WordPress WooCommerce Themes

ඇලෙක්සැන්ඩර් III

III ඇලෙක්සැන්ඩර් නමින් ඓතිහාසික චරිත කිහිපයක් හමු වේ.

මැසිඩෝනයේ III ඇලෙක්සැන්ඩර්- මහා ඇලෙක්සැන්ඩර් ලෙස පොදුවේ හැඳින්වෙන III ඇලෙක්සැන්ඩර්, ක්‍රිස්තු පූර්ව 336 සිට 323 දක්වා පාලනය කළ මැසිඩෝනයේ රජෙකි. ඔහු ග්‍රීසියේ සිට ඊජිප්තුව, පර්සියාව සහ ඉන්දියාව දක්වා විහිදුණු දැවැන්ත අධිරාජ්‍යය නිර්මාණය කිරීම නිසා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් විය. හේ දක්ෂ හමුදා අණ දෙන නිලධාරියෙක් ද විය.

 

ස්කොට්ලන්තයේ III ඇලෙක්සැන්ඩර්- III වන ඇලෙක්සැන්ඩර් යනු 1249 සිට 1286 දක්වා පාලනය කළ ස්කොට්ලන්තයේ රජෙකි. ඔහු ඔහුගේ පාලන සමයේදී ඉංග්‍රීසි ආක්‍රමණ මැඩපැවැත්වීමට කටයුතු කළේ ය.

 

රුසියාවේ ඇලෙක්සැන්ඩර් III- ඇලෙක්සැන්ඩර් III යනු 1881 සිට 1894 දක්වා පාලනය කළ රුසියානු අධිරාජ්‍යයෙකි. ඔහුගේ පියා වූ IIවන ඇලෙක්සැන්ඩර් ගේ ඝාතනයෙන් පසු බලයට පත් විය.

Share with Student

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.