WordPress WooCommerce Themes

කාවේරි නදිය

ඉන්දියාවේ වඩාත් දකුණට වන්නට පිහිටි වැදගත් ගංගාවක් වන මෙය ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කෘෂි කටයුතු සඳහා ජලය සැපයූ ප්‍රධාන ගංගාවයි. ලංකාවේ වංකනාසිකතිස්ස රජ දවස ලාංකිකයින් දොළොස්දහසක් පැහැරගෙන ගොස් මේ නදිය ආශ්‍රිතව ජල ව්‍යාපෘතියක් පිණිස යෙදවූයේ යැයි ලංකාවේ මූලාශ්‍රයවල කියැවේ. ඊට ආසන්න කාලයක මේ නදිය හා ක්‍රිෂ්ණ නදිය අතර භූමියේ නියඟයක් පැවති බවට ශ්‍රී ලංකාවේ වසභ රාජ්‍ය සමයට සම්බන්ධ විස්තරයක් වේ. එරජ දවස ඉන්දියානුවන් ලංකාවෙන් ආහාර ආනයනය කිරීමට ඉල්ලීමක් කළ බව ද සඳහන්ය. ද්‍රවිඩ සාහිත්‍යයට අනුව කාවේරි නදිය පූජනීය නදියකි. ඔවුන්ගේ සාහිත්‍ය කෘතිවල මේ නදියපිළිබඳනිතර සඳහන් වේ. හේමවතී, අර්කවතී, කම්බානි ආදී අතුගංගා කිහිපයකින් පෝෂණය වන මේ නදිය තංජෝර්, කොයිම්බතූර් හා තිචිනාපොලි ආදී ප්‍රදේශ කිහිපයකටම ජලය සම්පාදනය කිරීම පිණිස යොදාගෙන තිබේ.

බටහිර මලබාර් වෙරළේ සිට කොයිම්බටෝර් කපොල්ල හරහා කාවේරි තැන්නටත්, එතැනින් නැගෙනහිර වෙරළේ පොන්ඩිචෙරි අසල අරික මේඩුවටත් විහිද තිබූ පැරණි වෙළඳ මාර්ගයක් පිළිබඳ රොමිලා තාපර් මහත්මිය සඳහන් කර තිබේ.

නර්මදා , කෘෂ්ණ ගෝදාවරී, කාවේරි නදීන්ගේ පහළ කොටස් ජල මාර්ග වශයෙන් ද යොදාගෙන ඇත.

මුල් දෙමළ සාහිත්‍යයේ, භාණ්ඩ තොග රැගෙන කාවේරි පටුනට පැමිණි යවනයන් පිළිබඳ සඳහන් වේ.

කාවේරි පටුනට ආ රෝමානුවන් නිසා කාවේරි පටුන සමෘද්ධිමත් නැව් තොටක් වශයෙන් වරධනය විය. එහිදී ඔවුන්ට කුළුබඩු, මැණික්, රෙදිපිළි පමණක් නොව සුරතල් සතුන්  වශයෙන් වඳුරන් ගිරවුන් හා මොනරුන් ද ලබාගතහැකි විය. කාවේරි පටුන පසුබිම් කරගනිමින් නිර්මාණය වුණු ප්‍රේම කතාවක් ශීලප්පදිකාරම් කෘතියේ විස්තර වේ. කෝවලන් හා රාජ මන්දිර අභිසාරිකාවකගේ ප්‍රේම වෘත්තාන්තය දක්ෂිණ භෘරතයේ ප්‍රමුඛ තොටුපළ වූ කාවේරි පටුන ආශ්‍රිත සිදුවීම්වලින් සරසා ඇත.

චෝලයෝ ද කාවේරි පටුන ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් කරගත්හ. මුහුදින් එතෙර වෙළඳාමෙන් සිය රාජ්‍යය ශක්තිමත් කරගැනීමට ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව තිබුණි.

 

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.