මධ්‍යතන අවධියේ මුල් උප යුගය වන ප්‍රාථමික මධ්‍යතන අවධියයි. ගෝල් දේශය කේන්ද්‍රකොටගෙන ක්‍රි.ව. 800 පමණ සිට ආර්ථික ස්ථාවරත්වයක් හා සංස්කෘතික නවෝදයක් ඇති කළ යුගය හෙවත් කැරොල්නිජියන් අධිරාජ්‍ය සමය හැර ක්‍රි.ව. 6 වන සියවසත් 11 වන සියවසත් දක්වා කාලය ප්‍රාථමික මධ්‍යතන අවධිය වශයෙන් හැඳින්වේ. මේ යුගය අඳුරු යුගය නමින් ද හැඳින්වේ. අඳුරු යුගය යනු යුරෝපීය ඉතිහාසයේ 5 වන සියවසේ රෝම අධිරාජ්‍යයේ වැටීමෙන් පසුව සහ 11 වන සියවසේ ඉහළ මධ්‍යතන යුගය දක්වා පැවති කාල පරිච්ඡේදය හැඳින්වීමට භාවිතා කරන යෙදුමක් ද වේ. එය දේශපාලන අස්ථාවරත්වය, සමාජීය හා ආර්ථික පරිහානිය සහ සංස්කෘතික හා මන්දගාමී තාක්‍ෂණික ප්‍රගතියේ ආදියෙන් සංලක්ෂිත කාලයකි. 5 වන සියවසේ සිට 8 වන සියවස දක්වා පැවති අඳුරු යුගයේ පළමු කොටස තුළ නාගරික මධ්‍යස්ථානවල පරිහානියට පත් වීමත්, වෙළඳ ජාල බිඳවැටීම සහ කුඩා, හුදකලා ප්‍රජාවන් බිහිවීමත් සිසු විය. රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමට දායක වූ ආක්‍රමණික ජර්මානු ගෝත්‍රිකයන් වූ ස්පාඤ්ඤයේ විසිගොත්(Visigoths), ගෝල්(Gaul) හි ෆ්‍රෑන්ක් (Franks) සහ ඉතාලියේ ලොම්බාර්ඩ් (Lombards) ඇතුළු ගෝත්‍රිකයන් යුරෝපය පුරා තමන්ගේම රාජධානි පිහිටුවීය. මෙම රාජධානි බොහෝ විට එකිනෙකා සමඟ ගැටුම්කාරී තත්ත්වයක පැවති අතර මේවාට වයිකිං සහ මුස්ලිම් වැනි වෙනත් බාහිර තර්ජන එල්ල විය. මෙම කාල පර්ච්ඡේදය තුළ පල්ලිය වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර, දැනුම සංරක්ෂණය කිරීම සහ ආරාම පිහිටුවීම තුළින් ස්ථාවරත්වය සහ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ හැඟීමක් සමස්ත සමාජයට ලබා දුන්නේය. මේ නිසා සමාජය සපුරා ම ඍණාත්මත වීම යම් තරමකට නතර විය. ආගමික හා දාර්ශනික කෘති මෙන්ම ලෞකික සාහිත්‍යය ඇතුළු පුරාණ ලෝකයේ බොහෝ වැදගත් ග්‍රන්ථ පිටපත් කර සංරක්ෂණය කිරීමේ වගකීමපූජකයන් විසින් එකල බොහෝ දුෂ්කරතා මධ්‍යයේ සිදු කළහ. අඳුරු යුගයේ අභියෝග තිබියදීත්, මෙම කාල පරිච්ඡේදය තුළ සැලකිය යුතු ජයග්‍රහණ කිහිපයක් ද ලබාගතහැකි විය. බයිසැන්තියානු සහ කැරොලින්ජියන් ශෛලීන් වැනි නව කලාත්මක ශෛලීන් මතුවීම තුළින් රෝම අධිරාජ්‍යයේ කලාත්මක සම්ප්‍රදායන් සපුරා ම බිඳ නොවැටී පවතින බව පෙන්නුම් කළේය. කෘෂි නගුල සහ ජල බමනය වැනි නව තාක්‍ෂණයන් දියුණු කිරීම කෘෂිකර්මාන්තයේ සහ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ දියුණුවට හේතු වූ අතර එය පසුකාලීනව ඉහළ මධ්‍යතන යුගයේ ආර්ථික වර්ධනයට මග පෑදීය.