මාතෘවාසික විවාහය. එනම් විවාහයෙන් පසු බිරිඳගේ නිවසේ නතර වීම. බින්න බැසීම. මේ ක්‍රමය යටතේ පුරුෂයාට කිසිදු දේපළ අයිතියක් නොලැබුණු අතර, ස්ත්‍රියගේ පාර්ශ්වයෙන් ඔහුුට නිවසින් පිටවීම සඳහා නියෝග කරන ඕනෑම මොහොතක නිවසින් පිටවී යායුතු විය. මේ නිසා ‘බින්න බහිනවා නම් තල් අත්ත, හුළු අත්ත හා සැරයටිය කොයි වෙලාවේත් සූදානමින් තබැගතයුතු යැ’යි පැරණි කියමනක් ද විය. නිවසින් පිටවී යෑම සඳහා ගිනි මද්දහනේ හෝ මහ වරුසාවේ නියෝගය ලැබුණහොත් තල් අත්ත (කුඩයක් ලෙස) හිසට ඉහළාගෙන යා යුතු ය. රැයේ-මැදියමේ නියෝගය ලැබුණහොත් හුළු අත්ත දල්වාගෙන යා යුතු ය. අසනීපයෙන් පසුවන හෝ වයෝවෘධ සමයේ නියෝගය ලැබුණහොත් සැරයටියේ පිහිටෙන් යා යුතු ය. මෙය හුදෙක් කියමනක් පමණක් වුව ද සත්‍යයක් නොවී ම යැයි කිව නොහැකි ය. බින්න විවාහය සිදු වූයේ බිරිඳ ඇයගේ පවුලේ එක ම දරුවා වූ අවස්ථාවල ඇයගේ දෙමාපියන් රැකබලාගැනීමට ක්‍රමයක් නොමැති නිසා, ස්වාමියා දේපළ අහිමි අයෙකු වන නිසා, බිරිඳගේ පාර්ශ්වයේ සැලකියයුතු දේපලක් නඩත්තු කළයුතුව ඇති නිසා ආදී හේතු මත ය.
උපුටා ගැනිම-සාමාන්‍ය පෙළ ඉතිහාසය වාග් මාලාව.(උපකාරක පොත)
කර්තෘ-අමිල උඩවත්ත.
මෙම පොත දැන්ඇනවුම් කළ හැක.-Whatsapp ඔස්සේ ඇණවුම් කරන්න
පොතේ විස්තර හා පිටු කිහිපයක් බැලීමට මෙතැනින් පිවිසෙන්න