අප්‍රිකානු මහාද්වීපයේ දකුණු කෙළවරට ප්‍රථම වාර්තාගත මුහුදු ගමන 1488 දී පෘතුගීසි ගවේෂක බර්ටොලමියු ඩයස් (බර්තොලමියු ඩයස්) විසින් සිදු කරන ලදී. පෘතුගීසි කිරීටයේ අනුග්‍රහය යටතේ යාත්‍රා කළ ඩයස්, ඔටෝමාන් අධිරාජ්‍යය විසින් පාලනය කරන ලද මැද පෙරදිග හරහා භයානක ගොඩබිම් මාර්ග මගහැර ඉන්දියන් සාගරයට මුහුදු මාර්ගයක් සෙවීමේ අරමුණින් පිටත් විය. ඩයස් අප්‍රිකාවේ බටහිර වෙරළ තීරය දිගේ යාත්‍රා කර, අප්‍රිකාවේ දකුණු තුඩුව දක්වා යාත්‍රා කළේ ය. නමුත් එහි දී ඔහු මුහුණ දුන් අභියෝගාත්මක කාලගුණය හේතුවෙන් ඔහු එය “කාබෝ දාස් ටොර්මෙන්ටස්” හෙවත් “කේප් ඔෆ් ස්ටෝම්ස්” ලෙස නම් කළේය. කුණුටු තුඩුව ලෙස සිංහල බසින් හැඳින්වූනේ එම තුඩුව යි. භයානක අත්දැකීම් සමග නිමා වුව ද, මෙම මුහුදු ගමන අප්‍රිකාවේ දකුණු කෙළවර දක්වා වාර්තා වූ පළමු යුරෝපීය නාවික ගමන සනිටුහන් කළේ ය. පසුකාලයේ ඉන්දියන් සාගරයට නව මුහුදු මාර්ගයක් විවෘත කළේ බර්තොලමියු ඩයස්ගේ මේ මුහුදු ගමන යි. අප්‍රිකාවේ සහ ආසියාවේ වෙළෙඳාම සහ යටත් විජිතකරණය සඳහා නව අවස්ථා විවෘත කරමින් අප්‍රිකාවේ දකුණු කෙළවර වටා යාත්‍රා කර ඉන්දියන් සාගරයට ළඟා විය හැකි බව පෙන්නුම් කළ ඩයස්ගේ මුහුදු ගමන යුරෝපීය ගවේෂණ යුගයේ සුවිශේෂී ජයග්‍රහණයක් විය. ඩයස්ගේ මුහුදු ගමන තවදුරටත් යුරෝපීය ගවේෂණයට සහ අප්‍රිකානු මහාද්වීපයේ ජනපදකරණයට මග පෑදූ අතර යටත් විජිත යුගයේදී අප්‍රිකාවේ සහ ලෝකයේ ඉතිහාසය හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. යටත් විජිත යුගයේදී, පෘතුගාලය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය සහ වෙනත් යුරෝපීය බලවතුන්, වෙළඳ මාර්ග ස්ථාපිත කිරීමට, ප්‍රදේශ අත්පත් කර ගැනීමට සහ ඔවුන්ගේ අධිරාජ්‍යයන් පුළුල් කිරීමට උත්සාහ කරමින් අප්‍රිකාවේ වෙරළ තීරයේ ගවේෂණ හා වෙළඳාමේ නිරත වූහ. සුභපැතීමේ තුඩුව ලෙස හඳුන්වන අප්‍රිකාවේ දකුණු කෙළවර ආසියාවේ ලාභදායී වෙළඳපොළට මුහුදු මාර්ගය ඔස්සේ පිවිසීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. ඉන් අනතුරුව 1602 දී පිහිටුවන ලද ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගම, යටත් විජිත යුගයේ අප්‍රිකාවේ දකුණු කෙළවරට යාත්‍රා කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය. ඔවුන් 1652 දී සුභපැතීමේ තුඩුවෙහි සැපයුම් මධ්‍යස්ථානයක් පිහිටුවන ලද අතර එය පසුව කේප් ටවුන් නගරය දක්වා වර්ධනය විය. ලන්දේසීන් ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් (වර්තමාන ඉන්දුනීසියාව) වෙත යන ගමනේදී ඔවුන්ගේ නැව් සඳහා නැවතුම් ස්ථානයක් ලෙස කේප් භාවිතා කළ අතර එය ආසියා කලාපය තුළ ඔවුන්ගේ වෙළඳ අධිරාජ්‍යය සඳහා උපායමාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක් ද විය. 18 වන ශතවර්ෂයේ අගභාගයේ දී, බ්‍රිතාන්‍යයන් ද සුභපැතීමේ තුඩුවට පැමිණි අතර, අවසානයේදී නැපෝලියන් යුද්ධ සමයේදී 1806 දී කේප් ජනපදයේ පාලනය ලන්දේසීන් වෙතින් අල්ලා ගත්හ. පසුව කේප් ජනපදය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූ අතර, දකුණු අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය පැවැත්ම මේ නිසා ප්‍රවර්ධනය විය. තවදුරටත් යටත් විජිතකරණයට සහ කලාපයේ භූමි ප්‍රදේශ ඈඳා ගැනීමට ද එය උපකාරී විය. දකුණු අප්‍රිකාවේ යටත් විජිත යුගය කලාපයේ ආදිවාසීන්, සංස්කෘතීන් සහ සමාජයන් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේය. එය බොහෝ අප්‍රිකානු ප්‍රජාවන් සංස්කෘතික අනාතයන් බවට පත්වීමටත්, ගෝලීය මට්ටමෙන් මුළුගැන්වීමටත්, මේ කලාපයේ සාම්ප්‍රදායික ආගම්, භාෂා හා සංස්කෘතීන් යටපත් කරමින් යුරෝපීය භාෂා, ආගම් සහ සංස්කෘතීන් හඳුන්වා දීමටත් හේතුවක් විය. තව ද යටත් විජිත බලවතුන්ගේ ප්‍රයෝජනය සඳහා අප්‍රිකානු සම්පත් සූරාකෑමට ලක්වීමට ද හේතු විය. දකුණු අප්‍රිකාවේ යටත්විජිතවාදයේ ප්‍රතිවිපාක අදටත් පවතී. මේ නිසා යුරෝපීයයන් අප්‍රිකා මහද්වීපායේ දකුණු තුඩුව දක්වා යාත්‍රා කිරීම වනාහි ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සේ සැලකිය හැක.