අමෙරිකා එක්සත් ජනපදය ලෝක යුද්ධය වලට සම්බන්ධ වීම – පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය යන දෙකෙහිම එක්සත් ජනපදය කටයුතු කළේ ලාභ ඉපැයීමෙ පරමාර්ථ ඇතිව ය. ඔවුන් මෙම යුද්ධයට සම්බන්ධ පාර්ශ්ව දෙකට ම ආයුධ, ආහාර හා ඖෂධ ආදිය අලවි කිරීම හරහා විශාල ලාභයක් උපයන ලදී. මෙම ගෝලීය ගැටුම් දෙකෙහි එක්සත් ජනපදයේ මැදිහත්වීම පිළිබඳ දළ විශ්ලේෂණයක් කළහැක.
පළමු ලෝක යුද්ධය (1914-1918) මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමින් ලාභ ඉපැයීමට කටයුතු කිරීම- 1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වූ විට, එක්සත් ජනපදය මුලදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් පවත්වා ගෙන ගිය අතර යුරෝපීය බලවතුන් සම්බන්ධ වූ ගැටුමෙන් ඉවත් වීමට උත්සාහ කළේය. කෙසේ වෙතත්, යුද්ධය සඳහා සහභාගී වූ පාර්ශ්වයන් විසින් ඒ සඳහා වැය කළ මුදල් වලින් වැඩි කොටස අමෙරිකා එක්සත්ජනපදයට ගලා ගිය බව නොරහසකි. නමුත් යුද්ධයේ වර්ධනය සහ අමෙරිකාවට සිදු වූ හානි අනුව එක්සත් ජනපදයට ද යුද්ධයට අවතීර්ණ වීමට සිදු විය.
එ.ජ. යුද්ධයට ඇතුල් වීම- 1917 අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපදය නිල වශයෙන් පළමු ලෝක යුද්ධයට පිවිසියේ මිත්‍ර පාක්ෂික බලවතුන්ගේ පාර්ශ්වය නියෝජනය කරමිනි. (එක්සත් රාජධානිය, ප්‍රංශය සහ රුසියාව ඇතුළුව) ජනාධිපති වුඩ්රෝ විල්සන්, මේ තීරණය ගනු ලැබූයේ, ඒවන විට ජර්මනිය විසින් අසීමිත සබ්මැරීන් යුද්ධ සිදුකරමින් සමුද්‍රය ආශ්‍රිවඇති කළ යුධ බියත්, ඔවුන් ඇමරිකානු නැව්වලට ප්‍රහාර එල්ල කරමින් අමෙරිකානු ආර්ථික කටයුතු වලට බාධා කිරීමත් වැනි සාධක නිසාවෙනි.
යුධමය දායකත්වය- පළමු ලෝක යුධ සමයේ දී එක්සත් ජනපදය, හමුදා යෙදවීම, අවි ඇතුළු සැපයුම් සහ මූල්‍ය ආධාර යැවීමවැනි මාර්ග වලින් යුද්ධයට දායක විය. 1918 දී ජර්මනියට එරෙහිව මිත්‍රපාර්ශ්වය එල්ල කළ ප්‍රධාන ප්‍රහාරයක් වූ Meuse-Argone ප්‍රහාරය වැනි ප්‍රධාන සටන් වලදී ඇමරිකානු හමුදා සැලකියයුතු දායකත්වයක් ලබා දී තිබේ. පළමු ලෝක යුද්ධයේ දී එක්සත් ජනපදයේ දායකත්වය මිත්‍ර පාක්ෂිකයින්ට බෙහෙවින් ම උපකාරී වූ අතර එය 1918 නොවැම්බර් මාසයේදී මිත්‍ර පක්ෂයේ ජයග්‍රහණයට ද හේතු විය.
දෙවන ලෝක යුද්ධය (1939-1945) ආරම්භක අවදියේ දී මධ්‍යස්ථභාවයෙන් කටයුතු කිරීම- පළමු ලෝක යුද්ධයට සමානව, 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ විට එක්සත් ජනපදය මුලදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. කෙසේ වෙතත්, ගැටුම උත්සන්න වූ විට සහ අක්ෂ බලවතුන් (ජර්මනිය, ඉතාලිය සහ ජපානය) දැඩි ආක්‍රමණශීලී ආකාරයෙන් කටයුතු කරන විට එක්සත් ජනපදය ක්‍රමයෙන් යුද්ධයට සම්බන්ධ විය.
පර්ල් වරාය ප්‍රහාරය- 1941 දෙසැම්බර් 7 වන දින ජපන් ජාතිකයින් විසින් හවායි හි පර්ල් වරායට එල්ල කරන ලද දැඩි විනාශකාරී ප්‍රහාරය නිසා දෙවන ලෝක යුද්ධයට එක්සත් ජනපද දෙවන ලෝක යුද්ධයට ඍජුව ම සම්බන්ධ වීමට තීරණය කරන ලදී. මෙම සිදුවීමට පසුදින ම එක්සත් ජනපදය ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී.
මිත්‍ර බලවතුන්ට එක්වීම- මිත්‍ර බලවතුන් විසින් අක්ෂ බලවතුන් පරාජය කිරීමට දරන ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමක් කරමින් එක්සත් රාජධානිය, සෝවියට් සංගමය සහ චීනය ඇතුළු මිත්‍ර බලවතුන්ට එක්සත් ජනපදය ද එක් විය. යුරෝපය, පැසිෆික්, උතුරු අප්‍රිකාව සහ වෙනත ප්‍රදේශ වල විවිධ යුධ පරිශ්‍රයන් තුළ මිත්‍ර හමුදාවන්ට සහාය වීම සඳහා හමුදා, උපකරණ සහ අත්‍යවශ්‍ය සැපයුම් වල දී එක්සත් ජනපද හමුදාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
ප්‍රධාන ව්‍යාපාර- දෙවන ලෝක සංග්‍රාමයේදී එක්සත් ජනපද හමුදා, මිඩ්වේ සටන, ග්වාඩල්කැනල් සටන, උතුරු අප්‍රිකානු ව්‍යාපාරය, නෝමැන්ඩි හි ආක්‍රමණය සහ ඔකිනාවා සටන වැනි ප්‍රධාන ව්‍යාපාර කිහිපයකට සම්බන්ධ විය. ජර්මනියට සහ ජපානයට එරෙහිව මූලෝපායික බෝම්බ හෙලීමේ ව්‍යාපාරයේ දී එක්සත් ජනපදය ද සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ අතර, නාසි ජර්මනිය සහ අධිරාජ්‍ය ජපානය පරාජය කිරීමට එය මූලික විය.
න්‍යෂ්ටික අවි- එක්සත් ජනපදය 1945 දී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට එරෙහිව පරමාණු බෝම්බ නිපදවා භාවිතා කළ අතර එම සිදුවීම ජපානයේ යටත් වීමට සහ දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන්කිරීමට සමත් විය. නමුත් මෙකී බෝම්බ ප්‍රහාරය මානව ඉතිහාසයේ සිදු වූ අතිශය මිලේච්ඡ ප්‍රහාරයක් සේ සැලකෙන අතර එය අමෙරිකානු එක්සත් ජනපද ඉතිහාසයේ අඳුරු පැල්ලමක් සේ සැලකේ.