පෘතුගීසි දේශ ගවේෂක වස්කෝ ද ගාමා ගේ ප්‍රකාශයකි. මේ ප්‍රකාශය යුරෝපීය ගවේෂණ සහ යටත් විජිතවාදයේ ඉතිහාසය සමඟ සම්බන්ධ වේ. යුරෝපයේ සිට ආසියාව දක්වා මුහුදු මාර්ගයක් ස්ථාපිත කරමින් 1498 දී ඉන්දියාවට ළඟා වූ ප්‍රසිද්ධ පෘතුගීසි ගවේෂකයෙකු වූ වාස්කෝ ද මේ ප්‍රකාශය කිරීම තුළ ඔවුන්ගේ සමස්ත අරමුණ ප්‍රකට වන බව විචාරක මතය යි. 15 වන සහ 16 වන ශතවර්ෂවල ගවේෂණ යුගයේදී, පෘතුගාලය, ස්පාඤ්ඤය, එංගලන්තය සහ වෙනත් බලවතුන් ඇතුළු යුරෝපීය බලවතුන් නව ප්‍රදේශ ගවේෂණය සහ යටත් විජිතකරණය හරහා ඔවුන්ගේ බලපෑම සහ ධනය පුළුල් කිරීමට උත්සාහ කළහ. මෙම ගවේෂණ සඳහා වූ එක් ප්‍රධාන පෙළඹවීමක් වූයේ යුරෝපයේ සූපශාස්ත්‍ර හා ඖෂධීය භාවිතයන් සඳහා ඉහළ ඉල්ලුමක් තිබූ ගම්මිරිස්, කුරුඳු, සාදික්කා සහ කරාබුනැටි වැනි වටිනා කුළුබඩු ලබාගැනීම සඳහා ආසියානු රටවල් සමඟ සෘජු වෙළඳ මාර්ග ඇති කිරීමයි. ඊට හේතු වූයේ 1453 වැන්නේ සිදු වූ කොන්ස්තනිත්නෝපල් සිද්ධිය සමග මුස්ලිම්වරුන් විසින් යුරෝපා කිතුනුභක්තික ජනයාට ඇති කළ පීඩනය යි. මුස්ලිම්වරුන් විසින් කලට වේලාවට භාණ්ඩ ලබා නොදීම, භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම, භාණ්ඩ හිඟ පෙන්වීම ඇතුළු කරුණු ඊට උදාහරණ වේ. කෙසේ වෙතත්, මේ වන විටත් යුරෝපයේ ආගමික ප්‍රතිසංස්කරණ නිසා යුරෝපයේ රෝමානු කතෝලික ආධිපත්‍යය බිඳ වැටී තිබුණෙන්, කුළුබඩු සොයා යෑම සමග ම සමඟ යුරෝපීය ගවේෂකයින් සහ යටත් විජිතවල කිතුසමය පතුරුවාහැරීම ද සිය ගමන්වල එක් අරමුණක් කරගත්හ. ඔවුන් උත්සාහ කළේ යුරෝපයේ අහිමි වූ රෝමානුකතෝලික භක්තිකයින් වෙනුවට ආසියාවේ රෝමානු කතෝලිකයින් ඇති කිරීම යි. මෙය බොහෝ විට ආගමික දූත මෙහෙවරක් වශයෙන් සැලකීමේ ද දොසක් නොවේ. “අපි කුළුබඩු සහ කිතුනුවන් සොයා පැමිණියෙමු” යන ප්‍රකාශය තුළ ඔවුන්ගේ මෙම ද්විත්ව අරමුණු ගැබ් වී ඇති බව අප සඳහන් කළේ එබැවිනි.