුල්ව ඇතත් මෙම වංශයේ අවසානය කෙසේ වී ද යන්න අවිනිශ්චිතය. කලා විෂයයන් යටතේ ඔවුන්ගේ යුගයේ වැදගත්කම මතුවන්නේ හේතු කාරණා කිහිපයක් නිසාවෙනි. මහායාන බුදුසමය වඩාත් ප්‍රචලිතව ගිය මේ යුගයේ ඊට සමගාමීව බෞද්ධ කලාශිල්ප ද වර්ධනය විය. අපරදිග කලා ආභාසය ඉන්දියාවට ද ලැබුණි. පළමුවරට බුදුරුව මනුෂ්‍ය ශරීර ස්වරූපයෙන් නිර්මාණය වූයේ මේ යුගයේ යැයි විශ්වාස කෙරේ. ගන්ධාර හා මථුරා කලා සම්ප්‍රදායන්ට තිඹිරිගෙය වූයේ කුෂාණ යුගයේ සාමකාමී වාතාවරණයත් සශ‍්‍රීකභාවයත් ය. ‘‘සකමො බොදෝ ” යනුවෙන් සඳහන් කාසි කණිෂ්ක රජ දවස පිළිබඳ තොරතුරු ගවේෂකයින්ට හමු වී ඇත. ඊට අනුව බුදුරුව මුල්වරට මේ යුගයේ නිර්මාණය වී යැයි පිළිගැනේ.
කුෂාණවරු-චීන සම්භවයක් සහිත යු-එචී නම් ගෝත්‍රයෙන් බෙදී ආ ගෝත්‍රයක් යැයි සැලකේ. නමුත් අල් බිරුනි කියන්නේ ඔවුන් තුරුෂ්ක හෝ තුර්කි සම්බන්ධයක් ඇති ගෝත්‍රයක් වශයෙනි. ඔවුන්ගේ මුල් බිම චීන තුර්කිස්ථාන් තුන්-හු-ආන් ප්‍රදේශයටත් තිඑන්-ෂාන් කඳුකරයටත් අතර ප්‍රදේශයකි. කැඩ්ෆයිසස්වරු හා කණිෂ්ක මේ වංශයේ රජවරුන් වශයෙන් හඳුනාගතහැකි වේ.
කුෂ්ගාර්- කෑෂ්ගාර් ප්‍රදේශය. පංචාඕ නම් චීන සෙන්පතියා යටතේ කලක් පැවති මේ ප්‍රදේශය පසුව කණිෂ්ක අධිරාජයා විසින් ජයගන්නා ලදී.
කුෂ්තලපුරය-ආර්කොට් හි කොලූර් අසල ඇති කුට්ටලුර්.
කුසිනාරා - සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ නගරයයි. ඉපැරණි යුගයේ ‘කුසාවතී’ ලෙස ද හඳුන්වා ඇත. වල්බිහිව ජරාවාසව ගොස් තිබියදී 19වන සියවස මුල එච්. එච්. විල්සන් නමැති මහත්මා විසින් අනුමාන වශයෙන් කළ ප්‍රකාශයක් නිසා පර්යේෂකයන්ගේ අවධානය මේ වෙත යොමුවිය. ගොරක්පූර් දුම්රියපළේ සැතපුම් 34ක් නැගෙනහිරින් ඇති මෙය කුයියා හෙවත් කුසිනගර් නමින් වත්මනයෙහි හැඳින්වේ. බුකැනන්, ලිස්ටන්, කනිංහම්, කර්ලයිල්, ෆොගල්, හිරානන්ද ශාස්ත‍්‍රී ආදීහු මේ ප්‍රදේශයේ විවිධ පුරාවිද්‍යා පර්යේෂණ කළහ. බුද්ධ ශරීරය බහා තැබෙන දෙණ සල් ගස් දෙකක් අතරේ තබා තිබෙන අයුරු දැක්වෙන සටහනක් ද මහා පරිනිර්වාණ භික්‍ෂු සංඝ(මහා පරිනිර්වාණ විහාරයේ භික්‍ෂු සභාව) යනුවෙන් සඳහන් මැටි මුද්‍රා(සීල්) කිහිපයක් ද මේ ප්‍රදේශයෙන් සොයාගෙන ඇත . ගිනි දැල්වෙන චිතකයක රූපසටහනක් හා දෙදණ බිම ඔබා ඊට නමස්කාර කරන මිනිස් රුවක් ද සහිත තඹ පතක් පරිනිර්වාණ චෛත්‍යය තුළින් හමුවී ඇත. එහි ඇති සටහනට අනුව එය එහි තැම්පත් කොට ඇත්තේ ”හරිබල” නමැති භික්‍ෂුව විසිනි. (විහාර රාශියකට අධිපති හරිබල නමැති භික්‍ෂුව මෙම තඹ පත්‍රය පරිනිර්වාණ ථූපයෙහි නිධන් කළේ ය.) වනයෙන් වැසී තිබුණු කුන්වාර් කාකොට් නමැති උස්භූමිය ආශ‍්‍රිතව 1876 දී එ්. සී. කාර්ලයිල් කළ පර්යේෂණයක දී ගරා වැටුණු බිත්ති වලට යටවී තිබූ පරිනිර්වාණ බුද්ධප්‍රතිමාව සොයාගත් අතර පසුව එය මහත් පරිශ‍්‍රමයෙන් යථා තත්ත්වයට පමුණුවා පරිනිර්වාණ විහාරයෙහිම තැම්පත් කරන ලදී. මෙම ප්‍රතිමාව ද ‘හරිබල් ’ නමැති භික්‍ෂුව විසින් කරවූවකැ’යි ශිලා ලේඛනයකට අනුව නිගමනය කර ඇත.නගරය අවටින් ස්තූප 13ක හා සංඝාරාම ගණනාවක නටබුන් සොයාගෙන ඇත. පරිනිර්වාණය සිදු වූ තැන, ද්‍රෝණ බමුණා ධාතු බෙදූ තැන ආදී වශයෙන් මෙම ථූප ගොඩනංවා ඇතැ’යි සැලකේ.
කුසිනාරා ලිපිය- අශෝක රජුට අයත් එකකි.
කූටාගාර- පරණි දඹදිව ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සුවිශේෂ නිර්මාණයකි. ‘කුළාර’ යනු ද එයමය. කූටාගාරයක් පිළිබඳව මුලින් ම සඳහන් වන්නේ රාමායනයේ ය. එයට නුව කූටාගාරය යනු ස්ත‍්‍රීන්ගේ ක‍්‍රීඩාගෘහය යි. එය නිවසක මුදුනේ තනනු ලබන්නකි. ආරක්‍ෂිත කුඩා ගෘහය යන අදහස ද දෙයි. කූටාගාරසාලා නමින් ප්‍රකට වූ කුටියක් බුදුරදුන් සිය කුටිය කොට වාසය කළ වග සාරත්තදීපනී ටීකාවට අනුව සිතිය හැක. සමන්තපාසාදිකා, පපඤ්චසූදනී, සුමංගල විලාසිනි, මනෝරථපූරණී, උදානට්ඨකථා ආදී ග්‍රන්ථයන් හි ද කූටාගාරය ගැන සඳහන් වේ. මේවාට අනුව විමසා බැලූ කල කැණිමඬලක් සහිතව ටැම් මත්තෙහි කළ ප්‍රාසාදයට ‘කූටාගාරය’ නම ලැබී ඇත. මෙය චතුරස‍්‍රාකාරව ද වෘත්තාකාරව ද ඉදිකරන්නට ඇත. කෙසේවෙතත් කූටාගාරය යනු ප්‍රාසාදයක කොටසක් මිස තනි ගොඩනැගිල්ලක් නොවන වග පැහැදිලිය. අමාවතුරෙහි 150, 194, 195, 265, 276, 277 ආදී පිටු බලන්න. (කෝදාගොඩ ඤණාලෝක සංස්කරණය 2004)
කෘතයුග වර්ෂ ක්‍රමය-මාලවයින් ද භාවිත කර ඇත.
කෘෂ්ණ - කාල වර්ණය. කළු පැහැය. කෘෂ්ණ නමින් දෙවියකු ද වෙයි. (ගෝපිනාථ, ගෝවින්ද, මුරලීඹර, වාසුදේව යනු ද මොහුම ය.) ශරීරය කාල වර්ණ වූ කෘෂ්ණට ප්‍රියකළ මනුෂ්‍යයෝ කළු වර්ණයට ද කෘෂ්ණ යන නම දෙන්නට ඇතැ’යි විශ්වාස කෙරේ.
2. දකුණු ඉන්දියාවේ පිහිටි දිස්ත්‍රික්කයක් ද කෘෂ්ණ නමින් හැඳින්වේ.
3. යජුර් වේදයේ එක් කොටසක් ද කෘෂ්ණ නමින් හැඳින්වේ. ශුක්ල කොටසේ ඇති ගීතිකාවන්ට අදාළ අර්ථ ඇත්තේ මේ කොටසේය.
කෙන් - යමුනා නදියේ අතු ගංගාවකි.
කේදාරමිත්‍ර-පාල වංශයේ දේවපාල රජුට සේවය කළ අයෙකි. ඔහු රජුගේ ප්‍රබල අමාත්‍යයෙකු වූ දර්භපානිගේ මුණුපරා ලෙස සැලකේ.
කේදාර-හිමාල ගාර්වාල් ප්‍රදේශයේ ප්‍රකට දේවස්ථානයකි.
කේරල-දකුණු ඉන්දීය ද්‍රවිඩ රාජධානියකි. මහාභාරතය කියන්නේ වරක් මෙය සහදේව නම් වීරයා විසින් යුධ කර යටත් කරගත් බවයි. පසු කාලයේ දී ද මෙය නොයෙක් වර පාණ්ඩ්‍ය හා චෝළ රාජ්‍යයන්ට යටත් රාජ්‍යයක් වශයෙන් පැවතී ඇත. චෝළයන් ප්‍රබල වෙමින් සමුද්‍රාන්තර අධිරාජ්‍යයක් ගොඩනගත් දී එහි අභියෝගයට මුහුණ දෙනු පිණිස පාණ්ඩ්‍යයන් හා ලාංකිකයන් සමග මිත්‍ර සන්ධානයක් ගොඩනැංවීමට ද කේරළයෝ පෙළඹුණාහ.
කේරලාන්තක - පළමු රාජ රාජ චෝළ රජු(ක්‍රි.ව 985 - 1014)
කෛලාශ්- හිමාලයානු කඳුපන්තිය ආශ්‍රිතව ඇති හින්දු පුදබිමකි.
කෛලාස කඳුශිඛරය -හිමාලයානු කඳුපන්තියේ පිහිටි උප කඳුශිඛරයකි. මානස විය\ල ද ඇත්තේ මේ ආශ‍්‍රිතවය. ඉන්දු නදිය හා බ‍්‍රහ්මපුත්‍ර නදිය යන නදීද්වය ම ඇරඹෙන්නේ මේ මුල් කරගෙන ය.
කෛලාස කෝවිල - කෛලාස කෝවිල හා කෛලාසනාථ කෝවිල නමින් කෝවිල් දෙකක් භාරතයේ ඇත. කෛලාස කෝවිල එල්ලෝරුවේ රාෂ්ටකූට වංශික පළමු කෘෂ්ණ රජු (ක්‍රි. ව. 757-783) විසින ඉදිකළ ශිව දේවාලයක් වන කෛලාස කෝවිල ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙයි. මෙම නිර්මාණය හින්දු කෝවිලකට අයත් සියලූ අංගෝපාංග සහිතව තනි පර්වතයක නෙළා ඇති අයුරු විස්මිතය. බෂාම් කියන්නේ මෙම කෝවිල එල්ලෝරාවේ ඇති විශිෂ්ටතම නිර්මාණය බවයි. භූමි ප්‍රමාණයට අනුව ග්‍රීසියේ පාතිනොන් දේවස්ථානය තරම් වුවත් එතරම් උස් නොවන වග ද බෂාම් කියයි. (බෂාම් . එ් . ඇල්, 1995, පිටු 449-451) මෙම කෝවිලෙහි විමානයේ ප්‍රදක්‍ෂිණාපථය වටා කුඩා මැදුරු පහක් නිමවා ඇත. එ්වා සඳහා ප්‍රධාන කෝවිලෙහි හැඩය එ් අයුරින් ම යොදාගෙන අත. විමානය ඉදිරිපස ඇති පැතැලි පියස්ස දරා සිටිනුයේ ස්තම්භ 16කිනි. පියස්සෙන් ආවරණය වී ඇත්තේ සම සතරැස් මණ්ඩපයකි. නන්දි වෘෂභයාගේ රුව සහිත තවත් මණ්ඩපයක් මෙම මණ්ඩපයට යාබදව පිහිටා ඇත . නන්දි ගවරුව සහිත මණ්ඩපය දෙපස ධ්වජස්තම්භ (ශිවලිංග සංකේත) දෙකක් හා ඇත්රූප 2ක් නිමවා ඇත. ගේපුරය ඇත්තේ මේ සියල්ලට ම ඉදිරියෙනි. මෙම ගොඩනැගිලි සියල්ල පිහිටි අංගණයේ සීමාවේ ඇති පර්වත බිත්තය නිර්මාණකරුවන් යොදාගෙන ඇත්තේ ශාලා හා උපදේවාල නෙළීමටය. මෙම කෝවිලෙහි ඇති අපූර්ව නිර්මාණය වන්නේ ගොඩනැගිලි එකිනෙක යා කරමින් නිමවූ ශෛලමය පාලම්ය. නන්දි මණ්ඩපය, අංගනය කෙළවර වූ ශාලා හා උපදේවාල, ගෝපුරය යන මේවා මෙකී ශෛලමය පාලම් වලින් එකිනෙකට සම්බන්ධ වී ඇත. සරස්වතී, ගංගා, යමුනා යන නදී දෙව්දූන් තිදෙනා උදෙසා කැපකළ දේවාල තුන අංගණයේ බටහිර කෙළවරට වන්නට තනා ඇත. උතුරු දිග පර්වත බිත්තියේ ‘ලංකේශ්වර’ යනුවෙන් සඳහන් ශාලාවක් ද වෙයි. සාමාන්‍යයෙන් කෝවිලක ෙදාරටුවක් තබන්නේ නැගෙනහිර දිශාභිමුඛව ය. නමුත් පර්වතයේ පිහිටීම අනුව මෙහි ද්වාරය බටහිර දිශාභිමුඛව පිහිටුවා ඇත. පිහිටි ගලෙහි ආවාටයක් සකස්කරන අතර ම කෝවිලේ අංගෝපාංග ඉතිරිකරමින් කළ මෙහි නිමැවුම විස්මිතය. පර්වතයේ කණින ලද ආවාටයේ පත්ල කෝවිල් අංගණය බවට පත් වී ඇත. එහෙත් කෝවිලෙහි ප්‍රධාන ගොඩනැගිලි එකී අංගණයෙන් අඩි 25ක් පමණ උස් වේදිකාවක් මත තනා ඇත. ඇතැම් විට එසේ කරන්නට ඇත්තේ ආලෝකය ලබාගැනීමේ දී මතුවන ගැටලූවට මුහුණ දීමට වියයුතු ය. පල්ලව සමයට අයත් දේවාලයන්හි ලක්‍ෂණ විද්‍යමාන වන මෙම කෝවිල අලංකාර බිතු කැටයම ආදියන් ද යුක්ත ය.
කෛලාස කෝවිලේ කලා නිර්මාණ- මෙම කෝවිල දෙස සමස්තයක් ලෙස බැලූ කල එය සපුරාම කලා නිර්මාණයකි. දෙවියන් උදෙසා පිදූ විස්මිත, සෞන්දර්යාත්මක නිමැවුමකි. එහෙත් අපගේ අවධානය යොමු වන්නේ කෝවිලෙහි විශේෂ වශයෙන් නිර්මාණය කොට ඇති කලා කෘති කිහිපයක් කෙරෙහි පමණි.
පර්වතය හාරා සකස්කරගත් කෝවිල් අංගණයේ ඇති අඩි 25ක් පමණ උස් වේදිකාව කෝවිලෙහි ප්‍රධාන ගොඩනැගිලි ඔසවාගෙන සිටියි. මෙම වේදිකාවේ ඉහළ හා පහළ අන්තාසන්නයේ බොරදම් කැටයම් යොදා අලංකාර කර ඇත. පාදාන්තාසන්නයේ ඇත්රූප හා සිංහ රූප පන්තියක් නෙළා ඇත.
බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයත් හින්දු ගෘහනිර්මාණ ශිල්පයත් එකිනෙකා වෙතින් ආභාසය ලබමින් පෝෂණය වෙමින් පෙරට ආ ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස ද මේ කෝවිල් පාදම සැලකිය හැකිය.
මීට අමතරව කෝවිලේ සෙසු ගොඩනැගිලි බිත්ති ද කැටයමින් සරසා ඇත. එ් සඳහා බහුල වශයෙන් පාදක කොටගෙන ඇත්තේ රාමායනයේ එන කතා ප්‍රවෘත්තීන් ය. ශෛව භක්තිකයින්ගේ ඇදහීම් කෙරෙහි අදාළ වන්නා වූ පූජ්‍ය වස්තූන් ද කලා කෘති අතර වෙයි.
• ශිව ලිංගය
• පාර්වතී ලිංගය
• ත්‍රිපුරාන්තික ශිව
• මහීෂාසුරමර්දිනී
• දුර්ගා
• සීතාහරණය
කෛලාසය පෙරුළීමට තැත්කරන රාවණ ආදී කැටයම් විචාරක පැසසුමට ලක් වූ එ්වා යැයි සිංහල විශ්වකෝෂයේ උප කර්තෘව සිටි ජිනදාස ලියනරත්න වියතාණෝ පවසති.
පරිමාණ හා මිණුම්- ප්‍රධාන ගොඩනැගිල්ල දරා සිටිනා වේදිකාව අඩි 25ක් පමණ උස් ය . මහල් තුනක් සහිතව එහි ඇති විමානයේ සම්පූර්ණ උස අඩි 96ක් පමණ වෙයි. පර්වත ආවාටයේ ගැඹුරු ම පැත්ත අඩි 106ක් ගැඹුරු ය. ගැඹුරින් අඩුව සකස් කළ පැත්ත අඩි 53ක් පමණ ය.(ගෝපුරය පිහිටා ඇත්තේ එ් පැත්තේ ය.) කෝවිල් අංගණය අඩි 280×160 ප්‍රමාණයෙන් යුතු ය.
කෛලාසනාථ කෝවිල- මෙය ද ශිව දෙවියන් උදෙසා කැප කළ කෝවිලකි. ෂෂෂ වන මහේන්ද්‍රවර්මන් රජ දවස කෝවිල නිර්මාණය කර අවසන් කළ ද එහි විමාන තැනවීම ඔහුගේ පියා වූ ෂෂ වන නරසිංහ වර්මන් රජදවස සිදුකොට ඇතැ’යි පිළිගැනෙයි. රාජසිංහේශ්වර කෝවිල ලෙස හැඳින්වූයේ ද මෙය ම ය. සාම්ප්‍රදායික සැලැස්මට අනුව සාන්ධාර ප්‍රාසාද ක්‍රමයට ඉදිකර ඇත. ගර්භගෘහයේ බිත්ති හා කෝවිල් ප්‍රාකාරය අතර ප්‍රදක්‍ෂිණාපථයක් ඉදිකිරීම සාන්ධාර ප්‍රාසාද ක්‍රමයේ ලක්‍ෂණයකි. මණ්ඩපය, අන්තරාලය හා ගර්භගෘහය සාම්ප්‍රදායික සැලසුමක අංගයෝ ය. අඩි 150×80 ප්‍රමාණයේ දිගින් හා පළලකින් යුතු හා මදිළ් නම් වන පවුරකින් වටකළ සෘජුකෝණාස‍්‍රාකර අංගණයක් මධ්‍යයේ අධිෂ්ඨානය ගලින් ද, උපරිභාගය වැලිගලින් ද ඉදිකළ කෝවිල අවට (ප්‍රාකාරයට මායිම් ව) තැනූ කුටි 59කි. එ්වා නැගෙනහිර හා බටහිර දිශාභිමුඛව පමණක් තනා ඇත. (කෝවිල් ෙදාරටුව ද නැගෙනහි දිශාභිමුඛව මිහිටුවා ඇත.) ප්‍රාකාරයේ ඇති ප්‍රවේශද්වාරය අබියස ද ඉහතින් කී ආකාර කුටි 8කි. ගර්භ ගෘහයට අයත් ව, සාම්ප‍්‍රායික ලෙස පුන්කළසක් ද දරා අඩි 50ක් උසට නැගී සිටිනා පිරමීඩාකාර ශිඛර ය. තෙමහල් ව තනා ඇත. ශිඛරය සහිත පියස්සට ගර්භගෘහයට අමතරව එ් වටා ඇති ප්‍රදක්‍ෂිණාපථය ද ආවරණය වී ඇත. ගර්භගෘහය අඩි 6ක් ඝන ශෛලමය බිත්ති සහිතව ඇතුළත එක් පැත්තක් අඩි 9ක් වන පරිදි සමසතරැස්ව පිහිටියේ වෙයි. එහි දකුණු දිගින් පියගැටපෙළකි. ඉහළ මහලින් නිමවෙයි. පිවිසුම් ද්වාරය දෙපස කුඩා ගර්භ දෙකකි. ගර්භගෘහයේ බටහිර, නැගෙනහිර, දකුණු හා උතුරු දිග බිත්තිවලට සබ\ තැනූ පරිවාර කුඩා දෙව්මැදුරු 8ක් ද ඇත. උතුරු හා දකුණු බිත්ති වලට සබඳා ඇත්තේ එක බැගිනි. එහෙත් ඉන් එකක් හෝ උතුරු හා දකුණු දිශාභිමුඛව තනා නැත. බටහිර බිත්තියේ ගර්භ පමණක් බටහිරට මුහුණලා ඇති අතර සෙසු එ්වා නැගෙහිරට මුහුණලා ඇත. පැරණි නිර්මාණ ශෛලියකට අනුව නිමවූ සමසතරැස් කුලූණු 6ක් මත රැඳුණු පියස්ස සහිත අන්තරාලය දකුණු දිශාභිමුඛ ද්වාරයකින් යුක්තය. අන්තරාලය. 14වන සියවසෙහි කළ එකකැ’යි සිංහල විශ්වකෝෂයේ හිටපු උපකතුතුමකු වන ජිනදාස ලියනරත්න මහත්මා විශ්වාස කරයි. ගර්භගෘහයත් අන්තරාලයත් අතර ඇති මණ්ඩපය අසල නැගෙනහිර දිශාභිමුඛව මහේන්ද්‍රවර්මේශ්වර කෝවිල වෙයි. එය අඩි 5×10 ප්‍රමාණයේ ආයත හැඩාකාරව තනා ඇත්තේ කෝවිල් භූමියට පිවිසෙන ප්‍රධාන ද්වාරය තිබිය යුතු තැනය. කෝණයන්හි හුණු බදාමයෙන් කළ සිංහ රූප සහ අඹරා පියස්ස මත ඇති විශාල කළස් පහ මහේන්ද්‍රවර්මේශ්වර කෝවිලේ විශේෂත්වයකි. කෛලාසනාථ කෝවිලේ නිර්මිත කලාකෘති පිළිබඳව අවධානය යොමුකිරීම ද වැදගත්ය. ශෛලමය නිර්මාණ වලට අමතරව හුණු බදාම හා ගඩොල් යොදාගෙන ද මෙහි කලාකෘති කරවා ඇත. ගොඩනැගිල්ලේ කෝණ වල හා කුඩා කුලූණු වල ඇති මූර්ති බොහොමයක් නිමවා ඇත්තේ ගඩොලින් හෝ හුණු බදාමයෙනි. උපරිභාග කැටයම් වැලිගලෙන් නිමවා ඇතත් පසුව හුණු පිරියම්කර ඇත. කෝවිල් ගොඩනැගිලි වල ඇති මූර්ති සියල්ලම පාහේ නෙළා ඇත්තේ කෝවිල නිමකළ ගල් මත හෝ බිත්ති මත මිස වෙනත් තැනක නිමවා සවිකිරීමේ ක්‍රමයට නොවේ. විශේෂයෙන් ම ශෛලමය කොටස් මත කළ කැටයම් ගල් කැබලි දෙක තුනකට හෝ ඊට වැඩි ගණනකට පැතිරී ගොස් තිබීමෙන් එ්වා ප්‍රකට වෙයි. කෛලාසනාථ කෝවිල පල්ලව කලා සම්ප්‍රදායන්ගේ ක්‍රමික විකාශය අධ්‍යනයේ දී ද වැදගත් ය. ප්‍රධාන කෝවිල් භූමිය තුළට පිවිසෙන දවාරය තිබියයුතු තැන මහේන්ද්‍රවරමේශ්වර කෝවිල ඉදිකර තිබීමෙනුත් එහි ස්වභාවය අනුවත් ගෝපුරයක මූලාවස්ථාව මේ යැයි අනුමාන කළ හැක . පල්ලව ශෛලියේ මුඛ්‍ය ලක්‍ෂණයක් වන සිංහරූප සහිත ස්තම්භ කෝවිලේ බොහෝ තැන්වල යොදා ඇත. ඇතැම් තැනෙක සිංහයා මත නැගගත් මනුෂ්‍යයෙකු ද දක්නට ඇත. ගර්භගෘහ ශිඛරය ද ද්‍රවිඩ ශෛලියට ම ආවේණික වූවකි. මේ පිළබඳ පර්යේෂණ කළ පර්සි බ‍්‍රවුන් මහතා කියන්නේ ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පය අධ්‍යනය කරනා කවරෙකු වුව ද පළමුකොට ම වාගේ අධ්‍යනය කළයුතු වන්නේ මේ කෛලාසනාථ කෝවිල බවයි..
කෛලාසනාථ ටැම් ලිපිය - දෙවන වික්‍රමාදිත්‍ය නම් චාලූක්‍ය රජු (ක්‍රි. ව. 734-745) දෙවන නන්දිවර්මන් පල්ලව රජු පරාජය කොට කාංචියේ දී ලබා ගත් යුධ ජයග්‍රහණය පිළිබඳව කියවෙන ලිපියකි. කණ්ණඩ බසින් ලියා ඇත.
කොචින් - වරායකි. දකුණු ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටා තිබේ.
කොටහ්- මාලවයන්ට සම්බන්ධ අභිලේඛන හමු වූ ප්‍රදේශයකි.
කොට්ඩිජ් - කොත්දිජි නමින් ද හැඳින්වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
කොට්ටුරය-ගංජම් දිස්ත්‍රික්කයේ කුටූර් හෝ විසගපනම් දිස්ත්‍රික්කයේ කොට්ටුරය විය හැක.
කොට්ඨක-පෙට්ටි. රැගෙන යා හැකි කොටු.
කොට්දිජි-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් සුළු නගරයකි. බලන්න ‘කොට්ඩිජ්’
කොඩවලී-ගෝධාවරී දිස්ත්‍රික්කයට අයත් ස්ථානයකි. මේ ස්ථානයෙන් සාතවාහන යුගයට අයත් යැයි අනුමාන කළ හැකි සෙල්ලිපියක් හමු වී තිබේ. එහි වඩසාත යනුවෙන් සඳහන් වන්නේ චන්ද්‍ර ශ්‍රී නම් සාතවාහන රජු විය හැක. මෙහි තිබී වාසිස්ථපුත්‍ර වඩසාති නමින් යුතු කාසි ද හමුවී ඇත.
කොඩුකූර් බලකොටු-කොංගු දේශයේ බලකොටු සහිත ප්‍රදේශයකි.
කොඩුන් ගුන්රම්-පිරාන්මලයි නමින් ද හැඳින්වෙන දකුණු ඉන්දීය පාලන ප්‍රදේශය.
කොණ්ඩි-දකුණු ඉන්දීය වරායකි.
කොන්කාන් - අර්ධද්වීපික ඉන්දියාවේ බටහිර පටු වෙරළබඩ තීරයේ උතුරු කොටස මේ නමින් හැඳින් වේ. මෙම කොටසේ වරාය කිහිපයක් ද ඇත. (මෙම වෙරළබඩ තිරයේ දකුණු කොටස මළබාර් නමින් හැඳින්වේ.)
කොන්ගොද-ප්‍රදේශ නාමයකි. දකුණු ඔරිස්සාවයි.
කොප්පම් සටන - බටහිර චාලූක්‍යයන් හා චෝළයන් අතර ක්‍රි. ව. 1052-1053 අතර කාලයේ දී තුංගභද්‍රා ගඟබඩ සිදු වූ සටනකි.
කොමරි- දකුණු ඉන්දීය වරායකි.
කොමරින් තුඩුව - ඉන්දියාවේ දකුණු කෙළවර ඇති විශේෂ භූමි පිහිටුමකි.
කොමෝරින් තුඩුව-කොමරින් තුඩුව
කොයිම්බතූර් කපොල්ල - පාල්ඝාට් කපොල්ලයි. දකුණු ඉන්දියාවේ පහළ කෙළවර ආසන්නව ඇති නිල්ගිරි හා කාදමෝම් කඳුඅතරින් වැටී ඇත. මේ මගින් බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළට පිවිසිය හැක.
කොරමැණ්ඩල් වෙරළ - ගංගා නදී මුවදොරට පහළින් ඇති වෙරළ තීරයේ වඩාත් පහළ කොටස මේ නමින් හැඳින්වේ. කාවේරි පටුන, පොන්ඩිචෙරි, මදුරාසි වැනි කුඩා වරාය කිහිපයක් ද මේ වෙරළාශ‍්‍රිතව ඇත්තේය. මේ වෙරළ තීරයෙන් පුලුමායි රජුට අයත් කාසි හමු වී ඇත. ඒවායේ නැවක රූප සටහන් තිබේ.
කොරින්තියානු කුලුණු-ග්‍රීක කුලුණු වර්ගයකි.
කොලන්ඩියා-විශාල නැව් වර්ගයකි.
කොල්ලන් හා කණ්ණනි ජනතාව-දමිළ සාහිත්‍යකෘතියක් වන ශීලප්පදිකාරම් කෘතියට පාදක වූ ජනකතාව.
කොල්ලිමලයි-දකුණු ඉන්දීය දුර්ගයකි.
කොස්මස් ඉන්ඩිකොප්ලෙයුටස් - හයවන ශතවර්ෂයේ දී බයිසෙන්ටියම හෙවත් කොන්ස්තන්තිනෝපලයේ විසූ ග්‍රීක පූජකයෙකි. ලේඛකයෙකි. දේශ ගවේෂකයෙකි. නමුත් ඔහු මුල දී වෙළෙන්දෙකි’යි ඔක්ස්ෆර්ඩ් මූලාශ්‍රයේ සඳහන් වේ. (www. oxfordreference.com) ක්‍රිස්තියානි භූගෝල විද්‍යාව(The Christani Thopography) නමින් කෘතියක් කළ හේ ලංකාවේ හා මලබාරයේ ක්‍රිස්තියානි පල්ලි තිබූ බවත්, ඒවා පර්සියානු පූජකයින් විසින් පාලනය කළ බවත් සඳහන් කර තිබේ. කල්ලිආනයේ විසූ පර්සියානු බිෂොප් වරුන් දෙදෙනෙකු විසින් මේවා පාලනය කළ බව ද හේ සඳහන් කර තිබේ. කල්ලියානය යනු කොචින් වියයුතු යැයි ඒ්. ඒල්. බෂාම් මහතා විශ්වාස කරයි. (අසිරිමත් ඉන්දියාව 435 පිට.1995 මුද්‍රණය.)ලංකාවේ විසූ නොස්ටෝරියන් පූජකයන් පිළිබඳ ඔහුගේ කෘතියේ සඳහන් වේ.(ලං.වි.ලං.ඉ.348පිට.) ඉන්දියානුවන් ලංකාව ‘සිලදිබ’ නමින් හැඳීන්වූ බවත් හේ සඳහන් කර තිබේ. ලංකාව සමුද්‍රමාර්ග සන්ධියක පිහිටි නිසාවෙන් ලංකාව ලොව බොහෝ තැන් වලින් භාණ්ඩ ලබාගෙන ඒවා ලොව පුරා බෙදිහැරියේ යැයි හේ වැඩිදුරටත් සඳහන් කරතිබේ. ලංකාවට ඉන්දියාවෙන්, පර්සියාවෙන්, ඉතියෝපියාවෙන් හා චීනයෙන් ද නැව් පැමිණියේ යැයි ඔහුගේ කෘතියේ සඳහන් වේ.
කෝංගොඩ-හර්ෂ රජු අල්ලාගත්තේ යැයි හුයි -ලි සඳහන් කරන ප්‍රදේශයකි.
කෝබෙල් ආරුක්කු-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ඇතැම් නිවාස වල දොරටු වලට යොදා ඇති ආරුක්කු විශේෂයකි.
කෝලිය වංශය- මෙය ද ගෝත්‍රික කණ්ඩායමකින් පැවත එන පසුව රාජවංශයක් බවට පත් වූ වංශයකැ’යි පිළිගැනේ. ශාක්‍යවරුන් සමග රෝහිණී නදියේ ජලය බෙදාගනු පිණිස නිරන්තර ආරවුල් ඇති කරගත් කෝලියවරු පසුව බුදුරදුන්ගේ මැදිහත්වීමෙන් ශාක්‍යවරුන් සමග සමගි වූ බැව් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සිද්ධාර්ථ ගෞතමයෝ දහසය වැනි වියේදී විවාහ ගිවිසගත්තේ ද කෝලිය වංශයේ යශෝධරා නම් කුමාරිකාව සමගය. ශාක්‍යවරු මෙන්ම කෝලියවරු ද ගණතන්ත‍්‍ර පාලන ක්‍රමයක් අනුගමනය කළහ.
කෝල්හාපුර්-දකුණු මාරඨ දේශයට අයත් ප්‍රදේශයකි. වඩාත් ප්‍රකට සාතවාහන පෙළපත නොව වෙනත් සාතවාහන පෙළපතක් මේ ප්‍රදේශයේ බලයේ සිටිබවට නාණක සාධක ඇත. ඒ කාසිවල වාසිස්ථපුත්‍ර විලිවායකුරු, මාඨරීපුත්‍ර සිවල්කුර යන රජවරු ගැන දැක්වේ.
කෝවිල් වෙණ්ණි-වෙණ්ණි-කරිකාලන් චෝල මුලින්ම ජයගත් ස්ථානය
කෝසල - රාජාණ්ඩුවකි. උතුරු හා දකුණු කෝසලය ලෙස කොටස් දෙක විය. නමුත් පාලනය වූයේ එක් රජෙකු යටතේ නිසා එක් රාජ්‍යයක් සේ සැලකේ. කුසාවතිය සා සාවත්තිය(ශ්‍රාවස්ථිය) අගනුවර දෙක විය. ප්‍රසේනජිත් කොසොල් රජු යටතේ ප්‍රබල රාජ්‍යයක් වශයෙන් වර්ධනය විය.
කෝසල දේවි - බිම්බිසාර රජුගේ බිසව. ප්‍රසේනජිත් කොසොල් රජුගේ නැගණිය. අජාසත් රජුගේ මව.
කෝසි - ගංගා නදියේ අතු ගංගාවකි.
කෝහිබබා - වයඹ දිග ඉන්දියාවේ පිහිටා ඇති කඳුපන්තියකි.
කෞණ්ඩිත්‍ය-දකුණු ඉන්දීය ගෝත්‍ර නාමයකි.
කෞෂම්බි ලිපිය- අශෝක රජු කරවූ ලිපියකි.
කෞෂම්බි-කොසඹෑ නම් නගරය. නූතන කෝසම් නගරය. පුරාණයේ මෙය කොසම්බි නමින් ද හඳුන්වා තිබේ.
කෞෂාම්බි රජවරු-මේ රජවරුන් අතරින් ආදිතමයා භීමසේන නමැත්තෙකි. වශිෂ්ඨපුත්‍ර භීමසේන යනුවෙන් භීට මුද්‍රාවේ ඔහුගේ නම සඳහන් වේ. මේ රජවරු කණිෂ්ක භාවිත කළ ශකවර්ෂ ක්‍රමය භාවිත කර තිබෙන නිසා ඔවුන් කුෂාණවරුන්ගේ යටත් පිරිසක් යැයි අනුමාන කෙරේ. මේ වංශයේ සමහර රජවරුන්ගේ නම අගට මඝ යන්න යෙදී ඇති නිසා මේ පරපුර මේඝවරුන්ට සමාන යැයි ද අදහසක් තිබේ.
කෞෂිතකී උපනිෂදය -උපනිෂද් ග්‍රන්ථයකි. වින්ධ්‍යාවට දකුණින් වූ ප්‍රදේශ පිළිබඳව පළමුවරට සඳහන් වන්නේ මේ කෘතියේය.
කෞෂ්කීපුත්‍ර භද්‍රමඝ-කෞෂාම්භි පාලකයෙකි. ඔහු පිළිබඳව කාසිවලින් හා කොසාම් සෙල්ලිපිවලින් ද තොරතුරු හමු වේ.
ක්‍යු-ෂාන්-යු-එචී සෙසු කණ්ඩායම් පරදවා බලවත් වූ යු-එචී නායකයෙකි. ‘වොං’ නාමයෙන් ද කියෝෂියෝ-කිඕ නමින් ද, කුජුල කැඩ්ෆයිසස් නමින් ද හැඳින්වෙයි.
ක්‍යු-ෂා-රජ පෙළපතකි. කුෂාණ පෙළපත වියයුතුය.
ක්‍රිවි ගෝත්‍රය - පශ්චාත් වෛදික යුගයේ දී පංචාල නමින් ප්‍රකට වු ගෝත්‍රය යි.මෙම ගෝත්‍රය වත්මන් බරෙයිලි, බුදාවුන්, ෆාරුක්ඛාඛාද්, දිස්ත්‍රික් හා උත්තර් ප්‍රදේශයේ සමහර කොටස් වල පැතිර සිටියහ. බ්‍රාහ්මණ සාහිත්‍යය අනුව කුරු පංචාල ගෝත්‍ර දෙකට ම සිටියේ එක ම පාලකයෙකි.
ක්‍රිෂ්ණ- ‘කෘෂ්ණ’ බලන්න.
ක්‍රිෂ්ණ-පුෂ්‍යභූති රාජවංශයට අයත් ප්‍රභාකරවර්ධනගේ පුත්‍රයෙක් ද මේ නමින් සිටියේ ය.
ක්‍රිෂ්ණ නදිය - අර්ධද්වීපික ඉන්දියාවේ ඇති ගංගාවකි.දේශපාලනික වශයෙන් ද වැදගත් කමක් ඇති ගංගාවකි. මෙය දේශ සීමාවක් වශයෙන් ද භාවිත වී ඇත. මෙහි ප්‍රධාන අතු ගංගාව වන්නේ තුංගභද්‍රා නදිය යි.
ක්‍රිෂ්ණ බේනා-නදියකි. දකුණු ඉන්දියාව
ක්‍රිෂ්ණ ශාතකර්ණී-සාතවාහන පාලකයෙකි. මධ්‍ය දේශයේ චාන්ද් දිස්ත්‍රික්කයෙන් මේ රජුට අයත් කාස් හමුවී ඇත.
ක්‍රීටාන්තක - සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 - 376)(ගුප්ත රාජවංශය)
ක්රූසාදෝ-මුදල් ඒකකයකි.
ක්වේටා නිම්නය- බලුකිස්ථානයට අයත් ස්ථානයකි. පූර්ව හරප්පා ලක්ෂණ හමු වී තිබේ.
ක්ෂත්‍රප- සත්‍රප නම් පෙළපත් නාමයම විය යුතුයි. ඒ යටතේ බලන්න.
ක්ෂත්‍රිය-ප්‍රජා පාලනය, දන්දීම, යාගකිරීම, කාමයෙහි නොඇලීම යන කාර්යයන් උදෙසා කැප වූ කුලයයි. වෛදික ඉගැන්වීම් අනුව මොවුහු මහා බ‍්‍රහ්මයාගේ දෙබාහුවෙන් උපන්නෝ වෙති.
ක්ෂත්‍රිය-අවි ආයුධ භාවිතය ජීවනෝපාය කරගත් අයට පමණක් භාවිත කළ හැකි කුල නාමයක් යැයි මේධාතිථි පඬිවරයා පවසයි. ක්ෂත්‍රිය පාලකයාගේ ප්‍රධාන වගකීම දුගීදුප්පත් අසරණයින්ට පිහිට ආරක්ෂාව සැපයීමක් බ්‍රාහ්මණ ආදී පූජකයන්ට ගරුබුහුමන් දැක්වීමත් බව පැරණි ස්මෘති ග්‍රන්ථවල සඳහන් වේ. එසේ නොකරන්නේ නම් ජනතාවගෙන් එබඳු පාලකයාට සමාවක් නොලැබෙන බව ද සඳහන් කර තිබේ. සමාජය විසින් ක්ෂත්‍රියයන් බිහිකොට ඇත්තේ ජනතාව ආරක්ෂා කිරීමේ දිව්‍යමය බලයක් හිමි අයකු වශයෙන් යැයි පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. මෙකී පුරාණ ග්‍රන්ථ අතරින් බෘහද්ධර්ම පුරාණය සඳහන් කරන්නේ ඔහුට ඉන්ද්‍ර දෙවියාගේ අධිපතීත්වයත්, අග්නි දෙවියාගේ බලයත්, යමගේ සැහැසිකමත් චන්ද්‍රයාගේ සෞම්‍යත්වයත් කුවේරගේ ධනයත් රාම ජනාර්ධනගේ යහපත්කමත් ලැබී ඇති බවයි.
ක්ෂපණික- ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි.
ක්ෂහරාට-වංශ නාමයකි. ශකවරුන් විය යුතුය.
ක්ෂුද්‍ර- මහා බ‍්‍රහ්මයාගේ දෙපතුලෙන් උපන්නෝ ය. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය යන කුලයන්හි අයට මෙහෙ කිරීම හා ඊර්ෂ්‍යා නොකිරීම මෙම කුලයේ උපන්නන්ට උරුම ය. අයිතිවාසිකම් නැත. ක්ෂුද්‍රයින් වේදය නෙඇසිය යුතුය. වේදය අසා සිටියහොත් ඔහුගේ කන්වල උණු ඊයම් හෝ ලාකඩ පිරවිය යුතු යැයි ද වේදය කිවහොත් දිව කැපිය යුතු යැයි ද ගෞතම ධම_ සුත්‍රයේ සඳහන් වේ. වෛදික සමාජයේ දැඩිව අසාධාරණයට ලක් වු කුලය මෙයයි. ක්‍ෂුද්‍රයින්ට ධනය ඉපැයීම ද කුසල් කිරීම ද තහනම් ය. ක්‍ෂුද්‍රයින් යම් අයුරකින් යම් ධනයක් ඉපැයී ද රජු විසින් ඒවා සියල්ල රාජ සන්තක කළ යුතුය. ක්‍ෂුද්‍රයා පිටුවහල් කළ යුතුය. ක්‍ෂුද්‍රයෙකු මැරීමෙන් මැඩියෙකු මරා දැමීමට වඩා අපරාධයක් නොවේ යැයි ද බමුණෙකුට පිදුරු ගසකින් පහරදීමෙන් විසිඑක් ජන්මයක් තිරිසන් යෝනි වල උපදින්නේ යැයි ද බමුණෙකුගේ ලේ සෙලවීමෙන් පොළොවේ වැලි ගණනින් නපුරු සතුනට ගොදුරු වන බව ද මේ දර්ශනයේ දක්වා ඇත.
ක්ෂුර - රැවුල කපන උපකරණයකි.
ක්ෂේත්‍ර=කුඹුර(ඍග් වෛදික)
ඛංග පෙළපත-ක්‍රි.ව.7 සියවසේ පමණ නැගෙනහිර බෙංගාලයේ බලයට පත් වූ බෞද්ධ රාජ පෙළපතකි. මේ වංශයට අයත් රජවරු ගැන ඉං-සිං හා හ්‍යුං-සියැං වාර්තාවල සඳහන් වේ. ඒ අනුව ඛංගෝද්‍යම, ජාතඛංග, දේවඛංග, රාජරජභට යන රජවරු මේ වංශයට අයත් යැයි සිතිය හැක. ඉත්සිං හිමිගේ වාර්තාවල සඳහන් වන දේවවර්මා රජු ද මේ වංශයට අයත් යැයි අනුමාන කරයි.
ඛංගෝද්‍යම-චංග නම් රජ පෙළපතට අයත් පාලකයෙකි. නැගෙනහිර බෙංගාලයේ බලයට පත්වූයේ ක්‍රි.ව.7 සියවසේදී පමණ වියහැක. හ්‍යුංසියැං වාර්තාවල මේ රජු ගැන සඳහන් වේ. බෞද්ධ රජෙකු ලෙස සැලකේ.
ඛජුරාහෝ කන්දරිය මහා දේව දේවාලය - චන්දෙල්ල වංශික නිර්මාණයකි.
ඛතිය-දප-මාන-වදන-ගෞතමීපුත්‍ර‍ ශාතකර්ණී රජුගේ නාසික් ප්‍රශස්තියේ රජු හැඳින්වීමට යෙදූ විරුද නාමයකි. ක්ෂත්‍රියයන්ගේ මානය බිඳහෙළූ යන අරුත එහි ඇත.
ඛරපරික-මධ්‍ය ප්‍රදේශයේ දබෝ දිස්ත්‍රික්කය.
ඛරපල්ලාන-මහා ක්ෂත්‍රප තනතුර දැරූ නිළධාරියෙකි. කණිෂ්ක රජු යටතේ රාජ්‍යයේ උතුරු කොටසේ පාලකයෙකු වන්නට ඇත.
ඛරෝෂ්ඨි- අක්ෂර වර්ගයකි. වයඹදිල ඉන්දියාවේ අශෝක ලිපි වල බහුලව භාවිත කර ඇති අක්ෂර වර්ගය යි. මේවා කියවා මුල්වරට නූතන ලෝකයට හඳුන්වා දුන්නේ ජේම්ස් ප්‍රින්සෙෆ් පඬිවරයා විසිනි.
ඛාඩි - මුද්දකි
ඛාරවේල රජු-ජේදි වංශයේ වාසුගෙන් පැවතෙන්නෙකු යැයි විශ්වාසයක් තිබේ. එනම් මහාමේඝවාහන පෙළපතෙන් පැවත එන්නෙකි. ඔහු‘අධිර’ හෙවත් ආර්ය යන විරුදය භාවිත කළේය. හතිගුම්පා ලිපිය මෙම රජුගේය. ලාලක වංශයේ හස්තිසිංහ රජුගේ මුණුපුරෙකුගේ දියණියක් විවාහ කරගත්තේ යැයි අනුමාන කරයි. ඔහු සිය අටවන හා දහවන(12?) රාජවර්ශ වල දී මගධය දෙසට ප්‍රහාර එල්ල කළ බව ද සඳහන් වේ.
ඛාලිම්පූර් තඹපත-පාල වංශයේ ධර්මපාල රජුට අයත් අභිලේඛනයකි.
ඛුජ්ජු=යාත්‍රාවකි(ඍග් වෛදික)
ඛේමා-බිම්බිසාර රජුගේ එක් බිසවකි.ඉතා සුරූපී කාන්තාවක් ලෙසත් සුරූපි වවින් උමතුවටත් උඩඟු වබටත් පත්ව සිටි කාන්තාවක් සේ ප්‍රකට ය.ඇය . මධ්‍යම පංජාබයේ මද්‍ර දේශයේ රජුගේ දියණිය යි.
ඛේන්/කේන් - යමුනා නදියේ අතු ගංගාවකි.
ඛෝටාන්- පංචාඕ නම් චීන සෙන්පතියා යටතේ කලක් පැවති මේ ප්‍රදේශය පසුව කණිෂ්ක අධිරාජයා විසින් ජයගන්නා ලදී.
ගංගා - යමුනා දොආබ්-ගංගා යමුනා නදී දෙක අතර බිම
ගංගා නම් ගඟ - ඉන්දියාවේ ප්‍රධානතම නදිය යැයි කිව හැකි තරමට ම සුවිශේෂී එකකි. ආගමික අතින් ද, ආර්ථික අතින් ද, සංස්කෘතික අතින් ද මෙහි වටිනාකම් රැසක් ඇත.දිග කිලෝ මීටර 2491(දෙදහස් හාරසිය අනූ එක)කි. ආසියාවේ දිග ම ගංගා අතර 15වන තැන ද ලෝකයේ දිග ම ගංගා අතර 39 වන තැන ද මෙයට හිමිය. ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගඟට වඩා මෙහි අතු ගංගා පවා දිගුය.(යමුනා කි.මී. 1088, රාම් කි.මී. 485, ඝෝග්රා කි.මී. 960, මොදර් කි.මී. 589)මෙහි ගලා එන මහා ජල කඳ විසින් ඉන්දීය භූමියේ වර්ග කිලෝමීටර 107,264 ප්‍රදේශයක් පෝෂණය කරනු ලබයි.ගංගාවේ නිම්නය වර්ග කිලෝමීටර 320-640 දක්වා පැතිරේ. හරිද්වාර්, මීරත්, කන්නව්, ලක්නව්, කාන්පූර් වැනි ජනාකීර්ණ නගර ගංගා නදියේ ඉහළ කොටසේ ඇත්තේය. යමුනා නදිය හා ගංගා නදිය එක් වන තැන ඇත්තේ අලහබාද් නගරය යි. බරණැස් හා පැට්නා(පාටලීපුත්‍ර) නගර ගංගාවේ මධ්‍යම කොටසේ ද, භගල්පූර් හා ෆරක්කා නගර ගංගාවේ ඩෙල්ටාවන් ආසන්නයේ ද පිහිටා ඇත.නදී නිම්නයේ රොන්මඩ තැන්න වසර දසදහසක් පමණ පැරණි බව ද මිටර තුන්සියයක් පමණ ඝන බව ද සොයාගෙන ඇත. මේ නිසා ගංගා නිම්නය කෘෂි කටයුතු සඳහා ඉතා ම යෝග්‍යය. ගඟ දෙපස ඉඩම් වලින් 80% ක් පමණ වගා කර ඇති අතර ප්‍රධාන බෝගයන් වන්නේ තිරිඟු, බාර්ලි. මෙනේරි, ඉදල් ඉරිඟු, වී හා උක් ය. හණ වැවීම ද ප්‍රධාන වේ. ලෝකයේ නිපදවන හණ වලින් වැඩි ප්‍රතිශතය ගංගා නදී ඩෙල්ටා ප්‍රදේශ වල වැවෙන හණ වර්ගය යි. ගංගා නදියේ දිය බැස්ම ද ඉතා සෙමින් සිදු වේ. දිල්ලියත් බෙංගාල බොක්කත් අතර කිලෝ මීටර 1600ක දුර ගෙවත්දී ගංගාවේ බැස්ම මීටර 21ක් පමණි. සංස්කෘත බසින් මෙම නදිය හඳුන්වන නම් හතලිස් පහක් වෙයි.(සුරගඞගා, ආකාශ ගඞගා, කන්‍යා, සුරනිම්නගා...) මෙම ගංගාව හා බැඳුණු දේව කථා ද වෙයි. ඊට අනුව මේ ගංගාව ඇරඹෙන්නේ විෂ්ණු දෙවිඳුන්ගේ පාදයෙනි.හින්දූන් මෙම නදියෙහි ජලය පූජනීයත්වයෙහි ලා සලකති.
ගංගා පහේ තැන්න- පංජාබය.
ගංගා යමුනා දොආබ් - ගංගා යමුනා දෙගම්මැදිය. අලහබාද් දක්වා එකිනෙකට සමාන්තරව ගලා එන ගංගා සහ යමුනා නදී දෙක අතර බිම.
ගංගුලි,ඩී.සී- ඉතිහාසඥයෙකි
ගංගෙයි කොණ්ඩ - පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව 1014 - 1044)
ගග්ගරා- ගංගා නදියේ අතු ගංගාවකි.
ගණප- පද්මාවතියෙන්, විදිසාවෙන් හා මථුරාවෙන් හමුවුණු කාසි කිහිපයක සඳහන් නමකි.
ගණපති - සමූහාණ්ඩුවක පාලක මණ්ඩල සභික(ඍග් වෛදික)
ගණපතිනාග- පද්මාවතියේ නාග පාලකයින් නවදෙනාගෙන් කෙනෙකි.
ගන්ධ- ගංගා නදියේ අතු ගංගාවකි.
ගන්ධක්- ගංගා නදියේ උප අතු ගංගාවකි.
ගන්ධාර- වයඹ දිග ඉන්දියාවේ දේශසීමා රාජ්‍යයකි. පැරණි ඉන්දියාවේ සොළොස් මහා ජනපද වලින් එකකි.
ගන්ධාර කලා සම්ප්‍රදාය-ලෞකිකත්වයට මුල්තැන දුන් ග්‍රීක ආභාසය ඇතිව වර්ධනය වූ කලා සම්ප්‍රදායකි. ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය යනු ද මෙයමය. ගැඹුරු අධ්‍යාත්මික සංකල්පනා ලෞකික භෞතික සංකල්ප ලෙස ගෙන ප්‍රතිනිර්මාණය කිරීම මේ කලාවේ ලක්ෂණයකි. අධ්‍යාත්මික බලයට වඩා කායික බලය විශ්වාස කළ බටහිර කලාවේ ආභාසය ඊට ලැබුණු නිසා මේ තත්ත්වය වර්ධනය වන්නට ඇත. කණිෂ්ක රාජ්‍ය සමයේ වර්ධනය වූ මේ ආගමික කලාව අනුව කළ බුද්ධ ප්‍රතිමා මේ කලාවේ ස්වභාවය පෙන්වන හොඳම සාධක වේ. පිරුණු මස්ගොබ සහිත සිරුරු, පුළුල් හනු සහිත මුහුණු, තරමක් ගිළුණු ඇස්, පුළුල් ළයමඩල ආදියත් රළු කැරළි සහිත හිසකෙස් ආදිය මේ බුද්ධරූපවල දැකිය හැක. ඇතැම් බුද්ධරූපවල රැවුල ද යාන්තමින් දක්වා තිබේ. පෙරදිග කලාව තුළ බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී එහි රශ්මි මාලාව නළල කේන්ද්‍රකරගෙන විහිදෙන ආකාරයට නිරූපණය කරන අතර ගන්ධාර කලාවේ බුද්ධප්‍රතිමාවල එය නාසය කේන්ද්‍ර කරගෙන විහිදෙන ආකාරයට දක්වා තිබීම මු දුටු විශේෂම ලක්ෂණයයි. නළල බුද්ධිය, මනස පිළිබඳ භෞතික නිරූපණය ලෙස ගතහැක. නාසය භෞතිකත්වය, ශරීර ශක්තිය පිළිබඳ ප්‍රත්‍යක්ෂ නිරූපණය ලෙස ගතහැක. වයඹදිග ඉන්දියාවේ පුරුෂපුරය, සියල්කොට්, තක්ෂිලා හා පුෂ්කලාවතී ආදී නගරවලින් ගන්ධාර කලාකෘති හමු වේ.
ගම - ග්‍රාමණී යටතේ පාලනය වූ ඒකකය(ඍග් වෛදික)
ගයා මණ්ඩලය-පාලවරුන්ගේ රාජ්‍යයේ එක් ප්‍රාදේශීය පාලන ඒකකයකි.
ගයා ලිපිය-සමුද්‍රගුප්තයන්ට අයත් ලේඛනයකි.
ගයා-ප්‍රදේශ නාමයකි. සිද්ධාර්ත ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ ගයාශීර්ෂයේ ඇසතු බෝධි වෘක්ෂයක සෙවනේදී යැයි සඳහන් වේ. සොළොස්මහ ජනපද යුගයේ සිට මගධයට අයත්ව තිබූ මේ ප්‍රදේශය ඔවුන්ගේ පරිහානිය සමග ගුප්ත ආදී රාජවංශ වල පාලන ප්‍රදේශයක් බවට පත්විය. ගුප්ත අධිරාජ්‍යයේ පරිහානියත් සමග මේ ප්‍රදේශවල මෞඛරීවරු (මෝඛරිවරු) බලයට පත්වූහ.
ගරුඩද්වජ - වෛශ්ණව අභිදානයකි
ගරුඬ ස්ථම්භ-ගරුඬ පක්ෂියාගේ රුවක් මුදුනත කැටයම්කර සකස්කළ කුලුනු විශේෂයකි. මේවා වාසුදේව හෙවත් විෂ්ණු දෙවියන්ට ගෞරව පිණිස ඉදිකරන අතර ඉන්දියාවේ ස්ථාන කිහිපයකට විෂ්ණු දේවාල අභියස මෙවන් ස්ථම්භ හමුවන බව සිංහල විශ්වකෝෂයේ සඳහන් වේ.
ගරුත්මදාංක ස්ව විෂය භුක්තිශාසනයාචක-තම ප්‍රදේශවල ගරුඬ මුද්‍රාව පිළිගැනීම. සමුද්‍රගුප්ත රජු විසින් යටත් කරගත් දකුණු හා බටහිර ඉන්දීය රාජ්‍යයන්හි පාලකයන් තම යටහත් බව ප්‍රකාශ කළ එක් ක්‍රමයකි.
ගර්දභ-මිලේච්ඡ ආක්‍රමණික ජනවර්ගයකි
ගල් මෙවලම් (ඉන්දීය ප්‍රාග් ඓතිහාසික යුගය.) - 1983 වසරේ බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥයන් පිරිසක් පෙෂවෝරයේ කළ ගවේෂණයක දී වසර විසි ලක්ෂයකට වඩා පැරණි ගල් මෙවලම් සොයාගෙන තිබේ. මේවා දකුණු ආසියාවෙන් මෙතෙක් සොයා ගත් පැරණිතම ගල් ආයුධ වේ. මීට අමතරව ආදි පාෂාණ යුගයට අයත් යැයි සැලකෙන නටබුන් පාකිස්ථානයේ බලූකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන දේශසීමා අසලින් ද බොම්බාය, මහාරාෂ්ට‍්‍රය, මයිසෝරය, ආන්ද්‍රදේශය, මදුරාසිය, ඔරිස්සාව, උත්තර්ප‍්‍රදේශය, නැගෙනහිර පන්ජාබය, මධ්‍ය ප්‍රදේශය හා ගුජරාටයෙන් ද ලැබී ඇත. ආදි මානවයා ඉන්දියාවේ විශාල ප්‍රදේශයක පැතිර සිටි බවට මේ ශිලා මෙවලම් හමු වූ ස්ථාන සාධක සපයයි.
ගවයා- කෘෂිකටයුතු, ප්‍රවාහන කටයුතු, පස්ගෝරස සම්පාදනය ආදී කටයුතු වල දී මිනිසාට අතීතයේ සිට උපකාරී වූ සත්ත්වයා./බුදුරදුන් සංකේතවත් කරන සත්වයෙකි/ දේව සංකල්ප අනුව ශිවදෙවියන්ගේ වාහනය යි.
ගහඩවාල-කනෞජයේ රාජවංශයකි. (11සියවස)
ගාථාසප්තතිය-ප්‍රාකෘත ග්‍රන්ථයකි
ගාන්ගේයදේව-ක්‍රි.ව.11වන සියවසේ පමණ බලවත්ව සිටි කලචුරි වංශික පාලකයෙකි.
ගාන්ධාර - රාජාණ්ඩුවකි. කත්ෂිලාව අගනුවර විය.
ගාරෝ - බුරුම ඉන්දියා දේශසීමාබද කඳුපන්තියකි.
ගාර්ගි සංහිතාව
ගාර්භ සෙල්ලිපිය-පළමු රුද්‍රසේන රජුට අයත් වේ.
ගාෂියා-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වූ ස්ථානයකි
ගැද්දමානි සෙල්ලිපිය-ක්‍රි.ව.7වන සියවසට අයත් ශිලාලේඛනයකි. හර්ෂවර්ධන රජු පිළිබඳ ඉතිහාසය ගවේෂණයේ දී වැදගත් සෙල්ලිපියකි.
ගිනි පිදීම - පැරණි බොහෝ ශිෂ්ටාචරෙයන්ගේ සේ ම ඉන්දු නිම්නයේ ද පැවති එක් වන්දනා ක්‍රමයකි. ඉන්දු නිම්නයෙන් හමු වූ ගොඩනැගිලි අතර පොළව ගඩොල් අතුරා සකස් කළ ආයතාකාර බරාඳයක බිත්ති වලින් වට කළ කොටසක් හමු වි තිබේ. මෙය ගිනි පිදීම සඳහා භාවිත කරන්නට ඇතැ’යි පිළිගැනේ.
ගිරිනාර්-ප්‍රදේශ නාමයකි.(සිතියම් බලන්න.)
ගිර්නාර් ගිරි ලිපිය - අශෝක රජු කරවූ ලිපියකි.රුද්‍රදාමන්ගේ ලිපියනක් ද මේ නමින් ම මෙහි තිබේ.
ගිල්ගමේෂ්-සුමේරියානු මිථ්‍යා කතාවක් හා එහි වීරයා.
ගුජරාටය - ඉන්දියාවේ සංයුක්ත රාජ්‍ය 21න් එකකි. මෙය ශ‍්‍රී ලංකාව මෙන් තුන්ගුණයක් පමණ විශාල වේ. බටහිරින් අරාබි මුහුදෙන් ද, වයඹ දිගින් පාකිස්ථානනේ ද, උතුරෙන් රාජස්ථානයෙන් ද, නැගෙනහිරින් මධ්‍ය ප්‍රදේශයෙන් ද, දකුණින් මහාරාශ්ට‍්‍රයෙන් ද මායිම් වී ඇත. මුහුදු තීරය සැතපුම් 992කි. වර්ග ප්‍රමාණය ව.කි.මී. 1,87,091. පැරණි අගනුවර වූයේ අහමබාද්ය. නව අගනුවර වන්නේ අහමබාදයට උතුරින් ඇති ගාන්ධි නගර්ය. ගුජරාටය වනාහි ප්‍රදේශීය වංශකථා බහුලව ලියැවුණු ප්‍රදේශයකි. ක්‍රි.ව. 8-9 සියවස් වල මේ ප්‍රදේශය පාලනය කළේ ගුර්ජරයන් විසිනි. මෙයට අයත් කාතියවාර් අර්ධද්වීපයේ ගිරිනාර්හි තිබී අශෝක ශිලා ලිපි ද හමු වී ඇත.මෙහි මෞර්ය පාලනයට පසු සිතියන් හෙවත් ශක පාලනය ඇතිවිය. එහි ශ්‍රේෂ්ඨතමයා වූයේ රුද්‍රදාමන්ය. ඉන් පසු ගුප්ත වරු ද, මෛත්‍රක වරු ද, මුස්ලිම් වරු ද මේ ප්‍රදේශය පාලනය කළහ.
ගුණචන්ද්‍ර-නාට්‍ය දර්පණයේ කතුවරයෙකි.
ගුණමති- නාලන්දා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි.
ගුණවර්මන් -රාෂ්ට‍්‍රකූට පාලන සමයේ සිටි සාහිත්‍යධරයෙකි.
ගුණහර - පළමුවන මහේන්ද්‍රවර්මන් පල්ලව රජු.
ගුණ්ඩ සෙල්ලිපිය-ශකවරුන් පිළිබඳ තොරතුරු ඇතුළත් සෙල්ලිපියකි.
ගුප්ත කලා සම්ප්‍රදාය-ගුප්තවරුන්ගේ අනුග්‍රහ යටතේ වර්ධනය වූ කලා සම්ප්‍රදාය. ස්වභාවිකත්වය හා සමබරබව මෙහි ප්‍රධාන ලක්ෂණයක් වේ. මථුරා, බරණැස්, පාඨලීපුත්‍ර ආදී ප්‍රදේශ මුල්කරගනිමින් ‌මේ කලා සම්ප්‍රදාය වර්ධනය විය. මථුරා හා සුල්තාන්ගන්ජ් ප්‍රදේශ වලින් ලැබුණු ප්‍රතිමා මේ කලාවේ ලක්ෂණ පැහැදිලි කරයි. මේ සම්ප්‍රදාය අනුව ඇඳි සිතුවම් අජන්තා හා භාග් ආදී ස්ථාන වලින් හමු වේ. දෙවන චන්ද්‍රගුප්ත රාජ සමයට අයත් දිල්ලි අයෝමය ස්ථම්භය ද මේ යුගයේ ලෝහ කර්මාන්තය ආශ්‍රිත කලාව පිළිබඳ සාධකයක් වේ. ‌
ගුප්ත කාසි වල ඇති විරුද නාම- රාජාධිරාජ, පරම රාජාධිරාජ, රාජාධිරජංගී, රාජරාජාධිරාජ
ගුප්ත-ඔවුන්ගේ මුල්බිම අයෝධ්‍යාව යැයි ආචාර්ය බී.පී.සිංහ මහතා සඳහන් කරයි.නමුත් තවත් උගතුන් පිරිසක් විශ්වාස කරන්නේ ඔවුන්ගේ මුල්බිම මගධය බවයි. විෂ්ණු පුරාණය ගුප්තයන් හැඳින්වීමේදී මගධ ගුප්තයින් ලෙස හඳුන්වාදීම ඊට සාධකයක් වශයෙන් ඒ උගත්හු ඉදිරිපත් කරති. ආචාර්ය ඩී.සී.ගංගුලි සඳහන් කරන්නේ ඔවුන් බෙංගාලයේ මුර්ෂිදාබාද් හි පිරිසක් බවයි. මේ ආකාරයට ගුප්තයින්ගේ මුල්බිම ගැන විවිධ මතවාද ඇතත් තවමත් ඒ පිළිබඳ පොදු මතයක් ගොඩනැගී නැත. මේ නමින් සිටි ප්‍රභූවරයෙකු ගැන 6-7 සියවස් ආශ්‍රිත අසන්නට ලැබේ. ග්‍රහවර්මන් රජු ඝාතනය කර සිරගත කරනු ලැබූ රාජ්‍ය ශ්‍රී කුමරිය සිරභාරයෙන් ගලවා ගත්තේ ගුප්ත නම් ප්‍රභූවරයෙකු යැයි සඳහන් වේ.
ගුප්තවංශෝධිත-බ්‍රාහ්මී අක්ෂරයෙන් රචිත ශිලා ලේඛන 2ක මේ නම සඳහන් වේ. මෙය ගුප්ත පරපුරේ මුල් අවස්ථාවකට අයත් සාධකයක් යැයි පිළිගැනෙයි. සාතවාහන රාජසභාවේ ද ගුප්ත නාමය සහිත රාජ්‍ය නිළධාරීන් සිටි බව ඔවුන්ගේ ලේඛනවල සඳහන් වේ.
ගුප්තවරු-මෙය රාජවංශ නාමයක් යැයි සඳහන් කිරීමට වඩා පෙළපත් නාමයක් යැයි සඳහන් කිරීමට වඩා පෙළපත් නාමයක් යැයි සඳහන් කිරීම සුදුසු ය. සාතවාහන රාජ සභාවේ ද ගුප්ත නම ඇති නිළධාරීන් සිටි බව කියැවෙන අතර ‘ගුප්ත වංශෝධිත’නාමය සඳහන් ශිලාලේඛන ද හමු වී තිබේ. ධාරණී නමින් වූ ගුප්ත ගෝත්‍රයක් ගැන ද සඳහන් වේ. දෙවන චන්ද්‍රගුප්ත රජුගේ කාසිවල එක් පැත්තක ශ්‍රී චන්ද්‍ර යනුවෙන් ද අනෙක් පස ගුප්ත යන්න පමණක් වෙනම ම දක්වා තිබීමෙන් ද පෙනී යන්නේ ගුප්ත යන්න වාසගම් නාමයක් වශයෙන් ද යොදාගෙන ඇති බවයි. පන්චොහ් තඹ සන්නසේ ගුප්ත නාමය සහිත රජවරු හය දෙනෙක් ගැන සඳහන් වේ. ඔවුන් පාරම්පරිකව ම ශිව භක්තිකයෝ වූහ. තව ද ඔවුන් අර්ජුනගෙන් පැවත එන ක්ෂත්‍රිය වංශිකයෝ යැයි ද සඳහන් වේ. විෂ්ණු පුරාණයේ බවත් ආන්ද්‍ර ජාතියක් යැයි ද දක්වා තිබේ. ව්‍යාකරණාචාර්ය චන්ද්‍රගෝමීන් අනුව යමින් ජයස්වාල් පඬිවරයා පවසන්නේ ඔවුන් ‘ජට්’ නමින් හඳුන්වන පංජාබ් වැසි පිරිසක් බවයි.
ගුප්තස්‍ය- ගුප්තවරුන්ට අයත් මුද්‍රාවක සඳහන් පාඨයකි.
ගුමාල් -සින්ධු නදියේ අතු ගංගාවකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් සින්ධු නදියට එකතු වේ.
ගුම්ති - ගංගා නදියේ අතු ගංගාවකි.
ගුර්ජර - රාජ්පුතානා ප්‍රදේශයේ රාජවංශයකි.
ගෘහවර්මන්-ග්‍රහවර්මන් නම් මෞඛරී පාලකයාය. රාජ්‍ය ශ්‍රී නම් පුෂ්‍යභූති වංශික කුමරියගේ සැමියාය. හෙතෙම මාලව දේශයේ රජු අතින් මරණයට පත්විය.
ගෘහස්ථ-ආශ‍්‍රම ධර්මයකි. අඹුදරුවන් පෝෂණය කරමින් ගෘහස්ථව ගත කරන අවධියයි.
ගොඩපාද - ගුප්ත යුගයේ ලේඛකයෙකි. වේදාන්ත දර්ශනය විවරණය කරමින් විවරණ ග්‍රන්තයක් රචනා කර ඇත.
ගොතිපුත-සුංග රාජ්‍ය සමයට අයත් භාර්හුට් ටැම් ලිපියක එන වදනකි. රාජන් විසදේව නමැත්තාගේ පුත්‍රයා වූ ගොතිපුත නමැත්තා ගැන එහි සඳහන් වේ. මෙය ගුප්ත නාමය පිළිබඳ පැරණි සාධකයක් යැයි සඳහන් වේ.
ගොන්ඩර් පර්නිස්-ගොන්ඩෝපර්නිස් නමින් ද හැඳින්වෙන පාර්තියන් රජු. ඔහු මාවස් නම් පෙළපතේ දෙවන අසෙස් රජ දවස වයඹදිග ඉන්දියාව ආක්‍රමණය කරන්නට ඇත.
ගොමාල්-වයඹදිග ප්‍රදේශයේ අතු ගංගාවකි. සින්ධු නදියට සම්බන්ධ වේ. ගුමාල් නමින් ද හැඳින්වේ.
ගොරථගිරිය-රාජගෘහයට සමීප ස්ථානයකි.
ගොස්ටි- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ ක්‍රියාත්මක වූ අධ්‍යාපන මණ්ඩල විශේෂයකි. කාව්‍ය, සංගීතය හා ලලිත කලා ඉගැන්වීම මේ මගින් සිදුකෙරුණි.
ගෝකර්ණ-ප්‍රදේශ නාමයකි. නමුත් කුමන ස්ථානයක් දැයි. හඳුනාගෙන නොමැත. පාල රාජ වංශයේ ධර්මාල රජු මේ ස්ථානයේ වූ පූජ්‍යස්ථානයකට ගිය බව සඳහන් වේ.
ගෝගීල - සුත ග්‍රන්ථ අතරින් එකකි.(බලන්න.‘සුත’)
ගෝග්‍රා- ගංගා නදියේ අතු ගංගාවකි.
ගෝදාවරී - ගංගාවකි. දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවකි. බටහිර දෙසින් ඇරඹි නැගෙනහිර දෙසින් මුහුදට වැටේ.
ගෝදාවරී දිස්ත්‍රික්කය- වත්මන් ඉන්දියාවේ පාලන දිස්ත්‍රික්කයකි. ගෝදාවරී නදිය ආශ්‍රිත ප්‍රදේශය යි.
ගෝදාවරී නදිය - අර්ධද්වීපික ඉන්දායාවේ ඇති ගංගාවකි. බටහිර ඝාට්ස් කඳුවැටියෙන් ඇරඹී සැතපුම් සිය ගණනක් දකුණටත් පසුව නැගෙනහිරටත් ගලාවිත් නැගෙනහිරින් මුහුදට වැටේ. පැරණි ඉන්දියාවේ ප්‍රබලව සිටි පල්ලව රාජධානියේ තිඹිරිගෙය වූයේ මේ නදී නිම්නය යි.
ගෝධවර්ධන-සාතවාහනයින්ට අයත්ව තිබූ ප්‍රදේශයකි.
ගෝනානන්ද-කල්හණගේ රාජ තරංගනියේ සඳහන්වන රාජවංශ නාමයකි. කල්හණ පවසන්නේ සමස්ත ගුප්ත රාජ පරපුරම මේ වංශයට අයත් බවයි. නමුත් මෙය විශ්වාස කටයුතු තොරතුරක් බව නොපෙනෙයි.
ගෝපචන්ද්‍ර-පහළ බෙංගාල ප්‍රදේශයේ බිහි වූ පාලකයෙකි. ක්‍රි.ව.507වැන්නේ දී පමණ හෙතෙම මේ ප්‍රදේශයේ ස්වාධීන රාජ්‍යයක් ඇරඹීය. ඒ ගුප්තවරුන්ගේ පාලනයේ නිමාවට පසුව ය. ඔහු වර්ෂ 18ක් පමණ බලයේ සිටි අතර මහාරාජාධිරාජ විරුදය භාවිත කළේය. මේ ප්‍රදේශයෙන් ලැබී ඇති තඹපත් කිහිපයකම ඔහුගේ නම හමු වේ.
ගෝප-නාගරික පරපාලනයට සිටි නගරක නමි නිළධාරියාගේ සහයට සිටියේ ද මේ නිළධාරී විශේෂයයි.
ගෝපාල-බෙංගාලයේ පාල රාජවංශයේ ආරම්භක රජු. ඔහු පුන්ද්‍රවර්ධන දේශයේ ක්ෂත්‍රීය වංශික පවුලකින් පැවත එන්නේ යැයි ටිබේට් ලේඛක තාරානාථ සඳහන් කරයි. ඔහුගේ පියා වප්‍යත නම් වූ අතර ධර්මපාල නමින් පුත්‍රයෙකු විය. වාක්පාල ද ඔහුගේ පුත්‍රයෙකු විය යුතුය. බෞද්ධයෙකු වූ මෙතුමා නාලන්දාවේ බෞද්ධ සංඝාරාමයක් ද කරවූ බව සඳහන් වේ.
ගෝපාලිපුත්‍ර- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
ගෝමිත්‍ර- මථුරාවෙන් ලැබුණු කාසිවල සඳහන් නමකි. මේ රජු නාගවංශිකයෙකු යැයි අනුමාන කරයි.
ගෝල්කොණ්ඩා - ඉන්දියාවේ එක් වෙරළ තීරයකි. බෙංගාල බොක්කට මුහුණලා ඇත.තාම්‍රලිප්ති වරාය පිහිටා ඇත්තේ මේ වෙරළ තීරයේ ය.
ගෝව - වරායකි. දකුණු ඉන්දියේ බටහිර වෙරළේ පිහිටා තිබේ.පසුකාලයේ මෙය පෘතුගීසීන්ගේ පෙරදිග මධ්‍යස්ථානය බවට පත්විය.
ගෝවර්ධන- නාසික් ප්‍රදේශයට ම නමකි. පැරණි භාරතීය පාලන ඒකකයකි. වත්මන් දිස්ත්‍රික් නමකි.
ගෝවින්ද චන්ද්‍ර-වංගාලයේ හෙවත් බෙංගාලයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශාශ්‍රිතව බලවත්ව සිටි කනෞජයේ ගහඩවාල නම් රාජවංශයට අයත් පාලකයෙකි. ක්‍රි.ව.11වන සියවසේදී පමණ ඔහු චෝල දේශයේ රාජේන්ද්‍ර චෝල රජු අතින් පරාජය විය.
ගෞඩදේශය- හර්ෂවර්ධන රජු විසින් ජයගත්තේ යැයි හ්‍යුංසියැං හිමි සඳහන් කරන පංච ඉන්දියාවෙන් එකකි.
ගෞඩවරු - බෙංගාලය පාලන කටයුතු කළ රාජ වංශයකි.
ගෞඩවාහෝ-ප්‍රාකෘත බසින් රචිත කෘතියකි. එහි ප්‍රධාන තේමාව ගෞඩදේශයේ රජු පරාජය කිරීමේ සිද්ධියකි. යශෝවර්මන් නම් රජු මේ පරාජය කිරීමේ කාර්යය සිදුකළ අතර ඒ අළලා මේ කෘතිය රචනා කළේ වාක්පති නම් කිවියා විසිනි. ගෞඩවාහෝ කෘතියට අටුවාවක් රචනා කළේ හරිපාල නමැති ලේඛකයා විසිනි.
ගෞඪ දේශය-උතුරු හා බටහිර බෙංගාලය මුල්කරගෙන ව්‍යාප්ත වූ රාජධානියකි. දේශසීමා කලින් කලට වෙනස් වී ඇත.
ගෞතම - සුත ග්‍රන්ථ අතරින් එකකි.(බලන්න.‘සුත’)
ගෞතම බුද්ධ- බෞද්ධ දර්ශනය ලොවට හඳුන්වා දුන් ශාස්තෲවරයන් වහන්සේයි. ජෛනමහාවීරතුමාට සමකාලීනව භාරතයේ මගධය ආශ‍්‍රිතව වැඩවාසය කළහ.
ගෞතම මුනි-න්‍යායසූත්‍ර නම් තෘතියේ කතුවරයා ය.
ගෞතමී බාලශ්‍රී-ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජුගේ මව. නාසික් ප්‍රශස්තිය ඇයට අයත් වේ.
ගෞතමීපුත්‍ර ශාතකර්ණී - ඒක බම්මණා. බමුණන්ගේ එකම ආරක්ෂකයා හෝ උත්තම බ්‍රාහ්මණයා යන අරුතින් ගෞතමීපුත්‍ර ශාකතර්ණී රජුට නාසික් ප්‍රශස්තියේ මේ විරුදය දී ඇත. ඊට අමතරව වරවාරණ වික්‍රම චාරු වික්‍රම, රාජ රාජ මහාරාජ.
ග්‍රමික- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ පරිපාලන ඒකකයක් වූ ගම භාරව සිටි නිළධාරියා.
ග්‍රහවර්මන්-ගෘහවර්මන් නමින් දහැඳින්වෙන මෞඛරී පාලකයා ය.
ග්‍රීක - බෞද්ධ කලා සම්ප්‍රදාය - ගන්ධාර කලා සම්ප්‍රදාය යි. ඒ යටතේ බලන්න.
ග්‍රීක් ඇරමයික් - භාෂාවකි. දකුණේ සිට වමට ලියන අක්ෂර වෙසෙසකින් සෑදී තිබේ. අශෝක රජු කන්දහාර් ලිපිය මේ භාෂාවෙන් ලියා තිබේ.
ඝටකර්පර- ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි.
ඝණ - ඍග්වෛදික හමුදා බලඇණියකි
ඝනපති නාග-සමුද්‍රගුප්ත අතින් පරාජය වූ නාගවංශික පාලකයෙකි.
ඝාට්ස් - දකුණු ඉන්දියාවේ දෙපස වෙරළ තීරයන්ට සමාන්තරව ඇති කඳුවැටි දෙකක් මේ නමින් හැඳින්වේ. වෙන් වෙන් ව ගත් කළ නැගෙනහිර ඝාට්ස් හා බටහිර ඝාට්ස් යනුවෙන් හැඳින් වේ.
ඝෝග්‍රා - ගංගා නම් ගඟේ අතු ගංගාවකි. හිමාලය දෙසින් ගලාවිත් ගංගා නදියට ඒකතු වේ.
ඝෝෂා - ඍග් වෛදික යුගයේ ප්‍රබල කතකි. වෛදික යුගයේ කාන්තාව විඳි නිදහස පිළිබඳ සාධකයකි.
ඝෝෂ් - පුරා විද්‍යාඥයෙකි. ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළේය.
චක්කවත්තී සීහනාද සූත්‍රය - බෞද්ධ සූත්‍රයකි. රාජ්‍යත්වයේ ආරම්භය පිළිබඳ බෞද්ධ මතය ඇතුළත් වේ.
චක්‍රදේව-ආර්ය මේඝවාහන පෙළපත් පාලකයෙකි. මෙයටම චේදි පෙළපත යන නම ද යෙදෙන්නේ යැයි සිතිය හැකි වේ. ඔහු එම පෙළපතේ දෙවැන්නා වියහැක.
චක්‍රවර්තී පණ්ඩිත වත්සල - පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව .907 - 953) භාවිත කළ විරුදයකි.
චක්‍රවාක-නා රජෙකි. සංකල්පීය චරිතයකි. ආගමික විශ්වාසයකි.
චක්‍රායුධ-කනෞජයේ පාලකයෙකි. පාල වංශයේ ධර්මපාල රජුගේ සමීපතමයෙකි.
චටටිස්ගාත්-ප්‍රදේශ නාමයකි.
චඩසාත-චන්ද්‍ර ශ්‍රී නමැති සාතවාහන රජු වියහැක. ගෝදාවරී දිස්ත්‍රික්කයේ කොඩවලී නම් ස්ථානයෙන් හමු වූ ශිලාලේඛනයක මේ නම සඳහන් වේ.
චණ්ඩිසතකය- භාණ නමැති කවියාගේ රචනයකි. හර්ෂවර්ධන යුගයේ විසුවෙකි.
චතුරාශ‍්‍රම- බ්‍රාහ්මණ හා ක්‍ෂත‍්‍රීය යන කුල දෙකෙහි ජනයාගේ ජීවිතයට උරුමව තිබූ අවස්ථා 4යි. බ‍්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්‍යාසින්
චතුර් කුල-(දකුණු ඉන්දියාව) තුඩියන්, පාණන්, පරයියන්, කඩම්බන් යන කුළ සතර.
චතුර්වේද - වේද ග්‍රන්ථ සතර. ඍග් වේදය, යජුර් වේදය, සාම වේදය හා අතර්ව වේදය යන ග්‍රන්ථ සතර.
චන්-තියන්-තානාපති සේවයේ සිටි චීන ජාතිකයෙකි. ක්‍රි.පූ 2වන සියවසේ පමණ විසූවෙකි.
චන්ද දිස්ත්‍රික්කය(මධ්‍ය ප්‍රදේශය)-
චන්දන- කණිෂ්ක රජු භාවිත කළ නමකි.
චන්දෙල්ල - බුන්දල්ඛාණ්ඩ් මුල්කරගන වාසය කළ රාජවංශයකි.
චන්දෝග්‍ය - උපනිශද් ග්‍රන්ථයකි.
චන්ද්‍ර- සෝම නම් දේවයාගේ පසුකාලීන ස්වරූපයකි. කණිෂ්ක රජු භාවිත කළ නමකි.
චන්ද්‍ර වර්ෂ - පැරණි ඉන්දීය රජවර් භාවිත කළ වර්ෂ ක්‍රමයකි. නිසි මූලයක්, හේතුවක් අපහැදිලි මෙම වර්ෂ ක්‍රම නිසා ඉතිහාසය වියවුල් වී ඇත.
චන්ද්‍ර විමන- යම රජුගේ භවනයේ හෙවත් පීතෘ ලෝකයේ කලක් නතර වී සිටි මිනිසා එතැනින් පසු පිවිසෙන්නේ චන්ද්‍ර විමනටය.
චන්ද්‍ර ශ්‍රී(චන්දසිරි?)- සාතවාහනයින්ගේ අධිරාජ්‍යයේ අපරභාගයේ පාලකයෙකි.
චන්ද්‍රගුප්ත- ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
චන්ද්‍රගුප්ත II (ක්‍රි.ව.376 - 415) - දේවගුප්ත, දේවරාජ, දේවශ්‍රී, පරම භට්ටාරක, වික්‍රමාදිත්‍ය, සිංහවික්‍රම
චන්ද්‍රගුප්ත මෞර්ය - මෞර්ය රාජවංශයේ ආරම්භකයා. බින්දුසාර රජුගේ පියා. අශෝක අධිරාජයාගේ සීයා. (ක්‍රි.පූ. 324-300)
චන්ද්‍රගෝමී-ඉන්දීය ලේඛකයෙකි. ව්‍යාකරණාචාර්යවරයෙකි.
චන්ද්‍ර-නැගෙනහිර බෙංගාලයේ සිටි රජවරු පිරිසක්ම මේ නමින් අන්තවන රාජකීය නාමයන්ගෙන් යුතුව බලයේ සිට ඇත. 10-11සියවස් අතර කාලයේ වියයුතුය. ත්‍රෛලෝක්‍යචන්ද්‍ර , ශ්‍රී චන්ද්‍ර ආදීන් උදාහරණ වේ. ඔවුන්ගේ මධ්‍යස්ථානය වූයේ රෝහිතාගිරියයි. එය රෝහ්තස්ගද් නමින් ද හැඳින්වේ.
චන්ද්‍රපාල- නාලන්දා වශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි.
චන්ද්‍රපීඩ- කාශ්මීර පාලකයෙකි. කාර්කොට රාජවංශයේ දුර්ලබක රජුට බලයට පත්විය. ඉන්දියාවට අරාබි ආක්‍රමණ මුල්වරට එල්ලවන කාලයේ මේ රජු කාශ්මීර ප්‍රදේශයේ පාලකයාව සිටින්නට ඇතැයි පිළිගැනෙයි.
චන්ද්‍රවංශය-පෙරදිග රජවරුන් අතර පැවති වංශ පිළිබඳ විශ්වාස දෙකෙන් එකකි. අනෙක සූර්ය වංශය යි. ලංකාවේ රජවරුන් ද පාණ්ඩ්‍යයන් ද තමන් චන්ද්‍ර වංශිකයින් යැයි විශ්වාස කළහ. චෝළයෝ සූර්ය වංශිකයින් යැයි විශ්වාසයක් විය.ලංකාවේ පළමු විජයබාඑහු රජු සිය නැගණියට චෝළ වංශයේ කුලෝත්තුංග රජු සරණකොට නොදී පාණ්ඩ්‍ය කුමාරයෙකුට සරණ කරදීමට බලපෑ එක් හේතුවක් වන්නේ ද මේ යැයි විශ්වාසයකි.
චන්හුදාරෝ - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
ච-පුඕ-හො-ලො-හර්ෂවර්ධන සමයට සමීප කාලයේ ඉන්දියාවේ අගනුවරට චීන බසින් දී ඇති නමකි.
චම්බාල් - යමුනා නදියේ අතු ගංගාවකි.
චයිල්ඩ්, ගෝර්ඩ්න්-ඉතිහාසඥයෙකි. මහාචාර්යවරයෙකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළේය.
චර - චරපුරුෂයා(ඍග් වෛදික)
චරක - වෛද්‍ය ශාස්ත්‍රඥයෙකි.
චරක-වෛද්‍යවරයෙකි. කණිෂ්ක සමයේ ජීවත් වූවෙකි.
චරක්ස් හි ඉසිඩෝර්- ලේඛකයෙකු වියහැක.
චරිතාපදාන - (බිල්හණ ගේ වික්‍රමාංක දේව චරිතය, පද්මගුප්ත ගේ නවහායිපොං චරිතය, සන්ධ්‍යානන්දිගේ රාම චරිතය, ජයසිංහගේ කුමාරපාල චරිතය, භාණභට්ටගේ හර්ෂ චරිතය, වාක්පතිගේ ගෞඩවාහෝ වැනි කෘතීන්වේ.)
චර්සද්ද සංඝාරාමය- පෙෂාවෝර් නිම්නයේ බෞද්ධ සංඝාරාමයකි.
චෂ්ටන මූර්තිය- මථුරා කලාවෙන් නිරූපිත මූර්තියකි.
චාන්ද්- මධ්‍යදේශයේ දිස්ත්‍රික්කයකි. ශාතකර්ණී,පුලුමාවී, යඥ ශාතකරණී හා ක්‍රිෂ්ණ ශාතකරණී රජවරුන්ට අයත් කාසි මේ ප්‍රදේශයෙන් හමුවී ඇත.
චාර්සද්දා- පැරණි පුෂ්කලාවතී නගරය.
චාලුක්‍යයෝ- බදාමිය හෙවත් වාතාපිය මුල්කරගෙන වාසය කර ඇත. පසුව තෛල නමැත්තා කල්‍යාණිය මුල්කරගත් බටහිර චාලුක්‍ය රාජ්‍යයක් ද ආරම්භ කළේ ය.
චිං- උතුරු ඉන්දීය කඳුවැටියකි.
චිකිත්සා විද්‍යා- නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ විෂයකි.
චිත්‍රලේඛා-චිත්‍රාක්ෂර, රූපමය ලේඛන
චින්නගංජම්- යඥ ශ්‍රී ශාතකර්ණී රජුට අයත් ශිලාලේඛනයක් මෙහි තිබී හමුවී ඇත.
චි-මි-කිය-නමෝ-කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජු
චීන්-ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට ඇති මනිපූරයෙන් දකුණට විහිදී යන කඳුපන්තියකි.
චූටුකඩානන්ද-දකුණු ඉන්දීය පාලකයෙකි. ඔහුට අයත් කාසි කාර්වාර් ප්‍රදේශයෙන් හමුවී ඇත.
චූටුකුල-පෙළපත් නාමයකි. කාදම්බවරුන්ට පෙර ඩෙකෑනයේ බලයේ සිටි පෙළපතකි. ඔවුන් මහාරාධීවරුන්ගේ ඥාතීන් වියහැක. මහාබෝජවරු ද ඔවුන්ගේ ඥාතීන් සේ සැලකේ.
චූටුකුලානන්ද-සෙල්ලිපිවල හමුවන පාලක නාමයකි. දකුණු ඉන්දියානුවෙකු වියහැක.
චෙනාබ් - ඉන්දු නදියේ පංච මහා අතු ගංගාවන්ගෙන් එක් අතු ගංගාවකි.
චෙන්-තන්-කිය-නි-ඔ-දේවපුත්‍ර කණිෂ්ක යන අරුත ඇති වදනකි. කුමාරලාතගේ කල්පනාමණ්ඩිතා හෙවත් සූත්‍රාලංකාර කෘතියේ චීන පරිවර්තනයේ මේ නම එයි.
චෙශාර්ල-ස්ථාන නාමයකි. මෙහි ගුප්ත යුගයට අයත් කපොතේශ්වර නම් කෝවිල පිහිටා තිබේ.
චේදි- රාජාණ්ඩුවකි. සොත්ථිමතී අගනුවර විය.
චේදි වරු- කාලිංගයේ වාසය කළ ජන කණ්ඩායමකි.
චේර රාජවංශය-කේරළ රාජවංශය
චේර-වාර්ෂික වර්ෂාපතන අගය 480mm ට වැඩි ප්‍රදේශයකි.
චෛත්‍ය ලකුණ- ඛෂ්ටනගේ කාසිවල ඇති සලකුණකි.
චෛත්‍ය ශාලා- අජන්තා ආදී ලෙන් වල ඇති ශාලා විශේෂයකි. ශාලාව අග චෛත්‍යයක් ඇති නිසා මේ නම දී ඇත. මේවා ඇප්සාකාර හැඩයෙන් යුතු වේ.
චෝටා නාග්පූර් - මධ්‍ය ඉන්දීය සානුවේ කෙළවර සටහන් කරන මහා වනාන්තරයකි. මෙය බෙංගාල හා ඔරිස්සා තැනිතලාවෙන් අවසන් වේ.
චෝළ අධිරාජ්‍යය - ඉන්දීය ඉතිහාසයේ එක ම සමුද්‍රාන්තර අධිරාජ්‍යය වූ මෙය ලංකාව ද, මාලදිවයින් ද, අග්නිදිග ආසියාතික රාජ්‍යයන් ද සිය අධිරාජ්‍යයේ යටත් ප්‍රදේශ කර ගත්හ.
චෝළයෝ - තංජෝරය අගනුවර කරගෙන චෝළ අධිරාජ්‍යය නිර්මාණය කළ රාජවංශය යි. මෙය කලක් පල්ලව සාමන්තයෙක්ව සිටි විජයාලය චෝළ විසින් අරඹන දී.
ඡඩ- චන්ද්‍ර නම් ශාතකර්ණී රජුට භාවිත කළ නමක් වියහැක.
ඡත්‍රය -කුඩය. අවු-වැසි ආවරණය. මෙය පූජනීය හෝ රාජකීයයන් වෙනුවෙන් පරිවාරකයන් විසින් දරා සිටී. මුල් කාලයේ බුදුරුව සාමාන්‍ය මානව රූපකායෙන් නිරූපණය කිරීමට කලාශිල්පීන් බිය වූ සමයේ බුදුරුව වෙනුවට ඡත්‍ර සංකේතය භාවිත කර තිබේ.
ඡත්‍රවතී-පුරාණ අභිඡත්‍ර නගරය
ඡද-චන්ද්‍ර නම් ශාතකර්ණී රජුට භාවිත කළ නමක් වියහැක.
ඡවිනාම - අරාබීන් සින්ධ් ප්‍රදේශය ජය ගැනීම පිළිබඳ ලියැවුණු කෘතියකි. පර්සියන් කෘතියක් වුව ද මෙය එවකට සින්ධ් ප්‍රදේශයේ තිබූ වංශකතා වල පරිවර්තනයක් වශයෙන් ද පිළිගැනේ. 13 සියවස මුල දී ලියැවී ඇත. අරාබීන් සින්ධ් ප්‍රදේශ ජය ගැනීම පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇත.
ජගද්දලා - ඉන්දියාවේ උතුරු බෙංගාලයේ ප්‍රදේශයක් ද පැරණි භාරතීය විශ්වවිද්‍යාලයක් ද මේ නමින් හැඳින්වේ. වඩාත් ප්‍රකට වූයේ මේ බෞද්ධ විශ්ව විද්‍යාලය යි. පාල රාජවංශයේ රාමපාල රජු(1077-1120) විසින් ගොඩනංවන ලදී. නාලන්දාව, වික්‍රමශිලාව, ඕදන්තිපුර, සෝමපුර ආදී අධ්‍යාපන මධ්‍යස්ථාන වලට එල්ල වූ මුස්ලිම් ආක්‍රමණය නිසා අඩපණ වී තිබූ අධ්‍යාපනය යළි නඟා සිටුවීමට මේ අයතනය පිහිටුවන ලදී. එයින් විශාල සේවාවක් ඉටු වූ නමුදු, 1207 දී මේ ආයතනයට ද මුස්ලිම්වරුන්ගේ මිලේච්ඡ ආක්‍රමණයක් එල්ල විය. ඉන් මේ අධ්‍යාපන ආයතනය අභාවයට ගියේ ය.
ජගන්නාත පඬිවරයා- ඉන්දියාවේ ඔරිස්සාවේ උපන් කවියෙකි, මුනිවරයෙකි.පඬිවරයෙකි.(1490-1550)
ජගීර්-හර්ෂවර්ධන රාජ්‍ය සමයේ රාජ්‍ය නිළධාරීන්ට වැටුප් ගෙවනු ලැබූයේ මුදලින් නොවේ. මේ නමින් හැඳින්වුණු ඉඩම් විශේෂයකිනි. මේවා ආදායම් ඉපිදවූ ඉඩම් විශේෂයකි. මේ ඉඩමේ ආදායමෙන් හතරෙන් එක් කොටසක් රාජ්‍ය නිළධාරියාට භුක්ති විඳිය හැකි වූ අතර හතරෙන් එක් කොටසක් මහජන සුභසාධනය හා ආගමික කටයුතුවලටත් යෙදවිය යුතු විය. සෙසු කොටස් දෙක රාජ්‍ය බදු වශයෙන් ගෙවිය යුතුවිය.
ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය - පාණ්ඩ්‍ය දේශය පාලනය කළ රජෙකි.
ජට්-පංජාබ් වාසීන් පිරිසකි. ඔවුන්ගෙන් ගුප්තවරු බිහිවී යැයි චන්ද්‍රගෝමී නම් ව්‍යාකරණාචාර්යවරයා විශ්වාස කරයි.
ජන - රාජන්‍ය යටතේ පාලනය වූ ඒකකය (ඍග් වෛදික)
ජනනාථපුරම් - මෙරට සොළී පාලන සමයේ පොළොන්නරුව හැඳින්වීමට ඔවුන් භාවිත කළ නමයි. ජනනාථමංගලම් ලෙස හඳුන්වා ඇත.
ජනනාථමංගලම් - ජනනාථපුරම් යටතේ බලන්න.
ජනපදේශ්වර-රාජන් යන්නට අපර පදයක් ලෙස යෝජිත නාමයකි.
ජනමේජය - පශ්චාත් වෛදික සමයේ ප්‍රබලව නැගී සිටි කුරු ගෝත්‍රයේ රජෙකි. පරීක්ෂිත් රජුගේ අනුප්‍රාප්තිකයෙකි. මොහු හස්තිනාපුර දී අශ්වමේද යාගයක් ද පැවැත්වීය.
ජමපය- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
ජමල්ගාර් සංඝාරාමය-ගන්ධාරයේ බෞද්ධ සංඝාරාමයකි.
ජම්බුදීප- බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කල්පිත දිවයිනකි. මහාමේරුව යටා පිහිටි සතර මහා දිවයින්(පුබ්බවිදේහ, ජම්බුද්වීප, අපරගෝයාන, උත්තරකුරු) අතරින් එකකි. මෙය මහාමේරුවට දකුණින් පිහිටියේ ලු.
ජම්බුද්වීප/ ජම්බුදීප - ඉන්දියාව හැඳින්වීමට බෞද්ධ සාහිත්‍යයේ යොදා ඇත්තේ මේ නම යි. ලංකාවේ මහාවංසය දීපවංසය වැනි කෘති වල ද ඇත්තේ මේ නාමය යි. දේශපාලනික එක්සත් බවකට වඩා භූගෝලිය වශයෙන් පැවති එ්කීය භාවය පදනම් කර ගනිමින් මෙම නම උතුරින් හිමාලය කඳුපන්තියත්, දකුණින් කොමරින් තුඩුවත් දක්වා වූ සමස්ත ඉන්දියාව ම හැඳින්වීමට යොදා ගන්නා ලදී. බෙංගාලය පාලනය කළ පාල වංශයේ රජවරු අතරින් සමහරෙක් තමන් පාලනය කළ ප්‍රදේශය ද ජම්බුදීප යන නමින් හඳුන්වා ඇත. තමන් සමස්ත ඉන්දියාව ම පිලනය කරන බව දැක්වීමට හෝ වෙනත් හේතුවක් ඊට පදමන් වන්නට ඇත.
ජයගුප්ත- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
ජයත්තුංග වර්ෂ / ජයතුංගවර්ෂ-ක්‍රි.ව.7සියවස අග පමණ නැගෙනහිර බෙංගාලයේ බලවත් වූ පාලකයෙකි. වැඩි විස්තර හමු නොවේ.
ජයදාමන්-ඛෂ්ටනගේ පුත්‍රයා. ඔහු පියාට පෙර මිය ගියේය.
ජයදීප-කාශ්මීරයේ ලලිතාදිත්‍ය රජුට පසු කාශ්මීරයේ බලයට පත් වූ පාලකයෙකි. ඔහු ලලිතාදිත්‍ය රජුගේ මුණුපුරෙකු යැයි සඳහන් වේ.
ජයදේව - රාජ්පුත් යුගයේ(12 සියවස) දී ගීතගෝවින්දය හා ප්‍රසන්නරාඝව වැනි කෘති රචනා කළේය.
ජයදේව-නේපාලයේ ශිවදේව රජුගේ පුත්‍රයා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා. ක්‍රි.ව.8වන සියවසේ පමණ බලයේ සිටින්නට ඇත. ඔහු ‘පර්චක්‍රකා’ නම් විරුදාවලිය දැරීය.
ජයනාග-බටහිර බෙංගාලයේ (ගෞඪ දේශයේ) පාලකයෙකි. මහාරාජාධිරාජ විරුදය දැරූ ඔහු බලවත් පාලකයෙකු බව පෙනෙයි. ඔහු කාසි පවා නිකුත්කර ඇත. නමුත් ඔහුගේ රාජ්‍ය සීමාව හෝ පාලන වර්ෂ පැහැදිලි නොවේ.
ජයනාථ-උච්ඡකල්ප රාජවංශයට අයත් මේ රජුගේ පියා ව්‍යාඝ්‍ර නම් විය.
ජයන්ගොණ්ඩර් - චෝළ පාලන සමයේ සිටි ගත්කතුවරයෙකි. පළමුවන කුලෝත්තුංග රජුගේ කාලිංග යුද්ධය අළලා කාලිංගත්තුප්පරණ නම් කෘතිය රචනා කළේ මේ ලේඛකයාය.
ජයන්ත-උතුරු බෙංගාලයේ පුන්ද්‍රාවර්ධන රාජ්‍යයේ මේ නමින් පාලකයෙකු සිටි බවත් ඔහුගේ දියණිය කාශ්මීරයේ ලලිතාදිත්‍ය රජුගේ මුණුපුරු ජයපීඩයන්ට විවාහ කරදුන් බවත් සඳහන් වේ.
ජයපාල-පාල වංශයේ දේවපාල රජු යටතේ බෙංගාලයේ සන්නද්ධ හමුදා ප්‍රධානියාය. ඔහු දේවපාල රජුගේ බාල සොහොයුරා වූ වාක්පාලගේ පුත්‍රයා ය.
ජයපීඩ-කාශ්මීරයේ ලලිතාදිත්‍ය රජුගේ මුණුපුරෙකි. අනුප්‍රාප්තිකයෙකි.
ජයබන්ධු -රාෂ්ට‍්‍රකූට පාලන සමයේ සිටි සාහිත්‍යධරයෙකි.
ජයමිත්‍ර- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
ජයසේන-මගධයේ විසූ පඬිවරයෙකි. ඔහු හර්ෂ රාජ්‍ය සමයේ විසූවෙකු වූ අතර ඔහුගේ පාණ්ඩිත්‍යය ගැන පැහැදුණු හර්ෂ රජු ඔහුට නගර 80ක ආදායම් පිදූ බව හ්‍යුංසාං ජීවන චරිතයේ සඳහන් වේ.
ජයස්වාල් පඬිවරයා-ඉන්දීය ඉතිහාසඥයෙකි.
ජයින්තියා - බුරුම ඉන්දියා දේශසීමාවේ පිහිටි කඳුවැටියකි.
ජයිමිනි/ජෛමිනි - විමංසා සුත නම් කෘතියේ කතුවරයාය. ක්‍රි. පූ. 4වන සියවසත් ක්‍රි. ව. පළමු සියවසත් අතර ජීවත් වී ඇත.
ජයෝමාලවානාම්-මාලවයන්ගේ මුල් යුගයේ කාසිවල දක්නට ලැබෙන පාඨයකි.
ජලන්ධර-නැගෙනහිර පංජාබයේ ස්ථානයකි. කණිෂ්ක රජු සිව්වන ධර්මසංගායනාව සිදුකළේ මේ ස්ථානයේ යැයි ද මතයක් පවතී.
ජලලබාද්- කුෂාණ යුගයේ කලාව ගැන සාධක හමුවන ස්ථානයකි.
ජලවක-අශෝකට පසු බලයට ආ පාලකයකු වූ මොහු කාශ්මීරයේ රජ වී කනෞජය තෙක් අල්ලාගෙන ඇත.
ජලවන්දනය - ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවතිනැයි පිළිගැනෙන වන්දනා ක්‍රමයකි. මහා ස්නානාගාරය යනු ජල වන්දනය පිණිස ඉදිකළ එකකැයි ද මතයක් ඇත. ඉන්දු නිම්න සංකේත අතර කිඹුලාගේ රුව හමුවීමෙන් එයින් ඉන්දු නදිය සංකේතවත් කරන්නේ යැයි පිළිගැනේ. කෘෂි කටයුතු වලට ජලයෙන් ලැබුණු සහය හා ගංගා පිටාර ගැලීම නිසා මෙසේ ජල වන්දනය කරන්නට ඇත.
ජවුලයින්-වයඹදිග ඉන්දියාවේ බෞද්ධ සංඝාරාමයක් ඇති ස්ථානයකි.
ජස්ටින් - ඉන්දියාව පිළිබඳ ලියූ ලතින් ඉතිහාසඥයෙකි. මොහුගේ ලේඛන වලින් මෞර්ය අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු හදාල හැක. චන්ද්‍රගුප්ත මෞර්ය පිළිබඳව පළමුකොට ම ඉතිහාසයේ හමු වන්නේ ඇලෙක්සැන්දර් හා චන්ද්‍රගුප්ත හමුවේ පටන් යැයි මොහුගේ ලේඛන අනුව පෙනී යයි.
ජාතක කතා - බෞද්ධ සාහිත්‍යයට අයත් කතා වෙසෙසකි. මනෝවිද්‍යාත්මක මූලධර්ම පදනම් කර ගනිමින්, බුදුන් වහන්සේගේ පූර්ව භවයන් ඇසුරෙන් නිර්මාණය කළ උපදේශ කතා වෙසෙසකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වේ.
ජාතඛංග- ක්‍රි.ව.7වන සියවසේදී පමණ නැගෙනහිර බෙංගාලයේ බලයට පත් වූ පාලකයෙකු යැයි හ්‍යුං-සියැං වාර්තා අනුව පෙනී යයි. ඛංග නම් පෙළපතට අයත් බෞද්ධ පාලකයෙකි.
ජාතවර්මන්-යාදව වංශික පාලකයෙකි.
ජාන්දෝග්‍ය- උපනිශද් ග්‍රන්ථ අතර එන වැදගත් ග්‍රන්ථයකි.
ජාබ්‍රා-ඉතිහාසඥයෙකි.
ජාමකු-මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
ජාරාදා-සුරත් දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයකි.
ජාවලි- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ තිබූ තාපසාරාමයකි.
ජැක්සාටස් - මධ්‍ය ආසියාවේ බටහිර කෙළවර සේ සැළකෙන නදියකි.
ජින- බුදුන්වහන්සේ/නිගණ්ඨනාථපුත්ත තුමා.
ජිනමිත්‍ර-නාලන්දා වශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි.
ජිමුතවාහන-බෝධිසත්ත්වවරයෙකි. හර්ෂ රජු මේ බෝධිසත්ත්ව චරිතය ලියා ගැයුම්වැයුම් සහිතව රඟදැක්වූ බව ඉන්-සිං හිමි සඳහන් කරයි.
ජිෂ්ණු ගුප්ත-අංශුවර්මන් රජුට පසු නේපාලයේ බලයට පත් වූ පාලකයෙකි. ඔහු ආභීර ගෝත්‍රික පාලකයෙකු යැයි අනුමානයක් පවතී. අංශුවර්මන් රජුගෙන් පසු බලයට ආ ඔහුගේ යුවරජු උදයදේව නෙරපා දමා ජිෂ්ණු ගුප්ත බලය අල්ලාගන්නට ඇතැයි අනුමාන කරයි.
ජීවදාමන්- රුද්‍රදාමන් රජුගේ මුණුපුරෙකි. දාමජද ශ්‍රී රජුගේ පුත්‍රයා ය.
ජීවධාරණ- සමතථ ප්‍රදේශයේ රාථ නම් රජ පෙළපතට අයත් පාලකයෙකි. වැඩි විස්තර හමු නොවේ. හර්ෂවර්ධන රජුට පසු කාලයට අයත් අයෙකි.
ජීවිත ගුප්ත-පශ්චාත් ගුප්ත වංශයේ පාලකයෙකි.
ජුදෙයිජෝදාරෝ - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
ජුනගාර් ලිපිය-රුද්‍රදාමන් ශක රජුට අයත් වේ. සුවිශාක ලවා සුදර්ශන ජලාශය ප්‍රතිසංස්කරණය කළ බව එහි සඳහන් වේ.
ජුනාර්-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වූ ස්ථානයකි
ජුම්නා-වයඹදිග ගංගාවකි.
ජුලියන්- ගන්ධාර කලා සම්ප්‍රදායේ වර්ධිත අවස්ථාවක සාධක ලැබී ඇති ස්ථානයකි.
ජුෂ්ක- රාජතරංගනියේ සඳහන්වන නමකි. කුෂාණ වංශික පාලකයෙකු වියහැක. ඔහු තුරුෂ්ක ගෝත්‍රිකයෙකු යැයි එහි සඳහන් වේ.
ජුෂ්කපුර- කුෂාණ වංශිකයන් යැයි අනුමාන කළ හැකි පාලකයෙකු විසින් වයඹදික ඉන්දියාවේ පිහිටවූ නගරයකි. රාජතරංගනිය අනුව ය.
ජෙනරල් ඇලෙක්සැන්ඩර් කණිංහැම් - 1862 දී ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේෂක ලෙස පත්වූ නිළධාරියා ය.
ජෙරිතෝ - පුරාවිද්‍යා කැණීම් බිමකි. බටහිර ආසියාවට අයත් ය. මානව ජනාවාස ගොඩනැගීමේ ඉතිහාසය සෙවීමේ අරමුණෙන් මේ ප්‍රදේශය ද කැණීම් කර ඇත. කාබන් දින වකවානු අනුව ගණනය කළ විට මේ ප්‍රදේහ වල පැරණි මානව ජනාවාස ක්‍රි.පූ 9-7 සහස‍්‍රක වලට අයත් ය.
ජෛන සමය- බ්‍රාහ්මණ දර්ශනයට අභියෝගීව ඉන්දියාවේ බිහි වූ ආගමික චින්තනයකි. ක්‍ෂත‍්‍රීය සහයෝගය මත වැඩුණු ආජීවක හා පරිබ්‍රාජක ශ‍්‍රමණ නිකායන් අතරින් පැන නැගුණු දහමකි. වර්ධමාන මහාවීරතුමා (ජෛනමහාවීර/ නිඝණ්ඨනාථපුත්ත)මෙහි වත්මන් තත්ත්වයේ ආදිකතුවරයාණෝය. නමුත් මෙතුමා සූවිසි තීර්ථංකරයන් අතරින් අවසානයා වශයෙන් ද සඳහන් වේ.ඉන් අදහස් වන්නේ ජෛන සමය මේ පවතින තත්ත්වයට වර්ධනය කළේ මෙතුමා වුව ද එහි මූලාරම්භකයා මෙතුමා නොවන බවයි. මෙතුමා ද ක්‍ෂත්‍රියයෙකි. පරම අවිහිංසාවාදී දහමක් වන මෙය ව‍්‍රත රැකීම හා බිලි පූජා ප්‍රතික්‍ෂේප කරයි.
ජෛන සාහිත්‍යය - භගවතී සූත්‍රය, වෛතුංග සූත්‍රය, සාමාවතී සුත්‍රය වැනි ජෛන සූත්‍ර මේ වර්ගයට අයත් වේ. මේවා ලියැවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 6වන සියවසත්, 4වන සියවසත් අතර කාලයේ ය. දේශපාලන, ආර්ථික, සමාජ තොරතුරු මේවායේ ගැබ් වී තිබේ.
ජෛන්තියා- උතුරු ඉන්දීය කඳුවැටියකි.
ජොගල්තම්බි-ස්ථාන නාමයකි. නාසික් දිස්ත්‍රික්කයට අයත් වේ.
ජෝනරාජ - කල්හණට පසු කාශ්මීරයේ ඉතිහාස සම්ප්‍රදාය පෙරට ගෙන ගිය ලේඛකයා ය. මොහු පසළොස්වන සියවසේ ජීවත් වූවෙකි. කල්හණ නතර කළ තැන් පටන් ශයින්-උල්-ආබ්දීන් නම් මුස්ලිම් පාලකයාගේ කාලය දක්වා කොටස රචනා කළේ මොහු ය.
ජෝන් මාෂල් - මාෂල් යටතේ බලන්න.
ජෞගද්‍ර/ජෞගඩ/ජෞගධා- අශෝක රජු විසින් පිහිටුවනු ලැබූ ප්‍රධාන ගිරි ලිපියක් ඇති ස්ථානයකි. අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතක් ද මෙහි දක්නට ලැබේ. කාලිංගයට ආසන්න ස්ථානයක පිහිටා ඇත. ජෞගඩ, ජෞගධා ආදී නම් වලින් ද හැඳින් වේ.
ජ්‍යෙෂ්ඨමිත්‍ර- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
ජ්‍යේෂ්ඨ - සමූහාණ්ඩුවක පාලක මණ්ඩල සභික(ඍග් වෛදික)
ජ්වාලමුඛී- හිමාලයානු කඳුපන්තිය ආශ්‍රිතව ඇති හින්දු පුදබිමකි.
ඣෙලම්- ඉන්දු නදියේ පංච මහා අතු ගංගාවන්ගෙන් එක් අතු ගංගාවකි.
ඥාන- අථර්ව වේදයේ කොටස් තුනෙන් එකකි. දැනීම යන අරුත දේ. අනෙක් කොටස් දෙක නම් කර්ම(කරන දේ) හා උපාසන(දේවාශිර්වාද පතා කෙරෙන අයදීම්) යන ඒවාය.
ඥානචන්ද්‍ර- නාලන්දා වශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි.
ඥානප්‍රස්ථාන-සර්වස්ථිවාදීන්ගේ අභිධර්ම පිටකයේ විවරණ කෘතියකි. කාත්යායනීපුත්‍ර හිමියන්ගේ කෘතියකි. මේ හිමියෝ සිව්වැනි ධර්මසංගායනාවට ද සහභාගී වී ඇත.
ටාර්න්- ඉතිහාසඥයෙකි
ටිබෙටන්වරු-ඉන්දියාවට ආක්‍රමණ එල්ල කළ පිරිසකි.
ටිබෙට් සානුව - ඉන්දියාවට උතුරින් පිහිටා ඇත. හිමාලය කඳුනිසා ඉන්දියාව මෙම සානුවෙන් වෙන් වී ඇත.
ටියෙස්ටීන්-චස්ටන නම් ක්ෂත්‍රපයා.
ටොලමි - ඉන්දියාවේ භුගෝලීය තත්ත්වය පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. ක්‍රි. ව. 2වන සියවසේ විසූවෙකි.
ටෝගාව- ග්‍රීක දේව වස්ත්‍රයකි. තෝගය නමින් ද හැඳින්වේ.
ඩයඩෝටස් II-බැක්ට්‍රියානු පාලකයෙකි. දෙවන අන්තියෝකස් රජුට එරෙහිව කැරළී ගසා බැක්ට්‍රියාව පූර්ණ පූර්ණ ස්වාධීන ප්‍රදේශයක් බවට පත්කර කාසි පවා නිකුත්කළේය.
ඩැනියෙල්, ග්ලීන් - ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයෙකි. විද්වතෙකි. බටහිර ඉන්දියාවේ පැවති ග්‍රාමීය ශිෂ්ටාචාරයකින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිහිවූ බව ප්‍රකාශ කළේය.
ඩැනියෙල්, ග්ලීන්-ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකි. ඉන්දුනිම්න ශිෂ්ටාචාරය බටහිර ඉන්දීය ග්‍රාමීය ශිෂ්ටාචාර වලින් පැන නැගුණු එකක් යයි මත දක්වා තිබේ.
ඩිමෙට්‍රියස්-බැක්ට්‍රියාවේ පාලකයෙකි. එවුතිඩිමෙස්ගේ පුත්‍රයාය.
ඩී.කේ. කලාපය-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ කැනිම් කලාපයකි. මෙහි
ඩෙකාන් සානුව - මහා සානුව හෙවත් අර්ධද්වීපික ඉන්දියාව බෙදෙන කොටස් දෙකෙන් එකකි.
ඩේරියස්-ඉන්දීය ප්‍රදේශ අල්ලාගත් ආකිමේනියානු පාලකයෙකි
ඩ්‍රැන්ජියානු යුග වර්ෂ ක්‍රමය-මාලවයන් විසින් භාවිත කළ වර්ෂ ක්‍රමයකි.
තංජෝරයේ බෘහදේශ්වර දෙවොල - චෝළ නිර්මාණයකි(දකුණු ඉන්දියාවේ විශාලතම හින්දු දේවාලය)
තංජෝර් - චෝළයන්ගේ අගනුවරයි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි නගරයකි. එහි බොහෝ හින්දු විහාරස්ථාන ඇති අතර බිතු සිතුවම් සහිත අභ්‍යන්තරයක් සහිත විශාල බ්‍රහදීස්වර් දේවාලය ඇතුළත් වේ. චෝල රාජවංශ යුගයේ ඉදිකළ දේවස්ථාන සංකීර්ණයක් වන මෙය 11 වන සියවසට අයත් වේ. තන්ජාවුර් මරාතා මාලිගාවේ සියවස් ගණනාවක් පැරණි සරස්වතී මහල් පුස්තකාලය, පුස්කොළ අත්පිටපත් සහ තන්ජාවූර් කලාගාරය, ලෝකඩ පිළිම ආදිය ද මේ නගරයේ වැදගත් උරුමයන් වේ. දෙමළ විශ්වවිද්‍යාල කෞතුකාගාරයේ ද මේ නගරයට අයත් කාසි, ජන කෞතුක භාණ්ඩ සහ සංගීත භාණ්ඩ ආදිය ද ප්‍රදර්ශනය කරයි.
තක්ති-බහායි-තක්ෂිලාවේ බෞද්ධ සංඝාරාමයකි.
තගඩුයි යත්තිරයි-සංගම් යුගයට සමකාලීන දකුණු ඉන්දීය කෘතියකි.
තගරම්-හිස් ගැල්වූ ආලේපයකි. (දකුණු ඉන්දියාව)
තණසුලි-කාලිංගයට අයත් ස්ථානයකි. කාලිංගයේ අගනුවරට ජලය සපයන ලද්දේ මෙහි සිට සකස් කළ ඇළමගකින් යැයි සඳහන් වේ. නන්දවරුන් විසින් පළමුවරට කරවූ මේ ඇළ ඛාරවේල රජු විසින් යළි යථාතත්ත්වයට පත්කරන ලදී.
තන්ත්‍රවාදය-උතුරු ඉන්දියාවේ ප්‍රචලිතව පැවති ලබ්ධියකි.
තන්ත්‍රසමුච්ඡය-ගුප්ත යුගයේ භාවිත වූ වාස්තුවිද්‍යා ශාස්ත්‍ර කෘතියකි.
තපස්වි-ශිවදෙවි
තප්ති නදිය - නර්මදා නදියට සමාන්තරව ඊට පහළින් ඉන්දියාවේ බටහිර දෙසින් මුහුදට වැටෙනා නදියකි. මෙහි මුවදොර සුප්‍රකට වරායක් ඇත. එය නමින් සුප්පාරක නම් වේ. සත්පුර කඳුවැටියෙන් ඇරඹී නර්මදා නදියට සමාන්තරව දකුණු ඉන්දියාවේ නැගෙනහිර දෙස සිට බටහිරට ගලා ගොස් සුප්පාරක වරායට තරමක් ඉහළ ස්ථානයකින් අරාබි මුහුදට වැටේ.
තමාලපත්‍ර-දකුණු ඉන්දියාවෙන් විදෙස්ගතකළ භාණ්ඩයකි.
තරුව-චෂ්ටනගේ කාසිවල ඇති සලකුණකි.
තරේන් යුද්ධය - 1191-92 කාලයේ හිමාලයානු කඳුපන්තියේ වයඹ දිග කොටස හා ථාර් කාන්තාරය අතර සරුසාර බිම්තීරයේ සිදු වූ යුද්ධයකි.
තර්හල-බෙරාර් ප්‍රදේශාශ්‍රිත ස්ථානයකි. විජය නමැති ශාතකර්ණී රජුගේ යැයි අනුමාන කරන කාසි හමුවී ඇති අතර ඒවායේ විජය ශාතකර්ණී යනුවෙන් නමක් සඳහන් වේ.
තලභංජිතා-සාලභංජිකා. සාංචි ස්ථූප, තොරණ ආශ්‍රිතව ඇති ස්ත්‍රී රූපයකි. වොගල් පඬිවරයා මේ නම දක්වයි.
තලයිලම්ගානම් සංග්‍රාමය-නෙඩුඤ්ජේලියන් නම් පාණ්ඩ්‍ය රජු විසින් සිය සතුරන්ට විරුද්ධව කළ බිහිසුණු සටනකි. එයින් ජයගත් ඔහු දකුණු ඉන්දියාවේ තත්කාලීන පාලකයන් අතර ප්‍රධානත්වයට පත්විය. එතුවක් වේළිර් අධිපතීන් යටතේ පැවති මිළලයි හා මුත්තූර් කොට්ඨාස දෙක ද තම රාජධානියට ඈඳා ගත්තේය.
තාන්-චීන රාජවංශයකි. ඉන්දියාවේ හර්ෂවර්ධන අධිරාජයා සමග සබඳතා පවත්වා ඇත.
තාම‍්‍රපර්ණි - දකුණු ඉන්දියාවේ කුඩා ගංගාවකි. ඒ ආශ‍්‍රිත ප්‍රදේශය ද මේ නමින් ම හැඳින්වේ.
තාම්‍රලිංග- මලය අර්ධද්වීපයේ ඉහළ කොටස
තාම‍්‍රලිප්ති - ඉන්දියාවේ කෝෂි හෙවත් කපිෂා නදියේ දකුණු ඉවුරෙහි පිහිටි මේ නගරය වර්තමානයේ තම්ලූක් නමින් හැඳින්වේ. පුරාණයේ මෙය මුහුදුපඩ පිහිටි ප්‍රසිද්ධ නගරයක් වූ නමුදු දැන් මුහුද ගොඩ වීම නිසා මුහුදෙන් ඈතට වන්නට පිහිටා තිබේ.දිග්විජය ව්‍යෘපාරය අතුරතුර මේ ප්‍රදේශය හර්ෂ රජු විසින් අත්පත් කරගත්තේ යැයි සඳහන් වේ.
තා-යු-එචී- මහ යුඑචීවරු. යු-එචී ගෝත්‍රයෙන් කොටසකි. ඔවුන් ජැක්සාටස් නදී ආසන්නයේ පදිංචි වූහ.
තා-යු-චී-මහ යුඑචීවරු. යු-එචී ගෝත්‍රයෙන් කොටසකි. ඔවුන් ජැක්සාටස් නදී ආසන්නයේ පදිංචි වූහ.
තාරානාථ - ටිබෙට් ලේඛකයෙකි. ‘ටිබෙට් ඉතිහාසය’ නම කෘතියේ කතුවරයාය.
තාරාපීඩ-චන්ද්‍රපීඩ නම් කාශ්මීර පාලකයාගේ සොහොයුරා ය. ඔහු සිය සොයුරා ඝාතනය කර වර්ෂ 4ක් බලයේ සිටි බවත් ඉතා අසාධාරණ ප්‍රචණ්ඩකාරී පාලකයන් බවත් සඳහන් වේ.
තා-හියා-ප්‍රදේශ නාමයකි. බැක්ට්‍රියාව වියයුතුය.
ති-එන්-ෂාන්-චීන තුර්කිස්ථාන් කඳුකර ප්‍රදේශයකි. යු-එචී ගෝත්‍රයේ මුල් බිමේ එක් සීමාවකි.
තිඑස්තින්-ටොලමිගේ කෘතියේ සඳහන් වන නමකි. ශක පාලක ඛස්ටන විය යුතුය.
තිගාව-ගුප්ත යුගයට අයත් ගොඩනැගිලි නටඹුන් ඇති ස්ථානයකි.
තිප්පෙරා සෙල්ලිපිය-මහීපාල නම් පාල රජුට අයත් ලිපියකි.
තිමිත්‍ර-බේස්නගර් ලිපියේ සඳහන් නමකි. මෙයින් ඩිමෙට්‍රියස් රජු අදහස් වේ යැයි අනුමාන කරයි.
තිමිත්‍රි-බේස්නගර් මුද්‍රාවේ සඳහන්වන වචනයකි. මෙයින් ඩිමෙට්‍රියස් යන්න අදහස් වේ යැයි අනුමාන කෙරේ.
තිරත්තක්කදේවර් - චෝළ පාලන සමයේ සුප්‍රසිද්ධ දෙමළ ලේඛකයෙකි. මොහු විසින් ජීවක නමැති වීරයෙකුගේ ප්‍රේමය තේමාව කොටගෙන කාව්‍ය 3145කින් යුත් මහාකාව්‍යයක් රචනා කොට ඇත.
තිරුමලෙයි ගිරි ලිපිය - චෝළ පාලන සමයේ පළමුවන රාජේන්ද්‍ර රජු ලැබූ ජයග්‍රහණ පිළිබඳව සඳහන් වන අභිලේඛනයකි. මෙම ලිපියේ ආධාරයෙන් රාජේන්ද්‍ර රජු ඉන්දීය අර්ධද්වීපය තුළ දී අත්කරගත් යුධ ජයග්‍රහණ පිළිබඳ පූර්ණ ලැයිස්තුවක් සකසා ගත හැක.
තිරුවල්ලූවාර් - සංගම් සාහිත්‍යය පෝෂණය කළ කවියෙකි. කුරාල් කෘතිය ඔහුගේය.
තිරුවාලංගාඩු තඹ සන්නස -චෝළ පාලන සමයේ පළමුවන රාජේන්ද්‍ර රජු ලැබූ ජයග්‍රහණ පිළිබඳව සඳහන් වන අභිලේඛනයකි.
තිසමුද තොය පීත වාහන-අශ්වයන් මුහුදු තුනෙහිම ජලය පානය කළ බව. මේ ‍යෙදුම ඇත්තේ නාසික් ප්‍රශස්තියේ ය. ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු සමස්ත දකුණු ඉන්දියාවම පාලනය කළ බව ව්‍යංගාර්ථයෙන් දැක්වීමකි.
තීර්ථංකර -විමුක්තියට බාධාවන සියලූ බැඳීම් වලින් මිදුණු සංසාර සාගරය තරණය කළ අය. සිද්ධ නමින්ද හැඳින්වේ.
තුංගභද්‍රා නදිය - ක‍්‍රිෂ්ණ නදියේ ප්‍රධාන අතු ගංගාවයි. බටහිර චාලූක්‍යයන් හා චෝළයන් අතර සිදු වූ කොප්පම් සටන(1052-1053), කුදල්සංගමම් සටන(1062-1063) වැනි තීරණාත්මත සටන් සිදු වූයේ මේ නදී නිම්නයේය.
තුඛාරා-බැක්ට්‍රියාවට උතුරින් පිහිටි ප්‍රදේශයකැයි අනුමාන කෙරේ. කුෂාණවරු කලක් එහි සිටි නිසා ඔවුන් හැඳින්වීමට ද මේ නම යොදා තිබේ.
තුඩියන්- දකුණු ඉන්දියාවේ පැවති කුලයකි.
තුන්-හු ආන්-ප්‍රදේශ නාමයකි. චීන තුර්කිස්ථාන් ප්‍රදේශයට අයත් වේ. යු-එචී ගෝත්‍රයේ මුල් භූමියේ එක් සීමාවකි.
තුරුෂ්ක-ගෝත්‍රක නාමයකි. රාජතරංගනියේ සඳහන් වේ. මේ කෘතියේ කුෂාණ වංශිකයන් යැයි අනුමාන කළහැකි පාලකයන්ගේ නම් සමග ඔවුන්ගේ ගෝත්‍රය වශයෙන් මෙය දක්වා ඇත.
තුලු රට-මලබාරයෙන් උතුරේ තිබූවකි.
තුශාස්ප-අශෝක අධිරාජයාගේ සමයේ කතියවාරය පාලනය කළ සාමන්ත පාලකයෙකි.
තුෂාර-මිලේච්ඡ ආක්‍රමණික ජනවර්ගයකි
තෙයි-සුං-චීන අධිරාජයෙකි. තාන් රාජවංශයට අයත්ය. ඉන්දියාවේ හර්ෂවර්ධන අධිරාජයාගේ සමකාලීනයෙකි. දෙරට අතර මෙකල තානාපති සබඳතා පැවති බවට ද සාධක තිබේ.
තෙලිඟු - දකුණු ඉන්දියාවේ ප්‍රධාන භාෂාවකි. (දකුණු ඉන්දියාවේ ප්‍රධාන භාෂා හතරකි. ඒවා නම් දෙමළ, තෙළි`ගු, කණ්නඩ හා මළයාලම් ය.)
තෙලියඝර් බලකොටුව - බෙංගාලය කරා යන මාර්ගයේ දී හමුවන රාජ්මහල් නම් පටු කපොල්ල මුළුමනින් ම ආවරණය කර ඉදිකර තිබී ඇති පුරාණ බලකොටුවකි. අද මෙහි නටබුන් දක්නට ලැබේ. ආක්‍රමණිකයන්ගෙන් බෙංගාලයත් බිහාරයත් ආරක්ෂා කර ගැනීම මෙම බලකොටුව ඉදි කිරිමේ අරමුණ වී ඇත. මුස්ලිම් ආක්‍රමණ යුගයේ මෙම ස්ථානයේ තීරණාත්මක සටන් කිහිපයක් ම සිදු වී ඇත.
තෙළිඟුකුලකාල- පළමු රාජ රාජ චෝළ රජු (ක්‍රි. ව.985 - 1014)
තෛතිරිය සංහිතාව - පශ්චාත් වෛදික යුගයේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන සංහිතා කෘතියකි. මේ යුගයේ සිටි රජුන් තනන්නන් හෙවත් රත්නීන් පිළිබඳව ද මෙහි තොරතුරු ඇතුළත්ව ඇත.
තොණ්ඩයිමාන් ඉළන්දිරයියන්-කාංචියේ පාලකයෙකි. කරිකාලන් චෝළ රජුගේ සමකාලීනයෙකි.
තොලකාප්පියම්-දෙමළ ව්‍යාකරණ ග්‍රන්ථයකි. සංගම් සාහිත්‍යට සමගාමී වකවානුවකට අයත් වේ.
තොසලී-භුවනේශ්වර අසල නූකන ධෞලී නම් ප්‍රදේශයේ නගරයකි. මෝරියවරු පාලන පහසුව පිණිස කාලිංගය දෙකට බෙදූ පසු එක් කොටසක පාලන මධ්‍යස්ථානය වූයේ මෙයයි. අනෙක් මධ්‍යස්ථානය සමාපාවයි.
තෝගය- ග්‍රීක දේව වස්ත්‍රයකි. ටෝගාව නමින් ද හැඳින්වේ.
තෝප්‍රා ටැම් ලිපිය- අශෝක රජු කරවූවකි.
තෝමාර වරු - උතුරු ඉන්දියාවේ හිමාලාසන්නයේ විසූ ජාතියකි. දිල්ලියේ විසුවේ යැයි ද මතයකි.
ත්‍යානාහි ඇපලෝනිස්-ක්‍රි.ව.43-44 කාලයේ තක්ෂිලාවට පැමිණියෙකි. (වැඩි විස්තර හමුනොවුණි)
ත්‍රතරස-වීම කැඩ්ෆයිසස්ට භාවිත කළ විරුදයකි.
ත්‍රමිරදේශසංඝානම්-ඛාරවේලයන්ගේ හථිගුම්පා ශිලාලේඛනයේ මේ නමින් දක්වා ඇත්තේ දකුණේ ද්‍රවිඩ රාජධානි සමූහයකි. ඔහු එකී රාජධානි විනාශ කළ බව ඒ ලිපියේ සඳහන් වේ.
ත්‍රිකාලිංග - ඔරිස්සාව හෙවත් පුරාණ කාලිංගය. එය කොටස් තුනකින් යුත් වූ නිසා මේ නම යෙදී ඇත.
ත්‍රිකාලිංගාධිපති-ඔරිස්සාවේ හෙවත් පුරාණ කාලිංගයේ පාලකයන් භාවිත කළ විරුද නාමයකි.
ත්‍රිඩාවිස්කෘත
ත්‍රිපති- ඉන්දීය ඉතිහාසය පිළිබඳ ගවේෂණය කළ පඬිවරයෙකි.
ත්‍රිපුර-කලචුරි වංශය යටතේ පාලනය විය. මෙය මගධයේ නැගෙනහිරින් ඇති ප්‍රදේශයක් විය යුතුය. මහාභාරතයේ හමුවන මේ වදනින් අසුරයන්ට අයත් ලෝහමය බලකොටු තුනක් ගැන කියවේ. ඒවා ශිව විසින් විනාශ කළ බව ද දැක්වේය. මේ සාහිත්‍ය ප්‍රවාද සංගම් සාහිත්‍යයට ද බලපෑ බව පෙනී යයි.
ත්‍රිභුවන අභිලේඛනය - චෝළ රාජවංශයේ පළමුවන රාජාධිරාජ රජු (1044-1052) විද්‍යාස්ථානයකට කළ ප්‍රදානයක් පිළිබඳව සඳහන් වන අභිලේඛනයකි. ඊට අනුව ඔහු කුඹුරු වේලි 72කින් යුතු කුඹුරක් විද්‍යාස්ථානයකට පිරිනමා ඇත.
ත්‍රිමූර්ති- බ්‍රහ්ම, විෂ්ණු හා මහේෂ්වර යන දේව සංකල්ප තුන. පශ්චාත් වෛදික යුගයේ දී වර්ධනය වූවකි.
ත්‍රිවිධ ප්‍රතිපත්ති-බලය පැතිරවීමේ පියවර තුනකි. ග්‍රහණ, මෝක්ෂ හා අනුග්‍රහ වශයෙනි. මෙහිදී පළමුව රාජ්‍ය අල්ලාගනී. පසුව එයට නිදහස දී එහි සිටි පාලකයාම එයට යළි පත්කරයි. එහෙත් වාර්ෂික ක්පපම් බදු ආදිය අය කරයි.
ත්‍රීෂූල-හින්දු ත්‍රිමූර්ති සංකේතවත්කරන දේවායුධයකි.
ත්‍රෛලෝක්‍යචන්ද්‍ර-නැගෙනහිර බෙංගාලයේ සිටි පාලකයෙකි. රෝහිතාගිරිය මුල්කරගෙන පාලන කටයුතු කර ඇත.
ථානේශ්වර්-ගුප්තවරුන්ගේ පරිහානියට පසු මේ ප්‍රදේශයේ පුෂ්‍යභූතිවරු බලයට පත්වූහ.
ථාර් කාන්තාරය - ටාර් කාන්තාරය, රාජ්පුතානා කාන්තාරය නම් වලින් ද හැඳින්වෙන කතරකි. මධ්‍ය ඉන්දීය සානුවට අයත් වේ. කච් හි රානයෙන් පටන්ගෙන ඊශාන දිගින් කි. මී. 640ක් පමණ ඈතට පැතිර යයි. පළල කි. මී. 240ක් පමණ වේ.
ථෙර ගාථා - සූත්‍ර පිටකයට අයත් කෘතියකි. තමන් උදා කර ගත්තා වූ උසස් අධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳ භික්ෂූන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ උදාන වාක්‍ය ඇතුළත්වේ. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී මුලාශ‍්‍රයක් වශයෙන් යොදා ගත හැක.
ථෙරි ගාථා - සූත්‍ර පිටකයට අයත් කෘතියකි. තමන් උදා කර ගත්තා වූ උසස් අධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳ භික්ෂූණීන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ උදාන වාක්‍ය ඇතුළත්වේ. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී මුලාශ‍්‍රයක් වශයෙන් යොදා ගත හැක.
දක්ෂිණාපථපති/දක්ෂිණාපථනාථ - පළමු ශාතකර්ණී රජු
දක්ෂිණාපථය - දකුණු ඉන්දියාව. ක්‍රිෂ්ණ නදියෙන් පහළ කොටස. මෞර්ය පාලනයේ ප්‍රධාන‌ පාලන ඒකක 4න් එකකි.ප්‍රධාන නගරය ස්වර්ණගිරිය යි.
දක්ෂිණාපථය- පුරාණ ඉන්දියාව බෙදාතිබූ පාලන ඒකක පහෙන්(මධ්‍යදේශ, පූර්වදේශ, දක්ෂිණාපථය, අපරාන්තය, උත්තරාපථය) එකකි. දේශසීමා පැහැදිලිව සඳහන් කළ නොහැකි නමුත් දකුණු ඉන්දීය ප්‍රදේශයක් බව පැහැදිලි
දඛිනබදෙස්-පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථයේ සඳහන් වන ප්‍රදේශ නාමයකි. දක්ඛිණාපථය වියයුතුය.
දට්ටමිත්‍රි-ඩිමෙට්‍රියස් වියයුතුය. ඔහු යටතේ පාලනය වූ ප්‍රදේශයක් ද දට්ටමිත්‍රි නමින් හඳුන්වා ඇති අතර එය සෞවීර ප්‍රදේශයේ තිබී ඇත. නාසික් ලිපියේ ද දට්ටමිත්‍රිගෙන් පැවත එන යෝනකයෙකු ගැන සඳහන් වේ.
දඩ්ඩ-දද්ධ නමින් ද හැඳින්වෙන ගුර්ජර අධිපතියෙකි. මේ නමින් පෙනී සිටි දෙවැන්නා හර්ෂවර්ධන රජුට විරුද්ධව වාලභි අධිපතියාට උපකාර කළ බව ද සඳහන් වේ.
‍දණ්ඩ - වෛදික යුගයේ දඬුවම්
දණ්ඩකාරණ්‍යය - රාමායනයේ සඳහන් වන පරිදි මෙය මහා වනාන්තරයකි. දක්ෂිණාපථයේ පිහිටි වනයකැ’යි වත්මන් ඉතිහාසඥයෝ විශ්වාසය පළ කරති.
දණ්ඩබුක්ති-වත්මන් මිඩ්නාපුර් දිස්ත්‍රික්කය.
දණ්ඩසමාතා-මෞර්ය යුගයේ අධිකරණ කටයුතුවල දී කවර සමාජ ස්ථරයක අයෙකු වරදක් කළ ද දණ්ඩණය සමාන වියයුතු බවට වූ සම්මතය
දණ්ඩීන්- පල්ලව(පළමු නරසිංහ වර්මන්) යුගයේ ව්‍යක්ත ලේඛකයෙකි. දශකුමාරචරිත නම් කෘතිය මොහුගේය. අලංකාර ශාස්ත්‍රය දියුණුවට මහත් සේවයක් කළෙකි.
දත්තාදේවී - සමුද්‍රගුප්ත රජ බිසව
දන්තිදුර්ග රජු(ක්‍රි.ව. 733 - 758)(රාශ්ට්‍රකූට වංශයේ ) - මහාරාජාධිරාජ, පරමේශ්වර, පරමභට්ටාරක
දබාර්කොට්- උතුරු බලුකිස්ථානයට අයත් මේ ස්ථානයේ ශ්‍රීමත් ඔරල් ස්ටේයින් විසින් කළ පර්යේෂණ වල දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වී තිබේ.
දබාර්කොත් - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
දමගුප්ත- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
දමජද ශ්‍රී I -ශක පාලක රද්‍රදාමන්ගේ පුත්‍රයා හෙවත් දාමයිසද කුමරා. දාමසේන ශක රජුගේ බෑණා.
දමන-දමන් ආසන්න දමන් නදිය
දමිත-යවන රජෙකි. ඩිමෙට්‍රියෙස් දැයි සැකකළ හැකිමුත් කාල නොගැළපීමක් පවතී. ඛාරවේල මගධය ආක්‍රමණය කළ සමයේ මේ නමින් යවන රජෙකු ද මගධය දෙසට පැමිණ ඛාරවේල නිසා මථුරාවට පසුබැස්සේ යැයි සඳහන් ය. ඒ සිද්ධිය ක්‍රි.පූ.1වන සියවසට අයත් වේ. ඩිමෙට්‍රියස් ක්‍රි.පූ.2වන සියවසේ සිටියෙකි.
දයාරාම් ශානි - ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
දර්බාර් උත්සවය-අභිෂේක උත්සවය
දර්භපානී-පාල වංශයේ දේවපාල රජුගේ අමාත්‍යවරයෙකි. දේවපාල රජුගේ දිග් විජය කටයුතුවලට මේ අමාත්‍යවරයාගේත් ඔහුගේ මුණුපුරු කේදාරමිශ්‍රගේත් විශාල සහයක් ලැබුණු බව සඳහන්.
දශකුමාරචරිත- දණ්ඩීන් විසින් පල්ලව(පළමු නරසිංහ වර්මන්) යුගයේ දී රචනා කරන ලදී.
දශපුර-මන්දසෝර් (බටහිර මාල්වා). මාලව ගෝත්‍රිකයන් යටතේ කලක් තිබූ මේ ප්‍රදේශය පසුව ගුප්තවරුන් යටතට පත්විය.
දශමුඛවධ-භට්ටි නමැති කතුවරයා ගුප්ත යුගයේදී කළ කෘතියකි.
දශරථ රජු(අශෝක රජුගේ මුණුපුරු) - දෙවන පිය පියදස්නීන්
දශාවතාර කෝවිල-ගුප්ත යුගයට අයත් දශාවතාර කෝවිලක් දියෝගාර්හි දක්නට ලැබේ.
දශාස්වමේධ ඝාට්-බරණැස පිහිටි ප්‍රදේශයකි. මෙය භාරසිවවරු අශ්වමේධ යාග කළ ස්ථානයක් යැයි අනුමානයක් පවතී. භාරසිවවරු අශ්වමේධ යාග දහයකට වඩා කළ බව සඳහන් වේ.
දසරාඥ යුද්ධය- භරත ගෝත්‍රයට විරුද්ධව පරුෂ්ණි නදීතෙර දී ඒකාබද්ධ හමුදාවක් සිදුකළ යුද්ධයකි (ඍග් වෛදික)
දසර්ණ-භිල්සා ප්‍රදේශය
දාඨමිත්‍ර- මථුරාවෙන් ලැබුණු කාසිවල සඳහන් නමකි. මේ රජු නාගවංශිකයෙකු යැයි අනුමාන කරයි.
දාන-රජුට තෑගිබෝග දීම. සමුද්‍රගුප්ත රජු විසින් යටත් කරගත් දකුණු හා බටහිර ඉන්දීය රාජ්‍යයන්හි යටහත් බව ප්‍රකාශ කළ එක් ක්‍රමයකි.
දානස්තුති-ඍග් වේදයේ එන සූත්‍ර විශේෂයකි. ඒ්වායේ ඇතුළත් වන්නේ විවිධ පරිත්‍යාගයන් කළ පුද්ගලයාත්, පරිත්‍යාගය ලැබූ පුද්ගලයාත්, යාග ආදියට අනුග්‍රහ කළ පුද්ගලයාත් පිළිබඳව ය. මෙවැනි දානස්තුති හතලිහක් පමණ ඍග් වේදයේ එයි.
දාමජද ශ්‍රී- වීරදාමන් ශක රජුගේ සොහොයුරෙකි. (මහාසත්‍රප)
දාමයිසද- රුද්‍රදාමන් රජුගේ පුත්‍රයා. පළමුවන දාමජද ශ්‍රී නමින් රජ වූ කුමාරයා
දාමසේන- පළමුවන රුද්‍රසිංහගේ තෙවන පුත්‍රයා(මහා සත්‍රප)
දාහනුකා- ථානා දිස්ත්‍රික්කයට අයත් දාහානුඅසල ප්‍රදේශය.
දිගම්බර- නිගණ්ඨ හෙවත් නිරුවත් ආජීවකයින් පිරිසකි. ජෛන දහම අනුව ගියෝ බැඳීම් සියල්ල අත්හළ බව කියමින් මෙසේ නිරුවතින් සිටිති. දිගම්බරයෝ යනු ජෛනයන්ගේ එක් නිකායකි. එනෙක් නිකාය ශ්වේතම්බර නමි. දිගම්බර පිරිස් සිය වස්ත්‍රය නම් දිශා සතර යැයි විශ්වාස කළහ. ඔවුහු තනිව හෝ දෙදෙනෙකු බැගින් ධර්ම ප්‍රචාරයේ ගියහ.
දිනාජ්පූර් පුවරු ලිපිය- පාල රාජවංශය පිළිබඳ තොරතුරු ඇතුළත් පුවරු ලිපියකි.
දින්නාග - ගුප්ත යුගයේ දී ජීවත්වුයේ යැයි පිළිගැනෙන මහායාන බෞද්ධ ආචාර්යවරයෙකි. මොහු ග්‍රන්ථ කිහිපයක් රචනා කළ බවට සාධක ඇතත් ඒවා කිසිවක් හමු වී නැත.
දිබාංග් නදිය - බ‍්‍රහ්මපුත‍්‍රා නදියේ මුල් කොටස මේ නමින් හැඳින්වේ. මෙයට ලූහිද් නදිය එක් වූ පසු බ‍්‍රහ්මපුත‍්‍රා යන නම ලබයි.
දිමිත- යවන රජෙකි. ඩිමෙට්‍රියෙස් දැයි සැකකළ හැකිමුත් කාල නොගැළපීමක් පවතී. ඛාරවේල මගධය ආක්‍රමණය කළ සමයේ මේ නමින් යවන රජෙකු ද මගධය දෙසට පැමිණ ඛාරවේල නිසා මථුරාවට පසුබැස්සේ යැයි සඳහන් ය. ඒ සිද්ධිය ක්‍රි.පූ.1වන සියවසට අයත් වේ. ඩිමෙට්‍රියස් ක්‍රි.පූ.2වන සියවසේ සිටියෙකි.
දියේ ගිල්ලීම-හර්ෂවර්ධන රාජ්‍ය සමයේ දඬුවම් ක්‍රමයකි.
දියෝගාර්-ගුප්ත යුගයට අයත් දශාවතාර කෝවිලක නටබුන් හමුවන ස්ථානයකි.
දිල්මුන් නගරය - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නගරයකැ‘යි පිළි ගැනෙන මෙය වරායක් ද සහිතව තිබී ඇත. බොහෝ විට මේ නගරය ඉන්දුනිම්න මුවදොර පිහිටා තිබෙන්නට ඇත. සුමේරියානු ලේඛන වල ද මේ නගරය පිළිබඳව සඳහන් වේ. මෙම නගරය සමග මෙසපොතේමියානුවන් වාණිජ සබඳතා ද පවත්වා ඇත. හිරු උදාවන නගරය සේ මේ නගරය හැඳින්වීමෙන් පෙනී යන්නේ මෙය මෙසපොතේමියාවට වඩා නැගෙනහිරට වන්නට පිහිටා තිබූ බවයි. ඇත් දළ හා ඒ ආශ‍්‍රිත භාණ්ඩ, දැව වර්ග, රන් තඹ හා මැණික් වැනි දෑ, මේ නගරයේ සිට මෙසපොතේමියාවට ආනයනය කළ බව මෙසපොතේමියානු ලේඛන වල සඳහන් වේ.
දිල්ලි මිරට් ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
දිල්ලි සුල්තාන් රාජ්‍යය - දිල්ලි ප්‍රදේශයේ වැදගත්කම දුටු තුර්කි ආක්‍රමණිකයන් විසින් දිල්ලිය මුල් කර ගනිමින් බිහි කළ රාජ්‍යයයි.
දිල්ලිතෝප්‍රා ලිපිය- අශෝක රජු කරවා ඇත.
දිල්ලිය- වත්මන් ඉන්දියාවේ අගනුවරයි. පුරාණ ඉඳිපත්නුවර හෙවත් ඉන්ද්‍රප්‍රස්ථ නගරය යි.
දිවාකර-හර්ෂවර්ධන රාජ්‍ය සමයේ රාජසභා පඬිවරයෙකි.
දිව්‍ය-පාල වංශයේ දෙවන මහීපාල රජු ඝාතනය කර බලය අල්ලා ගත් අමාත්‍යයා හෝ රාජය නිළධරයා
දිව්‍යාවදානය-ඉන්දියාවේ ඓතිහාසුක මූලාශ‍්‍රයකි. විශේෂයෙන් ම මෞර්ය යුගයේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත්ය.
දීපංකර ශ්‍රී ඥාන-11 සියවසේ වික්‍රමශිලා සංඝාරමයේ අධිපතිවරයා. පාල-කලචුරි දෙපාර්ශ්වය අතර ගැටුම් සමතයකට පත්කර සාමය ඇතිකිරීමට උත්සාහ කළේය.
දීපවංසය - දීපවංසය මෙතෙක් ලංකාවෙන් හමු වී ඇති පුරාණතම සාහිත්‍ය මූලාශ‍්‍රය සේ පිළිගැනේ.මෙය කවරෙකු විසින් රචනා කළේදැයි නිශ්චිත නැත. පරිච්ෙඡ්ද 22කින් යුතු මෙය වූ කලී මහාවංසයට පවා මූලාශ‍්‍රයක් වී ඇත.බුදුන්වහන්සේගේ චරිතයේ ඇතැම් සිදුවීම් ද උන්වහන්සේගේ ලංකාගමනයන් පිළිබඳව ද සඳහන් කරමින් කෘතිය අරඹන කතුවරයා, විජය රජුගේ පටන් මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා ලංකා ඉතිහාසයේ තොරතුරු රැසක් ඉදිරිපත් කරයි. සිය කෘතිය සඳහා තෝරා ගත් කාල පරිච්ඡෙදය(විජය රජුගේ පටන් මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා) අතින් ද දීපවංසය හා මහාවංසය සමාන වේ.(මහාවංස කතුවරයා තෝරා ගත්තේ ද එම කාල පරිච්ඡෙදය ම ය.) දීපවංසයේ සඳහන් වන ඇතැම් ගාථා මහාවංසයේ ද ඒ ආකාරයට ම දක්නට ලැබේ. එහෙත් දීපවංසය ඇතැම් කරුණු මහාවංසයට වඩා වෙනස් ආකාරයෙන් දක්වා ඇත.(පණ්ඩුකාභය යන නාමය පකුණ්ඩක ලෙස ද සීවලී රැජිණගේ නම රේවතී ලෙස ද දක්වා ඇත.)මහාවංසය වනාහි දීපවංසයේ අට්ඨකථාව යැයි සැලකිය හැකි තරමට ම මෙම කෘති දෙක සමානය (එහෙත් මහාවංසය වනාහි දීපවංසයේ අට්ඨකථාව නොවේ.)ක්‍රි.ව. 5වන සියවසේ ලියැවුණු පාලි අට්ඨකථා වල ද දීපවංසය පිළිබඳව සඳහන් වන අතර දීපවංසයෙන් උපුටා ගත් ගාථා පාඨ ද ඒවායේ දක්නට ලැබේ.සිය කෘතිය උදෙසා කතුවරයා එකල පැවති ජන කථා සහ ජන විශ්වාසයන් ද පදනම් කරගෙන ඇත.මහාවංසයට වඩා දීපවංසය කුඩා කෘතියක් වුව ද මහාවංසයේ පවා දක්නට නොලැබෙන කරුණු දීපවංසයේ සඳහන් වේ.(උදා- මහසම්මත රාජ පරම්පරාවේ ඇතැම් රජවරුන්ගේ නම් , ප්‍රථම ධර්ම සංගායනාවේ දී ධර්මය පිටක වශයෙන් සංගායනා කිරීම , පණ්ඩුවාසදේව රජතුමාගේ පුතුන් දස දෙනාගේ නම් , සඟමිත් තෙරණිය සමග මෙරටට වැඩම කළ සෙසු භික්ෂුණීන් වහන්සේලාගේ නම් )මෙය රචනාකොට නිම වූයේ ක්‍රි. ව. 4වන සියවසේ විය යුතු යැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.රචිත භාෂාව එතරම් මධුර නොවන නිසා රචකයින් පාලි භාෂාව පිළිබඳ අල්ප දැනුමක් ඇත්තවුන් බව කෘතිය කියවීමේ දී පෙනී යයි.භාෂා විධි තුනක්පමණ දක්නට ලැබෙන නිසා මෙය එක් කතුවරයෙකුගේ කෘතියක් යැයි පිළි නො ගැනේ. ඓතිහාසික අගයක් සහිත කෘතියක් වුව ද උද්දාන ගාථා(ප‍්‍රීති වාක්‍ය) දක්නට ලැබීම, එකම කරුණ දෙයාකාරයකට දක්නට ලැබීම, පුනරුක්ති බහුල වීම නිසා මෙම කෘතියේ ඓතිහාසික අගයට යම් හානියක් සිදු වී ඇත.එහෙත් මහාවංසය රචනාවීමට ප්‍රථම මෙරට තිබූ ප්‍රධානතම ඉතිහාස ග්‍රන්ථය වන්නේ දීපවංසය යි. මෙම කෘතියේ විශේෂත්වයක් නම් භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව වැඩි වශයෙන් සඳහන් වීමයි. එම නිසා මෙය හත්ථාල්හක මෙහෙණවරෙහි විසූ භික්ෂුණීන්වහන්සෙලා විසින් රචනා කරන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.
දුන්න-යුධායුධයකි. ඊට අමතරව යුද්ධය, බලය වැනි දේ පිළිබඳ සංකේතයකි. සිතියානු කාසිවල ද මෙය සංකේතයක් සේ ඇතුළත් කර තිබේ.
දුරෙනිධාන කතා-ජාතක කතා සම්බන්ධයෙන් ව්‍යවහාරයේ පවතින යෙදුමකි. මෙයින් ‘අතීත ජීවිතය පිළිබඳ කතා ’ යන්න අදහස් වේ.
දුර්ගපාල - බලකොටු භාර නිලධාරීයා
දුර්ගා-ඉන්දියාවේ දී දේවත්වයෙන් පූජාවට පාත්‍ර වූ සංකල්පීය කාන්තාවකි. ඇතැම් විට මේ චරිත සඳහා පදනම් වී ඇත්තේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ මාතෘදෙවඟන වන්දනාවව විය හැකි ය.
දුර්ගා-ඊෂ්වර දෙවියන්ගේ (ශිව දෙවියන්ගේ) බිරිඳ යි.
දුර්ලබක-කාශ්මීර පාලකයෙකි. කාර්කොට රාජවංශයේ දුර්ලබවර්ධන රජුගේ පුත්‍රයා ය.
දුර්ලබවර්ධන රජු-කාශ්මීරයේ කාර්කොට හෙවත් නාගරාජවංශයේ ආරම්භක පාලකයා වශයෙන් සඳහන් වන්නේ මේ රජු ය. කල්හණගේ රාජතරංගනියේ මේ විස්තර තිබේ.
දුර්විනීත -රාෂ්ට‍්‍රකූට පාලන සමයේ සිටි සාහිත්‍යධරයෙකි.
දුෂ්කරක‍්‍රියාව- අපහසු කාර්යයි. එහෙත් බෞද්ධ සාහිත්‍යයේ මෙය හඳුන්වන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් සාවුරුද්දක් මුළුල්ලේ විමුක්තිය පිණිස කළ දුෂ්කර ක‍්‍රියාවයි. ශරීරයට අධික ලෙස දුක්දීම එකල විමුක්ති මග ගිය බහුතරය ගත් මග වුව ද දුෂ්කරක‍්‍රියාවෙන් ඵලක් නොමැති වග අවබෝධ කොටගත් සිද්ධාර්ථ ගෞතමයෝ ඉන් මිදී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය ඉන් මිදී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් බුද්ධත්වය ලබාගත් සේක.
දුෂ්රථ-මිටෑනියන් පාලකයෙකි. මේ නම ඉන්දීය ආර්ය නාමයන්ට සමීප එකකි.
දූත - චරපුරුෂයින්ට තොරතුරු සැපයූ පුද්ගලයා(ඍග් වෛදික)
දෘවභට-(ද්‍රෘවභට) වලභියේ පාලකයෙකි. හර්ෂවර්ධන රජු අතින් පරාජය වී දියණියව හර්ෂ රජුට පාවාදුන් බව සඳහන් වේ.
දෘවමිත්‍ර- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
දෘෂද්වතී - සින්ධු නදියේ එක් අතුගංගාවකි. නමුත් දැනට දක්නට නැත. ථාර් කාන්තාරයේ පැතිරීමත් සමග සිඳී ගොස් ඇත.
දෘෂ්ඨාර්ථ-රාජ්‍ය පාලනය සම්බන්ධ විදේශ ප්‍රතිපත්ති මේ නමින් හඳුන්වා ඇත්තේ මනුනීති සංග්‍රහයේ ය.
දෙගංමැදි- ගංගා දෙකක් අතර භූමිය.
දෙමළ - දකුණු ඉන්දියාවේ ප්‍රධාන භාෂාවකි. (දකුණු ඉන්දියාවේ ප්‍රධාන භාෂා හතරකි. ඒවා නම් දෙමළ, තෙළිඟු, කණ්නඩ හා මළයාලම් ය.)
දෙල්හි= දිල්ලිය
දෙවන පරශුරාම - මහා පද්මනන්ද(ක්‍රි.පූ 362 - 334)(නන්ද වංශය)
දෙවනපිය පියදස්නීන් - අශෝක රජු, දශරථ රජු(අශෝක රජුගේ මුුණුපුරු)
දේවකෘතයෝන(?)- පංජාබ් ප්‍රදේශය යැයි අනුමාන කරයි.
දේවගුප්ත - දෙවන චන්ද්‍රගුප්ත රජු (ක්‍රි.ව 376 - 415)(ගුප්ත රාජවංශය)
දේවගුප්ත- පශ්චාත් ගුප්ත වංශයේ පාලකයෙකි.
දේවගුප්ත-මාල්වා ප්‍රදේශයේ සිටි පාලකයෙකි.(ආසන්න වශයෙන් ක්‍රි.ව.6 සියවස අග) ඔහු ශසංක රජු සමග එක්ව කනෞජය ආක්‍රමණය කර ග්‍රහවර්මන් රජු ඝාතනය කර ඔහුගේ බිසව වූ රාජ්‍ය ශ්‍රී දේවිය සිරගත කළේය. පසුව ඔහු රාජ්‍ය ශ්‍රී දේවියගේ සොයුරු රාජ්‍යවර්ධන අතින් පරාජයට පත්විය.
දේවනිර්මිතදේශ(?)- පංජාබ් ප්‍රදේශය යැයි අනුමාන කරයි.
දේවපුත්‍ර - කණිෂ්ක රජුට ම නමකි.(ක්‍රි.ව.78 - 101)
දේවපුත්‍ර ශාහී වසිස්ක-මහාරාජ විරුදය භාවිත කළ පාලකයෙකි. මථුරාවේ ඉසිපූර් නම් ස්ථානයෙන් හමු වූ සෙල්ලිපියක මේ නම හමු වේ. ඇතැම්විට මේ කණිෂ්ක රජු විය හැක. මේ ශිලා ලිපිය ඔහුගේ 24වැනි රාජ්‍ය වර්ෂයට අයත් එකකි.
දේවපුත්‍ර ශාහී ෂගානුෂාහී - කුෂාණ පරපුරේ රජවරු හැඳින්වීමට යෙදූ පොදු නමකි.(අලහබාද් ප්‍රශස්තිය)
දේවභූති=දේවභූමි (අවසන් ශුංග රජු)
දේවභූමි=දේවභූති (අවසන් ශුංග රජු)
දේවමිත්‍ර- අයෝධ්‍යාවේ පාලකයෙකි.
දේවමිත්‍ර- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
දේවරාජ - දෙවන චන්ත්ද්‍රගුප්ත රජු.(ක්‍රි.ව.376 - 415) (ගුප්ත රාජවංශය)
දේවවර්මා-ඉත්-සිං හිමිගේ වාර්තා අතර මේ රජුගේ නම හමු වේ. නැගෙනහිර බෙංගාලයේ බලයට පත් වූ ඛංග නම් බෞද්ධ රජ පෙළපතට අයත් පාලකයෙකු යයි අනුමාන කළ හැකි වේ.
දේවශ්‍රී - චන්ද්‍රගුප්ත ii((ක්‍රි.ව.376 - 415)ගුප්ත රාජවංශය)
දේවාඛංග- ක්‍රි.ව.7වන සියවසේදී පමණ නැගෙනහිර බෙංගාලයේ බලයට පත් වූ පාලකයෙකු යැයි හ්‍යුං-සියැං වාර්තා අනුව පෙනී යයි. ඛංග නම් පෙළපතට අයත් බෞද්ධ පාලකයෙකි.
දේවේන්ද්‍ර - පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව 907 - 953)
දේශපාලන න්‍යාය ග්‍රන්ථ - කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය, මානව ධර්මශාස්ත්‍රය... වැනි කෘති.
දේසල්පාර් - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
දෛත විෂ්ණු-බෙංගාලයේ පාල රාජ්‍යවංශයේ ආරම්භක ගෝපාල රජුගේ සීයා.
දෝතිය-ඉන්දීය වස්ත්‍රයකි.
ද්‍රවදේවී-රාමගුප්ත රජුගේ බිසව රජු හකවරුන්ට පැරදී මෙම දේවියව ශක රජුට පාවාදීමේ නින්දිත ගිවිසුමකට එළඹුණු අතර මේ කරුණ දැනගත් චන්ද්‍රගුප්ත කුමරු ද්‍රව දේවිය සේ වෙස්වලාගෙන ගොස් ශක රජු ඝාතනය කළ බව සඳහන් වේ.
ද්‍රව-රාෂ්ට්‍රකූට පාලකයෙකි. පාල වංශයේ ධර්මපාල රජුගේ සමකාලිනයෙකි. ප්‍රතිවාදියෙකි.
ද්‍රවිඩ - මහාභාරත වීර කාව්‍යයට අනුව මෙය දකුණු ඉන්දියාවේ පිහිටා තිබූ රාජධානියකි.
ද්‍රවිඩ- ඉදිකර ඇති ප්‍රදේශ අනුව ගුප්ත යුගයේ ගොඩනැගිලි වර්ගීකරණය කළ කොටස් 3න් එකකි. තමිල් ප්‍රදේශයේ ඉදිකළ ගොඩනැගිලි.
ධණභූති-භාරුත් කලාකෘතිවල කොටා ඇති නමකි.
ධනද(කුවේර) - දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.
ධනදේව- අයෝධ්‍යාවේ පාලකයෙකි.
ධනදේව- අයෝධ්‍යා සෙල්ලිපියේ රචකයා ය.
ධනයට අධිපති දෙවි- කුවේර
ධන්වන්තරී- ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි.
ධම්මචක්ක මුද්‍රාව-බුදුරදුන්ගේ පළමු ධර්මදේශනය දැක්වෙන බෞද්ධ කැටයම්වල බුදුරුව මේ මුද්‍රාවෙන් තැබීම සිරිතකි.
ධර්ම හින්දූන්ගේ ජීවිතයේ අරමුණු හතරකි. ඉන් එකක් වන්නේ මේ ධර්ම යන්න යි. (අනෙක් අරමුණු නම් අර්ථ, කාම සහ මෝක්ෂ වේ.)
ධර්මකීර්ති- ගුප්තයුගයේ ජීවත් වූ ආචාර්යවරයෙකි. දින්නාගගේ න්‍යාය විවරණය කරමින් න්‍යාය බින්දු නම් කෘතිය රචනා කළේ මේ ආචාර්යවරයාය.
ධර්මචක්‍රය - බෞද්ධ සංකේතයකි. ගරාදි අට හා විසිහතර සහිතව නිරූපිත අවස්ථා තිබේ. ගරාදි අටක ධර්මචක්‍රයෙන් අටලෝදහම සංකේතවත් වන අතර, ගරාදි විසිහතරක ධර්මචක්‍රයෙන් චතුරාර්ය සත්‍යය නිරූපණය වේ. ඒහිදී දුක්ඛාර්ය සත්‍යයට ගරාදි 12කු ද, දුක්ඛ සමුදයාර්යසත්‍යයට ගරාදි 3ක් ද, නිරෝධාර්ය සත්‍යයට ගරාදි 1ක් ද, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදායාර්ය සත්‍යයට ගරාදි 8ක් ද වශයෙන් බෙදී යයි. ඉන්දීය රාජ්‍ය ලාංඡනයේ මෙන් ම ජාතික ධජයේ ද ගරාදි විසිහතරක ධර්මචක්‍රය දක්වා තිබේ. කලෙක මේ ධර්ම චක්‍රයෙන් බුදුන්වහන්සේ සංකේකේතවක් කර ඇත. මුල් කාලයේ බුද්ධ රූපය සාමාන්‍ය මානව රූපකායෙන් නිරූපණය කිරීමට කලාශිල්පීන් බිය වූ නිසා ඒ වෙනුවට ධර්මචක්‍රය, නෙළුම්මල,ථ ශ්‍රීපාදය, බෝධි වෘක්ෂය ආදී විවිධ සංකේත භාවිත කර ඇති බව, භාරුත්, අමරාවතී ආදී කැටයම් පුවරුවලින් පෙනී යයි.
ධර්මන් - වෛදික යුගයේ පාලන නීතිය
ධර්මපාල- දණ්ඩබුක්ති හෙවත් වත්මන් මිඩ්නාපුර් හි පාලකයෙකි. ක්‍රි.ව. 11වන සියවසේදී පමණ බලයේ සිට ඇත. රාජේන්ද්‍ර චෝළ රජු අතින් පරාජය විය.
ධර්මපාල- නාලන්දා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි.
ධර්මපාල රජු (ක්‍රි.ව 770 - 810)- (පාල රාජවංශය) උත්තරාපථස්වාමී
ධර්මරාජික ස්ථූපය-අශෝක රජු කත්ෂිලාවේ කරවූ ස්ථූපයකි’යි සැලකේ.
ධර්මරාජික විහාරය-ගන්ධාරයේ බෞද්ධ විහාරයකි.
ධර්මවිජයන්-ශ්‍රී ධරවර්මන් නමැති ශක මහා දණ්ඩනායකවරයා මාල්වා ප්‍රදේශයේ ස්වාධීන පාලකයෙකු වූ පසු ආරූඪ කරගත් විරුද නාමයකි.
ධර්මශාස්ත්‍ර ග්‍රන්ථ - ගුප්ත යුගයේ දී රචනා වූ ග්‍රන්ථ විශේෂයකි. භාරතීය සමාජයේ වගකීම්, යුතුකම්, සමාජ නීති හා සමාජමය වගකීම් ආදිය විග්‍රහ කිරීම මේවා රචනා කිරීමේ මූලික අරමුණ වුවත් ප්‍රායෝගික බවින් තොර නිසා මේ කෘති වල විස්තර වන කරුණු කෙලෙස ප්‍රායෝගිකව ක‍්‍රියාත්මක වී දැ‘යි අපහැදිලිය. ක්‍රි. ව. 400-600 අතර ලියැවුණූ කාත්‍යායන ධර්මශාස්ත්‍ර, ඊට ම සමකාලීන දේවාල ධර්මශාස්ත්‍ර ක්‍රි. ව. 200-500 අතර ලියැවුණූ ව්‍යාස ධර්මශාස්ත්‍ර ආදිය මේ ග්‍රන්ථ විශේෂය සඳහා උදාහරණ වේ. මේ අතරින් ව්‍යාස ධර්මශාස්ත්‍රය පද්‍ය 250කින් හා කොටස් හතරකින් සමන්විත කෘතියකි. පරාශර, ප්‍රලස්ත්‍ය, පිතාමහ, භාරිත වැනි කතුවරුද ධර්මශාස්ත්‍ර ග්‍රන්ථ රචනා කොට ඇතත් එම කෘති දක්නට නොලැබේ.
ධර්මසූත්‍ර ග්‍රන්ථ - ‘සුත’ යටතේ බලන්න
ධර්මාදිත්‍ය-පහළ බෙංගාලයේ පාලකයකු වුවත් ඔහු ගැන තොරතුරු විරලය. ඔහු ගෝපචන්ද්‍ර රජුගේ අනුප්‍රාප්තිකයෙකු බව සඳහන් ය.
ධාතුමන්දිරය-බුද්ධාදී උතුමන්ගේ අභාවයෙන් පසු පූජාකර්ම සඳහා ඔවුන්ගේ ශරීරාවශේෂ තැන්පත්කරන මන්දිරය. පෙෂවෝර්හි ධාතුමන්දිරයක් කණිෂ්ක රජු කරවී යැයි හ්‍යුං සෑංට අනුව පෙනී යයි. අරාබි ලේඛනවල ද මේ ගැන සඳහන් වේ.දේවපාල රජුට අයත් ඝෝෂ්රාවත් සෙල්ලිපියේ ද මේ ගැන සඳහන් වේ ඒ නිසා මෙය මධ්‍යයතන අවධිය වනවිටත් නොනැසී පැවති බව පෙනී යයි. මෙය ඉදිකළේ අගසිලවුස් නම් ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියාගේ සැලසුමකට අනුව යැයි සඳහන් වන අතර එය මහල් ගණනාවක ගොඩනැගිල්ලක් යැයි හ්‍යුං සාං සඳහන් කරයි. පෙෂවෝරයට සමීප ෂාහ්ජි-කි-ධෙරි නම් ස්ථානයේ තිබී හමුවී ඇති නටබුන් යැයි විශ්වාස කෙරේ.
ධාන්‍යකටක-සාතවාහනයින්ගේ මුල් අගනුවරකි. සාතවාහනයින්ගේ නැගෙනහිර අගනුවර නමින් ද හැඳින්වේ.
ධාරණී-ගුප්ත වංශයට අයත් ගෝත්‍රයකි. දෙවන චන්ද්‍රගුප්ත රජුගේ දියණිය වූ ප්‍රභාවතී ගුප්තා මේ වංශයට අයත් යැයි රායි චෞදරී මහතා පෙන්වා දෙයි.
ධෝලවීර- ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත්ව තිබුණේ යැයි සැලකෙන නගරයක වත්මන් නාමය යි. සෞරාෂ්ට‍්‍රයේ පිහිටා තිබී ඇත.
ධෞලී- අශෝක රජුට අයත් ප්‍රධාන ගිරි ලිපියක් පිහිටා ඇති ස්ථානයකි. කාලිංග ප්‍රදේශයේ පිහිටා ඇත.
ධ්‍රවදේවී - දෙවන චන්ද්‍රගුප්ත රජුගේ බිසව.නමුත් දෙවන චන්ද්‍රගුප්තයන් බලයට පත්වීමට පෙර ඇයි ඔහුගේ සොයුරා‌ගේ බිසව වී සිටියා ය.
ධ්‍රැන්ජියානාව-පුරාණ ශකස්ථානය හෙවත් නූතන සියස්ථානය. හෙලමන්ඩ් නිම්නයේ පිහිටි ප්‍රදේශයකි.
නක්ෂිරස්තුම් සෙල්ලිපිය-පළමුවන ඩේරියස් රජුට අයත් වේ.
නගර ව්‍යවහාරික-නාගරික අධිකරණ නිළධාරී
නගරක-මෞර්ය සමයේ නගර පාලක නිළධාරියා. ගෝප හා ස්ථානික දෙදෙනා ද ඔහුට සහය වී ඇත.
නගරභාර- ස්ථාන නාමයකි. පෙලාලාබාද් ප්‍රදේශයට අයත් ය.
නග්නජිත්-ගුප්ත යුගයේ ලේඛකයෙකි. කලා ශිල්ප උගතෙකි. ප්‍රතිමා ලක්ෂණ නම් කෘතිය රචනා කළේය.
නච්නා කුඨාරා-ප්‍රදේශ නාමයකි. ගුප්ත යුගයට අයත් ගොඩනැගිලි නටබුන් හමු වේ. මෙය පාර්වතී කෝවිලක් යැයි හඳුනාගෙන ඇත.
නටුෆියන් ජර්මෝ - පුරාවිද්‍යා කැණීම් බිමකි. බටහිර ආසියාවට අයත් ය. මානව ජනාවාස ගොඩනැගීමේ ඉතිහාසය සෙවීමේ අරමුණෙන් මේ ප්‍රදේශයේ ද කැණීම් කර ඇත. කාබන් දින වකවානු ක්‍රමය අනුව ගණනය කළ විට මේ ප්‍රදේශ වල පැරණි මානව ජනාවාස ක්‍රි.පූ. 9-7 සහස‍්‍රක වල ට අයත් ය.
නට්රිණායි-ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි.
නන්කිනාර්ක්කිනියර්-දකුණු ඉන්දීය ඉතිහාසය ගැන විමර්ශනය කළ පඬිවරයෙකි.
නන්දින්- පාලකයෙකි. (රාජ්‍යය හෝ කාලය කුමක්දැයි පැහැදිලි නැත.)
නන්ද්‍ය සෙල්ලිපිය-මාලව ප්‍රදේශයේ ඉතිහාසය සෙවීමේදී වැදගත්වන සෙල්ලිපියකි.
නන්නන්-මලබාරයෙන් උතුරේ ප්‍රදේශයක සිටි පාලකයෙකි.
නමිබි ආණ්ඩර් - චෝළ පාලන සමයේ ලේඛකයෙකු වූ මොහු කාණ්ඩ 11කින් යුතු ශෛවභක්ති ගීත පොත රචනා කළේය. එහි ඇතුළත් වුයේ ඊට පෙර යුගයේ සිටි ශෛව ආචාර්යවරුන් විසින් රචනා කළ භක්තිගීත එකතුවකි.
නම්බනුස්-මබ්බරුස් ලෙස වෙනස්විය යුතු හෝ ඊට සමාන ව්‍යවහාරයකි. ඒ යටතේ බලන්න.
නයනාර්වරු - හින්දු ශාන්තුවරු.
නරදත්ත- අයෝධ්‍යාවේ පාලකයෙකි.
නරවර්ධන-මහාරාජ විරුදය දැරූ මොහු පුෂ්‍යභූති රාජ පරම්පරාවේ ආදීතමයෙකි.
නරසිංහ වර්මන් i පල්ලව රජු(ක්‍රි.ව.630 - 668) - මහාමල්ල, මාමල්ල, වාතාපි කොණ්ඩ(වාතාපිය ජයගත්)
නරේන්ද්‍රදේව-ලිච්ඡවි රජ පෙළපතට අයත් පාලකයෙකි. නේපාලයේ බලය අල්ලාගෙන සිටි විෂ්ණු ගුප්ත රජු නෙරපා හැර ක්‍රි.ව. 643 වැන්නේ දී ඔහු නේපාලයේ රජු බවට පත්විය. ඔහු බලයට පත්වූයේ ටිබෙට් රජුගේ ආධාරයෙන් යැයි ද ඔහුගේ පියා රාජ්‍ය බලයෙන් නෙරපා හැර බලය අල්ලා ගත් ඔහුගේ සොහොයුරාට විරුද්ධව ටිබෙට් රජුගේ යුධ ආධාර ලබාගත් බව ද සඳහන් වේ. මේ රජු පිළිබඳ නේපාල වංශ කතාවල මෙන්ම චීන මූලාශ්‍රයවල ද සඳහන් වේ. ඔහු චීනය සමග ඉතා සුහද සබඳතා පැවැත්වූ බව පෙනී යයි. හර්ෂවර්ධන රජුගේ ඇවෑමෙන් බලයට ආ ඔහුගේ අමාත්‍යවරයා චීන දූතයන්ට ආධාර ලබා දුන් නේපාල රජු මොහු වියහැක.
නරේන්ද්‍රසිංහ-දෙවන චන්ද්‍රගුප්ත රජුට අයත් කාසි සමහරක ඔහුගේ නාමය සඳහන් වන්නේ මේ ආකාරයටය.
නර්මදා නදිය - හින්දුස්ථාන් තැනිතලාව හා මහා සානුව වෙන් කරන වින්ධ්‍යා හා සත්පුර කඳුඅතරින් ගලා බසිනා මෙම නදියේ මෝදර භාරුකච්ඡු නම් සුප්‍රසිද්ධ වරාය පිහිටා ඇත්තේය. ඉන්දියාවේ බටහිර දෙසට වන්නට ඇති
නල-චෙම්බා - පාණඩ්‍ය රාජසභාවේ සිට චෝළ රාජසභාවේ සේවයට පැමිණි පුගලෙන්දි නම් කවියා ගේ කෘතියකි. මෙය සුප්‍රකට ‘නල-දමයන්ති’ කථාවේ දෙමළ අනුවාදයකි.
නවරත්න කවීන්-දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි කවීන් නවදෙනෙකි. ධන්වන්තරී, ක්ෂපණික, අමරසිංහ, ශඨක, වේතාලභට්ට,ඝටකර්පර, කාලිදාස, වරාහමිහිර, වරරුචි යන නවදෙනා
නහට - වයඹ දිග ඉන්දියාවේ දේශසීමා රාජ්‍යයකි.
නහපාන-සත්‍රපවරයෙකි. ශක හෙවත් සිතියන්වරයෙකි. භූමක නමැති පළමු සත්‍රපවරයාට පසු බලයට එන්නේ නහපාන ය. ඔහු පිළිබඳ තොරතුරු ඇතුළත් කාසි හා ශිලාලේඛන හමු වී තිබේ. මුලදී සත්‍රප යන යෙදුමෙන් පමණක් තමන්ව හඳුන්වාගත් නහපාන පසුව මහාසත්‍රප යන්න භාවිත කළේ ය. ඔහුගේ ඇතැම් කාසිවල රාජන් නාමය ද සඳහන් වේ. ඔහු ස්වාධීන පාලකයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. යවන කාසි අනුකරණය කරමින් රිදී කාසි නිකුත්කළ ඔහු භූමකට වඩා දේශපාලන අතින් ප්‍රබලයෙකි. ඔහුට අයත් කාසි රාජපුතානාවෙන්, නාසික් ප්‍රදේශයෙන් (ද.ඉන්දියාව) ආදී ප්‍රදේශවලින් සොයාගෙන තිබේ. අජ්මේර් සිට මරාඨ දේශය තෙක් විහිදුණු රාජ්‍යයක් ඔහු පාලනය කර ඇත. එයට මාල්වා, කාතියවාර්, ගුජරාටි, උතුරු කොන්කන් ප්‍රදේශය ද ඇතුළත් වී ඇත. ඔහුගේ දියණිය වූ දක්ෂමිත්‍රා විවාහ වී සිටියේ සෘෂභ දත්ත සමගිනි.
නහාලක - දඩයමින් ජීවත් වූ ජන කොටසකි. පශ්චාත් වෛදික යුගයේ සිටි නිශාදවරුන්ගෙන් පැවත එතැ‘යි ‘පුරාණ’ ග්‍රන්ථ වල සඳහන් වේ.
නළඟන රුව - ඔස්ට්‍රොලොයිඩ් මානව වර්ගයේ ලක්ෂණ ඇත. නිරුවත්ය. ලෝකඩයෙන් කර ඇත. ළැම පෙදෙස මාලා ආදියෙන් අලංකාර කර ඇත. හිස කෙස් ගොතා ඇති අයුරින් නිරූපිතය. හිස තරමක් පිටුපසට නෙරා ඇති අතර එක් අතක් ඉණෙහි තබාගෙන තරමක් ප්‍රකෝපකාරී ඉරියව්වකින් හිඳී. අත් දෙකෙහි ම වළලූ ඇතත් පහළට එල්ලාවැටෙන සේ නිර්මාණය කර ඇති අතෙහි බාහුව ඉහළ කෙළවර සිට මැණික්කටුව දක්වා ම වළලූ දක්වා ඇත. සිහින් බඳ, හැඩ උකුළ ආදිය ඉන්දීය සාහිත්‍යයේ නිරූපිත කතකට සමය. මැය දෙවියන් ඉදිරියේ නෘත්‍ය දක්වා දෙවියන් සතුටු කිරීමේ නිරතව සිටි දේව දාසියකැ‘යි ද විශ්වාසයක් ඇතත් සනාථ කිරීමට ප්‍රමාණවත් සාධක නොමැත. මෙම රුව සාධක සපයන්නේ ඉන්දු නිම්න වැසියාගේ කලා හැකියාව සම්බන්ධයෙන් පමණක් නොවේ. ඔහුගේ ලෝහ තාක්ෂණ හැකායාවට ද සාධක දෙයි. ලෝහ මූර්තියක් නිර්මාණය කිරීමට පෙර එහි මුල් කෘතියක් මැටි හෝ ඉටි වැනි අමුද්‍රව්‍යයකින් නිම කළ යුතු අතර පසුව ඒ ඇසුරින් අච්චුවක් නිර්මාණය කළ යුතුය. පසුව ලෝහ උණු කොට එම අච්චුවට වත් කර අවසන් කෘතිය නිර්මාණය කර ගත යුතුය. මේ ක්‍රමවේදයන් ඉන්දුනිම්න වැසියා මනාව දැන සිටි බව මෙම ලෝකඩ නිර්මාණය දැකීමෙන් පෙනී යයි.
නාග- සිතුවම් නිර්මාණ විධියකි. ලෞකික ලෙස ආනන්ද කුමාරස්වාමි මහතා මෙය දක්වා ඇත.
නාගදේවී- බ්‍රහ්මමිත්‍ර නම් ශුංග වංශික රජුගේ බිසව වන ඇය බුද්ධගයාවේ රූකම් සඳහා අනුග්‍රහ කර ඇත.
නාගනිකා-සාතවාහන රජබිසවකි.
නාගපටුන- දකුණු ඉන්දීය වරායකි.තකාවේරි පටුන අසලම ය.
නාගපීය-සාංචියේ තොරණවල ඇතැම් කොටස් සඳහා අනුග්‍රහකළ බැංකු ව්‍යාපාරිකයෙකි.
නාගපුර- ඉන්දියාවේ නාග ගෝත්‍රිකයින් වාසය කළ ප්‍රදේශයක් යැයි අනුමාන කෙරේ.
නාගභට II- ප්‍රතිහාර වංශයේ පාලකයෙකි. ධර්මපාල නම් පාල රජුගේ ප්‍රතිවාදියෙකි.
නාගර-ඉදිකර ඇති ප්‍රදේශ අනුව ගුප්ත යුගයේ ගොඩනැගිලි වර්ගීකරණය කළ කොටස් 3න් එකකි. ආර්යාවර්තයේ ඉදිකළ ගොඩනැගිලි.
නාගරකන්ද-ඉන්දියාවේ නාග ගෝත්‍රිකයින් වාසය කළ ප්‍රදේශයක් යැයි අනුමාන කෙරේ.
නාග රාජවංශය-කාර්කොට රාජවංශය යටතේ බලන්න.
නාගරික - නගරාරක්ෂක
නාගරික තාන්ත්‍රික සංවිධානය-මෞර්ය සමයේ නගර පාලනයට සිටි කාරක සභා හයකින් සෑදුණු සංවිධානය. මෙම එක් කාරක සභාවක සාමාජිකයන් පස්දෙනා බැගින් වූ බව සඳහන් වේ. එම කාරක සභා හය වන්නේ (1) කාර්මික සම්බන්ධතා (2) විදේශික ආගන්තුක සත්කාර (3) උප්පැන්න, මරණ හා සංඛ්‍යා ලේඛන (4) වෙළඳ හා වාණිජ කටයුතු (5) නිෂ්පාදන අළෙවියය (6) තීරුබදු අයකිරීම
නාගර්ජුන- රාෂ්ට්‍රකූට පාලන සමයේ සිටි සාහිත්‍යධරයෙකි.
නාගර්ජුන - මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි. දශභූමිවිභාෂා ශාස්ත්‍ර, සුහෘත්ලේඛා, විංසතිප්‍රඥා පාරමිතා ටීකා, මධ්‍යමික ශුන්‍යතාවාදය, නිකාය සිද්ධාන්තය කෘති වල කතුවරයා ය.
නාගවරු-පැරණි ඉන්දියාවේ නාගවරුන් ඇදහූ ජන කොට්ඨාසයකි. ගෝත්‍රයකි.විදිසා, කාන්තිපුර, මථුරා, පද්මාවතී යන ප්‍රදේශවල නාගයින් වාසය කර ඇත.ශේෂ, මහාරාජනාග, මහේශ්වර නාග, මහරාජභව නාග, ගණපති නාග, නාගසේන ආදී නාග ගෝත්‍රිකයන් රැසක් ගැන ඉන්දීය මූලාශ්‍රයවල සඳහන් වේ.භාරසිවවරු ද නාග වංශයකි. පද්මාවතියේ විසූ නාගරජවරු නව දෙනෙකු ගැන පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ.
නාගසේන- පද්මාවතියේ නාග පාලකයින් නවදෙනාගෙන් කෙනෙකි.
නාගසේන- සමුද්‍රගුප්ත අතින් පරාජය වූ නාගවංශික පාලකයෙකි.
නාගානන්ද - ශ්‍රී හර්ෂදේව හෙවත් හර්ෂවර්ධන රජු විසින් රචිත සංසාකෘත නාට්‍යයකි. මහායාන බෞද්ධ කෘතියකි.මහායාන බෞද්ධ සාහිත්‍යයේ ජිමුතවාහන නමැති කතාව මුල්කරගනිමින් රචිත මේ කෘතිය 1921 වර්ෂයේ දී ලංකාවේ ද රඟදක්වා ඇත. ඒ් නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ නාට්‍යයක් වශයෙනි.
නාගාලන්ත කඳු නැගෙනහිර දෙසින් බුරුම ඉන්දීය දේශසීමාවේ පිහිටා ඇති කඳු පන්තියකි. පත්කොයි කඳු වලට සමාන්තරව පිහිටා ඇත.
නාග වන්දනය -(ආගමික) පුරාණ ශිෂ්ටාචාර ගණනාවක ම ප්‍රචලිතව පැවති වන්දනා ක්‍රමයකි. ලංකාවේ පවා මේ ඇදහීම් ක්‍රමය පැවතී ඇත. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වී ඇති මුද්‍රා වල ඇති රූ සටහන් අතර පෙනය විහිදුවා ගත් නාගයෙකුගේ රුව ද දක්නට ලැබීමෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ද නාග වන්දනය ප්‍රචලිතව පැවතිනැ‘යි අනුමාන කළ හැක. නාගයා වනාහි උරගයකු වුව ද පෙරදිග සභ්‍යත්වය තුළ ආගමික වශයෙන් අතිශය වැදගත් සත්ත්වයෙකි. ක‍්‍රි’.පූ. 3000-1500 කාලයට අයත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පවා නාග වන්දනය තිබුණි යැයි සැක පහළ කළ හැකිය. (සිංහ සහ බැනර්ජි. 1966. පිටුව 30) නාගයා රාගයේ සංකේතය යැයි ද පැවසේ. මණිකන්ඨ ජාතකය ද ඊට සාධක සපයයි. ලංකාවේ දී නාගයා සෘජුවම “ආරක්‍ෂා කිරීම” යන කාර්යයෙහි ප්‍රමුඛතමයෙකු සේ සලකනු ලබයි. නාග ධජය යටතේ එක්සත්ව සිටියෝ නාග ගෝත්‍රිකයින් සේ සලකා ෙදාරටුපාල තනතුරෙහි රැඳවු වගට ද ලක් ඉතිහාසය හැදෑරීමේ දී සාධක සොයාගතහැකි ය. පසුකාලීන මුරගලෙහි නා රජ රුව කැටයම් කරන ලද්දේත් මේ නිසා විය යුතු ය. ජලයට අධිගෘහිත හෝ ජලය රකිනා සත්ත්වයා නාගයා යැයි සලකා නාග පෙණ පහක් හෝ හතක් සහිත මුරගල් ජලාශාශ‍්‍රිතව ප්‍රතිෂ්ඨාපණය කර තිබෙනු දැකිය හැකිය. අනුරාධපුර කුට්ටම් පොකුණේ කුඩා පොකුණෙහි බැම්මට තබා ඇති නාග මුරගලක් වෙයි. එය නාග පෙණ පහකින් යුක්තය. මින්නේරි වැව අසල ද තිස්සමහාරාම වැව අසලින් ද නාග මුරගල් හමු වී ඇත. ජේතවනාරාම වාහල්කඩෙහි ඇති නාග සංකේතය තරමක් වෙනස්ය. එහි නාග පෙණ 7ට ඉහළින් ඡත්‍රයකි. මේ නිසා එය බුද්ධ සංකේතයක් යැයි ද විශ්වාස කෙරේ.
නාග සංකල්පය ජීවිතය හා සැලකිය යුතු ලෙස බද්ධව තිබූ වගට ද සාධක බොහෝ ය. ඛල්ලාටනාග(ක්‍රි.පූ.109-103), චෝරනාග (ක්‍රි.පූ.62-50), මහාදාඨික මහානාග (ක්‍රි.ව.9-11), ඉළනාග (ක්‍රි.ව.35-44), මහල්ලකනාග (ක්‍රි.ව.134-140), චූලනාග (ක්‍රි.ව.192-194), කුඞ්ඩනාග (ක්‍රි.ව.194-195), සිරිනාග (ක්‍රි.ව.195-214), අභයනාග (ක්‍රි.ව.236-244), 2වන සිරිනාග (ක්‍රි.ව.244-246), මහානාග (ක්‍රි.ව.573-575) ආදී වශයෙන් නාග නාමය යොදා ගත් රජවරු එකොළොස්දෙනෙකු ගැන ලක් ඉතිහාසයේ සඳහන්වේ. බුදුරදුන්ගේ දෙවන ලංකාගමනට හේතු වූයේ මණිනාග දිවයිනේ චූලෝදර මහෝදර නම් දෙමයිල් නා රජුන් අතරෙහි පැන නැඟි ආරවුලකි. (පූජාවලිය 753.පිට.2002 මුද්‍රණය) තෙවනවර වැඩම කළේ මිණිඇසි(මණිඅක්ඛික) නම් නා රජුගේ ඇරයුමෙනි. (පූජාවලිය 754 පිට 2002 මුද්‍රණය) අශෝක රජුගේ අනුග්‍රහයෙන් කාශ්මීරයට බුදුසමය හඳුන්වාදුන් මජ්ඣන්තික නම් තෙරුන්වහන්සේ සම්බන්ධව සමන්තපාසාදිකාවේ සඳහන් කතා පුවතක ද නා රජකු පිළිබඳව සඳහන් වේ. (සමන්තපාසාදිකා බාහිර නිධාන වර්ණනා 24 පිට 2005 මුද්‍රණය) පූජාවලියෙහි ද නාග යනුවෙන් මනුෂ්‍ය නොවන ජීවී කොට්ඨාසයක් ගැන සඳහන් වේ. (පූජාවලිය 25 පිට ඥනවිමල සංස්කරණය 2002 මුද්‍රණය) නාගරාක්‍ෂ යනුවෙන් වෙස් නැටුමක් ද වෙයි. හූනියම් දේවතාවා නාගයෙකු ගෙල දමාගෙන සිටියි. නාගදීපය යනු ලංකාවේ උතුරු මුහුදේ දූපතකි. නයිපෙණ සහිත වෙස් මුහුණක් පැළඳ නාග කන්‍යා නැටුම ඉදිරිපත් කෙරෙයි. කෝලම් නැටුම් අතර ද නාගකන්‍යා රාස්සය නම් නැටුමකි. නාග දඟය, නාග දඟරය, නාග පූට්ටුව, නාග වෘක්‍ෂය, නාග පෝරුව, නාග බන්ධය යනු සිතුවම් කලාවේ එන මොස්තර කිහිපයකි. නාග නිමිත්ත යනු උරග නිමිති වලින් එකකි. නාගයාගේ දර්ශනය සම්බන්ධ කොටගෙන නිමිති කීම මින් අදහස් කෙරෙයි. ජන විශ්වාසයට අනුව නාග කුල තුනකි. ගැරඬි කුලය, දේව කුලය හා රාජ කුලය යනුවෙනි. (සිරි ලියනගේ 2001. 282 පිට) නිදන් රකින්නෝ රජකුල නාගයෝ ය. නා, බෝ, නුග ආදී ගස්වල ලගින නාගයෝ දේව කුලයේ ය. ගැරඬි කුලනාගයෝ තුඹස් වල වසති. නාගයින් අයත්වන කුල අටක් පිළිබඳව ද ඇතැම් තැනෙක සඳහන් වෙයි.(අටකුල නාගයෝ යටතේ බ.)නාගයා පෙර මගට හමුවීම ශුභ යැයි නාග නිමිත්තෙහි කියැවේ. නාගයා සිහිනෙන් දැකීම දරුඵල ලබාදීමක් ලෙසත් නාග සංසර්ගය, නාගයෙකු වහලයෙන් බිම වැටීම හෝ පෙණය තෙවරක් බිම ගැසීම මරණයක පෙරනිමිත්තක් සේ ද විශ්වාස කරති. අටළොස් වැදෑරුම් පිල්ලි අතර නාග පිල්ලිය නමින් පිල්ලියක් ද වෙයි. මන්ත‍්‍ර ජප කිරීම තුළින් සිය සතුරා නාගයෙකු වෙත යවා ඌ ලවා දෂ්ට කරවිම නාග පිල්ලියයි. සූනියම් බන්ධන අතර ද නාග බන්ධන නම් බන්ධනයක් වෙයි. නාගමාලා බන්ධනය යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාස්ත්‍රයේ සඳහන් ව ඇති බන්ධන ක්‍රමයකි. නාග වඩම යනු සිවුසැට ආභරණ අතර එකකි. නාගයකුගේ විලාසය ඇති කර්ණාභරණයක් හෝ වළල්ලකි. වන්නම් දහඅටෙන් එකක් නයියඩි වන්නම ලෙස හැඳින්වෙයි. පරාර්ථකාමී සාවාගේ රුව සඳෙහි සිත්තම් කළ සක්දෙව් රජ තෙලි කූර ඉවත ලූ වගත් එය නාලොව පතිත වූ පසු නා රජු එය ගිල දැමූ බව ත් තෙලිකූර උගුරේ සිර වී නා රජු මියගිය පසු ඔහු දැවූ තැන හටගත් බුලත් නාගවල්ලි නමින් හැඳින්වෙන බවත් සිංහල ජනශ‍්‍රැතියෙහි එයි. (සිරි ලියනගේ 2001. 283 පිට) නාග සන්නිය දහඅට සන්නියෙන් එකකි. නාග සවුදම අට ආකාර සවුදම් වලින් එකකි. ගුත්තිල කාව්‍යයේ ද නාගයා නම් සත්ත්වයා ගැන හැඳින්වෙයි. ලක්‍ෂ සංඛ්‍යාත සත්ව සමූහයක් අතරේ නාගයා ආගමික හා සාමාජික වශයෙන් විශේෂ කොට සැලකූ වග මින් පෙනීයයි. (ගුත්තිල කාව්‍ය 299 කව බලන්න.)
මේ ආදී ලෙසට පුරාණයේ සිට ම නාග යන නාමයත් නාග සංකල්පයත් ජන සමාජයේ මුල් බැස තිබේ. ලක්දිව නාග ගෝත්‍රිකයෝ ගැන ද විවිධ මත පවතී. යක්‍ෂයන්නේ වෙනස් වූ ලංකාවේ මුල් පදිංචිකාරයෝ නාග යන නාමයෙන් හැඳින්වූ වග කියන්නේ ගයිගර් මහතාය. (විමලවංස හිමි බද්දේගම 1996. පිටුව 35) සිරිනිවාස් අයියංගර් මහතාට අනුව නාග යනු ආර්යයන්ට විසින් ස්වදේශිකයන්ට දුන් නාමයයි. (ඉහත මූලාශ‍්‍රයම) උතුරු ඉන්දියාවේ නාගලන්තයේ සිටින පිරිස තද මොංගෝලියන් මිශ‍්‍රණයකින් යුතුව ඇත්තේ එ් නිසාය. එම කාලයට ආසන්න කාලයක දී ලංකාවට ආ නාගයෝ උතුරේ හා බටහිර වෙරළාශ‍්‍රිතව ගංගා නිම්න වල පදිංචි වූහ. ක්‍රි.පූ. 3, 2, හා 1 සියවස් වලට අයත්ව දැනට හමුවී ඇති ශිලාලේඛන අතුරෙන් 53කම නාග යන නාමය හමුවන වග පූජ්‍ය බද්දේගම විමලවංශ හිමියෝ පවසති. (ඉහත මූලාශ‍්‍රය ම 35 පිට)
(උදා :- පරුමක නගපුත අසලිය ලෙණෙ අගත අනගත චතුදිසික සගස) නාගයා අර්ධ දිව්‍ය ජීවියෙකැ’යි ඇතැම් තැනක කියැවේ. (The seeker`s glosary fo Buddhism. P.392) ඊට අනුව නාග යනු වසත් සමයේ දෙව් ලොවත් ශීත සෘතුවේ පොළෝ අභ්‍යන්තරයේ ත් වසනා අර්ධ දිව්‍ය සත්ත්වයෙකි.
නන්දවරු-සිසුනාග රාජවංශයට පසු මගධයේ බලයට පත්වූ රාජවංශයකි. මේ පරපුරට නන්දවරුන් නව දෙනෙකු අයත් වූ නිසා නව නන්ද නමින් හැඳින්වේ. මේ පරපුර විසින් කළ සේවාවන් කිහිපයක් ද සඳහන් වේ. ඒ් අතරින් කාලිංග අගනුවරට දිය සැපයීමට තණසුලි නම් ස්ථානයේ සිට ඇළක් කරවීම කැපී පෙනන එකකි. නන්දවරු කාලිංගය ආක්‍රමණය කර සීතලනාථ නම් ජෛන තීරථංකරතුමාගේ ප්‍රතිමාවක් පාඨලීපුත්‍රයට රැගෙනගිය බව සඳහන් වේ. නන්දවරු ජෛනයෝ යැයි සිතීමට සාධකයකි. ඉන්දීය ඉතිහාසය පිළිබඳ තරමක් හෝ නිරවුල් පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ මේ රජවරුන්ගේ පාලන කාලයෙන් පසුව ය. ඛාරවේල ගේ හථිගුම්ඵා ශිලාලේඛනයේ ද නන්ද වරුන් පිළිබඳ සඳහන් වේ. මහා පද්මනන්ද හෙවත් මහා පද්මපති මේ වංශයේ ආරම්භක පාලකයා සේ සැලකෙයි. නමුත් ලංකාවේ මූලාශ්‍රයක් වන මහාබෝධිවංසයේ දැක්වෙන්නේ පළමු නන්ද පාලකයා උග්‍රසේන නම් වූ බවයි. ඉතිහාසඥයින් බහුතරය එකඟ වන්නේ පළමු නන්දවරයා මහා පද්මනන්ද ය යන මතයට යි. මේ නිසා අපට මෙහි දී ලංකාවේ මූලාශ්‍රය අමතක කරන්නට සිදු වේ. මූලාශ්‍රයගත තොරතුරු වලින් පෙනී යන්නේ මහා පද්මනන්ද යනු රාජකීය කුලයක අයෙකු නොවන බව යි. ඒ පිළිබඳ මත කිහිපයකි.
• මහානන්දි නමැති සුළු පාලකයාට දාව ක්ෂුද්‍ර ස්ත්‍රියකගේ කුස උපන්නෙකි.(පුරාණ ග්‍රන්ථ)
• කරණවෑමියෙකුට දාව ගණිකාවකගේ කුස උපන්නෙකි(ජෛන ග්‍රන්ථ)
• පියා කරණවෑමියෙකි(කර්ටියස් නම් ලේඛකයා)
• අඥාත කුලිකයෙකි. එනම් කුලයක් පැහැදිලි නැති අයෙකි(වංසත්ථප්පකාසිනී)
ඒ කෙසේ වුව ද මොහු දක්ෂ පාලකයෙකි. මොහුගෙන් ඇරඹි නන්ද වංශයේ පාලකයන් 9 දෙනෙකු විය. නවනන්දවරු සේ ඔවුන් හැඳින්වේ. මේ පරපුරේ අවසානයා වූ ධනනන්ද ඉතා දූෂිත පාලකයෙකු වශයෙන් හඳුන්වා තිබේ.
නාග්පූර් සානුව - වින්ධ්‍යා කඳු වලට පහළින් ඇති සානුවකි.
නාටක රුව -ඉන්දු නිම්නයෙන් හමු වූ රුවකි. මෙය ශිව දෙවියන්ගේ නර්තන විලාසයක් හඳුන්වන නටරාජා රුවට සමානත්වයක් දක්වන නිසා එහි මුල් අවස්ථාව යැයි ද හඳුන්වති. හිස් තුනක් හා අත් හතරක් තිබූ බවට සාධක ඇත. එක් පයක් ඔසවාගෙන සිටින අයුරින් නිරූපිතය.
නාණක මූලාශ්‍රය - වෙළඳාම, ආර්ථික තත්ත්වය, පැරණි ඉන්දීය ජන ජීවිතය, යුධාක්‍රමණ, රාජධානි වර්ධනය හා බිඳවැටීම, වැනි තොරතුරු රැසක් මේ මගින් අනාවරණය වේ. කාසි වල විවිධ රූපසටහන් හමු වන නිසා ඒවායින් රජුන්, වෙළඳ ප්‍රධානීන්, වෙළඳ ශ්‍රේණි, නාගරිකයින් ආදීන් පිළිබඳ තොරතුරු හෙළි වේ. රන්, රිදී, තඹ, ලෝකඩ ආදී වශයෙන් කාසි නිපදවීම සඳහා විවිධ ලෝහ වර්ග යොදාගෙන ඇති අතර ඒ මගින් ඒ කාලයේ ආර්ථීක තත්ත්වය ද අවබෝධ කරගතහැකි වේ. දේශීය හා විදේශීය කාසි රැසක් ඉන්දියාවෙන් හමු වේ.
නාථමුණි - චෝළ පාලන සමයේ සිටි ලේඛකයෙකි. හින්දු සමයේ වෛශ්ණව දර්ශනය අළලා භක්තිගීත සංග්‍රහයක් රචනා කළේය.
නාරදස්මෘති - ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන කෘතියකි. මනුස්මෘතියේ අඩංගු කරුණු වලට සමානව එහෙත් සංක්ෂිප්තව කරුණු දක්වයි.
නාරායණ-කාන්වා පෙළපතේ තෙවන පාලකයාය. වර්ෂ 12ක් මගධය පාලනය කළේය.
නාරායන-විෂ්ණු දෙවි
නාර්මිනි-වේද ග්‍රන්ථ වල එන ප්‍රදේශ නාමයකි. මේ වනාහි මොහෙන්ජොදාරෝව යැයි අනුමාන කරනු ලබයි.
නාල- ශතකර්ණී හෙවත් සාතවාහන රජෙකි යැයි අනුමාන කෙරේ.
නාලන්ද -ප්‍රදේශ නාමයකි. උතුරු ඉන්දියාව. මෙහි ප්‍රකට නාලන්දා විශ්වවිද්‍යාලය ද පිහිටා තිබේ.
නාලන්දා තහඩු ලිපිය-සමුද්‍රගුප්ත අධිරාජයාට අයත් ලිපියකි.
නාලන්දා විශ්ව විද්‍යාලය-ගුප්ත වංශයේ පළමුවන කුමාරගුප්ත රජුගේ අනුග්‍රහය ඇතිව නිර්මාණය වූ බෞද්ධ විශ්ව විද්‍යාලයකි. උතුරු ඉන්දියාවේ නාලන්දා ප්‍රදේශයේ පිහිටා තිබුණි. ක්‍රි. ව. 07 වන සියවස වන විට භාරතයේ පැවති ප‍්‍රධානතම විශ්වවිද්‍යාලය වශයෙන් වර්ධනය විය. මෙය මහායාන බුදු දහම ඉගැන්විමේ මධ්‍යස්ථානයක් වශයෙන් සැලකේ. විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් මේ තුළ ක‍්‍රියාත්මක වු බව හියුංසාන් හිමියන්ගේ දේශාටන වාර්තාව අනුව අවබොධ කරගන්නට හැකියාව තිබේ. ඒම හිමියන් වැඩම කරන කාලය වන විට මෙහි සිසුන් 7000කට වැඩි ප‍්‍රමාණයක් ශාස්ත්‍ර ප්‍රගුණකරමින් සිටි බවත්,ගුරුවරුන් 1500 ක් පමණ ඉගැන්වීම් කාර්යයයේ නිරතව සිටි බවත් උන්වහන්සේ සඳහන් කර තිබේ. ගුරුවරුන්ගේ හා සිසුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සදහා 1500 ක පමණ සේවක පිරිසක් ද සිට ඇත.සේවකයන් වුව ද ඔව්නට ද අධ්‍යාපන අවස්ථා හිමිවිය. හියුංසාන් හිමියන් මෙහි වැඩම කරන විට නාලන්දාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ සීලභද්‍ර හිමියෝය. මීට අමතරව අසංග, දින්නාග, වසුමිත‍්‍ර, වසු බන්ධු, ශාන්ත රක්‍ෂිත, ධර්මපාල, ධර්ම කීර්තී, ගුණමතී ආදි ප‍්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් ද මෙහි සිට ඇත. මෙම විශ්වවිද්‍යලයේ සෑම ශිෂ්‍යයකුටම පෞද්ගලික ගුරුවරයෙක් සිටි ඇත.
නාසත්‍ය-බෝඝස්කෝයි ශිලාලේඛනයේ සඳහන් වන දේව නාමයකි.
නාසික් - ලෙන් විහාරයක් පිහිටා ඇති ස්ථානයකි. සාතවාහනයින් ෙඩකානයේ වයඹදිග කොටසේ සිය බලය වර්ධනය කර ගන්නේ නාසික් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි. මෙම ප්‍රදේශයෙන් ලැබුණු (පුලමායි රජුට අයත්) ලෙන් ලිපියක සාතවාහන පරපුරට අයත් රජවරුන් කිහිපදෙනෙකු ගේ නම් හමුවී ඇත. ශක පාලකයන් විසින් පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක් මෙම ප්‍රදේශයේ දක්නට ලැබේ. පන්සලකට කළ මූල්‍යමය පරිත්‍යාගයක් පිළිබඳව එහි සඳහන් වේ.ශක පාලක නහපාන ට අයත් කාසි ද මෙම ප්‍රදේශයෙන් ලැබී ඇත.
නාසික් ප්‍රශස්තිය-ගෞතමී පුත්‍ර බාලශ්‍රී නම් සාතවාහන රජුට අයත් එකකි. ගෞතමීපුත්‍ර රජු කරවූ ලෙනක් ගෞතමී පුත්‍ර බාලශ්‍රී රජු විසින් භද්‍රයානීය භික්ෂූන් වහන්සේලාට පුදන අවස්ථාවේ පිහිට වූ ලිපියකි.
නාසික්-ගෝවර්ධන ප්‍රදේශයට ම නමකි.
නැගෙනහිර ඝාට්ස්-දකුණු ඉන්දීය කොටසේ නැගෙනහිර වෙරළ දෙසින් ඇති කඳුපන්තියකි.මෙය මහේන්ද්‍ර නමින් ද හඳුන්වා ඇත.(සිතියම බලන්න.)
නිකොබාර් හා අන්දමාන්--ඉන්දියාවට අයත් දූපත් දෙකකි. නමුත් මදුරාසි වෙරළේ සිට සැතපුම් 740ක් නැගෙනහිරින් බුරුමය ආසන්නයේ පිහිටා තිබේ.(සිතියම බලන්න.)
නිගණ්ඨනාථපුත්ත හෙවත් වර්ධමානමහාවීර- (ජෛන/ උග්‍ර අවිහිංසාවාදී/ කර්මවාදී/ නිඝණ්ඨ (බැඳීම් රහිත.) වජ්ජීන්ට ඥාති ගෝත්‍රයක සිද්ධාර්ථ හා ත්‍රිෂාලා යුවළගේ දරුවා වූ මෙතුමා යශෝධා සමග විවාහ වී අනෝජා නම් දුවකගේ පියා බවට පත්විය. වයස අවුරුදු 30දී ගිහිගෙය හැරගොස් පාර්ශ්වනාථ ආචාර්යවරයාගේ ශිෂ්‍යයකු වූ හෙතෙම සයවසක් ඔහු හා රැඳී ඇති වූ ආරවුලක් නිසා ඔහු වෙතින් නික්ම ගියේ ය. බන්ධන රහිත යන අරුතින් නිගණ්ඨ නමින් හැඳින්වුණු මෙතුමා හා මෙතුමාගේ අනුගාමිකයෝ නිරුවතින් සිටියහ. අර්ධමාගධී බසින් ලියැවුණු සාහිත්‍යයක් මොවුන් සතු වේ. උග්‍ර අවිහිංසාවාදියෙකු වූ මෙතුමා කර්මය විශ්වාස කළේය. කර්මය එතුමා දණ්ඩ යනුවෙන්් හැඳින්වූ අතර කය මුල්කරගනිමින් සිදුවන ක‍්‍රියා කාය දණ්ඩ ලෙස ද සිත හා වචනය මුල්කරගනිමින් සිදුවන ක‍්‍රියා මනෝ දණ්ඩ හා වචී දණ්ඩ ලෙස ද හඳුන්වයි. කාය දණ්ඩය මනෝ දණ්ඩයට වඩා බලවත් යැයි ද උගන්වයි. මිනිසාගේ සියලූ ක‍්‍රියා අතීත කර්මයන්හි විපාක බවත් ඒ නිසා අතීත කර්ම ගෙවා දැමීම පිණිස ශරීරයට දුක් දියයුතු බවත් ඉගැන්වූහ. ඒ අතර අනාගතයේ විපාක දෙන ක‍්‍රියා නොකළයුතු බවත් ඉගැන්වූහ.
නිග්ලිවසාගර් ටැම් ලිපිය-අශෝක රජු කරවූ ලිපියකි.
නිමිගොන් සිංහයා-මථුරා කලාවෙන් මථුරාවේදී නිර්මිත අපරදිග තේමාවක කලාකෘතියකි.
නිරයාවලී - ජෛන සූත්‍රයකි.
නිල්ගිරි කඳු-බටහිර ඝාට්ස් කඳුවැටිය පහළ කෙළවරට වන්නට දකුණු ඉන්දියාවේ පිහිටා ඇති කඳු වැටියකි. ඉන්දීය අර්ධද්වීපයේ දකුණු කොටසේ ඇති වූ සිරස් භූ චලන වල ප්‍රතිඵලයක් ලෙස මේ කඳුවැටිය නිර්මාණය වන්නට ඇතැයි පිළිගැනේ. පාල්ඝාට් කපොල්ල මේ හරහා වැටී තිබේ.
නිවි - යටිකය වැසුම. වෛදික යුගය.
නිශ්ශංක පණ්ඩුරංග ස්වාමි-ගුප්ත යුගයේ සිටි ආර්යභටගේ ශිෂ්‍යයෙකි.
නිෂාධ-බටහිර වින්ධ්‍යා හා අරවල්ලි කඳුකර ප්‍රදේශය
නිෂ්ක=මුදල් ඒ්කකයකි/රන් මාලයකි(ඍග් වෛදික)
නීලකණ්ඨශාස්ත‍්‍රී, කේ. ඒ. - දකුණු ඉන්දියාව පිළිබඳ පර්යේෂණ කළ ඉතිහාසඥයෙකි.
නුග- බුද්ධ සංකේතයකි. බුද්ධගයා කැටයම් අතර එයි. කස්සප බුදුන් පිළිබඳ සංකේතයකි.
නෙග්රයිස් තුඩුව-බෙංගාල බොක්ක ආශ‍්‍රිතව ඉන්දියාවේ ඇති භූ පිහිටීමකි.
නෙඩියෝන්-පාණ්ඩ්‍ය පාලකයෙකි. සංගම් සාහිත්‍යයට අයත් මදුරයික්කාණජි කෘතියෙන් ඔහුගේ නම හමු වේ. වේළ්විකුඩ් හා ශින්නමනෝර් තඹපත්වල ද මේ රජුගේ වීරක්‍රියා සඳහන් වේ. නමුත් ඒවාගේ ඇත්තේ ජනප්‍රවාදවල එන තොරතුරුය.
නෙඩුඤ්ජෙළියන්-මේ නමින් සිටි පාණ්ඩ්‍ය රජවරු දෙදෙනෙක් ගැන සඳහන් වේ. ක්‍රි.ව.තෙවන සියවස මුල් කාලයේ පමණ බලයේ සිටි බව පිළිගතහැක. සංගම් සාහිත්‍යයට සම්බන්ධ මාංගුඩිකිළර් හා නක්කිලර් යන කවීන් මේ රජු වර්ණනාවට බඳුන් කර ඇත.
නෙඩුන්ජේරල්-උදියන් ජේලර් නම් චේර රජුගේ පුත්‍රයා ය. ඔහු යුද්ධයෙහි දක්ෂයෙකු විය. යවනයින් හා මුහුදු සටනකින් ද ජයගත්තේ ය. තවත් රජවරුන් 7දෙනෙකු පරදා ‘අධිරාජ’ විරුදය ද භාවිත කළේ ය. හිමාලය දේශසීමාව කරගත් රජු යන අරුත දෙන ‘ඉමයවරම්බන්’ නාමය ද භාවිත කළේය.
නේපාල වංශාවලී- ඉන්දීය ඉතිහාසයේ මෞර්ය යුගය හැදෑරීමේ දී වැදගත් වන කෘතියකි.
නේපාලය- පුරාණ ඉන්දියාවට අයත් ප්‍රදේශයකි. වර්තමානයේ වෙනත් රටකි.ඉන්දියාවට උතුරින් හිමාල කඳු පන්තිය ආශ්‍රිතව දක්නට ලැබේ.
නෞරටිනඩ්ස්-දකුණු ඉන්දීය වරායක් වශයෙන් පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථයේ සඳහන් වේ.
න්‍යාචානි - මනාලියන්ගේ ආභරණයකි.
න්‍යායකුසුමාංජලී -විදේහයේ විසූ උදයනයන්ගේ කෘතියකි. 10-12 සියවස්
න්‍යායබින්දු -ගුප්තයුගයේ සිටි දින්නාග නම් කුවරයාගේ න්‍යාය විවරණය කරමින් ධර්මකීර්ති නම් ආචාර්යවරයා රචනා කළ කෘතියකි.
න්‍යායවාර්ත්තික-ගෞතම මුනිවරයාගේ න්‍යායසූත්‍රයට උද්‍යෝතකර නම් ආචාර්යවරයා කළ ටීකාව යි.
න්‍යායසූත්‍ර-ගෞතම මුනිවරයා කළ කෘතියකි. න්‍යායවාර්ත්තික නමින් උද්‍යෝතකර විසින් ඊට ටීකාවක් සපයා තිබේ.
න්‍යායාවතාරය-ගුප්ත යුගයේදී සිද්ධසේන නම් ජෛන ලේඛකයා රචනා කළ කෘතියකි.
පංචඉන්දියා-පංජාබ්, කනෞජ්, ගෞඩ දේහය, මිථිලා, උත්කලා, යන ප්‍රදේශ පහ. මේවා හර්ෂවර්ධන රජු විසින් ජයගත් ප්‍රදේශ යැයි හ්‍යුංසියෑං හිමි සඳහන් කර තිබේ.
පංචජනඃ - ජන කණ්ඩායම් පහ(ඍග් වෛදික)
පංචනිකාය-වත්මන් ජාතක පොත සේ ශුංග රාජ සමය වනවිට ප්‍රචලිතව පැවති කතා එකතුවකි. මේවායින් බුදුන්වහන්සේගේ ජාතක පිළිබඳ හා ජීවිතය ගැන කියවේ.
පංචබෙංගාල-සාසංක රජුගේ මරණයෙන් පසු ඔහුගේ රාජ්‍ය වූ බෙංගාලය බෙදී ගිය කොටස් පහ. කජංගල, පුන්දාවර්ධන, කර්ණස්වර්ණ, තාම්‍රලිප්ති, සමතථ. හ්‍යුං-සියැං හිමි මේ ගැන සඳහන් කරයි. (නමුත් එහි පංච බෙංගාල යනුවෙන් වචනයක් නොමැති බව ද මේ දත්ත පොකුර දැක්වීමට මේ කෘතිය වෙනුවෙන් මේ නම යෙදූ බව ද සලකන්න.)
පංචශීලය-මෙලෝ වශයෙන් යහපත් ජීවිතයක් ගත කිරීම උදෙසා ඇති ශීලයන් පහයි. මෙය බුදුසමයේ මෙන්ම ජෛන සමයේ ද ඉගැන්වේ.
පංචසිද්ධාන්තිකා-ගුප්ත යුගයේ වරාහමිහිරගේ කෘතියකි.
පං-චාඕ-චීන සෙන්පතියෙකි. කණිෂ්ක අධිරාජ්‍යය චීනය දෙසට ව්‍යාප්තවීම වැළැක්වීය. ඔහු අතින් කණිෂ්ක පරාජය වී යැයි පිළිගැනේ.
පංචාල - ප්‍රදේශීය රාජ්‍යයකි. රාජාණ්ඩුවකි. අභිච්ඡත්‍ර හා කාම්පිල්‍ය නමින් අගනුවර දෙකක් විය. චූලනී බ්‍රහ්මදත්ත නමින් ප්‍රකට රජෙකු විය. මොවුන් පිළිබඳව සාහිත්‍ය මූලාශ‍්‍රය වල පැහැදිලි යමක් සඳහන් නොවේ. ඔවුන් පිළිබඳ අධ්‍යයනයට ඇති එක ම මග නම් ඔවුන් විසින් නිකුත් කළ කාසි (නාණක මූලාශ‍්‍ර) වේ. මේ නමින් ම ගෝත්‍ර රාජ්‍යයක් ද විය. ඔවුහු කුරු ගෝත්‍රය සමග මධ්‍ය ප්‍රදේශයේ වාසය කළහ.පැතිර තිබූ ප්‍රදේශයේ සමානත්වය මත මේ දෙක ම එකක් වියයුතු යැයි සිතිය හැක. මුල් කාලයේ ‘ක‍්‍රිවි’ යන නමින් හැඳින්වී ඇත්තේ ද මේ ගෝත්‍රිකයන්මය.
පංචොහ් තඹපත-බිහාරයෙන් හමු වූ බිහාරයෙන් හමු වූ තඹ සන්නසකි. ගුප්ත නාමය සහිත රජවරු හය දෙනෙකු ගැන එහි සඳහන් වන නිසා ගුප්තවරුන්ගේ ඉතිහාසය සෙවීමට මේ ලිපිය වැදගත් වේ.
පංච්ආබ් - පන්ජාබය හෙවත් ජල මාර්ග පහ.
පංජාබය- හර්ෂවර්ධන රජු විසින් ජයගත්තේ යැයි හ්‍යුංසියැං හිමි සඳහන් කරන පංච ඉන්දියාවේන් එකකි.
පංජාබ් - සින්ධු නදියේ ප්‍රධාන අතු ගංගාවන් වන ෙඣලම්, චෙනාබ්, රාවි, බියෙස්, සත්ලෙජ් යන ගංගා පහ පැතිර ඇති ප්‍රදේශය.
පංජාබ් තැන්න - සත්ලෙජ් නදියෙන් දකුණේ ප්‍රදේශය යි.
පංජ්තාර් ලේඛනය-කුෂාණ ඉතිහාසය ගැන තොරතුරු සඳහන් ලේඛනයකි.
පකුධකච්ඡායන -අකිරියවාදී දර්ශනයක් (සප්තකායවාදය) දේශනා කළ බුද්ධකාලින ශ‍්‍රමණයෙකි. සත්ත්වයා යනු පදාර්ථ සතක එකතුව යැයි ඔහු දේශනා කළේ ය. (පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, ජීව) මේ පදාර්ථ කිසිවෙකු හෝ මැවූ ඒවා නොවේ. ඒවා විපරිණාමයකට බඳුන්වන්නේ ද නැත. පදාරථ එකිකෙට බාධක වශයෙන් ද නොපවතින අතර කේවල වශයෙන් පවතී. කිසිවෙක් තියුණු සැතකින් යමෙකුගේ හිස ක`දින් වෙන්කරයි ද එහිදී සිදුවන්නේ ඉහත කී පදාර්ථ අතරින් ආයුධය ගමන් කිරීම පමණි. මේ නිසා ඔහුට අකුසලයක් සිදුනොවේ.
පච්චයි මරික්කාර්-කැලිකට් හි සැමොරින්ගේ හමුදා නායකයෙකි. මායාදුන්නේ රජුගේ සහයට පැමිණි හෙතෙම මායාදුන්නේ රජුගේ පරාජයට පසු මායාදුන්නේ රජු විසින් ම බුවනෙකබාහු රජු වෙත භාර දෙන ලදී. එසේ කළේ සමගි සන්ධානයක් ඇති කර ගැනීම සඳහාය. පසුව බුවනෙකබාහු රජු අණින් මොහු මරා දමන ලදී.
පච්ඡ- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
පඤ්චතන්ත්‍ර- උපදේශාත්මක කථා ඇතුළත් කරමින් ගුප්ත යුගයේ දී ලියැවුණු කෘතියකි. විශ්ණුශර්මන් පඬිවරයා මෙය සම්පාදනය කළේ යැයි විශ්වාස කෙරේ.
පට්ටිනප්පාලෙයි-දකුණු ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. මෙහි කතුවරයාට කරිකාලන් චෝළ රජු රන්කාසි දහසය ලක්ෂයක් දුන්බව සඳහන් වේ.
පණි/පනි/පානි-ඍග් වේදයේ මේ නමින් දක්වා ඇත්තේ ආර්යයන් පංජාබයට පැමිණෙන විට එහි සිටි ස්වදේශික ජන කණ්ඩායමකි.
පණික්කාර්,කේ.එම්. - දකුණු ඉන්දියාව පිළිබඳව පර්යේෂණ කළ ඉතිහාසඥයෙකි.
පණ්ඩිත චෝළ - පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව1014 - 1044)
පතඤ්ජලී/පතංජලී- පුෂ්‍යමිත්‍ර ශුංග රජුට සමකාලීන සංස්කෘත වියරණ ග්‍රන්ථ රචකයෙකි. යෝගදර්ශනය හා මහාභාෂ්‍ය නම් කෘතීන්හි කතුවරයාය. (පසුකාලීනව යෝගදර්ශනය කෘතිය විවරණය කරමින් ව්‍යාසකාරිකා නම් කෘතියක් ද රචනා විය.)
පතලීන්-සින්ධු ඩෙල්ටා ප්‍රදේශය.
පත්කොයි කඳු- බුරුම ඉන්දියා දේශසීමාවේ පිහිටි කඳුවැටියකි.
පත්තුප්පාට්ටු/ පත්තුපාට්ටු -සංගම් සාහිත්‍යයේ නවවැනි සංග්‍රහය ලෙස ද දැක්වෙන කෘතියකි.
පදිර්රුප්පත්තු/පදිර්රුප්පාට්ටු-දෙමළ සාහිත්‍ය කෘතියකි. මෙය ලියා ඇත්තේ. චේර රජවරුන් හා ලංකාවේ පළමු ගජබා රජු සම්බන්ධයෙනි. ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි.
පද්මා නදිය- ගංගා නම් ගඟ සමුදුරට පිවිසීමට ප්‍රථම බෙදී යන පිවිසුම් අතු ගංගා වලින් ප්‍රධාන ම අතු ගංගාව මෙය යි. බ්‍රහ්මපුත‍්‍රා නදිය ද සමුදුරට එක්වන්නට පෙර පද්මා නදියට එක්වේ.
පද්මාවතී නගරය-නූතන පදම්පවායා නගරය.
පද්මාසනය- බුද්ධ ප්‍රතිමාව පිහිටුවන ආසන වර්ගයක් මෙන් ම අසුන්ගන්නා(හිඳගන්නා)ඉරියව්වක් ද මේ නමින් ම හැඳින්වේ.මින් පළමුවැන්න පද්මපීඨය නමින් ද හැඳින්වේ. ලංකාවේ ගල්විහාරයේ හිඳිපිළිමය පද්මපීඨයක ස්ථාපිත බුද්ධප්‍රතිමාවකට උදහරණයකි.ඉන්දියාවේ සාරානාත් බුද්ධ ප්‍රතිමාව පද්මාසන ක්‍රමයට වැඩසිටිනා බුද්ධ ප්‍රතිමාවකට උදාහරණයකි.
පනිපත් යුද්ධය -1526, 1556,1761 වර්ෂ වල හිමාලයානු කඳුපන්තියේ වයඹ දිග කොටස හා ථාර් කාන්තාරය අතර සරුසාර බිම්තීරයේ සිදු වූ යුද්ධයකි.
පන්-කු- චීන ලේඛකයෙකි. සිඑන්-හැන්-ෂු (Tsien-Han-Shu) නම් කෘතිය ඔහුගේ ය.
පන්කු-ඉන්දීය ලේඛකයෙකි.
පම්ප - සුප්‍රසිද්ධ කණ්ණඩ කවියෙකි. ජෛනාගමික කෘති රචනා කළේය. ආදිපුරාණ, වික්‍රමාර්ජුනවිජය, ශාන්තිපුරාණ, අජිතපුරාණ ආදී ජෛන තීර්ථකයන් අළලා කෘති රචනා කළේය.
පයිථාන් - වයඹ දිග ඉන්දියාවේ දේශසීමා රාජ්‍යයකි. පීතෙනික නමින් ද හැඳින්වේ.
පයිරාන්-මූලක ප්‍රදේශය
පරකේෂරී වර්මන් - පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව907 - 953)
පරචක්‍රකාම-නේපාලයේ බලයට පත්ව සිටි ජයදේව රජු භාවිත කළ විරුදයකි.
පරණාර්-සංගම් යුගයේ කවියෙකි. ‘දහයේ දහය’ නම් කෘතියේ කතුවරයා ය.
පරම දෛවත පරම භට්ටාරක මහාරාජාධිරාජ - උතුරු බෙංගාලයේ ශිලා ලිපි වල එන විරුදයකි.ගුප්ක යුගයට සම කාලයේ ය.
පරම මහේශ්වර-හර්ෂවර්ධන රජු භාවිත කළ විරුදයකි. ඔහුට අයත් මධුභාන් හා භාණ්ස්කෝරා අභිලේඛනවලින් ඒ බව සනාථ වේ. ඔහුට හින්දු ආගමික පදනමක් ඇති බවට මෙය සාධකයකි.
පරම රාජාධිරාජ - ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.
පරම සෞගත- හර්ෂවර්ධන රජුගේ සොයුරිය වූ රාජ්‍ය ශ්‍රී කුමරිය භාවිත කළ විරුදයකි.
පරමභගවත - වෛශ්ණව අභිදානයකි
පරමභට්ටාරක -විරුද නාමයකි. දෙවන චන්ද්‍රගුප්ත (376?)(ගුප්ත රාජවංශය), දන්තිදුර්ග රජු(රාශ්ට්‍රකූට වංශයේ )පාල වංශයේ ධර්මපාල රජු භාවිත කර තිබේ. පාලවංශයේ ම රාජ්‍යපාල හා නයනපාල රජවරු ද භාවිත කර ඇත.
පරමවෛශ්ණ - වෛශ්ණව අභිදානයකි
පරමාරවරු - මාල්වාහි විසූ වංශයකි.
පරමාර්ෂ පඬිවරයා - කාශ්මීරයේ සිව්වන ධර්ම සංඝායනාවේ මූලිකත්වය ගත් වසුබන්ධු හිමියන්ගේ චරිතකතාව ලියූ පඬිවරයා ය.
පරමේශ්වර - විරුද නාමයකි. දන්තිදුර්ග රජු(ක්‍රි.ව733 - 758) (රාශ්ට්‍රකූට වංශයේ ), දෙවන පුලකේශීන්(චාලුක්‍ය වංශයේ)පාල වංශයේ ධර්මපාල රජු පාලවංශයේ ම රාජ්‍යපාල හා නයනපාල රජවරු ද භාවිත කර ඇති විරුදයකි.
පරයියන්- දකුණු ඉන්දියාවේ පැවති කුලයකි.
පරාන්තක i චෝළ රජු(ක්‍රි.ව.907 - 953) - මදුරෙයි කොණ්ඩ(මදුරාව ජයගත්), මදුරෙයියුම් ඊළමුම් කොණ්ඩෙයි(මදුරාව සහ ලංකාව ජයගත්)පරකේෂරී වර්මන්, වීරනාරායන, දේවේන්ද්‍ර, චක්‍රවර්තී පණ්ඩිත වත්සල, කුඤ්ඤරමල්ල, ශුරශුලාමනී.
පරාශර ධර්මශාස්ත්‍ර යටතේ බලන්න.
පරික්ෂිත්-භාරතීය පුරාණ රාජවංශයකි.
පරිදෝන- උඩුකය වැසුම.වෛදික යුගය.
පරිපාඩල්- ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි.
පරිබ්‍රාජක- බුද්ධ කාලීන භාරතයේ සිටි ශ‍්‍රමණ වර්ගයකි.
පරිවෘක්තී - පශ්චාත් වෛදික රජවරුන්ගේ තෙවන බිසව
පරීක්ෂිත් - කුරු ගෝත්‍රික රජෙකි. පශ්චාත් වෛදික සමයේ කුරු ගෝත්‍රයේ සිදු වූ නැගීම මේ රජු යටතේ සිදු වූ බව පිළිගැනේ.
පර්ජන්‍ය - වර්ෂාවට අධිපති
පර්තලිස්-කාලිංගයේ අගනුවර ලෙස ප්ලීනි සඳහන් කරන්නේ මේ නගරයයි. ඇතැම්විට එය තෝසලී යන්නේ විකෘතියක් යැයි ද විශ්වාස කෙරේ.
පර්දවර්-දකුණු ඉන්දීය ප්‍රදේශයකි.
පර්වත- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
පර්සෙපොලිස් ඝණ්ඨව-අශෝක කුලුණුවල යටිකුරුකළ පියුමට ඇතැමෙක් දී ඇති නමකි.
පලාගලී - පශ්චාත් වෛදික රජවරුන්ගේ සිව්වන හෙවත් අවසන් බිසව
පල්ලව අගනුවර - කාංචිය.
පල්ලස්ඇතින්- ග්‍රීක දෙවිවරයෙකි. වයඹදිග ඉන්දියාවේ ගන්ධාර කලා සම්ප්‍රදායේ මූර්ති අතර මේ දේවරූපය ද හමුවේ.
පල්ශාලයි මුදුකූඩුම්-පාණ්ඩ්‍ය පාලකයෙකි. සංගම් යුගයේ මදුරයික්කාණජි නම් කාව්‍ය ග්‍රන්ථයේ ද මේ රජු කාර්යක්ෂම මෙන්ම තරමක් කෲර පාලකයෙකු වග ද සඳහන් කළ හැකිය.
පශුපති- ඉන්දු නිම්න මුද්‍රා වල අං සහිත හිස්වැස්මක් පැළඳ සිටින පුරුෂ රුව මේ නමින් ද හැඳින්වේ. අං සහිත දෙවියා යැයි ද තැනෙක දක්වා ඇත. ලිංගය ඍජුව පිහිටා ඇති ලෙස දක්වා තිබීමෙන් සශ‍්‍රීකත්වය හා ශක්තිය සංකේතවත් කරනවා විය හැක. ඔහු වටා ඇතා, කොටියා, රයිනෝසිරස්, මහීෂ යන සත්ත්ව රූප හතර ඇත. මේ දේවයා තවත් ඉරියව් දෙකකින් නිරූපණය කර ඇත. ඉන් එකක දෙවියා අසුනක හෝ කුඩා වේදිකාවක වාඩි වී සිටින ලෙස ද අනෙකෙහි බිම වාඩි වී සිටින ලෙස ද දැක්වේ. මේ සියලූ ඉරියව් වල දී ඔහු සිය දෙපා නවා පතුල් එකිනෙකට ගැටෙන සේ තබාගෙන සිටී. මෙය ඉන්දීය මුනිවරුන් ගේ පද්මයෝගී ඉරියව්වට සමානය. එහෙත් ඊට වඩා අසීරුය. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයට අසුන්ගෙන මේ ඉරියව්වෙන් සිටීම අපහසු නිසා මෙම ස්වරූපයෙන් මේ රුව දක්වන්නට ඇත්තේ ඔහු අසාමාන්‍ය, උසස්, අන් සාමාන්‍ය අයට කළ නොහැකි දේ කළ හැකි අයෙකු සේ දක්වන්නට විය හැක. වළලූ රාශියක්, ශීර්ෂ පළඳනාවක් හා මාලයක් සේ පෙනෙන පළඳනාවක් හැර වෙනත් වස්ත්‍ර නොමැතිව නිරුවතින් සිටිනා මේ දෙවියාගේ මුහුණ රෞද්‍රය, ශීර්ෂ පළඳනාවේ අං යුගලයක් ද, ඒ අතරින් පැන නගිනා පැළෑටියක් ද සහිතය. ආසනයක හිඳගෙන සිටින සේ දක්වා ඇති මුද්‍රවේ ආසනය පා මුල මුව රුවක් ඇත. පසු කාලීන ශිව වන්දනාවේ මූලාවස්ථාව මේ යැයි පිළිගැනේ.
පශුපති- ඉන්දු නිම්න මුද්‍රා වල අං සහිත හිස්වැස්මක් පැළඳ සිටින පුරුෂ රුව මේ නමින් ද හැඳින්වේ. අං සහිත දෙවියා යැයි ද තැනෙක දක්වා ඇත. ලිංගය ඍජුව පිහිටා ඇති ලෙස දක්වා තිබීමෙන් සශ‍්‍රීකත්වය හා ශක්තිය සංකේතවත් කරනවා විය හැක. ඔහු වටා ඇතා, කොටියා, රයිනෝසිරස්, මහීෂ යන සත්ත්ව රූප හතර ඇත. මේ දේවයා තවත් ඉරියව් දෙකකින් නිරූපණය කර ඇත. ඉන් එකකක දෙවියා අසුනක හෝ කුඩා වේදිකාවක වාඩි වී සිටින ලෙස ද අනෙකෙහි බිම වාඩි වී සිටින ලෙස ද දැක්වේ. මේ සියලූ ඉරියව් වල දී ඔහු සිය දෙපා නවා පතුල් එකිනෙකට ගැටෙන සේ තබාගෙන සිටී. මෙය ඉන්දීය මුනිවරුන් ගේ පද්මයෝගී ඉරියව්වට සමානය. එහෙත් ඊට වඩා අසීරුය. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයට අසුන්ගෙන මේ ඉරියව්වෙන් සිටීම අපහසු නිසා මෙම ස්වරූපයෙන් මේ රුව දක්වන්නට ඇත්තේ ඔහු අසාමාන්‍ය, උසස්, අන් සාමාන්‍ය අයට කළ නොහැකි දේ කළ හැකි අයෙකු සේ දක්වන්නට විය හැක.
පශුපති-ශිව දෙවි
පශ්චාත් ගුප්ත රාජ වංශයයේ රජවරු-මහාසේන ගුප්ත, මාධව ගුප්ත, ආධිත්‍යසේන, දේවගුප්ත, විෂ්ණු ගුප්ත, ජිවිත ගුප්ත
පශ්චාත් ගුප්තවරු-නැගෙනහිර මාල්වා ප්‍රදේශයේ බලයට පත්වූ රාජවංශයකි. ගුප්ත අධිරාජ්‍යයේ පරිහානියට පසු ඔවුන් මෙසේ බල වර්ධනය කරගත්හ.
පසුපති කෝවිල-(පශුපති කෝවිල?) නේපාල සීමාවේ කෝවිලක් විය යුතුය. හි නේපාල රජවරු ගැන තොරතු ඇතුළත් සෙල්ලිපියක් ඇති නිසා ඓතිහාසික වටිනාකමක් තිබේ.
පසුපත්- හිමාලයානු කඳුපන්තිය ආශ්‍රිතව ඇති හින්දු පුදබිමකි.
පළාර්-දකුණු ඉන්දීය ගංගාවකි.
පාගිටර්, එස්.ඊ. - ඉන්දීය ඉත්හාසය පිළිබඳ පර්යේ්ෂණ කළ විද්වතෙකි. (බලන්න ‘පුරාණ’)
පාටලී-ශාකයකි. බුද්ධ සංකේතයකි. බුද්ධගයා කැටයම් අතර එයි. විපස්සී බුදුන් පිළිබඳ සංකේතයකි.
පාඨලීපුත්‍ර-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් යැයි සැක කළ හැකි භාණ්ඩ මේ ස්ථනයේ තිබී ලැබී තිබේ.
පාණන්- දකුණු ඉන්දියාවේ පැවති කුලයකි.
පාණර්-සංගම් සාහිත්‍ය යුගයේදී දකුණු ඉන්දීය ප්‍රදේශ පුරා සංචාරය කළ සංගීත කණ්ඩායමකි.
පාණාතිපාතා විරමණ -ප්‍රාණඝාතයෙන් වැළකීම.
පාණිනී - ගුප්ත යුගයේ සිටි සංස්කෘත වියරණ ග්‍රන්ථ රචකයෙකි. අෂ්ටාධ්‍යායී නම් අග්‍ර ව්‍යාකරණ ග්‍රන්ථයේ කතුවරයා ය.
පාණ්ඩ්‍ය-දකුණු ඉන්දියාවේ පිහිටා තිබූ රාජධානියකි. අගනුවර මධුරාවයි. මහාභාරතය නම් වීර කාව්‍යයට අනුව මේ රාජධානිය වරක් සහදේව නම් වීරයා විසින් යුද්ධ කර අල්ලාගෙන ඇත.
පාණ්ඩ්‍ය කුලාශනී - පළමු රාජ රාජ චෝළ රජු (ක්‍රි.ව.985 - 1014)භාවිත කළ විරුද නාමයකි.
පානි(පණි/පනි)-ඍග් වේදයේ මේ නමින් දක්වා ඇත්තේ ආර්යයන් පංජාබයට පැමිණෙන විට එහි සිටි ස්වදේශික ජන කණ්ඩායමකි.
පාරි-පාණ්ඩපදේශයේ කොඩුන්ගුන්රම් හෙවත් පිරාන්මලයි පර්වතය අවට ප්‍රදේශය පාලනය කළ පාලකයෙකි. සංගම් සාහිත්‍යයේ වර්ණනාවට බඳුන් වී ඇති දකුණු ඉන්දීය ප්‍රාදේශීය අධිපතියෙකි.
පාර්ථිව-රජු යන පදය වෙනුවට මනු නීති සංග්‍රහයේ භාවිත කර ඇති නමයි.
පාර්වතී පරිණය- භාණ නමැති කවියාගේ රචනයකි. හර්ෂවර්ධන යුගයේ විසුවෙකි.
පාර්වතී-ඉන්දියාවේ දී දේවත්වයෙන් පූජාවට පාත්‍ර වූ සංකල්පීය කාන්තාවකි. ශිව හෙවත් ඊ්ෂ්වර දෙවියන්ගේ භාර්යාව යි. ඇතැම් විට මේ චරිත සඳහා පදනම් වී ඇත්තේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ මාතෘදෙවඟන වන්දනාවව විය හැකි ය.
පාර්ශ්ව හිමි - සිව්වන ධර්ම සංඝායනාව පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කළේ මේ භික්ෂූන්වහන්සේ සමගිනි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත.
පාල වරු - බෙංගාලය මුල්කරගෙන වාසය කර ඇත.
පාලකාප්‍ය-ගුප්ත යුගයේ වෛද්‍ය ශාස්ත්‍රය හදාළ ලේඛකයෙකි. ඔහු හස්ත්‍යායුර්වේද නම් පශුවේද ග්‍රන්ථය රචනා කළේය.
පාලි ධම්ම ග්‍රන්ථ
සීහලවත්ථූපකරණය හා සහස්සවත්ථූපකරණය පාලි ධම්ම ග්‍රන්ථ නමින් හඳුන්වනු ලබයි. පාලි ධම්ම ග්‍රන්ථ වලට තේමා වී ඇත්තේ ඉන්දියාවේ හා ලංකාවේ ජනකථාවන්ය. පාලි ධම්ම ග්‍රන්ථ රචනා කිරීමේ දී ලංකාවේ හා ඉන්දියාවේ ජන කථාවන්ට බෞද්ධ මුහුණුවරක් ලබා දී ඇත. පාලි ධම්ම ග්‍රන්ථ සමාජ, ආර්ථික හා ආගමික ඉතිහාසය ගොඩනැගීමට උපකාරී වේ. සීහලවත්ථූපකරණය හා සහස්සවත්ථූපකරණය කවර කලෙක රචනා වී දැයි නිශ්චිත නැත. සීහලවත්ථූපකරණය දීපවංසයට ද පෙර රචනා වී ඇතැයි මතයක් පවතී. සීහලවත්ථූපකරණය රචනා කොට ඇත්තේ දකුණු ඉන්දියාවේ විසූ ධම්මනන්දි නම් හිමි නමකි. සහස්සවත්ථූපකරණය රචනා කොට ඇත්තේ අනුරාධපුරයේ විසූ රට්ඨපාල නම් හිමි නමකි. සීහලවත්ථූපකරණයේ කථා වස්තු 82 කි. සහස්සවත්ථූපකරණයේ කථා වස්තු 95 කි. සහස්සවත්ථූපකරණයට තවත් කථා වස්තු 8 ක් එක් කර සංශෝධන සහිතව හෙළ බසට පෙරළා රසවාහිනී නමින් ඉදිරිපත් කර ඇත. රසවාහිනිය වනවාසී වේදේහ නම් හිමියන් විසින් දඹදෙණි යුගයේ දී සම්පාදනය කොට ඇත. ධම්ම ග්‍රන්ථ වලට තේමා වී ඇත්තේ ඉන්දියාවේ හා ලංකාවේ ජනකථාවන්ය. පාලි ධම්ම ග්‍රන්ථ රචනා කිරීමේ දී ලංකාවේ හා ඉන්දියාවේ ජන කථාවන්ට බෞද්ධ මුහුණුවරක් ලබා දී ඇත. පාලි ධම්ම ග්‍රන්ථ සමාජ, ආර්ථික හා ආගමික ඉතිහාසය ගොඩනැගීමට උපකාරී වේ. සීහලවත්ථූපකරණය හා සහස්සවත්ථූපකරණය කවර කලෙක රචනා වී දැයි නිශ්චිත නැත. සීහලවත්ථූපකරණය දීපවංසයට ද පෙර රචනා වී ඇතැයි මතයක් පවතී. සීහලවත්ථූපකරණය රචනා කොට ඇත්තේ දකුණු ඉන්දියාවේ විසූ ධම්මනන්දි නම් හිමි නමකි. සහස්සවත්ථූපකරණය රචනා කොට ඇත්තේ අනුරාධපුරයේ විසූ රට්ඨපාල නම් හිමි නමකි. සීහලවත්ථූපකරණයේ කථා වස්තු 82 කි. සහස්සවත්ථූපකරණයේ කථා වස්තු 95 කි. සහස්සවත්ථූපකරණයට තවත් කථා වස්තු 8 ක් එක් කර සංශෝධන සහිතව හෙළ බසට පෙරළා රසවාහිනී නමින් ඉදිරිපත් කර ඇත. රසවාහිනිය වනවාසී වේදේහ නම් හිමියන් විසින් දඹදෙණි යුගයේ දී සම්පාදනය කොට ඇත.
පාලිද්වජ-ද්වජයකි. චාලුක්‍ය රජෙකු වූ විජයාදිත්‍ය රජු උතුරු ඉන්දියාව ආක්‍රමණය කර ගංගා යමුනා නදී සංකේතත් පාලිද්වජයත් රැගෙන ගිය බව සඳහන් වේ.
පාලිබෝත‍්‍රා- පුරාණ ඉන්දියවේ පාටලිපුත්‍ර නරගයයි.
පාල්කිගුණ්ඩු සුළු ගිරි ලිපිය-අශෝක රජුට අයත් වේ.
පාල්ඝාට් කපොල්ල- කොයිම්බතූර් කපොල්ලයි. දකුණු ඉන්දියාවේ පහළ කෙළවර ආසන්නව ඇති නිල්ගිරි හා කාදමෝම් කඳුඅතරින් වැටී ඇත. මේ මගින් බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළට පිවිසිය හැක.
පාවා හා කුසිනාරාවේ මල්ලයෝ- බුද්ධකාලීන භාරතයේ සමූහාණ්ඩුවලට අයත් වේ.
පාහියන්- චීන දේශාටක හිමි නමකි. ආගමික අවශ්‍යතාවක් පිණිස(විනය පිටකය ලබාගනු පිණිස) ක්‍රි. ව. 5වන සියවසේ දී මධ්‍ය ආසියාව හරහා අති දුෂ්කර පා ගමනක යෙදී ඉන්දියාවටත්(දෙවන චන්ද්‍රගුප්ත නම් ගුප්ත රජ දවස), එතැනින් ලංකාවටත්(මහානාම රජ දවස) පැමිණි හිමි නමකි. උන්වහන්සේගේ දේශාටන වාර්තාව ඉන්දියාවේ හා ලංකාවේ ඉතිහාසය පිළිබඳ විමසීමේ දී අතිශය වැදගත් ය.
පැන්-තිඑන්-චෞ-නැගෙනහිර ඉන්දියාව
පෑන්-යෙ-චීන ලේඛකයෙකි.
පෑන්-යේ- (Fan-ye)- චීන ලේඛකයෙකි. හෝ-හැන්-ෂු නම් කෘතිය ඔහුගේ ය. පශ්චාත් හැන් රාජවංශය ගැන තොරතුරු ඇතුළත් වේ.
පෑන්යේ-කතුවරයෙකි.
පිංගල- ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
පිගොට්, ස්ටුවට් - ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ පැවැත්වූවෙකි. ලැබුණු දත්ත අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 2500-1500 අතර කාලයට අයත් යැයි ප්‍රකාශ කළේය. මේ කාල නිර්ණය රේඩියෝ දින වකවානු ක්‍රමය සමග ද මෝර්ටිමර් විලර් මතය අනුව ද සසැඳුණේය.
පිතුණ්ඩ නගරය-මුෂාලවරුන්ගේ අගනුවර. මෙය ඛාරවේල රජු විසින් සිය එකොළොස්වන රාජ්‍ය වර්ෂයේ දී විනාශ කළ බව සඳහන් වේ.
පිප්‍රාවා ධාතු කරඬු ලිපිය - පිප්‍රාවා ස්තූපය කැණීමේ දී හමු වූ ධාතු කරඬුවක පියනේ කොටා ඇති ලිපියකි. මෙය ඉන්දියාවේ පැරණිත ම අභිලේඛනය සේ පිළිගැනේ.
පිරාන්මලයි-කාඩුන්ගුන්රම් නමින් ද හැඳින්වෙන දකුණු ඉන්දීය පාලන ප්‍රදේශය.
පිලයිට්-පාෂාණ විශේෂයකි. ගන්ධාර ශිල්පීන් මුල් කාලයේ ප්‍රතිමා නෙළීමට තෝරා ගත් පාෂාණ විශේෂයකි. ඒවා කොළ පැහැතිය.
පිෂ්ටපුරය-වත්මන් පිෂ්ඨපුරම්
පිළිස්සීම- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ දඬුවම් ක්‍රමයකි.
පීතෘ ලෝකය- යම රජුගේ භවන (වෛදික සාහිත්‍යයට අනුව)
පීතෙනික-වයඹ දිග ඉන්දියාවේ දේශසීමා රාජ්‍යයකි. පයිථාන් නමින් ද හැඳින් වේ.
පුංජි-වාර්ෂික වර්ෂාපතන අගය 480mm ට වැඩි ප්‍රදේශයකි.
පුගලෙන්දි පළමුවන කුලෝත්තුංග රජු පාණ්ඩ්‍ය කුමාරිකාවක් සමග ඇති කර ගත් විවාහයත් සමග චෝළ රාජසභාවේ කවියෙකු වශයෙන් සේවයට ආ පාණ්ඩ්‍ය කවියෙකි. මහා භාරතයේ එන කථා දෙමළ බසට පරිවර්තනය කිරීමට කටයුතු කළේය. ‘නළ-චෙන්බා’ මොහුගේ කෘතියකි. මොහු ද ඔට්ටන්කුට්ටන් ද කම්බන් ද දෙමළ සාහිත්‍යයේ වැජඹි මාණික්‍ය
පුඤ්ජාර්රුර්-චෝළ දේශයට අයත් ස්ථානයකි.
පුණ්ඩරික- බුද්ධ සංකේතයකි. බුද්ධගයා කැටයම් අතර එයි. සිඛී බුදුන් පිළිබඳ සංකේතයකි.
පු-ත-සිං-ක්‍රි.ව.731 වැන්නේ දී චීන රාජ සභාවට ගිය බෞද්ධ භික්ෂුවකි. බුද්ධසේන හිමි වියයුතු ය.
පුන-මාමාල ප්‍රදේශයට ම නමකි.
පුන්ඩ‍්‍ර - ඓතරේය බ්‍රාහ්මණය කියන්නේ මොවුන් දස්‍යුන්ට සමාන ජන කොටසක් බවයි. ක‍්‍රිෂ්ණ හා ගෝදාවරී නදී අතර
ප්‍රදේශයේ ජීවත් වී ඇත.
පුන්ද්‍රවර්ධන-ගෞඩ පාලක සසංකගේ අගනගරය.
පුබ්බවිදේහ- බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කල්පිත දිවයිනකි. මහාමේරුව යටා පිහිටි සතර මහා දිවයින්(පුබ්බවිදේහ, ජම්බුද්වීප, අපරගෝයාන, උත්තරකුරු) අතරින් එකකි. මෙය මහාමේරුවට පෙරදිගින් පිහිටියේ ලු.
පුරන්දර- ආර්යයන්ගේ දෙවියෙකි. ඉන්ද්‍ර යනු ද මේ දෙවියා ම ය.
පුරාණ -ඉන්දීය ඉතිහාසය අලලා ගුප්ත යුගයේ දී ලියැවුණු ග්‍රන්ථ විශේෂයකි. ග්‍රන්ථ මාලාවකි. ගණනින් දහ අටකි.මේ සියල්ල සර්ග, ප්‍රතිසර්ග, වංශ, මන්වන්තර හා වංශානුචරිත යන කොටස් පහෙන් යුක්තය.මේ සියලූ පුරාණ ග්‍රන්ථ වල වක්තෘන් වන්නේ සුත ලෝමහංස හා ඔහුගේ පුත් උග්‍රාශ‍්‍රවයි. ඔවුන්ට තොරතුරු ලබා දුන්නේ ව්‍යාස විසිනි. ව්‍යාස එම තොරතුරු ලබා ගත්තේ විශ්වනිර්මාතෘගෙනි. (බ‍්‍රහ්ම පුරාණය, පද්ම පුරාණය, විෂ්ණු පුරාණය, ශිව පුරාණය, භාගවත පුරාණය, නාරද පුරාණය, මාර්කණ්ඩය පුරාණය, අග්නි පුරාණය, භවිෂ්‍යත් පුරාණය, බ‍්‍රහ්ම පුරාණය, වෛවතී පුරාණය, ලිංග පුරාණය, වරපන පුරාණය, ස්කන්ධ පුරාණය, විමන පුරාණය, කර්ම පුරාණය, මත්ස්‍ය පුරාණය, ගරු`ඩ පුරාණය, බ‍්‍රහ්මණ්ඩ පුරාණය.) එහෙත් ඉතිහාසඥයන්ගේ මතය අනුව මෙය ඉන්දීය ඉතිහාසය ලිවීමට ගත් අසාර්ථක උත්සාහයකි. ඊට හෙතුව මෙම කෘති වල කතුවරු ඓතිහාසික සිද්ධි, මානව ඉතිහාසය ආදිය පිළිබඳව සටහන් කිරීමට වඩා දේව නිර්මාණවාදය, මනඃකල්පිත සිද්ධි ආදිය විස්තර කිරීමට යොමු වී තිබීමයි. එම කරුණු විස්තර කිරීමේ දී ඒවා ‘අනාගත වාක්‍ය’ ස්වරූපයෙන් ලියා ඇත්තේ දේව වාක්‍ය බව පෙන්වීමටය. මගධයේ රජ කළ හර්යංක, නන්ද, මෞර්ය වැනි රාජ වංශ පිළිබඳව විස්තර සපයා ඇතත් ඒවා නිරවුල් නොවේ. මේ නිසා ම විෂ්ණු පුරාණය හා භාගවත පුරාණය හැර සෙසු ‘පුරාණ’ ග්‍රන්ථ වල ඓතිහාසික අගයක් නැතැ‘යි ඉතිහිසඥයෝ විශ්වාස කරති. එස්. ඊ. පාගිටර් මහත්මා කියන්නේ ඉකිහාසය විමසීම මූලාශ‍්‍ර වශයෙන් ‘පුරාණ’ ග්‍රන්ථ යොදා ගැනීමෙන් සිදුවන එක ම දෙය නම් කරුණු අවුල් වීම පමණක් බවය. එහෙත් හින්දු ආගමේ පසු කාලීන විකාශය පිළිබඳ තොරතුරු ගවේෂණයේ දී පුරාණ ග්‍රන්ථ වල එන තොරතුරු අතිශය වැදගත් බව අමතක නොකළ යුතුය. ඊට හේතුව හින්දු ආගමේ මිත්‍යා සංකල්ප, ප්‍රතිමා වන්දනය, ඒක දේවවාදය, බහුදේවවාදය, අප්‍රමාණ දේවභක්තිය, භූතාත්ම, යාගහෝම, පූජාවිධි ආදිය පිළිබඳව මෙම කෘති වලින් තොරතුරු ලබාගතහැකි වීම නිසාය. පුරාණ ග්‍රන්ථ අහඅට අනුගමනය කරමින් උප පුරාණ ග්‍රන්ථ දහඅටක් ද ලියැවී ඇත. බ්‍රාහ්මණ ආගම විවිධ ප්‍රදේශ වල පැතිර ගිය අයුරුත්, විවිධ නිකායන්ට බෙදුණු අයුරුත් පිළිබඳව මේ උපපුරාණ වලින් තොරතුරු සොයාගත හැක.
පුරාණනුරු- ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි.
පුරු ගෝත්‍රය.-පශ්චාත් වෛදික යුගයේ දී කුරු ගෝත්‍රය හා එක් වූ ඉතා ප්‍රබල ගෝත්‍රයකි.
පුරුෂ දත්ත- කුෂාණයන් යටතේ පාලකයෙකු වශයෙන් සිටින්නට ඇතැයි සැලකේ. මථුරාවෙන් ලැබී ඇති කාසිවල හමුවන නමකි.
පුලකේශීන් ii(ක්‍රි.ව.610 - 642) - පරමේශ්වර, සත්‍යග්‍රහ, මහාරාජාධිරාජ(සත්‍යග්‍රහ, මහාරාජාධිරාජ යන විරුද මුල්වරට භාවිත කළ පාලකයා ද මොහු ය.)
පුලමායි-පුලුමායි, ගෞතමී පුත්‍ර ශාතකර්ණී රජුගේ පුත්‍රයා ය. ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජුට පසු බලයට පත් වූ රජු.
පුලහාමවී- ශාතකර්ණී පරපුරේ පාලකයෙකි. ඔහුට අයත් කාසි බෙරාර්හි අකෙල දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ.
පුලින්ද- දඩයමින් ජීවත් වූ ජන කොටසකි. පශ්චාත් වෛදික යුගයේ සිටි නිශාදවරුන්ගෙන් පැවත එතැ‘යි ‘පුරාණ’ ග්‍රන්ථ වල සඳහන් වේ. මොවුන්ගේ වාසභූමිය වින්ධ්‍යාවෙන් දකුණේ විය.
පුලෝමා-සාතවාහනයින්ගේ අධිරාජ්‍යයේ අපරභාගයේ පාලකයෙකි. පුලුමායි(?)
පුෂේ-පඬිවරයෙකි. ඉතිහාස පර්යේෂකයකි.
පුෂ්කර-අජ්මර් අසල ප්‍රදේශයකි.
පුෂ්කරණී- පොකුණ
පුෂ්කර-විලක නමකි. මෙය විල යන්නට සමාන පදයක් ද වේ.
පුෂ්පපුරය-පාඨලීපුත්‍රය
පුෂ්පභූති-පුෂ්‍යභූති නම් මෞඛරී රජු වියයුතුය.
පුෂ්‍යදත්ත-කණිෂ්ක රජුගේ 23වැනි රාජ්‍ය වර්ෂයේදී නිකුත් කළ ශිලා ලිපියක් වන මථුරා බ්‍රාහ්මී ලිපියේ සඳහන් වන නමකි. මේ ලිපියේ සඳහන් වන්නේ මේ පුද්ගලයා බෝධිසත්ත්ව ප්‍රතිමාවක් කරවූ බවකි.
පුෂ්‍යභූතිවරු - ථානේෂ්වරයේ වාසය කර ඇත. ගුප්ත පරිහානියෙන් පසු ථානේශ්වරයේ බලයට පත්විය.
පුෂ්‍යමිත්‍ර- ශුංග රජපෙළපතේ ආරම්භක පාලකයා.
පුසොල්කාර්,එ්.වී.-ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ ලියූ ලේඛකයෙකි.
පුහාර්-දකුණු ඉන්දීය වරායක් වූ කාවේරි පටුන.
පූජක රුව- ඉන්දු නිම්නයෙන් හමු වූ මූර්තියකි.පූජක රුවක් යැයි අනුමාන කෙරේ. යටි රැවුලකින් යුතුය. ශෛලීත ස්වභාවයක් ද පෙන්වයි. මොන්ගෝලියානු හෝ ඇල්පයින් වර්ගයට අයත් හිසක හැඩය පෙන්වයි. නළල්පටක් ඇත. එක් උරයක් වැසූ සාළුවේ තිපෙති රටාවක් පෙන්වයි. අඩවන් දෙනෙතින් දාර්ශනික හෝ ආධ්‍යාත්මික උසස් තත්ත්වයක් උදා කර ගත් ස්වභාවය පෙන්වයි. රටාවකට පීරූ හිසකෙස් හා රැවුල එම ස්වභාවය වඩාත් තීව‍්‍ර කරයි.
පූන ලේඛන- ප්‍රභාවතී ගුප්තාට අයත් වේ. ඒවායේ සමුද්‍රගුප්තගේ අශ්වමේධ යාග ගැන සඳහන් වේ.
පූර්-ඉන්දුනිම්න වැසියන්ගේ බලකොටු වෛදික සාහිත්‍යයේ මේ නමින් හැඳින්වේ.ප්‍රාකාරයකින් වටකළ එකකි.
පූර්චරිශ්නු - ජංගම බලකොටු (ඍග් වෛදික)
පූර්ණකස්සප- බුද්ධ කාලීන ශ‍්‍රමණයෙකි. කර්මයක්, විපාකයක් නැතැයි කී මොහු අකිරියවාදියෙකි. ඊට අනුව විවිධ අකුසලයන්හි නිරත වන්නන්ට දඒවා කරවන්නාට ද විපාකයක් නැති බව ද දානයෙන් ද ඉන්ද්‍රිය දමනයෙන් ද සත්‍ය කතා කිරීමෙන් ද වෙනත් ඕනෑම යහපත් ක‍්‍රියාවකින් ද කිසිදු කුසලයක් සිදුනොවේ යැයි ද ඉගැන්වූයේ මොහුය.
පූර්වදේශ - පුරාණ ඉන්දියාව බෙදාතිබූ පාලන ඒකක පහෙන්(මධ්‍යදේශ, පූර්වදේශ, දක්ෂිණාපථය, අපරාන්තය, උත්තරාපථය) එකකි. දේශසීමා පැහැදිලිව සඳහන් කළ නොහැකි නමුත් නැගෙනහිර ඉන්දීය ප්‍රදේශයක් බව පැහැදිලි ය.
පෘථිවි -(ඉන්දියා/ ආගමික) ඍග් වෛදික දේවයෙකි. පොළොව දේවත්වයේ ලා සැලකූයේ මේ නමිනි.
පෘථිවි - පොළවට අධිපති දෙවි.
පෘථිවිරාජ් - 12වන සියවසේ සිටි රණශූර ඡුහමාන කුමාරයෙකි.ගංගා නදී නිම්නයට වයඹ දෙසින් පිවිසෙන මාර්ගය මූගල් ආක්‍රමණ අවස්ථාවේ ආරක්ෂා කිරීමේ යෙදී සිටි මොහු එහිදී සිදු වූ සටනේ දී මියගියේ ය.
පෘථිවිසේන-පළමුවන රුද්‍රසිංහ ශක රජුගේ පුත්‍රයාය.
පෘථිවීර-නැගෙනහිර බෙංගාලයේ පාලකයෙකි. කවර රාජවංශයකට අයත් අයෙක් දැයි අපැහැදිලිය.
පෙන්නාර්- දකුණු ඉන්දීය ගංගාවකි.
පෙයාර්සර්විස්- ෆෙයාර්සර්විස් යටතේ බලන්න.
පෙරිප්ලස් ඔෆ් ද එර්ත‍්‍රියන් සී.-ලංකා ඉන්දියා දෙ රට ම පිිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කෘතියකි. කතෘ අඥාතය වුව ද ඔහු ඊජිප්තුවේ ජීවත් වූ ග්‍රීක ලේඛකයෙකු බැව් පැහැදිලිය. ක්‍රි.ව. 80 දී පමණ ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණි ගමනක් පිළිබඳව ඔහු විචිත්‍ර විස්තරයක් කරයි.
පෙරියපුරාණම්- ශෙක්කිලර් නම් දමිළ කවියා විසින් දෙවන කුලෝත්තුංග සමයේ දී රචනා කළ කෘතියකි.මෙය ශෛව නයනාර්වරු(ශාන්තුවරු) 63 දෙනෙකුගේ චරිත අළලා ලියු පද්‍ය 4253කින් යුක්තය.
පෙරියානෝ ගුණ්ඩාල්- උතුරු බලුකිස්ථානයට අයත් මේ ස්ථානයේ ශ්‍රීමත් ඔරල් ස්ටේයින් විසින් කළ පර්යේෂණ වල දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වී තිබේ.
පෙරුන්දිනයි- නුසුදුසු ප්‍රේම බන්ධනය (දකුණු ඉන්දියාව)
පෙෂවෝර් - පුරාණ පුරුෂපුරය යි. කණිෂ්ක රජු සිය අගනුවර කර ගත්තේ මේ නගරය යි. මෙහි ඉතිහිසය කණිෂ්ක රාජ සමයෙන් බොහෝ ඈතට දිව යයි. 1983 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥයන් පිරිසක් මෙම ප්‍රදේශයේ කළ පර්යේෂණ වල දී වසර විසි ලක්ෂයකට වඩා පැරණි ශිලා අවි හමු වී ඇති අතර ඒවා මෙතෙක් දකුණු ඇසියාවෙන් හමු වී ඇති පුරාණතම ගල් අවි සේ ද පිළිගැනේ.
පෙෂවෝර් ධාතු කරඬු ලිපිය- කණිෂ්ක අධිරාජයාගේ පාලන සමය පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයකි.
පේටුන් - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රභවය පිළිබඳව සෙවීම පිණිස කැණීම් කළ නගරයකි.
පේලියෝසික යුගය -භූ විද්‍යාත්මක යුගයන් බෙදෙන කොටස් පහෙන් දෙවැන්නයි. ප්‍රාථමික අවධිය යි. මේ යුතයේ මැද වන විටත් ලංකාව ගොඞ්වානාලන්තය නම් සුවිශාල ගොඩබිමෙහි කෙටසක් ව පැවතුනි.(ආකීය,පේලියෝසික,මිසෝසීක හෙවත් ද්විතීයික, කෛනෝසික හෙවත් තෘතීයික,චාතුර්ථික)
පොඩුක(පොණ්ඩිචෙරි)- දකුණු ඉන්දීය වරායකි.
පොණ්ඩිචෙරි-ක්‍රි.ව.පළමු සියවසේදී රෝමානු වෙළඳ මධ්‍යස්ථානයක් තිබූ ස්ථානයකි. දකුණු ඉන්දියාවට අයත් ය.
පොනි-රාජ්‍යවර්ධන රජුගේ මරණින් පසු හර්ෂවර්ධන රජුට රාජ්‍යත්වයට පත්වීම සඳහා ඇරයුම් කළේ පොනි විසිනි.
පොන්ඩිචෙරි- අර්ධද්වීපික ඉන්දියාවේ කොරමැණ්ඩල් හෙවත් නැගෙනහිර වෙරළ තීරයේ ඇති කුඩා වරායකි.
පොලිබියස්-ග්‍රීක ලේඛකයෙකි.
ප්‍රජාපතී-සියලූ සත්ත්වයන්ට අධිපති දෙවියාය.
ප්‍රජාපතීමිත්‍ර- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
ප්‍රජාපතීමිත්‍ර- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
ප්‍රඥාපාරමිතාව-මහායානික ධර්මග්‍රන්ථයකි. ඇතැම්විට මෙහි උපග්‍රන්ථ ගණනක් තිබෙන්නට ඇත. බෝධිසත්ත්ව සංකල්පය, දේවවන්දනාව, මන්ත්‍ර බලයෙන් විමුක්තිය ලබාගැනීම වැනි ධර්මකොටස් පළමුව සඳහන්කර ඇත්තේ ප්‍රඥා පාරමිතාවේ ය. අෂ්ට සහශ්‍රික ප්‍රඥා පාරමිතාව පළමු ප්‍රඥා පළමු ප්‍රඥා පාරමිතාව වශයෙන් පිළිගැනේ. එය ක්‍රි.ව.පළමු සියවසේදී පමණ පැවති බව පිළිගැනෙයි.
ප්‍රතිඥායෞගන්ධරායන - භාස නම් දෘෂ්‍යකාව්‍යකරුගේ කෘතියකි. ඔහු විසූ යුගය පැහැදිලි නැත. කාලිාසට පෙර යුගයක යැයි බෂාම් මහතා විශ්වාස කරයි.
ප්‍රතිපාලකපුරුෂ-හර්ෂවර්ධන රාජ්‍ය සමයේ රාජ්‍ය නිළධාරියෙකි.
ප්‍රතිමා ලක්ෂණ-ගුප්ත යුගයේදී නග්නජිත් නම් ලේඛකයා කළ කෘතියකි. ප්‍රතිමා නෙළීමේ ක්‍රම විස්තර කර තිබේ.
ප්‍රතිෂ්ඨාන් - ගෝදාවරී නදී බඩ නුවරකි.සාතවාහන අගනුවර පයිතානය. ගෝදාවරී නදී අසබඩ නගරයකි.
ප්‍රබන්ධ කෝෂ- ගුජරාටි ලේඛක රාජශේඛර ගේ කෘතියකි.
ප්‍රබන්ධ චින්තාමණි - මෙරුතුංග නම් ගුජරාටි ලේඛකයාගේ කෘතියකි.
ප්‍රභාකරවර්ධන - පුෂ්‍යභූති පරපුරේ පාලකයෙකු වූ ඔහු සුප්‍රසිද්ධ හර්ෂවර්ධන අධිරාජයාගේ පියා විය. පරමභට්ඨාරක මහාරාජාධිරාජ යන විරුදයත් දැරූ ඔහු ආදිත්‍යවර්ධනයන්ගේ පුත්‍රයා ද විය. රාජ්‍යවර්ධන, හර්ෂවර්ධන හා රාජ්‍යශ්‍රි ගේ පියා ය. පුෂ්‍යභූති වංශිකයෙකි.
ප්‍රභාමිත්‍ර- නාලන්දා වශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි.
ප්‍රභාවතී ගුප්තා-දෙවන චන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය නම් ගුප්ත රජුගේ දියණියයි. ඇය රජුගේ නාගවංශික බිසවක වූ කුබේරනාගාවගේ දියණියයි.විවාහ වූයේ වකාටක වංශයේ දෙවන රුද්‍රසේන රජු සමග ය. ඇය කලක් වකාටක රාජයය පාලනය කළ බව ද සඳහන් ය.
ප්‍රභාසා-දකුණු කාතියවාර් ප්‍රදේශය
ප්‍රභූදමා මහාදේවී-පළමුවන රුද්‍රසිංහ රජුගේ දියණියයි. පළමුවන රුද්‍රසේන රජුගේ දියණිය.පළමුවන රුද්‍රසේන රජුගේ සොයුරිය. ඇය ලිච්ඡවී ප්‍රධානියෙකු හා විවාහ වන්නට ඇතැයි සැලකේ.
ප්‍රලස්ත්‍ය ධර්මශාස්ත්‍ර යටතේ බලන්න.
ප්‍රවරපුරයු-කාශ්මීරයේ ලලිතාදිත්‍ය රජු අධික ලෙස මත්පැන් පානය කර සිටි අවස්ථාවක මේ නගරය ගිණිබත් කරන්නට නියෝග කළ බව සඳහන් වේ. නමුත් ඔහුගේ අමාත්‍යවරු එය ක්‍රියාත්මක නොකළ අතර රජු මත් බවින් මිදුණු පසු ඒ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සතුටු වූ බව කියැවේ.
ප්‍රවරසේන I-වකාටක පාලකයෙකි.
ප්‍රවෘජ්‍යා උත්සවය- පැවිදි කිරීමේ උත්සවය- බෞද්ධ හා ජෛන ආගම් දෙකෙහිම පැවැත්විණි. සමාන ලෙස පැවතුණි.
ප්‍රශස්ති - වරණනා/ප්‍රශංසාත්මක ගුණ වැණීම්.
ප්‍රසන්නරාගව-ජයදේව නම් ලේඛකයා 12වන සියවසේදී රචනා කළ කෘතියකි.
ප්‍රසාද්, බෙනී-ආර්ය සමාජය පිළිබඳ පර්යේෂණ කළ ආචාර්යවරයෙකි.
ප්‍රාඕටෙස්-පාර්තියන් රජෙකු වියහැක. ක්‍රි.ව.1සියවසේ තක්ෂිලා ප්‍රදේශයේ රජයා ඇත.
ප්‍රාකෘත බස - පැරණි ඉන්දියාවේ භාවිත වූ බසකි. සංස්කෘත බස මෙහි සංස්කරණයකැ’යි ද විශ්වාස කෙරේ.
ප්‍රාග්ජෝතිෂ-ඇසෑම් ප්‍රදේශය
ප්‍රාජ්‍යභට්ට - කාශ්මීරයේ ඉතිහාසය සටහන් කිරීමේ කල්හණගේ ඉතිහාස සම්ප්‍රදාය පෙරට ගෙන ගිය ලේඛකයෙකි.
ප්‍රියදර්ශිකා - ශ්‍රී හර්ෂදේව හෙවත් හර්ෂවර්ධන රජුගේ නාට්‍ය කෘතියකි.වත්ස රාජ්‍යයේ උදයන රජු සම්බන්ධකතා පුවතකි.
ප්‍රෞෂ්ඪ ශ්‍රී-කෞෂම්බි පාලකයෙකි. බන්ධොගාර් ලේඛන හයකින් පමණ මේ රජු ගැන තොරතුරු ලැබේ. ඊට අනුව ඔහු වාශිෂ්ඨ පුත්‍ර භීමසේන රජුගේ පුත්‍රයාය. මේ රජුගේ නම ඓතිහාසික ලේඛනවල සඳහන් වන්නේ ‍කෞත්සීපුත්‍ර ප්‍රෞෂ්ඨ ශ්‍රී නමිනි. ඔහු ද මහාරාජ අභිධාදන භාවිත කර ඇත.
ප්ලීනි- ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. රෝමයේ වැසියෙකි. මොහු මෞර්ය යුගය පිළිබඳව ලියා ඇත.
ප්ලූටාර්ක්- ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි.මෞර්ය යුගයේ තොරතුරු මොහුගේ ලේඛන වලින් ලබා ගත හැක. මොහු සිය වාර්තා සඳහා ඇලෙක්සැන්දර් ගේ ඉතිහාසකරුවන්ගේ කෘති යොදාගෙන ඇත.
ඵල්ගුදේව- අයෝධ්‍යාවේ පාලකයෙකි.
ඵල්ගුණමිත්‍ර- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
බංග්ලාදේශය මෙහි පැරණි නම නැගෙනහිර පාකිස්ථානය යි. භූගෝලීය සාධක නොතකා ඉංග්‍රීසීන් විසින් අණුවන ලෙස ඉන්දියාව බෙදා වෙන් කිරීම නිසා මෙම රාජ්‍යය බිහි වූ අතර ඉන්දියාවට සිය ප්‍රෞඪ භූමියේ කොටසක් අහිමි විය.
බක්සාර්-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් යැයි සැක කළ හැකි භාණ්ඩ මේ ස්ථනයේ තිබී ලැබී තිබේ.
බටහිර ඝාට්ස්-දකුණු ඉන්දියාවේ බටහිර වෙරළ දෙසින් ඇති කඳුපන්තියකි. මෙය සහ්ය නමින් ද හඳුන්වා ඇත.
බටහිර චාලුක්‍ය- චාලුක්‍යයන්ගේ බටහිර ඉන්දීය පාර්ශ්වය.කල්‍යාණිය අගනුවර කරගත් පිරිස.
බටහිර බෙංගාලය-ගෞඪ දේශය
බට්ලර්, සැමුවෙල් - ඉන්දු නිම්ණ ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකි.
බදාමි - වාතාපිය. චාලුක්‍යයන්ගේ මුල් අගනගරය.
බද්වා සෙල්ලිපිය-මාලවවරුන් පිළිබඳව තොරතුරු සඳහන් මූලාශ්‍රයකි.
බන්තිගෝ පර්වතය-දකුණු ඉන්දීය පර්වතයකි.
බන්ධොගාර් ලේඛනය-ක්‍රි.ව.129ට පමණ අයත් අභිලේඛනයකි. කෞෂම්බි පාලකයන් ගැන තොරතුරු සෙවීමට වැදගත් වේ.
බබීර(වෛශාලි) ටැම් ලිපිය- අශෝක රජු
බයිතන්-පයිතන්, පයිථාන් හෙවත් ප්‍රතිෂ්ඨානය.ටොලමිගේ කෘතියේ මේ නම සඳහන් වේ.
බයිරාට්/බයිරාත් සුළු ගිරි ලිපිය-අශෝක රජු කරවූවකි.
බරණැස්-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් යැයි සැක කළ හැකි භාණ්ඩ මේ ස්ථනයේ තිබී ලැබී තිබේ.
බරාණසී - ගංගා නදියට සමීප නගරයකි. කාසි රාජ්‍යයේ අගනුවරයි.වරාණසී, බරණැස් ආදී නම් ද ඇත.
බරුවා- ඉන්දීය ඉතිහාසඥයෙකි.
බලතෙර-මේ තෙරුන්වහන්සේ පිදූ බුද්ධ ප්‍රතිමාවක් ගැන සාධකයක් ඇත. එය මථුරා කලාවේ විශේෂ පිළිමයක් සේ සැලකෙයි.
බලමිත්‍ර- සාංචියේ කටයුතු කළ කලාශිල්පියෙකි. ඔහු අයචුද නමැත්තාගේ ශිෂ්‍යෙයකැයි කියැවේ.
බල-මෞඛරී හෙවත් මෝඛරීවරුන්ගේ සේනාපතිවරයෙකි.
බලරාම- දකුණු ඉන්දියාවේ වන්දනාවට පාත්‍ර වූ හින්දු දෙවිවරයෙකි.
බලාධිකෘත- හර්ෂවර්ධන රජුගේ යුධහමුදා ප්‍රධානියා ය.
බලිට (වර්කලයි)- දකුණු ඉන්දීය වරායකි.
බෂාම් ඒ. ඇල්. -ඉන්දීය ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කළ ඉතිහාසඥයෙකි. ඔයැ අදබාැර එය්එ අ්ි ෂබාස් නම් කෘතියේ කතුවරයාය. මෙම කෘතිය ‘‘අසිරිමත් ඉන්දියාව’’ නමින් සිංහලයට පරිවර්තනය වී ඇත.
බසාර්හ්- පැරණි වෛශාලි නගරය.
බසාහ්-පැරණි වෛශාලි නගරය.
බහසතිමිත-ඛාරවේල නම් කාලිංග රජු ඔහුගේ දොළොස්වන රාජ්‍ය වර්ෂයේදී පාඨලීපුත්‍රය ආක්‍රමණය කරනවිට පාඨලීපුත්‍රයේ සිටි පාලකයාය.
බහු දේව වාදය-දෙවියන් රැසක් කෙරේ විශ්වාසය තබා දෙවියන් රැසක් ඇදහීම
බහුධානතෙ යොධෙයානාම්-යෙධේය කාසිවල සඳහන් වැකියකි.
බාඝෙල්ඛාන්ද් - නර්මදා නදී නිම්නයෙන් නැගෙන වින්ධ්‍යා කඳුපෙළ උතුරට බෑවුම් වන අතර සැදෙන උස් බිමකි.
බාණභට්ට- ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයා වේ. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606-647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු වූ හෙතෙම සිය අනුග්‍රාහක හර්ෂවර්ධන රජුගේ චරිතය අලලා හර්ෂ චරිතය නම් කෘතිය කළේය.
බාන්ගාත් ලේඛනය-පාල රාජවංශයේ දෙවන අවදියට අයත් මහීපාල රජුගේ ලේඛනයකි.
බායී - බුරුම ඉන්දියා දේශසීමාබද කදු වැටියකි.
බාලදේවපුත්‍ර-ශෛලේන්ද්‍ර රාජවංශයේ පාලකයෙකි. ඔහු ඉන්දියාවේ පාල වංශික දේවපාල රජු සමග සබඳතා පැවැත්වූ බව පෙනෙයි.
බාලාදිත්‍ය-ගෝනනන්ද නම් රාජවංශයට අයත් පාලකයෙකි.
බැකත්නේලියන් දර්ශන- මථුරා කලාවෙන් මථුරාවේදී නිර්මිත අපරදිග තේමාවක කලාකෘතියකි.
බැකස්-ග්‍රීක දෙවිවරයෙකි. වයඹදිග ඉන්දියාවේ ගන්ධාර කලා සම්ප්‍රදායේ මූර්ති අතර මේ දේවරූපය ද හමුවේ.
බැක්ට්‍රියන් ග්‍රීක කාසි- පන්ජාබය හා වයඹදිග ඉන්දියාව ආක්‍රමණය කර එම ප්‍රදේශ පාලනය කළ බැක්ටි‍්‍රයන් ග්‍රීකයෝ නිකුත් කළ කාසි මේ නමින් හැඳින් වේ. රන්, රිදී හා තඹ වලින් මෙම කාසි නිකුත් කර තිබේ. මේවායේ දෙවිවරුන්ගේ හා රජවරුන්ගේ කාසි ග්‍රීක නිර්මාණ ශෛලියට අනුව අච්චු ගසා ඇත. කාසියේ දෙ පැත්තේ රජුගේ නම හා රුව යොදා කාසි නිකුක් කිරීමේ පුරුද්ද ඉන්දීය රජවරුන් තුළ ඇති වූයේ මෙයින් පසු යැයි විශ්වාස කෙරේ. ශත වර්ෂ දෙකකට අධික කාලයක් වයඹදිග ඉන්දියාව පාලනය කළ බැක්ටි‍්‍රයන් ග්‍රීක රජවර්න් තිස්දෙනෙකු පිළිබඳව තොරතුරු ගවේෂණය කළ හැකි එකම මාර්ගය වන්නේ ද මෙම කාසි ම පමණි. මෙයින් රජවරුන් කිහිප දෙනෙකු පිළිබඳව සාහිත්‍ය මූලාශ‍්‍ර වල සඳහන් වෙතත්, ඔවුන්ගේ ඓතිහාසිකත්වය සනාථ වන්නේ මෙම මූලාශ‍්‍ර වලිනි.
බැක්ට්‍රියාව-තා-හියා නමින් ද හඳුන්වා ඇත.
බැනර්ජි, ආර්. ඩී. - ඉන්දු නදී ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
බැරෝඩා කපොල්ල- ඉන්දියානු අර්ධද්වීපයේ කාතියවාරයට ආසන්නව වින්ධ්‍ය කඳුපෙළේ බටහිර කෙළවරත් කැම්බේ බොක්කත් අතර පිහිටා ඇති සරුසාර තැනිතලාවක් ද වන කපොලූ මාර්ගයකි. පැරණි ලාට රට ද මේ ආශ‍්‍රිතව විය. මෙම කපොල්ලේ සිට කච් හි රාන් අසල වූ තැනිතලාව මැදින් ඉන්දු ගංගා නිම්නයේ පහළ කොටසට යා හැකිය. ඈත අතීතයේ සිට ම ඉන්දු නිම්න වැසියන් ඩෙකානයට ඇතුළු වූයේ මේ කපොල්ල හරහා ය. සින්ධු, සෞවීර, සුරාෂ්ට‍්‍ර වැසියන් ඩෙකාන වැසියන් මෙන් ම මිශ‍්‍ර ප්‍රභවයකින් යුත් ජාතියක් බව බෞද්ධායන ධර්ම සූත්‍රයෙහි දැක්වෙන්නේ මෙසේ මේ මාර්ග ඔස්සේ ජන සංක්‍රමණ සිදු වීම හේතුවෙන් විය යුතුය. සාතවාහනයෝ ද, බටහිර හර්ෂවර්ධන රජු දකුණට බලය පැතිරවීමට ගත් උත්සාහය චාලූක්‍ය වංශයේ දෙ වන පුලකේශීන්ගේ හමුදා විසින් ව්‍යර්ථ කළේ ද මෙහ් දීය. චාලූක්‍යයන්ට පසු බලයට පත් වූ රාෂ්ට‍්‍රකූටයෝ ද මේ කපොල්ල ආරක්ෂා කරමින් අරාබි ආක්‍රමණිකයන්ගෙන් ඩෙකානය රැක ගත්හ. ඒ වන විට අරාබි ආක්‍රමණිකයෝ සින්ධු දේශය යටත් කරගෙන සිටියහ. චාලූක්‍යයෝ ද මේ කපොලූ මාර්ගය විශේෂයෙන් ම ආරක්ෂා කළහ. සාතවාහන පාලකයෙකු වූ යඥ ශ‍්‍රී සාතකර්ණීට අයත් කාසි මේ ප්‍රදේශයෙන් හමු වී තිබීමෙන් එම කාලයේ මෙම ප්‍රදේශය සාතවාහනවරුන් යටතේ පාලනය වූ බව හෙළි වේ. 1706 දී මූගල් වරු ගුජරාටය ආක්‍රමණය කර බැරෝඩා ප්‍රදේශය වනසා දැමූහ.1731 අප්‍රේල් ප 01 දින දී මරාථ සෙන්පති ත්‍රිම්බක් රා ඕ ධබාදේ, 01වන බාජිරා ඕ අතින් මැරුම්කෑවේ ද මෙහි දීය.
බින්දුසාර -මෞර්ය වංශික පාලකයෙකි.(ක්‍රි.පූ.300-274)අශෝක රජුගේ පියා ය. චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජයාගේ පුත්‍රයා ය.
බිමාරන් කරඬුව-ගන්ධාර කලා සම්ප්‍රදාය පිළිබඳ සාධකයක් වන මෙය ඒ කලා සම්ප්‍රදායට අයත් නිර්මාණ අතරින් දැනට හමුවී ඇති පුරාණතම සාධකයකි. එය ක්‍රි.පූ.50ට පමණ අයත් එකකි. මෙය රනින් නිමවා මැණික් එබ්බවූ කවාකාර පෙට්ටියකි. සර්වඥ ධාතු තැන්පත් කිරීමට යොදාගෙන ඇතැයි සිතිය හැක.
බිමාරන්- කුෂාණ යුගයේ කලාව ගැන සාධක හමුවන ස්ථානයකි.
බිම්බිසාර රජු - මගධයේ මුල්කාලීන පාලකයෙකි. භට්ටිය රජුගේ පුත්‍රයා ය. අජාසත් රජුගේ පියා ය. මල්ලිකා දේවිය බිසව වූවා ය. සේනිය(ප්‍රබල සේනාවක හිමිකරුවෙකු වූ නිසා) අභිදානය භාවිත කළෙකි.
බියෙස්- ඉන්දු නදියේ පංච මහා අතු ගංගාවන්ගෙන් එක් අතු ගංගාවකි. මහා ඇලෙක්සැන්දර් හමුදාවෝ තවදුරටත් ඉදිරියට යාම ප්‍රතික්ෂේප කරමින් කෝලාහල කළේ මේ නදී ඉවුරේ දීය.
බිර්නාර්- වයඹදිග ඉන්දියාවේ පිහිටි කඳුවැටියකි.
බිල්හණ- රාජ්පුත් යුගයේ ලේඛකයෙකි. පශ්චාත් චාලූක්‍ය වංශයේ වික්‍රමාදිත්‍ය රජුගේ චරිතය අලලා ප්‍රාකෘත බසින් ‘වික්‍රමාංක - දේව - චරිත’ නම් කෘතිය කළේ මොහුය.
බුදුමුත්තාව ලිපිය- ලංකාවේ ශිලාලේඛනයක් වුව ද මෙහි චෝළ - සිංහල විවාහ සබඳතා පිළිබඳවක් සඳහන් වේ. චුන්දමල්ලියා නම් චෝළ කුමාරිකාවක් පිළිබඳව එහි සඳහන් වේ. මෙය ලංකාවේ පොළොන්නරු යුගයට පමණ අයත් ලිපියකි.
බුදුසමය- බ්‍රාහ්මණ දර්ශනයට අභියෝගීව ඉන්දියාවේ බිහි වූ ආගමික චින්තනයකි. ගෞතම බුදුන්වහන්සේ මෙහි ශාස්තෲවරයා වෙති. මෙතුමා ද ක්‍ෂත්‍රියෙකි. ව‍්‍රත රැකීම, බිලිපූජා ආදිය
බුද්ධ ප්‍රතිමාව-මුලදී බුද්ධ ප්‍රතිමාව මානව රූපකායෙන් නිර්මාණය කිරීමට කලා ශිල්පීන් බිය වූ අතර ධර්මචක්‍රය, සිරිපතුල, බෝධිවෘක්ෂය වැනි සංකේත ඒ සඳහා භාවිතකරන ලදී. නමුත් ග්‍රීක කලාශිල්පීන්ගේ සම්බන්ධවීමක් හරහා ගන්ධාර කලාකරුවා පළමුව බුද්ධප්‍රතිමාව මානව රූපකායෙන් නිර්මාණය කළ බව පිළිගැනෙයි. බුද්ධරූපයේ මානවරූපී ආදීම ප්‍රතිනිර්මාණය කණිෂ්ක රාජ්‍ය සමයට අයත් යැයි සඳහන් වේ. රජුගේ කාසියක බුද්ධරූපය මානවරූපකායෙන් දක්වා තිබේ. නමුත් ටාරන් පඬිවරයා සඳහන් කරන්නේ ශක රජෙකු වූ මාවුස්ගේ කාසියක මුල්ම බුද්ධ ප්‍රතිමාව දක්වා ඇති බවයි.
බුද්ධ සංකේත- බුද්ධ ප්‍රතිමාව යටතේ බලන්න.
බුද්ධගයා ලිපිය- අශෝක රජු කරවූ එකකි.
බුද්ධගයා- ගයාව යි. ඒ් යටතේ බලන්න. මෙය බෞද්ධ පූජනීයස්ථානයක් මෙන් ම සුංග යුගයේ කලා කටයුතුවලට සාධක ඇති ස්ථානයකි.
බුද්ධඝෝෂ හිමි- ලංකාවේ වාසය කළ සුප්‍රසිද්ධ ථෙරවාදී අටුවාචාරින්වහන්සේ නමකි. ලංකාවේ පැරණිතම පාලි අට්ඨකථාව ක්‍රි.ව. පස් වන ශතවර්ෂයට පමණ අයත්වේ. පාලි අට්ඨකථා පළමු වරට රචනා කිරීමේ ගෞරවය බුද්ධඝෝෂ හිමියන්ට හිමි වේ. විදේශිකයෙකු වූ බුද්ධඝෝෂ හිමියෝ මහා විහාරයේ වැඩ වසමින් පාලි අට්ඨකථා රචනා කළ බව දැක්වේ. පාලි අට්ඨකථා වලින් හරි අඩකට වඩා ලියා ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. බුද්ධඝෝෂ හිමියන්ගේ මුල් කෘතිය වන්නේ විසුද්ධිමග්ගය යි. එහෙත් විසුද්ධිමග්ගය අට්ඨකථාවක් නොවේ. බුද්ධඝෝෂ හිමියන්ගේ කෘති උසස් පර්යේෂණවල ප්‍රතිඵල සේ හැඳින්විය හැක.
බුද්ධචරිතය - කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.
බුද්ධසේන-ක්‍රි.ව.731 වැන්නේදී චීන රාජසභාවට ගිය බෞද්ධ භික්ෂුවකි. යශෝවර්මන් රජු විසින් මේ සඳහා අනුග්‍රහ කරන්නට ඇතැයි සිතිය හැකි වේ.
බුන්දෙල්ඛාන්ද් - නර්මදා නදී නිම්නයෙන් නැගෙන වින්ධ්‍යා කඳුපෙළ උතුරට බෑවුම් වන අතර සැදෙන උස් බිමකි.
බෘගභද්‍රකාසිපුත්‍ර-ශුංගවංශයේ පස්වන රජු යැයි අනුමාන කරන ලකයාය.
බෘහත්සංහිතාව- වරාහමිහිර විසින් ගණිතය, තාරකා විද්‍යාව, භූගොල විද්‍යාව, උද්භිද විද්‍යාව යන විෂයයන් අළලා ගුප්ත යුගයේ දී රචනා කරන ලදී. මෙහි ප්‍රතිමා සම්බන්ධයෙන් මෙවන් විස්තරයක් ඇතුළත් වේ. “ප්‍රතිමාවක හිස ඡත්‍රයක් බඳු වියයුතුය. එවිට සෞභාග්‍ය උදාකරයි. නළල මත ඇහිබැම මනා සේ දර්ශනය කිරීමෙන් වාසනාව ළඟා වේ. හක් ගෙඩියක අයුරින් ගෙල තනා ඇත්නම් ජය උදාවේ. ඇත්හොඬයක් මෙන් පරිපූර්ණ අත් ඇත්නම් ආශාවන් මුදුන්පත් වේ. සිංහ විලාසයෙන් දේහය ඇත්නම් කායබල ලැබේ. රඹ කඳක් මෙන් පාද ඇත්නම් ගව මහීෂාදී සම්පත් ලැබේ. ”
බෘහදාරණ්‍යක උපනිශදය-උපනිශද් ග්‍රන්ථ අතර වැදගත්කමින් වැඩි ග්‍රන්ථයකි.
බෘහද් විවාහපටල-වරාහමිහිරගේ කෘතියකි.
බෘහස්පති මිත්‍ර- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
බෘහස්පතිමිත්‍ර- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
බෙග්‍රම්-වත්මන් ඇෆ්ගනිස්ථානයට අයත් නගරයකි. පුරාණ කුෂාණයන්ගේ අගනගරයක් ලෙස සැලකේ.
බෙත්වා - යමුනා නදියේ අතු ගංගාවකි.
බෙනාකටක-ස්ථාන නාමයකි. ගෝවර්ධන නම් දිස්ත්‍රික්කයට අයත් වේ.
බෙනී ප්‍රසාද්-‘ ප්‍රසාද් ’ බලන්න.
බෙරාර්-බෝජකවරු පාලනය කළ ප්‍රදේශයකි.
බෙලරි-පුළුමායි රජු විසින් සාතවාහන රාජ්‍යයට ඈඳාගත් ප්‍රදේශයකි.
බෙල්ලූර්හි වෙන්කතේශ්ව දේවාලය - හොහිසාල නිර්මාණයකි.
බේදාර්නාත්- හිමාලයානු කඳුපන්තිය ආශ්‍රිතව ඇති හින්දු පුදබිමකි.
බෛම්බික කුලය-බ්‍රාහ්මණ කුලයකි. අග්නිමිත්‍ර කාශ්‍යප ගෝත්‍රයේ බෛම්බික කුලයට අයත් යැයි කාලිදාස කියයි.
බොකාරා-පුරාණ සොක්ඩියානාව.
බෝගවර්මන්-නේපාල පාලකයෙකු වූ අන්සුවර්මන් රජුගේ සොහොයුරියගේ පුත්‍රයා ය. හේ විවාහ වී සිටියේ පශ්චාත් ගුප්ත වංශයේ ආදිත්‍යසේන රජුගේ දියණිය සමගිනි.
බෝගස්කොඋයි ලිපිය. - මිතානි පාලකයන්ට සම්බන්ධ කෙටි ලිපියකි. මෙය ඉරානයේ උතුරු දෙසට වන්නට ලිහිටා ඇති ලිපියක් වුව ද ඉන්දියාවට ආර්යයන් සංක්‍රමණය වූ ආකාරය අධ්‍යයනයේ දී වැදගත් වන ලිපියකි. මිත්‍ර, වරුණ, ඉන්ද්‍ර, නාසත්‍ය දෙවිවරුන් සාක්ෂ්‍ය කරගෙන හිටයිට් පාලක බිබ්ලි ලි - උමා හා මිතානි පාලක මත්ති ආසා අතර ඇතිවුණු ගිවිසුමක් සටහන් කර ඇති ශිලාලේඛනයකි. ක්‍රි. පූ. 1400ට පමණ අයත්ය.
බෝජකවරු-බෙරාර් දේශයේ සිටි ස්වාධීන රාජවංශයකි. අශෝක ශිලාලේඛනවලත් ඛාරවේලගේ හතිගුම්ඵා ලිපියේත් ඔවුන් ගැන සඳහන් වේ.
බෝධන්-පැරණි අශ්මක දේශය
බෝලාන් කපොල්ල - වයඹ දිගින් ඉන්දියාවට පිවිසීමට ඇති දුර්ග මාර්ගයක් වුව ද එතරම් ජනප්‍රිය වූ පිවිසුම් මාර්ගයක් නොවේ. මෙය කයිබර් දුර්ගයට කි. මී. 800ක් පමණ දකුණින් පිහිටා ඇත. ඉරානය ඔස්සේ පැමිණෙන ආක්‍රමණික, සංක්‍රමණික පිරිස් අල්ප වශයෙන් මෙම දුර්ගය ප්‍රයෝජනයට ගෙන ඇත.
බෞට්ට ජාතිකයින්-ටිබෙට් ජාතිකයින්
බෞද්ධ සාහිත්‍යය - බුද්ධකාලීන භාරතයේ දේශපාලන තත්ත්වය හෙළි කරන අංගුත්තර නිකාය, ඉන්දියාවේ රාජ්‍ය පාලන තන්ත්‍රය හා ආර්ථික ක්‍රමයේ විකාශය හෙළි කරන අග්ගඤ්ඤ සූත්‍රය, ධාර්මික රාජ්‍යයක ස්වභාවය හෙළි කරන කූටදන්ත සූත්‍රය, බෞද්ධ චක්‍රවර්තී සංකප්ලය හෙළි කරන චක්‍රවර්තී සිහනාද සූත්‍රය, උතුරු ඉන්දීය ඉතිහාස තොරතුරු හෙළි කරන මහාපරිනිබ්බාන සූත්‍රය, භාරතීය සමාජය පිළිබඳ හෙළි කරන ජාතක කතා පොත, ආර්ථික විෂමතා හි නීතිය පිළිබඳ තොරතුරු හෙළි කරන විනය පිටකය, හා ශ්‍රී ලංකාවේ වංසකතා ද මේ වර්ගයට අයත් වේ.
බෞධායන- සුත ග්‍රන්ථ අතරින් එකකි.(බලන්න.‘සුත’)
බ‍්‍රහස්පති- දෙවියන්ගේ පුරෝහිතයායි. වෛදික විශ්වාසය වන්නේ බ‍්‍රහස්පති අග්නි දේවයාගෙන් හෙවත් අග්නියෙන් පහළ වූ බවයි.
බ‍්‍රහ්මගිරි - අශෝක රජු විසින් පිහිටුවනු ලැබූ සුළු ගිරි ලිපියක් මෙම ස්ථානයේ දක්නට ලැබේ. තුංගභද්‍රා නදිය ආසන්නයේ පිහිටා ඇත. මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ මෙතෙක් සිටි දෙවිවරු නරයන් ඇසුරු නොකළ ද දැන් ධර්මය ප්‍රචලිත වී ඇති නිසා දෙවිවරු පෘථිවියට සැපත් වී නරයන් ඇසුරු කරන බවයි. සෞභාග්‍යවත් යුගයක් උදා වී ඇති බවයි.
බ්‍රහ්මගිරි සුළු ගිරි ලිපිය-අශෝක රජුට අයත් ලිපියකි.
බ්‍රහ්මචාරී- ආශ‍්‍රම ධර්මයකි. බ‍්‍රහ්මචරියාවේ හැසිරෙමින් ශිල්පක්‍රම පුහුණු කළ අවධියයි.
බ්‍රහ්මණි - ගංගාවකි. මෙම ගංගාවේ පහළ කොටසින් ඔරිස්සා කපොල්ල ආශ‍්‍රිත ප්‍රදේශය පෝෂණය වේ.
බ්‍රහ්මණ්‍ය දේව-යොධේය කාසිවල හමුවන වැකියකි.
බ්‍රහ්මදත්ත රජු
ජාතක කතා වල හමු වන රජ වරයෙකුගේ චරිතයකි. කල්පිත චරිතයක් හෝ රජ පරපුරක් හැඳින්වීමට යොදා ගත් පොදු නාමයක් විය හැක. මගධයේ රජ කළ බිම්බිසාර රජුගේ පියාට සම කාලීනව අංග දේශය පාලනය කළ රජු ද මේ නමින් හඳුන්වයි. හෙතෙම මගධ රජු ද පරාජය කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
බ්‍රහ්මදේය- හර්ෂවර්ධන රජතුමා බ්‍රාහ්මණ අධ්‍යාපන ආයතනවලට පිදූ ගම්වර මේ නමින් හඳුන්වා ඇත.
බ්‍රහ්මන්- සර්ව ව්‍යාපී දෙවියෙකි. සර්ව බලධාරී දෙවියෝ ද ඔහුම ය.
බ්‍රහ්මපුත්‍රා නදිය -හිමාලයේ කෛලාශ කඳුශිඛරයට ආසන්න ස්ථානයකින් ඇරඹී පළමුව බටහිරටත් දෙවැනිව නැගෙනහිරටත් ආදී වශයෙන් සැතපුම් හත්සියයක පමණ දුරක් ගෙවා පසුව දකුණට ගලා වත්මන් බෙංගාලය හරහා ගොස් ගංගා නම් ගෙ`ග් ප්‍රධාන පිවිසුම් නදිය වන පද්මා නදිය ඔස්සේ ඉන්දියන් සාගරයට එක්වන ගංගාවකි.
බ්‍රහ්මමිත්‍ර- මථුරාවෙන් ලැබුණු කාසිවල සඳහන් නමකි. මේ රජු නාගවංශිකයෙකු යැයි අනුමාන කරයි.
බ්‍රහ්මමිත්‍ර- ශුංග වංශික පාලකයෙකි. මේ රජුගේ බිසව වූ නාගදේවී බිසව බුද්ධගයාවේ රූකම් සඳහා අනුග්‍රහ කර ඇත.
බ්‍රහ්මවර්ත- ඉන්දියාව හැඳින්වීමට භාවිත වූ පැරණි නමකි. මේ වනාහි වත්මන් ඉන්දියාව සේ සැලකෙන භූමිය පමණක් නොව බංග්ලාදේශය, පාකිස්ථානය ඇසෑමය, නේපාලය ඇතුළුව විශාල ප්‍රදේශයක පැතිර තිබූ රාජධානියකි.
බ්‍රහ්මාවර්තය- ඉන්දියාවට සංක්‍රමණය වූ ආර්යයෝ ඔවුන්ගේ පුණ්‍ය භූමිය වශයෙන් සැලකූ සහ ඔවුන් පංජාබයට පසු පදිංචිය සඳහා තෝරා ගත් භූමිය යි. දැනට සිඳී ගොස් ඇති සරස්වතී හා දෘෂද්වතී දෙගංමැදිය යි.
බ්‍රාහ්මණ- වේද සාහිත්‍යයේ කොටස් තුනෙන් එකකි.(සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක) සංහිතාවන්ගේ අන්තර්ගත ගීතිකාවන්ට අර්ථ විවරණ සැපයීම උදෙසා කළ ගද්‍යමය කෘති විශේෂයකි. මෙම කෘති වලින් ආර්යයන්ගේ දාර්ශනික චින්තාවන්ගේ විකාශය මෙන් ම ඔවුන් ගංගා යමුනා තැනිතලාවේ පැතිර යාම පිළිබඳව ද අවබෝධයක් ලබා ගත හැක.
බ්‍රාහ්මණ ආගම- වේදග්‍රන්ථ ආදියේ සඳහන් ඉගැන්වීම් මුල්කර ගනිමින්සමාජයේ කුල ක්‍රමය ඇතිකරමින් තමන් උසස් යැයි කියාගනිමින් යාගහෝම මගින් විමුක්තිය ලබාගැනීමට හැකි යැයි විශ්වාස කරමින් ජනතාව තුළ දෙවියන් පිළිබඳවත් දෙවියන් හා මිනිසුන් අතර අතරමැදියන් වූ බ්‍රාහ්මණයින් පිළිබඳවත්බියක් ගෞරවයක් ඇති කරවීම පිණිස බිහිවූ ආගමයි. මෙය වත්මන් දිල්ලිය කේන්ද්‍ර කොටගනිමින් කුරුපඤ්චාල ප්‍රදේහ ආශ‍්‍රිතව ප්‍රචාරය විය.
බ්‍රාහ්මණ කුලය- මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් නිසා උසස්ම කුලය තමන් යැයි කියාගත් කුලයයි. මොවුන් ඉගෙනීම, ඉගැනවීම, යාග කිරීම, යාග කරවීම, දානය සහ දන් පිළිගැනීම යන කාර්යයන් උදෙසා කැපවී සිටියහ.
බ්‍රාහ්මණ ක්ෂත්‍රීය-බෙංගාලයේ සේනවරු තමන්වම හඳුන්වා ගත්තේ මේ නමිනි.
බ්‍රාහ්මණ ග්‍රන්ථ-වේද සාහිත්‍යයේ කොටස් තුනෙන් එකකි.කෘති සමූහයකි. (සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක) සංහිතාවන්ගේ අන්තර්ගත ගීතිකාවන්ට අර්ථ විවරණ සැපයීම උදෙසා කළ ගද්‍යමය කෘති විශේෂයකි. මෙම කෘති වලින් ආර්යයන්ගේ දාර්ශනික චින්තාවන්ගේ විකාශය මෙන් ම ඔවුන් ගංගා යමුනා තැනිතලාවේ පැතිර යාම පිළිබඳව ද අවබෝධයක් ලබා ගත හැක. මේවා වේද ග්‍රන්ථ වලට ලියූ ව්‍යාඛ්‍යාන වැනිය. මේ අතරින් සෘග් වේදයට ලියූ- ඓතරේය හා කෞෂිතිකී බ්‍රාහ්මණය ද, සාම වේදයට ලියූ- තාණ්ඩව හා ජෛමිනිය බ්‍රාහ්මණය ද, යජූර් වේදයට ලියූ- තෛත්තිරීය හා ශතපථ බ්‍රාහ්මණය ද, අථර්වන් වේදයට ලියූ- ගොපථ බ්‍රාහ්මණය ද වඩා උසස් යැයි පිළිගැනේ.
බ්‍රාහ්මී අක්ෂර- පුරාණ අක්ෂර විශේෂයකි. අශෝක ශිලාලේඛන මෙන් ම ලංකාවේ මුල්කාලීන ශිලාලේඛන ද මේ භාෂාවෙන් ලියැවී ඇත.
බ්‍රෝච් ශිලාලේඛනය-හර්ෂවර්ධන යුගය පිළිබඳ තොරතුරු සපයන මූලාශ‍්‍රයකි.
භංගල-වංග දේශය(?)
භක්තිදාමන්-ශක පාලකයෙකි. විශ්වසිංහ ශක රජුගේ සොහොයුරාය.
භගදත්ත-රජපෙළපතකි. මේ පෙළපතට අයත් ශ්‍රී හර්ෂදේව නම් පාලකයෙක් ගෞඪ, කාලිංග, කෝසල ආදී ප්‍රදේශවල පාලකයා වශයෙන් ක්‍රි.ව.8වන සියවසේ මුල පමණ සිටි බවට සාධක තිබේ.
භගභද්‍ර-තක්ෂිලාවේ පාලකයෙකි. ග්‍රීක තානාපති හෙලියෝඩරස් සේවය කළේ මේ රාජ්‍ය සභාවේ ය.
භගවතී සූත්‍රය - ජෛන සූත්‍රයකි.
භගවත් ගීතාව- මහාභාරත මහා කාව්‍යයේ ක්‍රිෂ්ණ විසින් අර්ජුනට යුධ බිමේ දී කර්ම න්‍යාය මුල් කරගනිමින් ලබා දුන් අවවාද සංග්‍රහ කොට ලියා ඇත. හින්දූන්ගේ ශුද්ධ ග්‍රන්ථයකි.
භගවත්පුරාණය- චෝළ පාලන සමයේ දී(10 සියවසේ දී පමණ) ලියැවුණු කෘතියකි.
භට්ටාරක-පුද්ගල නාමයක්, විරුද නාමයක් හෝ තනතුරු නාමයකි.
භට්ටි-දශමුඛවධ නම් කෘතිය කළේය. ගුප්ත යුගයේ විසීය.
භට්ටිය - බිම්බිසාර රජුගේ පියා ය. හර්යංක වංශිකයෙකි.
භණ්ඩි-පුද්ගල නාමයකි. රාජ්‍ය ශ්‍රී කුමරිය වින්ධ්‍යා කඳුකර යැයි හර්ෂවර්ධන රජුට දැනුම් දුන්නේ මේ පුද්ගලයා විසිනි.
භද්දකච්චායනා කුමරිය-දඹදිව පණ්ඩුශාක්‍ය රජුගේ දියණිය යි. අතිශය රූමත් නිසා ඈ පතා බොහෝ කුමාරවරු ආ අතර ඉන් එක් අයෙකුට හෝ කුමරිය සරණපාවා දීම සෙස්සන්ගේ අමනාප වැඞීමට හේතුවක් විය හැකි නිසා පණ්ඬුශාක්‍ය රජු මෙම දූ කුමරිය නැවක නංවා ‘සමර්ථයෙකු වෙත්නම් ගනුව’යි කියා පා කර හැරියේය. ඈ රැගත් නැව ලංකාවට සේන්දු වූ අතර ගෝණගංපටුනෙන් ඇය ලංකාවට ඇතුළු වුවාය. නාඳුනන දේශයක දී විය හැකි අන්තරාවන් සලකා ප්‍රවෘජ්‍යා වෙස් ගත් ඇය නගරය විමසමින් අවුත් උපතිස්ස ගාමයට පැමිණි අතර ඇගේ තොරතුරු විචාල ඇමතියෝ ඈ පඬුවස්දෙව් රජු වෙත යොමු කළෝය. ඇයගේ රාජකීය පෙළපත පිළිබඳ තොරතුරු අසා දැනගත් රජු ඈ අග මෙහෙසි තනතුරේ තබා ගත්තේය. මෝ තොමෝ පසු කාලයේ රජුට දාව අභය, තිස්ස, උත්තිය, (කණිටු)තිස්ස, අසේල, විභාත, රාම, සිව, මත්තකලෙන, මත්ත යන කුමාරවරුන් දස දෙනා ද, දුටුවන් උන්මාදයට පත්කරනා රූපයෙන් යුත්ත නිසා උන්මාදචිත‍්‍රා නම් වූ දූ කුමරිය ද වැදුවාය.
භද්‍රබල-මහා‍සේනාපති භද්‍රබල යනු කෞෂාම්බි පාලක රාජා වෛශ්‍රවණයන්ගේ පියා යැයි අනුමාන කළ තැනැත්තාය. නමුත් එය සනාථ කිරීමට තරම් ප්‍රබල සාධක නැත්තේය.
භද්‍රමඝ- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
භද්‍රයානය-ආගමික නිකාය නාමයකි.
භද්‍රසෝම- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
භද්‍රිනාත්- හිමාලයානු කඳුපන්තිය ආශ්‍රිතව ඇති හින්දු පුදබිමකි.
භරත ගෝත්‍රය - පශ්චාත් වෛදික යුගයේ දී කුරු ගෝත්‍රය හා එක් වු ඉතා ප්‍රබල ගෝත්‍රයකි.
භරත්පූර් -මාලවයන්ට සම්බන්ධ අභිලේඛන හමු වූ ප්‍රදේශයකි.
භර්තෘහරි-ගුප්ත යුගයේ ශතක ග්‍රන්ථ රචකයෙකි.
භවනාග-පද්මාවතියේ නාග පාලකයින් නවදෙනාගෙන් කෙනෙකි.
භවභූති -ප්‍රතිභාපූර්ණ සංස්කෘත නාට්‍ය රචකයෙකි. උත්තරරාම චරිතය, මහාවීරචරිතය, මාලතීමාධවය වැනි කෘති ඔහු‌ගේ ය.
භවිෂ්‍යන්ති - අනාගත වාක්‍ය හෝ දේව වාක්‍ය. ‘පුරාණ’ නම් ග්‍රන්ථ වල ඇති කරුණු ද මෙසේ දේව වාක්‍ය හෝ අනාගත වාක්‍ය සේ පිළි ගන්නා නිසා මේ නමින් හැඳින්වේ.
භාගිරතී-ගංගා නම් නදිය
භාගිර්ති - හුග්ලි නදිය යි. මේ වනාහි සමුදුරට පිවිසීමට ප්‍රථම ගංගා නදිය බෙදී යන පිවිසුම් අතු ගංගා වලින් වැදගත් ම ගංගාවයි.
භාග් - බෞද්ධ ලෙන් විහාර පිහිටි ස්ථානයකි.
භාගදූග/භාගදූඝ- ආහාර බෙදාහරින්නා හෝ බදු එකතුකරන්නා(පශ්චාත් වෛදික යුගය.)
භාග්‍යාදේවී-පාල රාජවංශයේ රාජ්‍යපාල රජුගේ බිසව
භාණ/බාණභට්ට - ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයා වේ. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606 - 647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු වූ හෙතෙම සිය අනුග්‍රාහක හර්ෂවර්ධන රජුගේ චරිතය අලලා හර්ෂ චරිතය නම් කෘතිය කළේය. කාදම්බරී කෘතිය ද ඔහුගේය
භාණ-හර්ෂ චරිතයට අමතරව චණ්ඩිසතකය පාර්වතීපරිණය, කාදම්බරී යන කෘතීන් ද රචනා කළේය.
භාණ්ස්කෝරා අභිලේඛනය- හර්ෂවර්ධන රජුට අයත් අභිලේඛනයකි.
භාතෘභරී- ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
භානුමිත්‍ර- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
භාරතදේශ-ඉන්දියාව හැඳින්වීමට භාවිත වූ පැරණි නමකි. මේ වනාහි වත්මන් ඉන්දියාව සේ සැලකෙන භූමිය පමණක් නොව බංග්ලාදේශය, පාකිස්ථානය ඇසෑමය, නේපාලය ඇතුළුව විශාල ප්‍රදේශයක පැතිර තිබූ රාජධානියකි.
භාරතය(භාරත්)
වර්තමානයේ පවා ඉන්දියාව තුළ දී ඉන්දියානුවෝ සිය රට හඳුන්වන්නේ මේ නමිනි. ජාත්‍යන්තරයේ දී පමණක් ඉන්දියා යන නම භාවිත කරති.
භාරතවර්ෂ-ඉන්දියාව හැඳින්වීමට භාවිත වූ පැරණි නමකි. මේ වනාහි වත්මන් ඉන්දියාව සේ සැලකෙන භූමිය පමණක් නොව බංග්ලාදේශය, පාකිස්ථානය ඇසෑමය, නේපාලය ඇතුළුව විශාල ප්‍රදේශයක පැතිර තිබූ රාජධානියකි. මේ නම පළමුව භාවිත කළේ කාරවේලයන්ගේ හතිගුම්ඵා ලිපියේ යැයි පිළිගැනෙයි.
භාරත් - වර්තමානයේ පවා ඉන්දීය රාජ්‍ය කටයුතු වලදී රට තුළ දී තමන්ව ම හැඳින්වීමට යොදන්නේ මේ නාමය යි. ඉන්දියාවෙන් පිටත දී පමණක් ඔවුන් ඉන්දියා යන නාමය යොදා ගනී.
භාරද්වාජ-බ්‍රාහ්මණ ගෝත්‍රයකි. සුංගයෝ මෙයට අයත් යැයි පානිනී සඳහන් කරයි
භාරවී - ගුප්ත යුගයේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙකි. කිරාතාර්ජුනීය හා ශිශුපාලවධ නම් කෘතිද්වය මොහුගේය.
භාරසිව-පෙළපත් නාමයකි. ශිව භක්තිකයන් වූ මොවුන් ගංගා නදියෙන් ඈත ප්‍රදේශයක බලයේ සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. මොවුන් අශ්වමේධ යාග දහයක් පමණ පැවැත් වූ ප්‍රබල ගෝත්‍රයකැයි සැලකේ.
භාරුකච්ඡ - බටහිර වෙරළේ වරායකි. කැම්බේ හා කාතියවාර් ආසන්නයේ පිහිටා තිබේ.නර්මදා නදී මෝදරට සමීපය. මෙය නහපානගේ අගනුවර වූ බව ජෛන ආවශ්‍යක නිර්යුක්තියේ සඳහන් වේ.
භාරුත්-සුංග යුගයේ කලා කටයුතුවලට සාධක ඇති ස්ථානයකි.
භාර්ගව-සිද්ධාර්ථ ගෞතමයෝ ගිහිගෙය පිළිබඳ සත්‍ය අවබෝධකොටගත් පසු ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳ මනස ප්‍රගුණ කරනු පිණිස මෙම ගුරුවරයා වෙත ගිය බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
භාෂ්කරවර්මන්-හර්ෂවර්ධන රජුගේ සමකාලීන ඇසෑම්(ප්‍රාග්ජෝතිෂ)රජෙකි. ඔහු හර්ෂවර්ධන රජු හා සමගි ගිවිසුමක් ඇතිකර ගත්තේය.
භාෂ්‍ය - ජෛමිනි නම් කතුවරයාගේ විමංසා සුත නම් කෘතියට ශාඛර විසින් ලියූ අටුවාවයි.
භාස - ස්වප්නවාසවදත්තා නම් කෘතියේ කතුවරයා ය.දෘෂ්‍යකාව්‍ය රචකයෙකි.කාලිදාසට පෙරයුගයේ සිටියෙකැයි බෂාම් අනුමාන කරන නමුත් යුගය සඳහන් නොකරයි. (අසිරිමත් ඉන්දියාව 543 පිට.) ප්‍රතිඥායෞගන්ධරායන යනු ද ඔහුගේ කෘතියකි. වීර රසය උද්දීපනය වන ආකාරයට දෘෂ්‍ය කාව්‍ය රචනයට ඔහු දක්ෂයෙකු වී යැයි සඳහන් වේ.
භික්ෂාව- පිඬුසිඟා යෑම/ සිඟායෑම
භික්ෂුරාජ- කාරවේල රජු භාවිත කළ විරුද නාමයකි.
භිල්සා - දසර්ණ යන නමින් ද හැඳින්වෙන මෙය වින්ධ්‍ය කඳුවලට ආසන්නව පිහිටා තිබූ රාජධානියකි. විදිසා යන නමින් ද, රාමායනයේ දසර්ණ යන නමින් ද හඳුන්වා ඇත.
භීම මුද්‍රාව-කෞෂාම්බි පාලකයින් ගැන තොරතුරු සපයන මුද්‍රාවකි.
භීම-වරේන්ද්‍රි දේශයේ බලය අල්ලාගත් දිව්‍ය නමැත්තාගේ හෝ ඔහුගේ සොහොයුරාගේ පුත්‍රයා ය.
භීමවර්මන්- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
භීමසේන-කෞෂාම්බි පාලකයෙකි. භීට මුද්‍රාවේ ඔහුගේ නම සඳහන් වන්නේ වාශිෂ්ඨ පුත්‍ර භීමසේන වශයෙනි. ඔහු මහාරාජ අභීධානය භාවිත කර ඇති බව බන්ධොගාර් හා පින්ජා අභීලේඛනය අනුව පෙනී යයි.
භීෂ්ම පර්වතය - මහාභාරත වීර කාව්‍යයේ සඳහන් වන ස්ථානයකි.
භුක්ති- හර්ෂවර්ධන රාජධානි සමයේ රාජ්‍ය බෙදා තිබූ පාලන ඒකක අතරින් විශාලම ඒකක වර්ගයයි. භුක්ති යන්න යළි විෂය හෙවත් දිස්ත්‍රික්කවලට බෙදාතිබුණි.
භූමක-ජහරාට භූමක නමින් ද හැඳින්වෙන සත්‍රපයෙකි. කුෂාණ අධිරාජයා යටතේ පැවති වයඹදිග ඉන්දීය ප්‍රදේශ භාරව පැමිණි මුල්ම සත්‍රපයා මොහු විය හැක. ඔහුගේ නම සදහන් කාසි ගුජරාට, කාතිවයාර්, මාල්වා හා අජ්මර් ප්‍රදේශවලින් ද ලැබී තිබේ. ඛරෝෂ්ඨි හා බ්‍රාහ්මී අක්ෂර ලේඛන කිහිපයක ද ඔහුගේ නම සඳහන් වේ.
භූමාරා-ගුප්ත යුගයට අයත් ශිව කෝවිලක නටබුන් හමුවන ස්ථානයකි.
භූමි ස්පර්ශ මුද්‍රාව-මාරපරාජය පිළිබඳ බෞද්ධ රූකම්වල බුද්ධ ප්‍රතිමාව බොහෝවිට යෙදෙන්නේ මේ මුද්‍රාවෙනි.
භූමිමිත්‍ර-කාන්වා පෙළපතේ දෙවන පාලකයාය. වර්ෂ 14ක් මගධය පාලනය කළේය.
භෘගුකච්ච-බ්‍රෝච්, භාරුකච්ඡ වරාය
භෝගපති- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ රාජ්‍ය නිළධාරියෙකි.
භෝජ-ප්‍රතිහාර වංශයේ පාලකයෙකි. රාමභද්‍ර රජුගේ අනුප්‍රාප්තිකයා ය.
මංචපුරි ලෙන-උදයගිරි ශිඛරයේ දෙමහල් ලෙනකි.
මක්ඛලිගෝසාල-බුද්ධකාලීන ශ‍්‍රමණයෙකි. දෛවවාදය හෙවත් නියතිවාදය දේශනා කළේ මොහු ය. මොහුගේ දර්ශනය බෞද්ධ ග්‍රන්ථ වලසංසාරසුද්ධවාදය සේ හඳුන්වා ඇත. සත්ත්වයාගේ අධ්‍යාත්මික පවිත්‍රත්වයට හෝ අපවිත්‍ර වීමට හේතුවක් ප්‍රත්‍යයක් නැති බවත් ඔවුන්ට සිතා බලා කළහැකි යමක් නැතැයි ද දේශනා කළේ ය. ධෛර්ය වඩා වීර්ය වඩා කළහැකි කිසිවක් නොමැත. සියල්ල සිදුවන්නේ පෙර නියමය අනුව ය. (දෛවය අනුව ය.) ඒ අනුව ඔහු සසරේ දිගු කලක් ඇවිද දුක ද සැප ද විඳ අවසන් කරයි. ඒ කිසිවක් ඔහුට පාලනය කළ නොහැක. යනුවෙන් ඉගැන්වූයේ මෙම ශ‍්‍රමණයා ය.
මක‍්‍රාන් දුර්ගය-ඉන්දියාවේ වයඹ දිගට වන්නට ඇති බිර්නාර් කඳුපෙළත් අරාබි මුහුදත් අතරින් වැටී ඇති දුර්ග මාර්ගයකි. කයිබර් දුර්ගයේ සිට කි.මී. 1250ක් පමණ ද, බෝලාන් දුර්ගයේ සිට කි, මී. 480ක් පමණ ද දකුණට වන්නට පිහිටා ඇත. මෙය ඉන්දියාවට පිවිසෙන මාර්ගයක් ලෙස එතරම් ජනප්‍රිය නොවූ මාර්ගයකි. ඊට හේතුව මෙම මාර්ගය අතිශය කර්කශ ස්වභාවයක් ගැනීමයි. මක‍්‍රාන් වෙරළබඩ ප්‍රදේශයේ ඇති අධික උෂ්ණත්වයත්, කාන්තාර ප්‍රදේශ හරහා හමා එන දැරිය නොහැකි අධි උණුසුම් සුළං ධාරාවනුත් නිසා මේ තත්ත්වය උදා වී ඇත. අනෙක් කරුණ නම් මෙම දුර්ග මාර්ගයෙන් ඉන්දියාවට පිවිසෙන්නෙකුට එක්වර ම පිවිසෙන්නට සිදු වන්නේ රාජස්ථානය ආශ‍්‍රිතව ඇති කාන්තාර ප්‍රදේශයකට වීමයි. ධනනන්ද රජුගේ යුධ ශක්තිය අභියස ඉන්දීය ආක්‍රමණය අතර මග නතරකර දමා මේ මාර්ගය ඔස්සේ ඉන්දියාවෙන් පිට වූ මහා ඇලෙක්සැන්දර් අධිරාජයාත්, ඔහුගේ හමුදාවත් විනාශයට පත් වූ අයුරු විමර්ෂණය කර බලන්න.
මගජශ- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
මගධ - රාජාණ්ඩුවකි. පළමුව ගිරිබ්‍රජය අගනුවර කරගත් මෙය පසුව රාජගෘහය අගනුවර කරගෙන වර්ධනය විය. නමුත් ගිරිබ්‍රජය හා රාජගෘහය එක ම ස්ථානයක් යැයි ද මතයක් ඇත. නමුත් වඩාත් ප්‍රබල වූයේ පාඨලීපුත්‍රය අගනුවර බවට පත්වූ පසු ය. සොළොස්මහා ජනපද අතරින් වඩාත් ප්‍රබල, ප්‍රමුඛ ජනපදය ලෙස වර්ධනය වූයේ මෙය යි. මෙය පිළිබඳව පළමුව සඳහන් වන්නේ අතර්වන් වේදයේ ය.
මගධ ගුප්ත-විෂ්ණු පුරාණයේ මගධවරුන් හඳුන්වා ඇත්තේ මේ නමිනි. මේ නිසා ගුප්තයින්ගේ මුල්බිම මගධයයැයි මතයක් නිර්මාණය වී තිබේ.
මගධරාජ - හර්ෂවර්ධන(ක්‍රි.ව.606 - 647) (මගධය අල්ලාගත් නිසා) රජු භාවිත කළ විරුදයකි.
මගොජව- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
මඝ-කෞෂාම්බි පාලකයින් අතරින් ඇතැමෙකුගේ නම අගට යෙදී ඇති කොටසකි.
මජුප- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
මජුම්දාර් ආර්.සී.- ඉන්දීය ඉතිහාසය පිළිබඳ ගවේෂණය කළ පඬිවරයෙකි.
මණික්යාල ගල්පෙට්ටිපියන් ලිපිය-කණිෂ්ක අධිරාජයාගේ පාලන සමය පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයකි.
මණික්යාල සෙල්ලිපිය-කුෂාණ යුගයේ තොරතුරු දෙන මූලාශ්‍රයකි.
මණිමේකලායි - දමිළ සාහිත්‍යයේ මහා කාව්‍යයකි.
මණ්ඩල-කොටස්, ඒකක, පරිච්ඡේද, ආයතන, අනු කොටස්
මතනදේව-පාලවරුන් යටතේ අංග දේශය පාලනය කළ සාමන්තයෙකි. පාල පරපුරේ රාමපාල රජුගේ මාමණ්ඩිය යි.
මතනදේව-රාෂ්ට්‍රකූට පාලකයෙකි. පාල වංශයේ තුන්වන විග්‍රහපාල රජු මේ රජුගේ සොයුරිය විවාහ කරගත්තේය.
මතිනාග කෝවිල-ගුප්ත යුගයේ ඉදිවුණු මේ කෝවිල පිහිටා ඇත්තේ මතියමාත් නම් ස්ථානයේ ය.
මතියමාත්-ස්ථාන නාමයකි. මෙහි ගුප්ත යුගයේ ඉදිකළ මතිනාග නම් කෝවිල පිහිටා තිබේ.
මත්තමයුරක-ජන කොටසකි. රොහිතීක ප්‍රදේශයේ වාසය කර ඇත.
මත්තවිලාහ - පළමුවන මහේන්ද්‍රවර්මන් පල්ලව රජු. (ක්‍රි.ව.600 - 630) භාවිත කළ විරුදයකි.
මත්ස්‍ය - රාජාණ්ඩුවකි. විරාටය අගනුවර විය.
මථ-හර්ෂ චරිතයේ මේ නමින් හඳුන්වා ඇත්තේ බ්‍රාහ්මණ තාපසාරාම විශේෂයකි.
මථුරා - කුෂාණ යුගයේ දී මූර්ති ආදී කලාවන්ට පාදක වූ බිමකි. සංස්කෘතික වැදගත්කමක් තිබේ.
මථුරා කලා සම්ප්‍රදාය-දේශීය ලක්ෂණ සහිතව වර්ධනය වූ ඉන්දීය කලා සම්ප්‍රදායකි. මථුරාව මුල්කරගෙන වර්ධනය විය. බුද්ධ ප්‍රතිමා ආදියේ ආධ්‍යාත්මික ලක්ෂණ මතුකිරීමට උත්සාහ කර තිබේ. මෘදු පෙනුම හා ආකර්ෂණීය ඉරියව් ආදියෙන් යුතුය.
මථුරා ටැම් ලිපිය- දෙවන චන්ද්‍රගුප්ත රජුට අයත් ලිපියකි.
මදුරාසිය- කොරමැණ්ඩල් වෙරළ ආශ‍්‍රිතව ඇති කුඩා වරායකි. වත්මන් චෙන්නායි.
මදුරෙයි- පුරාණ මදුරා පුරය.
මදුරෙයි කොණ්ඩ- මදුරාව ජයගත් යන අරුතින් පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 - 953) භාවිත කළ විරුදයකි.
මදුරෙයියුම් ඊළමුම් කොණ්ඩෙයි- (මදුරාව සහ ලංකාව ජයගත්) පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 - 953)භාවිත කළ විරුදයකි.
මද්‍රක-රාවි චේනාම් ගංගා අතරමැදිය. එහි ප්‍රධාන නගරය සාකල හෙවත් සියල්කොට් ය.
මධුභාන් අභිලේඛනය- හර්ෂවර්ධන රජුට අයත් අභිලේඛනයකි.
මධ්‍ය ඉන්දීය සානුව- ඉන්දියාවේ එක් ප්‍රධාන භූ ගෝලීය ඒකකයකි. ඉන්දු නදී නිම්නයත්, ගංගා නදී නිම්නයත් අතර කොටසයි. මේ කොටස කුඩා ගංගා, ලොකු කුඩා කඳුවැටි, හා වනාන්තර ආදියෙන් නොයෙක් කොටස් වලට බෙදී ඇත. මේ නිසා ඉන්දීය ඉතිහාසය පුරා මේ ප්‍රදේශ ආශ‍්‍රිතව ජීවත් වූයේ ඉහත කී භූගෝලීය බාධක නිසා එකිනෙකා හා සමීප සම්බන්ධතා නොපැවැත් වූ කුඩා ගෝත්‍රයන් ය. අරවල්ලි කඳුවැටිය ද, සත්ලෙජ් නදියෙන් දකුණේ තරමක් ශුෂ්ක කලාපය ද, ථාර් කාන්තාරය ද, ගුජරාටය හා කාතියවාර් අර්ධද්වීපය ද මීට ම අයත් වේ.
මධ්‍ය දේශ- පුරාණ ඉන්දියාව බෙදාතිබූ පාලන ඒකක පහෙන්(මධ්‍යදේශ, පූර්වදේශ, දක්ෂිණාපථය, අපරාන්තය, උත්තරාපථය) එකකි. දේශසීමා පැහැදිලිව සඳහන් කළ නොහැකි නමුත් මධ්‍යඉන්දීය ප්‍රදේශයක් බව පැහැදිලි ය.
මධ්‍යධරණී මානව වර්ගය- ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ප්‍රදේශ වල තිබී මෙම මානව වර්ගයට අයත් හිස් කබල් ද හමු වී ඇත. මොවුන්ගේ හිස් කබල පළලින් අඩුය. මොළය කොටස කුඩාය.
මනි- ග්‍රීවාභරණයකි.වෛදික යුගය.
මනිපූර් සානුව- බුරුම ඉන්දියා දේශ සීමාවේ පිහිටි සානුවකි.
මනුස්මෘති- ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ‘මානවධර්මශාස්ත්‍ර’ නමින් ද හැඳින්වේ. ක්‍රි.ව. 1-4 සියවස් අතර කාලයේ රචනා කර ඇතැ’යි පිළිගැනේ. පැරණි ඉන්දියාවේ සමාජ ඉතිහාසය හැදෑරීමේ දී අතිශය වැදගත් වේ. නීතිය, අධිකරණ සම්ප්‍රදාය, චතුර්වර්ණයට අදාළ අයිතිවාසිකම් හා වතකීම් අදිය පිළිබඳව විස්තර ගෙන එයි. මීට අමතරව භාරතීයයන්ගේ විවාහ නීති, දික්කසාදය, දේපළ උරුමය, වෙළඳ කටයුතු, ණය ගනුදෙනු, හා දේශපාලන න්‍යයයන් පිළිබඳව ද විස්තර ගෙන එයි.
මන්දසෝර් ප්‍රශස්තිය-ගුප්ත යුගයේදී වත්සභට්ටි විසින් රචනා කළ පිටපතක් අනුව සැකසුනකි.
මන්දසෝර්-දශපුර ප්‍රදේශය
මන්රම්-අග්‍රවිනිශ්චය මණ්ඩලය (දකුණු ඉන්දියාව)
මපක- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
මපය- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
මම්බරුස්- පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට මේ නමින් යුතු පාලකයෙකු ඉන්දු නදියේ පහළ නිම්නය ආශ්‍රිත ප්‍රදේශයේ (සිතියාවේ) සිට ඇත. ඔහු කවරෙක්දැයි හඳුනාගැනීමට සාධක අල්ප නමුත් කාතියවාර්, ගුජරාට හා රාජ්පුතානාවේ කොටසක් ඔහු විසින් පාලනය කරන්නට ඇතිවග අනුමාන කෙරෙයි.
මම්මුණි-අරාබි පාලකයෙකු විය හැක. ඔහු කාශ්මීර පාලක ලලිතාදිත්‍ය රජු වෙතින් පරාජය වූවෙකි.
මයිසූර් සානුව- මයිසෝර් සානුව යි. ඒ යටතේ බලන්න.
මයිසෝර් සානුව- (මයිසූර් සානුව) අර්ධද්වීපික ඉන්දියාවේ පිහිටා ඇති ප්‍රධාන සානුවකි. ක‍්‍රිෂ්ණ නදිය මුහුදට වැටෙන්නේ මෙම සානුවට උතුරිනි. කාවේරි නදිය හා එහි අතු ගංගා ද ඇරඹෙන්නේ මෙම සානුවෙනි.
මයුර- හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී සූර්යසතකය රචනා කළේය. හර්ෂවර්ධන රජුගේ රජ වාසල කවියෙකි.
මයුර්ගඤ්ජි - දකුණු ඉන්දියාවේ ඇති කඳුවැටියකි.
මරණ්ඩායි-චේරයන්ගේ අගනගරයකි.
මරිත්ත- බැබිලෝනියානු දෙවියෙකි.
මරු-මාර්වර් ප්‍රදේශය
මලයා-ට්‍රැවන්කෝර් කඳුවැටිය
මලයාලම් - දකුණු ඉන්දියාවේ ප්‍රධාන භාෂාවකි. (දකුණු ඉන්දියාවේ ප්‍රධාන භාෂා හතරකි. ඒවා නම් දෙමළ, තෙළි`ගු, කණ්නඩ හා මළයාලම් ය.)
මලවවරු/මාලව වරු-මලය හෙවත් කඳුකර ප්‍රදේශ මුල්කරගනිමින් මුල් කාලීනව විසූ ජන කොටසක් විය යුතුය. මොවුන් පිළිබඳ ඉතිහාස තොරතුරු අනුව මේ නමින් ඉන්දියාවේ ප්‍රදේශ ගණනක ජන කණ්ඩායම් සිට ඇත. ඔවුන් එකම මූලයක් සහිත ජන කණ්ඩායම් ද යන්න පැහැදිලි නොවේ. මධ්‍ය ඉන්දියාවේ බටහිර ඉන්දියාවේ හා වයඹ ඉන්දියාවේ සිටි මාලවවරු ගැන විවිධ මූලාශ්‍රය වල සඳහන් වේ. මහා අලෙක්සැන්ඩර් යුගයේදී රාවී හා චේනබ් ගංගා අතර සිටි මාලවවරුන් පිරිසක් ගැන සඳහන් වේ. එහි දී ඔවුන් ක්ෂුද්‍රකවරු සමග එක්ව සමූහාණ්ඩුවක් පිහිටුවාගෙන විසූ බවට සාධක ඇත. මහාභාරතයේ මීට සාධක හමුවේ. රාජ්පුතානාවේ විසූ මාලවවරුන් පිරිසක් ගැන ද මේ ආසන්න කාලයක අසන්නට ලැබේ. බොහෝවිට ඔවුන් පංජාබයේ සිට සංක්‍රමණය වූ පිරිසක් විය යුතුය. ඉන්දු ග්‍රීකයන් හා සිතියන්වරු(ශකවරු) පංජාබය අල්ලාගැනීම මේ සංක්‍රමණයන්ට හේතු වන්නට ඇත. වික්‍රම සංවත් වර්ෂ ක්‍රමය ඔවුන් විසින් ඇරඹූ බවට සාධක මද වශයෙන් ඇතත් මේ වර්ෂ ක්‍රමය ඔවුන් නිශ්චිත වශයෙන්ම භාවිත කළ බව සිතන්නට ප්‍රබල සාධක තිබේ. ඩ්‍රැන්ජියානු යුග වර්ෂ ක්‍රමය ද ඔවුන් භාවිත කරන්නට ඇත. කුෂාණවරුන් යටතේ සිටි කාලයේ ඔවුන් කෘත වර්ෂ ක්‍රමය ද භාවිත කර ඇත. මාලවයින්ගේ ප්‍රකට අගනගරය මාල්වා නගරයයි. නූතනනගර් හෝ කර්කෝට්නගර් යනුවෙන් හැඳින්වෙන්නෙ මේ පුරාණ මාලව නගරය වියහැක. මාලවවරුන් ඔවුන්ගේම කාසි පවා නිකුත් කර ඇත.
මල්ල- සමූහාණ්ඩුවකි. කුසිනාරා හා පාවා නමින් අගනුවර දෙකක් විය.
මල්ලිකාර්ජුන කෝවිල් ලිපිය- පළමුවන නරසිංහවර්මන් පල්ලව රජුගේ චාලූක්‍ය දේශ ආක්‍රමණය පිළිබඳව සඳහන් වන සෙල්ලිපියකි. මෙම ආක්‍රමණයේ දී දෙවන පුලකේශීන් රජු මියගිය අතර නරසිංහවර්මන් රජුට වාතාපිකොණ්ඩ යන අභිදානය හිමිවිය. මෙම ලිපිය නරසිංහවර්මන් රජුගේ 13වන රාජ වර්ෂයේ දී පිහිටුවා ඇත.
මව් දෙවඟන- ජගන් මාතා නම්න් හැඳින්වෙන්නේ ද මැයයි.ඉන්දු නිම්න වැසියන් භූමියේ සශ‍්‍රීකත්වය ඇති කිරිමේ අභිප්‍රායෙන් මේ දෙවඟන වන්දනා කර ඇත. ඉන්දු නිම්නයෙන් මේ දෙවඟන ගේ ටෙරාකොටා පිළිරූ ගණනාවක් හමු වී ඇත. ඒවා නිරුවත්ය. ඉන් එකක් බඳපටියකින් හා හිස් වැස්මකින් සරසා තිබේ. තවත් රුවක් මැටි මුද්‍රාවක දැකගත හැක. එහි ඇය දෙපා පළල් කරගෙන බද්ධපර්යංකයට සම ඉරියව්වකින් හිඳී. ඇයගේ යෝනියෙන් කුඩා පැළයක් මතු වේ.එය සශ‍්‍රීකත්වය සංකේතවත් කරනවා විය හැක. එහි පසුතලයේ දෑකැත්තක් වැනි අවියක් ඔසවා ගත් මානව රුවක් ද, දෑත් ඔසවාගෙන හි`දිනා ස්ත්‍රියකගේ රුවක් ද වෙයි.තවත් මුද්‍රාවක ස්ත්‍රියක් ඇසතු ගසක දෙබලක සිටගෙන සිටී. ඇය ජගන්මාතා වියයුතු යැයි පිළිගන්නේ බිලි දීම උදෙසා රැගෙන ආ එළුවන් සහ උන් භාරව ආ මිනිසෙක් ගස පාමුල හි`දිනා බැවිනි. වත්මන් ඉන්දියාවේ ශක්ති වන්දනාවේ දී එළුවන් බිලි දීම සිරිතකි.මාතා, අම්මා, ඇමිබා, කාලි, කරාලි, ආදී ලෙස සිදු කරන මාතෘ දේව වන්දනාවේ මුල් අවස්ථාව ඉන්දු නිම්නයේ මෙම මව් දෙවඟන ඇදහීම යැයි පිළිගැනේ.
මස්කි- ක්‍රිෂ්ණ නදියට තරමක් සමීප මෙම ස්ථානයෙන් අශෝක රජුට අයත් කුඩා ගිරි ලිපියක් හමු වී ඇත. මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ මෙතෙක් සිටි දෙවිවරු නරයන් ඇසුරු නොකළ ද දැන් ධර්මය ප්‍රචලිත වී ඇති නිසා දෙවිවරු පෘථීවියට සැපත් වී නරයන් ඇසුරු කරන බවයි. සෞභාග්‍යවත් යුගයක් උදා වී ඇති බවයි.
මස්කි සුළු ගිරි ලිපිය- අශෝක රජු කරවූ ලිපියකි.
මහ යු-එචී- මහ යුඑචීවරු. යු-එචී ගෝත්‍රයෙන් කොටසකි. ඔවුන් ජැක්සාටස් නදී ආසන්නයේ පදිංචි වූහ.
මහතස- කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි.
මහරජ- වීම කැඩ්ෆයිසස්ට භාවිත කළ විරුදයකි.
මහරජස රාජාධිරජස මහතස ත්‍රතරස-වීමා කැඩ්ෆයිසස් රජුගේ කාසිවල සඳහන් ඛරෝෂ්ඨි පාඨයකි.
මහරජස-කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි.
මහරජසමොඅස-මෝග හෙවත් මාවුස් නමැති සිතියන් රජුගේ නම ඔහුගේ මුල් කාසිවල සඳහන්වන ආකාරය.
මහරාජ දේවනාග- නාගවංශික පාලකයෙකි.
මහරාජ ස්කන්ධනාග- නාගවංශික පාලකයෙකි.
මහා ධාන්‍යාගාරය- හරප්පා ශිෂ්ටාචාරයෙන් හමු වූ මෙම ගොඩනැගිල්ල මීටර 55x49 ප්‍රමාණයේ එකකි. මෙහි තිබී තිරිඟු හා බාර්ලි දහයයියා හමු වී ඇති නිසා ධාන්‍යාගාරය යන නම ලබා ඇත. ධාන්‍යාගාරය මැද, දෙ පසට මුහුණ ලා ගබඩා කාමර දෙපෙළක් සහිත බරාඳයකි.ඊට ආසන්නයේ තිබී කම්කරු නිවාස ලෙස සැකිය හැකි එක සමාන කාමර 16ක් ද, වංගෙඩි වලට සමානව ගඩොලින් කළ වෘත්තාකාර නිර්මාණ කිහිපයක් ද හමු වී ඇත.
මහා නාන තටාකය- මීටර 13x7x2.5 ප්‍රමාණයේ දිග පළල හා ගැඹුර ඇතිව මොහෙන්ජොදාරෝවේ තිබූ නාන තටාකයකි. ජිප්සම් යොදා ගඩොලින් බැඳි බිත්ති සහිතය. උමං ජල මාර්ග, ඇඳුම් මාරු කරන කාමර ආදිය සහිතය. නාන තටාකය වටා ඇති බරාඳයේ තුන් පැත්තක ම කාමර ඇත.
මහා ප්‍රඥා පාරමිතාව- මහායානික සූත්‍රයකි.
මහා මල්ල- පළමු නරසිංහ වර්මන් පල්ලව රජු(ක්‍රි.ව.642 - 668) භාවිත කළ විරුද නාමයකි.
මහා රැස්වීම් ශාලාව- මොහෙන්ජොදාරෝ නගරයෙන් හමු වූ විශාල ගොඩනැගිල්ලකි. මීටර 75ං25 ප්‍රමාණයෙන් යුක්තය. අධ්‍යාපනික අවශ්‍යතාවක් මත ඉදි කළ ගොඩනැගිල්ලක් යැයි පිළි ගැනේ.
මහා ශාස්ත්‍රශාලාව- ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් මතු වූ ගොඩනැගිල්ලකි. මහා රැස්වීම් ශාලාව යටතේ බලන්න.
මහා සානුව- හින්දුස්ථානයෙන් දකුණේ වින්ධ්‍යා හා සත්පුර කඳුවලින් දකුණු ප්‍රදේශයයි. දකුණු කෙළවර ඇත්තේ නිල්ගිරි කඳුය. මෙය අර්ධද්වීපික ඉන්දියාව ලෙස ද හැඳින්වේ. මෙය ඩෙකෑන් සානුව හා වෙරළබඩ තීරුව ලෙස කොටස් දෙකකට බෙදේ. මෙහි නැගෙනහිර වෙරළ කොරමැණ්ඩල් වෙරළ ලෙස ද බටහිර වෙරළ මළබාර් වෙරළ ලෙස ද හැඳින්වේ. මෙම වෙරළ තීරු ආශ‍්‍රිතව නැගෙනහිර හා බටහිර ඝාට්ස් යනුවෙන් කඳුවැටි දෙකක් පිහිටා ඇත. නැගෙනහිර ඝාට්ස් කඳුවැටිය වඩාත් වැදගත් වන්නේ එය ගංගා කිහිපයකට තිඹිරි ගෙය වී ඇති බැවිනි. මේ ප්‍රදේශයේ ඇති ගංගා අතරින් ගෝදාවරී නදිය හැර සෙසු නදීන් වැදගත් සේ නොසැලකේ. මන්දයත් මෝසම් වර්ෂාවෙන් පෝෂණය වන මේවා වසරේ එක් කාලයක දී සිඳී යන බැවින් හා එම හේතුව නිසා ම කෘෂි කටයුතු වලට මේවායින් එතරම් දායකත්වයක් නොලැබෙන බැවිනි.
මහා ස්නානාගාරය- ජෝන් මාෂල්ට අනුව ජල චිකිත්සාගාරයකි.
මහාකාන්තාරයේ ව්‍යාඝ්‍රරාජ- සමුද්‍රගුප්ත රජු අතින් පරාජය වූ රජෙකි.
මහාකාව්‍ය- ඉන්දියාවේ මහා කාව්‍ය වශයෙන් සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ රාමායනය හා මහාභාරතයයි.
මහාදණ්ඩනායක- ගුප්ත රාජසභාවේ තනතුරු නාමයකි. හරිශේන නම් අමාත්‍යයා සමුද්‍රගුප්ත සමයේ මේ තනතුර දරා ඇත.
මහානදී- අර්ධද්වීපික ඉන්දියාවේ ඇති ගංගාවකි. ඔරිස්සාව ආසන්නයෙන් මුහුදට වැටේ.
මහාපද්මනන්ද(ක්‍රි.පූ.362 - 334)- දෙවන පරශුරාම,සර්වක්ෂත්‍රාන්තික, ඒ්ක්රාත් ආදී විරුදයන් භාවිත කළ රජෙකි.
මහාපරිනිබ්බාන සූත්‍රය- බෞද්ධ සූත්‍රයකි.
මහාපෞරව- මහා ඇලෙක්සැන්දර් ආක්‍රමණ සමයේ වයඹදිග ඉන්දියාවේ පැවති ගෝත්‍රික රාජ්‍යයකි.
මහාප්‍රතීහාර- හර්ෂවර්ධන අධිරාජයාගේ රාජසභාවේ අමාත්‍ය තනතුරකි.
මහාබලාධිකෘත- හර්ෂවර්ධන අධිරාජයාගේ රාජසභාවේ අමාත්‍ය තනතුරකි. ඔහු හර්ෂවර්ධන රජුගේ යුධහමුදා ප්‍රධානියා ය.
මහාබලිපුරම් රථ දේවාල - පල්ලවයින්ගේ නිර්මාණයකි.පළමු නරසිංහවර්මන් සමය
මහාබෝජවරු-ඩෙකෑනයේ සිටි පෙළපතකි.
මහාභාරතය- ව්‍යාස ගේ කෘතියකි.ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දේශීය(ඉන්දීය) සාහිත්‍ය මූලාශ‍්‍රයකි. පැරණි ඉන්දීය සාහිත්‍යයට අයත් මහා කාව්‍යයක් ලෙස ද වීර කාව්‍යයක් ලෙස ද හැඳින්වේ. හින්දු පුනර්ජීවනයක ප්‍රතිඵල නිසා බිහි වූවක් යැයි ද පිළිගැනේ. අතිශයෝක්තීන් හා දේවකතා ආදිය බහුල වීම නිසා ප්‍රබල ඉතිහාස මූලාශ‍්‍රයක් ලෙස නොපිළිගැනේ. රාමායනය නම් අනෙක් මහා කාව්‍යයට සාපේක්ෂව මහාභාරතය වඩාත් පුළුල් භූගෝලීය පරිස්ථිතියක් සහිත ඉන්දියාවක් පිළිබඳ තොරතුරු හෙළි කරයි. දක්ෂිණාපථයේ වන රාජධානි පිළිබඳව ද, එහි වාසය කළ ජාතීන පිළිබඳව ද, ගංගාවන් පිළිබඳව ද මහා භාරතයේ විස්තර ඇතුළත් වේ.එහි එක් යුධ වීරයෙකු වන සහදේව පාණ්ඩ්‍ය, ද්‍රවිඩ, උද්‍ර, කේරළ හා ආන්ද්‍රයන ජාතීන් ජයගත් බව සඳහන් වීමෙන් ම මෙම කතුවරයා දක්ෂිණාපථය පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබූ බව හෙළි වේ. මහා නදී, ගෝදාවරී, ක‍්‍රිෂ්ණ, කාවේරි යන නදීන් පිළිබඳව ද, උත්තරාපථවේ සිටි ජාතීන් 157(එකසිය පනස් හතක්) පිළිබඳව ද, දක්ෂිණාපථයේ සිටි ජාතීන් 50(පනහක්) පිළිබඳව ද මෙම කෘතියේ සඳහන් වේ. මෙය රාමායනයට පසුව ලියැවුණකි. නමුත් මහාභාරතයට පාදක වූ සිද්ධිය රාමායනයට පාදක වූ සිද්ධියට පෙරාතුව සිදු වූ බව පිළිගැනෙයි.
මහාභාෂ්‍ය- පුෂ්‍යමිත්‍ර ශුංග රජුට සමකාලීනව විසූ පතංජලී නම් කතුවරයාගේ කෘතියකි.
මහාමේඝවාහන-චේදිරාජ පෙළපතේ ආරම්භකයා ද මේ නමින් හඳුන්වා ඇත.
මහාමේඝවාහන-චේදිවරු
මහාමේඝවාහන-රජපෙළපතකි. ක්‍රි.පූ.පළමු සියවසේදී මේ රජපෙළපත කාලිංගයේ බලසම්පන්න රාජ්‍යයක් බවට පත්කළේය.
මහාමෝක්ෂ පරිෂද්-හර්ෂවර්ධන රජු සෑම වර්ෂ පහකටම වරක් ප්‍රයාගයේ පැවැත්වූ මහා දානමය පුණ්‍යකර්මයකි.
මහායාන- බෞද්ධ නිකායකි. මෙය දකුණු ඉන්දියාවේ බිහිවී උතුරු ඉන්දියාවට ව්‍යාප්ත වී යැයි ප්‍රඥා පාරමිතාවේ සඳහන් වේ.
මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ භීක්ෂූන්වහන්සේලා - අශ්වඝෝෂ, වසුමිත්‍ර, වසුබන්ධු. නාගර්ජුන, ආර්යදේව, සංඝමිත්‍ර හිමිවරු.
මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැපවූ භීක්ෂූන්වහන්සේලා - අශ්වඝෝෂ, වසුමිත්‍ර, වසුබන්ධු. නාගර්ජුන, ආර්යදේව, සංඝමිත්‍ර හිමිවරු.
මහායෝගී-ශිව දෙවි
මහාරාජ - හර්ෂවර්ධන රජු( පුෂ්‍යභූති වංශය) (ක්‍රි.ව.606 - 647) භාවිත කළ විරුදයකි.
මහාරාජ ගණේන්ද්‍ර-පද්මාවතියෙන්, විදිසාවෙන් හා මථුරාවෙන් හමුවුණු කාසි කිහිපයක සඳහන් නමකි.
මහාරාජ නාගභට්ට-ක්‍රි.ව.4 සියවසට අයත් ලාහෝර් තඹ මුද්‍රාවේ සඳහන් වන නාමයකි.
මහාරාජ බෘහස්පතිනාග- නාගවංශික පාලකයෙකි.
මහාරාජ භීමනාග-නාගවංශික පාලකයෙකි.
මහාරාජ-කෞත්සීපුත්‍ර ප්‍රෞෂ්ඪ ශ්‍රී නමැති කෞෂාම්බි පාලක, කෞෂ්කීපුත්‍ර භද්‍රමඝ නමැති කෞෂාම්බි පාලක
මහාරාජපුත්‍ර දේවභට්ටාරක - ගුප්ත යුගයේ රජුගේ ඥාති පුත්‍රයෙකු හිඳින්වීමේ දී යොදා ගත් විරුදයකි.
මහාරාජභවනාග-වකාටක ලේඛනවල මේ නම හමුවන්නේ I රුද්‍රෙස්න රජුගේ සීයා ලෙසිනි. ක්‍රි.ව.3-4සියවස් ආසන්න කාලයක වාසය කරන්නනට ඇත. ඔහු භාරසිව නම් පෙළපතට අයත් යැයි අනුමාන කරන අතර එය නිවැරදි නම් ඔවුන් භාගිරතී (ගංගා) නදියෙන් ඈත ප්‍රදේශයක වාසය කළ ශිව භක්තිකයන් පිරිසක් වියයුතුය.
මහාරාජ-භීමසේන (කෞෂාම්බි පාලක)
මහාරාජාධිරාජ - දෙවන පුලකේශීන්(ක්‍රි.ව.610 - 642) (බටහිර චාලුක්‍ය වංශය), දන්තිදුර්ග රජු(ක්‍රි.ව.733 - 758) (රාශ්ට්‍රකූට වංශයේ), ප්‍රභාකරවර්ධන (පුෂ්‍යභූති වංශය) ආදී රජවරුන් භාවිත කළ විරුදයකි.
මහාරාජාධිරාජ-පාල වංශයේ ධර්මපාල රජු, පාලවංශයේ රාජ්‍යපාල රජු, නයනපාල රජු, බටහිර බෙංගාල පාලක ජයනාග රජු, මාවුස් පරපුරේ අසෙස් රජු, ඔහුගේ සමකාලීන අසිලිස් රජු මාවුස් රජු, සේනා වංශයේ හේමන්තසේන රජු ආදීන් භාවිත කළ විරුදයකි.
මහාරාධීවරු- ඩෙකෑනයේ සිටි පෙළපතකි.
මහාරාෂ්ටීන්- ඩෙකෑනයේ සිටි පෙළපතකි.
මහාවිජය ප්‍රාසාද-ඛාරවේල රජු විසින් කරවූ ගොඩනැගිල්ලකි.රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේදී කාසි තිස්අට ලක්ෂයක් වැයකර මෙය තැනවූ බව සඳහන් ය.
මහාවීර ජින- නිගණ්ඨනාථපුත්ත තුමා.
මහාවීරචරිතය -භවභූති නම් සංස්කෘත නාට්‍ය රචකයාගේ කෘතියකි.
මහාශිවගුප්ත-ක්‍රි.ව11වන සියවසේ කෝසලය පාලනය කළ සෝමවංශි පෙළපතේ පාලකයෙකි.
මහාසත්‍රප-ශකවරුන්ගේ ඇතැම් පාලකයන් භාවිතකළ විරුද නාමයකි. රුද්‍රදාමන්, රුද්‍රසිංහ යන රජවරු භාවිත කර ඇත. ඇතැම් විස්තර අනුව එය තනතුරු නාමයක් ලෙස ද හැඳින්විය හැක.
මහාසානුව - හින්දුස්ථානයෙන් දකුණේ වින්ධ්‍යා හා සත්පුර කඳු වලින් දකුණු ප්‍රදේශයයි. දකුණු කෙළවර ඇත්තේ නිල්ගිරි කඳු ය. මෙය අර්ධද්වීපික ඉන්දියාව ලෙස ද හැඳින්වේ. මෙය ෙඩකෑන් සානුව හා වෙරළබඩ තීරුව ලෙස කොටස් දෙකකට ඛෙදේ. මෙහි නැගෙනහිර වෙරළ කොරමැණ්ඩල් වෙරළ ලෙස ද බටහිර වෙරළ මළබාර් වෙරළ ලෙස ද හැඳින්වේ. මෙම වෙරළ තීරු ආශ්‍රිතව නැගෙනහිර හා බටහිර ඝාට්ස් යනුවෙන් කඳුවැටි දෙකක් පිහිටා ඇත. නැගෙනහිර ඝාට්ස් කඳු වැටිය වඩාත් වැදගත් වන්නේ එය ගංගා කිහිපයකට තිඹිරි ගෙය වී ඇති බැවිනි. මේ ප්‍රදේශයේ ඇති ගංගා අතරින් ගෝදාවරී නදිය හැර සෙසු නදීන් වැදගත් සේ නොසැලකේ. මන්දයත් මෝසම් වර්ෂාවෙන් පෝෂණය වන මේවා වසරේ එක් කාලයක දී සිඳී යන බැවින් හා එම හේතුව නිසා ම කෘෂි කටයුතු වලට මේවායින් එතරම් දායකත්වයක් නොලැඛෙන බැවිනි.
මහාසේන ගුප්ත-පශ්චාත් ගුප්තවංශයට අයත් පාලකයෙකි. මාධව ගුප්තගේ පියාය.
මහිස්මතී-නර්මදා නදී ආශ්‍රිත ප්‍රදේශයකි.
මහී - ගුජරාටය ආශ‍්‍රිතව ඇති කුඩා ගංගාවකි
මහීශ්වර- වීම කැඩ්ෆයිසස්ට භාවිත කළ විරුදයකි.
මහීෂි - පශ්චාත් වෛදික රජවරුන්ගේ ප්‍රධාන බිසව
මහේන්ද්‍රගිරි-වත්මන් ගංජම් දිස්ත්‍රික්කයට අයත් කඳු පන්තියකි.
මහේන්ද්‍ර-නැගෙනහිර ඝාට්ස් කඳු ප්‍රදේශය.
මහේන්ද්‍රවර්මන් I පල්ලව රජු(ක්‍රි.ව.600 - 630) මත්තවිලාශ, විචිත්තචිත්ත, ගුණහර ආදී විරුද භාවිත කලේ ය
මහේන්ද්‍රාදිත්‍ය - කුමාරගුප්ත රජු(ක්‍රි.ව.415 - 454) භාවිත කළ විරුදයකි.
මහේශ්වර නාග-ක්‍රි.ව4 සියවසට අයත් ලාහෝර් තඹ මුද්‍රාවේ සඳහන් වන නාමයකි. ඊට අනුව ඔහු මහාරාජ නාගභට්ටගේ පුත්‍රයා ය. නාග ගෝත්‍රිකයෙක් විය හැක.
මහේෂ්වර - වීමා කැඩ්ෆයිසස්(යු - එ - චී ගෝත්‍රය පසුව කුෂාණ) භාවිත කළ විරුදයකි.
මහේෂ්වාර්-නර්මදා නදීතෙර ස්ථානයකි.
මළබාර් වෙරළ - ඉන්දියාවේ අර්ධද්වීපික ඉන්දියා කොටසේ(මහාසානුවේ) බටහිර වෙරළබඩ තීරයේ පහළ කොටස මේ නමින් හැඳින්වේ. (මෙහි ඉහළ කොටස කොන්කාන් නමින් හැඳින්වේ)
මළවර-දකුණු ඉන්දීය ජනවර්ගයක් (?) ඔවුන් මං පැහැරීමෙන් ජීවත් වූ නූගත් ජනකොටසක් යැයි සඳහන් වේ.
මාංගුඩිකිළර්-මාංගුඩිමරුදන් නම් සංගම් යුග කවියා.
මාංගුඩිමරුදන්-මාංගුඩිකිළර් නම් සංගම් සාහිත්‍ය යුග කවියා. මදුරයික්කාණජි යනු මොහුගේ කෘතියකි. මෙහි පාණ්ඩ්‍ය රජවරු කිහිපදෙනෙකු ගැන තොරතුරු කියවේ.
මාගධී ප්‍රාකෘත - අශෝක ශිලා ලේකන වල බහුලය යොදාගෙන ඇති බස
මාඨර-කණිෂ්ක රාජ්‍ය සමයේ දේශපාලකයෙකි.
මාඨරීපුත්‍ර ශකසේන-සාතවාහන පාලකයෙකු වියහැක. අපරාන්ත දේශයේ කාන්නේරියෙන් හමු වූ ලිපියක මේ නම ඇත. ක්‍රිෂ්ණ ගෝදාවරී ප්‍රදේශවලින් ද මේ රජුට අයත් යැයි සිතිය හැකි කාසි හමුවී ඇති අතර ඒවායේ ඔහුගේ නම සඳහන් වන්නේ ශකසේන හා ශක සාත යනුවෙනි.
මාඨරීපුත්‍ර සිවල්කු- ප්‍රකට සාතවාහන වංශය නොව වෙනත් සාතවාහන වංශයකට අයත් රජෙකි. දකුණු මාරාඨයේ කෝලහාපූර්හි රජකර ඇත.
මාඩර්- ඉන්දියාවට ආවේණික පැළෑටියකි. ඉන්දු නිම්න වැසියෝ රෙදි වර්ණ ගැන්වීමට මෙහි සාරය භාවිත කරන්නට ඇතැ‘යි අනුමාන කෙරේ.
මාතංග හිමි - චීනය හරහා මධ්‍යාසියාවට මහායාන දර්ශනය රැගෙන ගියේ මාතංග හිමියන් විසිනි.
මාධව ගුප්ත-පශ්චාත් ගුප්ත වංශයට අයත් පාලකයෙකි. මහාසේන ගුප්ත රජුගේ පුත්‍රයා ය.
මාධවසේන-අග්නිමිත්‍රගේ මිතුරෙකි. විදර්භයේ පාලක යඥසේනගේ ඥාතියෙකි.
මාන-වත්මන් මිඩ්නපූර් හා ගයා දිස්ත්‍රික් අතර කඳුකර ප්‍රදේශයේ බලය පතුරුවාගෙන සිටි රාජවංශයකි. මෙය ආසන්න වශයෙන් හර්ෂවර්ධන අධිරාජ්‍ය සමයට මද කලකට පෙර පවතින්නට ඇතැයි සිතිය හැකි වේ. මේ රාජවංශය ඔරිස්සාව තෙක් බලය පතුරුවාගෙන සිටි බවට සාධක හමු වේ. ඔවුන්ගේ සාමන්තයෙකු වූ ශම්භූයශස් ඔරිස්සාව පාලනය කර ඇත. ඒ ක්‍රි.ව.580 තරම් කාලයකය.
මානවධර්මශාස්ත්‍ර - ‘මනුස්මෘතිය’ යටතේ බලන්න.
මානස සාරෝව - මානස විල. ඉන්දු නදිය ද බ්‍රහ්මපුත්‍ර නදිය ද යන නදීද්වය ම ඇරඹෙන්නේ මේ ආශ‍්‍රිත ප්‍රදේශයෙනි.
මාන්‍යකේත-රාෂ්ට්‍රකූටයන්ගේ අගනුවරයි.
මාන්දාතා- නර්මදා නදීතෙර ස්ථානයකි.
මාන්ෂේරා ගිරි ලිපිය- අශෝක රජු කරවූ ලිපියකි.
මාපොජය- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
මාමල- සාතවාහනයින්ට අයත්ව තිබූ ප්‍රදේශයකි.
මාමල්ල - පළමු නරසිංහවර්මන් පල්ලව රජු(ක්‍රි.ව.642 - 668) භාවිත කළ විරුදයකි.
මාමල්ලපුරම් - පල්ලව නගරයකි. රථ දේවාල තිබේ.
මාමාල-පුන ප්‍රදේශයට ම නමකි.
මායාමතය-මයිමතය නමින් ද හැඳින්වෙන වාස්තුවිද්‍යා කෘතිය ගුප්ත යුගයේ ඉදිකිරීම්වලට පදනම් වූවකි.
මාර්තන්ඩ කෝවිල- කාශ්මීරයේ ලලිතාදිත්‍ය රජු විසින් කාශ්මීර පුරාණ ගෘහනිර්මාණ ශෛලිය අනුව කරවූ කෝවිලකි.
මාලතීමාධවය -භවභූති නම් සංස්කෘත නාට්‍ය රචකයාගේ කෘතියකි.
මාලව-ප්‍රදේශීය රාජ්‍යයකි. මොවුන් පිළිබඳව සාහිත්‍ය මූලාශ‍්‍රය වල පැහැදිලි යමක් සඳහන් නොවේ. ඔවුන් පිළිබඳ අධ්‍යයනයට ඇති එක ම මග නම් ඔවුන් විසින් නිකුත් කළ කාසි (නාණක මූලාශ‍්‍ර) වේ.
මාලවානාම්ජයඃ- මාලවයන්ගේ මුල් යුගයේ කාසිවල දක්නට ලැබෙන පාඨයකි.
මාලවිකාග්නිමිත්‍ර/මාලවිකාග්නිමිත- කාලිදාසයන්ගේ අග්‍රගණ්‍ය කෘතියකි. නාට්‍යයකි. සිය බිසොව ගේ සේවිකාව කෙරේ මන්මත් වූ අග්නිමිත්‍ර නම් රජු බිසවගේ නොයෙකුත් බාධක මැද වුව සිය මිත්‍ර විදූෂකගේ ද සහයෙන් අරමුණ ඉටු කරගන්නා ආකාරය මෙහි වස්තුබීජයයි.
මාල්වා සානුව - නර්මදා නිම්නයෙන් නැගෙන වින්ධ්‍යා කඳුපෙළ උතුරට බෑවුම් වී සෑදෙන නිම්නයකි.
මාවුස්-පංජාබයේ රජ පෙළපතකි. සිතියන් පෙළපත් දෙකෙන් එකකි. වොනන්ස් නම් වේ.
මාෂල්, ජෝන්.- විසිවන සියවස මුල ඉන්දීය මධ්‍ය රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම් කටයුතු භාර ගත් නිළධාරියාය. මෙතුමා යටතේ එරට පුරාවිද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් සිදු වූ බව පිළිගැනේ. මොහු යටතේ ගවේෂණ කේන්ද්‍රගත වූයේ සහේත්-මහෙත් හෙවත් ශ‍්‍රාවස්ති, සාංචි, කුසිනාරා, සාරානාත්, චාර්සද්දා හෙවත් පුෂ්කලාවතී, බසාර්හ් හෙවත් වෛශාලි, පාඨලීපුත්‍ර, තක්ෂිලා යන නගරවලය. ඊට අමතරව ඉන්දු නදී ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි. ඉන්දු නිම්නයේ පර්යේෂණ වල දී සොයා ගත් කරුණු මෙසපොතේමියානු ශිෂ්ටාචාරය හා සසැඳීමෙන් එම ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 3250-2750 අතර කාලයට අයත් බව ද ප්‍රකාශ කළේය.
මැකේ, අර්නස්ට් - ඉන්දු නදී ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි. ඉතිහාසඥයෙකි.
මැල්ඩා-ප්‍රදේශ නාමයකි. මෙය පුරාණ මුර්ෂිදාබාද් ප්‍රදේශය යැයි මතයක් තිබේ.
මිගැස්තිනීස් -(ඉන්දියා/ග්‍රීක) ඉන්දියාව පිළිබ`ඳ ලියූ ග්‍රීක ලේඛකයෙකි. චන්ද්‍රගුප්ත රජවාසලේ සිටි ග්‍රීක තානාපතියාය. ඉන්ඩිකා නම් කෘතියේ කතුවරයාය.
මිටෑනියන්-යුප්‍රටීස් නදීබඩ ජනවර්ගයකි.ආර්ය වර්ගයකි.
මිත්‍ර - ප්‍රදේශීය රාජ්‍යයකි. මොවුන් පිළිබඳව සාහිත්‍ය මූලාශ‍්‍රය වල පැහැදිලි යමක් සඳහන් නොවේ. ඔවුන් පිළිබඳ අධ්‍යයනයට ඇති එක ම මග නම් ඔවුන් විසින් නිකුත් කළ කාසි (නාණක මූලාශ‍්‍ර) වේ.
මිත්‍ර-පර්සියන්(ඉරානීය) සූර්ය දෙවියා. කණිෂ්ක රජුගේ කාසිවල මේ දේව රූපය ද දක්නට ලැබේ.
මිථිලාව විදේහයන්ගේ රාජ්‍යයයි. හර්ෂවර්ධන රජු විසින් ජයගත්තේ යැයි හ්‍යුංසියැං හිමි සඳහන් කරන පංච ඉන්දියාවේන් එකකි.
මිනේන්ද්‍ර-මිනැන්ඩර් හෙවත් මිලින්ද නම් ග්‍රීක රජු. මිනැන්ඩර්ගේ කාසිවල හා ෂින්කොට් සෙල්ලිපියේ රජුගේ නම මේ ආකාරයට දක්වා තිබේ. මින් ම පර්වතයක් ඇති අතර එහි ද තිබී ලෙන් හා ශිලාලේඛන හමුවී තිබේ. අමෘත ගුහා නමින් හැඳින්වෙන ගුහාවක් ඇතුළු ලෙන් දහයක් පමණ ඒහි ද තිබේ. ඉන් බහුතරය හින්දු හා ජෛන ආගමික ලෙන් සේ හඳුනාගෙන තිබේ.නමුත් පර්වතය ආශිතව බෞද්ධ නටබුන්ද තිබේ යැයි ජනරාල් කනිංහැම් සඳහන් කර තිබේ.
මින්-නගරයකි. ඉරානයේ පිහිටි සකස්ථානයේ අගනුවර.
මිලි-කිය-සි-කිය-පො-නො-ගංගා නදිය අසබඩ පිහිටි විහාරයක් ලෙස චීන වාර්තාවල සඳහන් වේ. මෙය මෘගස්ථාපන නම් විහාරය යැයි මජුම්දාර් මහතා විශ්වාස කරයි. මෘගස්ථාපන විහාරය පිහිටියේ බෙංගාලයේ වරේන්ද්‍රි ප්‍රදේශයේ ය. නමුත් ඒ පිළිබඳ මතවාද කිහිපයක් පවතී.
මිශ්‍ර- සිතුවම් නිර්මාණ විධියකි. මිශ්‍ර ලෙස ආනන්ද කුමාරස්වාමි මහතා මෙය දක්වා ඇත.
මිළලයි-දකුණු ඉන්දීය ප්‍රදේශයකි. තලයිලම්ගානම් සංග්‍රාමයෙන් පසු මේ ප්‍රදේශය නෙඩුඤ්ජේලියන් නම් පාණ්ඩ්‍ය රජුට අයත් වී යැයි සඳහන් වේ.
මී ගොනා-එනම් සත්ත්වයා/ අතීතයේ සිට කෘෂිකටයුතු වලට උපකාරී කරගත් සත්ත්වයා/යම දෙවියන්ගේ වාහනය.
මුඩානන්ද-දකුණු ඉන්දීය පාලකයෙකි. කාර්වාර්නම් ප්‍රදේශයෙන් ඔහුට අයත් කාසි හමුවී තිබේ.
මුතිබ -ඓතරේය බ්‍රාහ්මණය කියන්නේ මොවුන් දස්‍යුන්ට සමාන ජන කොටසක් බවයි. ක‍්‍රිෂ්ණ හා ගෝදාවරී නදී අතර ප්‍රදේශයේ ජීවත් වී ඇත.
මුත්තූර්- දකුණු ඉන්දීය ප්‍රදේශයකි. තලයිලම්ගානම් සංග්‍රාමයෙන් පසු මේ ප්‍රදේශය නෙඩුඤ්ජේලියන් නම් පාණ්ඩ්‍ය රජුට අයත් වී යැයි සඳහන් වේ.
මුද්කි ෆිරෝශ්ෂා සහ අලිවාල් අතර යුද්ධය-1845-46 කාලයේ හිමාලයානු කඳුපන්තියේ වයඹ දිග කොටස හා ථාර් කාන්තාරය අතර සරුසාර බිම්තීරයේ සිදු වූ යුද්ධයකි.
මුද්‍රාරාක්ෂසය- ගුප්ත යුගයේ දී විශාකදත්ත විසින් රචනා කරන ලදී.
මුද්‍රාවාක් - අනාර්ය බසක් කතාකරන යන අදහසින් ඉන්දීය ස්වදේශික ජනයාට ආර්යයන් දුන් නමකි.
මුම්මුඩි කොණ්ඩ - පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව.1014 - 1044) භාවිත කළ විරුදයකි.
මුම්මුඩි චෝළ - පළමු රාජ රාජ චෝළ රජු(ක්‍රි.ව.985 - 1014) භාවිත කළ විරුදයකි.
මුර කතුන්-දකුණු ඉන්දීය රජවරුන්ගේ කඳවුරුවල සිටි සන්නද්ධ ස්ත්‍රීන් පිරිසකි. රජු සඳහා වෙන්වූ කොටස මෙසේ ස්ත්‍රීන් විසින් මුරකරන ලදැයි සංගම් සාහිත්‍යයේ සඳහන් වේ.
මුර්ෂදා බාද්-බෙංගාලයට අයත් ප්‍රදේශයකි. ආචාර්ය ඩී.සී. ගංගුලි සඳහන් කරන්නේ මෙය ගුප්තයින්ගේ මුල් බිම බවයි. එය නූතන මැල්ඩා ප්‍රදේශය යැයි අනුමානයක් පවතී. හුයි-ලුන්-මහාරාජ ශ්‍රී ගුප්ත රාජ්‍ය සමයේ ඉන්දියාවේ සංචාරය කළ චීන භික්ෂුවකි.
මුශිරි- දකුණු ඉන්දීය වරායකි.
මුශිරි(කැන්ගනෝර්)-
මුෂාලවරු-ඛාරවේල අතින් පරාජය වූ පෙළපතකි.ඒ ඛාරවේලගේ එකොළොස්වන රාජ්‍ය වර්ෂයේදීය.
මූරා - චන්ද්‍රගුප්ත මෞර්ය රජු ගේ මව
මූලක- පයිරානය.ප්‍රදේශ නාමයකි.(උතුරු මහාරාශ්ට්‍රයට අයත්විය හැක)
මූලදේව- අයෝධ්‍යාවේ පාලකයෙකි.
මූලහස්ත- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
මූෂික නගරය-ක්‍රිෂ්ණබේනා නදීබඩ වූ නගරයකි.ඛාරවේල හමුදා මුල් දිග්විජය ව්‍යාපාරයේදී ඒ දක්වා ගිය බව සඳහන් වේ.
මූසිරිස්- දකුණු ඉන්දීය වරායක් වශයෙන් පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථයේ සඳහන් වේ.
මෘගස්ථාපන විහාරය-බෙංගාලයේ වරේන්ද්‍රි ප්‍රදේශය තිබුණේ යැයි විශ්වාස කරන විහාරයකි.
මෘච්ඡකටීකා- ශුද්‍රක විසින් ගුප්ත යුගයේ දී රචනා කරන ලදී.
මෙගස්තිනීස්(මිගැස්තිනීස්) - ඉන්දියාව පිළිබඳ ලියූ ග්‍රීක ලේඛකයෙකි. චන්ද්‍රගුප්ත රජවාසලේ සිටි ග්‍රීක තානාපතියාය. ඉන්ඩිකා නම් කෘතියේ කතුවරයාය.
මෙඝ්නා - ගංගා බ්‍රහ්මපුත්‍රා එකතුව හා ඊට එකතුවන අතුගංගා එකතුව මේ නමින් හැඳින්වේ.
මෙරුතුංග- ගුජරාටි ලේඛකයෙකි. ‘ප්‍රබන්ධ චින්තාමණි’ ඔහුගේ කෘතියකි.
මෙහෙරාවුලි අයස්ථම්භය - දෙවන චන්ද්‍රගුප්ත රජුට අයත් ලිපියකි.
මේඝදූතය-කාලිදාස නම් මහා කවියාගේ නිර්මාණයකි. ඉන්දීය සාහිත්‍යයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම කෘතිය ලංකාවේ සන්දේශ කාව්‍ය සඳහා ද මූලාදර්ශ සැපයූ කෘතියකි. ගුප්ත යුගයේ දී ලියැවී ඇත. රාජකාරිය කඩ කළ වරදට රාමගිරි අරණේ සිරකළ යක්ෂගෝත්‍රිකයෙකු සිය ප්‍රියම්බිකාවට මේඝයක් අත පණිවිඩයක් යවන ආකාරය එහි සඳහන්ය.
මේඝවරු-කෝසලයේ රජකළ පෙළපතක් යැයි පුරාණ ග්‍රන්ථ අනුව පෙනී යයි. චේදි හෙවත් මහාමේඝ වාහනයන් මේ මේඝවරුන්ගෙන් පැවත එන්නේ යැයි බරුවා මහතා විශ්වාස කරයි. 16වන සියවසේ ඔරියා බසින් ලියවුණු ලේඛනවල ද ඒ අදහස ඇත.
මේධාතිථි-ඉන්දිය පඬිවරයෙකි.
මේධාවින්- ගුප්ත යුගයේදී විසූ පඬිවරයෙකි. අලංකාර ශාස්ත්‍රය දියුණුවට මහත් සේවයක් කළෙකි.
මේර්සා-සින්දු බලූකිස්ථාන සේශ සීමාව අසල පිහිටි කාච් තැනිතලාවේ වූ නගරයකි. මෙහි කැණීම් වලින් දකුණු ආසියාවේ ආදි ජනාවාසයක නටබුන් හමු වී ඇත. ඒවා ක්‍රි. පූ. 6 වන සහස‍්‍රකයට අයත්ය.ඉන්දුනිම්නය තෙක් ආයේ මේ ජනයා යැයි අනුමාන කරන පුරා විද්‍යාඥයෝ එය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මුල් අවධියකැ‘යි අනුමාන කරති.
මේහි- දකුණු බලුකිස්ථානයට අයත් මේ ස්ථානයෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වී තිබේ.
මෛත්‍රකයෝ - වලභිය මුල්කරගෙන වාසය කර ඇත.
මෛත්‍රයාණ සංහිතාව- පශ්චාත් වෛදික යුගයේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන සංහිතාවකි. රජුන් තනන්නන් හෙවත් රත්නීන්
පිළිබඳව ද මෙහි තොරතුරු දැක්වේ.
මොංගීර්-ප්‍රදේහ නාමයකි. පාල හා ප්‍රතිහාර වංශ අතර මේ ස්ථානයේ සංග්‍රාමයක් සිදු වී යැයි ප්‍රතිහාර ලේඛනවල පමණක් සඳහන් වේ.
මොන්ගීර් තඹපත-පාල රාජ වංහය පිළිබඳ තොරතුරු සපයන තඹ සන්නසකි.
මොන්ගොලොයිඩ් මානව වර්ගය-ඉන්දු නිම්නයට අයත් ප්‍රදේශ වලින් මෙම මානව වර්ගයට අයත් හිස් කබල් හමු වී ඇත.මොවුන්ගේ හිස් කබල උසට වැඞී ඇත.
මොන්ට්ගොමරි- පංජාබයට අයත් දිස්ත්‍රික්කයකි.ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් හරප්පාව මේ දිස්ත්‍රික්කයට අයත් වේ.
මොල්ලිය සහිත ගොනා- ඉන්දු නිම්න මුද්‍රා වල දක්නට ඇති සත්ත්ව රුවකි. ඉන්දු නිම්න වැසියන් සත්ත්ව වන්දනාව සිදු කළේ ද යන තර්කය ඇති වීමට මේ සත්ත්ව රුව සහිත මුද්‍රාව ද හේතු වී ඇත.
මොහෙන්ජො-දාරෝ - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් පුරාණ නගරයකි. සින්ධ් ප්‍රදේශයේ ලර්කානා දිස්ත්‍රික්කයේ සින්ධ් නදී නිම්නයේ පිහිටා ඇත. මෙය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට ප්‍රධාන නගරයක් සේ ඇතැම් පුරා විද්‍යාඥයන් පිළිගත්ත ද, එසේ පිළිගන්නට මැළි වන පුරාවිද්‍යාඥයෝ ද සිටිති. කෙසේ වුව ද මේ නගරය උසස් නාගරික ලක්ෂණ සහිිතව සනීපාරක්ෂාව, සුවපහසුව, ඉඩකඩ උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීම, අංගසම්පූර්ණ බව වැනි කරුණු සැලකිල්ලට ගෙන ඉදිකර ඇත.
මෝක්ෂ දේව-කනෞජයේ පැවති මහාධර්ම සම්මේලනයෙන් පසු හර්ෂවර්ධන රජු හැඳින්වීමට යෙදූ නමකි.
මෝක්ෂ හින්දූන්ගේ ජීවිතයේ අරමුණු හතරකි. ඉන් එකක් වන්නේ මේ මෝක්ෂ යි. (අනෙක් අරමුණු නම් ධර්ම, කාම සහ අර්ථ වේ.)
මෝඛරීවරු-ගුප්ත අධිරාජ්‍යයේ පරිහාණියෙන් පසු ගයාවේ බලය වර්ධනය කරගත් රාජ වංශයකි.
මෝඛලී නාම්-ගයාවෙන් ලැබුණු මැටි මුද්‍රාවක සඳහන් නමකි. මෙයින් මෝඛරීවරු හෙවත් මෞඛරීවරු අදහස් වේ යැයි අනුමාන කෙරේ.
මෝග-මාවුස් නමැති සිතියන් රජු විය හැක. ස්වාධීන පාලකයෙකි. මහාරාජාධිරාජ විරුදය භාවිත කළේය. වයඹදිග ඉන්දියාවේ පාලන කටයුතු කළේය.
මෝර්ටිමර් විලර් - විලර් යටතේ බලන්න.
මෝහුර්-දකුණු ඉන්දීය ප්‍රාදේශීය නායකයෙකු විය හැක.
මෞකරීවරු - කනෞජය මුල්කරගෙන වාසය කර ඇත.
මෞර්ය යුධ හමුදාව-මෙය ප්‍රධාන කොටස් තුනකින් සංවිධානය වී තිබුණි. (1) පාරම්පරික (2)අගම්පඩි (3) ශ්‍රේණි යනුවෙනි. මිගැස්තිනීස් මේ සමස්තය කොටස් 6කට බෙදා දක්වා තිබේ. (1)නාවික කටයුතු අංශය (2)බඩුබාහිරාදිය ගෙනයන ප්‍රවාහන අංශය (3)පාබල අංශය (4) අශ්වාරෝහක අංශය (5) රථ හමුදාව (6) හස්ති අංශය වශයෙනි. යුධ කටයුතුවලදී රජු සේනාපතියා හා මන්ත්‍රණය කළ යුතු විය. සේනාපතියා අතිශය ප්‍රබල චරිතයක් විය.
යක්ෂපාල-පාලවරු යටතේ යා මණ්ඩලයේ පාලකයාව සිට නිදහස් වූ විස්වාදිත්‍ය රජුගේ පුත්‍රයා. ඔහු පසු කාලයේ පාල වංශයේ කුමාරපාල රජු හා ගැටුණේය.
යජුර් වේදය- වෛදික සාහිත්‍යයට අයත් චතුර් වේදයන්ගෙන් එකක් වන යජුර් වේදයේ ශුක්ල(සුදු) හා කෘෂ්ණ(කළු) යනුවෙන් ප්‍රධාන කොටස් දෙකක් දක්නට ලැබේ. ඍග් වෛදික යුගයේ සිට ක්‍රමයෙන් විකාශය වෙමින් ආ ආර්ය සමාජය පිළිබඳව මෙම කෘතියෙන් අවබෝධයක් ලබා ගත හැක. ශුක්ල කොටසේ ගීතිකවන් ද කෘෂ්ණ කොටසේ එම ගීතිකාවන්ට අර්ථවිවරණ ද දක්නට ලැබේ.
යඥපාල- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
යඥය- යාගය. ස්තෝත්‍ර ආදිය ගයමින් බිලි බලි පුදමින් දෙවියන් සතුටු කොට සිය අභිමතාර්ථ ඉටුකරගැනීමේ අභිලාශයෙන් සිදුකරන ආගමික පිළිවෙතයි.
යඥසේන-මෞර්ය රාසභාවේ අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකි. පුෂ්‍යමිත්‍ර ශුංග මිත්‍ර මගධයේ පාලකයා වශයෙන් කටයුතු කළ සමයේ විදර්භයේ පාලකයා වූයේ යඥසේන ය.මගධයේ මෞර්ය පාලනයේ අවසන් කාලයේදී සේනාපතිවරයා හා ඉහත අමාත්‍යවරයා දෙපිළකට වෙන්වන ආකාරයට රාජසභාව දෙකට බෙදුණි. මේ නිසා සේනාපති පුෂ්‍ය මිත්‍ර හා ඉහතින් කී අමාත්‍යවරයා එකිනෙකාට සතුරු වූ අතර මේ නිසා විදර්භයේ යඥසේන ද මගධයේ පුෂ්‍යමිත්‍රගේ සතුරෙකු ලෙස සලකන ලදී. මේ සතුරු බව යුධමය උණුසුමකට පරිවර්තනය වූයේ පුෂ්‍යමිත්‍රගේ පුත් අග්නිමිත්‍ර විදර්භයට ආසන්න විදිසාවේ පාලකයා බවට පත්වීම නිසා ය.
යඥෝපවීත-පූනනූල(බෞද්ධායන ධර්මශාස්ත්‍රය අනුව)
යම-මළවුන්ට අධිපති දෙවියාය.
යම- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
යමපට- පටචිත්‍ර සම්ප්‍රදායකි. මරණින් මතු ජීවිතය ගැන සිතුවම් වේ.
යමුනා - ගංගා නම් ගඟේ ප්‍රධාන අතු ගංගාවයි.දිගින් කිලෝමීටර 1088කි.
යවන- ග්‍රීකයන් හැඳින්වීමට ඉන්දීය මූගාශ්‍රය නවල දී ඇති නම යි. ග්‍රීක යෝන යනුවෙන් ප්‍රාකෘත බසින් අශෝක ශිලාලේඛනවල එන්නේ ද එයමය.
යවු-කාඕ-චිඑන්-වීමා කැඩ්ෆයිසස් විය යුතුය.
යශෝධරා- සිද්ධාර්ථ ගෞතමයන්ගේ භාර්යාවයි.
යශෝධා- ජෛනමහාවීරතුමාගේ ගිහිකළ භාර්යාවයි.
යශෝවර්මන් රජු - මගධයේ රජ කල නරපතියෙකි. වාක්පති විසින් ප්‍රාකෘත බසින් ‘ගෞඩවාහෝ’ නමැති කෘතිය කළේ මේ රජු ගේ චරිතය මුල් කර ගනිමිනි.
යශෝවර්මන්-කනෞජයේ බලයට පත් පාලකයකි. හර්ෂවර්ධන රජුට පසු කාලයේ බලයට ආ අයෙකි.
යසෝදාමන්- වීරදාමන් ශක රජුගේ සොහොයුරා(මහාසත්‍රප)
යසෝමතී-හර්ෂවර්ධන, රාජ්‍යවර්ධන කුමාරවරුන්ගේ හා රාජ්‍ය ශ්‍රී කුමරියගේ මවයි.ප්‍රභාකරවර්ධන රජුගේ බිසවයි. ප්‍රභාකරවර්ධන රජුගේ මරණයත් සමග ඇය ද දර සෑයට පැන සියදිවි නසාගත් බව සඳහන් වේ.
යාගභූමි- යාගය සිදුකරන බිම.
යාජ්නවල්ක්ය-ඉන්දීය පඬිවරයෙකි.
යාදව-දේවගිරියේ විසූහ.
යාර්කාන්ඩ්- පංචාඕ නම් චීන සෙන්පතියා යටතේ කලක් පැවති මේ ප්‍රදේශය පසුව කණිෂ්ක අධිරාජයා විසින් ජයගන්නා ලදී.
යාළ්-වීණාවක් වැනි තත් සංගීත භාණ්ඩයකි.(දකුණු ඉන්දියාව)
යි-ෂ-ෂු-මො-චීන වාර්තාවල එන ඉන්දීය රජෙකුගේ නමකි. මේ රජු යශෝවර්මන් නම් රජු විය හැක. යශෝවර්මන් රජ බලයට පත්වන්නේ හර්ෂවර්ධන රජුගේ අභාවය සිදුවූවාට පසු කාලයක ය. ඔහු චීන රාජසභාවට පු-ත-සිං හෙවත් බුද්ධසේන නම් හිමියන් යැවූ නිසා මේ නම චීන ලේඛනවල සඳහන් වී ඇත.
යු-එචී කොටස් පහ-(01)හි-හව් (02)හිඕ-මි, (03)චෞං-මි (04) ක්‍යුයි-ෂුඅං(05)කාම්-පු
යුක්‍රටයිඩ්ස්-බැක්ට්‍රියාව අල්ලාගත් තැනැත්තෙකි. ඩිමෙට්‍රියස් නමැති බැක්ට්‍රියානු පාලකයා ඉන්දියාවේ සටන් මෙහෙයවමින් සිටි අතර මේ අල්ලාගැනීම සිදුවී යැයි ග්‍රීක ලේඛනවල සඳහන් වේ. ඒ ආසන්න වශයෙන් ක්‍රි.පූ.165දී පමණ වියයුතුය.
යුගපුරාණය-ඉන්දීය ඓතිහාසික මූලාශ්‍රයකි.
යු-චී-චීන ගෝත්‍රයකි. යු-එචී නමින් ද හැඳින්වේ.
යූපස්ථම්භය- යාගභූමියේ සිටුවා ඇති ටැඹකි. මෙය මිනිසාට බ්‍රහ්මන් මුණගස්වන සංකේතයයි.
යෙන්-කා-ඕ-චෙන්-වීමා කැඩ්ෆයිසස්
යෙර්රගුඩ් සුළුගිරි ලිපිය- අශෝක රජු කරවූ එකකි.
යොධේය ගණසපජයඃ- යොධේය කාසිවල හමුවන වැකියකි.
යෝග ශාස්ත්‍ර- නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ විෂයකි.
යෝග සූත්‍රය-ගුප්ත යුගයේදී වරාහමිහිර ලියූ කෘතියකි.
යෝගීෂ්වර-ශිව දෙවි
යෝධෙයවරු- මොවුන් ගැන තොරතුරු අල්පය. රණකාමී ජාතියක් නිසා මේ නම ලැබෙන්නට ඇත. මහාභාරතයේ සඳහන් වන ආකාරයට මේ නම යුධීෂ්ධීරයන්ගේ පුත්‍රයෙකුගේ නමකි. මේ ගෝත්‍රය පාණ්ඩව රජුගෙන් පැවත එන බව සාමාන්‍ය පිළිගැනීමයි. සහාරම්පූර් සිට මුල්තාන් දක්වා ප්‍රදේශවල කැණීම් හා මතුපිට ගවේෂණවලදී ඔවුන්ට අයත් කාසි හමුවී ඇති අතර ලුධියානා දිස්ත්‍රික්කයෙන් ඔවුනට ඇයත් මැටිමුද්‍රා හමුවී තිබේ. දෙහ්රදුන් දිස්ත්‍රික්කයෙන් මෑතක දී හමුවුණ කාසි ද මේ වංශයට අයත් යැයි පිළිගැනෙයි. මේ සමස්ත සාධක අනුව බලනකල ඔවුන් උත්තර ප්‍රදේශයේත් රාජපුතානාවේත් බලය පතුරුවාගෙන සිටින්නට ඇතැයි සිතිය හැකි වේ. යෞධේයවරු තමන්වම හඳුන්වාගත්තේ රෝහිතකයේ මත්තමයුරකවරුන් වශයෙනි. බ්‍රහ්මවන්දනය ඔවුන්ගේ ආගම වශයෙන් සැලකේ. රණශූර යෞධේයවරු රුද්‍රදාමන් නමැති ශක ක්ෂත්‍රපයා සමග ද ගැටෙන්නට තරම් බලවත් වූහ. ජුනගාද් ලේඛනයේ ඒ පිළිබඳ සඳහන් වන්නේ දමනය කළ නොහැකි පෞඪ ජාතියක් වශයෙනි. ඔවුන් රුද්‍රදාමන්ට පරාජය වුව ද තියුණු සටනක් දුන් බව එයින් පැහැදිලි වේ. යෞධේය නායකයාට ‘ක්ෂත්‍රියයන්ගේ වීරයා’ යන නාමය ආරූඪ කර තිබීමෙන් ද ඔවුන්ගේ පෞඪත්වය ප්‍රකට වේ. ක්‍රි.ව.3සියවසේ ලියවුණු බිජයිගාත් සෙල්ලිපියේ මහාරාජ මහා සේනාපති නමින් සිටි යෞධේය නායකයෙකු ගැන සඳහන් වේ. ඔවුන් ගැන සඳහන් තවත් මූලාශ්‍රය කිහිපයක් තිබේ. එකක් ලුධ්යානා ප්‍රදේශයෙන් ලැබුණු මැටි මුද්‍රාවකි. එහි ‘යෞධියානාම්ජයමන්ත්‍ර ධරණම්’ යනුවෙන් සඳහන් වේ. මේ ලිපිය දළ වශයෙන් ක්‍රි.ව.4සියවසට පමණ අයත් වේ. මේ සියවසේම ලියවෙන අලහබාද් ප්‍රශස්තියේ ද ගුප්තයන්ගේ යටත් රාජ්‍ය අතර යෞධේය නාමය ද සඳහන් වේ. ‘බහුධානතෙ යොධෙයානාම්’ යන පාඨය සහිත කාසි ද ඔවුන්ගේ යැයි පිළිගැනෙයි. හිස් සයක් සහිත ස්කන්ධ දේවරූප සහිත කාසි ද හමුවී ඇති අතර ඒවා ද ඔවුන්ට අයත් යැයි පිළිගැනෙයි.
යෝන-වයඹ දිග ඉන්දියාවේ දේශසීමා රාජ්‍යයකි.
යෞධියානාම්ජයමන්ත්‍ර ධාරණම්-යෞධේයවරුන්ගේ කාසිවල සඳහන් වැකියකි.
යෞධෙය-ප්‍රදේශීය රාජ්‍යයකි. මොවුන් පිළිබඳව සාහිත්‍ය මුලාශ‍්‍ර වල පැහැදිලි යමක් සඳහන් නොවේ. මොවුන් පිළිබඳ අධ්‍යයනයට ඇත්තේ ඔවුන් විසින් නිකුත් කළ කාසි පමණි.
යෞධෙයි-යුධිෂ්ධීරගේ පුත්‍රයෙකි.
යෞධේයවරු-මොවුන් ගැන තොරතුරු අල්පය. රණකාමී ජාතියක් නිසා මේ නම ලැබෙන්නට ඇත. මහාභාරතයේ සඳහන් වන ආකාරයට මේ නම යුධීෂ්ධීරයන්ගේ පුත්‍රයෙකුගේ නමකි. මේ ගෝත්‍රය පාණ්ඩව රජුගෙන් පැවත එන බව සාමාන්‍ය පිළිගැනීමයි. සහාරම්පූර් සිට මුල්තාන් දක්වා ප්‍රදේශවල කැණීම් හා මතුපිට ගවේෂණවලදී ඔවුන්ට අයත් කාසි හමුවී ඇති අතර ලුධියානා දිස්ත්‍රික්කයෙන් ඔවුනට ඇයත් මැටිමුද්‍රා හමුවී තිබේ. දෙහ්රදුන් දිස්ත්‍රික්කයෙන් මෑතක දී හමුවුණ කාසි ද මේ වංශයට අයත් යැයි පිළිගැනෙයි. මේ සමස්ත සාධක අනුව බලනකල ඔවුන් උත්තර ප්‍රදේශයේත් රාජපුතානාවේත් බලය පතුරුවාගෙන සිටින්නට ඇතැයි සිතිය හැකි වේ. යෞධේයවරු තමන්වම හඳුන්වාගත්තේ රෝහිතකයේ මත්තමයුරකවරුන් වශයෙනි. බ්‍රහ්මවන්දනය ඔවුන්ගේ ආගම වශයෙන් සැලකේ. රණශූර යෞධේයවරු රුද්‍රදාමන් නමැති ශක ක්ෂත්‍රපයා සමග ද ගැටෙන්නට තරම් බලවත් වූහ. ජුනගාද් ලේඛනයේ ඒ පිළිබඳ සඳහන් වන්නේ දමනය කළ නොහැකි පෞඪ ජාතියක් වශයෙනි. ඔවුන් රුද්‍රදාමන්ට පරාජය වුව ද තියුණු සටනක් දුන් බව එයින් පැහැදිලි වේ. යෞධේය නායකයාට ‘ක්ෂත්‍රියයන්ගේ වීරයා’ යන නාමය ආරූඪ කර තිබීමෙන් ද ඔවුන්ගේ පෞඪත්වය ප්‍රකට වේ. ක්‍රි.ව.3සියවසේ ලියවුණු බිජයිගාත් සෙල්ලිපියේ මහාරාජ මහා සේනාපති නමින් සිටි යෞධේය නායකයෙකු ගැන සඳහන් වේ. ඔවුන් ගැන සඳහන් තවත් මූලාශ්‍රය කිහිපයක් තිබේ. එකක් ලුධ්යානා ප්‍රදේශයෙන් ලැබුණු මැටි මුද්‍රාවකි. එහි ‘යෞධියානාම්ජයමන්ත්‍ර ධරණම්’ යනුවෙන් සඳහන් වේ. මේ ලිපිය දළ වශයෙන් ක්‍රි.ව.4සියවසට පමණ අයත් වේ. මේ සියවසේම ලියවෙන අලහබාද් ප්‍රශස්තියේ ද ගුප්තයන්ගේ යටත් රාජ්‍ය අතර යෞධේය නාමය ද සඳහන් වේ. ‘බහුධානතෙ යොධෙයානාම්’ යන පාඨය සහිත කාසි ද ඔවුන්ගේ යැයි පිළිගැනෙයි. හිස් සයක් සහිත ස්කන්ධ දේවරූප සහිත කාසි ද හමුවී ඇති අතර ඒවා ද ඔවුන්ට අයත් යැයි පිළිගැනෙයි.
යෞවන ශ්‍රී-කලචුරි වංශයේ කර්ණ රජුගේ දියණිය. කලචුරි-පාල ගැටුම් සමතයකට පත්කරමින් මේ කුමරිය පාල වංශයේ තුන්වන විග්‍රහපාල රජු විවාහ කරගෙන ලදී.
රඝු රජු-මහා කවි කාලිදාස විසින් රචිත රඝුවංසයේ ප්‍රධාන චරිතය යි. උතුරු ඉන්දියාවේ මෙන් ම දකුණු ඉන්දියාවේ ද බොහෝ ප්‍රදේශ ජයගත් මොහු රඝුවංසයේ වීරයා ද වෙයි. නැගෙනහිරින් සුහ්ම, වංග, උත්කල, කාලිංග වැනි ප්‍රදේශ ද, දකුණේ කාවේරි ප්‍රදේශය ද, ඉන් පහළ වූ පාණ්ඩ්‍ය, කේරළ වැනි ප්‍රදේශ ද, අපරාන්තය ද, පරාසික දේශය ද, හූණ, යවන, කාම්බෝජ, කිරාත යන ජාතීන් ඇතුළු කඳුකර ගෝත්‍ර ද ජයගෙන උතුරින් හිමාලයේ ගිරිශිඛර වූ කෛලාශය දක්වා මොහු සිය හමුදා මෙහයෙවූ බව සඳහන් වේ.
රඝුවංසය-කාලිදාස නම් මහා කවියාගේ රචනයකි. රඝු රජු මෙහි කථා නායකයා ද වීරයා ද වෙයි.ඉන්දීය ඉතිහාසය විමර්ෂණය කිරීමේ දී මූලාශ‍්‍රයක් ගෙස යොදා ගන්නා මෙය ගුප්ත යුගයට අයත් නිර්මාණයකි.
රට්ටා දේවිය-ක්‍රි.ව.8වන සියවසේදී පමණ කර්ණාටක දේශයේ පාලිකාවකි.
රඨිකවරු-කන්දේශ් හා අහමද්නගර් නගර් ප්‍රදේශයේ සිටි ස්වාධීන ප්‍රාදේශීය පාලකයන් පිරිසිකි. අශෝක ලිපිවල හා ඛාරවේලගේ හථිගුම්ඵා ලිපියේ ඔවුන් ගැන සඳහන් වේ.
රණශූර-ක්‍රි.ව.11වන සියවස් පමණ රාධා දේශයේ හෙවත් වත්මන් බර්දවාන් ප්‍රදේශයේ විසූ පාලකයෙකි. රාජේන්ද්‍ර චෝළ රජු අතින් පරාජය විය.
රතු වැලිගල්-මූර්ති නිර්මාණය සඳහා ඉන්දීය ශිල්පීන් යොදාගත් පාෂාණ විශේෂයකි. මථුරා කලා ශිල්පීන් මෙන්ම ඊට පෙර යුගයේ ඉන්දුනිම්න ශිල්පීන් මේ ගල් වර්ගය භාවිත කර ඇත. මථුරා ශිල්පීන් තිත් සහිත රතුවැලිගල් වර්ගයක් භාවිතකර ඇති අතර ඒවා සික්‍රි නම් ප්‍රදේශයෙන් සොයාගත් බවට විශ්වාස කෙරේ.
රත්නදේව II-කලචුරි වංහික පාලකයෙකි. පාලවරුන්ගෙන් නිදහස් වී ස්වාධීන රාජ්‍යයක් ගොඩනැගීය.
රත්නාදේවි-පාල වංශයේ ධර්මපාල රජුගේ ප්‍රධාන බිසව. ඇය රාෂ්ට්‍රකූට පෙළපතේ කුමරියකි. නමුත් රත්නාදේවියගේ පියා විසූ කාලවකවානු හා සසඳා බලා ඇතැම් ඉතිහාසඥයන් මේ විවාහය ප්‍රතික්ෂේප කරති.
රත්නාවලී - ශ්‍රී හර්ෂයන්ගේ(හර්ෂවර්ධන රජු) කෘතියකි. නාට්‍ය ග්‍රන්ථයකි. වත්ස රාජ්‍යයේ උදයන රජු කතා නායකයා වශයෙන් ගෙන ලියා තිබේ. රජුගේ අගමැතිවරයා වික්‍රමබාහු නමැති සිංහල රජුගේ රත්නාවලී නම් දියණිය උදයන රජුට ආවාහ කරදීමට ගන්නා උත්සාහයත්, රජුගේ බිසව වූ වාසවදත්තා මේ සිදුවීමට මුහුණදෙන ආකාරයත් පිළිබඳ නාට්‍යයකි.
රත්නීන් - රජුන් තනන්නන් යන අරුත දේ. රජුන් නිර්මාණය කිරීමේ කාර්යයේ නියුතු වූවෝ වියයුතුය. රාජ්‍යත්වය උදෙසා හැඩගැස්වීම මේ යටතේ සිදු කරන්නට ඇත. පශ්චාත් වෛදික යුගයට අයත්ය. රාජකෘත් යනුවෙන් ද හැඳින්වේ. සමාජයේ වරප්‍රසාදලත් පන්තියකි.
රනෝසතකනීය-කාසියක සඳහන් නමකි. සාතවාහන පාලකයෙකුගේ විය හැක.
රයිර්හ්-ප්‍රදේශ නාමයකි. මාලවයින්ට අයත් කාසි හමුවී තිබේ.
රාඝමාලා- ගුජරාටි ලේඛක සෝමේශ්වර ගේ කෘතියකි.
රාජ රාජ I(ක්‍රි.ව.985 - 1014) - (චෝළ) මුම්මුඩි චෝළ, පාණ්ඩ්‍ය කුලාශනී, කේරලාන්තක, තෙළිඟුකුලකාල ආදී විරුදයන් භාවිත කළ රජෙකි. පරාන්තක රජුට පසු පත්වූ ප්‍රබලතම පාලකයා සේ සලකන්නේ පළමුවන රාජ රාජ රජු ය. හේ දෙවන පරාන්තක චෝළ නම් රජුගේ පුත්‍රයා විය. බලයට පත්වීමට පෙර සිට ම ප්‍රාදේශීය පාලන කටයුතු හරහා පරිපාලන අත්දැකීම් ලබා සිටි මේ රජු චෝළ බල ව්‍යාප්තියට අතිශය කැපවූ පාලකයෙකු වශයෙන් පිළිගැනෙයි. මොහු පිළිබඳ හැදෑරීමට අතිශයින් ම වැදගත්වන ලේඛන කිහිපයක් තිබේ. ඒවා නම් ඔහුගේ තුන්වන රාජවර්ශයේ සිට තිස්එක්වන රාජවර්ශය දක්වා කාලයේ ඔහු විසින් ම නිකුත් කරන ලද ශිලාලේඛනයන් ය. ඒවායේ වැදගත්කම වන්නේ ඒවායේ ඔහුගේ කාර්යයන පිළිබඳව ඓතිහාසික විස්තරයක් ද ඇතුළත් වන නිසා ය. මුල් කාලයේ සිට ම ‘‘රාජකේශරී අරුමෝලි” සහ ‘‘මුම්මුඩිශෝල” වැනි විරුද භාවිත කළ හේ උන්නතිකාමී ලක්ෂණ සහිත රජෙකු වග ප්‍රකට කළේ ය. චෝළ අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ දී රාජරාජ චෝළ රජු සිදුකළ සුවිශේෂී කාර්යය වන්නේ කේරළයින්ගේ නිවාක බලය විනාශ කිරීම යි. රාජ රාජ රජු බලයට පත්වන විට කේරළයේ නිවාක හමුදාව අතිශය ශක්තිමත් තත්ත්වයක පැවතුණි.‍ එවක කේරළ පාලක වූ භාස්කර රාජවර්මන් රජු යටතේ පැවති එකී නාවික හමුදාව දකුණු ඉන්දීය කලාපයේ ප්‍රබල ම නාවික හමුදාව වශයන් හැඳින්විය හැකි වේ. නමුත් ත්‍රිවෙන්ද්‍රම් හෙවත් කන්දලූර් හි දී කළ තීරණාත්මක සමුද්‍ර සටනකින් පසු කේරළ නාවික හමුදාව විනාශ කර දැමීමට රාජ රාජ චෝළ රජු සමත් විය. මෙය චෝළ බල ව්‍යප්තිය සම්බන්ධයෙන් තිබූ ප්‍රබල බාධාවක් ඉවත්කිරීමක් සේ සැලකෙයි. මින් පසු ඔහු කොල්ලම් නම් ස්ථානයට ද ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ ය. ඒ වන විට දකුණු ඉන්දියාවේ පහළ කෙළවර ආශ්‍රිතව බලය වර්ධනය කරගනිමින් සිටි පාණ්ඩ්‍යයින් මර්දනය කිරීම කෙරෙහි ද රාජ රාජ රජු අවධානය යොමු කළේ ය. ඊට අනුව කුඩමලෙයිනාඩු නම් ස්ථානයට ආක්‍රමණයක් එල්ල කළේ ය. ඇතැමුන් පවසන්නේ ඒ කුර්ග් නම් ස්ථානය බව යි. ස්ථානය කෙසේ වුවත් ඒ පාණ්ඩ්‍යයින්ට අයත් ස්ථානයක් බව පැහැදිලි වේ. මේ ආක්‍රමණය එල්ල කළ කාලයේ ම උදාගෙයි බලකොටුව ද අල්ලාගෙන එහි පාලක අමරභුජංග නම් පාණ්ඩ්‍ය රජු ද අල්ලාගැනීමට හේ සමත් විය. චෝළයින්ට විරුද්ධව පාණ්ඩ්‍යයින් හා කේරළයින් ද ඇතැම් විට ලංකාවේ රජු ද ඒකාබද්ධව කටයුතු කරනා ආතාරයක් දක්නට ලැබුණු නිසා ඒ පෙරමුණ විනාශ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද රාජ රාජ රජු අවධානය යොමු කළේ ය. ලංකාවේ තත්ත්වය ද මේ වන විට සතුටුදානය තත්ත්වයක නොපැවතුණි. ලංකාවේ පස්වන මිහිඳු රජු වේලයිකාර කැරැල්ල හේතුවෙන් අනුරාධපුරයෙන් පළාගොස් රුහුණේ සැඟවී සිටියේ ය. අනුරාධපුර අරාජක තත්ත්වයක් වර්ධනය වී තිබූ අතර වේලයික්කාර භටයෝ තමන්ට රිසි සේ මංකොල්ල කමින් දේපළ පැහැරගනිමින් තත්ත්වය තව තවත් භයානක ස්වභාවයක් කරා වර්ධනය කරමින් සිටිය හ. මේ නිසා ලංකාව අල්ලා ගැනීම පහසු වගක් පෙනෙන්නට තිබුණි. වේළයික්කාර භටයන් ද දකුණු ඉන්දීය කුළී හේවායන් වූ නිසා චෝළ ආක්‍රමණයක දී ඔවුන් ද චෝළයින්ට සහය දක්වන තත්ත්වයක් ඇති වී තිබුණි. මේ සියල්ල අතර චෝළයින්ගේ උන්නතිකාමී හැඟීම් හා දිගින් දිගට ම ලබා ගත් යුධ ජයග්‍රහණයන් නිසා ඔවුන් තුළ වර්ධනය වී තිබූ මානසික ජවය ද නිසා ලංකාව මෙන් ම දකුණු ඉන්දීය සෙසු රාජ්‍ය වල අනාගතය අඳුරු වළාවකින් වැසී යමින් පැවතුණි. ලංකාවේ තත්ත්වය පිළිබඳව චෝළ රාජ සභාවට නිරන්තර වාර්තා ලැබෙමින් පැවතියේ දකුණු ඉන්දියාවේ සිට ලංකාවට වෙළඳාමේ පැමිණි පිරිස් වෙතිනි. තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ රාජ රාජ රජු ලංකාවට ප්‍රහාරයක් එල්ල කළේ ය. මේ ප්‍රහාරය පිළිබඳව ඔහුගේ පුත්‍ර රාජජේන්ද්‍ර චෝළ රජදවස රචනා කරන ලද තිරුවාලංගාඩු තඹතහඩු ලිපියේ ද සඳහන් වේ. එහි ප්‍රශස්ත් ස්වරූපයෙන් සඳහන් වන්නේ වඳුරන්ගේ ද සහයෙන් පාලමකින් ලංකාවට ගොස් තියුණු ඊ විද අපහසුවෙන් ලක් රජු පැරදූ රාමට වඩා සමුද්‍ර කරණය කර ලංකව අල්ලා ගත් තම පියා හෙවත් පළමු රාජ රාජ රජු උසස් බව යි. ලංකාවේ වංසකතා වල රාජ රාජ රජුගේත් රාජේන්ද්‍ර රජුගේත් ආක්‍රමණ මිශ්‍ර කර දක්වා ඇතත් ඉන්දීය මූලාශ්‍රය අනුව පෙනී යන්නේ ලංකාවේ චෝළ බලය වර්ධනය වන්නේ රාජරාජ රජුගේ සමයේ සිට ය. ලංකාවේ ඔවුන් තෝරා ගන්නා පාලන මධ්‍යස්ථානය ස්කන්ධාවාර හෙවත් කඳවුරු නුවර ය. එනම් පොළොන්නරුව ය. මේ නගරය ඔවුන් ජනනාථමංගලම් යනුවෙන් නම් කරන ලදී. ජනනාථ යනු පළමු රාජ රාජ රජුගේ විරුද නාමයකි. ලංකාව අල්ලා ගත් පසු ඔවුන් ලංකාවේ ගම්මාන වලින් බදු ලෙස එකතු කරගත් විවිධ ද්‍රව්‍ය දකුණු ඉන්දියවේ ප්‍රධාන හින්දු කෝවිල් නඩත්තුව පිණිස යෙදවී ය. ලංකා ආක්‍රමණයෙන් පසු රාජ රාජ රජු ඉන්දියවේ ම බටහිර ගංගයින්ගේ දේශය කෙරෙහි ද අවධානය යොමු කළේ ය. ගංගයින්ට එරෙහිව රාජ රාජ චෝළ රජු යැවූ පළමු සේනාංක විසින් බටහිර ගංගයින්ගේ ගංගාවාඩිය, තංගවාඩිය හා කෝලම්බවාඩිය අල්ලා ගැනීමට සමත්වන ලදී. බටහිර චාලුක්‍යයන් විසින් නිකුත් කරන ලද ශිලිලේඛනයක සඳහන් වන්නේ මේ ආසන්න කාලයක රාජ රාජ රජු චාලුක්‍ය දේශය ද ආක්‍රමණය කළ බව යි. ක්‍රි.ව. 1007 දී පමණ එල්ල වූ මේ ආක්‍රමණයේ දී සත්‍යාශ්‍රය නම් චාලුක්‍ය රජු පරාජය වූ අතර චෝළයෝ නින්දිත අයුරින් චාලුක්‍ය දේශය කොල්ලකෑහ. මේ ආක්‍රමණ අවස්ථාවේ දී බමුණන් හා කුඩා ළමුන් අමානුෂික ලෙස ඝාතනය කළ චෝළයින් කාන්තාවන්ට නිගරු වන අයුරින් පහත් හැසිරීම් ද කළ හ. විශාල ධනයක් ද චාලුක්‍ය දේශයෙන් කොල්ලකාගත් ඔවුන් ට පසුව සත්‍යාශ්‍රය නම් චාල්‍රක්‍ය රජුගේ හමුදාවන් අතින් යළි පරාජය වීමට සිදුවිය. ඇතැම් විට චෝළයෝ මේ ආක්‍රමණය එල්ල කරන්නට ඇත්තේ ද ධනය කොල්ලකෑමේ ම අරමුණෙන් විය යුතු ය. මේ ආසන්න කාලයක දී නැගෙනහිර චාලුක්‍ය හෙවත් වෙංගියේ ද දේශපාලන ආරවුල් මතුවී තිබුණෙන් ඉන් ප්‍රයෝජන ගත් රාජ රාජ රජු වෙංගියේ දේශපාලන කටයුතු වලට අනිසි ලෙස මැදහත් වී තමන්ට පක්ෂපාත පුද්ගලයෙකු වී ශක්තිවර්මන් වෙංගියේ පාලකයා බවට පත් කළේ ය. පසුව ඔහුගේ සොයුරු විමලාදිත්‍යයට තම දියණියක වූ කුන්දවා කුමරිය විවාහ කරදුන්නේ ය. මේ සිදුවීම නිසා බටහිර හා නැගෙනහිර චාලුක්‍ය සබඳතා බිඳවැටුණි. සත්‍ය වශයෙන් ම රාජ රාජ රජුට අවශ්‍ය වූයේ ද එය යි. බටහිර හා නැගෙනහිර චාලුක්‍යයන් ඒකාබද්වය චෝළයින්ට එරෙහිව නැගී සිටීම වැලක්වීම යි. මේ මැදහත් වීම නිසා ඔහුගේ අරමුණ ඉටු විය. රාජ රාජ රජු මීළඟට යොමු වන්නේ කාලිංගය දෙසට ය. කාලිංගය හෙවත් වත්මන් ඔරිස්සාව චෝළයින් නතුවීම වනාහි ඔවුන් උතුරු ඉන්දියාව දෙසට යොමු වීමේ තීරණාත්මක අවස්ථාවකි.කාලිංගයේ තමන්ට හිතෛශී පාලකයෙකුට භාර දීමට හේ කටයුතු කළේ ය. දූපත් දොළොස්දහස නමින් ප්‍රකටව තිබූ මාලදිවයින් අල්ලා ගැනීමට ද රාජ රාජ රජු සමත් විය. කාලිංගය සේම මාලදිවයින ද තමන්ට හිතෛශී පාලකයෙකු යටතට පත්කිරීමට රාජ රාජ රජු සමත් විය.
දකුණු ඉන්දියවේ ශ්‍රේෂ්ඨතම නරවරයින් අතරින් කෙනෙක් සේ සලකන්නේ ද රාජ රාජ රජු ය. ප්‍රදේශ අල්ලා ගැනීම පමණක් නොව එකී ප්‍රදේශ ක්‍රමවත් පාලනයකට නතුකරගැනීම අතින් ද ඔහු දක්ෂයෙකු විය. ක්‍රිස්තු වර්ෂ 1000 දී තමන් යටතේ පැවති භූමියේ ඉඩම් සමීක්ෂණයක් කරවා ආදායම් ක්‍රමවත් කිරීම හේ කටයුතු කළේ ය. 1012 දී තම පුත්‍ර රාජේන්ද්‍ර රාජ්‍ය පාලන කටයුතු වලට සහභාගී කරගනිමින් තමන්ගෙන් පසු රාජ්‍යයේ පැවැත්ම තහවුරු කළේ ය. ආගමික අතින් ද දකුණු ඉන්දීය කලාපයට විශාල සේවයක් කිරීමට හේ කටයුතු කළේ ය. ශිව භක්තිකයෙකු වූ රජු 1010 වර්ෂයේ දී තංජෝරයේ දර්ශනීය කෝවිලක් කරවීය. රාජ රාජේශ්වර කෝවිල නමින් ප්‍රකට මෙම කෝවිල අදත් හින්දූන් අතර ප්‍රකට එකකි. මේ කෝවිල හින්දු -බෞද්ධ ආගමික සංහිදියාවේ ලක්ෂණයක් සේ සැලකේ. මෙහි බෞද්ධ කැටයම් පවා නිර්මාණය කරවා තිබේ. මේ කාලේ ශෛලේන්ද්‍ර අධිරාජයා වූ මාර විජයෝතුංග වර්මන් රජු නාගපට්ටනම් හි කරවූ බෞද්ධ විහාරයට ද උපකාර කළ රාජ රාජ රජු පසුව එම විහාරයේ නඩත්තුව පිණිස තම පාලනය යටතේ පැවති ආනෙසිමංගලම් ග්‍රාමය ද ප්‍රදානය කළේ ය.
රාජ රාජ මහා රාජ- ගෞතමී පුත්‍ර ශාතකර්ණී(සාතවාහන) රජු භාවිත කළ විරුදයකි.
රාජකෘත්- ‘රත්නීන් ’ බලන්න.
රාජතරංගනී- කල්හණයන්ගේ කෘතියකි. කාශ්මීරයේ ඉතිහාසය ලිවීමේ අරමුණෙන් යුතුව ක්‍රි. ව. 1149-1150 අතර කාලයේ දී පද්‍යයෙනි ලියූ උසස් කෘතියකි. පැරණි ඉන්දීය සාහිත්‍යධරයෙක් ඉතිහාසය දෙස යථාර්ථවාදීව බැලූ එකම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාස ගත වී ඇත. ශාස්ත්‍ර හෙවත් එවකට පැවති වංශකථා ද, ශාසන හෙවත් රාජාඥා ද, ප්‍රශස්ති පට්ට හෙවත් එවකට පැවති ප්‍රශස්තීන් ද, පාරම්පර්යයන් ද මූලාශ‍්‍රය කර ගනිමින් ඔහු මේ උසස් කෘතිය නිම කර ඇත. කණිෂ්ක වැනි රජවරුන් පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ලෝකයට දායාද කිරීමේ ගෞරවය හිමි වන්නේ ද කල්හණයන්ට ය. ක්‍රි. ව. හත් වන සියවසෙන් එපිට ඉතිහාසය රචනා කිරීමේ දී ඔහුට විශ්වාසදායී මූලාශ‍්‍ර නොලැබීම නිසා ඔහුගේ යුගයට දුරස්ථ වකවානුව පිළිබඳ ලිවීමේ දී තරමක් අසාර්ථක වුව ද මේ කෘතිය ඉන්දීය ඉතිහාසය හදාරන්නෙකුට ඇති උසස් මූලාශ‍්‍රයක් වග සටහන් කළ යුතුම ය. කල්හණගේ ප්‍රයත්නය දිගට ම ගෙන යාමට ජෝන රාජ නම් ලේඛකයෙක් උත්සාහ දරා ඇති අතර ඔහුට පසු ඔහුගේ ශිෂ්‍ය ශ‍්‍රී වර විසින් ද, ඉන් පසු ප්‍රාජ්‍යාභට්ට හා ඔහුගේ ශිෂ්‍ය ශ‍්‍රැත විසින් ද කාශ්මීර ඉතිහාස සම්ප්‍රදාය පෙරට ගෙන යන්නට උත්සාහ කර ඇත.
රාජධර්ම-(මනුනීති සංග්‍රහය අනුව) මේවා දෘෂ්ඨාර්ථ, අදෘෂ්ඨාර්ථ හා අග්නිහෝත්‍ර ආදී වශයෙන් එයි.
රාජන්‍ය - වෛදික යුගයේ රජු හැඳින්වීමට යෙදූ නාමයකි. (ශතපථ ඇතුළු බ්‍රාහ්මණ ග්‍රන්ථ අනුවය.)
රාජන්‍ය- කුෂාණවරුන්ගෙන් පසු උතුරු ඉන්දියාවේ බලවත් වූ සුළු රාජ වංශයකි.
රාජපුතානා නිම්නය- නර්මදා නදී නිම්නයෙන් නැගෙන වින්ධ්‍යා කඳුපෙළ උතුරට බෑවුම් වී සෑදෙන නිම්නයකි.
රාජපුත්‍ර- හර්ෂවර්ධන රජු)(606 - ?) ( පුෂ්‍යභූති වංශය) භාවිත කළ විරුද නාමයකි. හර්ෂවර්ධන පළමුව බලයට පත්වන්නේ මේ නමිනි. ඊට අමතරව ඔහු ශිලාදිත්‍ය විරුදය ද ලබාගත්තේය.
රාජභට- ඉත්-සිං හිමිගේ වාර්තාවල හමුවන මේ නම නැගෙනහිර බෙංගාලයේ බලවත් වූ ඛංග රාජ වංශයේ රාජරජභට රජුට ම යෙදුණු නමක් යැයි සිතන්නට පුළුවන.
රාජභවදත්ත- කුෂාණයන් යටතේ පාලකයෙකු වශයෙන් සිටින්නට ඇතැයි සැලකේ. මථුරාවෙන් ලැබී ඇති කාසිවල හමුවන නමකි.
රාජමිත්‍ර- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
රාජරාජභට-ක්‍රි.ව.7වන සියවසේදී පමණ නැගෙනහිර බෙංගාලයේ බලයට පත් වූ පාලකයෙකු යැයි හ්‍යුං-සියැං වාර්තා අනුව පෙනී යයි. ඛංග නම් පෙළපතට අයත් බෞද්ධ පාලකයෙකි.
රාජරාජාධිරාජ - ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.
රාජශේඛර- ගුජරාටි ලේඛකයෙකි. ප්‍රබන්ධකෝෂ ඔහුගේ කෘතියකි.
රාජශේඛර- කාව්‍යමීමංසාවේ කතුවරයා ය.
රාජශේෂදත්ත- කුෂාණයන් යටතේ පාලකයෙකු වශයෙන් සිටින්නට ඇතැයි සැලකේ. මථුරාවෙන් ලැබී ඇති කාසිවල හමුවන නමකි.
රාජසූය- යාගයක නමකි. වෛදික යුගයේ ඇරඹුණකි. රජෙකු සිය පාලනය ඇරඹීමට පෙර රාජසූය නම් යාගය කළයුතු විය. ඒ සඳහා මහා පරිමාණයේ බලිපූජාවක් කළයුතු විය.
රාජා වෛශ්‍රවණ-කෞෂාම්බි පාලකයෙකි. බන්ධොගාර් ලේඛන දෙකකින් මේ රජු පිළිබඳ තොරතුරු ලැබේ.
රාජාකාමදත්ත- කුෂාණයන් යටතේ පාලකයෙකු වශයෙන් සිටින්නට ඇතැයි සැලකේ. මථුරාවෙන් ලැබී ඇති කාසිවල හමුවන නමකි.
රාජාගෞප්තිපුත්‍ර- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
රාජාති රජස සර්ව ලෝග ඊශ්වර- වීම කැඩ්ෆයිසස්ට භාවිත කළ විරුදයකි.
රාජාථිරජස- කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි.
රාජාධිරජංගී - ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි.
රාජාධිරජස මහතස මොඅස-මෝග හෙවත් මාවුස් නම් සිතියන් රජුගේ පසුකාලීන කාසිවල ඔහුගේ නම දක්වා ඇත්තේ මේ ආකාරයට ය.
රාජාධිරාජ - ඊෂාණවර්මන් රජු (මෞඛරී වංශය), ගුප්ත කාසි වල ඇති විරුද නාමයකි. වොනොන්ස් පෙළපතේ රජවරු ද මේ විරුදය භාවිත කර ඇත.
රාජාබලභූති- කුෂාණයන් යටතේ පාලකයෙකු වශයෙන් සිටින්නට ඇතැයි සැලකේ. මථුරාවෙන් ලැබී ඇති කාසිවල හමුවන නමකි.
රාජේන්ද්‍ර I(ක්‍රි.ව.1014 - 1044) - (චෝළ රජු) මුම්මුඩි කොණ්ඩ, ගංගගෙයි කොණ්ඩ, කඩාරම් කොණ්ඩ, පණ්ඩිත චෝළ අදී විරුද දැරූ චෝළ අධිරාජයෙකි. බලයට ඒමට පෙර සිට ම තම පියා යටතේ දේශපාලන කටයුතු වලට එක්වී සිටි රාජේන්ද්‍ර, චෝළ අධිරාජයා බවට පත්වීමෙන් පසු චෝළ අධිරාජ්‍යය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කළේ ය. තිරුවාලංගාඩු තඹ සන්නස, තිරුමලෙයි ගිරිගිලිපිය ඔහුගේ පාලන සමය පිළිබඳ තොරතුරු හෙළි කරන ප්‍රධාන මුලාශ්‍රයන් වේ. මේ ලේඛන වලින් ඔහුගේ යුධ ජයග්‍රහණ පිළිබඳ තොරතුරු රැසක් හෙළි වේ. දකුණු ඉන්දියාව, ලංකාවේ උතුර, මාලදිවයින්, අරාබි මුහුදේ තිබූ සන්දිමන්තිවු නම් දූපත, බෙංගාලයේ නැගෙනහිර හා දකුණු ප්‍රෙද්ශ ඔහු යටතේ පාලනය වූ බව පැහැදිලි ය. ක්‍රි. ව. 1017-18 කාලයේ දී ලංකාවේ උතුරු කොටස ආක්‍රමණය කළ රාජේන්ද්‍ර රජු මෙහි තිබූ පාණ්ඩ්‍ය රාජකකුධ භාණ්ඩ සියරටට රැගෙන ගියේ ය. මේ ආක්‍රමණය මෙහෙයවූයේ ඔහුගේ දණ්ඩනායක වූ මුවෙන්තමේලාර් නම් සෙන්පතියා ය. ලංකාවේ උතුරු කොටසේ තම පාලනය තහවුරු කරගත් රාජේන්ද්‍ර රජු එහි ශිව හා හින්දු කෝවිල් කිහිපයක් ද කරවී ය. පොළොන්නරුව තම මධ්‍යස්ථානය බවට පත්කරගනිමින් එය ජනනාථපුරම් හෝ ජනනාථමංඩලම් නමින් ම හැඳින්වීය.කේරළ දේශය ද තමන් යටතට ගත් රාජේන්ද්‍ර රජු එහි පාලන කටයුතු තම පුත්‍රයාට පැවරීය. ක්‍රිස්තු වර්ෂයෙන් 1021 වැන්නේ දී රාජේන්ද්‍ර රජු බටහිර චාලුක්‍යයින් සමග ගැටුණේ ය. මේ ගැටුමෙන් දෙපාර්ශ්වයට ම හානි වූ අතර චාලුක්‍ය රජු වූ ජයසිංහයන් රායිචූර් දෙගංමැදිය රැක ගැනීමට සමත් විය. නමුත් මේ සමස්ත ප්‍රදේශය ම තමන් නතුකරගත් වගක් චෝළ රජු තිරුමලෙයි ලිපියේ දක්වා තිබේ. ඉතිහාස විචාරකයින්ගේ මතය වන්නේ තිරුමලේ ලිපියේ ඇත්තේ අතිශයෝක්තීන් මිස සත්‍යය ම නොවන බව යි. එහෙත් රාජේන්ද්‍ර චෝළ රජු උතුරු ඉන්දියාවේ නැගෙනහර ප්‍රදේශ ජයගත් බව සත්‍යයක් වියහැකි ය.ගංගානදියෙන් උතුරේ හා දකුණේ පාලකයින් ද මේ ආක්‍රමණයේ දී යටත්කරගත් බව සඳහන් වේ. ආක්‍රමණය මෙහෙයවූ සෙන්පතියා ගංගා නදී නිම්න ජයගත් බව සංකේතවත් කරමින් ගංගා නදියේ ජලය ගෙනවුත් චෝළයින්ගේ නව අගනුවර වූ ගංගෙයිකොණ්ඩ චෝළපුරම් හි ඉදිකළ නව ජලාශයේ ජලයට මුහුකළ වග සඳහන් වේ. නමුත් ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයට අනුව මේ ජයග්‍රහණය හුදු දේශපාලන වෘත්තාන්තයක් පමණි. ගංගා නදී ප්‍රදේශයේ බලය දිගින් දිගට ම අල්ලා සිටීමට වඩා ඔහුට වැදගත් වන්නට ඇත්තේ තම බලය ප්‍රකට කිරීම පමණක් යැයි ඔවුන් විශ්වාස කරයි. මේ නිසා ගංගා නදියේ ජලය ලබාගත් පසු වැඩි කලක් යන්නට මත්තෙන් යළි එම ප්‍රදේශ චෝළ පාලනයෙන් මිදී ස්වාධීන වූ වග ඔවුන්ගේ මතය යි. පාලනයේ අවසාන කාලයට සමීපව හේ බටහිර චාලුක්‍යයන් හා යළි සංග්‍රාමයක් ඇතිකර ගත්තේ ය. මේ සංග්‍රාමයේ දී බටහිර චාලුක්‍ය අගනුවර වූ කල්‍යාණිය ජයගෙන එහි වූ සුප්‍රසිද්ධ දේව ප්‍රතිමාවක් චෝළ දේශයට රැගෙන එන ලදී. චාලුක්‍ය පාලකයින් සඳහනක් කර ඇති ආකාරයට මීට පෙර අවස්ථාවක දී මෙන් ම චෝළයින් මේ ආක්‍රමණයේ දී ද වස්තුව කොල්ලකා කාන්තාවන්ට නින්දා වන ආකාරයේ හැසිරීම් තුළින් චෝළයින් සිය මිලේච්ඡත්වයත්, නින්දනීය තත්ත්වයත් ප්‍රකට කර ඇත.
රාජ්පුතානා- උතුරු ඉන්දියාවේ වියළි ප්‍රදේශයකි. වාර්ෂික වර්ෂාපතන අගය 3mm ට අඩු ප්‍රදේශයකි. කාන්තාර ලක්ෂණ තිබේ.
රාජ්මහල් කපොල්ල - බෙංගාලය කරා යන මාර්ගයේ දී හමුවන කපොල්ලකි. තෙලියඝර් හි බලකොටුව මේ පටු කපොල්ල මුළුමනින් ම ආවරණය කර ඉදිකර තිබී ඇත.
රාජ්මහල්-කඳු ප්‍රදේශයකි. බෙංගාලයට තරමක් සමීපස්ථානයක් විය යුතුය. කජංගලය ඒ ආසන්නයේ තිබෙන්නට ඇත.
රාජ්‍ය ශ්‍රී - පුෂ්‍යභූති වංශයේ ප්‍රභාකරවර්ධන රජුගේ දියණිය යි. හර්ෂවර්ධන රජුගේ හා රාජ්‍යවර්ධන රජුගේ සොයුරිය යි. ග්‍රහවර්මන් ගේ බිරිඳයි. ඇය පරම සෞගත නම් විරුදය භාවිත කළාය.
රාජ්‍යත්වයේ ප්‍රභවය- බ්‍රාහ්මණ ග්‍රන්ථ අනුව පෙනී යන්නේ සංග්‍රාමික අවශ්‍යතාවක් මත රජකම බිහි වූ බවයි. එහි සඳහන් වන ආකාරයට සුරාසුර යුද්ධයේ දී පරාජයට පත් සුරයෝ සිය පරාජයට හේතුව රජෙකු නැති වීම යැයි තීරණය කර රජෙකු පත්කර යළි සටන් වැද ජය ගත්හ. ඊට අනුව පශ්චාත් වෛදික සමාජයේ රජුන්ගේ ප්‍රධාන කාර්යය සංග්‍රාම කටයුතු බව අනුමාන කළ හැක.රජු තෝරා ගැනීමේ දී ජනමතය ප්‍රබල වූ බව ඓතරේය බ්‍රාහ්මණය අනුව පැහැදිලිය. එහි මෙසේ සඳහන් වේ.
රාජ්‍යමතී-ශ්‍රී හර්ෂදේව රජුගේ දියණියයි. නේපාලයේ ජයදේව රජුගේ බිසවයි. නමුත් මේ හර්ෂදේව යනු කනෞජයේ හර්ෂවර්ධන රජු නොවන බව පැහැදිලි වන්නේ ජයදේව රජු ක්‍රි.ව.8වන සියවසේ පාලකයෙකු වූ නිසා ය.
රාජ්‍යවර්ධන-පුෂ්‍යභූති රාජවංශයේ මුල් කාලීන සාමාජිකයෙකු මෙන්ම හර්ෂවර්ධන රජුගේ සොහොයුරෙක් ද මේ නමින් හඳුන්වා ඇත. මුල් සාමාජිකයා මහාරාජ රාජ්‍යවර්ධන නම් වූ අතර ඔහු නරවර්ධන රජුගේ පුත්‍රයා මෙන්ම ආදිත්‍ය වර්ධනගේ පියා විය. ආදිත්‍යවර්ධන යනු හර්ෂවර්ධනයන්ගේ පියා වූ ප්‍රභාකරවර්ධනයන්ගේ පියා ය(එනම්, හර්ෂවර්ධනයන්ගේ සීයා ය.) මේ නමින් ම යුතු දෙවැන්නා පරමභට්ටාරක මහාරාජාධිරාජ රාජ්‍යවර්ධන නම් විය.
රාථ-රජ පෙළපතකි. සමතථ ප්‍රදේශයේ බලවත් වන්නට ඇති නමුත් වැඩි විස්තර හමු නොවේ.සෙල්ලිපි වල මේ පෙළපතට අයත් ජිවධාරණ හා ශ්‍රී ධාරණ නම් පාලකයන් දෙදෙනෙක් ගැන සඳහන් වේ.
රාධාදේශය-වත්මන් බර්දවාන් ප්‍රදේශය.
රාධාමිත්‍ර- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
රාන්ගාමතී-පුරාණ කර්ණවර්ණ නගරය යැයි අනුමාන කරන නූතන නගරයකි. වත්මන් මුර්ෂිදාබාද් දිස්ත්‍රික්කයට අයත් වේ. අනුමානය නිවැරදි නම් මේ නමින් හැඳින්වෙන්නෙ ශසාංක නම් ගෞඪ පාලකයාගේ අගනුවර ය.
රාම-භද්දකච්චායනා කුමරියගේ සහෝදරයෙකි. දඹදිව පණ්ඬුශාක්‍ය රජුගේ පුත්‍රයෙකි. භද්දකච්චායනා කුමරියගේ ලංකාගමනට පසු ඈ සොයා ආ මොහු හා සෙසු සහෝදරයෝ පසුව ලංකාවේ ම පදිංචි වූහ.
රාම - විෂ්ණුගේ පුනරාවතාරයකි.
රාම ජනාර්ධන-රාම(?)
රාමගාමය- කෝලියයන්ගේ වාසභූමිය
රාමචන්ද්‍ර- නාට්‍ය දර්පණයේ කතුවරයෙකි.
රාමචරිතය - බෙංගාලයේ රාමපාල රජු හා රාමායනයේ රාම චරිතය එක්ව ගෙන ශ්ලේෂ (දෙපැත්තට අර්ථ ගැන්වීම) වශයෙන් ලියූ කෘතියකි.කතුවරයා අඥාත වේ.
රාමදත්ත- කුෂාණයන් යටතේ පාලකයෙකු වශයෙන් සිටින්නට ඇතැයි සැලකේ. මථුරාවෙන් ලැබී ඇති කාසිවල හමුවන නමකි.
රාමනුජ- වෛශ්ණව ප්‍රතිශෝධකයෙකි. පළමු කුලෝත්තුංග චෝළ පාලන සමයේ ඔහුට තංජෝරයේ වාසය කරන්නට නොහැකිව මයිසෝරයට පළා ගියේ ය.
රාමපාල රජු - බෙංගාලයේ පාලකයෙකි. රාමායනයේ එන රාම චරිතය හා මෙම රාම පාල රජුගේ චරිතය අලලා ශ්ලේෂ (දෙපැත්තට අර්ථ ගැන්වීම) වශයෙන් ලියූ ‘රාම චරිතය’ නම් කෘතියෙන් මෙතුමා පිළිබඳ තොරතුරු සුලූ ප්‍රමාණයක් හෙළි කර ගත හැක.
රාමභද්‍ර-ප්‍රතිහාර වංශයේ පාලකයෙකි. දෙවන නාගභට රජුගේ පුත්‍රයා ය.
රාමායනම් - රාම-සීතා වෘතාන්තය අළලා චෝළ පාලන සමයේ දී කම්බන් නමැති කවියා හා ඔට්ටන්කුට්ටන් කවියා විසින් රචනා කරන ලද කෘතියකි. එහෙත් සාමාන්‍ය පිළිගැනීම නම් මෙය කම්බන්ගේ කෘතියක් බවයි. මෙය වාල්මිකීගේ රාමායනයේ අනුකරණයක් නොවේ. මෙහි එන රජවාසල විස්තර ආදිය අනුව මෙහි එන්නේ චෝළ පාලන සමයේ විස්තරයකිය යන්න පැහැදිළිය. ඊට අනුව මොහු රාමායන කතාවට දේශීය මුහුණුවරක් දී ඇතැයි සැලකිය හැක. එවක චෝළ රජු වූයේ තුන්වන කුලෝත්තුංග රජු වියයුතුය.
රාමායනය - ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දේශීය(ඉන්දීය) සාහිත්‍ය මූලාශ්‍රයකි. භරතීය මහාකාව්‍යද්වයෙන් එකකි. මහාභාරතය හා රාමායනය යන මහාකාව්‍යද්වයෙන් මෙය වඩා පැරණි කෘතිය යැයි ද, පෞරාණික ආර්ය සම්ප්‍රදාය පිළිබිඹු කරන කෘතිය යැයි ද පිළිගැනේ. වාල්මිකී නම් මහර්ෂිවරයා මෙහි කතුවරයා යයි විශ්වාස කෙරේ. පැරණි ඉන්දීය සාහිත්‍යයට අයත් මහා කාව්‍යයක් ලෙස ද වීර කාව්‍යයක් ලෙස ද හැඳින්වේ. අතිශයෝක්තීන් හා දේවකතා ආදිය බහුල වීම නිසා ප්‍රබල ඉතිහාස මූලාශ්‍රයක් ලෙස නොපිළිගැනේ. රාමායනය හෙළි කරන ඉන්දියාවේ භූ ගෝලීය පර්ස්ථීතිය තරමක් කුඩාය. දක්ෂිණාපථයේ රාජධානි පිළිබඳව රාමායනයේ සඳහන් නොවේ. එහෙත් එහි සඳහන් වන දණ්ඩකාරණ්‍යය නම් මහ වනය දක්ෂිණාපථයේ පිහිටි එකකැ’යි විද්වත්හු විශ්වාස කරති. රාමායනය වත්මන් තත්ත්වයට වෙනස් වූයේ කවර කලෙකදැ’යි නිශ්චිත නැත. මෙම මහා කාව්‍යය 10 - 11 සියවස් වල දී චෝළ පාලකයින්ගේ අනුග්‍රහය මත තෙළිඟු බසට ද පරිවර්තනය වී ඇත. ඉන් පෙනෙන්නේ උත්තරාපථය කියා හෝ දක්ෂිණාපථය කියා හෝ භේදයකින් තොරව මේ මහා කාව්‍යය සියලූ භාරතීයයන් විසින් පිළිගත් බවයි.
රාමාශර්මා- ගුප්ත යුගයේදී විසූ පඬිවරයෙකි. අලංකාර ශාස්ත්‍රය දියුණුවට මහත් සේවයක් කළෙකි.
රාමේශ්වර් සුළු ගිරි ලිපිය-අශෝක රජු කරවා ඇත.
රාම් නගර්-පුරාණ අභිච්ඡත්‍ර නගරය
රාම්පූර්වා ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
රාය සිමුඛ සාතවාහන-සිමුඛ රජු හැඳින්වීමට නාගනිකා දේවියගේ නානාගාත් ලිපියේ යොදා ඇති නමයි.
රායිචූර් දෙගම්මැදිය - දකුණු ඉන්දියාවේ ක‍්‍රිෂ්ණ හා තුංගභද්‍රා නදී දෙක අතර ප්‍රදේශය. මෙම ප්‍රදේශයේ ඉතිහාසය වනාහි ඩෙකානයේ මුස්ලිම් රාජ්‍ය හා දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය, විජයනගර් වැනි හින්දු රාජ්‍යයන් අතර බල අරගලයේ ඉතිහාසය ද වන්නේය.
රාවල්පිණ්ඩි සංඝාරාමය-වයඹ ඉන්දියාවේ මණික්යාල ප්‍රදේශයේ බෞද්ධ සංඝෘරාමයකි.
රාවි- ඉන්දු නදියේ පංච මහා අතු ගංගාවන්ගෙන් එක් අතු ගංගාවකි.
රාවෝ. එස්. ආර්. -ඉන්දුනිම්න අක්ෂර පිළිබඳ පර්යේෂණ කළ භාෂා විද්‍යාඥයෙකි.
රාශ්ට්‍රකූට-වයඹ දිග ඉන්දියාවේ දේශසීමා රාජ්‍යයකි.
රාශ්ලීකවරු- ඩෙකෑනයේ සිටි පෙළපතකි.
රාෂ්ට්‍ර - ගම් කිහිපයක ඒකතුව(විෂ්) (ඍග් වෛදික)
රාෂ්මිත්‍ර- ගුප්ත යුගයේදී විසූ පඬිවරයෙකි. අලංකාර ශාස්ත්‍රය දියුණුවට මහත් සේවයක් කළෙකි.
රාස්මාලා(?)-ප්‍රාදේශීය වංස කතාවකි.
රාහුල-සිද්ධාර්ථ ගෞතමයන්ගේ පුත්‍රයාය. ගෞතමයන් වහන්සේගේ 29වැනි වියෙහිදී ගිහිගෙය හැර ගියේ රාහුල කුමරුන් උපන් දිනයේ දී ම ය.
රැප්සන්-ඉතිහාසය පර්යේෂකයෙකි.
රික්ෂවත්-මාල්වා ප්‍රදේශයට දකුණින් වින්ද්‍ය කඳු ආශ්‍රිත ප්‍රදේශයකි.
රින්ක්ලර්, හ්‍යුගෝ-බෝඝස්කොයි ශිලාලේඛනය සොයාගත් පුරාවිද්‍යාඥයා.
රිෂභදන්ත-ඉන්දීය ප්‍රදේශවල සිටි සක පාලකයෙකි නහපාන රජුගේ බෑනා කෙනෙකි.. පසු කාලයේ විෂ්ණු ආගම වැළඳගත්තෙකි.
රිෂික දේශය-ක්‍රිෂ්ණ නදීබඩ ප්‍රදේශය.
රුඩෝක-වරේන්ද්‍රි ප්‍රදේශයේ පාලකයෙකි. දිව්‍ය නම් නිළධාරියාගේ සොයුරාය.
රුද්‍ර- උපනිශද් දෙවියෙකි. අග්නි දේවයාගේ ප්‍රචණ්ඩ වේශයකි. හෙතෙම අසනි ගර්ජනා හෙවත් විදුලිය ද හෙණ හ`ඩ ද ඇති කරයි. ඈත කඳුමුදුන් වල සිට සැඩ සුළං දකුණාටු ද ඇති කරයි. පසු කාලීනව ශිව දෙවියා බවට පත්වන්නේ මොහුය.
රුද්‍රගුප්ත- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
රුද්‍රට- ගුප්ත යුගයේදී විසූ පඬිවරයෙකි. අලංකාර ශාස්ත්‍රය දියුණුවට මහත් සේවයක් කළෙකි.
රුද්‍රදාමන්-ශක පාලකයෙකි. චෂ්ටනගේ මුණුපුරාය. දේශපාලකයෙකුට අමතරව සම්භාව්‍ය සංස්කෘත සාහිත්‍යයට අනුග්‍රහ දැක්වූවකු වශයෙන් ද සඳහන් වේ. ව්‍යාකරණය, රාජ්‍යතාන්ත්‍රික ශාස්ත්‍රය, සංගීතය, තර්ක විද්‍යාව උගතෙක් විය.
රුද්‍රධර භට්ටාරිකා කුමරිය-උදේනි මහ රජුගේ දියණියකි. දෙවන රුද්‍රසේන ශක රජුගේ බිසව වියහැක.
රුද්‍රසිංහ I - රුද්‍රදාමන්ගේ පුත්‍රයෙකි. දමජද ශ්‍රී රජුගේ සොහොයුරා ය. (මහා සත්‍රප)
රුද්‍රසිංහ III- ශක පාලකයෙකි. ස්වාමි ශාක්‍යසිංහ නම් මහා සත්‍රපවරයාගේ පුත්‍රයාය.
රුද්‍රසේන II- වීරදාමන් ශක රජුගේ පුත්‍රයෙකි. (මහාසත්‍රප)
රුද්‍රසේන II - වකාටක පාලකයෙකි.
රුමින්දෙයි ලිපිය- අශෝක රජු කරවා ඇත.
රුමින්දෙයි-ලුම්බිණිය
රුහ්මි-සුලෙයිමාන් සිය වාර්තාවේ පාලවරුන් හඳුන්වා ඇත්තේ මේ නමිනි.
රූප- ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
රූපකෘති-දෙවන චන්ද්‍රගුප්ත රජුගේ කාසිවල එන පාඨයකි.
රූපාක්ෂර- රූපසටහන් යොදා ගනිිමින් අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමය පැරණි ශිෂ්ටාචාර සියල්ලක ම පාහේ දක්නට ලැබේ. පසු කාලීනව මේ රූප සටහන් පරිනාමය වී අක්ෂර නිර්මාණය වී ඇත. පරිනාමී අවස්ථා වල පවා මොවායේ රූපමය මුල් ස්වරූපය දැකිය හැක. ඉන්දු නිම්නයේ ද එසේය.ඉන්දු නිම්න චිත‍්‍රාක්ෂර ඊජිප්තු චිත‍්‍රාක්ෂර වලට වඩා තරමක් දියුණු ස්වභාවයක් පෙන්වයි. මෙම අක්ෂර මෙතෙක් කියවා නැතත්, මේවා පිළිබඳව මෙතෙක් සිදු කර ඇති ගැඹුරු පර්යේෂණ අනුව වමේ සිට දකුණටත්, දකුණේ සිට වමටත් ලියූ අවස්ථා සොයාගෙන ඇත. ලොව පැරණි ම අක්ෂර සේ පිළිගැනෙන සුමේරියානු අක්ෂර වල බලපෑම මේවායේ ද දක්නට ලැබෙන්නේ යැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.තවත් විද්වත් පිරිසක් කියන්නේ මේවායේ මිසර, ඉලමයිට්, හිටයිට්, ක‍්‍රීට් හා චීන අක්ෂර වල ආභාසය ඇති බවයි. ඉන්දු අක්ෂර පිළිබඳව පර්යේෂණ කළ එස්. ආර්. රාවෝ මහතා කියන්නේ මේ අක්ෂර සංඥා මූලික බසක පරිනාමයක් බවය.
රූපාර්- වයඹ දිග ඉන්දියාවේ උතුරු දෙසට වන්නට පිහිටි ස්ථානයකි. සිම්ලා කඳුවැටියට අයත්ය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ උතුරු සීමාව සේ පිළිගැනේ.
රූප්නාත් සුළු ගිරි ලිපිය- අශෝක රජු කරවා ඇත.
රෙග්ලන් සාමි-ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකි. ඉන්දුනිම්න ශිෂ්ටාචාරය සුමේරියානු ශිෂ්ටාචාරයෙන් පැන නැගුණකැ’යි මත දක්වා ඇත.
රෙහෙලා - ඉබන්බතූතා‌ගේ දේශාටනවාර්තාව යි.
රොජ්දි - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නගරයක වත්මන් නාමය යි. මෙහි තිබී හරප්පා සංස්කෘතික ලක්ෂණ (ඉන්දු නිම්න ශිෂ්ටාචාර ලක්ෂණ) මෙන් ම පූර්ව හරප්පා ලක්ෂණ ද හමු වී ඇත. සෞරාෂ්ට‍්‍රයේ පිහිටා තිබී ඇත.
රොහීතක-ප්‍රදේශ නාමයකි.
රොහ්තාස්ගාත්-(රොහ්තාස්ගාත් නමින් උච්චාරණය කෙරෙයි) ගිරි ලිපියකි. ශාසංක රජු ගැන තොරතුරු සෙවීමේදී මූලාශ්‍රයක් ලෙස ගැනෙයි.
රෝමක සිද්ධාන්ත-ගුප්ත යුගයේ රචනා වූ ජ්‍යොතිෂවිද්‍යා ග්‍රන්ථයකි.
රෝලන්ඩ්, බෙංජමින්- ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ කලා කෘති පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකි.
රෝහ්තස්ගද්-පැරණි රෝහිතාගිරි නම් ප්‍රදේශය.මෙය නැගෙනහිර බෙංගාලයට අයත් ස්ථානයකි. මේ ප්‍රදේශයේ පාලකයින් වශයෙන් 10-11 සියවස්වල කටයුතු කළ චන්ද්‍ර නම් නාමයෙන් අන්තවන රාජ්‍ය නාම දැරූ රජවරු කටයුතු කර තිබේ.
ලක්ෂණාවලී - විදේහයේ විසූ උදයනයන්ගේ කෘතියකි. 10-12 සියවස් ලක්ෂ්මදේව-පරමාර පෙළපතේ පාලකයෙකි. 11සියවස.
ලක්ෂ්මී-ඉන්දියාවේ දී දේවත්වයෙන් පූජාවට පාත්‍ර වූ සංකල්පීය කාන්තාවකි. ඇතැම් විට මේ චරිත සඳහා පදනම් වී ඇත්තේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ මාතෘදෙවඟන වන්දනාවව විය හැකි ය.
ලඝු ජාතකය-වරාහමිහිර ලියූ ජ්‍යොතිෂ කෘතියකි.
ලයිකා-වයඹදිග ඉන්දියාව පාලනය කළ කණිෂ්ක රජුගේ ක්ෂත්‍රපවරයෙකි.
ලලිතාදිත්‍ය-කාශ්මීර රජෙකි. ක්‍රි.ව.736දී පමණ බලයේ සිටි පාලකයෙකි. එම වර්ෂයේ ඒ රජු චීනයට දූතයින් යවා ඇත.
ලාට දේව- ගුප්ත යුගයේ සිටි ආර්යභටගේ ශිෂ්‍යයෙකි.
ලාලක-ඉන්දීය රාජවංශයකි. හස්තිසිංහ මේ වංශයට අයත් පාලකයෙකි. හස්තිසංහ රජුගේ මුණුපුරෙකුගේ දියණියක් ඛාරවේල රජු ආවාහ කරගන්නට ඇතැයි විශ්වාස කරයි.
ලාල-කණිෂ්ක රජුගේ දණ්ඩනායකවරයෙකි.
ලාහෝර් තඹ මුද්‍රාව-ලාහෝරයෙන් හමුවී ඇති මෙය ක්‍රි.ව.4වන සියවසට පමණ අයත් වේ යැයි සැලකේ. මෙහි නාගවංශික මහාරාජ නාගභට්ඨ හා ඔහුගේ පුත්‍ර මහේශ්වර නාග ගැන තොරතුරක් ඇතුළත් වේ.
ලැම්බ්‍රික්/ලැම්බ්රික් - පන්ජාබ් ප්‍රදේශය ආශ‍්‍රිතව සේවය කළ සිවිල් සේවක මහතෙකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූවෙකි. ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ බිඳවැටීමට දේශගුණ විපර්යාස බලපෑ බවට වූ මතය හේතු සාධක සහිතව ප්‍රතික්ෂේප කළේ මේ මහත්මාය.
ලිංග වන්දනය -ආගමික ඇදහිල්ලකි. ඉන්දියාවේ ද ලංකාවේ ද අදත් දක්නට ලැබේ. හින්දු ආගමට වැඩි සබඳතාවක් පෙන්වයි.ඉන්දුනිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ කේතුකාකාර රවුම් ශෛලමය වස්තූන් ද ලිංග රූපසටහන් ලෙස පිළිගැනෙන අතර ඊට අනුව එම ශිෂ්ටාචාරයේ ආගමික විශ්වාස අතර ලිංග පූජාව ද තිබී ඇතැ‘යි පිළිගැනේ.
ලිංගෝද්භව-ශිවගේ නිරූපණ විධියකි. ගුප්ත යුගයේ ප්‍රකට වූවකි.
ලිච්ඡවයඃ-ගුප්ත කාසිවල සඳහන් පාඨයකි. මේ පාඨය සඳහන් කාසි පළමුවන චන්ද්‍රගුප්ත රජුට අයත් යැයි විශ්වාස කෙරේ. මේ පාඨය එහි සඳහන් කර ඇත්තේ මේ රජු ලිච්ඡවි කුමරියක විවාහ කරගත් නිසා යැයි අනුමාන කෙරෙයි.
ලිච්ඡවි දෞහිතෘ- සමුද්‍රගුප්තයන් භාවිත කළ විරුද නාමයකි. ඔහුගේ පියා වූ පළමු චන්ද්‍රගුප්ත රජු ලිච්ඡවි වංශයේ කුමාරදේවිය විවාහකරගැනීමත් සමග ලිච්ඡවීන්ගේ භූමියට අයිතියක් ගුප්තයන්ට ද ලැබුණි. මේ නිසා මේ විරුදය ඇතිවිය.
ලූෂායි-ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට ඇති මනිපූරයෙන් දකුණට විහිදී යන කඳුපන්තියකි.
ලූහ්ද් නදිය - බ‍්‍රහ්මපුත‍්‍රා නදියේ අතු ගංගාවකි. දිබාංග් ගංගාවට ලූහිද් නදිය එක් වූ පසු බිහි වන තනි ගංගාව බ‍්‍රහ්මපුත්‍ර නදිය ලෙස නම් වී ඇත.
ලෙන් ආරාම-(ඉන්දියා/ලංකා) පුරාණ කාලවලට අයත් ලෙන් ආරාම විශාල ප්‍රමාණයක් මේ දෙ රටින් ම සොයාගෙන ඇත. ඉන්දියාවෙන් මේ වන විට අජන්තා, නාසික්, කාර්ලේ, එල්ලෝරා, භාග් වැනි ප්‍රකට ලෙන් ආරාම ද ඇතුළත්ව ලෙන් ආරාම 1200(එක්දහස් දෙසීයක්) පමණ සොයාගෙන ඇත. ලංකාවේ ද දඹුල්ල ලෙන මුල් කරගත් ලෙන් විහාර අති මහත් ප්‍රමාණයක් දක්නට ලැබේ.
ලෙවි, සිල්වන්-ඉතිහාස පර්යේෂකයෙකි.
ලොජ්දි - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
ලොරියන්තන් ප්‍රතිමාව-ගන්ධාර කලා සම්ප්‍රදායට නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවකි. හමුවන විට කවන්ද රුවක් වශයෙන් තිබී ඇත.
ලොහුම්ජොදාරෝ-ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වූ ස්ථානයකි
ලෝකනාථ- ක්‍රි.ව.7සියවස අග පමණ නැගෙනහිර බෙංගාලයේ බලවත් වූ පාලකයෙකි. වැඩි විස්තර හමු නොවේ.
ලෝතාල්- ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. කාතියවාර් අර්ධද්වීපයට ආසන්නව පිහිටා ඇත. මේ ආශ‍්‍රිතව ශිෂ්ටාචාරයට අයත් වරායක් ද තිබී ඇත. එහෙත් මුහුද ගොඩ වීම නිසා දැනට මෙම වරායේ නටබුන් හමුවන්නේ තරමක් රට අභ්‍යන්තරයට වන්නටය. දිගින් මීටර 215ක්, පළලින් මීටර 26ක් හා ගැඹුර මීටර 4ක් වන නැව් තටාකාංගනයේ ඇතුළු පැත්ත පිළිස්සූ ගඩොලින් බැඳ තිබී ඇත. නැගෙනහිර පැත්තේ තිබූ මීටර 7ක් පළල දොරටුවෙන් තටාකයට ජලය ඇතුළු කරන්නට ඇත. නැව් ඇතුළු කළ පසු ජලය ඉවත් කරන්නට දකුණු පසින් ලී දොරක් සහිත සොරොව්වක් තිබී ඇත. නැව් ගැටගැසීමට භාවිත කළ නැංගුරම් ගල් 5ක් ද මෙහි තිබී හමු වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
ලෝනසෝභික ආයගපට්ට- මථුරා කලාවෙන් නිර්මිත ජෛන මූර්තියකි.
ලෝමස්සෘෂිලෙන-අශෝක රාජ්‍ය සමයේ ඉදිකළ ලෙනකි. බරාබර් කඳු ආශ්‍රිතව තිබේ.
ලෞකික සාහිත්‍ය මූලාශ්‍රය-ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථ, ධර්ම සූත්‍ර ග්‍රන්ථ, ස්මෘති ග්‍රන්ථ වැනි දේ මීට අදාළ වේ.
ලෞරිය අරරාජ් ටැම් ලිපිය-අශෝක රජු
ලෞරියා නන්දන්ගර් ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
වංග දේශය-දකුණු හා නැගෙනහිර බෙංගාලය මුල්කරගෙන ව්‍යාප්ත වූ රාජධානියකි. දේශසීමා කලින් කලට වෙනස් වී ඇත.
වංගපාල- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
වංගාලය-දකුණු බෙංගාලය හා ඇතැම්විට නැගෙනහිර බෙංගාලයේ කොටසක් ද ඇතුළත් ප්‍රදේශය.
වංශ- වහළයට යෙදූ පරාල(ඍග් වෛදික)
වංශාවල- වංශකතා සම්ප්‍රදායක් ගොඩ නැගීමට නේපාලය ගත් උත්සාහයක ප්‍රතිඵලයකි. එහෙත් ‘පුරාණ’ ග්‍රන්ථ මෙන් ම දේව නිර්මාණවාදය මුල් කරගනිමින් ලියා ඇති නිසා ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී එතරම් සහයෝගයක් නොලැබේ.
වංසත්ථප්පකාසිනි-
වංසත්ථප්පකාසිනිය වනාහි මහාවංසයට ලියූ ටීකාවයි. මෙම කෘතිය ක්‍රි. ව. 8-11 සියවස් අතර කාලයේ ලියැවී ඇතැයි විශ්වාස කෙරේ. මහානාම නම් හිමි නමකගේ ම කෘතියක් වුව ද එ් මහාවංසය ලියූ හිමියෝ ම නොවේ. ලංකා ඉතිහාසයට සහ ඉන්දීය ඉතිහාසයට අයත්, එහෙත් මහාවංසයේ දක්නට නොලැබෙන තොරතුරු රැසක් ද අන්තර්ගතය.මහාවංසයේ විස්තරාත්මකව නොදක්වන කරුණු බොහොමයක් මෙහි විස්තරාත්මකව දක්වා තිබේ.පණ්ඩුකාභය රජු දවස සම්බන්ධයෙන් මහාවංසයේ විස්තර කෙරෙන සිවිකාසාලා හා සොත්ථිසාලා යන ගොඩනැගිලි හඳුනා ගැනීමට වංසත්ථප්පකාසිනියේ එන තොරතුරු අතිශය වැදගත්ය.දේවානම්පියතිස්ස රජ දවස ලංකාව හා ඉන්දියාව අතර පැවති සබඳතා පිළිබඳ අතිමහත් තොරතුරු ප්‍රමාණයක් වංසත්ථප්පකාසිනියේ සඳහන්ය.දේවානම්පියතිස්ස රජුගේ පුනරාභිෂේකය(ද්විතියීය අභිෂේකය) පිළිබඳව වෙනත් මූලාශ‍්‍රවල සඳහන් නොවන තොරතුරු රැසක් වංසත්ථප්පකාසිනියේ සඳහන් වේ.තාවකාලිකව කිරුළ අහිමිව වළගම්බා රජු වනගතව ජීවත් වූ කාලය පිළිබඳව නිවැරදි යැයි පිළිගත හැකි තොරතුරු වැඩි ප්‍රමාණයක් ද වංසත්ථප්පකාසිනිසේ ඇතුළත්ය. ටීකා සම්ප්‍රදාය ආරක්ෂා කරමින් සරළ ගද්‍යයෙන් ලියා ඇත.වංසත්ථප්පකාසිනියට අනුව වළගම්බා රජු වනගතව සිටි කාලය අවුරුදු 14ක් හා මාස 7කි. වංසත්ථප්පකාසිනියට අනුව සිවිකාසාලා යනු සිවලිංගය තබන ලද දේවාලය හෝ මාතෘ නිවාසයයි. වංසත්ථප්පකාසිනියට අනුව සොත්ථිසාලා යනු බමුණන් වේදය හදාරණ ශාලාව හෝ ආරෝග්‍ය ශාලාවයි.
වජුගර- ඛාරවේල බිසව(පුතා?)වජ්‍රඝර(?)
වජ්ජි - සොළොස් මහා ජනපද වලට අයත් සමූහාණ්ඩුවකි. වේසාලිය අගනුවර කරගනිමින් වර්ධනය විය.
වජ්‍රඝර-ඛාරවේල බිසව(පුතා?)වජුඝර(?)
වජ්‍රය- සිතියානු කාසිවල ඇති සංකේතයකි.
වජ්‍රලේප-චිත්‍ර සඳහා සිතුවම් තලය සකසන අයුරු පිළීබඳ ශිල්පය. ගුප්ත යුගයේ ලියවුණු ශිල්ප රත්නය නම් කෘතියේ මේ ශිල්පය පිළිබඳ විස්තර ඇතුළත් වේ.
වජ්‍රාසනය- බුද්ධ ප්‍රතිමා ස්ථාපනය කරන ආසන විශේෂයකි. වජ්‍රයක සලකුණක් සහිතව නිර්මාණය කරන නිසා මේ නම යෙදේ. ලංකාවේ ගල්විහාර හිඳි ප්‍රතිමා මේ ආකාර ආසන වල ස්ථාපනය කර තිබේ.
වඩුඛ-ඛාරවේල රජුට පසු කාලිංගයේ බලයට පත් කුමාරයා(?)
වත්ස - සොළොස් මහා ජනපද වලට අයත් රාජාණ්ඩුවකි. කෝසම්බි හෙවත් කෞෂම්භිය අගනුවර විය.
වත්ස/වත්සරාජ-ප්‍රතිහාර වංශයේ පාලකයෙකි. පාල වංශයේ ධර්මපාල රජුගේ සමකාලීනයෙකි. ඔහුගේ විරුද්ධවාදියෙකි.
වත්සදේවී-නේපාලයේ ශිවදේව රජුගේ බිසවයි. මෞකරී වංශික භෝගවර්මන් රජුගේ දියණියයි. මගධයේ ආදිත්‍යසේන රජුගේ මිණිපිරියකි. පශ්චාත් ගුප්ත වංශයට දුරස්ථ ඥාති සබඳතාවක් සහිත කුමරියකි.
වත්සභට්ටි-මන්දසෝර් ප්‍රශස්තියේ පිටපත් රචකයාය. ගුප්ත යුගයේ වාසය කළෙකි.
වත්ස්, එස්. එමි.- ඉන්දු නදී ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
වනදේව- අයෝධ්‍යාවේ පාලකයෙකි.
වනස්පර-කණිෂ්ක රජුගේ ක්ෂත්‍රපයෙකි. රාජ්‍යයේ උතුරු කොටස පාලනය කරන්නට ඇත.
වප්‍යත/වප්‍යට-බෙංගාලයේ පාල රාජවංශයේ ආරම්භක ගෝපාල රජුගේ පියා.
වරරුචි- ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
වරවාරණ වික්‍රම චාරු වික්‍රම- ගෞතමී පුත්‍ර ශාතකර්ණී(සාතවාහන) රජු භාවිත කළ විරුදයකි. මෙහි අරුත හස්ති රාජයෙකුගේ මෙන් රමණීය ගමන් විලාසයක් ඇති බවයි.
වරශිකවරු-හරියුපියාවේ විසූ ජනයා වශයෙන් ඍග් වේදයේ සඳහන් වේ.හරියුපියා යනු හරප්පාව විය හැකි ය.
වරාණසී - බරණැසයි.
වරාහමිහිර- ගණිතය, තාරකා විද්‍යාව, උද්භිද විද්‍යාව හා භූගෝල විද්‍යාව විස්තර කරමින් ගුප්ත යුගයේ දී බෘහත්සංහිතාව(බෘහද්සංහිතාව)රචනා කළ පඬිවරයාය.
වරාහමිහිර-ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි. පංචසිද්ධාන්තිකා, ලඝු ජාතකය, බෘහද්විවාහපටල, ස්වල්ප විවාහපටල, යෝගසූත්‍රය වැනි කෘතිවල කතුවරයාය.
වරුණ-වෛදික දෙවියෙකි. හෙතෙම වැදගත්කමින් දෙවැනි වන්නේ ඉන්ද්‍ර ට පමණි. දෙව්ලොව මහා මාළිගයක අසුන් අරා වැජඹෙන අධිරාජයෙකි. හෙතෙම සදාචාර ධර්‍ම පද්ධතියේ හෙවත් ව්‍රතයේ ධාරකයා ද වෙයි. අහසට, ජලයට හා ජීවයට අධිපති දෙවි. සෑම තැනම හිඳිනා නිසා සර්ව ව්‍යාපී නම ද ලබයි. පවිත්‍ර සිතැති ධාර්මිකයෙකි. පාපයට, පාපතරයාට ඔහුගෙන් සමාවක් නැත. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.
වරුණමිත්‍ර-කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
වරේන්ද්‍රි-උතුරු බෙංගාලයේ පාලකයින් හැඳින්වූ පොදු නමකි.
වරේන්ද්‍රි-ප්‍රදේශ නාමයකි. පාලවරුන් යටතේ තිබූ බවට සාධක තිබේ. පසුව දිව්‍ය නමැත්තෙකු දෙවන මහීපාල රජු මරා මේ ප්‍රදේශයේ පාලකයා විය.
වර්ණමාන-මුලදී පාලවරුන් යටතේ සිටි පාලකයෙකි.(12වන සියවස) නමුත් පසුව ස්වාධීන විය.
වර්ධමාන මහාවීරතුමා- නිඝණ්ඨනාථපුත්ත. ජෛන දර්ශනයේ ආදි කතුතුමාය. ක්‍ෂත්‍රිය කුලයට අයත් මෙතුමා බුදුන්වහන්සේට සමකාලීනව වාසයකළහ. එතුමාගේ දර්ශනය ඒ වනවිට භාරතයේ පැවති 62ක් වූ ආගමික දෘෂ්ටීන් අතරින් ප්‍රමුඛ වූ හයෙන් එකකි.
වර්ධමානපුරය-ක්‍රි.ව.9 සියවසේ පමණ සක්‍රියව තිබූ අගනගරයකි. කාන්තිදේව රජුගේ අගනුවර වූයේ මෙයයි. නැගෙනහිර බෙංගාලයට අයත් නගරයකි.
වර්ෂ- ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
වශ-පශ්චාත් වෛදික සමයේ කුරු ගෝත්‍රිකයන් සමග මධ්‍ය දේශයේ වාසය කළ ගෝත්‍රයකි.
වශිෂ්ට - ඍග්වේදයේ සඳහන් පුරෝහිත නාමයකි. (ඍග් වෛදික)
වසන්ත් සින්දේ - ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
වසුදේව-බ්‍රාහ්මණ අමාත්‍යවරයෙකි. අවසන් ශුංග රජු වූ දේවභූති(දේවභූමි) වෙත සේවය කළේය. දේවභූති රජු ඝාතනය කිරීමට ද කටයුතු කළේ මේ අමාත්‍යවරයා ය. පසුව කාන්වා හෙවත් කාන්වායන නම් රාජවංශය ඇරඹූ ඔහු වසර 9ක් මගධයේ පාලකයා වශයෙන් කටයුතු කළේය.
වසුබන්ධු - කණිෂ්ක රජු දවස මහායාන ග්‍රන්ථ චීන බසට පෙරළුෑ අයෙකි.
වසුමිත්‍ර - මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත. කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංඝායනාවේ මූලිකත්වය දැරූවේ මේ හිමියන් යැයි හ්‍යුත් සාං හිමි සඳහන් කර තිබේ.
වසුසේන- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
වළ්ළල්-සංගම් සාහිත්‍ය කවීන්ගේ ප්‍රශංසාවට බඳුන්වූ ද්‍රවිඩ රජවරුන් අටදෙනෙකි. වළ්ළල් යනු මේ රජවරුන් හැඳින්වීමට යෙදූ පොදු නමකි.
වාක්පති - ලේඛකයෙකි. මගධයේ රජැයූ යශෝවර්මන් රජුගේ චරිතය මුල් කරගෙන ප්‍රාකෘත බසින් ‘ගෞඩවාහෝ’ නම් කෘතිය කළේ මොහු විසිනි.
වාග්භට-ගුප්ත යුගයේ ලේඛකයෙකි. අෂ්ටාංග සංග්‍රහ නම් වෛද්‍ය කෘතිය ඔහුගේ ය.
වාජපේය- වෛදික යාගයකි. රාජ්‍ය බලවර්ධනය කිරීමේ අරමුණෙන් රජවරුන් විසින් සිදුකරන්නකි.
වාත- ඍග් වෛදික දේවයෙකි. සුළඟ දේවත්වයේ ලා සැලකූයේ මේ නමිනි. කණිෂ්ක රජුගේ ඇතැම් කාසිවල මේ රුව ද දක්වා තිබේ.
වාතාපිකොණ්ඩ - පළමු නරසිංහවර්මන් (ක්‍රි.ව.642 - 668)පල්ලව රජු(වාතාපිය ජයගත් යන අරුතින්)
වානප්‍රස්ථ-ආශ‍්‍රම ධර්මයකි. අඹුදරුවන් හා ලෞකික සැප අත්හැර දමා තාපස වේශධාරීව වනගතව ගතකරන අවධියයි.
වානවන් - ශෙන්දන් පාණ්ඩ්‍ය රජු භාවිත කළ විරුදයකි.
වාමන- ගුප්ත යුගයේදී විසූ පඬිවරයෙකි. අලංකාර ශාස්ත්‍රය දියුණුවට මහත් සේවයක් කළෙකි.
වායුදේව- අයෝධ්‍යාවේ පාලකයෙකි.
වාලභි-මෛතිකවරු මේ ප්‍රදේශයේ බලය වර්ධනය කරගත්හ.
වාවාතා - පශ්චාත් වෛදික රජවරුන්ගේ දෙවන බිසව
වාසවදත්තා- ගුප්ත යුගයේ සුබන්ධු නම් ගද්‍ය කාව්‍ය රචකයා විසින් රචනා කරන ලදී.
වාසස් - වස්ත්‍ර, නොමැසූ ඇඳුම(ශතපථ බ්‍රාහ්මණය අනුව.)
වාසිස්ටපුත්‍ර ආනන්ද-ශාතකර්ණීන්ගේ කලා ශිල්පීන්ගේ ප්‍රධානියා.
වාසිස්ථ-ගෞතමීපුත්‍ර රජුගේ පුත්‍රයකු යැයි සැලකෙන වශිෂ්ටී නමැත්තා. ඔහු රුද්‍රදාමන් ශක රජුගේ දියණිය විවාහ කරගෙන සිටිබව පිළිගැනෙයි.
වාසිස්ථපුත්‍ර චඩසාති-චන්ද්‍ර ශ්‍රී නම් සාතවාහන රජු වියහැක. කොඩවලී නම් ස්ථානයෙන් හමු වූ කාසිවල මේ නම සඳහන් වේ.
වාසිස්ථපුත්‍ර චතරපන සාතකර්ණි-සාතවාහන පාලකයෙකි. මේ නම නානාඝාට් සෙල්ලිපියේ සඳහන් වන්නකි.
වාසිස්ථපුත්‍ර විලිවායකුරු-ප්‍රකට සාතවාහන වංශය නොව වෙනත් සාතවාහන වංශයකට අයත් රජෙකි. දකුණු මාරාඨයේ කෝලහාපූර්හි රජකර ඇත.
වාසිස්ථපුත්‍ර ශ්‍රී සාතකර්ණී =පුලුමායි රජු වියහැක.
වාසුදේව-වෛදික දෙවියෙකි.
වාසුදේව-විෂ්ණු භක්තික භාරතීය පාලකයෙකි.
වාහයිප්පරන්දලයි සටන-කරිකාලන් චෝල විසින් සිදුකළ සටනකි. මෙය සතුරු අධිපතීන් නවදෙනෙකුට විරුද්ධව කළ එකක් යැයි පෙනෙයි.
වෑන්-හියුං-සේ-චීන දේශාටක හ්‍යුං සියෑං(?)
වික්‍රමශිලා සංගාරාමය-පාල වංශයේ ධර්මපාල රජු විසින් පිහිටුවන ලද්දකි. මෙය ගංගා නදියට සමීප භාගල්පුර අසල පාතර්ඝාට් කඳු ආශ්‍රිතව පිහිටුවන්නට ඇතැයි සිතිය හැකි වේ. අධ්‍යාපන මධ්‍යාස්ථානයක් වශයෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්විය.
වික්‍රමාංක - සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 - 376)(ගුප්ත රාජවංශය) භාවිත කළ විරුදයකි.
වික්‍රමාංක දේව චරිත - බිල්හණ ගේ කෘතියකි. පශ්චාත් චාලූක්‍ය වංශයේ වික්‍රමාදිත්‍ය රජු ගේ චරිතය වටා ප්‍රාකෘත බසින් ලියූවකි.
වික්‍රමාදිත්‍ය - පශ්චාත් චාලූක්‍ය වංශයට අයත් රජෙකි. බිල්හණ විසින් ‘වික්‍රමාංක-දේව-චරිත’ නම් කෘතිය කළේ මේ රජුගේ චරිතය මුල් කරගෙන ය.
වික්‍රමාදිත්‍ය - චන්ද්‍රගුප්ත II (ක්‍රි.ව.376 - 415)(ගුප්ත රාජවංශය)භාවිත කළ විරුදයකි.
වික්‍රමෝවර්ශි - කාලිදාස නම් මහා ලේඛකයාගේ නාට්‍ය කෘතියකි. ගුප්ත රාජවංශයේ පළමුවන කුමාරගුප්ත රජු යුවරජු වශයෙන් අභිෂේක ලැබූ කාලයේ රචනා වී ඇත.
විචිත්ත චිත්ත - පළමුවන මහේන්ද්‍රවර්මන්(ක්‍රි.ව.600 - 630) පල්ලව රජු භාවිත කළ විරුදයකි.
විජය ශාතකර්ණී-විජය නමැති සාතවාහන රජු වියහැක.
විජය- සාතවාහනයින්ගේ අධිරාජ්‍යයේ අපරභාගයේ පාලකයෙකි.
විජයමාඝ- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
විජයමිත්‍ර- අයෝධ්‍යාවේ පාලකයෙකි.
විජයසේන රජු -සේන වංශික රජෙකි. පාලවරුන් 12වන සියවස මුල දුබල වූ අවස්ථාවේ මේ රජු රාධා දේශයේ බලය අල්ලා ගත්තේ ය.
විජයසේන-වීරදාමන් ශක රජුගේ සොහොයුරෙකි. (මහාසත්‍රප)
විජිගීසු-රජු හැඳින්වීමට යෙදූ පදයකි. (?) ජය ගන්නා අයෙකුය යන අරුතින්
විජිත-දඹදිව පණ්ඩුශාක්‍ය රජුගේ පුත්‍රයෙකි. භද්දකච්චායනා කුමරියගේ සහෝදරයෙකි. ඇයගේ ලංකාගමනට පසු ඈ සොයා ආ මොහු හා සෙසු සහෝදරයෝ පසුව ලංකාවේ ම පදිංචි වූහ.
විණ්ණොන්දායන්-බ්‍රාහ්මණයෙකි. සංගම් යුගයේ දකුණු ඉන්දියාවේ වාසය කර ඇත.
විතකදේව- අයෝධ්‍යාවේ පාලකයෙකි.
විදර්භ-පැරණි ඉන්දියාවේ පිහිටා තිබූ රාජධානියකි. රාමායනයේ ද මේ පිළිබඳව සඳහන් වේ. ඊට අනුව මෙය වින්ධ්‍ය කඳුආසන්නයේ පිහිටා තිබී ඇත.බෙරාර් ප්‍රදේශය යි.
විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය(ඉන්දියාවේ) - ශ්‍රී ලංකාවේ මූලාශ්‍රය වන දීපවංසය, මහාවංසය, සමන්තපාසාදිකාව, මහාවංස ටීකාව... ග්‍රීක මූලාශ්‍රය වන මෙගස්තිනීස්ගේ ඉන්ඩිකා, ජස්ටින්ගේ කෘතිය, ප්ලූටාච්(ප්ලූටාර්ක්)ගේ කෘතිය, හෙරඩෝටස්ගේ කෘතිය, ස්ටේඩියස්ගේ කෘතිය, ස්ට්‍රාබෝගේ කෘතිය, පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථය... රෝම මූලාශ්‍රය වන, ප්ලීනි - නැචුරාලිස් හිස්ටොරියා, ටොලමි - භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය...චීන මූලාශ්‍රය වන ෆාහියන් හිමිගේ වාර්තා, හ්‍යුන්සාන් හිමිගේ වාර්තා, ඉත්සිං හිමිගේ වාර්තා... අරාබි මූලාශ්‍රය වන අල් බිරූනි වාර්තා, අල් මසුදි වාර්තා,ඉබන් කුර්දාද් බෙහ් වාර්තා, ඉබන් ෂහිරිහාහ් වාර්තා, ටිබෙට් මූලාශ්‍රය වන තාරානාථ ගේ වාර්තා
විද්‍යාගොස්ටි-අධ්‍යාපන මණ්ඩලයකි. හර්ෂවර්ධන රාජ්‍ය සමයේ ක්‍රියාත්මක වූවකි. මෙය හර්ෂවර්ධන රාජසභාව ආශ්‍රිතව ක්‍රියාත්මක වූවක් බව සඳහන් වේ.
වින්ධ්‍යා කඳු- ඉන්දියාවේ බටහිර වෙරළේ කැම්බේ බොක්ක ආසන්නයෙන් මුහුදට වැටෙන නර්මදා නදියේ උතුරු ඉවුරේ පිහිටි කඳුවැටියකි. පර්වත බිත්තියක ස්වරූපය ගත්තකි. ඉන්දියාවේ ප්‍රධාන භූගෝලීය පිහිටීමකි. අභ්‍යන්තර රාජධානි වල දේශසීමාවක් ලෙස ද භාවිත වී ඇත. මෙය කැම්බේ බොක්ක ආසන්නයේ සිට සැතපුම් 1600ක් පමණ ඊසානදිගට විහිදේ. අලහබාද් ආසන්නයේ දී මෙම කඳුපන්තිය හා ගංගා නදිය අතර පරතරය කි. මී. 80ක් තරම් වන අතර මොන්ඝීර් අසල දී බරඝ්පූර් කඳුපන්තිය ද එක්වන නිසා එම පරතරය කි. මී. 8ක් තරම් අඩු වේ. රාමායනයට අනුව මේ ආසන්නව උත්කල, කාලිංග, දසර්ණ හෙවත් භිල්සා, අවන්ති හා විදර්භ වැනි රාජධානි පිහිටා තිබී ඇත. වර්තමානයේ දි වීදුරු කර්මාන්තයට අවශ්‍ය වැලි වර්ග ද මේ ප්‍රදේශය අශ‍්‍රිතව ලබා ගැනේ.
විභාෂා ශාස්ත්‍ර-අටුවා ග්‍රන්ථ විශේෂයකි. කණිෂ්ක රාජ්‍යානුග්‍රහය ඇතිව සිදුකළ සිව්වන ධර්ම සංගායනාවේ දී බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථ හා බ්‍රාහ්මණ ආගම පිළීබඳව පැවති ධර්ම කොටස් ද සම්බන්ධ කර මේ අටුවා ග්‍රන්ථ සම්පාදනය කරන ලදී. ඒවා පසුව තඹපත්වල ලියා ස්ථූපය තැන්පත් කළ බව හ්‍යුංසෑං සඳහන් කර තිබේ.
විමංසා සුත- ජෛමිනි නම් කතුවරයාගේ කෘතියකි. ක්‍රි. පූ. 4වන සියවසත්, ක්‍රි. ව. පළමුවන සියවසත් අතර කාලයේ ජීවත්ව ඇත. ඔහුට සමකාලීන ශාඛර නම් ගත්කතුවරයා මෙම කෘතියට භාෂ්‍ය නම් අටුවාවක් රචනා කළේය.
විමලෝදය -රාෂ්ට‍්‍රකූට පාලන සමයේ සිටි සාහිත්‍යධරයෙකි.
වියලූර්-ප්‍රදේශ නාමයකි. නන්නන් නමැති පාලකයෙකු යටතේ තිබූ ප්‍රදේශයකැයි සංගම් සාහිත්‍යයේ සඳහන් වේ.
විලර්, මෝර්ටිමර්.- ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ පැවැත්වූ මෙතුමා ඉංග්‍රීසි ජාතික පුරා විද්‍යාඥයෙකි. නාගරික ශිෂ්ටාචාරයක් පිළිබඳ දැනුම තිබූ සංචාරක ගෝත්‍රිකයන් පිරිසක් ඉන්දු නිම්නයට සංක්‍රමණය වීම නිසා මේ ශිෂ්ටාචාරය බාහි වූ බව ප්‍රකාශ කළේ මෙතුමා ය. පර්යේෂණ වල දී ලැබුණු දත්ත අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 2500-1500 අතර කාලයට අයත් යැයි ප්‍රකාශ කළේය. මේ කාල නිර්ණය රේඩියෝ දින වකවානු ක්‍රමය සමග ද සසැඳුණේය.
විලාසදේවි-සේන වංශයේ විජයසේන රජුගේ බිසව. සූර පෙළපතට අයත් කුමාරිකාවකි.
විශාකදත්ත- ගුප්ත යුගයේ සුප්‍රකට කාව්‍ය හා නාට්‍ය රචකයෙකි. මුද්‍රාරාක්ෂස හා දේවීචන්ද්‍රගුප්ත මොහුගේ කෘතීන් වේ.
විශ්ණු මිත්‍ර- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
විශ්ණු මිත්‍ර-මථුරාවෙන් ලැබුණු කාසිවල සඳහන් නමකි. මේ රජු නාගවංශිකයෙකු යැයි අනුමාන කරයි.
විශ්වකර්ම ලෙන්- එල්ලෝරා ලෙන් සංකීර්ණය
විශ්වචාරා - ඍග් වෛදික යුගයේ ප්‍රබල කතකි.
විශ්වපාල- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ.
විශ්වරූප-ඉන්දීය පඬිවරයෙකි.
විශ්වව්‍යාපී- විශ්වයේ ම පැතිර සිටින්නා වු යන අරුතින් මහාබ‍්‍රහ්මයා හැඳින්වීමට වෛදික සාහිත්‍යයේ මේ නාමය භාවිත කොට ඇත.මොහු ප්‍රජාපතිගේ පරිණාමී අවස්ථාවකි.
විශ්වසිංහ-ශක පාලකයෙකි. මහාසත්‍රපවරයෙකි.
විශ්වසේන-ශක පාලකයෙකි. භක්තිදාමන් ශක රජුගේ පුත්‍රයාය.
විශ්වස්‍ය භුවනස්‍ය රාජා - වෛදික රජවරුන්ගේ විරුදයකි.
විෂයපති-හර්ෂවර්ධන රාජ්‍ය සමයේ පරිපාලන ඒකකයක් වූ ‘විෂය’ භාරව සිටි නිළධාරියා.
විෂ් - විෂ්පති යටතේ පාලනය වූ ඒකකය. මෙය ගම් කිහිපයක එකතුවක් වූ අතර ජන නම් ඒකකයෙන් කොටසකි. (ඍග් වෛදික යුගය)
විෂ්ණු ගුප්ත- අංශුවර්මන් නේපාල රජුට පසු නේපාලයේ බලය අත්පත් කරගත් ජිෂ්ණුගුප්තගේ පුත්‍රයා ය. ජිෂ්ණු ගුප්තට පසු බලයට පත්විය. නමුත් ක්‍රි.ව.643දී මේ රජු නෙරපා හැර නරේන්ද්‍රදේව නම් ලිච්ඡවි රජු බලය අල්ලා ගත්තේය.
විෂ්ණු ගුප්ත- පශ්චාත් ගුප්ත වංශයේ පාලකයෙකි.
විෂ්ණු දෙවි- උපනිෂද් යුගයේ දෙවියෙකි./ දකුණු ඉන්දියාවේ වන්දනාවට පාත්‍ර වූ හින්දු දෙවිවරයෙකි./ගුප්ත යුගයේ වඩාත් ඇදහිල්ලට පාත්‍ර වූ හා ජනප්‍රිය වූ දෙවියා ය.
විෂ්ණු ධර්මෝත්තරය-ගුප්ත යුගයේදී පරිපූර්ණත්වයට පත්වූ ප්‍රතිමාකරණ රීති පිළිබඳ ග්‍රන්ථයකි.
විෂ්ණු පුරාණය- දහඅටක් වූ පුරාණ ග්‍රන්ථ අතරින් එකකි. ගුප්ත යුගයේ දී ලියැවී ඇත’යි පිළිගැනේ. ‘පුරාණ’ යටතේ බලන්න.
විෂ්ණු භක්තිය-හින්දු ආගමේ එක් නිකායකි. ශෛව වාදය හෙවත් ශිව දේව ඇදහිල්ලක් වෛශ්ණවවාදය හෙවත් විෂ්ණු දේව ඇදහිල්ලක් හින්දු ආගමේ ප්‍රධාන කොටස් දෙකකි.
විෂ්ණු රාමස්වාමී-කාශ්මීර දේවාලයක මේ නමින් ප්‍රතිමාවක් තිබූ බවත් එය පරිහාසකේසවගේ යැයි සැක කළ බෙංගාල ජාතිකයන් බෙංගාල රජුගේ නියෝගයෙන් එහි පැමිණ මේ ප්‍රතිමාව කඩා බිඳ දැමූ බවත් දැක්වේ.
විෂ්ණු ශ්‍රී- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
විෂ්වමිත්‍ර - ඍග්වේදයේ සඳහන් පුරෝහිත නාමයකි. (ඍග් වෛදික යුගය)මීට අමතරව දසරාඥ යුද්ධයේ දී භරත ගෝත්‍රයට විරුද්ධව යුද්ධ කළ දස ගෝත්‍රික පෙරමුණේ ප්‍රධානියා ද මේ නමින් හඳුන්වා ඇත.
විස්වාදිත්‍ය-පාලවරු යටතේ ගයා මණ්ඩලයේ සිටි සාමන්ත පාලකයෙකි.(11වන ශතවර්ෂය) ඔහු දෙවන මහීපාල රාජ්‍ය සමයේ ස්වාධීනත්වයට පත් වූ බව පෙනී යයි.
වීමකත්පිපාස- වීම කැඩ්ෆයිසස්ට භාවිත කළ විරුදයකි.
වීමා කැඩ්ෆයිසස්-කුජුල කැඩ්ෆයිසස්ගෙන් පසු බලයට පාලකයා. කුෂාණ පරපුරේ ආදීතමයෙකි. සර්වලෝක ඊෂ්වර,මහේෂ්වර විරුදය දැරීය.
වීර - පළමු ශාතකර්ණී රජු භාවිත කළ විරුදයකි.
වීර කාව්‍ය - රාමායනය හා මහා භාරතය ඉන්දීය වීර කාව්‍යයන් වශයෙන් පිළිගැනේ.
වීරගොස්ටි- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ රණශිල්ප ඉගැන්වූ අධ්‍යාපන මණ්ඩලයකි. රජු ද මීට සහභාගි වූ බව සඳහන් වේ.
වීරදාමන්-දාමසේන ශක රජුගේ පුත්‍රයා.
වීරනාරායන - පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 - 953)
වීරපුරුෂ දත්ත-ආන්ද්‍රා ප්‍රදේශයේ සිටි පාලකයෙකි. ඉක්ෂුවාක වංශයට අයත් වේ.
වීරලියර්- සංගම් සාහිත්‍ය යුගයේදී දකුණු ඉන්දීය ප්‍රදේශ පුරා සංචාරය කළ සංගීත කණ්ඩායමකි.
වීරසේන- නාමමාත්‍රිික මිථ්‍යා පාලකයෙකි. බෙංගාලයේ සේනවරු විශ්වාස කළේ තමන් මේ වීරසේන නම් රජුගෙන් පැවති එන බවයි. වීරසේන රජු දක්ෂිණාපතයේ සිටි බව ද ඔවුහු සඳහන් කරති.
වීරසේන-අශෝක පරපුරට අයත් අයෙකි. ඔහු ගාන්ධාරයේ රජවී යැයි තාරානාථ කියයි.
වීරසේන-කුෂාණවරුන්ගෙන් පසු බලය වර්ධනය කරගත් පාලකයෙකි. නාගවංශිකයෙකු යැයි අනුමානයක් පවතී. ඔහු මථුරාව අගනුවර කරගන්නට ඇත. ක්‍රි.ව.3-4සියවස්වල බලයේ සිටින්නට ඇතැයි සිතිය හැක.
වීරසේන-පුෂ්‍යමිත්‍ර මගධය පාලනය කරන සමයේ නර්මදා ප්‍රදේශය භාරව සිටි ප්‍රාදේශීය නායකයා ය. ඔහු පුෂ්‍යමිත්‍රගේ පුත් අග්නිමිත්‍රගේ බෑණනුවන් වග ද සඳහන් වේ.
වීරස්ථම්භ-යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වූ භටයන් වෙනුවෙන් ඉදිකළ ස්ථම්භ විශේෂයක් (දකුණු ඉන්දියාව)
වූ-සුන්-ගෝත්‍රික නායකයෙකි. යු-එචීවරුන්ට පහර දී පලවා හැරි හුයින්-නුගේ පියාය.
වෘක්‍ෂ වන්දනය- (ඉන්දියා) ත්‍රිශූලාකාර හිස්වැස්මක් පැළැ`දි නග්න දේවතාවියක් ඇසතු ගසක අතුපතර හි`දින අතර ගස යට ඊට වන්දනා කරන මිනිසෙකු දැක්වෙන මුද්‍රාව අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මෙම වන්දනාව තිබී ඇතැයි පිළිගත හැක.
වෘක්ෂිකා-රුක්වාසී දෙවිවරු
වෘද්ධපාල- භාරුත් කලාකෘතිවල කොටා ඇති නමකි.
වෘෂාල-චන්ද්‍රගුප්ත මෝරිය, සිමුඛ වැනි රජවරුන් හැඳින්වීමට යෙදූ නමකි. මෙහි අර්ථය අනුමාන වශයෙන් ‘අනාර්ය’ යන්න හෝ ආර්යභාවයට පත් අනාර්යෙක් යන්න විය හැක.
වෙණ්ණි- කෝවිල් වෙණ්ණි- කරිකාලන් චෝල මුලින්ම ජයගත් ස්ථානය
වෙන්කත මාධව - චෝළ පාලන සමයේ සිටි ලේඛකයෙකි. වේදය පහදාදීම සඳහා ඍගර්ථප්‍රදීපිකාව නම් කෘතිය කළේය.
වෙල්ගම් වෙහෙර ලිපි- (ලංකා/ඉන්දියා) ලංකාවේ චෝළ පාලන සමය පිළිබඳව තොරතුරු සපයාගත හැකි මූලාශ‍්‍රයකි.
වෙල්ස් - ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයෙකි. ඉන්දුනිම්න ශිෂ්ටාචාරය සක්‍රියව පැවති කාලය ක්‍රි.පූ.2154 – 1864 අතර බවට මතයක් පපල කළේ ය.
වෙළව්-සංගම් යුගයේ දකුණු ඉන්දියාවේ සිවිල් පාලනය භාරව සිටි වෙළ්ළාලර්වරුන්ට චෝළ දේශයේ ලබාදුන් නම.
වේතාලභට්ට- ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි.
වේද- බෞද්ධ සාහිත්‍යයේ වේද 03ක් ගැන කියැවේ. ‘තින්නං වේදානං පාරගු’ යන්නෙන් එය හෙළි වේ. ඊට අනුව සිවුවන වේදය බෞද්ධ යුගයට පසුව ලියැවී ඇතැයි සැලකිය හැක.
වේල්ස්- (ඉන්දියා) ඉතිහාසඥයෙකි. ඉන්දු නිම්නය පිළිබඳ උනන්දුවක් දැක්වූවෙකි. ඉන්දු නදී ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 2154-1864 කාලයට අයත් යැයි ප්‍රකාශ කළේය.
වේශාලි- ලිච්ඡවින්ගේ මධ්‍යස්ථානය යි. විශාලා හා වෛශාලි නමින් ද හැඳින්වේ.
වේසර- ඉදිකර ඇති ප්‍රදේශ අනුව ගුප්ත යුගයේ ගොඩනැගිලි වර්ගීකරණය කළ කොටස් 3න් එකකි. නාගර හා ද්‍රවිඩ සම්ප්‍රදාය දෙක මිශ්‍රකර ඉදිකළ ගොඩනැගිලි.
වේළිර්- දකුණු ඉන්දීය ප්‍රදේශීය අධිපති වශයෙන් විය හැක. තලයිලම්ගානම් සංග්‍රාමයේදී නෙඩුඤ්ජේලියන් පාණ්ඩ්‍ය රජු අතින් පරාජය වූ පාලකයන් අතර මේ නම ද හමු වේ.
වේළිර්-ජනවර්ගයක් හෝ වංශයක නමක් වියයුතුය. කරිකාලන් චෝළ රජු නාන්ගුරයෙන් වේළීර් තරුණියක විවාහ කරගත්තේ යැයි නන්කිනාර්ක්කිනියර් නම් පඬිවරයා සඳහන් කරයි.
වේළ්විකුඩ්-පාණ්ඩ්‍ය යුගයේ තොරතුරු සඳහන්වන අභිලේඛනයකි. (තඹපත්)
වෛතුංග සූත්‍රය - ජෛන සූත්‍රයකි
වෛදික රජවරුන්ගේ විරුද - විශ්වස්‍ය භුවනස්‍ය රාජා
වෛදික සාහිත්‍යය - මෙම වර්ගයට අයත් වන්නේ වේද ග්‍රන්ථ ඇතුළුව ක්‍රිස්තු පූර්ව 5වන සියවසට පෙර රචනා වූ කෘතින් වේ. සෘග්වේදය, හා පශ්චාත් වෛදික යුගයේ ලියැවුණු යජුර්, සාම, අතර්වන් වැනි වේද, බ්‍රාහ්මණ ග්‍රන්ථ, උපනිෂද් ග්‍රන්ථ, පුරාණ නමැති ග්‍රන්ථ, වේදාංග, උපවේද ආදිය මීට ඇතුළත් වේ. මේවායෙන් පැරණි ඉන්දීය ආගමික, ආර්ථික, දේශපාලන, සමාජ ආදී තොරතුරු ගවේෂණය කළ හැකි වේ.
වෛනික- සිතුවම් නිර්මාණ විධියකි. වර්ණාත්මක ලෙස ආනන්ද කුමාරස්වාමි මහතා මෙය දක්වා ඇත.
වෛශාලි(බබීර) ටැම් ලිපිය - අශෝක රජු කරවි ඇත.
වෛශ්‍ය කුලය-ගව ආදී පශු පාලනය, දන්දීම, යාගකිරීම, ඉගෙනීම, වෙ,ළඳාම, පොළී කිරීම, ගොවිතැන් කිරීම යන කාර්යයන් උදෙසා කැප වූ කුලයයි.මොවුහු මහා බ‍්‍රහ්මයාගේ දෙකළවා වලින් උපන්නෝ වෙති.
වෛශ්‍ය පුෂ්‍යගුප්ත-චන්ද්‍රගුප්ත මෞර්ය රාජ්‍ය සමයේ දී කාතියවාරය පාලනය කළ සාමන්ත පාලකයෙකි.
වෛශ්‍යවන- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
වොං-කුජුල කැඩ්ෆයිසස්ට ම නාමයකි.
වොනන්ස්-කන්දහාර් හා බලුකිස්ථානයේ පාලනය කළ සිතියන් රජපෙළතකි.මාවුස් පෙළපතට අයත් දෙවැනියා ය.
වොන්-හ්‍යුං-සෙ- චීන දූතයෙකු වශයෙන් ඉන්දියාවට ආවෙකි. ඔහු එන්නේ හර්ෂ රජුගේ හා චීන අධිරාජයා අතර පැවති සබඳතා නිසාවෙන් වුවත් මේ දූතයා ක්‍රි.ව. 647 වැන්නේදී ඉන්දියාවට පැමිණෙන විට හර්ෂවර්ධන රජු මියගොස් සිටියේ ය.
ව්‍යවහාර සමාතා-මෞර්ය යුගයේදී ක්‍රියාත්මක වූ නීතිය සැමට පොදුවිය යුතු බවට වූ සම්මතය.
ව්‍යාකරණ ග්‍රන්ථ - පාණිණීගේ හා පතඤ්ජලීගේ කෘති, තෝල්කාප්පියම් නම් දෙමළ කෘතිය
ව්‍යාඝ්‍ර-පද්මාවතී ප්‍රදේශයෙන් සොයාගත් කාසියක ඇති මේ නම අනුව එය නිකුත් කරන්නට ඇත්තේ ව්‍යාඝ්‍රනාග නමැති නාග වංශික රජු යැයි අනුමාන කරයි.
ව්‍යාධි- ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
ව්‍යාස ධර්මශාස්ත්‍ර ධර්මශාස්ත්‍ර යටතේ බලන්න.
ව්‍යාසකාරිකා - පතංජලීගේ යෝගදර්ශනය විවරණය කරමින් ගුප්තයුගයේදී ම රචනා වූ කෘතියකි.
ව්‍රත - ඍග්වෛදික හමුදා බලඇණියකි
ශංකරාචාර්ය -චෝළ පාලන සමයේ ජෛන විරෝධී හින්දු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි ගත් කතුවරයෙකි. මොහු සංස්කෘත භාෂාවෙන් ආගමික ග්‍රන්ථ කිහිපයක් ද රචනා කොට ඇත.
ශක ක්ෂත්‍රප කාසි- ගුජරාටය හා කාතියවාරය පාලනය කළ ශක ක්ශත්‍රපවරුන් නිකුත් කළ කාසි මෙ නමින් හැඳින්වේ. තුන් සියවසක් මේ ප්‍රදේශ පාලනය කළ මේ රජවරුන් අතරින් සමහරෙක් නිකුත් කළ කාසි වල ඔහු ගේ නම ද, පියාගේ නම ද, රාජවර්ෂය ද සඳහන් කොට ඇත. මේ කාසි අතිශය වැදගත් වන්නේ ද ඒ නිසාය.
ශක නන්ද-ශක පාලකයෙකු වියහැක.
ශක රාජ වර්ෂ- ශක වරුන් විසින් ඇරඹූ වර්ෂ ක්‍රමය යි. පැරණි ඉන්දීය රජවරු මෙම වර්ෂ ක්‍රමය ද භාවිත කොට ඇත. මෙය ක්‍රි. ව. 78න් ඇරඹිණැ’යි විශ්වාස කෙරේ.
ශකශ්‍රීධරවර්මා- ශක පාලකයෙකු වියහැක.
ශකසාත-ක්‍රිෂ්ණ ගෝදාවරී ප්‍රදේශවලින් හමු වී ඇති කාසිවල සඳහන් මේ නම සාතවාහන රජෙකුගේ යැයි අනුමාන කරයි.
ශකසේන- ක්‍රිෂ්ණ ගෝදාවරී ප්‍රදේශවලින් හමු වී ඇති කාසිවල සඳහන් මේ නම සාතවාහන රජෙකුගේ යැයි අනුමාන කරයි.
ශකස්ථානය-නූතන සියස්ථානය. හෙලමන්ඩ් නිම්නයේ ප්‍රදේශයකි. ශකවරුන් හෙවත් සිතියන්වරුන්ගේ වාසභූමියකි.
ශඨක- ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි.
ශත සාහශ්‍රික ප්‍රඥාපාරමිතාව-කණිෂ්ක යුගයේ ලියවුණු පඥාපාරමිතා ග්‍රන්ථයකි.
ශතපථ බ්‍රාහ්මණය- බුදුදහමට සම්බන්ධ වගක් පෙනේ. අර්හත් ශ‍්‍රමණ යන ශබ්ද පළමුකොටම දක්නට ලැබෙන්නේ මෙහි ය. (වික්ටර් නිට්ස් මතය අනුවය.) ඉන්දීය ඉත්හාසය පිළිබඳ තොරතුරු ද අන්තර්ගත වේ. කුරු-පංචාල ගෝත්‍ර සංගමය තුළ ස්වකීය ගෝත්‍රික අනන්‍යතාව රැකගනු නොහැකිව දිය වී ගිය ශ‍්‍රිංජය ගෝත්‍රය පිළිබඳව යම් තරමකට හෝ තොරතුරු ප්‍රමාණයක් ඇත්තේ මේ කෘතියේය. කෝසලය හා විදේහය පිළිබඳව පළමුවරට සඳහන් වන්නේ ද මේ කෘතියේය.
ශතභ්‍රජි-කුලුනු සියයකින් සමන්විත ගොඩනැගිල්ලට ඍග්වේදයේ දී ඇති නම.
ශත්‍රප-සත්‍රප නම් පෙළපත් නාමයම විය යුතුයි. ඒ යටතේ බලන්න.
ශබර - ඓතරේය බ්‍රාහ්මණයේ මේ නමින් හැඳින්වෙන්නේ දස්‍යුන් හෙවත් දාසයන් ම වියයුතුය.
ශබ්දවිද්‍යා- නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ විෂයකි.
ශබ්දානුසාසන-රාෂ්ට‍්‍රකූට පාලන සමයේ සිටි සකස්යායන නම් සාහිත්‍යධරයාගේ කෘතියකි.
ශම්භූයශස්-ඔරිස්සාවේ පාලකයෙකි. ඔහු බෙංගාල ප්‍රදේශාශ්‍රිතව බලය පතුරුවා ගත් මාන රාජවංශයේ සාමන්ත පාලකයෙකු වූ අතර ආසන්න වශයෙන් ක්‍රි.ව.580 තරම් කාලයක බලයේ හිඳින්නට ඇත. ශාසංක නම් ගෞඪ රජු අතින් මේ රජු හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයෙකු පරාජයට පත්වූ බව අනුමාන කෙරේ.
ශයින්-උල්-ආබ්දීන්- කාශ්මීරය පාලනය කළ මුස්ලිම් නායකයෙකි.
ශසක වංශය-ක්ෂහරාට වංශය.
ශසාංක- පශ්චාත්කාලීන ගුප්තයන්ගෙන් පසු බෙංගාලයේ ඇති වූ වියවුල් මැද බලයට පත්වූවෙකි. ඔහුගේ මුල් කාලය ගැන තොරතුරු විරලය. හෙතෙම හර්ෂවර්ධන රජුගේ සොයුරා ඝාතනයට සම්බන්ධ වූවෙකි. රොහ්තාස්ගාත් ලේඛනයේ ශ්‍රී මහා සාමන්ත ශසාංක යනුවෙන් දැක්වෙන්නේ මොහු යැයි අනුමාන කෙරෙන අතර එය නිවැරදි නම් ඔහු මුල් කාලයේ මහාසේන ගුප්ත රජුගේ සාමන්තයෙකු වශයෙන් හිඳින්නට ඇතැයි අනුමාන කළ හැකි වේ. කර්ණවර්ණ නම් නගරය ඔහු අගනුවර කරගත් බව සඳහන් වෙතත් මේ කර්ණවර්ණ නගරය කුමක්දැයි පැහැදිලි නැත. ඇතැම්විට එය නූතන මුර්ෂිදාබාද් දිස්ත්‍රික්කයට අයත් රාන්ගාමාති නගරය විය හැක. ශාසංක රජු ක්‍රි.ව.637-638 අතර කාලයක මියයන්නට ඇත.
ශාකල-ඍග් වේදයේ දැනට ඇති කොටස. පුරාවෘත්ත වල ඍග් වේද ග්‍රන්ථ ගණනාවක් ගැන අසන්නට ඇතත් දැනට ඉතිරිව ඇත්තේ ශාකල කොටස පමණි.
ශාකුන්තලය- කාලිදාස නම් කවියාගේ රචනයකි. ගුප්ත යුගයට අයත්ය. මහාභාරතයේ එන ශාකුන්තල වෘත්තාන්තයට අනුව ලියා ඇති මේ කෘතිය විශ්ව සාහිත්‍ය කෘතියකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගැනේ.
ශාක්‍ය- වංශ නාමයකි. බූදුන් වහන්සේ මේ වංශයට අයත් විය.
ශාක්‍යසිංහ-ශාක්‍ය කුලයට සිංහයෙකු බඳු යන අදහසින් බුදුන්වහන්සේට යෙදූ අපර නාමයකි. සිංහල ගීතවල සෑසී නමින් (සෑසී පියා) ඇත්තේද මේ යෙදුම මය.
ශාඛර - ක්‍රි.පූ. 4වන සියවසටත් ක්‍රි.ව. පළමු සියවසටත් අතර කාලයේ ජීවත් වූ මොහු ජෛමිනි ගේ විමංසා සුත නම් කෘතියට භාෂ්‍ය නමින් අටුවාවක් රචනා කළේය.
ශාතකර්ණී ද්‍ය රජු - වීර, ශූර, අප්‍රතිහත ඡත්‍ර, දක්ෂිණාපථපති.(දක්ෂිණාපථනාථ)
ශාතකර්ණී-සාතවාහනයන් හැඳින්වීමට යෙදූ නම් ය.
ශාන්තිකර්ණී- සාතවාහනයන් හැඳින්වීමට යෙදූ නම් ය.
ශාන්තිවර්ණී- සාතවාහනයන් හැඳින්වීමට යෙදූ නම් ය.
ශාබස්ඝර් ගිරි ලිපිය- අශෝක රජු කරවා ඇත.
ශාලායුර්-පාණ්ඩ්‍ය දේශයට අයත් ප්‍රකට නැව් තොටකි.
ශාලිහෝත්‍ර-ගුප්ත යුගයේ සිටි ලේඛකයෙකි. වෛද්‍ය වෘත්තියේ උගතෙකි. අශ්වශාස්ත්‍රය නම් සත්වවිද්‍යා ග්‍රන්ථය රචනා කළේය.
ශිඛි ගෝත්‍රය-ශිඛි පුරය වාසභූමිය කරගත් පශ්චාත් වෛදික ගෝත්‍රික කණ්ඩායමක් බව ‘පතඤ්ජලී ව්‍යාකරණය’ අනුව පෙනී යයි.
ශිඛි-කුෂාණවරුන්ගෙන් පසු උතුරු ඉන්දියාවේ බලවත් වූ සුළු රාජ වංශයකි.
ශින්නමනෝර්- පාණ්ඩ්‍ය යුගයේ තොරතුරු සඳහන්වන අභිලේඛනයකි. (තඹපත්)
ශිරීස- බුද්ධ සංකේතයකි. බුද්ධගයා කැටයම් අතර එයි. කකුසඳ බුදුන් පිළිබඳ සංකේතයකි.
ශිලාදිත්‍ය-මේ නමින් චාලුක්‍ය පාලකයෙකු ද සිටියේ ය. ඒ දෙවන පුලකේශීන්ගේ පුත් ශ්‍රයාශ්‍රය සීලාධිත්‍ය රජු ය. සීලාදිත්‍ය යන්න ශිලාදිත්‍ය වශයෙන් ද ඇතැම් තැනක වරනැගී ඇත.
ශිලාදිත්‍ය- හර්ෂවර්ධන රජු මුල් කාලයේ භාවිත කළ විරුදයකි.
ශිලාධිත්‍ය- හර්ෂවර්ධන රජු(ක්‍රි.ව. 606 - 647)(පුෂ්‍යභූති වංශය)
ශිල්ප රත්නය-ගුප්ත යුගයේදී පරිපූර්ණත්වයට පත්වූ ග්‍රන්ථයකි. ප්‍රතිමාකරණ රීති අඩංගු වේ.
ශිව- දකුණු ඉන්දියාවේ වන්දනාවට පාත්‍ර වූ හින්දු දෙවිවරයෙකි/ කණිෂ්ක රජුගේ ඇතැම් කාසිවල මේ රුව ද දක්වා තිබේ./චෝළ හා පල්ලව පාලකයන් බොහොමයක් ශිව භක්තිකයන් විය./ තංජෝර් හා කාංචි ප්‍රදේශ වල ශිව දේවාල රැසක් තිබේ. නමුත් ඇතැම් කාල වල ශිව භක්තිකයන් නිවා වෛශ්ණව භක්තිකයන්ට හිරිහැර සිදුව තිබේ. පළමුවන කුලෝත්තුංග චෝළ රජ දවස රාමනුජ නම් වෛශ්ණව ප්‍රතිශෝධකයාට මයිසෝර්යට පැන යෑමට සිදුවීම උදාහරණයකි.
ශිව ලිංගය- හින්දූන් අතර වන්දනාවට පාත්‍ර වී ඇති ආගමික සංකේතයකි. දරුඵල නොමැති ස්ත්‍රීන් විශේෂයෙන් මේ වන්දනාවේ යෙදෙයි.
ශිව ශ්‍රී ආපීලක-(වංශය පැහැදිලි නැත)පාලකයෙකි. ඛටටිස්ගාත්(?) ප්‍රදේශයේ බලයේ සිටියේ යැයි කියවේ. ඔහු නිකුත් කළ තඹ කාසි අනුව ප්‍රධාන සාතවාහන පරපුරට අමතරව දක්ෂිණ කෝසලයේ සිටි තවත් සාතවාහන පෙළපතක් ගැන තොරතුරු හෙළිකරගත හැක.
ශිවදත්ත- අයෝධ්‍යාවේ පාලකයෙකි.
ශිවදේව-නේපාල පාලකයෙකි.
ශිවදේව-නේපාලයේ රජවූ නරේන්ද්‍රදේව රජුගේ පුත්‍රයා හා ඔහුගේ අනුප්‍රාප්තිකයා. පසුපති කෝවිල් ලිපියේ ඔහු ගැන සඳහන් වේ. මෝකරී(මෞකරී)වංශයේ භෝග වර්මන් රජුගේ දියණිය වූ වත්සදේවී ඔහුගේ බිසව වූවාය. ඇය මගධයේ බලයට පත් ආදිත්‍යසේන රජුගේ මිණිපිරියක ද වූ නිසා මේ විවාහ සබඳතාව හරහා බලවත් දේශපාලන ශක්තියක් වර්ධනය වූ බව ද පෙනී යයි.
ශිවමඝ- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
ශිවරාජදේවන්-මිථිලාවේ කර්ණාටවරුන්ට විරුද්ධ යුද්ධයේදී රාමපාල නම් පාල වංශික රජුට උපකාර කළ ඔහුගේ ඥාතියෙකි.
ශිශුපාලවධ- භාරවී නම් කතුවරයා විසින් ගුප්ත යුගයේ දී රචනා කරන ලදී.
ශිෂ්ණ දේවාන් - ඉන්දුනිම්න වැසියන් ලිංග පූජාවේ යෙදුණු නිසා ඍග් වේදයේ ඔවුන් මේ නමින් හඳුන්වන්නට ඇතැයි පිළිගැනේ.
ශිෂ්ණදේවාන් - ලිංගපූජාවේ යෙදෙන දේහීය ජනයා(ඇතැම්විට ඉන්දුනිම්න වාසීන්) හැඳින්වීමට ඍග් වේදයේ දී ඇති නම යි.
ශිෂ්රු -වෛදික යුගයේ සිටි දේශීය ‌ගෝත්‍රයකි..
ශීලප්පදිකාරම්-සීලප්පදිකාරම් නම් දමිළ සාහිත්‍ය කෘතියයි. ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ඉතිහාසය ගවේෂණයේදී ද මේ කෘතිය අතිශය වැදගත් වේ.
ශීලභද්‍ර-ක්‍රි.ව.7වන සියවසේදී පමණ නාලන්දා විශ්වවිද්‍යාලයේ අධිපතිවරයා වූ බ්‍රාහ්මණ කුලිකයෙකි. පඬිවරයෙකි. හ්‍යුංසියෑං හිමි මේ විශ්වවිද්‍යාලයේදී මේ පඬිවරයා වෙතින් යෝගශාස්ත්‍ර,න්‍යාය, අනුසාර ශාස්ත්‍ර,ව්‍යාකරණ ආදිය උගත් බව සඳහන් වේ.
ශුංග කලා සම්ප්‍රදාය-ක්‍රි. පූ. 184-172 දක්වා වන සුළු කාලපරිච්ඡේදයේ මෙම කලාව ප්‍රචලිතව පැවතිනි. එහෙත් ස්ථූප ඉදිකිරීම සම්බන්ධයෙන් මේ කාලය අතිශය වැදගත් වේ.
ශුක්‍රනීතිසාරය - ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන කෘතියකි. මනුස්මෘතියේ අන්තර්ගත කරුණු වලට තරමක් සමීප කරුණු ප්‍රමාණයක් සංක්ෂිප්තව දක්වයි.
ශුක්ල- සුදු. යජුර් වේදයේ එක් කොටසක් ද මේ නමින් හැඳින් වේ. මේ කොටසේ ගීතිකාවන් දක්නට ලැබේ. ඒවායේ අර්ථ කෘෂ්ණ නමැති අනෙක් කොටසේ දක්නට ලැබේ.
ශුද්ධ ඥානය- දෙවියන් ලබා දුන් දැනීම. වෛදික සාහිත්‍යයට අදාළ වේ. වෛදික සාහිත්‍ය කෘති බොහොමයක් දේව භාෂිතයන් සේ පිළි ගන්නා නිසා මේවායින් ලබා ගන්නා ඥානය මෙසේ හැඳින්වේ.
ශුද්‍රක- ගුප්ත යුගයේ විසූ සාහිත්‍යධරයෙකි. මෘච්ඡකටීකා කෘතිය ඔහුගේ ය.
ශුරශුලාමනී - පළමු පරාන්තක චෝළ(ක්‍රි.ව.907 - 953) රජු භාවිත කළ අභිදානයකි.
ශුර්පාරක-සොපාරා වරාය
ශුල්ක අධ්‍යක්ෂ - රේගු අයකැමි
ශූර- පළමු ශාතකර්ණී රජු භාවිත කළ අභිදානයකි.
ශූර්ය- බැබිලෝනියානු දෙවියෙකි.
ශෙන්දන්- පාණ්ඩ්‍ය රජෙකි. වානවන් නමැති අභිදානය භාවිතත කර ඇත.
ශෙල්වක්කඩුංගෝ- උදියන්ජෝල් වංශයේ පාලකයෙකි. (ශෙල්වක්කඩුංගෝ වාලි ආදන්)
ශේෂ- නාග පාලකයෙකු යැයි සඳහන් වේ. ශකවරුන් සමග කටයුතු කළ ඔහු ඉතා බලවත් නාග පාලකයෙකු ලෙස විදිසාවේ වාසයකර ඇත.
ශෛලේන්ද්‍ර රාජවංශය- ක්‍රි.ව.9වන සියවස පමණ වනවිට නැගෙනහිර ඉන්දීය දූපත් ආශ්‍රිතව වර්ධනය වූ බලවත් රාජවංශයකි.
ශෛලෝද්භව රාජවංශය- දකුණූ ඔරිස්සාවේ බලයට පත් රාජවංශයකි. ක්‍රි.ව. 619 පමණ දක්වා මේ රාජවංශය ශාසංක නම් ගෞඪ රජුගේ ආධීපත්‍යය පිළිගෙන ඇතත් පසුව ස්වාධීනත්වයට පත්විය.
ශෛලෝද්භව- ඔරිස්සාවේ පාලකයෙකි. නාරායනපාල රජු යටතේ පාල වංශයේ පසුබෑමක් ඇති වූ කාලයේ මේ රජු ස්වාධීනත්වයක් අත්කරගත්තේය.
ශ්‍රද්ධා - ඍග්වෛදික හමුදා බලඇණියකි.
ශ්‍රද්ධෝත්පාද සූත්‍ර- කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.
ශ‍්‍රමණ- බ්‍රාහ්මණයන්ගේ බලිබිලි පූජා යාගහෝමාදිය ඇතුළත් ආගමික දර්ශනයට අභියෝගාත්මක ආගමික දර්ශනයක් දෙසමින් බිහි වූ පිරිසයි. ඉන්දියාවේ මේ පිරිස බිහිවන්නේ ක්‍රි.පූ. 6 සියවසට ආසන්න කාලයේ ය. මොවුහු ජනයා අතරට ගොස් සිය දර්ශනය පහදා දී අනුගාමිකයන් ඇතිකරගත්හ. විවිධ දුෂ්කර ව‍්‍රත සමාදන් වී එහිදී ජීවිතය පිළිබඳ තමන් අත්දුටු සත්‍යය ජනයාට පැහැදිලි කළහ. ශ‍්‍රමණ සංස්කෘතිය බිහාර ප්‍රාන්තය ආශ‍්‍රිත මගධය කේන්ද්‍ර කරගනිමින් බිහිවිය. ප්‍රචාරය විය. ශ‍්‍රමණ නිකාය අතරින් පරිබ්‍රාජක හා ආජීවක යන නිකාය දෙක ප්‍රධාන විය.
ශ‍්‍රැත- කාශ්මීරයේ ඉතිහාසය සටහන් කර තැබීමේ කල්හණගේ ඉතිහාස සම්ප්‍රදාය පෙරට ගෙන ගිය තවත් ලේඛකයෙකි. මොහු ප්‍රාජ්‍යභට්ටගේ ශිෂ්‍යයෙකි. ප්‍රාජ්‍යභට්ට සේම කල්හණගේ ඉතිහාස සම්ප්‍රදාය අනුගමනය කළේය.
ශ‍්‍රැති- (ඉන්දියා) ශ‍්‍රවණය තුළින් ලබා ගන්නා දැනීම. වෛදික සාහිත්‍යයට අදාළ වේ. වෛදික සාහිත්‍ය කෘති බොහොමයක් ගීතිකා ස්වරූපයෙන් නිමවා ඇති නිසා ඒවා ශ‍්‍රැති ගණයට වැටේ.
ශ‍්‍රිංජය ගෝත්‍රය- පශ්චාත් වෛදික සමයේ ගෝත්‍රික කණ්ඩායමකි. එහෙත් කුරු-පංචාල ගෝත්‍ර සංගමය තුළ ස්වකීය අනන්‍යතාව රැකගැනීමට නොහැකිව මහා සම්ප්‍රදාය හා මිශ‍්‍ර වී අතුරුදන් විය. මොවුන් පිළිපබඳව ශතපථ ප්‍රාහ්මණයේ ද, යජුර්වේදයේ ද සඳහන් වේ.
ශ්‍රී කාන්ත- ප්‍රදේශ නාමයකි.
ශ්‍රී ක්‍රිෂ්ණ- විශ්ණුගේ පුනරාවතාරයකි.
ශ්‍රී ගුප්තස්‍ය-ගුප්තවරුන්ට අයත් මුද්‍රාවක සඳහන් පාඨයකි.
ශ්‍රී චන්ද්‍ර- නැගෙනහිර බෙංගාලයේ සිටි පාලකයෙකි. රෝහිතාගිරිය මුල්කරගෙන පාලන කටයුතු කර ඇත. ඔහු ත්‍රෛලෝක්‍යචන්ද්‍ර රජුගේ පුත්‍රයා ය.
ශ්‍රී චන්ද්‍ර- දෙවන චන්ද්‍රගුප්ත රජුට අයත් කාසිවල ඔහුගේ නම සඳහන් වන්නේ මේ ආකාරයට ය.
ශ්‍රී ධරවර්මන්- ශකවරුන්ගේ මහාදණ්ඩනායක වරයෙකි. ඔහු මාල්වා ප්‍රදේශයේ ස්වාධීන පාලකයෙකු වී ධර්මවිජයන් නමැති විරුදය ආරූඪකරගෙන සිට ඇත.
ශ්‍රී ධාරණ- සමතථ ප්‍රදේශයේ රාථ නම් රජ පෙළපතට අයත් පාලකයෙකි. වැඩි විස්තර හමු නොවේ. හර්ෂවර්ධන රජුට පසු කාලයට අයත් අයෙකි.
ශ්‍රී පාද ලාංඡනය- බුදුරදුන් පිළිබඳ සංකේත රූපයකි. පුරාණ භාරතයේ භාරුත් ආදී ස්ථානවල ඇති බෞද්ධ කැටයම් වල බුදුරදුන් වෙනුවට මේ සටහන යොදා තිබේ. බුදුරුව සාමාන්‍ය මානව රූපකායෙන් නිරූපණය කිරීමට කලාශිල්පීන් බිය වූ සමයේ බුදුරුව වෙනුවට ශ්‍රීපාද ලාංඡනය භාවිත කර තිබේ.භාරුත්හි ඇති සංකස්ස හිණිමං දර්ශනය නමැති කැටයම මීට කදිම උදාහරණයකි.
ශ්‍රී මහා සාමන්ත- ශාසංක රජු භාවිත කළ විරුදයක් හෝ ඔහු හැඳින්වීමට භාවිත කළ අපර නාමයක් විය යුතුය. රොහ්තාස්ගාන් අභිලේඛනයේ එයි.
ශ‍්‍රී මාර ශ‍්‍රී වල්ලභ රජු- පාණ්ඩ්‍ය දේශය පාලනය කළ පාණ්ඩ්‍ය රජෙකි.
ශ‍්‍රී වර- කල්හණට පසු කාශ්මීර ඉතිහාස සම්ප්‍රදාය පවත්වාගෙන ගිය ලේඛකයෙක් වූ ජෝනරාජ ගේ ශිෂ්‍යයා ය. ජෝන රාජ ට පසු එම කාර්යයට සම්බන්ධ වූවේ මොහුය.
ශ්‍රී හර්ෂ- රාජ්පුත් යුගයේ දී මාඝ නම් පඬිවරයා විසින් මේ නමින් ග්‍රන්ථයක් රචනා කළේය.
ශ්‍රී හර්ෂදේව- ක්‍රි.ව.7 සියවස අග හා 8 සියවස මුල කාලයේ සිටි පාලකයෙකි. ඔහු ගෞඪ, ඔදා, කාලිංග, කෝසල ආදී ප්‍රදේශයන්හි පාලකයා වූ අතර ජයදේව නමැති නේපාල පාලකයාට රාජ්‍යමතී නමැති සිය දියණිය විවාහ කර දුන්නේය. භගදත්ත නම් පෙළපතේ රජෙකි.
ශ්‍රේණිය- බිම්බිසාර රජුගේ නම සමග යෙදෙන විරුදයකි. සේනිය යනු ද එය යි.
ශ්වේතම්බර- ජෛන දහම අනුගමනය කළ ජෛනයන්ගේ එක් නිකායකි. අනෙක දිගම්බර නමි. ශ්වේතම්බරයෝ සුදු සළුවක් ඇඳ සිටිය ද දිගම්බරයෝ නිරුවතින් ම සිටියහ. ශ්වේතම්බරයෝ විශාල කණ්ඩායම් වශයෙන් ධර්ම ප්‍රචාරයේ ගිය ද දිගම්බරයෝ තනිව හෝ දෙදෙනෙකු බැගින් ධර්ම ප්‍රචාරයේ ගියහ.
ෂට්ශාස්තෲවරු- බුද්ධ කාලීන භාරතයේ සිය දාර්ශනික මතවාද ප්‍රචාරය කරමින් අනුගාමිකයන් ඇතිකර ගනිමින් සිටි ශ‍්‍රමණයින් හයදෙනෙකි. (1)නිඝන්ඨනාථපුත්ත, (2)සංජය බෙල්ලට්ඨීපුත්ත, (3)අජිත කේශකම්බල, (4)පූර්ණ කස්සප, (5)මක්ඛලී ඝෝසාල, (6)පකුධකච්ඡායන.
ෂහරාට-සත්‍රප නම් පෙළපතේ උපකොටසකි. නැතහොත් ප්‍රධාන දෙකොටසෙන් එකකි. ඔවුන් පාර්තියන් හෝ පර්සියන් වියහැකි බවට මත ඉදිරිපත් වී තිබේ.
ෂාහ්ජි-කි-ධෙරි-වයඹදිග ඉන්දියාවේ පෙෂවෝරය ආශ්‍රිත ස්ථානයකි. මෙහි තිබී ධාතුමන්දිරයක යැයි අනුමාන කරන නටබුන් හමුවී තිබේ. එය හ්‍යුංසෑනං සඳහන් කළ පුරුෂපුර ධාතුමන්දිරය යැයි අනුමාන කරයි. එය කණිෂ්ක රජු විසින් කරවූවකි. සාහිත්‍ය මූලාශ්‍රය අනුව පෙනී යන්නේ මේ ධාතුමන්දිරය අගසිලවුස් නම් ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියාගේ සැලසුමකට අනුව නිර්මාණය කළ එකක් බවයි.
ෂහ්ජි-කි-ධෙරි කරඬුව-කණිෂ්ක රජුට අයත් සේ හඳුනාගෙන ඇති ධාතුකරඬුවකි. ක්‍රි.ව.78-100අතර කාලයට අයත් වේ.
ෂානි, දයාරාම්.-ඉන්දු නදී ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
ෂාබස්ගාර්- (ඉන්දියා) අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතක් මෙහි දක්නට ලැබේ.
ෂි-කි- චීන ලේඛනයකි. සු-ම-චියෙන් නම් ලේඛකයාගේ ය. ඉන්දියාවට ආ සිතියන්වරුන්ගේ මුල් ඉතිහාසය සෙවීමට වැදගත් වේ. (Ssu-ma-chien)
ෂොබ් නිම්නය- බලුකිස්ථානයට අයත් ස්ථානයකි. පූර්ව හරප්පා ලක්ෂණ හමු වී තිබේ.
ෂෞර්කොට් ශිලා ලිපිය- පශ්චාත් වෛදික යුගයේ විවිධ ගෝත්‍ර පිළිබඳ තොරතුරු සෙවීමේ දී වැදගත්ය.
සංකරර් - අද්වයිත වේදාන්ත දර්ශනය අනුගමනක කළෙකි.
සංකස්ස ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
සංකුමඝ- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
සංඛ්‍යකාරිකා - ගුප්තයුගයේ සිටි ඊශ්වරක‍්‍රිෂ්ණ නම් ලේඛකයාගේ විවරණ කෘතියකි.
සංඛ්‍යා දර්ශනය- නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ විෂයකි.
සංඛ්‍යා සප්තති- ඊශ්වරක්‍රිෂ්ණයන්ගේ සංඛ්‍යාකාරිකා නම් කෘතියට ම නමකි.
සංගම් යුගය-ආසන්න වශයෙන් ක්‍රි.ව.100-250අතර කාලයයි.
සංගම් සාහිත්‍යය- මදුරාවේ දී අවස්ථා කිහිපයක දී ම එක් වූ ද්‍රවිඩ සාහිත්‍ය සංගම් තුනක් විසින් එම රැස්වීම් වලදී ඉදිරිපත් කළ සාහිත්‍ය නිර්මාණ පසු කාලීනව ග්‍රන්ථාරූඪ කළ අතර එම ග්‍රන්ථ ආශ්‍රිත සාහිත්‍යය සංගම් සාහිත්‍යය ලෙස හැඳින්වේ. මේවා ක්‍රිස්තුවර්ෂ පළමු වන සියවසේ සිට තෙවන සියවස තෙක් කාලයේ රචනා වී ඇත. මෙහි පළමු සංගමය තෙන්මදුරෙයිහිදීත්, දෙවැන්න කබාඩපුරම්බි හිදීත්, තෙවැන්න මදුරෙයිහිදීත් රැස් වී ඇත. එහි පළමු සංගමයේ කෘති අද දක්නට නොලැබේ, දෙවන සංගමයේ කෘති අටකි. ඒවායේ පද්‍ය 2179කි. ද්‍රවිඩ සාහිත්‍යයේ උසස් ම කෘතිය සේ පිළිගැනෙන අරූල් තෙවන සංගමයට අයත් වේ. සංග්‍රහ වශයෙන් (ගොනු වශයෙන්) ලියැවී ඇති පොත් 8කින් යුතු සාහිත්‍ය මූලාශ්‍රය සමූහයකි. දකුණු ඉන්දීය සාහිත්‍ය නිර්මාණ අතර ප්‍රමුඛතාව හිමිවන්නේ සංගම් සාහිත්‍යයටය. (1)නට්රිණායි (2)කුරුන්තොගයි(3) අයින්ගුරුනුරු (4)පදිර්රුප්පාට්ටු (5) පරිපාඩල් (6) කලිත්තෝගයි(7) ආහනානුරු (8) පුරාණනුරු යනු ඒ සංග්‍රහ අටයි. මීට අමතරව පත්තුප්පාට්ටු නමින් නවවන සංග්‍රහයක් ගැන ද අසන්නට ලැබේ. මේ කාව්‍ය ග්‍රන්ථ සමූහයේ ඇති කවිවල ඇතැමක පේළි 4ක් 5ක් පමණ ඇත්තේය. තවත් සමහරෙක පේළි 800කටත් වැඩිය. මේ ආකාරයට විවිධ ප්‍රමාණයේ කාව්‍ය 2279කින් සමන්විත සංගම් සාහිත්‍ය නිර්මාණය කරන්නට දායක වී ඇති කවීන් සංඛ්‍යාව 473ක් යැයි හඳුනාගෙන ඇතත් 102ක් පමණ කවීන්ගේ නම් හඳුනාගෙන නැත. මේ කාව්‍යවල විශේෂත්වය වන්නේ සෑම කවියෙකුගේම නිර්මාණය අවසානයේ ඔහුගේ නමත්, කාව්‍ය නිර්මාණයට හේතු පාදකයත් දක්වා තිබීමයි. නමුත් මේ අතරින් ඇතැමක විස්තර සංස්කාරකවරුන් විසින් පසු කාලයේ ඇතුළත් කළ ඒවා යැයි ද අනුමාන කෙරේ. මේ සාහිත්‍යය බිහිකරන්නෙ කවීන්ගේ සංගම් කිහිපයක් විසිනි. පුරාවිද්‍යා සාධක අනුව එවන් සංගම් 3ක් ගැන තොරතුරු ලැබී තිබේ. ක්‍රි.ව.10වන සියවසට අයත් ශිලාලේඛනයක මධුරාපුරයේ වූ සංගමයක් ගැන සඳහන් වන අතර සංගම් සියල්ලේ කවීන් 8598දෙනෙකු වූ බවත් ඔවුන් වර්ෂ 9990ක කාලයක් තිස්සේ සංගම් පවත්වාගෙන ආ බවත් සඳහන් වේ. මේ සාහිත්‍යයට අයත් කාව්‍යග්‍රන්ථවල එන ගද්‍යමය විස්තර අතර දකුණු ඉන්දීය ද්‍රවිඩ රජවරුන්ගේ නම් ද එන නිසා මේ කාව්‍යවල දේශපාලන වැදගත්කමක් ද ඇත.
සංගර-ජලයාත්‍රා විශේෂයකි. පහුරකි. ගස්වල කඳන් එකට බැඳ සකසා ගන්නා ලදී.
සංගීතිය-සංගායනාව
සංඝදාමන් -පළමුවන රුද්‍රසිංහ රජුගේ පුත්‍රයෙකි. (මහාසත්‍රප)
සංඝමිත්‍ර - මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි.
සංඝමිත්‍ර- අයෝධ්‍යාවේ පාලකයෙකි.
සංඝරක්ෂක හිමි - කණිෂ්ක රාජ සභාවේ සාමාජිකව සිටි හිමි නමකි.
සංජම් ලේඛන-රාෂ්ට්‍රක පෙළපතේ පළමු අමෝඝවර්ෂ රජුට අයත් ලේඛනයකි.
සංජයබෙල්ලට්ටිපුත්ත-කිසිඳු ප්‍රශ්නයකට ස්ථිර පිළිතුරක් නොදී ආඳෙකු සේ ලිස්සා යන නිසා මොහුගේ දර්ශනය අමරා වික්ඛේපවාදය නම් විය. බුද්ධකාලීනව සිටි ශ‍්‍රමණයෙකි. අඥෙය වාදය හා සංසය වාදය යනු ද ඔහුගේ දර්ශනයම ය. පංචනිශේධන ක්‍රමයක් ලෙස ද ඔහුගේ දහම ප්‍රකටය.
සංස්කෘත භාෂාව- ඉන්දියාවේ ව්‍යවහාර වූ භාෂාවකි. දැනට කථා ව්‍යවහාරය සඳහා අභාවිත බසකි.
සංහිතා- වේද සාහිත්‍යයේ කොටස් තුනෙන් එකකි.(සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක) ඍග්, යජුර්, සාම, අථර්ව වැනි ගීතිකා ඇතුළත් කෘති මීට අයත් වේ.
සක තරදරයා-සිතියන්වරු වර්ගයකි. ඔවුන් මුහුදින් එතර සිටි වර්ගයකැයි පළමු ඩේරියස් රජුට අයත් නක්ෂිරස්තුම් ශිලාලේඛනයේ සඳහන් වේ. මොවුන් කළුමුහුදට උතුරින් රුසියන් ස්ටෙප්ස් පෙදෙසේ වාසය කරන්නට ඇත.
සක තිග්‍රකවුඩා-සිතියන්වරු වර්ගයකි. ඔවුන් තියුණු හිස්වැස්මක් පැළඳ සිටියේ යැයි පළමු ඩේරියස් රජුට අයත් නක්ෂිරස්තුම් ශිලාලේඛනයේ සඳහන් වේ. මොවුන් ජැක්සාටස් පෙදෙසේ හෝ සිර්දර්යා පෙදෙසේ සිටින්නට ඇත.
සක හවුමාවර්ගා-සිතියන්වරු වර්ගයකි. ඔවුන් පිළිබඳව පළමු ඩේරියස් රජුට අයත් නක්ෂිරස්තුම් ශිලාලේඛනයේ සඳහන් වුව ද වැඩි විස්තරයක් සඳහන් නොවේ. මොවුන් හෙලමන්ඩ් නිම්නයේ පිහිටි ධ්‍රැන්ජියානාවේ වාසය කරන්නට ඇත. එනම් සකස්ථානය හෙවත් නූතන සියස්ථානයයි.
සකල උත්තරාපථනාථ - හර්ෂවර්ධන රජු(606 - 647) ( පුෂ්‍යභූති වංශය)
සකලෝත්තරාපථනාථ - හර්ෂවර්ධන රජු(606 - 647) ( පුෂ්‍යභූති වංශය)
සකස්යායන -රාෂ්ට‍්‍රකූට පාලන සමයේ සිටි ශ්‍රේෂ්ඨ සංස්කෘත පඬිවරයෙකි. ශබ්දානුශාසන හා අමෝඝවුත්ති යන කෘති මොහුගේය.
සකොමෙ බොදො-කණිෂ්ක රජුට අයත් කාසිවල එන වැකියකි. එයින් බුදුහිමි සංකේතවත් වේ යැයි ඒ කාසිවල ඇති බුදුරුව අනුව ද පෙනී යයි. පුෂේ පඬිවරයා ද මේ බව පිළිගනී.
සට්ලෙජ් - සත්ලෙජ් නමින් ද අති සින්ධු නදියේ අතු ගංගාවකි.
සතපය-සිතුවම් නිර්මාණ විධියකි. තාත්වික ලෙස ආනන්ද කුමාරස්වාමි මහතා මෙය දක්වා ඇත.
සත්ගුණවත් කට්ටුවා- ආදන් නමැත්තාගේ පුත්‍රයාය. සංගම් සාහිත්‍යයේ වර්ණනාවට පාත්‍ර වූවෙකි. පරණාර් නම් සංගම් කවියා ඔහු ගැන විස්තර තිබේ.
සත්ත්ව වන්දනය- (ඉන්දියා) ඉන්දු නිමින ශිෂ්ටාචාරයේ වැසියන් අතර පැතිර පැවති ඇදහිල්ලකි. එහි තිබී හමු වූ මුද්‍රා වල ඇති රූපසටහන් වලින් මේ බව තහවුරු වේ. මෙම මුද්‍රා වල කල්පිත සත්ත්ව රූප ද ස්වභාවික සත්ත්ව රූප ද වෙයි. ඒ අතරින් කඟවේනා කල්පිත සත්ත්වායකි. මොල්ලිය සහිත තේජාන්විත වෘෂභයා ද, ඇතා, ව්‍යාඝ‍්‍රයා, ගවරා වැනි සතුන් ද මුද්‍රා වල බෙහෙවින් ම දක්නට ලැබේ. මේ සතුන් සියල්ල කෙසේ වෙතත් අවම වශයෙන් ගවයා වත් වන්දනා කරන්නට ඇත.
සත්පුර කඳු- ඉන්දීය අර්ධද්වීපයේ බටහිර දෙසට වන්නට නර්මදා නදී ආසන්න ප්‍රදේශයේ ඊට පහළින් පිහිටා ඇති කඳුවැටියකි. ඉන්දියාවේ ප්‍රධාන භූගෝලීය පිහිටීමකි. අභ්‍යන්තර රාජධානි වල දේශසීමාවක් ලෙස ද භාවිත වී ඇත. ආර්යයන් පැමිණීමට පෙර මේ ප්‍රදේශයේ නිශාදවරු නම් දේශීය ගෝත්‍රිකයෝ වාසය කළහ.
සත්‍යග්‍රහ - දෙවන පුලකේශීන්(ක්‍රි.ව.610 - 642)(බටහිර චාලුක්‍ය වංශය)
සත්‍යදාමන්-රුද්‍රදාමන් රජුගේ මුණුපුරෙකි. දමජද ශ්‍රී රජුගේ පුත්‍රයෙකි. ජීවදාමන් රජුගේ සොහොයුරෙකි.
සත්‍යමිත්‍ර- අයෝධ්‍යාවේ පාලකයෙකි.
සත්‍රප-පෙළපත් නාමයකි. ක්‍රි.වර්ෂයෙන් මුල් සියවස්වල දී බටහිර හා මධ්‍ය ඉන්දීය ප්‍රදේශවල පාලන කටයුතු කර ඇත. සත්‍රප යන්න ඇතැම් ඉතිහාස කෘතිවල ෂත්‍රප හා ක්ෂත්‍රප වශයෙන් ද දක්වා තිබෙනු දැකිය හැක. මේ පෙළපතේ ප්‍රධාන ශාඛා දෙකක් හඳුනාගත හැක. (1)ෂහරාට පෙළපත (2)කාදර්මක පෙළපත වශයෙනි. ෂහරාට පෙළපත පාර්තියන් ලෙසත් කාදර්මක පෙළපත සිතියන් ලෙසත් රැප්සන් නම් ඉතිහාසඥයා විසින් හඳුන්වාදෙනු ලබයි. නමුත් තෝමස් නම් පඬිවරයා සඳහන් කරන්නේ ඔවුන් පිළිවෙළින් පර්සියන් හා සිතියන් බවයි. තක්ෂිලා හා මථුරාවේ අභිලේඛන අනුව ඔවුන්ගේ සිතියන් සබඳතාව පැහැදිලි වී තිබේ.
සත්ලෙජ් - සින්ධු නදියේ අතු ගංගාවකි. සට්ලෙජ් හා ශුතද්‍රි නම් ද එයට යෙදී තිබේ.
සද්ධර්මපුණ්ඩරික- මහායාන ධර්ම ග්‍රන්ථයකි.
සනකානික-ත්වාලියෝර් හි ඉසගාර් දිස්ත්‍රික්කය.
සන්තිකෙ නිධාන කතා-බුද්ධත්වයට පත්වීමෙන් අනතුරු කාලයට අදාළ කතා
සන්දනෙස්-පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථයේ මේ නම දී ඇත්තේ කුෂාණ වංශයේ කණිෂ්ක රජුට යැයි විශ්වාස කෙරේ. ඊට හේතුව කණිෂ්ක රජු චන්ද්‍ර හෝ චන්දන යන නාමය ද භාවිත කිර තිබීමයි.
සන්දන්වලා - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
සන්ධිවිග්‍රහඨකෘත- හර්ෂවර්ධන අධිරාජයාගේ රාජසභාවේ අමාත්‍ය තනතුරකි.
සන්ධ්‍යාකර නන්දි-ලේඛකයෙකි. රාම චරිතය නමින් පොතක් ලියා ඇත. වෙනත් විස්තර හමු නොවීය.
සන්නිධාති පාදමූලික පුරුෂ - භාණ්‌ඩාගාරික
සන්‍යාසීන්- ආශ‍්‍රම ධර්මයකි. දෙවියන් හා සහවාසීව ගතකරන අවධියයි.
සපෙන්ද්කොහ්-වයඹදිග ඉන්දියාවේ පිහිටි කඳුවැටියක වත්මන් නම යි.
සප්ත මහා නදී- හින්දු භක්තිකයන්ට අනුව භාරතයේ මහා ගංගා සප්තකය යි. ගංගා, යමුනා, සරස්වතී, සින්ධු, නර්මදා,ගෝදාවරී, කාවේරි යනු ඒ ගංගා සප්තකය යි.
සප්තසින්ධු- සින්ධු නදියේ අතු හතකින් ආවරණය වූ කලාපය. නමුත් මේ නදී හතෙන් දෙකක් වූ සරස්වතී හා දෘෂද්වතී නදීන් සිඳී ගොස් ඇති නිසා ගංගා පහේ තැන්න යන අරුත ඇතිව පංජාබය ලෙස හැඳින්වේ.
සබර්මතී - අරවල්ලි කඳුවලින් ඇරඹී කැම්බේ බොක්ක ප්‍රෙද්ශයෙන් අරාබි මුහුදට වැටෙන ගංගාවකි.
සභා - වැඩිහිටියන්ගේ එකතුව(ඍග් වෛදික)
සමතට- ‘සමතථා’ බලන්න.
සමතථා-බෙංගාලයට අයත් ප්‍රදේශයකි. හර්ෂවර්ධන රජු මේ ප්‍රදේශය අල්ලා ගත්තේ යැයි සඳහන් වේ.
සමන්තපාසාදිකාව - සමන්තපාසාදිකාව යනු විනය පිටකයට ලියන ලද අටුවාව යි. සුප්‍රකට අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් රචනා කොට ඇත. විනය උතුම් බව හෙළි කිරීම කෘතියේ අරමුණ වී ඇති නිසා දිවයිනේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් කර ඇත්තේ අල්ප වශයෙනි.මිහිඳු මාහිමියන්ගේ පරිනිර්වාණය දක්වා ශාසනික තොරතුරු මෙහි ඇතුළත්ය. සිරිනිවාස හෙවත් මහානාම රජුගේ(ක්‍රි.ව. 406-428)විසි එක්වැනි රාජවර්ෂයේ දී මෙම කෘතිය ලියා නිමවා ඇත. සෑම අයුරකින් ම ප්‍රසාදය උපදවන නිසා සමන්තපාසාදිකා නමින් හඳුන්වන වග සාරත්ථදීපනී නම් විනය ටීකාව විසින් නිර්වචන සපයා ඇත. (සමන්තතො සබ්බසො පසාදං ජනෙතිති සමන්තපාසාදිකා)බෞද්ධයාගේ ශ‍්‍රද්ධා බුද්ධි වර්ධන අවශ්‍යතාවයක් මත සම්පාදනය කළ මෙම කෘතියේ බහුල වශයෙන් ම ඇතුළත් වන්නේ බෞද්ධ ඉතිහාස කථා සහ බෞද්ධ දර්ශනයේ සංක්‍ෂිප්තය යි. ඉතිහාස කථා අතරින් බහුතරය අතිශයෝක්ති වර්ණනා වලින් වැසී ගොසිනි. සාමාන්‍ය බෞද්ධයා තුළ ශ‍්‍රද්ධාව වර්ධනය කිරීම හෝ හින්දු ආගමික අභියෝගයන්ට මුහුණ දෙනු පිණිස එසේ කරන්නට ඇතැ’යි සැළකිය හැකිය. සමන්තපාසාදිකාව ඉතිහාස මූලාශ‍්‍රයක් සේ පරිශීලනය කිරීමට උචිත වනනේ එම අතිශයෝක්තීන් දුරු කළ පසුව ය. මෙම කෘතියේ සමාජ, ආර්ථික හා දේශපාලන අහඹු ලෙස සටහන් වී ඇත.
සමාචාරදේව - පහළ බෙංගාලයේ පාලකයකු වුවත් ඔහු ගැන තොරතුරු විරලය. ඔහු ගෝපචන්ද්‍ර රජුගේ අනුප්‍රාප්තිකයෙකු බව සඳහන් ය. ඔහු වර්ෂ 14ක් බලයේ සිටි අතර නරේන්ද්‍රාදිත්‍ය විරුදය භාවිත කළේය. ගුප්ත සම්ප්‍රදායන් අනුගමනය කළ පාලකයෙකු වශයෙන් ද සැලකිය හැකිය.
සමාපා-නූතන ජෞගදා අසල නගරයකි. මෝරියවරු පාලන පහසුව පිණිස කාලිංගය දෙකට බෙදූ පසු එක් කොටසක පාලන මධ්‍යස්ථානය වූයේ මෙයයි. අනෙක් මධ්‍යස්ථානය තොසලී යයි.
සමාහර්තා - ප්‍රධාන අයකැමි/රාජ්‍ය ආදායම් පාලක
සමිති - සමස්ත ජනයාගේ එකතුව‍(ඍග් වෛදික)
සමුද්‍රගුප්ත- කවිරාජ (උසස් ම කවියා) / වික්‍රමාංක/ ක්‍රීටාන්තක (කිරීටධරයින්ගේ මාරයා) දේශපාලනය පමණත් නොව කාව්‍ය කරණය, වීණාවාදනය වැනි කලා අංශ වලට ද ලැදියාවක් හැකියාවක් ඇතිව සිටි අයෙකි. හරිශේණයන් මේ අධිරාජයා පිළිබඳ අලහබාද් ප්‍රශස්තියේ සඳහන් කරන්නේ කවිරාජ යන අභිදානය සමගිනි. කවිරාජ යන අභිදානය වඩාත් උසස් කවීන් සඳහා පමණක් යෙදෙන අතර සාමාන්‍ය කවීන්ට ‘‘ජගති කතිපයෙ ‘‘ යන අභිදානය යෙදෙයි. සමුද්‍රගුප්තයන් තුළ කාව්‍ය කරණයට ප්‍රශස්ත හැකියාවක් තිබෙන්නට ඇත. කාව්‍යකරණයට අමතරව සමුද්‍රගුප්ත අධිඑරාජයා තුළ වීණා වැයීමේ හැකියාව ද පැවතියේ ය. ඔහු වීණා වැයීමට කෙතරම් ප්‍රිය කළේ ද යත් සිය කාසි සඳහා වීණාවක් අතින්ගෙන සිටින ආකාරයේ රුවක් යොදා ගත්තේ ය. මෙලෙස රුව යොදා අනෙක් පස මහාරාජාධිරාජ සමුද්‍රගුප්ත යනුවෙන් සඳහන් කළ රන් කාසි ඉන්දියාවෙන් හමු වී තිබේ. එහෙත් මේ සියල්ලට ම වඩා සමුද්‍රගුප්ත වැදගත් වන්නේ ඔහුගේ අසහාය යුධ හැකියාව හා දිග්විජය ප්‍රතිපත්තිය නිසාවෙනි. සමුද්‍රගුප්ත රජු ඉන්දියානු ඉතිහාසයේ කැපී පෙනුණු වීරයෙකු වූ නිසා පුරාතන ඉන්දීය ඉතිහාසය(Early History of India) මැයෙන් කෘතියක් කළ ආචාර්ය ස්මිත් විසින් සමුද්‍රගුප්ත රජු නැපෝලියන්ට සම කළ විට ඉන්දියානුවෝ ඊට විරුද්ධ වූහ. ඔවුන් කියා සිටියේ නැපෝලියන් සමුද්‍රගුප්තයන්ට වඩා බොහෝ පසුපසින් සිටින්නෙකු බවයි. අවම වශයෙන් සමුද්‍රගුප්තයන් නැපෝලියන් සේ හිරකරුවෙකු පරිද්දෙන් සිය අවසන් සුසුම හෝ හෙළුවේ නැත යන්න ඔවුන්ගේ තර්කය විය. තව ද නැපෝලියන් තමන් යටත් කරගත් ප්‍රෙද්ශ වලට සැලකූ ආකාරයත් සමුද්‍රගුප්ත සැලකූ ආකාරයත් වෙනස් ය. සමුද්‍රගුප්ත තමන් යටයත් කරගත් ප්‍රෙද්ශ යළි ඒවායේ භාරකරුවන්ට ම පවරා තම ආඥා පිළිපැදීම හා වාර්ෂික අයබදු ගෙවීම යන කරුණු වලින් පමණක් තම යටතේ තබාගත් අවස්ථා වැඩි ය. නමුත් නැපෝලියන් එසේ කළේ නැත. සමුද්‍රගුප්ත රජුගේ ප්‍රයාග හෙවත් අලහබාද් ප්‍රශස්තිය අනුව පෙනී යන්නේ ඔහු ආර්යාවර්තයේ රජවරුන් නව දෙනෙක් හා දක්ෂිණාපථයේ රජවරුන් දොළොස් දෙනෙකු පරාජය කළ බවයි. මධ්‍ය ඉන්දීය ප්‍රදේශයේ අටවික රජවරුන් හෙවත් කැලෑ රජවරුන් විශාල ප්‍රමාණයක් තම සේවකයන් බවට පත්කරගත්තේ ය. ඔහුගේ බල ප්‍රදේශයේ සීමාසන්න රාජ්‍ය ගණනාවක් ද ඔහුගේ ආධිපත්‍යයට ගරුකරමින් තුටු පඬුරු එවූ බව ද ප්‍රශස්තියේ සඳහන් වේ. වාර්ෂික කප්පම් ගෙවීමට ද ඔවුහූ එකඟ වූහ. මේ අතර සීමාසන්න සපූහාණ්ඩු ද වෙයි. සමුද්‍රගුප්ත අධිරාජ්‍යයට දුර බැහැරින් පිහිටි ලංකාව හා කුෂාණ වැනි රාජ්‍යයන් ද රජු හා සබඳතා ඇතිකරගන් වස් තුටුපඬුරු හා දූතයන් යැවූ බව සඳහන් ය. සමුද්‍රගුප්තයන්ගේ අලහබාද් ප්‍රශස්තියේ එක ඇතැම් කරුණු අතිශයෝක්තියට බර ය. නමුත් සත්‍යෙයන් බොහෝ ඈත නොවේ. සමුද්‍රගුප්තයන්ගේ සේනානායක හා සන්ධිවිග්‍රහිත මන්ත්‍රී වරයා වූ හරිශේණයන් මේ ප්‍රශස්තියේ කතුවරයා වීම මේ අතිශයෝක්තියටත් සත්‍යෙයන් බොහෝ ඈත් නොවීමටත් හේතු වන්නට ඇත. තම ස්වාමියා පිළිබඳ අධි වර්ණනය තුළින් ඇතිවන කීර්තියේ කොටසක් ඔහුගේ සමීපතමයෙකු වීම නිසා තමාට ද හිමි වන වගක් ඔහු සිතන්නට ඇත. නමුත් සිදුවූ සියල්ල පිළිබඳ සත්‍යය දන්නා අයෙකු වශයෙන් සත්‍යයෙන් බොහෝ ඇත් වීමට ද නොහැකි නිසා ප්‍රශස්තියේ එන කරුණු බොහොමයක් සත්‍යය යැයි අපට සිතය හැක.
සයි=සක,සෙක්,සිතියන්
සයිරස්-ඉන්දියාවට පැමිණි ආක්‍රමණිකයෙකි.
සයිරස්-ඉන්දීය ප්‍රදේශ අල්ලාගත් ආකිමේනියානු පාලකයෙකි.
සරනුගස්-ශකශත්‍රප පාලකයෙකුට පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථකරු දුන් නමකි.
සරස්වතී - සින්ධු නදියේ එක් අතුගංගාවකි. නමුත් දැනට දක්නට නැත. ථාර් කාන්තාරයේ පැතිරීමත් සමග සිඳී ගොස් ඇත.
සරස්වතී-ඉන්දියාවේ දී දේවත්වයෙන් පූජාවට පාත්‍ර වූ සංකල්පීය කාන්තාවකි. ඇතැම් විට මේ චරිත සඳහා පදනම් වී ඇත්තේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ මාතෘදෙවඟන වන්දනාව විය හැකි ය.
සරස්වතී-හිමාලයේ සිට ගලා බසිනා මහා ගංගා පහෙන් එකකි.
සර්කාර්-ඉන්දීය ඉතිහාස ගවේෂකයෙකි.
සර්වක්ෂත්‍රාන්තික- මහා පද්මනන්ද(නන්ද වංශය)ක්ෂත්‍රියයන් විනාශ කළ යන අදහසින්
සර්වභෞම= පශ්චාත් වෛදික යුගයේ මතුවෙමින් ආ නායකයින් භාවිත කළ විරුදයකි.
සර්වරාජෝච්ජෙත්තා-ගුප්ත රජෙකු වශයෙන් සැලකෙන කාච නමැත්තාගේ කාසිවල ඇති මේ පාඨයෙන් ‘අන් සෑම රජෙක්ම උන්මූල්‍යකළ’යන්න අදහස් වේ. එනම් සෙසු සියලු රජවරුන් ඉවත්කළ බවයි.
සර්වලෝක ඊෂ්වර - වීමා කැඩ්ෆයිසස් (යු - එ - චී ගෝත්‍රය පසුව කුෂාණ)
සර්වස්තිවාද නිකාය- හර්ෂවර්ධන රාජ්‍ය සමයේ සක්‍රීයව පැවති හීනයාන බෞද්ධ නිකායකි.
සර්වේශ්වරවාදය-ඒක දේව වාදය හෙවත් සියලු බලයන් එක් දෙවියෙකු සතුවේ ය යන විශ්වාසය.
සවිත්‍රි-හිරුගේ එක් බලයකි. ශක්තිය දෙන තැනැත්තා යන අරුත දෙයි.
සසංක-හර්ෂ රජුගේ මරණයෙන් පසු බෙංගාලයේ පාලනය අත්පත් කරගත් අයෙකි. ඔහු හර්ෂ අතින් මියගියා යැයි හෝ ඔහුගේ සමයට ආසන්න කාලයක යම් ක්‍රමයකට මියගියේ යැයි සඳහන් සසංක නාමය හා පටලවා නොගතයුතු නමක් යැයි සිතිය හැක.
සසාංක- පශ්චාත්කාලීන ගුප්තයන්ගෙන් පසු බෙංගාලයේ ඇති වූ වියවුල් මැද බලයට පත්වූවෙකි. ගෞඩ දේශයේ පාලකයෙකි. ඔහුගේ මුල් කාලය ගැන තොරතුරු විරලය. හෙතෙම හර්ෂවර්ධන රජුගේ සොයුරා ඝාතනයට සම්බන්ධ වූවෙකි. රොහ්තාස්ගාත් ලේඛනයේ ශ්‍රී මහා සාමන්ත ශසාංක යනුවෙන් දැක්වෙන්නේ මොහු යැයි අනුමාන කෙරෙන අතර එය නිවැරදි නම් ඔහු මුල් කාලයේ මහාසේන ගුප්ත රජුගේ සාමන්තයෙකු වශයෙන් හිඳින්නට ඇතැයි අනුමාන කළ හැකි වේ. කර්ණවර්ණ නම් නගරය ඔහු අගනුවර කරගත් බව සඳහන් වෙතත් මේ කර්ණවර්ණ නගරය කුමක්දැයි පැහැදිලි නැත. ඇතැම්විට එය නූතන මුර්ෂිදාබාද් දිස්ත්‍රික්කයට අයත් රාන්ගාමාති නගරය විය හැක. ශාසංක රජු ක්‍රි.ව.637-638 අතර කාලයක මියයන්නට ඇත.
සහදේව-මහාභාරතයේ මොහු පිළිබඳව සඳහන් වේ. ඊට අනුව මොහු යුධ වීරයෙකි. යුද්ධ මගින් දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය, ද්‍රවිඩ, උද්‍ර, කේරල, ආන්ද්‍ර වැනි ප්‍රදේශ ජයගත්තේ ය.
සහස්රාම් සුළු ගිරි ලිපිය-අශෝක රජුට අයත් වේ.
සහේත්-මහේත්-- පැරණි ශ‍්‍රාවස්තිය.
සහ්ය-බටහිර ඝාට්ස් ප්‍රදේශය
සාංක්‍ය-ප්‍රාග් බෞද්ධ ඉන්දියාවේ සිටි දාර්ශනිකයෙකි.ෂට් ශාස්තෘන්ට අයත් නොවේ.
සාංක්‍ය දර්ශනය- සිදුහත් ගෞතමයන් බුද්ධත්වයට පළමු සොයා ගිය ගුරුවරු අතරින් ආලාරකාලාම තවුසා සාංක්‍ය දර්ශනය අනුව කටයුතු කළ අයෙක් යැයි පිළිගැනේ.
සාංචි ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
සාංචි- අශෝක සමයේ ස්ථූප හා සුංග යුගයේ කලා කටයුතුවලට සාධක ඇති ස්ථානයකි.
සාකුන්තලය - ශාකුන්තල නමින් ද දැක්වෙන මෙම කෘතිය කාලිදාස නම් කවියාගේ රචනයකි. ගුප්ත යුගයට අයත්ය. මහාභාරතයේ එන ශාකුන්තල වෘත්තාන්තයට අනුව ලියා ඇති මේ කෘතිය විශ්ව සාහිත්‍ය කෘතියකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගැනේ.
සාක්‍යවංසය/ශාක්‍ය වංසය- සොළොස් මහා ජනපද යුගයටත් පෙර පටන් පැවති භාරතීය රාජවංශයකි. මෙය ගෝත්‍රික නාමයකින් පැවත එන්නට ඇතැයි සැලකිය හැක. සාක්‍යවරු ගණතන්ත‍්‍ර රාජ්‍යයක සාමාජිකයෝ ය. ගෞතම බුදුරදුන් ද මේ වංශයට ම අයත් වී ය. ශාක්‍යවරුන් හා කෝලිය වරුන් අතර කලක සිට රෝහිණී නම් නදියේ ජලය උදෙසා සටන් වැදීසිටි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස කෝලිය වරුන් සමූලඝාතනයට ශාක්‍යවරු කළ සැලසුමට එරෙහිවීම නිසා සිද්ධාර්ථ කුමරුන් රාජ්‍යයෙන් පිටුවහල් කළ බවත් ඒ පිටුවහල් කිරීමෙන් ඵල නෙළාගත් සිද්ධාර්ථ කුමරු ආධ්‍යාත්මික ගුරුවරුන් වෙත ගිය බවත් ආචාර්ය අම්බෙඩ්කාර් මහතා කියයි. ඒ කෙසේ වෙතත් පසු කාලයේ දී කෝසලයේ බිමිබිසාර රජ දවස ශාක්‍යවරුන්ගේ කුමරියක සමග ඇතිකර ගත් විවාහ සබඳතාවයකදී බිම්බිසාර රජුට ශාක්‍ය කුමරියකැ’යි කියන දාසියකගේ දියණියක වූ වාසභකත්තියාව විවාහ කරදුන් නිසා ඊට පළිගැනීමක් වශයෙන් බිම්බිසාර පුත් විඩූඪභ ශාක්‍යවරුන් සමූලඝාතනය කළ බව සඳහන් වේ.
සාඛර්මතී - ගුජරාටය ආශ‍්‍රිතව ඇති කුඩා ගංගාවකි.
සාගරදීප-කුච් ප්‍රදේශය.
සාත- කුන්තල ශාතකර්ණී නම් රජුම වියහැක. ඔහු නමින් යුතු උපවංශයකට අයත් අයෙකු වශයෙන් සැලකෙයි.
සාතවාහනයෝ - ප්‍රතිෂ්ඨානය(පයිතාන්) අගනුවර කරගෙන විසූහ.(කාන්වයින්ට පසු) දක්ෂිණාපථයේ ගෝදාවරී නිම්නයේ වූ ප්‍රතිෂ්ටානය හෙවත් පයිතාන් ඔවුන්ගේ ප්‍රධාන පාලන මධ්‍යස්ථාන හෙවත් අගනුවර කොට මොවුහු පාලන කටයුතු මෙහෙය වූහ. මෙම රාජධානිය වින්ධ්‍යා කඳූවැටියෙන් ඔබ්ඛෙහි දකුණු ඉන්දියාවේ ඉහළ ඩෙකාන් ප්‍රදේශයේ බිහි වූ විශාලතම හා පළමු අධිරාජ්‍යය යි. මේ රාජධානිය පිළිබඳ විස්තර කාර්ලේ, නාසික් හා නානාඝාත් වැනි ශිලාලේඛන වල සඳහන් වේ. ඔවුන් දකුණු ඉන්දියවේ බටහිර ප්‍රදේශය ආශ්‍රිතව මේ රාජ්‍යය ගොඩනංවා ගෙන තිබේ. ඔවුන්ට අයත් කාසි හමුවන්නේ ද ඒ ප්‍රදේශයෙනි.මහාරාෂ්ට්‍ර හා මාල්වා ප්‍රදේශ මුල්කරගනිමින් ඔවුන් බලය වර්ධනය කරගෙන ඇත. මෞර්ය යුගයේ දී ඔවුන් මෞර්ය ආධිපත්‍යය පිළිගත් යටත් රාජ්‍යයක් වශයෙන් සිටිය ද ඔවුන්ගේ යුධ ශක්තිය දෙවැනි වූයේ මෞර්යයන්ට පමණකැයි ප්ලීනි සඳහන් කරතිබේ. ඔවුන් යටතේ විශාල ප්‍රමාණයේ යුධ බලකොටු 30ක් වී යැයි හේ වැඩිදුරටත් සඳහන්කර තිබේ. ඔවුන්ගේ බල වර්ධනය වන්නට ඇත්තේ මෞර්ය පරිහානිය සමග ය. ඉන් අනතුරුව සුංග හා කාන්ව වංශවල බල පිරිහීමත් සමග මෙතුවක් විනධ්‍යා කඳු වලින් මොබ ප්‍රදේශ වලට සීමා වී සිටි යුගය නිමා කර ඔවුන් නිදහසේ උත්තරාපථයේ ද සිය බලය ව්‍යාප්ත කරන්නට ඇත. සිමූක සාතවාහනයින්ගේ ආදිතමයා වශයෙන් පිළිගැනෙයි. කාන්වයින්ගේ සාමන්තයෙකු වූ සිමුක කාන්ව වරයෙකු වූ සුසර්මන් ඝාතනය කර ස්වාධීන විය. ගෝත්‍රය හා වංශය-දකුණු ඉන්දියාවේ ගෝධාවරී හා ක්‍රිෂ්ණ තුංගභද්‍ර ගංගා අතර ප්‍රදේශය සාතවාහන හෙවත් ආන්ද්‍ර බල ව්‍යාප්තිය පැවැති ප්‍රදේශය යි. ශාතකර්ණී, ශ්වාතකර්ණී, ආන්ද්‍රජාතී, ආන්ද්‍රහෘත්‍ය, සාලිවාහන, ශාන්තිවර්ණ ආදි නම්වලින් ද මොවුන් හඳූන්වා ඇත. ආන්ධ්‍ර නාමය එන්නේ පුරාණ වල ය. සෙල්ලිපි වල එන සෙසු නාමයන් හා මෙය සසඳා බලන ඉතිහාසඥයෝ තව ම අවසන් නිගමනයකින් තොරව සිටින්නේ සාක්ෂ්‍ය මද නිසාවෙනි.ඇතැම් විට පුරාණ වල එන ආන්ධ්‍ර ජාතියක් සෙල්ලිපි වල එන සාතකර්ණී නාමයත් එකක් විය හැකි ය.නමුත් මෙහි දී තරමකි පිළිගත හැකි මතයක් සේ ඉදිරිපත් වී ඇත්තේ ආන්‍ධ්‍ර යනු ගෝත්‍ර නාමයක් බවත්, සාතවාහන යනු වංශ නාමය බවත් යන මතය යි. බ්‍රාහ්මණ ඥාතීත්වය- මේ වංශයේ කැලී පෙනුණු පාලකයෙකු වූ ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජුගේ නාසික් ප්‍රශස්තියේ සඳහන් ‘‘ඒක බම්මණා‘‘ යන වදන අනුව යන ඉතිහාස පර්යේෂකයන් මොවුන්ගේ බ්‍රාහ්මණ මිශ්‍ර භාවයක් පිළිබඳව ද මතයක් ගොඩනගා තිබේ.ඒ වදනෙන් අරුත්ගැන්වෙන්නේ ‘‘බ්‍රාහ්මණයන්ගේ එක ම ආරක්ෂකයා‘‘ යන්න හෝ ‘‘උත්තම බ්‍රාහ්මණයා‘‘ යන්න යි. නාග ගෝත්‍රික ඥාතීත්වය-නාගනිකා, ස්ක්න්ධනාග වැනි නම් ද මේ වංශයේ රජවරු භාවිත කර තිබෙන නිසා ඔවුන් නාගවංශිකයින් හා යම් සබඳතාවක් දැක්වූ ජාතියක්දැයි ද සිතේ. ක්ෂත්‍රියයන් නොවූ බව-කෙසේ වෙතත් ඔවුන් ක්ෂත්‍රියයන් නොවූ වග නම් පැහැදිලි ය. මන්ද යත්, බාලශ්‍රී ගේ සෙල්ලිපියේ එන ‘ඛතිය-දපතමාන-මදන‘ යන වදන මේ රජවරුන් මුල්කරගනිමින් යොදා ඇති බැවිනි. එහි අරුත වන්නේ ක්ෂත්‍රියයන්ගේ මානය බිඳහෙළූ යන්න යි. අශෝක ශිලාලේඛන වල- ඔවුන් පුලින්දයන් හෙවත් වනවාසී ගෝත්‍රයක් සේ දක්වා ඇත. ඇතැම් විට ඒ කාලය වන විට ඔවුන් සිටි තත්ත්වය විය හැකි ය. ඔවුන්ගේ අගනුවර වූයේ ක්‍රිෂ්ණ නදියේ පහළ නිම්නයේ වූ ශ්‍රීනාකුලම් යැයි ද එම ශිලාලේඛන වල සඳහන් වේ. ඛාරවේල ගේ හථිගුම්ඵා ශිලාලේඛනයේ-ඔවුන් පිළිබඳ සඳහන් වන්නේ දක්ෂිණාපථ වැසි රාජ්‍යයක් වශයෙනි. ඓතරේය බ්‍රාහ්මණයේ-ඔවුන් හඳුන්වා ඇත්තේ දස්‍යුන් ලෙසිනි. ආර්යයන් ඉන්දියාවට පිවිසෙන සමයේ එහි සිටි මුල් වාසීන් හැඳින්වීමට ද ඒවාගේ කතුවරුන් පැරණි භාරතීය ග්‍රන්ථ වල මේ නාමය යොදාගෙන තිබේ. රාමායනය හා මහා භාරතය වැනි ග්‍රන්ථ වල- ද මේ සාතවාහනයින් පිළිබඳ සඳහන් කර තිබේ. ඒ ඔවුන් දක්ෂීණ භාරතීය චෝළ, චේර හෙවත් කේරළ වැනි සෙසු ජන කොටස් අතර ම තවත් එක් ජන කොට්ඨාසයක් වශයෙනි.
සාතවාහනයෝ-දකුණු කෝසලයේ සිටි සාතවාහන පෙළපතක් ගැන හ්‍යුංසියැං හිමි සඳහන්කර තිබේ. අශෝක රජු විසින් ඉදිකළ දක්ෂිණ කෝසල ආරාමයක නාගර්ජුන හිමි වැඩවාසය කළ කාලයේ සාතවාහන නම් රජකෙනෙකු ඒ ප්‍රදේශයේ සිටියේ යැයි උන්වහන්සේ සඳහන් කරයි. ‘සො-තො-පො-හො’ නමින් ඔහුගේ නම ඒ මූලාශ්‍රයේ දක්වා තිබේ. එහි අරුත සාතවාහන යන්නයි. ශිව ශ්‍රී ආපිලක නම් රජෙකුගේ තඹ කාසිවල ද මේ ගැන සාධක තිබේ.
සාතවාහන-වංශ නාමයකි.
සාතවාහිනිය පෙදෙස-බෙලරි ප්‍රදේශය
සාන්ධිවිග්‍රහිත- ගුප්ත රාජසභාවේ තනතුරු නාමයකි. හරිශේන නම් අමාත්‍යයා සමුද්‍රගුප්ත සමයේ මේ තනතුර දරා ඇත.
සාපාරා ගිරි ලිපිය-අශෝක රජුට අයත් ලිපියකි.
සාම වේදය- චතුර් වේදයන්ගෙන් එකකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී තරමක් වැදගත් වන කෘතියකි. සෝම යඥයට අදාළව ගැයුණු ගීතිකාවන් ඇසුරින් සංග්‍රහ වී ඇති අයුරක් පෙනේ. මේ නිසා ආර්යයන්ගේ සංගීතය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට වැදගත්ය. මෙම ගායනයන් මධ්‍ය කාලීන සරල ගායනයන්ට බොහෝ සමාන වන්නට ඇතැ’යි විශ්වාස කෙරේ. ගීතිකා 1545කි. 75ක් හැර සෙස්ස සෘග් වේදයේ ම ඒවා ය. අනෙක් ගීතිකා 75ද සෙසු වේද ග්‍රන්ථ වල ඇත.
සාමන්ත -යුද්ධයක දී පරාජිත රජු දිවි ගලවාගත්තේවී නම් හා ඔහු ජයග්‍රාහී රජුගේ සිත යම් තරමකට හෝ දිනාගත්තේ වී නම් ජයග්‍රාහී රජු යටතේ සාමන්තයෙකු සේ හි`දිමින් තවදුරටත් කිරුළ දරා සිටීමට අවස්ථාව හිමි වේ. එහෙත් සාමන්තයාගෙන් ඉටු විය යුතු සේවා රැසක් විය. නියමිත බදු කොටස ගෙවිය යුතු ය. රජු ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක යුද්ධ පිණිස යැවීමට භට කණ්ඩායමක් නඩත්තු කළයුතු විය. රජු ගේ උපන්දිනය වැනි විශේෂ දින වල රජු බැහැ දැක, රාජසභාවේ පෙනී සිට තුටු පඬුරු, තෑගිභෝග පිරිනැමිය යුතුය. අධිරාජයාට තමා කැමති අවස්ථාවක සාමන්තයාගේ දූ වරුන් සිය අන්තඃපුරයට කැඳවිය හැකි විය. අධිරාජයාගේ දරුවෝ හා සාමන්තයාගේ දරුවෝ එක්ව අධ්‍යාපනය ලැබූවද සාමන්තයාගේ දරුවෝ අධිරාජයාගේ දරුවන්ට මෙහෙ කළ යුතු විය. සාමන්තයාගේ බලතල අධිරාජයාගේ අමාත්‍ය වරයෙකුගේ බලතල වලට වඩා වැඩි නොවීය.
සාමන්තසේන-සේන වංශයේ පැරණිම පාලකයා.
සාමන්ත-හර්ෂවර්ධන අධිරාජ සමයේ සිවිල් පරිපාලනයේ ප්‍රධානියා. (සාමන්ත මහාරාජ)
සාමාවතී සූත්‍රය-ජෛන සූත්‍රයකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී මූලාශ්‍රයක් ලෙස යොදා ගත හැක.
සාමෝතික-චෂ්ටනගේ පියා
සාම්රාට් - ප්‍රබල ගෝත්‍රයක පාලකයා(ඍග් වෛදික)
සාරානාත් ලිපිය-අශෝක රජුට අයත් ලිපියකි. සාරානාත් හි කණිෂ්ක රජුගේ ලිපියක් ද ඇත.
සාරිපුත්‍රප්‍රකරණය - කුෂාණ යුගයේ විසූ අශ්වඝෝෂ හිමියන්තේ කෘතියකි.
සාල- බුද්ධ සංකේතයකි. බුද්ධගයා කැටයම් අතර එයි. වෙස්සභූ බුදුන් සංකේතවත් වේ.
සාලකාචාර්ය කථානක-ජෛන ආචාර්යවරයෙකි.
සාලස්ථම්භ/ශාලස්ථම්භ-හර්ෂ රජු හා සබඳතා පැවැත්වූ භාස්කරවර්මන් නම් කාමරූප පාලකයාගේ අනුප්‍රාප්තිකයෙකි. නමුත් මොහු ම්ලේච්ඡ පාලකයකු වූ බවත් මොහුගේ කාලයේ සිට කාමරූපයේ අඳුරු යුගය ඇරඹුණු බවත් පිළිගැනෙයි.
සාලිවාහන- සාතවාහනයන් හැඳින්වීමට යෙදූ නම් ය.(හේමචන්ද්‍ර ව්‍යාකරණ ග්‍රන්ථය අනුව)
සැටල්හුයික්-පුරා විද්‍යාත්මක කැණීම් බිමකි. බටහිර ආසියාවට අයත්ය.මානව ජනාවාසයන් හි ඉතිහාසය ගොඩනැගීමේ අරමුණෙන් මේ ප්‍රදේශ වල කැනීම් කර ඇත. කාබන් දින වකවානු ක්‍රමය අනුව ගණනය කළ විට මේ ප්‍රදේශ වල පැරණි ජනාවාස ක්‍රි. පූ. 9-7 සහස‍්‍රක වලට අයත්ය.
සැමුවෙල් බට්ලර්.- බට්ලර් බලන්න.
සැරපින්-මුදල් ඒකකයකි.
සිංහ විෂ්ණු රජු - අවනිසිංහ. පොළවට අධිපති සිංහයා යන අරුත දෙන මේ විරුදය පල්ලව වංශයේ සිංහ විෂ්ණු රජු භාවිතකළේ ඔහු චෝළ පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශ අල්ලාගත් නිසා ය.
සිංහ, බී.පී- ඉතිහාසඥයෙකි
සිංහචන්ද්‍ර- දෙවන චන්ද්‍රගුප්ත රජුට අයත් කාසි සමහරක ඔහුගේ නාමය සඳහන් වන්නේ මේ ආකාරයටය.
සිංහනාද-හර්ෂවර්ධන අධිරාජයාගේ හමුදාවේ ප්‍රධානියා. මෙය පුද්ගල නමක් නොව තනතුරු නමක් විය හැක.
සිංහයා-එනම් සත්ත්වයා./සිංහල වැනි ඇතැම් ජාතීනගේ සංකේතය/දුර්ගා දේවියගේ වාහනය.
සිංහවික්‍රම - දෙවන චන්ද්‍රගුප්ත රජුගේ අභිදානයකි.(ක්‍රි.ව.376 - 415)(ගුප්ත රාජවංශය)
සිඑන්-හැන්-ෂු (Tsien-Han-Shu)-චීන මූලාශ්‍රයකි. පන්-කු නම් චීන ලේඛකයාගේ කෘතියකි. හැන් රාජවංශය ගැන තොරතුරු ඇතුළත් වේ.
සික්‍රි-මථුරා කලා ශිල්පීන් සිය කලා කෘති සඳහා පාෂාණ ලෙස ගත්තේ මේ ප්‍රදේශයේ ඇති තිත් සහිත රතු වැලිගල් ය.
සිතියන් තුන්වර්ගය-සිතියන්වරු තුන්වර්ගයක් ගැන පළමු ඩේරියස් රජුට අයත් නක්ෂිරස්තුම් සෙල්ලිපියේ සඳහන් වේ. (01)සක තිග්‍රකවුඩා(තියුණු හිස්වැසුම් පළඳින වර්ගය) (02) සක හවුමාවර්ගා (03)සකතරදරයා (සාගරයෙන් එතෙර වාසීන්)
සිතියන්=සයි,සෙක්,සක
සිතියා-ඉන්දු නදී පහළ නිම්නයට මේ නම දී ඇත්තේ පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී නමැති ග්‍රන්ථයයි.
සිද්ධ- අරිහන්ත හෝ තීර්ථංකර මේ නමින් හැඳින්වුණු ජෛන කොට්ඨාසය.
සිද්ධපුර් සුළු ගිරි ලිපිය-අශෝක රජුට අයත් ලිපියකි.
සිද්ධසේන-ගුප්තයන්ගේ ජෛන ලේඛකයෙකි. න්‍යායාවතාරය රචනා කළේය.
සිද්ධාර්ථ-අර්ථය සිද්ධ කරන, ලෝ වැඩ සලසන යන අරුත දෙයි. පසුව ගෞතම බුද්ධා යන නාමයෙන් බෞද්ධ සාහිත්‍යයේ දක්වන සිදුහත් කුමරා හෙවත් බෝධිසත්ත්වයන් වහන්සේ ද මේ නම් වී ය. වර්ධමාන මහාවීරතුමා හෙවත් නිගණ්ඨනාථපුත්ත තුමාගේ පියා ද මේ නම් විය.
සින්තුස්-ගංගාවකි. ඉරානයේ සකස්ථානය ඔස්සේ ගලා ගිය ගංගාවකි. පෙරිප්ලස් ඔෆ් ද එරීත්‍රියස් සී ග්‍රන්ථයේ ද මේ ගංගාව ගැන සඳහන් වන අතර එය ගලායන්නේ ‘මින්’ නගරය අගනුවර කරගත් ප්‍රදේශයක් හරහා යැයි දැක්වේ.
සින්දෝ- ඉන්දු නදිය මුල් කර ගනිමින් පර්සියන් බසින් ඉන්දියාව හැඳීන්වූ නම
සින්ධු නදිය
වයඹ දිග ඉන්දියාව හරහා ගලා බසින මහා නදිය යි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිහි වූයේ මේ ඇසුරේ ය. මෙය ඇරඹෙන්නේ ටිබෙට් සානුව ආශ‍්‍රිත කෛලාස ශිඛරයත් මානස විලත් ආසන්නයෙනි. එතැන් සිට පළමුව බටහිරටත් පසුව වයඹ දෙසටත් කාර්කෝරම් සහ හිමාලයානු කඳුඅතරින් සැතපුම් අටසියයක් පමණ ගලා බසින මෙම නදියට ගිල්හිට් නදිය එක්වේ. ඉන්ලසුව ඉන්දු තැනිතලාවට එක්වන මෙම නදිය හිමාලය කඳුආශ‍්‍රිතව ඇරඹෙන ගංගා පහක් හා එක්වේ. ඒවි නම් ෙඣලම්, චෙනාබ්, රාවි, බියෙස් හා සත්ලෙජ් ය. මේ නදීන් සින්ධු නදිය හා එක්වන ප්‍රදේශය ජලමාර්ග පහ යන අරුතින් පංච්ආබ් හෙවත් පන්ජාබ් යන නම ලබා ඇත. (අතීතයේ මේ ප්‍රදේශයේ දී සින්ධු නදියට ගංගා හතක් එක් වූ නිසා සප්ත සින්ධු යන නමින් ද හඳුන්වා ඇත.සරස්වතී හා දෘෂ්ද්වතී ගංගා අද වන විට සිඳීගොස් ඇත.) පසුව බලූකිස්ථානය හා ථාර් කාන්තාරය හරහා ගල්පර බහුල ප්‍රදේශය ඔස්සේ පැමිණ පාකිස්ථානයේ සින්ධ් ප්‍රදේශය මැදින් අරාබි මුහුද දක්වා ගලා යයි. මෙහි අතු ගංගාවක් වන රාවි නදිය අසබඩ හරප්පා සහ සින්ධු නදියේ පහළ කොටස ආසන්නයේ මොහෙන්ජො-දා-රෝව පිහිටා තිබී ඇත. මහා ඇලෙක්සැන්දර් රජුගේ ඉන්දීය ආක්‍රමණායන් පසු ඔහු හා ඔහුගේ සේනාවෝ යළි හැරී ගියේ ද ඉන්දු නදිය ඔස්සේ පහළට ගමන් කිරීමෙන් යැයි වාර්තා වේ.
සින්ධ්- සින්ධි යටතේ බලන්න.
සින්ධ්-වත්මන් පාකිස්ථානයට අයත් ප්‍රදේශයකි. පැරණි භාරතයට අයත්ව තිබී ඇත. සින්දු නදිය මෙම ප්‍රදේශය හරහා ගලා බසිනා නිසා මේ නම යෙදී ඇත. මේ ප්‍රදේශය ප්‍රාදේශීය වංශකතා ලියැවුණු ප්‍රදේශයක් වුව ද අද වන විට එම වංශකථා දක්නට නොලැබේ. එහෙත් හම කෘති වල පර්සියන් පරිවර්තනයක් වන ඡුවිනාම නම් කෘතියෙහි අරාබිවරු සින්ධ ප්‍රදේශ ජය ගැනීම පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්නට ඇත. මේ කෘතිය 13 වන සියවස මුල දී ලියැවුණකි. හර්ෂවර්ධන රජු මේ ප්‍රදේශය අල්ලාගත් බවක් හර්ෂවර්ධන රජුගේ චරිත කතාව ලියූ භාණ සඳහන් කර ඇතත් හ්‍යුං සාං සඳහන් කරන්නේ සින්ධු දේශය හර්ෂයන් යටතේ නොතිබුණු බවකි. මෙය වාර්ෂික වර්ෂාපතන අගය 3mm ට අඩු ප්‍රදේශයකි.
සිමාලියා- බැබිලෝනියානු දෙවියෙකි.
සිම්ලා කඳුවැටිය -වයඹ දිග ඉන්දියාවේ උතුරු දෙසට වන්නට පිහිටි ස්ථානයකි.
සිම්ලා- වයඹදිග ඉන්දීය කඳුවැටියකි.
සියලූ සත්ත්වයන්ට අධිපති දෙවි -
සියල්ක් - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රභවය පිළිබඳව සෙවීම පිණිස කැණීම් කළ නගරයකි.
සියස්ථානය-ශකස්ථානයයි. ශකවරුන් හෙවත් සිතියන්වරුන්ගේ වාසභූමියකි.
සිරිටොලමයිස්-ටොලමි මේ නමින් හඳුන්වා ඇත්තේ ගෞතමීපුත්‍ර සාතකර්ණී රජුගේ පුත්‍ර සිරිපුලමායි විය යුතුය.
සිර්දර්යා-වයඹදිග ඉන්දියාවෙන් ඔබ්බේ මධ්‍යාසියාවට සමීපව පිහිටි ස්ථානයකි.
සිව ශ්‍රී සාතකර්ණී-වාසිස්ථ පුත්‍ර සිව ශ්‍රී සාතකර්ණී(?) මේ රජු රුද්‍රදාමන් රජුගේ බෑනා කෙනෙකු වශයෙන් සඳහන් වේ.
සිසුපාල්පාර්ත්-මෞර්ය යුගයේ සාධක හමුවන නගරයකි.
සිස්ට්-පාෂාණ විශේෂයකි.ගන්ධාර ශිල්පීන් මුල් කාලයේ ප්‍රතිමා නෙළීමට තෝරා ගත් පාෂාණ විශේෂයකි. ඒවා නිල් පැහැතිය.
සී.පී. අග්‍රාවාල් - ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයෙකි.
සීතලනාථ-දහසයවන ජෛන තීර්ථංකරතුමාය. ඔහුගේ ප්‍රතිමාවක් නන්දවරුන් විසින් කාලිංග සිට පාඨලීපුත්‍රයට නොගිය බවත් පසුකාලයක කාරවේල විසින් පාඨලීපුත්‍රය ආක්‍රමණය කර මේ ප්‍රතිමාව යළි රැගෙන ආ බවත් සඳහන් වේ.
සීලප්පදිකාරම්- දමිළ සාහිත්‍යයේ මහා කාව්‍යයකි.
සීලභද්‍ර-7වන සියවස මධ්‍ය කාලයේ නැගෙනහිර බෙංගාලයේ බලයේ සිටි බ්‍රාහ්මණ වංශික පාලකයෙකි. (ශීලභද්‍ර)
සුං යංග් - චීන ලේඛකයෙකි.
සුංගම් තවිර්ත - පළමු කුලොත්තුංග රජු (තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්)
සුං-ලිං-හ්‍යුංසැන් සඳහන් කරන මේ ස්ථානය ඉන්දියාවට උතුරින් පිහිටි කඳුවැටියක් වියයුතුය.
සුක්තජෙන්දෝර් - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නගරයකි. එම ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙය ශිෂ්ටාචාරයේ දකුණු ඉම සේ පිළිගැනේ. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් ද හමු වීමයි.
සුක්ත-ශ්ලෝක, ගාථා වැනි පාඨ ඛණ්ඩ. ඍග් වේදයේ සුක්ත 1028කි.
සුක්රිත සංකීර්තන- ගුජරාටි ලේඛක අරිසිංහ ගේ කෘතියකි.
සුචි- ගරාදි වැටක උස් අතට ඇති කොටස්. ඉඳිකටුව
සුජේෂ්ඨ- ශුංග වංශික වසුමිත්‍ර ගේ පියාය.
සුත- පශ්චාත් වෛදික යුගයේ තොරතුරු ඇතුළත් කෘති විශේෂයකි. මේ යුගයේ ගෘහ්‍ය චාරිත්‍ර හා පුජා විධි පිළිබඳව, විශේෂයෙන් ම සෝම යඥය පිළිබඳව තොරතුරු ඇතුළත් නමුදු මෙම ග්‍රන්ථ විශේෂයට අයත් ධර්ම සූත්‍ර නම් කොටස සිවිල් හා අපරාධ නීති, ආචාරධර්ම නීති ද විස්තර කරයි. සවිස්තරව නැතත් මීට අමතරව රාජ්‍ය පාලන නීති පිළිබඳව ද ධර්ම සූත්‍රයේ විස්තර කරයි. ගෘහ්‍ය සූත්‍රයෙන් මිනිස් ජීවිතයේ චතුර්විධ අවස්ථා හෙවත් චතුර් ආශ‍්‍රම(බ‍්‍රහ්මචර්යා, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්‍යාසි) වල දී අනුගමනය කළයුතු ආචාර උපචාර විධි ද විස්තර කරයි. මේ නිසා මෙම සූත්‍ර දෙක ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වේ. ආපස්තම්භ, ගෝගීල, ගෞතම, බෞධායන, කත්‍යායන වැනි තවත් සුත ග්‍රන්ත ද වෙයි.
සුතර්න-මිටෑනියන් පාලකයෙකි. මේ නම ඉන්දීය ආර්ය නාමයන්ට සමීප එකකි.
සුදර්ශන ජලාශය-රුද්‍රදාමන් විසින් අලුත්වැඩියා කරවූ බව ඔහුගේ ජුනගාද් ලේඛනයේ සඳහන් වේ. එය කුණාටුවකට කැඩී ගිය නිසා මෙසේ ප්‍රතිසංස්කරණය කරන ලදී. මේ ජලාශය චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේදී වෛශ්‍ය පුෂ්‍යගුප්ත නම් ප්‍රදේශාධිපතියා යොදවා මුල් වරට ඉදිකළ අතර අශෝක අධිරාජයාගේ කාලයේ යවන රාජ තුශාස්ප විසින් ද අලුත්වැඩියා කරන ලදී. රුද්‍රදාමන් සමයේ මෙය අලුත්වැඩියා කරන්නේ සුවිසාක විසිනි.
සුදර්ශන යක්ෂණිය-භාර්හුත් කැටයම් අතර ඇති යක්ෂ රුවකි.
සුද්ධෝදන- සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගේ පියා ය. ශාක්‍ය වංශික රජපරපුරට අයත් ය.මහාමායා දේවියගේ ද පසුව මහාප්‍රජාපතී ගෝතමියගේ ද ස්වාමි පුරුෂයා ය.
සුධන්‍යාදිත්‍ය- නැගෙනහිර බෙංගාලයේ පාලකයෙකි. කවර රාජවංශයකට අයත් අයෙක් දැයි අපැහැදිලිය.
සුන්දර චෝළ - පළමු රාජ රාජ රජුගේ පියා වූ චෝළ රජෙකි.
සුප්පර-පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථයකරු මේ නම දී ඇත්තේ සුප්පාරක වරායට යැයි සොයාගෙන තිබේ.
සුප්පාරක - වරායකි. සොපාරා නමින් ද හැඳීන්වේ. දකුණු ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටා තිබේ. තප්ති නදියට තරමක් සමීප නමුත් වඩාත් සමීප නොවේ.
සුප්‍රභේදාගම- ගුප්ත යුගයේ භාවිත වූ වාස්තුවිද්‍යා ශාස්ත්‍ර කෘතියකි.
සුබ්‍රහ්මණ්‍ය-(මුරුගන්) දකුණු ඉන්දීය දේව විශ්වාසයකි.
සු-ම-චියෙන්-( Ssu-ma-chien) චීන ලේඛකයෙකි. ෂි-කි නම් ග්‍රන්ථයේ කතුවරයා ය.
සුරමිත්‍ර- කෞෂම්බි ප්‍රදේශයේ පාලකයෙකි. කාලසීමාව පැහැදිලි නැත.
සුරස්ට්‍රින්-සෞරාෂ්ට්‍රය වියහැක.
සුර්ජංගල්- උතුරු බලුකිස්ථානයට අයත් මේ ස්ථානයේ ශ්‍රීමත් ඔරල් ස්ටේයින් විසින් කළ පර්යේෂණ වල දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වී තිබේ.
සුලෙයිමාන් කඳු - සින්ධු නදියෙන් එතෙර වයඹදිග ඉන්දියාවේ පිහිටි කඳු වැටියකි.
සුවර්ණරේඛා - ගංගාවකි. ඔරිස්සා කපොල්ල ආශ‍්‍රිත ප්‍රදේශය මේ ගංගාවේ පහළ කොටස් වලින් පෝෂණය වේ.
සුවිසාක-රුද්‍රදාමන් නම් ශක පාලකයා යටතේ කතියවාරයේ සුදර්හන විල ප්‍රතිසංස්කරණය කළේ සුවිසාක විසිනි. ඔහු පහ්ලව කුලෛෂ නමැත්තෙකුගේ පුත්‍රයෙකැයි සඳහන් වේ. ඔහු රුද්‍රදාමන් යටතේ අනර්ත හා කාතියවාර් ප්‍රදේශ පාලනය කළ බව සඳහන් වේ.
සුවිහාර් තඹතහඩු ලිපිය- කණිෂ්ක අධිරාජයාගේ පාලන සමය පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයකි.
සුශර්මන්-කාන්වා පෙළපතේ සිව්වන පාලකයාය. වර්ෂ 10ක් මගධය පාලනය කළේය. අවසන් කාන්ව රජු. සිමුඛ නම් සාතවාහන රජු අතින් මරුමුවට පත්විය. ඒ ක්‍රි.පූ.30දී පමණ ය.
සුසර්මන්-අවසන් කාන්ව රජු. සිමුඛ නම් සාතවාහන රජු අතින් මරුමුවට පත්විය. ඒ ක්‍රි.පූ.30දී පමණ ය.
සුසුමාරගිරිය- භග්ගයන්ගේ රාජ්‍යය
සුළු යු-එචීවරු- යු-එචී ගෝත්‍රයේ එක් කොටසකි. ඔවුන් ටිබැට් දේශසීමාව වෙත සංක්‍රමණය වූහ.
සූත-රාජසභා වන්දිභට්ටයෝ
සූත්‍ර ග්‍රන්ථ - ස්මෘති නමින් ද හැඳීන්වේ.පශ්චාත් වෛදික යුගයේ ගෘහ චාරිත්‍ර විග්‍රහ කරන ග්‍රන්ථ විශේෂයකි. ආපස්ථම්භ, ගෝගීල, ගෞතම, බෞද්ධායන, කත්‍යායන, ආදිය උදාහරණ වේ.
සූත්‍ර පිටකය. -බෞද්ධ ත්‍රිපිටකයෙන් එක් පිටකයකි.(සූත්‍ර, විනය, අභිධර්ම) මෙය කොටස් පහකට බෙදේ. ඒවා නිකාය වශයෙන් හැඳින්වේ. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය,ඛුද්දක නිකාය යනු එම කොටස් පහයි.මෙයින් ඛුද්දක නිකායට පොත් 15ක් අයත් වේ.
සූත්‍ර-වැටක හරස් අතට ඇති කොටස්. නූල
සූත්‍රාලංකාරය - කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.මහායානික කෘතියකි.
සූරසේන - රාජාණ්ඩුවකි. යමුනා නදීබඩ පිහිටි මෙය මථූරාව අගනුවර කරගනිමින් වර්ධනය විය.
සූර්ය -(ඉන්දියා/ ආගමික) ඍග් වෛදික යුගයේ දෙවි වරයෙකි. දවසට අධිපති දෙවියා ය. ගින්නෙන් දිලිසෙන රථයකින් අහස හරහා ගමන් කරමින් අඳුර හා ලෙඩරෝග පහ කරයි.සවිත්‍රි යනු ද හිරුගේ එක් බලවේගයකි. ‘ශක්තිය දෙන තැනැත්තා’ යන අරුත දෙයි. වෛදික විශ්වාසයන් වන්නේ හිරු සදාකාලික යෞවනියක වන ඌෂා හෙවත් අරුණෝදයට පෙම් බ`දිමින් ඇය පසුපස යන බවයි.
සූර්ය නමින් දෙවඟනක් ද වෙයි. ඇය අශ්වින් (අසරු යුගලය) නම් සිය ස්වාමි පුරුෂයන් දෙදෙනා සූර්ය දිව්‍යරාජයා හා සම්බන්ධ කරන්නීය.-අශ්වීන් මුහුදුබත් වූ නෞකා වල නැවියන් බේරා ගැනීම, අංග විකල වූවන්ට කෘත්‍රිම අත්පා ලබා දීම, අවිවාහක මහලූ ස්ත‍්‍රීන්ට ස්වාමිපුරුෂයන් ලබා දීම වැනි සද්ක‍්‍රියාවල නිරතවෙයි.
සූර්ය දේව වන්දනය -(ආගමික) ලොව බොහෝ ශිෂ්ටාචාරයන්හි වැසියන් අතර ප්‍රචලිතව පැවති ආගමික ඇදහිල්ලකි. විවිධ ශිෂ්ටාචාර වල විවිධ නම් වලින් මේ දේවයා හඳුන්වා ඇත. ඉන්දුනිම්න වාසීන් ද සූර්ය දෙවියන් පිදූ බව එම ශිෂ්ටාචාරයෙන් ලැබී ඇති ස්වස්ථික සංකේත වලින් පිළිබිඹු වන්නේ යැයි විද්වත්හු කල්පනා කරති. ස්වස්ථිකය බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ වැසියන් ද සූර්ය වන්දනය සංකේතවත් කරනු පිණිස භාවිත කළහ.
සූර්ය භක්තිය-ඉන්දියාවේ ක්‍රියාත්මක වූ වන්දනා විධියකි. හර්ෂවර්ධන රජුගේ පිය පරපුරේ මුල් රජවරුන් තිදෙනාම සූර්යභක්තිකයන් යැයි සඳහන් වේ.
සූර්ය මිත්‍ර- අභිච්ඡත්‍රයේ රජකළ පාලකයෙකි. ඔහුට අයත් කාසි හමු වී තිබේ. මේ රජු නාගවංශිකයෙකු යැයි අනුමාන කරයි.
සූර්ය වර්ෂ - පැරණි සන්දීය රජවරුන් භාවිත කළ වර්ෂ ක්‍රමයකි. නිසි මූලයක් හේතුවක් අපහැදිලි මේ වර්ෂ ක්‍රම ඉතිහාසය වියවුල් කිරීමට හේතු වී ඇත.
සූර්ය සතකය-හර්ෂ රාජ්‍ය සමයේ දී සිටි කවියෙක් වූ මයුරගේ කෘතියකි.
සූර්ය සිද්ධාන්තය-ගුප්ත යුගයේ රචිත තාරකා ශාස්ත්‍ර ග්‍රන්ථයකි. සූර්ය හා චන්ද්‍රගහණ පිළිබඳ දැනුම මේ නිසා වර්ධනය විය.
සෙක්=සක,සයි,සිතියන්
සෙඩා සෙල්ලිපිය-කණිෂ්ක රජුගේ එකොළොස්වන රාජ වර්ෂයට අයත් සෙල්ලිපියකි.
සෙන්ගුට්ටුවන්-චේර පාලකයෙකි. පදිරුප්පත්තු නම් දමිළ ග්‍රන්ථයේ මේ රජු ගැන සඳහන් වේ. ඔහු ලංකාවේ පළමු ගජබා රජුගේ සමකාලීනයෙකැයි සඳහන් වේ.
සෙමිරාමිස්-ඉන්දියාවට පැමිණි ආක්‍රමණිකයෙකි.
සෙලියුකිඩ් අධිරාජ්‍යය-අන්තියෝක(ඇන්ටියෝක) රජු මේ අධිරාජ්‍යයේ පාලකයෙකි. ඔහුට අමතරව දෙවන සෙලියුකස් තුන්වන සෙලියුකස් ආදීන් ද මේ අධිරාජ්‍යයේ පාලකයෝ ය.
සේඩ සෙල්ලිපිය- කණිෂ්ක අධිරාජයාගේ පාලන සමය පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයකි.
සේතකන්තිකා-ඉන්දියාවේ මධ්‍යෙද්ශ සීමාවේ පිහිටි නගරයක් යැයි විනය පිටකය අනුව පෙනී යයි. මෙය ශාතකර්ණීවරු සිටි නගරයක් යැයි අනුමානයක් ඇත.
සේතපුබ්‍රන්ධ-රාමේශ්වරමේ සිට ලංකාව යා කෙරෙන වැලිපර පෙදෙස විය යුතුය.
සේතු පර්යන්තම් - හනුමන්තගේ පාලම. ලංකාධිපති රාවණ හා යුධ පිණිස රාම සේනාවට මෙරටට පැමිණීමට උපකාරී වන සේ හන්මන්තා විසින් ඉදි කළ පාලම.
සේනාපති - හමුදා නායක/සේනා පාලක
සේනිය - බිම්බිසාර රජු(ක්‍රි.පූ.542 - 490) (ප්‍රබල සේනාවක හිමිකරුවෙකු වූ නිසා)(හර්යංක වංශය)
සොග්ඩියානාව-ක්‍රි.පූ.දෙක පමණ වන විටත් ශකවරු හෙවත් සිතියන්වරු වාසය කළේ මේ ප්‍රදේශයේ ය බොකාරා නමින් ද හැඳින්වෙන ප්‍රදේශයයි. මේ කාලයට සමකාලීනව හුයින්-නු නම් චීන ගෝත්‍රිකයන් විසින් යූ-චී වරු නම් චීන සම්භවයක් සහිත ගෝත්‍රය චීනයේ කංසු නම් ප්‍රදේශයෙන් පළවා හරින ලද අතර මේ යු-චී වරු කංසු ප්‍රදේශය අත්හැර සොග්ඩියානාවට පැමිණියහ. ඔවුන් ඒ වනවිට සොග්ඩියානවේ සිටි සිතියන්වරු ඉන් පළවාහැර එහි පදිංචි වූහ. සිතියන්වරු එතැනින් බැක්ට්‍රියාව දෙසට සංක්‍රමණය වනවිට බැක්ට්‍රියන්වරුන්ගේ අභ්‍යන්තර අරගල වර්ධනය වී තිබුණේය. බැක්ට්‍රියන්වරු පළවාහැර බැක්ට්‍රියාව අල්ලාගත්හ. මේ තොරතුරු ෂි-කි නම් චීන මූලාශ්‍රයේ සඳහන් වේ.
සොටෙර්සොස්- වීම කැඩ්ෆයිසස්ගේ කාසිවල සඳහන් ග්‍රීක පාඨයකි.
සොඩ්ඩිල-හර්ෂවර්ධන යුගයට පසු කාලයක ලේඛකයකි. උදයසුන්දරී කතාවේ කතුවරයා ය.
සො-තො-පො-හො-සාතවාහන පාලකයෙකි. නමුත් ඔහු දක්ෂිණ කෝසලයේ සිටි පාලකයෙක් යැයි හ්‍යුං සියැං හිමි සඳහන් කරයි.
සොත්ථිසාලා - බ්‍රාහ්මණයන් වේදය උච්චාරණය කරන, වේදය හදාරන ස්ථානය හෝ ආරෝග්‍ය ශාලාව විය යුතු යැයි වංසත්ප්පකාසිනියට අනුව දළ නිගමනයකට එළඹිය හැක.
සොපත්ම(මර්කානම්)-දකුණු ඉන්දීය වරායකි.
සොපාරා ගිරි ලිපිය-අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතකි. අශෝක රජු කරවා ඇත.
සොපාරා- සුප්පාරක නම් වරාය යි. මළබාර් වෙරළේ බොම්බේ හා කැම්බේ අතර පිහිටා තිබේ. යඥ ශ්‍රී ශාතකර්ණී රජුට අයත් කාසි හමුවී ඇති ස්ථානයකි. ශුර්පාරක නමින් ද හඳුන්වා ඇත.
සොමේශ්වර- ගුජරාටයේ ලේඛකයෙකි. ‘රාගමාලා’ හා ‘කීර්ති කෞමුදි’ යනු ඔහුගේ කෘතීන් වේ.
සෝණ නදිය - ගංගා නම් ගෙෙඟහි අතු ගංගාවකි. උතුරු දෙසින් ගලාවිත් පාඨලීපුත්‍රය ආසන්නයේ දී ගංගා නදියට එකතු වේ. පුරාණ කාසි හා මගධ ජනපද එකිනෙක වෙන්කරනු ලැබූයේ මේ ගංගාව මගිනි.
සෝම- වෛදික දෙවියෙකි. මුලදී මෙය ආර්යයන් අතර ජනප්‍රිය පැළෑටියකි. ඔවුන් ඉන් මද්‍යසාරයක් තනාගත්හ.එය උග්‍ර මධුපානයකි. එහෙත් පසු කාලයේ සෝම දේවත්වයට පත්විය. පසුව සෝමචන්ද්‍ර යන නම ලැබීය. සෘග් වේදයේ නව වන මණ්ඩලය මේ දේවයා වෙනුවෙන් වෙන් කොට ඇත.
සෝම - සඳ දෙවි.
සෝම යඥය- සෝම නම් පැළෑටිය ඇසුරෙන් නිපදවන පානයක් මුල් කර ගනිමින් ඇති වූ යඥයක් ලෙස හඳුන්වාදිය හැක. සෝම නම් පැළෑටියෙන් සකසා ගන්නා කරමක් සැර බීමකි. මෙය යඥ අවස්ථාවේ දී ම සකසා ඒ අවස්ථාවේ දීම පානය කරන නිසා මෙය මද්‍ය පානයක් නොවිය හැකි බවත්, එහෙත් තරමක මත් ගතියක් ඇති කරන පානයක් නිසා සෝම පැළෑටිය වනාහි වත්මන් ඉන්දියානුවන් වේදනා නාශක පානයක් සකසා ගැනීමට භාවිත කරන කංසා පැළෑටිය ම බව බෂාම් මහතා විශ්වාස කරයි. මෙම පානය භාවිත කරනු ලබමින් කරන යඥය සෝම යඥය නම් වේ. සෝම දේවයා පසු කාලීනව චන්ද්‍ර යන නමින් ප්‍රචලිත වී යැයි ද බෂාම් මහතා කියයි.
සෝමපුරි විහාරය-පාල රාජවංශයේ ධර්මපාල රජු විසින් වරේන්ද්‍ර දේශයේ ඉදිකරවූ විහාරයකි.
සෝමවංශි-ක්‍රි.ව.11වන සියවසේ කෝසල ප්‍රදේශය පාලනය කළ රාජ වංශයකි. මහාශිවගුප්ත රජු මේ වංශයට අයත් පාලකයෙකි.
සෞන්දරානන්ද කාව්‍ය - කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.
සෞරාශ්ටය - කාතියවාර් අර්ධද්වීපය ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ වඩාත් මුහුදට නෙරා ආ කොටසයි. ඇති ගුජරාටයට අයත්ය.
සෞවීරා-නැගෙනහිර හා පහළ සින්ධු ප්‍රදේශය
ස්කන්ධවර්මන් -
ස්ටීටයිට්-පාෂාණ විශේෂයකි. ඉන්දුනිම්න මුද්‍රා සඳහා ද භාවිත කර තිබේ.
ස්ටුවට් පිගොට් - පිගොට් යටතේ බලන්න.
ස්ටෙඩියස් - ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. නමුත් මොහුගේ ලේඛන ප්‍රබන්ධ ගණයට වැටෙන නිසා විශ්වසනීයත්වයෙන් තරමක් අඩුය.
ස්ටෙියින්, ඔරල් -ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෙකි.
ස්ට්‍රාබෝ - රෝමානු ලේඛකයෙකි.වෙළෙන්දන්ට අමතරව ශාස්ත්‍රකාරයෝ, ඉන්ද්‍රජාලිකයෝ, වෛශ්‍යාවෝ, ශ්‍රමණයෝ පවා රෝමයට ගියේ යැයි ඔහු ලියා තිබේ. ඔගස්ටස් බැහැදැකීමට ගිය ශර්මනෝචේගස් නම් ශ්‍රමණයෙකු ලෞකික බැඳීම් පිළිබඳ කලකිරී ඇතැන්සයේ දී ගින්නට පැන දිවිනසාගත්තේ යැයි ද ඔහු සඳහන් කර තිබේ.(බෂාම් - 297)
ස්ථානික- නාගරික පරපාලනයට සිටි නගරක නමි නිළධාරියාගේ සහයට සිටියේ ද මේ නිළධාරී විශේෂයයි.
ස්ථිරමති- නාලන්දා වශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි.
ස්පාෂ - චරපුරුෂයා(ඍග් වේදයේ එන නමකි)
ස්මිත්, එලියට් පර්සි- ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පර්යේෂකයෙකි. ඉන්දුනිම්න ශිෂ්ටාචාරය මිසර ශිෂ්චාරයෙන් නැගී ආ එකක් යැයි මත දක්වා තිබේ.
ස්රොන්-සං-ගම්-පෝ-තිබ්බත පාලකයෙකි. හර්ෂවර්ධන රජුට සමකාලීනයෙකි.
ස්වප්නවාසවදත්තා - භාස නමැති දෘෂ්‍යකාව්‍ය රචකයාගේ කෘතියකි. යුගය පැහැදිලි නැතත් බෂාම් මහතා කියන්නේ කාලිදාසට පෙර සිටි රචකයෙකු බව යි.
ස්වයංභූ පුරාණය-ඉන්දීය මූලාශ්‍රයකි.
ස්වර්ගදාන-ඉරාන සෙල්ලිපියේ සඳහන් පාඨයකි. අශ්වමේධ යාගයට හෝ ඊට සම්බන්ධ කොටසක් විය හැක.
ස්වර්ග-සභාමතී ගංගා නිම්නය
ස්වර්ණ රේඛා - ගංගාවකි. බෙංගාල බොක්කට එක්වෙයි.
ස්වර්ණදේව-මතනදේව නම් පාල සාමන්තයාගේ පුත්‍රයින් දෙදෙනාගෙන් අයෙකි. ඔහු මිථිලාවේ කර්ණාටකවරුන්ට විරුද්ධ යුද්ධයට රාමපාල රජුට උපකාර කර ඇත.
ස්වල්ප විවාහපටල-විවාහ නැකත් ශාස්ත්‍රය ගැන ලියවී ඇත.
ස්වස්ථිකය -(ආගමික) විවිධ ශුභ අරුත්හි යෙදුණු සංකේතයකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ප්‍රදේශ වලින් ද හමු වී ඇත.මෙය හිරු දේව වන්දනය සංකේතවත් කරනු පිණිස බැබිලෝනියන් ශිෂ්ටාචාරයේ භාවිත වූ සංකේතයකි. දක්ෂිණාවෘත ස්වස්ථිකය අභිවෘද්ධිය, දියුණුව සංකේතවත් කරන අතර වාමාවෘත ස්වස්ථිකය පරිහානිය හා විනාශය සංකේතවත් කරන බව බෞද්ධ මතයයි.(ජර්මන් ඒකාධිපති හිට්ලර් භාවිත කළේ වාමාවෘත ස්වස්ථිකය යි.)
ස්වස්ථිකය- දක්ෂිණාවෘත මෝස්තර රූපී ශුභ සංකේතයකි.සෞභාග්‍යය,වර්ධනය, ජයග්‍රහණය ආදිය සංකේතවත් කරයි./හිරු පිළිබඳ සංකේතයක් ද වේ.
ස්වාතකර්ණී- සාතවාහනයන් හැඳින්වීමට යෙදූ නම් ය.
ස්වාත් - හින්දුකුෂ් සිට දකුණට ගලා යන ගංගාවකි.
ස්වාමි රුද්‍රදාමන්-ශක පාලකයෙකු වියහැකියි.
ස්වාමි රුද්‍රසිංහ III-මොහු ශක පරපුරේ අවසානයා වශයෙන් පිළිගැනෙයි. ඇතැම් මූලාශ්‍රයවල සඳහන් වන්නේ පළමු චන්ද්‍රගුප්ත අධිරාජයා විසින් ස්ත්‍රී වේශයක් ගෙන පැමිණ මරා දැමූ ශක පාලකයා මොහු බවයි. නමුත් එය අනුමානයක් පමණි.
ස්වාමි රුද්‍රසේන IV- ශක පාලකයෙකි. ස්වාමි සිංහසේන රජුගේ පුත්‍රයා ය.
ස්වාමි රුද්‍රෙස්න III –ශක පාලකයෙකු විය හැක. ඔහුගේ කාසි අනුව ඔහු ස්වාමිරුද්‍රදාමන් නමැත්තාගේ පුත්‍රයා ය.
ස්වාමි සිංහසේන-ශක පාලකයෙකි. තුන්වන රුද්‍රසේන රජුගේ සොහොයුරියගේ පුත්‍රයා ය.
ස්වාම්/ස්වොන් - හින්දුකුෂ් කඳු ආශ්‍රිතය ඇති නිම්නයකි.
ෆාහියන්-පාහියන් හිමි. ඒ යටතේ බලන්න.
ෆාහියන් හිමි - පස්වන සියවසේ ඉන්දියාවේ සංචාරය කර ඇත. ථෙරවාද ග්‍රන්ථ සොයා ඉන්දියාවටත් ලංකාවටත් පැමිණ ඇත. පුරුෂපුරයේ පස් මහල් ධාතු මන්දිරය හා බුද්ධ ප්‍රතිමාවක් ගැන සඳහන් කරයි
ෆිරූස් ෂා ටුඝ්ලුක් -මූගල් අධිරාජයෙකි. අශෝක ලිපි කියවීමට උත්සාහ ගත්තෙකි. වරක් ඔහු දිල්ලි ස්ථම්භය සිය මාළිගාවට ගෙන්වාගෙන කියවීමට උත්සාහ කළ ද අසමත් විය.
ෆෙයාර්සර්විස් - ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ පැවැත්වූවෙකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක‍්‍රි, පූ. 2000-1500 අතර කාලයේ පැවතිනැයි යන මතයේ සිටියෙකි. තව ද ඉන්දු නිම්නයෙන් හමු වූ මැටි බඳුන් පරීක්ෂාවට ලක් කර ඔහු කියා සිටියේ ප්‍රාග් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මත්තේ පසු කාලීනව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැගී ඇති බවයි. කලිබන්ග් හි එක ම නිවසක තිබී හරප්පා හා ප්‍රාග් හරප්පා යුග වලට අයත් මැටි බඳුන් හමු වීම නිසා ඔහු මෙම නිගමනයට පැමිණියේ ය. මෙම මැටි බඳුන් වල තිබූ බෝ කොළ හැඩයේ රටා, ජ්‍යාමිතික හැඩ, මාළු කොරපොතු සටහන් ශාක පත්‍ර, මල් හා සත්ත්ව රූප ඔහුගේ විශේෂ අවධානයට ලක් විය.
හංසයා-එනම් පක්ෂියා/බුද්ධියේ සංකේතය/බ්‍රහ්මන්ගේ රථය
හංසවේග-හර්ෂවර්ධන රජු හමුවීමට දූතයෙකි. මේ දූතයා ඇසෑමයේ භාෂ්කරවර්මන් රජුගේ දූතයෙකු යැයි සඳහන් ය.
හක ශාතකර්ණී- ශාතකර්ණී පරපුරේ පාලකයෙකි. ඔහුට අයත් කාසි බෙරාර්හි අකෙල දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ.
හතිගුම්ඵා ලිපිය- ඛාරවේල රජු කරවූ ශිලාලේඛනයකි.
හතිගුම්ඵා ලිපිය-පූරි දිස්ත්‍රික්කයේ උදයගිරියෙන් හමු වී තිබේ.
හථිගුම්පා සෙල්ලිපිය-කාරවේලට අයත් මේ සෙල්ලිපියේ දකුණේ ද්‍රවිඩ දේශ ගැන සඳහන් වේ. අශෝක ශිලාලිපිවලට පසු ද්‍රවිඩ රාජධානි පිළිබඳ සඳහන්වන පැරණිම සෙල්ලිපිය මේ යැයි සැලකේ.
හථිගුම්ඵා ලිපිය-ඛාරවේල රජුගේ ළමා කාලය යුවරජ සමය හා ඊට පසු කාලවල තොරතුරු ද ඇතුළත් වේ. ළමා කාලයේ සිට රාජ්‍ය පාලන අත්දැකීම් ලැබූ ඛාරවේල අවුරුදු 15-24අතර කාලයේ යුවරාජ පදවිය දැරීය. අවුරුදු 24දී අභිෂේක ලැබීය. ඔහු ජෛන භක්තිකයෙකු වූ බව ද ඉන් පෙනී යයි. ඊට හේතුව ලිපිය අරඹන්නේ ජෛන පූජකයන්ට නමස්කාර කරමින් වන නිසා ය. ඔහුගේ 13වන රාජ්‍ය වර්ෂයේ සිදුකළ කාර්යයන්ට එහි මූලිකත්වය දී තිබේ. රජ වූ විගස එනම් ඔහුගේ පළමු රාජ්‍ය වර්ෂයේ දී කාලිංගය කුණාටුවකින් විනාශ වූයෙන් කාසි තිස්පන් ලක්ෂයක් වැය කර කාලිංගය ප්‍රතිසංස්කරණය කළ ආකාරය එහි විස්තර වන අතර දෙවන රාජ්‍ය වර්ෂයේ සිට දිග් විජය ව්‍යාපාරය අරඹමින් බටහිරට සේනා යැවූ බවත් එහි සඳහන් වේ.
හද්ද-ගන්ධාර කලා සම්ප්‍රදායේ වර්ධිත අවස්ථාවක සාධක ලැබී ඇති ස්ථානයකි.
හද්දා- කුෂාණ යුගයේ කලාව ගැන සාධක හමුවන ස්ථානයකි.
හපමියන- මාලවයින් පසු යුගවල නිකුත්කළ කාසිවල සඳහන් පාඨයකි.
හප්ත සින්ධු-සප්තසින්ධු යන්න ම ය. වත්මන් පංජාබයට නමකි.
හමුරාබි-බැබිලෝනියානු රාජවංශයකි.
හරප්පා - ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් පුරාණ නගරයකි. පංජාබයේ මොන්ට්ගොමරි දිස්ත්‍රික්කයේ රාවි නදී ඉවුරේ පිහිටා ඇත. මෙය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට ප්‍රධාන නගරයක් සේ ඇතැම් පුරා විද්‍යාඥයන් පිළිගත්ත ද, එසේ පිළිගන්නට මැළි වන පුරාවිද්‍යාඥයෝ ද සිටිති. කෙසේ වුව ද මේ නගරය උසස් නාගරික ලක්ෂණ සහිිතව සනීපාරක්ෂාව, සුවපහසුව, ඉඩකඩ උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීම, අංගසම්පූර්ණ බව වැනි කරුණු සැලකිල්ලට ගෙන ඉදිකර ඇත.
හරිකේල-නැගෙනහිර බෙංගාලය හෝ වංග දේශය
හරිපාල-ලේඛකයෙකි. ඔහු වාක්පතිගේ ගෞඩවාහෝ කෘතියට අටුවාවක් සම්පාදනය කළේය.
හරිභද්‍ර-පාල රාජ වංශයේ ධර්මපාල රජුගේ අනුග්‍රහය ලැබූ කීර්තිමත් බෞද්ධ පඬිවරයෙකි.
හරියුපියා-ඍග් වේදයේ සඳහන් ප්‍රදේශ නාමයකි. මේ වනාහි හරප්පාව යැයි අනුමාන කෙරෙයි.
හරිවංස- ඉන්දීය මූලාශ්‍රයකි. මෙය මහා භාරතයට පසුකාලයේ එකතු කරන ලද උප ග්‍රන්ථයක් සේ පිළිගැනෙයි. ක්‍රිෂ්ණපිළිබඳ බොහෝ කතා ද එහි ඇත්තේ ය. විෂ්ණු භාගවත ආදී පුරාණ ග්‍රන්ථ වලින් ඒවා උපුටාගන්නට ඇත.
හරිශ්චන්ද්‍ර- ඉන්දීය කවියෙකි. ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.
හරිසේන- ගුප්ත රාජසභාවේ සිටි කවියෙකි. අලහබාද් ප්‍රශස්තිය මොහුගේය.
හර්ක්‍යුලිස්- ග්‍රීක දෙවිවරයෙකි. වයඹදිග ඉන්දියාවේ ගන්ධාර කලා සම්ප්‍රදායේ මූර්ති අතර මේ දේවරූපය ද හමුවේ.
හර්ජර-ඇසෑමයේ පාලකයෙකි. නාරායනපාල යටතේ පාල රාජවංශයේ පසුබෑමක් ඇති වූ කාලයේ මේ රජු ස්වාධීනත්වයක් අත්කරගත්තේය.
හර්නාසා-චම්බාල් නදියේ ශාඛාවකි.
හර්මිකා-චෛත්‍යයක හතරැස් කොටුවේ මුල් අවස්ථාව
හර්මෙයුස්- හර්මියොස්, හර්මයියාස්, හර්මියස් නම්වලින් ද හැඳින්වුණු ග්‍රීක රජු.මොහු සිතියන්වරුන්ගේ භාරතීය ආක්‍රමණ යම් තරමකට පාලනය කරන්නට ඇත.
හර්යංක/හරියංක වංශය=ක්‍රි.පූ. හයවන සියවසේ පමණ උතුරු ඉන්දියාවේ සක්‍රියව පැවති රාජවංශයකි. මේ වංශය ගැන ඇත්තේ ඉතා අල්ප තොරතුරු ප්‍රමාණයකි. භට්ටිය, බින්දුසාර, අජාසත්ත,උදායින් ආදීන් මේ වංශයට අයත් වේ. ඔවුන් මගධය පාලනය කළ අතර එහි මුල් වර්ධනය හර්යංකවරු යටතේ සිදුවිය.
හර්ෂචරිතය-ශ්‍රී හර්ෂ හෙවත් හර්ෂවර්ධන රජුගේ රාජසභා කවියා වූ භාණ හෙවත් බාණභට්ට විසින් හර්ෂවර්ධන රජ සමයේ දී ලියා ඇත. මෙය හර්ෂවර්ධන රජු පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රයක් සේ ගැනේ. ප්‍රශස්ති ගණයට අයත් වේ.
හර්ෂවර්ධන - (ක්‍රි.ව.606 - 647)කන්‍යකුබ්ජය හෙවත් කනෞජය මුල් කරගනිමින් අධිරාජ්‍යයක් ගොඩනැගූ නරපතියෙකි. භාණබට්ට නම් කවියා විසින් හර්ෂචරිතය නම් සංස්තෘත කාව්‍යය රචනා කළේ මොහු පිළිබඳවය. ශිලාධිත්‍ය, මහාරාජ, රාජපුත්‍ර, සක‌ලෝත්තරාපථනාථ, පරම මහේශ්වර, මගධරාජ ආදී විරුදයන්ගෙන් ද හැඳින්වේ.
හස් එබ්බවූ කහාපණ- සංකේත එබ්බවූ කහවනු. ඉන්දියාවෙන් මෙවන් කාසි හමු වී ඇත. අච්චු කාසි නිකුත්කිරීමේ පුරුද්දක් නොතිබූ කාලයේ නිකුත් කළ ඒවා බව පෙනේ.
හස්තිනගර් බුද්ධප්‍රතිමාව-ක්‍රි.ව.72ට පමණ අයත් යැයි හඳුනාගෙන ඇති මේ ප්‍රතිමාව ගන්ධාර කලා ශෛලියට අනුව නිර්මාණය කර තිබී ඇත.
හස්තිනාපුර - නගරයකි. පශ්චාත් වෛදික යුගයේ දී කුරු ගෝත්‍රය යටතේ වූ ප්‍රදේශයේ පිහිටා තිබූ මෙය ආසන්දිවන් නමින් ද හැඳින් වී ඇත. පුරු ගෝත්‍රයේ ජනමේජය රජු මෙහි දී අශ්වමේද යාගයක් ද පැවැත්වූ බව සඳහන් වේ.
හස්තිසිංහ-ලාලක නම් රාජවංශයට අයත් පාලකයෙකි. ඛාරවේල නම් කාලිංග රජ ආවාහ කරගත්තේ මේ පරපුරේ කුමරියක යැයි මතයක් ඇත.
හස්ත්‍යායුර්වේද-ගුප්ත යුගයේදී පාලකාප්‍ය නම් රචකයා කළ පශුවේද ග්‍රන්ථයකි.
හාකා-ප්‍රදේශ නාමයකි. කාසි ප්‍රදේශය විය හැක.
හාඩ්වාර්- හිමාලයානු කඳුපන්තිය ආශ්‍රිතව ඇති හින්දු පුදබිමකි.
හාල-කුන්තල ශාතකර්ණී නම් රජුම වියහැක. ඔහු සාතවාහන නමින් යුතු උපවංශයකට අයත් අයෙකු වශයෙන් සැලකෙයි.
හිඩුස්- හෙරඩෝටස් ඉන්දියාව හඳුන්වා ඇත්තේ මේ නාමයෙනි.
හිතරි/හිටරි අභිලේඛනය - ස්කන්ධගුප්ත රජුට අයත් වේ. උත්තර් ප්‍රදේශ් හි ගාසීපුර දිස්ත්‍රික්කයේ හිතරි ප්‍රදේශයේ තිබේ. රජු හූනයන් පරදා අධිරාජ්‍යය ත්‍රළ සාමය ස්ථාපනය කළ වග විස්තර කර තිබේ.
හිතෝපදේශය- පඤ්චතන්ත්‍රය ඇසුරින් ගුප්ත යුගයේ ලියැවී ඇත. උපදේශාකත්මක කෘතියකි.
හින්දුකුෂ් කඳු- ඉන්දීය භූමියේ වයඹ දෙසින් පිහිටා ඇති කඳුපන්තියකි. මෙහි ස්ථාන කිහිපයක ම දුර්ගමාර්ග පිහිටා ඇතත් ඉන්දියානු ඉතිහාසය වෙනස් කළ ආක්‍රමණ හා සංක්‍රමණ අතින් බලන කල මේවා එතරම් වැදගත් දුර්ග මාර්ග නොවේ. කඳුපෙළේ උතුරු දෙසින් ඇරඹී දකුණට ගලා බසිනා ස්වාත්, චිත‍්‍රාල් සහ නාගෙනහිරට ගලා බස්නා කාබුල්, කුර්රාම්, තොච්, ගුමාල් යන නදීන්ගේ නිම්න ද ඉන්දියාවට පිවිසීමේ දී සාමාන්‍ය වශයෙන් වැදගත් වී ඇත.
හින්දුස්ථානි තැනිතලාව - ඉන්දීය උප මහද්වීපයේ ප්‍රධාන භූගෝලීය සාධක විමසීමේ දී ඉගෙනීමේ පහසුව පිණිස සිදු කරන ඛෙදීමකි. සින්ධු නදිය, ගංගා නම් ගංගාව, බ්‍රහ්මපුත්‍ර නදිය යන ප්‍රධාන නදීන්ගෙන් පෝෂණය වන ප්‍රදේශය යි. බටහිර සිට නැගෙනහිරට කිලෝමීටර 3200ක් පමණ වෙයි. මේ ප්‍රදේශයේ විශේෂත්වය නම් කිසිදු තැනෙක කඳු බාධක හමු නොවීමයි. ගංගා පිටාර ගැලීම නිසා විශාල ප්‍රදේශයක පස රොන් මඩින් පෝෂණය වීමට මේ නිසා අවස්ථාව ලැබි ඇත. ගංගා දෙපස ඇති වුණු නිම්න නිසා, අතීතයේ පටන් ම මේ ප්‍රදේශයට වෙනත් කිසිදු ප්‍රදේශයකටත් වඩා මාර්ග පහසුකම් ඇති විය. ඉන්දීය භූමියෙන් විශාල ප්‍රදේශයක් එක්සේසත් කළ මහා අධිරාජ්‍යයන්ට ජන්ම භූමිය වූයේ ද මේ බිමයි.මේ නිසා අධිරාජ්‍යවාදයේ තොරණ නමින් ද හඳින්වේ. විශේෂයෙන් ම ගංගා නදී නිම්නය වැදගත් විය. මෞර්ය අධිරාජ්‍යය ද, ගුප්තයන් ද, කන්‍යකුබ්ජය මුල් කර ගත් හර්ෂවර්ධන රජු ද, මූගල් වරු ද මේ තැන්නේ වටිනාකම අතිශය ප්‍රයෝජනයට ගත්හ. ඉන්දීය සංස්කෘතිය පෝෂණය කළ තෝතැන්න ද වන්නේ ද මේ බිමයි.
හිප්පොස්ටාවුස්-බැක්ට්‍රියාවේ එවුතිඩිමෙස් පරපුරේ පාලකයෙකු වියහැක.
හිමචල - හිමාලය.
හිමචල සේතු පර්යන්තම්- හිමාලයේ සිට හනුමන්තාගේ පාලම(ආදම්ගේ පාලම) දක්වා වන භූමිය හෙවත් ඉන්දියාව.
හිමවත්- හිමාලයානු කඳු පන්තිය හා එයට අධිපති දෙවියන් මේ නමින් හැඳින්වේ.හිමවත් ගේ දියණිය පාර්වතිය බව හින්දු විශ්වාසයක් තිබේ.
හිමාලයානු කඳු- මධ්‍යම ආසියාවෙන් හා ටිබෙට් සානුවෙන් ඉන්දියාව වෙන් කරන මහා පර්වත බාධකය යි. දළවශයෙන් කිලෝමීටර 2400(දෙදහස් හාරසියයක්) දිගින් යුතුය. පළල කිලෝමීටර 240 සිට 320 දක්වා වෙනස් වේ. අඩි විසිදහසට වඩා උස් කඳුශිඛර 114කින් සමන්විත මෙහි ලොව උස ම කදු ශිඛරය වන එවරස්ට් හෙවත් ගෞරී සංකර් කඳුශිඛරය ද පිහිටා ඇත. එහි උස අඩි 29140 (විසිනවදහස් එකසිය හතලිහ)කි. අතරණීය කඳුවැටි වලින් ගහණ හිමාලය කඳුපන්තිය ආසියානු මහද්වීපයේ ගොඩබිම් මාර්ග ඔස්සේ උතුරු දෙසින් ඉන්දියාවට පිවිසීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් හෝ ආක්‍රමණිකයන්ගේ එම උත්සාහයන් ව්‍යර්ථකරයි. විශේෂයෙන් ම මෙම කඳුපන්තියේ ඊසානදිග කොටස වඩාත් දුෂ්කරය. වනාන්තර වලින් ගහණය. ඊට අමතරව ටිබෙට් සානුව හරහි හමා එන දැඩි උණුසුම් සුළඟින් ඉන්දියාවට ආරක්ෂාව සපයන්නේ ද මෙම කඳුපෙළයි. මොසම් වැසි සිමා කර ඉන්දු ගංගා තැනිතලාවේ ඇති සාරවත් පස සේදී යා නොදී රැක ගන්නට ද මේ කඳුවැටියෙන් දායකත්වයක් ලැබේ. මෙහි ඇති හිම දියවීමෙන් ඇරඹෙන ගංගා රැසක් විසින් ඉන්දියාවේ විශාල ප‍්‍රේදශයක් පෝෂණය වේ. සින්දු නදිය, ගංගා නම් ගඟ, බ‍්‍රහ්මපුත‍්‍රා නදිය මේ අතරින් ද ප්‍රධාන ගංගාවන් වේ.
හියුං සාං -දේශාටනයේ යෙදුණු හිමි නමකි. චීන ජාතිකයෙකි. ක්‍රි. ව. හත් වන සියවසේ දී ඉන්දියාවට පැමිණ නාලන්දා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ උන්වහන්සේ හර්ෂවර්ධන රාජ්‍යකාලය පිළිබඳව අගනා විස්තරයක් කරයි. පැරණි ඉන්දියාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව උන්වහන්සේ ගේ සටහන් ද අතිශය වැදගත්ය. ඉන්දීය රජවාසල ආශ‍්‍රිතව ලේඛනාගාරයත් පවත්වාගෙන ගිය බැව් උන් වහන්සේ සිය වාර්තා වල දක්වා අත. මෙය සත්‍යයක් විය හැක. සින්ධ්, කාශ්මීර, ගුජරාටි, නේපාල ඇදී ප්‍රාදේශීය රාජ්‍ය වල වංශකතා පවත්වාගෙන යාමට උත්සාහ ගෙන තිබීමෙන් ඒ බව සනාථ වේ. කපීස නම් ස්ථානයේ තිබූ ස්ථූපයක් පිළිබඳවත්, ෆාහියන් හිමි දුටු ධෘතු මන්දිරය පිළිබඳවත් සඳහන් කර ඇත. කාශ්මීරයේ පැවත්වූ සිව්වන ධර්ම සංඝායනාවේ මූලකත්වය දැරුවේ වසුමිත්‍ර හිමි බව සඳහන් කර ඇත. ගුජරාටයේ ‘රාඝමාලා’, ‘කීර්තිකෞමුදි’, ‘සුක්රිත සංකීර්තන’, ‘ප්‍රබන්ධ චින්තාමණි’, ‘ප්‍රබන්ධකෝෂ’, වැනි කෘති ද, සින්ධ් ප්‍රදේශයේ ‘ඡුවිනාමය’ ද, නේපාලයේ ‘වංශාවල’ ද යනුවෙන් වංශකතා හා වෙනත් ඉතිහාස ග්‍රන්ථ දක්නට ලැබීමෙන් ඒ බව පෙනී යයි.
හියුත් සාං- හියුං සාං යටතේ බලන්න.
හිරත්-හෙරාට්, හේරට්, හේරත්, හෙරත් ආදී නම් වලින් හැඳින්වෙන දුර්ගයකි. පැරණි වයඹ ඉන්දියාවට අයත් වේ.
හිල්ල - දඩයමින් ජීවත් වූ ජන කොටසකි. පශ්චාත් වෛදික යුගයේ සිටි නිශාදවරුන්ගෙන් පැවත එතැ‘යි ‘පුරාණ’ ග්‍රන්ථ වල සඳහන් වේ.
හුග්ලි -ගංගා නදියේ මෝදර ශාඛාවකි. භාගිර්ති නදියයි. ගංගා නම් ගඟ සාගරයට පිවිසීමට ප්‍රථම බෙදී යන පිවිසුම් අතු ගංගා වලින් වඩාත් වැදගත් ගංගාවයි.
හුයින්-නු- චීන ගෝත්‍රික නායකයෙකි. යු-එචීවරුන්ට පහර දී පලවා හැරි අයෙකි.
හුයි-ලි-හ්‍යුංසියැං හිමියන්ගේ ජීවන චරිතය රචනා කළ ලේඛකයා.
හුෂ්කපුර-කුෂාණ වංශිකයන් යැයි අනුමාන කළ හැකි පාලකයෙකු විසින් වයඹදික ඉන්දියාවේ පිහිටවූ නගරයකි. රාජතරංගනිය අනුව ය.
හුෂ්ක-රාජතරංගනියේ සඳහන්වන නමකි. කුෂාණ වංශික පාලකයෙකු වියහැක. ඔහු තුරුෂ්ක ගෝත්‍රිකයෙකු යැයි එහි සඳහන් වේ.
හූන- සංක්‍රමණික ආක්‍රමණික ගෝත්‍රයකි. ආසියාවට මෙන් ම යුරෝපයට ද බලපෑම් එල්ල කර තිබේ. එප්හ්ලයිට් හෙවත් සුදු හූනයෝ ගුප්ත සමයේ ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ අතර ගුප්ත අධිරාජ්‍යයේ බිඳවැටීමට පවා මේ ආක්‍රමණය හේතු විය. එහි ප්‍රකට නායකයින් වන්නේ තෝරමාන හි මිහිරකුළ යන පියපුතුන් ය.
හෙණගුලිය-සිතියානු කාසිවල ඇති සංකේතයකි.
හෙරඩෝටස්-ඉන්දියාව පිළිබඳව ලියූ විදෙස් ලේඛකයන් අතර ප්‍රමුඛයෙකි. ග්‍රීක(යවන) ජාතිකයෙකි. මොහුගේ ලේඛන සෙස්සනට සාපේක්ෂව විශ්වාසදායකය.
හෙරාට්- හේරාත් යටතේ බලන්න
හෙරාත්- හේරාත් යටතේ බලන්න.
හෙලියොඩෝරස්- යවනයෙකි. හෙතෙම බේස්නගර්හි ගරුඬ ස්ථම්බයක් කරවී යැයි බේස්නගර්හි තිබී හමු වූ ශිලාලේඛනයක සඳහන් වේ. ඔහු අන්තියල්සිඩාස් නම් ග්‍රීක රජුගේ තානාපතියා වශයෙන් බෘගභද්‍රකාසිපුත්‍ර රජුගේ රාජ සභාවේ සිටියෙකි. . ඔහු එහිදී විෂ්ණු භක්තිකයෙකු වී බේස්නගර් හි ගරුඬ ස්ථම්භයක් කරවී යැයි සඳහන් වේ.
හේතුවිද්‍ය- නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ විෂයකි.
හේමචන්ද්‍ර රායි -භාරතීය ඉතිහාසඥයෙකි.
හේමන්ත සේන-සේන වංශයේ දෙවැන්නා. සාමන්තසේන රජුගේ පුත්‍රයා. මහාරාජාධිරාජ විරුදය දැරුවෙකි.
හේරාත්-බටහිර දෙසින් ඉන්දියාවට පිවිසීමට ඇති දුර්ග මාර්ගයකි. ඇෆ්ගන් කඳුවලින් පටන්ගෙන ඉන්දු නදිය තෙක් වැටී තිබේ.
හොයිසාලයෝ - ද්වාරසමුද්‍රයේ පාලයෝ ය.
හොරකල්ස්ගේ දර්ශන-මථුරා කලාව අනුව නිමවුණු අපරදිග දර්ශනයකි.
හෝතිමන්දාර් ප්‍රතිමාව-ග්‍රීක-රෝම ලක්ෂණ බහුල බුද්ධ ප්‍රතිමාවකි. හෝතිමන්දාර් ප්‍රදේශයෙන් හමු වී තිබේ.
හෝ-හැන්-ෂු-(Ho-Han-shu)- චීන මූලාශ්‍රයකි.පෑන්-යේ නම් ලේඛකයාගේ කෘතියකි.
හ්‍යුං සියෑං- හියුං සාං යටතේ බලන්න.
හ්‍යුත් සාං හිමි- හියුං සාං යටතේ බලන්න.
හ‍්‍රාමර - දඩයමින් ජීවත් වූ ජන කොටසකි. පශ්චාත් වෛදික යුගයේ සිටි නිශාදවරුන්ගෙන් පැවත එතැ‘යි ‘පුරාණ’ ග්‍රන්ථ වල සඳහන් වේ.
අභිෂේක වර්ෂ - යම් පාලකකයෙකු බලයට පත්වූ තැන් සිට ගණනය කෙරේ
කලචුරි වර්ෂ - ත්‍රෛකූටක නම් කුඩා රාජ වංශය විසින් ක්‍රි.ව. 248 දී ඇරඹීය.
ක්‍රිස්තු වර්ෂ/පූර්ව - කිතු උපත කේන්ද්‍රකරගනිමින් ගණනය කෙරේ
ගුප්ත සංවත් - ගුප්තයින්‌ගේ වර්ෂ ක්‍රමයකි.
බුද්ධවර්ෂ - බුදුරදුන්ගේ පිරිනිවීමෙන් ඇරඹේ
වික්‍රමසංවත් - ක්‍රි.පූ.58 දී පමණ ශකයින් පැරදවූ වික්‍රමාදිත්‍ය රජු මේ වර්ෂ ක්‍රමය අරඹන්නට ඇතැය් සැලකේ.
ශක වර්ෂ - ක්‍රි .ව. 78 න් ඇරඹේ. බෂාම් කියන්නේ මෙය ශක රජෙක් විසින් අරඹූ බව යි.(අසිරිමත් ඉන්දියාව උප ග්‍රන්ථය 616 පිට)මෙය ශකවරුන් පරාජය කිරීම සමරා ගෞතමීපුත්‍ර සාතවාහන රජු විසින් අරඹීය යන්න සාමාන්‍ය පිළිගැනීම යි.
හර්ෂ වර්ෂ - හර්ෂ රජු විසින් ක්‍රි.ව. 606 දී ඇරඹීය.
සංඝමිත්‍ර - මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි.
සංඝරක්ෂක හිමි - කණිෂ්ක රාජ සභාවේ සාමාජිකව සිටි හිමි නමකි.
සද්ධර්මපුණ්ඩරික- මහායාන ධර්ම ග්‍රන්ථයකි.
සමන්තපාසාදිකාව-සමන්තපාසාදිකාව යනු විනය පිටකයට ලංකාවේ දී ලියන ලද අටුවාව යි. සුප්‍රකට අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් රචනා කොට ඇත. විනය උතුම් බව හෙළි කිරීම කෘතියේ අරමුණ වී ඇති නිසා ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් කර ඇත්තේ අල්ප වශයෙනි. මිහිඳු මාහිමියන්ගේ පරිනිර්වාණය දක්වා ශාසනික තොරතුරු මෙහි ඇතුළත්ය.
සහස්රාම් සුළු ගිරි ලිපිය- අශෝක රජු කරවා ඇත.
සාකුන්තලය - ශාකුන්තල නමින් ද දැක්වෙන මෙම කෘතිය කාලිදාස නම් කවියාගේ රචනයකි. ගුප්ත යුගයට අයත්ය. මහාභාරතයේ එන ශාකුන්තල වෘත්තාන්තයට අනුව ලියා ඇති මේ කෘතිය විශ්ව සාහිත්‍ය කෘතියකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගැනේ.
සාංචි ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
සාංචි ලිපිය- අශෝක රජු කරවා ඇත.
සාම වේදය- චතුර් වේදයන්ගෙන් එකකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී තරමක් වැදගත් වන කෘතියකි. සෝම යඥයට අදාළව ගැයුණු ගීතිකාවන් ඇසුරින් සංග්‍රහ වී ඇති අයුරක් පෙනේ. මේ නිසා ආර්යයන්ගේ සංගීතය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට වැදගත්ය. මෙම ගායනයන් මධ්‍ය කාලීන සරල ගායනයන්ට බොහෝ සමාන වන්නට ඇතැ’යි විශ්වාස කෙරේ. ගීතිකා 1545කි. 75ක් හැර සෙස්ස සෘග් වේදයේ ම ඒවා ය. අනෙක් ගීතිකා 75ද සෙසු වේද ග්‍රන්ථ වල ඇත.
සාමාවතී සූත්‍රය-ජෛන සූත්‍රයකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී මූලාශ්‍රයක් ලෙස යොදා ගත හැක.
සාරානාත් ලිපිය- අශෝක රජු කරවූ ලිපියකි. සාරානාත් හි කණිෂ්ක රජුගේ ලිපියක් ද ඇත.
සාරිපුත්‍රප්‍රකරණය - කුෂාණ යුගයේ විසූ අශ්වඝෝෂ හිමියන්තේ කෘතියකි.
සීලප්පදිකාරම්- දමිළ සාහිත්‍යයේ මහා කාව්‍යයකි.
සුං යංග් - චීන ලේඛකයෙකි.
සූත්‍ර ග්‍රන්ථ - පශ්චාත් වෛදික යුලගයේ ගෘහ චාරිත්‍ර විග්‍රහ කරන ග්‍රන්ථ විශේෂයකි. ආපස්ථම්භ, ගෝගීල, ගෞතම, බෞද්ධායන, කත්‍යායන, ආදිය උදාහරණ වේ.
සූත්‍ර පිටකය.- බෞද්ධ ත්‍රිපිටකයෙන් එක් පිටකයකි.(සූත්‍ර, විනය, අභිධර්ම) මෙය කොටස් පහකට බෙදේ. ඒවා නිකාය වශයෙන් හැන්වේ. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, ඛුද්දක නිකාය යනු එම කොටස් පහයි. මෙයින් ඛුද්දක නිකායට පොත් 15ක් අයත් වේ.
සූත්‍රාලංකාරය - කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.මහායානික කෘතියකි.
සොපාරා ගිරි ලිපිය- අශෝක රජු කරවා ඇත.
සෞන්දරානන්ද කාව්‍ය - කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.
ස්ටෙඩියස්- ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. නමුත් මොහුගේ ලේඛන ප්‍රබන්ධ ගණයට වැටෙන නිසා විශ්වසනීයත්වයෙන් තරමක් අඩුය.
ස්ට්‍රාබෝ - රෝමානු ලේඛකයෙකි.වෙළෙන්දන්ට අමතරව ශාස්ත්‍රකාරයෝ, ඉන්ද්‍රජාලිකයෝ, වෛශ්‍යාවෝ, ශ්‍රමණයෝ පවා රෝමයට ගියේ යැයි ඔහු ලියා තිබේ. ඔගස්ටස් බැහැදැකීමට ගිය ශර්මනෝචේගස් නම් ශ්‍රමණයෙකු ලෞකික බැඳීම් පිළිබඳ කලකිරී ඇතැන්සයේ දී ගින්නට පැන දිවිනසාගත්තේ යැයි ද ඔහු සඳහන් කර තිබේ.(බෂාම් - 297)
ස්වප්නවාසවදත්තා - භාස නමැති දෘෂ්‍යකාව්‍ය රචකයාගේ කෘතියකි. යුගය පැහැදිලි නැතත් බෂාම් මහතා කියන්නේ කාලිදාසට පෙර සිටි රචකයෙකු බව යි.
ෆාහියන් හිමි - පස්වන සියවසේ ඉන්දියාවේ සංචාරය කර ඇත. ථෙරවාද ග්‍රන්ථ සොයා ඉන්දියාවටත් ලංකාවටත් පැමිණ ඇත. පුරුෂපුරයේ පස් මහල් ධාතු මන්දිරය හා බුද්ධ ප්‍රතිමාවක් ගැන සඳහන් කරයි
හථිගුම්පා ලිපිය- ඛාරවේල රජු කරවා ඇත.
හරිවංස- ඉන්දීය මූලාශ්‍රයකි. මෙය මහා භාරතයට පසුකාලයේ එකතු කරන ලද උප ග්‍රන්ථයක් සේ පිළිගැනෙයි. ක්‍රිෂ්ණපිළිබඳ බොහෝ කතා ද එහි ඇත්තේ ය. විෂ්ණු භාගවත ආදී පුරාණ ග්‍රන්ථ වලින් ඒවා උපුටාගන්නට ඇත.
හරිසේන- ගුප්ත රාජසභාවේ සිටි කවියෙකි. අලහබාද් ප්‍රශස්තිය මොහුගේය.
හර්ෂචරිතය-ශ්‍රී හර්ෂ හෙවත් හර්ෂවර්ධන රජුගේ රාජසභා කවියා වූ භාණ හෙවත් බාණභට්ට විසින් හර්ෂවර්ධන රජ සමයේ දී ලියා ඇත. මෙය හර්ෂවර්ධන රජු පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රයක් සේ ගැනේ. ප්‍රශස්ති ගණයට අයත් වේ.
හිතරි/හිටරි අභිලේඛනය - ස්කන්ධගුප්ත රජුට අයත් වේ. උත්තර් ප්‍රදේශ් හි ගාසීපුර දිස්ත්‍රික්කයේ හිතරි ප්‍රදේශයේ තිබේ. රජු හූනයන් පරදා අධිරාජ්‍යය ත්‍රළ සාමය ස්ථාපනය කළ වග විස්තර කර තිබේ.
හිතෝපදේශය- පඤ්චතන්ත්‍රය ඇසුරින් ගුප්ත යුගයේ ලියැවී ඇත. උපදේශාකත්මක කෘතියකි.
හියුං සාං - දේශාටනයේ යෙදුණු හිමි නමකි. චීන ජාතිකයෙකි. ක්‍රි. ව. හත් වන සියවසේ දී ඉන්දියාවට පැමිණ නාලන්දා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ උන්වහන්සේ හර්ෂවර්ධන රාජ්‍යකාලය පිළිබඳව අගනා විස්තරයක් කරති. පැරණි ඉන්දියාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව උන්වහන්සේ ගේ සටහන් ද අතිශය වැදගත්ය. ඉන්දීය රජවාසල ආශ්‍රිතව ලේඛනාගාරයත් පවත්වාගෙන ගිය බැව් උන් වහන්සේ සිය වාර්තා වල දක්වා අත. මෙය සත්‍යයක් විය හැක. සින්ධ්, කාශ්මීර, ගුජරාටි, නේපාල ආදී ප්‍රාදේශීය රාජ්‍ය වල වංශකතා පවත්වාගෙන යාමට උත්සාහ ගෙන තිබීමෙන් ඒ බව සනාථ වේ. ගුජරාටයේ ‘රාඝමාලා’, ‘කීර්තිකෞමුදි’, ‘සුක්රිත සංකීර්තන’, ‘ප්‍රබන්ධ චින්තාමණි’, ‘ප්‍රබන්ධකෝෂ’, වැනි කෘති ද, සින්ධ් ප්‍රදේශයේ ‘ඡවිනාමය’ ද, නේපාලයේ ‘වංශාවල’ ද යනුවෙන් වංශකතා හා වෙනත් ඉතිහාස ග්‍රන්ථ දක්නට ලැබීමෙන් ඒ බව පෙනී යයි.
හෙරඩෝටස්- ඉන්දියාව පිළිබඳව ලියූ විදෙස් ලේඛකයන් අතර ප්‍රමුඛයෙකි. ග්‍රීක ජාතිකයෙකි(යවන). මොහුගේ ලේඛන සෙස්සනට සාපේක්ෂව විශ්වාසදායකය.
හ්‍යුත් සාං හිමි - හත්වන සියවසේ ඉන්දියාවේ සංචාරය කර ඇත. ථෙරවාද ග්‍රන්ථ සොයා ඉන්දියාවට පැමිණ ඇත. කපීස නම් ස්ථානයේ තිබූ ස්ථූපයක් පිළිබඳවත්, ෆාහියන් හිමි දුටු ධෘතු මන්දිරය පිළිබඳවත් සඳහන් කර ඇත. කාශ්මීරයේ පැවත්වූ සිව්වන ධර්ම සංඝායනාවේ මූලකත්වය දැරුවේ වසුමිත්‍ර හිමි බව සඳහන් කර ඇත.
සංගම් සාහිත්‍යය- මදුරාවේ දී අවස්ථා කිහිපයක දී ම එක් වූ ද්‍රවිඩ සාහිත්‍ය සංගම් තුනක් විසින් එම රැස්වීම් වලදී ඉදිරිපත් කළ සාහිත්‍ය නිර්මාණ පසු කාලීනව ග්‍රන්ථාරූඪ කළ අතර එම ග්‍රන්ථ ආශ්‍රිත සාහිත්‍යය සංගම් සාහිත්‍යය ලෙස හැඳින්වේ. මේවා ක්‍රිස්තුවර්ෂ පළමු වන සියවසේ සිට තෙවන සියවස තෙක් කාලයේ රචනා වී ඇත. මෙහි පළමු සංගමය තෙන්මදුරෙයිහිදීත්, දෙවැන්න කබාඩපුරම්බි හිදීත්, තෙවැන්න මදුරෙයිහිදීත් රැස් වී ඇත. එහි පළමු සංගමයේ කෘති අද දක්නට නොලැබේ, දෙවන සංගමයේ කෘති අටකි. ඒවායේ පද්‍ය 2179කි. ද්‍රවිඩ සාහිත්‍යයේ උසස් ම කෘතිය සේ පිළිගැනෙන අරූල් තෙවන සංගමයට අයත් වේ.
මෙහි කෘති වර්ග දෙකක් දක්නට ලැබේ
1.කීල්කනක්කු - උපදේශාත්මක කෘති
2.මේල්කනක්කු - වෘත්තාන්තමය කෘති
මෙම කෘති වලින් සමකාලීන දේශපාලන, ආර්ථික, සමාජ තොරතුරු හෙළි වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබූ කවීන් 500ක් පමණ මේ යුගයේ කාව්‍යකරණයේ යෙදී සිට ඇති නිසා සැලකියයුතු ග්‍රන්ථ සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත. මේ කවීන් අතර රජවරු මෙන් ම කාන්තාවන් ද සිට ඇත. පළමු සංගමයේ කෘති දැනට ඉතිරිව නැත. සුප්‍රකට තෝල්කාප්පියම් ග්‍රන්ථය රචනා වී ඇත්තේ දෙවැනි සංගමයේ දී ය. පදිට්ටුපත්තු ද මේ සංගමයට ම අයත් වේ. තුරාල් හා අරුල් ග්‍රන්ථ තෙවන සංගමයට අයත් වේ. සංගම් සාහිත්‍යයෙන් ඓතිහාසික තොරතුරු රැසක් හෙළි වේ. දකුණු ඉන්දීය චේර රාජ්‍යය පිළිබඳ අඛණ්ඩ රාජාවලියක් ගොඩනගා ගැනීමට මේ සාහිත්‍යය වැදගත් වේ. චෝළ, පාණ්ඩ්‍ය කේරළ ප්‍රෙද්ශවල ඔටුණු පළන් රජවරුන් තිදෙනෙකු සිටි බව ද, ඔවුන් යටතේ ප්‍රාදේශීය පාලකයින් සිටි බව ද හෙළි වී ඇත. ඔවුන් පාලන කටයුතු වල දී අමාත්‍ය වරුන්ගේ හා පඬිවරුන්ගේ අදහස් විමසා ඇත. සමාජය ද ආර්ය හා ද්‍රවිඩ ජන කොටස් සම්මිශ්‍රිත එකක් බව හෙළි වී ඇත. ආර්ථික අතින් ස්වංපෝෂි බව ද හෙළි වී ඇත. කෘෂිකර්මය, වෙළඳාම, විවිධ වෘත්තීන් තිබී ඇත. බාහිර හා අභ්‍යන්තර වශයෙන් සිදු වූ වෙළඳාම පිළිබඳව ද තොරතුරු හෙළි වී ඇත. කාව්‍ය, ගායන, වාදන නර්තන, මල්ලවපොර, දාදු කෙළි, පන්දුක්‍රීඩා, මදටිය ඇට ක්‍රීඩා, ජල ක්‍රීඩා වැනි විනෝදාංශ තිබූ බව ද සංගම් සාහිත්‍ය අනුව පෙනී යයි. සමාජයේ ඉහළින් ම බ්‍රාහ්මණයන් විසූ බවද හෙළි වී ඇත.
නිරයාවලී - ජෛන සූත්‍රයකි.
පඤ්චතන්ත්‍ර- උපදේශාත්මක කථා ඇතුළත් කරමින් ගුප්ත යුගයේ දී ලියැවුණු කෘතියකි.
පතඤ්ජලී/පතංජලී- පුෂ්‍යමිත්‍ර ශුංග රජුට සමකාලීන සංස්කෘත වියරණ ග්‍රන්ථ රචකයෙකි. යෝගදර්ශනය හා මහාභාෂ්‍ය නම් කෘතීන්හි කතුවරයාය. (පසුකාලීනව යෝගදර්ශනය කෘතිය විවරණය කරමින් ව්‍යාසකාරිකා නම් කෘතියක් ද රචනා විය.)
පතංජලී/පතඤ්ජලී- පුෂ්‍යමිත්‍ර ශුංග රජුට සමකාලීන සංස්කෘත වියරණ ග්‍රන්ථ රචකයෙකි. යෝගදර්ශනය හා මහාභාෂ්‍ය නම් කෘතීන්හි කතුවරයාය. (පසුකාලීනව යෝගදර්ශනය කෘතිය විවරණය කරමින් ව්‍යාසකාරිකා නම් කෘතියක් ද රචනා විය.)
පරමාර්ෂ පඬිවරයා - කාශ්මීරයේ සිව්වන ධර්ම සංඝායනාවේ මූලිකත්වය ගත් වසුබන්ධු හිමියන්ගේ චරිතකතාව ලියූ පඬිවරයා ය.
පාණිනී- ගුප්ත යුගයේ සිටි සංස්කෘත වියරණ ග්‍රන්ථ රචකයෙකි. අෂ්ටාධ්‍යායී නම් අග්‍ර ව්‍යාකරණ ග්‍රන්ථයේ කතුවරයා ය.
පාර්ශ්ව හිමි - සිව්වන ධර්ම සංඝායනාව පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කළේ මේ භික්ෂූන්වහන්සේ සමගිනි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත.
පාහියන්- චීන දේශාටක හිමි නමකි. ආගමික අවශ්‍යතාවක් පිණිස(විනය පිටකය ලබාගනු පිණිස) ක්‍රි. ව. 5වන සියවසේ දී මධ්‍ය ආසියාව හරහා අති දුෂ්කර පා ගමනක යෙදී ඉන්දියාවටත්(දෙවන චන්ද්‍රගුප්ත නම් ගුප්ත රජ දවස), එතැනින් ලංකාවටත්(මහානාම රජ දවස) පැමිණි හිමි නමකි. උන්වහන්සේගේ දේශාටන වාර්තාව ඉන්දියාවේ හා ලංකාවේ ඉතිහාසය පිළිබඳ විමසීමේ දී අතිශය වැදගත් ය.
පිප්‍රාවා ධාතු කරඬු ලිපිය- පිප්‍රාවා ස්තූපය කැණීමේ දී හමු වූ ධාතු කරඬුවක පියනේ කොටා ඇති ලිපියකි. මෙය ඉන්දියාවේ පැරණිතම අභිලේඛනය සේ පිළිගැනේ.
පුරාණ- ඉන්දීය ඉතිහාසය අලලා ගුප්ත යුගයේ දී ලියැවුණු ග්‍රන්ථ විශේෂයකි. ග්‍රන්ථ මාලාවකි. ගණනින් දහ අටකි. ඉතිහාසඥයන්ගේ මතය අනුව මෙය ඉන්දීය ඉතිහාසය ලිවීමට ගත් අසාර්ථක උත්සාහයකි. ඊට හෙතුව මෙම කෘති වල කතුවරු ඓතිහාසික සිද්ධිල මානව ඉතිහාසය ආදිය පිළිබඳව සටහන් කිරීමට වඩා දේව නිර්මාණවාදය, මනඃකල්පිත සිද්ධි ආදිය විස්තර කිරීමට යොමු වී තිබීමයි. එම කරුණු විස්තර කිරීමේ දී ඒවා ‘අනාගත වාක්‍ය’ ස්වරූපයෙන් ලියා ඇත්තේ දේව වාක්‍ය බව පෙන්වීමටය. මගධයේ රජ කළ හර්යංක, නන්ද, මෞර්ය වැනි රාජ වංශ පිළිබඳව විස්තර සපයා ඇතත් ඒවා නිරවුල් නොවේ.
පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී- ලංකා ඉන්දියා දෙ රට ම පිිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කෘතියකි. කතෘ අඥාත වුව ද ඔහු ඊජිප්තුවේ ජීවත් වූ ග්‍රීක ලේඛකයෙකු බැව් පැහැදිලිය. ක්‍රි.ව. 80 දී පමණ ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණි ගමනක් පිළිබඳව ඔහු විචිත්‍ර විස්තරයක් කරයි.
පෙෂවෝර් ධාතුකරඬු ලිපිය - කණිෂ්ක රජුට අයත් වේ.
ප්‍රතිඥායෞගන්ධරායන - භාස නම් දෘෂ්‍යකාව්‍යකරුගේ කෘතියකි. ඔහු විසූ යුගය පැහැදිලි නැත. කාලිාසට පෙර යුගයක යැයි බෂාම් මහතා විශ්වාස කරයි.
ප්‍රියදර්ශිකා - ශ්‍රී හර්ෂදේව හෙවත් හර්ෂවර්ධන රජුගේ නාට්‍ය කෘතියකි.වත්ස රාජ්‍යයේ උදයන රජු සම්බන්ධකතා පුවතකි.
ප්ලීනි - ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. රෝමයේ වැසියෙකි. මොහු මෞර්ය යුගය පිළිබඳව ලියා ඇත.
ප්ලුටාර්ක්/ප්ලූටාර්ක්- ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. මෞර්ය යුගයේ තොරතුරු මොහුගේ ලේඛන වලින් ලබා ගත හැක. මොහු සිය වාර්තා සඳහා ඇලෙක්සැන්දර් ගේ ඉතිහාසකරුවන්ගේ කෘති යොදාගෙන ඇත.
බයිරාට් සුළු ගිරි ලිපිය- අශෝක රජු කරවූ ලිපියකි.
බාණභට්ට/භාණ - ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයා වේ. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606 - 647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු වූ හෙතෙම සිය අනුග්‍රාහක හර්ෂවර්ධන රජුගේ චරිතය අලලා හර්ෂ චරිතය නම් කෘතිය කළේය. කාදම්බරී කෘතිය ද ඔහුගේය.
බැක්ට්‍රියන් ග්‍රීක කාසි- පන්ජාබය හා වයඹදිග ඉන්දියාව ආක්‍රමණය කර එම ප්‍රදේශ පාලනය කළ බැක්ට්‍රියන් ග්‍රීකයෝ නිකුත් කළ කාසි මේ නමින් හැඳින් වේ. රන්, රිදී හා තඹ වලින් මෙම කාසි නිකුත් කර තිබේ. මේවායේ දෙවිවරුන්ගේ හා රජවරුන්ගේ රූ ඇතුළත් වේ. කාසි ග්‍රීක නිර්මාණ ශෛලියට අනුව අච්චු ගසා ඇත. කාසියේ දෙ පැත්තේ රජුගේ නම හා රුව යොදා කාසි නිකුක් කිරීමේ පුරුද්ද ඉන්දීය රජවරුන් තුළ ඇති වූයේ මෙයින් පසු යැයි විශ්වාස කෙරේ. ශත වර්ෂ දෙකකට අධික කාලයක් වයඹදිග ඉන්දියාව පාලනය කළ බැක්ට්‍රියන් ග්‍රීක රජවරුන් තිස්දෙනෙකු පිළිබඳව තොරතුරු ගවේෂණය කළ හැකි එකම මාර්ගය වන්නේ ද මෙම කාසි ම පමණි. මෙයින් රජවරුන් කිහිප දෙනෙකු පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් වෙතත්, ඔවුන්ගේ ඓතිහාසිකත්වය සනාථ වන්නේ මෙම මූලාශ්‍ර වලිනි.
බිල්හණ - රාජ්පුත් යුගයේ ලේඛකයෙකි. පශ්චාත් චාලූක්‍ය වංශයේ වික්‍රමාදිත්‍ය රජුගේ චරිතය අලලා ප්‍රාකෘත බසින් ‘වික්‍රමාංක - දේව - චරිත’ නම් කෘතිය කළේ මොහුය.
බුදුමුත්තාව ලිපිය- ලංකාවේ ශිලාලේඛනයක් වුව ද මෙහි චෝළ - සිංහල විවාහ සබඳතා පිළිබඳවක් සඳහන් වේ. චුන්දමල්ලියා නම් චෝළ කුමාරිකාවක් පිළිබඳව එහි සඳහන් වේ. මෙය ලංකාවේ පොළොන්නරු යුගයට පමණ අයත් ලිපියකි.
බුද්ධගයා ලිපිය- අශෝක රජු කරවූ එකකි.
බුද්ධචරිතය - කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.
බෘහත්සංහිතාව- වරාහමිහිර විසින් ගණිතය, තාරකා විද්‍යාව, භූගොල විද්‍යාව, උද්භිද විද්‍යාව යන විෂයයන් අළලා ගුප්ත යුගයේ දී රචනා කරන ලදී.
බෝගස්කොඋයි ලිපිය. - මිතානි පාලකයන්ට සම්බන්ධ කෙටි ලිපියකි. මෙය ඉරානයේ උතුරු දෙසට වන්නට ලිහිටා ඇති ලිපියක් වුව ද ඉන්දියාවට ආර්යයන් සංක්‍රමණය වූ ආකාරය අධ්‍යයනයේ දී වැදගත් වන ලිපියකි. මිත්‍ර, වරුණ, ඉන්ද්‍ර, නාසත්‍ය දෙවිවරුන් සාක්ෂ්‍ය කරගෙන හිටයිට් පාලක බිබ්ලි ලි - උමා හා මිතානි පාලක මත්ති ආසා අතර ඇතිවුණු ගිවිසුමක් සටහන් කර ඇති ශිලාලේඛනයකි. ක්‍රි. පූ. 1400ට පමණ අයත්ය.
බෞද්ධ සාහිත්‍යය - බුද්ධකාලීන භාරතයේ දේශපාලන තත්ත්වය හෙළි කරන අංගුත්තර නිකාය, ඉන්දියාවේ රාජ්‍ය පාලන තන්ත්‍රය හා ආර්ථික ක්‍රමයේ විකාශය හෙළි කරන අග්ගඤ්ඤ සූත්‍රය, ධාර්මික රාජ්‍යයක ස්වභාවය හෙළි කරන කූටදන්ත සූත්‍රය, බෞද්ධ චක්‍රවර්තී සංකප්ලය හෙළි කරන චක්‍රවර්තී සිහනාද සූත්‍රය, උතුරු ඉන්දීය ඉතිහාස තොරතුරු හෙළි කරන මහාපරිනිබ්බාන සූත්‍රය, භාරතීය සමාජය පිළිබඳ හෙළි කරන ජාතක කතා පොත, ආර්ථික විෂමතා හි නීතිය පිළිබඳ තොරතුරු හෙළි කරන විනය පිටකය, හා ශ්‍රී ලංකාවේ වංසකතා ද මේ වර්ගයට අයත් වේ.
බ්‍රහ්මගිරි- අශෝක රජුගේ ශිලාලේඛනයක් දක්නට ලැබෙන ස්ථානයකි.
බ්‍රහ්මගිරි සුළු ගිරි ලිපිය- අශෝක රජු කරවා ඇත.
බ්‍රාහ්මණ- වේද සාහිත්‍යයේ කොටස් තුනෙන් එකකි.කෘති සමූහයකි. (සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක) සංහිතාවන්ගේ අන්තර්ගත ගීතිකාවන්ට අර්ථ විවරණ සැපයීම උදෙසා කළ ගද්‍යමය කෘති විශේෂයකි. මෙම කෘති වලින් ආර්යයන්ගේ දාර්ශනික චින්තාවන්ගේ විකාශය මෙන් ම ඔවුන් ගංගා යමුනා තැනිතලාවේ පැතිර යාම පිළිබඳව ද අවබෝධයක් ලබා ගත හැක.
බ්‍රාහ්මණ ග්‍රන්ථ- වේද ග්‍රන්ථ වලට ලියූ ව්‍යාඛ්‍යාන වැනිය. මේ අතරින් සෘග් වේදයට ලියූ- ඓතරේය හා කෞෂිතිකී බ්‍රාහ්මණය ද, සාම වේදයට ලියූ- තාණ්ඩව හා ජෛමිනිය බ්‍රාහ්මණය ද, යජූර් වේදයට ලියූ- තෛත්තිරීය හා ශතපථ බ්‍රාහ්මණය ද, අථර්වන් වේදයට ලියූ- ගොපථ බ්‍රාහ්මණය ද වඩා උසස් යැයි පිළිගැනේ.
බ්‍රෝච් ශිලාලේඛනය- හර්ෂවර්ධන රජුට අයත් ලිපියකි. එකී යුගය පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයකි.
භගවතී සූත්‍රය - ජෛන සූත්‍රයකි.
භගවත් ගීතාව- මහාභාරත මහා කාව්‍යයේ ක්‍රිෂ්ණ විසින් අර්ජුනට යුධ බිමේ දී කර්ම න්‍යාය මුල් කරගනිමින් ලබා දුන් අවවාද සංග්‍රහ කොට ලියා ඇත. හින්දූන්ගේ ශුද්ධ ග්‍රන්ථයකි.
භාණ/බාණභට්ට - ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයා වේ. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606 - 647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු වූ හෙතෙම සිය අනුග්‍රාහක හර්ෂවර්ධන රජුගේ චරිතය අලලා හර්ෂ චරිතය නම් කෘතිය කළේය. කාදම්බරී කෘතිය ද ඔහුගේය
භාරවී- ගුප්ත යුගයේ කවියෙකි. කිරාතාර්ජුනීය කෘතිය මොහුගේය.
භාස - ස්වප්නවාසවදත්තා නම් කෘතියේ කතුවරයා ය.දෘෂ්‍යකාව්‍ය රචකයෙකි.කාලිදාසට පෙරයුගයේ සිටියෙකැයි බෂාම් අනුමාන කරන නමුත් යුගය සඳහන් නොකරයි. (අසිරිමත් ඉන්දියාව 543 පිට.) ප්‍රතිඥායෞගන්ධරායන යනු ද ඔහුගේ කෘතියකි. වීර රසය උද්දීපනය වන ආකාරයට දෘෂ්‍ය කාව්‍ය රචනයට ඔහු දක්ෂයෙකු වී යැයි සඳහන් වේ.
මථුරා ටැම් ලිපිය- දෙවන චන්ද්‍රගුප්ත රජුට අයත් ලිපියකි.
මණිමේකලායි - දමිළ සාහිත්‍යයේ මහා කාව්‍යයකි.
මනුස්මෘති- ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ‘මානවධර්මශාස්ත්‍ර’ නමින් ද හැඳින්වේ. ක්‍රි. ව. 1 - 4 සියවස් අතර කාලයේ මනු නම් ඍෂි වරයා විසින් රචනා කර ඇතැ’යි පිළිගැනේ.
මස්කි- ක්‍රිෂ්ණ නදියට තරමක් සමීප මෙම ස්ථානයෙන් අශෝක රජුට අයත් කුඩා ගිරි ලිපියක් හමු වී ඇත. මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ මෙතෙක් සිටි දෙවිවරු නරයන් ඇසුරු නොකළ ද දැන් ධර්මය ප්‍රචලිත වී ඇති නිසා දෙවිවරු පෘථීවියට සැපත් වී නරයන් ඇසුරු කරන බවයි. සෞභාග්‍යවත් යුගයක් උදා වී ඇති බවයි.
මස්කි සුළු ගිරි ලිපිය- අශෝක රජු කරවූ ලිපියකි.
මහාකාව්‍ය- ඉන්දියාවේ මහා කාව්‍ය වශයෙන් සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ රාමායනය හා මහාභාරතයයි.
මහාපරිනිබ්බාන සූත්‍රය - බෞද්ධ සූත්‍රයකි.
මහා ප්‍රඥා පාරමිතාව - මහායානික සූත්‍රයකි.
මහාභාරතය-ව්‍යාස ගේ කෘතියකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දේශීය(ඉන්දීය) සාහිත්‍ය මූලාශ්‍රයකි. පැරණි ඉන්දීය සාහිත්‍යයට අයත් මහා කාව්‍යයක් ලෙස ද වීර කාව්‍යයක් ලෙස ද හැඳින්වේ. හින්දු පුනර්ජීවනයක ප්‍රතිඵල නිසා බිහි වූවක් යැයි ද පිළිගැනේ. අතිශයෝක්තීන් හා දේවකතා ආදිය බහුල වීම නිසා ප්‍රබල ඉතිහාස මූලාශ්‍රයක් ලෙස නොපිළිගැනේ. රාමායනය නම් අනෙක් මහා කාව්‍යයට සාපේක්ෂව මහාභාරතය වඩාත් පුළුල් භූගෝලීය පරිස්ථීතියක් සහිත ඉන්දියාවක් පිළිබඳ තොරතුරු හෙළි කරයි. දක්ෂිණාපථයේ වන රාජධානි පිළිබඳව ද, එහි වාසය කළ ජාතීන පිළිබඳව ද, ගංගාවන් පිළිබඳව ද මහා භාරතයේ විස්තර ඇතුළත් වේ. එහි එක් යුධ වීරයෙකු වන සහදේව පාණ්ඩ්‍ය, ද්‍රවිඩ, උද්‍ර, කේරළ හා ආන්ද්‍රයන ජාතීන් ජයගත් බව සඳහන් වීමෙන් ම මෙම කතුවරයා දක්ෂිණාපථය පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබූ බව හෙළි වේ. මහා නදී, ගෝදාවරී, ක්‍රිෂ්ණ, කාවේරි යන නදීන් පිළිබඳව ද, උත්තරාපථයේ සිටි ජාතීන් 157 (එකසිය පනස් හතක්) පිළිබඳව ද, දක්ෂිණාපථයේ සිටි ජාතීන් 50 (පනහක්) පිළිබඳව ද මෙම කෘතියේ සඳහන් වේ. මෙම මහා කාව්‍යය 10 - 11 සියවස් වල දී චෝළ පාලකයින්ගේ අනුග්‍රහය මත තෙළිඟු බසට ද පරිවර්තනය වී ඇත. ඉන් පෙනෙන්නේ උත්තරාපථය කියා හෝ දක්ෂිණාපථය කියා හෝ භේදයකින් තොරව මේ මහා කාව්‍යය සියලූ භාරතීයයන් විසින් පිළිගත් බවයි.
මහාභාෂ්‍ය - පුෂ්‍යමිත්‍ර ශුංග යුගයේ විසූ පතංජලී නම් කතුවරයාගේ කෘතියකි.
මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ භීක්ෂූන්වහන්සේලා - අශ්වඝෝෂ, වසුමිත්‍ර, වසුබන්ධු. නාගර්ජුන, ආර්යදේව, සංඝමිත්‍ර හිමිවරු.
මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැපවූ භීක්ෂූන්වහන්සේලා - අශ්වඝෝෂ, වසුමිත්‍ර, වසුබන්ධු. නාගර්ජුන, ආර්යදේව, සංඝමිත්‍ර හිමිවරු.
මාතංග හිමි - චීනය හරහා මධ්‍යාසියාවට මහායාන දර්ශනය රැගෙන ගියේ මාතංග හිමියන් විසිනි.
මාන්ෂේරා ගිරි ලිපිය- අශෝක රජු කරවූ ලිපියකි.
මාලවිකාග්නිමිත්‍ර/මාලවිකාග්නිමිත- කාලිදාසයන්ගේ අග්‍රගණ්‍ය කෘතියකි. නාට්‍යයකි. සිය බිසොව ගේ සේවිකාව කෙරේ මන්මත් වූ අග්නිමිත්‍ර නම් රජු බිසවගේ නොයෙකුත් බාධක මැද වුව සිය මිත්‍ර විදූෂකගේ ද සහයෙන් අරමුණ ඉටු කරගන්නා ආකාරය මෙහි වස්තුබීජයයි.
මිගැස්තිනීස්(මෙගස්තිනීස්)- ඉන්දියාව පිළිබඳ ලියූ ග්‍රීක ලේඛකයෙකි. චන්ද්‍රගුප්ත රජවාසලේ සිටි ග්‍රීක තානාපතියාය. ඉන්ඩිකා නම් කෘතියේ කතුවරයාය.
මිලින්ද ප්‍රඤ්ඤ- නාගසේන හිමි
මුද්‍රාරාක්ෂසය- ගුප්ත යුගයේ දී විශාකදත්ත විසින් රචනා කරන ලදී.
මෘච්ඡකටීකා- ශුද්‍රක විසින් ගුප්ත යුගයේ දී රචනා කරන ලදී.
මෙගස්තිනීස්(මිගැස්තිනීස්) - ඉන්දියාව පිළිබඳ ලියූ ග්‍රීක ලේඛකයෙකි. චන්ද්‍රගුප්ත රජවාසලේ සිටි ග්‍රීක තානාපතියාය. ඉන්ඩිකා නම් කෘතියේ කතුවරයාය.
මෙරුතුංග- ගුජරාටි ලේඛකයෙකි. ‘ප්‍රබන්ධ චින්තාමණි’ ඔහුගේ කෘතියකි.
මෙහෙරාවුලි අයස්ථම්භය - දෙවන චන්ද්‍රගුප්ත රජුට අයත් ලිපියකි.
මේඝදූතය- කාලිදාස නම් මහා කවියාගේ නිර්මාණයකි. ඉන්දීය සාහිත්‍යයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම කෘතිය ලංකාවේ සන්දේශ කාව්‍ය සඳහා ද මූලාදර්ශ සැපයූ කෘතියකි. ගුප්ත යුගයේ ලියැවී ඇත. රාජකාරිය කඩ කළ වරදට රාමගිරි අරණේ සිරකළ යක්ෂගෝත්‍රිකයෙකු සිය ප්‍රියම්බිකාවට මේඝයක් අත පණිවිඩයක් යවන ආකාරය එහි සඳහන්ය.
යජුර් වේදය- වෛදික සාහිත්‍යයට අයත් චතුර් වේදයන්ගෙන් එකක් වන යජුර් වේදයේ ශුක්ල(සුදු) හා කෘෂ්ණ(කළු) යනුවෙන් ප්‍රධාන කොටස් දෙකක් දක්නට ලැබේ. ඍග් වෛදික යුගයේ සිට ක්‍රමයෙන් විකාශය වෙමින් ආ ආර්ය සමාජය පිළිබඳව මෙම කෘතියෙන් අවබෝධයක් ලබා ගත හැක. ශුක්ල කොටසේ ගීතිකවන් ද කෘෂ්ණ කොටසේ එම ගීතිකාවන්ට අර්ථවිවරණ ද දක්නට ලැබේ. ක්‍රි. පූ 1000 - 800 කාලයේ දේශපාලන සංස්ථා වර්ධනය හැදෑරීමේ දී මෙම කෘතිය වැදගත් වේ.
යෙර්රගුඩ් සුළුගිරි ලිපිය- අශෝක රජු කරවූ එකකි.
රඝුවංසය- කාලිදාස නම් මහා කවියාගේ රචනයකි. රඝු රජු මෙහි කථා නායකයා ද වීරයා ද වෙයි. ඉන්දීය ඉතිහාසය විමර්ෂණය කිරීමේ දී මූලාශ්‍රයක් ලෙස යොදා ගන්නා මෙය ගුප්ත යුගයට අයත් නිර්මාණයකි.
රත්නාවලී - ශ්‍රී හර්ෂයන්ගේ(හර්ෂවර්ධන රජු) කෘතියකි. නාට්‍ය ග්‍රන්ථයකි. වත්ස රාජ්‍යයේ උදයන රජු කතා නායකයා වශයෙන් ගෙන ලියා තිබේ. රජුගේ අගමැතිවරයා වික්‍රමබාහු නමැති සිංහල රජුගේ රත්නාවලී නම් දියණිය උදයන රජුට ආවාහ කරදීමට ගන්නා උත්සාහයත්, රජුගේ බිසව වූ වාසවදත්තා මේ සිදුවීමට මුහුණදෙන ආකාරයත් පිළිබඳ නාට්‍යයකි.
රාජතරංගනී- කල්හණයන්ගේ කෘතියකි. කාශ්මීරයේ ඉතිහාසය ලිවීමේ අරමුණෙන් යුතුව ක්‍රි. ව. 1149 - 1150 අතර කාලයේ දී පද්‍යයෙන් ලියූ උසස් කෘතියකි. පැරණි ඉන්දීය සාහිත්‍යධරයෙක් ඉතිහාසය දෙස යථාර්ථවාදීව බැලු එකම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාස ගත වී ඇත. ශාස්ත්‍ර හෙවත් එවකට පැවති වංශකථා ද, ශාසන හෙවත් රාජාඥා ද, ප්‍රශස්ති පට්ට හෙවත් එවකට පැවති ප්‍රශස්තීන් ද, පාරම්පර්යයන් ද මූලාශ්‍රය කර ගනිමින් ඔහු මේ උසස් කෘතිය නිම කර ඇත. කණිෂ්ක වැනි රජවරුන් පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ලෝකයට දායාද කිරීමේ ගෞරවය හිමි වන්නේ ද කල්හණයන්ට ය. ක්‍රි. ව. හත් වන සියවසෙන් එපිට ඉතිහාසය රචනා කිරීමේ දී ඔහුට විශ්වාසදායී මූලාශ්‍ර නොලැබීම නිසා ඔහුගේ යුගයට දුරස්ථ වකවානුව පිළිබඳ ලිවීමේ දී තරමක් අසාර්ථක වුව ද මේ කෘතිය ඉන්දීය ඉතිහාසය හදාරන්නෙකුට ඇති උසස් මූලාශ්‍රයක් වග සටහන් කළ යුතුම ය. කල්හණගේ ප්‍රයත්නය දිගට ම ගෙන යාමට ජෝනරාජ නම් ලේඛකයෙක් උත්සාහ දරා ඇති අතර ඔහුට පසු ඔහුගේ ශිෂ්‍ය ශ්‍රී වර විසින් ද, ඉන් පසු ප්‍රාජ්‍යාභට්ට හා ඔහුගේ ශිෂ්‍ය ශ්‍රැත විසින් ද කාශ්මීර ඉතිහාස සම්ප්‍රදාය පෙරට ගෙන යන්නට උත්සාහ කර ඇත.
රාමායනය - ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දේශීය(ඉන්දීය) සාහිත්‍ය මූලාශ්‍රයකි. භරතීය මහාකාව්‍යද්වයෙන් එකකි. මහාභාරතය හා රාමායනය යන මහාකාව්‍යද්වයෙන් මෙය වඩා පැරණි කෘතිය යැයි ද, පෞරාණික ආර්ය සම්ප්‍රදාය පිළිබිඹු කරන කෘතිය යැයි ද පිළිගැනේ. නමුත් මහාභාරතයට පාදක වූ සිද්ධිය රාමායනයට පාදක වූ සිද්ධියට පෙරාතුව සිදු වූ බව පිළිගැනෙයි. වාල්මිකී නම් මහර්ෂිවරයා මෙහි කතුවරයා යයි විශ්වාස කෙරේ. පැරණි ඉන්දීය සාහිත්‍යයට අයත් මහා කාව්‍යයක් ලෙස ද වීර කාව්‍යයක් ලෙස ද හැඳින්වේ. අතිශයෝක්තීන් හා දේවකතා ආදිය බහුල වීම නිසා ප්‍රබල ඉතිහාස මූලාශ්‍රයක් ලෙස නොපිළිගැනේ. රාමායනය හෙළි කරන ඉන්දියාවේ භූ ගෝලීය පර්ස්ථීතිය තරමක් කුඩාය. දක්ෂිණාපථයේ රාජධානි පිළිබඳව රාමායනයේ සඳහන් නොවේ. එහෙත් එහි සඳහන් වන දණ්ඩකාරණ්‍යය නම් මහ වනය දක්ෂිණාපථයේ පිහිටි එකකැ’යි විද්වත්හු විශ්වාස කරති. රාමායනය වත්මන් තත්ත්වයට වෙනස් වූයේ කවර කලෙකදැ’යි නිශ්චිත නැත. මෙම මහා කාව්‍යය 10 - 11 සියවස් වල දී චෝළ පාලකයින්ගේ අනුග්‍රහය මත තෙළිඟු බසට ද පරිවර්තනය වී ඇත. ඉන් පෙනෙන්නේ උත්තරාපථය කියා හෝ දක්ෂිණාපථය කියා හෝ භේදයකින් තොරව මේ මහා කාව්‍යය සියලූ භාරතීයයන් විසින් පිළිගත් බවයි.
රාමචරිතය - බෙංගාලයේ රාමපාල රජු පිළිබඳ ප්‍රශස්තියකි. කතුවරයා අඥාතය.
රාම්පූර්වා ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
රුමින්දෙයි ලිපිය- අශෝක රජු කරවා ඇත.
රූපනාත ලිපිය (සුළු ගිරි ලිපියකි)- අශෝක රජු කරවා ඇත.
රූප්නාත් සුළු ගිරි ලිපිය- අශෝක රජු කරවා ඇත.
ලෝමස් ඍෂි ලෙන ලිපිය- අශෝක රජු කරවා ඇත.
ලෞකික සාහිත්‍ය මූලාශ්‍රය-ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථ, ධර්ම සූත්‍ර ග්‍රන්ථ, ස්මෘති ග්‍රන්ථ වැනි දේ මීට අදාළ වේ.
ලෞරියා නන්දන්ගර් ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
වරාහමිහිර- ගණිතය, තාරකා විද්‍යාව, උද්භිද විද්‍යාව හා භූගෝල විද්‍යාව විස්තර කරමින් ගුප්ත යුගයේ දී බෘහත්සංහිතාව(බෘහද්සංහිතාව)රචනා කළ පඬිවරයාය.
වසුමිත්‍ර
මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත. කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංඝායනාවේ මූලිකත්වය දැරූවේ මේ හිමියන් යැයි හ්‍යුත් සාං හිමි සඳහන් කර තිබේ.
නාසික්- ලෙන් විහාරයක් පිහිටා ඇති ස්ථානයකි. සාතවාහනයින් ඩෙකානයේ වයඹදිග කොටසේ සිය බලය වර්ධනය කර ගන්නේ නාසික් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි. මෙම ප්‍රදේශයෙන් ලැබුණු වශිෂ්ඨි පුත්‍ර පුළුමායි රජුට අයත් - ලෙන් ලිපියක සාතවාහන පරපුරට අයත් රජවරුන් කිහිපදෙනෙකු ගේ නම් හමුවී ඇත. ශක පාලකයන් විසින් පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක් මෙම ප්‍රදේශයේ දක්නට ලැබේ. පන්සලකට කළ මූල්‍යමය පරිත්‍යාගයක් පිළිබඳව එහි සඳහන් වේ. ශක පාලක නහපාන ට අයත් කාසි ද මෙම ප්‍රදේශයෙන් ලැබී ඇත.
නාසික් ලිපිය - ගෞතමී බාල ශ්‍රී රජුට අයත් ලිපියකි.
නිග්ලිවසාගර්- අශෝක රජු කරවූ ලිපියකි.
වාක්පති - මගධයේ යශෝවර්මන් චරිතය මුල්කරගත් ගෞඩවාහෝ කෘතියේ කතුවරයා ය.
වාසවදත්තා- ගුප්ත යුගයේ සුබන්ධු නම් ගද්‍ය කාව්‍ය රචකයා විසින් රචනා කරන ලදී.
වික්‍රමාංක - දේව - චරිත- රාජ්පුත් යුගයේ සිටි බිල්හණ ගේ කෘතියකි. පශ්චාත් චාලූක්‍ය වංශයේ වික්‍රමාදිත්‍ය රජු ගේ චරිතය වටා ප්‍රාකෘත බසින් ලියූවකි.
වික්‍රමෝවර්ශි - කාලිදාස නම් මහා ලේඛකයාගේ නාට්‍ය කෘතියකි. ගුප්ත රාජවංශයේ පළමුවන කුමාරගුප්ත රජු යුවරජු වශයෙන් අභිෂේක ලැබූ කාලයේ රචනා වී ඇත.
විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය(ඉන්දියාවේ) - ශ්‍රී ලංකාවේ මූලාශ්‍රය වන දීපවංසය, මහාවංසය, සමන්තපාසාදිකාව, මහාවංස ටීකාව... ග්‍රීක මූලාශ්‍රය වන මෙගස්තිනීස්ගේ ඉන්ඩිකා, ජස්ටින්ගේ කෘතිය, ප්ලූටාච්(ප්ලූටාර්ක්)ගේ කෘතිය, හෙරඩෝටස්ගේ කෘතිය, ස්ටේඩියස්ගේ කෘතිය, ස්ට්‍රාබෝගේ කෘතිය, පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථය... රෝම මූලාශ්‍රය වන, ප්ලීනි - නැචුරාලිස් හිස්ටොරියා, ටොලමි - භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය...චීන මූලාශ්‍රය වන ෆාහියන් හිමිගේ වාර්තා, හ්‍යුන්සාන් හිමිගේ වාර්තා, ඉත්සිං හිමිගේ වාර්තා... අරාබි මූලාශ්‍රය වන අල් බිරූනි වාර්තා, අල් මසුදි වාර්තා,ඉබන් කුර්දාද් බෙහ් වාර්තා, ඉබන් ෂහිරිහාහ් වාර්තා, ටිබෙට් මූලාශ්‍රය වන තාරානාථ ගේ වාර්තා
විශාකදත්ත- ගුප්ත යුගයේ සුප්‍රකට කාව්‍ය හා නාට්‍ය රචකයෙකි. මුද්‍රාරාක්ෂස හා දේවීචන්ද්‍රගුප්ත මොහුගේ කෘතීන් වේ.
විෂ්ණු පුරාණය- ගුප්ත යුගයේ දී ලියැවී ඇත’යි පිළිගැනේ.
වීර කාව්‍ය - (රාමායනය හා මහා භාරතය)
වේද- බෞද්ධ සාහිත්‍යයේ නම් වශයෙන් නොදැක්වුව ද (ඍග්වේදාදී) වේද 03ක් ගැන කියැවේ. ‘තින්නං වේදානං පාරගු’ යන්නෙන් එය හෙළි වේ. ඊට අනුව සිවුවන වේදය බෞද්ධ යුගයට පසුව ලියැවී ඇතැයි සැලකිය හැක.
වෛතුංග සූත්‍රය - ජෛන සූත්‍රයකි
වෛදික සාහිත්‍යය - මෙම වර්ගයට අයත් වන්නේ වේද ග්‍රන්ථ ඇතුළුව ක්‍රිස්තු පූර්ව 5වන සියවසට පෙර රචනා වූ කෘතින් වේ. සෘග්වේදය, හා පශ්චාත් වෛදික යුගයේ ලියැවුණු යජුර්, සාම, අතර්වන් වැනි වේද, බ්‍රාහ්මණ ග්‍රන්ථ, උපනිෂද් ග්‍රන්ථ, පුරාණ නමැති ග්‍රන්ථ, වේදාංග, උපවේද ආදිය මීට ඇතුළත් වේ. මේවායෙන් පැරණි ඉන්දීය ආගමික, ආර්ථික, දේශපාලන, සමාජ ආදී තොරතුරු ගවේෂණය කළ හැකි වේ.
වෛශාලි(බබීර) ටැම් ලිපිය - අශෝක රජු කරවි ඇත.
ව්‍යාකරණ ග්‍රන්ථ - පාණිණීගේ හා පතඤ්ජලීගේ කෘති, තෝල්කාප්පියම් නම් දෙමළ කෘතිය
ශක ක්ෂත්‍රප කාසි- ගුජරාටය හා කාතියවාරය පාලනය කළ ශක ක්ශත්‍රපවරුන් නිකුත් කළ කාසි මෙ නමින් හැඳින්වේ. තුන් සියවසක් මේ ප්‍රදේශ පාලනය කළ මේ රජවරුන් අතරින් සමහරෙක් නිකුත් කළ කාසි වල ඔහු ගේ නම ද, පියාගේ නම ද, රාජවර්ෂය ද සඳහන් කොට ඇත. මේ කාසි අතිශය වැදගත් වන්නේ ද ඒ නිසාය.
ශාකුන්තලය- කාලිදාස නම් කවියාගේ රචනයකි. ගුප්ත යුගයට අයත්ය. මහාභාරතයේ එන ශාකුන්තල වෘත්තාන්තයට අනුව ලියා ඇති මේ කෘතිය විශ්ව සාහිත්‍ය කෘතියකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගැනේ.
ශාබස්ඝර් ගිරි ලිපිය- අශෝක රජු කරවා ඇත.
ශිශුපාලවධ- භාරවී නම් කතුවරයා විසින් ගුප්ත යුගයේ දී රචනා කරන ලදී.
ශුද්‍රක - ගුප්ත යුගයේ විසූ සාහිත්‍යධරයෙකි. මෘච්ඡකටීකා කෘතිය ඔහුගේ ය.
ශුක්‍රනීතිසාරය- ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන කෘතියකි. මනුස්මෘතියේ අන්තර්ගත කරුණු වලට තරමක් සමීප කරුණු ප්‍රමාණයක් සංක්ෂිප්තව දක්වයි.
ශ්‍රද්ධෝත්පාද සූත්‍ර - කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.
ශ්‍රී හර්ෂ - රාජ්පුත් යුගයේ දී මාඝ නම් පඬිවරයා විසින් මේ නමින් ග්‍රන්ථයක් රචනා කළේය.
සංකස්ස ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
නාණක මූලාශ්‍රය - වෙළඳාම, ආර්ථික තත්ත්වය, පැරණි ඉන්දීය ජන ජීවිතය, යුධාක්‍රමණ, රාජධානි වර්ධනය හා බිඳවැටීම, වැනි තොරතුරු රැසක් මේ මගින් අනාවරණය වේ. කාසි වල විවිධ රූපසටහන් හමු වන නිසා ඒවායින් රජුන්, වෙළඳ ප්‍රධානීන්, වෙළඳ ශ්‍රේණි, නාගරිකයින් ආදීන් පිළිබඳ තොරතුරු හෙළි වේ. රන්, රිදී, තඹ, ලෝකඩ ආදී වශයෙන් කාසි නිපදවීම සඳහා විවිධ ලෝහ වර්ග යොදාගෙන ඇති අතර ඒ මගින් ඒ කාලයේ ආර්ථීක තත්ත්වය ද අවබෝධ කරගතහැකි වේ. දේශීය හා විදේශීය කාසි රැසක් ඉන්දියාවෙන් හමු වේ.මේ අතරින් බැක්ට්‍රියානු ග්‍රීක කාසි අතිශය වැදගත් ය. ශතවර්ෂ දෙකකට අධික කාලයක් පුරා වයඹදිග ඉන්දියාව පාලනය කළ බැක්ට්‍රියන් ග්‍රීක රජවරු පිළිබඳ තොරතුරු ඇති ඒක ම මූලාශ්‍ර වර්ගය මෙය වන නිසා අතිශය වැදගත් වේ. ඒ අතර වඩා ප්‍රකට වී ඇත්තේ දියෝඩෝටස්ට අයත් රන් කාසි වේග රෝමානු ශෛලියට නිපදවූ කුෂාණ කාසි ද වැදගත් වේ. ඒවාගේ බුද්ධ රූප හා දේවතා රූප ද ඇති අවස්ථා හමු වේ. කුජුල කැඩ්ෆයිසස්, කණිෂ්ක හා හුවිෂ්කට අයක් කාසි හමු වී තිබේ. ගුප්ත කාසි ද අතිශය වැදගත් වේ. ගුප්ත කාසි වර්ග කිහිපයක් හඳුනාගෙන තිබේ.
•දණ්ඩධර වර්ගය,
•ධනුද්ධර වර්ගය,
•පරශුව වර්ගය,
•ව්‍යාඝ්‍රපරාක්‍රම වර්ගය,
•වීණාවාදක වර්ගය,
•අශ්වමේධ වර්ගය,
ආදී වශයෙනි.
ගුප්ත කාසි වලට අමතරව ගණරාජ්‍යයන්ට අයත් කාසි ද තිබේ. මාලව, යෞදේව, මිද්‍ර, පංචාල, වැනි ගණ රාජ්‍ය පිළිබඳ තොරතුරු හෙළි කරන එක ම මූලාශ්‍ර වර්ගය වන්නේ නාණක මූලාශ්‍රය පමණි.
අෂ්ටාද්‍යායී - පාණිනී නම් මුණිවරයාගේ කෘතියකි. ව්‍යෘකරණ ග්‍රන්ථයකි. ඉන්දු ආර්ය භාෂා පවුලේ ප්‍රථම හා අග්‍රතම ව්‍යාකරණ ග්‍රන්ථය ඒය සේ පිළිගැනේ.
අශ්වඝෝෂ හිමි - මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත. කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංඝායනාවේ ප්‍රධාන දායකත්වයක් දැක්වූ හිමි නමකි. බුද්ධ චරිතය, සෞන්දරානන්ද කාව්‍යය, සූත්‍රාලංකාරය, ශාරිපුත්‍රප්‍රකරණය, ශුද්ධෝත්පාද සූත්‍ර උන්වහන්සේගේ කෘතීන් වේ. නමුත් මෙතැනින් සූත්‍රාලංකාරය හා ශුද්ධෝත්පාද සූත්‍රය රචනා කළේ මේ නමින් ම සිටි තවත් භික්ෂූන්වන්සේලා දෙනමකැයි ද සඳහන් වේ.
ආරණ්‍යක- වෛදික සාහිත්‍යයේ ප්‍රධාන කොටස් තුනෙන් එකකි.(සංහිතා, බ්‍රාහ්මණ, ආරණයක)කෘති සමූහයකි. මෙම කෘති වලින් අවධානය යොමු කර ඇත්තේ දෙවියන්, ආත්මය, ලෝකය හා මිනිසා අවබෝධ කර ගැනීම කෙරෙහිය. මේ නිසා මෙම කෘති ගුප්ත දේ හා දර්ශනය පිළිබඳ කරුණු වලින් යුක්තය. ආරණ්‍ය වලදී උගතයුතු රහස් ධර්මය, සත්‍ය ගවේෂණය පිණිස අනුගමනය කළයුතු චින්තන විධීන් මේවායේ අන්තර්ගතය. සමාජ චාරිත්‍ර ආදියෙන් බැහැරව ආත්මය පිරිසිදු කරගනිමින් එම චින්තන විධි අනුගමනය කළ යුතුය. මෙය ගිහිගෙය හැර තාපස ව්‍රතයට පිළිපන් අයට අදාළ කෘතියකි. යාගහෝම නොව ආධ්‍යාත්මික පාරිශුද්ධිය අගය කළ මේ කෘති ගූඪ දාර්ශනික අගයකින් යුතුය. මේවා බ්‍රාහ්මණ ග්‍රන්ථ වල අවසාන කොටස් සේ ද පිළිගැනේ. යාග කළ නොහැකි මහල්ලන් උදෙසා මේවායේ ධර්ම කරුණුු ඇතුළත් කර ඇත.
ආර්යදේව - කණිෂ්ක රජු දවස මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි.
ආර්යභට- ගුප්ත යුගයේ සිටි ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයෙක් මෙන් ම ගණිතඥයෙකි. ගණිතයට අදාළ ආර්යභට්ටිය නම් කෘතිය ද, තාරකා විද්‍යාවට අදාළ සූර්යසිද්ධාන්තය නම් කෘතිය ද රචනා කළේය.
ආර්යභට්ටිය- ආර්යභට විසින් ගණිත විෂයයට අදාළව ගුප්ත යුගයේ දී රචනා කරන ලදී.
ඉත් සිං- ක්‍රි. ව. හත් වන සියවසේ ඉන්දියාවට පැමිණ උතුරු ඉන්දියාව පිළිබඳ සටහන් තබා ඇති හිමි නමකි. චීන ජාතිකයෙකි.
ඉන්දිකා/ඉන්ඩිකා- චන්ද්‍රගුප්ත මෞර්ය රාජසභාවේ සිටි ග්‍රීක තානාපති මිගැස්තිනීස් විසින් රචනා කරන ලද කෘතියකි. මේ යුගයේ ඉතිහාසය හැදෑරීමේ දී අතිශය වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයකි.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා- ඉන්දු නිම්නයෙන් මෙතුවක් හමු වූ මුද්‍රා ප්‍රමාණය දෙදහසකට අධිකය. මෙම මුද්‍රා වල ඇති අක්ෂර මෙතෙක් කියවා නොමැති නිසා මෙම මුද්‍රා කුමන කාර්යයක් උදෙසා යොදා ගත්තේ ද යන්න ද අපහැදිලිය. ඇතැම් පර්යේෂකයන් කියන්නේ මුදල් විශේෂයක් බවය. අපනයන භාණ්ඩ වල දවටා යැවූ මුද්‍රාවක්(Tag) බව ද, හස් යෙදීමට භාවිත කළ මුද්‍රාවක් බව ද (සීල් එකක්.) අපල උපද්‍රව වලින් ගැලවීමට පැළඳි ‘යන්ත්‍රයක්’ බව ද ආදී වශයෙන් මේ පිළිබඳව විවිධ මත පළවී තිබේ. මෙම මුද්‍රා වල වැඩි වශයෙන් ම දක්නට ලැබෙන්නේ මිනිස් නොවන සත්ත්ව රූපයන් ය. ඇතැමක මිනිස් රූප ද දක්නට ලැබෙන නමුදු ඒවා දේව රූප සේ යොදා ගෙන ඇති නිසා යම් යම් සංස්කරණයන්ට ලක්කර ඇත. සත්ත්ව රූප අතර කල්පිත සත්ත්ව රූප මෙන්ම ස්වභාවික ලෝකයේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සත්ත්ව රූප ද වෙයි. අලියා එක් උදාහරණයකි. ඊශ්වරක්‍රිෂ්ණ- ගුප්ත යුගයේ ලේඛකයෙකි. සාංඛ්‍යකාරිකා නම් විවරණ කෘතියේ කතුවරයාය.
උදයගිරි ප්‍රශස්තිය - දෙවන චන්ද්‍රගුප්ත රජු
උපනිෂද්- වේද සාහිත්‍යයේ ප්‍රධාන කොටස් තුන වන සංහිතා, බ්‍රාහ්මණ හා ආරණ්‍යක යන ඒවායින් බ්‍රාහ්මණ කෘතීන්හි පරිවාර ග්‍රන්ථ විශේෂයක් මේ නමින් හැඳින්වේ.ඒක් ග්‍රන්ථයක් නොව ග්‍රන්ථ සමූහයකි. ආරණ්‍යක ග්‍රන්ථ වලට ලියූ නිගමන කාණ්ඩ ලෙස යැයි ද ගුරුවරයා උපනිශ්‍රයෙහි හෙවත් ඇසුරෙහි, සමීපයෙහි හිඳිමින් උගතයුතු රහස් ධර්ම කරුණු ඇතුළත් මේ කෘති වෛදික සාහිත්‍යයේ අවසන් කොටස නිසා වේදාන්ත ලෙස ද හඳුන්වයි. ඓතරේය උපනිෂදය හා කෞෂිතිකී බෘහදාරණ්‍යක, චන්දෝග්‍ය, කෝණ යනු පැරණිතම උපනිෂද් ග්‍රන්ථයන් ය. මෙම කෘති වල ප්‍රකෘති හෙවත් භෞතික තත්ත්වය, ආත්මය හා බ්‍රහ්මන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරේ. ප්‍රථම වරට පුනරුත්පත්තිය හා කර්මවාදය පිළිබඳව කරුණු සඳහන් වන්නේ ද උපනිශද් ග්‍රන්ථවල ය. වෛදික යාඥා විධි විවේචනයට ලක් කරන උපනිශද් ග්‍රන්ථ විසින් බ්‍රහ්මන් හා සමවායගත වීම උදෙසා වන කර්ම සහ ඥාන මාර්ග දෙක කෙරේ අවධානය යොමු කරවයි. ආර්යයන් ආගමික හා දාර්ශනික වශයෙන් මුහුකුරා යත්ම මූලික රාජ්‍ය බිහි කරමින් ගංගා යමුනා තැනිතලාවේ පැතිර යාම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථ විශේෂය වැදගත් ය. වික්ටර් නිට්ස් පඬිතුමා කියන්නේ උපනිශද් 200ක් ඇත කියාය. එහෙත් දාස් ගුප්තාට අනුව 112කි. රාධක්‍රිෂ්ණට අනුව 108කි.
උපවේද- ලෞකික විෂයයන් පිළිබඳ අවධානය යොමු කරමින් ලියූ ග්‍රන්ථ විශේෂයකි. ඊට අයත් ආයුර්වේදයෙන් වෛද්‍ය විද්‍යාවත්, ධනුර්වේදයෙන් ධනු ශිල්පයත්, ගාන්ධර්ව වේදයෙන් සංගීතයත්, ශිල්පවේදයෙන් ගෘහනිර්මාණ ශිල්පයත් ඉගැන්වේ.
ඍග් වේදය- ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා මූලාශ්‍රයකි. ගීතිකා සංග්‍රහයකි. වෛදික සාහිත්‍යයට අයත් පැරණිත ම සංහිතාවයි. මණ්ඩල දහයකින්(10) හා ගීතිකා එක් දහස් විසි අටකින්(1028) කින් සමන්විතය. අෂ්ටක වශයෙන් අටකි. සංචාරක එඬේර දිවියක් ගත කළ ආර්යයන් ස්ථාවර තැම්පත් දිවියකට හැඩගැසුණු ආකාරය අවබෝධ කර ගැනීමට මෙම සාහිත්‍ය කෘතිය වැදගත් වේ. නා නා දේවතාවන් ස්තුති වශයෙන් රචිත ගීතිකා හෙවත් මන්ත්‍ර මෙහි දක්නට ලැබේ. මෙහි එන සමාජය පන්ජාබය මුල් කරගනිමින් වාසය කළ ජන පිරිසකගෙන් සැදුනකි. එහෙත් පංජාබය යන්න වෙනුවට මෙහි සඳහන් වන්නේ ‘සප්ත සින්ධවඃ’ යන වදනයි. අනාර්ය ගෝත්‍රිකයන් සමග ගැටෙමින් ක්‍රමයෙන් ගංගා නදී නිම්න ප්‍රදේශයට ගමන් කළ මොවුන් සමුදුර පිළිබඳව එතරම් දුරට දැන නොසිටි බව හෙළි වේ. සප්ත සින්ධු ප්‍රදේශයේ ජීවිතය පිළිබඳ යම් තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකි මුත් පසු කාලීන තොරතුරු අල්පය. ඊට අනුව මොවුන් සප්ත සින්ධු හි මනාව සෙවිලි කළ ආරක්ෂිත ගෘහයන්හි වාසය කළ අතර පශු පාලනය ප්‍රධාන ජීවිකාව කර ගත්හ. ගවයන්, අසුන්, එළුවන් හා බැටළුවන් රැකදෙන ලෙස ඉන්ද්‍රාදී දෙවි වරුන්ගෙන් ඉල්ලා සිටීමෙන් ම මේ බව සනාථ වේ. යුධ කටයුතු හෝ පරිවහන කටයුතු සඳහා අශ්වයන් යොදා ගත් බව ද ඉන් හෙළි වේ. සුරා පානය, සෝම පානය පිළිබඳව ද නිතර සඳහන් වේ. වඩු වැඩ, සම් වැඩ, යකඩ වැඩ, කුඹල් වැඩ, රෙදි වියමන, පැදුරු විවීම වැනි දෛනික කාර්යයන්හි ද නිරත වී සිට ඇත. වෙළඳ කටයුතු සිදු කෙරුණේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට ය. බොහෝ විට මෙම කෘතිය ඍෂි වරුන් විසින් මුඛ පරම්පරා ක්‍රමයට පවත්වාගෙන එන ලදුව ක්‍රි. ව. 1 - 4 සියවස් අතර කාලයේ ග්‍රන්ථාරූඪ ගත කරන්නට ඇතැ’යි සැලකේ. එහෙත් භාෂා ලක්ෂණ අනුව මෙය ක්‍රි. ව. 1000ට වඩා පැරණි කාලයට අයත් නොවේ. එ මෙන් ම මෙය අයිරේනියානු ආවෙස්ථා කෘතියේ භාෂා ලක්ෂණ වලට සමාන ය. ආවෙස්ථා කෘතිය ද ක්‍රි. ව. 1000ට පමණ අයත් වේ යැයි පිළිගැනී ඇත. වත්මන් හින්දු නිවාස වල ගායනා කරන ගායත්‍රි මන්ත්‍රය ද ඍග් වේදයේ ඇතුළත් වන්නකි. ඍග් වේදයේ 2-7 මණ්ඩල වලින් ස්තෝත්‍ර ගීතිකා ආදියත් ඍග් පවුල් වල පුරාවෘත්ත ආදියත් දක්වෙන අතර, 8 වැන් මණ්ඩලයේ කාන්ව හා අංගීරස පවුල් පිළිබඳ විස්තර වලට වෙන් කර ඇත.9 වැනි මණ්ඩලයේ සෝම පූජාව පිළිබඳ සඳහන් වන අතර, 10 වැනි හෙවත් නූතන ම මණ්ඩලයේ ලෝකෝත්පත්ති දර්ශනය, ගෘහස්ථ චාරිත්‍ර ආදිය සඳහන් කර තිබේ. ඍග් වේදයේ මණ්ඩල බෙදීමේ දී (1)පුදනු ලබන දෙවියා, (2)වෘත්තය, ඡන්දස හෝ මාත්‍රාව, (3) ගී සංඛ්‍යාව යන සාධක සලකා බලා ඇත.
ඍතුසංහාර - මහා කවි කාලිදාසයන් විසින් ගුප්ත යුගයේ දී රචනා කරන ලද කෘතියකි.
එරගුඩ්- අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතක් මෙහි දක්නට ලැබේ.
ඓතරේය- බ්‍රාහ්මණ ග්‍රන්ථයකි. මිනිසුන් බිලිදීම ගැන ද මෙහි සඳහන් වේ.
ඓතිහාසික නාට්‍ය ග්‍රන්ථ-කාලිදාසගේ මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝවර්ෂී, සාකුන්තල, විශාකදත්තගේ දේවී චන්ද්‍රගුප්තා, මුද්‍රාරාක්ෂස, ශුද්‍රකගේ මෘච්ඡකටීකා...
කණිෂ්ක රාජසභාවේ සිටි භික්ෂූන්වහන්සේලා- පාර්ශ්ව, වසුමිත්‍ර, අශ්වඝෝෂ, සංඝරක්ෂක හිමිවරු.
කථාවත්ථූපකරණය - ථෙරවාද ධර්ම ග්‍රන්ථයකි. බුද්ධකාලීනව වැඩවාසය කළ මොග්ගලීපුත්ත හිමියන්, බුදුරදුන් පෙන්වාදාළ තේමාවන් ඔස්සේ කළ සවිස්තර දේශනාවන් මෙහි ඇතුළත් වන අතර තෙවන ධර්ම සංඝායනාවේ දී මේ දේශනාවන් අභිධර්මපිටකයට එක් කරන ලදී. මේ පිළිබඳ මුල දී යම් විරෝධයක් ඇති වුව ද මේ දේශනාවන්ට අදාළ තේමාවන් බුදුරදුන් විසින් දේශනා කළ ඒවා නිසා ගැටළුව නිරාකරණය විය.
කථාසරිත්සාගරය- රාජ්පුත් යුගයේ දී සෝමදේව විසින් රචනා කරන ලදී.
කර්ටියස්- ඉන්දියාව පිළිබඳ ලියූ ග්‍රීක ලේඛකයෙකි. මෞර්ය යුගය පිළිබඳව ද නන්දවරු පිළිබඳව ද තොරතුරු සඳහන් කර ඇත. මේ සඳහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉතිහාසකරුවන්ගේ වාර්තා ඇසුරු කර ඇත.
කාල්සි ගිරි ලිපිය - අශෝක රජු කරවා ඇත.
කල්හණ- කාශ්මීර ඉතිහාසය සඳහන් වන රාජතරංගණී නම් කෘතියේ කතුවරයාය. ඔහු මෙම කෘතිය රචනා කලේ ක්‍රි. ව. 1149 - 1150 අතර කාලයේය. කාශ්මීරයේ ඉතිහාසය සටහන් කර තැබීම ඔහුගේ පරමාර්ථය විය. ඉතිහාසය සටහන් කිරීමේ දී ජාතික, ආගමික හෝ වෙනත් ආකාරයක රාගද්වේෂ ආදී වූ දුර්ගුණයන්ගෙන් හැකි තරම් විනිර්මුක්ත විය යුතු යැයි හෙතෙම කියා සිටියේ ය. එම හැඟීමෙන් ඉතිහාසය රචනා කරන්නා ප්‍රශංසාගර්භ බවත් ඔහු ම ප්‍රජාපතී වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. (ග්ලාස්‍ය ස ඒව ගුණවාන් රාගද්වේශ බහිෂ්කෘතා - භූතාර්ථ කථනෙ යස්‍ය සහිරව ප්‍රජාපතී.) ඔහුගේ කෘතිය ලංකාවේ මහාවංසය සේ ම, පසුකාලීනව ඔහුගේ ශිෂ්යානුශිෂ්ය පරපුර විසින් අඛණ්ඩව පවත්වාගෙන යෑමට උත්සාහ කළ ද සාර්ථක නොවී ය.
කාත්සායනීපුත්‍ර හිමි - කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංඝායනාවේ ප්‍රධාන දායකත්වයක් දැකුවූ හිමි නමකි. වසුබන්ධු හිමියන්ගේ චරිත කතාව ලියූ පරමාර්ෂ පඬිවරයා මේ හිමියන්ට ධර්මසංඝායනාව පැවත්වීමේ ගෞරවය පුද කර තිබේ.
කාදම්බරී - භාණ හෙවත් බාණභට්ට නම් ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයාගේ කෘතියකි. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606 - 647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු වූ හෙතෙම සිය අනුග්‍රාහක හර්ෂවර්ධන රජුගේ චරිතය අලලා හර්ෂ චරිතය නම් කෘතිය ද කළේය.
කාමන්ඩකී නීතිසාරය- කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය ඇසුරෙන් කාමන්ඩකී විසින් රචනා කළ කෘතියකි.
කාලිදාස- ශාකුන්තලය, මේඝදූත, ඍතුසංහාර, රඝුවංස මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝවර්ශිය, කුමාරසම්භවය, වැනි කෘතීන් රචනා කළ මහා කවියා ය. මුලදී අනුවණයෙකු වූ මොහු කාලි දෙවඟනට පූජා පැවත්වීමෙන් ලැබූ වරයකින් බුද්ධිමතෙකු වු බව ජනප්‍රවාදයේ පවතී. ඉන්දීය සාහිත්‍ය වංසයේ සුවිශේෂ චරිතයකි. ගුප්ත යුගයේ ජීවත් වූවෙකි. මොහු මියගියේ කුමාරදාස රජු දවස ලංකාවේ දී අභිසරුලියක අතිනැ’යි ද ජනප්‍රවාදයක් ඇත.
කාව්‍ය ග්‍රන්ථ- (කාලිදාසගේ සෘතු සංහාරය,මේඝදූතය, රඝුවංසය, කුමාර සම්භවය, භාරවීගේ ශිශුපාලවධ, කිරාතාර්ජුනීය, දණ්ඩීන්ගේ දශකුමාරචරිතය)මීට අමතතරව ගුප්ත යුගයේ සිටි කාලිදාස, භට්ට ඇතුළු නවරත්න කවීන් පිළිබඳව ද සඳහන් වේ.
කිරාතාර්ජුනීය- ගුප්තයුගයේ දී භාරවී නම් කතුවරයා විසින් රචනා කළ කෘතියකි.
කීර්තිකෞමුදි- ගුජරාටි ලේඛක සෝමේශ්වර ගේ කෘතියකි.
කුමාරසම්භව- මහා කවි කාලිදාසයන් ගුප්ත යුගයේ දී රචනා කළ උසස් කෘතියකි.
කුසිනාරා ලිපිය- අශෝක රජු
කෛලාසනාථ ටැම් ලිපිය- දෙවන වික්‍රමාදිත්‍ය නම් චාලූක්‍ය රජු (ක්‍රි. ව. 734 - 745) දෙවන නන්දිවර්මන් පල්ලව රජු පරාජය කොට කාංචියේ දී ලබා ගත් යුධ ජයග්‍රහණය පිළිබඳව කියවෙන ලිපියකි. කණ්ණඩ බසින් ලියා ඇත.
කොස්මස් ඉන්ඩිකොප්ලෙයුටස් - හයවන ශතවර්ෂයේ දී බයිසෙන්ටියම හෙවත් කොන්ස්තන්තිනෝපලයේ විසූ ග්‍රීක පූජකයෙකි. ලේඛකයෙකි. දේශ ගවේෂකයෙකි. නමුත් ඔහු මුල දී වෙළෙන්දෙකි’යි ඔක්ස්ෆර්ඩ් මූලාශ්‍රයේ සඳහන් වේ. (www. oxfordreference.com) ක්‍රිස්තියානි භූගෝල විද්‍යාව(The Christian Thopography) නමින් කෘතියක් කළ හේ ලංකාවේ හා මලබාරයේ ක්‍රිස්තියානි පල්ලි තිබූ බවත්, ඒවා පර්සියානු පූජකයින් විසින් පාලනය කළ බවත් සඳහන් කර තිබේ. කල්ලිආනයේ විසූ පර්සියානු බිෂොප් වරුන් දෙදෙනෙකු විසින් මේවා පාලනය කළ බව ද හේ සඳහන් කර තිබේ. කල්ලියානය යනු කොචින් වියයුතු යැයි ඒ්. ඒල්. බෂාම් මහතා විශ්වාස කරයි. (අසිරිමත් ඉන්දියාව 435 පිට.1995 මුද්‍රණය.)ලංකාවේ විසූ නොස්ටෝරියන් පූජකයන් පිළිබඳ ඔහුගේ කෘතියේ සඳහන් වේ.(ලං.වි.ලං.ඉ.348පිට.) ඉන්දියානුවන් ලංකාව ‘සිලදිබ’ නමින් හැඳීන්වූ බවත් හේ සඳහන් කර තිබේ. ලංකාව සමුද්‍රමාර්ග සන්ධියක පිහිටි නිසාවෙන් ලංකාව ලොව බොහෝ තැන් වලින් භාණ්ඩ ලබාගෙන ඒවා ලොව පුරා බෙදිහැරියේ යැයි හේ වැඩිදුරටත් සඳහන් කරතිබේ. ලංකාවට ඉන්දියාවෙන්, පර්සියාවෙන්, ඉතියෝපියාවෙන් හා චීනයෙන් ද නැව් පැමිණියේ යැයි ඔහුගේ කෘතියේ සඳහන් වේ.
කෞෂම්බි ලිපිය- අශෝක රජු කරවූ ලිපියකි.
ගිර්නාර්- අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතක් මෙහි දක්නට ලැබේ.
ගිර්නාර් ගිරි ලිපිය - අශෝක රජු කරවූ ලිපියකි.රුද්‍රදාමන්ගේ ලිපියනක් ද මේ නමින් ම මෙහි තිබේ.
ගොඩපාද- ගුප්ත යුගයේ ලේඛකයෙකි. වේදාන්ත දර්ශනය විවරණය කරමින් විවරණ ග්‍රන්තයක් රචනා කර ඇත.
ගෞඩවාහෝ - මගධයේ යශෝවර්මන් රජ චරිතය මුල්කරගනිමින් වාක්පති විසින් කළ කෘතියකි.
චක්කවත්තී සීහනාද සූත්‍රය - බෞද්ධ සූත්‍රයකි.
චතුර්වේද - වේද ග්‍රන්ථ සතර. ඍග් වේදය, යජුර් වේදය, සාම වේදය හා අතර්ව වේදය යන ග්‍රන්ථ සතර.
චන්දෝග්‍ය - උපනිශද් ග්‍රන්ථයකි.
චරක - වෛද්‍ය ශාස්ත්‍රඥයෙකි.
චරිතාපදාන - (බිල්හණ ගේ වික්‍රමාංක දේව චරිතය, පද්මගුප්ත ගේ නවහායිපොං චරිතය, සන්ධ්‍යානන්දිගේ රාම චරිතය, ජයසිංහගේ කුමාරපාල චරිතය, භාණභට්ටගේ හර්ෂ චරිතය, වාක්පතිගේ ගෞඩවාහෝ වැනි කෘතීන්වේ.)
චිදම්බරම් ශිලාලේඛනය - තුන්වන කුලෝත්තුංග
ජයදේව - රාජ්පුත් යුගයේ දී ගීතගෝවින්දය රචනා කළේය.
ජස්ටින් - ඉන්දියාව පිළිබඳ ලියූ ලතින් ඉතිහාසඥයෙකි. මොහුගේ ලේඛන වලින් මෞර්ය අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු හදාල හැක. චන්ද්‍රගුප්ත මෞර්ය පිළිබඳව පළමුකොට ම ඉතිහාසයේ හමුවන්නේ ඇලෙක්සැන්දර් හා චන්ද්‍රගුප්ත හමුවේ පටන් යැයි මොහුගේ ලේඛන අනුව පෙනී යයි.
ජාතක කතා - බෞද්ධ සාහිත්‍යයට අයත් කතා වෙසෙසකි. මනෝවිද්‍යාත්මක මූලධර්ම පදනම් කර ගනිමින්, බුදුන් වහන්සේගේ පූර්ව භවයන් ඇසුරෙන් නිර්මාණය කළ උපදේශ කතා වෙසෙසකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වේ.
ජාන්දෝග්‍ය- උපනිශද් ග්‍රන්ථ අතර එන වැදගත් ග්‍රන්ථයකි.
ජුනගාර් ලිපිය-රුද්‍රදාමන් ශක රජුට අයත් වේ.
ජෛන සාහිත්‍යය - භගවතී සූත්‍රය, වෛතුංග සූත්‍රය, සාමාවතී සුත්‍රය වැනි ජෛන සූත්‍ර මේ වර්ගයට අයත් වේ. මේවා ලියැවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 6වන සියවසත්, 4වන සියවසත් අතර කාලයේ ය. දේශපාලන, ආර්ථික, සමාජ තොරතුරු මේවායේ ගැබ් වී තිබේ.
ජෞගද්‍ර/ජෞගඩ- අශෝක රජු විසින් පිහිටුවනු ලැබූ ප්‍රධාන ගිරි ලිපියක් ඇති ස්ථානයකි. අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතක් ද මෙහි දක්නට ලැබේ. කාලිංගයට ආසන්න ස්ථානයක පිහිටා ඇත. ජෞගඩ, ජෞගධා ආදී නම් වලින් ද හැඳින් වේ.
ටොලමි- ඉන්දියාවේ භුගෝලීය තත්ත්වය පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. ක්‍රි. ව. 2වන සියවසේ විසූවෙකි.
තාරානාථ- ටිබෙට් ලේඛකයෙකි. ‘ටිබෙට් ඉතිහාසය’ නම් කෘතියේ කතුවරයාය.
තිරුමලෙයි ගිරි ලිපිය- චෝළ පාලන සමයේ පළමුවන රාජේන්ද්‍ර රජු ලැබූ ජයග්‍රහණ පිළිබඳව සඳහන් වන අභිලේඛනයකි. මෙම ලිපියේ ආධාරයෙන් රාජේන්ද්‍ර රජු ඉන්දීය අර්ධද්වීපය තුළ දී අත්කරගත් යුධ ජයග්‍රහණ පිළිබඳ පූර්ණ ලැයිස්තුවක් සකසා ගත හැක.
තිරුවල්ලූවාර්- සංගම් සාහිත්‍යය පෝෂණය කළ කවියෙකි. කුරාල් කෘතිය ඔහුගේය.
තිරුවාලංගාඩු තඹ සන්නස- චෝළ පාලන සමයේ පළමුවන රාජේන්ද්‍ර රජු ලැබූ ජයග්‍රහණ පිළිබඳව සඳහන් වන අභිලේඛනයකි.
තිරුවිඩමරුදූර් ශිලා ලේඛනය - තුන්වන කුලෝත්තුංග
තෝප්‍රා ටැම් ලිපිය- අශෝක රජු කරවූවකි.
ථෙර ගාථා- සූත්‍ර පිටකයට අයත් කෘතියකි. තමන් උදා කර ගත්තා වූ උසස් අධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳ භික්ෂූන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ උදාන වාක්‍ය ඇතුළත්වේ. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී මුලාශ්‍රයක් වශයෙන් යොදා ගත හැක.
ථෙරි ගාථා- සූත්‍ර පිටකයට අයත් කෘතියකි. තමන් උදා කර ගත්තා වූ උසස් අධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳ භික්ෂූණීන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ උදාන වාක්‍ය ඇතුළත්වේ. ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී මුලාශ්‍රයක් වශයෙන් යොදා ගත හැක.
දණ්ඩීන්- පල්ලව(පළමු නරසිංහ වර්මන්) යුගයේ ව්‍යක්ත ලේඛකයෙකි. දශකුමාරචරිත නම් කෘතිය මොහුගේය.
දශකුමාරචරිත- දණ්ඩීන් විසින් පල්ලව(පළමු නරසිංහ වර්මන්) යුගයේ දී රචනා කරන ලදී.
දිල්ලි මිරට් ටැම් ලිපිය - අශෝක රජු කරවා ඇත.
දිල්ලිතෝප්‍රා ලිපිය- අශෝක රජු කරවා ඇත.
දිව්‍යාවදානය- ඉන්දියාවේ ඓතිහාසික මූලාශ්‍රයකි. විශේෂයෙන් ම මෞර්ය යුගයේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත්ය.
දීපවංසය - ඉන්දීය ඉතිහාසය පිළිබඳ විදෙස් මූලාශ්‍රයකි. ඉන්දීය ඉතිහාසයේ මෞර්ය යුගය පිළිබඳ ප්‍රධාන මූලාශ්‍රයක් වන මෙය ලංකාවේ භික්ෂුනීන් වහන්සේලා විසින් රචනා කර ඇතැයි සැලකේ.
දේශපාලන න්‍යාය ග්‍රන්ථ - කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය, මානව ධර්මශාස්ත්‍රය... වැනි කෘති.
ධර්මකීර්ති- ගුප්තයුගයේ ජීවත් වූ ආචාර්යවරයෙකි. දින්නාගගේ න්‍යාය විවරණය කරමින් න්‍යාය බින්දු නම් කෘතිය රචනා කළේ මේ ආචාර්යවරයාය.
ධර්මශාස්ත්‍ර ග්‍රන්ථ- ගුප්ත යුගයේ දී රචනා වූ ග්‍රන්ථ විශේෂයකි.
ධෞලී- අශෝක රජුට අයත් ප්‍රධාන ගිරි ලිපියක් පිහිටා ඇති ස්ථානයකි. කාලිංග ප්‍රදේශයේ පිහිටා ඇත.
ධෞලී ලිපිය (සුළු ගිරි ලිපියකි) - අශෝක රජුට අයත් වේ.
නාගර්ජුන- රාෂ්ට්‍රකූට පාලන සමයේ සිටි සාහිත්‍යධරයෙකි.
නාගර්ජුන - මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි. දශභූමිවිභාෂා ශාස්ත්‍ර, සුහෘත්ලේඛා, විංසතිප්‍රඥා පාරමිතා ටීකා, මධ්‍යමික ශුන්‍යතාවාදය, නිකාය සිද්ධාන්තය කෘති වල කතුවරයා ය.
නාගානන්ද - ශ්‍රී හර්ෂදේව හෙවත් හර්ෂවර්ධන රජු විසින් රචිත සංසාකෘත නාට්‍යයකි. මහායාන බෞද්ධ කෘතියකි.මහායාන බෞද්ධ සාහිත්‍යයේ ජිමුතවාහන නමැති කතාව මුල්කරගනිමින් රචිත මේ කෘතිය 1921 වර්ෂයේ දී ලංකාවේ ද රඟදක්වා ඇත. ඒ් නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ නාට්‍යයක් වශයෙනි.
අශෝක ශිලා ලේඛන- ඉන්දීය ඉතිහාසය හැදෑරීමට වැදගත් වන ශිලා ලේඛන හමු වේ නම් ඒ මෙතුමාගේ කාලයේ සිට යැයි කිවහැකි තරමට ම අශෝක ශිලා ලේඛන වැදගත් ය. එහෙත් පිප්‍රාවා ධාතු කරඬු ලිපිය ඉන්දියාවෙන් හමු වූ පැරණිත ම අභිලේඛනය සේ සාමාන්‍යයෙන් පිළි ගැනේ. අශෝක ශිලා ලේඛන ගිරි ලිපි හා ටැම් ලිපි ලෙස ප්‍රධාන දෙ වර්ගයක් හඳුනාගතහැක. එහෙත් අධ්‍යයනයේ පහසුව පිණිස මෙම ලිපි සියල්ල ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වනු ලැබේ. එනම් ගිරි ලිපි, සුළු ගිරි ලිපි, ලෙන් ලිපි, ටැම් ලිපි ආදී ලෙසිනි. මේවා ප්‍රාකෘත භාෂා ස්වරූපයකින් ලියා ඇත. මෙම ලිපි කියැවීමට දාහතර වන ශතවර්ෂයේ දී ෆිරූෂ් ෂා තුඝ්ලූක්(1351 - 1388) නම් දිල්ලි සුල්තාන් වරයා ද උත්සාය කර ඇතත් සාර්ථක වී නැත. 1843 දී ජේම්ස් ප්‍රින්සෙෆ් නම් පඬිවරයා මිනැන්ඩර් රජු නිකුත් කළ කාසියක දෙ පැත්තේ වූ අක්ෂර කියැවීම මගින් ඛරෝෂ්ඨි අක්ෂර මාලාව අවබෝධ කර ගත් අතර පසුව එහි උපකාරයෙන් බ්‍රාහ්මී අක්ෂර මාලාව ද හඳුනා ගත්තේය.
ශෝක ලිපි කියැවීමට මග පෑදුණේ මේ සිදුවීමත් සමගය. තුඝ්ලූක්(ටුග්ලුක්) අධිරාජයා විසින් කියැවීමට උත්සාහ කොට අත්හැර දැමූ දිල්ලි ලිපිය මේ අනුව ප්‍රින්සෙෆ් පඬිවරයා විසින් සම්පූර්ණයෙන් ම කියවා 1837 දී බෙංගාලයේ රාජකීය ආසියාතික සංගම් සමිති වාරයකට ඉදිරිපත් කරන ලදී. (මේ ජයග්‍රහණය ලංකාවේ අපට ද වැදගත් වන්නේ ලංකාවේ ශිලා ලේඛන කියවීම ද මේ අක්ෂර මාලාව ඇසුරින් සිදු කළ නිසාය.)
මේ ලිපි වල පොදු විශේෂත්වය නම් ඉන්දියාවේ වෙනත් රජවරුන් විසින් පිහිටවනු ලැබූ ශිලා ලේඛන මෙන් මේවායේ රජුගේ වංශය, තේජෝමහිමය, බලපරාක්‍රමය ආදිය විස්තර නො කිරීමයි. මෙතුමාගේ ලිපි වලට තේමා වී ඇත්තේ,
1. ධර්මෝපදේශ
2. රාජ ආඥා
3. සමාජසේවා හා පරිපාලන සේවා විධිමත්ව පවත්වාගෙන යෑම
යන විෂයයන් තුන යි. මේවායේ රජුගේ ම අදහස් ගැබ් වී ඇතැ’යි පුරා විද්‍යාඥයෝ ද ඉතිහාසඥයෝ ද මත පළ කරති. 1946 වසර වන විට මේ රජතුමාට අයත් ලිපි 154ක් සොයාගෙන තිබුණි. මෙම ලිපි භාෂා ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්වේ
1.ෂාබස්ගර්, මාන්සේරා වර්ගය.
2.ගිර්නාර්, සොපාරා වර්ගය.
3.මධ්‍ය ඉන්දීය වර්ගය.
4.දකුණු ඉන්දීය වර්ගය.
මෙතුමාගේ ලිපි වල ප්‍රධාන අරමුණ වී ඇත්තේ මහජන සුබසෙත සැලසීමයි. මේ නිසා එක ම ලිපිය වුව ද ඒ ඒ ප්‍රදේශ වලට උචිත පරිදි භාෂා වෙනස්කම් කරමින් ඒ ඒ ප්‍රදේශ වල පිටපත් පිහිටුවා ඇත. ඊට හොඳ ම නිදසුන නම් ගිර්නාර්, කාල්සි, ධෞලී, ජෞගඩ, ෂාඛෙස්ගාර්හි, මන්සේරා යන ස්ථාන වල දක්නට ලැබෙන එක ම ලිපියේ පිටපත් හය යි. පොදුවේ ගත් කළ මේ ලිපි වල
• බ්‍රාහ්මී අක්ෂර
• ඛරෝෂ්ඨි අක්ෂර
• ග්‍රීක හා ඇරමයික් අක්ෂර(කන්දහාර් ලිපිය.)(දකුණේ සිට වමට ලියන අක්ෂර වෙසෙසකි.)
ආදී අක්ෂර වර්ග කිහිපයක් ම යොදා ගනිමින් මෙම ලිපි ලියා තිබේ. රජු සිය රටවැසියන්ට ආදරය කළ බව, සියල්ලන් සිය දරුවන් සේ සැලකූ බව, සතුන්ට පවා අනුකම්පා කරමින් කටයුතු කළ බව මේ ලිපි වලින් හෙළි කර ගත හැකි ප්‍රධාන කරුණු වේ. මීට අමතරව මෙම ලිපි වලින් තත්කාලීන ඉන්දීයාවේ දේශපාලන, සමාජ, ආර්ථීක, ආගමික ආදී අංශ ගණනාවක තොරතුරු හෙළි කරගතහැක.
අශෝක ශිලා ලිපි වලින් හෙළි වන දේශපාලන තොරතුරු
• රාජ්‍ය පරිපාලන නිළධාරීන් පිළිබඳව තොරතුරු හෙළි වේ.( යුක්ත, රජ්ජුක, ප්‍රාදේශික යන නිළධාරීන් පිළිබඳව 3වන ගිරි ලිපියේ ද ධර්ම මහාමාත්‍රයන් පිළිබඳව 5වන ගිරි ලිපියේ ද, ස්ත්‍රීන් පිළිබඳ කටයුතු භාර නිළධාරීන් හා ගවගාල් භාර නිළධාරීන් පිළිබඳව 12වන ගිරි ලිපියේ ද, මහාමාත්‍ය හා අධිකරණ නිළධාරීන් පිළිබඳව කාලිංග ලිපියේ ද, දෙවන පෙළ නිළධාරීන් පිළිබඳව 4වන ටැම් ලිපියේ ද... ආදී වශයෙන් සඳහන් වේ.)
• රාජ්‍ය පරිපාලනයේ දී සම්ප්‍රදායට සීමා නොවී අවශ්‍යතා අනුව නව තනතුරු පත් කළ බව 5වන ගිරි ලිපියේ සඳහන් වන ‘සෙ අතිකංතං අංතලං නො හුතපුලුව ධංමමහාමාතා නාම. තෙ දසවසාභිසිතෙනා මමයා ධම්මමහාමාතා කටා’ යන පාඨයෙන් හෙළි වේ.
• ධර්මමහාමාත්‍රයන්ගේ වගකීම් හා කාර්යභාරය 5වන ගිරි ලිපියේ පැහැදිළි කර තිබේ.
• අශෝක අධිරාජ්‍යයේ දේශ සීමා පිළිබඳව 2වන ගිරි ලිපියේ සඳහන් කර තිබේ.(දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජු ගේ රාජ්‍යයෙහි සෑම තැනම ද දේශ සීමා ප්‍රදේශ වන චෝළ, පාණ්ඩ්‍ය, සතියපුත්‍ර කේරළපුත්‍ර, තාම්‍රපර්ණී, අන්තියෝක නම් යවන රජුගේ රාජ්‍යය... ) මීට අමතරව ප්‍රත්‍යන්ත රාජධානි පිළිබඳව 13වන ගිරි ලිපියේ සඳහන් කර තිබේ.(දෙවියන්ට ප්‍රිය වූ රජු විසින් ඒ ධර්මවිජය මේ රාජ්‍යයෙහි ද සියලූ දේශසිමා ප්‍රදේශයන්හි ද, යොදුන් අටසියයක් ඈත අන්තියෝක නම් යවන රජු සිටින රාජ්‍යයෙහි ද, අන්තියෝක රාජ්‍යයෙන් මත්තෙහි ‘තුළමය’ ‘අන්තෙකින’ ‘මකා’ ‘අලිකසුන්දර’ යන රජදරුවන් සතර දෙනාගේ රජ්‍ය වල ද, පාණඩ්‍ය, තාම්‍රපර්ණී, නාභක, නාභපංක්ති, භෝජ පිතිනිත්‍ය,ආන්ධ්‍ර, පුලින්ද... )
• අන්තඃපුරය පිළිබඳව 6වන ගිරි ලිපියේ සඳහන්ව තිබේ.
• කාලිංග ආක්‍රමණය පිළිබඳව 13වන ගිරි ලිපියේ සඳහන් කර තිබේ.
• වයඹදිග ඉන්දියාවේ තක්ෂිලා ප්‍රදේශය ද අශෝක රජු යටතේ පාලනය වූ බව කාලිංග ලිපියේ ද,
• සිරගෙවල් තිබූ බව 5වන ටැම් ලිපියේ ද සඳහන් කර තිබේ.
• අශෝක ශිලා ලිපි වලින් හෙළි වන සාමාජික තොරතුරු
• බමුණන්, ගෘහපතියන්, අනාථයන් පිළිබඳව 5වන ගිරි ලිපියේ ද,
• විවිධ උත්සව පැවති බව 1වන ගිරි ලිපියේ ද,(මෙහි සතුන් නසා යාග නොකළ යුතුය. උත්සව නොපැවැත්විය යුතුය. දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජ උත්සවයන් හි බොහෝ දෝෂ දකී. දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජ මැනවැයි සලකන ඇතැම් උත්සව ද ඇත...) උත්සව හා ශාන්තිකර්මාදිය පැවති බව 9 වන ගිරි ලිපියේ ද(ජනයා රෝග ඇති කල්හි ද, ආවාහයෙහි ද, විවාහයෙහි ද, දරුවන් ඉපදීමෙහි ද, පිට රට යාමෙහි ද, විවිධ මංගල කරත්...)
• පරිසරයෙන් ලබා ගත් ඖෂධ භාවිත කළ බව. 2වන ගිරි ලිපියේ ද,(මිනිසුන්ට අවශ්‍ය වූ ද සිව්පාවුන්ට අවශ්‍ය වූ ද ඖෂධ යම් තැනක නැති නම් ඒ ඒ තැන ගෙන්වා තබන ලදී හා වවන ලදී. එ පරිද්දෙන් ම මුල් ද ගෙඩි ද යම් තැනක නැතිනම් ඒ සැම තැන ගෙන්වි තබන ලදී හා වවන ලදී...)
• ශරීරකෘත්‍යය පිණිස වැසිකිළි භාවිත කළ බව 6වන ගිරි ලිපියේ ද.
• රත්‍රන් භාවිතය පිළිබඳව 8 වන ගිරි ලිපියේ ද,
• ඇතරුවන්, ශිල්පීන්, රථාචාර්යයන් පිළිබඳව යෙරර්ගුඩ් ලිපියේ ද,
• ගොනුන් හා අශ්වයන් හන ගැසූ බව හා ගොනුන් කරඇඹූ බව 5වන ටැම් ලිපියේ ද සඳහන් ව තිබේ.
අශෝක ශිලා ලිපි වලින් හෙළි වන ආගමික තොරතුරු
• මහණ බමුණන් ගැන 4වන ගිරි ලිපියේ ද, බමුණන් ගැන 5වන ගිරි ලිපියේ ද, මහණ බමුණන් බැහැදැකීම පිළිබඳව 8වන ගිරි ලිපියේ ද, බමුණන්ට දන් දීම පිළිබඳව 11වන ගිරි ලිපියේ ද, බෞද්ධයන් හා වෙනත් සියලූ පැවිද්දන්ට දන් දුන් බව 12 වන ගිරි ලිපියේ ද, සියලු ආගමික පූජකයන් පිදූ බව 6වන ටැම් ලිපියේ ද, ආජීවක බ්‍රාහ්මණ ආදීන් පිළිබඳව 7වන ටැම් ලිපියේ ද, භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව සාරානාත්, කෞෂම්බි, සාංචි ලිපි වල ද,
• ආගමික කටයුතු සොයා බැලීම පිණිස ධර්ම මහාමාත්‍යවරු පත් කළ බව හා මේ සමයේ සිටි වෙනත් ආගමික කණ්ඩායම් පිළිබඳව 5වන ගිරිලිපියේ ද,
• සතුන් බිලි දෙමින් යාග කළ පිරිස් සිටි බව 1වන ගිරි ලිපියේ ද,( මෙහි කිසි සතෙකු නසා යාග නොකළ යුතුය...යැයි දක්වමින් අශෝක රජු විසින් එය තහනම් කිරීමෙන් ඒ බව පෙනී යයි. )
• අන්‍යආගමිකයන් පිළිබඳව 7වන ගිරි ලිපියේ ද(දෙවියන්ට පිය වූ පියදස්සී රජතෙම සෑම තැන්හිදී ම සියලූ අන්‍යආගමිකයෝ ම වෙසෙත්වායි කැමති වෙති...) 13වන ගිරි ලිපියේ ද,
• ස්ථූප පිළිබඳව නිර්ග්‍රීව ටැම් ලිපියේ ද,
• ආජීවකයන්ට ලෙන් පිදීම පිළිබඳව න්‍යග්‍රෝධ හා බලතික ලෙන් ලිපි වල ද සඳහන් වේ.
අශෝක ශිලා ලිපි වලින් හෙළි වන ආර්ථීක තොරතුරු
• ගැමි කර්මාන්ත පිළිබඳව 13 වන ගිරි ලිපියේ ද,
• ඇතරුවන්, ශිල්පීන්, රථාචාර්යයන් පිළිබඳව යෙරර්ගුඩ් ලිපියේ ද,
• මසුන් මැරීම හා අළෙවි කිරීම පිළිබඳව 5 වන ටැම් ලිපියේ ද,
• ගවයන්, බැටලූවන්, ඌරන් ඇති කළ බව 5 වන ටැම් ලිපියේ ද,
• අයබදු පිළිබඳව හා අයබදු අනුපාතය පිළිබඳව ලූම්බිණි ටැම් ලිපියේ ද සඳහන් වේ.
අජන්තාවේ සිතුවම්- භාරතයේ සුප්‍රකට ලෙන් විහාර සංකීර්ණයක් වන අජන්තා ලෙන්හි ඇඳ ඇති සිතුවම් ය. දානය ශීලය ආදී යහපත් බෞද්ධ ගුණධර්ම පිළිබඳ උදාහරණ සිත්තම් සැපයීමෙන් ඒවා දකින නරඹන මහජනතාව යහපතට යොමු කිරීම අජන්තා චිත්‍ර ශිල්පීන්ගේ අරමුණ වී ඇතැයි සිතේ. එම නිසා බෝධිසත්ව

චරිතය හා බුද්ධ චරිතයට සම්බන්ධ තේමාවන් මෙම සිත්තම් සඳහා පාදක වී ඇත. නමුත් මේ අතර ලංකා ඉතිහාසය පිළිබඳ සිතුවම් ද ඇත්තේ ය. විජයාවතරණය සිතුවම ඉන් එකකි.
වැඩිදුර විස්තර - අජන්තාව ඇතැම් තැනෙක අජන්ටා යනුවෙන් ද හඳුන්වා තිබේ. මෙය සුවිශේෂී කඳුවැටියක්

සහිත ව ඉන්දියාවේ වයඹදිග හයිදරාබාද් ප්‍රදේශයේ පිහිටි ග්‍රාමයකි. (උතුරු අක්‍ෂාංශ 20º.32’ නැගෙනහිර දේශාංශ 75º.48’) සහ්‍යාද්‍රි පර්වත නාමය ද ලැබූ කඳුවැටිය සුවිශේෂී වන්නේ ලෝප්‍රකට බෞද්ධ ලෙන් විහාර සංකීර්ණය පිහිටා ඇති නිසාවෙනි. බොම්බායේ සිට මේ ග්‍රාමයට ඇති දුර සැතපුම් 300කි. (480 Km) අවුරංගබාද් සිට සැතපුම් 65කි.( 105 Km) අජන්තාවේ පුරාණ නගර භූමියට සැතපුම් 5ක් පමණ උතුරින් අජන්තා ලෙන් පෙළ පිහිටා ඇත.
අජන්තා ලෙන් - බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා විසින් කරවන ලදැ’යි සැලකෙන ලෙන් විසි නවයකින්(29) යුත් විහාර සංකීර්ණය මේ නමින් හැඳින්වේ. ක්‍රි.පූ 2වන සියවස පටන් ක්‍රි.ව.7වන සියවස දක්වා කාලයේ කළ නිර්මාණයන් සේ සැලකේ. සෘජු කඳුබෑවුමක පහළ සිට අඩි 250ක් පමණ ඉහළට වන්නට පිහිටා ඇති ලෙන් පෙළ නැගෙනහිර සිට බටහිරට මීටර 550ක් පමණ අර්ධ කවාකාරව විහිදී පවතී. 1819 වර්ෂයේ දී දඩයම් පිණිස වනයේ සැරිසැරූ මදුරාසි යුධහමුදා නිලධාරින් විසින් අජන්තා ලෙන් වත්මන් ලොවට අනාවරණය කරන ලදී. (එහි ගෞරවය හිමි වන්නේ මැඩ‍්‍රාස් හි 16වන කුන්ත බලකායේ ලූතිනන් ජේම්ස් එඩ්වඩ් ඇලෙක්සැන්ඩර් හට ය. ඒ පිළිබඳ වාර්තාව පළ වූයේ 1830 වර්ෂයේ ය. (A History of indian archaeology කෘතියට අනුව ය.), එහෙත් ලුතිනන්වරයා එම ස්ථානයට ගියේ 1824 වර්ෂයේ බව ත් ඊට වසර 5කට පෙර එනම් 1819 වර්ෂයේ යම් හමුදා නිලධාරීන් පිරිසක් එතැනට ගොස් ඇති බව ත් ඉහත කෘතියේ ම දැක්වේ.) එහෙත් 1843 වර්ෂයේ ජේම්ස් පර්ගසන් විසින් අජන්තා ලෙන් හා ඒවායේ තිබූ සිතුවම් පිළිබඳව ලියූ ලිපිය රාජකීය ආසියාතික සංගමයේ දී කියවන තුරුත් මෙම ලෙන් පිළිබඳව ඉතිහාසඥයින්ගේ, පුරාවිද්‍යාඥයින්ගේ හෝ කලා රසිකයින්ගේ අවධානය යොමු නොවී ය.
කෙසේ වෙතත් අජන්තා ලෙන් මෙලෙස වත්මන් ලොවට අනාවරණය වන අවස්ථාවේ එහි තිබූ සිතුවම් මේ වන විට යම් තරමකට වියැකී ගොස් ඇති බව ද පිළිගැනෙයි. නැගෙනහිර ඉන්දියානු සමාගමේ මෙහෙයවීමෙන් රොබට් ගිල් නම් යුධ නිලධාරියා මෙහි තිබූ සිතුවම් තිහක් පමණ පිටපත් කර ඇති අතර බොම්බායේ කලායතනයේ ආචාර්ය ග‍්‍රිෆිත්ස් සිය ශිෂ්‍යයන්ගේ ද උපකාර ඇතිව 1812 - 1885 අතර කාලයේ අජන්තා බිතුසිතුවම් රැසක් පිටපත් කර තිබේ. එහෙත් ලන්ඩන්හි ක‍්‍රිස්ටල් මාළිගයේ හා දකුණු කොන්සිංටන් කෞතුකාගාරයේ තැම්පත් කොට තිබිය දී මේ සිතුවම් පිටපත් රැසක් ගින්නෙන් විනාශ වී ගොස් ඇත. වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයේ පසු කාලීනව තැම්පත් කළේ එලෙස ගින්නෙන් විනාශ නොවී ශේෂවුණු සිතුවම් කිහිපයකි. පසු කාලයේ අජන්තා සිතුවම් ලෝ ප්‍රකට වූ අතර සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීහු අජන්තාවට පැමිණ එහි සිතුවම් පිටපත් කළ හ. ඉන් බොහොමයක් දැනට ලෝ පුරා කෞතුකාගාරවල තැම්පත් කොට ඇත.
1908 දී හයිදරාබාද් රජය විසින් අජන්තා ලෙන් සිතුවම් ආරක්‍ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹූ අතර ඒ වන විටත් සිතුවම් ඉතිරිව තිබුණේ 1, 2, 9, 10, 16, 17 අංක දරන ලෙන්වල පමණි. 1879 වසර වන විට ලෙන් 16ක සිතුවම් සුරැකී තිබුණ ද මේ කාලයේ දී ම මෙම බිතුසිතුවම් නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණීම, අවුවැසිසුළං ආදියේ හානි, ඇතැම් රජයේ නිලධාරීන් සිතුවම් කොටස් වෙන්කර ගැනීම (කෞතුකාගාර වල තැම්පත් කිරීම සඳහා), සිත්තම් වල අගය නොදත් පුද්ගලයන් විසින් කුරුටුගෑම ආදී හේතු නිසා ශීඝ‍්‍රයෙන් අජන්තා සිතුවම් විනාශ මුඛයට පත්වන්නට විය. හයිදරාබාද් රජය ඉහත වැඩපිළිවෙළ ඇරඹූයේ ඒ නිසාවෙනි. අජන්තාවේ ලෙන් එකම කාලයක ඉදිකළ ඒවා නොවන වග ඉහතින් දැක්වීමු. ඊට අමතරව මේ ලෙන් පිළිබඳව දැක්විය හැකි ප්‍රධාන කරුණ නම් විවිධ සාධක පදනම් කරගනිමින් මෙම ලෙන් වර්ග කළ හැකි බව ය. ථෙරවාද භික්‍ෂූන් වැඩසිටි (හෝ උන් වහන්සේලා විසින් නිර්මාණය කරන ලද ලෙන්) හා මහායානික ලෙන් වශයෙන් ද චෛත්‍යශාලා හා විහාර ශාලා වශයෙන් ද විශාල හා කුඩා වශයෙන් ද තනි මහල් හා දෙමහල් වශයෙන් ද මේවා වර්ග කළ හැක. මීට අමතරව ලෙන් නිර්මාණය කළ කාල අනුව ද කලා සම්ප්‍රදායන් අනුව ද වර්ග කළ හැක.
මෙම ලෙන් නිර්මාණය කිරිම ක්‍රි.පූ 2 වන සියවසේදී පමණ ඇරඹුණ ද ක්‍රි.ව. ආරම්භයේ පටන් තෙවන ශතකය දක්වා කාලයේ මෙම ලෙන් නිර්මාණය කිරිම අත්හැර දමා තිබූ බවට මත පළ වි ඇත. ක්‍රි. පූ. තෙවන ශතකයේ පමණ සිට ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශය හරහා වරින් වර එල්ල වූ විදේශ ආක්‍රමණ වැල නිසා ත් මගධයේ අධිරාජ්‍යය ක්‍රමයෙන් පරිහානි ලක්‍ෂණ පෙන්වන්නට වූ නිසාත් මේ කාලයේ ආගමික කටයුතු උදෙසා රාජානුග්‍රහය හීන වන්නට ඇත. පාටලීපුත්‍රයටත් වයඹදිග මධ්‍යස්ථානය වූ පුරුෂපුරයටත් බොහෝ දුරින් වූ ස්ථානයක අජන්තාව පිහිටා තිබීම ද බලපාන්නට ඇත. මෙකල ලැබුණු මන්ද රාජානුග්‍රහය නිසා එතුවක් කල් අජන්තා පර්වත බෑවුමේ ලෙන් නිර්මාණය කරවූ හීනයාන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සිය කාර්යයන් අත්හැර දමන්නට ඇත. කණිෂ්ක රාජ්‍යෝදයට පසුව භාරතයේ මහායානික දර්ශනය පැතිර ගිය අතර සියවස් තුනක් පමණ ම අත්හැර දමා වල්වැදි තිබුණු හෝ ස්වල්පයක් භික්‍ෂූන් වහන්සේලා අතින් අල්ප රාජානුග්‍රහය සහිතව නඩත්තු කරමින් පවත්වාගෙන ආ අජන්තා ලෙන් සංකීර්ණය ආශ‍්‍රිත නව ඉදිකිරිම් මහායානිකයන් විසින් අරඹන්නට ඇතැ’යි සිතිය හැක.
අජන්තාවේ චෛත්‍ය ශාලා - චෛත්‍යශාලාවක් යනු චෛත්‍යඝරයකි. පසුකාලීන චෛත්‍යඝරයට වඩා හැඩයෙන් වෙනස් වුව ද අජන්තා චෛත්‍යශාලා ද චෛත්‍යඝර ගණයේ ලා සැලකිය හැකි ය. මෙය තවුස්පැල අනුකරණයෙන් නිපන්නකැයි සිංහල විශ්වකෝෂය කියයි. (සිංහල විශ්වකෝෂය 11 කාණ්ඩය බලන්න) අජන්තා චෛත්‍ය ශාලා හතරක් වෙයි. (අජන්තා ලෙන් පෙළෙහි අංක 9 ශාලාව, 10 ශාලාව, 19 ශාලාව හා 26 ශාලාව) මේවා අජන්තා වැසි භික්ෂූන් වහන්සේලා ධර්මශාලා හෝ රැස්වීම් ශාලා වශයෙන් භවිත කරන්නට ඇතැයි සැලකිය හැකි ය. මේවායේ හැඩය ඇප්සාකාරය.(එක් කෙළවරක් අඩ වෘත්තාකාර වූ දිගටි හැඩය) පසු කෙළවර සමීපයේ පූජා චෛත්‍යයකි. එය ලෙන හාරන අතර ගලෙහි ම ඉතිරි කළ එකකි. ශාලාව දෙපස බිත්තිවලට මදක් මෑතට වන්නට කුලුනු පේළිය බැගින් වෙයි. මේ කුලුනු නිසා බිත්තිය හා කුලුනු පෙළ අතර ඉඩ ප්‍රදක්ෂිණා පථයක ස්වරූපය ගනී.
අජන්තාවේ චෛත්‍යශාලා දෙවර්ගයක් වෙයි. හීනයානික චෛත්‍ය ශාලා සහ මහායානික චෛත්‍යශාලා යනුවෙනි. මේ නිගමනයට පැමිණ ඇත්තේ ශාලාවල උප අංග ඇසුරෙනි. හීනයානික චෛත්‍ය ශාලා ක්‍රි. පූ. පළමු ශතකයට පෙරාතුව නිර්මාණය කොට ඇත. ඒවා විසිතුරු බවින් අඩු ය. සරල චාම් බවින් යුක්තය. දාරුමය නිර්මාණ ලක්ෂණ බහුල වශයෙන් ම දක්නට ලැබෙන්නේ ද හීනයානිකයන් නිර්මාණය කළ ලෙන්වල ය. (ගලින් කළ ද දැව ගොඩනැගිලිවල දක්නට ලැබෙන හැඩතල මතු කර තිබේ. උදාහරණ ලෙස පියස්සෙහි පරාල හැඩ මතු කර තිබීම සහ කුලූනු පාමුල මැටි බඳුනක හැඩය දක්වා තිබීම යන ලකුණු දැක්විය හැක.) බාහිර අලංකාරයට වඩා අභ්‍යන්තරික ගුණාත්මක භාවය අගය කොට ඇත. ශාලාවෙහි මූලික සැලැස්ම සම වුව ද මහායානිකයන් විසින් නිර්මාණය කළ ශාලා බාහිර අලංකරණය අතින් හීනයානික ලෙන්වලට වඩා හාත්පසින් ම වෙනස් ය. බුද්ධප්‍රතිමා ද සිද්ධ ගාන්ධර්වාදීන් පිරිවරන ලද බුදුන් වහන්සේ දැක්වෙන කැටයම් පුවරු ද දක්නට ලැබේ.
අජන්තාවේ චෛත්‍ය ශාලා අතර වඩාත් පැරණි චෛත්‍ය ශාලා ලෙස හැඳින්විය හැක්කේ හීනයානික චෛත්‍ය ශාලාවන් ය. ඒ අතරින් ද අංක 10 දරන ලෙන වඩාත් පැරණි එක යි. ගල් තලාව අභ්‍යන්තරයට අඩි 95ක් හාරා ඇති මෙහි පළල අඩි 41කි. පියස්සේ උස් ම ස්ථානය දක්වා උස අඩි 36කි. ඉන්දියාවේ ම භාජාවේ ද බෙද්සාවේ ද දක්නට ලැබෙන චෛත්‍ය ශාලාවල ආකාරයට සරල චාම් හැඩයක් මෙහි දක්නා ලැබේ. පියස්සට සබෑ දාරුමය ගොනැස් (නැමි) පරාල සවිකොට තිබීම මෙහි විශේෂ ලක්ෂණයක් ලෙස සිංහල විශ්වකෝෂය දක්වයි. පේකඩ කැටයමින් තොරව අටැස් පාදම් සහිත කුලූනු පෙළින් වෙන් වූ ප්‍රදක්ෂිණා පථයේ පියස්සෙහි ගලෙන් ම පරාල හැඩ මතු කොට ඇත. සාංචි කැටයම් ශෛලියට සම ශෛලියකින් නිර්මාණය කළ සිතුවම් ද මේ ලෙන තුළ දක්නට ලැබේ. ලෙන් බිත්ති වල ලිපි කොටා ඇති අතර පුරා අක්ෂර විද්‍යාවට අනුව මෙම අක්ෂර ක්‍රි. පූ. දෙවන ශතකයට පමණ අයත් වෙයි. ඊට අනුව මෙම ලෙන ඊටත් පෙර අවධියක නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැක. ලෙනෙහි ඇති පූජාස්ථූපය ද විශේෂ ඓතිහාසික අගයක් ඇති එකකි. එයින් ස්ථූප සඳහා ඡත්‍ර භාවිතයේ අතීතය හෙළි කරන බැවිනි. (මුල් කාලයේ මෙහි දාරුමය ඡත්‍ර සවිකොට තිබී ඇති බවට සාධක ඇත. ඡත්‍ර භාවිතය ලංකාවේ නම් ක්‍රි.ව. 7වන සියවස වන විටත් පැවති බව විද්වත් මතයයි. (බලන්න ස්ථූප - මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා / ලංකාවේ ස්ථූපය - මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා / ලංකාවේ ස්ථූපය - මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා) එහෙත් මෙහි ආරම්භය නිශ්චිත නැත. ක්‍රි.පූ. 2වන ශතකය වන විටත් ස්ථූප සඳහා ඡත්‍ර භාවිත වීම ඇරඹී තිබූ බවට සාධක සපයන භාරතීය කැටයම් පුවරු හමුවී තිබේ. අජන්තාවේ ස්ථූප ශෛලමය නිර්මාණ නිසාත් එම ස්ථූපය ස්ථූප නිර්මාණයේ යම් පරිණත තත්ත්වයක් උදාකරගෙන සිටි යුගයකට අයත් බව පෙනෙන නිසා ත් නිර්මාණ ශිල්පියා ස්ථූපය නිර්මාණයේදී පූර්ව නිර්මාණ ද ආදර්ශයට ගන්නට ඇතැයි සිතිය හැක. ඊට අනුව ඡත්‍රයේ උපත ඊටත් පෙර යුගයක සිදු වූයේ යැයි අනුමාන කළ හැක.)
ක්‍රි. ව. පළමු ශතකයට අයත් යැයි සැලකිය හැකි අංක 9 දරන චෛත්‍යශාලාව ද යම් විශේෂත්වයක් සහිත එකකි. එහි බාහිර සැලැස්ම සතරැස්වීමත් ප්‍රදක්ෂිණාපථයේ පියස්ස පැතලිවීමත් ඊට හේතූන් වේ. මේ ලක්ෂණ අන් චෛත්‍යශාලාවන් හි දක්නට නොලැබේ. චෛත්‍ය ශාලාව ඉදිරිපස චෛත්‍ය කවුළු සහ ගරාදි වැටවල් කැටයමින් අලංකාර කර ඇති නිසා සමස්තයක් වශයෙන් ගත් කල ද මෙම චෛත්‍යශාලාව විසිතුරු බවින් වැඩි ය. සාමාන්‍යයෙන් හීනයානික ලෙන්වල දක්නට නොලැබෙන පරිදි බුද්ධ ප්‍රතිමා ද මෙහි දක්නට ලැබේ. (මේ බුද්ධ ප්‍රතිමා ක්‍රි. ව. 5- 6 සියවස්වල කලා ලක්ෂණ පෙන්වයි. එබැවින් මේවා පසු කාලීනව එක්කළ අංග වශයෙන් ද සැලකිය හැක.) මේ චෛත්‍ය ශාලාව පිළිබඳ අධ්‍යයනය කළ ෆර්ගසන් මහතා මෙය අජන්තාවේ පැරණිතම චෛත්‍ය ශාලාව විය හැකි බවට ද මතයක් පළ කළේ ය. එහෙත් ඒ මතයට විරුදුව නැගී සිටිනා සාධකයෝ බොහෝ වෙති.
හීනයානිකයෝ මෙහි ලෙන් නිර්මාණය නතරකර හෝ ලෙන් සංකීර්ණය අත්හැර ගොස් හෝ සියවස් ගණනකට පසුව මහායානිකයෝ මෙහි ලෙන් නිර්මාණය කිරීම ඇරඹූ බව පොදු පිළිගැනීම යි. ඔවුහු ද මෙහි විහාර ශාලා මෙන් ම චෛත්‍ය ශාලා ද නිර්මාණය කළ හ. එම චෛත්‍ය ශාලා මූලික හැඩයෙන් හීනයානික ලෙන්වලට බොහෝ සමාන වග ඉහත සඳහන් කළෙමු. ඊට හේතු වන්නට ඇත්තේ මහායානිකයෝ මුල් හීනයානික ලෙන් මූලාදර්ශයට ගැනීම විය හැක. එසේ නිර්මාණය කළ චෛත්‍ය ශාලා දෙකක් දැනට හඳුනාගෙන තිබේ. එයින් ද වඩාත් පැරණි චෛත්‍යශාලාව සේ පිළිගැනෙන්නේ අංක 19 දරන චෛත්‍ය ශාලාවයි.
අංක 19 දරන චෛත්‍ය ශාලාවේ පියස්ස හීනයානික චෛත්‍ය ශාලාවල මෙන් ම නිමවා තිබුණ ද ප්‍රදක්ෂිණා පථයේ පියස්ස පැතලි ය. ශාලාව ප්‍රමාණයෙන් තරමක් කුඩා ය. එහෙත් අත්‍යන්තයෙන් ම විසිතුරු ය. නිර්මාණයේ දී දාරුමය නිර්මාණ අභාසයෙන් බොහෝ දුරට මිදී ඇත. හීනයානික ලෙන්වල තිබූ සරල චාම් කුලුනු වෙනුවට මෙහි ඇත්තේ පාදම ද පේකඩ ද මනෝහර කැටයමින් උපලක්ෂණය කළ විසිතුරු කුලුනු පෙළකි. කුලුනු පෙළෙහි ඉහළ සීමාවත් පියස්සත් අතර තීරය විසිතුරු ගල් කැටයම් පෙළකින් අලංකාර කර ඇත. (මෙය හීනයානික ලෙන්වල දක්නට නොලැබුණු අංගයකි) මෙම කැටයම්වල සිද්ධ ගාන්ධර්වාදීන් පිරිවරන ලද බුදුන් වහන්සේ ගේ රුව ඇතුළු තවත් බොහෝ කැටයම් දක්නට ලැබේ. මෙම කැටයම් පුවරුවලට ඇති බුදු රුවට අමතරව පූජා ස්ථූපය ඉදිරිපිට ද බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබේ. මෙම ලෙන මහායානික නිර්මාණයක් බවට නිගමනය කිරීමට මෙම බුද්ධ ප්‍රතිමා ද සාධක වශයෙන් ගෙන ඇත. (වයඹ දිග ඉන්දියාවේ කණිෂ්ක රාජ්‍යෝදය සමගින් මහායානික දර්ශනය බිහි වූ අතර ඒ වන විටත් නිර්මාණය වී නොතිබුණු මානව රූපාකාර බුද්ධ ප්‍රතිමාව මහායාන දර්ශනය අනුව යමින් කණිෂ්ක රාජානුග්‍රහය මත ග්‍රීක ශිල්පීන් විසින් ඉන්දියාවේ දී නිර්මාණය කළ බව පොදු පිළිගැනීම යි. මහා පුරුෂයෙකු වූ ද අප්පටිම වූ ද බුදුන් වහන්සේ සාමාන්‍ය මානව රූපකායෙන් නිර්මාණය කිරීමට හීනයානිකයෝ පසුබට වුව ද මහායානිකයෝ ඒ සඳහා පසුබට නොවූ හ.) මෙම චෛත්‍ය ශාලාව ඉදිරිපිට තූර්යවාදකයින් සඳහා ඉඩක් වෙන් කොට තීබූ බව ද පෙනෙයි. ඊට අමතරව ලෙන ඉදිරිපිට කුඩා මන්දිර සහිත අංගණයක් (ද්වාරාංගණයක්) නිර්මාණය කොට තිබූ බව ද පෙනී යයි. මහජන ගැවසීමට වැඩි ඉඩක් සදමින් මහජන ඇසුර වැඩි වශයෙන් අපේක්ෂා කිරීම එහි යටි අරුත විය හැක. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමක් ලෙන් දිවිය තෝරා ගන්නේ ආධ්‍යාත්මික අංශය සංවර්ධනය කරගනිමින් යම් මාර්ගඵලයක් අත්කර ගැනීමේ අපේක්ෂාවෙනි. එවැනි භික්ෂූන් වහන්සේලා සෙසු ලෝකයෙන් වෙන්වී හුදෙකලාව සිටීමට වඩාත් ප්‍රිය කරති. එය හීනයානික ලක්ෂණයකි. ඊට පටහැනි ලක්ෂණ මෙම ලෙනෙහි දක්නට ලැබීමෙන් පෙනී යන්නේ ද මෙය මහායානික ලෙනක් බව යි. ඊට ම සමගාමීව චෛත්‍ය ශාලාවේ ඉදිරිපස ද විසිතුරු කැටයමින් සරසා ඇත.
ශාලාවේ පූජා චෛත්‍යය ඉදිරිපිට හිටි බුදුපිළිමයක් නෙළා තිබේ. චෛත්‍යයට ම සම්බන්ධ කුඩා කුටියක් තුළ වැඩසිටින සේ මෙය නිර්මාණය කර ඇත. චෛත්‍යයේ ඡත්‍ර තුනක් දක්නට ඇත. චෛත්‍යවිභාගවිනයෝද්භව සූත්‍රයට අනුව නම් සර්වඥ ධාතු සහිත ස්ථූපයකට ඡත්‍ර 13ක් යෙදිය යුතු ය. ඡත්‍ර 3ක් යොදන්නේ අනාගාමීන් උදෙසා ඉදිකරන චෛත්‍යයක ය. ඊට අනුව මෙම ස්ථූපය සර්වඥ ධාතු නිධන් කළ ස්ථූපයක් නොවිය හැක.
සුලු වෙනස්කම් කිහිපයක් හැරුණු විට අංක 26 චෛත්‍ය ශාලාව ද අංක 19 චෛත්‍ය ශාලාවට අතිශයින් සමානවේ. මෙය ද මහායානික නිමැවුමකි. විසිතුරු බවින් වැඩිවීම හා පූජා චෛත්‍යය ඉදිරිපිට ඇති බුද්ධ ප්‍රතිමාවේ පාද ප්‍රලම්භපාද ඉරියව්වෙන් (අසුනක හිඳගෙන දෙපා පහතට යොමු කොට සිටීම) දක්වා තිබීම මෙම ලෙනෙහි ඇති විශේෂත්වයකි. (බලන්න ආනන්ද ගුරුගේ මහත්මාගේ දඹදිව බෞද්ධ කලාව කෘතිය) කැටයමින් සරසා ඇති ස්ථූපයේ ඡත‍්‍රාවලිය දැනට දක්නට නොලැබේ. ඇතැම් විට එය දැවයෙන් නිමවා තිබෙන්නට ඇත.
අජන්තාවේ විහාර ශාලා - අජන්තාවේ ලෙන් වර්ග අතරින් දෙවන වර්ගය මෙයයි. මේවා ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථාන වශයෙන් භාවිත වී ඇති අතර චෛත්‍යශාලාවලින් පහසුවෙන් වෙන් කොට හඳුනාගත හැකි පොදු ලක්ෂණ සහිත වේ. මේවා ද මහායානික විහාරශාලා හා හීනයානික විහාරශාලා වශයෙන් දෙවර්ගයකි. ප්‍රධාන හා තරමක් විශාල ශාලාවක් හෙවත් මධ්‍ය ශාලාවත් ඒ වටා සැකසුනු කුඩා කුටි හෙවත් භික්ෂු කුටි පෙළක් සහිත වීමත් හීනයානික විහාර ශාලාවල ප්‍රධාන ලක්ෂණය යි. මහායානික විහාර ශාලාවල මධ්‍යශාලාව, භික්ෂු කුටි ආදියට අමතරව පිළිම ගෙයක්, ආලින්දයක් වැනි වෙනත් අංගවලින් ද සමන්විත වෙයි. මුල් කාලීන විහාර ශාලාවල දාරුමය ගොඩනැගිලි අනුකරණය කළ කුලුනු පේළි දක්නට නැතත් පසු කාලීන, විශේෂයෙන් මහායානික නිර්මාණවල දැව ගොඩනැගිලි ආකෘතියක් දක්නට ලැබේ. එහෙත් එම ලක්ෂණය ලෙන් විහාරවල විචිත්‍ර බව වැඩි කිරීමට යොදා ගත් වාස්තු විද්‍යාත්මක අංගයක් සේ සැලකීම වඩාත් උචිත ය. (චෛත්‍ය ශාලා විශයයෙහි මේ ලක්ෂණය දක්නට ලැබෙන්නේ මීට ප්‍රතිවිරුද්ධ ආකාරයට ය. ඒවායේ පසුකාලීන මහායානික ලෙන් දාරුමය ගොඩනැගිලි ආකෘතියෙන් මිදී ඇත.)
චෛත්‍ය ශාලා සම්බන්ධයෙන් සේ ම මහායානික විහාර ශාලා සම්බන්ධයෙන් ද සඳහන් කළ හැකි විශේෂ කරුණ නම් හීනයානික විහාර ශාලාවලට සාපේක්ෂව මහායානික විහාර ශාලා විසිතුරු බවින් වැඩි බවයි. එමෙන් ම ඒවා මූලික සැලසුම අතින් සංකීර්ණ බවක් ද පෙන්වයි.
හීනයානික හා මහායානික දෙවර්ගයට ම අයත් විහාර ශාලා අතරින් වඩා පැරණි ශාලාව වන්නේ අංක 12 දරන ශාලාව යැයි මේවා පිළිබඳ පර්යේෂණ කළ විද්වත්හු පිළිගනිති. එහි මධ්‍ය ශාලාවේ කුලූනු දක්නට නොලැබේ. මධ්‍ය ශාලාව වටා ඇති පරිවාර කුටි හෙවත් භික්ෂු කුටිවල ශෛලමය ශයනාසනය බැගින් තනා ඇත. ශාලාවේ පුරෝභාගය තරමක් විනාශ වී ඇතත් පුරාතන ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාගේ අල්පේච්ඡ ජීවිතය පිළිබඳ ජීවමාන සාධකයක් සේ මෙය හැඳින්විය හැක. සරල බව සෑම තැනෙක ම දක්නා ලැබේ. එක් බැල්මකින් ලෙනෙහි සමස්තය දැකිය හැකි තරම් ය. කුලූනු හෝ වෙනත් කැටයම් ආදියෙන් සංකීර්ණත්වයට පත්ව නැත.
මීට අතිශය සමාන සැලසුමක් සහිත අංක 13 ශාලාව ද හීනයානිකයන් ගේ නිර්මාණයකි.
මහායානිකයන් නිර්මාණය කළ පැරණි ම විහාර ශාලාව ක්‍රි‍.ව.පස්වන සියවස මුල පමණ නිර්මාණය කළේ යැයි පිළි ගත හැකි අංක 11 දරන විහාර ශාලාවයි. එය මහායානික නිර්මාණයක් සේ සැලකෙන්නේ එහි ඇති අතුරු අංග නිසා ය. පසුපස බිත්තියේ ඇති කුටි පෙළ අතරින් හරිමැද පිහිටි කුටිය පිළිම ගෙයක් සේ සකසා ඇත. එහි ඇති පිළිමය වටා ප්‍රදක්ෂිණා පථයක් තිබීමෙන් ප්‍රතිමා වන්දනාව සම්බන්ධයෙන් මෙකල එතරම් ව්‍යවහාරයක් නොපවතින චාරිත්‍රයක් එකල පැවති බව පෙනී යයි. ශාරීරික හා පාරිභෝගික චෛත්‍යයන් ප්‍රදක්ෂිණාවට ලක්කළ ද උද්දේසික චෛත්‍යයක් වන බුදු පිළිමයක් මෙකල සාමාන්‍යයෙන් ප්‍රදක්ෂිණාවට භාජනය වන්නේ මද වශයෙනි. මන්දයත් බුද්ධ ප්‍රතිමාවක් වනාහි බුදුරදුන්ගේ ඇතැම් සුවිශේෂී ආධ්‍යත්මික හා ශාරීරික ගුණ ප්‍රකට කර ඒ තුළින් භක්තිය ජනනය කරනු වස් කළ නිර්මාණයක් වන බැවිනි. ලංකාවේ සුප්‍රකට ප්‍රතිමා රැසක ම ප්‍රදක්ෂිණාවට වඩා ආමුඛ වන්දනාවට පහසුකම් සලසා ඇත.
අජන්තා විහාර ශාලා අතර අංක 7 හා 6 දරන ශාලා වඩාත් වැදගත් වන්නේ විහාර ශාලා නිර්මාණයේ යම් යම් වර්ධනීය ලක්ෂණ පෙන්නුම් කරන බැවිනි. මධ්‍ය ශාලාවේ කුලුනු පේළි යොදා ඇති අතර ඒවා එක්තරා පිළිවෙළකට ක්‍රමයෙන් හැඩගැසුණු ආකාරය මෙම ලෙන් දෙකෙන් අධ්‍යයනය කළ හැක. අංක 7 දරන ශාලාවේ පරිවාර කුටි නිර්මාණය සෙසු ඒවාට වඩා වෙනස් වේ. එහි මැද ශාලාවේ බිම් මට්ටමට වඩා තරමක් උස් කොට භික්ෂු කුටි නිමවා ඇත. මධ්‍ය ශාලාව දිගු ය. ඊට පිටුපසින් අන්තරාලයක් (ප්‍රධාන ශාලා දෙකක් යා කෙරෙන අන්තර් කොටසක්) ඊට පිටුපසින් පිළිම ගෙයක් දක්නට ලැබේ.
අංක 6 ශාලාව අජන්තාවේ ඇති එක ම දෙමහල් ලෙන යි. මෙහි යටිමහල උඩුමහලේ බර දැරීමට හැකි වන අයුරින් කළ දාරුමය ගොඩනැගිල්ලක ස්වරූපයෙන් ඉදිකර ඇත. එක ම කුලුනු පෙළක් යටි මහලේ සතර පසින් දිව යයි. උඩු මහලේ කුලුනු පේළි සතරකි. ඊට අමතරව එහි බුද්ධ ප්‍රතිමා ද විශාල සංඛ්‍යවක් තැම්පත් කර ඇත.
චිත්තාකර්ෂණීය බිතු සිතුවම් නිර්මාණය කර ඇති, අංක 16 ශාලාව 17 ශාලාව 1 ශාලාව හා 2 දරන විහාර ශාලා ද අතිශය වැදගත් වේ. අජන්තාවේ සිතුවම් අතරින් විචාරක අවධානය වැඩි වශයෙන් ම දිනාගෙන ඇත්තේ මෙම ලෙන් කිහිපයෙහි ඇති සිතුවම් ය. මෙවායෙහි ඇති සිතුවම් වන්නේ
අංක 16 දරන ලෙනෙහි ඇති බුදුවරුන් තිදෙනා, නිද්‍රෝපගත කාන්තාව, ඡද්දන්ත ජාතකයේ මියැදෙන කුමාරයා යන සිත්තම්
අංක 17 දරන ලෙනෙහි ඇති බුදුවරුන් සත් දෙනා, සිංහලාවධානය (ලංකාවට විජය කුමරු ඇතුළු පිරිස පැමිණීම දැක්වෙන සිතුවම), හේතුඵල චක්‍රය, කපිලවස්තු නුවරට වැඩමවීම, අභිෂේක මංගල්‍යය, පෙම්වතුන් යුවල, මහා හංස ජාතකය, මාතුපෝසක ජාතකය, රූරුමිග ජාතකය, ශිවි ජාතකය, වෙස්සන්තර ජාතකය, නාලාගිරි කථාව, ගාන්ධර්ව හා අප්සරා රූප යන සිත්තම් ය.
අංක 2 දරන ලෙනෙහි ඇති මහබෝසතුන් හෙවත් පද්මපාණී බෝධිසත්ව රුව, මාර පරාජය, ශිවි ජාතකය, නාග ජාතකය, පෙම්වතුන්ගේ ප්‍රේමාලාප දෙඞීම යන සිත්තම්
අංක 1 දරන ලෙනෙහි ඇති ශ‍්‍රාවස්ති ආශ්චර්යය, රජ මාළිගාව, ඉන්ද්‍ර ලෝකය, ක්ෂාන්තිවාදී ජාතකය, මෛත‍්‍රීබල ජාතකය යන සිත්තම් ආදිය යි. මේ අතරින් ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් අතිශය වැදගත් සිතුවමක් සේ සැලකෙන සිංහලාවධානය නමැති සිතුවම ශ‍්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් විසින් අඳින ලද්දකැයි විශ්වාස කෙරේ.
වකාටක රාජවංශයේ හරිශේන රජුගේ නම සඳහන් වන ශිලා ලේඛනයක් අංක 16 ලෙනෙහි දක්නට ලැබෙන නිසා එම විහාරය ක්‍රි. ව. 5 වන සියවසට අයත් යැයි අනුමාන කොට ඇත. අංක 17 දරන ලෙන ද මෙම රජුගේ යුගයට ම අයත් යැයි පිළිගැනේ. මින් අංක 16 දරන ශාලාව තරමක් විශේෂ එකකි. එහි මධ්‍ය ශාලාව අඩි 65x65 ප්‍රමාණයේ එකකි. එයට ප්‍රවේශද්වාර තුනකි. ශාලාව ආමුඛයෙහි (ඉදිරිපස) බුදුපිළිමාදියෙන් අලංකෘත චංක්‍රමණයක්(සක්මන් පථයක්) ද වෙයි. මෙහි පිළිමගෙයි ප්‍රලම්භපාද ඉරියව්වෙන් යුතු බුදු පිළිමයක් දක්නට ලැබේ. 16 හා 17 අංක දරන ලෙන් දෙකෙහි ම මධ්‍ය ශාලාව තුළත් ආලින්දයේත් දක්නට ලැබෙන විශේෂ විසිතුරු කැටයම් සහිත කුලුනු නිසාවෙන් විචාරකයින්ගේ වැඩි අවධානය දිනාගෙන ඇත.
අජන්තාවේ විහාර ශාලා අතර විශිෂ්ටතම නිර්මාණ සේ පිළිගැනෙන්නේ අංක 1 හා 2 දරන ලෙන් ය. එයින් ද අංක 1 දරන ලෙන ප්‍රමුඛ වේ. එහි දක්නට ලැබෙන ක්‍රමවත් සැලැස්මත් අලංකාර කැටයම් හා බිතුසිතුවම් ආදියත් නිසා සමස්ත භාරතයේ ම විශිෂ්ටතම ලෙන් විහාරය මේ යැයි පිළි ගැනේ. පමණ ඉක්මවා කැටයම් සැරසිලි නොයෙදී නම් අංක 2 ශාලාව ද අංක 1 ශාලාවට නොදෙවෙනි වනු ඇත. ශාලා දෙකෙහි ම බිත්ති, සීලිම හා කුලුනු බුද්ධ චරිතයට අදාළ කැටයම් - මූර්ති හා සිතුවම් වලින් සරසා ඇත. ආලින්ද, ශාලා, අන්තරාල, ප්‍රතිමාගෘහ හා භික්ෂුකුටි ආදියෙන් යුතුව අංග සම්පූර්ණව නිමවා ඇති මෙම ලෙන් දෙක අජන්තාව ජාත්‍යන්තරයට ගෙන යාමට මහත් සේ හේතුපාදක වී ඇත.
අජන්තාවේ අංක 4 හා 24 දරන ලෙන් විශාල ප්‍රමාණයේ ඒවා වන අතර එයින් ද අංක 4 දරන ලෙන වඩා විශාල ය. එහි මධ්‍ය ශාලාව අඩි 87 බැගින් දිග හා පුළුල ඇතිව නිමවා ඇත. අංක 21 දරන ලෙනේ කුලුනු විශේෂිත ය. ඒවා කලශ හා පර්ණ මෝස්තරයෙන් සැරසූ පේකඩ සහිත ය. අංක 24 දරන ලෙනෙහි ඉහත මෝස්තරයේ තවත් පරිණත අවස්ථාවක් දක්නට ලැබේ. අජන්තාව මේ තත්ත්වය දක්වා වර්ධනය වීමට ඒ සඳහා ලැබුණු දේශපාලන අනුග්‍රහය ද වැදගත් වී ඇත. ආන්ද්‍රයෝ මුල් කාලයේ මේ සඳහා අනුග්‍රහය ලබා දී ඇත. ක්‍රි.ව.4 - 5 සියවස්වල වකාටකයෝ ද වකාටයන් හරහා ගුප්තයෝ ද මීට රාජානුග්‍රහය ලබා දී ඇත. හින්දු භක්තිකයන් වුව ද බටහිර චාලූක්‍යයෝ ද මීට අනුග්‍රහ දක්වන්නට ඇතැ’යි සිතිය හැක.
අජන්තාවේ සිතුවම් දානය ශීලය ආදී යහපත් බෞද්ධ ගුණධර්ම පිළිබඳ උදාහරණ සිත්තම් සැපයීමෙන් ඒවා දකින නරඹන මහජනතාව යහපතට යොමු කිරීම අජන්තා චිත්‍ර ශිල්පීන්ගේ අරමුණ වී ඇතැයි සිතේ. එම නිසා බෝධිසත්ව චරිතය හා බුද්ධ චරිතයට සම්බන්ධ තේමාවන් මෙම සිත්තම් සඳහා පාදක වී ඇත.
අජන්තාවේ ලෙන් අතරින් කුමන ස්වභාවයකින් හෝ සිතුවම් ඉතිරි වී ඇති ලෙන් ප්‍රමාණය දහතුනක් වන බව ආනන්ද පී. ගුරුගේ මහතා සඳහන් කරයි.(ඒ මහතා විසින් රචිත ‘දඹදිව බෞද්ධ කලාව’ නම් කෘතියේ 33 පිට බලන්න.) එසේ වුව ද සිතුවම් නරඹා අවබෝධ කර ගත හැකි අයුරින් හොඳින් ම ඉතිරි වී ඇත්තේ ලෙන් හයක පමණක් බව මීට ඉහත සඳහන් කළෙමු. එම ලෙන් හයෙහි දක්නට ලැබෙන සිතුවම් මෙසේ ය.
අංක එක දරන ලෙන.
සංඛපාල ජාතකය.
චම්පෙය්‍ය ජාතකය.
පද්මපාණි බෝධිසත්ව රුව.
නන්ද කුමරුන් බුදු සසුනට සම්බන්ධ වීමේ සිද්ධියට අදාළ සිතුවම.
මාර පරාජය.
දෙවන පුලකේසී චාලූක්‍ය රජු බැහැදැකීමට පැමිණි පර්සියානු තානාපති පිරිස.
අංක දෙක දරන ලෙන.
සිදුහත් උපත පිළිබඳ සිතුවම.
මහාජනක ජාතකය.
විධුර ජාතකය.
කුලුනකට හේත්තු වී සිටින කුමරිය.
නිළියකට දඬුවම් පමුණුවන්නට සැරසෙන රජු.
බුදු රූ රැස.
අංක නවය දරන ලෙන.
පිරිවර සහිත වූ නාග රාජයා
උපාසක උපාසිකාවන් සහිත වූ බුදුරුව
දාගැබක් සහිත විහාරය
තූර්ය භාණ්ඩ වාදනය කරන ස්ත‍්‍රීන්
අංක දහය දරන ලෙන.
සාම ජාතකය.
ඡද්දන්ත ජාතකය.
අංක දහසය දරන ලෙන
මරණාසන්න කුමරිය.
ඇත් පෙරහැර
අංක දාහත දරන ලෙන.
ඡද්දන්ත ජාතකය.
වෙස්සන්තර ජාතකය.
ස්වර්ණහංස ජාතකය
අන්ධමුනි ජාතකය
බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩම කර ගෙපිළිවෙළින් පිඬුසිඟා වැඩීම.
සිංහලාවදානය(විජයාවතරණය)
සංකස්සපුරයට වැඩීම
නාලාගිරි දමනය
බුදු රූ අට
අජන්තා සිතුවම් පිළිබඳව ඒ. එල්. බෂාම් මහත්මා මෙසේ පවසයි. ‘‘කවර පැරණි ශිෂ්ටාචාරයකට වුව ද අයිතිව අවශිෂ්ට වී ඇති ශ්‍රේෂ්ඨත ම චිත්‍ර අතර ලා අජන්තා බිතු සිතුවම් ද ගණන් ගත හැකි යැයි පිළිගන්නට මැලි වන්නන් ඇත්නම් ඒ ස්වල්ප දෙනෙක් පමණි.’’ (බලන්න ඒ මහත්මා ලියූ අසිරිමත් ඉන්දියාව, 1995 මුද්‍රණය, 475 පිට) අජන්තාවේ ලෙන්වල ගල් බිත්තිය මත තවරන ලද බදාමය පිදුරු හෝ හිසකෙස් සමග මිශ‍්‍ර කොට කල් පවත්නා ලෙස සකස් කළ එකකි. ඒ මත්තෙහි සුදු පැහැ මැටි වර්ගයක් ගා සිත්තම් තලය සකසාගෙන තිබේ. 19වන සියවසේ පළමු වරට මෙම සිත්තම් වත්මන් ලෝකයට අනාවරණය කරන විට තිබූ තත්ත්වයට වඩා අද වන විට බොහෝ සෙයින් දුර්වර්ණ වී හා විනාශ වී ගොස් ඇත. විවිධ හේතු සාධක නිසා තැන තැන බදාම තට්ටු ගැලවී ගොස් හා ගලවා රැගෙන ගොස් ඇත. එහෙත් ඉතිරි වී ඇති බදාම තට්ටු මත්තේ විද්‍යමාන සිත්තම් ස්වල්පය අද වන විටත් සුවිශේෂී ප්‍රාණවත් බවක් සහිතව දක්නට ලැබේ. මේ ප්‍රාණවත් බව රැඳී ඇත්තේ එහි වර්ණවල ය. ඊට අනුව සිත්තම් කරන ලද මුල් කාලවලදී මේවායේ පුදුමාකාර දීප්තියක්, ප්‍රාණවත් බවක් තිබෙන්නට ඇතැයි බෂාම් මහත්මා කල්පනා කරයි. මේ අඳුරු ගුහා තුළ සිත්තම් නිර්මාණය කිරීමේ දී සූර්යාලෝකය ලෙන් තුළට ලබා ගන්නට ඇත්තේ කැඩපත් උපකාරයෙනි. සිත්තම් කිරීමේ හා වර්ණ කිරීමේ දී අනුගමනය කළ ප්‍රධාන ශිල්පීය ක්‍රමවේද දෙකෙන් ප්‍රෙස්කෝ සීකෝ ක්‍රමයට (වියළි බදාමය මත ඇඳීමේ ක්‍රමයට) මෙහි සිතුවම් ඇඳ ඇති බවට බොහෝ දෙනා පිළිගත්ත ද සිත්තම් ඇඳ ඇත්තේ ප්‍රෙස්කෝ බුවනෝ (තෙත බදාමය මත ඇඳීමේ ක්‍රමයට) යැයි ස්වල්ප දෙනෙක් තර්ක කරති.
අජන්තාවේ සිතුවම් ඊට පූර්වකාලීන, සමකාලීන හෝ පසුකාලීන සිතුවම් අතර ඉහළින් ම වැජඹෙන්නට හේතු රැසක් තිබේ. සිත්තම් නිර්මාණය කළ ශිල්පීන් සතුව තිබූ භාව නිරූපණ හැකියාව ඒ හේතුසාධක අතර ප්‍රමුඛ වේ. ඊට අතිරේකව ඔහු විසින් මේ සිත්තම් තුළට කාවැද්දූ සුන්දර, චිත්තාකර්ෂණීය ලාලිත්‍යය ද බලපා ඇත. සිතුවම් තල කළමනාකරණ හැකියාව, සම්පිණ්ඩන හැකියාව, වර්ණ තෝරා ගැනීමේදී දැක්වූ සැලකිල්ල, සත්ත්ව රූප, මිනිස් රූප හා වෘක්ෂලතා වැනි ස්වභාවික වස්තූන් නිරූපණය කිරීමේ දී ස්වාභාවිකත්ව නිරූපණය පිළිබඳව ඔහු තුළ තිබූ ගැඹුරු පරිචය ඉස්මතු වී ඇත. ශිල්පීය හැකියාව හා සංයමය අතින් ද ඔහු ඉහළ ස්ථානයක සිටි බව රේඛා හසුරුවා ඇති අයුරින් විශද වේ. මේ සියල්ල කැටි වුණු සිත්තම් අතරින් සමහරක් පිළිබඳව තොරතුරු ස්වල්ප ප්‍රමාණයක් මෙසේ සටහන් කරමු.
අජන්තාවේ සිතුවම් සඳහා යොදා ගෙන ඇති වර්ණ
වර්ණ 5ක් ප්‍රධාන වශයෙන් භාවිත කර ඇත. ඒ රතු කහ කොළ සුදු හා කළු ය. පසු කාලීනව නිල් පැහැය ද භාවිත කර ඇති අතර එම වර්ණය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ එකක් නොවන්නේ යැයි විද්වත්හු පවසති. පර්සියාවෙන් ගෙන්වා ගත් නීලෝපල හෙවත් වෛදූර්ය නමැති ඛනිජය ඇසුරෙන් මේ වර්ණය නිර්මාණය කරගෙන ඇත.
අන්ධමුනි ජාතකය
අජන්තාවේ අංක 17 ලෙනෙහි දක්නට ලැබේ.
ඇත් පෙරහැර
අංක 16 ලෙනෙහි දක්නට ලැබේ.
ඇත් පොරය
අංක 19 ලෙනෙහි සිවිලිමෙහි මධ්‍ය කොටසෙහි දක්නට ලැබේ.
උපාසක උපාසිකාවන් සහිත වූ බුදුරුව
අජන්තාවේ අංක 9 ලෙනෙහි දක්නට ලැබේ.
කැඩපතකින් මුහුණ බලන ස්ත්‍රිය
17 ලෙනෙහි කුලුනක ඉහළ කොටසෙහි ඇඳ ඇති මේ සිත්තම ද සංචාරක අවධානය දිනාගත්තකි.
කුලූනකට හේත්තු වී සිටින කුමරිය
කුලුනකට හේත්තු වී සිටින කුමරිය ගැඹුරු කල්පනාවක නිමග්න වී සිටිමින් සිය අතැඟිල්ල දෙස බලා සිටින ඇය එක් පාදයක් දණහිසින් නවා කුලුනට තබාගෙන සිටින්නී ය. මිනිසුන් දෙදෙනෙක් ඇය දෙස පුදුමයෙන් හා විමසිලිමත්ව බලා සිටිති. ඉතා කලාත්මක නිර්මාණයකි.
චම්පෙය්‍ය ජාතක සිතුවම
අජන්තාවේ අංක 01 ලෙනෙහි දක්නට ලැබේ. ක්ෂාන්ති ගුණය හා කෘතඥතාව නිරූපණය කිරීම පිණිස ඇඳ ඇත.
ඡද්දන්ත ජාතක සිත්තම
අජන්තාවේ ජාතක සිත්තම් අතරින් වැඩිම කතාබහට ලක් වූ සිත්තම් නම් මෙම ජාතක කතාව නිරූපිත සිත්තම්ය. පැරණි ආරාමික සංඝ දිවියේ පැවති අධ්‍යාත්මික පරිපූර්ණත්වය මේ තුළ ගැබ්ව ඇතැ’යි මෙය නරඹන්නෙකුට සිතේ. සිතුවම් තලයේ පාළු අසමතුලිත හෝ අත්හැරී ගිය ස්ථාන නොමැත. ඇතුන් සම්බන්ධ කතාපුවතක් නිසාත් නරඹන්නා තුළ වැඩි සංවේගයක් ජනනය කළ හැකි නිසාත් දෝ අජන්තාවේ අංක 10 චෛත්‍ය ශාලාවේ හා 17 විහාර ශාලාවේ යන ස්ථාන දෙකේ ම මෙම ජාතකය සිත්තම් කර ඇත. අංක 10 ලෙනෙහි ඇති සිත්තම් වඩා පැරණි ඒවා සේ ද වඩා උසස් ඒවා සේ ද පිළිගැනේ. ශිල්පියා ඇතුන්ගේ රූප ඇඳීමට වඩාත් ප්‍රිය කර ඇති බවක් පෙනේ. පොකුණක දිය කෙළනා ඇත්රැළ ඔහු ඉතා ආශාවෙන් සිත්තම් කරන්නට ඇති බව එහි උසස් නිමාව හා නිර්මාණාත්මක සම්පිණ්ඩනය අවබෝධ කරගත්තෙකුට විශද වෙයි. ඇතුන්ගේ හැසිරීම් රටාව ඔහු කෙතෙක් දුරට අවබෝධ කරගෙන ඇත් ද? නො එසේ නම් ඔහු ජීවත් වුණු පරිසරය ආශ‍්‍රිතව ඇතුන් කෙතරම් නිදහසේ සැරිසරන්නට ඇත් ද? ශිල්පියාට මේ ඇත් දසුන කෙතරම් හුරුපුරුදු එකක් වන්නට ඇත් ද? ඒ සියල්ලට ම මේ ජාතක සිත්තම පිළිතුරු සපය යි. නුග මුල රැඳී හිඳිනා ඇත් මුළත් බිය වී ඔබමොබ දුවනා ඇත් රැළත් ඔහු නිරූපණය කර ඇත්තේ ද ඒ අත්දැකීම් අනුව ය. ඒ දසුන එතරම්ම ස්වභාවිකය. එහෙත් සිත්තමට උචිත වන ලෙස සම්පිණ්ඩනය කොට ඇත. ඊට අමතරව එක් වරම නෙතට ග්‍රහණය නොවන ලාලිත්‍යයක් ඒ තුළ ගැබ් වී නරඹන්නාගේ කලාත්මක හැඟුමන් රහසේ උද්දීපනය කර යි. මෙහි සත්ත්ව රූප හා වනාන්තරයේ වෘක්ෂලතාවන් ද නිරවුල්ව නිරූපණය කොට ඇති අයුරු විශේෂයෙන් ම විමසුමට ලක් කළ යුතු ය. නුගමුල හිඳිනා ඇත් රැළ දැක්වෙන සිත්තමේ මේ ගුණය වෙසෙසා දැක්ක හැකි ය. මේ නුග ගසෙහි කොළ ගෙඩි අතු හා පහළට එල්ලා වැටෙනා මුල් අතරින් ඇත් රූප මතු කර ඇති අයුර දුහුන ශිල්පීන්ට උගත මනා පාඩමක් සේ ය. බෝසත් හස්තියා සෙස්සන් අතරේ ඉස්මතුකොට දැක්වීම සඳහා සෙසු ඇතුන්ගේ චලනයන් හා රටාවන් යොදාගෙන ඇති අයුරු විශිෂ්ට ය. ඒ චලනයන් හා රටාවන් තුළින් බෝසත් ඇතු වඩාත් ඉස්මතු කොට දැක්වුව ද ඉන් සිත්තමේ සමතුලිත බව බිඳී ගොස් නැත. මේ සිත්තම් ගණිතමය ක්‍රමයකට බෙදා හදා අඩුවැඩි කොට නිමවිය නොහැකි වග ආධුනිකයන්ට විශේෂයෙන් ම අවධාරණය කළ යුතු ය. වර්තමාන සිත්තරුන් කෙටි ක්‍රම, කෙටි කාල පරාස, ගණිතමය හා විද්‍යාත්මක ක්‍රම වැනි දේ තුළ සිරගත වී කරන නිර්මාණ තුළ ඇත්තේ අප්‍රිය හා නීරස බවකි. සිත්තරා තුළ තිබිය යුතු අධ්‍යයනශීලීත්වය, නිර්මාණශීලීත්වය හා නිර්මාණය උදෙසා කළ යුතු කැපකිරීම වත්මන් සිත්තරුන් කෙරෙන් ඈත්ව ගොසිනි. අජන්තාවේ මේ සිත්තම් පිළිබඳව මේ තරම් දුරට විග්‍රහ කරන්නේ ඔවුන් තුළ ඒ ගුණ යළි මතු කිරීමේ අටියෙනි.
ඡද්දන්ත ජාතක සිත්තමේ සත්ත්ව හා ශාක රූප පමණක් නොව මිනිස් රූප ද ඉතා උසස් අයුරින් නිර්මාණය කර ඇත. ජයග්‍රහණයේ ප‍්‍රීතිය, ශෝකය, සංවේගය වැනි හැඟීම් සිත්තරාගේ තෙලිතුඩින් ගලා විත් ඇත්තේ ප්‍රාතිහාර්යයකින් සේ ය. ඡද්දන්ත ජාතකයේ සමස්ත සිදුවීම් හා බැඳි සංවේගය අනුව කම්පනය වූ හෘදයක් ඇතිව සිත්තරා පින්සලය දරා සිටි වගක් පෙනෙයි. ඔහුගේ හස්තයේ සියුම් සංවේදී ස්නායු පද්ධතිය ඔහු අත රැඳි පින්සලය හා බද්ධ වීමට බැඳුම්කාරකය වී ඇත්තේ ඔහු තුළ පැවති භක්තිය ම විනා අන් කවරක් හෝ නොවිය හැක. රජ අණ ඉටු කිරීමට ලැබීමේ ප‍්‍රීතිය භුක්ති විඳිනා මිනිසාගේ රුව ද ඔහුගේ ප‍්‍රීතියට හේතුපාදක වූ, එහෙත් සෙස්සන්ට සංවේගය දනවන්නා වූ සිදුවීම නිසා මුසපත් වූ රැජිණගේ රුව ද, සිහිසුන්ව අසුනින් වැටෙන්නට යන ඇය අල්ලා ගැනීමට සැරසෙන සේවිකාවන් රූ ද ශිල්පියා මනාව නිරූපණය කොට ඇත්තේ ය. ඔහු තුළ පැවතියා වූ සමබර හැකියාව එම නිරූපණය තුළ ගැබ්ව ඇත.
තූර්ය භාණ්ඩ වාදනය කරන ස්ත‍්‍රීන්
අජන්තාවේ අංක 9 ලෙනෙහි දක්නට ලැබේ.
දාගැබක් සහිත විහාරය
අජන්තාවේ අංක 9 ලෙනෙහි දක්නට ලැබේ.
දූත රුව ‘නිළියකට දඬුවම් පමුණුවන්නට සැරසෙන රජු’ යටතේ බලන්න.
දෙවන පුලකේසී චාලූක්‍ය රජු බැහැදැකීමට පැමිණි පර්සියානු තානාපති පිරිස.
අජන්තාවේ පළමු ලෙනෙහි දක්නට ලැබෙන මේ සිතුවමේ සිතුවම්මය අගය පරයා නැගී සිටින්නේ ඓතිහාසික අගයයි. මානව රූපවල ලාලිත්‍යය ද ඉරියව් ද ආදිය සැලකූ විට යම් සිතුවම්මය අගයක් ද ඇත්තේ ය. රාජකීය විභූතිය නිරූපණය කිරීමේ දී ශිල්පියා දක්වා ඇත්තේ උසස් ප්‍රතිභාවකි.
නන්ද කුමරුන් බුදු සසුනට සම්බන්ධ වීමේ සිද්ධියට අදාළ සිතුවම. මෙය අංක 16 ලෙනෙහි සිතුවම් කර ඇත්තේ චිත‍්‍රාවලියක් ලෙසිනි. බුදුරදුන් නන්ද කුමරුන් හමු වීමට යාමත් දෙව් ලොව කැඳවාගෙන යාමත් එහි දී ජීවිතයේ ද රූසපුවේ ද ශරීරයේ ද අනිත්‍යභාවය දැක්වීම පිණිස උදාහරණ ගෙනහැරපෑමත්, නන්ද කුමරු පැවිදිවීමත් යන සිද්ධි ශිල්පියා විසින් නිරූපණය කර ඇත. විසඥ වූ කුමරිය හෙවත් මරණාසන්න කුමරිය නම් සිත්තම ද ඊට ම බැඳුණකැ’යි විශ්වාස කෙරේ. නන්ද කුමරුගේ ප්‍රවෘජ්‍යාවත් සමග ජනපද කලණ තුළ ඇති වූ ශෝකය මින් නිරූපණය කෙරෙනවා විය හැක. ඉහත කී සිත්තම් පෙළෙහි වැඩිම විචාරක අවධානය දිනාගත් සිත්තම වන්නේ ද මෙයයි. ස්ත‍්‍රී රූප සමූහයක් මධ්‍යයේ කුමරිය විශේෂ කොට දැක්වීම පිණිස ශිල්පියා විසින් අනුගමනය කර ඇති ක‍්‍රියාමාර්ගය ප්‍රශංසනීය වේ. ඇයගේ කේශ කලාපය සෙස්සන්ට වඩා වෙනස් ය. ඇයගේ සමස්ත රුව නරඹන්නා කෙරෙන් සැඟවී නොයන සේ සෙසු චරිත ස්ථානගත කර ඇතත් එම ස්ථානගත කිරීමේ අස්වාභාවික හෝ කෘත්‍රිම බවක් දක්නට නොලැබේ. ඇයගේ සිරුරේ අප්‍රාණික ස්වභාවය ද මුහුණේ තැවරුණු දැඩි ශෝකය ද ශිල්පියා මැනවින් නිරූපණය කර ඇත. ශිල්පියා මෙම චිත්‍රයේ මූලික පරමාර්ථය මුදුන් පමුණුවාගනු වස් වර්ණයන් ද හැඩතල ද සියුම් ලෙස හසුරුවා ඇත.
නාලාගිරි දමනය
අංක 17 ලෙනෙහි ත්‍රිමදගලිත ප්‍රචණ්ඩ මත් හස්තියාගේ ආවේගයත්,
සසර චාරිකාවේ දී ලත් අනන්තාපරිමාණ අත්දැකීම් සමුදාය නිසා සහ පුරන ලද පාරමිතාවන්ගේ බලය නිසා නිසොල්මන්ව නොබියව හිඳිනා බුදුරදුන්ගේ රුවත් මනාව නිරූපණය කර ඇත. ඇත්රුව හා බුදුරජු රුව අතර කොටසේ භීතිය ද, ත‍්‍රාසය ද, ශෝකය ද වේදනාව ද තැවරුණු මිනිස් රූප සමූහයෙන් පුරවා ඇත. බියපත්ව සඳළුතලවල මුලුගැන්වුණු කතුන්ගේ රූප හා නිසොල්මන් බුදුරජ රුවත්, කෝපාවිශ්ඨ නාලාගිරි රුවත් අතර භාවාත්මක වෙනස්කම් නිරූපණය කර ඇති අයුර දුහුන ශිල්පීන් විසින් හැදෑරීමට වටනේ ය. පසුව ඇති සිත්තමේ ත්‍රිමදගලිත නාලාගිරි හස්තියා බුදුරජ පාමුල වැඳ වැටී සිටිනා අයුරු දකින්නෙකු ඒ සිද්ධිය හා මනාව ඒකාත්මික වුවහොත් මේ දැමුණු සන්සුන් ඉරියව් සමග ම බලාපොරොත්තු කඩ වූ දෙව්දතුන්ගේ රුව මනසේ ඇඳෙන්නේ නිතැතින් ම වාගේ ය. ස්ත‍්‍රීහු ස්වර්ණාභරණ මුදා ඒවා නාලාගිරි හස්තියා දෙසට විසි කරමින් යහගුණයට කෘතවේදීත්වය දක්වති. සමස්ත සිත්තම ම නිරීක්‍ෂණය කළහොත් එහි ඇති ක‍්‍රියාශීලී ඉරියව් තුළින් සිතුවම් පටක් සේ මේ අතීත සිද්ධිය මනැසින් දකින්නට හැකිවනු නොඅනුමාන ය.
නිග්‍රෝධමිග ජාතක සිත්තම -
ප්‍රාණවත් බවින් උපලක්ෂිතව නරඹන්නා තුළ කම්පනයක් ඇති කරවමින් අහිංසා ගුණය මූර්තිමත් කරමින් නිම කර ඇති සිත්තමකි.
නිළියකට දඬුවම් පමුණුවන්නට සැරසෙන රජු.
සිත්තම දැකිය හැක්කේ දෙවැනි ගුහාවේ ය. සිත්තමේ රජුගේ මුහුණ කොටස මැකී ගොසිනි. නිළිය රජු අභියස වැඳ වැටී සිටින්නී ය. රජු තේජාන්විත හා රළු ස්වභාවයක් දක්වමින් වම් අත දණහිස මත තබාගෙන දකුණතින් අසිපත ගෙන සිටී. අවට ස්ත‍්‍රීහූ භීතියෙන් ද ශෝකයෙන් ද යුක්තව හිඳිති. එක් ස්ත්‍රියක් දෑතින් ඇස් වසාගෙන වඩාත් භීතියෙන් පසු වන්නී ය. මීට නුදුරින් දූතයෙකු පැමිණ රජුට යමක් පවසන අයුරු සිත්තම් කර ඇත. මෙම දූත රුව ද අජන්තාවේ සිත්තම් අතර වඩාත් කතාබහට ලක්වූවකි. ඊට හේතුව රේඛා මාධ්‍යය ශූර ලෙස හසුරුවමින් ශිල්පියා එය නිර්මාණය කර ඇති ආකාරය යි.
පද්මපාණි බෝසත් රුව පද්මයක් අතින් දරා සිටින නිසා පද්මපාණි නම් ලැබූ බෝසතුන් පිළිබඳව පළමු සටහන මඤ්ජු ශ‍්‍රී මූලකල්ප ග්‍රන්ථයේ ඇත්තේ ය. එම කෘතියේ සඳහන් වන්නේ මේ බෝසතුන් වහන්සේ නෙළුම් මලක් අත දරා ගෞතම බුදුරදුන්ගේ දකුණු පසින් වැඩසිටින බව යි. පද්ම කුලයෙන් පැවත එන උන්වහන්සේ ශ්‍රේෂ්ඨ දෙවියෙකි. මහායානිකයන්ගේ සුඛාවතීව්‍යුහයේ හා කරණ්ඩවව්‍යුහයේ උන් වහන්සේ පිළිබඳව විස්තර කරන්නේ ලෝකය ආලෝකවත් කිරීමේ විශේෂ බලයක් ඇති මහා පුද්ගලයෙකු වශයෙනි.
අජන්තාවේ පද්මපාණී බෝසතු රුව සිත්තම් කළ සිත්තරා සිත්තම්කරණ මුලධර්මයන්ට අමතරව ඉහත කරුණු හොඳින් ම දැන සිටි අයුරු ඔහුගේ සිත්තම නැරඹීමේ දී හොඳින් ම පෙනී යයි. හෙතෙම සෙසු සිතුවම් අතරින් මේ සිතුවම විශේෂ කොට මතු කරන්නට වර්ණ හා හැඩතල යන දෙ අංශයම ද බෝධිසත්ත්ව සංකල්පය පිළිබඳ සිය ඥානය ද උපයෝගී කරගෙන ඇත. මේ සිත්තමේ ප්‍රධාන රුව වන බෝධිසත්ත්ව රුව විශාල කොට දක්වා ඇත. පිරුණු සිරුර හා පැහැපත් භාවය තුළින් කුලීන බව ද අඩවන් දෙනෙතින් මුඛයෙන් හා ඉහළට එසැවී ගිය දෙබැමින් අධ්‍යාත්මික ගුණ ද නිරූපණය කරයි. අට ලෝදහමින් නොසැලෙන උදාර ගුණය මුඛ ශෝභාවෙන් මතු කර ඇත. මේ සිත්තමේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එකම සිත්තම තුළ ලෞකික හා ලෝකෝත්තර යන දෙ අංශය ම සංකේත මගින් දක්වා තිබීම යි. බෝසතුන්ගේ ලෞකික දිවිය පිළිබිඹු කරනා පරිවාර ස්ත‍්‍රීරූප හා මන්ත‍්‍රී ආදීන්ගේ රූප පසුතලයේ ඇති අතර මේ පරිවාර සෙනග හා රාජශ‍්‍රී මැද විසූව ද තමන් ඊට වඩා උසස් උතුම් ලෝකෝත්තර සුවය විඳිනා බව බෝධිසත්වයන් වහන්සේගේ මුහුණේ භාවයන්ගෙන් නිරූපණය කර ඇත. මේ නිර්මාණය උදෙසා ශිල්පියා කෙතරම් කැපකිරීමක් කර තිබේ ද යන්න සනාථ කිරීමට මේ නිදසුන ම ප්‍රමාණවත් ය. බාහිර ඉන්ද්‍රියයන් මගින් පුද්ගල අධ්‍යාත්මය බාහිර ලෝකයට ගලා යන අයුරින් සිත්තම් කිරීමට මේ සිත්තරා කෙතරම් අත්හදාබැලීම් ප්‍රමාණයක් කරන්නට ඇත් ද? රේඛා හා හැඩතල මෙතරම් මටසිලිටි ලෙස හසුරුවා මහාපුරුෂයෙකුගේ රුවක් මෙතරම් උත්තරීතර වන්දනීය අයුරින් සිත්තම් කරන්නට ඔහු කෙතරම් අභ්‍යාස ප්‍රමාණයක් කරන්නට ඇත් ද? මේ මහා පුරුෂයාගේ ලෝකෝත්තර ගුණ ද බාහිර හැඩතල ද නිසි අයුරින් සිත්තම් කරන්නට ඔහු කෙතරම් පොත පත පරිශීලනය කරන්නට ඇත් ද? බුද්ධි ලෝකයේ සැරිසරන්නට ඇත් ද? ඇසීම් දැකීම් විමසීම් තුළින් කෙතරම් දුරට බුද්ධිය වඩා ගන්නට ඇත් ද? මේ සිතුවම් තුළින් ඒ පුරාණ සිත්තරා වත්මන් දුහුන (ආධුනික) සිත්තරුන්ට දෙනු ලබන ආදර්ශය එය යි. සිත්තරා වනාහි පින්සලයෙන් ද පැන්සලයෙන් ද ඔබ්බට යා යුතු ය. ඔහු ගවේෂණශීලී විය යුතු ය.
පද්මපාණී බෝසත් සිත්තම සෙසු සිත්තම් අතර සුවිශේෂී වන්නට ශිල්පියා තුළ තිබූ ශිල්පීය හැකියාව හා බුද්ධිය ඉවහල් වී ඇති බැව් ඔබට වැටහෙන්නට ඇත.
බෝසතුන්ගේ පුළුල් පුන් උරතල හා පිරුණු මස්ගොබ සහිත බාහු යුග්මයෙන් ද හිසෙන් ද වාසනා ගුණය පිළිබිඹු කරන ගෙලෙන් ද මේ රුව වඩාත් අලංකාර වී ඇත. බෝසත් කුමරුන්ගේ රාජතේජස මතු කිරීම සඳහා ශිල්පියා රාජාභරණ නිසි ලෙස යොදාගෙන ඇත. මිණි එබ්බවූ රන්කිරුළ තරමක් උස් ය. මනෝහර කැටයමින් සරසා ඇත. එය කුමරුන්ගේ මුහුණේ හැඩයට ද ස්වභාවයට ද ගැළපෙන්නා සේ ම මුහුණේ නිරූපිත භාවයන් වඩාත් ඉස්මතු කිරීමට ද උපකාරී වී ඇත. දිදුලන මුක්තාභරණය ද විශාල කුණ්ඩලාභරණය ද අත් වළලු ද විසින් ඉහතින් කී රාජතේජස තීව‍්‍ර කරන්නේ ය. උරතලය හරහා එල්ලී වැටෙන මුතුවැල බෝසත් කුමරුන්ගේ ප්‍රතාපවත් බව මතුකර දක්වයි. පරිවාර පුද්ගලයන් දැක්වීමේ දී ශිල්පියා බෝසත් රූපයේ මුඛ්‍යභාවයට හානි නොවන සේ ඒවා සිත්තම් කර ඇති අයුරු ප්‍රශංසනීය වේ.
සිතුවමේ පසුතලයේ ඇති මානව රූප තුළින් ද ශිල්පියා යම් අරුතක් ඉස්මතු කිරීමට උත්සාය කළේදැ’යි සිතේ. එම රූප අතර විවිධ ලක්ෂණ නිසාවෙන් එකිනෙකාට වෙනස් වූ රූප තිබීම ඊට හේතුවයි. ඒ අතරින් පර්සියන් ඌරුව සහිත සේවිකා රුව ද නීග්‍රෝ හැඩරුව සහිත සෙබල රුව ද විශේෂ හා පැහැදිලි වෙනස්කම් සහිත ඒවා ය. මේ ආකාරයට විවිධ ජාතිකයන් දක්වා තිබීමෙන් ශිල්පියා අදහස් කරන්නට ඇත්තේ බුදු දහම ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ට සාධාරණ බව විය යුතු යැයි සිංහල විශ්වකෝෂය කියයි. බෝසත් රුව පසෙකින් ඇඳ ඇත්තා වූ ද පද්මපාණී බෝ සතුන්ගේ ‘ශක්ති’(භාර්යාව) සේ විචාරකයන් විසින් හඳුනා දෙන්නා වූ ද නෙළුමක් අත දරා සිටින්නා වූ ද ස්ත්‍රියගේ රුව සහ ඉහතින් කී රූප රැස ද ඇතුළත්ව පසුතලය තරමක් අඳුරු වර්ණයෙන් නිමවා ඇත.
මෙම සිත්තම ගුප්ත යුගයේ උදා වූ කලා උන්නති සමයේ නිර්මාණය වූ උසස් සිත්තමක් සේ පිළිගැනේ. ශාන්ත ලක්ෂණ හා සුකොමල අඟපසඟ නිරූපණය එහි මුඛ්‍ය ලක්ෂණ වේ. රේඛා ලාලිත්‍යය අතින් ද මේ යුගයේ සිත්තම් උසස් සේ පිළිගතහැක. සිංහල විශ්වකෝෂය කියන්නේ බෝසත් රුව සහිත මේ ලෙනෙහි (අංක 1 ලෙන) ඇති සිත්තම් නිර්මාණ ලක්ෂණ අතින් සාරානාත් හා මථුරාවේ ඇති කැටයම් වලට සමාන වන බව යි.
සමස්තයක් ලෙස ගත් කල මෙම සිතුවම ත්‍රිමාණ ලක්ෂණ දැක්වීම හා වර්ණ සංයෝගය අතින් ද ඉතා උසස් ය. භාව නිරූපණය අතින් ශිල්පියා දක්වා ඇති කුසලතාව ද අගයකටයුතු ය. සම්පිණ්ඩන හැකියාව හා තල කළමණාකරණය ද ප්‍රශස්ත මට්ටමක පවතී. අජන්තාවේ සංකේතය මේ යැයි කිව හැකි තරමට ම මේ සිත්තම ලෝ ප්‍රකට වූයේ ඒ නිසා විය යුතු ය.
පිරිවර සහිත වූ නාග රාජයා
අජන්තාවේ අංක 9 ලෙනෙහි දක්නට ලැබේ.
පෙරහැරින් බෝධිය වෙත යන රජු.
අංක 10 ලෙනෙහි වම්පස බිත්තියේ ඇති සිත්තමකි. රජු පිරිවර සහිතව ගමන් කරයි. රජුගේ ආරක්‍ෂක සෙබළුන් ද සංගීතඥයන් වැනි විනෝදාස්වාද සපයන්නන් ද ස්ත‍්‍රීන් ද නිසා ඒ පිරිවර සෙනග අතරින් විවිධත්වයක් පැන නැගී ඇත. සුන්දරත්වය ඉස්මතු කිරීම සම්බන්ධයෙන් ශිල්පියා තුළ තිබූ හැකියාවත් ඔහුගේ වින්දන ශක්තියත් මේ සිත්තමෙන් නිරූපණය වේ. ඊට අමතරව ශිල්පියාගේ කුසලතාව රේඛා භාවිතය තුළින් ද ත්‍රිමාණ ලක්‍ෂණ දැක්වීම තුළින් ද විද්‍යමාන වේ.
බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩම කර ගෙපිළිවෙළින් පිඬුසිඟා වැඩිම.
මෙම සිත්තම ද විචාරක අවධානය දිනා ගත් සිත්තමකි. සම්පිණ්ඩණය හා සමස්ත නිරූපණය අතින් ගත් කල උසස් නිර්මාණයකි. බුදු රුව විශාල කොට දක්වා ඇත. මාළිගයේ සඳලුතලයේ හිඳ පුතණුවන්ට ඔහුගේ පියාණන් පෙන්වන යශෝධරාවගේ රුව කුඩාවට දක්වා ඇත. මේ ආකාරයට මානව රූප පරිමාණ තීරණය කිරීමේ දී ශිල්පියා වඩාත් උපයෝගී කර ගත්තේ පර්යාවලෝකන රීතිය නොව බුදුරදුන්ගේ උත්තරීතර භාවය ඉස්මතු විය යුතුය යන හැඟීම විය යුතු ය. බුදු සිරිපා පද්මයක් මස්තකයේ ඇති අයුරින් නිරූපණය කර ඇති නිසාත් බුදු සිරසට දෙවියෙකු විසින් මුතු කුඩයක් අල්ලාගෙන සිටින ආකාරය දක්වා ඇති නිසාත් ඉහත මතය වඩාත් තහවුරු වේ. බුදුරදුන් වෙතින් දක්නට ලැබෙන්නේ ලෝකෝත්තර වූත් ශාන්තිය කරුණාව හා මධ්‍යස්ථ භාවය රැඳුණා වූත් භාවයකි. අතිමහත් පරිශ‍්‍රමයක් දැරීමෙන් ද සසර පුරා දිගු කලක් සැරි සැරීමෙන් ද උදාකරගත්තා වූ උත්තරීතරභාවය ගිහි දිවියේ පුරාණ ලකුණු දැකීමෙන් මැඩිය නොහැකි බව ද ඉන් නොසැලෙන බව ද එයින් නිරූපිතය. එහෙත් බුදුරදුන් එම ස්වභාවයෙන් සිටින්නේ දැඩි පරිශ‍්‍රමයකින් නොවන බැව් දක්වා තිබීමෙන් බුදුරදුන්ගේ උත්තරීතර භාවය වඩාත් තීව‍්‍ර කර ඇත.
බුදුරදුන් පිදීමට පැමිණෙන සක්දෙව් රජු
අංක 17 ලෙනෙහි පිවිසුම් ද්වාරයේ ඉහළින් දක්නට ලැබෙන සිත්තමකි.
බුදු රූ අට
අංක 17 ලෙනෙහි පිවිසුම් ද්වාරයේ ඉහළින් දක්නට ලැබෙන සිත්තමකි.
මත්ස්‍ය ජාතකය
අංක 17 ලෙනේ පිටත කුටියේ සිත්තම් කර ඇත.
මරණාසන්න කුමරිය.
අජන්තාවේ සිතුවම් යටතේ ‘නන්ද කුමරුන් බුදු සසුනට සම්බන්ධ’ වීම යටතේ බලන්න.
මහා කපි ජාතකය
අංක 17 ලෙනේ මුඛ්‍ය ශාලාවේ දක්නට ලැබේ.
මහාජනක ජාතක සිත්තම
අජන්තාවේ අංක 01 ලෙනෙහි දක්නට ලැබේ. ස්වාමිභක්තිය නිරූපණය කරයි.
මහීස ජාතකය
අංක 17 ලෙනේ මුඛ්‍ය ශාලාවේ දක්නට ලැබේ.
මාතුපෝසක ජාතකය
අංක 17 ලෙනේ පිටත කුටියේ සිත්තම් කර ඇත.
මාතෘ දිව්‍ය රාජයාට විජම්බණ(අභිධර්මය)දෙසීම
අංක 17 ලෙනෙහි දක්නට ලැබෙන සිත්තමකි.
මාර පරාජය
අජන්තාවේ අංක 01 ලෙනෙහි දක්නට ලැබෙන තවත් මනහර සිත්තමකි. බුදුරදුන් මාර පිරිස මධ්‍යයේ භූමිස්පර්ශ මුද්‍රාවෙන් වැඩහිඳී. ඒ වනාහි මාර පරාජය සිත්තමෙහි බුදුරුව දැක්වීමේ දී ඊට ආවේණික වූ මුද්‍රාව වන්නේ ය. බුද්ධත්වයට පත්ව ලෝසතට සත්‍ය වටහා දී ඔවුන් සසර දුකින් මුදා ගැනීමට තමන් වහන්සේට ඇති හැකියාවට ද අයිතියට ද හේතු වූයේ පුරන ලද පාරමිතාවන් ය. පාරමිතාවන් පිරූ වගට සාක්‍ෂි සපයන්නේ පොළෝ මහීකාන්තාව හෙවත් මිහිකත යි. පොළොව යි. පොළොව දෙසට අත දිගු කරගෙන හිඳින්නේ ඒ නිසා ය. අවලක්‍ෂණ විරූපී මුහුණ සහිතව මාර සේනාවෝ බුදුරදුන් අවට අවි දරා හිඳිති. මාරයාගේ සුරූපී දියණියන් වන තණ්හා රතී හා රඟා ද බුදුරදුන් සිත වසඟයට ගැනීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටිති. මේ කලබලකාරී මාර සේනාව ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී හිඳිනා බුදුරුව අයහපත පරාජය කර යහපත ජය ගන්නා බව දක්වන සංකේතයක් වැන්න. බුදුරුව වඩා විශාල කොට දක්වා ඇත්තේ ද පුරන ලද පාරමී බලයෙන් හා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සසර ඇවිද ලත් අත්දැකීම් වලින් සන්නද්ධ බුදුරදුන් හා ගැටීමට මාර සෙනග තුළ ශක්තිය නොමැති බව දැක්වීමට සේ ය. මාර සේනාවේ රළු ස්වභාවය බුදුරදුන්ගේ වතෙහි ඇති ශාන්ත සුන්දරත්වය අභියස මුළුගැන්වේ. මේ වනාහි අජන්තා ශිල්පියාගේ භාව නිරූපණ හැකියාවට මනා නිදසුන් වන්නේ ය.
රජ පෙරහැර
17 ලෙන. අලිඇතුන් හා පරිවාර සෙනග සහිතව ගමන් ගන්නා රජුට සේසත් දරා සිටින සේවිකාවන් විසින් පහසුව සපයා ඇත. ඇතුන් ඇඳුමින් අලංකාර කර ඇත.
රජමාළිගයක දර්ශනය
17 වන ලෙනෙහි දක්නට ලැබේ. මානව රූප කිහිපයකින් ද යුක්තය. ඒ අතර රජ බිසවකගේ රුව- සේසත් දරා සිටින ස්ත‍්‍රීන් දෙදෙනෙක්ගේ හා කවුළුවකින් බලා සිටින ස්ත‍්‍රීන් දෙදෙනෙකුගේ රුව ආදිය ඇත.
වජ‍්‍රපාණී බෝසත් රුව
01 ලෙනෙහි දක්නට ලැබෙන මේ රුව පද්මපාණී බෝසත් රුව තරම් ම ප්‍රශස්ත නොවෙතත් තරමක් උසස් රුවක් ලෙස දැක්විය හැක. පද්මපාණී රුවට වඩා විසිතුරු ය. නිහඬ ඉරියව්වෙන් යුක්ත ය. මුතුවැලින් බඳ සරසා ඇත. මුහුණුවර තරමක් රළු වුව ද විසිතුරු ය.
වෙස්සන්තර ජාතක සිත්තම
ලංකාවේ බෞද්ධ සිත්තරුන් විසින් ද සිත්තම් සඳහා බහුලව ම යොදා ගත් තේමාවකි. මෙය දානයේ මහිමය විදහා පෑම උදෙසා නිර්මාණය කර ඇත. මෙම සිත්තම අජන්තාවේ දී දැකගත හැක්කේ 17වන ගුහාවේදී ය. සිංහල විශ්වකෝෂය කියන්නේ වෙස්සන්තර රජු තපසට යෑමට පිටත්වීමට පෙර මද්‍රි දේවියගෙන් සමු ගැනීමට සැරසෙන අවස්ථාව නිරූපිත සිත්තම ඉතා උසස් භාව ප්‍රකාශනයකින් යුතු බව යි. ‘හුදෙකලාව දුකින් තැවෙනු වෙනුවට ඔබ අන් පුර්ෂයෙකු සරණ යන්නැ’යි මද්‍රි දේවිය අමතා රජු ප්‍රකාශ කරන අවස්ථාවේ අපූරු පති - පත්නි ස්නේහයක් නිරූපිතය.
අජන්තා සිතුවම් අතර ඇති
ශ‍්‍රාවස්ථියේ දී ප්‍රාතිහාර්ය පෑම
අංක 17 ලෙනෙහි දක්නට ලැබෙන සිත්තමකි.
සංකස්සපුරයට වැඩීම
අජන්තාවේ අංක 9 ලෙනෙහි දක්නට ලැබේ. සංඛපාල ජාතක සිතුවම අජන්තාවේ අංක 01 ලෙනෙහි දක්නට ලැබේ. ක්ෂාන්ති ගුණය හා කෘතඥතාව නිරූපණය කිරීම පිණිස ඇඳ ඇත.
සාම ජාතක සිත්තම-
මෙය දසවන චෛත්‍ය ශාලාවේ දකුණුපස බිත්තියේ ඇඳ ඇත. නරඹන්නා තුළ හැඟීම් ජනනය කිරීමට සමත් අයුරින් නිර්මාණයන් කිරීමේ හැකියාව අජන්තා ශිල්පියා සතුව තිබූ බවට මෙම සිත්තම සාධකයක් සේ දැක්විය හැක. එහෙත් කලාත්මක අතින් මීට වඩා උසස් නිර්මාණ අජන්තාවේ දක්නට ලැබෙනා බවත්, මෙය එතරම් ම උසස් නිර්මාණයක් නොවනා බවත් මධ්‍යස්ථ විචාරකයෝ පවසති. කුඩා ළමුන් වඩාත් ප්‍රිය කරන සාම ජාතකය බිතුතලය මත ප්‍රතිනිර්මාණය කර ඇත්තේ බෞද්ධ සාහිත්‍යයට අනුව මෙම ජාතක කතාවට ම ආවේණික සංවේගය ජනනය වන අයුරිනි. ස්ත‍්‍රී හෝ වේවා, පුරුෂ හෝ වේවා මානව රුව තුළ අජන්තා සිත්තරා විසින් ගැබ් කළ ලාලිත්‍යමය ස්වභාවය මෙම ජාතක කතා සිත්තමේ එන සාම කුමරුන්ගේ රුවෙහි දක්නට ලැබේ. එම ලාලිත්‍යය පුරුෂ රුවකට අනුචිත යැයි උපහාසයට හෝ අපහාසයට ලක් කරන්නට කිසිවෙකු හෝ නොසිතීම ‘ලාලිත්‍යය’ සිත්තමට අනුගත කර ගැනීමට සිත්තරා තුළ තිබූ උසස් හැකියාවට කදිම උදාහරණයකි. (ශ‍්‍රී ලාංකාවේ සිටි අග්‍රගණ්‍ය චිත්‍රශිල්පී සොයිලියස් මැන්දිස් මහත්මාණන් කැලණි විහාරයේ සිත්තම් සඳහා අජන්තා ශෛලිය ද අනුගමනය කළ නිසා එතුමාගේ කෘති වල ද එම ලාලිත්‍යය දක්නට ලැබේ.) පැන් කළය රැගෙන යන සාම කුමරුන්ගේ රුව ද දිව යන මුව පොව්වන් දෙදෙනා ද තාත්විකව ද එහෙත් ඉහත් කී අයුරු ලාලිත්‍යයකින් යුතුව ද නිර්මාණය කර ඇත. සත්ත්ව රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මේ සිත්තරා තුළ තිබූ පරිචය මේ මුව රූ දෙකෙන් පිළිබිඹු වේ.
සම්බුද්ධ පරිනිර්වාණය
අංක 19 ලෙනෙහි දක්නට ලැබෙන සිතුවම් ශේෂයකි. වැළපෙන භික්‍ෂූන් වහන්සේලාගේ රූප ද අප්‍රාණික බුදු සිරුර ද මැනවින් නිරූපිත ය.
සිංහලාවදානය/විජයාවතරණය
අජන්තාවේ 17වන ගුහාවේ දැකගත හැකි සිත්තමකි. ලාංකික භික්ෂුවක විසින් සිත්තම් කරන්නට ඇතැ‘යි පිළිගැනෙන මෙම සිත්තම අජන්තාවේ සිත්තම් අතර සුවිශේෂ වන්නේ එය ලංකාවේ ඉතිහාසය හා බැඳුණු එකක් වීම නිසා ම නොවේ. එම ඉතිහාස ආංශික වැදගත්කම ද එහි ඇත්තේ ය. එහෙත් සිත්තමක් වශයෙන් ගත් කල එහි ඇති වැදගත්කම නම් සිදුවීම් විශාල ප්‍රමාණයක් මනා ගැළපීමක් සහිතව එක ම තලයකට ගොනු කර තිබීම යි. බැලූ බැල්මට ම සිත්තම සංකීර්ණ ය. කලබලකාරී ස්වභාවයකින් යුක්ත ය. එහෙත් විමසුම් ඇසින් බැලීමේ දී එක් එක් සිදුවීම් මැනවින් නිරූපණය කර ඇති අයුරු ද ඒවා මනා කොට එකිනෙකට ගළපා ඇති අයුරු ද පැහැදිලිව දැකගත හැකි ය. පරිවාර සේනා සහිතව ලංකාවට පැමිණෙන විජය කුමරු දේශීය යක්ෂ ගෝත්‍රිකයන් හා යුධ වදින අයුරු ද විජයරාජාභිෂේකය ද මැනවින් නිරූපණය කොට ඇත. දේශීය යක්ෂ ගෝත්‍රික ඇඳුම්පැළඳුම් ද අවිආයුධ හා ඇඳුම් පැළඳුම් ද ශරීර ලක්ෂණ ද සෙස්සන්ට වඩා වෙනස්ව දක්වා තිබීම නිසා ඔවුන් පහසුවෙන් හඳුනාගත හැක. මානව රූප ක‍්‍රියාකාරී ස්වරූපයෙන් යුක්ත ය. පසුතලය ළා පැහැයෙන් ද මානව රූප ඇතුළු සෙස්ස තරමක් අඳුරු පැහැයෙන් ද දක්වා තිබේ. ලංකා ඉතිහාසයට සම්බන්ධ අතිශය වැදගත් සිදුවීමක් වශයෙන් මෙය සිත්තම් කරන්නට ඇත්තේ ගුප්ත යුගයේ දී ලංකාව හා ඉන්දියාව අතර පැවති සබඳතා අනුව යැයි අනුමාන කළ හැකි ය. ආනන්ද ඩබ්. පී. ගුරුගේ මහත්මා සිය ‘දඹදිව බෞද්ධ කලාව’ කෘතියේ සඳහන් කරන්නේ මෙය ලාංකික ශිල්පියෙකුගේ කෘතියක් යැයි කීම වඩාත් උචිත බවයි. (දඹදිව බෞද්ධ කලාව 32 පිට 1962 මුද්‍රණය.)
සිදුහත් උපත පිළිබඳ සිතුවම.
අංක 2 දරණ ලෙනේ දක්නට ලැබෙන සිත්මකි. ස්ත‍්‍රී රූප රැසකි. ඔවුන් තුළින් විස්මය ද ප‍්‍රීතිය ද කදිමට පිළිබිඹු වේ. සිදුහත් කුමරු සේවිකාවක අත සිටී. මායා දේවිය සතුට හා විස්මය අතර මධ්‍යස්ථ සිතිවිල්ලෙන් හා දාරකස්නේහයෙන් යුක්තව ද හිඳී. සේවිකාවන්ගේ නෙත් තුළින් හැඟීම් දක්වා ඇත්තේ නාට්‍ය ජවනිකාවක සේ ය.
සිවි ජාතක සිතුවම.
අජන්තාවේ අංක 01 ලෙනෙහි දක්නට ලැබේ.
සුතසෝම ජාතකය.
අංක 16 දරණ ලෙනේ දක්නට ලැබෙන සිත්මකි.
ස්වර්ණහංස ජාතකය
අජන්තාවේ අංක 9 ලෙනෙහි දක්නට ලැබේ.
හස්ති ජාතකය
අංක 17 ලෙනේ මුඛ්‍ය ශාලාවේ දක්නට ලැබේ.
අලහබාද් ප්‍රශස්තිය - සමුද්‍රගුප්ත රජු පිළිබඳව කළ ප්‍රශස්තියකි. මෙය අශෝකරජු විසින් කරවූ ලිපියක් සහිත ටැඹක අනෙක්පස මෙම ලිපිය කොටවා ඇත. අඩි 35ක් උස කුලුනකි. ප්‍රශස්තිය පේළි 33කින් යුක්තය. ක්‍රි. ව. 330 - 375 අතර කාලයට අයත්ය. උත්තර බ්‍රාහ්මී හෝ ගුප්තාක්ෂර වලින් පැරණි සංස්කෘත බසින් ලියා ඇත. මෙහි පිටපත රචනාකොට ඇත්තේ මහා කවි හරිෂේනයන් විසිනි. මහා දණ්ඩනායක තිලභට්ටයන් විසින් ශිලා ලිපිය කරවා ඇත. මෙම ලිපියේ වැදගත්කම් කිහිපයකි.
ගුප්ත අධිරාජ්‍යය පිලිබඳව තොරතුරු ලබා ගැනීමට ඇති ප්‍රධාන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වන්නේ ද මෙය යි. සමුද්‍රගුප්තයන් විසින් විශාල අධිරාජ්‍යයක් ගොඩනැගීමට ගත් උත්සාහය මෙම ලිපිය අනුව වටහා ගත හැක. රුද්‍රදේව, මතිල, නාගදත්ත වැනි රජවරුන් නව දෙනෙකු පරාජය කරමින් දැක්වූ යුධ කාර්ය කුශලතාව මෙයින් වර්ණනිතය. නැගෙනහිර බෙංගාලයේ ‘සමතට’, ඇසෑමයේ ‘ඩවාක(දවාක)’ ‘කාමරූප’ නේපාලයේ ‘කාර්තිපුර’ යන රාජ්‍යයෝ ද මොහුගේ ආඥාව පිළිගත්හ. කුෂාණ වංශයේ දේවපුත්‍ර පරපුරේ නායකයෝ ද, බොහෝශක නායකයෝ ද, සිංහල දේශයේ රජු ද පඬුරු දීමෙන් මොහුගේ බලය පිළි ගත්තෝය. මෙවැනි තොරතුරු රැසක් මෙම ප්‍රශස්ති ලිපියෙන් හෙළි කරගත හැක. මෙම ප්‍රශස්තියේ අන්තර්ගතය සරලව දැක්වුවහොත්. ලිපියේ ඇතැම් කොටස් විනාශ වී ඇත.ප්‍රධාන ප්‍රශස්ති කොටස් අටක් දැනට ඉතිරි වී ඇත. සමුද්‍රගුප්ත සටන් සියයක වීරයා ලෙස මෙහි හඳුන්වා ඇත.පළමු හා දෙවන කවි වලින් පළමු චන්ද්‍රගුප්තගේ සටන් ද විස්තර කර තිබේ. තෙවන කවියෙන් සමුද්‍රගුප්තගේ ප්‍රඥාව විස්තර කර තිබේ.සිව්වන කවියෙන් විස්තර වන්නේ පියා විසින් සමුද්‍රගුප්ත රජ්‍යත්වයට යෝජනා කළ ආකාරය යි.පස්වන හා හයවන කවි වලින් රාජ්‍යත්වය තහවුරු කරගැනීමට ගෙනගිය සටන් විස්තර කර තිබේ.හත්වන හා අටවන කවි වලින් ඔහුගේ යුධ ප්‍රයානයේ අවස්ථා හතරක් දක්වා තිබේ. ආර්යාවර්තය අල්ලා ගැනීම.අටවික රාජ්‍ය යටත් කරගැනීම. දක්ෂිණාපථ ආක්‍රමණය. දේශසීමා අසල රාජ්‍ය යටත් කරගැනීම.වැනි තොරතුරු තිබේ.
අග්ගඤ්ඤ සූත්‍රය- බෞද්ධ සූත්‍රයකි. දීඝනිකායට අයත්ය. මනුෂ්‍ය ජාතිය අතර තමන් උසස් යැයි බ්‍රාහ්මණයන් අතර තිබූ මතයේ සත්‍යාසත්‍යතාව, පැහැදිලි කිරීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මෙය දේශනා කරන සමය වන විට බුදුරදුන් වැඩසිටියේ සැවැත්නුවර මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයේය. මෙම සූත්‍ර දේශනාව අතිශය වැදගත් වන්නේ පෘථීවියේ ඇතිවීම, නැතිවීම, මනුෂ්‍ය සංහතියේ ඇතිවීම, විකාශය, විනාශය ආදිය පිළිබඳ බෞද්ධ මතය මෙහි ඇතුළත්ව තිබීම නිසාය.
අග්නි පුරාණය - භාරතීය ඉතිහාසය, සංස්කෘතිය ආදිය හැදෑරීමේ දී වැදගත්වන ග්‍රන්ථයකි. පුරාණ ග්‍රන්ථ 18 න් එකකි. (බ්‍රහ්ම පුරාණය, පද්ම පුරාණය , විෂ්ණු පුරාණය, ශිව පුරාණය, භගවත් පුරාණය, නාරද පුරාණය, මාර්තණ්ඩය පුරාණය, අග්නි පුරාණය, භවිෂ්‍යත් පුරාණය, බ්‍රහ්ම වෛවතී පුරාණය, ලිංග පුරාණය, වරපන පුරාණය, ස්කන්ධ පුරාණය, විමන පුරාණය, කර්ම පුරාණය, මත්ස්‍ය පුරාණය, ගරුඩ පුරාණය, බ්‍රාහ්මණඩ පුරාණය) එහෙත්, මහාචාර්ය මංගල ඉලගෙසිංහ මහතා කියන්නේ මේ අතරින් විෂ්ණු පුරාණය හා භාගවත පුරාණය තරම් අනෙක් කිසිදු පුරාණ ග්‍රන්ථයක් ඓතිහාසික වශයෙන් වැදගත් නොවන බවයි. (ඉන්දියා ඉති. 2000. පිටු 31)
අථර්ව වේදය- අථර්වන් වේදය. වේද ග්‍රන්ථයකි. වාසනාව උදා කරන ඉන්ද්‍රජාලය යන අරුත අථර්ව යන්නෙන් ගම්‍ය වේ. ගීතිකා 731කි. මණ්ඩල 20කි. පද්‍ය 6000කි. මෙම කෘතියේ සමස්ත අරමුණ නම් යක්ෂ, ප්‍රේත, පිසාච ආදී අමනුෂ්‍යයන් සතුටුකොට, මිතුරන්ට ආශිර්වාද කොට, සතුරන්ට ශාප කිරීම යි. වෛදික රජවරුන් පත් කිරීම පිළිබඳ තොරතුරු ද, සංග්‍රාම වල දී රජවරුන්ට ජය ගෙන දෙන ආකාරයේ හා සේනා දිරිගන්වන ආකාරයේ යන්ත්‍ර මන්ත්‍ර ආදිය ඇතුළත් වන නිසා මෙහි ඓතිහාසික අගයක් ද ඇත්තේය. මීට අමතරව මෙහි විවිධ බ්‍රාහ්මණ පවුල් ගැන ද තොරතුරු ඇතුළත් වේ. ආර්යන් උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට විහිදී ගිය ආකාරයත්, ඍග්වේද සමාජයේ පැවති බහුදේවවාදය සර්වේශ්වරවාදය දක්වා වෙනස් වූ ආකාරයත් මෙහි සඳහන් වේ. මගධය පිළිබඳව පළමුව සඳහන් වන්නේ ද අථර්වන් වේදයේ ය. ඍග් වේදයේ නොදැක්වෙන අංග නම් කොටසක් පිළිබඳව ද අථර්වන් වේදයේ සඳහන් වේ. මොවුන් සෝන් හා ගංගා නදී තීර වල පදිංචිව සිටියහ.
අමරකෝෂය - සංස්කෘත කෝෂ ග්‍රන්ථයකි.අමරසිංහ නම් කතුවරයාගේ කෘතියකි.නාමලිංගානුශාසන නමින් කතුවරයා මේ කෘතිය හඳුන්වා ඇත. මෙය ඉතා උසස් සම්භාව්‍ය ග්‍රන්ථයකැයි පිළිගැනේ.
අයිහෝල්/අයිහෝලේ සෙල්ලිපිය - චාලූක්‍ය වංශයේ පළමු පුලකේශීන්ගේ (ක්‍රි. ව.543 - 566) ජයග්‍රහණ පිළිබඳව කියැවෙන ප්‍රධාන මූලාශ්‍රය යි. දෙවන පුලකේශීන් විසින් පිහිටුවා ඇත. හර්ෂවර්ධන රජුට විරුද්ධව ලාට, මාල්වා, ගුර්ජර යන ප්‍රදේශ පාලකයෝ චාලුක්‍යයන් හා සන්ධානගත වු බව ද එහි සඳහන් වේ.
අර්ථ ශාස්ත්‍රය- කෞටිල්‍ය හෙවත් චානක්‍ය නම් බ්‍රාහ්මණයාගේ කෘතියකි. චන්ද්‍රගුප්ත මෞර්ය රාජසභාවේ පුරෝහිත තනතුර හෙබවූ හෙතෙම විෂ්ණුගුප්ත ලෙස ද හැඳින්වේ. මොහුගේ මෙම කෘතිය මෞර්ය අධිරාජ්‍යයේ මුල් යුගය පිළිබඳ කරුණු සෙවීමට ඇති මුඛ්‍ය මූලාශ්‍රයක් සේ පිළිගැනේ. මෙය දේශපාලන හා ආර්ථීක ක්ෂේත්‍ර ක්‍රමවත් කිරීම අරමුණු කරගනිමින් ලියැවී ඇත.
අලහබාද් ස්තම්භය අශෝක රජු විසින් කොසඹෑ නුවර ආසන්නයේ පිහිටවූයේ යැයි සිතියහැකි ස්තම්භයකි. අලහබාද් ප්‍රශස්තිය කොටා ඇත්තේ මෙහිය. මෙය පසුකාලීනව අලහබාද් දක්වා රැගෙනවිත් ඇතැයි සිතිය හැක. අශෝක රජු, සමුද්‍රගුප්ත රජු හා ජහන්ජීර් රජු මෙම ස්තම්භයේ විවිධ අරමුණු වලින් යුතුව ශිලාලේඛන කරවා ඇත.
අලහබාද් ලිපිය- අශෝක රජු මෙහි මුල් හිමිකරු වේ. පසුව සමුද්‍රගුප්ත රජු හා ජහන්ජිර් රජු ද එම ටැඹෙහි ම ලිපි කරවා තිබේ.
අල්බිරුනි අරාබි ලේඛකයෙකි. ඝස්නියේ තුරුකීන් විසින් ඉන්දියාවට එල්ල කළ ආක්‍රණය හා ජයග්‍රහණ පිළිබඳව මොහු ‘වංශකථාව’ නමින් කෘතියක් කළේය. සංස්කෘත බස ඉගෙන ගනිමින් ඉන්දීය සංස්කෘතිය පිළිබඳව ඉගෙනීමට ඔහු ගත් උත්සාහය ඔහුගේ කෘතියෙන් පිළිබිඹු වේ. එහෙත් ඉන්දියාවේ දේශපාලන තත්ත්වය පිළිබඳ උනන්දු නොවී ඉන්දීය සාහිත්‍යය හැදෑරීම පමණක් තුළින් සිය කෘතිය නිමවීම නිසා සමබරතාව ගිලිහී ගොස් ඇත.
අරකන්යොමා කඳු - ඉන්දියාවේ නැගෙනහිර දෙසින් ඇති කඳු පන්තියකි.
අරවල්ලි කඳු - වින්ධ්‍යා කඳු වලට ඉහළින් පිහිටා ඇති කඳුවැටියකි. මේ කඳුපන්තිය නිසා ථාර් කාන්තාරය තවදුරටත් නැගෙනහිරට විහිදීම සීමා වී තිබේ.
අර්ධද්වීපික ඉන්දියාව - ඉන්දියාවේ දකුණු කොටසයි. විනද්‍යා කඳු වලින් දකුණේ කොටස මේ නමින් හඳුන්වයි.
ඉන්ඩියා - ඉංග්‍රීසීන් ඉන්දියාව හැඳින්වූයේ මේ නමිනි.
ඉන්දෝස් - ග්‍රීක ලේඛකයන් සිය කෘති වල ඉන්දියාව හඳුන්වා ඇත්තේ මේ නාමයෙනි.
උත්තරාපථය - උතුරු ඉන්දියාව යි. මේ නමින් මෞර්ය පාලනයේ ප්‍රධාන ඒකකයක් ද විය. ඒහි ප්‍රධාන නගරය වූයේ කත්ෂිලාව යි.
කයිබර් - දුර්ගයකි. වයඹ දිග ඉන්දියාවට අයත් වේ. ඉන්දියාවට ඇතුළු වීමේ හා ඉන්දියාවෙන් පිටවීමේ ජනප්‍රිය ම දුර්ගය වූයේ මෙය යි.
කාතියවාර් අර්ධද්වීපය - අරාබි මුහුදට මුහුණලා ඉන්දියාවේ බටහිර වෙරළාශ්‍රිතව අති පිහිටීමකි. සෞරාශ්ට්‍රය නමින් ද හැඳින්වේ.
කාර්ඩමන් කඳු - දකුණු ඉන්දියාවේ පහළ කෙළවර ඇති කඳු පන්තියකි.
කාර්කෝරම් කඳු - වයඹ දිග ඉන්දියාවේ ඇති කඳුවැටියකි.
කාලිංග - ඔරිස්සාවයි.මෞර්ය සමයේ ප්‍රධාන පරිපාලන ඒකක 4න් එකක් වූ අතර ‌තෝසලී හෙවත් ධෞලී ප්‍රධාන නගරය විය.
කාවේරි පටුන - කාවේරි නදියේ මුවදොර පටුනයි.
කාවේරි - දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවකි.නිල්ගිරි කඳු පන්තියෙන් ඇරඹී බටහිර සිට නැගෙනහිරට ගලා යයි.
කාසි කඳු - ඉන්දියාවේ නැගෙනහිර දෙසින් ඇති කඳු පන්තියකි.
කැලිකට් - වරායකි. දකුණු ඉන්දි‌යාවේ බටහිර වෙරළේ පිහිටා තිබේ. 1498 වර්ෂයේ මැයි මස 20 වැනිදා වස්කෝද ගාමා නම් පෘතුගීසි ජාතිකයා මෙතැනට ගොඩබැස්සේ ය.ඒ වන විට මෙය මුස්ලිම්වරුන් අතින් පාලනය වූ ස්ථානයක් විය. ලංකාවේ සීතාවක මායාදුන්නේ රජු කැලිකට් හි සිටි සැමොරින් නම් මුසල්මානු ව්‍යාපාරික අධිපතියාගෙන් යුධාධාර ගත් බව මූලාශ්‍රය වල සඳහන් වේ.
කිර්තාර් කඳු - සින්ධු නදියෙන් එතෙර කරච්චියට සමීපව පිහිටා ඇති කඳුවැටියකි.
කුර්රාම් - සින්ධු නදියේ අතු ගංගාවකි.
කොචින් - වරායකි.දකුණු ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටා තිබේ.
කොමරින් තුඩුව - ඉන්දියාවේ දකුණු කෙළවර ඇති විශේෂ භූමි පිහිටුමකි.
කොරමැණ්ඩල් - ඉන්දියාවේ නැගෙනහිර වෙරළයි.පෝක් සමුද්‍රසන්ධිය ආසන්නයේ සිට ගෝල්ගොණ්ඩා වෙරළ තෙක් විහිදේ.
ක්‍රිෂ්ණ - ගංගාවකි.දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
ඛේන්/කේන් - යමුනා නදියේ අතු ගංගාවකි.
ගංගා - ඉන්දියාවේ ශුද්ධ නදිය සේ සැලකෙන ගංගාවයි. දිගින් කිලෝමීටර 2491කි. දිග අතින් ආසියාවේ 15වැනි තැන ගනී.ලෝකයේ 39 වැනි ස්ථානය ගනී. දිගින් කි.මී. 1088ක් වන යමුනා නදිය මෙහි ප්‍රධාන අතු ගංගාවයි. ඊට අමතරව කි.මී. 485ක් වන රාම් නදිය, කි.මී. 960ක් වන ගෝඝ්‍රා නදිය, කි.මී. 589ක් වන මෝදර් නදිය ආදිය ද එහි අතු ගංගා වේ. මේ අතු ගංගා පවා ලංකාවේ මහවැලි නදියට වඩා දිගින් වැඩි වේ.
ගුමාල් - සින්ධු නදියේ අතු ගංගාවකි.
ගුම්ති - ගංගා නම් නදියේ අතු ගංගාවකි.
ගෝදාවරී - ගංගාවකි. දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවකි. බටහිර දෙසින් ඇරඹි නැගෙනහිර දෙසින් මුහුදට වැටේ.
ගෝල්කොණ්ඩා - ඉන්දියාවේ එක් වෙරළ තීරයකි. බෙංගාල බොක්කට මුහුණලා ඇත.තාම්‍රලිප්ති වරාය පිහිටා ඇත්තේ මේ වෙරළ තීරයේ ය.
ගෝව - වරායකි. දකුණු ඉන්දියේ බටහිර වෙරළේ පිහිටා තිබේ.පසුකාලයේ මෙය පෘතුගීසීන්ගේ පෙරදිග මධ්‍යස්ථානය බවට පත්විය.
ඝාට්ස්- අර්ධද්වීපික ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර කොටස් වල ප්‍රාකාර සේ දැක්වෙන කඳුවැටි දෙකකි.
ඝෝග්‍රා - ගංගා නම් ගඟේ අතු ගංගාවකි. හිමාලය දෙසින් ගලාවිත් ගංගා නදියට ඒකතු වේ.
චෙනාබ් - සින්ධු නදියේ අතු ගංගාවකි.
චෝටා නාග්පූර් - වනගහනයකි. උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට බරව පිහිටා තිබේ.
ජම්බුද්වීප - ඉන්දියාව හැඳින්වීමට බෞද්ධ සාහිත්‍යයේ යොදා ඇත්තේ මේ නම යි. ලංකාවේ මහාවංසය දීපවංසය වැනි කෘති වල ද ඇත්තේ මේ නාමය යි.
ඣෙලම් - සින්ධු නදියේ අතු ගංගාවකි.
තප්ති - ගංගාවකි.සතුප්ර ආශ්‍රිත ප්‍රදේශයෙන් ඇරඹී නර්මදා නදියට සමාන්තරව දකුණු ඉන්දියාවේ නැගෙනහිර දෙස සිට බටහිරට ගලා ගොස් සුප්පාරක වරායට තරමක් ඉහළ ස්ථානයකින් අරාබි මුහුදට වැටේ.
තුංගභද්‍රා - ක්‍රිෂ්ණ නදියේ ප්‍රධාන අතු ගංගාවයි.බටහිර ඝාට්ස් වැටියෙන් ඇරඹේ.
ථාර් කාන්තාරය - සින්ධු නදියෙන් මෙතෙරඋතුරුදිග තැනිතලාවේ ඇති කාන්තාර ප්‍රදේශයකි. රාජස්ථාන් කාන්තාරය නමින් ද හඳුන්වයි.
දක්ෂිණාපථය - ඉන්දියාවේ දකුණු කොටස.මෞර්ය පාලනයේ ප්‍රධාන‌ පාලන ඒකක 4න් එකකි.ප්‍රධාන නගරය ස්වර්ණගිරිය යි.
දණ්ඩකාරණ්‍ය - දකුණු ඉන්දීය වනාන්තර විය යුතු ය. මේ පිළිබඳව සඳහන් වන්නේ රාමායනයේ ය.
දෘෂද්වතී - සින්ධු නදියේ එක් අතුගංගාවකි. නමුත් දැනට දක්නට නැත.ථාර් කාන්තාරයේ පැතිරීමත් සමග සිඳී ගොස් ඇත.
නර්මදා - ගංගාවකි.උතුරු හා දකුණු ඉන්දීය ප්‍රදේශ වෙන් කරන සීමාව බඳු මෙය වින්ධ්‍යා ප්‍රදේශයෙන් ඇරඹී නැගෙනහිර සිට බටහිරට ගලා ගොස් භාරුකච්ඡ වරාය ආසන්නයෙන් කැම්බේ මුහුදු කලාපයට එක්වේ.
නාගාලන්ත කඳු නැගෙනහිර දෙසින් බුරුම ඉන්දීය දේශසීමාවේ පිහිටා ඇති කඳු පන්තියකි. පත්කොයි කඳු වලට සමාන්තරව පිහිටා ඇත.
නාග්පූර් සානුව - වින්ධ්‍යා කඳු වලට පහළින් ඇති සානුවකි.
නිල්ගිරි කඳු-බටහිර ඝාට්ස් කඳුවැටිය පහළ කෙළවරට වන්නට දකුණු ඉන්දියාවේ පිහිටා ඇති කඳු වැටියකි. ඉන්දීය අර්ධද්වීපයේ දකුණු කොටසේ ඇති වූ සිරස් භූ චලන වල ප්‍රතිඵලයක් ලෙස මේ කඳුවැටිය නිර්මාණය වන්නට ඇතැයි පිළිගැනේ. පාල්ඝාට් කපොල්ල මේ හරහා වැටී තිබේ.
නෙග්රයිස් තුඩුව - බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දියාවේ ඇති භූ පිහිටීමකි.
පත්කොයි කඳු - බුරුම ඉන්දියා දේශසීමාවේ පිහිටි කඳුවැටියකි.
පද්මා නදිය - ගංගා නදියේ මෝදර ශාඛාවකි.
පයිථාන් - වයඹ දිග ඉන්දියාවේ දේශසීමා රාජ්‍යයකි. පීතෙනික නමින් ද හැඳින්වේ.
පාල්ඝාට් කපොල්ල - දකුණු ඉන්දියාවේ පහළ කෙළවරට පිවිසීම පිණිස නිල්ගිරි කඳු අතරින් පිහිටි කපොල්ලකි
ප්‍රතිෂ්ඨාන් - ගෝදාවරී නදී බඩ නුවරකි.
බරාණසී - ගංගා නදියට සමීප නගරයකි. කාසි රාජ්‍යයේ අගනුවරයි.වරාණසී, බරණැස් ආදී නම් ද ඇත.
බායී - බුරුම ඉන්දියා දේශසීමාබද කදු වැටියකි.
බැරෝඩා කපොල්ල - ඉන්දියානු අර්ධද්වීපයේ කාතියවාරයට ආසන්නව පිහිටා ඇත. සාතවාහන පාලකයෙකු වූ යඥ ශ්‍රී සාතකර්ණීට අයත් කාසි මේ ප්‍රදේශයෙන් හමු වී තිබීමෙන් එම කාලයේ මෙම ප්‍රදේශය සාතවාහනවරුන් යටතේ පාලනය වූ බව හෙළි වේ. 1706 දී මූගල් වරු ගුජරාටය ආක්‍රමණය කර බැරෝඩා ප්‍රදේශය වනසා දැමූහ. 1731 අප්‍රේල් පළමු දින දී මරාථ සෙන්පති ත්‍රිම්බක් රාඕ ධබාදේ, පළමු වන බාජිරාඕ අතින් මැරුම්කෑවේ ද මෙහි දීය.
බියස් සින්ධු නදියේ අතු ගංගාවකි.
බිර්නාර් - වයඹදිග ඉන්දියාවේ පිහිටි කඳුවැටියකි.
බෙත්වා - යමුනා නදියේ අතු ගංගාවකි.
බෝලාන් දුර්ගය - වයඹදිග ඉන්දියාවේ පිහිටි දුර්ගයකි.කයිබර් හා මක්‍රාන් දුරග වලට සමාන දුරකින් වාගේ පිහිටා ඇත.
බ්‍රහ්මපුත්‍ර - හිමාලය කඳු පාන්තයෙන් ඇරඹී පළමුව නැගෙනහිරටත් පසුව දකුණටත් ගලා විත් ගංගා නම් ගඟ හා එක්ව මුහුදට ගලාබසිනා ගංගාවකි.ලෞහිත්‍ය නමින් ද හඳුන්වයි.
බ්‍රහ්මවර්ත - ඉන්දියාව හැඳින්වීමට භාවිත වූ පැරණි නමකි. මේ වනාහි වත්මන් ඉන්දියාව සේ සැලකෙන භූමිය පමණක් නොව බංග්ලාදේශය, පාකිස්ථානය ඇසෑමය, නේපාලය ඇතුළුව විශාල ප්‍රදේශයක පැතිර තිබූ රාජධානියකි.
භාරතදේශ - ඉන්දියාව හැඳින්වීමට භාවිත වූ පැරණි නමකි. මේ වනාහි වත්මන් ඉන්දියාව සේ සැලකෙන භූමිය පමණක් නොව බංග්ලාදේශය, පාකිස්ථානය ඇසෑමය, නේපාලය ඇතුළුව විශාල ප්‍රදේශයක පැතිර තිබූ රාජධානියකි.
භාරතවර්ෂ - ඉන්දියාව හැඳින්වීමට භාවිත වූ පැරණි නමකි. මේ වනාහි වත්මන් ඉන්දියාව සේ සැලකෙන භූමිය පමණක් නොව බංග්ලාදේශය, පාකිස්ථානය ඇසෑමය, නේපාලය ඇතුළුව විශාල ප්‍රදේශයක පැතිර තිබූ රාජධානියකි.
භාරත් - වර්තමානයේ පවා ඉන්දීය රාජ්‍ය කටයුතු වලදී රට තුළ දී තමන්ව ම හැඳින්වීමට යොදන්නේ මේ නාමය යි. ඉන්දියාවෙන් පිටත දී පමණක් ඔවුන් ඉන්දියා යන නාමය යොදා ගනී.
භාරුකච්ඡ - බටහිර වෙරළේ වරායකි. කැම්බේ හා කාතියවාර් ආසන්නයේ පිහිටා තිබේ.නර්මදා නදී මෝදරට සමීපය.
භිල්සා - දසර්ණ යන නමින් ද හැඳින්වෙන මෙය වින්ධ්‍ය කඳුවලට ආසන්නව පිහිටා තිබූ රාජධානියකි. විදිසා යන නමින් ද, රාමායනයේ දසර්ණ යන නමින් ද හඳුන්වා ඇත.
භීෂ්ම පර්වතය - මහාභාරත වීර කාව්‍යයේ සඳහන් වන ස්ථානයකි.
මක්‍රාන් දුර්ගය - අරාබි මුහුදට සමාන්තරය ඉන්දියාවේ පහළ වයඹදිගට වන්නට පිහිටා ඇති අති දුෂ්කර දුර්ගයකි.
මධ්‍ය ඉන්දීය සානුව - අරවල්ලි කඳු පෙදෙසින් ඇරඹී ගංගා නදියට උතුරින් හා හිමාලයානු කඳු පන්තියට දකුණින් විහිදී චෝටා නාග්පූර් මහ වනාන්තර තෙක් විහිඳුන් සානුවයි.
මනිපූර් සානුව - බුරුම ඉන්දියා දේශ සීමාවේ පිහිටි සානුවකි.
මහා සානුව - වින්ධ්‍යා කඳු වලින් දකුණේ ඇති කොටස හෙවත් අර්ධද්වීපික ඉන්දියාවයි.
මහානදී - ගංගාවකි.උතුරු හා දකුණු ඉන්දියා ප්‍රදේශ බද්ධව පවතී.
මළබාර් වෙරළ - ඉන්දීය අර්ධද්වීපයේ බටහිර වෙරළයි.
මෙඝ්නා - ගංගා බ්‍රහ්මපුත්‍රා එකතුව හා ඊට එකතුවන අතුගංගා එකතුව මේ නමින් හැඳින්වේ.
යමුනා - ගංගා නම් ගඟේ ප්‍රධාන අතු ගංගාවයි.දිගින් කිලෝමීටර 1088කි.
රාජ්මහල් - කපොල්ලක් හා කඳුපන්තියක් ද මේ නමින් තිබේ.
රායිචූර් දෙගම්මැදිය - දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ හා තුංගභද්‍රා නදී දෙක අතර ප්‍රදේශය. මෙම ප්‍රදේශයේ ඉතිහාසය වනාහි ඩෙකානයේ මුස්ලිම් රාජ්‍ය හා දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය, විජයනගර් වැනි හින්දු රාජ්‍යයන් අතර බල අරගලයේ ඉතිහාසය ද වන්නේය.
රාවි - සින්ධු නදියේ අතු ගංගාවකි.
ලුෂායි - ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට ඇති මනිපූරයෙන් දකුණට විහිදී යන කඳුපන්තියකි.
ලෝතාල් - ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් වරායකි.
වරාණසී - බරණැසයි.
වින්ධ්‍යා කඳු - ඉන්දීය අර්ධද්වීපයේ බටහිර දෙසට වන්නට නර්මදා නදී ආසන්න ප්‍රදේශයේ ඊට ඉහළින් පිහිටා ඇති කඳුවැටියකි. පර්වත බිත්තියක ස්වරූපය ගත්තකි. ඉන්දියාවේ ප්‍රධාන භූගෝලීය පිහිටීමකි. අභ්‍යන්තර රාජධානි වල දේශසීමාවක් ලෙස ද භාවිත වී ඇත. රාමායනයට අනුව මේ ආසන්නව උත්කල, කාලිංග, දසර්ණ හෙවත් භිල්සා, අවන්ති හා විදර්භ වැනි රාජධානි පිහිටා තිබී ඇත. වර්තමානයේ දි වීදුරු කර්මාන්තයට අවශ්‍ය වැලි වර්ග ද මේ ප්‍රදේශය අශ්‍රිතව ලබා ගැනේ.
සට්ලෙජ් - සින්ධු නදියේ අතු ගංගාවකි.
සත්පුර කඳු - ඉන්දීය අර්ධද්වීපයේ බටහිර දෙසට වන්නට නර්මදා නදී ආසන්න ප්‍රදේශයේ ඊට පහළින් පිහිටා ඇති කඳුවැටියකි. ඉන්දියාවේ ප්‍රධාන භූගෝලීය පිහිටීමකි. අභ්‍යන්තර රාජධානි වල දේශසීමාවක් ලෙස ද භාවිත වී ඇත. ආර්යයන් පැමිණීමට පෙර මේ ප්‍රදේශයේ නිශාදවරු නම් දේශීය ගෝත්‍රිකයෝ වාසය කළහ.
සපෙන්ද්කොහ් - වයඹදිග ඉන්දියාවේ පිහිටි කඳුවැටියක වත්මන් නම යි.
සබර්මතී - අරවල්ලි කඳුවලින් ඇරඹී කැම්බේ බොක්ක ප්‍රෙද්ශයෙන් අරාබි මුහුදට වැටෙන ගංගාවකි.
සරස්වතී - සින්ධු නදියේ එක් අතුගංගාවකි. නමුත් දැනට දක්නට නැත.ථාර් කාන්තාරයේ පැතිරීමත් සමග සිඳී ගොස් ඇත.
සින්දෝ - පර්සියානුවෝ ඉන්දියාව හැඳින්වූයේ මේ නමිනි.
සින්ධු - ඉන්දියාවේ ප්‍රධාන ගංගාවකි. ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පැතිර ගියේ මේ ගංගා නිම්නයේ ය. හිමාල කඳුප්‍රාන්තයෙන් ඇරඹී වයඹදිග ඉන්දියාව ඔස්සේ ගලාවිත් අරාබි මුහුදට එක්වේ. මුල් කාලීනව අතු ගංගා හතකින් පෝෂණය වුව ද සරස්වතී හා දෘෂද්වති අතු ගංගා ථාර් කාන්තාර ව්‍යාප්තියේ ගොදුරු බවට පත්ව වියැකී ගියෙන් දැනට ඉතිරිව ඇත්තේ අතු ගංගා 5ක් පමණි.
සින්ධ් - වත්මන් පාකිස්ථානයට අයත් ප්‍රදේශයකි. පැරණි භාරතයට අයත්ව තිබී ඇත. සින්දු නදිය මෙම ප්‍රදේශය හරහා ගලා බසිනා නිසා මේ නම යෙදී ඇත.
සුප්පාරක - වරායකි. දකුණු ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටා තිබේ. තප්ති නදියට තරමක් සමීප නමුත් වඩාත් සමීප නොවේ.
සුලෙයිමාන් කඳු - සින්ධු නදියෙන් එතෙර වයඹදිග ඉන්දියාවේ පිහිටි කඳු වැටියකි.
සෝණ - ගංගා නදියේ අතු ගංගාවකි. පුරාණ කාසි හා මගධ ජනපද එක්නෙක වෙන්කරනු ලැබූයේ මේ ගංගාව මගිනි.
ස්වර්ණ රේඛා - ගංගාවකි. බෙංගාල බොක්කට එක්වෙයි.
ස්වාම්/ස්වොන් - හින්දුකුෂ් කඳු ආශ්‍රිතය ඇති නිම්නයකි.
හින්දුකුෂ් කඳු - ඉන්දීය භූමියේ වයඹ දෙසින් පිහිටා ඇති කඳුපන්තියකි. මෙහි ස්ථාන කිහිපයක ම දුර්ගමාර්ග පිහිටා ඇතත් ඉන්දියානු ඉතිහාසය වෙනස් කළ ආක්‍රමණ හා සංක්‍රමණ අතින් බලන කල මේවා එතරම් වැදගත් දුර්ග මාර්ග නොවේ. කඳුපෙළේ උතුරු දෙසින් ඇරඹී දකුණට ගලා බසිනා ස්වාත්, චිත්‍රාල් සහ නාගෙනහිරට ගලා බස්නා කාබුල්, කුර්රාම්, තොච්, ගුමාල් යන නදීන්ගේ නිම්න ද ඉන්දියාවට පිවිසීමේ දී සාමාන්‍ය වශයෙන් වැදගත් වී ඇත.
හින්දුස්ථානි තැනිතලාව - සින්ධු,ගංගා,බ්‍රහ්මපුත්‍ර යන නදීන්ගෙන් හා ඒවායේ ශාඛා වලින් පෝෂණය වූ උතුරු ඉන්දීය තැනිතලා ප්‍රදේශය යි.
හිමාලයානු කඳු - මධ්‍යම ආසියාවෙන් හා ටිඛෙට් සානුවෙන් ඉන්දියාව වෙන් කරන මහා පර්වත බාධකය යි. දළවශයෙන් කිලෝමීටර 2400(දෙදහස් හාරසියයක්) දිගින් යුතුය. පළල කිලෝමීටර 240 සිට 320 දක්වා වෙනස් වේ. අඩි විසිදහසට වඩා උස් කඳුශිඛර 114කින් සමන්විත මෙහි ලොව උස ම කදු ශිඛරය වන එවරස්ට් හෙවත් ගෞරී සංකර් කඳුශිඛරය ද පිහිටා ඇත. එහි උස අඩි 29140 (විසිනවදහස් එකසිය හතලිහ)කි. අතරණීය කඳුවැටි වලින් ගහණ හිමාලය කඳුපන්තිය ආසියානු මහද්වීපයේ ගොඩබිම් මාර්ග ඔස්සේ උතුරු දෙසින් ඉන්දියාවට පිවිසීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් හෝ ආක්‍රමණිකයන්ගේ එම උත්සාහයන් ව්‍යර්ථකරයි. විශේෂයෙන් ම මෙම කඳුපන්තියේ ඊසානදිග කොටස වඩාත් දුෂ්කරය.වනාන්තර වලින් ගහණය.
හුග්ලි - ගංගා නදියේ මෝදර ශාඛාවකි.
හේරාත් - බටහිර දෙසින් ඉන්දියාවට පිවිසීමට ඇති දුර්ග මාර්ගයකි. ඇෆ්ගන් කඳුවලින් පටන්ගෙන ඉන්දු නදිය තෙක් වැටී තිබේ.
අක
(ලංකා ඉතිහාසය)පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ බර මැනීමේ ඒකකයකි. වියළි බුලු ගෙඩියක බර.වී ඇට විස්සක බර.
අගම්පඩි සේනාව
(ලංකා ඉතිහාසය)කුලී සේනාවකි. කේරල භටයින්ගෙන් යුතු වන්නට ඇතත් මේ පිළිබඳ පැහැදිලි දීර්ඝ විස්තරයක් කිරීමට ප්‍රමාණවත් තොරතුරු හමු නොවේ.
අග්ගිවඩ්ඪමානක වැව
(ලංකා ඉතිහාසය)අක්වඩුන්නා‌ වැව හෙවත් හිරිවඩුන්නා වැව. වසභ රජු විසින් කරවන ලදී.
අචරිය
(ලංකා ඉතිහාසය)ආචාර්ය. ගුරුවරයා.
අචල ජල විද්‍යාව
පැස්කල්ගේ මූලධර්මය ලෙස ද හැඳින්වෙන හයිඩ්‍රොස්ටැටික් මූලධර්මය 17 වන සියවසේදී ප්‍රංශ ගණිතඥයෙකු සහ භෞතික විද්‍යාඥ බ්ලේස් පැස්කල් විසින් සකස් කරන ලද ද්‍රව යාන්ත්‍ර විද්‍යාවේ මූලික සංකල්පයකි. මෙම මූලධර්මය ද්‍රවයක් හෝ වායුවක් වැනි සීමිත ද්‍රවයක පීඩනය සම්ප්‍රේෂණය වන ආකාරය විස්තර කරයි. හයිඩ්‍රොස්ටැටික් මූලධර්මය පිටුපස ඇති ප්‍රධාන අදහස නම්, සංවෘත තරලයකට යොදන පීඩනයේ වෙනසක් තරලයේ සියලුම කොටස්වලට සහ එහි බහාලුම් බිත්තිවලට නොඅඩුව සම්ප්‍රේෂණය වීමයි. සංවෘත පද්ධතියක ඇති තරලයකට පීඩන වෙනසක් යොදන විට, පීඩනය වෙනස් වීම මුළු තරලය පුරාම ඒකාකාරව සම්ප්‍රේෂණය වේ. මෙයින් අදහස් කරන්නේ ඔබ තරලයේ එක් ස්ථානයක පීඩනය වැඩි කළහොත් හෝ අඩු කළහොත්, එම වෙනස තරලයේ අනෙක් සියලුම ලක්ෂ්‍යවලට සමානව සම්ප්‍රේෂණය වන බවයි.
අජායිබ් අල් හින්ද්
ඉබන් ශහ්රියර් බලන්න.
අට්ඨකතා
(ලංකා ඉතිහාසය)අට්ඨකථා ප‍්‍රථමයෙන් ම ලියා තිබී ඇත්තේ සිංහල බසිනි. ප්‍රථමයෙන් ම සිංහල බසින් ලියා තිබූ අට්ඨකථා පසුව අවශ්‍ය සංශෝධන සහිතව පාලි බසට නගා ඇත. අට්ඨකථා යනු ත්‍රිපිටක ග‍්‍රන්ථවලට ලියන ලද අටුවාවන් ය. ත්‍රිපිටකයේ එන ඇතැම් කරුණු විස්තර කිරීමේ අභිලාෂයෙන් රචනා කොට ඇත. පාලි අට්ඨකථාවලට පාදක වූ සිංහල අට්ඨකථා මිහිඳු මාහිමි දවස පටන් පැවත එන්නට ඇතැයි සැලකේ. පැරණිතම පාලි අට්ඨකථාව ක්‍රි. ව. පස් වන ශතවර්ෂයට පමණ අයත්වේ. පාලි අට්ඨකථා පළමු වරට රචනා කිරීමේ ගෞරවය බුද්ධඝෝෂ හිමියන්ට හිමි වේ. විදේශිකයෙකු වූ බුද්ධඝෝෂ හිමි මහා විහාරයේ වැඩ වසමින් පාලි අට්ඨකථා රචනා කළ බව දැක්වේ. පාලි අට්ඨකථා වලින් හරි අඩකට වඩා ලියා ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. විනය පිටකය අලළා ලියන ලද අට්ඨකථාව සමන්තපාසාදිකාවයි. අංගුත්තරනිකාය පිළිබඳ අට්ඨකථාව මනෝරථපූරණිය වේ. ධම්මපදය අලළා ලියූ අට්ඨකථාව ධම්මපදට්ඨකථාවයි. ජාතක කථාවන් පිළිබඳ වූ අට්ඨකථාව ජාතකට්ඨකථා නම් වේ. කංඛාවිතරණී, අත්ථසාලිනී, සම්මෝහවිනෝදනී, පරමත්ථජෝතිකා, සාරාත්ථප්පකාසිනී, කථාවත්ථු, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, පඤ්චප්පකර්ණට්ඨකථා, ආදිය අට්ඨකථා වලට උදාහරණ වේ. බුද්ධඝෝෂ හිමියන්ගේ මුල් කෘතිය වන්නේ විසුද්ධිමග්ගය යි. විසුද්ධිමග්ගය අට්ඨකථාවක් නොවේ. අට්ඨකථා ඇසුරෙන් ඉතිහාසය හදාරන්නෙකුට ඉතා වැදගත් කෘතිය වන්නේ සමන්තපාසාදිකාවයි. සමන්තපාසාදිකාව ඇසුරෙන් ලංකා ඉතිහාසයේ මුල් කොටස පිළිබඳ තොරතුරු යම් පමණක් අනාවරණය කරගත හැකිය. මහාවංසයෙන් හෝ වෙනත් මූලාශ‍්‍රයවලින් නොලැබෙන තොරතුරු රැසක් සමන්තපාසාදිකාවෙන් ලැබේ. බුද්ධඝෝෂ හිමියන්ගේ කෘති උසස් පර්යේෂණවල ප්‍රතිඵල සේ හැඳින්විය හැක. ධම්මපාල හිමියෝ තවත් අටුවාචාරීන් වහන්සේ නමකි. ධම්මපාල හිමියන් සිය අටුවා ග්‍රන්ථ සියල්ල පරමත්ථදීපන නමින් හඳුන්වා ඇත. ධම්මපාල හිමියන් සිය පරමත්ථදීපන නම් අටුවාග‍්‍රන්ථ උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථෙරගාථා, ථෙරිගාථා, චරියාපිටක ආදී ග්‍රන්ථ අලළා ලියා ඇත. නිද්දේසය අලළා උපසේන හිමියෝ ලියූ අට්ඨකථාව සද්ධම්මපජෝතිකා නම් වේ. පටිසම්භිදාමග්ගය අලළා මහානාම හිමියෝ රචනා කළ අට්ඨකථාව සද්ධම්මප්පකාසිනී නම් වේ. ආපදානපාලිය අලළා ලියා ඇති විසුද්ධජනවිලාසිනි නම් කෘතියේ කතුවරයා කවුරුන්දැයි කිව නොහැක.
අණු
(ලංකා ඉතිහාසය)පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ අවකාශය මැනීමේ මිනුම් ඒකකයකි. පරමාණු 36ක ප්‍රමාණය.
අතුල් පහර දීම
(ලංකා ඉතිහාසය)මහනුවර යුගයේ ක්‍රියාත්මක වූ දණ්ඩන ක්‍රමයකි. කම්මුලට ගැසීම. මෙය කන් බෙර පුපුරා ලේ ගලන ආකාරයේ ප්‍රහාරයකි.
අත්සුණු
(ලංකා ඉතිහාසය)ධාන්‍ය බැද කුඩුකර සකසා ගන්නා ආහාරයකි.
අදිකාරම්, දෙවන
(ලංකා ඉතිහාසය)මහනුවර සමයේ රජුට පමණක් දෙවැනි වූ තනතුරු දෙකෙන් එකක්. අග්‍රාමාත්‍ය ධුරයට සමාන තනතුරකි.
අදිකාරම්, පළමු
(ලංකා ඉතිහාසය)මහනුවර සමයේ රජුට පමණක් දෙවැනි වූ තනතුරු දෙකෙන් ප්‍රධාන එක. අග්‍රාමාත්‍ය ධුරයට සමාන තනතුරකි.
අනාගතවංසය
(ලංකා ඉතිහාසය)මෙතේ බුදුසිරිත නමින් ද හැඳින්වෙන කෘතියකි. කුරුණෑගල යුගයේ ලියැවුණේ මෛත්‍රී බුදුරජුන් පිළිබඳ වංසකතාවක ආකාරයෙනි.
අනුරාධපුර ගල් ඔරුව අසල පුවරු ලිපිය
(ලංකා ඉතිහාසය)හතරවන මිහිඳු රජු-(විහාර හා ග්‍රාම පාලන නීති ගැන සඳහන් වේ.)
අනුරාධපුර පුවරු ලිපිය
(ලංකා ඉතිහාසය)පස්වන කස්සප රජු-විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ
අනුරුද්ධ සතකය
(ලංකා ඉතිහාසය)රජරට සමයට අයත් සංස්කෘත කෘතියකි.
අන්තිම රාත්‍රී භෝජනය
(යුරෝපා ඉතිහාසය)"අන්තිම රාත්‍රී භෝජනය" යනු ඉතාලි පුනරුද චිත්‍ර ශිල්පියෙකු වන ලියනාඩෝ ඩාවින්සි විසින් නිර්මාණය කරන ලද ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ හා සංකේතාත්මක සිතුවම් වලින් එකකි. "අන්තිම රාත්රී භෝජන සංග්රහය" 1495 සහ 1498 අතර ඉහළ පුනරුද යුගයේ දී ලියනාඩෝ ඩා වින්චි විසින් පින්තාරු කරන ලදී. සිතුවම නිර්මාණය කරන ලද්දේ ඉතාලියේ මිලාන්හි සැන්ටා මරියා ඩෙල් ග්‍රේසිගේ කන්‍යාරාමයේ අවන්හලේ (කෑම ශාලාවේ) බිත්තිය මත වන අතර එය අද දක්වාම පවතී. නව ගිවිසුමේ විස්තර කර ඇති පරිදි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට ආසන්න දිනක තම ගෝලයන් සමඟ භෝජන සංග්‍රහයක් බෙදාගත් අවස්ථාව බයිබලයෙහි විස්තර කර තිබේ. එය තම ගෝලයෙකු ඔහුව පාවා දෙන බව යේසුස් ප්‍රකාශ කරන අවස්ථාවයි.
අන්තේවාසික
(ලංකා ඉතිහාසය)අතවැසියා, අතවැසි භික්ෂුව. නායක භික්ෂුවක් යටතේ වැඩ කරන භික්ෂූන්වහන්සේලා. අනුරාධපුර මහඇළගමුවේ සෙල්ලිපියක අතවසික ඵුස්ස ගැන සඳහන් වේ.
අන්වයාතදාස
(ලංකා ඉතිහාසය)පාරම්පරිකව ම දාසභාවයෙහි සිටින්නන්. ‘දාස’ යටතේ දිගු විස්තරයක් දක්වා තිබේ.බලන්න.
අපරික්ඛිත්ත ගම්මාන
(ලංකා ඉතිහාසය)වැටකින් හෝ ප්‍රාකාරයකින් රැකවරණ නොකළ විවෘත ගම.
අබල වපර
(ලංකා ඉතිහාසය)ආම්ල ව්‍යාපාරික. ඇඹුල් ද්‍රව්‍ය අලෙවිකළ ව්‍යාපාරිකයා. සියඹලා ව්‍යාපාරිකයා.
අබ්බාසීද්වරු
අබ්බාසීද් කැලිෆේට්, මෙය සරලවම අබ්බාසීද් ලෙස ද හැඳින්වේ. ක්‍රිස්තු වර්ෂ 751 සිට ක්‍රිව 1258 දක්වා විශාල අධිරාජ්‍යයක් පාලනය කළ ප්‍රධාන ඉස්ලාමීය කාලිෆේට් වලින් එකකි. විද්‍යාව, දර්ශනය සහ සංස්කෘතිය, ආර්ථිකය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල උසස් දියුණුවක් මේ යුගයේ දක්නට ලැබේ. ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ඉහළ ස්ථානයක් අබ්බාසීද්වරුන් විසින් හිමිකරගෙන සිටිය හ.
අභයගිරිය
(ලංකා ඉතිහාසය)ක්‍රි. පු. පළමුවන සියවසේ දී වළගම්බා රජු විසින් කරවන ලද විහාරයක් හා ඒ ආශ්‍රිත ස්ථූපයකි. මෙය වාජිරියවාද, වෛතුල්‍යවාද, වාජිරියවාද යන නම්වලින් හැඳින්වෙන ථෙරවාදයට ප්‍රතිපක්ෂ බෞද්ධ නිකායට මූලස්ථාන විය. ස්ථූපය බුබ්බුලාකාර හැඩයෙන් යුක්තය. ස්වර්ණ ගවරුවක් එහි තැන්පත් කර ඇතැයි පිළිගැනේ. මෙහි වාහල්කඩ කණිෂ්ක තිස්ස රජු සමයට අයත් වේ. දැනට වාහල්කඩ සතරම කැඩී බිඳී ගොසිනි. එය ලක්දිව ඇති දෙවන විශාලතම දාගැබ වන්නේය. ශෛලමය කොරවක්ගල්, මුරගල් හා සඳකඩ පහණ් මෙහි දැක්වේ. දැනට ස්තූපයේ උස අඩි 235 කි. මුල් ඉදිකිරීම එතරම් උස් නොවූව ද විටින් විට කළ කංචුක නිර්මාණ* සමග එහි උස අඩි 350-380 අතර උසකින් යුතු වන්නට ඇතැයි අනුමාන කරයි. මෙහි නාමය පිළිබඳ විවාද තිබේ. ඇතැම් ශිලාලේඛනවල මෙහි නම අබයගිරි සේ දැක්වෙතත් ඇතැමක දැක්වෙන්නේ අපයගර වහර(EZ-IV-16), අපහගර වහර(EZ-IV-16), අබගර විහර(IC-II-78) ආදී නම්වලිනි. අබය නමැත්තා කළ ඝරය හෙවත් විහාරය (අබයගර) සේ එහි අර්ථය ගතහැක. මහාවංසය රචනා කරන්නේ අභයගිරිය නිමවා ශතවර්ෂ 5-6කට පමණ පසුව ය. ඒ වන විට මෙහි නම අබයගර වෙනුවට අබයගිරි සේ උච්ඡාරණය කරන්නට ඇති අතර මේ නිසා ගිරි නිඝණ්ඨයාගේ කතාවක් මීට සම්බන්ධ කරන්නට ඇතැයි සිතමි. ගිරිනිඝණ්ඨයා හා අමනාපයෙන් පසු වූ රජු තමන් කරවූ විහාරයට නිඝණ්ඨයාගේ නාමය ඈඳා ගත්තේ යැයි සිතීම දුෂ්කරය.
* කංචුක-පිටකවර. කුඩා ස්ථූපයක් මැදි කර, එයට ම සම්බන්ධ කර, ඒ වටා ගඩොලින් විශාල කර බැඳීම කංචුක නිර්මාණය සේ හැඳින්වේ.
අභිධානප්‍රදීපිකා-රජරට සමයට අයත් පාලි කෘතියකි.
අභිලේඛන-අභිලේඛන ලෙස හඳුන්වන්නේ පැරණි ලේඛනයන් ය. මේවා ගල් මත, මැටි පුවරු මත, තඹපත් මත, රන්පත් මත, තල්පත් මත, සත්ත්ව හෝ මිනිස් අස්ථි මත, කඩදාසි මත, වීදුරු මත ආදී වශයෙන් ඕනෑම මතුපිටක ලියා තිබිය හැක. මේ සියලු වර්ග ලංකාවෙන් හමු නොවෙතත් ශිලා ලිපි, තඹපත්, රන්පත්, තල්පත් ආදිය හමු වේ. කඩදාසි මත ලියූ මෑත ඉතිහාස ලේඛන ද හමු වේ. වල්ලිපුරම් රන් සන්නස ලංකාවේ ප්‍රකට රන් සන්නසකි. මෙහි ඇත්තේ වසභ රාජසමයේ තොරතුරු ය. වසභ රජ දවස නාගදීපය හෙවත් වත්මන් යාපන අර්ධද්වීපය වසභ රජුගේ අධීක්ෂණය යටතේ ඉසිගිරිය නමැති අමාත්‍යවරයා විසින් පාලනය කළ බවත් එහි බෞද්ධ විහාරාරාම තිබූ වගත් ඉන් හෙළි වේ. ජේතවනාරාම රන් බණ පොත ද ලංකාවෙන් හමු වූ රන් තහඩු මත ලියූ ලිපියකි. මහා විජයබාහු රජුගේ කුඩා කල දිවි පෙවෙත, එතුමන් විඳි දුෂ්කරතා බුදල්නාවන් එතුමන්ට කළ උපකාර ආදිය සඳහන් පනාකඩුව තඹ සන්නස ලංකාවෙන් හමු වූ වඩාත් ප්‍රකට තඹ සන්නසයි. මෙම සන්නසෙන් හමු වූ තොරතුරුවලින් පොළොන්නරුව මුල්කරගත් චෝළ පාලන සමයේ ලංකාවේ තත්ත්වය අවබෝධ කරගත හැක. මෙහි එන තොරතුරු වෙනත් මූලාශ්‍රයවල සඳහන් නොවන නිසා තවත් වැදගත් ය.
අමාවතුර-ගුරුළුගෝමීන්-පොළොන්නරු යුගය
අමුණ-ගංගාවක ගලා යන ජලයෙන් කොටසක් වෙනත් ස්ථානයකට හරවා ගැනීම සඳහා ගංගාව හරස් කර බඳින බැම්ම. ජලය හරවා ගැනීමටට අමතරව ජල මට්ටම ඉහළට ඔසවා ගැනීමට ද මෙය උපකාරී වේ. බැම්ම නිර්මාණය කිරීම සමග ගංගාවේ ගමන තාවකාලිකව නතර වන අතර බැම්ම අසල ජලය රැස් වී කුඩා ජලාශයක් ද නිර්මාණය වේ. මෙම ජලය බැම්මට ඉහළින් උතුරා යන තරමට ජලය පිරීම නිසා ජල මට්ටම ඉහළට එසැවේ. තිස්සමහාරාම වැව කරවූ ඉළනාග රජු කිරිඳි ඔය හරහා අමුණක් බැඳවූ බව සඳහන් වේ. බ්‍රාහ්මී ශිලාලේඛනවල අවරණ නමින් හැඳින්වෙන්නේ අමුණ නම් නිර්මාණය යි.
අමුණ-ධාන්‍ය හා භූමිය මැනීමේ දී භාවිත කළ පැරණි මිනුම් ඒකකයකි. පෑල් හතර, ලාස් 20ක ප්‍රමාණය, ඒ තරම් බිත්තර වී වැපිරිය හැකි භූමි ප්‍රමාණය. පුවක් ප්‍රමාණ දැක්වීමේදී ද අමුණ නම් ඒකකය භාවිත කෙරේ. පුවක් අමුණක් යනු පුවක් ගෙඩි 23000-28000 අතර ප්‍රමාණයකි. කෘෂිකර්මය සඳහා ජලය ලබාගැනීම සඳහා ඇළක් හෝ දොළක් හරස් කර බඳින බැම්මට ද අමුණ නම යෙදේ.
අම්බුලුගල කුමාරයා-දමිළ කුමාරයෙකැ’යි මතයකි. ඔහු හයවැනි පරාක්‍රමබාහු රජු පුත්‍රයෙක් සේ හදාවඩා ගත් කුමාරවරුන් දෙදෙනාගෙන් ළාබාල කුමරා වූ අතර අම්බුලුගල කුමරාගේ සොහොයුරා ය. මලබාරයෙන් ආ පනික්කරු නම් කුමරෙක් සිංහල ස්ත්‍රියක හා විවාහ වීමෙන් උපන් කුමාරවරුන් දෙදෙනෙකුගෙන් අයෙකැයි කූතෝ සඳහන් කර තිබේ. පසුකාලීනව සෙංකඩගල ජෝතිය සිටුගේ කැරැල්ල මර්දනය කිරීමට නායකත්වය දුන් කුමරා ය. මොහු සවැනි බුවනෙකබාහුගේ මරණයෙන් අනතුරුව බලයට පත් හත්වැනි පරාක්‍රමබාහු ඝාතනය කර අටවැනි වීර පරාක්‍රමබාහු නමින් රජ වූයේ ය.
අඹගමුව සෙල්ලිපිය-පළමුවන විජයබාහු රජු-පොළෙනේනරු යුගය. ශ්‍රී පාද වන්දනාකරුවන්ට සත්කාරක ග්‍රාමයක් ලෙස ගිලීමලේ ගම පිදීම ගැන සඳහන් වේ.
අඹන් ගඟ-කරගඟ, කාරගංගා, මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාව.
අඹු- කැඳ යන්නට සමාන නමකි.
අයකැමි-මුදල් භාරගන්නා/නිකුත් කරනා නිලධාරියා.
අයින්නුරුවර්-ඉන්දීය වෙළඳ සංවිධානයකි. අටවන සහ 13 වන සියවස් අතර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ ආරම්භ වූ මධ්‍යකාලීන වෙළඳ සංසදයකි. මෙම කාල පරිච්ඡේදය තුළ, සංවිධානාත්මක වෙළඳ සංසද විසින් ජාත්‍යන්තර වෙළඳාම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළේය. අයිනුර්රුවාර් යනු මෙම සංසද අතර ප්‍රමුඛතම එකකි. චෝල අධිරාජ්‍ය සමයේදී ඔවුන් දකුණු ඉන්දියානු වෙළඳ සංවිධාන අතර ප්‍රභූන් ලෙස සලකනු ලැබීය.
අයිසෙක් නිව්ටන්-ශ්‍රීමත් අයිසැක් නිව්ටන්, එංගලන්තයේ ලැන්කෂයර්හි දී 1642 දෙසැම්බර් 25 උපත ලැබූ අතර, 1727 මාර්තු 20 ලන්ඩන්හි දී මිය ගියේ ය. ඉංග්‍රීසි භෞතික විද්‍යාඥ සහ ගණිතඥයෙකි. 17වන සියවසේ විද්‍යාත්මක විප්ලවයේ උච්චතම චරිතය විය. දෘශ්‍ය විද්‍යාවේදී, සුදු ආලෝකයේ සංයුතිය පිළිබඳ ඔහුගේ සොයාගැනීම ආලෝකයේ විද්‍යා ක්ෂේත්‍රයට මහත් සේවයක් වූ අතර, නවීන භෞතික ප්‍රකාශ විද්‍යාවට පදනම දැමීය. යාන්ත්‍ර විද්‍යාවේදී, නූතන භෞතික විද්‍යාවේ මූලික මූලධර්ම වන ඔහුගේ චලිත නීති තුන, විශ්ව ගුරුත්වාකර්ෂණ නියමය සැකසීමට හේතු විය. ගණිතයේ දී, අපරිමිත කලනයේ මුල් සොයාගැනීම ඔහු විසින් කළ එකක් විය.
අයොනියන්වරු- අයෝනියන් යනු පුරාණ ග්‍රීක ජන කණ්ඩායමක් වන අතර පුරාණ ග්‍රීසියේ ප්‍රධාන ගෝත්‍ර දොළහෙන් එකකි. ඔවුහු මූලික වශයෙන් පදිංචි වී සිටියේ ඊජියන් මුහුද දිගේ ඇනටෝලියාවේ (වර්තමාන තුර්කිය) බටහිර වෙරළ තීරයේ පිහිටා ඇති අයෝනියා කලාපයේ ය. සාමූහිකව අයෝනියන් ලීගය ලෙස හැඳින්වෙන අයෝනියානු නගර ග්‍රීක සංස්කෘතිය, දර්ශනය සහ විද්‍යාව වර්ධනය කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබේ.
අරාබි ඉලක්කම්-දැනට අප භාවිත කරන 1,2,3,4...ආදී වශයෙන් වන ඉලක්කම් වර්ගය යි.
අර්ධ ගෝලාකාර ශිඛරය-අර්ධගෝලාකාර ශිඛරය යනු ගෝලයකින් අඩකට සමාන වක්‍ර, ගෝලාකාර හැඩැති සිවිලිමකි. එය බොහෝ විට පල්ලියක මධ්‍යම අවකාශය ආවරණය කිරීමට භාවිතා කරන අතර, ශ්‍රේෂ්ඨත්වය සහ වාස්තුවිද්‍යාත්මක තේජස පිළිබඳ හැඟීමක් ඇති කරයි. ලොව පුරා බොහෝ ප්‍රසිද්ධ පල්ලි සහ ආසන දෙව්මැදුරු අර්ධගෝලාකාර ශිඛරයවලින් සමන්විත වේ. නිදසුනක් වශයෙන්, ඉස්තාන්බුල්හි Hagia Sophia, රෝමයේ තොරණ, වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව සහ ඉතාලියේ Florence Cathedral ආදිය විශ්මයජනක අර්ධගෝලාකාර ශිඛරය නිසා ප්‍රසිද්ධ ය.
අලකපය මහරජ-ආලකමන්දාවේ පාලක මහ රජු. ආලකමන්දාව යනු ධනයට අධිපති කුවේර දෙවියාගේ වාසභවයනය යයි සාහිත්‍යයේ සඳහන් වේ. එය ඉතා සශ්‍රීක, ඉසුරුබර රාජ්‍යයක් වශයෙන් සැලකේ.
අලගක්කෝනාර-මොවුහු දකුණු ඉන්දියාවේ කේරළ දේශයට අයත් වාංචි පුරයේ සිට සංක්‍රමණය වූ පරපුරකින් පැවත එන බවක් කිත්සිරිමෙවන් කැලණි ලිපියට අනුව පෙනී යයි. කළුතර දිස්ත්‍රික්කයේ රයිගම ඔවුන්ගේ මධ්‍යස්ථානය විය. නියම්ගම්පාය ලිපිය අනුව පෙනී යන්නේ ඔවුන් ‘වණික්‘ වංශයට අයත් බවයි. 1344 වැන්නේදී ලංකාවට ආ ඉබන් බතූතා සිය ලේඛනවල “අල්කෝණාර්” ලෙස හඳුන්වා ඇත්තේ මෙම අලගක්කෝණාර අමාත්‍යවරයා ය. ඉබන් බතූතා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රීපාද වන්දනාවේ යන අතරතුර ඔහු අල්කෝනාර්ගේ බල ප්‍රදේශය පසුකර ගිය බව ඔහු දක්වා තිබේ. ඔහු මේ යුගය වනවිට රාජසභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේය. නමුත් ඔහුගේ බලය බොහෝදුරට ස්වාධීන විය. එසේ සඳහන් කිරීමට හේතුව නම් ඔහු පිළිබඳ සඳහන් ශිලාලේඛනය වන කිත්සිරිමෙවන් කැලණි ලිපියේ එකල ලංකාවේ පාලකයින් වූ දැදිගම හෝ ගම්පොළ රජුන් පිළිබඳ කිසිවක් සඳහන් නොවන නිසා ය. ඔහු ස්වකීය පෞද්ගලික ධනයෙන් කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් කළේය. ඔහුට එසේ කරන්නට හැකියාව ලැබුණේ ඒ වනවිටත් ඔහුගේ පරපුර බොහෝ කලක් තිස්සේ වාණිජ කටයුතුවලට සම්බන්ධවී සිට උපයාගත් විශාල ධනයක් ඔහු සතුව පැවතීමයි. ධන බලය පමණක් නොව මේ වනවිට මේ පරපුර විශාල දේශපාලන බලයක් ද ගොඩනගාගෙන සිටි බව පෙනෙයි. මේ වනවිට සේනාධිලංකාර පරපුරේ බලය ක්‍රමයෙන් පිරිහෙමින් පැවතුනි. ගම්පොළ පස්වන පරාක්‍රමබාහු රජුගේ පාලන සමය නිමවීමෙන් පසු බලයට පත් වූයේ තුන්වන වික්‍රමබාහු රජු ය. (1359-1372) ඔහු ඉතා දුබල පාලකයෙකු වීම අලකේශ්වර පවුලේ දේශපාලන බල වර්ධනයට ප්‍රබල ආශිර්වාදයක් විය. නමුත් මේ වික්‍රමබාහු බලයට එන්නේ පස්වන පරාක්‍රමබාහු රජු බලයෙන් පහකිරීමෙන් අනතුරුව ය. ඔහු මේ කැරල්ලේ දී යාපන රජුගේ සහය ලබා ගත් බවත්, ඒ වෙනුවෙන් උඩරට, සිඳුරුවාන, බලවිට, මාතලේ, දුම්බර, සගම තුන්රට යන ප්‍රදේශවල බදු අයකරගැනීමේ අයිතිය යාපන රජුට ලබා දුන්නේ ය. යාපන රජු ඒ සඳහා මාර්තණ්ඩ පෙරුමාල් නමැත්තා පත් කළ බව කියැවේ. රටෙහි කොටසක් පාවා දී බලය ලබාගැනීමට තරම් තුන්වන වික්‍රමබාහු දුබල පාලකයෙකු විය. වික්‍රමබාහු රජුගේ නැගණිය වූ ජයශ්‍රී (ජයසිරි) කුමරියගේ සම ස්වාමිපුරුෂයන් වශයෙන් තම සොහොයුරන් දෙදෙනා වූ අර්ථනායක හා දේවමන්ත්‍රීශ්වර දෙදෙනා විවාහකර දීමට එවකට සිටි අලකේශ්වරයා වූ නිශ්ශංක අලකේශ්වර කටයුතු කළේය. මෙයින් ඔහුගේ බලය තවදුරටත් වර්ධනය විය. ඔවුන් දෙදෙනා ද ගම්පොළ රාජසභාවේ ක්‍රියාකාරීන් වූහ. ඉබන් බතූතා ද මේ අලකේශ්වර පරපුර සතු බලය කැපී පෙනුණු එකක් බවට ඉඟිකර තිබේ. ඔහු මේ පරපුරේ එවක ප්‍රධානියා සුල්තාන්වරයෙකු වශයෙන් දක්වා තිබේ.
අලකේශ්වර ප්‍රභූ පවුලේ විශේෂතම දේශපාලන කාර්යයක් වන්නේ යාපනයේ ආර්ය චක්‍රවර්තීන්ගේ බලය දකුණට ව්‍යාප්තවීම වැළැක්වීම හා ඔවුන්ගේ ග්‍රහණයෙන් ලංකාවේ නව තොටමුණු මුදවාගැනීමයි. නව තොටමුණු ලෙස සඳහන් වූයේ එකල ලංකාවේ ප්‍රධාන වරාය නවයකි. (යාපා පටුන, ලණු මෝදර, ඊරිගල, ගිංතොට, බෙල්ලන්මෝදර, සෙල්ලන්දූව, ගොනගමුව, හම්බන්තොට, සීනිගම යන වරායන් ය. නමුත් හම්බන්තොට, සීනිගම වැනි වරායන් වලට යාපන රජුගේ බලපෑම ඇතිවීය යන්න විශ්වාස කිරීම අපහසු ය.) වික්‍රමබාහු රජු බලයට පත්වීම උදෙසා යාපන පාලකයා සමග ඇතිකරගත් නීච එකඟතාවය නිසා යාපන පාලකයෝ මේ කාලය වන විට හලාවත, මීගමුව, වත්තල හා කොළඹ දක්වා ම තොටුපළවල බලය ද පවරාගෙන තිබූණි. මේ නිසා ගම්පොළ රජුට වාර්ෂිකව විශාල ආදායමක් අහිමි වෙමින් තිබුණි. අලකේශ්වර කැලණි ගඟට දකුණෙන් පිහිටි දාරුගාමයේ බලකොටුවක් ඉදිකිරීමට ඔහු කටයුතු කළේය. දකුණු දෙසින් පමණක් පිවිසිය හැකි අයුරින් නැගෙනහිර, බටහිර හා උතුරු දෙසින් දියවන්නාවට වටවී තිබූ දාරුගාමය, වටපවුරු හා දියඅගල්වලින් ආරක්ෂාකොට ශක්තිමත් බලකොටුවක් වශයෙන් වර්ධනය කිරීමට නිශ්ශංක අලකේශ්වර සමත්විය. මලයාලම් බසින් ආ කෝට්ටි යන වදනින් කෝට්ටේ හෙවත් කොටුව යන නම මෙයට පටබැඳුණ ද නිශ්ශංක අලකේශ්වර එය ජය වර්ධනය කරනා යන අරුත ඇතිව ජයවර්ධනපුර කෝට්ටේ ලෙස නම් කරන ලදී. 1372-73 කාලය වනවිටත් මේ බලකොටුව ඉදිකර නිමවී තිබූ බව නියම්ගම්පාය ලිපියෙන් පෙනී යයි.
යුධ බලකොටුව තනා නිමවා සිය සේනා ශක්තිය ද වර්ධනය කරගත් නිශ්ශංක අලකේශ්වර, ආර්යචක්‍රවර්තීන්ගේ බදු නිලධාරීන් එල්ලා මරා දැමීය. ඇතැම් තැනෙක එළවා දැමූ බවක් ද සඳහන් ය. ඔහු එයින් ආර්යචක්‍රවර්තීන්ට යුද්ධාභියෝගයක් කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු ඉන්දීය යුධසේනාවක් ද රැගෙන කෝට්ටේ ආක්‍රමණය කළේය. රාජාවලියේ සඳහන් වන්නේ යාපන රජු සොළී රටෙන් මහ සෙනගක් රැගෙනවිත් මුහුදින් හා ගොඩබිමින් ගම්පොළ හා කෝට්ටේ ආක්‍රමණය කළ බවයි. එහි එන විස්තරයේ හැටියට ගොඩබිමින් ආ සේනා මාතලේත්, මුහුදින් ආ සේනා පානදුර හෝ කොළඹ තොටුපළවලින් ඇතුළුවී දෙමටගොඩ හා ගොරකානේ කඳවුරු බැඳගෙන ඇත. නමුත් ගම්පොළ හමුදා හා අලකේශ්වර හමුදා මේ සේනා වනසා ආර්යචක්‍රවර්තී බලය යාපා පටුනට සීමා කිරීමට සමත්විය. මේ පිළිබඳ විස්තර අලකේශ්වර යුද්ධය කෘතියේත්, රාජාවලියේත් සඳහන් වේ.
අලගියරි ඩාන්ටේ-පුනරුද සමයේ ලේඛකයෙකි. ඩිවීනා කොමඩියා කෘතියේ කතුවරයා ය.
අලිගල-සීගිරිය-ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වියළි කලාපීය ලෙනකි.
අල් බලසූරි-"කිතාබ් ෆුටූ අල්-බුල්දාන්" (ආක්‍රමණයේ පොත) කෘතියේ කර්තෘ
අල්කොනාර්-ගම්පොළ සමයේ සිටි අලගක්කෝනාර නමැති ප්‍රධානියා. ඉබන් බතූතාගේ දේශාටන වාර්තාවේ මේ නම ලබා දී තිබේ.
අල්-බලසූරි-අරාබි ජාතික ඉතිහාසඥයෙකි. කිතුවසින් නව වන සියවසේ දී පමණ ජීවත් වී ඇත. ඔහුගේ ලේඛනවල ලංකාව හා අරාබි රටවල් අතර පැවති සබඳතා ගැන සඳහන් වේ.
අල්-මස්ලික්වාල්-මමාලික්-"Kitab al-Masalik wal-Mamalik" (මාර්ග සහ රාජධානි පොත) යනු Al-Istakhri ලෙස පොදුවේ හැඳින්වෙන අබු ඉෂාක් ඊබ්‍රාහිම් ඉබන් මුහම්මද් අල් ෆරිසි අල් ඉස්තාක්රි (Abu Ishaq Ibrahim ibn Muhammad al-Farisi al-Istakhri) විසින් ලියන ලද මධ්‍යකාලීන ඉස්ලාමීය භූගෝල විද්‍යාවේ කැපී පෙනෙන කෘතියකි. ඔහු 10 වැනි සියවසේ ජීවත් වූ පර්සියානු භූගෝල විද්‍යාඥයෙකු සහ සංචාරකයෙකු සේ පිළිගැනෙයි.
අවරණ-අමුණ.
අවසාන විනිශ්චය-ලොව ලොකුම පේස්කෝ හෙවත් ටෙම්පරා ක්‍රමයේ(තෙත් බදාමය මත අඳින ලද) සිතුවම සේ සැලකෙන්නේ මෙයයි. රෝමයේ සිස්ටයින් දේව මන්දීරයේ අල්තාරය පිටුපස බිත්තියේ මේ සිතුවම නිර්මාණය කරනු ලැබූයේ පුනරුදයේ කලා ශිල්පී මයිකල් ආංජිලෝ විසිනි. ස්වර්ගය, මනුෂ්‍ය ලෝකය හා පාතාලය මෙහි නිරූපණය කර තිබේ.
අවුමිල්දාර්- "Aumildar" හෝ "Ameen" ලෙසද දක්වන අමිල්දාර් තනතුර ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ආදායම් එකතු කිරීම සහ ඉඩම් පරිපාලනය සඳහා වගකිව යුතු පරිපාලන නිලධාරීන් හැඳින්වීට යෙදුණු තනතුරු නාමයකි. බ්‍රිරතාන්‍ය රජයට සැලකිය යුතු ආදායම් මාර්ගයක් වූ ඉඩම් ආදායම් එකතු කිරීමේදී අමිල්දාර් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. අමිල්දාර් බ්‍රිතාන්‍ය පරිපාලනය සහ දේශීය ඉඩම් හිමියන් අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කළේය. ඉඩම් වාර්තා පවත්වාගෙන යාම, ඉඩම් ආරවුල් විසඳීම සහ ආදායම් එකතු කිරීම ඇතුළු ප්‍රාදේශීය මට්ටමින් පරිපාලන වගකීම් ද අමිල්දාර්ට තිබුණි.
අස අදෙක-අශ්ව අංශයේ ප්‍රධානියා. අශ්වයින් පිළිබඳ තීරණ ගැනීම හා අධීක්ෂණය භාර නිලධාරියා.
අස්පන්තියේ මුහන්දිරම්-මහනුවර සමයේ රජුගේ අශ්වහලේ ප්‍රධානියා
ආංගුලය-අඟල. මධ්‍යම ප්‍රමාණයට වැඩුණු සිරුරැති පුරුෂයෙකුගේ මැදඟිල්ලේ මැදපුරුකෙහි ප්‍රමාණය යැයි ව්‍යවහාරයේ පවතී. 1850 වර්ෂයේ පමණ සියම්රට භික්ෂූන්වහන්සේ නමක විසින් රචනාකරනලදුව සිංහලයට පරිවර්තනය වූ සුගතවිදත්ථිවිධානය නම් කෘතියේ මේ මිනුම් ප්‍රමාණ ගැන අදහස් දක්වා තිබේ.(සීලක්ඛන්ධ හිමි පරිවර්තනය-සුගතවිදත්ථිවිධානය, 1894 මුද්‍රණය අනුව ය.) ආංගුලය වර්ග කිිපයකි. සුගත් අඟුල(බුදුරජුන්ගේ ඇඟිලි පුරුකක ප්‍රමාණය), වඩු අඟුල, මධ්‍යම පුරුෂ අඟුල ආදී වශයෙනි.
ආදම්ගේ කන්ද-ශ්‍රී පාදය ලෙසින් ද හඳුන්වනු ලබන ආදම්ගේ කඳු මුදුන ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ කඳු මුදුනකි. එය බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම ඇතුළු බහුවිධ ඇදහිලි සඳහා ආගමික වැදගත්කමක් ඇති රටේ වඩාත්ම පූජනීය හා සංකේතාත්මක ස්ථාන වලින් එකක් ලෙස සැලකේ.
භූගෝල විද්‍යාවත්මකව ගත් කල ආදම්ගේ කන්ද ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දකුණු කොටසේ පිහිටා ඇත. එය මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර් 2,243 (අඩි 7,359) ක උන්නතාංශයක් දක්වා ඉහළ යයි. එහි සුවිශේෂී කේතුකාකාර හැඩය නිසා වඩාත් ප්‍රසිද්ධ ය.
ආගමික අතින් ගත් කල ආදම්ගේ කන්ද යනු බුදුරජාණන් වහන්සේ සිය තුන්වන සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අවස්ථාවේ සිය පාද සටහන (සිංහල භාෂාවෙන් ශ්‍රී පාදය) තැබූ ස්ථානය ලෙස විශ්වාස කෙරේ. පා සලකුණ කඳු මුදුනේ කුඩා ආවරණයක් තුළ කොටු කර ඇත. හින්දු භක්තිකයෝ මේ පා සලකුණ ශිව දෙවියන්ගේ යැයි විශ්වාස කරති. ඒ නිසා ඔවුහු මේ කූටය ශිවමුනි පාදම් නමින් හඳුන්වති. මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව පළමු මිනිසා සහ අනාගතවක්තෘ වන ආදම්ගේ පා සලකුණ බව යි. එබැවින් මෙම කන්ද ඉංග්‍රීසියෙන් "Adam's Peak" ලෙස හැඳින්වේ. කිතුනුවන් විශ්වාස කරන්නේ ද එය ආදම්ගේ පා සලකුණ බවයි. ඊට අමතරව ඇතැම් කිතුණුවන් මෙය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට පැමිණි බව කියන ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වන ශාන්ත තෝමස්ගේ පා සලකුණ බව විශ්වාස කරනු ලබයි.
ආදම්ගේ සිතුවම-රෝමයේ සිස්ටයින් දෙව්මැදුරේ සිවිලිමේ ඇඳ ඇති සිතුවමකි. මෙය මයිකල් ආංජිලෝ විසින් නිර්මාණය කර තිබේ.
ආනම-ව්‍යාංජන වර්ගයකි. ධාන්‍ය වර්ග ද මිශ්‍රකර තනන අතර කුරහන් තලප, කුරහන් පිට්ටු ආදිය අනුභව කිරීමේ දී වැඩියෙන් පරිභෝජනය කරයි.
ආරුක්කුව-වාස්තු විද්‍යාත්මක අංගයකි. වසර දහස් ගණනක් තිස්සේ ගෘහ නිර්මාණ ශිල්පයේ භාවිතා කර ඇති අතර ඒවායේ ශක්තිය සහ සෞන්දර්යාත්මක ආකර්ෂණය නිසා ප්‍රසිද්ධය.
ආරුක්කු ඒවායේ වක්‍ර හැඩය අනුව නිර්වචනය කර ඇතත්, වක්‍රය සහ ශෛලිය අනුව වෙනස් විය හැක. වඩාත් සුලභ ආරුක්කු හැඩය අර්ධ වෘත්තාකාර ආරුක්කු වේ, නමුත් උල් හෝ ගොතික් ආරුක්කු සහ වඩාත් සංකීර්ණ මෝස්තර ද ඇත. සාමාන්‍ය ආරුක්කුවක් අබුට්මන්ට් හෝ පීයර් ලෙස හැඳින්වෙන සිරස් ආධාරක දෙකකින් සහ ආරුක්කුව ලෙස හඳුන්වන වක්‍ර මුදුනකින් සමන්විත වේ. ආරුක්කු යනු ව්‍යුහාත්මක ස්ථාවරත්වය සප අංගයක් වන අතර ඒ මත ඇති වන පීඩනය/ බර බෙදා හැරීමට ඉඩ සලසයි.
ප්‍රධාන ගල හෙවත් යතුරු ගල යනු ආරුක්කුවේ මුදුනේ ඇති මධ්‍යම ගලයි. එය බොහෝ විට කූඤ්ඤ හැඩැති වන අතර ආරුක්කුව එකට තබා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. යතුරු ගලෙන් ලැබෙන පීඩනය අනෙකුත් ගල් හෝ කුට්ටි මත පිටතට තල්ලු කර ඒවා ස්ථානගත කරයි.
ආරුක්කු වර්ග කිහිපයකි.
රෝම ආරුක්කුව: රෝම ආරුක්කුව අර්ධ වෘත්තාකාර ආරුක්කුවක් වන අතර පැරණිතම ආරුක්කු ආකාරවලින් එකකි. එය පුරාණ රෝම ගෘහනිර්මාණ ශිල්පය තුළ ජලධර, පාලම් සහ කොලෝසියම් වැනි ස්මාරක ව්‍යුහයන් තුළ බහුලව භාවිතා විය.
ගොතික් ආරුක්කුව: ගොතික් ආරුක්කුව, උල් ආරුක්කුව ලෙස ද හැඳින්වේ, එහි උල් මුදුනක් සහිත වේ. එය සාමාන්‍යයෙන් ගොතික් ගෘහනිර්මාණ ශිල්පයට සම්බන්ධ වන අතර මධ්‍යතන යුගයේදී දෙව්මැදුර සහ පල්ලි ඉදිකිරීම සඳහා භාවිතා කරන ලදී.
අශ්වලාඩම් ආරුක්කුව: අශ්වලාඩම් ආරුක්කුව U-හැඩැති හෝ අශ්වලාඩම් හැඩැති වක්‍රයක් ඇත. එය විශේෂයෙන්ම ස්පාඤ්ඤයේ සහ උතුරු අප්‍රිකාවේ මුවර් සහ ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී ලක්ෂණයකි.
Segmental Arch: segmental arch යනු සම්පූර්ණ අර්ධ වෘත්තාකාර නොගැඹුරු ආරුක්කුවකි. එය බොහෝ විට ජනේල සහ දොරවල් වැනි කුඩා වාස්තුවිද්‍යාත්මක අංගවල භාවිතා වේ.
ආර්යචක්‍රවර්තී-යාපහුව යුගය අග ලංකාව ආක්‍රමණය කළ ආක්‍රමණිකයෙකි. ඔහු දළදා වහන්සේ පැහැරගෙන ගොස් කුලශේඛර පාණ්ඩ්‍ය රජුට භාරදුන්නේ ය.
යාපනය පාලනය කළ රාජකීය පරපුර ද මේ නමින් හැඳින්වේ.
ආර්යචක්‍රවර්තී පරපුර-යාපනය පාලනය කළ රාජවංශයකි. මෙයට අයත් රජවරු දොළොස්දෙනෙකු ගැන මූලාශ්‍රයවල සඳහන් වේ.
1. විජය කුලංකෛ ශිංගෛ ආරියන්
2. කුලසේකර ශිංගෛ ආරියන්
3. වික්කිරම ශිංගෛ ආරියන්
4. වරෝදය ශිංගෛ ආරියන්
5. මාර්තාණ්ඩ ශිංගෛ ආරියන්
6. කුණභූෂණ ශිංගෛ ආරියන්
7. වීරෝදය ශිංගෛ ආරියන්
8. ජයවීර ශිංගෛ ආරියන්
9. කුණවීර ශිංගෛ ආරියන්
10. කණකශූරිය ශිංගෛ ආරියන්
11. ශිංගෛ පරරාජශේකරන්
12. සංකිලි ශිංගෛ ආරියන්

විජය කුලංකෛ- නල්ලූරය අගනුවර වශයෙන් තෝරාගෙන එහි ආරක්ෂක විධිවිධාන තරකරවීය. යාපනයේ කෛලායනාතර් කෝවිල හා ශ්‍රී කන්දස්වාමි කෝවිලත් තවත් කෝවිල් ගණනකුත් යාපනයේ ඉදි වූයේ මේ කාලයේ ය. නමුත් මෙකී කන්දස්වාමී කෝවිල කරවූයේ VIවන බුවනෙකබාහු රජු යැයි කෝවිලේ පූජා කටයුතුවලදී ගායනා කරන පාඨයක සඳහන් වෙයි. ඔහුගේ ආරාධනයෙන් දකුණු ඉන්දීය වෙල්ලාළ අධිපතීන් කිහිපදෙනෙක් හා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන් ද සමග මෙහි අවුත් පදිංචි වූහ.
කුලශේඛර- පරිපාලන කටයුතුවිධිමත් කිරීමටත් කෘෂි කටයුතු දියුණුකර ආදායම් ඉපදවීමටත් මේ රජු ක්‍රියා කළේය. ඔහුගේ පාලන සමය සාමකාමී පාලන සමයකි.
වික්කිරම- මේ රජුගේ කාලයේ ලංකාවේ උතුරේ සිවිල් අරගලයක් හටගෙන ඇත. ආගමික හේතුසාධක මත සිංහල හා දෙමළ පිරිස් අතර ගැටුමක් වර්ධනය විය. රජු මේ පිළිබඳ සොයාබලා වැරදිකරුවන් ලෙස හඳුනාගත් පුංචිබණ්ඩා නමැත්තා සහ තවත් සිංහලයන් දාහත් දෙනෙකු මරා දැමීය. ඉන්පසු ගැටුම් අවසන් වූ වගක් පෙනී යයි.
වරෝදය- සිංහල හා දෙමළ වැසියන් අතර සමගිය ඇතිකිරීමට මේ රජු මහත් වෙහෙසී කටයුතු කළේය. උතුරු ප්‍රදේශයේ සියලුම සමාජ මට්ටම්වල රටවැසියන් අතර මේ රජු මහත් ප්‍රසාදයක් හිමිකරගෙන සිටියේය.
මාර්තණ්ඩ- ඔහු අධ්‍යාපනය හා කෘෂිකර්මය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළේය. මේ කාලයේ වන්නියාර්වරු යම් කලබලයක් ඇතිකළ ද ඔහු ඒවා සාර්ථකව මර්දනය කළේය.
කූණභූෂණ- සාමකාමී සෞභාග්‍යවත් යුගයක් සේ සැලකෙයි.
වීරෝදය- වන්නියාර්වරු සිංහල වැසියන් යොදවා කලබල ඇතිකළේ මේ රජුගේ කාලයේදී ය. හේ ඊට ප්‍රතිචාර වශයෙන් වන්නි ප්‍රදේශයට කඩාපැන එහි වස්තුව කොල්ල කෑවේය. මේ කාලයේම චන්ද්‍රෙශ්ඛරන් නමැති පාණ්ඩ්‍ය රජු සතුරන්ගේ ප්‍රහාර නිසා සිංහාසනය අහිමිව යාපන රජුගේ සහය ඉල්ලා සිටියේ ය. වීරෝදය රජු සේනා පිරිවරා ගොස් සතුරන් පරදා චන්ද්‍රෙශ්ඛරන් රජුට බලය ලබාදුන්නේය. මේ කාලයේදී ඔහු ද දකුණු ඉන්දියාවට ගොස් සිටි නිසා වන්නියාර්වරු යළි කලබල ඇතිකළහ. මේ අවස්ථාවේ වන්නියාර්වරු දකුණේ සිංහල රජවරුන්ගෙන් ද උපකාර ඉල්ලා සිටියහ. නමුත් සිංහල රජවරු ඊට සහයක් නොදුන්නෙන් විරෝධය යළි පැමිණි වහා වන්නියාර්වරු ඔහුට සිය යටහත් බව ප්‍රකාශ කළහ.
ජයවීර-ලංකාවේ වයඹ හා බස්නාහිර වෙරළ ආශ්‍රිත මුතුපර පිළිබඳ ආරවුලක් මත ඔහු දකුණේ බුවනෙකබාහු රජුට පහර දී පරාජය කළේය. දොළොස් වසරක් පුරා ඔහු සිය අධීශ්වරත්වය දකුණු දිග කෙරේ පවත්වාගෙන ගියේය. පසුව බලයට පත්වූ පරාක්‍රමබාහු රජු පාණ්ඩ්‍ය මැදිහත්වීම මත මෙම ප්‍රදේශ යළි හිමිකර ගත්ත ද ඔහු ජයවීර රජුට කප්පම් ගෙවීමට එකඟ විය.
කුණවීර-පරාක්‍රමබාහු රජුට පසු බලයට පත්වූ දකුණේ රජවරු යාපන පාලකයාට කප්පම් ගෙවීම පැහැරහැරියෙන් කුණවීර රජු යළි දකුණට ප්‍රහාරයක් එල්ල කළේය. යළි කප්පම් ලබාගැනීමට සමත් විය. ඔහු ලංකාවේ ප්‍රදේශ කිහිපයකම ද්‍රවිඩයන් පදිංචි කළේය. මදුරාවේ නායක් අධිපතීන්ට ද උපකාර කළේය.
කණගශූරිය-දකුණේ සිංහල රජවරු යාපනයට පහරදුන්හ. වන්නියාර්වරු ද මේ සඳහා සහය දුන් අතර කණගශූරිය රජු දරු පවුල ද සමග දකුණු ඉන්දියාවට පලා ගියේය. එහි තිරුක්කෝවලුර්හි අධිපතියා වෙත සිය අඹුදරුවන් තබා දඹදිව පුදබිම් වන්දනා කිරීමට ගියේය. ඔහු යළි ලංකාවට ආයේ මදුරා අධිපතීන් විසින් සැපයූ යුධහමුදාවක් ද රැගෙන ය. ඒ වන විට යාපනය, විජයබාහු නම් සිංහල රජෙකු යටතේ පැවතුණි. හේ යාපනේ සංස්කෘතියට පටහැනිව ක්‍රියා කළෙන් කණගශූරිය රජු විජයබා රජු මරාදැමීය. ඉන්පසු ඔහු මද කලක් යාපනයේ පාලකයාවී සිට පසුව සිය පුත්‍රයාට බලය පවරා ඉවත්විය.
පරරාජශේකරන්- කණකශූරිය රජුගේ පුත්‍රයා වූ මොහු ශාස්ත්‍රීය කටයුතුවලට අනුග්‍රහ දැක්වීය. ඔහුගේ සොහොයුරා වූ ශේගරාජශේකරන් යාපනේ දෙමළ ශාස්ත්‍රපීඨයක් ඇරඹීය. පරරාජශේඛරන් ඊට අනුග්‍රහ කළ අතර දකුණු ඉන්දියාවෙන් පොත් රැගෙන ඒමට ද අනුග්‍රහ දැක්වීය. ඒ අනුව දකුණු ඉන්දියාවෙන් පොත් විශාල ප්‍රමාණයක් රැගෙන ආ අතර යෝගරාගශේකරන් කුමරා ද වෛද්‍ය ශාස්ත්‍රය අලළා පොත් කිහිපයක් ම රචනා කළේය. රජුගේ දියණිය විවාහ වී සිටියේ අරශකේශරී නම් කවියෙකු සමගිනි. ඔහු සංස්කෘත බස හොඳින්ම දත් නිසා රඝු වංශය දෙමළ බසට පරිවර්තනය කළේය. (මේ රජුගේ කාලයේ මෙරටට ආ ශුබදිට්ඨ මුනිවර් නම් අනාගත වක්තෘවරයෙකු පිළිබඳ සඳහනක් ඇතත් ඒ මුනිවරයාගේ ප්‍රකාශයන් ලෙස ඉදිරිපත් කර ඇති දේ පිළිගැනීමට අපහසු ය. අවිශ්වාසනීය ය. ඔහු කියා ඇත්තේ යාපනයේ ඉදිරි අනාගතයයි. මේ වනාහී ලේඛකයන් පසු කාලීනව ලියූ දෙයක් වියහැකි අතර ඒ වනවිටත් එම සිදුවීම් නිමවී තිබෙන්නට ඇත. ) පෘතුගීසීන් පරරාජශේකරන්ගේ හිසට මිලක් නියම කළෙන් ඒ මුදලට ගිජු වූ බමුණෙකු රජු මරා දැමූ බව සඳහන්ය.
ශංගිලි- පරරාජසේකරන් රජුගේ අන්‍ය බිසවකගේ පුතෙකි. ඉතා පහත් ගතිපැවතුම්වලින් යුක්ත වූවෙකි. රාජ්‍යත්ව ලෝභය නිසා රජුගේ පුතුන් දෙදෙනෙකු මරා තෙවැනියා වූ වෛද්‍යවරයාට ද රාජ්‍යත්වය ලැබීම වැළැක්වීය. නමුත් ඔහුට අමාත්‍ය ධුරයක් දීමට කටයුතු කළේය. යාල්පාන වෛපවමාලෛ කෘතියේ මේ රජුගේ ක්‍රෑර පාලනයේ තතු දක්වා තිබේ.
ආර්යචක්‍රවර්තී පෙළපත-ආර්යචක්‍රවර්තීවරු දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යයේ වාසය කළ ප්‍රභූ පවුලකින් පැවතෙන පිරිසකැයි අදහසක් දමිළ මූලාශ්‍රයවල තිබේ. වෙච්චරුක්කයිනාටු නම් ප්‍රදේශ වැසි ප්‍රභූ පවුලකින් පැවත එන්නේ යනුවෙන් වැඩිදුරටත් සඳහන් වේ. 1344 වැන්නේ දී ලංකාවට ආ ඉබන් බතූතා සඳහන්කර ඇත්තේ ආර්ය චක්‍රවර්තීන් ලංකාවේ සුල්තාන්වරයා බවයි. ඉන් අදහස් වන්නේ ඒ යුගය වනවිට මෙරට සිටි ප්‍රබලම පාලකයා යාපන පාලකයා බවයි . මොවුන්ගේ අගනගරය නල්ලූර් බව කෛලාය මාලෛ හා යාල්පාන වෛපමාලෛ කෘතිවල දක්වා තිබෙතත් ශේගරාශ ශේකරමාලෛ කෘතියේ සඳහන්කර ඇත්තේ ඔවුන්ගේ අගනගරය ශිංගෛ නගරය බවයි. මේ නගරය කුමක් ද යන්න අපහැදිලි ය. නමුත් ඇතැම්විට ඔවුන් භාවිත කළ ශිංගෛ යන වදන ම යොදාගෙන නල්ලූර් නගරය ම හැඳින්වීමට යොදාගත් නමක් විය හැක.
ආසන දෙව්මැදුර-ෆ්ලෝරන්ස්-ෆ්ලොරන්ස් ආසන දෙව්මැදුර, Cattedrale di Santa Maria del Fiore හෝ සරලව Florence Duomo ලෙස ද හැඳින්වේ, එය ඉතාලියේ ෆ්ලෝරන්ස් හි වඩාත් කැපී පෙනෙන හා විස්මයජනක වාස්තුවිද්‍යාත්මක සලකුණක් වන අතර එය නගරයේ සංකේතයකි. ෆ්ලෝරන්ස් ආසන දෙව්මැදුර 13 වන සියවසේ අගභාගයේදී ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පී Arnolfo di Cambio විසින් නිර්මාණය කරන ලදී. එහි ඉදිකිරීම් 1296 දී ආරම්භ වූ අතර සියවස් ගණනාවක් පුරා පැවතුනි. විශ්මය ජනක ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය, එහි විශාල ගෝලාකාර, සංකීර්ණ මුහුණත, අලංකාර සීනු කුලුන ඇතුළු සුවිශේෂී ලක්ෂණ නිසා ප්‍රසිද්ධය. Dome: "Cupola del Brunelleschi" ලෙස හැඳින්වෙන ෆ්ලෝරන්ස් ආසන දෙව්මැදුරේ ගෝලාකාර පුනරුද යුගයේ වඩාත් ආකර්ෂණීය ඉංජිනේරුමය ජයග්‍රහණවලින් එකකි. එය Filippo Brunelleschi විසින් නිර්මාණය කරන ලද අතර එය 1436දී නිම කරන ලදී. ගෝලාකාර ඉදිකිරීමේ තාක්ෂණය පෙරළිකාර වූ අතර වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව ඇතුළු පසුකාලීන ගෝලාකාර ශිඛර සඳහා මූලාදර්ශයක් විය.
ආසන ලිපි-ගලින් කළ සිංහාසන, මල් ආසන ආදී නිර්මාණවල කොටා ඇති ලිපි මේ ගණයට වැටේ. නමුත් අසුන්ගැනීමට හැකි ආකායෙන් තැන්පත් කර ඇති ශිලා තලා මත කෙටූ ලිපි ද මේ වර්ගයට අයත් බව පිළිගැනෙයි. එය නිවැරදි නම් ගල්පොත ශිලාලේඛනය ද ආසන ලිපි ගොන්නට එක් කළ හැක.
ආස්ථාන-දිස්ත්‍රික්කය හෝ ප්‍රදේශය. මෙය ශිලාලේඛනවල අතන නමින් හමු වේ. තිරගම අතන, බදකර අතන, දෙවගම අතන ආදී වශයෙනි.
ආළිසාර ඇළ-ඇළහැර ඇළ-වසභ රජු
ඇටිකෙසෙල්- වල්කෙසෙල් වර්ගයකි. කෙසෙල්වල මුතුන්මිත්තන්ගෙන් කෙනෙක් සේ සැලකේ. ඇට බහුල නිසා ආහාරයට ගත් විට දිරවීම අපහසුය. ඇතැම් සත්තු මේ කෙසෙල් ආහාරයට ගත් විට මළපහ කිරීමේ අපහසුවට පත්වන අතර ඇතැම් විට එයින් ම මියයයි.
ඇතා සහ ස්වස්ථික කාසි-ලංකාවේ ව්‍යවහාරයේ පැවති කාසි විශේෂයකි. මෙහි ඇත් රුවක් හා ස්වස්ථික රුවක් නිරූපණය කර තිබේ.
ඇත් පහනේ තාක්ෂණය-මේ තුළ විද්‍යාත්මක මූලධර්ම කිහිපයක් ක්‍රියාත්මක වේ.
බොයිල් නියමය: නියත උෂ්ණත්වයේ දී වායුවක පීඩනය සහ පරිමාව අතර ඇති සම්බන්ධතාව පැහැදිලි කරයි. උෂ්ණත්වය නියතව පවතින විට වායුවක පීඩනය එහි පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වන බව එහි සඳහන් වේ. ප්‍රායෝගිකව, මෙයින් අදහස් කරන්නේ ඔබ වායුවක පරිමාව අඩු කළහොත් එහි පීඩනය වැඩි වන බවයි. පහනෙහි ඉන්ධන බහාලුම් කොටස සම්බන්ධයෙන් බොයිල්ගේ නියමය යෙදිය හැකිය. බහාලුමෙහි පරිමාව පාලනය කිරීමෙන්, එහි ඇතුළත වායුවේ පීඩනය අඩු වැඩි කළ හැකි අතර, එයින් ලාම්පු දාහකයට ඉන්ධන ගලායාම කෙරෙහි බලපෑම් කළ හැකිය.
ජල ගතික විද්‍යාව: ද්‍රව ගති විද්‍යාව යනු ද්‍රව සහ වායූන් ඇතුළු තරලවල චලිතය අධ්‍යයනය කිරීමයි. එය චලනය වන තරලවල හැසිරීම සහ ඒවා මත ක්‍රියා කරන බලවේග සමඟ කටයුතු කරයි. පහනෙහි සන්දර්භය තුළ, ඉන්ධන සැපයුම් යාන්ත්‍රණයක් වැනි තරල ගෙන යන පද්ධතියක් සැලසුම් කිරීමේදී ජල ගතික විද්‍යාව සලකා බැලිය හැකිය. ප්‍රවාහ අනුපාතය සහ දහන කාර්යක්ෂමතාව ප්‍රශස්ත කරමින් දාහකයට ඉන්ධන (උදා: තෙල් හෝ භූමිතෙල්) සැපයීමේ පද්ධතියක් පහනට ඇතුළත් කළ හැකිය.
හයිඩ්‍රොස්ටැටික්ස්(අචල ජල විද්‍යාව) : හයිඩ්‍රොස්ටැටික්ස් යනු නිශ්චල තරලවල හැසිරීම කෙරෙහි අවධානය යොමු කරන ද්‍රව යාන්ත්‍ර විද්‍යාවේ උප කොටසකි. යම් මතුපිටක් මත තැබූ විට පහන ස්ථායීව පවතින බව සහතික කිරීම සඳහා ජල ස්ථිතික මූලධර්මය භාවිත කළ හැක. පහනෙහි පාදය හෝ පාදවල බර ඒකාකාරව බෙදා හැරීමට එය භාවිතා කළ හැකිය.
ඇමරිගෝ වෙස්පුෂි-1454 සිට 1512 දක්වා ජීවත් වූ ඉතාලි ගවේෂකයෙකු සහ නාවිකයෙකු විය. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ නව ලෝකය සොයාගැනීම සම්බන්ධයෙනි. ඒ නිසා ඔහුගේ නමින් ඇමරිකා මහද්වීපය නම් කර ඇත. ඇමරිගෝ වෙස්පුචි ඉතාලියේ ෆ්ලෝරන්ස් හි උපත ලැබූ අතර 1499දී ස්පාඤ්ඤ ගවේෂණයකට සම්බන්ධ වීමට පෙර වෙළෙන්දෙකු ලෙස සේවය කළේය. ඔහු දැන් වෙනිසියුලාව සහ බ්‍රසීලයේ වෙරළ තීරයට යාත්‍රා කළ අතර පසුව දකුණු ඇමරිකානු වෙරළ තීරය සහ කැරිබියන් ගවේෂණය කළේය. ඔහු නව ලෝකයට යාත්‍රා කිහිපයක්ම කළ අතර, තමාට හමු වූ ඉඩම් කලින් සිතූ පරිදි ආසියාවේ කොටසක් නොවන නමුත් ඇත්ත වශයෙන්ම නව මහාද්වීපයක් බව වටහා ගත් පළමු යුරෝපීයයන්ගෙන් කෙනෙකි. ඇමරිගෝ වෙස්පුචි ඔහුගේ සංචාර පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ලිවීය, එය පුළුල් ලෙස බෙදා හරින ලද අතර යුරෝපයේ "නව ලෝකයක්" පිළිබඳ අදහස ප්‍රචලිත කිරීමට උපකාරී විය. ඔහු නාවික ශිල්පීය ක්‍රම දියුණු කිරීමට ද දායක වූ අතර, දක්ෂිණ අර්ධගෝලයේ නාවික කටයුතු සඳහා මාලිමා යන්ත්‍රයක් භාවිතා කළ ප්‍රථම පුද්ගලයා විය. ඇමරිගෝ වෙස්පුචිගේ උරුමය කොලොම්බස් වැනි අනෙකුත් ගවේෂකයන් විසින් තරමක් යටපත් කර ඇතත්, ඇමරිකාව සොයා ගැනීමට සහ සිතියම්ගත කිරීමට ඔහුගේ දායකත්වය සැලකිය යුතු විය. ඔහු දක්ෂ නාවිකයෙකු සහ ගවේෂකයෙකු ලෙස සිහිපත් කරනු ලබන අතර, නව ලෝකයේ යුරෝපීය ගවේෂණ සහ යටත් විජිතකරණයේ මුල් ඉතිහාසයේ ප්‍රධාන චරිතයක් ලෙස සිහිපත් කරනු ලැබේ.
ඇම්බැක්කේ දේවාලය-කතරගම දෙවියන් උදෙසා කරන ලදී. ලී කැටයම් නිසා ප්‍රසිද්ධ විය. නිර්මාණ කටයුතු කළේ දෙල්මඩ මූලාචාරියා විසිනි. ඒ ජන ජීවිතය තේමා කොට කැටයම් කර තිබේ. මල්ලව පොරය, නළඟන, යුදසෙබලා, හේවායා, දරුවෙකුට කිරි පොවන මව, යෝගියා කැටයම් අතර දැකිය හැක. ගම්මාලූ හා පිහිඹියා දැව යොදාගෙන තිබේ. එකකට එකක් වෙනස් නෙළුම් මල් කැටයම් මෝස්තර රාශියක්ම දැකිය හැක. වහලේ විශේෂ ලක්ෂණයක් වූ පරාල 26ක් එක ලී ඇණයකින් සවි කර ඇත. එය මඩොල් කුරුපාව නමින් හඳුන්වයි.
ඇඹුල-ඇඹුල් රසය ප්‍රධාන කොට තිබෙන සේ පිළියෙල කරන ලද ව්‍යංජන විශේෂයකි.
කෙතේ හෝ ගොවිපොළේ හෝ වැඩ කරන්නන් සඳහා පිළියෙල කළ ආහාරය ද මේ නමින් හැඳින්වේ.
ඇඹුල් කැඳ-ඖෂධීය කොළ යොදා සකස් කරන කැඳ විශේෂය. ඇඹුල් හඹු
ඇඹුල් හඹු-ඖෂධීය කොළ යොදා සකස් කරන කැඳ විශේෂය. ඇඹුල් කැඳ
ඇල් වී-ගොඩ වී. හේන් වැනි ගොඩ ඉඩම් වල වගා කරන වී. මේවා වර්ග ගණනාවත් තිබේ. සුවඳ ඇල්(සුවඳැල්), ඇද ඇල්(ඇදැල්), ඇදියම් ඇල්, ඇඹල ඇල්, ඉඳ ඇල්(ඉඳැල්), ඌරු ඇල්, කුඹුරු ඇල්(කුඹුරැල්), කලමඩු ඇල්, කවුඩු ඇල්(කවුඩැල්), කහ ඇල්, කහට ඇල්(කහටැල්),කහටපත් ඇල්(කහටපතැල්), කටු ඇල්, කළුතර ඇල්, කළුකිරි ඇල්, කළු කළු බොර ඇල්(කළුබොරැල්), කළුවිරළු ඇල්, කැලි ඇල්, කිතුල් ඇල් (කිතුලැල්) ආදී වශයෙනි. සාලි යනුවෙන් ද මේවා පොදුවේ හැඳින්වේ.
ඇළහැර ඇළ-ආලිසාර ඇළ-වසභ රජු
ඇළි ඇතා-සුදු ඇතා යටතේ බලන්න
ඉංග්‍රීසි හටන-ලංකාවේ ලියවුණු හටන් කාව්‍යයකි. 1805 වර්ෂයේ සිදු වූ බ්‍රිතාන්‍යයන්ගේ උඩරට ආක්‍රමණයේ දී ලාංකික පාර්ශ්වයේ දක්ෂතා අගයමින් කළ මේ කෘතිය එවක කවිකාර මඩුවේ ශිල්පියෙකු වූ වැලිගල කවිසුන්දර මුදලි විසින් රචනා කරන ලදී.
ඉන්ඩිකා-මෙගස්තිනීස්(කතුවරයා ලංකාවට පැමිණ නැත.)
ඉපලෙන් තැලීම-වියළි කටු අතු මිටියකින් පහර දීම.
ඉබන් බතූතා-ලංකාවට පැමිණි අරාබි දේශාටකයෙකි. 1404 වර්ෂයේ පෙබරවාරි 24 වැනිදා මොරොක්කෝවේ දී උපත ලැබූ බතූතාට උපතින් ඉතා දීර්ඝ නාමයක් හිමි විය. ෂම්ස් අල් ඩින් අබු අබ්දෙල්ලා මුහම්මද් ඉබන් අම්දෙල්ලාඉබන් මුහම්මද් ඉබන් ඊබ්‍රහීම් ඉබන් මහම්මද් ඉබන් ඊබ්‍රහිම් ඉබන් යුසුෆ් අල් ලවති අල් තන්ජි ඉබන් බතූතා යන්න ඔහුගේ සම්පූර්ණ නම යි. තුරුණු වියේ දී දේශාටනය ඇරඹූ ඔහු, වයස අවුරුදු 50දී යළි සිය උපන් බිමට පැමිණෙන්නේ රටවල් 40ක් පුරා කිලෝමීටර එක්ලක්ෂ විසිදහසක දුරක් සංචාරය කිරීමෙන් අනතුරුව ය. පසුව එවක මොරොක්කෝ සුල්තාන්වරයාගේ ඉල්ලීම මත සිය ගමන් විස්තරය රචනා කළේ ය.
ඉබන් ශහ්රියර් සහ අජායිබ් අල් හින්ද්-Ibn Shahriar ගේ "Aja'ib al-Hind" (The Wonders of India) යනු මධ්‍යකාලීන අරාබි සංචාරක සටහනක් සහ ඉන්දියාව කේන්ද්‍ර කර ගත් භූගෝලීය කෘතියකි. කතුවරයා, Abu Muhammad al-Hasan ibn Muhammad ibn Muhammad ibn Ahmad ibn Shahriar al-Ramhurmuzi al-Hakim, 10 වන සියවසේ ජීවත් වූ පර්සියානු විද්වතෙක් සහ සංචාරකයෙකි. ඔහුගේ කෘතිය, වන "අජායිබ් අල් හින්ද්" හි ඉන්දියාවේ භූගෝලය, මිනිසුන්, සංස්කෘතිය සහ ස්වභාවික අරුමපුදුම දේ විස්තරකර තිබේ. ලංකාවේ ඇතැම් විස්තර ද එහි ඇතුළත් වේ.ලාංකිකයින් පිරිසක් අරාබියට පැමිණි බවක් එහි සඳහන් වී තිබේ.
ඉර-සදාකාලිකත්වය සංකේතවත්කිරීම පිණිස පැරණි ලංකාවේ සෙල්ලිපිවල සූර්ය හෙවත් හිරු හා චන්ද්‍ර හෙවත් සඳු සංකේතය යොදා තිබේ. නමුත් මෙයින් සූර්ය සංකේතය ලංකාවට ආවේණික සංකේතයක් නොවන අතර පුරාණ ශිෂ්ටාචාර රැසක සූර්ය සංකේතය විවිධ අරමුණු ඇතිව භාවිත කර තිබේ.
ඉරටොස්තිනීස්ගේ වාර්තා-ක්‍රි.පූ. 3 ශතවර්ෂය (ලංකාවේ නගර නොතිබූ බවත්, ගම් හත්සියයත් තිබූ බවත් දක්වයි. ලංකාවේ විදේස වෙළඳාම පිළිබඳව ද කියයි.)
ඉරණමඩු සැකැස්ම-ඉරණමඩු පස් ස්ථර පිහිටීම. වැලි හා මැටි තට්ටුවකට යට වූ බොරළු තට්ටුව මේ නමින් හැඳින්වේ.
ඉරාස්මස්-Desiderius Erasmus Roterodamus, ලන්දේසි ජාතිකයෙකි.(ප්‍රංශ ජාතිකයෙකු ලෙස පෙළ පොතේ දක්වා තිබේ.) පුනරුද මානවවාදියෙකු, දේවධර්මවාදියෙකු, දාර්ශනිකයෙකු සහ ලේඛකයෙකු විය. ඔහු පුනරුදයේ වැදගත්ම චරිතයක් ලෙස පුළුල් ලෙස සලකනු ලබන අතර විවිධ ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය. ඉරැස්මස් උපත ලැබුවේ 1466 ඔක්තෝබර් 27, හෝ 1469, ශුද්ධ රෝම අධිරාජ්‍යයේ (දැන් නෙදර්ලන්තයේ) කොටසක් වූ රොටර්ඩෑම් හි ය. ඔහු නෙදර්ලන්තයේ සම්භාව්‍ය අධ්‍යාපනයක් ලබා ඇති අතර පසුව පැරිස් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු දේවධර්මය, ලතින් සහ මානව ශාස්ත්‍ර ඉගෙන ගත්තේය. ඉරැස්මස් මානවවාදය වැලඳ ගත්තේය. ඔහු විසින් "In Praise of Folly" නමින් කෘතියක් 1511දී ප්‍රකාශයට පත් කරන ලදී. සමාජයේ සහ පල්ලියේ මෝඩකම් සහ දුෂ්ටකම් විවේචනය කළ උපහාසාත්මක රචනාවක් සහ හිතෝපදේශ එකතුවක් වන "Adagia" ඇතුළු බොහෝ කෘති ලිවීය. ඉරැස්මස් ඔහුගේ කාලය තුළ රෝමානු කතෝලික පල්ලිය තුළ සිදු වූ අතිරික්තයන් සහ දූෂණය පිළිබඳ විවේචකයෙකි. ඔහු රෙපරමාදු භක්තිකයෙකු නොවී ය.
ඉරුගල්කුලතිලක පිරිවෙන-දෙවිනුවර ප්‍රදේශයේ වූ පිරිවෙනකි. කෝට්ටේ යුගයේ දී වඩාත් ප්‍රකට විය
ඉරුගල්කුලතිලක පිරිවෙන් හිමි-
ඉසබෙලා හා ෆර්ඩිනන්ඩ්-ෆර්ඩිනන්ඩ් හා ඉසබෙලා යටතේ බලන්න.
ඉසිගිරි-වසභ රජුගේ අමාත්‍යයෙකි. ඔහු නාගදීපයේ ප්‍රාදේශීය පාලකයා සේ කටයුතු කර තිබේ.
ඉස්තාන්බුල්-පැරණි කොන්ස්තන්තිනෝපලය හෙවත් බයිසෙන්තියම. රෝමයේ කොන්ස්ටන්ටයින් අධිරාජයා මෙයට කොන්ස්තන්තිනෝපල් නමත්, බයිසෙන්ටයින් අධිරාජයා බයිසෙන්ටියම නමත් යෙදී ය.
උක්-ඉක්ෂු නමින් මහාවංසයේ හමු වෙන බෝගයකි. සකුරු නිපදවීමට යොදාගන්නා ලදී. උක් සකුරු හෙවත් ඉක්ෂු සර්කරා යනුවෙන් මේවා මහාවංසයේ හඳුන්වා තිබේ. පෘතුගීසීන් පැමිණෙන තුරු ලංකාවේ ජනයා සීනි පරිභෝජනයට හුරු වී නොසිටිය හ.
උක්ඛ-පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ අවකාශය මැනීමේ මිනුම් ඒකකයකි. ලික්ඛ 7ක ප්‍රමාණය.
උඩගම්පහ අදිකාරම්-මහනුවර සමයේ රජුට පමණක් දෙවැනි වූ තනතුරු දෙකෙන් දෙවැන්න. අග්‍රාමාත්‍ය ධුරයට සමාන තනතුරකි.
උඩමළල-ලංකාවේ ප්‍රාග් ඓතිහාසිකක වාසස්ථානයකි. වර්ෂ 5330කට වඩා පැරණි සාධක මෙහි තිබී හමු වී තිබේ.
උඩරට ප්‍රදේශ 21-රට ඒකක 9ක් හා දිසාවනි 12ක් වශයෙනි. ‘රට’ හා ‘දිසාවනි’ යටතේ බලන්න.
උණ්ඩියරාළ-මහනුවර සමයේ බදු එකතුකරන නිලධාරියාගේ සහයකයා. උණ්ඩියා. එකතු කරගත් බදු උණ්ඩියක් හෙවත් කැටියක් ලෙස පොට්ටනි කර රැගෙන යන්නා.
උදකප්‍රාප්ති-දකපති නම් බද්ද. ඒ යටතේ බලන්න.
උපදේශ කාව්‍ය-සුභාෂිතය, ලෝවැඩසඟරාව, සිරිත්මල්දම වැනි උපදේශාත්මක කාව්‍ය.
උපසග්ගරෝගනාස-උපසග්ග නම් රෝගය මර්දනයට හතරවන කාශ්‍යප රජු විසින් පිහිටුවූ විශේෂ රෝහල. මෙම රෝගය උපසර්ග රෝගය නමින් බුත්සරණෙහි සඳහන් වන රෝගය වියහැක.
උපසම්පදාව-බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ විනයකර්මයකි. සාමණේර පැවිද්දන් අධිශීලයෙහි පිහිටුවීම සඳහා කරන විනය කර්මය. උපසම්පදා වර්ග 8ක් පිළිබඳ සිංහල විශ්වකෝෂයේ සඳහන් වේ. ඒහිභික්ඛු, සරණාගමන, ඔවාදපටිග්ගහනු, පඤ්හඛ්‍යාකරණ, අට්ඨගරුධම්මපටිග්ගහණ, දුතෙන, අට්ඨවාචික, ඤත්තිචතුත්ථකම්ම ආදී වශයෙනි. (සිං.වි.කෝ. 4 කාණ්ඩය 714 පිට)
උපාලි හිමි-මහනුවර සමයේ සියම් රටෙන් මෙහි වැඩම කළ භික්ෂූන්වහන්සේ නමකි.
උපුල්වන්-ශ්‍රී ලංකාව ආරක්ෂාකිරීම භාරව සිටින්නේ යැයි ජන සම්මතයේ සිටින්නේ මේ දෙවියන් ය.
උරුවෙල්තොට-උරුවේලතිත්ථ/උරුවේල ගාම
උරුවේලගාම-උරුවේලතිත්ථ/උරුවෙල්තොට
උරුවේලතිත්ථ-උරුවෙල්තොට/උරුවේල ගාම
උලකුඩය දේවී-ලෝකනාථා නමින් ද මූලාශ්‍රය වල හමුවන මැය සවැනි පරාක්‍රමබාහු රජුගේ දියණිය වූවා ය. ජයවීර පරාක්‍රමබාහු රජුගේ මව වූවා ය. ඇයගේ මව ස්වර්ණමාණික්‍යා හෙවත් රන්මැණිකා නම් වූ බව ශිලා ලේඛන අනුව පෙනී යයි. ඇයට චන්ද්‍රවතී යන නාමය ද වූ බව පරම්පරා පුස්තකය අනුව පෙනී යයි. නමුත් චන්ද්‍රවතී යනු ඇයගේ සොයුරිය යැයි ද පැරණි මතයක් පැවතුණි. පරවි සංදේශය ලියැවෙන්නේ චන්ද්‍රවතී කුමරියට සුදුසු ස්වාමිපුරුෂයෙකු ලබා දෙන්නැයි උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලාසිටීම පිණිස ය. මෙහි චන්ද්‍රවතී යනු ද උලකුඩය දේවිය යැයි පසුව ලැබුණු සාධක වලින් පෙනී ගොස් තිබේ. කැලණියේ විභීෂණ දෙවියන් වෙත කරන ඉල්ලීමක් ලෙස සැළලිහිණි සංදේශය ලියැවෙන්නේ ඇයට උතුම් පුත්රුවනක් ලබාදෙන්නැයි ඉල්ලමිනි.
උසබ-පැරණි දුර මනින ඒකකයකි. දිගු දුර මැනීම සඳහා භාවිත කර තිබේ. සත් රියන් යෂ්ටි 20ක දුර.
උළු කැඳ-ලුණු කැඳ හෙවත් යවාගු.
ඌරාකැට ළිං-මැටි වළලු බැස්සවූ ළිං වර්ගයකි. මේවා වත්මන් කොන්ක්‍රීට් වළලු බැස්සවීමේ ක්‍රියාවලියට සමාන වේ. මෙම මැටි වළලු මගින් කරන්නේ ජලයේ කිවුල් ගතිය පාලනය කිරීමයි. මෙවැනි ළිං ඇත්තේ ලංකාවේ වියළි කලාපයේ ය.
ඌරාතොට-සූකරතිත්ථ, කයිට්ස්
ඍෂිගිරි-ඉසිගිරි නමැති අමාත්‍යයා. ඔහුගේ නම හමුවන්නේ වසභ රජුට අයත් වල්ලිපුරම් රන් සන්නසෙනි. ඉසිගිරි අමාත්‍යයා එකල නාගදීපයේ ප්‍රාදේශීය පාලකයා වශයෙන් කටයුතු කර තිබේ.
එකගෙයි කෑම-ලංකාවේ උඩරට ප්‍රදේශයේ පැවති විවාහ ක්‍රමයකි. මෙය එක ම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු එක් ස්ත්‍රියක විවාහකරගැනීමක් වශයෙන් සරලව හැඳින්වියහැකි වූව ද, ඇතැම් අවස්ථාවල පුරුෂයන් පස් දෙනෙකුට, හය දෙනෙකුට හෝ සත් දෙනෙකුට හෝ බිරියක වීමට ද කාන්තාවට සිදු වූ අවස්ථා ඇති බව මූලාශ්‍රය පරිශීලනයෙන් පෙනී යයි. ජොආඕ-රයිබීරෝගේ 1685 වාර්තාවක් උපුටා දක්වමින් රැල්ෆ් පීරිසි මහතා මේ බව දක්වා තිබේ.(පීරිස් රැල්ෆ්,2016, පිටුව 218) එවැනි බහු පුරුෂ විවාහ අවස්ථාවල කිසිදු සහෝදරයෙකුට ඈ පිළිබඳ වැඩි අයිතියක් නොමැති අතර, ඇය හා රාත්‍රිය ගතකරන්නට අපේක්ෂා කරන්නා එදින දහවල් යාමයේ ම සිය අමුඩ ලේන්සුව හෝ තමා භාවිත කරන සාළුවක් ඇයගේ කුටියේ දොර මත දමනු ලැබේ. ඇතැම් විට ඇයගේ කාමරයට පිවිසි පසු එසේ සිය ඇඳුමක් දොර මත දැමීම ද සිදු වී තිබේ. එයින් අදහස් කරන්නේ තමා ඇය හා මේ මොහොත ගත කරන බව ය. එකවර පුරුෂයින් දෙදෙනෙකුට ඇයගේ කුටියට පිවිසීමට ජන සම්මත තහන්චි වූ නිසාත්, කෘෂි සමාජය තුළ ස්ත්‍රියක විසින් කළ යුතු තවත් බොහෝ කටයුතු තිබූ නිසාත් ඇයට කිසි විටෙකත් ලිංගික හිරිහැරයක් සිදු වූයේ යැයි කියා හෝ එසේ වන්නට අවස්ථාව ලැබුණේ කියා හෝ චෝදනාවක් නොවන්නට ඇත. මෙවැනි විවාහයකින් ලැබුණු දරුවන් මේ සියලු පුරුෂයින්ට පියා ලෙස ඇමතූ අතර, සියලු පුරුෂයින් ඇය හා ඇයගේ දරුවන් පිළිබඳ වගකීම සමව භාරගත යුතු විය. මේ නිසා සහෝදරයින් රැසක් සිටිනා පුරුෂයෙක් විවාහ කරගැනීම එකල වාසනාවක් සේ සලකන ලදී. ඒ සියලු පුරුෂයින් ඇය පිළිබඳ සොයා බලනා බැවිනි. කෙසේ වෙතත් සහෝදරයින් ප්‍රමාණය 7කට වැඩි වූ විට අටවැන්නාගේ සිට අනෙකුත් සහෝදරයින්ට ස්ත්‍රිය අයත් නොවී ය. මුල් සත් දෙනාට පමණක් අයත් විය. එමෙන් ම පවුලේ බාල ම සොයුරා විවාහයක් කරගත්තේ නම් ඔහුගේ බිරිය අයත් වූයේ ඔහුට ම පමණි.
එක්තැන්සමිය-පැරණි ලංකාවේ පාලන කටයුතුවලට සම්බන්ධ ප්‍රධාන ආයතනය. එය ව්‍යවස්ථාදායක හා විධායක බලය සහිත ආයතනයක් බව පෙනී යයි. රාජසභාව නමින් හඳුන්වන්නේ ද මෙයයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බුද්ධන්නෙහෙළ තිබී හමු වූ ශිලාලේඛනයේ ද මේ වදන හමු වේ. වෙස්සගිරි ශිලාලේඛනයක ද මෙය හමු වේ. EZ-1
එක්තැන්සමිය-රජසභාව. ඒක ආස්ථානය. පැරණි කාලයේ ලංකාවේ පරිපාලනයට සම්බන්ධ ව්‍යවස්ථාදායක හා විධායක ආයතන දෙකේ එකතුව. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බුද්ධන්නෙහෙළ සෙල්ලිපියේ මේ වදන හමු වේ.
එදා හෙළදිව-රොබට් නොක්ස් විසින් රචිත කෘතියේ සිංහල පරිවර්තනය යි. වැඩි විස්තර රොබට් නොක්ස් යටතේ බලන්න.
එල්ලංගාව-ඇළ මාර්ග මගින් එකිනෙක යා වූ වැව් පද්ධතිය. ජලය අපතේ යෑම අවම කරනු පිණිස මේ වැනි වැව් පද්ධති නිර්මාණය කර තිබේ. වැව් ප්‍රපතනය නමින් ද හැඳින්වේ.
ඒක ආස්ථාන-එක්තැන්සමිය හෙවත් රාජ සභාව.
ඒකාධිකාරය-වෙළඳ භාණ්ඩ පිළිබඳ තනි අයිතිය./ අත්තනෝමතික පාලනය
ඔනෙසික්‍රීටස් වාර්තා-ග්‍රීක (කතුවරයා ඇලෙක්සැන්ඩර් අධිරාජයා‌ගේ නාවික නියමුවෙකි.) වයඹදිග ඉන්දියාව හා ලංකාව අතර පැවති වෙළඳාම ගැන සඳහන් වේ.
ඔළගම්-අත්හැර දැමූ වැව් ගම්මාන හෝ මිනිසුන් පැමිණෙන නමුත් ස්ථිරව පදිංචි වී නොසිටින වැව් ගම්මාන. කොඩ්රින්ටන් මහතාගේ Glossary of Native, foreign and anglicized words කෘතියේ දැක්වෙන්නේ මේවායේ වැවක් ඇති අතර, ගොවිතැන් කටයුතු සඳහා යාබද ගම්මානවලින් ජනයා පැමිණෙනෙ බවයි. නමුත් නතර වී නොසිටින බව යි.
කංගු-තණ හාල්
කටාරම-ලෙනක් තුළට ජලය ගලා ඒම වැළැක්වීම පිණිස ගල් තලාවේ ඇතුළු බෑවුමේ යොදන කට්ටය.
කටුක භාණ්ඩ-කුළුබඩු
කටුපුල්ලේ-මහනුවර සමයේ රාජකීය පණිවිඩකරු
කටුවන කොටුව-හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයේ වූ ලන්දේසි බලකොටුවකි. වාණිජ හා ආරක්ෂක අවශ්‍යතාවක් මත ලන්දේසීන් විසින් ඉදිකරන ලද්දකි. 1761දී පමණ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ හමුදා සේනාංක කිහිපයක් පුරා තෙදිනක් මේ කොටුවට කාලතුවක්කු ප්‍රහාර එල්ල කර අල්ලා ගත් අතර කොටුවේ සිටි ලන්දේසි නිලධාරීන් හා හේවායන් සියලු දෙනා මේ සටනින් මරණයට පත් විය.
කණදරා වැව-ඛානුවාපි- ඛාණ වාපි- කණාවැව- කණාදියදොර-මහසෙන් රජු කරවූ වැවකි.
කණාදියදොර-කණදරා වැව-මහසෙන් රජු
කණාවැව-කණදරා වැව-මහසෙන් රජු
කදම්බ නදී-මල්වතු ඔය
කනතෙල්-ආහාර පිසීමේ දී භාවිත කරන තෙල්. දුංතෙල්, ගිතෙල් හා පොල් තෙල් මේ වර්ගයට අයත් වේ.
කනත්ත-අනුරාධපුර ප්‍රදේශයේ භාවිත වන ප්‍රාදේශීය යෙදුමකි. කලක් අත්හැර දමා තිබී යළි වගාව ඇරඹූ හේන. අත්හැර දමන්නේ කන්න කිහිපයක් වගා කීරීමේ දී පසේ ඇති වන පෝෂණ ඌණතා ආදිය ස්වභාවිකව යළි සකස්වීම සඳහා කාලය ලබා දීම සඳහා ය. සුසාන භූමිය සඳහා ද මේ යෙදුම භාවිත වේ. මාතලේ හා තමන්කඩුවේ පැලෑසි හේන් නමින් මේවා හඳුන්වා තිබේ.
කනදරා ඔය-ගම්භීර නදී
කනපෙඩික-රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානී.
කන්තලේ-ගඞ්ගාතලාක, ගන්තලාව, ඒ නමින් ඇති වැව
කන්නය-වගා වාරය. යල, මහ, මැද ආදී වශයෙන් ඇති වගා වාරය.
කන්නය-වගා වාරය. වගා කිරීමට සුදුසු කාලය සේ තෝරා ගත් කාලය.
කන්නසාමි-ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අභිෂේකයට පෙර භාවිත කළ නාමය.
කඳවුරු සිරිත-දඹදෙණියේ රජවරුන්ගේ එදිනෙදා දිවිපෙවෙත විස්තර කරන කෘතියකි.
කඳවුරුනුවර- ලංකාවේ දෙවන අගනගරය. අනුරපුර සමයේ සිට ප්‍රධාන යුධ කඳවුරක් මෙහි පැවති නිසා මේ නම යෙදින. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,
කඳවුරුසිරිිත-දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජුගේ දිනචර්යාව පිළිබඳ ඒ යුගයේ ම ලියැවුණු කෘතියකි.
කප්පරකන්දර නදී-මැණික් ගඟ
කබර-ලෝහ කර්මාන්තකරු
කබොජ මහ පුගිය-කාම්බෝජීය මහා වෙළඳ සංවිධානය. මෙහි කාම්බෝජ යනු භාරතයේ සොළොස්මහ ජනපද අතරින් අවසානයට කියැවෙන කාම්බෝජ් නම් ජනපදය යි. එය වයඹ දිග ඉන්දියාවේ හෙවත් වත්මන් ඇෆ්ගනිස්ථාන් භූමියේ ව්‍යාප්තව පැවතියේ ය.
කයිට්ස්-සූකරතිත්ථ, ඌරාතොට,
කරගඟ-කාරගංගා, අඹන් ගඟ
කරබේඹිය-කරපිංචා
කරම්බකුලම්-කලවාණ වැව, කාලපාසාණවාපි, කළපහණක වැව, (වසභරජු විසින් කරවූ, මහසෙන් රජු විශාල කරවූ වැවකි/අනුරාධපුර යුගය)
කරල්ලියද්දේ බණ්ඩාර-මහනුවර රාජධානියේ තෙවැනි පාලකයා ය. ඔහුගේ වැඩිමහලු දියණිය වූ දෝන මාගරීටා(මාගරීදා) විවාහ වී සිටියේ කෝට්ටේ ධර්මපාල රජු සමග නිසා කරල්ලියද්දේ රජු ද වක්‍රව පෘතුගීසි ගැත්තෙක් විය. මේ නිසා උඩරට මහජන විරෝධයක් ඇති වූ අතර පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර විසින් සීතාවක උපකාර ඇතිව මේ රජු පලවාහැරීමට කටයුතු කළේ ය. ඔවුන් පලා ගියේ පෘතුගීසීන් වෙත ය. නමුත් පලායන අතරතුර වසූරිය වැළඳීමෙන් රජු හා බිසව මියගිය බව සඳහන් වේ.
කරින්ද නදිය-කිරිඳි ඔය
කරීසය-කිරිය. ඒ යටතේ බලන්න.
කලපු-Lagoon-සමුද්‍රාසන්න පිහිටීමකි. මේවා වැලිපර හෝ කොරල්පර වැනි ස්වභාවික බාධක වැටි මඟින් මුහුදෙන් වෙන්ව පිහිටයි. නමුත් වසරේ එක් කාලයකදී පමණක් මුහුද සමඟ සම්බන්ධ වේ. මේ නිසා කිවුල් දිය සහිතය.
කලවාණ වැව-කාලපාසාණවාපි, කළපහණක වැව, කරම්බකුලම්(වසභරජු මහසෙන් රජු විශාල කරවූ වැවකි/ අනුරාධපුර යුගය)
කලා වැව-කාල වාපි. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.
කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත-කලියුගය හෙවත් අප දැනට ගතකරමින් සිටින යුගයේ පවතිනා වූ සාහිත්‍යය සම්බන්ධයෙන් සියල්ල දන්නා යන අර්ථය ඇති ගෞරව නාමයකි. පෘථිවි ඉතිහාසයේ කාල පරාසයන් විවිධ යුග, උපයුගවලට බෙදා දැක්වීමක් සාහිත්‍යයේ හමු වේ. මේ අතරින් ප්‍රධාන යුග දෙකකි. ඒ ශුන්‍ය කල්පය හා අශුන්‍ය කල්පය වශයෙනි. එකී කල්ප දෙකෙන් අශුන්‍ය කල්පය යනු බුදුවරයන් වහන්සේලා පහළ වන කල්පය යි. එය තුළ තවත් මහා යුග කිහිපයකි. එක් බුදුවරයෙක් පහළවන යුගය සාර කල්පයයි. බුදුවරයන් දෙදෙනෙකු පහළ වන්නේ මණ්ඩකල්පයේ ය. බුදුවරයන් තිදෙනෙකු පහළ වන කල්පය වර කල්පය වන අතර සිව් බුදුවරයන් පහළ වන්නේ සාරමණ්ඩ කල්පයේ ය. අප ද ජීවත් වන, බුදුවරයන් පස් දෙනෙකු පහළ වූ මේ කල්පය මහා භද්‍ර කල්පයයි. මෙවැනි මහා කල්ප හෙවත් ප්‍රධාන කල්ප යලි උපකොටස් හතරකට බැගින් බෙදේ. ඒවා කෘත, ත්‍රේතා, ද්වාපර හා කලියුගය ලෙස හැඳින්වේ. කලියුගය පරිහානිය පෙන්වන යුගයකි. එයින් ම ඒ මහා කල්පය නිමා වේ.
කල්පිටිය-පැරණි වරායකි. කල්පෙන්ටින් නමින් පෘතුගීසින් හැඳින්වූ ප්‍රදේශයේ පිහිටියේ ය.
කල්පිටිය-කල්පෙන්ටින්
කල්පෙන්ටින්-කල්පිටිය
කවි-කවියා. සෙල්ලිපිවල හමුවන වදනකි. හම්බන්තොට නැට්ටුක්කන්ද ලිපියේ කවියෙකු වූ සංජය නමැත්තා ගැන සඳහන් වේ.
කවිකාර මඩුවේ මුහන්දිරම්-මහනුවර සමයේ රජුගේ වන්දිභට්ට පිරිසේ ප්‍රධානියා. රජුගේ ගුණ වයමින් කවි ගායනා කරන කණ්ඩායමේ ප්‍රධානියා.
කවුඩාවුළු-කවුඩුල්ල ගම, කාකාලය ග්‍රාම
කවුඩුල්ල වැව-තිස්සවඩ්ඪමානකවාපි - රන්තිසා වැව (මහසෙන් රජු/අනුරාධපුර යුගය)
කවුඩුල්ල-කාකාලයග්‍රාම,කවුඩාවුළු, කවුඩුවුල්ල,
කවුඩුවුල්ල-කකාලය ගම, කවුඩුල්ල ගම
කව්සිළුමිණ-දෙවන පැරකුම්බා රජු - දඹදෙණි යුගය
කසීකාරගාම-කෘෂිකාර්මික ගම්. ගොවියන් විසූ ගම්.
කහාපණ-ලංකාවෙන් හමු වූ පැරණි ම කාසි විශේෂය. ප්‍රාණ හෝ ධරණ නමින් ද හැඳින්වේ.
කළු ගඟ-කාළ නදී
කළුතොට-කාළතිත්ථ
කළුදියපොකුණ ලිපිය-තෙවන සේන රජු- විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ
කළ්‍යාණි නදී-කැලණි ගඟ
කළ්‍යාණිතිත්ථ-කැලණිතොට
කාකාලයග්‍රාම-කවුඩුල්ල ගම,කවුඩුවුල්ල
කාඩි-කැඳ යන්නට සමාන නමකි.
කාඩි ඇඹුල-සහපිටි පල් කර සකසා ගන්නා ආහාරයකි.
කාරගංගා-අඹන් ගඟ, කරගඟ, මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාව.
කාලපාසාණවාපි-කලවාණ වැව, කළපහණක වැව, කරම්බකුලම්(වසභරජු විසින් කරවූ, මහසෙන් රජු විශාල කරවූ වැවකි/අනුරාධපුර යුගය)
කාලිංග දේශය-දකුණු ඉන්දියානු ප්‍රදේශයකි. වත්මන් ඔරිස්සාව යි.
කාලිංගපුර-ලංකාවේ දෙවන අගනගරය.නිශ්ශංකමල්ල රජු විසින් මේ නමින් නම් කරන ලදී. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුළතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,
කාලිංගරායර-පළමු බුවනෙකබාහු සමයේ ලංකාවට පැමිණි දකුණු ඉන්දීය ආක්‍රමණිකයෙකි.
කාලියවදන-කාලිවාපි-කැලිවසා-වසභ රජු
කාව්‍යශේඛරය-තොටගමුවේ ශ්‍රී රාහුල හිමි - කෝට්ටේ යුගය
කාව්‍යශේඛරය,
කාසි-බලන්න-නාණක විද්‍යා මූලාශ්‍රය.
කාළ නදී-කළු ගඟ
කාළතිත්ථ-කළුතොට
කාළවාපි-කලියවදන වැව-වසභ රජු
කැකුලන්දොළ සිරිවර්ධන පතිරාජ-සිංහල පෙරළිය යටතේ බලන්න.
කැති අඩ-හේන්වලින් අය කළ බද්දකි. කැති යන්නෙන් අතීතයේ කැත්ත හා ක්ෂත්‍රියයා හෙවත් රජු ද හඳුන්වා තිබේ. මේ නිසා රජුට අයත් කොටස කැති අඩ යනුවෙන් හඳුන්වන්නට ඇත. බොහෝ විට මෙය මහා පරාක්‍රමබාහු රජු විසින් පැනවූවක් වියහැක. නිශ්ශංකමල්ල රජු එය අහෝසි කළ බව සඳහන් වේ.
කැතිඅඩ-හේන්වලින් අයකළ බද්දකි. මෙය මහාපරාක්‍රමබාහු රජු විසින් පැනවූ බද්දක් විය හැක.(ලං.වි. ලං.ඉ. vi පරිච්ඡේදයට අනුව ය.) පොළොන්නරුව රන්කොත් විහාර ටැම් ලිපියේ මෙය සඳහන් වේ. මෙය නිශ්ශංකමල්ල රජුට අයත් ලිපියකි.EZ-2
කැදෑස-අතීතයේ ලංකාවේ ජනයා ආහාරයට ගත් ධාන්‍ය වර්ගයකි.
කැලිකට්-ඉන්දීය වරායකි. වස්කෝද ගාමා පළමුවරට පැමිණියේ මේ වරායට ය.
කැලිවසා-කුම්භීලසේබ්භක වාපි-නිරාමුල්ල වැව-මහසෙන් රජු
කැලණි ගඟ-කළ්‍යාණී නදී
කැලණි තොට-කළ්‍යණිතිත්ථ
කෑගල්ල වාර්තාව, එච්.සී.පී. බෙල්-ඉංග්‍රීසි පාලන සමය
කෑරගල වනරතන හිමි-කෑරගල පද්මාවතී පිරිවෙන් වැසිව සිටි උගත් යතිවරයන් වහන්සේ නමකි. කෝට්ටේ යුගයේ සාහිත්‍ය හා අධ්‍යාපන නවෝදයේ කැපී පෙනුණු චරිතයකි.
කෑල මල-රත් පැහැ මල් විශේෂයකි. කෑල ගස් යට කෑල මල් වැටුණු කල ඒවා රතු පලසක් මෙන් දිස්වන හෙයින් ඒ දකින සිවළුන් ආහාරයට සුදුසු මස් කැබලි යැයි රැවටෙන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. සිංහලෙන් කෑල, ගස් කෑල, ගස් කෑලිය ආදී නම්වලින් ද සංස්කෘතෙන් පලාශ යනුවෙන් ද හඳුන්වයි. රත්කෑල යනු ද මේවා ය. මෙය මීටර් 15 පමණ උසට අක්‍රමවත්ව අතු පැතිරී වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි.
කියුෆික් අක්ෂර-විවිධ අරාබි අකුරුවල මුල් ම ස්වරූපය යි. එම අක්ෂර ශෛලිය වර්ධනය වූයේ ක්‍රිස්තු වර්ෂයෙන් හත්වන සියවසේ දී ඉරාකයේ කූෆා නගරය කේන්ද්‍ර කර ගනිමින් නිසා මේ නම යෙදී තිබේ. ඉස්ලාම් භක්තිකයින්ගේ ආගමික ග්‍රන්ථය ලෙස සැලකෙන ශුද්ධ වූ කුරානය පිටපත් කිරීමට භාවිත කරන ලද්දේ ද මෙම අක්ෂරයි. මෙම අක්ෂරවලින් ලියන ලද සොහොන්ගල් කිහිපයක් ශ්‍රී ලංකාවෙන් ද සොයා ගෙන තිබේ.
කිරිගෙරි- කිරි ගවයා.පස්වන කාශ්‍යප රජුගේ ශිලා ලේඛනයක මේ වදන හමු වේ.
කිරිඳි ඔය- කරින්ද නදී
කිරිමඩු ශාන්තිකර්මය-සබරගමු ප්‍රදේශයේ ප්‍රචලිත ශාන්තිකර්ම විධියකි. ගව සම්පත ආරක්ෂා කිරීමත් වැඩි වර්ධනය කිරීමත් ඉන් අපේක්ෂා කෙරේ. මංගර දෙවියන් නමින් හඳුන්වන දෙවියන් පිදීම ප්‍රධාන කොට සිදුකරයි. මංගර දෙවියන් සේ සලකන්නේ ගව ආදී සතුන් සමග කෙළිදෙලෙන් කාලය ගත කරන චරිතයකි. මංගර දෙවියන්ට අමතරව පත්තිනි, විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ ආදී දෙවි දේවතාවුන් ද, ගොපලු කුරුම්බර ඇතුළු දොළොස් කුරුම්බරයන් ද පුදනු ලැබේ.(කුරුම්බර යනු දෙවියන් හා යක්ෂයින් අතරට වැටෙන ගුප්ත ජීවී කොට්ඨාසයකි. ගිනිකුරුම්බරයා ප්‍රධාන වේ.) කෘෂි සමාජයක අතිශය වැදගත් සම්පත වූ ගවයා පිදීම අතීතයේ සිට ම ඉන්දීය සමාජයේ පවා පැවති සිරිතකි. (කිරිමඩු ශාන්තිකර්මයේ පුරාවෘත්තය කියවීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ, නර්තනය අතිරේක කියවීම් පොත(12 ශ්‍රේණිය) කියවන්න.)
කිරිය-කරීසය. ධාන්‍ය හා භූමිය මැනීමේ දී භාවිත කළ පැරණි මිනුම් ඒකකයකි. අමුණු 4ක ප්‍රමාණය. කිරිය එකක ප්‍රමාණයේ බිත්තර වී වැපිරිය හැකි භූමිය.
කීර්ති-පළමු විජයබාහු රජු රාජ්‍යත්වයට පත්වීමට පෙර නම.
කීර්ති ශ්‍රී රාජසිංහ-නායක්කර් වංශයේ දෙවැනි පාලකයා.
කුඩීන්-සමාජයේ වැඩි බර දරාගනිමින් කටයුතු කරන පහළ ම ස්ථරයේ සාමාන්‍ය ජනයා. කුටි පුරුෂ හෙවත් ගෙහිමියා, ගොවියා ආදී අර්ථ එහි තිබේ.
කුණාටු තුඩුව-දකුණු අප්‍රිකාවේ දකුණු තුඩුව. මෙම ස්ථානයේ දී බර්තොලමියු ඩයස්ගේ නාවික කණ්ඩායම කුණාටුවකට හසුවීම නිසා මේ නම යොදන ලදී. පසුව සුභපැතීමේ තුඩුව නමින් නම් කරන ලදී.
කුබකර-කුම්බකාර. කුඹල්කරු, මැටි භාවිතයෙන් නිර්මාණ කරන්නා.
කුමාරසිංහ-කුසුමාසන දේවිය හා පළමු විමලධර්මසූරිය රජුගේ පුත්‍රයෙකි.
කුම්භකාරගාම-කුම්භ හෙවත් මැටි කළ වැනි බඳුන් තනන්නන් විසූ ගම්
කුඹුකන්ද නදී-කුඹුක්කන් ඔය
කුඹුබන්ද නදී-යාන් ඔය
කුඹුර-කෘෂි කටයුතු (වී ගොවිතැන) සඳහා භාවිත කරන කුඩා භූමි ඒකකය.
කුරුණෑගල විස්තරය-කඩඉම් පොත් වර්ගයට අයත් කෘතියකි. පාලන සීමා ආදිය දැක්වීමේ අරමුණෙන් ලියා තිබේ.
කුරුණිය-ධාන්‍ය හා භූමිය මැනීමේ දී භාවිත කළ පැරණි මිනුම් ඒකකයකි. ඒ සඳහා භාවිත කළ බඳුන ද මේ නමින් හඳුන්වනු ලැබේ. සද්ධර්මරත්නාවලියේ ලාහ නමින් ද, මහාරූපසිද්ධි සන්නයේ ද්‍රෝණ නමින් ද දැක්වෙන්නේ කුරුණියක ප්‍රමාණය වියයුතු ය.
කුරුන්දි වාපි-කුරුන්දි වාපි, තන්නිමුරුප්පුකුලම්, දෙවැනි අග්බෝ රජු කරවූ වැවකි.
කුරුවෙ බද්ද-මහනුවර සමයේ අලි ඇතුන් පිළිබඳ කාර්යාංශය
කුලය-ලංකාව් කුලය යන වදන සමාජ ස්ථර හැඳින්වීමටත් පවුල හැඳින්වීමටත් යෙදී තිබේ. උදාහරණ ලෙස, රොඩී කුලය යනු සමාජ පන්තියකි. පතිකුලය යනු පුරුෂයාගේ පවුල යි.
කුලශේඛර-පාණ්ඩ්‍ය පාලකයෙකි. ලංකාවේ යාපහුව හා කුරුණෑගල යුගවලට සමගාමීව පාණ්ඩ්‍ය දේශය පාලනය කළේ ය. ආර්යචක්‍රවර්තී නම් ආක්‍රමණිකයෙක් මේ කාලයේ ලංකාව ආක්‍රමණය කර දළදාවහන්සේ පැහැරගෙන ගොස් මේ රජුට භාර කළේ ය. පසුව තෙවන පරාක්‍රමබාහු රජු, මේ රජු හමු වී සාකච්ඡා කර දළදාවහන්සේ යළි ලංකාවට වැඩමවීමට කටයුතු කළේ ය.
කුසුමාසන දේවී- කරල්ලියද්දේ රජුගේ දියණිය යි. දෝන කතිරිනා නමින් බෞතීස්ම ලැබූ කුමරිය යි. පළමු විමලධර්මසූරිය හා සෙනරත් රජවරුන්ගේ බිසව යි. කෝට්ටේ ධර්මපාල රජුගේ බිසව වූ දෝන මාගරීටා කුමරියගේ නැගණිය යි. දෙවන රාජසිංහ රජුගේ මව යි.
කෙටුකනබ-හේන්වලින් අය කළ බදු විශේෂයකි. මෙය මහාපරාක්‍රමබාහු රජු විසින් පැනවූ බද්දක් විය හැක.(ලං.වි. ලං.ඉ. vi පරිච්ඡේදයට අනුව ය.) නිශ්ශංකමල්ල රජු එය අහෝසි කළ බව සඳහන් වේ.
කෙත-කෘෂිකටයුතු (වී වගාව) සඳහා යොදා ගත් විශාල භූමි ඒකකය.
කෙම්පහන්-අභිචාර විධියකි. මිනිසුන්ට, සතුන්ට හෝ අස්වැන්නට සිදුවන විවිධාකාර උපද්‍රව වළක්වාගැනීම හෝ පාලනය කිරීමට මේ ක්‍රම යොදැගැනෙයි. හුදෙක් මිථ්‍යාවන් සේ බැහැර කළ නොහැකි මෙම විධික්‍රම තුළ විද්‍යාත්මක පදනමක් ද දැකිය හැකි අවස්ථා වේ.
කෙයිරූශ්-ෆර්නා ඕ ඩි ක්වෙරෝස් බලන්න
කේවට්ටගාම-‍ කෙවුලන් හෙවත් ධීවරයින් විසූ ගම්.
කෛලාසමාලෛ-නල්ලූර් කෝවිල ගැන ලියූ කාව්‍යයකි.
කොට්ටියාරම-කොට්‌ඨසාරගම,කොටසර,
කොණ්ඩවට්ටවාන් ලිපිය- සිව්වන දප්පුල රජුට අයත් ලිපියකි.ග්‍රාම පාලන නීති ගැන සඳහන් වේ.
කොතුරුගෑනා-වත්සිරිත් හා චාරිත්‍ර පිළිබඳ භාර ප්‍රධාන නිලධාරී.
කොත්ගල්කන්ද සෙල්ලිපිය-දඹුල්ලට නුදුරු කණ්ඩලමේ තිබේ - භික්ෂූන්‌ වහන්සේලා වෙත ගල්‌ ගුභාවක්‌ පූජා කරන ලද පරුමකවරයෙකු පිළිබඳව සදහන්‌ වේ.මෙහි පරුමකයා හඳුන්වා දී ඇත්තේ “තොට බොජක / තීර්ථය අනුභව කරන්නා” යනුවෙනි. එනම්‌ ඔහු තොටුපළකින්‌ බදු අය කර ගැනීමට බලය තිබූ පුද්ගලයෙකි.
කොත්මලේ-ලංකාවේ මධ්‍යම කඳුපන්තියට අයත් ප්‍රදේශයකි. විශාල ඓතිහාසික පසුබිමක් සහිත වේ. කොත්මලේ පුරාවෘත්ත නමින් ඇති කෘතියේ ද මෙහි ඓතිහාසිකත්වය දක්වා තිබේ. විජය නමැති ප්‍රධානියා විසින් පිටමං කළ කුවේණියගේ දරු දෙදෙනා ද, පිය රජු හා ගැටුණු දුටුගැමුණු කුමරා ද, ඉංග්‍රීසීන්ගේ තර්ජන හමුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ද, 1818 අරගලයෙන් පසු කැප්පෙටිපොළ, කිවුලේගෙදර හා කැටකැලේ යන ප්‍රධානීන් ද මේ ප්‍රදේශයට පැමිණ ඇති බව සිංහල විශ්වකෝෂයේ සඳහන් වේ. තව ද ආරක්ෂාව පතා අවස්ථා කිහිපයක දී ම ශ්‍රී දළදා වහන්සේ ද මේ ප්‍රදේශයේ සඟවාතිබී ඇත. ශ්‍රී මහා බෝධියේ දෙතිස්ඵලරුහ අතරින් එකක් කොත්මලේ පුසුල්පිටිය විහාරයේ රෝපණය කර තිබේ. (සිං. වි.කෝ. 8 කාණ්ඩය 79 පිට) කොත්මලේ නමින් ග්‍රාමයක් අම්පාර දිස්ත්‍රික්කයේ ද තිබේ.
කොනප්පු බණ්ඩාර, පළමු විමළධර්මසූරිය රජුගේ පළමු නම.
කොන්ස්තන්තිනෝපලය-වත්මන් ඉස්තාන්බුල් නගරය. කලක් බයිසෙන්ටියම ලෙස හැඳින්වූ නගරය. රෝම අධිරාජයෙකු වූ කොන්ස්ටන්ටයින් විසින් කොන්ස්තන්තිනෝපල් නම ද, බයිසෙන්ටයින් විසින් බයිසෙන්තියම නම ද දී තිබේ. නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ අගනගරය විය. මෙය යුරෝපයේ සහ ආසියාවේ මංසන්ධියේ පිහිටා ඇති තුර්කියේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි නගරයකි.
කොන්ස්තන්තීනු ද සා-ලංකාවේ සිටි පෘතුගීසි කපිතාන් ජෙනරාල් වරයෙකි. 1630 රන්දෙණිවල සටනේ දී සෙනරත් රජුගේ සේනා වෙතින් පහර ලැබ, සිය සේනාවේ විශාල පිරිසක් ද සමග මියගියේ ය.
කොන්ස්තන්තීනු හටන-ලංකාවේ පෘතුගීසි පාලන සමයේ කුරුවිට රාළ නමින් ප්‍රකටව සිටි වීරයෙක් අන්තෝනියෝ බරෙත්තු නමින් පෘතුගීසි නමක් ගෙන, රෝමානු කතෝලික සමය ද වැළඳගෙන පසුව පෘතුගීසීන්ට ම විරුද්ධව යුධ කළේ ය. ඔහු පාලනය කිරීමට කොන්න්ස්තන්තීනු ද සා නොරඤ්ඤ නම් පෘතුගීසි සෙනවියා ගත් උත්සාහය වර්ණනා කරමින් මේ කෘතිය රචනා කර තිබේ. මෙහි කතුවරයා අප්‍රකට නමුත් ඒ වන විට පෘතුගීසීන්ට අතිශය ලැදිව කටයුතු කරමින් තෝම්බු සකස්කිරීමේ කාර්යයේ පවා නිරතව සිටි අලගියවන්න මුකවැටි මෙහි කතුවරයා බවට පොදු පිළිගැනීමක් වේ.
කොස්මොස් ඉන්ඩිකොප්ලේටස්- Cosmas Indicopleustes ක්‍රි.ව. 6 වන සියවසේ ජීවත් වූ ක්‍රිස්තියානි පූජකයෙක්, සංචාරකයෙක් සහ ලේඛකයෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ "ක්‍රිස්තියානි භූ විෂමතාව" ("ක්‍රිස්ටියන් ටොපොග්‍රැෆියා" හෝ "ටොපොග්‍රැෆියා ක්‍රිස්ටියානා" ලෙසද හැඳින්වෙන) කෘතිය නිසා ය. කොස්මස් විසින් "ක්‍රිස්තියානි භූ විෂමතාව" ලියා ඇත්තේ 6 වන සියවසේ මැද භාගයේදී පමණ ය. මෙම කෘතිය භූගෝලීය ගිණුම්, දේවධර්මීය සාකච්ඡා සහ විශ්වයේ ව්‍යුහය පිළිබඳ පැහැදිලි කිරීම්වල එකතුවකි. එය බයිබලයේ වචනාර්ථයන් අර්ථකථනය කිරීම මත පදනම්ව ඇති අතර, ලෝකය පිළිබඳ ඔහුගේ අවබෝධය පිළිබිඹු කරයි.
කෝකිල සංදේශය-දෙවිනුවර තිලක පිරුවෙන්පති හිමි-කෝට්ටේ යුගය
කෝට්ටේ-දියවන්නා ඔයෙන් පෝෂණය වන දාරුගාම නම් ස්ථානයේ නිශ්ශංක අලකේශ්වර විසින් ගොඩනැංවූ බලකොටුවකි. පසුව කෝට්ටේ රාජධානියේ අගනුවර බවට පත්විය.
කෝරාළ-මහනුවර සමයේ කුඩා පරිපාලන ඒකකයක නාමය
කෝරාළ-මහනුවර සමයේ කෝරලයක ප්‍රධානියා
ක්‍රිස්ටෝපර් කොලොම්බස්-ක්‍රිස්ටෝපර් කොලොම්බස් (1451-1506) යනු ඉතාලි ගවේෂකයෙක් සහ නාවිකයෙක් වන අතර ඔහු නව ලෝකය සොයාගැනීමේ ගෞරවයට පාත්‍ර වූ අතර එය දැන් ඇමරිකාව ලෙස හැඳින්වේ. ඔහු ඉතාලියේ ජෙනෝවා හි උපත ලැබූ අතර, විවිධ යුරෝපීය රජවරුන් සඳහා වැඩ කරමින් පළපුරුදු නාවිකයෙකු බවට පත් විය. 1492දී කොලොම්බස් ආසියාවට නව මාර්ගයක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් අත්ලාන්තික් සාගරය හරහා ගමනක් ආරම්භ කළේය. ඔහුට ස්පාඤ්ඤ රජවරුන් වන ෆර්ඩිනන්ඩ් රජුගේ සහ ඉසබෙලා රැජිනගේ සහය හිමි වූ අතර ඔහු නීනා, පින්ටා සහ සැන්ටා මරියා යන නැව් තුනක් සමඟ යාත්‍රා කළේය. දිගු හා දුෂ්කර ගමනකින් පසු, කොලොම්බස් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය 1492 ඔක්තෝම්බර් 12 වන දින ගොඩ බැස්සේය. ඔවුන් සැබවින්ම ගොඩ බැස ඇත්තේ ආසියාවේ කොටසක් ලෙස කොලම්බස් විශ්වාස කළ බහමාස් දූපතකට ය. තවත් මුහුදු ගමන් කිහිපයකදී, කොලොම්බස් කැරිබියන් සහ මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ සමහර කොටස් ගවේෂණය කළේය. කොලොම්බස් ඇමරිකාවට ළඟා වූ පළමු යුරෝපීයයා නොවූවත් (නෝර්ස් ගවේෂක ලීෆ් එරික්සන් උතුරු ඇමරිකාවට පැමිණියේ සියවස් ගණනාවකට පෙර බව විශ්වාස කෙරේ), ඔහුගේ මුහුදු ගමන් යුරෝපීය බලවතුන් විසින් නව ලෝකය යටත් විජිතකරණයට හා සූරාකෑමට මග විවර කළේය. කොලම්බස් ආන්දෝලනාත්මක චරිතයක් වන අතර ඇතැම්හු ඔහු ආදිවාසීන්ට සැලකීම විවේචනය කරන අතර තවත් සමහරු ගවේෂණ හා සොයාගැනීම් ඉතිහාසයේ ඔහුගේ භූමිකාව සමරති.
ක්වේරෝස්-ෆර්නා ඕ ඩි ක්වෙරෝස් බලන්න
ඛානුවාපි-කණදරා වැව-මහසෙන් රජු
ගංතලාව-කන්තලේ වැව, ගඞ්ගාතලාක
ගංදෙණිය-ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා තිබූ පාලන මධ්‍යස්ථානයකි. කාලිංඝ මාඝ පොළොන්නරුව මධ්‍යස්ථානය කරගෙන සිටි සමයේ ඔහුගේ බලය තවදුරටත් ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා ලංකාවේ ස්ථාන කිහිපයක පාලන මධ්‍යස්ථාන කිහිපයක් බිහිවිය. ගංදෙණිය ඉන් එකකි. එහි එකල පාලකයා වූයේ සංඛ සෙනවිවරයා ය. මිණිපේ නමින් හැඳින්වූයේ ද මෙය යි.
ගඞ්ගාතලාක-ගන්තලාව,කන්තලේ වැව
ගජනායක නිලමේ- මහනුවර සමයේ රජවාසල ඇත් පන්තිය භාර නිලධාරියා.
ගඩලාදෙණි ගිරි ලිපිය-ධර්මකීර්ති ස්ථවිර (ගඩලාදෙණි විහාරය ඉදිකිරීම ගැන)
ගඩලාදෙණි පුවරු ලිපිය-ජයවීර පරාක්‍රමබාහු රජු (දොඩම්වල පරාක්‍රමබාහු ඈපාට, මේණවර තුණෙයාට හා පස්යොදුන්රට ජනයාට අභය දානය දීම ගැන)
ගඩලාදෙණි ලිපිය-සේනාසම්මත වික්‍රමබාහු රජු-මහනුවර යුගය (මහනුවරට අයත් ප්‍රදේශවල ජනයාට ජීවිත හානි නොකරන බව හා මරාළ බද්ද විහාර ප්‍රතිසංස්කරණයට යොදවන බව)
ගඩලාදෙණිය විහාරය-ගම්පොළ සිව්වන බුවනෙකබාහු රාජ්‍ය සමයේ දී ධර්මකීර්ති නම් හිමිනමක විසින් ගනේශ්වරාචාරී නම් ඉන්දීය ස්ථපතිවරයෙකු ලවා කරවා ඇත. දකුණු ඉන්දීය ද්‍රවිඩ ගෘහනිර්මාණ ලක්ෂණ එහි දක්නට ලැබේ. මණ්ඩප, අන්තරාල හා ගර්භගෘහ යන අංග තුන සහිතව නිමවා ඇත්තේ ඒ නිසා ය.
ගන්නොරුව සටන-දියෝගෝ ද මෙලෝ යටතේ උඩරටට ආ පෘතුගීසි සේනාංක සමග උඩරට දෙවන රාජසිංහ රජුගේ සේනා 1638දී සිදු කළ යුද්ධයකි. මෙහි දී පෘතුගීසීන් අන්ත පරාජයකට ලක් වූ අතර මෙලෝ පවා මියගියේ ය.
ගබඩාගම්-රජවාසල ප්‍රයෝජනය සඳහා වෙන් කළ ගම්මාන. රාජකීය පවුලේ යැපීම සඳහා මේවායේ ආදායම් යොදන ලදී. නමුත් රජ බිසවගේ යැපීම සඳහා බිසෝගම් නමින් ද ගම්මාන විශේෂයක් ද විය.
ගමික-ගමේ ප්‍රධානියා. ග්‍රාමික, ග්‍රාමණී, ගමණි ආදී නම්වලින් ද හමු වේ. ගමිකයන් පත් වූයේ ගෘහපතීන් අතරින් බව බුද්ධඝෝෂහිමි සමන්තපාසාදිකාවේ සඳහන් කර තිබේ.
ගම්භීර නදී-කනදරා ඔය
ගලපාත සෙල්ලිපිය-දෙවන පරාක්‍රමබාහු රජු(?)-දඹදෙණිය යුගය(පූජ්‍යස්ථාන ඉදිකිරීමත් හා ඊට කළ පූජාවන්)
ගල් ඔය-ගාල්හ ගංගා
ගල් යුගය-ප්‍රාග් ඓතිහාසික යුගය
ගල්පොත ලිපිය-නිශ්ශංකමල්ල රජුගේ ලෝක ශාසන සේවාව වර්ණනා කරමින් ඔහු විසින් කරවූ ලිපියකි. පොළොන්නරුවේ දළදා මළුව ආශ්‍රිතව ස්ථානගතකර තිබේ. ලංකාවෙන් මෙතෙක් හමු වූ දීර්ඝතම ලිපිය සේ පිළිගැනේ.
ගව්ව- පැරණි දුර මනින ඒකකයකි. දිගු දුර මැනීම සඳහා භාවිත කර තිබේ. වත්මන් සැතපුම් 3.5ක් හෝ 4ක පමණ දුරකි. ක්‍රෝෂ දෙකක දුර. ඉසුබු අසූවක දුර. (රියන් හතක් බැගින් දිග යෂ්ටි 20-ඉසුබුවකි.)ගව්ව යනු සැතපුම් 4ක් බව රැල්ෆ් පීරිස් මහතා සඳහන් කර තිබේ. (පීරිස්, රැල්ෆ්. 2016.පිටුව 84) මිනිසෙකුට, වෙහෙස නිවීම සඳහා කදක් බිම නොතබා ගමන් කළ හැකි දුර සැතපුමක් වශයෙන් සැලකේ. සැතපුමට ඇතැම් ප්‍රදේශවල පිල්ලුම යන නම ද යෙදේ. ඊට හේතුව පිළි ලිහිල් වන දුර යන්නයි. Sinhalese measures of Time කෘතිය රචනා කරමින් Herbert White සඳහන් කර ඇති ආකාරයට ඇඳ සිටින පිළි යළි තද කොට ගැනීමට අවශ්‍ය තරමට ලිහිල් වන්නේ පිල්ලුමකට හෙවත් සැතපුමක දුරක දී බව පිළිගැනේ.
ගහපති-ගෘහපති. නිවසේ ප්‍රධානියා. බොහෝ විට පියා ගෘහපතියා වේ. ජාතකට්ඨකතාවේ ගහපතිජාකතවණ්ණනාවේ ද උදාහරණයක් තිබේ.
ගාල්හ ගංගා-ගල් ඔය
ගාවුත කණු-ගව්වෙන් ගව්වට දුර ලකුණු කරමින් පිහිටුවා ඇති ශිලාස්තම්භ. නිශ්ශංකමල්ල රජු විසින් මේවා පිහිටුවා තිබේ. නිශ්ශංක ගාවුත කණු නමින් මේවා හඳුන්වනු ලැබේ.
ගැලීලියෝ ගැලීලි- ගැලීලියෝ 1564 පෙබරවාරි 15 වන දින ඉතාලියේ පීසා හි උපත ලැබීය. ඔහු සංගීතඥයන්ගේ පවුලකින් පැමිණි අතර ගණිතය හා විද්‍යාව වෙත මාරු වීමට පෙර පීසා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීය. ගැලීලියෝ වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔහු විසින් පෙරළිකාර තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කිරීමට භාවිතා කළ දුරේක්ෂයේ වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙනි. 1609 දී, ඔහු දුරේක්ෂයක් සාදා රාත්‍රී අහස දෙසට යොමුකර, බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයින් හතර (දැන් ගලීලියානු චන්ද්‍රයන් ලෙස හැඳින්වේ) සහ සිකුරුගේ අදියර ඇතුළු බොහෝ ආකාශ සංසිද්ධි සොයා ගත්තේය. මෙම නිරීක්ෂණ මගින් නිකොලස් කොපර්නිකස් විසින් ඉදිරිපත් කරන ලද සෞරග්‍රහ මණ්ඩලයේ සූර්ය කේන්ද්‍රීය ආකෘතිය සනාථ කිරීම සඳහා ප්‍රබල සාක්ෂි සපයන ලදී. ගැලීලියෝ සූර්ය කේන්ද්‍රීය ආකෘතියට සහය දැක්වීම සහ පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වේ යන අදහස ශක්තිමක් කිරීම නිසා ඔහු පෘථිවි කේන්ද්‍රීය අදහස් දැරූ කතෝලික පල්ලිය සමඟ ගැටුමක් ඇති විය 1616දී පල්ලිය විසින් සූර්ය කේන්ද්‍රවාදය ශුද්ධ ලියවිල්ලට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන ලදී. මේ අතර 1632දී ගැලීලියෝ සූර්ය කේන්ද්‍රවාදයට අනුබල දුන් ඔහුගේ "ප්‍රධාන ලෝක පද්ධති දෙක පිළිබඳ සංවාදය" නමැති ලේඛනය ප්‍රකාශයට පත් කළේය. පසුව ඔහු රෝමානු කතෝලික පාර්ශ්වය විසින් නඩු විභාගයට යොමු කරන ලද අතර, එහි තීන්දුවකින් ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය නිවාස අඩස්සියේ තබන ලදී. තාරකා විද්‍යාවෙන් ඔබ්බට ගැලීලියෝ භෞතික විද්‍යාවට වැදගත් දායකත්වයක් ලබා දුන්නේය. ගැලීලියෝ ගැලීලි 1642 ජනවාරි 8 වන දින ඉතාලියේ ෆ්ලෝරන්ස් අසල ආර්කේට්‍රිහිදී මිය ගියේය.
ගිං ගඟ- ගිම්හ නදී
ගිංතොට-ගිම්හතිත්ථ
ගිතෙල්-එළකිරි යොදයෙන් සාදා ගන්නා තෙල් විශේෂයකි. එළගිතෙල්
ගිනි යාතිකාව-හේනක් සැකසීම සඳහා කැලෑ කොටස ගිනි තැබීමට පෙර කියන යාතිකාව. ගිනි යාදින්න. පිළිස්සීමෙන් මියයෑම වැළැක්වීම සඳහා සතුන් පලවාහැරීම මෙහි අරමුණයි.
ගිම්හ නදී-ගිං ගඟ
ගිම්හතිත්ථ-ගිංතොට
ගිරා සංදේශය-කෝට්ටේ යුගයේ ලියැවී ඇත. කතුවරයා පිළිබඳ තොරතුරු පැහැදිලි නැත.
ගිරි ලිපි- පර්වත ලිපිවලටම නමකි. පිහිටි ගල මත ලියා ඇති ලිපි විශේෂයකි. පොළොන්නරු ගල්විහාරය, ගඩලාදෙණිය ආදී තැන්වල මෙවැනි ලිපි හමු වේ.
ගිවිසුම-1638-පෘතුගීසීන් මෙරටින් නෙරපා හැරීම සඳහා උඩරට රජුට සහාය දීමට ලන්දේසීන් එකඟ වීම./පෘතුගීසීන්ට එරෙහි සටන් සඳහා ලන්දේසීන්ට වැය වන මුදල් වෙනුවට ලංකාවේ කුරුඳු, ගම්මිරිස්, මී ඉටි ආදි වෙළෙඳ ද්‍රව්‍ය ලබාදීම මගින් පියවීමට රජු එකඟ වීම./ඇතුන් අලෙවිය හැර උඩරට සෙසු වෙළෙඳ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ඒකාධිකාරි අයිතිය ලන්දේසීන්ට ලබාදීම./රජු අදහස් කරන්නේ නම් පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල ලන්දේසි හමුදාව නතර කරවීමට එකඟවීම.
ගිවිසුම-1766-ලන්දේසීන් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු අතර ඇති වු ගිවිසුමකි. උඩරට නායක්කර්වරු පාලනය කළ සමයට අයත් ක්රි. ව. 1762 පමණ වනවිට උඩරට රාජ්‍යය හා ලන්දේසීන් අතර නැවතත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය. නමුත් සිංහල පාර්ශ්වයට නාවික බලයක් නොවූයෙන් ලන්දේසීන්ට විරුද්ධව ප්‍රබල වෙනත් ජාතියකගේ උදව් ලබාගැනීමට රජු උනන්දුවක් දක්වී ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1762 වර්ෂයේ දී ජෝන්පයිබස් නම් ඉංග්‍රීසි ජාතිකයා උඩරට රාජ්‍යයට දූතයකු ලෙස පැමිණියේ ය. මින් බියට පත් ලන්දේසීහු මහනුවර පාලකයා බියවැද්දීම හෝ මහනුවර අල්ලාගැනීමේ අරමුණ ඇතිව බැරන් වැන් එක් ආණ්ඩුකාරවරයාගේ මෙහෙයවීම මත සේනාංක හයක් මාර්ග හයකින් යවමින් උඩරට ආක්‍රමණය කළහ. නමුත් මෙම සේනාංක එකකටවත් මහනුවර නගරය අසලටවත් පැමිණීමට උඩරැටියෝ ඉඩ නොදුන්හ. උඩරැටියන්ට හුරු පුරුදු ගරිල්ලා සටන් ක්‍රම යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාර නිසා අසරණ වූ ලන්දේසීහු බලාපොරොත්තු සුන්ව යළි පහත රටට පැමිණියහ. නමුත් උඩරට තමන්ට අවනත ප්‍රදේශයක් කරගැනීම පිළිබඳ ලන්දේසි අරමුණු එයින් යටපත්වූයේ නැත. මේ නිසා ඉහත කී පරාජයෙන් වැඩි කලක් ගතවීමට පෙර එනම් 1765 වර්ෂයේ දී ලන්දේසීන් විසින් නැවත වරක් උඩරට ආක්‍රමණය කළහ. මුල් අවස්ථාවේ මෙන් නොව මෙම ආක්‍රමණයේ දී දෙපක්ෂයට ම බලවත් හානි සිදු විය. 1765 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ලන්දේසීන් මහනුවර නගරයට ඇතුළු වූ හෙයින් රජතුමා ආරක්ෂාව පතා හඟුරන්කෙතට පලා ගියේ ය. හඟුරන්කෙත යනු මහනුවර රජවරුන්ගේ ආරක්ෂක මධ්‍යස්ථානය විය. මේ පසුබැසීම නිසා මහනුවර නගරය අල්ලා ගත් ලන්දේසීහූ රාජ්‍යත්වය යළි ලබාගැනීමට නම් තම කොන්දේසිවලට එකඟ වන ලෙස රජුට දන්වා සිටියහ. නමුත් එම කොන්දේසි පිළිගැනීමට රජතුමා එකඟ නොවී ය. රජු කාලයට ඉඩ දුන්නේ ලන්දේසීන්ගේ දුබලතා පිළිබඳ අවබෝධයක් ඇති නිසා ය. වර්ෂා සමය ආරම්භ වීමත් සමග ලෙඩ රෝග හා උඩරැටියන්ගේ ගරිල්ලා ප්‍රහාරවලින් හෙම්බත් වූ ලන්දේසීහු මහනුවර අත්හැරමා ආපසු කොළඹට ම පැමිණියහ. නමුත් අඛණ්ඩව වසර කිහිපයක් පැවති ගැටුම් නිසා මේ වන විට නැවත සාමයක් ඇති කර ගැනීමට උඩරට රජතුමා කැමැත්තෙන් සිටියේ ය. එසේ ම නායක්කර් වංශිකයන්ගේ හැසිරීම් නිසා රදලවරුන් මෙන් ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර ද කලකිරීමක් පැවතුණි. මේ බව දැනගත් රජතුමා උඩරට ඇති වී පවතින තත්ත්වය තමන්ට අවාසිසහගත බව අවබෝධ කරගෙන සාමය වෙනුවෙන් ලන්දේසීන් වෙත දූතයන් යැවී ය. ඉන් ප්‍රයෝජන ගත් මෙම අවධියේ සිටි ලන්දේසි ආණ්ඩුකරු වූ විලෙම් පැලක් ලන්දේසීන්ට වාසි සහගත කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළේ ය. උඩරට පැවති තත්ත්වය නිසා ඊට එරෙහි වීමට අපොහොසත් වූ රජුට ඒවාට එකඟ වීමට සිදු වූ අතර ක්‍රි. ව. 1766 දී වගන්ති 25කින් යුත් ගිවිසුමක් ද ලන්දේසීන් සමග අත්සන් කළේ ය. එම ගිවිසුමේ වගන්ති කිහිපයක් පහත පරිදි ය.
• යාපා පටුන, මන්නාරම, කල්පිටිය, කොළඹ දිසාව, ගාලු කෝරලය හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ ලන්දේසීන්ට අයත් ය.
• මුහුදුබඩ සිට රට තුළට සිංහල ගව්වක ප්‍රමාණය ලන්දේසීන්ට අයත් ය.
කෙසේ වෙතත් මෙම ගිවිසුම නිසා උඩරට රාජ්‍යය තවදුරටත් හුදෙකලා වූ අතර, එය දිවයිනක් තුළ පිහිටි දිවයිනක තත්වයට පත් විය. එහෙත් ගිවිසුම අත්සන් කිරීමෙන් නොබෝ කලකට පසුව එහි ආදීනව රජුට අවබෝධ වන්නට වූයෙන් මුහුදුබඩ ප්‍රදේශ නැවතත් තමන් වෙත ලබාදෙන ලෙස රජු ඉල්ලා සිටියේ ය. එහෙත් තමන්ට වාසිසහගත එම ගිවිසුමේ වගන්ති වෙනස් කිරීමට ලන්දේසීහු අකමැති වූහ. ඒ වෙනුවට මුහුදුබඩ ප්රදේශවල තම පාලනය තහවුරු කර එම ප්රදේශවල කෘෂිකර්මාන්තය හා කුරුඳු වැවීම දියුණු කිරීමට ද ලන්දේසීහු පියවර ගත්හ. ‍මේ නිසා 1766 ගිවිසුම මුල්කරගෙන උඩරට රජු හා ලන්දේසින් අතර මතභේද වර්ධනය වන්නට විය.
ගිවිසුම-1815-උඩරට ප්‍රදේශ නීත්‍යානුකූලව බ්‍රිතාන්‍යයන්ට භාරදීම සඳහා උඩරට ප්‍රධානීන් හා ඉංග්‍රීසි ආණ්ඩුව අතර ඇති වූ එකඟතා ගිවිසුම. මෙය වගන්ති 12කින් යුතු විය.
1815 උඩරට රදල ප්‍රධානින් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා අතර අස්සන් කරන ලද ගිවිසුම උඩරට ගිවිසුම යනුවෙන් හැඳීන්වේ. 1815 මාර්තු 02 වෙනි දින සෙංකඩගල මඟුල් මඩුවට රැස් වූ රදල ප්‍රධානියන් ඉදිරියේ එම ගිවිසුම කියවන ලද අතර එදින පටන් 16 වෙනි දින තෙක් කාලය තුළ විටින් විට ඔවුහු ඊට අස්සන් තැබූහ. මෙලෙස විටින් විට අත්සන් කිරීමට හේතු වූයේ ඇතැම් ප්‍රධානීන්ට මෙම ගිවිසුමට ඍජුව ම කැමැත්ත පළකිරීමට තිබූ අකමැත්ත විය යුතු ය. මෙම ගිවිසුමේ වගන්ති 12ක් ඇතුළත් වී තිබූණි. බ්‍රිතාන්‍ය පාර්ශ්වයෙන් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා සහ උඩරට පාර්ශ්වයෙන් ඇහැළේපොළ, පිළිමතලව්වේ(කනිෂ්ඨ), මොනරවිල, මොල්ලිගොඩ, රත්වත්තේ, දුල්ලෑව, මිල්ලෑව, ගලගම, ගලගොඩ වැනි ප්‍රභූවරුන් මෙයට අත්සන් කරන ලදී.
 1, 2, 3 වගන්ති - නායක්කාර් වංශයට උඩරට රාජ්‍යත්වය පිළිබඳව තිබූ සියලු අයිතිවාසිකම් අහෝසි කරන බව සහ උඩරට බ්‍රිතාන්‍යයේ කිරීටයට හිමි වන බව.
 4 වගන්තිය - ස්වදේශීය පරිපාලන රටාව හා සමාජ සම්ප්‍රදායයන් ආරක්ෂා කරමින් රදල ප්‍රධානියන්ගේ නිලතල හා වරප්‍රසාද ආරක්ෂා කරන බව.
 5 වගන්තිය - බෞද්ධාගම හා දේවාගම අනුල්ලංඝනීය බව සහ ඒවාට අදාළ පුදපූජා, වත්පිළිවෙත්, පූජ්‍ය ස්ථාන හා භික්ෂූන් වහන්සේලා බ්‍රිතාන්‍ය රජය විසින් ආරක්ෂා කරන බව
 6 වගන්තිය - අංගඡේදනය වැනි දරුණු දඬුවම් තහනම් කරන ලද බව
 7 වගන්තිය - ආණ්ඩුකාරවරයා ලබාදෙන බලපත්‍රයක් නැති ව කිසිවකුට හෝ මරණ දඬුවම පැමිණවීමට බලයක් නොමැති බව
 8 වගන්තිය - වැසියන්ගේ සිවිල් හා අපරාධ නඩු හබ විසඳීම ව්‍යවහාරයේ පවතින පරිදි රදළ ප්‍රධානියන්ට පැවරූ බව
 9 වගන්තිය - හමුදා නිලධාරීන් සම්බන්ධ නඩු හමුදා නීතිය ප්‍රකාර විසඳන බව
 10 වගන්තිය - සීමිත අවස්ථාවල දී හැර හමුදා මෙහෙයුම් කාලයේ ප්‍රසිද්ධ කරන ලද අඥා මෙම ගිවිසුම මඟින් අවලංගු වන බව
 11 වගන්තිය - ඉංග්‍රීසි රජු වෙනුවෙන් ඒජන්තවරුන් උඩරට ආදායම් එකතු කරන බව
 12 වගන්තිය - උඩරට හා පහතරට අතර වෙළෙඳාමට ඇති බාධා අහෝසි කිරීමේ හා අවශ්‍ය අවස්ථාවල දී වෙනස්කම් කිරීමේ අයිතිය ඉංග්‍රීසි ආණ්ඩුව සතු බව
යන වගන්ති දොළහ උඩරට ගිවිසුමට අයත් විය.
නමුත් මෙම ගිවිසුමෙන් දුන් පොරොන්දු ඉංග්‍රීසි ආණ්ඩුව නොසලකා හැරීම නිසා 1818දී බ්‍රිතාන්‍යයන්ට එරෙහි ව නිදහස් අරගලයක් පැන නැඟුණි.
ගුත්තිල කාව්‍ය-වෑත්තෑවේ හිමි - කෝට්ටේ යුගය
ගුන්ජා-පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ බර මැනීමේ ඒකකයකි. ඔලිඳ ඇටයක ප්‍රමාණය.
ගුරුගල්-කහවන් දුඹුරු පැහැති ගල්
ගෘහදණ්ඩ-සිව්වන මහින්ද රජුගේ මිහින්තලා පුවරු ලිපියේත්, පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියේත් ‘ගෙදඩ්’ නමින් දක්වා ඇත්තේ මේ දඩය යි. මෙහි අදහස නිවස රජයට පවරා ගැනීම යැයි කොත්මලේ අමරවංශ හිමියෝත්, සිරිමල් රන්වැල්ල මහතාත් අදහස් කරති.
"අත් පා වහලට ගියාකුගෙන් දඩ පනාස් කලන්දක් රන් ගන්නකොට් ඉසා නොපොහොත් ගෙදඩ් ගන්නාකොට් ඉසා , ගෙදඩ් නැත අත් කපා පට්වනු කොට් ඉසා"
(යම් වහල් මෙහෙයෙහි යෙදුන අයකු සොරකම් කර අසු වුවහොත් රන් කලන් පනහක් දඩ වේ. දඩය ගෙවීමට අපහසු නම් ගෘහ දණ්ඩ පැනවිය යුතුය. එසේ ගෘහ දණ්ඩ ගත නොහැකි නම් අත කැපිය යුතුය.-වේවැල්කැටිය ලිපිය. හතරවන මහින්ද රජු.)
මෙහි දැක්වෙන පරිදි ගෘහදණ්ඩ යනු නිවස පවරාගැනීම යි. පවරාගැනීමට නිවසක් නැත්නම් අත්පා කපා දැමීම යි. කෙසේ නමුත් මෙවැනි අපරාධකරුවන් නියමිත දින ගණන ඇතුළත අල්ලා දෙන්නට ප්‍රදේශයේ නිලධාරීන් අසමත් වුවහොත් ඔවුන් රජයට දඩ ගෙවියයුතු බව ද දැක්වේ. ඔවුන් දඩ ගෙවියයුතුවන්නේ දසගමින් එකතු කරගත් මුදලින් බව ද ඉන් ඇඟවේ. වේවැල්කැටිය ලිපියේ ම 19-21 දක්වා පෙළෙහි එය දැක්වේ. නමුත් එම දඩය ගෘහදණ්ඩ නමින් හඳුන්වා නැත.
ගෘහපති-නිවසේ ප්‍රධානියා .පවුලේ ප්‍රධානියා. ගෘහමූලිකයා
ගොඩවාය ලිපිය-පළමුවන ගජබා රජු-වරාය බදු ආදායම් විහාරයකට පිදූ බව
ගොඩවාය-ගෝඩපබ්බත
ගෝකණ්‌ණ-ත්‍රිකුණාමලය, ගොනරට්‌ඨ, සිරිගෝණ මලය, තිරිකුණාමලේ,
ගෝකණ්ණතිත්ථ-ත්‍රිකුණාමලය වරායට අතීතයේ දී තිබූ නම.
ගෝඩපබ්බත-ගොඩවාය
ගෝණ නදී-කලා ඔය
ගෝපාල ගම්-ගොපල්ලන්හෙවත් ගව පාලකයින් විසූ ගම්මාන. පැරණි ලංකාවේ ගම්මාන සැකසී තිබූණේ රැකියාව, කාර්යය ආදිය පදනම් කරගෙන ය. ගොපළු ගම්මාන වල විසූයේ ගෝපාලයින් පමණි. මෙවැනි ම පෙහෙකාර ගම්, කසීකාර ගම් ආදිය ද පැවති බවට සාධක තිබේ.
ගෝවින්දමලය-ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති ශේෂ කන්දකි. කාලිංඝ මාඝ පොළොන්නරුව මධ්‍යස්ථානය කරගෙන සිටි සමයේ ඔහුගේ බලය තවදුරටත් ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා ලංකාවේ ස්ථාන කිහිපයක පාලන මධ්‍යස්ථාන කිහිපයක් බිහිවිය. ගෝවින්ද මලය ඉන් එකකි. එහි එකල පාලකයා වූයේ බුවනෙකබාහු ආදිපාදවරයා ය. ගෝවින්ද පබ්බත, ගෝවින්ද හෙළ, ගොවිඳුහෙළ ආදී නම්වලින් දැක්වෙන්නේ ද මෙය යි.
ඝනානන්ද පිරිවෙන-රයිගම ප්‍රදේශයේ වූ පිරිවෙනකි. කෝට්ටේ යුගයේ දී වඩාත් ප්‍රකට විය
චන්ද්‍රභානු-චන්ද්‍රභානු වනාහි මලය අර්ධද්වීපයේ තාම්‍රලිංග හෙවත් ලිගෝර් නම් ප්‍රදේශයේ වැසි බෞද්ධ ප්‍රභූවරයෙකි. ඔහු එහි පාලකයා යැයි ද අනුමාන කරන්නට හැකි ය. ඔහු පිළිබඳ සාධක සපයන ශිලාලේඛනමය මූලාශ්‍රයක් මැලේසියාවේ ක්‍රා සමුද්‍රසන්ධියට නුදුරු ස්ථානයකින් ලැබී තිබේ. එහි ඇත්තේ තාම්බ්‍රලිංගේශ්වර නමයි. එහි අරුත තාම්‍රලිංගයේ අධිපති යන්නයි. නමුත් ඔහු මුල්වරට ලංකාව ආක්‍රමණය කළේ ඇයි ද යන්න පැහැදිලි නොවේ. දෙවන වර ආක්‍රමණයේ දී හේ දළදා හා පාදා දෙනම ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ ඔහු ලංකාවේ සම්පූර්ණ බලය හිමිකරගැනීම උදෙසා හෝ බෞද්ධ පුජනීය වස්තු හිමිකරගැනීමේ අරමුණෙන් පැමිණි බව යි. සියම් වංශකතාවක් වන ජිනකාලමාලියේ සඳහන් වන්නේ චන්ද්‍රභානු රජු පූජනීය වස්තුවක් හිමිකරගැනීම සඳහා ලංකාවට ආ බව යි. ඔහු ලංකාවට ආවේ ලංකාවේ තිබූ අද්භූත බුද්ධ ප්‍රතිමාවක් හිමිකරගැනීමටදැයි ද ජිනකාලමාලිය අනුව සිතේ. නමුත් ඔවුන් සඳහන් කළ ඒ ප්‍රතිමාව ලංකාවෙන් ලබාගැනීම පිණිස එකල සියම් රජු ලංකාවට දූතයෙක් එවූ බවත්, ලංකා රජු ඒ ප්‍රතිමාව ලබාදීමට එකඟ වූ බවත්, ඒ ප්‍රතිමාව සීහල පටිමා නමින් එරට තැන්පත් කළ බවත් එම කෘතියේ සඳහන් වේ. ඇතැම් විට ඒ සිද්ධිය වන්නට ඇත්තේ චන්ද්‍රභානුගේ පළමු ආක්‍රමණයට පසු විය හැකි ය. කෙසේ වෙතත් ක්‍රි.ව 1247 වැන්නේ දී ලංකාවේ නිරිතදිග වරායන්ගෙන් ඔහු පළමුවරට ලංකාවට ඇතුළුවන්නට ඇතැයි පිළිගත හැකි වේ. මන්ද යත් ඒ වන විට ලංකාවේ උතුරු කොටසේ බලය කාලිංග මාඝ යටතේ පැවති නිසා ය. ඔවුහු ‘අපිත් බෞද්ධයෝ’ යැයි කියමින් ලංකාවේ තොටුපළ කිහිපයකින් ගොඩබැස විෂ යෙදූ ඊතල වලින් විදිමින් මහත් විනාශයක් කළෝ ය.
චල්ලුරවාපි-හුරුළු වැව-මහසෙන් රජු
චිතකර-චිත්‍රකාර, චිත්‍ර ශිල්පී
චිත්‍ර, මූර්ති හා කැටයම් ආදී කලා කෘති-රටක සංස්කෘතික ඉතිහාසය හෙළි කරන ජීවමාන සාධක වශයෙන් හැඳින්විය හැක. මෙම මූලාශ්‍රය මෙරට සංස්කෘතියේ, කලාවේ ඉතිහාසය හෙළි කරයි. මෙරට කලාවේ පරිණාමය, විදේශ ආභාසයන්, තේමාවන්, තාක්ෂණික භාවිතයන්, ගුරුකුල ආදිය පිළිබඳ තොරතුරු රැසක් ගෙනහැරපායි. වර්ණ නිෂ්පාදනය, උපකරණ නිෂ්පාදනය, සිතුවම් සඳහා තලය සැකසීම, මිනිස් රූප හා බුද්ධ ප්‍රතිමා ආදිය සඳහා පරිමාණයන් ලබා ගැනීම, මැටි පදම් කිරීම, ලෝහ උණු කිරීම, අච්චු සකස් කිරීම, සකපෝරුව භාවිතය වැනි දේ හි අතීතය පිළිබඳ තොරතුරු හෙළි වේ. අනුරාධපුරයෙන් හමු වී ඇති, මෙරටදීම නිෂ්පාදනය කළේ යැයි පිළිගැනෙන ග්ලේස් උළුවලින් මෙරට සෙරමික් භාවිතයේ ඉතිහාසය ද අධ්‍යයනය කළ හැක. මෙම මූලාශ්‍රය මෙරට දේශපාලන ඉතිහාසය හෙළි කරයි. පොළොන්නරු යුගයේ කලා කෘති බොහොමයක් අනුරාධපුර යුගයේ කලා කෘති තරම් කල් පවතින ඒවා නොවේ(තිවංක පිළිමගෙයි හා ලංකාතිලක පිළිමගෙයි ප්‍රතිමා) මෙරට වියවුල්කාරී දේශපාලන තත්ත්වය පිළිබඳ උදාහරණ වශයෙන් විද්වත්හු මේවා පිළිගනිති. පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ ගව රුව හා ඇතැම් ඒවායේ සිංහ රුව ද ඉවත් කර තිබේ. එය මෙරට චෝල පාලනය පිළිබඳ සාධකයකි. හින්දූන් ගවයා පූජ්‍ය වස්තුවක් ලෙස සලකන නිසා පයට පෑගෙන සඳකඩ පහණට ගව රුව යෙදීමට ඔවුන් ඉඩ දුන්නේ නැත. සිංහයා දුර් දේවියගේ වාහනය සේ සැලකෙන නිසා ඒ රුව ද ඉවත් කරන්නට ඇත. ඇතැම් කලා නිර්මාණවලින් පල්ලව, චෝල, ගුප්ත, අමරාවතී ආදී ඉන්දීය කලා සම්ප්‍රදායන්ගේ ආභාසය ප්‍රකට වීමෙන් ද දේශපාලනික හා සංස්කෘතික සබඳතා හෙළි වේ. මෙම මූලාශ්‍රය මෙරට ආගමික ඉතිහාසය හෙළි කරයි. සීගිරි සිතුවම් ද ඉසුරුමුණියේ ඇතැම් කැටයම් ද හැරුණු කල මෙරටින් හමු වන බොහොමයක් කලා නිර්මාණවලට තේමා වී ඇත්තේ ආගමික කාරණාවන්ය. මේවායින් එකල සමාජයට, දේශපාලනයට ආගම කෙතෙක් දුරට බලපෑවේ දැයි හෙළි වේ. මෙම මූලාශ්‍රය මෙරට සමාජ ඉතිහාසය හෙළි කරයි.සමකාලීන මිනිසා විසින් අගය කළ දේ, ආගමික විශ්වාස, ඇඳුම් පැළඳුම් ආභරණ ආදිය පිළිබඳ අධ්‍යයනය කරන්නෙකුට වඩාත් ම වැදගත් වන මූලාශ්‍රය වන්නේ ද මෙයයි. සීගිරි චිත්‍ර වලින්, මුරගල් ආදියෙන් මෙම තොරතුරු හෙළි වේ.
චීරවාපි-සිරිවලාස්ස වැව. මහසෙන් රජු කරවූ වැවක් වුවත් මෙතෙක් හඳුනාගෙන නැත.
චූල සීවලී-නීලගිරිවිහාර ලිපියේ චූල සීවලී නමින් සිටි රැජිනක ගැන සඳහන් වේ.
‘යහපතක් වේවා දේවානම් පියතිස්ස රජු ගේ මුණපුරු වූ ද කුට කණ්ණා ගාමිණී අභයගේ පුත්‍රයා වූ ද උපරාජ තිස්සගේ දියණිය වූ මහාරාජිනී චූල සිවලී දේවි විසින් උත්තර සීවලී පබ්බත විහාරයේ වැඩ වාසය කරන, සතර දිසාවෙන් වැඩි භික්ෂු සංඝයා උදෙසා කුඹුරගම වැවේ ඉඩම් බද්ද ද චිත්‍රා වැවේ ඉඩම් බද්ද ද නගරයේ වැවේ බද්ද ද පිරිනමන ලදී.’
උත්තර සීවලී පබ්බත විහාරය යනු වත්මන් නීලගිරි විහාරය යැයි අනුමාන කරයි. චූලසීවලී නමින් හඳුන්වන්නේ පසුව ලංකාවේ රාජ්‍යත්වට පත් සීවලී හෙවත් රේවතී රැජින ද යන්න නිශ්චිතව ම දැක්වීමට අපහසු ය.
චෙක්පත්-චෙක්පතක් යනු බැංකු පද්ධතියක් හරහා එක් පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් තවත් අයෙකුට හෝ අයතනයකට ගෙවීම් කිරීම හෝ අරමුදල් මාරු කිරීම සඳහා භාවිතා කරන මූල්‍ය උපකරණයකි. සාමාන්‍යයෙන් නම් කරන ලද ගෙවන්නෙකුට නිශ්චිත මුදලක් ගෙවීමට ගිණුම් හිමියාගෙන් ඔවුන්ගේ බැංකුවට ලිඛිත නියෝගයක් මේ තුළ ඇතුළත් වේ.
චේර රාජ්‍යය-දකුණු ඉන්දීය රාජ්‍යයකි. කේරළ රාජ්‍යය. කෞරල, කෛරල, කේරළ පුත්‍ර ආදී නම්වලින් ද හඳුන්වා තිබේ.
චෝඩගංග-කාලිංග වංශිකයෙකි. තෙමසක කාලයක් සඳහා පොළොන්නරුවේ රජ වූවෙකි. නිශ්ශංකමල්ල රජුගේ සොහොයුරියකගේ පුතෙකු සේ සැලකේ. එනම් ඔහුගේ බෑනා කෙනෙකි.
චෝඩගංග-පළමු බුවනෙකබාහු සමයේ ලංකාවට පැමිණි දකුණු ඉන්දීය ආක්‍රමණිකයෙකි.
ජජ්ජර නදී-දැදුරු ඔය
ජනනාථපුරම්-ලංකාවේ දෙවන අගනගරය. චෝළයන් විසින් මේ නම දෙන ලදී. ජනනාථ යනු රාජ රාජ චෝළ රජුගේ විරුද නමකි. පොළොන්නරුව, පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර, පුලනරිය, පුලනරුව, ජනනාථමංගලම්,
ජනනාථමංගලම්-ලංකාවේ දෙවන අගනගරය. චෝළයන් විසින් මේ නම දෙන ලදී. ජනනාථ යනු රාජ රාජ චෝළ රජුගේ විරුද නමකි. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව, ජනනාථපුරම්,
ජනාවාස-පූර්ව ඓතිහාසික-ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ මෙතෙක්(2020) සොයාගෙන ඇති පැරණිතම සාධක ක්‍රි.පූ. 2400 ට පමණ අයත් වේ. දැනට කර තිබෙන පුරාවිද්‍යාත්මක ගවේෂණවලට අනුව මෙම යුගයට අයත් සාක්ෂි වඩාත් පැහැදිලිව අනාවරණය වී තිබෙන ප්‍රදේශ 2ක් පෙන්වාදිය හැක.
• සබරගමු පළාතේ ඊසානදිග කොටස
• ඌව පළාතේ නිරිතදිග කොටස
ඉදිරියේ දී තවත් ප්‍රදේශවලින් මේ පිළිබඳව තවදුරටත් සාක්ෂි අනාවරණය වීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස පැතිර පැවති ස්ථාන 50කට වැඩි ප්‍රමාණයකින් සොයා ගෙන තිබේ. මේවා හඳුනාගැනෙන්නේ මහාශිලා සුසාන(Megalithic burials) සහ ඒවාට ආසන්නව පිහිටා ඇති පැරණි ජනාවාස මඟිනි. මේ සුසාන වර්ග කිහිපයකි.
• ශිලා මංජුසා සුසාන(Cist burials),
• මැටි ඔරු සුසාන(Clay tub burials),
• බරණි සුසාන(Urn burials)
ආදී වශයෙනි. ශිලා මංජුසා සුසානවලට උදාහරණ ලෙස
• දඹුල්ලට නුදුරුව පිහිටි ඉබ්බන්කටුව මහාශිලා සුසානය
• යාපහුවේ පිහිටි ගල්සොහොන් කනත්ත
• ගලේවෙලට නුදුරුව පිහිටි යටිගල්පොත්ත
මේවායේ කළ කැණීම් අනුව කළ විද්‍යාත්මක දින නිර්ණ ක්‍රිස්තු පූර්ව 750 - 450 ත් අතර කාලයකට අයත් වේ. මැටි ඔරු සුසාන හමුවන ස්ථාන අතර
• හල්දුම්මුල්ල (ඌව පළාත) ක්‍රි.පූ. 1750
• බෙරගල(ඌව පළාත) ක්‍රි.පූ. 2400
• රංචාමඩම(සබරගමුව පළාත)ක්‍රි.පූ. 1350
බරණි සුසාන හමුවී ඇති ස්ථානයක් වන්නේ පොම්පරිප්පුවයි. නමුත් මේවා අයත්වන කාලය පැහැදිලි නැත. ඉහතින් කී සුසාන ආශ්‍රිතව ජනාවාස පවතින්නට ඇති බවට නිගමනය කළ හැක. ඊට කදිම උදාහරණයක් වන්නේ උඩරංචාමඩම නේවාසික ස්ථානය යි. එය ආසන්න වශයෙන් ක්‍රි.පූ.1129ට පමණ අයත් යැයි ගණන් බලා තිබේ. මේ වන විට ජනයා ස්ථිර වාසස්ථාන තනාගෙන තිබූ අතර ස්ථිරවාසීතාව අරඹා තිබුණි. ගම්මාන බිහිවීමේ මුල් අවස්ථා මේ තුළ දක්නට ලැබේ.
ජනාවාස-ප්‍රාග් ඓතිහාසික-ලංකාවේ දී නම්, වෙරළාශ්‍රිත එළිමහන් ජනාවාස, පහතරට තෙත් කලාපීය ලෙන්, පහතරට වියළි කලාපීය ලෙන්,තෙත් කලාපීය එළිමහන් වාසස්ථාන,කඳුකර එළිමහන් දඩයම්බිම් ආදී වශයෙන් මේවා වර්ග කළ හැක. මිනිහාගල්කන්ද, බුන්දල, පතිරාජවෙල යනු වෙරළාශ්‍රිත එළිමහන් කඳවුරු වේ. පාහියන්ගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙ‍න ආදිය පහතරට තෙත් කලාපීය ලෙන් වන අතර, සීගිරියේ පොතාන සහ අලිගල ආදී ස්ථාන පහතරට වියළි කලාපීය ලෙන් සේ හැඳින්විය හැක. පහතරට වියළි කලාපීය එළිමහන් කඳවුරක් ලෙස බෙල්ලන්බැදිපැලැස්ස හැඳින්විය හැකි අතර, බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න ආදී ස්ථාන කඳුකර එළිමහන් දඩයම් ස්ථානවලට උදාහරණ වේ.
මේ කාලයේ සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් වීම සඳහා වර්ග මීටර 50ක පමණ ප්‍රදේශයක් ප්‍රමාණවත් වූ බව පෙනේ. ඒ සඳහා උදාහරණ වශයෙන් බණ්ඩාරවෙල චර්ච්හිල් නම් ස්ථානයෙන් සොයා ගත් සාධක ඉදිරිපත් කළ හැක. ගල්යුගයට අයත් මෙම ස්ථානයේ වපසරිය වර්ග මීටර 150කි. එහි පුද්ගලයින් 25 දෙනෙකු ජීවත් වන්නට ඇතැ යි අනුමාන කිරීමට ප්‍රමාණවත් සාධක තිබේ. බෙල්ලන්බැඳිපැලැස්සේ ගල්යුගයට අයත් ප්‍රජාව ජීවත් වූ ස්ථානයේ වපසරිය වර්ග මීටර 120 කි. කැණීම්වල දී එහි තිබී මිනිස් ඇටසැකිලි 30ක් සොයා ගෙන තිබේ.
ජනාවාස-මුල් ඓතිහාසික-ගම්වැව්වල ව්‍යාප්තිය අනුව මේ කාලයේ ජනාවාසවල ව්‍යාප්තිය පිළිබඳ යම් නිගමනයකට පැමිණිය හැක. ස්වකීයයන් සමග නිවාස පොකුරු නිර්මාණය කරගනිමින් ගම්මාන නිර්මාණය කරගැනීම, කෘෂිකර්මය විධිමත් ලෙස ආරම්භ කිරීම, ජලසම්පාදනයේ මූලික පියවර සපුරාගැනීම ආදී කටයුතු මේ යුගයේ දක්නට ලැබේ. කල් තබාගතහැකි ධාන්‍ය වගාව පිළිබඳ අවධානය යොමුකර තිබූ නිසා මේ යුගයේ ජනයා ක්‍රමයෙන් වියළි කලාපයට සංක්‍රමණය වී සිටියහ. වියළි කලාපයේ ධාන්‍ය වගාවට අවශ්‍ය මූලික සාධක පැවතිය ද ජලය පමණක් හිඟ වූයෙන් කෘත්‍රිම ජලසම්පාදන ක්‍රම අත්හදාබැලුයේ මේ යුගයේ ය. මේ නිසා ගමක් ආශ්‍රිතව කුඩා ප්‍රාථමික වැවක් තිබීම අනිවාර්ය අංගයක් විය. වාර්ෂික වර්ෂාපතන අගය, පසේ ස්වභාවය, භූ විෂමතාව, ස්වභාවික සම්පත්වල ව්‍යාප්තිය හා ජලවහනය ආදී වූ භූ භෞතික සාධක මේ කාලයේ ජනාවාස ව්‍යාප්තියේ දී සලකාබැලූ කාරණා ය. ‍මේ යුගයේ මුල් අවධියේ දී ජනාවාස ඉදි කරන්නේ ගංගාවල පිටාර නිම්නයෙන් පිටත ප්‍රදේශයේ ය. ඊට හේතුව විනාශකාරී ගංවතුරෙන් ගැලවීමයි. නමුත් වැව් අමුණු ඉදිවීම ව්‍යාප්ත වීමත් සමග ක්‍රමයෙන් ජනතාව ගංගාවල පිටාර නිම්නයේ ද පදිංචි වූහ.
මේ කාලයේ වනභූමි ඇතුළත හුදෙකලා නිවාස පොකුරු නිර්මාණය වූ නිසා ගම්මාන අතර ස්වභාවික වන තීර ඉතුරු විය. ගම්මාන, රැකියා ස්වභාවය, කාර්යය ආදී කරුණු මුල්කරගෙන විශේෂීකරණය විය. ගොවි ගම්මාන හෙවත් කෘෂිකාර්මික ගම්මාන(කසීකාරගාම), මැණික් කාර්මික ගම්මාන(මණිකාරගාම), ගොපළු ගම්මාන(ගෝපාළගාම), ධීවර ගම්(කේවට්ටගාම), කුඹල් ගම්මාන(කුම්භකාරගාම), වඩු ගම්මාන(වඩ්ඪකීගාම) ආදී රැකියා පදනම් කරගෙන ද, පටුන්ගම්(පට්ටනගාම), වෙළඳ ගම්මාන(නියම්ගම්), අත්හැරි ගම්(ඔල ගම්) ආදී වශයෙන් කාර්යය පදනම් කරගෙන ද, වැටකින් වටකළ ගම්(පරික්ඛිත්ත ගම්), වැටකින් වට නොකළ ගම්(අපරික්ඛිත්ත ගම්) ආදී වශයෙන් ස්වභාවය අනුව ද ගම්මාන විශේෂීකරණය වී තිබූණි.
නිවසේ ප්‍රධානියා ගහපති නමින් ද, ගමේ ප්‍රධානියා ගමික වශයෙන් ද, ගම් පොකුරක ප්‍රධානියා පරුමක/පරුමකලු වශයෙන් ද හඳුන්වන ලදී. කළුදියපොකුණ ශිලා ලේඛනයේ ගම් දහයක් පාලනය කළ දසගම්ඇත්තන් ගැන ද සඳහන් වේ.
ජම්බුකෝළ පට්ඨන-දඹකොළපටුන/සම්බිලිතුරෙයි
ජයබාහු රජු-ජයවීර පරාක්‍රමබාහු රජු. බලන්න.
ජයමහලෑන-සවැනි පරකුම්බා රජුගේ පියා ය. චෙංහෝගේ ආක්‍රමණ අවස්ථාවේ සිරකරුවෙකු වශයෙන් චීනයට රැගෙන යන්නට ඇතැයි විශ්වාස කරයි. (‘සුනේත්‍රා දේවි’ යටතේ ද වැඩි විස්තර ඇතුළත් කර ඇත. බලන්න.)
ජයවීර පරාක්‍රමබාහු-කෝට්ටේ යුගයේ විසූ දෙවැනි ජයබාහු නමින් ද හැඳින්වෙන්නේ මේ රජු යැයි මතයක් තිබේ. උලකුඩය දේවී හෙවත් ලෝකනාථාගේ පුත්‍රයා ය. සවැනි පැරකුම්බාවන්ගේ මුණුපුරු ය. බලයට පත්ව ඉතා කෙටි කලකින් සපුමල් කුමරා අතින් ඝාතනය විය.
ජයවීර බණ්ඩාර-උඩරය පාලකයෙකි. සේනාසම්මත වික්‍රමබාහු රජුගේ පුත්‍රයා ය. උඩරට දෙවැනි පාලකයා ය.
ජාතික රාජ්‍යය-නිශ්චිත දේශ සීමාවකින් සමන්විත, සමාන භාෂාවක් ව්‍යවහාර කරන, එක ම සංස්කෘතියකට අනුව ජීවත් වන ජන කොට්ඨාසයක් හෝ කිහිපයක් එක් රජෙකු යටතේ එක්සත් වීමෙන් ජාතික රාජ්‍යයක් බිහි වේ.
ජානකීහරණය, රජරට සමයට අයත් සංස්කෘත කෘතියකි. කතුවරයා කුමාරදාස රජතුමා ය.
ජාවක-අග්නිදිග ආසියාතික ප්‍රදේශයකි. ජාවක දේශය නමින් ද හැඳින්වේ. වත්මන් මලය අර්ධද්වීපය හෝ ඉන් කොටසකි.
ජිනකාලමාලිනිය-රත්නපඤ්ඤ හිමි. තායිලන්තය.
ජිනෝවා-ඉතාලි වාණිජ නගරයකි
ජේතවනාරාම සංස්කෘත ලිපිය-විහාර ඉඩම්වල වෙසෙන ගිහි පැවිදි දෙපාර්ශ්වයට අදාළ වත්පිළිවෙත් පිළිබඳ කථිකාවතකි.
ජේතවනාරාමය-ක්‍රි.ව. 276-303 කාලයේ ලක් රජු වූ මහාසේන රජු විසින් කරවූ විහාරයක් හා ඒ ආශ්‍රිත ස්ථූපයකි. දෙනා වෙහෙර, දෙනානක, ජෝතිවන විහාර ආදී නම්වලින් මූලාශ්‍රයවල හමු වේ. බුදුරදුන්ගේ පටී ධාතුව (ඉණ පටිය) මෙහි තැන්පත් කර ඇතැයි සැලකේ. මෙය ඉදිකර ඇත්තේ මහින්ද මහරහතන් වහන්සේ දහම්දෙසූ ස්ථානය මුල්කරගනිමිනි. එකී ස්ථානය හඳුන්වා ඇත්තේ ජෝතිවන නමිනි. ඊට හේතුව මහින්ද මාහිමියන් බුදුදහම දෙසා ලංකාද්වීපය ආලෝකවත් කළ හෙවත් ජෝතිමත් කළ ස්ථානය ඒ යැයි සැලකීම නිසා ය. මහත් මතභේදයට තුඩු දුන් ඉදිකිරීමක් වූ බව මේ යුගය පිළිබඳ මූලාශ්‍රය පරිශීලනයෙන් පෙනී යයි. මීට හේතුව මේ වන විට පැවති නිකායද්වය වෙනුවට මේ විහාරය මුල්කරගනිමින් තවත් නිකායක් බිහිවීම යි. ඒ සාගලික නිකාය යි. කෙසේ වෙතත් මෙය එවක අනුරාධපුරයේ පැවති විශාලතම ස්ථූපය සේ ගැනේ. දැනට ලෝකයේ නටබුන්ව පවත්නා උසම පූජනීය ගොඩනැගිල්ල ද මෙය වේ. එකල දාගැබේ උස අඩි 400 කි. වත්මන් උස අඩි 232 කි. හෙක්ටයාර 80ක පමණ භූමියක මෙහි නටබුන් විසිර පවතී.
ජොරිස් වැන් ස්පිල්බර්ජන්-1602 වර්ෂයේ දී පළමු විමලධර්මසූරිය රජු හමු වීමට පැමිණි ලන්දේසි දූතයෙකි. මඩකලපුව හරහා පැමිණි මේ පිරිස රජු විසින් මහත් හරසරින් පිළිගත් අතර දෙපාර්ශ්වය අතර සාකච්ඡා වල දී පෘතුගීසීන් සමග කරන යුද්ධයක දී රජුට උපරිම සහය දීමට ද එකඟතාව පල කරන ලදී. රජු ද ලන්දේසීන්ට ලංකාවේ යුධ බලකොටුවක් තැනීම සඳහා උපකාර කිරීමට මෙහි දී එකඟ විය.
ජොහැන්නස් කෙප්ලර්-ජර්මන් ජාතිකයෙකි. සූර්ය කේන්ද්‍රවාදය පිළිබඳ කෙප්ලර්ගේ අදහස ශක්තිමත් කරමින් කෙප්ලර් තවදුරටත් පර්යේෂණ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාර රටාවකට ගමන් ගන්නා බවයි.
ජොහැන්නස් ගුටෙන්බර්ග්- මුද්‍රණයන්ත්‍රයේ නිර්මාතෘවරයා ය. ජර්මන් ජාතිකයෙකි. 14වන සියවසේ වාසය කළේය.
ජෝතිය සිටු-හයවන පරාක්‍රමබාහු රජ දවස මහනුවර ප්‍රදේශයේ සාමන්ත පාලකයාව සිටි ප්‍රාදේශීය නායකයා ය. ජෝතිය සිටාණන් දිවාණවත්තේ ලංකා අධිකාර නමින් ද හඳුන්වා තිබේ. ඔහු මද කලක පටන් රජුට වැඩවසම් සේවා නොසැපයීමත්, වාර්ෂික අයබදු නොගෙවීමත් යන කරුණු ද සලකා බලා රජු ඒ කාර්යයන් සිය ප්‍රුත්‍රයෙකු වූ අම්බුලුගල කුමරාට පැවරී ය. අම්බුලුගල කුමරා සේනා සහිතව ගොස් කැරලිකරුවන් යටපත් කර සිරකරුවන් වශයෙන් විශාල පිරිසක් කෝට්ටේ ට ගෙන ආයේ ය. ඒ අතර කාලයේ උඩරට වැඩ බැලූයේ ගංපළ කුමාරයා විසිනි. ජෝතිය සිටාණෝ පලා ගොස් සැඟවුණු බවක් පෙනී යයි. මේ වන විට මහලු වයසේ සිටි පරාක්‍රමබාහු රජු රාජ්‍ය පාලන කටයුතු ක්‍රි.ව. 1467 දී පමණ සිය පුත්‍ර වීර පරාක්‍රමබාහු කුමරාට පවරා විවේක සුවය අපේක්ෂාවෙන් සිටි අතර ජෝතිය සිටුවරයා ඒ අවස්ථාවන් ප්‍රයෝජන ගන්නට සිතන්නට ඇත. එසේ වුව ද එය අම්බුලුගල කුමාරයා නිසා ව්‍යර්ථ විය.
ජෝන් වයික්ලිෆ්-එංගලන්ත ජාතිකයෙකි. ආගමික ප්‍රතිසංස්කරණ සමයේ කතෝලික පල්ලිය විවේචනය කරමින් ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන් ඉස්මතු විය.
ජෝන් හස් - බොහිමියානුවෙකි. ආගමික ප්‍රතිසංස්කරණ සමයේ කතෝලික පල්ලිය විවේචනය කරමින් ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන් ඉස්මතු විය.
ටැම් ලිපි-ගල් කණු මත ලියූ ලිපි විශේෂය. හෝපිටිගමු ටැම් ලිපිය වඩාත් ප්‍රකට ලිපිය යි.
ටොපොග්‍රැෆියා ක්‍රිස්ටියානා (ක්‍රිස්තියානි දේශ විස්තරය)-‌කොස්මස් ඉන්ඩිකොප්ලෙවුස්ටස් (ලංකාව හා පෙර අපර දෙදිග රටවල් අතර පැවති වෙළඳාම ගැන සඳහන් කරයි. ලංකාවේ දිග හා පළල ගෞඩියා තුන්සියය බැගින් බව, ලංකාවේ එකිනෙකාට විරුද්ධ රජවරුන් දෙදෙනෙකු රජ කළ බව,ලංකාවට ඉන්දියා, පර්සියා හා ඉතියෝපියන් නැව් ආ බව, පටරෙදි හා සඳුන් දැව චීනයෙන් ගෙන්වා ඒවා මාලේ, තලියාන(?), සින්ධු හා පර්සියා රටවලට යැවූ බව, පර්සියානු නිකායට අයත් ක්‍රිස්තු ලබ්ධිකයන් ලංකාවේ විසුූ බව දක්වා තිබේ.)
ටොලමිගේ සිතියම-ලංකාව පිළිබඳ ඇති පැරණිතම සිතියමයි. ක්ලෝඩියස් ටොලමි (c. 100 - c. 170 AD) සරලව ටොලමි ලෙස ද හැඳින්වේ, ග්‍රීක ගණිතඥයෙකු, තාරකා විද්‍යාඥයෙකු සහ භූගෝල විද්‍යාඥයෙකු විය. ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ ලෝක සිතියමක් ඇතුළත් භූගෝල විද්‍යාව පිළිබඳ නිබන්ධනයක් වන "භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය" කෘතිය සඳහා වන අතර දේශාංශ සහ අක්ෂාංශ පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නේ ය.
ඩාන්ටේ-පුනරුද සමයේ ඉතාලි ලේඛකයෙකි.
ඩිමුණ්ඩෝ-ඇරිස්ටෝටල්- ග්‍රීක (ලංකාව පිළිබඳ පළමුව සඳහන් වන කෘතිය යි.)
ඩිවීනා කොමඩියා-අලගියරි ඩාන්ටේ විසින් පුනරුද සමයේ රචනා කළ කෘතියකි.
ඩේවිඩ්/දාවිත්-බයිබලයේ එක වීර කොලුගැටයෙකු සම්බන්ධ කතාවක් ඇසුරෙන් නිර්මිත ඩේවිඩ් නමින් වන මූර්ති ගණනාවක් ඇතත්, වඩා ප්‍රකට වන්නේ මයිකල් ආංජිලෝ විසින් නිර්මාණය කළ කිරිගරුඬ ප්‍රතිමාව යි. දාවිත් විසින් ගාත් හි ගෝලියත් නමැත් යෝධ මිනිසා මරා දැමීම සමග වීරත්වයට පත්විය.
තජ්ජාරි-පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ අවකාශය මැනීමේ මිනුම් ඒකකයකි. අණු 36ක ප්‍රමාණය.
තත-දිනය, තිථිය
තතවය- තන්තු ආශ්‍රිත කටයුතු කරන්නා. නූල් නිපදවන්නා.
තන්නිමුරුප්පුකුලම්-කුරුන්දි වාපි,කුරුඳු වැව. දෙවැනි අග්බෝ රජු කරවූ වැවකි.
තප්‍රොබේන්-ලංකාව
තබකර-තඹ කර්මාන්තකරු. තඹ ලෝහයෙන් නිර්මාණ කළ ශිල්පියා.
තඹ තහඩු ලිපි-තඹ තහඩු ලිපි අතර වඩාත් ප්‍රකට වන්නේ පනාකඩුව ලිපිය යි.
තඹ මස්ස-ලංකාවේ පොළොන්නරු යුගයේ භාවිත වූ කාසි විශේෂයකි. බොහෝ විට මේ කාසිවල ඒවා නිකුත් කළ රජුගේ නම යොදා තිබේ. ශ්‍රී විජයබාහු, ශ්‍රි පරාක්‍රමබාහු ආදී වශයෙනි.
තැප්‍රොබේන්-(ග්‍රීක-රෝම භාෂා)-ලංකාව
තිත්ථගාම-තොටගමුව
තිථිය, දිනය
තිඹිරිවැව ලිපිය-ගෝඨාභය රජු (ඇළ මගක බදු ආදායම් ආරාමයකට පිරීම ගැන)
තිඹිරිගේ-දරු ප්‍රසූතිය සඳහා තිඹිරි ලීයෙන් සකස් කරන ලද කුටිය. තිඹිරි ලීයෙහි ජීවානුහරණ ගුණයක් ඇති බව සොයාගෙන තිබේ.
තිරිකුණාමලේ-ත්‍රිකුණාමලය, ගොනරට්‌ඨ, ගෝකණ්‌ණ, සිරිගෝණමලය,
තිරියායේ ගිරි ලිපිය-මහායානික අදහස් හා ත්‍රපුස්සක-වල්ලික වෙළඳ දෙබෑයන් ගිරිහඬුසෑය කරවීම පිළිබඳ
තිලක-(රුහුණු, පිහිටි, මායා ලෙස ලංකාව කොටස් තුනනට ඛෙදා තිබූ නිසා)-ලංකාව
තිලසංගුලිකා-තල යොදා සකස් කරන අතුරුපසකි. තලගුලි වියහැක. ධම්මපදට්ඨකතාවේ සුධර්‍මස්ථවිර වස්තුවෙහි මේ වදන හමුවේ.තලසඟලා නමින් එය සිංහලයට නගා ඇත. (විමලකීර්ති ස්ථවිර, මැදඋයන්ගොඩ සහ සෝමින්ද ස්ථවිර, නෑහින්නේ.,1967. පිටුව 334)
තිලෝකසුන්දරී-කාලිංගවංශික කුමරියකි. ලංකාවේ පළමු විජයබාහු රජුගේ අගබිසව යි.
තිසර සංදේශය- තිසර සංදේශය ගම්පොළ යුගයේ ලියැවුණකි. කතුවරයා පැවිද්දෙකු වියහැකි නමුත් නම අප්‍රකට ය. දැදිගම පස්වන පරාක්‍රමබාහු රජුට දෙවිනුවර උපුල්වන් දෙවිඳුගේ ආශිර්වාදය හිමිවී ඇති බව දන්වනු වස් මෙය ලියා තිබේ.
තිස්ස වාපි-තිසා වැව(දකුණේ)-ඉලනාග රජු
තිස්සවඩ්ඪමානකවාපි-රන්තිසා වැව, කවුඩුල්ල වැව (මහසෙන් රජු/අනුරාධපුර යුගය)
තුන පහ-ලුණු, දුරු හා මිරිස් යන වර්ග තුනත්, සුදුදුරු, කළුදුරු, කොත්තමල්ලි, අඹ හා උළුහාල් යන වර්ග පහත් මිශ්‍ර කර සකසා ගන්නා රසකාරකය.
තුලදර-තුලාධාර. රන්කරු.
තුලාධාර-ස්වර්ණ කර්මාන්තකරු. කුඩා තුලාවක් භාවිතයෙන් ස්වර්ණකාර කටයුතු කරන ශිල්පියා.
තොට බොජක, බොජක හෝ භොජක යන වදනෙහි අනුභව කරන්නා, එකතු කරන්නා වැනි අර්ථ තිබේ. බොජකපති, බොජපති වැනි වදන් ශිලාලේඛනවල ද හමු වේ. එයින් අදහස් වන්නේ ආදායමකින් රජයට ලැබියයුතු බදු කොටස යි. ග්‍රාමභෝජක යනුවෙන් විශුද්ධිමග්ගයේ හමු වෙන්නේ ගමක නායකයෙකු හෝ ගමේ බදු එකතුකරන්නා විය හැක. ජාතකට්ඨකතාවේ ගහපතිජාකතවණ්ණනාවේ ද උදාහරණයක් තිබේ. දඹුල්ලට නුදුරු කොත්ගල්කන්ද ලිපියේ ද තොටබොජකයෙකු ගැන සඳහන් වේ.
තොටගමුව-තිත්ථගාම
තොයවාපි-තෝපා වැව යටතේ බලන්න.
තෝණිගල සෙල්ලිපිය-සිරිමේඝවණ්ණ රජතුමා-අනුරාධපුර යුගය(බැංකුවක තැන්පත් කළ ධාන්‍යවල පොලිය විහාරයක භික්ෂු සංඝයාගේ සිව්පසය පිණිස පිදූ බව)
තෝපා වැව- පළමු උපතිස්ස රජු කරවූ වැවකි. මෙය දීපවංසයේ හඳුන්වා ඇත්තේ ථූසවාපි හෙවත් තොයවාපි නමිනි.
තෝමස් මුවර්, පුනරුද සමයේ එංගලන්ත ලේඛකයෙකි.
ත්‍රිකුණාමලය-ගොනරට්‌ඨ, ගෝකණ්‌ණ, සිරිගෝණමලය, තිරිකුණාමලේ,
ත්‍රිකුණාමලයේ කෙටි සංස්කෘත ලිපිය-චෝඩගංග නම් ආක්‍රමණිකයෙකුගේ විස්තර
ත්‍රිභාෂා ලිපිය-ගාල්ලේ පිහිටා තිබී ඇත. ගම්පොළ සමයේ ලක්දිවට පැමිණි චෙං හෝ නමැති චීන සෙන්පතියා විසින් පිහිටුවා තිබේ. එය ඔහුගේ දෙවැනි ලංකා ගමන විය. එය චීන, පර්සියානු හා දෙමළ භාෂා වලින් ලියා තිබේ. එය චීනයේ දී හෝ ලංකාවට එන නෞකා ගමන අතරතුර දී සැකසූ ලිපියක් බව පිළිගැනෙයි. එහි අන්තර්ගතය කෙටියෙන් මෙසේ ය.
'"චීනයේ සිටි මිං රාජ වංශයට අයත්‌ අධිරාජ්‍යයා විසින්‌ වෙංහෝ නැමැත්තා සහ සෙසු පිරිස ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වූ බුදුරජාණන්‌ වහන්සේ ඉදිරියේ තැබීම සඳහා එවා ඇත."
ඉතා ගැඹුරු ලෙස ඔබව අප පූජ්‍යත්වයෙන්‌ සලකනවා, එසේම කාරුණික සහ ගෞරවනීය පුද්ගලයෙකු ලෙස ඔබගේ පාරිශුද්ධභාවය ඉතාම ගැඹුරු ය. ඔබගේ ධර්මය සියලු දෙනාට පැහැදිලි වන ලෙස දේශනාකර ඇත.
ඔබගේ නීතියට සියලු ම මිනිස්‌ වර්ගයා යටත්‌ ය. ඔබ ජීවත්වන කාලය ගඟක ඇති වැලි කැටවලට මම සමාන කරමි. ඔබගේ සංයමය ඕනෑම පුද්ගලයෙකු අවනත කරගැනීමට මෙන්‌ ම ආලෝකමත්‌ කිරීමේ හැකියාව තිබෙන අතර ඔබ සතු කරුණාව ඉතා ම වේගවත්‌ ය. මාගේ නියෝජිතයින්‌ මා එවන්නේ මේ පිළිබඳ ව සටහන්‌ කිරීමට හා පිටරැටියන්ට මේ පිළිබඳ ව ප්‍රකාශ කිරීමට යි. ගමනාගමනයේ දී ඔබගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා. මාගේ ප්‍රාර්ථනාව පරිදි ම මුහුදේ දි ඇති විය හැකි සියලු ම අන්තරායන්ගෙන්‌ බේරී නැවතත්‌ අපේ රටට සුවසේ නිරුපද්‍රිත ව පැමිණෙත්වා. සදාකල්‌ පවතින ඔබගේ ශ්‍රේෂ්ඨ දහමේ නාමය නිසා අපට හැකි උපරිම අන්දමින්‌ ඔබ පුදමු. ගෞරවනීය උතුමාණෙනි, ඔබගේ
ශ්‍රේෂ්ඨ නාමයට මෙම පුජාවන්‌ පුදමි. පූජාවට රනින්‌ හා රිදියෙන්‌ තනන ලද වස්තූන්‌ ඇතුළත්‌ ය. මුතුමැණික්‌ අල්ලන ලද තිර, ඉතා වටිනා සිල්ක්‌ නූලෙන්‌ වියන ලද කොඩි, සුවඳවත්‌ මල්‌ බඳුන්‌, වැඩදමන ලද වර්ණ වූ සේද රෙදි, ලාම්පු, ඉටිපන්දම්‌ ඇතුළු වෙනත්‌ තෑගි භාණ්ඩ සියල්ල ම ඔබගේ ශ්‍රේෂ්ඨ නාමය වෙනුවෙන්‌ වන්දනීයත්වයෙන්‌ පූජා කරමි''
ත්‍රිසිංහලාධීශ්වර-තුන් සිංහලයේ ම එක ම රජු යන අරුත ඇති විරුද නාමයකි.
ත්‍රී සිංහලය-ලංකාව
ථූසවාපි-තෝපා වැව යටතේ බ.
ථූපවංසය(සිංහල)-කුරුණෑගල යුගයේ දී ලියැවුණ මෙම කෘතිය සකලවිද්‍යා චක්‍රවර්තී පරාක්‍රම පණ්ඩිතයන් විසින් ලියා තිබේ.
ථූපවංසය(පාලි)-වාචිස්සර හිමි -දඹදෙණි යුගය
ථෙර- නායක ස්වාමීන් වහන්සේ. තෙරුන්වහන්සේ.
දකපති-දිය බද්ද. උදකප්‍රාප්තිය. වැව් දිය භාවිතය වෙනුවෙන් රජයට ගෙවූ බද්ද. උදකපති, උදකභාග, දකබක ආදී නම්වලින් ද හැඳින්වෙයි.
දඟගෙයි ලෑම-සිර කුටියක රැඳවීම.
දටික-ඇත් දත්වලින් නිර්මාණ කළ ශිල්පියා.
දණ්ඩනායක-පැරණි ලංකාවේ නීතිය ක්‍රියාත්මකකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමෙන් සිටි නිලධාරියා.
දඬු කඳේ ගැසීම-බරැති ලී කඳක සිදුර සකසා වැරදිකරුගේ කකුල් එහි සිර කිරීම. මේ සමග ඔහුට නිදහස ලැබෙන තුරු නිරාහාරව අවුවේ හෝ වැස්සේ එක ම තැන සිටීමට සිදු වේ.
දඬු වැට- විශාල ඉපල් හෙවත් කොළ නැති අතු කැබලි, හේන වටා පුළුල් බිම් තීරයක් දිගේ ගොඩගසා සකස් කරගන්නා වැට යි. මෙය අලි ඇතුන්, වල්ඌරන් වැනි සතුන් වැලක්වීම සඳහා නිර්මාණය කරන ලද්දකි.
දන්ත ධාතුව-බුදුරජාණන්වහන්සේගේ දන්තයකි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඛේම නම් තෙරුන්වහන්සේ දඹදිව කළිඟු රට බඹදත් රජුට බාර කළ බුදුරදුන්නේ වාම දළදාව පාරම්පරික උරුමයෙන් ඒ පරපුරේ අනුප්‍රාප්තිකයෙකු වූ ගුහසීව රජුට හිමි විය. නමුත් ඒ රජුගේ කාලයේ මතු වූ වියවුල්කාරී දේශපාලන වාතාවරණයක් නිසා දන්ත ධාතුව සිය දියණිය හා ඇයගේ ස්වාමිපුරුෂයා(පුතා?) වූ හේමමාලා හා දත්ත අත ලංකාවට එවා තිබේ. ඒ වන විට ලංකාවේ පාලකයා වූවේ කිත්සිරිමෙවන් රජු ය. ලංකාවේ ද අවස්ථා ගණනාවක දී සිදු වූ විවිධ සිදුවීම් සමග දළදාවහන්සේගේ ආරක්ෂාව සැලසීම දැඩි වගකීමක් බවට පත්විය. දැනට දළදාවහන්සේ වැඩසිටින්නේ කන්ද උඩරට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ය.
දන්තුරේ සටන-1594 වර්ෂයේ දී මහනුවර පළමු විමළධර්මසූරිය රජුගේ සේනා හා පෘතුගීසීන් අතර ඇති විය. විමළධර්මසූරිය I යටතේ බලන්න.
දමිළාධිකාරී-ලංකාවේ විසූ දමිළ ජාතිකයින් පිළිබඳ සොයාබැලීමට සිටි රාජ්‍ය නිලධාරියා.
දමෙඩ (සිංහල ප්‍රාකෘත බසින්)-ද්‍රවිඩ. එනම් ජන වර්ගය.
දම්පියා අටුවා ගැටපදය-පස්වැනි කාශ්‍යප රජු-අනුරාධපුර යුගය
දඹකොළපටුන-ජම්බුකෝල පට්ඨන/සම්බිලිතුරෙයි
දඹදෙණි අස්න-කුරුණෑගල යුගය.
දඹදෙණි කථිකාවත, දිඹුලාගල මේධාලංකාර හිමි හා සංඝරක්ෂිත හිමි-දඹදෙණි යුගය
දඹදෙණිය, ලංකාවේ දෙවැනි නාගරීකරණ යුගයේ පළමු රාජධානිය යි. තෙවන විජයබාහු රජු විසින් පිහිටවූ අතර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුම්බාවන් එහි කැපී පෙනුණු පාලකයා විය. ඔහුට පසු ඔහුගේ වැඩිමහලු පුත්‍ර බෝසත් විජයබාහු කුමරු එහි බලයට පත්වූවත් රජමැදුරේ කුමන්ත්‍රණයකින් මියගියේ ය. ඉන් පසු ඔහුගේ සොයුරු පළමු බුවනෙකබාහු කුමරු අභිෂේකයෙන් පසු රාජධානිය යාපහුවට රැගෙන ගියේ ය.
දඹුලු පර්වත ලිපි‍ය-නිශ්ශංකමල්ල රජු-පොළොන්නරු යුගය(දඹුලු විහාරය පිළිසකර කරවීම, එයට රන්ගිරි දඹුලු නාමය හෙවත් සුවණ්ණගිරි ගුහා නාමය දීමත්, රජුගේ වෙනත් ආගමික සේවාවන් ආදියත් ලියා ඇත.) මෙහි තවත් ලිපියක් කූටකණ්ණතිස්ස රජුට අයත් වේ. නරඉසෙර නමින් එහි රජු හඳුන්වාතිබේ.
දසගම් ඇත්තන්-ගම් පොකුරක පාලකයන්. ගම් කිහිපයක් පාලනය කළ නායක මණ්ඩලය. දස යන්නෙන් දහය යන්න දැක්වේ. නමුත් සංඛ්‍යාත්මකව ගම් 10ක් පමණක් ම පාලනය කළේ ද යන්න පැහැදිලි නොවේ. අතීතයේ බොහෝ සංඛ්‍යා දක්වා ඇත්තේ ආසන්න විශාල අගය අනුව ය. පන්සිය පනස් ජාතක පොත, සහස්සවත්ථුව වැනි නම් වලින් ඒ බව පෙනී යයි.දඹුල්ල කළුදියපොකුණ ලිපියේ ද මේ වැනි මණ්ඩලයක් ගැන කියවේ. දසගම, දසගම්, දසගැමැ ආදී වශයෙන් එය සෙල්ලිපි වල හමු වේ.
දළදා පූජාවලිය-විල්ගම්මුල හිමි-කුරුණෑගල යුගය
දළදා වංසය-කිත්සිරිමෙවන් රජදවස
දළදා සිරිත-දෙව්රද දම්පසඟිනාවන්-කුරුණෑගල යුගය(දළදා වහන්සේට වැදුම් පිදුම් කළයුතු අයුරු විස්තර වේ.)
දාඨාවංසය-ධම්මකිත්ති හිමි (13 සියවස)
දාවිත්/ඩේවිඩ්-ඩේවිඩ් යටතේ බලන්න.
දාසයෝ-වහලුන්. මේ වහලුන් වර්ග කිහිපයක් ගැන මූලාශ්‍රයවල සඳහන් වේ.
අන්තොජාතො-
අන්වයාත දාසයෝ- උපතින්ම වහල් බවට පත්වූවෝ. එනම් යම් හේතුවක් මත යම් පවුලකට බැලමෙහෙකරමින් සිටිනා පවුලක දරුවෙකු ලෙස උපන් අය මේ ගණයට වැටේ. දාස භාවයෙන් මිදීමට පෙර උපන් නිසා ඔහු ද උපතින් ම දාසයෙකු වේ. නමුත් මේ දාසයින් ඉතා අවාසනාවන්ත ඉරණම්වලට ද ගොදුරු වූහ. board of commissioners for the kandyan province උපුටා දක්වමින් රැල්ෆ් පීරිස් මහතා සඳහන් කරන කතාවක් පහතින් දැක්වේ. වත්තේගම ප්‍රදේශයේ වලව්වක දාසභාවයේ සිටි එක්තරා ස්ත්‍රියක් අවස්ථා අටක දී දරුවන් අට දෙනෙකු වැදූ බවත්, ඒ දරුවන් අට දෙනා ම වදන අවස්ථාව වන විට ඇය වහලියකව සිටි නිවසේ ස්වාමියාගේ දරුවන් කුඩා වයස්වල පසු වූ නිසා, ඔවුන්ගේ කටයුතු මෙම ස්ත්‍රියගේ අතින් අතපසු විය හැකි නිසා වහල් ස්ත්‍රියගේ එකී දරුවන් අටදෙනා ම උපන් අවස්ථාවේ ම වළ දැමීමට අණ ලැබුණු බවයි. ඉන් අනතුරුව එකී ස්වාමියාගේ දරුවන් වැඩිමහලු වූ පසු ඇය වැදූ දරුවන් සතරදෙනෙකු ඇතිදැඩි කරගන්නට ඇයට අවසර ලැබුණු බව ද එහි සඳහන් වේ. මෙය ඉතා අමානුෂික තත්ත්වයකි. දාසයින්ගේ දුක්ඛිත ජීවිත ගැන ඩොයිලිගේ වාර්තාවල ද ඇතුළත්ව තිබේ. ‘අන්වයාගත වහලින්’ නමින් දෙවැනි පැරකුම්බාවන්ට අයත් ගලපාත ශිලාලේඛනයේ සඳහන් වන්නේ ද මේ පාරම්පරික වහලුන් ගැන ය.(ශිලාලේඛන සංග්‍රහය 4 වෙළුම.113 පිට බලන්න.)
ධනක්කීතො-
මිල දී ගත් දාසයින් හෙවත් වහලුන්. ඔවුන් මිලදී ගත හැක්කේ ඔවුන්ගේ දෙමාපියන් වෙතින් හෝ ඊට පෙර සේවය කළ නිවසේ ස්වාමියාගෙනි. මෙවැනි වහලුන් පවරා ගැනීමේ දී ඊට අදාළ නීති තිබූණි. ඒ සඳහා කැරේපතක් ලිවීම කළයුතු විය. කැරේපතක් යනු දාසයින් පවරාගැනීමේ දී එය නීත්‍යානුකූලව සිදුකළ බව සනාථ කෙරෙන ලියවිල්ලයි. නමුත් ස්වකීය හැකියාවෙන් උපයාගන්නා හෝ හිඟමන් යැදීමෙන් හෝ ජීවිකාව කරගන්නා දරුවෙකු වහල්කමට දීමට දෙමාපියන්ට අවසර නැත. ‘රන් වහලින්’ නමින් දෙවැනි පැරකුම්බාවන්ට අයත් ගලපාත ශිලාලේඛනයේ සඳහන් වන්නේ ද මේ ආකාරයට මිල දී ගත් වහලුන් ගැන ය.(ශිලාලේඛන සංග්‍රහය 4 වෙළුම.113 පිට බලන්න.)
කරමරානිතො-
වෙනත් රටකින් සොරකම්කරගෙන ආ අය හෝ, ස්ත්‍රීන් හෝ රජුන් සන්තයේ දාසයින් සේ කටයුතු කළ අය හෝ මේ වර්ගයට අයත් වේ.
සාමංදාසව්‍යං උපගතො-
ජීවත්වීම පිණිස හෝ ජීවිතාරක්ෂාව පිණිස හෝ ස්ව කැමැත්තෙන් ම යම් හාම්පුතෙකු වෙත ගොස්, මම ඔබට වහල් මෙහෙ කරන්නට කැමැත්තෙමැ’යි කියා වහල්බවට පත්වන අයත්, යම් අයෙකුගේ දේපොළක් සොරකම් කර හෝ දේපළකට හානි කර හසු වූ විට ඊට අදාළ අලාභය ගෙවීමට අසමත් වූ අය හෝ මේ ගණයට අයත් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස හකුරු ඇස්සක් සොරකම් කළ ස්ත්‍රියක් ඒ සඳහා අලාභය ගෙවීමට අසමත් වූයෙන් අයව අගතියට පත් පාර්ශ්වයේ දාසියක් කොට භාර දෙන ලෙස රජු නියෝග කළ අතර මේ නිසා ඇය එකී පවුලේ දාසියක බවට පත්වූවා ය.(පීරිස් රැල්ෆ්, 2016, පිටුව 201)
මෙකී දාස භාවයන්හි විශේෂත්වය වන්නේ ධනක්කීතො, කරමරානිතො, සාමංදාසව්‍යං උපගතො යන දාසභාවයන්හි සිටිනා අය එකී දාසභාවයෙන් මිදීමට පෙර දරුවන් වදන්නේ නම් එම දරුවන් උපතින් ම අන්වයාත දාස බවට පැමිණීම යි.
දැදිගම-පුංඛගාම නමින් පැරණි මූලාශ්‍රයවල හමුවන නගරයයි. මෙය පළමු පැරකුම්බාවන් උපන් ස්ථානය බව සඳහන් වේ. කුරුණෑගල-ගම්පොළ යුග වන විට යළි ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් වශයෙන් යම් තරමක් වර්ධනය වූ බව පෙනෙයි. පස්වන පරාක්‍රමබාහු රජු අගරජු වීමට පෙර පළමුකොට ම මෙහි වාසය කළ බව සඳහන් වේ.
දැදිගම පරාක්‍රමබාහු-පස්වන පරාක්‍රමබාහු
දැදිගම සෙල්ලිපිය-අභයදාන සෙල්ලිපිය නමින් ද හැඳින්වේ. හයවැනි බුවනෙකබාහු රජුගේ අටවැනි රාජ්‍යවර්ෂයේ නිකුත් කළ එකකි. තමන්ට විරුද්ධව ඇති වූ සිංහල සංගෙ නම් පෙරළියේ දී වැරදිකරුවන් වූ කැකුලන්දොළ සිරිවර්ධනපතිරාජ ඇතුළු පිරිසට අභයදාන දීම ගැන එහි සඳහන් වේ.
දැදුරු ඔය- ජජ්ජර නදී
දික්සඳ සෙනවියා-දෙවනපෑතිස් රජුගේ සේනාපතියෙකි. විලුඹ දක්වා දිගු වස්ත්‍ර ඇඳි නිසා මේ නම ලැබුණේ යැයි විශ්වාස කරයි. ඔහු සිය නමින් පිරිවෙනක් කරවා එය මහාවිහාර භාරයට පූජා කළේ ය. මහාවංසය රචනා කළ මහානාම හිමි වැඩසිටියේ මේ පිරිවෙනෙහි ය.
දික්සඳ සෙනවියා පිරිවෙන-මහාවිහාරයට අයත් පිරිවෙන් අතරින් එකක්. මහාවිහාරයට අයත් පිරිවෙන් තුන්සිය හැටහතරක් වී යැයි මහාසේන රාජ්‍ය සමය පිළිබඳ විස්තරයේ පෙනී යයි. සුන්හාත පිරිවෙන, මරුගන පිරිවෙන, ඵලග්ග පිරිවෙන ආදී වශයෙනි. දික්සඳ සෙනවියා පිරිවෙන ඒ අතරින් ප්‍රමුඛ එකකි. මහාවංසය රචනා කළ මහානාම හිමි වැඩසිටියේ මේ පිරිවෙනෙහි ය.
දියකැට පහණ-වැවක ජල මට්ටම මැන ගැනීම පිණිස බිසෝකොටුවට ආසන්නව වැව ඇතුළු පැත්තේ සිටුවා ඇති ගල් කනුවකි. වැවෙන් පිටතට යැවීමට තරම් ප්‍රමාණවත් දියකඳක් වැවේ ඇති ද යන්න මේ මගින් මැනගැනීමට හැකි වේ.
දියකැඳ-සහල් වතුරෙන් තම්බා ලුණු මිශ්‍ර කර සාදා ගන්නා කැඳ වර්ගය
දියෝගෝ ද මෙලෝ-ලංකාවේ සිටි පෘතුගීසි සෙන්පතියෙකි. උඩරට සමග කළ සටනක දී ගන්නොරුවේ දී සිය සේනාව ද සමග ම 1638 දී මිය ගියේ ය.
දිවුල් මැලියම්-දිවුල් ගසෙන් ලබා ගන්නා ලාටු විශේෂයකි.
දිව්‍යාවදානය-ඉන්දීය මූලාශ්‍රයකි.
දිසාවනි-මහනුවර සමයේ ප්‍රධාන පරිපාලන ඒකකයකි. එවැනි ඒකක 12ක් මහනුවර ට අයත් විය.හත් කෝරලේ, හතර කෝරලේ, තුන් කෝරලේ ඌව, සබරගමුව, මාතලේ, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න,තමන්කඩුව.
දිසාවේ-දිසාවනියක් භාර නිලධාරියා.
දීග විවාහය-පීතෘවාසික විවාහය. එනම් විවාහයෙන් පසු පුරුෂයාගේ නිවසේ පදිංචියට යෑම. මෙහි දී සිය සහකරුගේ දේපළ සම්බන්ධ අයිතියක් ඇයට නොවූවත්, කිසියම් හේතුවක් නිසා ඇයට නිවසින් පිටමං වන්නට සිදුවුවහොත්, වන්දි හෝ නඩත්තු ලැබීමේ අයිතිය ඇය සතු විය.
දීපවංසය-දීපවංසය මෙතෙක් ලංකාවෙන් හමු වී ඇති පුරාණතම සාහිත්‍ය මූලාශ‍්‍රය සේ පිළිගැනේ. මෙය කවරෙකු විසින් රචනා කළේදැ’යි නිශ්චිත නැත. දීපවංසය පරිච්ඡේද 22කින් යුතු කෘතියකි. දීපවංසය වූ කලී මහාවංසයට පවා මූලාශ‍්‍රයක් වූ කෘතියකි. බුදුන්වහන්සේගේ චරිතයේ ඇතැම් සිදුවීම් ද උන්වහන්සේගේ ලංකාගමනයන් පිළිබඳව ද සඳහන් කරමින් කෘතිය අරඹන කතුවරයා, විජය රජුගේ පටන් මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා ලංකා ඉතිහාසයේ තොරතුරු රැසක් ඉදිරිපත් කරයි. සිය කෘතිය සඳහා තෝරා ගත් කාල පරිච්ඡෙදය(විජය රජුගේ පටන් මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා) අතින් ද දීපවංසය හා මහාවංසය සමාන වේ. (මහාවංස කතුවරයා තෝරා ගත්තේ ද එම කාල පරිච්ඡෙදය ම ය.) දීපවංසයේ සඳහන් වන ඇතැම් ගාථා මහාවංසයේ ද ඒ ආකාරයට ම දක්නට ලැබේ. එහෙත් දීපවංසය ඇතැම් කරුණු මහාවංසයට වඩා වෙනස් ආකාරයෙන් දක්වා ඇත.(පණ්ඩුකාභය යන නාමය පකුණ්ඩක ලෙස ද සීවලී රැජිණගේ නම රේවතී ලෙස ද දක්වා ඇත.) මහාවංසය වනාහි දීපවංසයේ අට්ඨකථාව යැයි සැලකිය හැකි තරමට ම මෙම කෘති දෙක සමානය. (එහෙත් මහාවංසය වනාහි දීපවංසයේ අට්ඨකථාව නොවේ.) ක‍්‍රි.ව. 5වන සියවසේ ලියැවුණු පාලි අට්ඨකථාවල ද දීපවංසය පිළිබඳව සඳහන් වන අතර දීපවංසයෙන් උපුටා ගත් ගාථා පාඨ ද ඒවායේ දක්නට ලැබේ. සිය කෘතිය උදෙසා කතුවරයා එකල පැවති ජන කථා සහ ජන විශ්වාසයන් ද පදනම් කරගෙන ඇත. මහාවංසයට වඩා දීපවංසය කුඩා කෘතියක් වුව ද මහාවංසයේ පවා දක්නට නොලැබෙන කරුණු දීපවංසයේ සඳහන් වේ.(උදා- මහසම්මත රාජ පරම්පරාවේ ඇතැම් රජවරුන්ගේ නම් , ප‍්‍රථම ධර්ම සංගායනාවේ දී ධර්මය පිටක වශයෙන් සංගායනා කිරීම , පණ්ඩුවාසදේව රජතුමාගේ පුතුන් දස දෙනාගේ නම් , සඟමිත් තෙරණිය සමග මෙරටට වැඩම කළ සෙසු භික්ෂුණීන් වහන්සේලාගේ නම් ) මෙය රචනාකොට නිම වූයේ ක‍්‍රි. ව. 4වන සියවසේ විය යුතු යැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති. රචිත භාෂාව එතරම් මධුර නොවන නිසා රචකයින් පාලි භාෂාව පිළිබඳ අල්ප දැනුමක් ඇත්තවුන් බව කෘතිය කියවීමේ දී පෙනී යයි. භාෂා විධි තුනක්පමණ දක්නට ලැබෙන නිසා මෙය එක් කතුවරයෙකුගේ කෘතියක් යැයි පිළි නො ගැනේ. ඓතිහාසික අගයක් සහිත කෘතියක් වුව ද උද්දාන ගාථා(ප‍්‍රීති වාක්‍ය) දක්නට ලැබීම, එකම කරුණ දෙයාකාරයකට දක්නට ලැබීම, පුනරුක්ති බහුල වීම නිසා මෙම කෘතියේ ඓතිහාසික අගයට යම් හානියක් සිදු වී ඇත. එහෙත් මහාවංසය රචනාවීමට ප‍්‍රථම මෙරට තිබූ ප‍්‍රධානතම ඉතිහාස ග‍්‍රන්ථය වන්නේ දීපවංසය යි. මෙම කෘතියේ විශේෂත්වයක් නම් භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව වැඩි වශයෙන් සඳහන් වීමයි. එම නිසා මෙය හත්ථාල්හක මෙහෙණවරෙහි විසූ භික්ෂුණීන්වහන්සෙලා විසින් රචනා කරන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.
දුං තෙල්-මී කිරෙන් සාදා ගන්නා තෙල් විශේෂයකි.
දුර වාපි-යෝධ වැව(දකුණේ)-ඉලනාග රජු
දුර්ග-ගමන්කිරීමට හෝ තරණය කිරීමට අපහසු ස්ථාන. මේවා විවධ වේ. ජල දුර්ග, පංක(මඩ) දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග ආදී වශයෙනි. මහනුවර වටා ගිරිදුර්ග, වන දුර්ග, ජලදුර්ග ආදිය නොඅඩුව පැවතුණි. බලන, බලකඩුව, ගිනිගත්හේන, ගලගෙදර හා හුන්නස්ගිරිය යන ගිරිදුර්ග ඒ වටා පැවති අතර වනගහනය විශාල වශයෙන් පැවතුණි. ගංගා රැසකින් ද රැකවරණය ලැබුණි.
දුහතර රජ-දුහතර හෙවත් දුශතර යන්නෙයි අග්නි දෙවියා යන අරුත තිබෙන්නේ යැයි සිරිමල් රන්වැල්ල මහතා සඳහන් කර තිබේ.(සෙල්ලිපි වදන් අකාරාදිය අනුව ය.) ලංකාවේ රාජ්‍යත්වය ආරම්භ වීමට ඉතා ආසන්න යුගයේ මහාපරුමකවරු භාවිත කළ නමක් විය හැක.
දූම-අතීතයේ ලංකාවේ ජනයා ආහාරයට ගත් ධාන්‍ය වර්ගයකි.
දෙල්ගමු විහාරය-මහනුවරට වැඩමවීමට පෙර දළදා වහන්සේට රැකවරණය දුන් විහාරයකි. කුරුවිටට අයත් වේ. පෘතුගීසීන් කෝට්ටේ ධර්මපාල රජු රූකඩ රජෙකු වශයෙන් තබාගෙන බුදුදහම විනාශ කරන්නට සැලසුම් කරන ලදී. ඒ කාලයේ කෝට්ටේ දළදා මාළිගයේ දියවඩන නිලමේ ධුරයේ සිටි කීරවැල්ලේ හිරිපිටියේ රාළ දළදා වහස්සේ රැකවරණ පිණිස සීතාවකට පැහැරගෙන ගියේ ය. කෝට්ටේ දළදා මාළිගයේ ව්‍යාජ දළදා අනුරුවක් තබා යෑමට ද ඔහු අමතක නොකළේ ය. ඔහු එසේ ගියේ ඔහුට මහලු මිනිසෙකු සිහිනයෙන් දර්ශනය වී ‘කෝට්ටේ කළාලේ කිසිල්ලේ- දත මැදගන් රාළේ’ යනුවෙන් කී නිසා යැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. එහි අරුත කෝට්ටේට කළ ආලය කුමකට ද? දන්ත ධාතුව රට මැදට රැගෙන යන්න’ යන්නයි. කෙසේ වෙතත් සීතාවක රජු විසින් තමාට ලැබුණු දළදා වහන්සේ වඩාත් ආරක්ෂාව පිණිස කුරුවිට දෙල්ගමු විහාරයේ තැන්පත් කළ බව කියවේ.
දෙවනගල පර්වත සෙල්ලිපි-මහා පරාක්‍රමබාහු රජතුමා- පොළොන්නරු යුගය(බුරුම ආක්‍රමණයට සම්බන්ධ වූ කිත් නුවරගල් හෙවත් නනගරගිරි කිත්ති සෙනවියාට ලබාදුන් ගම්වර ආදිය ගැන සඳහන් වේ.)
දෙවිනුවර සෙල්ලිපිය-දෙවන පරාක්‍රමබාහු රජු(නැව්තොටක පාලනය ගැන සඳහන් වේ.)
දේවනගර-දෙවිනුවර/දෙවුන්දර
දේවපතිරාජ-දෙවන පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකි. මහාවංසයේ සඳහන් වන්නේ මේ ඇමතිවරයා බෝධිසත්ව ගුණයෙන් පිරිපුන් අමාත්‍යවරයෙකු බවයි. අඹුදරුවන් පවා දන්දුන් අයෙකු බව යි. රජු වෙනුවෙන් ආර්ථික, ආගමික හා ශාස්ත්‍රීය නවෝදයක් ඇති කිරීම පිණිස වෙහෙසී කටයුතු කළේ ය.
දේවවාද පුරාණය-ජාකෝමේ ගොන්සාල්වේස්-පෘතුගීසි පාලන සමය
දේවාලගම්-දේවාලවලට පූජා කළ ඉඩම.
දේශාටන වාර්තාව-ෆාහියන්(ලංකාවට පැමිණ අභයගිරියේ දෙවසරක් වැඩ විසූ අතර එහි භික්ෂූන් පන්දහසක්, මහාවිහාරයේ තුන්දහසක් හා මිහින්තලයේ දෙදහසක් විසූ බව ලියා තිබේ. දළදා උත්සවය ගැනත් අනුරාධපුරයේ සිටි චීන වෙළඳුන් ගැනත් ලියා තිබේ.)
දේශාටන වාර්තාව-ඉබන් බතූතා, පාහියන් හිමි වැනි දේශාටකයින්ගේ වාර්තා.
දොන් ජුවන්-කෝට්ටේ ධර්මපාල රජු ද, කොනප්පු බණ්ඩාර ද මේ නමින් බෞතීස්ම ලැබී ය. දොන් ජුවන් පෙරියබණ්ඩාර නමින් ධර්මපාල රජු හැඳින්වූ අතර, අවුස්ත්‍රියාවේ දොන් ජුවන් නමින් කොනප්පු බණ්ඩාර හඳුන්වන ලදී.
දොන් ජෙරනිමෝ ද අසවේදෝ-බලන සටනේ දී පෘතුගීසි හමුදාවට අණ දුන් සෙන්පතියා ය. එවක ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා ය. සටන පරාජයට පත්වූයෙන් ඉතා සුළු පිරිසක් සමග මල්වාන දක්වා පසුබැස ජීවිතය ගලවා ගැනීමට සමත් විය.
දොන් පිලිප්-යමසිංහ බණ්ඩාර. බලන්න.
දෝන කතිරිනා-කුසුමාසන දේවිය. බලන්න.
දෝන මාගරීදා-කෝට්ටේ ධර්මපාල රජුගේ බිසව යි. මහනුවර කරල්ලියද්දේ රජුගේ වැඩිමහලු දියණිය යි. කුසුමාසන දේවියගේ සොයුරිය යි.
ධණ්ණමාස-පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ අවකාශය මැනීමේ මිනුම් ඒකකයකි. උක්ඛ 7ක ප්‍රමාණය.
ධනක්කීතදාස-මුදල් ගෙවා ලබාගතහැකි දාසයින්.
ධනවාදය-ධනවාදය යනු ලාභය සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම යන කටයුතු සම්බන්ධ මාධ්‍යවල පුද්ගලික අයිතිය හා සම්බන්ධ ආර්ථික පද්ධතියකි. ධනේශ්වර ක්‍රමයක් තුළ, පුද්ගලයන් සහ සමාගම් ලාභය ලුහුබැඳීම සඳහා ව්‍යාපාර හිමිකර ගෙන ක්‍රියාත්මක කරන අතර භාණ්ඩ හා සේවාවල මිල තීරණය වන්නේ සැපයුමේ සහ ඉල්ලුමේ නිදහස් වෙළෙඳපොළ බලවේග විසිනි.
ධනවාපි-පදවිය වැව, පදී වාපි. දෙවැනි මුගලන් රජගේ වාරි ව්‍යාපෘතියකි.
ධරණ-කහාපණ, පුරාණ ආදී නම්වලින් ද හඳුන්වන කාසි විශේෂය. ලංකාවෙන් හමු වන පැරණි ම කාසි විශේෂය.
ධරණ-පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ බර මැනීමේ ඒකකයකි. වී ඇට 160ක බර.
ධර්ම ග්‍රන්ථ- සීහලවත්ථූපකරණය හා සහස්සවත්ථූපකරණය පාලි ධම්ම ග‍්‍රන්ථ නමින් හඳුන්වනු ලබයි. පාලි ධම්ම ග‍්‍රන්ථවලට තේමා වී ඇත්තේ ඉන්දියාවේ හා ලංකාවේ ජනකථාවන් ය. පාලි ධම්ම ග‍්‍රන්ථ රචනා කිරීමේ දී ලංකාවේ හා ඉන්දියාවේ ජන කථාවන්ට බෞද්ධ මුහුණුවරක් ලබා දී ඇත. පාලි ධම්ම ග‍්‍රන්ථ සමාජ, ආර්ථික හා ආගමික ඉතිහාසය ගොඩනැගීමට උපකාරී වේ. සීහලවත්ථූපකරණය හා සහස්සවත්ථූපකරණය කවර කලෙක රචනා වී දැයි නිශ්චිත නැත. සීහලවත්ථූපකරණය දීපවංසයට ද පෙර රචනා වී ඇතැයි මතයක් පවතී. සීහලවත්ථූපකරණය රචනා කොට ඇත්තේ දකුණු ඉන්දියාවේ විසූ ධම්මනන්දි නම් හිමි නමකි. සහස්සවත්ථූපකරණය රචනා කොට ඇත්තේ අනුරාධපුරයේ විසූ රට්ඨපාල නම් හිමි නමකි. සීහලවත්ථූපකරණයේ කථා වස්තු 82කි. සහස්සවත්ථූපකරණයේ කථා වස්තු 95කි. සහස්සවත්ථූපකරණයට තවත් කථා වස්තු 8ක් එක් කර සංශෝධන සහිතව හෙළ බසට පෙරළා රසවාහිනී නමින් ඉදිරිපත් කර ඇත. රසවාහිනිය වනවාසී වේදේහ නම් හිමියන් විසින් දඹදෙණි යුගයේ දී සම්පාදනය කොට ඇත.
ධර්මපාල-සමුද්‍ර දේවිය හා වීදියේ බණ්ඩාරගේ වැඩිමහලු පුත්‍රයා ය. සත්වන බුවනෙකබාහු රජුගේ මුණුපුරා ය. දොන් ජුවන් පෙරියබණ්ඩාර නමින් බෞතීස්ම ලැබූ අතර කෝට්ටේ රාජ්‍යයේ අවසන් පාලකයා විය. තමාගෙන් පසු රාජ්‍යය පෘතුගීසීන්ට හිමිවන ආකාරයට ඔහු තෑගි ඔප්පුවක් ලියා තැබූ අතර, ඉතා අපකීර්තිමත් පාලකයෙක් වශයෙන් සැලකුණි. පෘතුගීසි නීතීඥ අන්තෝනියෝ රුබෙයිරෝ විසින් පිළියෙළ කළ එකී අවසන් කැමති පත්‍රයට 1580 අගෝස්තු 12 වැනි දා රජු අත්සන් කරමින් තමාගේ මරණින් පසු කෝට්ටේ අයිතිය දොන් හෙන්රික්ස් නම් පෘතුගාල රජුට පැවරීය. 1597 මැයි 27 වැනි දින රජු මිය ගියේ ඉතා අවාසනාවන්ත හා දුක්ඛිත දිවියක් ගතකරමින් සිට ය.
ධර්මප්‍රදීපිකාව-ගුරුළුගෝමීන්-පොළොන්නරු යුගය
ධාතුවංසය-සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ණනා කරමින් ලියැවුණු කෘතියක් වන අතර පාළියෙන් ලියැවුණු ලලාටධාතුවංසයේ සිංහල පරිවර්තනය යි. කකුසන්ද නමින් හිමි නමක විසින් ලියා තිබේ.
නකදිව-නාගදීපය. එනම් ප්‍රදේශය. මෙයින් හඳුන්වා ඇත්තේ
නකදිව-යාපන අර්ධද්වීපය
නකර-පුරය හා නගර අතර ජනාවාසය. ප්‍රමාණය හා වැදගත්කම අතින් ද එය පුරය හා නගරය අතර ප්‍රමාණයක වේ. පුර හා නගර වැනි නම් වෛදික ඉන්දියාවේ ද භාවිත වී තිබේ. ග්‍රාමීය නිෂ්පාදන පුරයට රැගෙන ගියේ නගරය හරහා ය. නගරය අතරමැදි මධ්‍යස්ථානය විය.
නගර වුඩික-නාගරික වාස්තු විද්‍යාඥයා. නාගරික ඉදිකිරීම් පිළිබඳ සැලසුම් සකස්කිරීම, අනුමතකිරීම ආදිය ඔහුට පැවරී තිබෙන්නට ඇත.
නගරගුතික-නගර පරිපාලක
නට අදෙක-නාට්‍ය අංශයේ ප්‍රධානියා. විනෝදාස්වාද සැපයීම පිළිබඳ කටයුතු කරන්නට ඇත.
නටබුන් හා පුරාවස්තු-පැරණි ජනාවාස පිළිබඳවත් රාජධානි සහ ආගමික මධ්‍යස්ථාන පිළිබඳවත් තොරතුරු විමර්ශනයට පැරණි ගොඩනැගිලි/ ගොඩනැගිලි නටබුන්/ ගොඩනැගිලි උපාංග හා වෙනත් නෂ්ටාවශේෂ අතිශය වැදගත්ය. ඒ ඇසුරෙන් පුරාණ ලංකාවේ ආගමික, දේශපාලන, සංස්කෘතික, සමාජ, ආර්ථීක ඈ විෂයයන් ගණනාවකට අදාළ තොරතුරු හෙළි කර ගත හැක. ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් ම පැරණි ගොඩනැගිලි/ ගොඩනැගිලි නටබුන්/ ගොඩනැගිලි උපාංග හා වෙනත් නෂ්ටාවශේෂ හමු වී ඇත. ඒ අතරින් වඩාත් විශේෂ ස්ථානය වන්නේ අනුරාධපුරය යි. මහාවිහාරය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය, වෙස්සගිරිය, ඉසුරුමුණිය, වැනි ආගමික මධ්‍යස්ථාන ද, රජමාළිගා, රාජකීය උද්‍යාන, පොකුණු, විනෝද උයන්, පැරණි මාර්ග, ගල් පාලම්, වැනි සෙසු ඉදිකිරීම් ද කොරවක්ගල්, සඳකඩපහණ, මුරගල්, පියගැට පේළි, පුන්කළස්, වාහල්කඩ වැනි ගොඩනැගිලි උපාංග ද මෙම මූලාශ්‍රය වර්ගයට අයත් වේ.
නරඉසෙර-නරේශ්වර, රජු. දඹුලු පර්වත ලිපියේ කුටකණ්ණතිස්ස රජු මේ නමින් හඳුන්වා තිබේ.
නරේනප්පා නායක්කර්-කීර්ති ශ්‍රී රාජසිංහ රජු ළාබාල වයසින් බලයට පත් වු නිසා ඔහු වෙනුවෙන් වැඩ බැලූ ඔහුගේ පියා.
නව ලෝකය-නව ලෝකය හෙවත් New World යන්න ඇමරිකා මහද්වීප හැඳින්වීමට පොදුවේ භාවිත කළ ද බහුලව එය යොදන්නේ උතුරු ඇමරිකා මහද්වීපයට ය. දකුණු ඇමරිකා මහද්වීප ගවේෂණය කළ පෘතුගීසීන් එයට Mundo Novo යන යෙදුම භාවිත කළහ. එහි අර්ථය ද නව ලෝකය යන්නම ය. ස්පාඤ්ඤ ජාතිකයෝ Nuevo Mundo යන්න භාවිත කළ අතර එහි අර්ථය ද නව ලෝකය යන්න යි.
නවදැලි හේන-වල් කොටා ගිනි තබා සකස් කළ අලුත් හේන හෝ ධාන්‍ය වර්ග 9ක් වගා කළ හේන.(කුරක්කන්, කොල්ලු, උඳු, මුං, ඉරිඟු, මෑ, තණහාල්, අසමෝදගම්, අමු යන ධාන්‍ය වර්ග නවය). මාතලේ ජනයා මෙයට දඬුහේන යැයි කියති. ඇසළ හා නිකිනි මාස වල ගිනිලා සකසා ඉල් මහේ කුරහන් වපුරන හේන් මේ නමින් හඳුන්වන බව මැදඋයන්ගොඩ හිමියෝ සඳහන් කරති.(මැදඋයන්ගොඩ හිමි, බුව. 2495, පිටුව 108)
නාච්චිදූව වැව- පත්පහන් වැව, පත්තපාසාණවාපි. දෙවැනි මුගලන් රජගේ වාරි ව්‍යාපෘතියකි.
නාච්චිදූව වැව-මහපත්පහන් වැව/පත්පහන් වැව/පත්තපාසාන වාපි- දෙවන මුගලන් රජු
නාණක විද්‍යා මූලාශ්‍රය(කාසි)-කාසි පිළිබඳ විද්‍යාව නාණක විද්‍යාව නම් වේ. කාසි වලින් අතීත ආර්ථීක තොරතුරු, දේශපාලන තොරතුරු, ආගමික තොරතුරු, තාක්ෂණික තොරතුරු, විදෙස් සබඳතා පිළිබඳ තොරතුරු ආදිය හෙළි වේ. ලංකාවෙන් හමු වී ඇති පුරාණතම කාසි වර්ගය වන්නේ කහාපණය යි. එය කර්ෂාපණය, පුරාණය, ධරණය වැනි නම් වලින් ද හැඳින්වේ. පුරාණ කාලයේ පටන් ලංකාවේ කාසි භාවිත වූ බවට මේ මගින් තොරතුරු හෙළි වේ. එම කාසිවලට අමතරව ලංකාවෙන් ඇතා සහ ස්වස්ථික කාසි, සිංහ කාසි, ලක්ෂ්මී තහඩු කාසි ආදිය ද හමු වේ. මේවායින් ලංකා ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු හෙළිකරගත හැක. කහාපණය යනු රිදී පොලු තලා එක පමණට කපා සකසා ගත් කාසියකි. ලෝහ තහඩුවලින් කළ කාසි ද විවිධ සංකේත එබ්බවූ කාසි ද, විවිධ හැඩ වලට සකස් කළ කාසි ද, කාසි අච්චු ද ලංකාවෙන් හමු වී ඇත. මේවායින් ලංකාවේ පුරාණ ලෝහ තාක්ෂණය පිළිබඳ තොරතුරු ලබාගත හැකි වේ. ඇතා සහ ස්වස්ථීක කාසිය, සිංහ කාසිය, ලක්ෂ්මී තහඩු කාසිය, සිංහල මසු ආදිය ලංකාවෙන් හමු වූ දේශීය කාසි වර්ග වන අතර රෝම කාසි, ඉන්දු-රෝම කාසි, චීන කාසි, පාණ්ඩ්‍ය කාසි, සොළී කාසි, පෘතුගීසි කාසි, ලන්දේසි කාසි ආදිය ලංකාවෙන් හමු වූ විදේශ කාසි වර්ග වේ. විදෙස් කාසිවලින් ලංකාවේ විදෙස් සබඳතා හා විදෙස් වෙළඳ සබඳතා පිළිබඳ තොරතුරු හෙළි වේ. කාසිවලින් වැඩි වශයෙන්ම හෙළි වන්නේ ආර්ථීක තොරතුරුය. නාණක විද්‍යා විෂයක්ෂේත්‍රයට කාසිවල ප්‍රභවය, සංවර්ධනය, විවිධ කාසි මුද්‍රණය, ලෝහ විද්‍යාව, කාසිවල මුදල්මය අගය වැනි අංග ඇතුළත් වේ. අනුරපුර යුගයේ ශිලා ලේඛන වල ද කහවණුව, අඩකහවණුව වැනි වදන් හමු වේ. යම් කාසියක් භාවිත වන්නේ එම කාසිය නිකුක් කළ රජුගේ අණසක පැතිර ඇති ප්‍රදේශවල පමණක් නිසා කාසිවල භූගෝලීය ව්‍යාප්තිය අනුව ඒ ඒ රජවරුන්ගේ දේශපාලන බල ව්‍යප්තිය ද අවබෝධ කොට ගත හැක. ඉතිහාසය පිළිබඳ කාල නිර්ණයට ද කාසිවලින් මහත් පිටුබලයක් ලැබේ. ලංකාවෙන් හමු වූ විදේශ කාසි ඇසුරෙන් ලංකාවේ විදේශ සබඳතාවල ඉතිහාසය පිළිබඳව ද කරුණු අධ්‍යයනය කළ හැක. කලින්කලට මෙරට පැතිර ගිය විදේශ ආධිපත්‍යයන් පිළිබඳව ද කාසිවලින් තොරතුරු සොයා ගත හැක. කාසිවල ඇති ඇතැම් රූප සටහන්වලින් ද බොහෝ තොරතුරු හෙළි වෙයි. ලක්ෂ්මී රුව ආගමික තොරතුරු හෙළි කරයි. ඒවායේ ඇති ඇඳුම් පැළඳුම් ආදියෙන් සාමාජික තොරතුරු හෙළි වේ. ඒවායේ ඇති සැරසිලි ලක්ෂණ ආදියත් මානව සත්ත්ව රූප ආදියත් පැරණි කලා කටයුතු පිළිබඳ සාක්ෂි වේ.
නානාදේසී-ඉන්දීය වෙළඳ සංවිධානයකි. ඉන්දියාවේ හොයිසාල රාජවංශ සමයට අයත් මෙය ක්‍රි.ව. 8වන සියවසේ වඩාත් ප්‍රසිද්ධියට පත් වූ අතර මෙහි ශාඛාවක් ලංකාවේ ද ක්‍රියාත්මක වී ඇත. ඔවුන්ට අයත් මුද්‍රාවක් ද හම්බන්තොටින් හමු වී තිබේ.
නායක්කර් වංශය-දකුණු ඉන්දීය මදුරාපුර රජ පරපුරකි. වඩුග පරපුර නමින් ද හැඳින්වේ. ශ්‍රී විජය රාජසිංහ රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජු හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යන සිවු රජවරුන් මේ වංශයට අයත් වේ.
නාවික හෙන්රි-පෘතුගාල පාලකයෙකි. නාවික ගවේෂණ කටයුතු සඳහා විශාල අනුග්‍රහයක් දැක්වූ අතර, නාවික විශ්වවිද්‍යාල පවා ආරම්භ කරමින්, නාවිකයින් පුහුණු කරමින් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කළේ ය.
නැචුරාලිස් හිස්ටොරියා-ප්ලීනි(ලංකාව හා රෝමය අතර පැවති සබඳතා ගැන ලියා ඇත. ලංකාවේ දූතයන් රෝමයට හා චීනයට ගිය බව දක්වා තිබේ)
නිකලස් කොපර්නිකස්-Nicolaus Copernicus, Polish Mikołaj Kopernik, German Nikolaus Kopernikus, 1473 පෙබරවාරි 19, පෝලන්තයේ Toruń, Royal Prussia හි දී උපන් අතර, 1543 මැයි 24, වත්මන් පෝලන්තයට අයත්, Frauenburg, East Prussia හි දී මියගියේ ය. පෘථිවිය යනු වාර්ෂිකව සූර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකයක් වන අතර, එය දිනකට වරක් ස්වකීය අක්ෂය වටා භ්‍රමණය වන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. මෙම මතය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සූර්ය කේන්ද්‍රීයවාදය නමිනි. නමුත් ඔහුගේ මේ මතය පෘථිවි කේන්ද්‍රවාදය විශ්වාස කළ කතෝලික පල්ලියේ බලවත් විවේචනයට බඳුන් විය.
නිකාය සංග්‍රහය-ලංකාවේ ශාසන ඉතිහාසය අලළා ද්විතීය ධර්මකීර්ති හිමියන් විසින් ගම්පාළ යුගයේ දී ලියන ලද කෘතියකි.
නිකාය සංග්‍රහය-දේවරක්ඛිත ජයබාහු හිමි-ගම්පොළ යුගය
නිකාය සංග්‍රහය (ශාසනාවතාරය)-ද්විතීය ධර්මකීර්ති හිමි-ගම්පොළ යුගය
නින්දගම්-රදළ ප්‍රධානීන් කළ සේවාව වෙනුවෙන් හිමි වන ගම්මානය. එවැනි ගම්මානවල බදු අයකිරීමට අදාළ රදලයාට බලය ලැබේ. ඔහු එයින් කොටසක් වාර්ෂිකව රජුට යම් ප්‍රමාණයක් ගෙවියයුතු විය. එකී ගම්මානයේ වැසියෝ පාරම්පරිකව ම එහි පදිංචි වී සිටින්නෝ වෙති.
නියම්ගම්-නියම හෙවත් වෙළඳපොළක් සහිත ගම
නියඹලාව-අතින් ගෙන අනුභව කළහැකි පදමට සැකසූ ව්‍යාංජනය.
නිරාමුල්ල වැව-කිඹුල්වාණ වැව/කුම්භීලසේබ්භක වාපි- මහසෙන් රජු
නිල්වලා ගඟ-නීලවාල නදී
නිශ්ශංක අලකේශ්වර-අලගක්කෝනාර යටතේ බලන්න
නිස්සාරණය-අපද්‍රව්‍යවලින් වෙන්කරගැනීම. භාවිතයට උචිත ලෙස සකස්කිරීම.
නීලගිරි සෑය-නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ලාහුගල ග්‍රාමසේවා වසම තුළ පිහිටි ස්ථූපයකි. පැරණි රෝහණයට අයත් ය. විශේෂත්වය වන්නේ එම නාමයෙන් නිර්මාණය කරන ලද ස්තූපයක් පිළිබඳව මෙරට කිසිදු පැරණි මූලාශ්‍රයක සඳහන් නොවීම ය. මහාවංශයේ සඳහන්වන කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද මහානුග්ගල ස්තූපය මෙය ලෙස ද පිළිගැනේ.
නීලවාල නදී- නිල්වලා ගඟ
නීලවාලතිත්ථ- මාතර
නෙස්ටෝරියානු නිකාය-කිතුණු ආගමික නිකායකි. 5 වන සියවසේ මුල් ක්‍රිස්තියානි පල්ලියේ මතු වූ ක්‍රිස්තු විද්‍යාත්මක මිථ්‍යාදෘෂ්ටියකි. ක්‍රි.ව. 428 සිට 431 දක්වා කොන්ස්තන්තිනෝපල්හි විසූ දේවධර්මාචාර්යවරයෙකු සහ කුලදෙටුවෙකු වූ නෙස්ටෝරියස්ගේ නමින් එය නම් කර ඇත. නෙස්ටෝරියානුවාදය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය සහ ඔහුගේ පැවැත්මේ දිව්‍යමය හා මනුෂ්‍ය අංශයන් සමඟ ඇති සම්බන්ධය මත නිර්මාණය වී තිබේ. අද, නෙස්ටෝරියානුවාදයේ නටබුන් සමහර ක්‍රිස්තියානි ප්‍රජාවන් තුළ, විශේෂයෙන් නැගෙනහිර ඇසිරියානු පල්ලිය සහ අනෙකුත් නැගෙනහිර ක්‍රිස්තියානි කණ්ඩායම් අතර තවමත් දක්නට ලැබේ.
නොච්චිපොතාන වැව-වාතමංගණ-මන්ගුණු-වසභ රජු
පංච කකුධ භාණ්ඩ- ඔටුන්න, මගුල්කඩුව, වල්විදුනාව, සේසත හා රන් මිරිවැඬිසඟල
පට්ටනගාම- පටුන හෙවත් වරායට සමීපව තිබූ ගම්.
පට්ටිනප්පාලයි- , දකුණු ඉන්දීය මූලාශ්‍රයකි
පණ අදෙක- වෙළඳ හා වාණිජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා.
පණ්ඩිත පරාක්‍රමබාහු- සපුමල් කුමරා හෙවත් හය වන බුවනෙකබාහු රජුගේ පුත්‍රයාගේ අභිෂේක නාමය යි. හත්වන පරාක්‍රමබාහු යනු ද මේ රජුම ය. නමුත් මේ රජුට වැඩි කාලයක් බලයේ සිටීමට නොලැබුණේ ඔහුගේ පියාගේ සොයුරා වූ අම්බුලුගල කුමාරයා පැමිණ මේ රජු මරා බලය අල්ලාගත් බැවිනි.
පණ්ණසාලා- පන්සල හැඳින්වීමට යෙදුණු පාලි වදනකි.
පත්තපාසාණ වාපි- නාච්චිදූව වැව-දෙවන මුගලන් රජු
පත්තපාසාණවාපි- පත්පහන් වැව/ නාච්චිදූව වැව, දෙවැනි මුගලන් රජුගේ වාරි ව්‍යාපෘතියකි.
පත්පහන් වැව- පත්තපාසාණවාපි, නාච්චිදූව වැව. දෙවැනි මුගලන් රජගේ වාරි ව්‍යාපෘතියකි.
පදවිය වැව- පදී වාපි, ධනවාපි. දෙවැනි මුගලන් රජගේ වාරි ව්‍යාපෘතියකි.
පදවිය- පදීරට්‌ඨ
පදිර්රුපත්තු- දකුණු ඉන්දීය දෙමළ මූලාශ්‍රයකි. ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් වේ. මෙය බහුකර්තෘක කෘතියක් සේ පිළිගැනෙයි.
පදිර්රුපත්තු- දකුණු ඉන්දීය මූලාශ්‍රයකි
පදී වාපි- පදවිය වැව, ධනවාපි. දෙවැනි මුගලන් රජුගේ වාරි ව්‍යාපෘතියකි.
පද්මාවතී පිරිවෙන- කෑරගල ප්‍රදේශයේ වූ පිරිවෙනකි. කෝට්ටේ යුගයේ දී වඩාත් ප්‍රකට විය
පධානඝරය පියන්ගල්. බෞද්ධ භික්ෂූන්වහන්සේලා කෙළෙස් තැවීම පිණිස භාවනා කරන ස්ථානය.
පනාකඩුව තඹ සන්නස- පළමු විජයබාහු රජු, තමා කුඩාකල උපකාර කළ සිත්නරුබිම් බුදල්නාවන්ට කෘතගුණ සැලකීම පිණිස නිකුත් කළ සන්නසකි. බුදල්නාවන්ගේ පරපුරේ අයට පවා විශේෂ වරප්‍රසාද හිමිවන අයුරින් මෙය නිකුත් කර තිබේ.
පනාකඩුව තඹ සන්නස- පළමුවන විජයබාහු රජු විසින් නිකුත් කරන ලද තඹ සන්නසකි. කුඩා කාලයේ සිට තමාට පක්ෂපාතීත්වය දැක්වූ සහ රැකවරණ සැලසූ
“සිත්නාරුබිම බුදල්නා” නම් දකුණේ ප්‍රාදේශීය නිලධාරියාට කෘතගුණ සැලකීම පිණිස සිදුකළ පරිත්‍යාග හා වරප්‍රසාද පිළිබඳ එහි සඳහන් වේ.
පන්සියපනස් ජාතක පොත- බෞද්ධ උපදේශ කතා විශේෂයක එකතුවකින් සැදුණු කෘතියකි. බුද්ධභාෂිත නොවූව ද ඉතා වැදගත් උපදේශ සපයන කෘතියක් වශයෙන් ප්‍රකට වේ. කුරුණෑගල යුගයේ දී සංග්‍රහ වූ බව සැලකේ. පරාක්‍රමබාහු IV යටතේ ද බලන්න.
පබ්බතන්ත ඇළ- මහවැලි ගඟ ආශ්‍රිතව මහසෙන් රජු කරවූවකි.
පරමාණු- පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ අවකාශය මැනීමේ මිනුම් ඒකකයකි. පරමණුුව. අණුවකින් 1/36 ප්‍රමාණය.
පරවි සංදේශය- තොටගමුවේ ශ්‍රී රාහුල හිමි-කෝට්ටේ යුගය
පරවේණි ගම්- ගම්වැසියන්ට ප්‍රවේණියෙන් හෙවත් පරම්පරාවෙන් හිමිවන ගම්මාන. නින්දගම.
පරාක්‍රමබාහු II- 3වන විජයබාහු රජතුමාගෙන් පසු දඹදෙණිය රාජධානියේ පාලකයා වූයේ දෙවන පරාක්‍රමබාහු රජතුමා ය. මහාවංසය, පූජාවලිය, දඹදෙණි අස්න, කඳවුරු සිරිත ආදී කෘතිවලින් මෙතුමා පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වේ. මෙතුමා විශිෂ්ට ගණයේ උගතෙකු වශයෙන් පෙන්වා දී ඇත. එම හේතුවෙන් එතුමාට "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන උපාධි නාමය හිමි වී තිබේ. දළදා පූජාවලියේ සඳහන් පරිදි මේ උපාධි නාමය මීට පෙර මහා පරාක්‍රමබාහු රජුගේ සුළු පියා වූ කිත්සිරිමෙවන් කුමරුන්ට ද තිබී ඇත. මේ නිසා මේ වනාහි ලංකාවේ සංඝ පරපුර විසින් උගතුන් උදෙසා දුන් ගෞරව උපාධිනාමයක් බව අවබෝධකරගත හැකි වේ. දෙවන පරාක්‍රමබාහු රජු ද දුර්ලභ ගණයේ උගත් පාලකයෙකු බව සඳහන් කළ හැකි වේ. මහාවංසයේ දෙවන කොටසේ මෙතුමා පිළිබඳ ගාථා 535ක විස්තරයක් අන්තර්ගත වේ. මෙතුමා ත්‍රිසිංහලාධීශ්වර යන විරුදය ද භාවිත කළේ ය.
ඔහුගේ පියා වූ තෙවන විජයබාහු රජු රජතුමා දළදා, පාදා දෙනම හිමිකරගනිමින් තම පරපුරට ලංකාවේ රාජ්‍යත්වය පිළිබඳ ඇති ජන සම්මතය ජය ගෙන තිබූණි. එපමණක් නොව එකල පැවති නීතියට අනුව ද තමන්ට ලංකාවේ රාජ්‍යත්වය උරුම බව සනාථ කිරීමට මෙතුමා සමත් විය. ඒ අනුව දෙවන පරාක්‍රමබාහු කුමරාට රාජ්‍යත්ව උරුමය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැනනැඟුණේ නැත. මේ උදෙසා තෙවන විජයබාහු රජු අනුගමනය කළ ක්‍රියාමාර්ග තෙවන විජයබාහු රජු පිළිබඳ නිබන්ධනයේ දී ඔබට උගනින්නට අවස්ථාව ලැබී ඇත.
තෙවන විජයබාහු රජු අභාවයට ගිය පසු ඔහුගේ පුතුන් දෙදෙනා අතර දඹදෙණි රජකම හා යුවරජකම බෙදී ගියේ ය. ඒ අනුව දෙවන පැරකුම්බාවන් දඹදෙණියේ රජු වූ අතර බුවනෙකබාහු කුමාරයා යුව රජු වී කුරුණෑගල වාසයට ගියේ ය. මේ යුගය පිළිබඳ තොරතුරු ඇතුළත් වන හත්ථවනගල්ල විහාරවංසයේ සඳහන් වන්නේ දෙවන පැරකුම්බාවන් බලයට පත් වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 1824කට පසුව බව යි. මෙය නූතන ව්‍යවහාර වර්ෂ ක්‍රමයට අනුව ගණනය කළ විට ක්‍රි.ව. 1236 ලෙස ගතහැකි ය. පූජාවලියේ සඳහන් වන පරිදි මෙතුමා බලයට පත් වී ඇත්තේ මාඝගේ පැමිණීමෙන් වර්ෂ 21කට පසුව ය. මාඝ ලංකාවට පැමිණෙන්නේ ක්‍රි.ව. 1215 වැන්නේ දී ය. 1215+21-1236 වේ. මේ නිසා මූලාශ්‍රය දෙකකින් ම මෙතුමා බලයට පත් වූ වර්ෂය සනාථ වේ.
කාලිංග මාඝ ලංකාවේ බලය තහවුරු කරගත්ත ද ඔහුගේ බලය ලංකාව පුරා බලපැවත්වූයේ නැත. ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ කාලයේ විවිධ ප්‍රාදේශීය පාලකයන් බලකොටු තනාගෙන මාඝගේ ව්‍යාප්තිය නතර කළ බවක් පෙනෙන්නට තිබේ. නමුත් ඔවුන් කිසිවෙකු හෝ මාඝ සමග යුද්ධයට ඉදිරිපත් නොවී ය.මාඝ ද ලංකාව තුළින් තමන්ට එල්ලවිය හැකි තර්ජන පිළිබඳ වැඩි තැකීමක් නොකිරීම නිසා පෙනී යන්නේ මේ ප්‍රාදේශීය නායකයින් එතරම් ප්‍රබල නායකයින් නොවූ බව යි. මාඝ මායාරට සීමාවේ සිය බලකොටු හෝ ස්ථාපනය නොකළේ ය. පොළොන්නරුව, කොට්ටියාරම, කන්තලේ, කවුඩුල්ල, පදවිය, ත්‍රිකුණාමලය, මීපාතොට හා කයිට්ස්හි මේ රජුගේ බලකොටු පිහිටුවා තිබූණි. මෙයින් පෙනී යන්නේ ඔහු දකුණු ඉන්දීය ආක්‍රමණයකට සූදානමින් සිටි බව යි. පාණ්ඩ්‍යයෝ කාලිංගයින් හා අමනාපයෙන් පසුවීම මේ සූදානමට හේතු වන්නට ඇත. ලංකාව තුළින් තමන්ට ප්‍රබල අභියෝග ඇතැයි හේ නොසිතුවේ ය. මාඝගේ උපකාරයට ජයබාහු නමැති තවත් පාලකයෙකු ද සිට ඇත. ඔහු ද බුදුදහමට විරුද්ධව කටයුතු කළ අයෙකි. බොහෝ විට ඔහු ඉන්දියානුවෙකි. ඔහු පිළිබඳ පැහැදිලි තොරතුරක් නැත.
දෙවන පැරකුම්බාවන් රජ වන්නේ මෙවන් වාතාවරණයක් මධ්‍යයේ ය. කාලිංග මාඝ බලයේ සිටි කාලය වර්ෂ 40ක් ලෙස සඳහන් වුව ද මහාවංසය එය වර්ෂ 21ක් ලෙස දක්වා තිබේ. එසේ දැක්වීමට හේතුව දෙවන පරාක්‍රමබාහු කුමරු බලයට පත්වන විට කාලිංග මාඝ වර්ෂ 21ක් බලයේ සිට තිබීමත්, දෙවන පැරකුම්බාවන්ගේ රාජ්‍ය පදවිප්‍රාප්තිය සමග ලංකාවේ වංසකතාකරුවන් ලංකාවේ රජු පැරකුම්බාවන් මිස මාඝ නොවන බව සලකා තිබූ බව යි. එනම් දෙවන පැරකුම්බාවන් බලයට පත්වීමත් සමග මාඝ ගේ පාලන සමය අවලංගු වූ බව යි.
දෙවන පැරකුම්බාවන් බලයට පත් වූ විගස සිදුකළ දෙයක් නම් මේ වනවිට බෙලිගල තැන්පත් කර තිබූ දළදා වහන්සේ දඹදෙණියේ අභිනවයෙන් ඉදිකළ දළදාමැදුරේ තැන්පත්කිරීම යි. ඉන් පසු දළදා වහන්සේ උදෙසා විශාල උත්සවයක් හා පෙරහැරක් ද කරවීය. මේ වනාහි සිය බලය තවදුරටත් තහවුරු කරගැනීමට හා ජනයා තමා වටා එක්රැස් කරගැනීම උදෙසා අනුගමනය කළ සාර්ථක උපක්‍රමයක් විය. මෙතැන් සිට ලංකාවේ බලය යළි සපුරාම දේශීය පාලකයෙකු යටතට ගැනීම උදෙසා දෙවන පරාක්‍රමබාහු රජු සැලසුම් කළේ ය. නමුත් ඔහුට එහි දී අභියෝග කිහිපයකට මුහුණදීමට සිදුවිය.
• චන්ද්‍රභානුගේ පළමු ආක්‍රමණය- චන්ද්‍රභානු වනාහි මලය අර්ධද්වීපයේ තාම්‍රලිංග හෙවත් ලිගෝර් නම් ප්‍රදේශයේ වැසි බෞද්ධ ප්‍රභූවරයෙකි. ඔහු එහි පාලකයා යැයි ද අනුමාන කරන්නට හැකි ය. ඔහු පිළිබඳ සාධක සපයන ශිලාලේඛනමය මූලාශ්‍රයක් මැලේසියාවේ ක්‍රා සමුද්‍රසන්ධියට නුදුරු ස්ථානයකින් ලැබී තිබේ. එහි ඇත්තේ තාම්බ්‍රලිංගේශ්වර නමයි. එහි අරුත තාම්‍රලිංගයේ අධිපති යන්නයි. නමුත් ඔහු මුල්වරට ලංකාව ආක්‍රමණය කළේ ඇයි ද යන්න පැහැදිලි නොවේ. දෙවන වර ආක්‍රමණයේ දී හේ දළදා හා පාදා දෙනම ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ ඔහු ලංකාවේ සම්පූර්ණ බලය හිමිකරගැනීම උදෙසා හෝ බෞද්ධ පුජනීය වස්තු හිමිකරගැනීමේ අරමුණෙන් පැමිණි බව යි. සියම් වංශකතාවක් වන ජිනකාලමාලියේ සඳහන් වන්නේ චන්ද්‍රභානු රජු පූජනීය වස්තුවක් හිමිකරගැනීම සඳහා ලංකාවට ආ බව යි. ඔහු ලංකාවට ආවේ ලංකාවේ තිබූ අද්භූත බුද්ධ ප්‍රතිමාවක් හිමිකරගැනීමටදැයි ද ජිනකාලමාලිය අනුව සිතේ. නමුත් ඔවුන් සඳහන් කළ ඒ ප්‍රතිමාව ලංකාවෙන් ලබාගැනීම පිණිස එකල සියම් රජු ලංකාවට දූතයෙක් එවූ බවත්, ලංකා රජු ඒ ප්‍රතිමාව ලබාදීමට එකඟ වූ බවත්, ඒ ප්‍රතිමාව සීහල පටිමා නමින් එරට තැන්පත් කළ බවත් එම කෘතියේ සඳහන් වේ. ඇතැම් විට ඒ සිද්ධිය වන්නට ඇත්තේ චන්ද්‍රභානුගේ පළමු ආක්‍රමණයට පසු විය හැකි ය. කෙසේ වෙතත් ක්‍රි.ව 1247 වැන්නේ දී ලංකාවේ නිරිතදිග වරායන්ගෙන් ඔහු පළමුවරට ලංකාවට ඇතුළුවන්නට ඇතැයි පිළිගත හැකි වේ. මන්ද යත් ඒ වන විට ලංකාවේ උතුරු කොටසේ බලය කාලිංග මාඝ යටතේ පැවති නිසා ය. ඔවුහු ‘‘ අපිත් බෞද්ධයෝ‘‘ යැයි කියමින් ලංකාවේ තොටුපළ කිහිපයකින් ගොඩබැස විෂ යෙදූ ඊතලවලින් විදිමින් මහත් විනාශයක් කළෝ ය.
චන්ද්‍රබානුගේ පළමු ආක්‍රමණ අවස්ථාවේ පරකුම්බාවන් සිය බෑනණුවන් යටතේ ප්‍රබල සන්නද්ධ හමුදාවක් යවා තියුණු හා බිහිසුණු සටනකින් අනතුරුව චන්ද්‍රභානු පරාජය කළේ ය. පරාජයකිරීමෙන් අනතුරුව වීරබාහු කුමාරයා දෙවියන්ට තුති පුදකිරීම පිණිස දෙවිනුවරට ගිය බව දැක්වේ. ආක්‍රමණිකයන් ලංකාවට ඇතුළු වූයේ නිරිතදිගින් ය යන්නට එය සාධකයකි.
කෙසේ නමුත් චන්ද්‍රභානු මේ අවස්ථාවේ යළි සියරට බලා ගියේ ද යන්න සැක සහිත වේ. යාපන අර්ධද්වීපයේ ඇති චාවාකච්චේරි, චාවන් කෝට්ටෙයි හා ජාවක කෝට්ටේ වැනි නම් මේ සැකයට හේතුවක් වේ. මේවා ජාවක මූලයක් සහිත නම් ලෙස භාෂා විශේෂඥයින් දක්වා තිබේ. මේ අනුව පෙනී යන්නේ බොහෝ විට චන්ද්‍රභානු යළි සියරට නොගොස් යළි අවස්ථාවක් හිමිවන තුරු යාපන අර්ධද්වීපයේ නතර වී සිටි බව යි. කෝකිල සංදේශයේ ද මේ පිළිබඳ සරල සඳහනක් තිබේ. කණ්නඩ බලසෙන් බිඳ හෙලූ ජාවක කෝට්ටේ යන වැකිය එහි ද තිබේ.
• කාලිංග මාඝ පරාජය කිරීම. ක්‍රි.ව. 1255 වැන්නට ආසන්න සමයක දී පරාක්‍රමබාහු රජුගේ හමුදා සිය උපරිම වැර යොදා කාලිංග මාඝ ගේ බලකොටුවලට පහර දීම ඇරඹීය. මන්නාරම, කයිට්ස්, ත්‍රිකුණාමලය වැනි සමුද්‍රාසන්න ස්ථානවල පැවත් මාඝ බලකොටුවලට දැවැන්ත සමුද්‍ර ප්‍රහාරයක් එල්ල කළ අතර මාඝ හමුදාවන්ට තවදුරටත් එම ප්‍රදේශ අල්ලාසිටීමට අපහසු වූයෙන් ඔවුහු පොළොන්නරුවට පසුබැස ගියහ. නමුත් මේ සමුද්‍ර ප්‍රහාරය සැකයට භාජනය වී තිබේ. පරාක්‍රමබාහු රජුට ප්‍රබල නාවික බලයක් තිබූ බවට සාධක හමු නොවේ. ඉතිහාසඥයින් අනුමාන කරන්නේ කාලිංඝ වංශික මාඝ පරාජය කර පාණ්ඩ්‍ය වංශිකයෙකු වශයෙන් සැලකූ දෙවන පරාක්‍රමබාහු රජුට බලය හිමිකරදීම පිණිස ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය රජු උතුරු හා නැගෙනහිර දෙසින් පැමිණ බලවත් ප්‍රහාරයක් එල්ල කළ බව යි. උතුරු හෝ නැගෙනහිර දෙසින් පලායන්නට අසමත් ව පොළොන්නරුවේ කොටු වූ මාඝ හමුදා තවදුරටත් එහි රැඳී සිටීම අනතුරුදායක යැයි සිතූ නිසා තමන් සතු සියලු වස්තූන් ද රැගෙන පලා යාමට තීරණය කළ හ. නමුත් වංසකතාවල සඳහන් වන්නේ මාඝ සේනා පොළොන්නරුවේ නැගෙනහිර දොරටුවෙන් පිටත්වීමට තීරණය කළ බවකි. නමුත් කලබලකාරී වාතාවරණය මැද ඔවුන් යා යුතු දිශාව සොයාගත නොහැකි ව බටහිර දොරටුවෙන් පිටත් වූ බව කියවේ. මෙය තරමක් විශ්වාස කිරීමට අපහසු දෙයකි. වර්ෂ හතලිහක් මුළුල්ලේ සිටි ස්ථානයේ දොරටුව මාරු වී ය යන්න විශ්වාස කළ නොහැක්කකි. ඔවුන් උතුරු හෝ නැගෙනහිරින් පැනයා නොහැකි වූ තැන ක්ෂණිකව තීරණය වෙනස් කර බටහිරට පළා යන්නට ඇත. එහෙත් පරාක්‍රමබාහු හමුදා මේ තත්ත්වයට සූදානමින් සිට ඇති බවක් පෙනී යයි. කලා වැවට නුදුරු වනගත ප්‍රදේශයේ සැඟවී සිටි සිංහල හමුදා එල්ල කළ ප්‍රහාරයකින් මාඝ සේනාවෝ සපුරා ම විනාශයට පත්වූ හ. සතුරන් සතුවූ වස්තුව ද සිංහල හමුදා සතු විය. ලංකාවේ මූලාශ්‍රයවල සඳහන් නොවුණ ද මේ සටනට ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය රජුගේ සහය ලැබුණු බව දකුණු ඉන්දීය සෙල්ලිපිවලින් හෙළි වී ඇත. මේ පිළිබඳව වංශකතාවල විවිධ අතිශයෝක්ති වර්ණනා ඇතත් ඒවා ඉතිහාසයට අදාළ කර නොගැනේ.
චන්ද්‍රභානුගේ දෙවන ආක්‍රමණය- 1261-62 වර්ෂ ආසන්නව එල්ලවුණු මේ ආක්‍රමණය එල්ලවන කාලය වන විට දෙවන පැරකුම්බා රජු අසාධ්‍ය රෝගයකින් පීඩා විඳිමින් සිටියේ ය. කතාකිරීමට හෝ අසමත්ව ගොත ගසමින් සිටි රජු දේවපතිරාජ අමාත්‍යයාට තාවකාලිකව පරිපාලන කටයුතු පැවරීය. චන්ද්‍රභානු ආක්‍රමණය එල්ලවන්නේ ඒ අතර ය. ඒ වන විට කාලිංග මාඝ ලංකාවෙන් නෙරපාහැර සිටි නිසා චන්ද්‍රභානු ප්‍රහාරය අරඹන්නේ උතුරු දෙසිනි. ඔහු ඉතා ඉක්මනින් ම යාපහුව ද වැටලීය. දෙවන පරාක්‍රමබාහු රජුගේ පුත්‍ර විජයබාහු කුමාරයා ඒ වන විට යාපහුවේ කඳවුරක් බැඳ රැකවල්හි යෙදී සිටියේ ය. ප්‍රහාරය එල්ලවන විට විජයබාහු කුමරා මෙන් ම ඔහුගේ ඥාති වීරබාහු කුමාරයා ද යාපහුවේ නතර වී සිටියහ. මේ වන විට චන්ද්‍රභානු ලංකාවේ සැලකියයුතු ප්‍රදේශයක් සිය ග්‍රහණයට ගෙන සිටි අතර කුරුන්දි ආදී නැගෙනහිර පෙදෙසේ ලාංකික ජනයා ද ඔහුට උපකාර කළ බවක් පෙනෙයි. ඒ බව හත්ථවනගල්ල විහාරවංසයේ ද සඳහන් වේ. ඔහුට මෙවර පාණ්ඩ්‍ය හා චෝළ වැසියන් ද එක්ව සිටි බවක් පෙනී යයි. ඒ වැසියන් වනාහි එරටවල රජවරුන් සැපයූ පිරිස් නොවියහැකි ය. මන්ද යත් ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය නමැති පාණ්ඩ්‍ය රජුට අයත් ලිපියක කියැවෙන කරුණු අනුව පෙනී යන්නේ පාණ්ඩ්‍යයින් මේ සටනේ දී සිංහලයින්ට සහය දුන් බවකි. එක ම රජෙකු යුද්ධයකට සම්බන්ධ දෙපිලකට ම ආධාර කළේ ය යන්න පිළිගැනීමට දුෂ්කර කියමනකි. යාපහුව වැටලූ පසු හේ දන්තධාතුව හා පාත්‍රාධාතුව ඉල්ලා සිංහල රජු වෙත දූතයින් යැවී ය. කෙසේ වෙතත් ආධාරක සිංහල හමුදාවන් පිළිබඳ ඉල්ලීමක් හෝ නොකොට ඒ වන විට යාපහුවේ සිටි බලඇණි යොදවා බිහිසුණු සටනක් කර චන්ද්‍රභානුගේ සේනා අන්ත පරාජයකට පත්කිරීමට විජයබාහු කුමරු සමත් විය. මේ සටනේ දී චන්ද්‍රභානු රජු ද මියගියේ යැයි සඳහන් වේ. ජටාවර්මන් සුන්දරපාණ්ඩ්‍ය රජුගේ කුච්චියාමලෙයි ලිපිය අනුව පෙනී යන්නේ මේ සටනේ දී ලංකාවේ රජෙකු ද මියගිය බව යි. තව ද සටනින් පසු චන්ද්‍රභානුගේ පුත්‍රයෙකු පාණ්ඩ්‍ය ගැති පාලකයෙකු වශයෙන් යාපනයේ පාලකයා ලෙස පත්කළ බවක් ද දැක්වේ. ඔහුගේ අන්තඃපුර බිසෝවරුන් ද, ඇත් අස් ආදී යුද සතුන් හා ආයුධ ද සිංහල හමුදා සතුවිය. නමුත් මේ පිළිබඳව ද වංසකතාවල එන බොහොමයක් තොරතුරු පිළිගැනීමට නොහැකි හුදු අතිශයෝක්ති වර්ණනාවන් වග ද සඳහන් කළයුතුව තිබේ. දඹදෙණි අස්නේ ඇත්තේ පරාක්‍රමබාහු රජු ද්වන්ධ සටනකින් පසු චන්ද්‍රභානු මරාදැමූ බව යි. නමුත් සත්‍යය නම් මේ මහලු හා රෝගී ව සිටි රජු චන්ද්‍රභානු ආක්‍රමණිකයාව සියැසින් හෝ නොදුටු බව යි.
• දෙවන පරාක්‍රමබාහු රජුගේ වෙනත් දේශපාලන සේවා හා දේශපාලනික තොරතුරු- රජුගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ විජයබාහු පුත්‍රයා හා වීරබාහු ඥාති පුත්‍රයා පොළොන්නරුවේ ආරක්ෂක විධිවිධාන ප්‍රතිසංස්කරණය කරවී ය. පොළොන්නරුවේ පැරණි රජ මාළිගය ද ප්‍රතිසංස්කරණය කරවා අනතුරුව දෙවන පරාක්‍රමබාහු රජු එහි රැගෙන විත් යළි අභිෂේක කරවන ලදී. එසේ වුව ද උත්සවයෙන් පසු රජු යළි දඹදෙණියට ම කැඳවාගෙන ගිය අතර වීරබාහු කුමරා පොළොන්නරුවේ නතර වී ඉතිරි ප්‍රතිසංස්කරණ කාර්යයන් සිදුකරවී ය.
රජු කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය පරිශීලනය කර ඒ අනුව කටයුතු කරන්නට උත්සාහ කළ වගක් කඳවුරුසිරිත කෘතිය අනුව පෙනී යයි.රජුගේ දෛනික චර්යාව පිළිබඳ එහි සඳහන් වේ. මේ යුගයේ රාජ්‍යත්ව උරුමය පිය පාර්ශ්වයෙන් මෙන් ම මවු පාර්ශ්වයෙන් ද උරුම වූ බව පෙනෙයි.
• දෙවන පරාක්‍රමබාහු රජුගේ ශාසනික සේවා.- රජු පාලනයට පත්වූ විගස ම සිදු කළේ බෙලිගලින් දඹදෙණියට දන්තධාතූන්වහන්සේ වැඩමවීම යි. ඒ සිදුවීම ආශ්‍රිතව පෙරහැර පැවත්වීම හා ආගමික උත්සව පැවත්වීම පිළිබඳව ද සඳහන් වේ. දෙවන වර චන්ද්‍රභානු පරාජය කිරීමෙන් අනතුරුව පරාක්‍රමබාහු රජු වෙනුවෙන් ඒ වන විට රාජ්‍ය කටයුතු විචාරමින් සිටි විජයබාහු කුමාරයා සිය පියාගේ ඉල්ලීම් පරිදි ශාසනික සේවාවන්හි නිරත විය. හේ පළමුව අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවල සංචාරය කරන අතරතුර වන්නිවරු පැමිණ කුමරු බැහැදැක ගරුබුහුමන් කළ හ. අනුරාධපුරයේ නටබුන්ව තිබූ රුවන්වැලිසෑය ඇතුළු වෙහෙරවිහාරාදිය ප්‍රතිසංස්කරණය වන්නිවරුන්ට පැවරූ රජු, පොළොන්නරුවට ගිය බව වංසකතාවල දැක්වේ.
දෙවන පරාක්‍රමබාහු රජතුමා දිඹුලාගල මේධංකර හිමි වැනි වියත් යතිවරයන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ශාසන ශෝධනයක් ද කරවීය. පසුව ඒ ඇසුරෙන් දඹදෙණි කතිකාවත කරවා භික්ෂූන්වහන්සේලාගේ පැවැත්මට අදාළ විනය නීති ස්ථාපනය කළේ ය. පසුව මහවැලිගඟේ දාස්තොට දී උපසම්පදා උත්සව ද සංවිධානය කළේ ය. මේ නිසා බුදුසසුන යළි ජීවය ලබනා වගක් ප්‍රකට විය. ජාවක දේශයේ සිට වැඩමවූ ධර්මකීර්ති නම් මහස්ථවිරයන් වහන්සේගේ උපදෙස් හා අනුශාසකත්වය යටතේ ලංකාවේ වනවාසී භික්ෂු පරපුරක් ද ඇතිකිරීමට පියවර ගත්තේ ය.
මීට සමගාමීව නිරිතදිග හා දකුණු ප්‍රදේශයේ වූ කැලණිය, බෙන්තොට වෙහෙර, ගලපාත විහාරය, බෙලිගල විහාරය, වාකිරිගල විහාරය, දෙවිනුවර උපුල්වන් විහාරය ආදිය ද ප්‍රතිසංස්කරණය කරවී ය. රත්නපුර මහසමන් දේවාලය ද මෙතුමාගේ සමයේ ඉදිකළ බව කියවේ. විවිධ ස්ථානවල පිරිවෙන් පිහිටුවා භික්ෂු අධයාපනය ද නගාසිටුවීය. සුප්‍රකට බෙන්තර පෙරහැර ඇරඹුණේ ද මෙතුමාගේ පාලන සමයේ රාජ්‍යානුග්‍රහය ඇතිව ය. ඇසළ පෙරහැර සඳහා ද මෙකල රාජ්‍යානුග්‍රහය හිමි විය. කාලිංග මාඝ විසින් පැහැරගන්නා ලද විහාර දේපළ හැකි අයුරුන් යළි එම විහාරවලට ම පවරා දෙන ලදී.
• අධ්‍යාපනයේ උන්නතිය හා ශාස්ත්‍රීය සේවාව- නන්දන පිරිවෙන, කුරුණෑගල මහේන්ද්‍ර පිරිවෙන, පරාක්‍රම පිරිවෙන, පළාබද්දල පිරිවෙන, වාකිරිගල හා දඹදෙණියේ විජයසුන්දරාරාමය වැනි විහාර කරවන ලදී. විදේශවලින් ත්‍රිපිටකට පිළිබඳ උගත් භික්ෂූන් වහන්සේලා වඩමවා සාහිත්‍යයේ උන්නතියට කටයුතු කරවීය.
පරාක්‍රමබාහු රජු ද උගත් පඬිවරයකු වූ අතර එතුමා ද ග්‍රන්ථකරණයේ නියුළුණේ ය. පූජාවලිය, මහාවංසය, දඹදෙණිඅස්න වැනි කෘතීන් අනුව පෙනී යන්නේ මෙතුමා සිංහල, දෙමළ, පාලි, සංස්කෘත යන භාෂාවන්හි ප්‍රවීණයෙකු බව යි. ඊට අමතරව පූර්ණ ත්‍රිපිටකය හදාරා තිබූ බවත්, යුධ ශිල්පයන් හදාරා පරතෙරට ගොස් සිටි බවත් සඳහන් වේ. මෙතුමා ගත්කතුවරයෙකු ද විය. කව්සිළුමිණ, විසුද්ධිමග්ග සන්නය, වන විනිස සන්නය වැනි කෘතීන් රජතුමා විසින් ම කර වූ ඒවා සේ දැක්විය හැකි ය. මෙතුමා කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන උපාධියෙන් ද පිදුම් ලැබී ය.
මෙකල ග්‍රන්ථකරණයට රාජ්‍යානුග්‍රහ ලැබීම නිසා මේ නිසා සිංහල, පාලි, සංස්කෘත ආදි භාෂාවන්ගෙන් විවිධ ක්ෂේත්‍ර අලළා ග්‍රන්ථ සම්පාදනය වීමක් දක්නට ලැබේ. දොළොස්වැනි සියවසේ පැවති අෂ්ටමූලායතන ක්‍රමයට සමානව මෙකල පංචමූල පිරිවෙන් ක්‍රමය ආරම්භ විය .මේ නිසා අධ්‍යාපනයේ සැලකියයුතු දියුණුවක් දක්නට ලැබුණි. මයුරපාද පිරිවෙන හා දේවපතිරාජ පිරිවෙන මෙම යුගයේ පැවැති දීප්තිමත් අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකකි.
• දෙවන පරාක්‍රමබාහු රජුගේ ආර්ථික සේවා.- චන්ද්‍රභානු ආක්‍රමණිකයා පරාජය කිරීමෙන් අනතුරුව දෙවන පරාක්‍රමබාහු රජු වෙනුවෙන් කටයුතු කරමින් සිටි විජයබාහු කුමාරයා රජරට පැරණි වැව් අමුණු ඇතුළු ජලානයන ක්‍රම ප්‍රතිසංස්කරණයට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළෙන් එය බොහෝ දුරට සඵල විය. මෙතුමාගේ කාලයේ දී විදෙස් රටවලට අළෙවි කිරීමේ අරමුණ ඇතිව කළුගඟ හා බෙන්තර ගඟ අතර භූමියේ පොල් වාගාවක් කරවූ බව සඳහන් වෙයි. දියෝ ගෝ ද කූටෝ නමැති ඉතිහාසඥයා සඳහන් කරන්නේ ලංකාවේ කැලෑවල වැවුණු සුවඳින් උසස් වූ කුරුඳු ලෝකප්‍රකට වන්නට පටන්ගත්තේ දෙවන පැරකුම්බා රජ දවස සිට බව යි. අරාබිවරු හා යුරෝපීයයන් මේ කුරුඳු විශාල ලෙස ඇණවුම් කළ අතර එය ලංකවේ ආර්ථික වර්ධනයට මහත් රුකුලක් විය.
මේ කාලයේ ලංකාවේ විදෙස් වෙළඳා ම ද වර්ධනය විය. මෙතුමාගේ කාලයේ දෙවිනුවර වරාය පාලකයා වශයෙන් සිටි නිලධාරියාට මහාපණ්ඩිත යනුවෙන් උපාධි නාමයක් ද විය. හේ වරායට පැමිණෙන විදෙස් වෙළෙන්දන් පිළිබඳ විශේෂ අවධානයකින් සිටියේ ය. විශේෂයෙන් ම විවිධ දේ කියා බදු ගෙවීම පැහැරහැරීමට උත්සාහ කළ වෙළෙන්දන් සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලී ය. වෙළෙන්දන් සුංගම් හෙවත් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් ඇතුළත් රාජාඥාවක් ද රජු විසින් නිකුත් කරන ලදී. ප්‍රමාණය ඉක්මවා බදු අයනොකළ යුතු යැයි ද එහි සඳහන් වේ.
පරාක්‍රමබාහු III-බෝසත් විජයබාහු රජුගේ පුත්‍රයා ය. අර්බුදකාරී දේශපාලන වාතාවරණයක් මැද පොළොන්නරුවේ රජ විය. ඔහු රජවීමට පෙර ලංකාව ආක්‍රමණය කළ ආර්යචක්‍රවර්තීන් නමැත්තා විසින් පැහැරගන්නා ලදුව දළදාවහන්සේ මේ වන විට කුලශේඛර පාණ්බ්‍ය රජු භාරයේ පැවතියේ ය. තෙවන පරාක්‍රමබාහු රජු පාණ්ඩ්‍ය රජු හා කතිකාකොට දළදාවහන්සේ යළි ලක්දිවට වැඩමවූ නමුත් එහි දී පාණ්ඩ්‍ය රජු සමග නින්දාසහගත ගිවිසුමකට එළැඹියේ යැයි කියවේ. මේ වන විට දෙවන බුවනෙකබාහු කුමරා වටා මහජන බලයක් ගොඩනැගෙමින් පැවතියෙන් කරණවෑමියා ලවා දෙවන බුවනෙකබාහු කුමරා අන්ධ භාවයට පත්කිරීමට තෙවන පරාක්‍රමබාහු රජු උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ විය. මේ නිසා ඉන් වඩාත් ධෛර්යමත් වූ දෙවන බුනවෙකකබාහු කුමරා වැඩි කල් නොගොස් ම තෙවන පරාක්‍රමබාහු රජු පරදා රාජ්‍යය පැහැර ගත්තේ ය.
පරාක්‍රමබාහු IV - දෙවන බුවනෙකබාහු රජුගේ පුත්‍රයා IVවන පරාක්‍රමබාහු නමින් කුරුණෑගල රජවිය. ඒ 1302 වර්ෂයේදී ය. IIවන පණ්ඩිත පරාක්‍රමබාහු නමින් ද මේ රජු හඳුන්වා ඇත.
මෙතුමාගේ රාජ්‍ය කාලය ඉතා සාමකාමී එකක් වී යැයි සැලකෙයි. ඒ නිසා මෙකල ශාස්ත්‍රීය උන්නතියක් ද සිදුවිය. මෙතුමා පළමුකොටම සිය රාජගුරු පදවියට චෝළ දේශයෙන් ආ මහතෙරනමක් පත් කළේය. වීදාගම අනර්ඝ වෙහෙරක් කරවා එය එකී තෙරුන්වහන්සේට පූජා කළේය. ඉන් අනතුරුව සිය මාළිගය සමීපයේ සිතුවම් කර්මාන්තයෙන් විචිත්‍ර වූ දළදා මන්දිරයක් කරවා මහත් භක්තියෙන් යුතුව දළදා වහන්සේ එහි තැන්පත් කළේය. ඉන් අනතුරුව දළදා වහන්සේට පුදසත්කාර කළයුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තරකර දළදා සිරිත නම් කෘතිය කරවීය. දළදා වහන්සේ සම්බන්ධ චාරිත්‍ර අඛණ්ඩව ඉටුකරමින් දළදාමැදුර ද දිගුකල් පවත්වා ගැනීම උදෙසා දළදා මැදුරට ගම්බිම් කෙත්වතු හා පිරිවර ද පූජා කළේය.
මෙතුමාගේ කාලයේ ඇතිවූ ශාස්ත්‍රීය නවෝදය පිළිබඳ එකම සාධකය දළදා සිරිත කෘතියම පමණක් නොවේ. එතුවක් කාලයක් පෙළ බසින් පැවති පන්සියපනස් ජාතක පොත්වහන්සේ හෙළ බසට පරිවර්තනය කරන ලද්දේ ද මෙතුමාගේ කාලයේදී ය. මෙකල කිත්සිරිමෙවන් කැලණි විහාරයේ වැඩවාසය කළ විල්ගම්මුල ශ්‍රී පරාක්‍රමබාහු මාහිමියන් වහන්සේ විසින් අනාගතවංශය හා එළුබෝධිවංශය යන කෘතිද්වය රචනා කළේ ය. මූලාශ්‍රයවල සඳහන් වන අකාරයට මේ යුගයේදී ජාතක පොත් වහන්සේ සිංහල බසින් ලිවීමේදී ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ වීරසිංහ පතිරාජ ඇමතියා ය. උපදේශකත්වය සැපයූයේ රජුගේ රාජගුරු වූ චෝල භික්ෂූන් වහන්සේ ය. රජු උන්වහන්සේ වෙතින් සියලු ජාතක කතා අසා දැන, එය හෙළ බසින් ලියැවීය. පසුව එය ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් පවත්වාගෙන එන ලෙස මේධංකර නම් තෙරුන් වහන්සේට පැවරීය. රජු, තම නමින්ම වෙහෙරක් කරවා පූජාකරන ලද්දේ මේ මේධංකර ස්වාමීන් වහන්සේටය. රජු එම විහාරයේ නඩත්තුව පිණිස පරණගම, තැඹිලිහෙළ, දෙල්මඩ හා මොරවක යන ග්‍රාමයන් ද පූජා කළේය. රජු ජාතක පොත්වහන්සේ කෙරෙහි කෙතරම් විශේෂත්වයක් දැක්වී ද යන්න එයින්ම පෙනී යයි.
මෙතුමාගේ ශාසනික සේවාව ද මහත්ය. කුරුණෑගල කරවූ දළදා මැදුර, තම රාජගුරු හිමියන් උදෙසා කරවූ විහාරය,ජාතක පොත පවත්වාගෙන යාම පැවරුම් ලද මේධංකර මාහිමියන් උදෙසා කරවූ පැරකුම්බා මහවෙහෙර යනාදියට අමතරව මෙතුමා තොටගමු විහාරයේ ගරාවැටෙමින් තිබූ දීඝපාසාදය අලුත්වැඩියා කර දෙමහල් කොට පිදීය. දෙවුන්දර දෙමහල් පිළිමගෙයක් කරවා ගැටමාන්නා ග්‍රාමය එයට පිදීය. වැලිගම ඉදිකළ අග්‍රබෝධි විහාරයත් එතුමාගේ නිර්මාණයකි. කළුතරට නුදුරුව වීදාගම ග්‍රාමයේ වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන කරවා සිය රාජගුරු චෝළිය තෙරුන්වහන්සේට පූජා කළේය. සත්කෝරළයට අයත් අලුත්නුවර දේවාලය පිළිසකර කරවා එහි උපුල්වන් දේව ප්‍රතිමාවක් ද තැන්පත් කරවීය.
මෙතුමාගේ විශේෂතම ශාසනික සේවාව මහනුවර නගරය හා බැඳී පවතී. සිය බෑනණුවන් වූ සිරිවර්ධන සේනාධිකාරීන් ලවා මහනුවර හෙවත් එවකට කටුපුළු නුවර නමින් හැඳින්වූ ප්‍රදේශයේ මාර්ග ආදිය පිළිසකර කරවා, සීමා ප්‍රාකාර ආදිය නිමවා කටුකොහොල් හරවා ප්‍රකෘතිමක් කළේය. අනතුරුව එහි අලුත් විහාරයක් ද කරවීය. ඒ විහාරය වනවාසී භික්ෂූන් සඳහා උචිත එකක් විය. එහි වාසය පිණිස සංඝ සම්මුතියෙන් වැඩම කරවූයේ යාපහුවේ වලස්ගිරි හෙවත් අච්ඡපබ්බත විහාරයේ වැඩවාසය කළ භික්ෂූන් වහන්සේලා හයනමකි. අච්ජගල්ල යන්න අස්ගිරි නමින් සිංහලයට එයි. ඒ නිසා මේ විහාරය එතැන්පටන් අස්ගිරි විහාරය නමින් ප්‍රකට විය. අස්ගිරි විහාරයේ නඩත්තුවට ශ්‍රීපාදස්ථානයේ ආදායමෙන් කොටසක් ද තවත් අයමාර්ග ද සලසා දුන්නේය.
මේ වැනි ශාසනික සේවාවන් රැසක් මෙතුමා සම්බන්ධයෙන් අසන්නට ලැබේ. නමුත් මෙතුමාගේ පාලන සමය නිමාවන්නේ බෝධා මාපාණ නම් ප්‍රභූවරයා ඇතිකළ කැරැල්ලෙන් රජු මිය යාමත් සමගිනි. මේ මරණයට ආසන්න කාලයේ එවකට මහනාහිමි පදවිය දැරූ පළාබත්ගල ධර්මකීර්ති ස්වාමීන් වහන්සේ අපවත්වූහ. ඒ නිසා මහනාහිමි තනතුරට පත්වූයේ විල්ගම්මුල හිමියන් ය. එහෙත් ඒ පත්වීම සමග මහනාහිමි තනතුර සංඝරාජ තනතුර බවට පත්විය. සංඝරාජ පරපුරේ ඇරඹුම මේ යැයි සැලකෙයි. රජුගේ මරණය සිදුවන්නේ ද මේ ආසන්න කාලයකදී ය. බෝධා මහපාණන්ගේ කැරැල්ල නිසා මරණයට පත් වූ රජු IIIවන විජයබාහු රජුගෙන් ඇරඹුණු රාජවංශයේ අවසානයා ද විය.
පරාක්‍රමබාහු V - කලක් දැදිගමත් පසුව ගම්පොළත් පාලකයා වශයෙන් කටයුතු කළ රජෙකි. IVවන බුවනෙකබාහු රජු ගම්පොළ මුල්කරගත් පාලනයක් රැගෙන ගිය කාලයේම ඔහුගේ සොහොයුරා වූ Vවන පරාක්‍රමබාහු කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම මුල්කරගත් පාලනයක් රැගෙනගිය බව සඳහන් වේ. මේ දෙදෙනාම කුරුණෑගල අවසන් පාලකයා වූ Vවන විජයබාහු රජුගේ පුතුන් දෙදෙනෙකි.
Vවන පරාක්‍රමබාහු රජු දැදිගම සිට යම් කාලයක් ස්වාධීන පාලනයක් ගෙනගිය ද මේ වනවිට ආර්යචක්‍රවර්තීන්ගේ තර්ජන දකුණට තදින් දැනෙමින් පැවතුනි. දැදිගමට සැතපුම් 13ක් ඊසාන දිගින් පිහිටි කොටගම තිබී හමුවූ ශිලාලේඛනයක සඳහන් වන්නේ ශිංගෛයිනගර්හි ආරියන් රජු ලැබූ විශාල ජයග්‍රහණයක් පිළිබඳ තොරතුරුය. මේ ශිංගෛයිනගර් ආර්යයන් යනු යාපනයේ ආර්යචක්‍රවර්තීන් බවට සැකයක් නැත. ඉන් පෙනී යන්නේ මේ කාලයේ දකුණේ රාජ්‍ය දුබල වෙමින් ඊට සමගාමීව උතුරේ රාජ්‍ය ප්‍රබල වෙමින් පැවති බවයි.
IVවන බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු Vවන පරාක්‍රමබාහු රජු ගම්පොළට ගොස් පාලන කටයුතු මෙහෙයවීය. මෙයින් පසු දැදිගම පිළිබඳ අවධානය අඩුවිය.
පරාක්‍රමබාහු V I -මූලාශ්‍රය ගණනාවක ම සඳහන්වන තොරතුරුවල මධ්‍යස්ථය අනුව 1412 වර්ෂයේ දී රයිගම රජ වූ මෙතුමා 1415 වර්ෂයේ දී කෝට්ටේ රජු බවට පත්විය. මෙතුමා හා මේ යුගය පිළිබඳ තොරතුරු ගවේෂණයේ දී වැදගත් වන මූලාශ්‍රය කිහිපයක් අපට හඳුනාගත හැකි වේ.
සාහිත්‍ය මූලාශ්‍රය
• රාජාවලිය
• අලකේශ්වර යුද්ධය
• පැරකුම්බා සිරිත
• මහාවංසය
• සන්දේශ කාව්‍ය
• කාව්‍යශේඛරය
• කූතෝගේ වාර්තා
• වැලන්ටයින්ගේ වාර්තා
• ක්වේරෝස්ගේ වාර්තා පුරාවිද්‍යා මූලාශ්‍රය
• පැපිලියාන ලිපිය
• සමන් දේවාල ලිපිය
• දෙණවක සන්නස
• ගඩලාදෙණි සෙල්ලිපිය
• මඩවල ලිපිය
• දොරටියාන ලිපිය
මෙතුමාගේ මව හා පියා පිළිබඳ පැරකුම්බා සිරිතේ 27 වැනි පද්‍යයේ පැහැදිලි සටහනක් තී තිබේ.

මෙලෙස තෙදබල මහත් අණසක ඇති රජුන් කුලැ පිවිතුරු
සවුළු විජයබ නිරිඳු පිති පැරකුම් රජුන් හට මුණුබුරු
ලමැනි ජයමහලෑන හිමි සුරතුර වෙළූ රන්ලිය යුරු
සුනෙත් මහදෙවි බිසෝ හිමි ලත් රජ රුවක් සොඳ බුදුකුරු
ඒ අනුව පෙනී යන්නේ මෙතුමාගේ පියා ජයමහලෑන නම් වූ බවත්, මව සුනේත්‍රා දේවී නම් වූ බවත් ය. මේ ජයමහලෑන නමැති ප්‍රභූවරයා ජයපාල මහීපතී නමින් ද හැඳින්වේ. හේ ගම්පොළ රාජධානියේ ආරම්භකයා වූ සවුළු විජයබා රජුගේ පුත්‍ර පස්වන විජයබාහු රජුගේ මුණුපුරෙකි. ඔහුගේ පියා ද, එනම් පස්වන විජයබාහු රජුගේ පුත්‍රයා ද ජයමහලෑන නමින් ම හඳුන්වා ඇත. සුනේත්‍රා දේවිය කාලිංග දේශයේ රජ පරපුරක සාමාජිකාවක යැයි බෙංගාල ලේඛක රාමචන්ද්‍ර භාරතී සඳහන් කර තිබේ. රාමචන්ද්‍ර භාරතී යනු පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහය යටතේ ලංකාවේ සිටි බෙංගාල ජාතික බ්‍රාහ්මණ වංශික ලේඛකයෙකි. මූලාශ්‍රයගත සාධක අනුව පෙනී යන්නේ මේ යුගය ලංකාවේ දේශපාලන වියවුල් සහිත යුගයක් නිම කරමින් ඇරඹුණු බව යි. මේ යුගයට ආසන්න පෙර යුගයේ දී ලංකාවේ නිත්‍යානුකූල රජපරපුර දිගින් දිගට ම දුර්වල වූ අතර සේනාලංකාධිකාර හා අලකේශ්වර(අලගක්කෝනාර) ප්‍රභූ පරපුරු ප්‍රබල වෙමින් සිටිය හ. නමුත් සේනාලංකාධිකාර පවුල අභිබවා අලකේශ්වර පරපුර ඉදිරියට ආ අතර ඔවුන් ගම්පොළ රජුට පවා එතරම් අවනත නොවී කෝට්ටේ මුල්කරගත් නීත්‍යානුකූල නොවූ පාලනයක් ද ගෙනගිය බවක් පෙනී යයි. නමුත් 1410/11 වර්ෂවල දී පමණ කෝට්ටේ සිටි වීරඅලකේශ්වර සෙන්පතියා චීන සිරකරුවෙකු බවට පත්ව චීනයට ගෙනයෑමත් සමග මේ තත්ත්වය බොහෝ දුරට සමනය වූ බවක් පෙනී යයි. මේ සිදුවීම පිළිබඳ මූලාශ්‍රය ගණනාවක ම විවිධ මත තිබේ. පෘතුගීසි ලේඛකයන් කියන්නේ චෙං හෝ විසින් අලකේශ්වර ද සමග චීනයට අල්ලාගෙන ගිය ඔහුගේ ඥාති පිරිස අතර කුඩා පරාක්‍රබාහු කුමාරයා ද වූ බව යි. මේ පිරිස මරා දමන්නැ යි චීන අමාත්‍යවරුන් යෝජනා කළ නමුත් චීන අධිරාජයා ඔවුන්ට ආහාර පාන හා වස්ත්‍රාදියෙන් සංග්‍රහ කර නිදහස් කළ බවත්, ලංකාවේ රාජ්‍යත්වය සඳහා ගැළපෙන හා වඩාත් සුදුසු තැනත්තා පත්කරගන්නැ‘යි නියෝග කළ බවත් ඔවුහු කියති. තවත් මූලාශ්‍රයක සඳහන් වන්නේ චෙංහෝගේ ආගමනය අවස්ථාවේ පරාක්‍රමබාහු කුමාරයා හා ඔහුගේ සොහොයුරා ද රැගෙන සුනේත්‍රා දේවිය වීදාගම විහාරයට පලා ගිය බව යි. ඔවුන්ගේ පියා වූ ජයමහලෑන චීන සිරකරුවෙකු වශයෙන් රැගෙන ගිය පිරිසට අයත්වන්නට ඇත යන අනුමානයක් ද පවතී. වීදාගම විහාරයට ගිය මේ රාජකීය පවුල පිළිබඳ ආරක්ෂාව තමන්ට සිදුකිරීම දුෂ්කර බව දැනගත් වීදාගම විහාරවාසී හිමි මේ තිදෙනා කෑගලු දිස්ත්‍රික්කයේ පොල්වත්ත හෙවත් රුකුලේ නමැති ගමේ ප්‍රධානියා වෙත යැවී ය. නමුත් ඒ වන විට කෝට්ටේ බලය අල්ලාගෙන සිටි මීළඟ අලකේශ්වර වරයාට මේ පිරිස පිළිබඳ විස්තර ලැබුණෙන් ඔහු ඒ පිළිබඳ සෙවීමට සිය පුරුෂයින් යෙදවීය. නමුත් ගම්පතියාගේ උපායශිලීත්වය නිසා මේ කුමරාගේ දිවි බේරුණු බව මේ රජු පිළිබඳව ඇති ජනශ්‍රැති අනුව පෙනී යයි. පසුව සොළොස් වියට පා තැබූ කුමරාට වීදාගම හිමියන්ගේ සැලසුමකට අනුව යුධහමුදාවේ සහය ලබා දී පසුව රාජ්‍යත්වය ලබා දීමට හැකි විය. නමුත් මේ පිළිබඳ වෙනස් මතයක් පරණවිතාන මහතා ඉදිරිපත් කර තිබේ. එතුමා කියන්නේ නීත්‍යානුකූල රජපරපුර විසින් එවකට බලය අල්ලාගෙන සිටි අලකේශ්වර පරපුරට විරුද්ධව චෙං හෝගේ උපකාර පැතූ බව යි. මලක්කා සුල්තාන් පරපුරේ ආරම්භකයා වූ ජා කුමරාට බලය ලබා දීම පිණිස සියම් රජුට විරුද්ධව කටයුතු කිරීමට ද චෙං හෝ ක්‍රියාකර ඇත. මේ නිසා මේ වන විට චීනය පෙරදිග දේශපාලනයට ඉතා සියුම් මැදහත්වීමක් කරමින් සිටි යුගයක් බව පැහැදිලි ය. නමුත් අධිරාජ්‍ය ගොඩනැගීමේ අරමුණක් ඔවුන් තුළ නොවී ය. ඔවුන්ට අවශ්‍ය වන්නට ඇත්තේ පෙර අපර දෙදිග යාකරමින් ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාත්මක වූ වෙළඳාමේ පාලනයට සම්බන්ධ වීම විය යුතු ය. මේ නිසා චෙං හෝගේ උපකාර ලබාගැනීම ලංකාවේ රජපරපුරට අනතුරක් නොවී ය. වෙළඳ කටයුතුවලදී චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රමාණවත් වන්නට ඇත. පරාක්‍රමබාහු කුමරා ලංකාවේ රජු බවට පත්වූ පසු, අවස්ථා ගණනාවකදී ම චීන රජු වෙත පුදපඬුරු සහිත දූතයින් යැවීමේ සිදුවීම් පරණවිතාන මහතාගේ මේ මතය සනාථ කිරීමට සාධක ද වේ. මේ දූත ගමන් චීන ලේඛක ජියෝ පින්ගේ සටහන්වලින් ද සනාථ වේ. 1416, 1421, 1433, 1445, 1459 යන වර්ෂවල ලංකා දූත පිරිස් තුටු පඬුරු ද රැගෙන චීන රාජ සභාවට ගොස් තිබේ. පරාක්‍රමබාහු කුමරා බලයට පත්වූයේ චීන උපකාර ඇතිව වග කීම ඔහුගේ ප්‍රතිරූපයට හානියක් යැයි සිතා දෝ ඔහුගේ යුගය පිළිබඳ ප්‍රශස්ති ලියූ ලේඛකයෝ ද රජුගේ පදවිප්‍රාප්තිය සිදු වූ අයුරු පිළිබඳ වැඩි විස්තරයක් ඉදිරිපත් නොකරති. මේ නිසා පරණවිතාන මතය නිවැරදි යැයි ද සිතේ.
කෙසේ වුව ද මේ රජතුමාගේ යුගය හේතු කිහිපයක් නිසා ලංකා ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදය කි. මෙතුමාගේ යුවරජු වූයේ ඔහුගේ ම සොහොයුරා ය. හේ සතර කෝරලයට අයත් මායාදුනු නුවර හෙවත් දැදිගම සිට කටයුතු මෙහෙයවී ය. මායාදුනු රට යනු අම්බුලුගල යැයි ද මතයක් තිබේ. මේ යුවරජ සොයුරා යනු රජුගේ ම සොයුරා ද නැතහොත් ඒ වන විටත් දැදිගම රජ වී සිටි පරාක්‍රමබාහු නමැත්තා ද යන්න පිළිබඳ සැක පවතී. දැදිගම ඒ වන විට සිටි පරාක්‍රමබාහු හෙවත් දැදිගම පරාක්‍රමබාහු ඈපා චීනය සමග පවා සබඳතා තිබූ අයෙකි. මේ නිසා ඔහු බලයෙන් පහ කළේ යැයි සිතන්නට අපහසු ය. Vi වන පරාකුමබාහු රජු අභිෂේක ලබන්නේ බිසව වශයෙන් කීරවැල්ලේ පරපුරේ කුමරියක පත්කරගනිමිනි. නමුත් ඇයගේ පෙළපත් නම වූ කීරවැල්ලේ යන නාමය මිස ඇයගේ නම කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවේ.
VI වන පරාක්‍රමබාහු රජුගේ දේශපාලන කාර්ය සංසිද්ධිය.
• ශ්‍රී ලංකාව එක්සත් කිරීම
• සිවිල් අරගල පාලනය කිරීම
• විදෙස් සබඳතා හා විදෙස් ආක්‍රමණ
යුධ කිරීම්, අවනත කරගැනීම් හා උපක්‍රමශීලීව බලය පතුරුවාහැරිම් යන ක්‍රම තුන අනුගමනය කරමින් මේ රජු ලංකාව එක්සත් කිරීමට කටයුතු කර තිබේ. යාපාපටුන ජයගැනීම පිණිස මෙතුමා අනුගමනය කර ඇත්තේ යුධමය ක්‍රියාමාර්ගයකි. එය පියවර දෙකක යුද්ධයක් බව රාජාවලිය අනුව පෙනී යයි. පළමු පියවරේ දී සපුමල් කුමරු ක්ෂණික ප්‍රහාරයක් යාපනයට එල්ල කළේ ය. ඒ ප්‍රහාරයේ අරමුණ වන්නට ඇත්තේ යාපන රජුගේ ප්‍රතිචාර හා ඔහුට ඇති බාහිර ශක්තීන් හඳුනාගැනීම විය යුතු ය. බාහිර ශක්තීන් යනුවෙන් අදහස් කළේ විදේශාධාර ආදිය යි. මන්ද යත් යාපන රජුට දකුණු ඉන්දියාවේ විජයනගර් අධිරාජයාගේ උපකාරය බෙහෙවින් ම තිබූණි. දකුණු ඉන්දියාවේ උද්ගතව තිබූ දේශපාලන තරගකාරීත්වය මත යාපන පාලකයා තමන්ගේ හිතවතෙකු සේ තබාගැනීම උචිත යැයි සිතූ විජයනගර් පාලකයා යාපනයේ රජුට යුධාධාර ලබා දීමට සැදී පැහැදී සිටියේ ය. එවන් වාතාවරණයක් තුළ යාපනය ආක්‍රමණය කිරීම අනුචිත බව දුටු පරාක්‍රමබාහු රජු ඒ සඳහා කල් ගත්තේ ය. ක්‍රි.ව. 1447 දී විජයනගර් හි පාලකයා වූයේ මල්ලිකාර්ජුන රජු ය. හේ ඉතා දුර්වල පාලකයෙකු විය. ඔහුගෙන් පසු විජයනගර් අධිරාජ්‍යයේ පරිහානිකර යුගය ඇරඹුණු බව දකුණු ඉන්දීය ඉතිහාසය කෘතිය කරමින් නීලඛණ්ඨ ශාස්ත්‍රී මහතා ප්‍රකාශ කරයි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පරාක්‍රමබාහු රජු යාපනය අල්ලා ගැනීමේ මෙහෙයුම සූදානම් කළේ ය. නමුත් දකුණු ඉන්දීය තත්ත්වය හා යාපනයේ තත්ත්වය පිළිබඳ සැකහැර දැනගැනීමට රජුට අවශ්‍ය විය. මේ නිසා පළමුව යාපනය අවට සංග්‍රාමික අතින් වැදගත් වූ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ක්ෂණික ප්‍රහාරයක් ඒල්ල කළේ ය. මේ සඳහා හමුදා යන්නට ඇත්තේ ගොඩබිමින් නොව මුහුදෙන් යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කර සිටී. ඒ ප්‍රහාරය සාර්ථක කරගත් සේනානායක සපුමල් කුමරු සිරකරුවන් ලෙස විශාල පිරිසක් ද අල්ලාගෙන යළි කෝට්ටේ බලා ආයේ ය. යාපන රජුගෙන් සැලකිය යුතු ආකාරයේ ප්‍රතිචාරයක් නොලැබුණි. සිරකරුවන් ලෙස රැගෙන එන්නට ඇත්තේ ද යාපනය පිළිබඳ තොරතුරු ලබාගතහැකි පිරිසක් විය යුතු ය. ඔවුන්ගෙන් ප්‍රමාණවත් විස්තර ලබාගත් පසු පරාක්‍රමබාහු රජු යාපන ආක්‍රමණය සහා අවසන් නියෝගය නිකුත් කළේ ය. නමුත් මුල් ආක්‍රමණය මුහුදින් එල්ල කළ නිසා යාපන රජු යම් තරමක හෝ සූදානමක් ඇතිව සිටින්නට ඇත. එහෙත් යාපනය අල්ලා ගැනීමේ දෙවැනි හා අවසන් මෙහෙයුම ගොඩබිම් ඔස්සේ කිරීමට රජු සැලසුම් කළේ ය. මේ සඳහා ශක්තිසම්පන්න සන්නාහ සන්නද්ධ යුධ හමුදාවක් රජු විසින් සපුමල් කුමරුන්ට සපයන ලදී. පරණවිතාන මහතා සඳහන් කරන ආකාරයට ම යාපනයට ක්ෂණිකව එල්ල කළ ප්‍රහාරය මුහුදින් එල්ල කළ එකක් වී නම් ආර්ය චක්‍රවර්තී රජු යළි මුහුදු ප්‍රහාරයකට සූදානම් වන්නට ඇත. එහෙත් මෙවර සපුමල් කුමාරයා සිය හමුදා මෙහෙයවූයේ වෙනත් මගකිනි. ඔහු පුත්තලම දක්වා වෙරළ තීරය ඔස්සේ ගමන්කර ක්ෂණිකව ගමන් මග වෙනස්කර රජරට හරහා වැටී තිබූ යාපන මාර්ගයට පිවිසියේයැ‘යි අනුමාන කෙරේ. මේ ගමනේ දී ඔහුට වන්නි රජවරුන්ගේ තර්ජනවලට මුහුණ දීමට ද සිදු විය. පෙර රජවරුන්ට අයත්ව නොතිබූණු වන්නි දහඅටක් හා යුධ කර ජයගත් බව ගිරා සන්දේශයේ සඳහන් වේ.
මේ යුද්ධවලින් පසු ඔහු යාපනය දක්වා ගමන්ගත්තේ ය. නමුත් වන්නි ජයගත්තේත්, යාලනයට ප්‍රහාර එල්ල කළේත් එකම ගමනකදී ද යන්න ගැටළුවකි. එක ම ගමනක දී මේ වන්නි සටන් ද සිදුවී නම් වන්නි සටන් වඩාත් බරපතල ඒවා නොවන්නට ඇත. වන්නි රජවරු සාමාන්‍යයෙන් ප්‍රබල රජුට කීකරු වීමේ ස්වභාවයක් පැවතුනි. පරණවිතාන මහතා විශ්වාස කරන්නේ යාපන ආක්‍රමණයට පෙරාතුව වන්නි රාජ්‍ය යටත්කරගෙන හා අවනත කරගෙන යාපනයට යන මාවත විවෘත කරගෙන සිටින්නට ඇති බව යි.
යාපන ආක්‍රමණයේ දී පළමු සටන සිදු වූයේ අලිමංකඩට නුදුරු ජාවක කෝට්ටේ දී ය. ජාවක කෝට්ටේ වනාහි දෙවන පැරකුම්බා රජ දවස චන්ද්‍රභානු ආක්‍රමණිකයාගේ කාලයේ සිට පැවතියා වූ බලසම්පන්න බලකොටුවකි. යාපනයට පිවිසීමේ එක ම ගොඩබිම් මාර්ගය ආරක්ෂා කළෝ ඔවුහු ය. එය ජය නොගෙන ගොඩබිම් මගින් යාපනයට පිවිසීමට නොහැකි ය. මේ නිසා ජාවක කෝට්ටේ හෙවත් ජාවක බලකොටුව රැකගැනීම හෝ ජයගැනීම දෙපාර්ශ්වයට ම තීරණාත්මක විය. මේ වන විට එහි සිටියේ සටන්කාමී විජයනගර් හමුදා ඛණ්ඩයකි. මේ ඛණ්ඩය සකස්වී තිබූණේ කර්ණාටක හේවායන්ගෙනි. සමකාලීන මූලාශ්‍රය ගණනක ම මේ බව සහන් වේ. මෙහි දී සපුමල් කුමරු යටතේ යුධ කළ හමුදාව සකස් වී තිබූණේ සිංහල, දෙමළ, තුලු හා මලල සන්නද්ධ හේවායන්ගෙනි. කුමරුන්ගේ හමුදා විසින් බිහිසුණු සටනකින් පසු කර්ණාටක සෙබළුන් පරදා යාපනය දක්වා වූ ගොඩබිම් මාර්ගය විවෘත කරගැනීමට සමත් වූහ. මේ වනාහි යුද්ධයෙන් අඩක් නිමකළා වැනි කාර්යයකි. මෙතැන් සිට යාපනය දක්වා වූ මාර්ගයේ දී යාපන රජුගෙන් ප්‍රබල විරෝධයක් හෝ ප්‍රහාරයක් එල්ල වූයේ නැත. එය එතරම් සුභදායක නොවනා බව කුමරුන්ට වැටහෙන්නට ඇත. ඊට හේතු වන්නට ඇත්තේ යාපනය දක්වා වූ මාවත අද්දර රැකවල් කාර්යයේ නිරතව සිටි යාපන සේනා අවසන් සටන උදෙසා යාපනයට රොද බැඳීම යි. එහි ප්‍රතිඵලය වන්නේ අවසන් සටන වඩාත් බිහිසුණු එකක් වීම යි. නමුත් කුමරා ඒ සඳහා සූදානමින් යාපනයට පිවිසියේ ය. බලාපොරොත්තු වූවා සේ ම සටන අති බිහිසුණු එකක් විය. කාල වර්ණ අසු පිටට නැගගත් සපුමල් කුමාරයා ද මෙහි දී යුධ බිමට පිවිසුණේ ය. යාපන සේනා කුමරුන් ඉලක්ක කර විශේෂ ප්‍රහාරයන් එල්ල කළ ද කුමරුට හෝ අශ්වයාට ඉන් හානියක් නොවී ය. මරුවිකල්ලෙන් යුධ ද කළ යාපන සේනා අවසානයේ පරාජයට පත් වූහ. සපුමල් කුමරුන් යටතේ යුධ කළ කෝට්ටේ හමුදා ජය ලැබූහ. යුද්ධයෙන් ආර්ය චක්‍රවර්තී රජු මිය ගිය වග රාජාවලියේ සඳහන් වේ.(යාපාපටුනු නුවර වීථිවල ලේවතුරු හළමින් ආර්ය චක්‍රවර්තී රජු මරා ඔහුගේ අඹුදරුවනුත් අල්ලාගෙන කෝට්ටයට ඇවිත් පරාක්‍රමබාහු මහරජු දැක්කා හ...-රාජාවලිය, සුරවීර සංස්කරණය.) නමුත් කෝකිල සංදේශය ඇතුළු මූලාශ්‍රය ගණනක ම සඳහන් වන්නේ ආර්ය චක්‍රවර්තීන් මුහුදින් එතෙරට පලා ගිය බවකි.
අදිවිරරාම පටුනේ යුද්ධ ඇවිලීම...
මින් මද කලකට පසු දකුණු ඉන්දීය වෙළඳ තොටුපළක් ආක්‍රමණය කිරීමට රජුට සිදු විය. ඒ දකුණු ඉන්දීය තොටුපළක් වූ අදිවිරරාම පට්ටනය යි. අදිවිරරාමපට්ටයේ සිටියේ වරකූර් උඩයන් නමැති උපාධිනාමයෙන් ද හැඳින්වුණු මලවරායර නමැති ප්‍රදේශාධිපතියෙකි. හේ VI වන පරාක්‍රමබාහු රජුට අයත් වෙළඳ නැව් කොල්ලකෑවේ ය. රජුට මේ හේතුව නිසා යළී ආක්‍රමණයක් මෙහෙයවීමට සිදු විය. නැව් නැගී එහි ගිය සිංහල හමුදාවෝ අදිවිරරාමයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර එහි බලය තහවුරු කරගත්තා පමණක් නොව ලංකා වෙළඳ නෞකා කොල්ලකෑ මලවරායර ද ඝාතනය කළ හ. ඔහු සතුව තිබූ විශාල වස්තු සම්භාරයක් ද රැගෙන යළි ලක්දිවට පැමිණිය ද මේ ආක්‍රමණයේ දී යටත්කරගනු ලැබූ මකුඩම් කෝට්ටේ නම් ගම්මාන හතරකින් වාර්ෂිකව ලංකා රජුට කප්පම් ගෙවන ලදී. මේ කප්පම් ගැනීම් ගැන රාජාවලියේ ද සඳහන් වේ. නමුත් රාජවලී ඇතැම් පිටපත්වල එය ගම් හතක් බව ද සඳහන් වේ.(සුරවීර සංස්කරණයේ 219 පිටුවේ පාදක සටහන් අනුව ය.)
උඩරට ජෝතිය සිටාණෝ..........
මෙයින් පසු ද රජුට තිබූ අභියෝග නිමා වූයේ නැත. ඔහුගේ රාජ්‍ය පාලන සමය අග දී, එවකට උඩරට ප්‍රාදේශීය පාලකයා වූ ජෝතිය සිටාණන් හෙවත් දිවාණවත්තේ ලංකා අධිකාර විසින් කැරැල්ලක් ඇති කළේ ය. ඔහු මද කලක පටන් රජුට වැඩවසම් සේවා නොසැපයීමත්, වාර්ෂික අයබදු නොගෙවීමත් යන කරුණු ද සලකා බලා රජු ඒ කාර්යයන් සිය ප්‍රුත්‍රයෙකු වූ අම්බුලුගල කුමරාට පැවරී ය. අම්බුලුගල කුමරා සේනා සහිතව ගොස් කැරලිකරුවන් යටපත් කර සිරකරුවන් වශයෙන් විශාල පිරිසක් කෝට්ටේ ට ගෙන ආයේ ය. ඒ අතර කාලයේ උඩරට වැඩ බැලූයේ ගංපළ කුමාරයා විසිනි. ජෝතිය සිටාණෝ පලා ගොස් සැඟවුණු බවක් පෙනී යයි. මේ වන විට මහලු වයසේ සිටි පරාක්‍රමබාහු රජු රාජ්‍ය පාලන කටයුතු ක්‍රි.ව. 1467 දී පමණ සිය පුත්‍ර වීර පරාක්‍රමබාහු කුමරාට පවරා විවේක සුවය අපේක්ෂාවෙන් සිටි අතර ජෝතිය සිටුවරයා ඒ අවස්ථාවන් ප්‍රයෝජන ගන්නට සිතන්නට ඇත. එසේ වුව ද එය අම්බුලුගල කුමාරයා නිසා ව්‍යර්ථ විය. නමුත් මෙය සිදු වූ 1467 වර්ෂයේ දී ම පරාක්‍රමබාහු රජු මිය ගියේ ය.
පරාක්‍රමබාහු VII- පණ්ඩිත පරාකුමබාහු. බලන්න.
පරික්ඛිත්ත ගම්මාන-පරික්ෂේපය යනු වැට හෝ ප්‍රාකාරය යි. පරික්ෂිප්ත යනු වැටකින් හෝ ප්‍රාකාරයකින් වට කළ යන්නයි.ඒ ඇසුරෙන් පරික්ඛිත්ත යන වදන නිර්මාණය වී තිබේ. එහි අරුත වැටකින් වට කළ යන්නයි. එවැනි ගම්මාන පරික්ඛිත්ත ගම්මාන නම් විය.
පරුමක-ප්‍රමුඛ හෙවත් ප්‍රධානියා. පූර්වයෙන් ම ගමන් කරන්නා, ඉදිරියෙන් ම සිටින්නා වැනි අර්ථ එහි තිබේ. පැරණි ලංකාවේ ගම්මාන පොකුරක ප්‍රධානියා මේ නමින් හඳුන්වා ඇති අතර, එම තනතුරට පත් කාන්තාව පරුමකලු යනුවෙන් හඳුන්වා තිබේ.
පරුමකලු-පරුමක තනතුරට පත් කාන්තාව. කල් යනු කාන්තාවයි. එය ඇතැම් තැනෙක කලු යනුවෙන් ද යෙදී තිබේ.(සුමංගල ශබ්දකෝෂය අනුව ය.) කව්සිළුමිණෙහි 165 කවෙහි ‘බඹරකල්’ යනුවෙන් භෘංගධේනුවක්(බඹරධේනුවක්) දක්වා තිබේ. එහි ම 265 වැනි කවෙහි, ‘ඔබල කල්කල්නට’ යනුවෙන් හමු වේ. ඇතැම් විට පරුමකලු යන්නෙහි ද කල්, කලු යන්න අන්තර්ගතව ඇත්තා විය හැක.
පර්වත ලිපි-ගිරි ලිපි.
පර්සියානු යුද්ධ- ප්‍රකෝපියස්-ක්‍රි.ව. 6වන සියවස (ඉතියෝපියන්වරුන්ට ලංකාවේ වරායවලින් පටපිලී ලබාගැනීමට ඔවුන්ගේ විරුද්ධවාදීන් වූ පර්සියානුවන් ඉඩ නොදුන් බව සඳහන් කරයි.)
පල-පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ බර මැනීමේ ඒකකයකි. වී ඇට 1600ක බර. කලං 10ක හෝ 12ක බර.
පල්ලෙගම්පහ අදිකාරම්-මහනුවර සමයේ රජුට පමණක් දෙවැනි වූ තනතුරු දෙකෙන් පළමුවැන්න. අග්‍රාමාත්‍ය ධුරයට සමාන තනතුරකි.
පසවන්තිනාමසාලා-ප්‍රසව අවශ්‍යතා හා බැඳුණු ආරෝග්‍යශාලාව. දරු ප්‍රසූති කටයුතු පිණිස වෙන්වුණු ආරෝග්‍ය ශාලාව.
පසවන්තිනාමසාලා-පළමු උපතිස්ස රජු විසින් ඇති කළ මාතෘ නිවාස විශේෂය
පස්ගෝරස-ගව කිරෙන් නිපදවන ආහාර විශේෂ 5ක්. කිරි, දීකිරි, වෙඬරු, ගිතෙල්, මෝරු.
පස්ගෝරසය-මීකිරි භාවිතයෙන් සකසන ආවාර වර්ග පහකි. කිරි, දීකිරි, වෙඬරු, ගිතෙල් හා මෝරු.
පස්යොදුන් රට-පංචයෝජන රට්ඨ. පස්දුන් රට. යොදුන් පහක දිග පළල ඇතිව තිබූ ප්‍රදේශය. වත්මන් කළුතර දිස්ත්‍රික්කයේ කොටසකි.
පළේසිමන්ද්‍ර-ලංකාව
පාත්‍රාධාතුව- බුදුන්වහන්සේ දන්වැළඳූ පාත්‍රය. මෙරට සාහිත්‍යමය මූලාශ්‍රයන්හි සඳහන් කරුණුවලට අනුව පෙනී යන්නේ ලංකාවට පාත්‍රාධාතුව වැඩමවා ඇත්තේ දෙවනපෑතිස් රජ දවස ය. ධර්මාශෝක රජතුමා සතුව බුදුරදුන් පරිහරණය කළ එක් පාත්‍ර ධාතුන් වහන්සේ නමක් තිබී ඇති බවත් ලක්දිවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක රජු තමා සතුව තිබූ පාත්‍ර ධාතුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ අත ලංකාවට එවා ඇති බවත් සඳහන් ය. එසේ කිරීමේ දී පාත්‍ර ධාතුව පුරවා සර්වඥ ධාතූන් වහන්සේලා ද පූජා කළ බව සඳහන් වේ. ඒ වන විට මෙරට රජකම් කළ දේවානම්පියතිස්ස රජු සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කර ලංකාවේ යොදුනෙන් යොදුන විහාර කරවූ බවත් පාත්‍ර ධාතුව තම මැදුරේ තබා ගෙන පුද සත්කාර පැවැත්වූ බවත් සඳහන් වේ. නමුත් දැනට ලංකාවේ පාත්‍රාධාතුව පිළිබඳ පැහැදිලි සාධකයක් හමු නොවේ.
පානගම්වැව-පානන්කාමකුලම් ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි. මන්නාරම් දිස්ත්‍රික්කයට අයත් වේ.
පානන්කමකුලම්-පානගම්වැව.ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.මන්නාරම් දිස්ත්‍රිත්තයට අයත් වේ.
පාරමී මහා ශතකය-සීලවංහ ධම්මකිත්ති හිමි
පාහියන් හිමි- බලන්න-ෆාහියන් හිමි.
පැරකුම්බා සිරිත-කෝට්ටේ යුගයට අයත් විරුද කාව්‍යයකි. ප්‍රශස්ති වර්ගයකි. කවි 140කින් කෝට්ටේ සවැනි පරාක්‍රමබාහු රජු වර්ණනාවට පාත්‍ර කර තිබේ. කතුවරයා අවිනිශ්චිතය.
පැරසෙල්ස්-Paracelsus, Philippus Aureolus Theophrastus Bombastus von Hohenheim ගේ නමින් හැඳින්වේ.(උපත නොවැම්බර් 11 හෝ දෙසැම්බර් 17, 1493, Einsiedeln, Switzerland - 1541 සැප්තැම්බර් 24, Salzburg, Salzburg, Archbishopric of Salzburg, [දැන් Austria හි ජර්මානු - Schemissist) පැරසෙල්ස් වෛද්‍ය විද්‍යාවේ රසායන විද්‍යාවේමහත් කාර්යභාරයක් ඉටු කළේය. ඔහු 1536 දී Der grossen Wundartzney (මහා ශල්‍යකර්ම පොත) සහ 1530 දී සිෆිලිස් පිළිබඳ සායනික විස්තරයක් ප්‍රකාශයට පත් කළේය. පසුව ඔහු ස්විට්සර්ලන්තයේ බාසල් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු සහ නගර වෛද්‍යවරයෙකු ලෙස පත් කරන ලද අතර යුරෝපයේ සියලුම ප්‍රදේශවලින් සිසුහු ඔහුගේ දේශන ඇසීමට නගරයට ගියහ. 1527 ජූනි 5වැනි දින තම ඉදිරි දේශනවල වැඩසටහනක් විශ්ව විද්‍යාලයේ දැන්වීම් පුවරුවට එක්කරමින් ඔහු සිසුන්ට පමණක් නොව ඕනෑම කෙනෙකුට සහ සැමට ආරාධනා කළේය. මිනිසාට රෝග වැළඳීමට හා සුවවීමට බලපාන සාධක පිළිබඳ ඔහු පර්යේෂණ සිදුකළේ ය. ඖෂධ පිළිබඳ පර්යේෂණ කළ ද ඔහු නිතර ප්‍රකාශ කළේ රෝග සුවකිරීම සඳහා සොබාදහමේ ඇති ශක්තිය පිළිබඳව ය.
පැල-හේනක, කුඹුරක රැකවරණය සඳහා රැඳී සිටින ගොවියාගේ තාවකාලික නවාතැන. මේවා වර්ග දෙකකි. අට්ටාල පැල හෙවක් අංගං පැල, බිම් පැල වශයෙනි. අට්ටාල පැල හෙවත් ඉනිමගකින් ගොඩවෙන පැලක, මැසි හෙවත් තට්ටු තුනකි.ගල් මැස්ස, ගිනි මැස්ස හා නිදි මැස්ස යනුවෙනි. ගල් මැස්ස පහළින් ම ඇත. එහි කුරුලු කොබෙයියන් පලවාහැරීමට අවශ්‍ය ගල් දුන්න ආදිය තිබේ. ගිනිමැස්සේ ලී තට්ටුව මත මැටි ගා සකස් කර තිබේ. එහි දල්වන ගිනි මැලය එළි වෙනතුරා දල්වා තබා ගැනේ. නිදිමැස්ස ගොවියා නිදා ගන්නා තැනයි. එහි සතුන් බියවද්දන ‘මං කොටය’ එල්ලා තිබේ. මං කොටය යනු යමකින් තට්ටු කළ විට හඬක් ඇතිවන ලී කැබැල්ලකි.
පෑළ- ධාන්‍ය හා භූමිය මැනීමේ දී භාවිත කළ පැරණි මිනුම් ඒකකයකි. කුරුණි 10ක(සුමංගල ශ. කෝ අනුවය.) හෝ 12ක ප්‍රමාණය. බටහිර දෙසට ද පෑළ යන්න යෙදේ. (පෑළදිග, පෑළ දිශාව)
පිටබිම්-හේන හැඳින්වීමට ශිලාලිපිවල දී ඇති නමකි.
පියෙටා-පීටා නමින් ද හැඳින්වෙන කිරිගරුඬ ප්‍රතිමාව මයිකල් ආංජිලෝගේ නිර්මාණයකි. කුරුසියෙන් පහළට ගත් යේසුස් වහන්සේගේ සිරුර උකුලෙහි හොවාගෙන සිටින මරියතුමිය ඉන් නිරූපිත ය. ශෝකී නමුත් මධ්‍යස්ථ සිතුවිල්ලකින් නොවැළපී සිටින මරිය තුමියත්, ප්‍රාණය නිරුද්ධ සිරුරක ලක්ෂණ මැනවින් නිරූපිත යේසුස් වහන්සේගේ සිරුරත් මේ මූර්තියේ වටිනාකම ඉහළ නංවා තිබේ.
පිලිප් ද ඔලිවේරා-1619 දී යාපනය අල්ලාගැනීමේ කාර්යයට නායකත්වය දුන් පෘතුගීසි කපිතාන් මේජර්වරයා.
පිලිප්පුස් බැල්දියස්-බලන්න-ෆිල්ප්පුස් බැල්දියස්
පිළිමතලව්වේ-උඩරට ප්‍රධානපෙළේ ප්‍රභූ පරපුරකි. අදිකාරම් තනතුර හෙබවූ පිළිමතලව්වේ පරපුරේ සාමාජිකයින් ගැන මහනුවර ඉතිහාසයේ හමු වේ. කන්නසාමි කුමරා මහනුවර රාජ්‍යත්වයට පත්කිරීමේ දී ද පිළිමතලව්වේ අදිකාරම ප්‍රබල බලපෑමක් කළේ ය.
පීඩන ශල්කනය-(Pressure slating) තාක්ෂණික ක්‍රමවේදයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනයා ගල් ආයුධ තැනීමේ දී යොදා ගත්තේ ද මෙම තාක්ෂණය යි.
පුංඛගාම-වත්මන් දැදිගම.
පුර-විශාල නාගරික ජනාවාසය. පුර හා නගර වැනි නම් වෛදික ඉන්දියාවේ ද භාවිත වී තිබේ.
පුරාණ-ලංකාවේ භාවිත වූ පැරණි කාසි විශේෂයකි. ධරණ, කහාපණ ආදී නම්වලින් ද හැඳින්වේ.
පුරාවස්තු-පෞරාණික අගයක් සහිත දේ
පුලතිසිපුර-ලංකාවේ දෙවන අගනගරය. පුලස්ති නම් සෘෂිවරයා මෙහි විසුවේ ය යන විශ්වාසය නිසා මේ නම යෙදින. පොළොන්නරුව,පුළස්‌තිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,
පුලනරිය-ලංකාවේ දෙවන අගනගරය. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,
පුලියන්කුලම් ලිපිය-පස්වන දප්පුල රජු- විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ.
පුවරු ලිපි-සකස් කළ ගල් පුවරු මත ලියූ ලිපි. මිහින්තලා පුවරු ලිපි මේ අතර ප්‍රකට ය.
පුවිරාජ පණ්ඩාරම්-1561දී යාපනයේ බලය අල්ලා ගත් කුමාරයෙකි. ඔහු සංකිලි රජු පලවාහැර බලය අල්ලා ගත්තේ ය.
පුළස්‌තිපුර-ලංකාවේ දෙවන අගනගරය. පුලස්ති නම් සෘෂිවරයා මෙහි විසුවේ ය යන විශ්වාසය නිසා මේ නම යෙදින. පොළොන්නරුව, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,
පූගය-වෙළඳ සංවිධානය. සංස්කෘත භාෂාවේ පූග යන වචනයෙන් අදහස් කරන්නේ සභාව හෝ කිසියම් පිරිසකගෙන් සමන්විත මණ්ඩලය යන්න යි. ශ්‍රී ලංකාවේ පැරණි සෙල්ලිපිවල පූග යන වචනය වෙළෙඳුන්ගේ සංවිධානය, එකතුව, සභාව හැඳින්වීමට යොදා තිබේ. පූග යන වචනයට සමානව නියමස්ථාන (නියමතන) යන පදය ද සෙල්ලිපිවල යෙදී තිබේ.
පූජාවලිය-දඹදෙණි යුගයේ රචිත කෘතියකි. මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන්ගේ කෘතියකි. බුදුරදුන් විවිධ පූජාවන්ට සුදුසු වන්නේ ඇයිද යන්න විස්තර කර තිබේ. මේ කෘතියේ අග ලංකා ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක් ද ඇතුළත් වේ.
පෙට්රාක්-පුනරුද සමයේ ඉතාලි ලේඛකයෙකි.
පෙතංගොඩ උයන-අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇති ස්වභාවික වන උයනකි. සීතාවක රාජසිංහ රජු මහනුවර හා කළ සටනින් පැරද එන අතරතුර මේ උයන හරයා පැමිණි අතර මද විවේකයක් පිණිස අසුපිටින් බැසි අවස්ථාවේ උණ කටුවක් පාදයේ ඇනුණු බවත්, ඉන් රජු රෝගීව මියගිය බවත් සඳහන් වේ.
පෙනී-පැන්සය. පවුමකින් සියයෙන් පංගුව
පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී-කර්තෘ අඥාතයි (ලංකාවේ මුතු මැණික් ගැන හා කපු පිළී නිපදවීම ගැන ලියා ඇතත් කතුවරයා ලංකාවට පැමිණ නැත.)
පෙරිමියන්කුලම් ගිරි ලිපිය-වසභ රජු (ඇළමගක බදු අසල විහාරයක් පිළිසකර කිරීම සඳහා පිදීම ගැන සඳහන් වේ.)
පෙරියපුලියන්කුලම ලිපිය-ගහපති පිළිබඳ සඳහන් වේ.
පෙරෝ ලෝපෙස් ද සූසා-ලංකාවේ සිටි පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයෙකි. 1594 දී සිදු වූ දන්තුරේ සටනින් මියගියේ ය.
පොචනි රජ-පෙරදිග ප්‍රදේශයේ රජු යන අරුත තිබේ. ලංකාවේ රාජ්‍යත්වය ආරම්භ වීමට ඉතා ආසන්න යුගයේ මහාපරුමකවරු භාවිත කළ නමක් විය හැක.
පොළොන්නරුව-ලංකාවේ දෙවන අගනගරය. පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,
ප්‍රශස්ති කාව්‍ය-රජවරුන් පිළිබඳ ලියැවුණු අධිවර්ණනා සහිත කාව්‍ය විශේෂයකි. පැරකුම්බා සිරිත ලංකාවේ ලියැවුණු පැරණි ප්‍රශස්ති කාව්‍යයකි. සවන පැරකුම්බා රජු මෙහි වර්ණනාවට පාත්‍ර වී ඇත. සෙංකඩගල විස්තරය ද ලංකාවේ ලියැවුණු තවත් ප්‍රශස්ති කාව්‍යයකි.මේවායේ අධිවර්ණනා ඉවත් කළ විට ඉතිහාසය ගොඩනැගීමට යම් උපකාරයක් ගතහැකි වේ.
ප්‍රාග් ඓතිහාසික යුගය-ගල් යුගය නමින් ද හැඳින්වෙන යුගය. ජනයා ස්ථිර වාසීභාවයකින් තොරව, ස්ථාවර දේපළ නොමැතිව, ආහාර සොයා ඇවිදිමින් සංචාරක ජීවිතයක් ගතකරමින් ගතකළ කාලය. මේ කාලයේ ජනයා සතුව ස්ථාවර දේපළ, එනම් ඉඩම් හා ස්ථිර නිවාස ආදිය නොවූයෙන් සංචාරක ජීවිතයක් ගත කළ සේ සැලකේ.
ප්ලයිස්ටොසීන භූ අවදිය-දීර්ඝ වර්ෂා කාල හා කෙටි උණුසුම් කාල සහිතව පැවති යුගය. ලෝකයේ නිවර්තන කලාපීය නොවූ සෙසු රටවලට හිම පතනය වූ යුගය.
ප්ලෝරන්ස්-ඉතාලි නගරයකි. පුනරුදයේ මුල් බීජ රෝපණය වූයේ මෙහි ය.
බඩහැල බද්ද-මහනුවර සමයේ කුඹල් කටයුතු භාර කාර්යාංශය.
බතෙ-විවාදයට තුඩු දුන් වදනකි. සහෝදරයා හෝ ස්වාමියා යන අරුත තිබේ යැයි සිතිය හැක.
බතගු-රාජ්‍ය භෝජනාගාර අධිකාරී
බතාවිය-ලන්දේසීන්ගේ පෙරදිග මධ්‍යස්ථානය යි. ජාවා දූපතේ පිහිටියේ ය. වතුමන් ජකාර්තාව යි.
බත්වඩන නිලමේ-මහනුවර සමයේ රජුගේ භෝජන පිළිබඳ ප්‍රධාන නිලධාරියා
බද්දේ ලේකම්-බද්දේ කාර්යාංශ ප්‍රධානීන්.
බරණී සුසාන-මියගිය පුද්ගලයින්ගේ භෂ්මාවශේෂ කුඩා මැටිබඳුන්වල බහා එම මැටිබඳුන් තවත් විශාල මැටිබඳුනක තැන්පත් කිරීමේ ක්‍රමය යි.
බර්තොලමියුඩයස්-පෘතුගීසි ගවේෂකයෙකි. යුරෝපීයයන් තරගකාරී ආකාරයට පෙරදිගට නව මාවතක් සොයමින් සිටි අතරවාරයේ 1488දී අප්‍රිකාවේ දකුණු තුඩුව දක්වා යාත්‍රා කළ අතර එහි දී කුණාටුවකට හසු වූ නිසා යළි පැමිණියේ ය.
බලන සටන-කපිතාන් ජනරාල් ජෙරනිමෝ ද අසවේදු යටතේ උඩරරට ආ පෘතුගීසි සේනාංක සමග උඩරට පළමු විමලධර්මසූරිය රජුගේ සේනා 1602දී සිදු කළ යුද්ධයකි. මෙහිදී පෘතුගීසීහු අන්ත පරාජයකට ලක් වූ අතර ජීවත්වීමට අවස්ථාව ලද ඉතා සුළු පිරිසක් සමග අසවේදු මල්වානට පසුබැස්හ. සටන අතරතුර පෘතුගීසීන් සමග පැමිණ සිටි පහතරට කුලී හමුදා විමලධර්මසූරිය රජුගේ පාර්ශ්වයට එකතු විය.
බලය විමධ්‍යගත වීම-එක් බල කේන්ද්‍රයක් වෙනුවට බල කේන්ද්‍ර කිහිපයක් නිර්මාණය වීම. එක් රජෙකු හෝ පාලකයෙකු යටතේ බලය තිබෙනු වෙනුවට කිහිපදෙනෙකු අතට බලය බෙදී විසිරී යෑම.
බාලාවබෝධය-රජරට සමයට අයත් සංස්කෘත කෘතියකි.
බැංකු අණකර- "බැංකු අණකර" වර්ග කිහිපයක් වේ.
• ගෙවීම් ඇණවුම: Payment Order:
• ස්ථාවර නියෝග: Standing Order:
• සෘජු හර: Direct Debit:
• බැංකු කෙටුම්පත හෝ මුදල් අයකැමි චෙක්පත: Bank Draft or Cashier's Check:
• ගෙවීම් නැවතුම් ඇණවුම: Stop Payment Order:
• බැංකු ස්ථාවර උපදෙස්: Bank Standing Instructions:
• විදේශ විනිමය ඇණවුම්: Foreign Exchange Orders:
• කොටස් සහ ආයෝජන ඇණවුම්: Stock and Investment Orders:
බැග්ඩෑඩ්-බැග්ඩෑඩ් යනු ඉරාකයේ අගනුවර සහ විශාලතම නගරය වන අතර එය රටේ වැදගත්ම ප්‍රදේශය වන ටයිග්‍රිස් ගඟ අසල පිහිටා ඇත. එය ලෝකයේ අඛණ්ඩව ජනාවාස වූ පැරණිතම නගරවලින් එකක් වන අතර දීර්ඝ ඉතිහාසයක් සහ සංස්කෘතික උරුමයක් සහිත නගරයකි. බැග්ඩෑඩ් ක්‍රිස්තු වර්ෂ 8වැනි සියවසේදී (ක්‍රිස්තු වර්ෂ 762දී) අබ්බාසීද් කලීෆ් අල්-මන්සූර් විසින් ආරම්භ කරන ලදී. ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගයේ ආරම්භය සනිටුහන් කරමින් නගරය අබ්බාසීද් කැලිෆේට්හි අගනුවර ලෙස ක්‍රියාත්මක විය.මෙම කාල පරිච්ඡේදය තුළ, බැග්ඩෑඩ් අධ්‍යාපනයේ, සංස්කෘතියේ සහ වෙළඳාමේ මධ්‍යස්ථානයක් බවට පත්විය.
බැරන් වැන් එක්-ලන්දේසි ආණ්ඩුකරුවෙකි. (1762-1765) ඔහු 1764 දී උඩරටට විරුද්ධව යුධ සේනාංක 6ක් යැවූ නමුත් පූර්ණ වශයෙන් පරාජයකට ලක්විය.
බැල්දියස්-බලන්න- ෆිල්ප්පුස් බැල්දියස්
බිත්ති ලිපි- සීගිරි ගී මේ වර්ගයට අයත් ප්‍රකට ම ලිපි වේ.
බින්න විවාහය-මාතෘවාසික විවාහය. එනම් විවාහයෙන් පසු බිරිඳගේ නිවසේ නතර වීම. බින්න බැසීම. මේ ක්‍රමය යටතේ පුරුෂයාට කිසිදු දේපළ අයිතියක් නොලැබුණු අතර, ස්ත්‍රියගේ පාර්ශ්වයෙන් ඔහුුට නිවසින් පිටවීම සඳහා නියෝග කරන ඕනෑම මොහොතක නිවසින් පිටවී යායුතු විය. මේ නිසා ‘බින්න බහිනවා නම් තල් අත්ත, හුළු අත්ත හා සැරයටිය කොයි වෙලාවේත් සූදානමින් තබැගතයුතු යැ’යි පැරණි කියමනක් ද විය. නිවසින් පිටවී යෑම සඳහා ගිනි මද්දහනේ හෝ මහ වරුසාවේ නියෝගය ලැබුණහොත් තල් අත්ත (කුඩයක් ලෙස) හිසට ඉහළාගෙන යා යුතු ය. රැයේ-මැදියමේ නියෝගය ලැබුණහොත් හුළු අත්ත දල්වාගෙන යා යුතු ය. අසනීපයෙන් පසුවන හෝ වයෝවෘධ සමයේ නියෝගය ලැබුණහොත් සැරයටියේ පිහිටෙන් යා යුතු ය. මෙය හුදෙක් කියමනක් පමණක් වුව ද සත්‍යයක් නොවී ම යැයි කිව නොහැකි ය. බින්න විවාහය සිදු වූයේ බිරිඳ ඇයගේ පවුලේ එක ම දරුවා වූ අවස්ථාවල ඇයගේ දෙමාපියන් රැකබලාගැනීමට ක්‍රමයක් නොමැති නිසා, ස්වාමියා දේපළ අහිමි අයෙකු වන නිසා, බිරිඳගේ පාර්ශ්වයේ සැලකියයුතු දේපලක් නඩත්තු කළයුතුව ඇති නිසා ආදී හේතු මත ය.
බුත්සරණ- විද්‍යා චක්‍රවර්තී- පොළොන්නරු යුගය
බුදල්නා-බුද්ධ නායක නමැති සෙන්පතියා. කිත්ති කුමාරයාට(පසුව පළමු විජයබාහු නමින් රජවූ කුමරා) රැකවර දුන් සෙනවියා. බුද්ධ යන්න බුදල් යනුවෙන් වෙනස් වූයේ දමිළාභාසයෙන් යැයි කොත්මලේ අමරවංස හිමියෝ සඳහන් කරති.(අමරවංස හිමි, කොත්මලේ,1969 පිටුව 347)
බුදුගුණාලංකාරය-වීදාගම මෛත්‍රීය හිමි- කෝට්ටේ යුගය
බුද්ධපුත්‍ර හිමි-මේ නමින් ද භික්ෂූන්වහන්සේලා ගණනාවක් වැඩ සිට ඇතත් වඩාත් ප්‍රකට වූයේ පූජාවලිය රචනා කළ මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන් ය.
බුධදස ලපරිදෙව- ඛුද්දපාරින්ද නම් ආක්‍රමණිකයා
බුනවෙකබාහු ආදිපාද-පොළොන්නරු - දඹදෙණි යුගාන්තරයේ කාලිංග මාඝ පොළොන්නරුව අල්ලාගෙන සිටිය දී රුහුණු රට රැකගත් ආදිපාදවරයා. ඔහුගේ මධ්‍යස්ථානය වූයේ ගෝවින්දමලයේ ය.
බුරුම දේශය-බුරුමය. වත්මන් මියන්මාරය.
බුවනෙකබාහු I-දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජුගේ පුත්‍ර බෝසත් විජයබාහු රජු ඝාතනය කළ මිත්ත නම් වූ මේ සෙන්පතියා ඉන් නොනැවතී ඔහුගේ සොයුරු බුවනෙකබාහු කුමාරයා ඝාතනය කිරීමට ද උත්සාහයක් ගත්තේ ය. නමුත් එම ඝාතන තැත පිළිබඳ අවබෝධ කර ගත් බුවනෙකබාහු කුමාරයා රජමැදුරෙන් පලා ගියේ ය. මිත්ත උත්සාහය අත් නොහැර ම සිය සහචරයින් නවදෙනෙකු කුමරා පසුපස යැවී ය. බුවනෙකබාහු කුමරාගේ සහයකයින් කුමරා දෝලාවක නංවාගෙන යන අතරතුර මිත්තගේ සහයකයින් පැමිණ ඔහු අල්ලා දෝලාව කඩාබිඳ දැමුව ද, ඉන් බේරී කෙසේ හෝ යාපහුවට යාමට කුමරා සමත් විය. එහි සිටි පිරිස කුමරාට පක්ෂපාතව සිටි බවක් පෙනෙයි. දඹදෙණි රජගෙදර අශ්‍රිත ව සිටි හමුදාව අතර ආර්ය හා සිංහල නමින් කොටස් 2ක් විය. ආර්ය බලඇණියේ නායකයා ඨකූරක නම් විය. ඒ නාමය අනුව පෙනී යන්නේ ඔවුන් කුලී පදනමට මෙරට සේවය කළ රාජ්පුත්වරුන් බවයි. දිවුරුමේ ලෙසට ම කටයුතු කරන්නන් වශයෙන් ප්‍රකට රාජ්පුත්වරු මෙහි දී සුවිශේෂ තීරණයක් ගත්හ. සිංහල සේනා මිත්තට පක්ෂපාත වුව ද මිත්ත රාජ්‍යත්වයට සුදුස්සා නොවූ නිසාත් රාජ්‍ය පැහැරගත් කුමන්ත්‍රණකරු වූ නිසාත් ඨකූරක විසින් මිත්ත සෙනෙවියා මරා දමන ලදී. පසුව සිංහල හමුදා ද පක්ෂපාතී කරගත් ඨකූරක, යාපහුවේ සිටි බුවනෙකබාහු කුමරා කැඳවාගෙන අවුත් අභිෂේක කළේ ය. විදෙස් භටයන් විසින් ලංකාවේ පාලනය යහමගට ගැනීමේ මේ අවස්ථාව ලංකා ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් වශයෙන් සැලකෙයි. 1272 වර්ෂයේ දී දඹදෙණියේ දී මේ කුමාරයා බලයට පත්වන්නේ බුවනෙකබාහු නමිනි. මේ නමින් ලංකා ඉතිහාසයේ සිටි පළමුවැන්නා මොහු නිසා පළමු බුවනෙකබාහු නමින් හඳුන්වනු ලැබෙයි. බලයට පත් වූ පසු ඔහුට තිබූ අභියෝග නිම වූයේ නැත. මීට ඉහතින් විස්තර කර ඇති වන්නියාර්වරු රජුට එරෙහි ව නැගී සිටියහ. එබඳු වන්නියාර්වරු කිහිපදෙනෙකු පිළිබඳ ව වංස කතාවල සඳහන් වෙයි.
• කදලිවාට
• ඈපාන
• තිප
• හිමියන්ක(හිමියාන)
මේ වන්නිවරුන් රජුට එරෙහි ව නැගීසිටියේ ඇයි ද යන්න පැහැදිලි නො වේ. කෙසේ වෙතත් ඉතා නිර්භීත වූ බුවනෙකබාහු රජු මේ සතුරන් පරාජය කිරීමට සමත් විය. එහෙත් සතුරු උවදුරු එයින් ද නිම වූ වගක් නොපෙනෙයි. එවර විදෙස් සතුරන් දෙදෙනෙකුට මුහුණ දීමට රජුට සිදු විය.
• කාලිංගරායර
• චෝඩගංග
මේ සතුරන් දෙදෙනා ය. ඔවුන් දකුණු ඉන්දීය ප්‍රභූන් යැයි සඳහන් වේ. රජු මේ ආක්‍රමණිකයන් ද පරාජය කිරීමට සමත් විය. මේ අභියෝගවලින් පසු රජු දඹදෙණිය රාජධානියෙන් ඉවත් ව යාපහුවට ගිය බවක් අසන්නට ලැබෙයි. යාපහුව ඒ වනවිටත් බලකොටුවක් ව පැවතියේ ය. කාලිංග මාඝගේ සමයේ ද මෙහි සුභ(ශුබ) නමැති සෙන්පතියා බලකොටුවක් තනාගෙන සිටියේ ය. නමුත් පළමු බුවනෙකබාහු රජු යාපහුවේ පළමු පාලකයා ලෙස පිළිගැනෙයි. චන්ද්‍රභානු දෙවනවර පරාජයට පත් කළේ ද යාපහුවේ දී ය. එය දුර්ග බලකොටුවකි. මේ ස්ථානය තම අගනුවර වශයෙන් තෝරාගැනීමේ මෙම තීරණයට හේතුව ඒ වනවිට ක්‍රමයෙන් ප්‍රබල වෙමින් සිටි යාපන පාලකයින්ගෙන් මතු ඇති විය හැකි උවදුරු වළක්වා ගැනීම විය යුතු ය. යාපනය ඒ වන විට පාලනය කළේ චන්ද්‍රභානු ආක්‍රමණිකයාගේ පුත්‍රයා විය යුතු ය. චන්ද්‍රභානු දෙවනවර පරාජය කිරීම සඳහා දඹදෙණියේ දෙවන පැරකුම්බාවෝ පාණ්ඩ්‍ය සහය ලබාගත් අතර, පාණ්ඩ්‍යයෝ ඒ වෙනුවෙන් ලංකාවේ උතුරු කොටසේ තමන්ට පක්ෂපාතී පාලනයක් ස්ථාපනය කළහ. මෙහි පාලකයා වශයෙන් ඔවුන් විසින් පත් කරනු ලැබුවේ ඔවුන් අතින් පරාජය වූ චන්ද්‍රභානු අක්‍රමණිකයාගේ පුත්‍රයා ය. එයට හේතුව පැහැදිලි නැත. ඇතැම් විට මේ යුද්ධයේදී එම කුමාරයා පාණ්ඩ්‍ය පාර්ශ්වයට එකතු වන්නට ඇත. 1272 වර්ෂයේ දී ලංකාවට ආ මාර්කෝ පෝලෝ සඳහන් කරන්නේ ඒ වන විට යාපනයේ පාලකයා වූයේ ‘‘සෙන්දමේන් ‘‘ නමැත්තා බවයි. මෙය චන්ද්‍රභානු යන්නට සමාන උච්චාරණයක් සහිත වදනකැ‘යි ඉතිහාසඥයෝ විශ්වාස කරති.
 පළමු බුවනෙකබාහු රජුගේ විවිධ සේවා
1. යාපහුව මුල්කරගත් නව රාජධානියක් ඇරඹීම.
2. යාපහුව බලකොටුව අගනගරයක් වශයෙන් සංවර්ධනය කිරීම.
3. විදෙස් සබඳතා තුළින් ලංකාවේ ආර්ථික සංවර්ධනයට උත්සාහ කිරීම.
4. ධර්ම පුස්තක කළවුන්ට වස්තුව දී, දිරිගැන්වීම.
5. ත්‍රිපිටකය ග්‍රන්ථාගත කිරීම/ යළි ලිවීම.
6. රාජ්‍යානුග්‍රහය ඇති ව උපසම්පදා උත්සවයක් කිරීම
7. දෛනිකව දළදා පූජා පැවැත්වීම.
යාපහුව රාජධානිය අඩසියවසක් හෝ නොපැවතුණ ද එය ශ්‍රී ලංකාවේ සිව්වන රාජධානිය වශයෙන් ඉතිහාසයට එක් විය. දෙවැනි නාගරීකරණ අවධියට අයත් දෙවැනි රාජධානිය වූයේ ද එයයි. එය කලක් ආරක්ෂිත බලකොටුවක් ව පැවතියේ ද එය රාජධානි අගනගරයක් වශයෙන් වර්ධනය කළේ පළමුවන බුවනෙකබාහු රජතුමා ය. පියගැටපෙළ සංකීර්ණය , පවුරු හා දිය අගල් ද සහිත අංග සම්පූර්ණ අගනගරයක් වශයෙන් මෙය වර්ධනය කළේ මෙතුමා යැයි විශ්වාස කෙරෙයි. නමුත් අදවන විට යාපහුව ආශ්‍රිත ව හමු වන සියලු නටබුන් මෙතුමාගේ ඉදිකිරීම් පිළිබඳ සාධකයෝ නොවෙති. එතුමාට පෙර යුගයේ යාපහුව බලකොටුවක් වශයෙන් තිබියදී කළ ඉදිකිරීම්වල කොටස් ද ඒ අතර වෙයි. විශේෂයෙන් ම එහි ඇති ගඩොල් ප්‍රාකාරය අයත් වන්නේ එතුමාට පෙර යුගයකට ය. මේ යුගය වනවිට වියළි කලාපයේ රාජධානි සක්‍රිය ව නොපැවතියෙන් ඊට සමාන්තර ව ඒ කලාපයේ කෘෂි ආර්ථිකයේ ද පසුබැසීමක් දක්නට ලැබිණි. මේ නිසා මෙරට ආර්ථිකය තවදුරටත් කෘෂිකර්මය මත පමණක් ගොඩනැංවීමට අපහසු බව අවබෝධ කරගත් පළමු බුවනෙකබාහු රජතුමා විදෙස් සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළේ ය. මේ වන විට ලංකාව අවට ඉන්දීය සාගර කලාපයේ විදෙස් වෙළඳාම දියුණු වී පැවතුණි. මේ විදෙස් වෙළඳාමේ වැඩි වාසි අත්කර ගත්තේ එහි අතරමැදියන් වශයෙන් කටයුතු කළ මුස්ලිම්වරුන් ය. මේ නිසා වෙළඳ කටයුතුවල දී අතරමැදියන් යොදා නොගෙන සෘජු ගනුදෙනු වර්ධනය කරගතහැකි නම් වැඩි ලාභයක් ලබා ගන්නට හැකි වග මේ රජු අවබෝධකරගෙන සිටියේ ය.
“ මා සතු ව සියලුම වර්ගවල අගනා මැණික් හා මුතු තිබේ. කුරුඳු, අලිඇතුන් හා වටිනා දැව ද තිබේ. ඔබගේ ඉල්ලීමක් වේ නම් ඉතා අගනා දැවවලින් කළ නෞකා විස්සක් පමණ වුව ද වාර්ෂික ව සැපයීමට හැකි ය. “
යනුවෙන් තම වෙළඳ ශක්‍යතාව සඳහන් කළ හසුනක් සමග ලංකා දූත කණ්ඩායමක් ඊජිප්තු සුල්තාන්වරයා හමුවට ගියේ පළමුවෙනි බුවනෙකබාහු රජ දවස ය. මේ බව අරාබි ලේඛනවලින් ද සනාථ වී ඇති අතර 1283 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී ඊජිප්තු සුල්තාන්වරයා විසින් මිසරයේ කයිරෝ නුවර දී මේ ලාංකික දූත පිරිස පිළිගන්නා ලද බව අරාබි ලේඛන අනුව පෙනී යයි. කයිරෝව යනු මේ වන විට යුරෝපය පුරා භාණ්ඩ බෙදාහැරි වෙළඳ මධ්‍යස්ථානයයි. කොන්ස්තන්තිනෝපල් නගරය යුරෝපයේ ප්‍රධාන වෙළඳ නගරය වීමට පෙර යුරෝපය පුරා භාණ්ඩ බෙදාහරින ලද්දේ කයිරෝවේ සිට ය. එ බැවින් කයිරෝව හා වෙළඳ සබඳතාවක් ඇතිකර ගැනීම යනු එවකට යුරෝපා වෙළඳපොළ දොරටුවක් විවර කරගත්තා හා සමාන කාර්යයකි. මේ නිසා පළමු බුවනෙකබාහු රජු ගත් තීරණය අතිශය වැදගත් එකකි. මේ දූත ගමන බොහෝ විට සාර්ථක වන්නට ඇත. මේ දූත ගමනේ දී ඊජිප්තු පාර්ශ්වයේ සුල්තාන්වරයා වූයේ ක්වූ-ලාවුන් ය. (Qulaun) ඔහුගේ කාසි ලංකාවෙන් හමු වී ඇති බව කොඩ්රින්ටන් වාර්තාවල සඳහන් වේ. බුවනෙකබාහු රජුට අයත් ලංකා කාසි කෙන්යාවේ මොගදිසු (මොගඩිෂු) නගරයෙන් ද හමු වී තිබේ. ඒ නිසා මේ දූතගමන් සාර්ථක වන්නට ඇති බව විශ්වාස කළ හැකි වේ.
පළමු බුවනෙකබාහු රජු ද තම පියා මෙන්ම ශාසනික මෙහෙවරක නිරත වූයේ ය. ධර්ම පුස්තක කරවූ ලේඛකයන් තවදුරටත් දිරිමත් කරනු පිණිස ඔවුන්ට වස්තු දාන කළේය. ත්‍රිපිටකය යළිත් වරක් ග්‍රන්ථාගත කළේ ය. අස්ථාවර දේශපාලන තත්ත්වය නිසා පිරිහී යමින් තිබූ ශාසනය යළි නගාසිටුවීම පිණිස මේ රජතුමා විසින් උපසම්පදා රාජ්‍ය උත්සවයක් ද පවත්වනු ලැබිණි. දළදා වහන්සේ වෙනුවෙන් දෛනික පූජා පැවැත්වීමට ද මෙතුමා අනුග්‍රහ දැක්වී ය. ඒ වෙනුවෙන් යාපහුවේ දළදා මැදුරක් කරවී ය. එහි නටබුන් අද ද දක්නට ලැබෙයි. මේ දළදා මැදුරේ දළදා වහන්සේ වර්ෂ 11ක් වැඩසිටි බව රාජාවලිය, දළදා පූජාවලිය , එළු දළදා වංශය හා රාජරත්නාකරය වැනි මූලාශ්‍රය අනුව පෙනී යයි.
බුවනෙකබාහු II- කුරුණෑගල රාජධානියේ ආරම්භක පාලකයා ය. පළමු බුවනෙකබාහු රජුගේ පුත්‍රයා ය. සිය පියාගේ සොයුරා වූ බෝසත් විජයබාහු රජුගේ පුත් තෙවැනි පරාකුමබාහු රජු බලයෙන් පහකොට බලය ලබා ගත් අතර රාජධානිය ලෙස කුරුණෑගල තෝරා ගත්තේ ය.
බුවනෙකබාහු III- සිව්වන පරාක්‍රමබාහු රජතුමාගෙන් පසු බලයට පත්වූයේ තෙවැනි බුවනෙකබාහු රජු ය. තෙවැනි බුවනෙකබාහු රජු සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන බොහොමයක් මූලාශ්‍රයවල ඔහුට වන්නි බුවනෙකබාහු යන නම ද දී ඇත්තේ ය. මීට පෙර සිටි රාජවංශ හා මේ රජු අතර සබඳතාවක් පැහැදිලි කරන්නට හැකි මූලාශ්‍ර කිසිවක් හෝ හමු නොවීමත් මේ රජු වන්නි බුවනෙකබාහු නමින් හැඳින්වීමත් අනුව අපට සිතිය හැකි වන්නේ මේ තෙවැනි බුවනෙකබාහු වනාහී වන්නි රජවරුන් අතරින් අයෙකු මිස මෙතෙක් පැවති රජ පරපුරකට අයත් නොවේ ය යන්නයි. ඇතැමුන් සඳහන් කරන්නේ මේ වනාහි බෝදා මහපාණන් යනුවෙන් කැරලි ගැසූ පුද්ගලයා බව යි. හේ වන්නි රජෙකු වියහැකිය යන මතය ද ඒ සමග ම ඉදිරිපත් වී තිබේ. කුරුණෑගල හා වන්නි හත්පත්තුවේ පාරම්පරික කතා කිහිපයක වන්නි විජයබාහු නම සඳහන් වේ යැයි ලංකා විශ්විද්‍යාල ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් වෙයි. කුරුණෑගල වැව මේ රජු විසින් කරවන ලදැයි විශ්වාසයක් පවතී.
බුවනෙකබාහු IV - ගම්පොළ රාජධානියේ පළමු පාලකයා ය. කුරුණෑගල අවසන් පාලකයා වූයේ Vවන විජයබාහු රජු ය. ඔහුට පසු බලයට පත්වන්නේ IVවන බුවනෙකබාහු රජු ය. ඔහු කුරුණෑගල මධ්‍යස්ථානය අත්හැර ගංගාසිරිපුරට හෙවත් ගම්පොළට රාජධානි මධ්‍යස්ථානය රැගෙන ගියේ ය. ගඟසිරිපුර යනු ද මේ රාජධානිය ම ය. සුන්දර මහවැලි ගංමිටියාවතේ පිහිටි රාජධානියකි. මේ අයුරින් රාජධානිය මාරු කිරීම සඳහා බලපෑ හේතුව පැහැදිලි නැතැ‘යි සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. මේ සිදුවීම ක්‍රි.ව.1341-1347 අතර කාලයේ සිදුවිය. ඉබන්බතූතා ලංකාවට පැමිණෙන්නේ ක්‍රි.ව.1344 වැන්නේ දී පමණ ය. ඔහුගේ වාර්තාවල සඳහන් වන ආකාරයට ඒ කාලය වනවිට යාපනයේ ආර්ය චක්‍රවර්තී පරපුරේ පාලකයාට විශාල යුධ හා ආර්ථික ශක්තියක් තිබී ඇත. ඔහු සතු නාවික හමුදාව පිළිබඳවත් ඔහු නෞකා යොදාගනිමින් කළ විදෙස් වෙළඳාමත් පිළිබඳව ඉබන්බතූතා විස්තරකර තිබේ. ආර්ය චක්‍රවර්තී පරපුර යටතේ යාපන රාජධානියේ පිබිදීම, බලවත්වීම, දකුණේ රාජධානියට අභියෝගයක් වනු ඇතැයි සිතා IVවන බුවනෙකබාහු රජු ගම්පොළ තෙක් රාජධානිය රැගෙන ගියා ද යන්න සිතන්නට සිදුවේ.
මේ යුගය සම්බන්ධයෙන් අධ්‍යයනයේ දී මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව නම් රාජ්‍ය වර්ෂ පිළිබඳ ඇති ගැටලු සහගත බව යි. මේ යුගයේ රජවරු තමන් ඈපා පදවි දැරූ වර්ෂයේ සිට තම රාජ්‍ය වර්ෂ සඳහන් කිරීම නිසා මේ අවුල සිදු වී ඇත. ඔවුන් සඳහන් කරන කාල වකවානු අනුව ඉතිහාසය ගොඩනැගුවහොත් එක ම කාලපරිච්ඡේදයේ රජවරුන් දෙදෙනෙකු බැගින් සිටි අවස්ථා හමු වේ. නමුත් එය නිවැරදි නොවන වග විශේෂයෙන් ම සඳහන් කළයුතුව තිබේ.
IVවන බුවනෙකබාහු රජු ත්‍රිසිංහලාධීශ්වර අභිධානය භාවිත කළේය. නමුත් යාපන හා වන්නි ප්‍රදේශ ඔහුට අවනතව නොපැවති බවට ප්‍රබල සාධක තිබේ. ඉබන්බතූතාගේ වාර්තාව ඉන් එකකි. ඔහු සඳහන් කරන්නේ මේ කාලයේ ලංකාවේ වෙරළාශ්‍රිත මුතුපර පවා ආර්ය චක්‍රවර්තීන්ගේ පාලනය යටතේ පැවති බවයි. ලංකාවේ මුතුපර පද්ධතිය විහිදී පවතින්නේ වයඹ හා බස්නාහිර වෙරළතීරය ආශ්‍රිතවය.
මෙයින් පෙනී යන්නේ ආර්යචක්‍රවර්තීවරුන් යාපන අර්ධද්වීපය පමණක් නොව ඉන් පහළ ඇතැම් ප්‍රදේශවලට ද තම බලය පතුරුවා ඇති බවකි. අවම වශයෙන් වයඹ හා බටහිර වෙරළ තීරයේ වත් ඔවුන්ගේ බලය පැතිර තිබෙන්නට ඇත. ඉන් සනාථවන අනෙක් කරුණ නම් IVවන බුවනෙකබාහු රජු ත්‍රිසිංහලාධීශ්වර අභිධානය භාවිත කළ ද එය හුදු අභිධානයක් පමණක් බවයි. ආසන්න වශයෙන් ක්‍රි.ව.1344 වැන්නේ දී විල්ගම්මුල මහතෙරුන් වහන්සේගේ උපදෙසින් කරවූ ගඩලාදෙණිය හා ලංකාතිලක ශිලාලේඛනවල ද IVවන බුවනෙකබාහු රජු බලයට පත්වූ වර්ෂයක් සඳහන් නොවෙයි. බොහෝවිට මේ කාලය වනවිට ලංකාවේ දේශපාලන වියවුල් පැවති බවත් පහතරට තෙත් කලාපය ආශ්‍රිතව අලගක්කෝණාර වැනි ප්‍රභූ පවුල් ක්‍රමයෙන් බලවත් වෙමින් සිටි බවත් පෙනෙයි. මේ නිසා IVවන බුවනෙකබාහු රජු මෙකල ත්‍රිසිංහලයේ ම අධීශ්වරයා වීය, යන්න පිළිගැනීමට දුෂ්කර කරුණකි. සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ IVවන බුවනෙකබාහු රජු ගම්පොළ මුල්කරගත් පාලනයක් රැගෙන ගිය කාලයේම ඔහුගේ සොහොයුරා වූ Vවන පරාක්‍රමබාහු කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම මුල්කරගත් පාලනයක් රැගෙනගිය බවයි. මේ දෙදෙනාම කුරුණෑගල අවසන් පාලකයා වූ Vවන විජයබාහු රජුගේ පුතුන් දෙදෙනෙකි.
Vවන පරාක්‍රමබාහු රජු දැදිගම සිට යම් කාලයක් ස්වාධීන පාලනයක් ගෙනගිය ද මේ වනවිට ආර්යචක්‍රවර්තීන්ගේ තර්ජන දකුණට තදින් දැනෙමින් පැවතුනි. දැදිගමට සැතපුම් 13ක් ඊසාන දිගින් පිහිටි කොටගම තිබී හමුවූ ශිලාලේඛනයක සඳහන් වන්නේ ශිංගෛයිනගර්හි ආර්යයන් රජු ලැබූ විශාල ජයග්‍රහණයක් පිළිබඳ තොරතුරුය. මේ ශිංගෛයිනගර් ආර්යයන් යනු යාපනයේ ආර්යචක්‍රවර්තීන් බවට සැකයක් නැත. ඉන් පෙනී යන්නේ මේ කාලයේ දකුණේ රාජ්‍ය දුබල වෙමින් ඊට සමගාමීව උතුරේ රාජ්‍ය ප්‍රබල වෙමින් පැවති බවයි.
බුවනෙකබාහු VI - සපුමල් කුමාරයාගේ අභිෂේක නාමය යි.
බෙන්තර ගඟ-භීම නදී
බෙන්තොට-බෙම්තොට/භීමතිත්ථ
බෙම්තොට-බෙන්තොට/භීමතිත්ථ
බෙලිගල-දඹදෙණි යුගයේ මුල් අවදියේ දී දළදා මැදුර ඉදිකර තිබු‍යේ බෙලිගල ය. එය තෙවැනි විජයබාහු රජු විසිනි. මාඝගේ කුරිරු පාලනය නිසා විදෙස් ගතව සිට යළි මෙහි වැඩමකළ වාචිස්සර හිමියන්ගේ ද උපදෙස් හා සහය ඇතිව බෙලිගල දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කිරීමට මේ රජතුමා පියවර ගත්තේ ය. ඒ වන විට දළදා වහන්සේ වැඩසිටියේ කොත්මලේ ප්‍රදේශයේ ය. දළදා වහන්සේ තමන් භාරයට ගැනීමට කටයුතු කිරීම තුළින් තෙවන විජයබාහු රජුට රාජ්‍යත්වය පිළිබඳ සාම්ප්‍රදායික අයිතියත්, නෛතික හිමිකමත් ලබා ගත හැකි විය.
බේරේ වැව- කොළඹ නගරය ආශ්‍රිතව ඇති වැවකි. පෘතුගීසීන් විසින් ආරක්ෂාව උදෙසා ඉදි කළ එකක් සේ සැලකෙන අතර එය ඉදිකිරීමට පෙර ඒ ප්‍රදේශය විශාල මඩ වගුරක් වශයෙන් පැවතී ඇත.
බොකෑෂියෝ- පුනරුද සමයේ ඉතාලි ලේඛකයෙකි.
බොජකපති- රජයේ ඉඩම් පරිභෝජනය වෙනුවෙන් රජයට ගෙවියයුතු බද්දකි. භෝජකප්‍රාප්තිය යි.
බොට්ටිචෙල්ලි- පුනරුද සමයේ චිත්‍ර ශිල්පියෙකි.
බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරය, පාහියන් හිමියන්ගේ දේශාටන වර්තාව වශයෙන් හඳුන්වන පොතේ මුල් නම.
භාණකවරු,- ධර්මය මතකයේ තබා ගත් බෞද්ධ භික්ෂූන්වහන්සේලා. උන්වහන්සේලා විසින් මතකයේ තබාගෙන ආ ධර්ම කොටස් අනුව විවිධ නම්වලින් හඳුන්වන ලදී. උදාහරණයක් ලෙස දීඝනිකාය මතකයේ තබාගත් පිරිස දීඝභාණක නම් වූහ.
භීම නද- බෙන්තර ගඟ
භීමතිත්ථ- බෙම්තොට/බෙන්තොට
භූගෝල ශාස්ත්‍රය- , ටොලමි-ග්‍රීක රෝමානුවෙකි
භ්‍රමණ වෘත්තාන්තය- , හ්‍යුන්-සියෑං(ලංකාව ජනාවාස වීම, නිකාය බෙදීම, දළදා මාළිගාව, මහාපාළි දන්සැල, ලංකාවේ මුතු මැණික් ආදිය ගැන ලියා ඇතත් ලංකාවට පැමිණ නැත.)
මඩාටුගම වැව- මාදතුගම වැව/ මහාදත්ත වාපි. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.
මඩිගෙ බද්ද- මහනුවර සමයේ ප්‍රවාහන කටයුතු භාර කාර්යාංශය
මණිකර- මැණික් කර්මාන්ත ශිල්පී
මණිකාරගාම- මැණික් කර්මාන්තරුවන් විසූ ගම්මාන
මණිමේඛලායි- දකුණු ඉන්දීය මූලාශ්‍රයකි
මණිහිර වාපි- මින්නේරිය වැව-මහසෙන් රජු
මතෙරමජිබක-ඇළමාර්ගවලින් මසුන් ඇල්ලීම වෙනුවෙන් රජයට ගෙවනු ලබන බදු කොටස යි. මතෙර යන්නෙන් මාත්‍රිකාව හෙයත් ඇළ යන අදහස ගම්‍ය වේ. මජි යනු මත්ස්‍යයා ය. බක යන්නෙන් භාගය, ප්‍රත්‍යය, කොටස යන අදහස් ඇති වේ. මාත්‍රික මත්ස්‍යභාගය යි.
මධුපාචිකා-සූපශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් හැඳින්වීමට දම්පියාඅටුවා ගැටපදයේ දී ඇති නමකි.
මධුපාදතිත්ථ- මීපාතොට
මධුරහත්තරසා-සූපශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් හැඳින්වීමට යෙදී ඇති නමකි.
මන්ගුණු වැව- නොච්චිපොතාන වැව-වසභ රජු
මන්දාරම්පුර පුවත-මහනුවර යුගය
මන්නාරම- මන්නාරපට්‌ටන
මයන්ති- මහවිලච්චිය- වසභ රජු
මයිකල් ආන්ජිලෝ-යුරෝපා පුනරුද සමයේ වඩාත් ප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පියෙකි. ගෘහනිර්මාණ හා සැලසුම් ශිල්පියෙකි. රෝමයේ සිස්ටයින් දෙව්මැදුරේ සිතුවම් නිර්මාණය කළ ඔහු දාවිත්, මොසෙස්, පියෙටා, ඇතුළු මූර්ති ගණනාවක් ද නිර්මාණය කළේ ය.
මයිකල් සර්ටෙස්- වෛද්‍යවරයෙකු, දේවධර්මාචාර්යවරයෙකු සහ පුනරුද යුගයේ විශාරදයෙකු වූ මයිකල් සර්වෙටස් (ස්පාඤ්ඤ භාෂාවෙන් මිගෙල් සර්වෙට් ලෙසද හැඳින්වේ) ස්පාඤ්ඤ ජාතිකයෙකි. නමුත් ඔහු මියයන්නේ ස්විට්සර්ලන්තයේ දී ය. මේ නිසා ඇතැමුන් ඔහු ස්විස් ජාතිකයෙකු සේ ද හඳුන්වනු ලබයි. ඔහු උපත ලැබුවේ 1511 දී ස්පාඤ්ඤයේ අරගොන් හි විලානුවා ඩි සිගේනා හි ය. ඔහු විසින් 1553 දී ප්‍රකාශයට පත් කරන ලද "Christianismi Restitutio" (The Restoration of Christianity) නම් ග්‍රන්ථයේ පෙනහළු හරහා රුධිර සංසරණ ක්‍රියාවලිය ගෙනහැර දක්වා ඇත. හදවත පෙනහළු වෙත, එය පවිත්‍ර කර හෝ "ප්‍රබෝධමත්" කර, පසුව වම් කෝෂිකාව වෙත ආපසු පැමිණේ. මෙම න්‍යාය එකල පැවති විශ්වාසයන්ට, විශේෂයෙන් එකල බලගතු වෛද්‍යවරයෙකු වූ ගාලන්ගේ විශ්වාසයන්ට අභියෝග කළේය. රුධිර සංසරණය පිළිබඳ අවබෝධය සඳහා සර්ටෙස් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් නමුත් ඔහුගේ ජීවිත කාලය තුළ ඔහුගේ කාර්යය බොහෝ දුරට නොසලකා හරින ලදී. ඔහුගේ අසම්ප්‍රදායික ආගමික අදහස් නිසා ඔහු පීඩාවලට මුහුණ දුන්නේ ය. රුධිර සංසරණය පිළිබඳ සර්වෙටස්ගේ අදහස් පසුව ව්‍යුහ විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් විසින් වලංගු කර පුළුල් වශයෙන් පර්යේෂණයන්ට බඳුන් කරන ලදී. විශේෂයෙන් පෙනහළු ඇතුළු මුළු ශරීරය පුරා රුධිර සංසරණය පිළිබඳ ගැඹුරින් පර්යේෂණ කළ විලියම් හාවි පවා සර්ටේස්ගේ මතය සැලකිල්ලට ගනිමින් කටයුතු කළේ ය.
මයිනහම- කඹුරුහම. කම්හලේ ලිපට සුළං පිඹින උපකරණය
මයුර සංදේශය- කවීශ්වර-ගම්පොළ යුගය-5වන බුවනෙකබාහු රජ දවස
මයුරපාද පිරිවෙන- මේ ඓතිහාසික පිරිවෙන පිහිටි ස්ථානය පැහැදිලි නැත. වාකිරිගල හෝ මහාවිහාරය ආශ්‍රිතව මේ පිරිවෙන පිහිටන්නට ඇත. මයුරපාද නමින් පිරිවෙනක් බුද්ධදාස රජු විසින් මහාවිහාරය ආශ්‍රිතව කරවා ඇති අතර, දෙවැනි පරකුම්බා සමයේ දේවපතිරාජ නමින් සිටි අමාත්‍යයෙකු ද සමන්තකූටයට සමීප ප්‍රදේශයක කළ ප්‍රාසාදයක් ගැන ද විස්තර තිබේ. එය ද මයුරපාද පිරිවෙන යැයි අනුමාන කළ හැකි නමුත් තහවුරු කිරීමට ප්‍රබල සාධක හමු නොවේ.
මයෙත්තී- මහවිලච්චිය- වසභ රජු
මරං- ජම්බු කුලයට අයත් ශාකයකි.මෙම ගස් පුළුස්සා ලබා ගන්නා අඟුරු යොදා යකඩ නිස්සාරණය කිරීමට ලංකාවේ අතීත ලෝකුරුවන් කටයුතු තර තිබේ. එයින් යකඩවල ගුණාත්මක බව ඉහළ යන බවක් ඔවුන් අධ්‍යයනය කර තිබූණි.
මලය අර්ධද්වීපය- මලක්කා සමුද්‍රසන්ධිය ආසන්නව ඇති අර්ධද්වීපය. බුරුමය, මැලේශියාව හා සිංගප්පුරුව පිහිටා ඇති අර්ධද්වීපය.
මලය රට- ලංකාවේ මධ්‍යම කඳුපන්තිය ඇතුළත් පාලන ඒකකය. මෙය කලින්කලට විශේෂ වැදගත්කම් සහිත ප්‍රදේශයක් විය. මහා මලයදේශ, ගිරිමණ්ඩල ආදී නම් ද එයට හෝ එහිි කොටස්වලට යෙදී තිබේ. කාවන්තිස්ස රජ දවස ඔහුගේ මස්සිනා වූ ගිරි අභය සමස්ත මලය දේශයම නැතත් එහි කොටසක බලය පතුරුවාගෙන සිටින්නට ඇත. මලයරාජ කෙනෙක් ගැන පොළොන්නරු යුගයේ ද අසන්නට ලැබේ. මායා රට ලෙස හැඳින්වූ පාලන ඒකකයට මලය රටේ කොටසක් ද අයත් විය.
මල්වතු ඔය- කදම්භ නදී
මල්වාන- කෝට්ටේ රජුගේ මාළිගය පිහිටා තිබූණේ මල්වානේ ය.
මහ කන්නය- ඔක්තෝබර්-පෙබරවාරි දක්වා වන වගා වාරය. ශිලාලේඛන පිටදඩහස නමින් හඳුන්වා තිබේ.
මහගල්ක‌ඩ වාපි- මාගල්ල වැව(මහසන් රජු/අනුරාධපුර යුගය)
මහගල්කඩවල වැව- මහාදාරගල්ල වාපි, මාදරගල්වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)
මහපත්පහන් වැව- නීතුපත්පාණ වාපි/නාච්චිදූව වැව- දෙවන මුගලන් රජු
මහබද්ද, කුරුඳු පිළිබඳ කාර්යාංශය
මහමණි වාපි- මාමිණියා වැව- භාතික තිස්ස රජු කරවූ වැව මහසෙන් රජු විශාල කරවා ඇත.
මහරත්මලේ ගිරි ලිපිය- විහරයකට කළ පූජාවක් ගැන සඳහන් වේ. වංකනාසික තිස්ස, පළමු ගජබා සහ මහල්ලක නාග රජවරුන් ගැන සඳහන් වේ.
මහලේ- මහලේකම්.සෙල්ලිපි යෙදුමකි
මහලේ කස්බා- මහ ලේකම් කාශ්‍යප. අනුරාධපුර යුගයේ දෙවන සේන රාජ්‍ය සමයේ සිටි රාජ්‍ය ලේකම්වරයෙකි. ඔහු මැදිරිගිරියේ ඇත්වෙහෙර පධානඝරයට කළ ඉඩම් පූජාවකට සහභාගී වූ බවක් මැදිරිගිරියේ සෙල්ලිපියක සඳහන් වේ.
මහලේ කස්බා, කාශ්‍යප නමැති මහලේකම්වරයා.
මහලේකම්, රජවාසලේ ප්‍රධාන ලේකම්වරයා. රජුගේ ලේකම්වරයා
මහවැලි ගඟ- මහා නදී/මහාවාලුකා නදී
මහවිලච්චිය- මයන්ති-වයන්ති-මයෙත්තී-වසභ රජු
මහවෙජනා/මහවෙදනා, ප්‍රධාන වෛද්‍යවරයා හෝ ශල්‍ය වෛද්‍යවරයා
මහවොටි-මහාතිත්ථ/මාතොට/මාපුටු/මාවුටු/ මාන්තෝට්ටම්
මහසෙන් දෙවියෝ- මහසෙන් රජු මරණින් පසු දේවත්වයෙන් පුදන ලද්දේ මේ නමිනි. මින්නේරි දෙවියෝ, හත්රජ්ජුරුබණ්ඩාර දෙවියෝ ආදී නම් ද එතුමාට යෙදුණු නම් වේ.
මහළුවැව- මාඑළිය වැව. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.
මහා අස්ථාන- දෙවැනි රාජසිංහ නමින් රජ වූ කුමාරයා.
මහා නදී- මහවැලි ගඟ/මහාවාලුකා නදී
මහා භාරතය- ඉන්දීය මූලාශ්‍රයකි.
මහාගාම වාපි- මහසෙන් රජු කරවූ වැව් අතරින් හඳුනානොගත් වැවකි.
මහාතිත්ථ-මාතොට/ මාපුටු/ මාවුටු/ මහවොටි/ මාන්තෝට්ටම්
මහාදත්ත වාපි- මඩාටුගම වැව/ මාදතුගම වැව. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.
මහාදාරගල්ල වාපි- මාදරගල්වැව/ මහගල්කඩවල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)
මහාදාරගල්ල වාපි- මාදරගල්වැව/ මහගල්කඩවල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)
මහාදිකාරම්- ප්‍රධාන අදිකාරම් හෙවත් පල්ලගෙම්පහ අදිකාරම්
මහානික්ඛවෙට්ටි- මානාකැටි වැව-වසභ රජු
මහාමේරු ගල- ස්ථූපයක අභ්‍යන්තරයේ ඇති ධාතු ගර්භයේ ඇති විශේෂ නිර්මාණයකි. කුඩා ගල් කොටස් තුනක් මත තැන්පත් කළ තරමක් උසින් වැඩි පාෂාණ කොටසකි. මෙය මහාමේරු පර්වතයේ අනුරුවක් සේ සැලකේ. මහාමේරු පර්වතය ද මේ නමින් හැඳින්වේ. මෙය කල්පිත පර්වතයක් සේ සැලකේ. සතර මහාද්වීප(ජම්බුද්වීප,පූර්වවිදේහ, උතුරුකුරු, අපරගොයාන) අතර මෙය පිහිටා ඇතැයි සැලකේ. මෙහි සතර දෙසින් සතර මහ මුහුදු ඇතැයි ද විශ්වාස කරයි.
මහාමේරු ගල-ස්ථූපයක ධාතු ගර්භයේ ඇති නිර්මාණයකි. කුඩා ගල් කොටස් තුනක් මත තැබූ උස් චතුරස්‍රාකාර ගල් කොටසකි.
මහාවංසය- මහාවංසය වංසකතා සාහිත්‍යයේ මුදුන්මල්කඩ සේ පිළිගැනේ. මහාවංසය යනු සිංහල කෘතියක පාලි සංස්කරණයකි. පොරණ සීහලට්ඨකථා මහාවංසය යනු මහාවංසයට පාදක වූ මුල් සිංහල කෘතිය යි.(මුඛ්‍ය පාදක මූලාශ්‍රය යි.) මහාවංසය රචනා කිරීමේ දී මහානාම හිමි දීපවංස කර්තෘ තෝරා ගත් කාලපරිච්ඡේදය ම තෝරා ගෙන ඇත. එහෙත් මහාවංසය දීපවංසයට වඩා අංගසම්පූර්ණ කෘතියකි. මහාවංසය අදටත් ලියැවෙමින් පවතී. සම්ප්‍රදායක් වශයෙන් මහාවංසය ලෙස හඳුන්වන්නේ ආරම්භයේ සිට 37වන පරිච්ඡේදයේ 52 වන ගාථාව දක්වා කොටසයි. ක්‍රි. පූ.6වන සියවසේ පමණ සිට මහසෙන් රාජ්‍ය යුගයේ අවසානය (ක්‍රි.ව.301) දක්වා කාලය අලළා රචනාකොට ඇත. ග්‍රන්ථාරම්භයේ සිට 37වන පරිච්ඡේදයේ 52වන ගාථාව දක්වා කොටස මහා විහාරයට අයත් දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම නම් හිමි නමක් විසින් රචනා කොට ඇත. මහාවංසය සංස්කරණය කොට රෝමන් අක්ෂරයෙන් පළ කළේ විල්හෙම් ගයිගර් මහතා විසිනි. විල්හෙම් ගයිගර් මහතා විසින් මහාවංසය රෝමන් අක්ෂරයෙන් පළ කරත්දී 37වන පරිච්ඡේදයේ 52වන ගාථාවට පසු කොටස් චූලවංසය වශයෙන් හඳුන්වා ඇතත් එසේ හැඳින්වීමට සාධාරණ හේතු නැත. මහානාම හිමියන්ට පසු මහාවංසය රචනා කළ කතුවරු ද තම කොටස් මහාවංසය වශයෙන් ම හඳුන්වා ඇත. වංසත්ථප්පකාසිනිය යනු මහාවංසයේ ටීකාවයි.
1. අනවශ්‍ය තරම් දීර්ඝ විස්තර කෙටි කිරීම
2. සංක්ෂිප්තව දක්වා තිබූ ඇතැම් කරුණූ අවශ්‍ය පමණට දීර්ඝ කිරීම
3. පුනරුක්තීන් බැහැර කිරීම
යන තුන් ආකාරයට පොරණ සීහලට්ඨකථා මහාවංසය සංශෝධනය කරමින් මහානාම හිමියෝ මහාවංස රචනා කළහ. ඒ බව මහාවංසයේ පළමු පරිච්ඡේදයේ දෙවන ගාථාවේ ම දක්වා තිබේ. (පොරාණෙහි කතො පෙසො-අතිවිත්ථාරිතො ක්වචි-අතීව ක්වචි සඞඛිත්තො අනෙක පුනරුක්තකො) පොරණ සීහලට්ඨකථා මහාවංසය සංස්කරණයේ දී මහානාම හිමියෝ වෙනත් මූලාශ්‍රවල එන තොරතුරු ද ජනප්‍රවාද ද උපයෝගී කරගත් බව මහාවංස ටීකාවට අනුව පෙනී යයි. චේතිවංසට්ඨකථා, මහාබෝධිවංසට්ඨකථා, චූලසිහනාදසුත්තවණ්ණනා, සීහලනමක්ඛාරවණ්ණනා, දීපවංසට්ඨකථා ආදී කෘති මහාවංසය රචනා කිරීමේ දී මහානාම හිමියෝ මූලාශ්‍රය වශයෙන් යොදාගෙන ඇත. ඊට අමතරව රෝහණවංසට්ඨකථාව, උත්තරවිහාරට්ඨකථාව යන කෘති හා පුඤ්ඤපොත්ථක(පින්පොත්) ද වෙයි. ලංකාව පිළිබඳ ඉතිහාස තොරතුරු ඇතුළත් වුව ද ලංකා ඉතිහාසය වාර්තා කිරීම මහානාම හිමියන්ගේ අරමුණ වූ වග නොපෙනේ. බුද්ධ ශාසනයත් අනුරාධපුර රජපවුලත් පිළිබඳ තොරතුරු සඳහන් කිරීම මහාවංස කතුවරයාගේ මූලික අරමුණ වූ වග මහාවංසයෙන් පෙනෙයි. මහාවංස කතුවරයා ප්‍රාග්මහින්ද යුගයේ වීරයා ලෙස පණ්ඩුකාභය රජතුමාවත්, මහින්දාගමනයට පසු යුගයේ වීරයා ලෙස දුටුගැමුණු රජතුමාවත් විශේෂයෙන් වර්ණනා කොට ඇත. මහාවංස ටීකාවට අනුව මෙම කෘතිය මහාවංසය ලෙස හඳුන්වා ඇත්තේ එහි බුදුන්වහන්සේලාගේ ද රහතන්වහන්සේලාගේ ද ප්‍රධාන රාජ වංශවල ද ඉතිහාසය කියැවෙන නිසාය.
සිය උත්සාහය වන්නේ පොරණ සීහලට්ඨකථා මහාවංසය සංශෝධන සහිතව පාළියට නැගීම බව මහාවංස කතුවරයා ග්‍රන්ථාරම්භයේ දී ම සඳහන් කර ඇත. ඇතැම් පඬිවරුන්ට අනුව මහාවංසය යනු මහා කාව්‍යයකි. පොරණ සීහලට්ඨකථා මහාවංසය යනු මහානාම හිමියන්ට පෙර සිටි අචාර්යවරුන් විසින් සිංහල භාෂාවෙන් රචනා කළ ගද්‍යමය අට්ඨකථාවකි.(අටුවාවකි.) කතුවරයා සිය කෘතියෙන් කිසිදු පුද්ගලයෙකුගේ දොස් දක්වා නැත. ඒ වෙනුවට වඩාත් උසස් පුද්ගලයන් පිළිබඳ වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, අනෙකුත් පුද්ගයන් පිළිබඳ සුළු තොරතුරු ප්‍රමාණයකුත් දක්වා ඇත. මහාවංසයේ මුල් පරිච්ඡේදවල ප්‍රාතිහාර්යාත්මක හා අද්භූතජනක කරුණු වැඩිය. ඊට හේතුව එකල ජනයා තමන් නොදුටු ඉතිහාසය පිළිබඳ එබඳු කරුණු විශ්වාස කිරීම විය යුතුය. මහින්දාගමනයේ සිට වළගම්බා රාජ්‍යෝදය දක්වා වන මහාවංස විස්තර අතර ප්‍රාතිහාර්යාත්මක හා අද්භූතජනක කරුණු බොහෝ අඩුය. වළගම්බා රජුගේ සමයට පසු කාල පිළිබඳ මහාවංස තොරතුරු අතර ප්‍රාතිහාර්යාත්මක හා අද්භූතජනක කරුණු නොමැති තරම් ය. මහාවංසයේ එන කරුණු අතරින් බොහොමයක් අභිලේඛන හා වෙනත් පුරා විද්‍යත්මක සාධක ඇසුරෙන් සනාථ වී ඇත. සාමාන්‍ය මහජනතාව, වාරි තාක්ෂණය, කෘෂිකර්මය, වාණිජ ක්‍රම, සමාජ සබඳතා ආදිය පිළිබඳ තොරතුරු විරල වීම මහාවංසයේ එක් දුර්වලතාවකි. සෑම පරිච්ඡේදයක ම වාගේ අග හුදී ජන පහන් සංවේගය පිණිස ලියූ වග දක්වා තිබීමෙන් කෘතිය රචනා කිරීමේ දී වඩාත් මූලික වී ඇත්තේ ආගමික අරමුණක් බව පැහැදිලිය. මහාවංස ටීකාව වංසත්ථප්පකාසිනිය යි.
මහාවාලුකා නදී- මහවැලි ගඟ/මහා නදී
මහාසම්මත- පළමු අන්තඃකල්පයේ දී මහජන සම්මතයෙන් හෙවත් මහජන කැමැත්තෙන් පත් වූ රජු ලෙස සද්ධර්මාලංකාරයේ දැක්වේ. මහාවංසයේ ආරම්භක ගාථාවේ සුසුද්ධං සුද්ධවංසජං යනුවෙන් ඇති බුද්ධ වර්ණනාවේ ද ඇත්තේ මේ ගැන බව වංසත්ථප්පකාසිනිය අනුව පෙනී යයි. මහාසම්මත පරපුරේ ආදිතමයා වෛස්වත මනු නම් වන අතර හේ මේ පොළෝ තලයේ මානව වර්ගයකගේ සම්මතයෙන් පත් වූ පළමු රජු බවත්, ඔහුගේ පුත්‍රයා ඔක්කාක නමින් බෞද්ධ සාහිත්‍යයේ එන ඉක්ෂුවාක නමැත්තා බවත් සාහිත්‍යාගත තොරතුරු අනුව පෙනී යයි. නමුත් මේ වංසය පිළිබඳ කිසිදු පැහැදිලි කරුණක් නොමැති අතර, මනු යනු සංකල්පීය රජෙකු විය හැක. කෙසේ වෙතත් පෙරදිග රාජ්‍යත්ව සම්ප්‍රදාය තුළ මහාසම්මත සංකල්පයට සැලකියයුතු ඉඩක් වෙන්වී තිබේ.
මාදරගල්වැව- මහාදාරගල්ල වාපි/මහගල්කඩවල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)
මාඑළිය වැව- මහළුවැව. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.
මාගල්ල වැව- මහගල්ක‌ඩ වාපි(මහසන් රජු/අනුරාධපුර යුගය)
මාඝ, කාලිංග මාඝ හෙවත් කාලිංග විජයබාහු නමැති ආක්‍රමණික රජු. පොළොන්නරු යුගයේ දී පරාක්‍රමපාණ්ඩ්‍ය රජදවස, 1215 වැන්නේ දී විසිහතර දහසක කේරල හමුදාවක් ද සමග ලංකාව ආක්‍රමණය කළ මාඝ එතැන් පටන් දෙවැනි පැරකුම්බාවන් අතින් පරාජයට පත්ව මරණයට පත්වන තුරු වර්ෂ 40ක් පමණ ලංකාවේ රැඳී සිටියේ ය. එදා මෙදාතුර ඉතිහාසයේ ලංකාවේ ආගම, ආර්ථිකය, සංස්කෘතිය, ඇතුළු බොහෝ අංශවලට බරපතල ම හානිය කළ ආක්‍රමණිකයා ය. 1255 වැන්නේ දී මියගියේ ය.
මාඝාත නීතිය, කිසිදු සතෙකු නොනැසියයුතුය යන නීතිය. අමණ්ඩගාමිණී අභය රජු මාඝාත නීතිය පැනවූ බව මහාවංසයේ සඳහන් වේ.(මාඝාතං සකලෙ දීපෙ කාරෙසි-35 පරි. 6 ගාථාව) මාඝාත සමය යනුවෙන් සතුන් මැරීම තහනම් කාලයක් ගැන කංකාවිතරණියේ සඳහන් වේ.
මාටින් ලූතර්- (1483-1546) ජර්මානු දේවධර්මාචාර්යවරයෙක්, පූජකයෙක් සහ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන චරිතයක් වූ අතර එය 16වන සියවසේ යුරෝපයේ මතු වූ ප්‍රධාන ආගමික හා සමාජ ක්‍රියාකාරිකයෙකි. ලූතර්ගේ ක්‍රියා සහ ඉගැන්වීම් කතෝලික පල්ලියේ අධිකාරියට සහ භාවිතයන්ට අභියෝග කළ අතර, සැලකියයුතු ප්‍රතිසංස්කරණවලට සහ රෙපරමාදු නිකායන් පිහිටුවීමට මඟ පෑදුවේය.
මාතර- නීලවාලතිත්ථ
මාතොට, මහාතිත්ථ වරාය. මන්නාරම අසල ඇති ඓතිහාසික වරාය
මාතොට- මහාතිත්ථ/ මාපුටු/මාවුටු/ මහවොටි /මාන්තෝට්ටම්
මාදතුගම වැව- මහාදත්ත වාපි,මඩාටුගම වැව. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.
මානන්කට්ටිය වැව- මහානික්ඛවෙට්ටි වැව-මානාකැටි වැව(වසභ රජු/අනුරාධපුර යුගය)
මානවවාදය, වඩාත් උතුම් වන්නේ මිනිසා බව පිළිගන්නා මතය.
මානාකැටි වැව- මානන්කට්ටිය වැව(වසභ රජු/අනුරාධපුර යුගය)
මානාමත වැව- යෝධ වැව. ධාතුසේ රජුගේ වාරි ව්‍යාපෘතියකි.
මානාමතු- මනාමත්ත,
, මහාතිත්ථ/මාතොට/මාපුටු/මාවුටු/මහවොටි
මාන්තෝට්ටම්- මහාතිත්ථ,මාවටු, පහපුටු, මාතොට,
මාපුටු- මහාතිත්ථ/ මාතොට/ මාවුටු/ මහවොටි/ මාන්තෝට්ටම්
මාමිණියා වැව- මහමණි වාපි -භාතික තිස්ස රජු කරවූ වැව මහසෙන් රජු විශාල කරවා ඇත
මායාරට, මහයා හෙවත් මාපාවරයාගේ බල ප්‍රදේශය. මහයාගේ රට යන්න මායා රට බවට පත්විය. මාපා යනු මීළඟ රජු සේ සැලකුණු, මෙරට පරිපාලනයේ දී වඩාත් වැදගත් දෙවැන්නා විය.මෙයට මලය රටේ කොටසක් ද කලා ඔයෙන් පහළ, කැලණි, කළු හෝ බෙන්තර ගංගාව දක්වා වෙරළබඩ හා අභ්‍යන්තර තැන්න අයත් විය. පසු කාලයේ, පොළොන්නරු සමය වන විට මායාරට වෙනුවට දක්ඛිණදේශය යන්න ව්‍යවහාර විය. නමුත් දක්ඛිණ දේශයට මායාරටේ භූමියම අයත් වූ බව නොපෙනෙයි. මලය රටේ කොටස් එයින් ගිලිහී තිබූණි.
මාවුටු- මහාතිත්ථ/මාතොට/මාපුටු/ මහවොටි/මාන්තෝට්ටම්
මාසක, පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ බර මැනීමේ ඒකකයකි. මෑ ඇටයක බර. ඔළිඳ ඇට දෙකක හෝ වී ඇට අටක බර.
මැටි ඔරු සුසාන- මියගිය පුද්ගල සිරුර ඔරුවක හැඩැති මැටි නිර්මාණයක බහා පුලුස්සා එහි භෂ්මාවශේෂ මැටි බඳුනක දමා මැටි ඔරුවේ ම තැන්පත් කිරීමේ ක්‍රමය.
මැණික් ගඟ- කප්පරකන්දර නදී
මැද කන්න‍ෙ - ප්‍රමාණවත් පරිදි ජලය ඇති කාල වල ප්‍රධාන කන්න අතර වගාකළ කෙටි කන්නය. මෙය මදෙහස නමින් ශිලාලේඛන වල හමු වේ.
මැද්දකැටිය වැව- සංගමු වැව. කුරුණෑගල දිස්ත්‍රික්කය. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.
මැසෙක්ෂියෝ- පුනරුද සමයේ චිත්‍ර ශිල්පියෙකි.
මිණිහීර වාපි- මින්නේරිය වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)
මිණිහොරු වැව- මින්නේරිය වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)
මින්නේරි දෙවියෝ- මහසෙන් රජු මරණින් පසු දේවත්වයෙන් පුදන ලද්දේ මේ නමිනි. මහසෙන් දෙවියෝ- හත්රජ්ජුරුබණ්ඩාර දෙවියෝ ආදී නම් ද එතුමාට යෙදුණු නම් වේ.
මින්නේරියවැව-මිණිහීර-මණිහීර(මහසෙන් රජු/අනුරාධපුර යුගය)
මිහින්තලේ පුවරු ලිපි දෙක, හතරවන මිහිඳු රජු-අනුරාධපුර යුගය(ආරාමයක භික්ෂුන් වහන්සේලාගේ විනය නීති ගැන සඳහන් වේ.)
මී තෙල්- මී ඇටවලින් සකසා ගන්නා තෙල් විශේෂයකි. ආහාර සැකසීමේදීත්, ඖෂධයක් වශයෙනුත් යොදාගැනේ. මී තෙලින් බදින ලද මඤ්ඤොක්කා පෙති ඉතා ගුණදායක සේ පිළිගැනේ. පලා පිසීමේදීත් මී තෙල් එක් කළ විට වඩා ගුණදායක වේ. කුරක්කන් රොටියේ මී තෙල් තවරා බදින ලද තල ඇට සමග ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය වර්ධනය වේ. වවුලන් විසින් මී ගස් යට හෙළන මී ඇට මේ සඳහා වඩාත් උචිත වේ. මෙසේ එකතු කර ගත් මී ඇට පළමුව හොඳින් අව්වේ වියළා ගත යුතු අතර ඉන් පසුව වියළා ගත් මී ඇට උරයක දමා හොඳින් කට ගැටගසා මාස 4-5ක් පමණ තබා ගත යුතුය. එසේ කරන්නේ මී තෙල් පෑදීමට කාලය අවශ්‍ය බැවිනි. එසේ කළ විට මී ඇටය වියලී එහි කිරි ගතිය සිඳී යන අතර, පිට පොත්ත තුනී වෙයි. මෙය කොට්ට වීම සේ ගැමියන් හඳුන්වනු ලබයි. පසුව පයින් පාගා මී පොතු ඉවත් කිරීමටත් මී ඇට පියලි කිරීමටත් හැකි වේ. පසුව වංගෙඩියක දමා කොටා පිටි කර පිට්ටු බම්බුවක අධාරයෙන් වාෂ්පයෙන් තම්බා ගැනේ. අනතුරුව එහි හුමාලය ඉවත්වීමට පෙර මයිල ගසේ පොත්තෙන් තනා ගත් බහාලුමකට දමා තෙල්සිඳින අච්චුවක දමා මිරිකා තෙල් ලබාගතයුතු වේ. මී තෙල් කලක් යද්දි කහ පැහැයෙන් ඝන වන නමුත් රත්කිරීමෙන් යළි භාවිතයට ගතහැකි වේ.
මීපාතොට- මධුපාදපතිත්ථ
මුත්තුසාමි- රාජාධිරාජසිංහ රජුට පසු රාජ්‍යත්වයේ උරුමය තිබූ කුමාරයි.
මුන්නේශ්වරම්- හලාවත පිහිටි හින්දු ආගමික මධ්‍යස්ථානයකි. ඊශ්වර දෙවියන් වෙනුවෙන් කැපකර තිබේ. හින්දු මධ්‍යස්ථානයක් වුව ද ආගමික භේදයකින් තොරව විවිධ ආගම් අදහන්නෝ මේ ස්ථානයට පැමිණෙති.
මුල්ලේරියා හටන- සීතාවක හමුදා සහ කොළඹ පුර්තුගීසි හමුදා අතර 1562 වර්ෂයේදී සිදු වූ දැවැන්ත එක්දින සංග්‍රාමයකි. සීතාවක හමුදා ටිකිරි කුමරාගේ නායකත්වයෙන් සටන් කළ අතර පෘතුගීසි හමුදාව අපොන්සු පෙරෙයිරා ද ලසර්දා විසින් මෙහෙයවන ලදී. මෙ සටනට ආ පෘතුගීසි හේවායන් 1600 මියගිය අතර එය පෙරදිග රටක දී පෘතුගීසීන් ලැබූ දරුණුතම පරාජය වශයෙන් සැලකේ.
මුවදෙව්දාවත- රජරට සමයට අයත් සිංහල කෘතියකි.
මුහන්දිරම්- මහනුවර සමයේ කෝරළයක ප්‍රධාන ආදායම් නිළධාරී
මුහුර්තය- මොහොත. තත්ත්පරයක කාලය.
මූලාශ්‍රය- මූලික වශයෙන් ආශ්‍රය කරගන්නා දෙය. ඓතිහාසික මූලාශ්‍රය යනු ඉතිහාසය පිළිබඳ තොරතුරු සපයන පැරණි සම්පත් ය. මෙයට සාහිත්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක සම්පත් අයත් වේ.
මූලාශ්‍රය(ලංකා දේශීය සාහිත්‍ය මූලාශ්‍රය)-අමාවතුර,අස්ගිරිතල්පත, සියබස්ලකර,පූජාවලිය,දම්පියාඅටුවා ගැටපදය, ධර්මප්‍රදීපිකාව, බුත්සරණ, දහම්සරණ, සඟසරණ, සිංහල බෝධිවංසය, සද්ධර්මාලංකාරය, රාජාවලිය, රාජරත්නාකරය, අස්ගිරි තල්පත...වැනි සිංහල බසින් රචිත මූලාශ්‍රයන් ද,
පාලි මහාවංසය, දීපවංසය, පාලි ථූපවංසය, පාලි බෝධිවංසය, හත්ථවනගල්ල, විහාරවංසය විශුද්ධිමාර්ගය, රසවාහිනි, ධම්මපදට්ඨකතා, සමන්තපාසාදිකා,...වැනි පාලි බසින් රචිත කෘති ද,
ජානකීහරණය, සාරාර්ථ සංග්‍රහය...වැනි සංස්කෘත බසින් රචිත කෘති ද,
යාල්පාන වෛපවමාලෙයි, ශේගරාස ශේඛරමාලෙයි...වැනි ද්‍රවිඩ බසින් රචිත කෘති ද මේ ගොනුවට අයත් වේ.
මූලාශ්‍රය(ලංකා විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය), ග්‍රීක හා රෝම මූලාශ්‍රය- ලංකාව පිළිබඳව මුලින් ම සඳහන් වන්නේ ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ(De mundo) නම් කෘතියෙහිය. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ නාවික හමුදාවේ නියමුවෙකු වූ ඔනෙසික‍්‍රීටස්ගේ කෘතියකින් වයඹදිග ඉන්දියාව හා ලංකාව අතර පැවති වෙළඳ සබඳතා පිළිබඳව හෙළි වේ. මෞර්ය රාජසභාවේ සිටි ග‍්‍රීක තානාපති නිලධාරියා සේ සැලකෙන මෙගස්තිනීස් ඉන්දියාව පිළිබඳ මෙන් ම ලංකාව පිළිබඳව ද නොයෙක් කරුණු සඳහන් කර ඇත. මෙගස්තිනීස් ලංකාවට පැමිණ නැතත් සිය කෘතියෙහි ලංකාව පිළිබඳව සඳහන් කර ඇත. මෙගස්තිනීස්ගේ විස්තර ස්ට‍්‍රාබෝ සහ ප්ලීනි විසින් ලියන ලද කෘතිවල ද දක්නට ලැබේ. නැචුරාලිස් හිස්ටෝරියා කෘතිය රචනා කළ ප්ලීනි විසින් ලංකාව හා රෝමය අතර පැවති සබඳතා පිළිබඳව සඳහන් කරනු ලබයි. ප්ලීනි ලංකාවට පැමිණ නැතත් පෙර ලියැවී තිබූණු කෘතිවලින් හා දූතයන් මාර්ගයෙන් ලංකාව පිළිබඳ තොරතුරු ලබාගෙන සිය කෘතිය නිමවා ඇත. ප්ලීනිගේ කෘතියේ ලංකාව හා චීනය අතර පැවති වෙළඳ සබඳතා පිළිබඳව ද සඳහන් වේ. ප්ලීනිගේ කෘතිය වැරදි අඩුපාඩුවලින් ගහණ වුව ද එයින් හෙළි වන ඇතැම් කරුණු ප‍්‍රයෝජනවත් ය. ලංකා දූතයන් රෝමයට ගිය බව ප්ලීනි සඳහන් කරයි. ලංකාව පිළිබඳව ලියූ ග‍්‍රීක සහ රෝමානු වෙනත් ලේඛකයෝ නම් හිපාකස්, ආටිමිඩෝරස්, හෙරක්ලියාවේ මාෂියන් ආදීහු ය. විදේශිකයන් ලංකාව පිළිබඳව ලියූ කෘති අතර වඩාත් සම්පූර්ණ යැයි සැලකිය හැකි කෘති ත‍්‍රිත්වය නම් අඥාත කර්තෘක The periplus of the erythrean Sea (එරිත‍්‍රියන් සාගරයේ පෙරිප්ලසය) කෘතියත්, ටොලමි විසින් ලියූ Geographia (භූගෝල විද්‍යාව) කෘතියත්, කොස්මස් යනුවෙන් සරලව හඳුන්වන කොස්මස් ඉන්ඩිකොප්ලෙවුස්ටස් විසින් රචනා කළ Topographia Christiana (ක‍්‍රිස්තියානි දේශ විස්තරය)නම් කෘතියත් ය.
අරාබි මූලාශ්‍රය- ග‍්‍රීක හා රෝමවරුන්ට පවා ලංකාව පිළිබඳ තොරතුරු ලබා දුන්නේ අරාබි නාවුකයන් විසිනි. සුලයිමාන් යනු ලංකාව ගැන ලියූ පළමු අරාබි ලේඛකයා සේ පිළිගැනේ. අබුසයියද් යනු ලංකාව පිළිබඳව ලියූ තවත් ලේඛකයෙකි. අබුසයියද් නමැත්තා ලියූ සිල්සිලත්-අල්-තවාරික් නම් කෘතියේ අඩංගු වන්නේ ද සුලයිමාන් ලියූ කෘතියේ අන්තර්ගත තොරතුරුම ය. දහවන සියවස මැද දී පෙරදිග ප‍්‍රදේශවල සංචාරය කළ මසූදී නමැති අරාබි ලේඛකයා පූර්ව සංචාරකයින්ගේ කෘතිවල එන තොරතුරු හා සිය අත්දැකිම් පාදක කර ගනිමින් ලියූ කෘතියේ ද ලංකාව පිළිබඳව තොරතුරු ඇතුළත් වේ. ප‍්‍රකට අරාබි ලේඛක අල්බිරුනි විසින් ඉන්දියාව පිළිබඳව ලියූ කෘතියේ ඇතැම් තැනෙක ලංකාව පිළිබඳව ද සඳහන් වේ. දොළොස් වැනි සියවසේ මැද ඉද්රිසි නම් අරාබි ජාතික භූගෝල විද්‍යාඥයා පෙරදිග පිළිබඳ එතෙක් හෙළි වී නොතිබූණු කරුණු එක්රැස්කොට ලියූ කෘතියේ ද ලංකාව පිළිබඳව සඳහන් වේ. යාකූන්, කස්වීනි, අබුල්පීඩා ආදී භූගෝල විද්‍යාඥයෝ ද ලංකාව පිළිබඳව සඳහන් කර ඇත. ලංකාව පිළිබඳව ලියූ සියලූ ම මුස්ලිම් ලේඛකයන් අතරින් වඩාත් වැදගත් වන්නේ දාහතර වන සියවස මැද දී පමණ ලංකාවට පැමිණි ඉබන්බතූතාය.
මධ්‍යකාලීන යුරෝපා මූලාශ්‍රය- පෙරදිග රටවල් සෙවීමෙහි යෙදුණු මධ්‍යධරණි ප‍්‍රදේශවාසී සංචාරකයෝ ද ක‍්‍රිස්තියානි පූජකයෝ ද ලංකාව පිළිබඳව ලුහුඬු සටහන් තබා ඇත. දහතුන්වැනි සියවසේ විසූ මාර්කෝ පෝලෝ ලංකාව පිළිබඳව සටහන් කළ අය අගරින් විශේෂ අයෙකි. ජෝන් ඩි මැරිඤ්ඤෝලි ද ලංකාව පිළිබඳ ලියූ අය අතර විශේෂ වේ. පෝඩිනේන්හි ඔඩොරික් පූජකවරයා ද, ජෝඩානුස් පූජකවරයා ද, වෙනීසියේ නිකොලො ඩි කොන්ති, බොලොඤඤෝවේ ලූඩොවිසි වාර්තෙමා සහ 16 වන සියවසේ පෘතුගාලයේ විසූ දුර්වාත් බර්බෝසා යන ලේඛකයෝ ද ලංකාව පිළිබඳව ලියා ඇත.
නූතන යුරෝපා මූලාශ්‍රය- පෘතුගීසි, ලන්දේසි ලේඛකයෝ ද ලංකාව පිළිබඳව මෙහි හිඳිමින් ම සටහන් තබා ඇත. පෘතුගීසි, ලන්දේසි ලේඛකයෝ ද ලංකාව පිළිබඳව සටහන් කිරීමේ දී රාජාවලිය, නිකාය සංග‍්‍රහය වැනි කෘති ද පරිශීලනය කොට ඇත. රාජාවලිය, නිකාය සංග‍්‍රහය වැනි කෘති ද පරිශීලනය කොට ලනදේසි හා පෘතුගීසි ලේඛකයෝ ඔවුහු පැමිණීමට පෙර යුගයේ ලංකාවේ ස්වභාවය පිළිබඳව ද ලියූහ. දු කූටෝ, ඩෙ බැරෝස්, රුබෙයිරු, ක්වෙයිරෝස්, වැලන්ටයින්, බල්ඩෙයස්, ආදීහු ලංකාව පිළිබඳව ලියූ පෘතුගීසි ලේඛකයෝ වෙති.
චීන මූලාශ්‍රය- විවිධ අරමුණු උදෙසා භාරතයට පැමිණි චීන ජාතිකයෝ පසු කාලීනව ලංකාවට ද පැමිණියහ. ලංකාව පිළිබඳව චීන ලේඛකයෝ ලියූ පොත් අතර ඉතා වැදගත් වන්නේ දේශාටන විස්තර ගණයේ ලා සැලකිය හැකි කෘතීන් ය. දේශාටන විස්තර ගණයේ ලා සැලකෙන පොත් අතර වඩාත් වැදගත් වන්නේ ෆාහියන් හිමියන් ලියූ දේශාටන වාර්තාව, හ්‍යුං ත්සං(හ්‍යුං සියෑං, හ්‍යුන් ත්සෑං, හ්‍යුං සාං ආදී නම්වලින් ද හැඳින්වෙන)හිමියන් විසින් ලියන ලද භ‍්‍රමණ වෘතාන්තය හා ඉ ත්සිං හිමියන්ගේ කෘතිය යන ත‍්‍රිත්වය යි. ලංකාව පිළිබඳ ලියූව ද හ්‍යුං ත්සං හිමි හෝ ඉ ත්සිං හිමි ලංකාවට පැමිණ නැත. යුවන් චා ඕ සත්වන සියවසේ දී ලියූ සුං-කා ඕ-සෙං-වුවාං සහ වෙන්-යුවාං-සිං-තිං-ෂිහ්-චියා ඕ-මු-ලූ යන කෘතිවල ද ලංකාව පිළිබඳ කෙටි විස්තර ඇතුළත් වේ. පි-චියු-නි-චුවාන්(භික්ෂුණීන්ගේ චරිතාවදානය) කෘතිය පා ඕ චං විසින් ලංකාව පිළිබඳව ද කරුණු ඇතුළත් කොට හය වන සියවසේ දී ලියන ලද්දකි. පා ඕ චං විසින් ලියන ලද පි-චියු-නි-චුවාන් (භික්ෂුණීන්ගේ චරිතාවදානය) කෘතියේ භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා ලංකාවෙන් චීනයට වැඩම කළ භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව සඳහන් වේ. කෙ-නී-සි-යිහ්-හිං-චිං(කෙනී බටහිර පෙදෙස් වලට ගිය ගමන්වල විස්තරය)නම් කෘතියේ ද, දාහතර වන සියවසට අයත් සෙ-යිහ්-කෙ-පු-චූ(බටහිර රටවල් පිළිබඳ විස්තරය)නම් කෘතියේ ද, හයි-කු ඕ-තු-චෙ(විදේශ පිළිබඳ භූගෝල විද්‍යාව)නම් කෘතියේ ද, පියෙන්-ඉ-තියෙන්(විදේශීය ජාතීන්ගේ ඉතිහාසයක්) නම් කෘතියේ ද වං-තා-යුවාන් විසින් ලියූ තා ඕ-ඉ-චිහ්-ලි ඕ(දිවයින් වැසි පිටරැටියන් පිළිබඳ සාමාන්‍ය විස්තර)නම් කෘතියේ ද ලංකාව පිළිබඳව කරුණු ඇතුළත් වේ.
ඉන්දියානු මූලාශ්‍රය- ලංකාව පිළිබඳව සඳහන් වන ඉන්දීය කෘති අතර වඩා ප‍්‍රකට වන්නේ රාමායනය යි. එහෙත් එහි වැඩි වශයෙන් ම ඇත්තේ ජනප‍්‍රවාද නිසා ලංකාවේ ඉතිහාසය හැදෑරීමට ඇති ප‍්‍රබල මූලාශ‍්‍රයක් සේ නොසැලකේ. ලංකාව පිළිබඳව සඳහන් වන ඉන්දීය මූලාශ‍්‍ර අතරට ලංකාවතාර සූත‍්‍රය, මහාභාරතය, දිව්‍යාවදානය, ස්කන්ධපුරාණය ප‍්‍රධාන කොට ඇති පුරාණ ග‍්‍රන්ථ, රාජතරංගණිය, ජාතකපොත ආදිය ද අයත් වෙයි. දකුණු ඉන්දියාවේ ලියැවුණු සීලප්පදිකාරම්, මණිමේඛලයි, පදිර්රුපත්තු, පට්ටිනප්පාලයි ආදී කෘතිවල ද ලංකාව පිළිබඳව අහම්බෙන් සඳහන් වෙයි.
අග්නිදිග ආසියානු මූලාශ්‍රය- යාසවන්ජෝ නමැති බුරුම වංශකථාවේ ලංකාවේ හා ඉන්දියාවේ ශාසන ඉතිහාසය පිළිබඳව සඳහන් වේ. හ්මනන් යාසවන්(වීදුරු මාළිගාවේ වංශකථා)නමැති මෑත කාලීන කෘතියේ ද ලංකාව පිළිබඳව සඳහන් වේ. ලංකා ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන දේශීය සාහිත්‍ය මූලාශ‍්‍ර
මෙගලිතික සුසාන, මහාශිලා සුසාන, මහා ශිලා යුගයේ සුසාන, ශිලා මංජුසා සුසාන, බරණී සුසාන හා මැටි ඔරු සුසාන ආදිය මේ වර්ගයට අයත් වේ. ඉබ්බන්කටුව, යටිගල්පොත්ත, ගල්සොහොන් කනත්ත, කොක්අබේ, ගුරුගල්හින්න වැනි සුසාන මීට උදාහරණ වේ.
මෙඩිසි- ෆ්ලෝරන්ස් හි මෙඩිසි නමින් ව්‍යාපාරික පවුලක් විය. ඒ යටතේ බලන්න.
මේක්කාපේපර්, පැරණි ලංකාවේ පොලිස් නිළධාරීන්, රජුගේ ආරක්ෂකයින්. මෙකාපර්- මෙකාප්පර්, මෙකාප්පර, මෛක්කාප්පර් ආදී නම්වලින් ද ඔවුන් හඳුන්වා තිබේ. ඔවුන්ගේ ප්‍රධානියා මෙකාප්පර්වැදෑරුම් නමින් හඳුන්වා තිබේ.
මෛක්කාප්පර්, මේක්කාපේපර් යටතේ බලන්න.
මොනාලීසා- ඉතාලි සහ ප්‍රංශ භාෂාවෙන් "La Gioconda" හෝ "La Joconde" ලෙසින්ද හඳුන්වන "Mona Lisa", ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සිතුවම්වලින් එකකි. සිනහසෙන යුවතිය යන අර්ථය මේ නමේ තිබේ. එය ඉතාලි පුනරුද කලාකරු ලියනාඩෝ ඩා වින්චි විසින් නිර්මාණය කරන ලද අතර එහි විශිෂ්ට කලාත්මක බව, අභිරහස් විෂය සහ ඓතිහාසික වැදගත්කම පිළිබඳ කලා රසිකයින් අවධානය යොමුකරනු ලබයි. ලෙනාඩෝ ඩා වින්චි විසින් 1503 සහ 1506 අතර, ඉහළ පුනරුද සමය තුළ "මොනාලිසා" පින්තාරු කරන ලදී. ඒ පොප්ලර් ලී පුවරුවක තෙල් සායම් සිතුවමක් ලෙසිනි. සිතුවම ආසන්න වශයෙන් අඟල් 30 (සෙන්ටිමීටර 77) උස සහ අඟල් 20.8 (සෙන්ටිමීටර 53) පළල වේ. ආලේඛ්‍ය චිත්‍රයකි. "මොනා ලිසා" යනු ෆ්ලොරෙන්ටියානු වෙළෙන්දෙකු වන ෆ්‍රැන්චෙස්කෝ ඩෙල් ජියෝකොන්ඩෝගේ බිරිඳ වන ලීසා ගෙරාඩිනිගේ ප්‍රතිමූර්තියකි. එබැවින් විකල්ප මාතෘකාවක් වශයෙන් "ලා ජියෝකොන්ඩා" යන්න ද භාවිත වේ. එහි අර්ථය "ප්‍රීතිමත් තැනැත්තා" යන්නයි. චිත්‍රය ශතවර්ෂ ගණනාවක් තිස්සේ කලා ලෝලීන් සහ විද්වතුන් ආකර්ෂණය කර ඇත. ඊට හේතුව විවිධ කෝණවලින් හෝ දුරින් බලන විට ඇයගේ සිනහව වෙනස් වන බව පෙ‍නීම යි.
මොරපරකවාපි- මොරවැව(මහසෙන් රජු/අනුරාපුර යුගය/නෑගම්පහ කෝරළය)
මොරවැව- මොරපරකවාපි,(මහසෙන් රජු/අනුරාධපුර යුගය/නෑගම්පහ කෝරළය)
මොසෙස්, යුදෙව් ඥාතීන් ඊජිප්තු වහල්භාවයෙන් මුදාගැනීම සම්බන්ධයෙන් බයිබලයේ එන වීර චරිතයක් ඇසුරෙන් මයිකල් ආන්ජිලෝ විසින් කළ නිර්මාණයකි. පරිණත භාවය නිරූපණය කරන මුහුණ, තුරුණු ජවය නිරූපණය කරන පිරුණු අත් ගොබ හා සෙසු ශරීරාංග ආදියෙන් යුතු වන අතර කිරගරුඬ නිර්මාණයකි.
මොහොත- තත්පරයක කාලය. මුහුර්තය
මොහොල- වැවක ජලය සොරොව්ව හරහා පිටතට මුදාහරින්නේ මොහොල ආධාරයෙනි. මෙය විවෘත කිරීමේ ආධාරක සහිත දැවමය දොරටුවකි. එය විවෘත කළ පසු බිසෝකොටුවට ජලය ඇතුළුවන අතර වසා දැමීමෙන් වැවෙන් වතුර පිටවීම ද නතර කළ හැක.
යකඩමරං- මරං නමැති ශාකය.ඒ යටතේ බලන්න.
යබොර- යකඩ උණුු කළ පසු උඳුනේ පතුලේ තැන්පත් වන බොර කොටස්. ලෝහ මිශ්‍රිත අපද්‍රව්‍ය කොටස්.
යමසිංහ බණ්ඩාර- කරල්ලියද්දේ රජුගේ ඥාති පුත්‍රයෙකි. බොහෝ විට රජුගේ සොයුරියකගේ පුත්‍රයෙකු විය හැක. එබැවින් ඥාතිත්වයෙන් රජුගේ බෑණා විය. සීතාවක රාජසිංහ රජුගේ තර්ජනවලින් මිදීම සඳහා පෘතුගීසීන් වෙත පලා ගොස් සිටි අතර, දොන් පිලිප් නමින් බෞතීස්ම ලැබී ය. පළමු විමලධර්මසූරිය රජුට පෙර ඉතා කෙටි කලක් මහනුවර රජු සේ කටයුතු කළේ ය.
යල කන්නය- මාර්තු-සැප්තැම්බර් දක්වා වන වගා වාරය. මෙහි බීජ වැපිරීම අප්‍රේල් මස මැද සිදු කෙරෙන අතර අකාල වගාවාරයක් සේ සලකනු ලැබේ. එබැවින් ශිලා ලේඛනාදියේ මෙය අකලහස නමින් දක්වා තිබේ.
යවාගු, සහල් එක් කොටසකට වතුර කොටස් හයක් යොදා සකස් කරන කැඳ වර්ගය, උළු කැඳ, ලුණු කැඳ
යාගු, කැඳ. යාකු යනුවෙන් ද ශිලාලේඛනවල හමු වේ.
යාන් ඔය- කුඹුබන්ද නදී
යාල්පාණවෛපවමාලෛ- මයිල්වාගනම්-1736දී (මැක්කරා නම් ලන්දේසි ආණ්ඩුකරුගේ ඇරයුමෙනි) පණ්ඩු මහාරාජ (පණ්ඩුවාසදේව?) නම් රජෙකුගේ කාලය දක්වා ලංකා ඉතිහාසයේ ඈත යුගයක තොරතුරු හා මාඝ ආක්‍රමණයට පසු තොරතුරු සැකෙවින් දක්වා ඇත
යුං-ලෝ, (Yongle) ලංකාවේ ගම්පොළ සමය වන විට චීනයේ සිටි අධිරාජයා. චෙන්ග්-සු අධිරාජයා. ඔහු මින්ග් රාජවංශයට අයත් වේ. චෙං හෝ ඔහුගේ සෙන්පතියෙකි. Chengzu [reign title: Yongle] 1403–1424
යොදුන, ගව් හතරක දුරකි. ගව්ව පිළිබඳ විස්තරය ද බලන්න.
යෝධ වැව- මානාමත වැව. ධාතුසේ රජුගේ වාරි ව්‍යාපෘතියකි.
රජ- රංජනය කරන්නා හෙවත් සතුටට පත් කරන්නා.(මනරංජනීය වැනි වදන් අනුව බලන්න)
රට- මහනුවර සමයේ ප්‍රධාන පරිපාලන ඒකක වර්ගයක්. මහනුවර යටතේ රට ඒකක 9ක් විය. උඩුනුවර, යටි නුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, පාත බුලත්ගම
රටවසම- මහනුවර සමයේ ප්‍රදේශීය පාලන සංවිධානය. මෙය අධීක්ෂණය කළේ රජු විසිනි. ක්‍රියාත්මක කළේ අදිකාරම්වරු විසිනි.
රටේ මහත්තුරු- මහනුවර සමයේ රට නමැති ඒකකයේ ප්‍රධානියා
රටේ රාළ- රටේ මහත්තයා
රතු දුඹුරු පස- ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවල මේ පස් වර්‍ගය බහුලව දක්නට ලැබෙයි. විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, හම්බන්තොට, මොනරාගල තදාසන්න දිස්ත්‍රිකවල මෙම රතුවන් දුඹුරුපස් ඇත. මේ පසෙහි කැල්සියම් හොඳින් ඇති අතර කැටායන හුවමාරු ධාරිතාවය ද ඉහළ ය. මේ පස ධාන්‍ය වගාව ඇතුළු කෘෂිකර්මාන්තය සඳහා ඉතා සුදුසු වේ. ලංකාවේ වියළි කලාපයේ පැතිර පවතින සාම්ප්‍රදායික හේන් ගොවිතැනට ද මේ පස වඩාත් උචිත වේ. මෙම පස් කාණ්ඩයේ pH-6.5 ක් පමණ වේ. නමුත් මෙම පසේ ජලය රදවා තබා ගැනීමේ ධාරිතාවය අඩු ය. එබැවින් කෙටි කාලාන්තරවලින් ජලය සැපයිය යුතු ය. මීට අමතරව මෙම පසහි මතුපිට කැටිතිවල ස්ථායීතාව අඩු බැවින් ඛාදනයට ලක් වීමේ ප්‍රවණතාව ද ඉහළ ය.
රතුකැට දිවයින- ලංකාව හැඳින්වීමට අරාබි ජාතිකයින් යොදා ගත් නමකි. නව වන සියවසේ විසූ අරාබි ඉතිහාසඥයෙකු වූ අල්-බලසූරිගේ ලේඛනවල මේ ගැන සඳහන් වේ.
රත් සිරියල්- (1)පාෂාණ විශේෂයකි. (2)ගස් විශේෂයකි(පූජාවලිය අනුව), (3)රන් සිරියන් නමින් ද අමුද්‍රව්‍යයක් වේ. රන් සිරියල් යනු සාදිලිංගම් ය.
රත්තමාලකකණ්ඩක වාපි- රත්තල වැවමහරත්මල වැව (මහසෙන් රජු/ අනුරාධපුර යුගය)
රථරේණු- පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ අවකාශය මැනීමේ මිනුම් ඒකකයකි. ධූලි අංශුවක ප්‍රමාණය. තජ්ජාරි 36ක ප්‍රමාණය.
රදා බද්ද- මහනුවර සමයේ රෙදි සේදීමේ කාර්යාංශය.
රද්කොල්සම්දරු- රාජකීය කුලයේ සාමාජිකයින්. රාජ කුල ස්වාමිදරුවන්
රන්තහඩු ලිපි-අභිලේඛන වර්ගයකි. මේ සඳහා වල්ලිපුරම් රන් සන්නස, ජේතවනාරාම රන් බණපොත ආදිය උදාහරණ වේ.
රන්තිසාවැව-තිස්සවඩ්ඪමානකවාපි(කවුඩුල්ල වැව) මහසෙන් රජු විසින් අනුරාධපුර යුගයේ දී කරවන ලදී.
රන්දෙණිවල සටන- කපිතාන් ජනරාල් කොන්ස්තන්තීනු ද සා යටතේ උඩරටට ආ 600ක පෘතුගීසි සේනාංක සහ 4500ක කුලී සේනාංක සමග උඩරට දී සෙනරත් රජුගේ සේනා 1630දී සිදු කළ යුද්ධයකි. මෙහි දී පෘතුගීසීන් 350කට වඩා මිය ගිය අතර බොහෝ පිරිස් උඩරට අත්අඩංගුවට පත්විය. කුලී සේනාංක යුද්ධයට පෙර ම සෙනරත් රජුට එකතු වූහ. මේ නිසා පෘතුගීසීහු අන්ත පරාජයකට ලක් වූ අතර සා පවා මියගියේ ය.
රසවාහිනිය- වේදේහ හිමි දඹදෙණි යුගයේ දී රචනා කළ කෘතියකි.
රෆායෙල්- යුරෝපා පුනරුද සමයේ ප්‍රමුඛ චිත්‍ර ශිල්පියෙකි. ඇතැන්ස් ගුරුකුලය නමැති සිතුවම ඔහුගේ සිතුවම් අතර වඩාත් කතාබහට ලක්වූ සිතුවම වේ. මීට අමරතව මැඩෝනා සිතුවම් ගණනාවක් ඔහු විසින් නිර්මාණය කර තිබේ.
රාජසභාව- රාජ්‍ය පාලනය පිළිබඳ සාකච්ඡා කළ සභාව. අනුරාධපුර පොළොන්නරු යුගවල දී රජු ප්‍රධානත්වය දැරූ අමාත්‍ය, මන්ත්‍රී ආදීන්ගෙන් සමන්විත සභාවක් විය. එකල එය එක්තැන්සමිය නම් විය. මහනුවර සමයේ දී මෙහි රජු, අදිකාරම්වරු දෙදෙනා, දිසාවේවරු, මහලේකම්, බද්දේ ලේකම්වරු අයත් වූහ.
රාජසිංහ I- සීතාවක පාලකයෙකි. මායාදුන්නේ රජුගේ පුත්‍රයා ය. ඔහු විසින් මායාදුන්නේ රජු ඝාතනය කළ බව ද සඳහන් වේ. කුඩා කාලයේ සිට රණ ශූරයෙකු වූ අතර මුල්ලේරියා සටනේ දී සීතාවක සේනාංකයට නායකත්වය දුන්නේ ය. පසුකාලීනව ශිව ආගම වැළඳගැනීමන් අනතුරුව බුදුදහමට බොහෝ බධා ඇති කළේ ය. මහනුවර සමග යුධ කළ අතර පළමු අවස්ථාවේ කරල්ලියද්දේ රජු පරාජය කර මහනුවර ඈඳා ගත්තේ ය. නමුත් දෙවැනි සටනේ දී පළමු විමළධර්මසූරිය රජු අතින් පරාජය වී පසුබසින අතර පෙතන්ගොඩ උයනේ දී පාදයේ උණකටුවක් ඇනීමෙන් අසාධ්‍යව මරණයට පත්විය. ඔහුගෙන් පසු සීතාවක රාජධානිය බිඳවැටුණි.
රාජසිංහ II- මහනුවර පාලකයෙකි. සෙනරත් රජුගේ හා කුසුමාසන දේවියගේ පුත්‍රයා ය. මහා අස්ථාන කුමාරයා ය. පෘතුගීසීන් පලවාහැරීම සඳහා 1638 ගිවිසුම මගින් ලන්දේසි සහය ලබා ගත් රජු ය.
රාජාධි රාජසිංහ-නායක්කර් වංශයේ තෙවැනි පාලකයා.
රිදී විහාරය- කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රකට විහාරයකි. රුවන්මැලි සෑ කර්මාන්තයේ දී අවශ්‍ය වූ රිදි සැපයුණේ මේ පෙදෙසින් යැයි පිළිගැනේ.
රිබෙයිරෝ- ජොආඕ රිබෙයිරෝ යනු කිතුවසින් 1640දී පමණ ලංකාවට පැමිණි පෘතුගීසි ජාතික හමුදා සොල්දාදුවෙකි. හෙතෙම අවුරුදු දහඅටක් ශ්‍රී ලංකාවේ වාසය කරමින් පෘතුගීසි හමුදාවට සේවය කරමින් සිට කපිතාන්වරයෙකු දක්වා උසස් වීම් හිමි කර ගත්තේය. අනතුරුව සිය වයෝවෘද්ධ කාලයේ පෘතුගාලයේ ලිස්බන් නුවර වාසය කරමින් ශ්‍රී ලංකාවේදී තමන් ලද අත්දැකීම් පදනම් කරගෙන පොත් කිහිපයක් රචනා කළේය. මෙම පොත් රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය නමින් ලංකාවේ දී හඳුන්වනු ලැබේ. ක්‍රිස්තු වර්ෂයෙන් දහහත්වන සියවසේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදැරීමට මෙම කෘති බොහෝ ප්‍රයෝජනවත් ය.
රුප අදෙක- කාසි අච්චුගැසීම අධීක්ෂණය කරන නිලධාරියා.
රුවන්වැලිසෑය- ස්වර්ණමාලි මහා චෛත්‍යය, මහසෑය ආදී නම්වලින් හැඳින්වෙන ස්ථූපය. දුටුගැමුණු රජ දවස ඉදිකරනු ලැබූවකි. ලංකාවේ ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය වූ මහාවිහාර සීමාවට අයත් වේ. බුබ්බුලාකාර හැඩැති ස්ථූපයකි. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 370 කි. මුල් ඉදිකිරීමේ උස අඩි 338කි. පාදයේ වටප්‍රමාණය අඩි 942කි. කොත පමණක් (වුඩාමාණික්‍යය සමග) අඩි 25 ක් පමණ වේ. ස්ථූප මළුවේ පැත්තක දිග අඩි 465ක් තරම් වෙයි. ථූපය බැඳීමට යොදාගත් ගඩොලක් පළල අඟල් 24.17 ද ඝණකම අඟල් 6.97 ද වෙයි. මෙය ඉදිකළ භූයේ වූ රන්තෙළඹු ගසකට අධිගෘහිතව සිටියා වූ ස්වර්ණමාලී නම් තුරුදෙව්දුව වෙනුවෙන් මේ නම යෙදූ බව සාහිත්‍ය මූලාශ්‍රයවල හා ජනප්‍රවාදයේ සඳහන් වේ. ඇයට රත්නවල්ලි නම ද යෙදෙන්නේ යැයි සඳහන් වෙතත් එය විවාදයට තුඩු දී තිබේ. මහා බෝධිවංශයට අනුව මහින්ද මහ රහතන් වහන්සේ දවස අනුරාධපුර රුවන්මැලි සෑය අවට භුමිය මාලක යන නමින් ද රුවන්මැලිසෑය පිහිටි බිම (එය පිහිටුවිමට පෙර පටන්) රත්නමාලක හෙවත් රුවන්මළුව යන නමින් ද හැඳින්වූ වග පෙනෙයි. රුවන්මැලිසෑය යන නම ඒ අනුව ආයේ ද යන සැකය පවතී. (සංස්තෘතික පුරාණය. 2001 ජුලි - සැප්. පිටුව 01 රුවන්මැලි සෑය යන නමින් මහාවංශයේ පළමුවරට සඳහන් වන්නේ ද ඛල්ලාටනාග රජුගේ රාජ්‍ය කාලය පිළිබඳ විස්තරයේ ය. (ම.ව. 33 පරි. 31 ගාථාව බලන්න) ථූපාරාම භූමියෙන් සොයා ගත් සෙල්ලිපියක රතන අරබ යනුවෙන් සඳහන් කර ඇත්තේ ද රුවන්මැලිය යැයි පරණවිතාන මහතා විශ්වාස කළේය. (සං. පුරා. 2001. ජුලි . සැප්. පි. 01) එම ලිපිය ගජබාහු රජ දවසට අයත් ය.
රුහුණ- රෝහණ රාජධානිය. කැලණි, කළු හෝ බෙන්තර ගඟ අසල සිට ලංකාවේ දකුණු හා නැගෙනහිර තැන්න ඔස්සේ මහවැලි නදිය දක්වා විහිද ගිය තීරයකි. මාගම රාජධානිය නමින් ද හැඳින්වේ. මාගම, මහානාගහුල, උඳුන්දොර ආදී මධ්‍යස්ථාන එහි කලින්කලට බලවත්විය. පසුකාලීනව, පොළොන්නරු සමයේ දී රුහුණ කොටස් දෙකකට බෙදා පාලනය වූ අතර වළවේ ගංගාවෙන් බටහිර කොටස දොළොස්දහස් රට නම් විය. එහි ගම්මාන දොළොස්දහසක් වූ අතර පාලන මධ්‍යස්ථානය මහානාගහුල විය. වළවේ ගඟෙන් නැගෙනහිර කොටස අටදහස් රට විය. එහි වූ ගම්මාන අටදහසෙහි පාලන මධ්‍යස්ථානය උඳුන්දොර විය. නමුත් මේ කොටස ගල්ඔය අසලින් නිමා වූ අතර ඉන් ඔබ්බේ වූ මහවැලි ගංගාව දක්වා භූමිය පොළොන්නරු හා රුහුණු පාලකයින්ගේ සම බලයක් සක්‍රියව පැවති ප්‍රදේශයක් ව තිබෙන්නට ඇත.
රෙපරමාදු ක්‍රිස්තියානි- යුරෝපයේ ආගමික ප්‍රතිසංස්කරණ සමයේ කිතුසමය බෙදී ගිය ප්‍රධාන කොටස් දෙකෙන් එකකි. අනෙක රෝමානු කතෝලික සමය යි. පෘතුගීසීන් ලංකාවට රෝමානු කතෝලික සමය හඳුන්වා දුන් අතර, ලන්දේසීන් රෙපරමාදු ක්‍රිස්තියානිය හඳුන්වා දුන්නේ ය.
රොඩී රැහැට දැමීම- පහත් කුලයකට දැමීම. මෙසේ රොඩී කුලය සමග ජීවත් වීමට නියෝග ලැබුණු විට රොඩී අයෙකු ආකාරයට එකී රැකියාවන්හි ම නිරත වෙමින් ඔවුන් සමග ම වාසය කළ යුතු වේ. හම් පදම් කිරීම, වරමුදු, අං පනා තැනීම ආදිය මේ කුලයේ රැකියාව වුවත් එය ජීවත්වීමට ප්‍රමාණවත් නොවේ. ඒ නිසා සිඟමන් යැදීමෙන් ජීවත් වීම මේ කුලයේ ක්‍රමය විය.මේ දණ්ඩනයට ලක්වීමට ප්‍රධාන හේතුවක් වූයේ තමන්ට අයිති නැති ගරු නම්බුනාම, තාන්න මාන්න ආදිය යොදාගැනීම, තම කුලයට නොගැලපෙන ඇඳුම් ආයිත්තම් ඇඳීම ආදිය වේ. එකල සමාජ පන්තිවලට නියමිත ඇඳුම් වර්ග විය.
රොබට් නොක්ස්, රොබර්ට් නොක්ස් (කනිටු)(ක්‍රි.ව. 1641-1720) යනු ඉංග්‍රිසි ජාතික නැව්කපිතාන්වරයෙකි. ඔහු තම වසය 14 දී සිය පියා වූ ජ්‍යේෂ්ඨ රොබට් නොක්ස් සමග නැව් නැගී ඉන්දියාවට පැමිණීයේය. ක්‍රිස්තු වර්ෂ 1658 දී පර්සියාව බලා යාත්‍රා කරමින් සිටි ඔවුන්ගේ නැව කුණාටුවකින් බේරාගනු පිණිස එහි කුඹගස කපා දැමීමට ඔවුන්ට සිදු විය. මේ නිසා ඔවුන්ගේ නෞකාව ක්‍රිස්තු වර්ෂ 1659 නොවැම්බර් 19 වන දා ශ්‍රී ලංකාවට පා වී ආවේය. කොට්ටියාරම ප්‍රදේශයට ආ ඔවුන් කුඹගසකට සුදුසු ගසක් සොයමින් සිටිය දී නැවේ සිටි දහසය දෙනෙකුගෙන් සමන්විත පිරිස දෙවන රාජසිංහ රජු විසින් සිරභාරයට ගන්නා ලදී. අවුරුදු දහනවයක කාලයක් තිස්සේ සිරකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ කාලය ගත කළ රොබර්ට් නොක්ස් අනතුරුව ගැලවී පැන ගියේය. මන්නාරමේ අරිප්පු නම් ස්ථානයට ලඟා වූ ඔහු එතැනින් බතාවියාවට පැන ගියේය. ක්‍රිස්තු වර්ෂයෙන් 1680 දී ඔහු නැවතත් එංගලන්තයට ළගා විය. මේ ගමන අතරතුර ඔහු විසින් ශ්‍රී ලංකාවේ දී තමන් ලත් අත්දැකීම් පදනම් කොට ගෙන පොතක් රචනා කළේය.An Historical Relation of the Island of Ceylon නම් වූ එම කෘතිය 1681 දී ප්‍රකාශයට පත් විය. ඔහු මෙරට ගත කළ කාලයේ දී එනම් ක්‍රිස්තු වර්ෂයෙන් දහහත්වන සියවසේ ශ්‍රී ලංකාවේ පැවති සමාජය පිළිබිඹූ කරන චිත්‍ර සහ විස්තර එම කෘතියට ඇතුළත් ය.
රෝම කාසි-ලංකාවෙන් බහුල වශයෙන් හමුවන විදේශ කාසි වර්ගයකි. ලංකාව වටා බොහොමයක් වරායවලින් රෝම කාසි හමුවේ.
රෝමනුක දේ- වත්මන් ඉතාලිය මුල්කරගත් රෝමානු දේශය. රෝම අධිරාජ්‍යය.
රෝමානු කතෝලික- යුරෝපයේ ආගමික ප්‍රතිසංස්කරණ සමයේ කිතුසමය බෙදී ගිය ප්‍රධාන කොටස් දෙකෙන් එකකි. අනෙක රෙපරමාදු ක්‍රිස්තියානිය යි. පෘතුගීසීන් ලංකාවට රෝමානු කතෝලික සමය හඳුන්වා දුන් අතර, ලන්දේසීන් රෙපරමාදු ක්‍රිස්තියානිය හඳුන්වා දුන්නේ ය.
ලංකාතිලක විහාරය- පොළොන්නරුවේ ද ගම්පොළ ද මේ නමින් විහාර දෙකකි. තවත් අප්‍රකට ඒවා තිබිය හැක. පොලොන්නරුවේ ලංකාතිලක විහාරය පළමු පැරකුම්බා රජු විසින් කරවූ අතර එය ආලාහන පිරිවෙන් සංකීර්ණයට අයත් වේ. ගම්පොළ ලංකාතිලක විහාරය සේනාලංකාධිකාර ප්‍රභූ පවුල විසින් ගොඩනංවා ඇත.
ලංකාධිපත්‍යය- ලංකාවේ දේශපාලන හා ආධ්‍යාත්මික ආධිපත්‍යය නම් වන මෙම කෘතිය ෆර්නාඕ ද ක්වේරෝස් නම් පෘතුගීසි ලේඛකයාගේ ය. පෘතුගීසි පාලන සමයේ ලියැවී තිබේ.
ලංකාව- දිවයින පිළිබඳ විස්තරයක්.එමර්සන් ටෙනන්ට්-ඉංග්‍රීසි පාලන සමය
ලංකාවේ පනස් වසරක්- තෝමස් ස්කිනර්ගේ කෘතියකි. ඉංග්‍රීසි පාලන සමය
ලක්දිව පැරණි වාරිමාර්ග- ආර්. ඒල්. බ්‍රෝහියර්ගේ කෘතියකි. ඉංග්‍රීසි පාලන සමය
ලක්ෂ්මී කාසි- ලංකාවෙන් හමුවන කාසි විශේෂයකි. එහි එක් පසෙක ලක්ෂ්මී දේවියගේ රුවක් ඇති අතර ඇය ඇතුන් දෙදෙනෙකු විසින් අභිෂේක කරන ආකාරයට නෙළුම් මලක් මත නිරූපණය කර තිබේ. මෙය පළලින් අඩු උසින් වැඩි කාසියකි. තඹ තහඩු කාසි වර්ගයකි.
ලතින් භාෂාව- රෝමානුවන්ගේ මුල් බස. මධ්‍යම ඉතාලියේ ලෙටියම් ප්‍රදේශයේ පදිංචි වූ මුල් ලතින්වරුන්ගේ බස.
ලපන- ආලේපන කරන්නා, වර්ණාලේප කරන්නා, චිත්‍ර ශිල්පියා. හම්බන්තොට නැට්ටුක්කන්ද ලිපියේ ලපන තිස්ස යනුවෙන් සඳහන් වේ.
ලම්බකර්ණ- ලඹ(එල්ලෙන) සවන්(කන්)/ ලඹ සවන්(කන්) ඇති/ ලංකාව පාලනය කළ රාජවංශයක නාමයකි.
ලම්බකර්ණ රාජවංශය, ලඹ සවන් (එල්ලා වැටෙන දිගු කන් පෙති) ඇති බව සිය ගෝත්‍ර ලක්ෂණයක් කරගත් ජන කොට්ඨාසයක් විසින් නිර්මාණය කරගත් රාජවංශයක්. ලංකාවේ ලම්බකර්ණ වංශයේ ආරම්භකයා වසභ නමැති රජු ය. බුද්ධඝෝෂ හිමි හා පාහියන් හිමි ලංකාවටට වැඩමකරන සමයේ ලංකාවේ රජු වූ මහානාම රජු එහි අවසානයා වශයෙන් සැලකේ. නමුත් රජුගේ අන්තඃපුර බිසවකගේ පුත්‍රයෙකු සේ සැලකෙන සොත්ථිසේන එහි අවසානයා සේ පිළිගන්නා සම්ප්‍රදායක් ද තිබේ.
ලාක්ෂා කර්මාන්තය- ලීවලින් කළ භාණ්ඩ අලංකාර කිරීම සඳහාත්, කල් තබාගැනීම සඳහාත් ලාක්ෂා තවරා වැඩ දමනු ලැබේ. මාතලේ දිසාවේ හපුවිද, මාතර අඟුල්මඩුව, මහනුවර හුරීකඩුව යන ප්‍රදේශ මේ සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ලාකඩ ලබා ගන්නේ ලාක්ෂා නම් කෘමි සතෙකුගෙනි. නියපොතු වැඩ හා පට්ටල් වැඩ වශයෙන් මේ කර්මාන්තයේ කොටස් දෙකකි.
ලික්ඛ- පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ අවකාශය මැනීමේ මිනුම් ඒකකයකි. ලීක්ෂා. හෙවත් උකුණු ලේඬි. උකුණු බිජුව. රථරේණු 30ක හෝ 36ක ප්‍රමාණය.
ලිමොනයිට්- ලිමොනයිට් යනු අවසාදිත, පරිවෘත්තීය සහ සමහර ආග්නේය පාෂාණවල බහුලව දක්නට ලැබෙන පොදු ඛනිජයකි. ඒවා යකඩ ඔක්සයිඩ් වේ, නමුත් ඊට විවිධ සංයුතිය, ගුණ සහ පෙනුම ඇත.
ලිමොනයිට් යනු තනි ඛනිජයක් නොව, බොහෝ විට ගොතයිට් සහ ලෙපිඩොක්‍රොසයිට් අඩංගු විවිධ හයිඩ්‍රේටඩ් යකඩ ඔක්සයිඩ් ඛනිජවල මිශ්‍රණයකි. එහි රසායනික සූත්‍රය සාමාන්‍යයෙන් FeO(OH)•nH2O ලෙස ලියා ඇත. ලිමොනයිට් සාමාන්‍යයෙන් කහ සිට දුඹුරු දක්වා වර්ණයෙන් යුක්ත වන අතර අඳුරු, පස් වැනි දීප්තියකින් යුක්ත වේ. එය බොහෝ විට පාෂාණ මතුපිට කුඩු හෝ botryoidal (ගෝලාකාර) ස්කන්ධයක් ලෙස හෝ ඛනිජ මත ආලේපන ලෙස පෙනේ. ලිමොනයිට් බහුලව දක්නට ලැබෙන්නේ යකඩ නිධි, මැටි බහුල පස් සහ අවසාදිත පාෂාණවල ය. එය සෑදෙන්නේ මැග්නටයිට් සහ පයිරයිට් වැනි යකඩ සහිත ඛනිජවල කාලගුණය මගිනි. ලිමොනයිට් එහි අඩු යකඩ අන්තර්ගතය නිසා සැලකිය යුතු යකඩ ප්‍රභවයක් නොවේ. එය සීමිත කාර්මික භාවිතයන් ඇති නමුත් ඓතිහාසික වශයෙන් තීන්ත සහ ඩයි වර්ග වල වර්ණකයක් ලෙස භාවිතා කර ඇත.
ලියන රාළ- මහනුවර සමයේ ලියන්නා. ලේකම් වරයෙක්. ආරච්චි.
ලියනාඩෝ ඩාවින්චි- යුරෝපා පුනරුද සමයේ වඩාත් ප්‍රකට චිත්‍ර ශිල්පියෙකි. සංගීතඥයෙකි. ඉංජිනේරුවෙකි. දාර්ශනිකයෙකි. ගෘහ නිර්මාණ හා සැලසුම් ශිල්පියෙකි. මොනාලිසා, අවසාන රාත්‍රී භෝජනය, ගිරි මුදුනේ කන්‍යා මව්තුමිය, ඇතුළු ලෝ පතල සිතුවම් ගණනාවක් ද නිර්මාණය කළේ ය. හෙළිකොප්ටරය, යුධ ටැංකිය, දිය මත ඇවිදින පාවහන් වැනි සැලසුම් ද ඔහුගේ ය.
ලෙන් ලිපි- ගල්ලෙන්වල ලියූ ලිපි. මේවා ලංකාවේ පැරණිම ලිපි අතර ලා සැලකෙන අතර පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබේ. මේවා ඉතා කෙටි ලිපි විශේෂයක් වන අතර එක්තරා ආකාරයක ඔප්පු විශේෂයක් බඳු ය. එනම් ඒවායින් යම් අයිතියක්, අයිතිය පැවරීමක් පෙන්වනු ලබයි.
ලොරැන්සෝ ද අල්මේදා- ලංකාවට පැමිණි පළමු පෘතුගීසි යාත්‍රිකයා වූ අතර එවක ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වූ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා ගේ පුත්‍රයා ය.1480 දී උපන් ඔහු ලංකාවට පැමිණ තෙවසරකට පසු, එනම් ඔහු 28 වැනි වියේ පසුවන විට නාවික සටනක දී ඊජිප්තු නාවික බලඇණියක් අතින් තුවාල ලැබීය. තුවාල සහිතව ඉන්දියාවට ගෙන ආ ලොරැන්සෝ ද අල්මේදා එම වසරේ ම මිය ගියේ ය.
ලෝරාට සැහැලි කවි- පෙට්රාක් විසින් පුනරුද සමයේ රචනා කළ කෘතියකි.
ලෝවැඩ සඟරාව- වීදාගම මෛත්‍රීය හිමි- කෝට්ටේ යුගය
වංසත්ථප්පකාසිනී- වංසත්ථප්පකාසිනිය වනාහි මහාවංසයට ලියූ ටීකාවයි. මෙම කෘතිය ක‍්‍රි. ව. 8-11 සියවස් අතර කාලයේ ලියැවී ඇතැයි විශ්වාස කෙරේ. මහානාම නම් හිමි නමකගේම කෘතියක් යැයි විශ්වාසයක් ඇතත් එය සනාථ කිරීමට සාධක නැත. එමෙන් ම ඒ මහාවංසය ලියූ හිමියෝ ම නොවේ. ලංකා ඉතිහාසයට සහ ඉන්දීය ඉතිහාසයට අයත්, එහෙත් මහාවංසයේ දක්නට නොලැබෙන තොරතුරු රැසක් ද අන්තර්ගතය. මහාවංසයේ විස්තරාත්මකව නොදක්වන කරුණු බොහොමයක් මෙහි විස්තරාත්මකව දක්වා තිබේ. පණ්ඩුකාභය රජු දවස සම්බන්ධයෙන් මහාවංසයේ විස්තර කෙරෙන සිවිකාසාලා හා සොත්ථිසාලා යන ගොඩනැගිලි හඳුනා ගැනීමට වංසත්ථප්පකාසිනියේ එන තොරතුරු අතිශය වැදගත්ය. දේවානම්පියතිස්ස රජ දවස ලංකාව හා ඉන්දියාව අතර පැවති සබඳතා පිළිබඳ අතිමහත් තොරතුරු ප‍්‍රමාණයක් වංසත්ථප්පකාසිනියේ සඳහන්ය. දේවානම්පියතිස්ස රජුගේ පුනරාභිෂේකය(ද්විතියීය අභිෂේකය) පිළිබඳව වෙනත් මූලාශ‍්‍රවල සඳහන් නොවන තොරතුරු රැසක් වංසත්ථප්පකාසිනියේ සඳහන් වේ. තාවකාලිකව කිරුළ අහිමිව වළගම්බා රජු වනගතව ජීවත් වූ කාලය පිළිබඳව නිවැරදි යැයි පිළිගත හැකි තොරතුරු වැඩි ප‍්‍රමාණයක් ද වංසත්ථප්පකාසිනිසේ ඇතුළත්ය. ටීකා සම්ප‍්‍රදාය ආරක්ෂා කරමින් සරල ගද්‍යයෙන් ලියා ඇත. වංසත්ථප්පකාසිනියට අනුව වළගම්බා රජු වනගතව සිටි කාලය අවුරුදු 14ක් හා මාස 7කි. වංසත්ථප්පකාසිනියට අනුව සිවිකාසාලා යනු සිවලිංගය තබන ලද දේවාලය හෝ මාතෘ නිවාසයයි. වංසත්ථප්පකාසිනියට අනුව සොත්ථිසාලා යනු බමුණන් වේදය හදාරණ ශාලාව හෝ ආරෝග්‍ය ශාලාවයි.
වජ්‍රචුම්බට- වජ්‍රචුම්භටකය යනු අකුණු සන්නායකය යි. වජ්‍ර යනු අකුණ යි. ලෝහ කැබලි තමා වෙත ඇදගන්නා චුම්භකයක් සේ මේ උපකරණයෙන් අකුණු තමා වෙත අද ආරක්ෂිතව භූගත කරයි .
වටාපොත,
වඩ්ඪකීගාම, වඩුවන් විසූ ගම්මාන
වදාළ, පැරණි කාලයේ ව්‍යවස්ථාදායකය මේ නමින් හඳුන්වා තිබේ.
වන නදී- වළවේ ගඟ/වන වාහිනී
වන වාහිනී- වළවේ ගඟ/වන නදී
වන්නි බුවනෙකබාහු, බුවනෙකබාහු III රජුට ම නමකි. ඒ යටතේ ද බලන්න.
වන්නි විජයබාහු- තෙවැනි විජයබාහු රජුට ම තවත් නමකි. වන්නි ප්‍රදේශවල සිට පැමිණි නිසා මේ නම පටබැඳුණි.
වන්නිය- වනගත ප්‍රදේශ යන අර්ථය ඇති වදනකි.
වන්නියාර්- වන්නි හෙවත් වන රාජ්‍යවල පාලකයෝ.
පොළොන්නරු පරිහානියට පසු ලංකාවේ සිදු වූ සුවිශේෂ ම දේශපාලන වෙනසක් වූ වන්නි රාජධානි බිහිවීම පිළිබඳ ව ද අපගේ අවධානය යොමුවෙයි. වන්නි යන වදන පළමුකොට ම මහාවංසයේ සඳහන් වන්නේ තෙවැනි විජයබාහු රජු සම්බන්ධ විස්තරයේ ය. තෙවැනි විජයබාහු රජු වන්නිවරුන් අතරින් කෙනෙක් යැයි මහාවංසයේ දැක්වේ. වන්නි යන වදන උපදින්නට ඇත්තේ වනය යන වදනින් හෝ වනගත රාජධානි යන අරුත දෙන වදනකින් යැයි විශ්වාසයක් පැවතිය ද ඥානප්‍රගාසර්, එස්. පද්මනාදන් වැනි ඉන්දීය උගතුන් ප්‍රකාශ කරන ආකාරයට වන්නිවරු බිහි වී ඇත්තේ දකුණු ඉන්දීය තොණ්ඩෙයිමණ්ඩලම්හි වනගත ප්‍රදේශවල සිට පැමිණි වන්නියාර්වරුන්ගෙනි. නමුත් මේ පිළිබඳ වෙනත් මතවාද ද ඇති බව අමතක නොකළ යුතු ය. ඔවුන් අතර සිංහල නායකයෝ මෙන් ම ද්‍රවිඩ නායකයෝ ද වූහ. කාලිංග මාඝගෙන් පසු වනයට බිලිවෙමින් තිබූ රජරට කොටසේ උතුරු හා නැගෙනහිර කලාප ආශ්‍රිතව ඉතිරි වී සිටි ජන සමූහයාගේ නායකයින් වූයේ ඔවුන් ය. ඈත වනගත ගම්මානවල පාලන කටයුතු හෝ ආර්ථික කටයුතුවල බලපෑම මධ්‍යම රජයට තදින් අදාළ නොවන නිසා මේ වන්නි පිළිබඳ කාලයක් තිස්සේ රාජ්‍ය අවධානයක් යොමු වූයේ නැත. වන්නිවරු ද අර්ධ හෝ පූර්ණ ස්වාධීන පාලනයක් ගෙනගියහ. ඔවුන් කලින්කලට පත් වූ සිංහල හෝ යාපනයේ ද්‍රවිඩ නායකයින් අතරින් වඩාත් ප්‍රබල රජුට අවනත වීමේ ප්‍රවණතාවක් ද විය. මහ වන්නි හා සිරි වන්නි නමින් වන්නි වර්ග දෙකක් විය. මහ වන්නි යනු තරමක් විශාල පාලන ප්‍රදේශයකි. මේවා දහඅටක් තිබූ බව පෙනෙයි. සිරි වන්නි යනු කුඩා රාජ්‍යයන් ය. මේවා තුන්සිය හැටහතරක් වී යැයි පිළිගන්නට හැකි ය. නමුත් මේ සංඛ්‍යා දී ඇත්තේ මේ පිළිබඳ විධිමත් ගණනය කිරීමකින් පසු නොවන නිසා සංඛ්‍යා පිළිබඳ විශාල විස්වාසයක් තැබීමට නොහැකි ය. අත්තනගලු ප්‍රදේශයේ ද වන්නිවරුන් සිටි බව අත්තනගලු වංසය අනුව පෙනී යයි. ඔවුන් එකල පාලකයාට අකීකරු වීමක් පිළිබඳ පුවතක් එහි සඳහනක් වේ. මේ වන්නිවරු අතරින් ම ආ IIIවන විජයබාහු රජු පොළාන්නරුවේ කාලිංග මාඝ සිටියදී ම දඹදෙණියේ රාජධානියක් පිහිටුවාගත් අයුරු මීට ඉහත සඳහන් කර ඇත. ඔහු බලයට පත් වූ පසු සෙසු වන්නියාර්වරු ඔහුට අවනතව වාසය කළා මිස රාජධානි හෝ බලප්‍රදේශ අත්හැර දැමූ වගක් නොපෙනෙයි. මේ නිසා ලංකාවේ යටත්විජිත යුගය වනවිටත් කලින්කලට මේ වන්නියාර්වරුන්ගේ පිබිදීම් දක්නට ලැබෙයි. IIIවන විජයබාහු රජුට පසු බලයට පත් වූ IIවන පරාක්‍රමබාහු රජුගේ සමයේ ද මේ වන්නියර්වරු රජරට උතුරු ප්‍රදේශයේ හා නැගෙනහිර පළාතේ වනගත පාලන ඒකක පවත්වාගෙන ගොස් ඇත. ඔවුන් සතු ව පෞද්ගලික යුද්ධහමුදා සිටි බවක් ද පෙනී යයි. නමුත් රටේ අගරජු හෝ කාලීන ව බලවත් වූ නායකයින්ට ඔවුන් අවනතව සිටියා විනා, මෙරට දේශපාලන බලවේගයන්ට විශාල වශයෙන් අභියෝග කළේ නැත. ඒ නිසා මේ යුගයේ රජවරු වන්නිවරුන් මර්දනය කෙරේ විශාල අවධානයක් යොමු කළේ ද නැත. නමුත් ඇතැම් අවස්ථාවල වන්නියර්වරු ප්‍රබලව නැගී සිටින ආකාරයක් ද පෙනී යයි. IIවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී වන්නියාර්වරුන්ට රජරට ආගමික සිද්ධස්ථාන නඩත්තු කිරීමේ රාජකාරිය පැවරීමක් දක්නට ලැබෙයි. පරක්‍රමබාහු රජුගේ පුත් විජයබාහු කුමරු (පසු කාලයේ IVවන විජයබාහු නමින් රජවූ කුමාරයා) වන්නිවරුන්ට මෙකී රාජකාරිය පැවරී ය. එය වන්නිවරුන්ට යම් නීත්‍යනුකූලභාවයක් හිමි වූ අවස්ථාවක් වශයෙන් ද සැලකිය හැකි ය. තව ද ඔවුන් දඹදෙණියේ රජුට අවනත ව විසූ බවක් ද මින් පෙනී යයි. කෙසේ වෙතත් කෝට්ටේ සවැනි පරාක්‍රමබාහු රජුගේ සමයේ සපුමල්කුමරා වන්නිවරුන් සපුරා පරාජය කළ බව සඳහන් වේ.
වපිහමික- වැව් හිමියා
වයන්ති - මහවිලච්චිය- වසභ රජු
වරක- අතීතයේ ලංකාවේ ජනයා ආහාරයට ගත් ධාන්‍ය වර්ගයකි.
වලඤ්ඤියර්, ඉන්දීය වෙළඳ සංවිධානයකි. ඔවුන් වීරබන්ජු ධර්ම ලෙස හඳුන්වනු ලබන වෙළඳ චර්යා සංග්‍රහය ක්‍රියාත්මක කළෝය. ඔවුන්ව කැනරස් භාෂාවෙන් වීරබන්ජු ලෙසද දෙමළ භාෂාවෙන් වීරවලංජියර් ලෙසද හඳුන්වා ඇත. සෙල්ලිපිවල මෙම කණ්ඩායම් හඳුනාගෙන ඇත්තේ වීර වළංජියර් ලෙසිනි. ඔවුන්ගේ ව්‍යාපාරයෙන් ආවරණය වූ ප්‍රදේශය මුලදී වැදගත් වාණිජ දිස්ත්‍රික්ක වන පුදුක්කෝට්ටායි, තිරුචිරප්පලි සහ තිරුනෙල්වේලි හි බටහිර කොටසට සීමා විය. පසුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඒ අවට සෑම ප්‍රදේශයකටම සහ ශ්‍රී ලංකාවට පවා ව්‍යාප්ත විය. මෙම සංවිධානය හා වේලෛක්කාරයින් අතර ආයතනික සබඳතාවක් ඇති බව ද පිළිගැනෙයි.
වල්ලිගාම- වැලිගම
වල්ලිපුරම් රන් සන්නස- වසභ රජතුමා-අනුරාධපුර යුගය(වසභ රජ දවස යාපන අර්ධද්වීපය පාලනය කළ ඉසිගිරිය නමැත්තා යටතේ ඉදිකළ විහාරයක් ගැන කියවේ)
වස- වර්ෂය. මාස 12ක ප්‍රමාණය. මෙහි මාස යන්න දෙවැදෑරුම් වේ. සූර්ය මාස හා චන්ද්‍ර මාස වශයෙනි. සූර්ය මාස ක්‍රමය දැනට ලොව සම්මත මාස ක්‍රමය වේ. චන්ද්‍රමාස ක්‍රමය භාවිත වූයේ පුරාණ පෙරදිග ය. එහි මසකට දින 28 බැගිනි.
වසවසික- වස් වාසය කරන ලද. බෞද්ධ භික්ෂූන්වහන්සේලා වැසි කාලයේ පිණ්ඩපාත උදෙසා චාරිකා නොකරමින් ආරාමයේ නතර වී සිටින අතර විහාරයට ම පැමිණෙන දායකයින් විසින් සිවුපසයෙන් උපස්ථාන කරනු ලැබේ. කුරුණෑගල හැළඹගල ලිපියේ මේ වදන හමු වේ.
වසවසික සහඨක- කඨින චීවරය. වස් කාලය අවසානයේ පුජා කරන චීවරය. කුරුණෑගල කොතලකීඹියාවේ ලිපියේ මේ යෙදුම හමු වේ.
වස්කෝ ද ගාමා- පෘතුගීසි ගවේෂකයෙකි. 1498 වැන්නේ දී පෙරදිගට ආ පළමු පෘතුගීසි ජාතිකයා බවට පත්වෙමින් ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩබැස්සේ ය.
වළවේ ගඟ-වන නදී/වනවාහිනී
වාථමංගණ- නොච්චිපොතාන වැව-වසභ රජු
වැනීසිය- ඉතාලි වාණිජ නගරයකි.
වැලිගම- වැලිකගාම, වල්ලිගාම
වැව් ප්‍රපතනය, ඇළ මාර්ග මගින් එකිනෙක යා වූ වැව් පද්ධතිය. ජලය අපතේ යෑම අවම කරනු පිණිස මේ වැනි වැව් පද්ධති නිර්මාණය කර තිබේ. එල්ලංගාව නමින් ද හැඳින්වේ.
වැසි වනාන්තර- වැසි වනාන්තර යනු සශ්‍රීක ජෛව විවිධත්ව පරිසර පද්ධති වන අතර ඒවායේ ඉහළ වර්ෂාපතනය සහ ජීවයට හිතකර උණුසුම් උෂ්ණත්වයන් ද පවතී. ඒවා ලොව පුරා නිවර්තන සහ උපනිවර්තන කලාපවල දක්නට ලැබෙයි.
අධික වර්ෂාපතනය- වැසි වනාන්තරවලට වසර පුරා සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබේ, සාමාන්‍යයෙන් එම අගය වාර්ෂිකව මිලිමීටර් 2,000 (අඟල් 79) ඉක්මවයි. වර්ෂාපතනය බොහෝ විට ඒකාකාරව බෙදා හරිනු ලැබේ, පැහැදිලි වියළි සමයක් නොමැතිව, සමහර ප්‍රදේශවල වර්ෂාපතනයේ සුළු වෙනස්කම් ඇති විය හැක.
උණුසුම් සහ ස්ථාවර දේශගුණය-වැසි වනාන්තර වසර පුරා උණුසුම් උෂ්ණත්වයක් සහිත වන අතර සාපේක්ෂව ස්ථාවර දේශගුණයක් ඇත. සාමාන්‍ය උෂ්ණත්වය සාමාන්‍යයෙන් 77°F සිට 88°F (25°C සිට 31°C) දක්වා පරාසයක පවතී, දිවා රෑ අතර අවම උෂ්ණත්ව උච්චාවචනයන් ඇත.
ඝන වෘක්ෂලතා- වැසි වනාන්තර ඝන සහ සශ්‍රීක වෘක්ෂලතාදි සහිත වන අතර, උස් වියන් , යටිරෝපණ, පඳුරු, වැල් සහ අනෙකුත් ශාක මත වැඩෙන පරපෝෂිත ශාක ඇතුළු ශාකවලින් යුතු වේ. ජීවීන්ගේ බහු ස්ථරවලින් ද සමන්විත වේ. ප්‍රභාසංස්ලේෂණය ව වැඩි වශයෙන් සිදු වන්නේ උස ගස්වලින් සෑදෙන වියන් ස්ථරයයි.
ඉහළ ජෛව විවිධත්වය- වැසි වනාන්තරවල ඊට සුවිශේෂී ජෛව විවිධත්වයක් තිබේ. විවිධාකාර ශාක හා සත්ත්ව විශේෂ මේවායේ වාසය කරති. ඒවායින් බොහොමයක් ඊට ආවේණික වන අතර පෘථිවියේ වෙනත් තැනක දක්නට නොලැබේ. කෘමීන්, පක්ෂීන්, ක්ෂීරපායින්, උරගයින්, උභයජීවීන් සහ ශාක විශේෂ ඇතුළත් වේ.
තර්ජන-පාරිසරික වැදගත්කම තිබියදීත්, වැසි වනාන්තර දැව කැපීම, කෘෂිකර්මාන්තය සහ නාගරීකරණය හේතුවෙන් වන විනාශය ඇතුළු තර්ජන රැසකට මුහුණ දෙයි. දේශගුණික විපර්යාස වර්ෂාපතන රටා මගින් වැසි වනාන්තරවලට ද බලපෑම් කළ හැකිය.
ගෝලීය වැදගත්කම-ප්‍රධාන හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් අවශෝෂණය කර ගබඩා කිරීම මගින් ගෝලීය දේශගුණය නියාමනය කිරීමේදී වැසි වනාන්තර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ප්‍රභාසංස්ලේෂණය හරහා ලෝකයේ ඔක්සිජන්වලින් සැලකිය යුතු කොටසක් නිපදවන බැවින් ඒවා බොහෝ විට "පෘථිවි පෙණහලු" ලෙස හැඳින්වේ.
වික්‍රමබාහු III- ගම්පොළ පාලකයෙකි. සේනාලංකාධිකාර පවුලේ සාමාජිකයෙකු හා දැදිගම පරාක්‍රමබාහු රජුගේ සොයුරියගේ පුත්‍රයෙකි.
විජයකුලංකෙයි- යාපන රාජ්‍යය පාලනය කළ ආර්ය චක්‍රවර්තී පරපුරේ අදිතමයා ය. ඔහු නල්ලූරය අගනුවර වශයෙන් තෝරාගෙන එහි ආරක්ෂක විධිවිධාන තරකරවීය. යාපනයේ කෛලායනාතර් කෝවිල හා ශ්‍රී කන්දස්වාමි කෝවිලත් තවත් කෝවිල් ගණනකුත් යාපනයේ ඉදි වූයේ මේ කාලයේ ය. නමුත් මෙකී කන්දස්වාමී කෝවිල කරවූයේ VIවන බුවනෙකබාහු රජු යැයි කෝවිලේ පූජා කටයුතුවලදී ගායනා කරන පාඨයක සඳහන් වෙයි. ඔහුගේ ආරාධනයෙන් දකුණු ඉන්දීය වෙල්ලාළ අධිපතීන් කිහිපදෙනෙක් හා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන් ද සමග මෙහි අවුත් පදිංචි වූහ.
විජයපාල- කෝට්ටේ දොන් ජුවන් පෙරියබණ්ඩාර රජුගේ බාල සොහොයුරා ය. සමුද්‍ර දේවිය හා වීදියේ බණ්ඩාරගේ කනිටු පුත්‍රයාය. සත්වන බුවනෙකබාහු රජුගේ මුණුපුරා ය.
විජයබා කොල්ලය - සවැනි විජයබාහු රජුගේ පළමු විවාහයේ පුතුන් තිදෙනෙකු වු බුවනෙකබාහු, රයිගම්බණ්ඩාර, මායාදුන්නේ තිදෙනා විසින් මහනුවර රාජ්‍යයේ සහය ද ලබාගෙන 1521 වැන්නේ දී විජයබාහු රජු ඝාතනය කිරීම.
විජයබාහු III- දඹදෙණි රාජධානියේ ආරම්භක පාලකයා ය. තෙවන විජයබාහු රජ පරපුරකට අයත් ද නැත් ද යන්න පිළිබඳ විවිධ මත පවතී. ඔහුගේ පුත්‍ර දෙවන පැරකුම්බා රජ දවසට අයත් දෙවුන්දර ශිලා ලේඛනය අනුව පෙනී යන්නේ මේ රජු සෝම රාජ පරපුරට අයත් බවයි. එනම් චන්ද්‍ර වංශයට අයත් බව යි. ඔහුගේ පියා විජයමල්ල නමැත්තෙකි. මල්ල යන නම කාලිංග වංශයට ද නෑකම් කියන්නකි (නිශ්ශංකමල්ල, සාහස්ස මල්ල...) පරණවිතාන මහතා පවසන්නේ මොහුගේ පියා පොළොන්නරුවේ දෙවන ගජබා බව යි. රජු ඒ පිළිබඳ ඇති වියවුල් සහගත මතවාද අනුව ඔහු රජ පෙළපතකට අයත් නැති අයෙකිය යන මතයට වැඩි වාසි අත් වී තිබේ. මාඝ ආක්‍රමණය සමග ශ්‍රී ලාංකේය පාලනයෙන් මිදුණු රජරට හා නැගෙනහිර ඈත වනගත ගම්මානවල ඇතිවූ කුඩා පාලන ඒකක වන්නි වශයෙන් හැඳින්වුණු අතර, ඒවායේ පාලන කටයුතු සිදු කළේ එකී ගම්මානවල කැපී පෙනුණු නායකයින් මිස රජ පරපුරුවල පිරිස් විසින් නොවේ. මාඝගේ අවධානයෙන් මිදී වර්ධනය වුණු මේ සුළු රාජධානි අතරින් එකක් පාලනය කළේ විජයබාහු නමැත්තා විසිනි. ඉහතින් දැක්වූ ආකාරයට උන්නතිකාමී රජෙකු වූ හෙතෙම සෙසු වන්නි රජවරු අතරින් ද කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. ‘‘වන්නිරාජ‘‘ නමින් ද හැඳින්වුණු ඔහු මාඝට එරෙහිව සංවිධානය වීමේ දී හොඳ ම ස්ථානය ලෙස තෝරා ගත්තේ දඹදෙණිය යි. රජරටට වඩාත් සමීප හෝ දුරස්ථ නොවූ දඹදෙණිය මුල් කරගනිමින් නව රාජධානියක් ද නව රජ පෙළපතක් ද ඇරඹූ විජයබාහු ඒ නමින් රජ වූ තෙවැන්නා නිසා තුන්වන විජයබාහු නමින් මූලාශ්‍රයවල හඳුන්වා ඇත. නමුත් ඔහු දඹදෙණියේ බලයට පත්වන්නේ ඉතා වයෝවෘද්ධ සමයේ ය. බලයට පත් වී වර්ෂ හතරකින් පසු මිය ගියේ ය. නමුත් ඒ කාල සීමාව තුළ ඔහු කළ කාර්ය ප්‍රමාණය අතිශය ප්‍රබල හා තීරණාත්මක ය.
තෙවන විජයබාහු රජුගේ කාර්ය සංසිද්ධිය අතින් ඔහු කාවන්තිස්ස රජුට සම නොවූව ද තම පුතු වෙනුවෙන් කළ කැපකිරීම් අනුව බලන කල කාවන්තිස්ස හා තෙවන විජයබාහු යන රජවරු දෙදෙනා ම අතිශයින් සමාන වේ. පූජාවලී කතුවරයා සෘජුව ම මේ බව සඳහන් කරයි. (පූජාවලිය789 පිට 2002 මුද්‍රණය) එළාර රජු පරාජය කිරීම පිණිස කාවන්තිස්ස රජු තම පුතුට මාර්ගය සකස් කර දුන්නේ කෙසේ ද, එලෙස ම තෙවන විජයබා රජු ද කාලිංග මාඝ පරාජය කිරීම පිණිස තම පුත්‍රයාට අවශ්‍ය පදනම් සකස්කර දුන්නේ ය.
වන්නි ප්‍රදේශයේ සිට ම තම බලය පිළිගැනීමට අකමැති වන්නි නායකයින් මර්දනය කිරීමට කටයුතු කරමින් මුල සිට ම තම අධිපතීත්වය වර්ධනය කරගැනීමට තැත් කළ වන්නිරාජ විජයබාහු අවසානයේ ලංකාවේ විකල්ප රජ පරපුරු අතර ප්‍රධානත්වය තම පරපුරට හිමි කර ගත්තේ ය. මේ සඳහා ඔහු ක්‍රියාමාර්ග කිහිපයක් ම ගත්තේ ය.
• මාඝගේ සේනා පළවා හැර මායාරට නිදහස් කරගැනීම.
• මාඝගේ සේනාවන්ට විටින් විට ප්‍රහාර එල්ලකිරීම.
• දළදා වහන්සේ තමන් භාරයට ගැනීම.
• නිරිතදිග මුහුදුබඩ ප්‍රදේශ වෙත බලය ව්‍යාප්ත කිරීම.
• සංඝ සමාජයේ හිතවත්බව දිනාගැනීම.
වන්නි ප්‍රදේශවල සිට දඹදෙණියට පැමිණි විගස ඔහු සිදු කළේ එම ප්‍රදේශ මාඝගේ සේනා වෙතින් ගළවා ගැනිම යි. මේ ප්‍රදේශය තුළ මාඝගේ මෙන් ම සිංහලයින්ගේ ද බලය සම පරිදි තිබෙන්නට ඇත. මාඝගේ බලය ඉවත් කර සපුරා ම මායා රට ගලවා ගත් විජයබාහු රජු ඒ තුළ සිංහල බලය ස්ථාපනය කළේ ය. ඔහු එසේ කළ නිසා මායාරට රජු ලෙස ඔහුට මහජන ප්‍රසාදයක් ඇති විය. යම් හෙයකින් ඔහු එසේ නොකර වන්නි රජෙකු ලෙස ම සිටියා නම් ඔහුගේ පුත්‍ර දෙවන පැරකුම්බාවන් යනු තවත් වන්නි රජෙකු පමණක් වීමට ද ඉඩ තිබූණි. නමුත් තෙවන විජයබා රජු ක්‍රමානුකූලව ගොඩනගා ගත් බලය නිසා පසු කාලීනව දෙවන පැරකුම්බාවන්ට ලංකාවේ අගරජු වීමේ සිහිනය සැබෑකරගත හැකි විය. මේ නිසා දෙවන පැකුම්බාවන්ගේ යුධ ජයග්‍රහණ මෙන් ම ලංකාව එක්සත් කිරීමේ කාර්යය පිටුපස සිටි සෙවණැල්ල වූයේ තෙවන විජයබාහු රජු යැයි කීම වරදක් නොවේ. තෙවන විජයබාහු රජු අවස්ථාව ලද විගස මාඝ සේනාවන්ගේ හුදෙකලා කණ්ඩායම්වලට එළව එළවා පහර දුන්නේ ය. ඇතැම් අවස්ථාවල ඔහු පොළොන්නරුව ආසන්නය දක්වා ම තම හමුදා මෙහෙයවමින් මාඝගේ හමුදාවන්ට පහර දුන් බව පැවසේ. මායා රටේ භූමි සීමාව මාඝ හමුදාවන්ට මර බිය ඇති කරවන ප්‍රදේශයක් කිරීමෙන් ඔහු උත්සාහ කරන්නට ඇත්තේ මාඝගේ සේනා තව දුරටත් දකුණට ව්‍යාප්තවීම වැළැක්වීම විය හැක. එය ඉතා කාලෝචිත ක්‍රියාවකි. මාඝ යටතේ ලංකාවේ කෘෂිකර්මය බිඳ වැටුණු නිසාත්, ජනතාව රුහුණු හා මලය දේශයන්ට පළා ගිය නිසාත් මාඝට ද විශාල ආදායම් නොතිබූ බව පිළිගන්නට සිදු වේ. ඔහු තම හමුදා නඩත්තු කළේ ද වෙහෙර විහාර සතු දේපළ කොල්ලකමින් බව පෙනී යයි. හමුදාවන්ට ද නිසි ලෙස වැටුප් ආදිය නොලැබුණු නිසා ඔවුන් මිලේච්ඡ අයුරින් හැසිරුණු වග මූලාශ්‍රය අනුව පෙනී යයි. තෙවන විජයබාහු හා දෙවන පැරකුම්බාවන්ට මේ තත්ත්වය වාසිදායක වන්නට ඇත. ආදායම් නූපදින බිමක ත්‍රස්තයින්ට පවා රැඳී සිටිය හැකි කාල සීමාවක් තිබේ. එකී සීමාව උදාවන තුරු ඉවසා සිටිය යුතු අතර ම සතුරා ඊළඟ ගොදුරු බිමට පැමිණීම වැළක්විය යුතුවේ. මාඝ හමුදාවන්ට විරුද්ධව තෙවන විජයබාහු රජුගේ ප්‍රහාර සුළු විය හැකි නමුත් රජරට සාරය නිම වූ පසු මාඝ හමුදා මලය දේශයේ සාරය උරා බීමට පැමිණීම වළකාලන්නට තරම් ප්‍රමාණවත් විය. මේ නිසා මලය දේශයේ සරු, සශ්‍රික බව රැගන්නට හැකි වූ අතර දෙවන පැරකුම්බාවන්ගේ අගරජ සිහිනය පෝෂණය කරන්නට ඒ සශ්‍රීක බවට හැකි විය. යම් හෙයකින් තෙවන විජයබා රජු එසේ නොකළා නම් නිශ්‍රීක කටුක බිමක පැරකුම්බාවන්ගේ අගරජ සිහිනය කේඩෑරි ඉපලක් වන්නට ඉඩ තිබූණි.
මාඝගේ කුරිරු පාලනය නිසා විදෙස් ගතව සිට යළි මෙහි වැඩමකළ වාචිස්සර හිමියන්ගේ ද උපදෙස් හා සහය ඇතිව බෙලිගල දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කිරීමට මේ රජතුමා පියවර ගත්තේ ය. ඒ වන විට දළදා වහන්සේ වැඩසිටියේ කොත්මලේ ප්‍රදේශයේ ය. දළදා වහන්සේ තමන් භාරයට ගැනීමට කටයුතු කිරීම තුළින් තෙවන විජයබාහු රජුට රාජ්‍යත්වය පිළිබඳ සාම්ප්‍රදායික අයිතියත්, නෛතික හිමිකමත් ලබා ගත හැකි විය. දළදා වහන්සේගේ හිමිකරුවා ලංකාවේ ප්‍රධානියා සේ පිළිගැනීමේ සම්ප්‍රදායක් ලංකාවේ තිබුණි. එය ජන සම්මත සම්ප්‍රදායක් විය. මේ නිසා දළදා වහන්සේගේ භාරකාරීත්වය අතිශය වැදගත් විය. මෙය මේ අවස්ථාවේ ලංකාවේ වෙනත් පාලකයෙක් අත පත් වී නම් ලංකා ඉතිහාසයේ දෙවන පැරකුම්බා නිරිඳෙක් බිහි නොවන්නට ඉඩ තිබූණි. නැතහොත් මාඝ සමග යුධ කිරීම පසෙක තබා සිංහල නායකයින් සමගම යුද්ධ කිරීමට සිදු වන්නට ඉඩ තිබූණි. එසේ වී නම් ඉන් වාසි අත් වන්නේ ද මාඝ සේනාවට ම ය. මේ නිසා නියම කාලයේ ක්‍රියාත්මක වී තෙවන විජයබාහු රජු දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව තමන් භාරයට ගැනීම නිසා දෙවන පැරකුම්බාවන්ට පහසුවෙන් ම ලංකාවේ මාඝ පාලන සමය නිමා කර ලංකාවේ අගරජු වීමේ අවස්ථාව උදා විය. පුරාණ මායා රටේ සීමාවේ පිහිටි නිරිතදිග මුහුදුබඩ ප්‍රදේශ වෙත ද තෙවන විජයබාහු රජු සිය බලය ව්‍යාප්ත කළේ ය. වත්තල, කැලණිය, අත්තනගල්ල හා තොටගමුව ප්‍රදේශවල පිහිටි විහාරාරාම ද රජු විසින් අලුත්වැඩියා කළ බව සඳහන් වීමෙන් පෙනී යන්නේ රජුගේ බලය එම ප්‍රදේශවල ද ව්‍යාප්ත වූ බවයි. මේ නිසා තමන්ගේ උපරිම බල ප්‍රදේශය තුළ තම උපරිම බලය ව්‍යාප්ත කිරීමෙන් තෙවන විජයබාහු රජු මහජනයා අතර ලක්දිව රජු බවට පත් වී සිටියේ ය. රජු මිය ගිය පසු ඔහුගේ භස්මාවශේෂ තැන්පත් කළේ ද අත්තනගල්ලේ ය. ඔහුගේ බලය මේ ප්‍රදේශයේ ජනයා පිළිගෙන තිබූ බව ඉන් පැහැදිලි වේ. මේ නිසා ඔහුගෙන් පසු දෙවන පැරකුම්බාවන්ට ලංකාවේ අදාළ ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමට විශේෂ වෙහෙසක් දැරිය යුතු නොවීය. මේ නිසා තෙවන විජයබාවන්ගේ එකී ක්‍රියා කලාපය ද දෙවන පැරකුම්බාවන්ගේ යුධ ජය්‍රහණයන්ට මහෝපකාරී විය.
දඹදෙණි කථිකාවතේ සඳහන් වන්නේ තෙවන විජයබාහු රජු කථිකාවත් දෙකක් පැනවූ බව යි. සංඝ සමාජයේ මෙන් ම බුද්ධ ශාසනයේ ද අභිවෘද්ධියට හේතු වන මෙවැනි ක්‍රියා තුළින් සංඝයා වහන්ස තුළ ද රජු පිළිබඳ පහන් හැඟීමක් ඇති විය. රජු බුදු සසුන රකිනා බව තහවුරු විය. විදෙස්ගතව සිටි භික්ෂූන්වහන්සේලා යළි ලක්දිවට වැඩමකරවූ මෙතුමා උසස් ධර්ම ග්‍රන්ථ කිරීමට උන්වහන්සේලාට අනුග්‍රහ දැක්වීය. පඬිවරුන්ට මුදල්ගෙවා පොත් පත් ලියවීය. මින් නොවැතී දඹදෙණියේ විජයසුන්දරාරාමය නමින් වෙහෙරක් කරවා සඟ සතු කොට පිදීය. එපමණක් නොව විවිධ හේතු සාධක මත ජරාවාසව තිබූ හා අබලන්ව තිබූ වෙහෙර විහාර පිළිසකර කරවා බුදු සසුන සංවර්ධනයට කටයුතු කළේ ය කැලණිය, අත්තනගල්ල, වත්තල, තොටගමුව වැනි ප්‍රදේශවල පිහිටි විහාරාරාම මේ අයුරින් පිළිසකර කළේ ය. මෙවැනි ක්‍රියා නිසා භික්ෂූන් වහන්සේලාගේ හොඳ හිත දිනාගැනීමට හේ සමත් විය. එය සමස්ත සිංහල සමාජය ජයගැනීම හා සමාන ක්‍රියාවක් වන්නේ භික්ෂූන් වහන්සේලා අද පවා සමාජයේ මෙහෙයුම්කාරකය වන නිසා ය. මෙකී කරුණුවලින් පෙනී යන්නේ තෙවන විජයබාහු රජතුමා ඉතිහාසකරුවන්ගේ පන්හිඳට හසු නොවූව ද ඔහු කාවන්තිස්ස රජු සේ ම සැඟවුණු වීරයෙකු බව ය.
විජයබාහු IV- දෙවන පරාක්‍රමබාහු රජුගේ වැඩිමහලු පුත්‍රයා ය. ඔහු බෝසත් විජයබාහු යන නමින් ද හඳුන්වා ඇත. සරල, චාම් ගතිපැවතුම්වලින් යුතු හේ, එකී ගුණාංග නිසා ම විරුද්ධ මතවාදියෙකුගේ පහසු ගොදුරක් බවට පත් විය. මිත්ත නමින් සිටි යුධහමුදා ප්‍රධානියෙකු රාජ්‍යත්වයෙන් දෙවැනි වර්ෂය ගතකරමින් සිටි බෝසත් විජයබාහු රජු ඝාතනය කළේ ය. (නමුත් මේ පුවත සඳහන් වන්නේ මහාවංශයේ පමණි) මේ ඝාතනය සිදු කළේ අල්ලස් දීමෙන් පක්ෂපාත කරගත් රජමැදුරේ සේවකයෙකු මාර්ගයෙනි.
විජයබාහු V- සවුළු විජයබාහු රජු. ඒ යටතේ බලන්න.
විජයබාහු VI- කෝට්ටේ පාලකයෙකි. අටවන වීරපරාක්‍රමබාහු හෙයත් අම්බුලුගල කුමරුගේ පුත්‍රයා ය. 1521 වැන්නේ සිදු වූ විජයබාකොල්ලයෙන් මියගිය රජු ය.
විජයරාජපුර-ලංකාවේ දෙවන අගනගරය. මෙය පළමුකොට ම අගනුවර කරගත් මහා විජයබාහු රජුගේ නමින් මෙසේ නම්කරන ලදී. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුළතිසිපුර, කඳවුරුනුවර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,
විජයසුන්දරාරාමය(දඹදෙණිය)- තෙවැනි විජයබාහු රජු විසින් කරවූ විහාරයකි.
විජේපාල- කුසුමාසන දේවිය හා පළමු විමලධර්මසූරිය රජුගේ පුත්‍රයෙකි.
විදානේ- මහනුවර සමයේ මහජනාරක්ෂාව භාර සුළු නිලධාරියා.
විභීෂණ දෙවි- දේශීය සතරවරම් දෙවිවරු අතරින් අයෙකි.
විමලධර්මසූරිය I- මහනුවර ඉතිහාසයේ වඩාත් වැදගත් පාලකයෙකි. මෙතුමා බලයට පත්වූයේ යමසිංහ බණ්ඩාර හදිසියේ මියගිය පසු ද නැතහොත් යමසිංහ බණ්ඩාර පලවා හැරීමෙන් පසු ද යන්න පැහැදිලි නොවේ. නමුත් බලයට පත්වන විටම වාගේ මෙතුමා වටා අභියෝග කිහිපයක්ම සක්‍රිය වූ බව පෙනී යයි.
1. රාජ්‍යත්වයට උරුමයක් නොතිබීම
2. පෘතුගීසීන්ගේ අභියෝගය
3. සීතාවක අභියෝගය
4. මහනුවර ආර්ථිකය නගාසිටුවීම
5. මහනුවර ආගමික සංවර්ධනය
මේ අභියෝග අතරින් විමලධර්මසූරිය රජුට පළමුකොටම මුහුණදීමට සිදුවූයේ සීතාවක අභියෝගයට ය. විමලධර්මසූරිය රජු යනු තමන්ට විරුද්ධව අරගල කොට තමන් අතින් මියගිය වීරසුන්දර බණ්ඩාර නම් උඩරට ප්‍රදේශාධිපතියාගේ පුත්‍රයා වීම නිසා සීතාවක රාජසිංහ රජු ඉතා කෝපයට පත් වූ බවක් පෙනී යයි. නමුත් ඔහු මේ වනවිට පසුවූයේ වයෝවෘද්ධ දුබල අවදියකය. යුධ කිරීමට තරම් කායික හෝ මානසික ශක්තියක් ද ඔහුට නොවීය. එපමණක් නොව බෞද්ධ විරෝධී ශිව භක්තිකයෙකු වී සිටීම නිසා ඔහු ඔහුගේම රාජධානියේ මහජන සහය ද අහිමිකරගෙන සිටියේය. එවන් වාතාවරණයක සිට ඔහු මහනුවර විමලධර්මසූරිය රජු බලයට පත්වූ වර්ෂයේම, එනම් 1592 වර්ෂයේ දී ම උඩරටට ආක්‍රමණයක් එල්ල කළේය. ඒ වනවිට තුරුණු වියේ පසු වූ විමලධර්මසූරිය රජු සිය පියා මැරීමේ පළිය ගැනීමේ අපේක්ෂාවෙන් ද පසු වූයෙන් සීතාවක හමුදාවන් හා දරුණු සටනක නිරතවිය. එහිදී සීතාවක හමුදා පරාජය කිරීමට ඔහුට හැකිවිය. නමුත් මහලු රාජසිංහ රජු පළාගියේය. ඔහු රුවන්වැල්ල ඔස්සේ පසුබසිමින් සිටියදී මද විවේකයක් පිණිස පෙතන්ගොඩ දී අසු පිටින් බැස්සේය. එහිදී ඔහුගේ පාදයේ උණකටුවක් ඇනුණු බව ද ඔහු වටා සිටි ඔහුට අපක්ෂපාතී පිරිසක් මේ තුවාලයට ප්‍රතිකාර වශයෙන් විවිධ විෂ වර්ග දුන් බවත් රජු ඉන් මියගිය බවත් සඳහන් වේ. රාජාවලියේ මෙම තොරතුරු සඳහන් වේ. මේත් සමගම උඩරටට තිබූ සීතාවක අභියෝගය නිමාවිය.
නමුත් ඒ නිමාව තවත් ඇරඹුමක් බවට පත්විය. අරාජක වූ සීතාවක බලය සම්බන්ධයෙන් ගැටලු උද්ගතවූ අතර පෘතුගීසීන් ඉන් වාසි ලබා සීතාවක තම බලය ව්‍යාප්ත කළේය. එය මහනුවර රජුට අතිරේක අභියෝගයක් ද විය. මේ නිසා විමලධර්මසූරිය රජු පුර්තුගීසි(පෘතුගීසි) ප්‍රහාරයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.
රජු අපේක්ෂා කළ ආකාරයට ම 1594 වර්ෂයේ දී මහනුවරට පුර්තුගීසි(පෘතුගීසි) ප්‍රහාරයක් එල්ලවිය. පේරෝ ලෝපේස් ද සූසා යටතේ මහනුවර ආක්‍රමණය කළ පුර්තුගීසි(පෘතුගීසි) හමුදා සමග එතුවක් කල් පෘතුගීසීන් යටතේ සිටි කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනා කුමරිය ද උඩරටට ආවාය. පෘතුගීසීන්ගේ අරමුණ වූයේ දෝන කතිරිනා කුමරිය මහනුවර රැජින වශයෙන් පත් කිරීමයි.
සටන සිදුවූයේ දන්තුරේදී ය. එය සිදුවන අවස්ථාව වන විට විමලධර්මසූරිය රජු මෙන්ම පෘතුගීසීහු ද ඉතා බලවත් තත්ත්වයක පසු වූ බව පෙනෙයි. මේ නිසා එය ඉතා බිහිසුනු සටනක් විය. මුල් අවස්ථාවේදී විමලධර්මසූරිය රජු ඌව තෙක් උපක්‍රමිකව පසුබැස ගියේය. පෘතුගීසීහු පැමිණ ජනශූන්‍ය මහනුවර අල්ලාගෙන කඳවුරු බැඳගත්හ. ඔවුහු මහනුවර නතර වූයේ කුසුමාසන දේවිය රජකරවීමට පෙර ඇයගේ වල්ලභයා ලෙස ඔවුන් නම්කර සිටි දොන් ප්‍රැන්සිස්කෝ ද සිල්වා නම් තරුණයා පැමිණෙන තුරු ය. නමුත් මහවැසි වැටී ගංගා උතුරා යෑම සමග සියලු කටයුතු අඩාල විය. සූසා සමග ලස්කිරිඤ්ඤ හමුදා කණ්ඩායමක් භාරව ආ ජයවීර බණ්ඩාර නම් සිංහල මුදලිවරයා හා සූසා අතර මතභේදයක් ඇති වූයේ මේ අතර ය. ඒ වනවිට තමන් යම් උගුලකට හසුවී සිටින වගක් ද සූසාට දැනී තිබූණි. නමුත් ඔහුට කළ හැකි දෙයක් නොවීය. මතභේදයක් මුල්කරගෙන සූසා ජයවීර බණ්ඩාර මුදලිවරයා ඝාතනය කළේය. නමුත් එහි විපාක විඳීමට සූසාට සිදුවිය. සිදුවීමට පසුදින උදෑසන වන විට තමා සමග ආ ලස්කිරිඤ්ඤා භටයින් කූඩාරම් අත්හැර ගොස් තිබිණි. ඔවුන් උඩරට රජුගේ පාර්ශ්වයට එක්වී තිබූණි. සූසාට තමා අවට සැරිසරන මරුවා දර්ශනය වූයේ එවිට ය. ඔහු වහා සිය හමුදාවට පසුබැසීමට නියෝග දුන්නේය. නමුත් ඒ වන විටත් ඔහුගේ කූඩාරම් තිබූ ප්‍රදේශය වටා සිංහල හේවායෝ ස්ථානගතව සිටියහ. දැඩි ප්‍රහාර එල්ල විය. ප්‍රතිප්‍රහාර දීමට හෝ පෘතුගීසීන්ට ඉස්පාසුවක් නොවීය. ඔවුහු අවි පවා අත්හැර පලා ගියහ. නමුත් දන්තුරේදී ඉතිරිව සිටි සියල්ලෝ සිංහල සේනාවන්ට කොටුවිය. ඒ අවසන් සටනයි. පෘතුගීසීහු නායකයකු ද නොමැතිව සටන්කළහ. සූසා ඒ වනවිටත් මියගොසිනි. යුද්ධය අවසන් වනවිට ජීවතුන් අතර සිටි එක් පුර්තුගීසි(පෘතුගීසි) සොල්දාදුවෙක් හෝ නොවීය. මෙය පෘතුගීසීන් ලැබූ දරුණු පරාජයක් විය. කුසුමාසන දේවිය රැගෙන මහනුවරට යාමට සිංහල ප්‍රධානීහු කටයුතු කළහ. පසුව ඇය විමලධර්මසූරිය රජු විසින් සරණපාවා ගන්නා ලදී. ඉන්පසු 1594 ඔක්තෝම්බර් මස 6වැනි දින විමලධර්මසූරිය රජු උත්සවශ්‍රීයෙන් රාජ්‍ය උරුමය තහවුරුවීම සැමරීය. එය අභිෂේකයක් බඳු විය. එදින සමස්ත ලංකාද්වීපයටම අතිශය වැදගත් දිනයක් විය.
එනමුත් පෘතුගීසීන් සිය උත්සාහය අත්හැරි වගක් නොපෙනෙයි. ඔවුන් තුළ වූයේ මහනුවර අල්ලාගැනීමටත් වඩා තමන්ගෙන් ම යුධ පුහුණුව ද ලබා තමන් සමගම එකට හිඳ පසුව තමන් හැර ගොස් කන්ද උඩරට බලයට පත්වී තමන්ට පිටුපෑ ඔස්ත්‍රියාවේ දොන් ජුවන් හෙවත් විමලධර්මසූරිය රජුගෙන් පළිගැනීමේ චේතනාවයි.
ඒ අනුව 1602දී ගෝවේ මූලස්ථානයෙන් ද ආධාර ලැබ සිංහල හා ඉන්දීය මිත්‍ර හමුදා සේනාංකයක් සමග පුර්තුගීසි(පෘතුගීසි) සේනාංක ද සහිතව යළිත් උඩරට ආක්‍රමණය කිරීමට පුර්තුගීසි(පෘතුගීසි) කටයුතු කළහ. එවර සේනාංක භාර ප්‍රධාන විධායකයා වූයේ පුර්තුගීසි(පෘතුගීසි) ජාතික දොන් ජෙරනිමෝ ද අසවේදු යි. ඔවුහු මහනුවරට පිවිසෙන ප්‍රධාන දුර්ගයක් වූ බලන දුර්ගය ද අල්ලා ගත්හ. ඉන්පසු ඊට ආසන්න ගඟේතැන්නේ කඳවුරු බැඳගත් පුර්තුගීසි(පෘතුගීසි)හු සයිමන් ජින්හාවෝ නමැති සිය අතිදක්ෂ සෙනෙවියා යටතේ හමුදා සූදානම් කළේ තවත් යුද්ධයක් පිණිස ය. ජින්හාවෝ යුධ වීරයෙකි. ඔහු මීට පෙර ද මහනුවර පිළිබඳ අවබෝධය ලබා සිටි අයෙකි. යුද්ධයකදී අහිමි වූ ඇසක් සහිතව සිටිය ද ඔහු තුළ යුධ ශක්තිය නොඅඩුව තිබූණි. නමුත් ඔහු උත්සාහ කළේ සාම ගිවිසුමක් මුවාවෙන් රජු කැඳවා අත්අඩංගුවට ගෙන මහනුවර යටත්කර ගැනීමයි. නමුත් රජු ඊට හසුවූයේ නැත. ඒ වෙනුවට තමාට ඉතා හිතවත් පුර්තුගීසි(පෘතුගීසි) සොල්දාදුවෙකු මාර්ගයෙන්ම තොරතුරු සොයාගත් විමලධර්මසූරිය රජු පෘතුගීසීන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඉතිරිව සිටි සුළු පිරිසක් සමග අසවේදු අවසානයේ සීතාවකටත් එතනින් මල්වානටත් පසුබැස්සේය. එහි ආ සැනින් ඉතිරිව සිටි පුර්තුගීසි(පෘතුගීසි) සොල්දාදුවෝ අසවේදු අත්හැර පලාගියහ. මල්වානට ඔහු පැමිණෙන විට මල්වානේ ඔහුගේ මාළිගය සිංහලයින් විසින් ගිනිබත් කර එහි ආරක්ෂාවට සිටි පුර්තුගීසි(පෘතුගීසි) හේවායන් දහනවදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු මාළිගාව වටා එල්ලා තිබුණි. මේ සිදුවීමෙන් පසු යළිත් යුධමය වශයෙන් මහනුවර අල්ලාගැනීමේ උත්සාහයක් දක්නට නොලැබේ.
සීතාවක හා පුර්තුගීසි(පෘතුගීසි) අභියෝග ජයගත් විමලධර්මසූරිය රජුට ඉන් අනතුරුව ලංකාවේ ප්‍රධාන රජු වීමේ අවස්ථාව ද උදාවිය. ඒ කෝට්ටේ ධර්මපාල රජුගේ මරණය සමගිනි. 1592දී සීතාවක රාජසිංහ රජු මියගිය අතර 1597දී කෝට්ටේ ධර්මපාල රජු (දොන් ජුවන් පෙරිය බණ්ඩාර) මියගියේය. ඉන්පසු එම රාජ්‍ය දෙක තුළම පුර්තුගීසි(පෘතුගීසි) ආධිපත්‍යය පැතිර ගිය නමුත් ඒ සියලු ජනයා තම නායකයා සේ සැලකූයේ ඒ වනවිට ප්‍රබලව සිටි මහනුවර විමලධර්මසූරිය රජු ය. සීතාවක රජුගේ අනුග්‍රහ යටතේ දෙල්ගමු විහාරයේ තැන්පත්කර තිබූ දළදා වහන්සේ , භික්ෂූන් වහන්සේලාගේ ද අනුග්‍රහ ඇතිව මහනුවරට වඩමවා එහි කරවා තිබූ අලංකාර දළදා මන්දිරයේ එය තැන්පත් කළේය. ඒත් සමගම ලංකාවේ අගරජු ලෙස ලංකාවාසීන් මේ රජු කෙරේ තිබූ විශ්වාසයත් පක්ෂපාතභාවයත් තවදුරටත් වර්ධනය විය.
රජු මුහුදුබඩ පුර්තුගීසි(පෘතුගීසි) බලය නිමා කිරීමේ උත්සාහයක් ද ගත්තේය. 1602 වර්ෂයේ පුර්තුගීසි(පෘතුගීසි) පාලන ප්‍රදේශවල කැරලි ඇති වූ විට රජු එම කැරලිකරුවන්ට උපකාර කළේය. එහිදී ඔහු පෘතුගීසීන් යටතේ වූ ලස්කිරිඤ්ඤ භට කණ්ඩායම භාරව සිටි තෙන්නකෝන් මුදලිගේ සහය ද ලබා ගත්තේය. නමුත් ගෝවෙන් ආධාර ලබාගත් අසවේදු කැරැල්ල මැඩ පවත්වා සත්කෝරළයේ බලය තහවුරු කරගත්තේය.
යළිත් වරක් රජු ඒ සඳහා ලන්දේසි ආධාර පැතීය. ජොරිස් වැන් ස්පිල්බර්ජන් හා 1602 වර්ෂයේදීත් සී බෙල් ද වර්ට් සමග 1602 වර්ෂයේ අගදීත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. ඉන් පළමු සාකච්ඡාව එතරම් සාර්ථක නොවීය. නමුත් දෙවැන්නේ ආරම්භය සතුටුදායක විය. සී බෙල් ද වර්ට් සිය සහායකයින් සමග මඩකලපුව ආශ්‍රිතව පුර්තුගීසි(පෘතුගීසි) නෞකා අත්පත්කර ගැනීමේ කටයුතුවල ද නිරතවිය. නමුත් රජු තුළ ඔවුන් සම්බන්ධයෙන් සැකයක් ඇතිවිය. ඒ අතර අවස්ථාවක සී බෝල්ඩ් ද වාර්ට් බීමත්ව රජුට අපහාස වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් කෝපයට පත් රජු ඔහු හා ඔහුගේ අනුගාමිකයන් 50දෙනෙකු මරා දැමීය. මේ නිසා පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩින් පන්නා දැමීමට විමලධර්මසූරිය රජු ගත් උත්සාහය අසාර්ථක විය.
පළමුවන විමලධර්මසූරිය රජුගේ ආගමික සේවා
විමලධර්මසූරිය රජු කලක් තිස්සේ පෘතුගීසීන් හා එක්ව සිටියෙකි. ඔහු පුර්තුගීසි(පෘතුගීසි) යුධ වීරයෙකු හා සටන් කර ජයගත් නිසා පෘතුගීසීන් ඔහුට ‘‘ ඔස්ත්‍රියාවේ දොන් ජුවන් ‘‘ යන ගෞරව නාමය ද ප්‍රදානය කළහ. ඔහු රෝමානු කතෝලික ආගම වැළඳ ගත්තේය. නමුත් උඩරටට ආ ඔහු පුර්තුගීසි(පෘතුගීසි) ගෞරව නාමය ද පසෙකට දමා විමලධර්මසූරිය යන බෞද්ධ නාමය භාවිත කරන්නට පටන් ගත්තේය. රෝමානු කතෝලික ආගම අත්හැර බෞද්ධ ජනයා අතර රජු තම රජුය යන හැඟීමක් ඇතිවිය.
සීතාවක රාජසිංහ රජු පිතෘඝාතක අකුසල කර්මයෙන් මිදීමේ අඥාන උත්සාහයක් වශයෙන් ශිව සමය වැළඳගත් බව සඳහන්ය. එයින් පසු හේ සිය රාජ්‍යය තුළ බුදුදහම වනසන කාර්යය ඇරඹීය. එහිදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සීතාවක අත්හැර මහනුවරට පලා ආහ. නමුත් සීතාවක රජු යටතේ මහනුවර ද පාලනය වූ සමයේ ඔහු මහනුවර බෞද්ධ විහාරස්ථාන ද වැනසීය. බෞද්ධ පොත්පත් ගිනි තබා විහාර සතු දේපළ ආඬි ගුරුන්ට පවරා දුන්නේය. ඔහුගේ බලය සීතාවක ක්‍රියාත්මක වීමට පෙර සිටි කරලියැද්දේ රජු ද මේ ආකාරයෙන්ම කටයුතු කළේ යැයි සඳහන් වේ. කෙසේ වුව ද මේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය නිසා භික්ෂූන් වහන්සේලා සිවුරු හැර යාමටත් වනගතව දුෂ්කරව හා අප්‍රසිද්ධ ජීවිත ගත කිරීමටත් පෙළඹුනාහ. එහි ප්‍රතිඵලය වූයේ මේ යුගයේ බුදුසමය බලවත් තර්ජනයකට ලක්වීමය. විමලධර්මසූරිය රජුගේ පාලන සමයේදී ඔහු මෙම ගැටලුවට පිළිතුරු සෙවීමට උත්සාහ කළේය. විහාරස්ථානවල නතරවී සිටි ශිව තවුසන් ලංකාවෙන් පිටුවහල් කළ හේ ඒවා හැකි අයුරින් යළි බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ භාරයට පැවරීය.
දෙවනගල රතනාලංකාර හිමියන්ට කෙත්වතු ආදිය පුදා උන්වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වය යටතේ ලංකාවේ බුදුසමය නගාසිටුවීමට පියවර ගත්හ. එහි එක් පියවරක් වශයෙන් ගැටඹේ තොට උදකුක්ඛේප සීමාවේ දී උපසම්පදා උත්සවයක් සංවිධානය කළේය. නමුත් ඒ වනවිට ලංකාවේ උපසම්පදා විනයකර්ම සඳහා ඝනපූරණයට ප්‍රමාණවත් තරම් උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා නොසිටියෙන් රක්ඛංග දේශයෙන් භික්ෂූන් වහන්සේලා වඩමවන ලදී. රක්ඛංග දේශය යනු බුරුමයට අයත් ප්‍රදේශයකි. එහි සිට නන්දිවක්ක සහ චන්දවිශාල නම් භික්ෂූන් වහන්සේලා දෙනම ලංකාවට වැඩම කරවන ලදී. මහාවංශයේ සඳහන් වන පරිදි ගැටඹේ තොටුපළේ දී පැවැත්වූ එම උපසම්පදා උත්සවයේ දී සිය ගණනක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා උපසම්පදාව ලැබූහ.
රජු, ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කිරීම උදෙසා මහනුවර ශ්‍රී දළදා මාළිගය කරවීය. එය දෙමහල් පහයකි. දළදා වහන්සේගේ අයිතිය මහනුවර රාජධානියට ලැබීමත් සමග මහනුවර රාජධානිය ලංකාවේ අග්‍ර රාජධානිය බවට පත්විය. මහනුවර දළදා මැදුරට අමතරව ඒ ප්‍රදේශාශ්‍රිතව තවත් විහාර දෙකක් ගොඩනැගූ බව ද මූලාශ්‍රවල සඳහන් වේ. මෙතුමා විසින් ලංකාතිලක විහාරය, ගඩොලාදෙණිය විහාරය හා රිදීවිහාරය ඇතුළු විහාර ගණනාවක් ද ප්‍රතිසංස්කරණය කළේය.
පළමු විමලධර්මසූරිය රජුගේ ආර්ථික සේවා
මහනුවර රාජධානියට විදේශ සබඳතා ඇතිකර ගැනීමට තිබූ අවස්ථා ප්‍රමාණය අවම විය. එමෙන්ම අවිනිශ්චිත විය. කලින්කලට මුහුදුබඩ පාලනය වෙන්වීම හා ඒවා සමග උඩරට තිබූ සබඳතාවල ස්වභාවය අනුව විදෙස් සබඳතා මෙලෙස සීමා වීමත් අවිනිශ්චිත වීමත් සිදුවිය. මේ නිසා විදෙස් ආදායම් ඉපදවීම අවිනිශ්චිත විය. මහනුවර ආර්ථිකය නිත්‍ය වශයෙන්ම ස්වයංපෝෂී එකකි. එය කෘෂිකර්මය මත පදනම්ව තිබූණි. කෘෂිකර්මය කරුණු දෙකක් මත සිදුවිය.
1. යැපුම් කෘෂිකර්මාන්තය
2. ආර්ථික භෝග වගාව
යැපුම් කෘෂිකර්මයේ දී හේන් වගාව ප්‍රධාන විය. ධාන්‍යවර්ග, එළවළු හා පළාවර්ග සපයාගත්තේ මේ මගිනි. නමුත් උඩරට රාජධානියට අයත්වූ ප්‍රධාන කොටස මධ්‍යම කඳුකරයට අයත් වූ නිසා එහි භූමි පිහිටීම අනුව වගා කළ හැකි භූමිය සීමාසහිත විය. වගා කටයුතු සඳහා හෝ ඉඩම් ලබාගැනීමට රාජ්‍ය අවසරය අවශ්‍ය විය. නමුත් මහනුවර රාජධානියේ අගනගරය වූ මහනුවර නගරයත් ඒ අවට වූ ‘තහන්සි ඉඩම්‘ නමින් හැඳින්වූ උඩවත්ත කැලය හා ඒ ආශ්‍රිත ප්‍රදේශත්, ගබඩාගම්, බිසෝගම් ආදියත් හැර සෙසු ඉඩම් මහජනයාට පැවරීමට හැකියාව තිබූණි. මේ නිසා තවදුරටත් වගා කටයුතු සඳහා යොදාගත හැකිව තිබූ ඉඩම් වූයෙන් වගා නොකළ ඉඩම් වගාකරවීමට විමලධර්මසූරිය රජු විසින් කටයුතු කරන ලදි. දෙවැනිව හෙල්මළු ක්‍රමය මූලික කරගත් වී වගාව ද පැවතුණි. නමුත් අප මෙහිදී අවධානය යොමුකළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ මහනුවර රාජධානිය යනු මහනුවර නගරය නොවන බවයි. එය මධ්‍යම කඳුකරය මෙන්ම ඉන් ඔබ්බෙහි වූ පහතරට ප්‍ර‍දේශවල ද පැතිර තිබූණි. මේ නිසා හෙල්මළු ක්‍රමය ක්‍රියාත්මක වූයේ කඳුකර ප්‍රදේශවල පමණි. සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය කුඹුරු ගොවිතැනයි.
මෙකල රාජ්‍ය ආදායම් සකස්වී තිබූණේ මූලික වශයෙන් ම බදු වලිනි. අඩක් මුදලින් ද අඩක් ධාන්‍ය හා පොල් ආදියෙන් ද මහජනයා රජයට බදු ගෙවූ හ. නොක්ස් පවා මේ පිළිබඳ සඳහන් කර තිබේ.රාජ්‍ය ආදායම රාජ්‍යයක පැවැත්ම හා නැවැත්ම තීරණය කරන සාධකයක් වූ නිසා රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීමට පාලකයා නිරන්තරයෙන් ම කටයුතු කළ යුතු වේ. විමලධර්මසූරිය රජු ද ඒ උදෙසා කටයුතු කළ බව පෙනී යයි.
මහනුවර අවට රජු කරවූ කුඹුරු දෙදහසක් ගැන ද මන්දාරම්පුරට සමීපව කරවූ කුඹුරු අසූහතක් ගැන ද මන්දාරම්පුර පුවතේ සඳහන් වේ. මන්දාරම්පුරයට ආසන්නව වතු එකසිය හතක් කරවූ බව ද එහි සඳහන්ය. ඒවා විශේෂ භෝග හෝ හේන් වියහැකිය. මේ කෘෂි කටයුතු සරු කරගනු පිණිස රජු සිය රාජ්‍ය තුළ වැව් අමුණු 27ක් කරවූ බව ද මන්දාරම්පුර පුවත සඳහන් කරයි.
රජතුමා සිය රටවැසියන් නිකරුනේ කාලය ගෙවා දමනවාට අකමැති වූයේය. ඒ නිසා විවිධ ශිල්ප කර්මාන්තවල ජනයා නිරත කරවීය. ඒ සඳහා කැටයම් කලා ආදී නොයෙකුත් කලාවන් දියුණු කරවීය. මෙකී කලාවන් පසුව මහනුවර ආර්ථිකයට යම් තරමක් හෝ දායක වන්නට ඇත.
හම්බන්තොට, ගිරුවාපත්තුව, ඌව, දෙදුම්බර, බින්තැන්න, සබරගමුව, සත්කෝරළය, මන්නාරම වැනි ප්‍රදේශවල ලෝහ කම්හල් 170ක් කරවූ බව මන්දාරම්පුර පුවතේ 152 කවෙහි සඳහන් වේ. මේ ප්‍රදේශ පිළිබඳ ගැටලු ඇතත් රජු ලෝහ කම්හල් කරවූ බව සත්‍යයක් විය හැක.
මධ්‍යම කඳුකරය ආශ්‍රිතව බහුල වශයෙන්ම ඇත්තේ මැණික් ආකරයන් ය. මෙතුමා මැණික් ආකර 114ක් රාජ්‍ය ආදායම් මාර්ග වශයෙන් සංවර්ධනය කර ඇත. ඊට අමතරව කපු වගාව දියුණු කිරීමට ද මෙතුමා කටයුතු කර තිබේ.ඒ සඳහා පදනම් වන්නට ඇත්තේ පුර්තුගීසීන් විසින් ඉන්දියාවෙන් රෙදි ගෙන්වීමට අවහිර කරනු ඇතැයි රජු තුළ සැකයක් මතු වීම යි. මේ නිසා තම රාජ්‍යය තුළ වැසියන්ගේ අවශ්‍යතාව මුල් කරගනිමින් කපු වගාව වර්ධනය කරන ලදී. නමුත් කපු යනු ආර්ථික භෝගයකි. කපු වගාව සපුරා ම අදාළ වන්නේ පේෂ කර්මාන්තයටය. මේ නිසා මහනුවර රාජධානි වැසියන්ගේ අවශ්‍යතා පමණක් නොව ඉන් පරිබාහිර ප්‍රදේශවල වැසියන්ගේ අවශ්‍යතා පිණිස ද මේවා යෙදවීමෙන් රාජ්‍ය ආර්ථිකය ශක්තිමත් කරන්නට හැකියාව ඇති වේ. ඊටත් වඩා විදෙස් රෙදි පිළි ගෙන්වීම පිණිස වැය කළ යුතු මුදල් ද ඉතිරි වේ. මෙය රාජ්‍යයට විශාල ආර්ථික වාසියකි. මන්දාරම්පුර පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙතුමාගේ කාලයේ ලංකාවේ ‘‘නැතැයි කියන්නට දෙයක් නැති තරමටම‘‘ වර්ෂ 3ක් තුළ රට සමෘද්ධිමත් කළ බවයි. මේ ඇතැම් සංඛ්‍යා ආදියට අතිශයෝක්තිය මිශ්‍රවී තිබිය හැකි නමුදු මෙතුමා මහනුවර කේන්ද්‍රස්ථානය කරගත් දැවැන්ත ආර්ථික සංවර්ධනයක් සිදුකළ බව අපට පිළිගන්නට සාධක තිබේ. ආර්ථික සමෘද්ධිය යනු රාජ්‍යයක ප්‍රබලතාව රඳා පවතින ප්‍රධාන ස්තම්භයකි. මෙතුමාගේ කාලයේ මහනුවර රාජධානිය ඉතා ප්‍රබල තැනක වැජඹුණු බවට ඇති අනේකප්‍රකාර සාධකවලින් පෙනීයන්නේ මෙකල තිබූ ආර්ථික සමෘද්ධියයි.
උඩරට කලාපය තුළ වෙඩිලුණු කර්මාන්තය දියුණු කිරීමට ද මෙතුමා කටයුතු කළේ ය. ලංකාවේ මධ්‍යම කඳුකරයේ උතුරුදිග කොටසට අයත් නකල්ස් රක්ෂිත ප්‍රදේශයේ බහුලව තිබූ මෙම වෙඩිලුණු ලංකාවට ආදායම් උපදවනා හා වියදම් අඩු කරනා කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කළේ ය.
විමලධර්මසූරිය II- මහනුවර පාලකයෙකි. සාමකාමී පාලකයෙකු වුව ද, ඔහුගේ කාලය තුළ රදළ බලය අනවශ්‍ය තරම් වර්ධනය විය. දෙවැනි රාජසිංහ රජුගේ පුත්‍රයා ය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පියා ය.
වියත- කෙටි දුර මනින මිනුම් ඒකකයකි. අඟල් 9ක ප්‍රමාණය. ඇඟිලි හොඳින් විහිදූ අතක මහපටැඟිල්ලේ කෙළවර සිට සුළැඟිල්ලේ කෙළවර තෙක් දුර. රියනකින් බාගය. යාරයකින් හතරෙන් එක.
වියළි කලාපය- වාර්ෂික වර්ෂාපතන අගය මි.මී. 1000-1250 අතර පවතින ප්‍රදේශ
වියළි කලාපීය වනාන්තර- වියළි කලාපීය වනාන්තර, වියළි වනාන්තර හෝ නිවර්තන වියළි වනාන්තර ලෙස ද හැඳින්වේ. මෙම වනාන්තර සාමාන්‍යයෙන් විශේෂිත වියළි කාල සහිත කලාපවල දක්නට ලැබෙන අතර වර්ෂාපතනය සහ වෘක්ෂලතාදිය අනුව වැසි වනාන්තර සහ කාන්තාර අතර අතරමැදි වේ. වියළි කලාපීය වනාන්තරවල ප්‍රධාන ලක්ෂණ.
දේශගුණය- වියළි කලාපීය වනාන්තර වසරක් තුළ නිශ්චිත වියළි සමයකින් යුතුවන අතර, එම කාලය තුළ වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩු වී හෝ මාස කිහිපයක් වැසි නොවැටී තිබේ. ඒවා සාමාන්‍යයෙන් නිවර්තන හෝ උපනිවර්තන දේශගුණයක් සහිත කලාපවල, බොහෝ විට පහළ අක්ෂාංශවල පිහිටා ඇත.
වර්ෂාපතනය- වියළි කලාපීය වනාන්තරවල වාර්ෂික වර්ෂාපතනය වැසි වනාන්තර වැනි තෙත් පරිසර පද්ධතිවලට වඩා අඩු නමුත් විවිධ ශාක හා සත්ත්ව විශේෂ සඳහා ප්‍රමාණවත් වේ. වර්ෂාපතනය ස්ථානය අනුව පුළුල් ලෙස වෙනස් විය හැකි නමුත් එය සාමාන්‍යයෙන් වසරකට මිලිමීටර් 500 සිට 2000 දක්වා පරාසයට අයත් වේ.
වෘක්ෂලතාදිය- ජලය සංරක්ෂණය කිරීම සඳහා වියළි කාලවලදී කොළ හැලෙන පතනශීලී ගස් හා පඳුරු සහිත වේ. වෘක්ෂලතාදිය බොහෝ විට විරල වන අතර වැසි වනාන්තරවලට සාපේක්ෂව වඩා විවෘත වියනක් තිබිය හැක. වියළි කලාපීය වනාන්තරවල සමහර පොදු ගස් විශේෂ අතර ඇකේෂියා(acacias,), බයෝබැබ්(baobabs,), තේක්ක සහ විවිධ පතනශීලී දැව විශේෂ ඇතුළත් වේ.
විවිධ ශාක අනුවර්තන- වියළි කලාපීය වනාන්තරවල බොහෝ ශාක සතුව භූගත ජලය වෙත ප්‍රවේශ වීම සඳහා ගැඹුරු මූල පද්ධති, ජලය අහිමි වීම අවම කිරීමට ඝන හා ඉටි ස්වභාවයක් සහිත පත්‍ර සහ ජලය ගබඩා කිරීම සඳහා සාරවත් පටක වැනි අනුවර්තන ඇත. කටු සහිත වෘක්ෂලතා ද මෙම වනාන්තරවල බහුලව දක්නට ලැබෙන අතර, ඒවායින් ශාක භක්ෂකයන්ට එරෙහිව ආරක්ෂාවක් සලසාගත හැකිය.
වනජීවී- වියළි කලාපීය වනාන්තර සම්පත් සෘතුමය උච්චාවචනයන්ට අනුවර්තනය වූ විවිධ වන ජීවීන් සමූහයකට නිවහන වේ. ක්ෂීරපායීන්ට අලි ඇතුන්, ඇන්ටිලෝප් සහ විවිධ මීයන් වැනි විශේෂ මීට ඇතුළත් වේ.
මෙම වාසස්ථානවලට අනුවර්තනය වූ පක්ෂි විශේෂවලට බොහෝ විට නියඟයට ඔරොත්තු දෙන ඇතැම් ෆින්ච් සහ රැප්ටර් වැනි පක්ෂීන් ඇතුළත් වේ.
තර්ජන- කෘෂිකර්මය, දැව කැපීම සහ නාගරීකරණය හේතුවෙන් වියළි කලාපීය වනාන්තර සැලකිය යුතු තර්ජනයකට ලක්ව ඇත. දේශගුණික විපර්යාස වර්ෂාපතන රටාවන් වෙනස් කිරීම සහ නියඟයේ බරපතලකම වැඩි කිරීම මගින් මෙම පරිසර පද්ධති මුහුණ දෙන අභියෝග වඩාත් උග්‍ර කළ හැකිය.
වැදගත්කම-සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් තිබියදීත්, වියළි කලාපීය වනාන්තර ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වැදගත් වන අතර කාබන් ගබඩා කිරීම, ජල සංරක්ෂණය සහ සත්ත්ව විශේෂ ගණනාවක් සඳහා වාසස්ථාන සෑදීම වැනි වටිනා පරිසර සේවා සපයයි.
විලියම් ෂේක්ස්පියර්- විලියම් ෂේක්ස්පියර් ඉංග්‍රීසි සාහිත්‍ය ඉතිහාසයේ වඩාත්ම කීර්තිමත් සහ බලගතු නාට්‍ය රචකයෙකි, කවියෙකි, ලේඛකයෙකි. ඔහු 16වන සියවසේ අගභාගයේ සහ 17වන සියවසේ මුල් භාගයේ ජීවත් වූ අතර ඉංග්‍රීසි භාෂාවේ වඩාත් ප්‍රසිද්ධ නාට්‍ය සහ වෙනත් කෘති නිසා වඩාත් ප්‍රසිද්ධියට පත්විය. 1564 අප්‍රේල් 23 හෝ ඊට ආසන්න දිනකදී එංගලන්තයේ ස්ට්‍රැට්ෆෝර්ඩ්-ඔන්-ඒවන්හි උපත ලැබීය. ඔහු අත්වැසුම් සාදන්නෙකු සහ ව්‍යාපාරිකයෙකු වන ජෝන් ෂේක්ස්පියර්ගේ සහ සමෘද්ධිමත් ඉඩම් හිමි ගොවියෙකුගේ දියණියක වූ මේරි ආර්ඩන්ගේ තුන්වන දරුවා විය. ෂේක්ස්පියර් 16වන සියවසේ අගභාගයේදී ලන්ඩන් නාට්‍ය සමාජයට සම්බන්ධ විය. ඔහු නළුවෙකු, නාට්‍ය රචකයෙකු වූ අතර අවසානයේ ප්‍රමුඛ පෙළේ නාට්‍ය සමාගමක් වන ලෝඩ් චේම්බර්ලේන්ස් මෙන් හි කොටස් හිමියෙකු විය. ශේක්ස්පියර් දුක්ඛාන්ත (උදා: "හැම්ලට්," "මැක්බත්," "ඔතෙලෝ"), ප්‍රහසන (උදා: "මධ්‍යම රාත්‍රියක සිහිනය," "දොළොස්වන රාත්‍රිය") සහ ඉතිහාස (උදා. "හෙන්රි IV," "රිචඩ් III"). ආදිය රචනා කළේ ය. සංකීර්ණ චරිත, සංකීර්ණ කථා සහ මිනිස් ස්වභාවය ගවේෂණය කිරීම සම්බන්ධයෙන් මේ නාට්‍ය වඩාත් ප්‍රකට වේ. විලියම් ෂේක්ස්පියර් 1616 අප්රේල් 23 වන දින එංගලන්තයේ ස්ට්රැට්ෆර්ඩ්-ඔන්-ඒවොන්හිදී මිය ගියේය. ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.
විලියම් හාවෙ-ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකි. රුධිර සංසරණ පද්ධතිය පිළිබඳ පර්යේෂණ කළේ ය.
විල්ලු- විල්ලු වැඩි වශයෙන් ව්‍යාප්තව ඇත්තේ ලංකාවේ වයඹදිග වියළි කලාපයේ ය. මේවා වෘත්තාකාර හෝ ඕවාලාකාර හැඩයෙන් යුතු වේ. මේවා නිරන්තර ජලය රැඳුණු ස්වභාවික විල් විශේෂයකි. එමෙන්ම ශාක සහ සත්ත්ව විශේෂ රාශියකට වාසභූමි වීම, වෙනත් පරිසර පද්ධතිවලින් පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි වීම, සමස්ත පරිසර පද්ධතියම පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිවීම ආදී කරුණුවල දී විල්ලු ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්වේ.
විශුද්ධිමග්ග මහා සන්නය- දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු-දඹදෙණි යුගය
විශුද්ධිමග්ගය- , බුද්ධඝෝෂ හිමි-අනුරාධපුර යුගය
විහාරගම්- විහාරවලට පූජා කළ ඉඩම.
විහාරවාපි ගාම- මහාවංසයේ සඳහන් වන පැරණි වැව් ගමක නාමයකි.
වී.ඕ.සී.VOC, ලන්දේසි භාෂාවෙන් Vereenigde Oost-Indische Compagnie ලෙස හඳුන්වන ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම යි. එය 17 වන ශතවර්ෂයේ පිහිටුවන ලද ප්‍රධාන වෙළඳ සමාගමක් වූ අතර ලන්දේසි යටත් විජිත අධිරාජ්‍යයේ සහ ගෝලීය කුළුබඩු වෙළඳාමේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය.
වීදියේ බණ්ඩාර, කෝට්ටේ දොන් ජුවන් පෙරියබණ්ඩාර රජුගේ පියා ය. හත්වන බුවනෙකබාහු රජුගේ දියණිය වූ සමුද්‍රදේවියගේ සැමියා ය. වේධය කුමරු යනුවෙන් ද හැඳින්වේ. ඔහුට තම්මිට බණ්ඩාර හෙවත් තම්මිට සෙම්බගබ්පෙරුමාල් නමින් සහෝදරයෙකු ද සිටි අතර මොවුන් සොලී ප්‍රභවයක් ඇති අය සේ සැලකේ. නමින් මුල දී පෘතුගීසීන් හා එක්ව කටයුතු කළ නමුත් පෘතුගීසීන් සීතාවක ආක්‍රමණය කළ අවස්ථාවක ඔවුන්ගේ හැසිරීම පිළිබඳ කලකිරී පෘතුගීසීන්ට විපක්ෂව කළුතර දිස්ත්‍රික්කයේ මතුගමට ආසන්න පැලෑඳේ බලකොටුවක් තනාගත්තේ ය. නමුත් සීතාවක පාලකයාගේත්, පෘතුගීසීන්ගේත් විරෝධය නිසාවෙන් මහනුවරටත් පසුව යාපනයටත් පලා ගිය අතර, යාපනයේ දී සිදුවූ දෙයක් නිසා මරණයට පත්විය.
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ- සිංහල රාජනාමාවලියේ අවසන් රජු සේ පිළිගැනේ. සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ අතර සෙල්ලං නිරිඳු නමින් ජනතාව විසින් හඳුන්වන ලදී. කුණ්ඩසාලේ මාළිගයක වාසය කළ නිසා කුණ්ඩසාලේ කුමාරයා නමින් ද හඳුන්වන ලදී.
වීරසුන්දර බණ්ඩාර- කොනප්පු බණ්ඩාර හෙවත් පළමු විමළධර්මසුරිය රජුගේ පියා ය. පේරාදෙණියේ වාසය කළේ ය. මහනුවර කරල්ලියද්දේ රජු පෘතුගීසි හිතෛශී පාලනයක් ගෙනගියෙන් ඊට විරුද්ධව සීතාවක රාජසිංහ රජුගේ සහය ගෙන කරල්ලියද්දේ රජු පළවාහැරියේ ය. පසුව සීතාවක සාමන්තයෙක් ලෙස උඩරට ප්‍රදේශයේ සිටි නමුත්, සීතාවක රජුට විරුද්ධව කුමන්ත්‍රණ කළ නිසා රාජසිංහ රජු විසින් සීතාවක දී බොරු වළක හෙළා ඝාතනය කරන ලදී.
වීහ- පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ බර මැනීමේ ඒකකයකි. වී ඇටයක ප්‍රමාණය.
වීහි- වී
වෙජ- වෛද්‍ය/ වෛද්‍යවරයා
වෙජ්ජසාලා- ආරෝග්‍යශාලා
වෙඬරු මැටි- නවනීත මැටි. කිරි යොදයෙන් සකසා ගන්නා වෙඬරු තරම් උකු ද්‍රව්‍යයකි. මේ මැටි ඇත්තේ දිය ඇලි ආශ්‍රිතය සියුම් දියබිඳිති විසිරෙන ප්‍රදේශයේ යැයි කියැවේ.
වෙරළාශ්‍රිත එළිමහන් ජනාවාස- ප්‍රාග් ඓතිහාසික ජනාවාස විශේෂයකි. බූන්දල, පතිරාජවෙල, මිනිහාගල්කන්ද, වැල්ලෙගංගොඩ වැනි ස්ථාන මේ වර්ගයට අයත් වේ.
වෙලන්ගවිට්ඨවාපි- මහසෙන් රජු කරවූ වැවකි. නමුත් මෙතෙක් හඳුනාගෙන නැත.
වෙල්ලෝරය- දකුණු ඉන්දියාවේ ස්ථාන නාමයකි. 1815දී ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිටුවහල් කරන ලද්දේ වෙල්ලෝරයට ය.
වෙස්සගිරි ගිරි ලිපිය- දෙවන සිරිනාග රජු-(ආරාමයකට කළ පූජාවත් ගැන සඳහන් වේ. පළමු සිරිනාග කුච්ඡනාග හා දෙවන සිරිනාග අතර ඥාති සබඳතාව ද මෙයින් හෙළි වේ.)
වෙස්සගිරි පුවරු ලිපිය- සිව්වන මිහිඳු රජු- රජුට අයත් වැවකින් ජලය බෙදා දීමේ නීති
වේලයික්කාර හමුදාව- දකුණු ඉන්දීය කුලී හමුදාව. බොහෝ විට මේ සඳහා ඇතුළත් වූයේ කේරළ භටයන් ය. කේරලය ස්වභාවික සම්පත් අතින් මධ්‍යස්ථ පොහොසත් ප්‍රදේශයකි. කෘෂිකර්මය ප්‍රධාන ආර්ථික කාර්යය වුව ද වැඩි ඉඩ වෙන්කර ඇත්තේ ආර්ථික බෝගවගාවට ය. (සිංහල විශ්වකෝෂය අනුව) මේ නිසා ඔවුන්ගේ විදෙස් ඉපැයීම් ඉහළ ගියේ ය. ඇතැම් විට මානව සම්පත ද අළෙවි කිරීමේ සම්ප්‍රදාය ඇතිවන්නට ඇත්තේ ඒ නිසා වියයුතු ය. වේලයික්කාරවරු දහතුන් වර්ගයක් ගැන ඉන්දීය ශිලාලේඛනවලත්, දස වර්ගයක් ගැන ලංකාවේ පොළොන්නරු ලිපියේත් සඳහන් වේ. නගරත්තාර්, වළංශයර්, වලංකෛ, ඉඩංකෛ, මහන්මෛ ආදී වේලයික්කාරවරු ලංකාවේ සිට ඇත. යුධ කටයුතු, ප්‍රභූ ආරක්ෂාව හා පූජනීය ස්ථාන ආරක්ෂාව පිණිස ලංකාවේ දී මේ භටයින් යොදාගෙන තිබේ. පළමු විජයබාහු රජු ද වේලයික්කාරයින් දළදාමැදුරේ ආරක්ෂාව සඳහා යෙදවූ බව වේලයික්කාර ලිපිය අනුව පෙනී යයි.
වේවැල්කැටිය ලිපිය- සෙල් පුවරු ලිපියකි. හතරවන මිහිඳු රජු (අපරාධ නීතිය පිළිබඳ සඳහන් වේ.)
වොහාර- ව්‍යවහාර- යමක් සිදුවියයුතු ආකාරය.
වොහාරික- ව්‍යවහාරයට අදාළ, සම්මත ක්‍රමයට අනුගත. පිළිගත් ක්‍රමයට හෙවත් නීතියට අනුගත
වි+හර+ඉක-වොහාරික.
ශාන්ත පීතර බැසිලිකාව, ඉතාලි බසින් "Basilica di San Pietro" ලෙස හඳුන්වන ශාන්ත පීතර බැසිලිකාව, ලොව ඇති වැදගත්ම සහ ප්‍රකට දේවස්ථානයකි. එය ඉතාලියේ රෝමයේ ස්වාධීන නගර රාජ්‍යයක් වන වතිකානුවේ පිහිටා ඇත. ශාන්ත පීතර බැසිලිකා කතෝලික පල්ලිය සඳහා විශාල වැදගත්කමක් ඇති අතර එහි වාස්තුවිද්‍යාත්මක අලංකාරය සහ ඓතිහාසික වැදගත්කම නිසා ලෝ පුරා ප්‍රසිද්ධය. ශාන්ත පීතර බැසිලිකාවේ ඉදිකිරීම් 16 වැනි සියවසේ මුල් භාගයේදී ආරම්භ විය. එය ඉදිකර ඇත්තේ ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරුන්ගෙන් කෙනෙකු වූ සහ පළමු පාප් වහන්සේ වන ශාන්ත පීතරතුමාව මිහිදන් කළ බවට විශ්වාස කරන ස්ථානයේ ය. Donato Bramante, Michelangelo Buonarroti, Carlo Maderno සහ Gian Lorenzo Bernini ඇතුළු කැපී පෙනෙන ගෘහ නිර්මාණ ශිල්පීන් සහ කලාකරුවන් කිහිප දෙනෙක්, සියවස් ගණනාවක් පුරා බැසිලිකාවේ සැලසුම් සහ ඉදිකිරීම් සඳහා දායක වූහ. මයිකල්ඇන්ජලෝගේ ගෝලාකාරය ලෙස හැඳින්වෙන ශාන්ත පීතර බැසිලිකාවේ අතිවිශිෂ්ට ගෝලාකාරය ප්‍රමුඛ අංගයක් වන අතර එය මයිකල්ඇන්ජලෝ විසින් නිර්මාණය කරන ලදී. එය බැසිලිකාවේ වඩාත්ම කැපී පෙනෙන අංගයක් ලෙස පවතී. ඇතුළත කලා කෘති මයිකල්ඇන්ජලෝ, රෆායෙල් සහ ගියන් ලොරෙන්සෝ බර්නිනි වැනි කලාකරුවන් විසින් නිර්මාණය කර තිබේ.
ශිලා මංජුසා සුසාන- ගල් පුවරු යොදා සකස් කළ සුසාන. උදා-ඉබ්බන්කටුව මෙගලිතික සුසාන සංකීර්ණය
ශිලා ලිපි-
ශිලාලේඛන/සෙල්ලිපි- සෙල්ලිපි වනාහි අතිශය වැදගත් ම පුරාවිද්‍යා මූලාශ්‍රයයි. එහෙත් අඛණ්ඩ ඉතිහාසය ගොඩනැගීමට සෙල්ලිපි පමණක් ප්‍රමාණවත් නොවේ.
1. ලෙන් ලිපි - ලෙන් වල ලියූ ලිපි.
2. ගිරි ලිපි - ගිරි හෙවත් පර්වත මත ලියූ ලිපි.
3. ටැම් ලිපි - ටැම් මත ලියූ ලිපි.
4. පුවරු ලිපි - ගල් පුවරු මත ලියූ ලිපි.
5. ආසන ලිපි - ගල් ආසන මත ලියූ ලිපි.
යනුවෙන් ස්වභාවය අනුව සෙල්ලිපි ප්‍රධාන කොටස් පහකට බෙදෙයි. ඊට අමතරව ලියා ඇති කාලය අනුව ද කොටස් 3කට බෙදා දැක්විය හැක.
1. පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි- (ක්‍රි පූ. 03 සියවසේ සිට ක්‍රි.ව 01 සියවසේ මුල් භාගය දක්වා කාලයට අයත් සෙල්ලිපි)
2. අපර බ්‍රාහ්මී සෙල්ලිපි- (ක්‍රි. ව. 01 සියවසේ අග භාගයේ සිට ක්‍රි.ව 07 වන සියවසේ අවසානය දක්වා කාලයට අයත් සෙල්ලිපි)
3. පශ්චාත් බ්‍රාහ්මී සෙල්ලිපි (ක්‍රි. ව. අටවන සියවසේ සිට ක්‍රි.ව. පහළොස්වන සියවසේ අවසානය දක්වා කාලයට අයත් සෙල්ලිපි)
ලංකාවෙන් මෙතෙක් හමු වී ඇති ශිලා ලේඛන අතරින් පැරණි ම ශිලා ලේඛන හමු වී ඇත්තේ මිහින්තලේ හා වෙස්සගිරිය අදී ස්ථානවලිනි. ඒවා ආසන්න වශයෙන් ක්‍රි. පූ. 3 සියවසට, එනම් මහින්දාගමනය සිදුවූ යුගයට පමණ අයත් වේ. මේවා පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි වර්ගයට අයත් ය. එමෙන් ම මේවා ලෙන් ලිපි ය. පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි ලංකාවේ කඳුකර ප්‍රදේශවලින් හැර වෙනත් බොහෝ පළාත් වලින් ලැබේ. ඒවායින් ලංකාවේ ආර්ය ජනාවාස ව්‍යාප්තිය හා බුදුදහමේ ව්‍යාප්තිය පිළිබඳ බොහෝ තොරතුරු ලැබේ. පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි ඉතා කෙටිය. බොහෝ විට ඒවා ලෙන්ලිපි වන අතර ලෙන් කටාරමට යටින් කොටා ඇත. පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපිවල සාමාන්‍යයෙන් අන්තර්ගත වන්නේ යම් යම් පුද්ගලයන් විසින් භික්ෂූන් වහන්සේලා උදෙසා කළ පරිත්‍යාගයන් පිළිබඳව ය. එබැවින් ඒවා එක්තරා ආකාරයක ඔප්පු විශේෂයක් සේ ද සැලකිය හැකිය. (උදා-පරුමක ගුතහ පුත පරුමක තිශහ ලෙනෙ අගත අනගත චතුදිස සගස දිනෙ. එයින් අදහස් වන්නේ ගුත්ත නම් ප්‍රමුඛයාගේ පුත්‍ර ප්‍රමුඛ තිස්ස තමන් සතු ලෙනක් සඟ සතු කර පූජා කළ බවයි.) පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි වලට වඩා අපර බ්‍රාහ්මී සෙල්ලිපි තරමක් දීර්ඝය. වස්තු විෂයය අතින් පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි හා අපර බ්‍රාහ්මී සෙල්ලිපි බොහෝ දුරට සමාන වේ. එහෙත් අපර බ්‍රාහ්මී සෙල්ලිපි පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපිවලට වඩා තරමක් දීර්ඝ නිසා ඒවායෙන් හෙළිවන ඓතිහාසික තොරතුරු ප්‍රමාණය ද වැඩිය.
පූර්ව බ්‍රාහ්මී හා අපර බ්‍රාහ්මී සෙල්ලිපි එක්ව ගත් කල ඒවායින්
• සිංහල අක්ෂරවල විකාශය පිළිබඳ ,
• නොයෙක් සංකේත පිළිබඳ ,
• සිංහල වියරණ පිළිබඳ ,
• රාජකීය නාම පිළිබඳ ,
• රාජකීය විරුද නාම පිළිබඳ ,
• ප්‍රාදේශීය රජවරුන් සහ කුමාරවරුන් පිළිබඳ ,
• බ්‍රාහ්මණ, පරුමක, ගමික, ගපති වැනි කණ්ඩායම් පිළිබඳ
• සමකාලීන ලංකාවේ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ව,
• එකල වෙළඳ කටයුතු පිළිබඳව,
• ඉඩම් භුක්තිය පිළිබඳව,
• භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව,
• උපාසක උපාසිකාවන් පිළිබඳව
• විවිධ ආගමික විශ්වාස පිළිබඳව
තොරතුරු රැසක් හෙළිකරගත හැක. පූර්ව බ්‍රාහ්මී හා අපර බ්‍රාහ්මී සෙල්ලිපි යන දෙවර්ගයටම වඩා පශ්චාත් බ්‍රාහ්මී සෙල්ලිපි දීර්ඝ ය. පශ්චාත් බ්‍රාහ්මී සෙල්ලිපි ආගමික අරමුණකින් ලියැවුණ ද ඒවායේ අනෙක් සෙල්ලිපි දෙවර්ගයටම වඩා සමාජ, ආර්ථීක, දේශපාලනික තොරතුරු වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වේ. පශ්චාත් බ්‍රාහ්මී ලිපි අතර ලෙන් ලිපි නොමැති තරම්ය. පුවරු ලිපි, පර්වත ලිපි හෙවත් ගිරි ලිපි, ටැම් ලිපි හා ආසන ලිපි ආදිය වැඩිය. අනුරාධපුර යුගයේ අවසානය වන විට වඩා ප්‍රචලිතව පැවතියේ පුවරු ලිපි ය. මේ යුගයේ ඇතැම් සෙල්ලිපිවල රාජකීය නාම වෙනුවට විරුද නාම හෝ කෙටි නාම (තිස්ස, ගමණි, අභය, සිරිසෙඟබෝ, සලමෙවන් ආදී වශයෙන්) සඳහන් වන නිසා නිශ්චිත වශයෙන් කවර රජුට අයත්දැ‘යි සඳහන් කිරිම අපහසුය. එහෙත් සාහිත්‍ය මූලාශ්‍ර ද ඇසුරු කරගනිමින් ඉතිහාසඥයෝ ඉහත අභියෝගයට සාර්ථකව මුහුණ දෙති.
ශුෂ්ක කලාපය- වාර්ෂික වර්ෂාපතන අගය මි.මී.1000ට අඩු ප්‍රදේශ
ශේගරාශශේකරමාලෛ-
ශ්‍රී ලංකා- 1972 ජනරජ ව්‍යවස්ථාවට අනතුරුව එතෙක් ලංකාව නමින් හැඳින්වූ රට
ශ්‍රී විජය රාජසිංහ- නායක්කර් වංශයේ පළමු රජු ය.
සංඛසෙනවි- කාලිංග මාඝ පොළොන්නරුවේ බලය අල්ලා ගෙන සිටි කාලයේ මිණිපේ හෙවත් මණිමේඛලා ප්‍රදේශය මුල්කරගෙන ගංදෙණියේ බලකොටුවත් තනාගෙන සිටි සෙනවියා. ඔහුගේ බලකොටුව නිසා කාලිංග මාඝට තව දුරටත් දකුණු දෙසට ව්‍යාප්ත වීමට නොහැකි විය.
සංගමු වැව- මැද්දකැටිය වැව. කුරූණෑගල දිස්ත්‍රික්කය. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.
සංගමු විහාර ලිපිය- පොළොන්නරු යුගය-(පළමු පැරකුම්බා හා දෙවන ගජබාහු රජවරුන් අතර සාම ගිවිසුමකි.)
සංඝරක්ඛිත හිමි- මේ නමින් භික්ෂූන්වහන්සේලා ගණනාවක් ලක්දිව වැඩ වාසය කර ඇතත් වඩාත් ප්‍රකට වූයේ සංඝරක්ඛිත මහාසාමි නමින් ප්‍රකටව සිටි භික්ෂූන්වහන්සේ ය. දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු නමින් රජ වූ කුමරාගේ ගුරුවරයා ය.
සංඝරාජ හිමි- ලංකාවේ භික්ෂූන් වහන්සේලා අතර ප්‍රධාන භික්ෂූන්වහන්සේ.
සංදේශ කාව්‍ය- ලංකාවේ ලියැවී ඇති සංදේශ කාව්‍ය ප්‍රමාණය හාරසියයකට අධික වුව ද ප්‍රකටව ඇත්තේ සුළු ප්‍රමාණයක් පමණි. මයුර සංදේශය ලංකාවේ ලියවුණු වඩාත් පැරණි ම සංදේශ කාව්‍යය සේ පිළිගැනෙයි. ගම්පොළ යුගයේ ලියවුණු මේ සංදේශයේ කතුවරයා කවීශ්වර නමින් දක්වා ඇතත් එය ඔහුගේ සැබෑ නම ද උපාධි හෝ ගෞරව නාමයක් ද යන්න සැකසහිත ය. මේ යුගයේ ම තිසර සංදේශය ද රචනා වී තිබේ. දෙවිනුවර විසූ භික්ෂූන්වහන්සේ නමකගේ කෘතියකි. කෝට්ටේ යුගයේ දී සංදේශ කාව්‍ය රැසක් ලියැවී ඇත. ඒ අතරින් පරවි, කෝකිල, සැළලිහිණි, ගිරා හංස යන සන්දේශ කාව්‍ය පහ ලංකාවේ ලියැවුණු අග්‍රගණයේ සංදේශ කාව්‍යයන් සේ පිළිගැනෙයි. මේවා ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන කෘතීන් වේ.
• මගවැනුම් ආශ්‍රිතව විස්තර වන ස්ථාන ආදිය
• සමාජ තොරතුරු
• ආගමික තොරතුරු,
• දේශපාලන තොරතුරු ආදී රැසක් හමු වේ.
සකපෝරුව(කුඹල් සක)- කුඹල් කර්මාන්තයේදී භාවිත කෙරෙන උපකරණයකි. කැරකැවියහැකි තට්ටුවක් සහිත වන අතර ඒමත මැටි ගුලියක් තබා සමමිතික නිර්මාණයන් කළ හැකිය.
සතකුප්ප- ඖෂධීය පැළෑටියකි. කුළුබඩු වර්ගයකි.
සත්මහල් ප්‍රාසාදය- පොළොන්නරුවේ දළදා මළුවේ ඇති ඉදිකිරීමකි. ස්ථූපයකි. පළමු පරාක්‍රමබාහු රජදවසට අයත් වේ. අග්නිදිග ආසියාතික කලාපයේ ආභාසය ඇති ස්ථූප හැඩයකි.
සදිවිහරිය- සමීපයේ වාසය කරන්නා. විහරනය යනු වාසය කිරීම යි.සද්ධි විහාරික යන පදයෙන් එය නිර්මාණය වී ඇත.
සද්ධම්මප්පකාසිනී- , පටිසම්භිදාමග්ග අට්ඨකතාව-පළමු මුගලන් රජ දවස දීඝාසන විහාරයේ වැඩ විසූ මහානාම නම් හිමි.
සද්ධර්මරත්නාකරය-ගඩලාදෙණියේ ධම්මදින්න විමලකිත්ති හිමි-කෝට්ටේ යුගය
සද්ධර්මරත්නාවලිය-ධර්මසේන හිමි-දඹදෙණිය යුගය
සද්ධර්මාලංකාරය-ජයබාහු ධම්මකිත්ති හිමි-ගම්පොළ යුගය
සපුමල් කුමාරයා-සෙම්බගබ්පෙරුමාල් නම් දමිළ කුමාරයා. ඔහු හයවැනි පරාක්‍රමබාහු රජු පුත්‍රයෙක් සේ හදාවඩා ගත් කුමාරවරුන් දෙදෙනාගෙන් වැඩිමහලු කුමරා වූ අතර අම්බුලුගල කුමරාගේ සොහොයුරා ය. මලබාරයෙන් ආ පනික්කරු නම් කුමරෙක් සිංහල ස්ත්‍රියක හා විවාහ වීමෙන් උපන් කුමාරවරුන් දෙදෙනෙකුගෙන් අයෙකැයි කූතෝ සඳහන් කර තිබේ. පසුකාලීනව යාපනය යටත් කරගැනීමේ සංග්‍රාමයට නායකත්වය දුන් කුමරා ය. මොහු සවැනි පැරකුම්බාවන්ගේ මරණයෙන් අනතුරුව බලයට පත් ජයවීර පරාක්‍රමබාහු (හෙවත් දෙවැනි ජයබාහු?) රජු ඝාතනය කර හයවැනි බුවනෙකබාහු නමින් රජ වූයේ ය.
සපුමල් කුමාර නමින් ම තවත් අයෙකු ගැන කෝට්ටේ යුගයෙන් අසන්නට ලැබේ. ඔහු දොන් ජුවන් පෙරියබණ්ඩාර රජුගේ සුළු පියා වූ සෙනවිරත්න මුදියන්සේ හෙවත් තම්මිට බණ්ඩාර ය. (තම්මිට රාළ හෙවත් එරන්ස් බණ්ඩාර යනු ද ඔහු ය.) ඔහුගේ නමට ද සෙම්බගප්පෙරුමාල් යන කොටස තිබේ.(තම්මිට සෙම්බගප්පෙරුමාල්)
සභාව- පැරණි ලංකාවේ අධිකරණය හැඳින්වූ නම. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හමු වූ සෙල්ලිපියක ‘සභායෙන් ආ මැණින්ගමු උදහි ඉසා නිකවැලි සෙනු ඉසා’ යනුවෙන් සඳහන් වේ.
සමන් දෙවි- සුමන සමන් දෙවි. ශ්‍රී පාද අඩවියට අධිගෘහිත දෙවි.
සමන්තපාසාදිකා-බුද්ධඝෝෂ හිමි. සිරිනිවාස හෙවත් මහානාම රජ දවස-අනුරපුර යුගය (විනය පිටකයේ අටුවාව යි)
සමුද්‍ර දේවී-සත්වන බුවනෙකබාහු රජුගේ දියණිය. වීදියේ බණ්ඩාරගේ බිසව. දොන් ජුවන් පෙරියබණ්ඩාර රජුගේ මව.
සම්බිලිතුරෙයි-ජම්බුකෝළ පට්ඨන/දඹකොළපටුන
සම්මෝහවිනෝදනී-බුද්ධඝෝෂ හිමි-අනුරාධපුර යුගය
සරජෝතිමාලෛයි-තේනුවරෙයි පෙරුමාල්
සරණංකර හිමි වැලිවිට-ලංකාවේ අවසන් සඟරජ හිමි.
සරතර-තිරිතර නම් ආක්‍රමණිකයා
සරන්ඩිබ්-ශ්‍රී ලංකාව හැඳින්වීමට අරාබි ජාකිතයින් විසින් භාවිත කළ නම. මෙය සිංහලද්වීප යන්න ඔවුන් උච්චාරණය කළ ආකාරය යැයි පිළිගැනෙයි.
සලාවත්තොට-සල්වතොට/සැල්වතොට/හලාවත
සල්වතොට-සලාවත්තොට/සැල්වතොට/හලාවත
සවුළු විජයබාහු-ගම්පොළ රජ කළ පස්වැනි විජයබාහු රජු භාවිත කළ විරුදනාමයකි. ඔහුගේ පුත් පස්වැනි පරාක්‍රමබාහු රජු ද මෙය භාවිත කර තිබේ. මෙය පවුලේ නින්දගමක් නිසා ලැබුණක් යැයි ඩී.බී.ජයතිලක මහතා දක්වා තිබේ.(ලං.වි.ලං.ඉ.2 කාණ්ඩය. පිටුව 602) මෙය දෙවනපෑතිස් රජ සමයේ ශ්‍රී මහා බෝධිය සමග පැමිණි පිරිස හා සම්බන්ධයක් ඇතැයි ද ජනප්‍රවාදයක් තිබේ. නමුත් එය බොහෝ විමසිල්ලෙන් සොයා බැලිය යුතු ජනප්‍රවාදයකි.
සසදාවත-රජරට සමයට, පොළොන්නරු යුගයට අයත් සිංහල කෘතියකි.
සාමන්ත පාලක-යටත් පාලක/ප්‍රාදේශීය පාලක/ යම් ප්‍රධාන රජෙකු යටතේ එම රාජ්‍යයට අයත් ප්‍රදේශයක පාලන කටයුතු මෙහෙයවන්නා.
සාරත්ථදීපනී-රජරට සමයට අයත් පාලි කෘතියකි.
සාරාර්ථ සංග්‍රහය-බුද්ධදාස රජු-අනුරාධපුර යුගය
සාරාර්ථදීපනී-වැලිවිට සරණංකර සංඝරාජ හිමි.-මහනුවර යුගය
සාලි-ඇල් වී. ගොඩ වී.
සාහස්සමල්ල- කාලිංග වංශිකයෙකි. දෙවසරක් පොළොන්නරුවේ රජවී සිටියේ ය. ඔහුගේත් නිශ්ශංකමල්ලගේත් පියා ශ්‍රී ගෝප නමැත්තා ය.නිශ්ශංකමල්ලගේ මව පාර්වතී වූ අතර සාහස්සමල්ලගේ මව ලෝකමහාදේවී නම් වූවා ය. ඒ අනුව මේ දෙදෙනා එක ම පියාගේ නමුදු එක ම මවගේ දරුවන් නොවේ. සාහස්සමල්ලට අයත් ලිපි කිහිපයක් ලංකාවෙන් හමු වේ.
සැමොරින්-ඉන්දියාවේ කැලිකට් හි සිටි මුස්ලිම් නායකයා. සැමොරින් යනු තනතුරු නාමයක් ද යන්න පැහැදිලි නැත.
සැල්වතොට-සලාවත්තොට/සැල්වතොට/හලාවත
සැළලිහිණි සංදේශය-තොටගමුවේ ශ්‍රී රාහුල හිමි - කෝට්ටේ යුගය
සිංහල පෙරලිය-VI වන බුවනෙකබාහු රජුට විරුද්ධව පස්දුන්කෝරළයේ කැලණිදොළ (කැකුලන්දොළ) ශ්‍රී වර්ධන පතිරාජ හා කීරගම හිමි එක්ව කළ අරගලයක් මේ නමින් හැඳින්වේ. මේ අරගලය සිංහල සංගෙ නමින් දැදිගම ලිපියේත් සිංහල පෙරළිය නමින් රාජාවලියේත් හඳුන්වා තිබේ. මේ අරගලය මැඩපැවත්වීමට සිය සොයුරු අම්බුලුගල කුමරු යෙදවීමට VIවන බුවනෙකබාහු රජුට සිදුවිය. අම්බුලුගල කුමරා කැරැල්ල මර්දනය කර නායකයින් ජීවග්‍රහයෙන් අල්ලා ගත්තේ ය. නමුත් කැරැල්ල මෙහෙය වූ ශ්‍රීවර්ධන පතිරාජයන්ගේ ඉල්ලීම පරිදි ඔහු නොමරා සිරදඬුවම් දීමට VIවන බුවනෙකබාහු රජු එකඟ විය. කීරගම හිමියන්ට සිරදඬුවමක් හෝ නොදුන්නේ යැයි සිතන්නට සාධක තිබේ. ඇතැම් විට ඔහු තමන්ට විරුද්ධ ජන බලවේගය ගැන අවබෝධයෙන් එසේ කළා විය හැකි ය.
සිංහල බෝධිවංසය-විල්ගම්මුල හිමි-කුරුණෑගල යුගයේ රචනා කළ කෘතියකි.
සිංහල සංගෙ-සිංහල පෙරළිය. බලන්න.
සිංහලද්විප-ලංකාව
සිංහලය-ලංකාව
සිංහලේ ආණ්ඩුක්‍රමය-ජෝන් ඩොයිලි-ඉංග්‍රීසි පාලන සමය
සිතුල්පව්ව ලිපිය- අධිකරණයක ආදායම් සංඝයාට පිදූ බව
සිත්නරුබිම-වත්මන් පනාකඩුවේ ඇති හිත්තලතැන්න හෝ මහවැලි ගඟෙන් දකුණේ ඇති කන්දකාඩු ප්‍රදේශය.
සිත්නරුබිම් බුදල්නා-පැරණි රෝහණ ප්‍රදේශයේ සිත්නාරුබිම් නම් ප්‍රදේශය භාර දණ්ඩනායක වූ බුද්ධනායක නමැත්තා. මහා විජයබාහු රජුගේ ළමාකාලයේ පටන් ඔහුගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව භාරව ස්වකැමැත්තෙන් කටයුතු කළ නිලධාරියා. ඔහු පිළිබඳව පනාකඩුව තඹ සන්නසේ සඳහන් වේ.
සිදත්සඟරාව-පතිරාජ පිරුවන්පති වේදේහ හිමි-දඹදෙණි යුගය
සිබල් ද වර්ට්-ස්පිල්බර්ජන්ට පසු ලංකාවට පැමිණි ලන්දේසි නියෝජිතයෙකි. 1602-1603 කාලයේ ය. පළමු වරට පැමිණ යුධ සැලසුම් සකසා වර්ට් විශාල හමුදාවක් සමග දෙවැනි වරට ද පැමිණියේ ය. රජු ඔවුන් ගාල්ල කොටුව අල්ලාගැනීමට යෙදවූ අතර රජුගේ හමුදාවක් ද ගොඩබිමින් ගාල්ලට පිටත් කරන ලදී. ඒ අතර වාරයේ පෘතුගීසි නෞකා කිහිපයක් වර්ට්ගේ හමුදා විසින් අල්ලා ගත් නමුත් රජුගේ ඉල්ලීම පවා නොතකා පෘතුගීසීන් නිදහස් කිරීමට කටයුතු කළේ ය. මේ නිසා රජු කෝපයට පත්ව සිටි අතර එදින ම රාත්‍රියේ භෝජන සංග්‍රහය අතරතුර ලන්දේසි නෞකා කණ්ඩායමේ උපඅද්මිරාල්වරයා රජු හා දේවිය සම්බන්ධ කර අසභ්‍ය ප්‍රකාශයක් සිදු කළේ ය. මෙයින් රජුගේ කෝපය උත්සන්න වූයෙන් උපඅද්මිරාල්වරයා අල්ලා ගස් බැදීමට නියෝග කළේ ය. මේ නිසා දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වූ අතර එහි දී ලන්දේසි නිළධාරීන් පනස් දෙනෙකු පමණ රජුගේ අංගාරක්ෂකයින් අතින් මරණයට පත්විය. මියගිය අය අතර වර්ට් ද විය. මේ සිදුවීමෙන් පසු ලන්දේසීහු දීර්ඝ කාලයක් යනතුරු යළි උඩරට හා සබඳතා නොපැවත්වූහ.
සිමන්ඩා-ලංකාව
සියබස්ලකර-සලමෙවන් රජු-අනුරාධපුර යුගය
සියම් නිකාය-ශ්‍යාමෝපාලි නිකාය. සියම් රටින් වැඩම කළ උපාලි හිමියන් විසින් ආරම්භ කළ නිකාය.
සිරිගෝණමලය-ත්‍රිකුණාමලය, ගොනරට්‌ඨ, ගෝකණ්‌ණ, තිරිකුණාමලේ,
සිරිනිවාස රජු-මහානාම රජු(406-428)
සිරිවඩ්ඪමානකවාපි-දෙවැනි අග්බෝ රජු කරවූ මේ වැව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් සේ සැලකේ. නමුත් හඳුනාගෙන නැත.
සිරිවලාස්ස වැව-චීරවාපි. මහසෙන් රජු කරවූ වැවක් වුවත් මෙතෙක් හඳුනාගෙන නැත.
සිලෝ කාව්‍ය-ශ්ලෝක
සිලෝන්-(ඉංග්‍රීසි) -ලංකාව
සිල් සිලත් අල් තවාරිඛ්-අබු සයිද් (ක්‍රි.ව. 950)
සිවිකාසාලා-සිවිකාසාලා යනු සිවලිංගය තබන ලද දේවාලය හෝ මාතෘ නිවාසයයි.
සිස්ටයින් දෙව් මැදුර-ඉතාලියේ සිස්ටයින් දේවස්ථානය හෙවත් Cappella Sistina යනු ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ හා ගෞරවනීය කලාත්මක හා ආගමික නිධානයකි. එය ඉතාලියේ රෝම නගරය තුළ ස්වාධීන නගර-රාජ්‍යයක් වන වතිකානු නගරයේ වතිකානු කෞතුකාගාර තුළ පිහිටා ඇත. 1470-1480 අතර කාලයේ නිර්මාණය කර ඇති මේ දේවස්ථානයේ මයිකල් ආංජිලෝගේ සිතුවම් කලා නිර්මාණ රැසක් තිබේ.
සිහලදිව්-ලංකාව
සීගිරි ගී- ක්‍රි.ව. 8වන සියවසේ පමණ සිට සීගිරිය නැරඹීමට ගිය දේශීය සංචාරකයින් විසින් ලියන ලද කුරුටු ගී විශේෂයකි. සමකාලීන ජනතාවගේ සිතුම් පැතුම්, කලා රසිකත්වයන්, භාෂා හැකියාවන් ආදී තොරතුරු රැසක් එහි තිබේ.
සීතාවක හටන- ලංකාවේ ලියැවුණු හටන් කාව්‍යයකි.
සීලප්පදිකාරම්-දකුණු ඉන්දීය මූලාශ්‍රයකි
සීලාන්-(අරාබි බස)-ලංකාව
සීහලද්වීප-ලංකාව
සුදු ඇතා/සුදු අලියා/ඇළි ඇතා-යම් ජාන විකෘතියක් ඇති සත්වයෙක් වියහැක. හස්ති වර්ගයක් වන නමුදු බර වැඩ කළ නොහැකි අතර මෙම සත්වයා නඩත්තු කිරීමට යන වියදම මිස කිසිදු ආදායමක් නැත. මේ නිසා ඉතා ධනවත් පවුල් වල අය මේ වැනි සත්වයින් ඇතිදැඩි කළේ තමන්ට ඒ සඳහා යෙදවීමට තරම් අතිරේක මුදලක් ඇති බව පෙන්වා සිය ප්‍රභූත්වය ඉහළ නංවාගැනීම පිණිස ය. වියදමක් මිස ආදායමක් නැති ව්‍යාපෘති ආදිය ද සුදු අලි ලෙස හඳුන්වන්නේ මේ නිසා ය. වෙස්සන්තර ජාතකයේ ඇළි ඇතුන් ලෙස දැක්වෙන්නේ ද සුදු ඇතුන් ය.
සුනේත්‍රාදේවී-හයවන පරාක්‍රමබාහු රජුගේ මව. ජයමහලෑනගේ බිසව. පැරකුම්බා සිරිතේ 27වැනි පද්‍යයේ පැහැදිලි සටහනක් ඇය පිළිබඳ දී තිබේ.
මෙලෙස තෙදබල මහත් අණසක ඇති රජුන් කුලැ පිවිතුරු
සවුළු විජයබ නිරිඳු පිති පැරකුම් රජුන් හට මුණුබුරු
ලමැනි ජයමහලෑන හිමි සුරතුර වෙළූ රන්ලිය යුරු
සුනෙත් මහදෙවි බිසෝ හිමි ලත් රජ රුවක් සොඳ බුදුකුරු
ඒ අනුව පෙනී යන්නේ සවැනි පැරකුම්බාවන්ගේ පියා ජයමහලෑන නම් වූ බවත්, මව සුනේත්‍රා දේවී නම් වූ බවත් ය. සුනේත්‍රා දේවිය කාලිංග දේශයේ රජ පරපුරක සාමාජිකාවක යැයි බෙංගාල ලේඛක රාමචන්ද්‍ර භාරතී සඳහන් කර තිබේ. රාමචන්ද්‍ර භාරතී යනු පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහය යටතේ ලංකාවේ සිටි බෙංගාල ජාතික බ්‍රාහ්මණ වංශික ලේඛකයෙකි. තවත් මූලාශ්‍රයක සඳහන් වන්නේ චෙං හෝ ගේ ආගමනය අවස්ථාවේ පරාක්‍රමබාහු කුමාරයා හා ඔහුගේ සොහොයුරා ද රැගෙන සුනේත්‍රා දේවිය වීදාගම විහාරයට පලා ගිය බව යි. ඔවුන්ගේ පියා වූ ජයමහලෑන චීන සිරකරුවෙකු වශයෙන් රැගෙන ගිය පිරිසට අයත්වන්නට ඇත යන අනුමානයක් ද පවතී. වීදාගම විහාරයට ගිය මේ රාජකීය පවුල පිළිබඳ ආරක්ෂාව තමන්ට සිදුකිරීම දුෂ්කර බව දැනගත් වීදාගම විහාරවාසී හිමි මේ තිදෙනා කෑගලු දිස්ත්‍රික්කයේ පොල්වත්ත හෙවත් රුකුලේ නමැති ගමේ ප්‍රධානියා වෙත යැවී ය. නමුත් ඒ වන විට කෝට්ටේ බලය අල්ලාගෙන සිටි මීළඟ අලකේශ්වරවරයාට මේ පිරිස පිළිබඳ විස්තර ලැබුණෙන් ඔහු ඒ පිළිබඳ සෙවීමට සිය පුරුෂයින් යෙදවීය. නමුත් ගම්පතියාගේ උපායශිලීත්වය නිසා මේ කුමරාගේ දිවි බේරුණු බව මේ රජු පිළිබඳව ඇති ජනශ්‍රැති අනුව පෙනී යයි. සුනේත්‍රාදේවිය ද මේ කටයුතු සඳහා තීරණාත්මක ආකාරයෙන් දායක වන්නට ඇත.
සුනේත්‍රාදේවී පිරිවෙන- හයවන පරාක්‍රමබාහු රජු සිය මව සිහිවීම පිණිස පැපිලියාන ප්‍රදේශයේ ඉදි කළ පිරිවෙනකි. කෝට්ටේ යුගයේ දී වඩාත් ප්‍රකටව පැවතුණි.
සුභ නෙසෙවි- කාලිංග මාඝ පොළොන්නරුවේ බලය අල්ලා ගෙන සිටි කාලයේ යාපහුවේ බලකොටුවත් තනාගෙන සිටි සෙනවියා. ඔහුගේ බලකොටුව නිසා කාලිංග මාඝට තව දුරටත් නිරිත දෙසට ව්‍යාප්ත වීමට නොහැකි විය. සුභ සෙනවි සිටි පර්වතය සුභ පබ්බත නම් විය. සුභ යන්න යහපත් යන අරුතින් ගෙන යහ ගිරි, යහ පබ්බත, යහපව්ව ආදී නම් නිර්මාණය වූ බවත් පසුව එය යාපහුව වූ බවත් පිළිගැනෙයි. මහාවංසයේ දෙවැනි කොටසේ කියන්නේ සුභ සෙනෙවි සුභපබ්බතයේ වාසය කළේ ආලකමන්දාවේ කුවේරයා සේ බව යි.(79 පරි. 3 ගාථාව සිට)
සුභපැතීමේ තුඩුව-දකුණු අප්‍රිකාවේ දකුණු තුඩුව යි. මෙම ස්ථානයේ දී බර්තොලමියු ඩයස්ගේ නාවික කණ්ඩායම කුණාටුවකට හසුවීම නිසා කුණාටු තුඩුව යන නම මුල දී යොදන ලදී.
සුභාෂිතය-අලගියවන්න මුකවැටි-සීතාවක යුගය
සුමංගලවිලාසිනී-බුද්ධඝෝෂ හිමි-අනුරාධපුර යුගය
සුමනවාපිගාම-මහාවංසයේ සඳහන් වන පැරණි වැව් ගමක නාමයකි.
සුරුල්ලා වැව-හුරුළු වැව-((මහසෙන් රජු/අනුරාධපුර යුගය)
සුලයිමාන්/සුලෙයිමාන්-ලංකාව ගැන ලියූ පළමු අරාබි ලේඛකයා සේ පිළිගැනෙන්නේ සුලෙයිමාන් ය.
සුල්තාන්-මුස්ලිම් රටක නායකයා හැඳින්වෙන නම. සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ ම දේශපාලන හා අධ්‍යාත්මික නායකයා වන්නේ කාලිෆ් හෙවත් කලීෆා ය.
සූකරතිත්ථ-කයිට්ස්, ඌරාතොට
සූතිඝර චෛත්‍යය- මහා පරාක්‍රමබාහු රජු උපන් ස්ථානයේ (සූතිකාගාරය තිබූ ස්ථානයේ) ඉදිකළ ථූපය. මෙය දැදිගම කොටවෙහෙර නමින් හඳුන්වන ථූපය යි.
සෙනරත් රජු- මහනුවර පාලකයෙකි. පළමු විමලධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරෙකි. කුසුමාසන දේවිය විවාහ කරගනිමින් රාජ්‍යත්ව උරුමය ලැබීය.
සෙයිලාන්-(පෘතුගීසි බස) -ලංකාව
සෙරන්දිබ්-(අරාබි බස) -ලංකාව
සෙහෙන්-හේන්. බුත්සරණෙහි හේන හඳුන්වා ඇත්තේ මේ නමිනි. සෙහෙන් කටුසරඅය නමින් බද්දක් පිළිබඳව ගල්පොත ලිපියේ ද දැක්වේ. (මැදඋයන්ගොඩ හිමි, 1966, පිටුව 391)
සේනාධිලංකාර-වෙළඳ කටයුතුවලින් මහත් ධනයක් උපයාගනිමින් බලවත් වූ පවුලකි. මොවුන් මෙහෙණවර වංශයට අයත් වී යැයි විශ්වාස කෙරේ. මෙහෙණවර වංශය යනු ශ්‍රී මහා බෝධිය සමග ලංකාවට ආ පරපුරකට සම්බන්ධ පරපුරක් යැයි ඔවුන් විසින්ම ප්‍රකාශ කළ ද පරණවිතාන මහතා ඒ මතයට එතරම් එකඟ නොවේ. එතුමා පවසන්නේ මෙහෙණවර යන වදන මලයාලම් බසේ එන මෙණවණ් යන්නෙන් ආවක් බවයි. මෙණවණ් යන්නෙන් අමාත්‍යයා යන අරුත ලැබෙයි. සේනාධිලංකාරවරුන් විශාල ධනයක් වැයකර දකුණු ඉන්දියාවේ කාංචිපුරම්හි ප්‍රතිමා මන්දිරයක් කරවූ බව සද්ධර්මරත්නාකරයේ ද සඳහන් වේ. ඔවුන්ට දකුණු ඉන්දීය සබඳතාවක් තිබූ බව අපට සිතන්නට සිදුවේ. ගම්පොළ පාලකයා වූ පස්වන පරාක්‍රමබාහු රජුට සමකාලීනව සිට සේනාධිලංකාර සෙනෙවියා රජුගේ සොයුරියක ආවාහ කරගෙන සිටියේය. මේ නිසා මේ යුගයේ රජ පරපුර හා සේනාධිලංකාර පවුල අතර සමීප ඥාති සම්බන්ධතාවක් වර්ධනය විය. සේනාධිලංකාර පරපුරේ අයෙකු හතරවන බුවනෙකබාහු හා පස්වන පරාක්‍රමබාහු රජුගේ මන්ත්‍රීශ්වරයාණ කෙනෙකු හා සේනාධිපති වශයෙන් ද කටයුතු කර තිබේ. ඔහු සිඳුරුවාන ප්‍රදේශයේ ප්‍රදේශාධිපතියා ද විය. සේනාධිලංකාර අමාත්‍යයා පස්වන පරාක්‍රමබාහු රජුගේ අග්‍රාමාත්‍යධුරය දැරූ බවට ද මතයක් තිබේ. අග්‍රාමාත්‍ය, සේනාපති, මන්ත්‍රීශ්වර, යනාදී තනතුරු නාම සම්බන්ධයෙන් විවිධ මූලාශ්‍රයවල එන තොරතුරු වියවුල් සහගතය. සේනාධිලංකාරයන් විසින් සිදුකළ විශේෂතම ආගමික කාර්යය වූයේ ගම්පොළ ලංකාතිලක විහාරය කරවීමයි. ලංකාතිලකයේ ඇති සිංහල හා දෙමළ භාෂාවලින් රචිත ශිලාලේඛන 2කත් අලවල පර්වත ලිපියේත් මේ තොරතුරු ඇතුළත්ව ඇත්තේය. ඒ ලිපියේ මේ විහාරය කරවීම පමණක් නොව විහාරයේ මතු පැවැත්ම පිණිස ඔහු ඊට කළ ප්‍රදානයන් පිළිබඳව ද සඳහන් වේ. ඊට අනුව ඔහු මේ විහාරයට ගම්බිම් ද, මුතුමැණික් ද, මිලමුදල් ද, ස්ත්‍රී-පුරුෂ දාසයින් ද, ගවමහීෂාදීන් ද පිරිනමා ඇත. ඉන් පෙනී යන්නේ මේ වනවිට සේනාධිලංකාර පරපුර විශාල දේශපාලන හා ආර්ථික බලයක් හිමිකරගෙන සිටි බවයි. ලංකාතිලකය ඉදිකිරීමට අමතරව දෙව්න්දර තුන්මහල් ප්‍රාසාදයක් ද සිඳුරුවානේ තුන්මහල් ප්‍රතිමා ගෘහයක් ද කරවා තිබේ. වැලිගම අග්‍රබෝධි විහාරයේ ද මන්දිරයක් කරවීය. සේනාලංකාධිකරවරුන් සිව්වන බුවනෙකබාහු රජ සමයේ දෙවනගල වනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශාසන ශෝධනයක් ද කරවූ බව සඳහන් වේ. ග්‍රාමවාසී හා වනවාසී භික්ෂූ දෙපාර්ශ්වය ම රැස්කර දුස්සීල භික්ෂූන් සිවුරු හරවා සිදුකළ මේ සංඝ ශෝධනය සඳහා පූර්ණ රාජ්‍යානුග්‍රහය හිමි වී තිබේ.
සේනාසම්මත වික්‍රමබාහු-මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා ය. ඒ වන විට ප්‍රකටව පැවති රාජවංශයකට අයත් නොවිය හැක.
සේන්-හේන්. සිංහල උම්මග්ග ජාතකයේ මේ නමින් හඳුන්වා ඇත.
සොත්ථිසාලා-පණ්ඩුකාභය රාජ්‍ය සමයට අයත් ගොඩනැගිලි විශේෂයකි. මෙය මාතෘ නිවාසයක් හෝ බමුණන් වේදය සජ්ඣායනය කළ ස්ථානයක් සේ පිළිගැනීමක් ඇත.
ස්කන්ධකුමාර-කතරගම දෙවි නමින් පූජාවට පාත්‍ර වී ඇති දෙවියා
ස්ටැඩ්හෝල්ඩර්- "stadtholder" යන පදය ඓතිහාසිකව නූතන යුගයේ මුල් කාලයේ යුරෝපයේ ඇතැම් රටවල, විශේෂයෙන්ම යුරෝපයේ සමහර ප්‍රදේශවල රජයේ උසස් නිලයක් හෝ තනතුරක් හැඳින්වීම සඳහා යොදා තිබේ. කෙසේ වෙතත් ස්ටැඩ්ල්ඩර්ගේ භූමිකාව රටින් රටට සහ කාලයත් සමඟ වෙනස් විය. නමුත් එය බොහෝ විට නිශ්චිත කලාපයක හෝ පළාතක ආණ්ඩුකාරවරයෙකුගේ හෝ පාලකයෙකුගේ භූමිකාව හඳුන්වන නාමයක් සේ දැක්විය හැක. මධ්‍යකාලීන ජර්මනියේ ද මේ නම භාවිත වී ඇතත් නෙදර්ලන්තය හෙවත් පැරණි ඕලන්දයේ මේ තනතුර වඩාත් ප්‍රකට එකක් වූයේ ප්‍රංශ විප්ලවයෙන් පසු සිද්ධියක් නිසාවෙනි. එනම්, ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කළ අතර එහිදී ඕලන්ද ස්ටැඩ්හෝල්ඩර්වරයා එංගලන්තයට පලා යාමත්, ඉන් පසු සිද්ධි මාලාවත් ය. මේ නිසා "stadtholder" යන මාතෘකාව බොහෝ විට නෙදර්ලන්තය සමඟ සම්බන්ධ වී ඇත. විශේෂයෙන් 16 වන සහ 17 වන සියවස්වල ලන්දේසි ජනරජයේ ක්‍රියාකාරීත්වය තුළ මෙය වඩාත් කතාබහට ලක්විය. ලන්දේසි ජනරජය පළාත් එකමුතුවකින් සමන්විත වූ අතර, සෑම පළාතකටම තමන්ගේම ස්ථායී හිමිකරුවෙකු සිටියේය.මේ තත්ත්වය ඇති වූයේ රෝමානු අධිරාජ්‍යය බිඳ වැටීමෙන් අනතුරුව උදා වූ ආක්‍රමණ යුගයේ ය. මේ නිසා මේ තනතුර වැඩවසම් ප්‍රධානියෙක්, පළාත් ආණ්ඩුකරුවෙක්, විශාල ඉඩමක හිමිකරුවෙක් ආදී තනතුරු හැඳින්මීමකින් ඇරඹෙන්නට ඇත. නමුත් ඕලන්දයේ මේ තනතුර 1795 දී බතාවියානු සමූහාණ්ඩුව පිහිටුවීම සමග අහෝසි වී ගිය බව ඉතිහාස මූලාශ්‍රය අනුව පෙනී යයි.
ස්ථිරවාසීතාව-ස්ථාවර දේපළ ඇතිකරගනිමින් එක් ස්ථානයක බොහෝ කලක් ස්ථාවරව ජීවත්වීම.
ස්මාරක-සිහිවීම පිණිස ඉදිකළ නිර්මාණ. ආගමික ශාස්තෘෘන් හෝ රජවරුන් වෙනුවෙන් කළ ස්ථූප, පිරමීඩ ආදියත්, ප්‍රතිමා ආදියත් උදාහරණ වශයෙන් දැක්වියහැක.
ස්වර්ණ-පැරණි කාලයේ ලංකාවේ භාවිත වූ බර මැනීමේ ඒකකයකි. කලං පහක බර. වී ඇට 800ක බර.
ෆර්ඩිනන්ඩ් මැගලන්-පෘතුගීසි ගවේෂකයෙකු වූ අතර ඔහු පළමුවරට ලොව වටා සැරිසැරීමට නිසා වඩාත් ප්‍රසිද්ධය. ෆර්ඩිනන්ඩ් මැගලන් 1480 දී පමණ පෘතුගාලයේ සැබ්රෝසා හි උපත ලැබීය. වංශවත් පවුලකින් පැමිණි ඔහු උසස් අධ්‍යාපනයක් ලැබී ය. මුල දී ඔහු පෘතුගාලය වෙනුවෙන් උතුරු අප්‍රිකාවේ සහ ඉන්දියාවේ පෘතුගීසි ගවේෂණවල සොල්දාදුවෙකු සහ නාවික නිලධාරියෙකු ලෙසත් සේවය කළේය. නමුත් මැගලන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගවේෂණය පෘතුගීසි ධජය යටතේ නොව ස්පාඤ්ඤය ධජය යටතේ සිදුකරන ලදී. 1519 දී, ඔහු ස්පාඤ්ඤ රජයට ඔහුගේ සේවය ලබා දුන් අතර, ස්පාඤ්ඤයේ I චාල්ස් රජු (ශුද්ධ රෝම අධිරාජ්‍යයා V චාල්ස් ලෙසද හැඳින්වේ) ඔහුගේ නාවික ගමනට අනුග්‍රහය දැක්වීමට එකඟ විය. මැගලන්ගේ ගවේෂණ කණ්ඩායම 1519 සැප්තැම්බර් 20 වන දින ස්පාඤ්ඤයේ සෙවිල් සිට ගමනාරම්භ කරන ලද්දේ ට්‍රිනිඩෑඩ්, සැන් ඇන්ටෝනියෝ, කොන්සෙප්සියන්, සන්තියාගෝ සහ වික්ටෝරියා යන නැව් පහකින් යුත් නැව් සමූහයක් සමඟිනි. ඔවුන්ගේ මූලික පරමාර්ථය වූයේ ලොව වටා සැරිසැරීමෙන් ස්පයිස් දූපත් (වර්තමාන ඉන්දුනීසියාව) වෙත බටහිර දෙසින් ගමන් කරන මාර්ගයක් සොයා ගැනීමයි. මෙම ගමන දිගු හා දුෂ්කර විය. 1521දී පිලිපීනයේදී ප්‍රාදේශීය නායකයන් සමඟ ඇති වූ සටනකදී මැගලන් මිය ගියේය. ඔවුන්ගේ නායකයා අහිමි වුව ද, ජුවාන් සෙබස්තියන් එල්කානෝගේ අණ යටතේ ගවේෂණය දිගටම පැවතුනි. 1522 සැප්තැම්බර් 6 වන දින වටිනා කුළුබඩු තොගයක් සමඟින් ස්පාඤ්ඤයට ආපසු පැමිණි වික්ටෝරියා නෞකාව ලෝ වටා ගමන සම්පූර්ණ කළ එකම නෞකාව විය. ෆර්ඩිනන්ඩ් මැගලන්ගේ ගවේෂණ ලෝක ඉතිහාසයේ වැදගත් වන්නේ එය පෘථිවිය වටකුරු බවට පළමු සෘජු සාක්ෂිය ලබා දුන් බැවිනි. ලොව වටා බටහිර දෙසට යාත්‍රා කර අවසානයේ ආරම්භක ස්ථානයට ආපසු යා හැකි බව එම ගමනෙන් පෙන්නුම් කළේය. පැසිෆික් සාගරය සහ දකුණු ඇමරිකාවේ සමහර ප්‍රදේශ ඇතුළු විවිධ ප්‍රදේශ ගවේෂණයට සහ සිතියම්ගත කිරීමට ද මැගලන්ගේ මුහුදු ගමන දායක විය. මැගලන් ගමන සම්පූර්ණ කිරීමට ජීවත් නොවූවත්, ලොව වටා සාර්ථක ලෙස සැරිසැරීම ගවේෂණ යුගයේ වඩාත්ම කීර්තිමත් ජයග්‍රහණවලින් එකක් බවට පත්විය. ෆර්ඩිනන්ඩ් මැගලන්ගේ ගවේෂණ පසුකාලීන මුහුදු ගමන් සහ ගෝලීය වෙළඳ මාර්ග ස්ථාපිත කිරීම සඳහා අඩිතාලම දැමුවේය. අවසානයේ ඉතිහාසයේ ගමන් මග ප්‍රතිනිර්මාණය කරමින් ලෝකය පිළිබඳ යුරෝපීය දැනුම පුළුල් කළේය.
ෆර්ඩිනන්ඩ් හා ඉසබෙලා-ස්පාඤ්ඤ නාවික ගවේෂණ කටයුතු සඳහා බොහෝ අනුග්‍රහ දැක්වූ රාජකීය යුවලකි. ඉසබෙලා සහ ෆර්ඩිනන්ඩ් එක්ව ස්පාඤ්ඤයේ ඔවුන්ගේ පාලනය සහ මධ්‍යගත බලය ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති මාලාවක් ආරම්භ කළහ. ඔවුන් Reconquista හරහා ආගමික සමගිය ද ප්‍රවර්ධනය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් බලයෙන් මිදී ස්පාඤ්ඤයේ කතෝලික පදනම සම්පූර්ණ විය. ඔවුන් ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ මුහුදු ගමන් සඳහා අරමුදල් සැපයීමෙන් සහාය වූ අතර ඔහුගේ ගවේෂණයන්හි දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ. 1492 දී කොලම්බස්ගේ පළමු මුහුදු ගමන ඇමරිකාව සොයා ගැනීමට හේතු වූ අතර එය යුරෝපීය ගවේෂණයේ සහ නව ලෝකයේ ජනපදකරණයේ ආරම්භය සනිටුහන් කළේය. ඉසබෙලා සහ ෆර්ඩිනන්ඩ් නූතන ස්පාඤ්ඤය සඳහා අඩිතාලම දැමීම සහ ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ පදනම ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වේ. නමුත් 1492 අල්හම්බ්‍රා ආඥාව සහ 1492 නෙරපා හැරීමේ ආඥාව ලෙස හැඳින්වෙන ක්‍රිස්තියානි ආගමට හැරීම ප්‍රතික්ෂේප කළ යුදෙව්වන් සහ මුස්ලිම්වරුන් නෙරපා හැරීම සඳහා ද ඔවුන් කටයුතු කර තිබේ.
ෆර්නා ඕ ඩි ක්වේරෝස්-කිසිදා ශ්‍රී ලංකාවට පැමිණ නැති, පෘතුගීසි ජාතික, කතෝලික ජෙසුයිට් නිකායික පූජකවරයෙකි. 1688 වසරේ දී ශ්‍රී ලංකාව පිළිබඳ ඔහු විසින් Temporal and Spiritual Conquest of Ceylon නමින් කෘතියක් රචනා කළේය. ඔහු එම කෘතිය රචනා කරන ලද්දේ ඔහු ඉන්දියාවේ ගත කළ කාලයේ ය. ශ්‍රී ලංකාව බාහිර හා අධ්‍යාත්මික වශයෙන් ජයගැනීම නමින් මේ කෘතිය සිංහලයට ද පරිවර්තනය වී තිබේ.
ෆාහියන් හිමි/ෆා-ෂි-එන්/ෆා-හි-එන්-චීනයේ ෂන්-සි පළාතේ වුයැන්ග් නම් ගමේ උපත ලැබූවෙකු වන ෆාහියන් හිමි දේශාටක භික්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ විනය පිටකය ඇතුළු බෞද්ධ පොත්පත් සොයාගනු පිණිස චීනයේ සිට පයින් ම ඉන්දියාවට පැමිණියේ ය. උන්වහන්සේගේ විශේෂත්වය වන්නේ එකී ගමන පිටත් වන විටත් හැටපස්වැනි වියේ පසුවීම යි. ෆාහියන් භික්ෂූන්වහන්සේ (ක්‍රි.ව. 399-414) ක්‍රිස්තු වර්ෂයෙන් පස්වන සියවසේ දී, එනම් ලංකාවේ මහානාම නම් රජු පාලන කටයුතු කළ සමයේ, ශ්‍රී ලංකාවට වැඩම කොට දෙවසරක් අනුරාධපුර අභයගිරි විහාරයේ වැඩ වාසය කළ හ. බෞද්ධ පොත්පත් ද රැගෙන ආපසු සිය රටට ගිය උන්වහන්නේ ගමන පුරා ලත් අත්දැකීම් අනුසාරයෙන් බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරය නම් කෘතිය රචනා කළහ. උන්වහන්සේ විසින් රචිත මෙම කෘතියේ, එකල ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන හා ආගමික තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.
ෆිල්පිපුස් බැල්දියස්-(ක්‍රි.ව. 1632-1672) - ෆිලිප්පුස් බැල්දියස් ලන්දේසී(ඕලන්ද) ජාතික දේවගැතිවරයෙකු වූ අතර ලන්දේසි හමුදා සමග ශ්‍රී ලංකාවට පැමිණියේය. ලන්දේසීන්ගේ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම හෙවත් වී. ඕ. සී. සමාගමට සේවය කිරීම ඔහුගේ රාජකාරිය විය. පූජකයෙකු වශයෙන් ඔහු තම රාජකාරියට අමතරව ඔහු එවක ශ්‍රී ලංකාවේ පැවති සමාජ ජීවිතය, භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ තමා දුටු දේ ලියා තැබීය. පසුකාලීනව ඔහුගේ එම වාර්තා ලන්දේසි සහ ජර්මානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කර තිබේ. බැල්දියස්ගේ මෙම වාර්තා කිතුවසින් දහහත්වන සියවසේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදැරීමට බෙහෙවින් වේ.
ෆ්‍රැන්සිස් බේකන්-පුනරුද සමයේ එංගලන්ත ලේඛකයෙකි.
ෆ්‍රැන්සිස්කු ද අල්මේදා-පෙරදිග පළමු පෘතුගීසි ප්‍රතිරාජයා වූ මොහු ලංකාවට පැමිණි පළමු පෘතුගීසි යාත්‍රිකයා වූ ලොරැන්සෝ ද අල්මේදාගේ හා ලෙනෝරා ද අල්මේදාගේ පියා ය. 1510 දී දකුණු අප්‍රිකාවේ දී මියගියේ ය.
ෆ්ලෝරන්ස් හි මෙඩිසි-පුනරුද සමයේ කලා ශිල්පීන්ට අනුග්‍රහ දැක්වූ වාණිජ පවුලකි.
හංස සංදේශය- වීදාගම මෛත්‍රීය හිමි- කෝට්ටේ යුගය
හටන් කාව්‍ය-පරංගිහටන, කොන්ස්තනිතීනු හටන, මහ හටන, ඉංග්‍රීසි හටන, දුනුවිල හටන, වඩුගහ හටන, ඇහැලේපොළ හටන, පෙරළි හටන,සීතාවක හටන ආදී හටන් කාව්‍ය රැසක් ලංකාවෙන් හමු වේ. මෙවා සටන් පිළිබඳවත් ඒවායේ නිරත වූ නායකයින්ගේ වීරත්වය වර්ණනා කිරීමත් පිණිස ලියැවී ඇත. නමුත් පෙරළි හටන කෘතියේ විස්තර වන්නේ රාජසිංහ රජු ඇහැළේපොළ ඝාතනය කිරීම පිළිබඳ විස්තරයකි.
හති අදෙක-හස්තීන් හෙවත් ඇතුන් පිළිබඳ කටයුතු භාර ප්‍රධාන නිලධාරියා
හත්ථවනගල්ල විහාරවංසය-දෙවන පරාක්‍රමබාහු රජදවස එනම් දඹදෙණි යුගය ලියැවුණු කෘතියකි.
හත්රජ්ජුරුබණ්ඩාර දෙවියෝ-මහසෙන් දෙවියෝ, මහසෙන් රජු මරණින් පසු දේවත්වයෙන් පුදන ලද්දේ මේ නමිනි. මින්නේරි දෙවියෝ නම ද එතුමාට යෙදුණු නමක් වේ.
හබැස්ස ගිරි ලිපිය-වසභ රජුගේ පුත් උතර නමැත්තා සහ ඔහුගේ පුත් උප රජ නාග නමැත්තා පැරණි ආරාමයකට වාරිමාර්ග ඇළක් පිදීම හා කුඹුරු තුනක් පූජා කිරීම ගැන සඳහන් වේ(ඌව පළාත)
හම්බු-කැඳ. ශිලාලේඛනවල හමුවන වදනකි.
හඹු-කැඳ යන්නට සමාන නමකි.
හලාවත-සලාවත්තොට/සල්වතොට/සැල්වතොට
හවජර-වර්ෂ. වසර. මාස 12ක කාලය
හස් එබූ කාසි-සංකේත එබ්බවූ කාසි. Punch marked coins
හළුවඩන නිලමේ-මහනුවර සමයේ රජුගේ ඇඳුම් අයිත්තම් පිළිබඳ භාර නිලධාරියා
හැඳ බද්ද-මහනුවර සමයේ රෙදි විවීමේ කාර්යාංශය
හියුං-සියැං හිමි-හියුං සියැං (ක්‍රි. ව. 602-664) චීන ජාතික දේශාටක භික්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ බුද්ධ භූමි දැක බලා වන්දනා කරනු සඳහා ක්‍රි. ව. 629 දී පමණ ඉන්දියාවට වැඩම කළහ. පුරා වසර දහසයක් තිස්සේ සිය වන්දනා ගමනේ නිරත වූ උන්වහන්සේ ඒ අතර වාරයේ උන්වහන්සේ විසින් ආසියාවේ දී තමන් දුටු දේ වාර්තා කර තැබීමට කටයුතු කළහ. ෆාහියන් හිමි සේ හියුං සියැං හිමි ශ්‍රී ලංකාවට වැඩම නොකළ ද උන්වහන්සේ ඉන්දියාවේදී ශ්‍රී ලංකාව පිළිබඳ තමන්ට අසන්නට ලැබුණු දේ අනුව ලංකාව පිළිබඳව ද සිය කෘතියේ තොරතුරු ඇතුළත් කළහ. කිතුවසින් හත්වන සියවසේ මෙරට ඉතිහාසය හැදැරීමට උන්වහන්සේගේ එම සටහන් අතිශය වැදගත් වේ
හිස කෙස් කැපීමේ දණ්ඩනය-මහනුවර සමය වන විටත් ලංකාවේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය ම කොණ්ඩා වැවූහ. යම් අයෙකුගේ කොණ්ඩය කපා ඇත්නම් ඉන් අදහස් වන්නේ ඔහු යම් වරදක් කර දඬුවමක් ලබා ඇති බව ය. මේ නිසා ඔහුට කලක් යනතුරු සමාජ අපවාදයට ලක්වීමට සිදු වේ.
හුන්දරී වාපි ගාම-මහාවංසයේ සඳහන් වන පැරණි වැව් ගමක නාමයකි.
හුරුළු වැව-චල්ලුර වාපි-සුරාල්ල වැව-සුරුල්ලා වැව (මහසෙන් රජු, අනුරාධපුර යුගය
හුළුගල්ල වැව-සුළුගළුවැව (මහසෙන් රජු/ අනුරාධපුර යුගය/ නිකවැරටිය)
හෙක්ටයාර-මිණුම් ඒකකයකි.වර්ග මීටර් දසදහසක භූමියකි. මීටර 100x100 ප්‍රමාණයේ භූමියකි.
හෙමටයිට්-අවසාදිත, පරිවෘත්තීය සහ සමහර ආග්නේය පාෂාණවල බහුලව දක්නට ලැබෙන පොදු ඛනිජයකි. ඒවා යකඩ ඔක්සයිඩ් වේ. නමුත් ඒවාට විවිධ සංයුතිය, ගුණ සහ පෙනුම ඇත.
සංයුතිය: Hematite යනු Fe2O3 රසායනික සූත්‍රය සහිත යකඩ ඔක්සයිඩ් ඛනිජයකි. එය යකඩ යපස්වල බහුලවම සහ ආර්ථික වශයෙන් වැදගත් මූලාශ්‍රවලින් එකකි. Hematite සාමාන්‍යයෙන් ඔප දැමූ විට බොහෝ විට දිලිසෙන අමුද්‍රව්‍යයකි. අවසාදිත, ආග්නේය සහ පරිවෘත්තීය පාෂාණ ඇතුළු පුළුල් පරාසයක සැකසුම්හි දක්නට ලැබේ. එය යකඩ ප්‍රාථමික ලෝපස් වන අතර යකඩ සහ වානේ නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් කැණීම් කරනු ලැබේ. හේමාටයිට් යකඩ යපස්වල වැදගත් ප්‍රභවයක් වන අතර එය වානේ, යකඩ නිෂ්පාදන සහ වර්ණක නිෂ්පාදනය සඳහා භාවිතා කරයි. එහි ස්වභාවික ලෝහමය දීප්තිය එය ස්වර්ණාභරණ සහ විසිතුරු කැටයම් සඳහා ජනප්‍රිය ද්‍රව්‍යයක් බවට පත් කරයි.
හේන-ගොඩ වගාවට අදාළ ක්ෂේත්‍රය. එළවළු, ඇටවර්ග, පලා වර්ගාදිය වගා කරන භූමිය. හේන් වර්ග කිහිපයකි.නවදැලි හේන්, අත්දඬුවා හේන්, මූකලාන් හේන්, ඇපල හේන්, හියර හේන්, කනතු හේන් ආදී වශයෙනි.(කහඳගමගේ, 1998, පිටුව 30) මීට අමතරව කැටෑ හේන් හා ඉරවිලි හේන් නමින් ද හේන් වර්ග තිබී ඇත.(ඔරුක්මාන්කුලමේ හිමි, 1999, 12 පිට.)කැටෑ හේන මහියංගනයේ දැක්වෙන්නේ කැටෑව නමිනි.(මහවැලි වංශය-1 කාණ්ඩය)
හේනේ වගා කළ ඇට වර්ග-උඳු, මුං, මෑ, කුරක්කන්, ඉරිඟු, තල, අමු, අබ, දුරු, තණහාල්
හේනේ වගා කළ එළවළු-කරබටු, තිබ්බටු, වම්බටු, අළුපුහුල්, වට්ටක්කා.
හෝපිටිගමු ලිපිය-හතරවන උදය රජතුමා-අනුරාධපුර යුගය(වෙළඳ ගමක පරිපාලන නීති ගැන සඳහන්වේ)
ලංකාවේ වෙළඳ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයේ දී අතිශය වැදගත් වේ.
• පෙර සිරිත් දඩ මිස අනියම් දඩ නොගත යුතුයි
• යමෙකුට දඩුවමක් කරනවා නම් එය වෙනත් ස්ථානයක සිදුනොකර එම ස්ථානයේම කළ යුතුයි.
• නොගෙවූ දඩ සඳහා වැලැක්මේ නොගත යුතුයි. දඩය අදාළ පුද්ගලයාගෙන්ම අයකරගන්නවා මිස අඹුදරුවන් වැලැක්මේ නොගත යුතුයි.
• ගමට පැමිණි රාජකීය නිළධාරින් රහමස් දිහිතෙල් නොගත යුතුයි
• වතුවලට පැමිණ රහ නොගත යුතුයි
• සොර වෙළෙඳාම් නොකළ යුතුයි
• පොහොය දිනයක වෙළෙඳ ශාලා විවෘත කරන්නේ නම් වෙහෙරට තෙල් දිය යුතුයි. එම තෙල්වලින් මහියන්ගණ වෙහෙර පිදිය යුතුයි. එසේ නොදුන්නහොත් පෙර සම්මත ගණන පමණක් දඩ ගත යුතුයි.
• බඩුගෙන එන අයගේ ගොනුන් නොගත යුතුයි.
• පදි වදිනා (වෙළෙඳ නගරයට ගෙනඑන) බඩු පෙරමඟට ගොස් නොගත යුතුයි.
• සම්මත මිනුමෙන් මිස වෙනත් මිනුම්වලින් බඩු නොමැනිය යුතුයි.
• ගමට ගෙනවිත් විකුණන බඩු සඳහා බඳු ගන්නවා මිස නොවිකුණු බඩු සඳහා බඳු නොගත යුතුයි.
• බුලත්පුවක් මණ්ඩපයක් මත තබා මිස නුසුදුසු තැන තබා නො විකිණිය යුතුයි.
• මෙහෙකරුවන්ට කරදර නොකළ යුතුයි.
• විවිධ තරාතිරම්වල රාජ්‍ය නිලධාරින් පැමිණි විට පෙර සම්මත ගාස්තු පමණක් ගෙවිය යුතුයි.
• මේ ව්‍යවස්ථා උල්ලංඝනය කරන අවස්ථාවලදී නිලධාරින්ට දන්වා ඒවා නිවැරදි කළ යුතුයි.
හෝමෝ සාපියන්- නූතන මානවයන් ලෙස පොදුවේ හඳුන්වන හෝමෝ සේපියන්ස්, හෝමිනිඩේ හෙවත් මහා වානර පවුල තුළ හෝමෝ කුලයට අයත් එකම ජීවී විශේෂය වේ. හෝමෝ සාපියන්ගේ භෞතික ලක්ෂණ ගතහොත්,
හෝමෝ සේපියන්ස් දෙපයින් නැගී සිටින්නට සමත් වූ අතර එමගින් මෙවලම් භාවිතය සහ අනෙකුත් සංකීර්ණ ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ගේ දෑත් නිදහස් කරගැනීමට සමත් විය. ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව විශාල මොළයක් ඇති අතර එය ඔවුන්ගේ සංජානන හැකියාවන්ගේ ලක්ෂණයකි.
ඔවුන්ගේ භෞතික පෙනුම සමේ වර්ණය, හිසකෙස් වර්ගය සහ අනෙකුත් ලක්ෂණ අනුව පුළුල් ලෙස වෙනස් වන අතර, විවිධ පරිසරයන්ට විශේෂයන් අනුවර්තනය වීමේ හැකියාව පිළිබිඹු කරයි. හැසිරීම සහ බුද්ධිය අතින් ද හෝමෝ සාපියන් ඉදිරියෙන් සිටි අතර ඉහළ මට්ටමේ බුද්ධිය සහ සංකීර්ණ සංජානන හැකියාවන් සහිත විය. ඔවුන් නවීන භාෂාව, සංස්කෘතිය සහ සමාජ පද්ධති වර්ධනය කර ගත්හ. මෙවලම් නිර්මාණය කිරීමට සහ භාවිතා කිරීමට ඇති හැකියාව විශේෂ ලක්ෂණයක් වන අතර ඒවා ඔවුන්ගේ පැවැත්ම සහ සාර්ථකත්වය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. සංස්කෘතික හා තාක්ෂණික සංවර්ධනය අතින් ද මේ මානවයා සුවිශේෂී වේ. කාලීනව වර්ධනය වෙමින් කලාව, සංගීතය, සාහිත්‍යය සහ වෙනත් නිර්මාණාත්මක ප්‍රකාශනයන් සිදුකර තිබේ. ඔවුන් තම පැවැත්මේ මුල් අවධියේ සරල ගල් මෙවලම්වල සිට වර්තමානයේ සංකීර්ණ නවීන තාක්ෂණයන් දක්වා දියුණු තාක්ෂණයන් දියුණු කර ඇත.
හෝමෝ සේපියන්ස් ඉතා සමාජීය සතුන් වන අතර සාමාන්‍යයෙන් විවිධ ආකාරයේ සමාජ සංවිධානයක් සහිත සංකීර්ණ සමාජවල ජීවත් වේ.
මෙම සමාජ, කුඩා සංචාරක දඩයම් එකතු කරන කණ්ඩායම්වල සිට විශාල, කාර්මික රටවල් දක්වා විහිදේ.
හෝමෝ සේපියන්ස් සෑම මහද්වීපයකම දක්නට ලැබෙන අතර, ඔවුන් නිවර්තන වැසි වනාන්තරවල සිට ධ්‍රැවීය ප්‍රදේශ සහ කාන්තාර දක්වා පුළුල් පරාසයක පරිසරයන්ට අනුවර්තනය වී ඇත. මේ මානවයා අදින් වසර 300,000කට පමණ පෙර අප්‍රිකාවේ පරිණාමය වූ බවට විශ්වාස කෙරෙයි.
ගුහා සිතුවම්, මූර්ති, පිඟන් මැටි සහ වෙනත් කලා ආකාර නිර්මාණය කරමින් හෝමෝ සේපියන්ස්ලා කලාත්මක ප්‍රකාශනයේ දිගු ඉතිහාසයක් ගොඩනගා තිබේ. ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වය විශේෂයේ ලක්ෂණයක් වන අතර විවිධ කණ්ඩායම් අද්විතීය සිරිත් විරිත්, විශ්වාසයන් සහ භාවිතයන් වර්ධනය කර තිබේ.
කෘෂිකර්මය, නාගරීකරණය සහ කාර්මීකරණය වැනි ක්‍රියාකාරකම් හරහා හෝමෝ සේපියන්ස් පරිසරයට විශාල බලපෑමක් තිබේ.

ඉන්දුචීනය
වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය යන රටවල් ඇතුළත් අග්නිදිග ආසියාවේ මහාද්වීපික කොටසයි. මෙම යෙදුම "ඉන්දියාව" සහ "චීනය" යන දෙකෙහි එකතුවක් වන අතර, මෙම ප්‍රධාන සංස්කෘතික හා වෙළඳ මධ්‍යස්ථාන දෙක සමඟ ඇති ඓතිහාසික බලපෑම සහ සම්බන්ධතා පිළිබිඹු කරයි. මෙම කලාපය විවිධ සංස්කෘතීන්, භාෂා සහ ඉතිහාසය නිසා ප්රසිද්ධය.
යටත් විජිත යුගයේදී ප්‍රංශ ඉන්දුචීනය වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය යන ප්‍රදේශවලින් සමන්විත වූ භූ දේශපාලනික ඒකකයකි. මෙම රටවල් 19 වැනි සියවසේ අග භාගයේ සිට 20 වැනි සියවසේ මැද භාගය දක්වා ප්‍රංශ යටත් විජිත පාලනය යටතේ පැවතිණි. ආර්ථික හා උපායමාර්ගික හේතූන් මත ප්‍රංශය මෙම කලාපයේ පාලනය ස්ථාපිත කළේය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉන්දුචීන රටවල් යටත් විජිත පාලනයෙන් නිදහස අපේක්ෂා කළහ. පළමු ඉන්දුචීන යුද්ධයේ (1946-1954) ප්‍රතිඵලය වූයේ වියට්නාමය උතුරු සහ දකුණු වියට්නාමය ලෙස බෙදීමට හේතු වූ අතර උතුර කොමියුනිස්ට් පාලනය යටතේ ද දකුණ කොමියුනිස්ට් විරෝධී පාලනය යටතේ ද පැවතුණි. මෙම බෙදීම අවසානයේ වියට්නාම් යුද්ධයට (1955-1975) තුඩු දුන් අතර එය සමස්ත කලාපයටම සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති කළේය.
අද වන විට "ඉන්දුචීනය" යන පදය වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය ආවරණය වන භූගෝලීය හා සංස්කෘතික කලාපය හැඳින්වීමට තවමත් භාවිතා වේ. සෑම රටකටම අනන්‍ය සංස්කෘතික උරුමයන් සහ ඉතිහාසය ඇත, නමුත් ඔවුන්ගේ සමීපත්වය සහ යටත් විජිත අතීතය හේතුවෙන් ඔවුන් යම් ඓතිහාසික හා භූ දේශපාලනික බැඳීම් බෙදා ගනී.
අගමැති තනතුර
අග්‍රාමාත්‍ය ධුරයේ ආරම්භය සහ ඓතිහාසික වර්ධනය නවීන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමවල විකාශනය දක්වා අතීතයට දිව යයි. රජයේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයෙකුගේ සංකල්පය එක්සත් රාජධානියේ මුල් බැස ඇති අතර එය ලොව පුරා බොහෝ රටවල් විසින් පිළිගෙන ඇත.
සම්භවය- අගමැති පදවියේ ආරම්භය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ මුල් කාලය දක්වා දිව යයි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නූතන යුගයේ මුල් යුගයේ දී රජතුමාට සැලකිය යුතු බලයක් හිමි වූ නමුත් ක්‍රමක්‍රමයෙන් රාජාණ්ඩුවේ බලතල සීමා වී පාර්ලිමේන්තුවේ බලපෑම වැඩි වූ අවස්ථාවේ එරටින් අගමැති භූමිකාව මතු විය. 1721 සිට 1742 දක්වා සේවය කළ ශ්‍රීමත් රොබට් වෝල්පෝල් පළමු තථ්‍ය අගමැති ලෙස පුළුල් ලෙස සැලකීමත් සමඟ "අගමැති" යන යෙදුම ප්‍රථම වරට බ්‍රිතාන්‍යයේ භාවිතා කරන ලදී. පසු කාලයේ ක්‍රමයෙන් මෙම තනතුර රජයේ බලවත්ම තනතුර බවට පත් විය.
වර්ධනය- කාලයාගේ ඇවෑමෙන්, අගමැති ධුරයේ බලතල ද වර්ධනය විය. 19 වැනි සියවසේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තියත් හා දේශපාලන පක්ෂවල නැගීමත් සමඟ අගමැති භූමිකාව වඩාත් විධිමත් විය. එකල පත් වූ අගමැතිවරුන්ට වැඩි බලතල ලැබුණු අතර තවදුරටත් ඔවුන් රජයේ ප්‍රධානියා බව තහවුරු වන්නට විය. එසේ වූයේ හෙතෙම රජයේ විධායක ශාඛාව මෙහෙයවීම, ප්‍රතිපත්ති සැකසීම සහ රට වෙනුවෙන් තීරණ ගැනීම යන වගකීම් දැරූ බැවිනි. මේ කාලයේ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටස් වශයෙන් පැවතියා වූ හෝ බ්‍රිතාන්‍යය සමග ඓතිහාසික සම්බන්ධයන් තිබූ වෙනත් රටවල් විසින් ද බ්‍රිතාන්‍යයේ මෙම අගමැති සංකල්පය ක්‍රමයෙන් අනුගමනය කරන ලදී. කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් නිදහස හෝ ස්වයං පාලනයක් ලබා ගන්නා විට බ්‍රිතාන්‍ය පන්නයේ පාර්ලිමේන්තු ක්‍රමය අනුව යන්නටත් අගමැති ධූරය ඇතිකර පවත්වාගෙන යන්නටත් විය. මෙම රටවල විධායක ක්‍රමය මෙහෙයවීමේ වගකීම සහ ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් රට නියෝජනය කිරීමේ වගකීම දරන රජයේ ප්‍රධානියා බවට පත්වූයේ අගමැතිවරයාය. 20 වන සහ 21 වන ශතවර්ෂ වලදී, වෙනස් වන දේශපාලන හා සමාජ දර්ශනවලට ප්‍රතිචාර වශයෙන් අගමැති භූමිකාව අඛණ්ඩව තවදුරටත් විකාශනය විය. බොහෝ රටවල අගමැතිවරුන් වඩාත් බලවත් හා බලගතු පුද්ගලයන් බවට පත්ව ඇති අතර, එකී තනතුරට වැඩි වගකීම් සහ අධිකාරීත්වය ද ලබා දී ඇත. කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාගේ නිශ්චිත බලතල සහ කාර්යයන් ඒ ඒ රටවල දේශපාලන ක්‍රමය සහ ව්‍යවස්ථාමය විධිවිධාන අනුව වෙනස් විය හැකි බව ද අප අමතක නොකළ යුතු ය. අවසාන වශයෙන්, අගමැති ධුරයේ ආයතනය එක්සත් රාජධානියේ ආරම්භ වූ අතර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම පරිණාමය වීමත් සමඟ කාලයත් සමඟ වර්ධනය විය. එය ලොව පුරා වෙනත් බොහෝ රටවල් විසින් සම්මත කර ඇති අතර එය නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත්ව ඇත. වෙනස්වන දේශපාලන ගතිකත්වයට සහ සමාජ අවශ්‍යතාවලට ප්‍රතිචාර වශයෙන් අගමැතිවරයාගේ භූමිකාව අඛණ්ඩව තවදුරටත් විකාශනය වේ.
අතිරික්ත ශ්‍රමය
ඉතිරි වූ ශ්‍රමය. වැඩිපුර ඇති ශ්‍රමය මෙය විරැකියාව හා බැඳී පවතී. මේ තත්ත්වය යුරෝපයේ වර්ධනය වූයේ කාර්මික විප්ලවයට ආසන්න කාලයේ ය. දිගු කාලීනව සිදු වූ කුරුස යුද්ධ නිසාත් තවත් හේතු රැසක් නිසාත් වැඩවසම් ක්‍රමය පරිහානියට පත් වීම මේ තත්ත්වයේ මූලාරම්භය වන්නට ඇත. කෙසේ වෙතත් කාර්මික විප්ලවට මෙම අතිරික්ත ශ්‍රමය යන සාධකය කර්මාන්ත හිමියන්ගේ පාර්ශ්වයෙන් ධනාත්මකව බලපෑ බව ද අමතක නොකළ යුතු ය.
අත්ලාන්තික් සාගරය
අත්ලාන්තික් සාගරය පෘථිවියේ දෙවන විශාලතම සාගරය වන අතර එය ආසන්න වශයෙන් පෘතුවිතලයේ වර්ග කිලෝමීටර මිලියන 106.5 (වර්ග සැතපුම් මිලියන 41.1) ප්‍රමාණයක් ආවරණය කරයි. එය උතුරේ ආක්ටික් සාගරයේ සිට දකුණේ දක්ෂිණ සාගරය දක්වාත්, උතුරු හා දකුණු ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට යුරෝපයේ සහ අප්‍රිකාවේ බටහිර වෙරළ තීරය දක්වාත් විහිදේ. අත්ලාන්තික් සාගරය ලෝක ඉතිහාසයේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබේ. විශේෂයෙන් ම එය වෙළඳ හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාර්ගයක් ලෙස වැදගත් අතර, ලෝක ඉතිහාසයට බලපෑම් කළ නාවික සටන් රාශියක් සඳහා ද ස්ථානය වී ඇත. යුරෝපයේ ඇති වූ පුනරුදයෙන් පසු උදා වූ දේශගවේෂණ යුගයේදී යුරෝපීය ගවේෂකයින් විසින් නව ලෝකය ගවේෂණය කිරීම සහ සොයාගැනීම පිළිබඳ කතාවේ වැදගත් කාර්යභාරයක් මේ සාගරය විසින් ඉටු කරනු ලැබ ඇත. අත්ලාන්තික් සාගරය මානව ඉතිහාසය පුරා බොහෝ ඓතිහාසික නාවික යුද්ධවල ස්ථානය වී ඇත. උදාහරණ වශයෙන්
ඇන්ග්ලෝ ස්පාඤ්ඤ සටන (1588) - මෙය ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ බලඇණි අතර සිදු වූ නාවික සටනකි. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් ප්‍රමුඛ ඉංග්‍රීසි ජාතිකයන් ස්පාඤ්ඤ ආමඩාව පරාජය කළ අතර ස්පාඤ්ඤ හමුදාව ඉංග්‍රීසි වෙරළට ගොඩබැසීම වැළැක්වූහ.
ට්‍රැෆල්ගර් සටන (1805) - මෙය නැපෝලියන් යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව සමග ප්‍රංශ -ස්පාඤ්ඤ ඒකාබද්ධ බලඇණි අතර සිදු වූ නාවික සටනකි. අද්මිරාල් හොරාෂියෝ නෙල්සන්ගේ නායකත්වයෙන් යුත් බ්‍රිතාන්‍යයන් තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගත් නමුත් සටනේ දී අද්මිරාල් නෙල්සන් මිය ගියේය.
අත්ලාන්තික් සටන (1939-1945) - මෙය දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර පාක්ෂිකයින් (මූලික වශයෙන් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු නාවික හමුදා) සහ ජර්මානුවන් අතර දිගුකාලීන නාවික මෙහෙයුමක් විය. මිත්‍ර පාක්ෂිකයින්ගේ අරමුණ වූයේ වෙළඳ හා නාවික මාර්ග ආරක්ෂා කිරීම සහ ජර්මානුවන් යොදවා තිබූ U-බෝට්ටු නම් නාවික සබ්මැරීන මගින් මිත්‍ර පාර්ශ්වයට හිතවත් වෙළඳ නැව් ගිල්වා දැමීම වැළැක්වීම යි. ජර්මානුවන් මිත්‍ර සැපයුම් මාර්ග කඩාකප්පල් කිරීම අරමුණු කර ගත් අතර මිත්‍ර පාක්ෂිකයන්ට භාණ්ඩ හා සේවා සපයන වාණිජ නෞකා ගිල්වාදැමීමට උත්සාහ කළහ.
ෆෝක්ලන්ඩ් යුද්ධය (1982) - මෙය දකුණු අත්ලාන්තික් සාගරයේ මතභේදයට තුඩු දී ඇති ෆෝක්ලන්ඩ් දූපත් සම්බන්ධයෙන් ආර්ජන්ටිනාව සහ එක්සත් රාජධානිය අතර ඇති වූ ගැටුමකි. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව මෙම ගැටුමේ දී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ අතර, තම නාවික බලය යොදා ගනිමින් ෆෝක්ලන්තයට හමුදා සහ සැපයුම් ප්‍රවාහනය කිරීමට සහ ආර්ජන්ටිනාවේ නාවික හමුදාව පරාජය කිරීමටත් සමත් විය.
මේ අත්ලාන්තික් සාගරයේ සිදු වූ බොහෝ ඓතිහාසික නාවික යුද්ධ පිළිබඳ උදාහරණ කිහිපයක් පමණි.
අදුරු මහද්වීපය
"අඳුරු මහාද්වීපය" යන යෙදුම ඓතිහාසික වශයෙන් අප්‍රිකා මහද්වීපය හැඳින්වීමට භාවිත කර තිබේ. නමුත් මෙය ශිෂ්ට සම්පන්න නොවන හා නින්දාසහගත යෙදුමක් නිසා භාවිතයෙන් ඉවත් කළ යෙදුමකි. අප්‍රිකාව අද්භූත, ගුප්ත සහ ශිෂ්ටාචාරගත නොවූ ප්‍රදේශයක් ලෙස නිරූපණය කිරීමට මේ මගින් උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, මෙම යෙදුම යල් පැන ගිය අතර අප්‍රිකාව සහ එහි ජනතාව පිළිබඳ එහි ඇති සෘණාත්මක අර්ථකතනය වැරදි බව නූතන ලෝකය පිළිගෙන තිබේ. "අඳුරු මහාද්වීපය" යන යෙදුම නිර්මාණය කරන ලද්දේ අප්‍රිකාව බොහෝ දුරට නොදන්නා සහ යුරෝපීය බලවතුන් විසින් ගවේෂණය නොකළ යටත් විජිත යුගයේදී ය. යුරෝපීය ගවේෂකයන් සහ යටත් විජිතවාදීන් අප්‍රිකාවේ භූගෝල විද්‍යාව, සංස්කෘතීන් සහ මිනිසුන් පිළිබඳ ඔවුන්ගේ සීමිත දැනුම හේතුවෙන් අප්‍රිකාව "අඳුරු මහාද්වීපය" ලෙස බොහෝ විට හැඳින්වූහ. යුරෝපීය සංස්කෘතීන් අප්‍රිකානු හා ලොව සෙසු සංස්කෘතීන්ට වඩා උසස් ලෙස සලකා, එනම් යුරෝ කේන්ද්‍රීය දෘෂ්ටියක් තුළින් විමසා බලා, අප්‍රිකාව භූමියක් වශයෙන් අනතුරුදායක, ශිෂ්ටාචාරයක් වශයෙන් පසුගාමී සහ ප්‍රාථමික බව පෙන්වීම මෙම යෙදුමේ අරමුණ වන්නට ඇත. අද, "අඳුරු මහාද්වීපය" යන යෙදුම නුසුදුසු සහ අහිතකර ලෙස සැලකේ. එය යුරෝපයෙන් පරිබාහිර ශිෂ්ටාචාර හෙලාදැකීමේ නූගත්කම සහ ජාතිවාදය මත පදනම් වූ යටත් විජිත යුගයේ ආකල්ප පිළිබිඹු කරන්නකි. අප්‍රිකාව යනු පොහොසත් හා අභිමානවත් ඉතිහාසයක්, විවිධ සංස්කෘතීන් නිසා විචිත්‍ර වූ මහද්වීපයකි. එමෙන් ම පාරිසරික මා මානව අභියෝග සහිත සංකීර්ණ විවිධත්වයක් සහිත මහාද්වීපයකි. අප්‍රිකාව හැඳින්වීමට "අඳුරු මහාද්වීපය" වැනි නින්දිත යෙදුම් භාවිතා කිරීම අගෞරවයකි. අප්‍රිකාව හෝ ලෝකයේ වෙනත් ඕනෑම ප්‍රදේශයක් ගැන සඳහන් කිරීමේදී, ගෞරවනීය සහ නිවැරදි භාෂාවක් භාවිතා කිරීම ඉතා වැදගත් වේ. විවිධ සංස්කෘතීන් සහ ජනයා පිළිබඳ අවබෝධය, සහ ගෞරවය වඩන වදන් හා යෙදුම් වඩාත් යෝග්‍ය වන අතර "අඳුරු මහාද්වීපය" වැනි යල් පැන ගිය සහ අහිතකර යෙදුම් ඉවත් කළ යුතුය. අප්‍රිකාව හෝ වෙනත් ඕනෑම කලාපයක් පිළිබඳ සියුම් සංවේදී බවත්, ඒ ඒ ජන කොටස් පිළිබඳ ගෞරවයත් සිතෙහි දරාගෙන ඒ ඒ ප්‍රදේශ වලට ප්‍රවේශ වීම ඉතා වැදගත් වේ.
අද්‍රියාතික් මුහුද
ඉතාලිය සහ බෝල්කන් අර්ධද්වීපය අතර පිහිටා ඇති අද්‍රියාතික් මුහුද සැලකිය යුතු ඓතිහාසික, සංස්කෘතික සහ ආර්ථික වැදගත්කමක් ඇති මුහුදු තීරයකි. අද්‍රියාතික් මුහුද ඒ අවට ඉතිහාසය හැඩගස්වා ඇති අවස්ථා ගණනාවක් තිබේ.
භූ දේශපාලනික වැදගත්කම- අද්‍රියාතික් මුහුද ශතවර්ෂ ගණනාවක් තිස්සේ නැගෙනහිර සහ බටහිර මධ්‍යධරණී මුහුද සම්බන්ධ කරමින් වෙළෙඳ හා වාණිජ කටයුතු වල වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ. වැනීසියානු ජනරජය සහ ඔටෝමාන් අධිරාජ්‍යය අතර ඇති වූ යුද්ධ ඇතුළුව ඉතිහාසය පුරාවට ම බොහෝ යුධ ගැටුම්වල ස්ථානය වූයේ ද මෙම මුහුද යි.
ආර්ථික වැදගත්කම- අද්‍රියාතික් මුහුද ධීවර හා වාණිජ කටයුතුවල සැලකිය යුතු මධ්‍යස්ථානයක් වී ඇති අතර එහි වෙරළ තීරයේ බොහෝ වැදගත් වරායන් සහ වෙළඳ මධ්‍යස්ථාන ගණනාවක් පිහිටා තිබේ. මෙම කලාපය මත්ස්‍යයන්, මුහුදු බෙල්ලන් සහ අනෙකුත් සාගර ජීවීන් ඇතුළු ස්වභාවික සම්පත් වලින් ද පොහොසත් ය.
සංස්කෘතික වැදගත්කම- අද්‍රියාතික් මුහුද සියවස් ගණනාවක් පු ඒ අවටරා විවිධ සංස්කෘතීන් සහ ජාතීන් අතර සහජීවනය හා වෙනත් අන්තර් ක්‍රියා හුවමාරුවේ සහ මධ්‍යස්ථානයක් වී ඇත. වැනීසිය සහ ඩුබ්‍රොව්නික් නගර ඇතුළු වැදගත් සංස්කෘතික ස්ථාන රැසකට සහ වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථාන රැසකට ද මේ මුහුද නිවහන වේ.
ස්වාභාවික වැදගත්කම- අද්‍රියාතික් මුහුද විවිධ ශාක හා සත්ව විශේෂවල නිවහනක් වන අතර ඒවායින් බොහොමයක් එම කලාපයේ පමණක් දක්නට ලැබේ. ඩොල්ෆින් සහ තල්මසුන් ඇතුළු බොහෝ සාගර විශේෂ සඳහා ද මෙම මුහුද වැදගත් සංක්‍රමණික මාර්ගයකි. සමස්තයක් වශයෙන්, අද්‍රියාතික් මුහුද යුරෝපයේ ඉතිහාසය සහ සංස්කෘතිය හැඩගැස්වීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති අතර වර්තමානයේ වාණිජ, සංස්කෘතිය සහ ස්වභාවික සුන්දරත්වය අතින් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය.
අධර්ම මර්දනාධිකරණය
අධර්ම මර්ධනාධිකරණය යන්නෙන් අදහස් කරන්නේ මධ්‍යකාලීන යුරෝපයේ කතෝලික පල්ලිය විසින් මූලික වශයෙන් 13 වන සියවසේ දී මිථ්‍යාදෘෂ්ටිකත්වයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් පිහිටුවන ලද විනිශ්චය ආයතන ජාලයකි. මේවා පාප්තුමාගේ සහ පල්ලියේ බලධාරීන්ගේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ අධිකරණ පද්ධතියක් වන අතර, එහි අරමුණ වූයේ කතෝලික පල්ලියේ ඕතඩොක්ස් ඉගැන්වීම් සහ යුරෝපයේ කතෝලික අධිකාරියට ඇති තර්ජන විමර්ශනය කිරීමයි. ඒවාට විරුද්ධව නඩු පැවරීම සහ එකී මිත්‍යාදෘෂ්ටීන් සමාජයෙන් ඉවත් කිරීම යි. ඉහළ මධ්‍යතන යුගයේ දකුණු ප්‍රංශයේ කැතර්ස් (Cathars) සහ උතුරු ඉතාලියේ වොල්ඩෙන්සියන්ස් (Waldensians) වැනි ආගමික භේද සහ මිථ්‍යාදෘෂ්ටික ව්‍යාපාර පැතිරීමට විරුද්ධව ඊට ප්‍රතිචාරයක් ලෙස මෙකී අධිකරණ පද්ධතිය මතු විය. පාප්තුමා සහ පල්ලියේ බලධාරීන් මිථ්‍යාදෘෂ්ටීන් වශයෙන් හැඳින්වූයේ රෙපරමාදු ව්‍යාපාරය හා ඒ පදනම් කරගත් ආගමික ව්‍යාපාරයන් ය. මෙම ව්‍යාපාර එතුවක් කතෝලික පල්ලිය කේන්ද්‍ර කරගත් රෝමානු කතෝලික ධර්මයට සහ එහි අධිකාරී බලයට අභියෝග ලෙස සැලකූ අතර, ඒ නිසා ඔවුන් අධර්ම මර්ධනාධිකරණය හරහා ඒවා මර්දනය කිරීමට උත්සාහ කළහ. අධර්ම මර්ධනාධිකරණය සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කළ අතර, විමර්ශනය, ප්‍රශ්න කිරීම, වධහිංසා පැමිණවීම සහ මිථ්‍යාදෘෂ්ටික චෝදනා ලැබූවන්ගෙන් දේපළ රාජසන්තක කිරීම වැනි දේ ඊට උදාහරණ වේ. මිථ්‍යාදෘෂ්ටිය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අයව සිරගත කිරීම, දඩ මුදල් අය කිරීම, දේපළ රාජසන්තක කිරීම හෝ පමණක් නොව, ප්‍රසිද්ධ ස්ථානයක සිටුවා ඇති කණුවක ගැටගසා පණපිටින් පුළුස්සා මරා දැමීම වැනි අතිශය මිලේච්ඡ තීන්දු තීරණ පවා මේ ඔස්සේ ගන්නා ලදී. අධර්ම මර්ධනාධිකරණය මධ්‍යතන යුගයේ සහ ඉන් පසුවත් යුරෝපීය සමාජය, දේශපාලනය සහ සංස්කෘතිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළේය. කෙසේ වෙතත්, අධර්ම මර්ධනාධිකරණය එහි ක්‍රමවේදයන් සහ අවභාවිතයන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචනවලට ද මුහුණ දුන් අතර එය බොහෝ විට මතභේදාත්මක හා බෙදීම් ඇති කළ ආයතනයක් වශයෙන් ද හඳුන්වන්නට විය. කෙසේ වුව ද, මෙම අධර්ම මර්ධනාධිකරණය සියවස් ගණනාවක් පුරා විවිධ ස්වරූපවලින් සහ විවිධ ප්‍රදේශවල අඛණ්ඩව ක්‍රියාත්මක විය. මේ අධිකරණ ජාලයට අයත් වූ ස්පාඤ්ඤ අධර්ම මර්ධනාධිකරණය වඩාත් ප්‍රසිද්ධ සහ කුප්‍රකට ශාඛාවකි. 15 වන ශතවර්ෂයේ අගභාගයේදී පිහිටුවන ලද ස්පාඤ්ඤ අධර්ම මර්ධනාධිකරණය, යුදෙව්වන්, මුස්ලිම්වරුන් සහ අනෙකුත් සැක සහිත මිථ්‍යාදෘෂ්ටිකයන් ඉලක්ක කර ගන්නා ලදී. අද වන විට අධර්ම මර්ධනාධිකරණය යුරෝපීය ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයක් ලෙස සලකනු ලැබේ, එය ආගමික නොඉවසීම, හිංසා පීඩා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සංකේතවත් කරන බව පිළිගෙන තිබේ. තව ද එය ආගමික අන්තවාදය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ ආයතනයක් වූ බව ලෝකය පිළිගනී. නමුත් මෙම ආයතනය තනිකරම අවලංගු නොකළ අතර, කාලයත් සමඟ සැලකිය යුතු වෙනස්කම් හා ප්‍රතිසංස්කරණවලට භාජනය විය. ඒ අතර එක් කැපී පෙනෙන සිදුවීමක් වූයේ 1808 දී "ස්පාඤ්ඤ අධර්ම මර්ධනාධිකරණය මර්දනය කිරීම"යි. එය අර්ධද්වීප යුද්ධයේදී ස්පාඤ්ඤය නැපෝලියන්ගේ හමුදා විසින් අත්පත් කර ගන්නා විට ම සිදුකරන ලදී. නමුත් මෙය තාවකාලික පියවරක් වූ අතර, නැපෝලියන්ගේ පරාජයෙන් පසුව ස්පාඤ්ඤ අධර්ම මර්ධනාධිකරණය නැවත ස්ථාපිත කරන ලදී.
අධිරාජයා
"අධිරාජයා" යන පදවි නාමය ඉතිහාසය පුරා භාවිතා වී ඇත්තේ සාමාන්‍ය රජවරුන්ට හෝ බිසෝවරුන්ට වඩා ඉහළ නිලයක් දරන උත්තරීතර පාලකයන් හෝ රජවරුන් හැඳින්වීමටය. අධිරාජ්‍යයන් බොහෝ විට විශාල සහ බලවත් අධිරාජ්‍යයන් සමඟ සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ගේ අධිකාරය විවිධ රාජධානි හෝ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇත. ඉතිහාසයේ වඩාත් ප්‍රසිද්ධ අධිරාජ්‍යයන් කිහිප දෙනෙකු ලෙස
ඔගස්ටස් සීසර්- ඔහු පළමු රෝම අධිරාජ්‍යයා වූ අතර ක්‍රිස්තු පූර්ව 27 සිට ක්‍රිස්තු වර්ෂ 14 දක්වා පාලනය කළේය. ඔහු රෝම අධිරාජ්‍යයේ නිර්මාතෘ වූ අතර රෝම ජනරජය රාජාණ්ඩුවක් බවට පරිවර්තනය කළේය.
චාර්ලිමේන්- මහා චාල්ස් ලෙස ද හැඳින්වෙන ඔහු ක්‍රිස්තු වර්ෂ 768 සිට ක්‍රිව 814 දක්වා යුරෝපයේ ෆ්‍රෑන්ක්වරුන්ගේ රජු වූ අතර ක්‍රිස්තු වර්ෂ 800 දී ශුද්ධ රෝම අධිරාජ්‍යයා ලෙස කිරුළු පැළඳ සිටියේය. ඔහු මධ්‍යකාලීන යුරෝපීය ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වූ අතර ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කිරීමෙහිලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය.
ක්වින් ෂි හුවාං අධිරාජ්‍යයා- ඔහු ක්‍රිස්තු පූර්ව 221 සිට ක්‍රිපූ 210 දක්වා බලයේ සිටි අතර චීනයේ පළමු අධිරාජ්‍යයා විය. ඔහු චීනය එක්සත් කිරීම සහ චීන මහා ප්‍රාකාරය ගොඩනැගීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය.
නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා- ඔහු 1804 දී ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත් වූ හමුදා සහ දේශපාලන නායකයෙකි. ඔහු යුරෝපීය ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර ප්‍රංශයේ ඔහුගේ හමුදා ව්‍යාපාර සහ පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රසිද්ධය.
මෙයිජි අධිරාජ්‍යයා- ඔහු 1868 සිට 1912 දක්වා ජපානයේ අධිරාජ්‍යයා වූ අතර මෙයිජි ප්‍රතිසංස්කරණ (Meiji Restoration) ලෙස හඳුන්වන්නේ ඔහුගේ සමයේ ජපානයේ සිදුකළ නව්‍යකරණයන් ය. ජපානයේ සැලකිය යුතු නවීකරණයක් සහ බටහිරකරණයක් මේ කාල පරිච්ඡේදය තුළ සිදු වූ බව පෙනී යයි.
මීට අමතරව භාරතයේ අශෝක අධිරාජයා, මහා අක්බර් නම් මූගල් අධිරාජයා, මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ආදී නම් ද ඉතිහාසයේ හමු වේ. මේ වනාහි අධිරාජ්‍යයන් ලෙස හැඳින්වූ ඓතිහාසික පුද්ගලයන් පිළිබඳ උදාහරණ කිහිපයක් පමණි. "අධිරාජයා" යන මාතෘකාව ඉතිහාසය පුරා විවිධ සංස්කෘතීන් සහ ප්‍රදේශ වල භාවිතා වී ඇති අතර, විවිධ අධිරාජ්‍යයන් ඔවුන් පාලනය කළ කාල සීමාව, කලාපය සහ සන්දර්භය අනුව විවිධ බලයන් සහ අධිකාරීත්වයන් දරා ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.
අධිරාජ්‍ය ආණ්ඩුක්‍රමය
අධිරාජ්‍ය පාලන ක්‍රමය යනු අධිරාජ්‍යයෙකු හෝ අධිරාජිනියක් විසින් රාජ්‍යයක් හෝ ප්‍රදේශයක් කෙරෙහි උත්තරීතර බලය සහ අධිකාරිය දරන දේශපාලන ක්‍රමයකි. "අධිරාජ්‍ය" යන පදය බොහෝ විට රාජාණ්ඩු සමඟ සම්බන්ධ වී ඇත. එහිදී පාලකයා අධිරාජ්‍යයා හෝ අධිරාජිනිය යන පදවි නාමය දරන අතර පාලන ක්‍රමය තනි පුද්ගලයෙකු අතේ බලය සංකේන්ද්‍රණය වීමකි. අධිරාජ්‍ය පාලන ක්‍රමයක් තුළ, අධිරාජ්‍යයා හෝ අධිරාජිනිය සාමාන්‍යයෙන් සැලකිය යුතු බලතල දරන අතර ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ කාර්යයන් ඇතුළුව පාලනයේ විවිධ අංශ කෙරෙහි ඔවුන්ගේ බලය ව්‍යාප්ත වී තිබිය හැකිය. රාජ්‍යයේ යුධමය කටයුතු, විදේශ ප්‍රතිපත්තිය සහ අනෙකුත් වැදගත් කටයුතු පාලනය කිරීමට ද අධිරාජ්‍යයක පාලකයාට හැකියාව ඇත. අධිරාජ්‍ය පාලන ක්‍රමය ඉතිහාසය පුරා එය ක්‍රියාත්මක වූ විශේෂිත රට හෝ කලාපය අනුව විවිධ ස්වරූපයන් ගෙන තිබේ. නිදසුනක් වශයෙන්, පුරාණ රෝමයේ, රෝම අධිරාජ්‍යය පාලනය කළේ පරම බලය සහ අධිකාරය දැරූ අධිරාජ්‍යයෙකු විසිනි, නමුත් රෝම ජනරජය මීට පෙර වෙනස් පාලන ක්‍රමයක් සහිත ජනරජයක් විය. ඒ හා සමානව, චීනයේ, අධිරාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක විය. අධිරාජ්‍ය පාලන ක්‍රම ඉතිහාසය පුරා විවිධ සංස්කෘතීන් සහ ප්‍රදේශ වල දක්නට ලැබෙන අතර ඒවා බොහෝ විට ශක්තිමත් මධ්‍යගත පාලනයක්, ධූරාවලිගත සමාජ ව්‍යුහයක් සහ පාලකයා වටා බලය සංකේන්ද්‍රණය වීම සමඟ බද්ධ වී ඇත. කෙසේ වෙතත්, අධිරාජ්‍යයෙකුගේ හෝ අධිරාජිනියකගේ බලතල සහ අධිකාරියේ ස්වභාවය සහ ප්‍රමාණය විවිධ විය හැක. ඒ සඳහා ඓතිහාසික සන්දර්භය, සංස්කෘතිය සහ පවතින පාලන ක්‍රමයව බොහෝ සෙයින් බලපායි. අධිරාජ්‍ය පාලන ක්‍රමය කාලයත් සමඟ විකාශනය වී වෙනස් වී ඇති බව සඳහන් කිරීම වටී. මීට පෙර අධිරාජ්‍යයන් හෝ අධිරාජිනිය විසින් පාලනය කරන ලද බොහෝ රටවල් ව්‍යවස්ථාපිත රාජාණ්ඩු, කාලීනව ජනරජ හෝ වෙනත් පාලන ක්‍රම ලෙස පරිවර්තනය වී ඇත. අද වන විට තවමත් රාජ්‍ය නායකයා ලෙස අධිරාජ්‍යයෙකු හෝ අධිරාජිනියක් සිටින රටවල් ඇත්තේ ස්වල්පයක් පමණක් වන අතර බොහෝ රටවල් නවීන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ භාවිතයන් පිළිබිඹු කරන විවිධ පාලන ක්‍රම අනුගමනය කර ඇත.
අධිරාජ්‍යය
අධිරාජ්‍යයක් යනු තනි පාලක අධිකාරියක හෝ රාජාණ්ඩුවක් යටතේ පාලනය වන්නකි. සාමාන්‍යයෙන් මෙය බහුවිධ ප්‍රදේශ, හෝ බහුවධ ජාතීන් ආවරණය වන විශාල දේශපාලන ආයතනයක් හෝ රාජ්‍යයකි. අධිරාජ්‍යයක් එහි ප්‍රසාරනවාදී ස්වභාවය(ව්‍යාප්ත වන ස්වභාවය) මගින් සංලක්ෂිත වේ. (සලකුණු වේ) බොහෝ විට එසේ කරන්නේ ඍජුව ම යුධමය වශයෙන් යටත් කර අත්පත් කර ගැනීම, යටත් විජිතකරණය හෝ විවිධ උපක්‍රම යොදා ඈඳා ගැනීම ආදිය තුළිනි. එසේ සිදු කර එකී පාලන ඒකකය තුළ ඇති ප්‍රදේශ සහ ජනතාව කෙරෙහි අධිරාජ්‍යයේ බලය ක්‍රියාත්මක කිරීමෙනි. තනි පාලකයෙකුට උත්තරීතර බලය හිමිවන රාජාණ්ඩුවල සිට, විවිධ ආයතන හෝ රජයේ ශාඛා අතර බලය බෙදී යන ජනරජ දක්වා අධිරාජ්‍යයන්ට විවිධ ස්වරූප ගත හැකිය. අධිරාජ්‍යයක පාලකයා බොහෝ විට අධිරාජ්‍යයෙකු හෝ අධිරාජිනියක් ලෙස හඳුන්වනු ලබන අතර, කාලීන අවශ්‍යතා, පාලකයාගේ පෞරුෂත්වය සහ එහි පාලන ක්‍රමය මත පදනම්ව, ඔවුන්ට විවිධ බලය සහ අධිකාරී බලය තිබිය හැක. ඉතිහාසය පුරා අධිරාජ්‍යයන් පැවති අතර බොහෝ ප්‍රසිද්ධ අධිරාජ්‍යයන් ලෝක ඉතිහාසයේ හැඩය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇත. ඉතිහාසයේ සුප්‍රසිද්ධ අධිරාජ්‍යයන් සඳහා උදාහරණ ලෙස
• රෝම අධිරාජ්‍යය,
• ඔටෝමාන් අධිරාජ්‍යය,
• බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
• මොංගෝලියන් අධිරාජ්‍යය
දැක්විය හැක. මේවා අප අධිරාජ්‍යයන් වශයෙන් සලකන්නේ ඒවායේ පුළුල් භෞමික උරුමය, විවිධ ජන කණ්ඩායම් ඇතුළත් වීම, සුවිශේෂී ආර්ථික හා සංස්කෘතික බලපෑම් පැවතීම. සංකීර්ණ පාලන පද්ධති මගින් මනාව පාලනය වීම වැනි ලක්ෂණ නිසා ය. මේවා පාලනය කළ අධිරාජ්‍යයන් ද විවිධ ආකාරයේ අධිරාජ්‍යවාදී සංකල්ප අනුගමනය කර ඇත, එනම් උපායශීලී යටත් විජිතකරණය, යුධමය වශයෙන් යටත් කර ගැනීම හෝ ආර්ථික ආධිපත්‍යය හරහා ජාතියකට බලපෑම් කිරීම වැනි ප්‍රතිපත්ති ආදිය යි. අධිරාජ්‍යවාදය තුළ විවිධාකාරයේ සූරාකෑම්, අසමානතා හා අසාධාරණය, ප්‍රතිරෝධය සහ ගැටුම් වැනි ප්‍රශ්න ද ඉතිහාසය පුරා උද්ගත වී ඇත. එමෙන් ම මානව ඉතිහාසය පුරා විවිධ අධිරාජ්‍යයන් නැඟී වැටී ඇති බවත්, අධිරාජ්‍යය යන සංකල්පය කාලයත් සමඟ පරිණාමය වූ බවත් සඳහන් කිරීම වටී. අද, "අධිරාජ්‍යය" යන යෙදුම බොහෝ විට භාවිතා කරනුයේ විශාල භූමි ප්‍රදේශ සහ යටත් විජිත සහිත දේශපාලන ආයතනයකට නොව. සමස්ත ලෝකයෙන් සැලකියයුතු ජන කොටසකට කුමන හෝ ආකාරයක බලපෑමක් ඇතිකිරීම හරහා, එකී ජනයා අයත් වන දේශපාලන අධිකාරියට ද වක්‍රව බලපෑම් කළ හැකි බලවේගයන්ට ය. නැතහොත් එවැනි බලවේග ක්‍රියාත්මක කරන, නිර්මාණය කරන, නඩත්තු කරන රාජ්‍යයන්ට ය.
අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ උච්චතම අවස්ථාවයි.
මෙය රුසියානු විප්ලවීය නායක වී. අයි.ලෙනින් ගේ ප්‍රකට ප්‍රකාශයකි. අධිරාජ්‍යවාදය සහ ධනවාදය අතර සම්බන්ධය විද්වතුන් සහ ඉතිහාසඥයින් අතර සංකීර්ණ හා විවාදාත්මක මාතෘකාවකි. අධිරාජ්‍යවාදය ධනවාදයේ සෘජු ප්‍රතිඵලයක් හෝ කූටප්‍රාප්තියක් යැයි ඇතැමුන් තර්ක කරන අතර තවත් සමහරු අධිරාජ්‍යවාදය දකින්නේ එහිම වෙනස් හේතු සහ ගතිකත්වයන් සහිත වෙනම සංසිද්ධියක් ලෙසය. මෙම මාතෘකාව පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන් පවතින අතර, ඒ පිිළිබඳව ඇති බහුවිධ දෘෂ්ටිකෝණ සහ අර්ථකථන සලකා බැලීම වැදගත් වේ. මේ පිළිබඳ එක් මතයක් වන්නේ අධිරාජ්‍යවාදය ධනවාදයට, විශේෂයෙන්ම එහි දියුණු අවධියට සමීපව බැඳී ඇති බවයි. මෙම මතයට අනුව, ධනේශ්වර ආර්ථිකයන් හිමි රටවල් තම වෙලඳපොලවල් තවදුරටත් පුළුල් කිරීමටත්, වෙනත් රටවල සම්පත් වෙත ප්‍රවේශ වීමටත්, ලාභ උපරිම කිරීමටත් උත්සාහ කරයි. මේ නිසා බොහෝ විචාරකයන් අධිරාජ්‍යවාදය යන්න දකින්නේ ධනේශ්වර රටවල් විසින්, එනම් විශේෂයෙන්ම දියුණු ආර්ථිකයන් ඇති රටවල්, සම්පත්, වෙළඳපල සහ ශ්‍රමය ලබා ගැනීම සඳහා අනෙකුත් ප්‍රදේශ හෝ රටවල් මත තම ආර්ථික හා දේශපාලන බලපෑම ව්‍යාප්ත කරන මාධ්‍යයක් ලෙස ය. මෙයට යටත් විජිතකරණය, ඈඳා ගැනීම, ආර්ථික ආධිපත්‍යය ආදී විවිධ අර්ථකතන තිබේ. මෙම මතයේ යෝජකයින් තර්ක කරන්නේ, ධනේශ්වර ආර්ථිකයන් හිමි බලගතු රටවල් ගෝලීය වශයෙන් තම ආර්ථික අවශ්‍යතා පුලුල් කිරීමට උත්සාහ කරන බැවින්, ස්වභාවිකවම ඔවුන් අධිරාජ්‍යවාදය කරා ගෙන යන බවයි. ඔවුන් තර්ක කරන්නේ අධිරාජ්‍යවාදය යනු ලාභ තිරසාරව පවත්වා ගැනීමටත් ආර්ථික ආධිපත්‍යය පවත්වා ගැනීමටත් ධනේශ්වර ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් බවයි. කෙසේ වෙතත්, අධිරාජ්‍යවාදය ධනවාදයෙන් වෙනම සංසිද්ධියක් ලෙස සලකන වෙනත් මතවාද ද තිබේ. සමහරු තර්ක කරන්නේ අධිරාජ්‍යවාදය තනිකරම ආර්ථික සලකා බැලීම්වලට වඩා භූ දේශපාලන එදිරිවාදිකම්, උපායමාර්ගික අවශ්‍යතා, ජාතිකවාදය සහ මතවාද වැනි සාධක මගින් මෙහෙයවනු ලබන බවයි. තවත් සමහරු, නූතන ධනවාදයේ මතුවීමට පෙර සිදු වූ පැරණි අධිරාජ්‍යයන් සහ පූර්ව ධනේශ්වර සමාජවල අධිරාජ්‍යවාදී භාවිතයන් වැනි අධිරාජ්‍යවාදයේ ඓතිහාසික උදාහරණ ඉස්මතු කරති. අධිරාජ්‍යවාදය සහ ධනවාදය අතර සම්බන්ධය පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණ පවතින අතර මාතෘකාව සංකීර්ණ සහ බහුවිධ බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ධනවාදය සහ අධිරාජ්‍යවාදය යම් යම් ආකාරවලින් එකිනෙකින් ඡේදනය වී බලපෑම් කළ හැකි අතර, ඒවා ඔවුන්ගේම අනන්‍ය ගතිකත්වයන් සහ ඓතිහාසික සන්දර්භයන් සහිත සංකල්ප වශයෙන් ද හැඳින්වේ. අධිරාජ්‍යවාදය සහ ධනවාදය අතර සම්බන්ධය විද්වතුන් සහ ඉතිහාසඥයින් අතර අඛණ්ඩ විවාදයේ සහ සාකච්ඡාවේ මාතෘකාවක් වන අතර, මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ මතවාද ද පවතී. කෙසේ වුවත් ලෙනින් ගේ ඉහත ප්‍රකාශය අසත්‍යයක් වශයෙන් බැහැර කළ හැකි එකක් නොවේ.