ඇලෙක්සැන්ඩර් IV යනු මහා ඇලෙක්සැන්ඩර් සහ ඔහුගේ බිරිඳ රොක්සානාගේ පුත්‍රයා ය. පියා මියයන විටත් ඔහු මව් කුසේ සිටි අතර පියාගේ මරණයෙන් පසු උපත ලැබී ය. නමුත් ඔහු අධිරාජ්‍යයක් පාලනය කිරීමට සුදුසු නොවූ තරම් ළාබාල වූයෙන් අධිරාජ්‍යය ඔහුගේ රීජන්ට් සහ ජෙනරාල්වරුන් අතර බෙදී ගියේය.