WordPress WooCommerce Themes

ගෝදාවරි

දකුණු ඉන්දියාවට අයත් ප්‍රධාන ගංගාවකි. අස්මක රාජ්‍ය මේ නදී ආශ්‍රිතව ස්ථාපනය වී තිබුණි. ගංගාව ඇරඹෙන්නේ දකුණු ඉන්දියාවේ බටහිර දිග උස්බිම්වලිනි. පසුව එන තැනිතලා බිමක් ඔස්සේ ගලාගොස් නැගෙනහිර ඝාට්ස් කඳු අතරින් මුහුදට එක්වේ. ගෝදාවරී නදියෙන් පහළ ක්‍රිෂ්ණ නදිය දක්වා භූමිය ඉතා සරුසාර භූමියකි.නැගෙනහිර චාලුක්‍යයන් සිය බලය පතුරුවාගන්නේ මේ ප්‍රදේශ ආශ්‍රිතවය.  පිෂ්ටපුරය, පෝතාලි ආදී නගර මේ ගංගාව ආශ්‍රිතව වර්ධනය විය. සමුද්‍රගුප්ත අධිරාජයාගේ යුධ ව්‍යාපාරය තුළ හමුවුණු මහේන්ද්‍රගිරි නම් පාලකයා සිටියේ මේ පිෂ්ටපුරයේය.

මෞර්ය පරිහානියට පසු ඩෙකෑනයේ බලයට පත්වන සාතවාහනයෝ ද ගෝදාවරී ප්‍රදේශය මුලකරගත් පිරිසකි. ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය වූයේ ප්‍රතිෂ්ටානයයි. වර්තමානයේ එය පයිතාන් නමින් හැඳින්වේ. උදේනිය හරහා දකුණු ඉන්දියාවට යන්නෙකුට ගෝදාවරී නදීබඩ පයිතාන් නගරය හරහා ගමන් කිරීමට සිදුවේ. ගෝදාවරී නදියට පහළින් කළ කැණීම්වලදී සාතකර්ණීවරුන්ගේ කාසි හමු වී තිබේ. හිතෝපදේශයේ කතා අතර ද ගෝදාවරී නදිය හමුවේ.

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.